.

.

Sep 24, 2013

ලංකාවේ හෙළුවැලි පොටෝ කළාව (23+) - Nude Photography (13+)

 
ලිය ලියා උන්නේ පොටෝ ඇල්ලිල්ල ගැනය. මාතලන් පොටෝ වලට බොහොම කැමතිය, ඒ නිසා "පින්තූරූ"  නමින් බොගක්ද, "Classic Pics" නමින් තවත් බොගක්ද, පවත්වාගෙන ගියේය. කාළ කළමණාකරනයේ කේස් එකක් නිසා, ඒවා අප්ඩේට් කොරන්නට වෙලාවක් නැති එක ගැන ඇත්තටම මාර දුකය.

එහෙත් පොටෝ අල්ලන කට්ටිය කැමති නම්, මගේ "පින්තූරූ" බ්ලොග් අඩවිය, ඔබ වෙනුවෙන් කැප කළ හැකිය. පොටෝ එකට නමක් සමග එව්වොත්. පොටෝ එක ගත්තු එකාගේ නමත් එක්ක ප්‍රචාරයක් දිය හැකිය. ඒ සඳහා, අකුරු වලින්ද නිර්මාණයක් කර එවන්නේ නම්, වඩාත් අගනේය. එය කවියක්, නිසදසක් හෝ ඕන කුණු හබ්බයක් වූවාට කම් නැතිය.

ලංකාවේ පොරසිද්දම පොටෝ කාරයා, මම හිතන විදියට ලාල් හෑගොඩය. එයා පොටෝ ඉස්කූල් එකකුත් කරනවාය. ඒ වගේම පට්ට කවියෙක්ය. ඇත්තටම හොඳ පොටෝ කාරයෙක්, හොඳ කවියෙක් හෝ ටැලන්ට් සාගරයක්ය කියන එකට, බ්ලොග් වල තියෙන උදාහරණය නම් සොසීමය. ඉස්සෙල්ලත් කිව්වා වගේ, මගුල් පොටෝ වල ක්ලැසික් පොටෝ කාරයෝ උන්නත්, අනෙකුත් ඡායාරුපවලට ප්‍රසිද්ධ පොරවල් ගැන දැන ගැනීමට නම් ඇත්තේම නැතිය. කොහොම උනත් එයාලාගේ සංගමයක් තියෙන්නේය. කැමති එකෙකුට මෙතනින් ඊට ගොඩ විය හැකිය.

මම කරපු බ්ලොග් දෙකෙන්, "Classic Pics" බොගේ තිබුනේ, කළාත්මක නිරුවත් ඡායාරූපයන්ය. එය මාතලන් කුඩා කළ සිට බොහෝ රස වින්ද කළාවක්ය. අද නම් ඕවා කරන්න ගොහින්, රාවනා බලකායේ හෝ නානසාරලාගෙන් නොමිලේ නිවන් දකින්නට ඇහැකිය, එහෙම නැත්නම් විමලේගේ සැට් එකෙන් හෝ චම්පිකලාගෙන් ඇක්සිඩොන්ට් වෝඩ් යන්නම සබ්බත්ත පාරවල් ටිකක් කන්නට ඇහැකිය.

අද තත්වය එසේ වූවද, ලංකාවේ හෙළුවැලි කලාව එන්නේ ඈත අතීතයේ සිටමය. සීගිරිය එක් උදාහරනයකි. ඒවා ළෝකේම පොරසිද්දය. අනෙක ඉසුරුමුනියය. බොහෝ දෙනෙක් නොදන්නා කාරනය නම් ඉන්දියාවේ කජුරාහෝ වල ඇති ලිංගික ඉරියව් නිරූපනය කරණා කැටයම් ඇති පුරා විජ්ජා ඉස්තානයක් ලංකාවේද තියෙන බවය. ඔය බ්ලොග් ලියන මාරයා නම් මෑතකදි ඔහේ ගිහින් ඇවිත් එරෝටික් ස්කල්ප්චර් දැක්කාද ඇහුවාම කොර වෙලා ගියේය. ඒ මාතලේ ඇති නාලන්දා ගෙඩි ගේය.. අද ඇත්තේ කැටයම් දෙක තුනක් පමණය. අනික්වා සීගීරියේ තන් වල තාර ගෑවා වගේ විනාස කොරලා දාන්න ඇතිය.

ලනට් වෙන්ඩ්ට් (1900-1944)
ඉන් පසු හෙළුවැලි පොටෝ කලාව යන්නේ, නිදහසටත් පෙර අතීතයටය. ඒ සුන්දර මිනිසකු වූ ලයනල් වෙන්ඩ්ට් නම් මහා කළාකරුවාය. ලයනල් ඇත්තටම ඉන්ගිරිස් හා ජරමානු සම්බවයක් ඇති සුද්දෙක්ය. මුළු පවුලම නඩුකාරයෝ හෝ අදිනීතිකාරයෝය. තරුණ ලයනල් ලන්ඩන් ගියේ නීතියේ කෙළ පැමිනිලා එන්නය. ඒ උනාට එහේ ගිහින් කලේ, රාජකීය සංගිත පාසලේ නොම්මර එකේ පියානෝ වාදයෙක් වීමය
.
ලංකවට ආවාට පස්සේ ඔහුගේ දැණුමෙන් කළ හැකි දෙයක් නොමැති කල. ඔහු යොමු වූයේ ඡායාරූප කළාවටය. එම කළාවත් ඇඟේ තියෙන්න ඕන එකක් කියන්නේ මේ නිසාය. ලයනල්ගේ ඡායාරූප ලංකාව ළෝකයට ගෙන ගියේය. ලංකිය සංස්කෘතිය, කළාව, ළෝකයට ගෙන ගිය ප්‍රථම පුද්ගලයා ඔහුය. ඒ
වෙනුවෙන්ම සංගමයක්ද පිහිටුවා ගත් ඔහු, ගෝලයෝ රාශියක් බිහි කලේය. කළාගාරයක් සෑදීමේ ඔහුගේ සිහිනය නිමා වූයේ අවුරුදු 44 ක් තරම් තරුණ වයසේ, දිවිය ළෝකයේ ගියායින් පසුය.

