උදේ පාන්දරම බාසා තුනෙන්ම විස් කොරලා, ඇස් ඇම් ඇස් එකක් ආවාම, "සෑම් ටූ යූ මයි ඩියර් සෑර්...!!!" කියලා රිප්ලයි කොරාට, එහෙම කොරන්න බැරියෙයි කියා, පෝන් එකේ මැසේජ් එකක් ආවේය. අද ඉඳලා ඇස් ඇම් ඇස් එකටත් කෙලලා ඇරියාට, ඔබ තුමාට එහෙම විස් කොරලා රිප්ලයි එකක් යැව්වාට, ඒක නිකන්, ඇඟෙන් ඇටයක් ගියා වගේ කේස් එකක් වෙන්නේ නැතිය. සීනී ඇටේටත් කෙලලා තියෙන එකේ, ඇස් ඇම් ඇස් එකට යන ගාන, නිකන්, මෝය කටෙන් පොල් ලෙල්ලක් ගියා වගේය.
පිරබාහරන්ට පොරෝ පාර දීලා, දියවන්නාවේ බයිලා මඩුව ඉස්සරහා පිට්ටනියේ, මහරජාණනි සින්දුව එහෙම ගහලා ආතල් එක දුන්න වෙලාවේ, අපි නම් හිතුවේ, සුබ අනාගතේ හෙට ඉඳන් පහල වේය කියාය. ඒත් ඉතින් අද තියෙන තත්තෙට නම්, ඒකා හිටියානම් මීට වඩා හොඳයි කියාද හිතෙන්නේය. එහෙනම් ඉතින් ඔය සෝමවාහිනියේ රස කතා කිය කියා ගොන් ආතල් දෙන ඔබ තුමාගේ ගෝලයෝ හොයාගන්නවත් බැරි නිසා, අපිට පාඩුවේ නිව්ස් ටිකක් බලා ගන්නවත් පුළුවන් නිසාය.
අපි හිතාගෙන උන්නේ, යුද්දේ තියෙන කාළේ තද කරගනේයි කියපු පටි ලූස් කරලා, ඊට වඩා දිග පටියක් දාගෙන්නේයි කියලාය. ඒත් ඉතින් දැන් නම් වෙලා තියෙන්නේ, අර තද කර ගත්ත පටියේ ලූප් ඉවර නිසා, බල්ලගෙ කරට දාන පටියක් ඉනේ බැඳ ගන්නය. සම හරක් උන් නම් පටිය බෙල්ලේ දාගෙන ජීවීතේට අතුරු ආන්තරා කොර ගන්නේ, ජීවත් වෙන්න අමාරු නිසා නොව, ඔබ තුමාගේ නමට ගමට නිග්ගරහ කොරන්නය. එහෙම උන් ඉන්නවාට වඩා මැරෙණ එක කොහොමත් හොඳය.
යුද්දේ ඉවර උනාට, ඔබ තුමාගේ මට්ට මෝල් ගෝලයෝ සෙට් එක තාමත් යන්නේ ඔබ තුමා යනවා වාගෙමය. ඔබ තුමයි ඔබ තුමාගේ යුද්ද මල්ලියි එහෙම ගියාට අපිට අවුලක් නැත්තේය. ඒත් ඉතින් අර, මෙළෝ දෙයක් නොකර, උදේ ඉඳන් බීලා වමනේ දාන තොන්ඩමනයා යන්නේත් පරිවාර ජීප් හයක් හතක් එක්කය. සමහර වෙලාවට ඒවා එයාගේ අම්මාගේ අප්පාගේ බූදලෙන් ලැබිච්ච එවා වෙන්න ඇහැකිය.
ඒත් ඉතින් එහෙම යනකොට, පාරේ ඉන්න වේස කොල්ලෝ බනින්නේ ඌගේ අම්මාට විතරක් නෙමේය. අර පර බල්ලෝ ඔබ තුමාගේ අම්මාත් මතක් කොරනවාය. එහෙම නිකන් අහක ඉන්න අහින්සක මනුස්සයෝ බැනුම් අහන එක නවත්තන්නත් පුළුවන්, සක්කර දේවයා වගේ ඉන්නා ඔබ තුමාටම විතරයිය.