ලයනල් වෙන්ඩ්ට්ගේ පොටෝ එකක්
අද ඔහේලා නාට්ටි බලන්න යන්නේ, ලයනල්ගේ යාලුවෙක් වෙච්චි හැරල්ඩ් පීරිස් රසිකයා හදපු ආර්ට් සැන්ටර් එකටය. ඔතන නාට්ටි බැලුවාට. ලයනල් වෙන්ඩ්ට් ගේ කළාගාරය බලන්න යන්නේ එහෙමත් එකෙක්ය. එතනට ගියානම් 1930 ගනන් තරම් ඈතක. ඔහු කොතරම් දියුණු ළෝකයක ජීවත් උනාද යන්න හොඳින්ම බලා ගන්න ඇහැකිය. සුද්දෙක් උනත් ලයන්ල් ලංකාවේ නිදහස වෙනුවෙනුත් පෙනි සිටියේය.

ඔහුගේ පොටෝ නිසා ලංකාව ගැන බිහිවූ හොඳම චිත්ත්‍රපටියක් වූයේ "සෝන්ග් ඔෆ් සිලෝන්" නම් සිනමා පටයයි. මේ චිත්තරපටියේ පොතේ ගුරා එහෙම නැත්නම් කථනය ලයනල්ගේය. ඔහු කියවන්නේ "රොබර්ට් නොක්ස්" ලියාපු ඒවාය. මේහේ සිනමා පොටොග්‍රැෆර් වැඩේ අද්යක්සක බැසිල් රයිට් වගේම ජොන් ටේලර් කියන සුද්දන්ගේ උනත්. ඔවුන් පවසා ඇත්තේ කැමරා ඈන්ගල් හා ලොකේෂන් සොයා දීම් සියල්ලම කලේ ලයනල් වෙන්ඩ්ට්ම තමයි කියාය.



එයාගේ ඡායාරූපයන් සියල්ලම, ජීවමාන වර්ණයන් වන කළු සහ සුදය. මාතලන් හිතන්නේ අද උනත් හෙළුවැලි පොටෝ එකක කළාත්මක බව ඉස්මතු වන්නේ, කළු සහ සුදෙන් නම් විතරක්ය කියාය. වර්ණයෙන් ගහපු ගමන් නිරුවත, එරොටික් එහෙම නැත්නම් ශෘගාර රසය ඉස්මතු වෙන කේස් එකක් වෙනවාය.

රොඩී යැයි කියනා හින්ගල මොඩල්ස්

අපේ රටෙත් ඒ කාළේ ගත්ත පොටෝ වල සාමාන්‍ය ගැහැණු ඉඳලා තියෙන්නේ, කුක්කු තන් එලියේ දමාගෙනය. ඒ උනාට අද ඒවාට කියන්නේ, ඒවා රොඩී උන්ගේ කියාය. නමුත් ඇත්ත ඒක නෙමේය. උඩට ඇන්දේ රජ්ජුරවන් හා රජතුමාට කඩේ ගිය උන් විතරය. සාමාන්‍ය උන්ට උඩු කය වසා ගන්න හම්බ උනේත්, සුද්දා නිසාය. එහෙව් සුද්දට බටහිර කුමන්ත්‍රණ කාරයෝ අරවා මේවා කියන කොට මාතලන්ගේ හිත නම් රිදෙනවාය. පරණ පොටෝ බලන්න නම් මෙතනින් ගිහින් බලන්නය.



ඒ කාළේ එහෙම උනත්, මේ කාළේ හෙළිවැලි පොටෝ අල්ලන්න ගිහින් මහ උළු ගෙදර යන්න උනොත් මාතලන් ඇප දෙන්නවත් පැත්ත පලාතේ එන්නේ නැතිය. එහෙම හෙළුවැලි පොටෝ ගන්න ගිහින් වෙච්චි අකරතැබ්බයකුත් එක්ක ඊළඟ එකෙන් මේ මල හත්තිලව්ව නවත්තනවාය. නැත්නම් මටත් වෙන්නේ හෙලිවැල්ලෙන්ම පාරේ යන්නය. 

130 comments:

  1. ගොඩක් පෙන්නලා චූට්ටක් වහගෙන ඉන්න කොට......ඕනම බඩුවකට හැඩයක් ඇත කියන ප්‍රසිද්ධ කියමන මතක් වෙනවා...

    ReplyDelete
    Replies
    1. මයියෝ මොකෝ අද නිදා ගත්තේ නැද්ද.......කතන්දරයගේ බ්ලොගෙත් කෙන්ජිට කලින් කොමෙන්ට් කරලා මෙතනත් එක වෙලා ඉන්නේ උඹටත් එක වීමේ ගාය වැළදිලද?

      Delete
    2. “රොඩී යැයි කියනා හින්ගල මොඩල්ස්“ දැන් මාතලන්ට බිසිනොස් වැහි වැහැල... කොහොම හරි මාලතන් එක්ක ගේම ඉල්ලපු උන් දිනල...