මොකෝ මේ කාලකන්නි මොකාගෙන ආරස්සා කොර ගන්නදය..? අපේ උන් ගැරඬි මරලා, පව් පුරවා ගන්නේ නැති නිසා, ඔය හාල් පාරුවන්ට දීලා තියෙන බැකප් වෙහිකල් ටික අරගෙන, පාරට බස් එකක් දාන එක ඊට වඩා පින් සිද්ද වෙනවාය. ගමේ උන් ගල් ගහන එකෙන් බේරෙන්න, හැල්මට් එකක් දුන්නාම හොඳටෝම ඇතිය.
මේ දවස්වල කසිප්පුකාරයන්ගේ සභා වල අය වැය පරදින එක නම්, ඒ තරම් හොඳ දෙයක් නෙමෙයිය. තව පොඩ්ඩක් ඔය ගැන හොයලා බලනවානම් හොඳය. මේක මේ බලය හා ධනය පිළිබඳ කේස් එකක් කියා, සිරිසේන ලොක්කා කින්ඩියකුත් දාලා තිබුනේය. තව හාතයි බූරූවෙක් කිව්වේ, "කුට්ටිය" පිළිබඳ පුරස්නයක්ය කියලාය. "කුට්ටිය" කියන්නේ මොකක්ද කියා මම මේ දවස් වල විසේස සමීක්සනයක් කොරනවාය. හොයා ගත්තාම ඒ මොකක්ද කියා ඔබ තුමාටත් කියන්නන්ය
මට නම් හිතෙන්නේ ඔක්කෝම ටික ගෙනත්, කොල්ලුපිටය දන්සැලේ පොඩි ආතල් එකක් දුන්නා නම් වැඩේ ඉවරය. ඕකුන්ට මහ දේවල් දෙන්නා ඕන නැතිය. කසිප්පු ගහලා, විට කන, බීඩී බොන ඕකුන්ට, ෂිවාස් ලීටරයක් දීලා, බඩ කොනිත්තලා යැව්වානම් වැඩේ ඉවරය. ඒත් ඉතින් කොනිත්තන එක හෙමීට කොරනවානම් හොඳය. ඒ මොකෝ සම හරක්ගේ බඩවල් රිදෙන්නම කොනිත්තනවා කියා පොඩි කොම්ප්ලේන් එකක් තියෙන නිසාය.
ඔය මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුය කියන්නේ පට්ට බොරු කතාය. අර කුරුණෑගල අරක්කු දන්සැල් දීපූ ජොනියා, කුණු කොල්ලෙට සුපිරි සතොසෙන් බඩු දෙද්දීත්, ඒවා ගන්න, බල්ලෙක් තියා මැස්සෙක වත් නැතිය. ඒවා ඉස්සරහා, ලීස් දාලා ගත්ත වාහන, මොටෝ බයිසිකල්, නවත්තන එක නිකන් තත්වෙට හොඳ නැති කේස් එකක් නිසා, හැම එකාම යන්නේ පුඩ් සිටි එකටමය. ජොනියාට තියෙන්නේ සංස්ථාවේ ගල් නැත්නම්, එතනෝල් හරි, එතන විකුණන්න පටන් ගන්න එකය. එහෙම උනානම් අඩු ගානේ ආතල් ඩයල් ටිකවත් ඔතෙනට ඇදෙනවාය.
අනික මේ, ඔය තරමටම සල්ලි නැත්නම් කිරි පිටි හොය හොයා මැරෙන්න හදන්නේ කොහොමද කියා තවම එකෙක්වත් ඇහුවේ නැති උනාට, මම නම් අහනවාය. කන්න නැති උනත්, ඔබ තුමාගේ අන්දරේලා සැට් එක දෙන ආතල් වලින් අපේ බඩවල් පිරෙනවාය, අධෝ වාත් ගිහින් බඩ සුද්ද වෙලා, සවුක්ක සම්පන්න වෙනවාය. සමහර වෙලාවට වැඩිම අන්දරේලා සැට් එකක් හිටපු රජ තුමා හැටියට, ඔබ තුමාගේ නම ගිනස් එකේ කෙසේ වෙතත්, මහාවන්සේනම් ලියවෙනවා බුදු ෂුවර්ය.