      Delete
    3. උබලා එක උනේ අද මම නැති හිංදයි. උදේම අද මම ගෑණිත් එක්ක ඇරගත්තා. ඒ නිසා අද පරක්කු වැඩි උනා. හිටපංකෝ ආයේ 01 වෙන්න තොපිට දෙන්නංකෝ.
      - දේශකයා.

      Delete
    4. උදා - වීනස් ප්‍රථිමාව...

      Delete
  2. බොලා අර අහිංසක වෙනී අයියට පුක්ස් ෆොටෝ ගහනව කියල ඒව මේව කිය කිය දැං අපට කියනව හෙළුවැලි ‍ෆොටෝ ගහන්නය කියල.

    ReplyDelete
    Replies
    1. ලෝකෙ හැටි ඔහොම තමා ප්‍රසා..

      Delete
    2. ලෝකේ හැටි එහෙමය මෙහෙමය කියලා මෙව්වා එහෙම ලේසියෙන් අතෑරලා පුළුහංද වෙනී අයියා.. ගනින් ගඩොල් බාගයක්...

      Delete
    3. ඇර... ඇර.... ඇර ..... ඇරෝ ........

      Delete
    4. අපිත් ඉතින් පොරෝ පාරක් වත් ගහ ගෙන ස්කර්ට් ඇන්ඩ් බ්ලවුස් ඇන්දා නම් ඉතින්..වැඩ්ඩෝ තමයි ! :-D

      Delete
    5. ඔව් මේ අවස්තාවේදී පිතිකරුවා විසින් නිපන්දුවට දෝත බදා එල්ල කරනු ලැබූ පහරින් ලකුණු හයායියියියියි.......

      Delete
    6. marayo thoge gom part dala methana renna epa toitet 1ta gihin reepan yako

      Delete
    7. ඒ ගැහිල්ලෙයි මේ ගැහිල්ලෙයි ළොකු වෙන්සක් තියෙනවා ප්‍රසන්නයෝ..

      තොපි අවුලන්න හැදුවට අපි ඇවිලෙන්නේ නෑ.. වෙනියා හින්දයි පෝස්ට් හතරක් පහක් ඇද ගත්තේ..

      Delete
  3. අද ලිපිය කියවද්දි නම් පොඩි කාලේ වගේ,පිංතුර දැකල ඇග හිරි වැටුන.
    කළු සුදු දැක්කම වැඩි ආශාව ට ද මන්ද...

    ReplyDelete
    Replies
    1. කෙන්ජි කමින් කමින්, කෑ-කෝ පප්පා කමින් කමින්.
      -කා(Ka)

      Delete
    2. කෙන්ජිට මේව හරියන්නේ නෑ වගේ බං. ඔන්න කොල්ලෙක්වත් හෙළුවෙන් හිටියනම්.

      Delete
    3. ඒ උනාට ඉතින් රූබි එකේ, නිව් ඔලිම්පියා එකේ, සැන්ට්‍රල් එකේ බලපුවා ඔක්කෝම ඊස්ට්මන් වර්ණනේ

      Delete
  4. //ලංකාවේ හෙළුවැලි පොටෝ කළාව (23+) - Nude Photography (13+) //
    හෙඩිමෙ තියන උඹේ උපහාසෙ නං නියමයි.

    ReplyDelete
    Replies
    1. ඒක මම හැමදාම දාන එකක්. ඒකෙන් පස්සෙ, මන්ද බුද්ධිකයෝ එන එක නැවතුනා.....

      Delete
  5. කොච්චර පරණ උනත් බලපන්කො මයිල් බාලා ෂෝයි එකට ඉන්න අපූරුව... ලයනල් වෙන්ඩ්ට් ගැන ලියපු එකත් හොඳයි මාතලන් මෙහෙම හරි.. දයානන්ද රත්නායක මහත්තයා හරි ලව්වා හොඳ පෝස්ට් එකක් ලියවගන්න ඕනේ ඒ වගේ රටක් වටිනා ඈයෝ ගැන.. SLBC ස්වදේශීය සේවයේත් යනවා මෙවැනි පරණ අය ගැන වැඩසටහන්.. කරුමෙට ඒවා මිනිස්සු අහන්නේ නැහැ..

    එක එක්කෙනාගේ විකාර අහන වෙලේ ස්වදේශීය සේවය දවස පුරා ඇහෙන්න දාලා තියේ නම් ලොකු දැනුමක් ගන්න පුළුවන් ඕනෙම කෙනෙකුට.. හොඳ පෝස්ට් එකක් මාතලන්...

    ReplyDelete
    Replies
    1. ස්වදේශීය සේවය කිව්වේ අර උදේ පාන්දරම බල්ලෙක් ඇවිත් රීලා යන චැනල් එකද.....?

      Delete
    2. මාතලන් +++++++++++++++++++++++

      Delete
  6. හොඳ විස්තර ටිකක්... :)

    ReplyDelete
    Replies
    1. උඹ ආයේ ලියන්න ගත්ත එක සතුටක්..

      Delete
  7. හැබැයි පෙර රජ දවස වගේ උඩට නදින්න තහනම් කොරලා තිබ්බා නම් කිසි ගතියක් නැත , මොකද හැමදාම දකින කුකුලගේ කරමල සුදුවන නිසාය. එත් එහෙම වුනානම් මේ රේප් කේස් ගොඩක් අඩු වෙනවාය.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒ කාලේ තන පුඩුවත් බේරගෙන දෙව්න්දර තුඩුවයි කනකසන්තුරෙයි අතර යන්න පුළුවන් උනා කියන්නේ..

      Delete
  8. පෝටෝ කලාව ගැන නම් මං වැඩි විස්තර දන්නේ නැ.. ඒත් ආසයි මේ සම්බන්ධයෙන් දැන ගන්න.. මේවාගේ ඒවා කියවනකොටනම් යමක් කමක් තේරෙනවා..ඉත්තූති අයියා මේ වාගේ දේවල් ලියනවට..

    සුද්දා ගැන කියනවානම් සුද්දා කරපු හොද දෙවලුත් තියෙනවා.. ඒනම් ඉස්සර.. මං නම් හිතන්නැ දැන් සුද්දා අපිට හොද දේවල් විතරක්ම කරනවා කියලා..

    ReplyDelete
    Replies
    1. සුද්දටත් පිස්සු.. ඉල්ලන් නැතුව මේක දාලා ගිහින්.. දැන් එනවා රෙද්ද අස්සේ ඇඟිලි ගහන්න.. නොගිහින් උන්න නම් ඉවරනේ...

      Delete
  9. ලයනල් වෙන්ඩ්ට් කාන්තා නිරුවතට වඩා පිරිමි නිරුවත අධ්‍යයනය කළ කෙනෙක්. ඔහුගේ පිරිමි නිරුවත් පින්තූර එකතුවක් මා දන්නා කෙනෙක් ළඟ තියෙනවා. අද්විතීයයි. මේ ඡායාරූප ඉන්ටර්නෙට් එකට එකතු කරන්නට මා යෝජනා කළා. ඔහු ඊට කැමැති නැහැ.

    ReplyDelete
    Replies
    1. මොකෝ ඔය පිරිමි රුප ටික කෙන්ජි අංකල්ට දුන්නොත්

      Delete
    2. ඉදා තොට, ඉදා තොට කියලා අතින්ම දෙයි පාර.

      Delete
    3. ඇත්ත වෙන්නත් පුළුවන්.. මමත් ගොඩක් දැකලා තියෙනවා. කොහොම නමුත් ඉන් සමහරක්, ජාලෙත් තියෙනවා..

      Delete
  10. ලාල් හෑගොඩ කවියෙක්, ඡායාරූප ශිල්පියෙක් පමණක් නොව හොඳ බෞද්ධයෙක්. බෞද්ධ ධර්මය ගැන උගතෙක්. ගංගොඩවිල සෝම හිමියන් ජනප්‍රියතාවයේ හිණි පෙත්තේ ඉන්නා කාලයේදීත් ඔය ජාතිවාදය අවුස්සමින් කියන්නේ බුදු බණ නෙවෙයි සෝම බණ කියා කියන්නට ගටක් තිබුණු සැබෑ බෞද්ධයෙක්.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. ඔහු නියම බෞද්ධයෙක්..

      Delete
  11. වල් පින්තූර කලාවට තියෙන්නේ සෑහෙන්න බර අතීතයක් නොවෑ. විහිලු නොකා වෙතත් නොදන්නා දේවල් රාශියක් දැන ගත්තා

    ReplyDelete
    Replies
    1. මේ වගේ ඒවත් ලියන්න ඉන්නේ ඉස්සරහට.. පොටෝ ගැන මම දන්න ඒවා ලිව්වේ වෙනියා නිසා...

      Delete
  12. පරණ නිරුවත් පින්තූර බලද්දී වගේ දැන් කාලේ ඒවා බලද්දී කලාත්මක හැගීමක් දැනෙන්නේ නැත්තේ මොකද මන්දා , අපේ වැරැද්දද නැත්නම් කාලේ වැරැද්දක්ද ,නැත්නම් මොඩල් ගේ වැරැද්දක්ද මන්ද,

    ReplyDelete
    Replies
    1. උබේ වැරැද්දක්

      Delete
    2. දැන් කාළේ ඉන්න උන්ගේ වැරද්ද මිසක්ක වෙන මොනවද...

      Delete
  13. " උඩට ඇන්දේ රජ්ජුරවන් හා රජතුමාට කඩේ ගිය උන් විතරය."
    බොලවු අද වෙන්නෙ ඒකෙ අනිත් පැත්තනේ. කඩේ යන එවුන් විතරක් නෙමෙයි මහ රජ්ජුරුවොත් ඉන්නෙ අමු හෙලුවෙන්..

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++

      Delete
    2. පේන්නේ කීප දෙනෙකුට විතරය.. දුක.. ඒ නිසාය..

      Delete
  14. ලයනල් වෙන්ඩ්ට් ගේ අර යට ඉඳන් උඩට තියෙන හතරවෙනි ෆොටෝ එක හරි ලස්සණයි. ඒ එයාමද?:D:D

    ReplyDelete
    Replies
    1. හොඳ හැනිඩෙයක්.. හයේ හතරෙ පොරක්...

      Delete
  15. ලයනල් වෙන්ටඩ් ගැන කියලා තිබ්බ විස්තර මන් අදමයි ඇහුවේ ස්තුතී..නිරුවත් ෆොටෝ කළු සුදු වුණාම සරාගී හැගීම් වලට වඩා කලාත්මක හැගීමක් ඇතිවෙනවා තමයි ,, ඒකත් අපූරුව නේද අයියේ ,,ඒ වගේම ඔයාගේ ලිවීමේ රටාවේ සමහර අමු වචන දැක්කම කියෝගෙන යද්දී තුත්තක් ලජ්ජා හිතෙනවා ,, හි හි

    ReplyDelete
    Replies
    1. ලැජ්ජා වෙලා බෑ කෙල්ලේ.