ඔබ තුමා අවුරුදු 18 ක්ම බලයේ ඉන්නවා කියා, පොලොන්නරුව පැත්තේ පොඩි එකෙක් කියලා තියෙනවාය. සම හරක් වල් බල්ලෝ ඒ කොල්ලාගේ අම්මාට මොන මොනවාදෝ කීවාට, ඔබ තුමා ඔය කොල්ලාගෙ පවුලම ගොඩ දානවා කියා, මම එහා ගෙදර එකා එක්ක ඔට්ටුවකුත් ඇල්ලුවේය. ඒ මොකෝ මට කෙලවෙන්න නෑ කියා, සුදු කැස්බෑවා ටැංකියෙන් ඉගිල්ලිලා ගියා වගේ බුදු සුවර් නිසාය.
අපිට හතේ හත වැදුනත්, ඔබ තුමාට මේ අවුරුද්ද ඉතරක් නෙමෙයි, ඉස්සරහට එන අවුරුදුත් "උන්ගල් එල්ලෝරුමිනිය පුත්තන්ඩු වාල්තුක්කල්" වෙන්නෙයි කියා ප්‍රාර්ථනා කොරනවාය. ඒ වාගෙම ඉස්සරහට එන පලා බබාලාත්, ඔබ තුමාගේ පිහිටෙන්ම ගොඩ යන්නෙයි කියා ප්‍රාර්තනා කොරනවාය, ආයේ දෙකක් නැතුව ඒවා කොහොමත් ගොඩ යනවාය. ඒ මොකෝ, මොනා නැතත්, බතික් ෂර්ට් එකක් ගහලා, විජේ වගේ පඩි පෙල නැගලා, අත් දෙකම උස්සලා අපිට ටටා කියන කොට, සරම කඩාගෙන වැඩුනත්, අපිත් අත් දෙකම උස්සලා ඔබ තුමාට ටටා කියනා නිසාමය.
ඔබ තුමාට සුබ අනාගතයක්...!!!
තැන්කිව් පො ද ඇස් ඇම් ඇස් ඈ...... මම මේක කාටවත් කියන්නේ නෑ.. සමහර වෙලාවට අපි ඔබ තුමාට බොක්ක දෙන්න උනත් ලෑස්ති නිසා වෙන්න ඇති, මෙහෙම ඇස් ඇම් ඇස් එකක් එව්වේ..
මාතලං, ඒක පටිය නොවෙයි ලනුව. දාලා තියෙන්නේ නහයෙන්. ඕකට කියන්නේ නාස් ලනුව කියලයි. තව කල් යාවි තේරුම් යන්න.
ReplyDeleteඅළුත් අවුරුද්දේ කතාගේ කොමෙන්ට් එකක් ඉස්සෙල්ලා ලැබිච්ච එක නිකන් කියලවත් කොර ගන්න බැරි දෙයක්.
Deleteඑතකොට ඒකද තද කොර ගන්නෙයි කියලා තියෙන්නේ..
//ඔබ තුමා අවුරුදු 18 ක්ම බලයේ ඉන්නවා කියා, පොලොන්නරුව පැත්තේ පොඩි එකෙක් කියලා තියෙනවාය. // ඉතින් ඊට පස්සේ මොනවද වෙන්නේ කියලා කියල නැද්ද? :)
ReplyDeleteමාතලන්ට රජවරුන්ගෙන් තව, තවත්, SMS එන, සුබම සුබ නව වසරක් වේවා!!! :D
මට වගේම් ඔහේලාටත් එසේම වේව්වා කියා ප්‍රාර්ථනා කොරනවා...
Deleteහැමෝගෙම හිතේ තිබුනත් බොහෝ දෙනෙක් නොකියපු දේවල් ගොඩක් වචන කරලා ලියල තියෙනවා. ලියල තියෙන වචන වලට අපිට හිනා ගියාට එවල අර්ථය තේරෙන කොට නම් හිනා වෙන්න හිත දෙන්නේ නෑ. කොහොම වෙතත් රටටත් ඔබටත් සෞභාග්‍යය සපිරුණ සුබ නව වසරක් වේවා....
ReplyDeleteඒ උනාට ඉතින් අන්දරේලා සැට් එකට පින් සිද්ද වෙන්නේ හැමදාම හිනාවෙලා ඉන්න පුළුවන්..
Deleteරජ ඇමතිවරු මතක් කරලා අවුරුද්ද පටන් ගන්න එක කොහොමත් හොදයි.
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා මාතලන්ටත්
මටත් රාජ යෝගයක් තියෙනවයි කියනවනේ..
Deleteඔය එනවායි කියන සුභ අනාගතයත්, රනිල්ගේ පාරට බැහැලා ආණ්ඩුව අල්ලන වැඩේ වාගේමයි.