      Delete
    2. කොහොමත් අපි නොදන්න ප්‍රමාණය බොහොම වැඩියි කෙල්ලේ... ඉඳගෙන...

      Delete
  16. 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලට සමගාමීව මේ වගේ ෆොටෝ ඇල්බම් එකක් ගැහුවා. ෆොටෝ වලට පෙනී හිටියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්. කැලුම් ශ්‍රීමාල් ඒ පොතක් ගෙනැවිත් පෙන්නුවා.

    ReplyDelete
    Replies
    1. බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිරුවත් පින්තූර වලින් සෑහෙන ගානක් හොයා ගන්නවා.. ඔස්ට්‍රේලියාවේ නම් ක්‍රිකටර්ස්ලත් හෙළුවෙන් ඉන්නවා..

      Delete
    2. ඉතිං බං අපේ ක්‍රිකට් බෝඩ් එකම හෙළුවෙන් ඉන්නේ ඒ මදිද?

      Delete
  17. ශේහ්, මාතලන් අයියගේ නොදන්නා පැත්තකුත් අදනේ දැක්කේ. මමත් අර පින්තූර මෙව්වා එකට මගේ එකක් එවන්නම්.

    අජිත් පී පෙරේරාගේ වෙබ් සයිට් එකකත් ඔය vintage එකතුවක් තිබුනා මට මතකයි.

    ReplyDelete
    Replies
    1. එවන්න... එවන්න.. කවියක් වගේ දේකුත් එක්ක එවනවනම් තමා වටින්නේ...

      Delete
  18. හැබැයි ඔයාට තිබුන කතාව තව ටිකක් අඩු කරලා හරි වැඩිපුර කලුසුදු පොටෝ ටිකක් දාන්න

    ReplyDelete
    Replies
    1. පෙනේද ,, මාතලන් අයියේ මෙයාට ලින්ක් එකක් දෙන්න බලන්ඩ හි හි (විහිලුවට )

      Delete
    2. ඔව් ඒ නමටත් බෙදලා.. මේ නමටත් බෙදන්න.. :D

      Delete
    3. න ඉතින් මම කිව්වේ එහෙම පොටෝ ටිකක් දැම්මනම් අපේ සැගවිලා තියෙන අර කළා රසාස්වාදය ඉස්මතුකරගන්න තිබුණා ....... එකයි ...... වැරදි එකක් එහෙම ලියවිලා නැනේ ඉස්මතුවෙනවා කිව්වා එක පැහැදිලියිනෙ

      Delete
    4. ඕන් උඹයි මාරෙයි නිසාම, ඕන කුණුහබ්බයක් දාගන්න පුළුවන් පොටෝ සමාජ ජාලයක් හම්බ උනා.. එකේ අපේ උන් ඇත්තෙම නැති තරම්, මගේ බුකියේ ඉන්න එකෙක්වත් නෑ.. ගූ ගල් එකේ ඉන්න 4-5 දෙනෙක් උන්නත්.. උන් ඒක මේන්ටේන් කොරන බවක් පේන්නේ නෑ.. මම මගේ එකතුවෙන් කීපයක් දැනට අප්ඩේට් කොලා.. කැමති ඕන කෙනෙක් ඉන්නවනම් මේල් එකක් දාන්න.. ඒ වගේම මේල් එකකින්ම ප්‍රතිචාරත් දක්වන්න.. මොකෝ මෙතන නොදැම්මේ.. කොච්ච්‍ර එපයි කිව්වත් පොඩි උනුත් මේක අස්සේ රිංගන නිසා...

      Delete
    5. අර උඩ ඉන්න නමටයි.. උපාසිකාවටයිත් බෙදලා.. එයින් පස්සේ මෙන්න මෙහාටත්...

      Delete
  19. අදනං ඔහොම කලාත්මක පින්තූරයක් බ්ලොගේ දැම්මත් බැනුම් අහගන්න පුළුවනි,එච්චරට මූලධර්මවාදියෝ ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. වැඩිය ඕන නැහැ..ඔච්චර සැර නැති.. හොඳ ඩෙනිමකින් වැසුනු පස්සා පැත්තක් පොටෝ ගහලා බ්ලොග් එකේ දැම්මම මේ මාතලංම අපේ අර වෙනි අයියට මොන තරං දහදුරා කතා කිව්වද..? :D

      Delete
    2. මාරයා කරන මේ ජාතික මෙහෙවරට මගේ උත්තමාචාරය

      Delete
    3. එහෙම බයේ ජීවත් වෙන්න ඕන නෑ.. අන්තර්ජාලේ කියන්නේ ගල් යුගයේ වැද්දන්ට කිරි කොරහ නටන්න තියෙන තැනක් නෙමෙයි..

      Delete
  20. "ලංකාවේ හෙළුවැලි කලාව එන්නේ ඈත අතීතයේ සිටමය. සීගිරිය එක් උදාහරනයකි"

    මම සමහර විට වැරදි ඇති, සීගිරි අප්සරාවෝ ගැන විතරක් කතා කරොත්. ඒ අය පූර්ණ නගනව නෙවෙයි ඉන්නෙ, ඉතා හොඳින් බැලූ විට ඒ අය ඉතා තුනී පටලයක් වැනි ඇඳුමක් බෙල්ල ලඟ සිට වැලමිටට මදක් ඉහලින් එනතුරු ඇඳ ඉන්නවා.

    නමුත් මාතලන් කියන කතාව හරි, පුරණ ලංකාවෙ ලින්ගිකත්වය කියන දේ ගැන හොඳාකාරවම තේරුම් ගත්ත අය සිටියෙ. හැබැයි නෝක්ස් ගෙ පොතේ තියන සමහර කරුනු මම හිතන්නෙ වැරදි කියල, ඒකෙ තියනවා සුද්දො/ලොක්කෝ ප්‍රාදේශීය ලොක්කන්ගෙ ගෙවල්වල ආවාම තමන්ගෙ දුවව/බිරියව දෙනව කියල. සමහර විට පිටින් ගෑනු දෙන්න ඇති මූ වැරදියට හිතලද දන්නෙ නෑ. (දැන් ඉන්න ප්‍රාදේශීය උන් නම් මොකක් කරයිද කියල ශුවර් නෑ, තමන් ලොක්කට දෙන දෙවිල්ලෙ හැටියට ගෑනිව දෙන්න වෙලාව නැතිවෙයි )

    -ප.ගෝ.

    ReplyDelete
    Replies
    1. යන්න ඕනෙ මේ කියන පටලෙ බලල එන්න

      Delete
    2. ey boru sucharitha kamak dend hadannee...
      gani/ duwala dila thiyanwa thama..

      Delete
    3. කීප දෙනෙක් ඒ වගේ ඇඳුමක් ඇඳගෙන ඉන්නවා.. ඒ පරිවාර කාන්තාවෝ කියලයි කියන්නේ..

      Delete
  21. කලුසුදු ඡායාරූප කලාවට වර්තමානයේ ලාල් හෑගොඩ ප්‍රසිද්ධ වුනත් ඔහුගේ පියාත් මට මතක හැටියට 60 දශකයේ ලංකාවෙ හිටපු කලාත්මක සහ දක්ෂතම ඡායාරූප ශිල්පියා. මගේ මතකයේ හැටියට ඔහු නමින් "විල්සන් හෑගොඩ" කලුසුදු නිරුවත් ඡායාරූප කලාවට ඉතාමත් ප්‍රසිද්ධයි. ඔහුගේ එක අගනා ඡායාරෑපයක් නිරුවත් එකක් කියලා මම දැනගත්තේ ඒක දැකලත් සෑහෙන කාලෙකට පසුව.

    ලයනල් වෙන්ඩට් වගේම හෑගොඩ පරපුරත් මේ ඔස්සේ සිහිකිරිම ගැන මාතලන්ට ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මට ඒක කියන්න අමතක උනා.. "අරූ" කිව්වා වගේම ඒ පවුල පොටෝ පවුලක්...

      Delete
  22. ලයනල් වෙන්ට් ගැන දැනගත්තෙ අද. එකාලෙ නෙ ඉන්න තිබුනේ නේද

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ... අදට වඩා ගොඩාක් දියුණුයි ඒ කාලේ.. 56 කාළකන්නියෙක් ඇවිත්, රට පස්සට ගෙනිච්චා... ඒත් අද එයාලගෙම පුතේක්.. කැසිනෝ දාන එක ගැන නම් තියෙන්නේ.. සතුටක්..

      Delete
  23. ආටිස්ටික් කලර් නියුඩ්ස් තියෙනවා බං.

    අනේ මන්දා, සමහර විට මම කලාත්මක ඇහින් දකින දේම තව කෙනෙක් වෙනත් විදියකින් දකින්න පුලුවන්.

    Nude photography ඇත්තෙන්ම සුපිරි කලාවක්. මිනිස් සිරුරේ හැඩතල හරිම ආකර්ෂණීයයි. ලාල් හෑගොඩ වගේ ප්‍රසිද්ධ නැති වුනත් මගේ තාත්තත් ජීවිතේ මුල් අවධියේ වෘත්තීය ඡායරූප ශිල්පියෙක්. ස්ටූඩියෝ එකකුත් තිබිලා තියෙනවා කඩුවෙල.

    එයාගේ පරණ ෆෝටෝස් සහ නෙගටිව් අතර තිබුනා සුපිරි නිර්මාණ. සමහර ඒවා ඔය උඹ කියන තහනම් කැටිගරියේ ඒවා. හැබැයි පට්ට ක්‍රියේටිව්.

    ReplyDelete
    Replies
    1. තාත්තගෙ ඇස පුතාටත් තිබිය යුතුයි නේද

      Delete
    2. තෑන්ක්ස් හැලපේ.

      Delete
    3. එතකොට පුක?

      Delete
    4. පුක රවුං ද?

      Delete
    5. ඇයි උඹේ හතරැස්ද...

      Delete
    6. ආ උබටත් ඒ පුක දෙනව කීවද?

      Delete
    7. ආ උබටත් පුක දෙනව කීවද?

      Delete
    8. නෑ මමත් පුක දෙනවා.

      Delete
    9. ඩූඩ්... ඒක තමයි උඹ මල්ටි ටැලන්ටඩ් බුවෙක් වෙලා තියෙන්නේ.. උඹයි, සොසියි, මම මේකේ දැකපු නියම ආටිස්ලා දෙන්නේක්..

      Delete
  24. හොඳම ලිපියක් මාතලන්.
    ලාල් හෑගොඩගේ පියා විල්සන් හෑගොඩ මහතාද දක්ෂ ඡායාරූප ශිල්පියෙක් සහ කවියෙක්. මවද කිවිඳියකි. සොහොයුරා අනුර හෑගොඩ ලන්ඩන් කවි නමින් සඟරාවක්ද සම්පාදනය කරන කවියෙක්, ලේඛකයෙක් සහ දේශකයෙකි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචෝ විස්තරයට.. මව ගැන දැන ගත්තේ අදයි...