ReplyDelete2014දීත් ඔය දෙකෙන් එකක්වත් වෙන පාටක්නම් නෑ!
ඒ කොහොම වුනත් මාතලන්ට කිරියෙන් පැණියෙන් ඉතිරෙන ,අළුත් ලැපැක් ගන්ඩ ලැබෙන,වැඩියෙන් බොග දාන්න ලැබෙන සුභ නව වසරක් වේවා!!!
Deleteඅර ලැපක් ලැබෙන ප්‍රාර්තොනේ නම් බොහොම වටිනවා.. කීප දෙනෙක් එහෙම විස් කොරලා තිබ්බා...
Deleteසුභ අලුත් අවුරුද්දක් වේවා මාතලන්...
ReplyDelete2014 වසරේ සැම දිනකම රජ පිරිවර උදේට සිහිකර දකුණු පය පෙරට තබා රැකියා හා අධ්‍යපන කටයුතු සඳහා පිටත් විම මැනවි .නැතිනම් ගස් බැදිම් වැනි ස්භාවික අපදා සිදු විමට ඉඩ ඇත .
Deleteමිට
S.A
එයාලා මතක් කිරිම කෙසේ වෙතත්. එයාලගෙ අම්මලා නම් හැම තිස්සේම මතක් වෙනවා...
Deleteමං ඔය කියන කෙනාව නොදන්නෙමි ය.
ReplyDeleteසුභ නව වසරක් වේවා ය. සිතුවිලි බෝ වේවා ය.
ඒක ... කෝකටත් හොඳායි.....
Deleteකියන එක කෙලින්ම කියල තියනව, ලොක්කට මේක කියවන්න දෙන්න පුලුවන්නම් තමා වටින්නෙ :D
ReplyDeleteසුබ නව වසරක් වේවා :)
බොරුවට නිදං ඉන්න එකා කන ලඟ ෆ්ලෑශ්බෑක් ගැහුවත් නැගිටින් නෑ බං !!!
Deleteඋත්තරේ වෙන එකෙක් දීලා නේ.. ඌ නම් කියලා තියෙන්නේ පට්ට කියමනක්..
Deleteඅලුත් අවුරුද්දෙ තරහ අවුස්සන්නෙ නැතුව හිටිං. සුඅඅවේ!
ReplyDeleteඅපි මක්කටෙයි කේන්ති ගන්නේ... මම නම් පට්ට ආතල් එකේ ඉන්නේ.. දැන් කාර් රේස් පදින්න පුරුදු වෙනවා.. ඒත් මේ කොච්චියොත් එක්ක මුකුත් කොරන්න බෑ නේ..
Deleteඒ SMS එකට රිප්ලයි කරන්න ඕන
ReplyDelete"ආයූබෝ වේවා…
තෝට සුභ වේවා…
අපට කෙළ වේවා…
මහරජානනි……" කියලා තමා මාතලන් අයියෙ.
ඔබට සුභ නව වසරක් වේවා……!!!
එහෙම කටක් ඇරලා කියන්නේ කොහෙමෙයි.. දැක්ක තැන බඩ මිරිකන රජ කෙනෙක්ට..
Deleteයකෝ අර උඩ තියෙන ව්‍යාධි කතන්දරේ කියෙව්වම ඔක්කාරටෙ ආවා..
ReplyDeleteමාසුනවවේ!!!
නැතුව බෑ බං... මළ වදේ.. මුන් අපේ අම්මටත් බනිනවනේ.. ඒ මනුස්සයා, බ්ලොග් තියා ගොන් පීටර් අඳුනන්නෙත් නෑ..
Deleteසුභම සුභ තවත් මාස දොළහකට සුභ පැතුම්. ඒත් ගොයියෝ ඔය කියන්නැහේ වැඩේ ෆුල් අබිලික්නෙ. කිරි පිටි, වගේද ඇස් ඇම් ඇස්. ලොක්කට මේක තේරුම් කොරලා දෙන්න ඇහැකි එකෙක් නැද්ද මන්ද??? කෙල්ලො කොල්ලන්ගේ මනාප අමනාප කොරන්න ගහපු ගේමක් වෙන්නෙ බැරිද මන්ද?
ReplyDeleteඒක නෙමේ අර අසමජ්ජාති කොල්ලා හම්භ වුනොත් ඌව කකුල් කෙටියෙන් උස්සලා සක්වල ගලේ ගැහුවත් මදි මෙයා.