      Delete
  25. නියම පෝස්ට් එක මාතලන් අයියෙ.
    කවුරුත් මේ ගැන වැඩිය කතාකරනව අඩුයි අඩුම ගානෙ ඔය ෆ්‍රොටෝග්‍රැෆර්ව දන්නෙත් අදයි.
    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. නොදන්න දේ වැඩියි මලේ...

      Delete
  26. දිවංගත වෛද්‍ය මහේෂ සෙනරත් වීරකොන් මහතා ද මේ ඡායාරූප කලාවෙහි හා විශේෂයෙන් මෙම කලාවෙහි ප්‍රවීණයෙකි :)

    ReplyDelete
    Replies
    1. අලියා දැන් තනි වෙලා තමා බං

      Delete
    2. නෑ නෑ මම එ් අලිය නෙවෙයි :D

      Delete
    3. අපොයි තව ගොඩක් අය උන්නා.. මේ ලිව්වේ විශේෂිත අය ගැන විතරයි..

      Delete
  27. ටැන්කු මාතලන්.... විස්තරේටයි ෆොටෝස් වලටයි....
    තවත් ප්‍රසිද්ධ දක්ෂ ෆොටොග්‍රෆර් කෙනෙක් හිටියා රියන්සි විජේරත්න කියලා... දැනට අවුරුදු 10කට විතර කළින් මැරුණා...

    ReplyDelete
    Replies
    1. ඔහු බොහෝම ප්‍රසිද්ධ පුද්ගලයෙක්...

      Delete
  28. හා හා දැන් නැගලා යන්නේ ස්කයිප් මාර්ගයෙන් නිරුවත් ජායාරූප ගැනීමේ කලාව,,අලුත්ම කලාව මේක තමා

    ReplyDelete
    Replies
    1. ඒ මචෝ කුණුහබ්බ පොටෝ නේ.. ඒවා නම් ඕන තරම් තියෙන්නේ..

      Delete
  29. ලයනල් මහත්තයා අංක එකේ පියානෝ වාදකයා වෙලා ආයෙත් ලංකාවටම ආවා නොවැ...අද එකෙක් ගියොත් ආයෙත් එයිද...මේ ඡායාරූප මම කලින් දැකලා තියෙනවා...පෝස්ටුව අග තිබ්බ පරණ ෆොටෝ වලට ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. අද එන අයට වඩා, යන අය නේ වැඩි ... මොකක්ද හේතුව කියලා, ඕන කෙනෙකුට හිතා ගන්න පුළුවන්..

      Delete
  30. බොහොම පරක්කු වෙලා එන්න වුනේ ඊයේ බිසි. මාතලන්, ලංකාව අද වගේ අසභ්‍ය නැහැ ඒ කාලේ බලනකොට, දැන් මේ සේනාවල් අපිව අසභ්‍ය කරන්න පුදුම දුකක් කරදරයක් නෙ විදින්නෙ. මමත් දැකලා තියනවා අතීත ලංකාවේ ඡායාරූප ඉතාම ලස්සන ඒවා. ඒ බොහෝමයක් නිරුවත්. නමුත් ඉන් අසභ්‍ය හැඟීමක් ඇහිවෙන්නෙ නැහැ. ඒ කියන්නෙ අද අපි උඩට ඇන්දට මනසින් නිරුවත්. ඒ කාලේ ඔය විගඩම් නැතුවට මිනිස්සු බොහොම නිරවුල්. ඒකයි වෙනස. අතීත මිනිස්සුන්ගේ වින්දනයේ සීමාව ඉතාම පුළුල් බව පෙන්නන උදාහරණ ඕනෙ තරම් ඉන්දියාවෙයි, ලංකාවෙයි, තියනවා.

    ReplyDelete
    Replies
    1. අද අපේ උන් අතීතෙට ගිහිල්ලත් නෑ බැලුවාම. මූලධර්මවාදි ඉස්ලාම් රටක් තත්වෙට පත් කරලයි තියෙන්නේ.. ළමයි හදන හැටි කියන්න හිටන් සංඝයොන්ට රට පත් උනේ ඇයි කියලා බොහොම ගැඹුරින් කල්පනා කරන්න ඕනා..

      Delete
  31. අවසානයට දාල තිබෙන පිංතුර ය වගේ ඒවා ගොඩක් ගත්ත මම ඒ කාලෙ.

    ReplyDelete
    Replies
    1. පරණ නටබුන් වෙහෙර විහාර වල වෙන්න ඇති

      Delete
    2. නටබුන් මගුලක් කියනව උඹ.
      කිහිල්ලෙ කළු මයිල් දුඹුරු වෙලා පිරිසිදු වැඩි කමට,
      ඒ උනාට ගැට දෙකයි,පස්ස පැත්ත එල හින්දම ගත්ත පිංතුර.

      Delete
    3. කළු මයිල් ඳුඹුරු උෙන් සමාජ ෙරා්ගයක් හින්ද ෙනෙම්ද බං. ඔෙබ් ලිංගික කටයුතු විශ්වාසවන්ත ඒක් අැසුරකට පමණක් සීමා කරන්න.

      Delete
    4. ඒ වගේ ගත්ත පින්තූරයක් ගැන ලියන්න ගිහින් තමයි මෙච්චර ලිය උනේ..