වෙද මහත්තයටත් එසේම වේවා..
Deleteඌට දිවැස් තියෙනවයි කියන්නේ.. එව්වා කොරන්න ගියොත් ඌට දිවැසින් පෙනේවී..
සුබ අලුත් අවුරුද්දක් වේවා..... ! and இனிய புத்தாண்டு வாழ்த்துக்கள் .....!
ReplyDeleteඑසේම වේවා.... එසේම වේවා....!!!!
Delete"උන්ගල් එල්ලෝරුමිනිය පුත්තන්ඩු වාල්තුක්කල්"
ReplyDeleteහරි හරි තේරුනා. උන් ගල් ගහලා එල්ලලා දාපු මිනිය පුත්තරයන්ට අඩුවක් නැතුව දෙනවා. වාල්කම් කරන එකා තුක් විතරක් කියලා මිනිස්සු කෙළගහනවා.
ඔය කිව්වට දැක්කම් සැලුට් ගහනවා.. ඒකනේ ලෙඩේ..
Deleteලිපිය කියවන්න පෙර ලොක්කට උම්මා එකක් දෙන්න ඕන...
ReplyDeleteඔබ ඇතුළු පවුලේ සැමට,සුභ නව වසරක් වේවා...!
එසේම වේවා.. කෙන්ජියෝ...
Deleteඋංගෙ දියුණුවට හදන අපේ රට...
ReplyDeleteමොකා ආවත් ඔච්චර තමයි.. සිස්ටම් එක වෙනස් කරන්න එකෙක්ට උවමනාවක් නෑ..
Deleteසුභ අලුත් අවුරුද්දක් වේවා මාතලන්. 2013ටත් වඩා හොදට 2014දී බොග දාන්න වාසනාව, ශක්තිය, ධෙර්යය ලැබේවා !!! සියලු කටයුතු සාර්ථක වේවා !!!
ReplyDeleteඔබටත් එසේම වේවා....!!!
Deleteඕං අපේ පැත්තෙ නං පලා..රිලා වෙලා තියෙන්නෙ..
ReplyDeleteවිපක්ෂෙ හරියට...ඉත්ත ඇද්දොත්...මොනව හරි කොරගත්තැකි...ඒත් උන් ..නිදි.
ඇදිල්ල කෙසේ වෙතත්, විපස්සේ ඉත්තෝ බ්ලාස් වෙනවනේ..
Deleteමගේත් පෝන් තුනටම ඇස් ඇම් ඇස් එවලා තිබුනනෙ
ReplyDeleteප්‍රියන්ත ඇතුලු "මාතලන්" රසික රසිකාවියන්ට සුබ නව වසරක් වේවා !
මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්
ඔය ඉරිසියාවට කියන කතා.. මටයි තව කීප දෙනෙකුටයි විතරයි යවලා තියෙන්නේ..
Deleteමොකො අනාගතෙ සුබ නොවෙන්නෙ 92ක පරන ගානටම දෙනවා කියන්නේ!
ReplyDeleteශත අසූවක් පාඩුලු මෙයා.. මාර පව්.. මට හිතෙනවා ඇමතියගේ දත් දෙක මැද්දෙන් ශත් අසූව බඩට ඔබන්න..
Deleteහලෝ ගාස්තු ද අද සඅට වැඩිය.
ReplyDeleteබය වෙන්න එපා, ඇස් ඇම් ඇස් සහ ඉන්ටර්නෙට් ගාස්තු වැඩිවෙන්නේ නැත.ඒනිසා බ්ලොග් වලට මහ හෙනයක් නැත
එහෙනම් අවුලක් නෑ.. නැත්නම්.. පෝන් සැක්ස් කරන උන් හරි පව්..
Deleteසුභ අනාගතේ ආශ්චර්යක්ම වේවා ....
ReplyDeleteප.ලි.: අර පොඩි කොල්ලා ලඟදීම සුමනදාසට කෙලවනවා.. ඕන්න බලාපං වෙනදේ :-)
මටත් පේන්නේ කෙලවෙලාම යයි වගේ.. ඌට බැරි උනානේ මෙහෙම එකක් කියන්න..
Deleteඅර උඩම තියෙන ඩේන්ජර් කෑල්ල බලලා මම කියෙව්වේ නෑ බන්......