      Delete
  32. හෙළුවැලි කලාවටත් ලොකු අතීතයක් තියෙන හැඩයි... :ඩී

    ReplyDelete
    Replies
    1. හපොයි ඔව්.. බොහොම පැරණියි...

      Delete
  33. ඔය රොබර්ට් නොක්ස් කියන දේ දේව වාක්‍ය හැටියට හිතන්න එපා
    දැන් බලන්න ලංකාවේ සුනාමිය බටහිර ජනමාධ්‍ය වල වාර්තා කරල තිබුන විදියට
    ලංකාව ගැන නොදන්න කෙනෙක් හිතන්නේ ලංකාවේ ඉන්නෙ දෙමළ මිනිස්සු විතරයි කියලා
    ඒ වගේම ආතර් සී ක්ලාර්ක් එයාගෙ පොත්වල පෙන්වල තියෙන විදියට නොදන්න කෙනෙක්ට හිතෙන්නේ
    ලංකාවෙ වැඩිපුරම ඉන්නෙ ලංසි මිනිස්සුයි දෙමළ මිනිස්සුයි කියලා
    රොබර්ට් නොක්ස් ගැන කියනවනම් එයාගෙ ජීවිතේ ප්‍රධාන අරමුන වුනේ සිංහලයෙක් නොවීම
    එයයි එයාගේ එක යාලුවෙකුයි ලංකාවෙන් පලා ගියා අනිත් හැමෝම සිංහලයෝ බවට පත්වුනා
    රොබර්ට් නොක්ස් ලංකාව දෙස බැලුවේ මේ අරමුන ඔලුවේ තියාගෙන

    ReplyDelete
    Replies
    1. මම රොබට් නොක්ස් කියන ඒවා වත්, ජගත් පතිරණ කියන ඒවා වත් දේව වාක්‍ය හැටියට අදහන කෙනෙක් නෙමයි.. මට ඇත්තයි කියලා හිතන දේ ලියන කෙනෙක්..

      Delete
  34. "හෙළුවැලි පොටෝ එකක කළාත්මක බව ඉස්මතු වන්නේ, කළු සහ සුදෙන් නම් විතරක්ය " aththa kathaawa.paara.....

    ReplyDelete
    Replies
    1. ඒවා වල කළාත්මක ගතිය වැඩියි..

      Delete
  35. බලහං මාතලං...අර යටම තියෙන වීඩියෝ එකේ එක හම්බ ගුබ්බෑයමක්වත් තිබුනද කියලා...ඒකෙන්ම පේනවනෙ මේ හම්බයො මෑතක ඉදන් රට අල්ලන්න හදන බව...අපේ නානසාර හාමුදුරුවො බුදුන් දැක නිවන් දකින්න ඕනෙ මේ කරගෙන යන මහා පුණ්‍යකර්මයට...

    ReplyDelete
    Replies
    1. ඌ රට ගෙනියන්නේ ඊට වඩා මූලධර්මවාදි රාජ්‍යයක් කරා...

      Delete
  36. මිනිස් සිරුරේ හැඩතල අපුරුවට ඉස්මතු කරන්න පුළුවන් කළා මාධ්‍යයක් තමා, අපේ අය ලැජ්ජාවේ බයේ දැඟලුවට

    ReplyDelete
    Replies
    1. අපේ අය කරන්නේ ඇඳුම් එක්කත් ශෘංගාර රසය උතුරන පොටෝ ගැහිලි.

      Delete
  37. එතකොට ඒ කාලෙ ලජ්ජ බිය එක්ක හැදුනු උන් හිටියෙ කියල අපෙ මැරිච්ච කිරිඅම්ම කියල තියෙනවා. මේව අරන් තියෙන්නෙ බලෙන් වගේ නේද මාතයියා.බලාගෙන යද්දී කිරි අම්මා බොරුනෙ කියල තියෙන්නෙ.හිටපංකො ගෙදර ගිහින් හොද පදයක් කියන්ඩ

    ReplyDelete
  38. මාතලෝ මේ වගේ පොටෝ ටිකක් දියන්කෝ බන්

    ReplyDelete
  39. Now I am going to do my breakfast, later than having my breakfast
    coming again to read further news.

    Feel free to visit my homepage; http://www.kor42.przeciwnie.jud.pl/detail/27260/lawerence-dephillips.html

    ReplyDelete
  40. https://www.facebook.com/mudithaphotography?fref=ts

    ReplyDelete
  41. https://www.facebook.com/media/set/?set=a.943859399014799.1073741889.687360834664658&type=3

    ReplyDelete
  42. https://www.facebook.com/media/set/?set=a.795913627142711.1073741864.687360834664658&type=3

    ReplyDelete
  43. https://www.facebook.com/media/set/?set=a.780830711984336.1073741861.687360834664658&type=3

    ReplyDelete
  44. https://www.facebook.com/media/set/?set=a.720565021344239.1073741837.687360834664658&type=3

    ReplyDelete
  45. Indranatha ThenuwaraOctober 6, 2015 at 3:12 AM

    උඩින් පල්ලෙන් හරි ඡායාරූප ගැන ලියල තියෙන නිසා කියවන්න හිතුනා.
    කියෙව්වා..
    අගේ කළා...!!
    මේ ලිංකුවෙන් ගිහින් ලයනල් වෙන්ඩ්ට් ගැන වැඩි විස්තරයක් බලා ගත හැකියි.
    https://www.facebook.com/notes/indranatha-thenuwara/song-of-ceylon-%E0%B7%84%E0%B7%99%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A/420447658063467

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න