ReplyDeleteඒ උනාට අපේ සින්ඩි රජා වන මාතලන් ටත් සුබ 365ක් වේවා
අනේ මම මොන රජාද බන්.. ඔය පින්තූරේ ඉන්නේ අපි කාගෙත් රජා..
Deleteඅනේ ඉතිං රජත් බොග කියවනවනම් මේකවත් අහුවෙලා කියවන්න ඕන කියලා අලුත් අවුරුදුදේ ප්‍රාර්ථනා කරනවා
ReplyDeleteමේ වගේ ඒවා කීයක් කියලා කියවන්නෙයි කියලද.. ඇයි යකෝ බ්ලොග් ලියන් උනුත් බ්ලොග් කියවන්නේ නැති කොට..
Delete//සම හරක් උන් නම් පටිය බෙල්ලේ දාගෙන ජීවීතේට අතුරු ආන්තරා කොර ගන්නේ, ජීවත් වෙන්න අමාරු නිසා නොව, ඔබ තුමාගේ නමට ගමට නිග්ගරහ කොරන්නය. එහෙම උන් ඉන්නවාට වඩා මැරෙණ එක කොහොමත් හොඳය.//
ReplyDeleteඋන් මලා නම් රටත් ෙගාඩය අපිත් ෙගාඩය..
ෙබාලා ෙගට්ටුවට අාවලු ෙන්.. කලින් දනී නම් මගුල පැත්තක දාල හරි ඒනව ෙබාලව්..
සුභ ෙව්වා..
ආවා නේන්නම්.. මම ආවේ බොන්න.. කොයි.. මේන් ඔක්කෝම මාරු..
Deleteමහරජාට දොස් කියලාත් වැඩක් නැතිය.
ReplyDeleteවිපක්ෂ වලට දොස් කියාත් වැඩක් නැතිය.
චන්ද කාලෙට විතරක් නොමිලේ බීලා/කාල චන්ද දාන අහිංසක ජනතාව පලිද නැත.
2005 රජාව ඔතෙන්ට ගෙනාපු මාපිල්ලෝ දෙන්නයි(එකෙක් මැරිලාය)සහෝදර සෙට් එකයි මේකට වග කියන්න ඕනය.
දැන්නම් ඉතින් විස්සයි තිහෙදිවත් ෂුවර් නැතිය.
හදිසි අරම එකක් වුනත් හිස් තැන පුරවන්න රැහේ හුරලා ඕසේට ඉන්නවාය.
හෙට අනිද්දා ගම්පොලයාට ගෙදර ඉදන් කන්ද දිහා බලන් ඉදලාම අම්බානට එපා වෙනවාය.
දෙවැනි පුටුවත් රැලේ කෙනකුටම හදලා ඉවරය.තිබෙන්නේ කාලයේ ප්‍රශ්නය පමණි.
කාළයේ ප්‍රශ්ණයත්, පොලොන්නරුවේ කොලු පැටියා විසඳා අහවරය..
Deleteඅප්පට සිරි මම කාටවත් පෙන්නන්නේ නැතිව තියා ගත්තා ඇස්.ඇම්.ඇස්. එක. බලනකොට හැමෝටම යවලානේ.
ReplyDeleteමාතලන් ඇතුළු පවුලේ සැමට සියළු සිතුම් පැතුම් ඉටු වන නව වසරක් පතමි.
බොරු කියන්න එපා මචං.. ඒක මේ මාරයා, නලියා, මාතලන් වගේ කඩේ යන කීප දෙනෙකුට විතරයි එවලා තියෙන්නේ..
Deleteඔබට මෙන්ම අපටද ජය වේවා !
ReplyDeleteඔබට කිව්වේ ලොක්කටද...?
Deleteලොක්කට ජය වේවා කියන්න....අනේ මගෙ කට...
Deleteනව වසරට මගෙනුත් සුබ පැතුම්...
ReplyDeleteමටද ....? ලොක්කටද....?
Deleteදහසකුත් සුපෙම් පැතුමන්
ReplyDeleteසිතුම් පව්රෙන් වට වෙනා
සිමින් සැලෙනා සොදුරු හදවත්
යුගල මල් පිපිදෙනා.............
කටු කොහොල් මත තබන පියවර
මල් පොකුරු වී තිබෙවා
අහසෙ බබලන සදක් මෙන් නොව
අමවක දිනකද තුටු සිනා කැන්
මුව තිබෙවා......................
නෙතග දිදුලන කදුලු කැට
මිනි මුතු සෙ පෙනෙවා
වැටෙන වරකුදු යලි නැගීමට
සිතෙ සවි බල තව ලැබෙවා..........
දැනෙන තනිකම වසින්නට තව
ඇසනි වරුශා වි වැටෙවා.....
වසන්තය මෙන් ජිවිතෙ මග
පිපිදෙනා එකලු තරුවක් සෙ
දිලෙන්නට ඇරයුම ගෙනල්ලා...........
෴෴සචි෴෴
වසන්තය මෙන් ජිවිතෙ මග පිපිදෙන සුබ නව වසරක් වෙවා.....
බොහොම අපූරුයි...
Deleteඔබටත් සුභ නව වසරක් වේවා...!!!
බය වෙන්න දෙයක් නෑ. අද උදේ පාන්දරම අර නිවුස් කෑලි වල තිබ්බේ පොඩි එකෙක් අනාගත් වැකියක් කියා 2018 වෙනකල්ම සුබයි කියලා . ඒකේ අසුබපල ජනතාව සුබ විදිහට බාරගන්නවා ඒක නිසැකයි
ReplyDeleteබඩුම තමයි... නොවේ මෙවන් වින්දනයක් ලොවේ...
Delete2018 වෙනකන් උදාවෙන හැම අවුරුද්දක්ම සුභයි අයියේ.. මාත් එනවා ලංකාවේ නවතින්නම මෙහෙම සුභ වෙනවනම්
ReplyDeleteසුභ නව වසරක් වේවා..
ඔව්වත් රටවල්ද බන්.. මේන් රටවල්..
Deleteමම හිතුවේ මට විතරක් ආපු SMS එකක් කියලා නේ. වැදගත් නැති පල්හොරුන්ටත් ඒක යවලා තියෙන්නේ.
ReplyDeleteසුබ අනාගතයක් සහ සුබ නව වසරක් ඔබට.
මහා කළු සිංහලයා බ්ලොග් එකෙන්
අනේ නිකන් පලයන් බං යන්න.. උඹලටම එවයි ඇස් ඇම් ඇස්..
Deleteමෙව්වා මේ හිත නරක් උනාම කියන කතානේ..
අවුරුද්දේ හොඳම කෑල්ල
ReplyDelete//ඉබ්බන්ට තටු එන රට//
අවුරුද්දේ අලුත්ම කෑල්ල
"නාසා එකට අනුව ලෝකයේ බලවත්ම රට"
ටෙලි නාට්‍ය එපිසෝඩ් මෙන් ඡන්ද තියෙන රට
මීලඟ ටෙලි නාට්‍ය ද්විත්වය
"බස්(නාහිර මහ ඇමති තනතුර ) හිස් (ව තබමු)"
"(දකුණේ )විලි නැති නිළි කට"
රත්තරන් බාල රට..
Deleteපැන්නනේ ලොක්කා..
2014 සුභ වෙන්නෙ උන්නැහේට විතරයි වගේ.... කමක් නෑ පුරුද්දට උඹටත් සුභ නව වසරක් වේවා කියන්නම්..
ReplyDeleteඑයාට වගේම මටත් ඉතින් හැමදාම වරදක් නෑ
Deleteඔබ තුමා අවුරුදු 18 ක්ම බලයේ ඉන්නවා කියා, පොලොන්නරුව පැත්තේ පොඩි එකෙක් කියලා තියෙනවාය///
ReplyDeleteඇයි බං මේ පත්තර කාරයන්ට තේරෙන්නෙ නැත්තෙ රජාට සුබ වෙනවා කියන්නෙ අපිට කෙලවෙනවා කියන එක කියල.. පළවෙනිදම ඔය වගේ කතන්දර දාලා අපේ මේ යන්තං ඉතුරු වෙලා තියෙන ලේ ටිකත් පුච්චන්නෙ මුන්ට පිස්සුද මන්ද...
මාතලන්ට අලුත් ලැප්ටොප් එකක් ගන්න ලැබේවා කියල මුලින්ම ප්‍රාර්ථනා කරන්නං.. ඊළඟට සිංහරාජෙටත් සිග්නල් දෙන ගානට අපේ ඉන්ටනෙට් සර්විස් වැඩිදියුණු වේවා කියල... එතකොට මාතලන් කැලේ හිටියත් බ්ලොග් ලිවිල්ලෙන් බේරෙන්න ක්‍රමයක් නෑ නේ... හි හි
අර ලැපක් ලැබෙන එක නම් මාත් ප්‍රාර්ථනා කොලා දෙකක් දාගෙන.. කොයි.. අස්ප ගනන්නේ..
Deleteඉතින් බන් 25 ට වගේ තියෙන සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගනින්කෝ... මහ ලොකු වැඩ කිඩ නැති උනාට ලෙඩක් නැතිව දුවනවා....
Deleteඒක තමයි ටාගට් එක. ඒක හොයා ගන්න එකත් පට්ට අමාරුයි නේ..
Deleteඅඩේ මාතලන් උබගේ සිහින සෑබෑවෙන සුභම සුභ නව වසරක් වේවා...
ReplyDeleteමොකෑ බන් අඩේ මාතලන් ගෑවේ. නිදාගෙන නැගිට්ට ගමන්ය..
Deleteඋඹටත් එසේම වේවා....!!!
හෑ.........ඒක උයාටත් ආවද? :D :D
ReplyDeleteකෝම උනත් සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..!
ඔව්නේ.. කීප දෙනෙක්ට විතරයි යවලා තියෙන්නේ..
Deleteඔයාටත් එසේම වේවා...!!!
එයා එහෙම සුබ අලුත් අවුරුද්දක් කියලා s.m.sයැව්වට සල්ලි කැපෙන්නේ එයාගේ ෆෝන් ඒකෙන් නෙමෙය.අපේ සාක්කුවෙන්ය.ඒ නිසා ඒ s.m.s එක නොයෙන තරමටම මම කැමතිය.
ReplyDeleteආ සුබ නව වසරක් වේවා.මාතලන් ඔබට සහා පවුලේ සැමටත්.....!!!!
Deleteඔය ආපු sms එක තව ටිකක් පල්ලෙහාට කියවලා බලපන්... අන්තිමට තියෙනවා අද සිට විදුලි සංදේශ ගාස්තු 25%කින් වැඩිකර ඇත කියලා
Deleteඅර ඉවාන් කිව්වා වගේ ඊට පස්සේ ආවේ පෝන් බිල වැඩි කරපු ඇස් ඇම් ඇස් එක.. අනේ ඉතින්, රජාගේ එක ලැබිලා තිබ්බ ආතල් එක.. දෙරණේ හරක් කාලා දැම්මා..
Deleteඅනේ මන්දාය....
ReplyDeleteඅනේ කුහුඹින්නේ...
තොපටත් රජෙක් ඉන්නේ...
කියලා තමයි කියන්න වෙලා තියෙන්නේ.....හ්ම්ම්ම්
මොනා වුණත් අයියට සහ පවුලේ හැමෝටම සුභ නව වසරක් වේවා....!!!
ඇයි යකෝ.. රට බේරලා දුන්න එකම මදෑ...
Deleteමාතලන් , දේස ප්‍රේමෙ සහ විදුලි පුටු ගෑන මොනවත් නෑද්ද?
ReplyDeleteසුබ නව වසරක් වේවා!
විදුලි පුටු... එව්වා කොහෙද අපි ඉන්නකන්..
Deleteරජතුමා නම් අළුත් අවුරුද්දේ උදේ පාන්දරින්ම වැඩ ඇල්ලුවේය. අර විපක්ෂෙ පැත්තෙ හිටපු කවි කියන උන්නැහැ කෙනෙක් ඕං පස්සා දොරෙන්ම රජ මාලිගාවට ගත්තේලු ඉදින් ඔබ තුමාට කවර දොසක්ද? කරදරයක්ද? හිරිහැරයක්ද? දහ අට වසක් නොව විසි අට වසක්ම මේ භූමියෙහි අධිපතිත්වය ලබන්නට ශක්තිය වාසනාව ලැබෙන්න කියා (වෙන මක්ක කොරන්නෙයි) ප්‍රාර්ථනා කරමු.
ReplyDeleteමාතනලන්,
සුභ අලුත් අවුරුද්දක් වේවා!!
ජය වේවා!!
පාර්ලිමේන්තුවේ තුන් දෙනෙකුත් එනවා කියන්නේ.. අනේ මන්දා.. මේක නම් පට්ට රාජ යෝගයක්..
Deleteමහින්ද ලොක්කා ඔහොම්මමය ,මම හිතාගෙන හිත්යේ sms එක එව්වේ මට විතරක්ය කියලාය, බලන් ගියාම මාතලන්ටත් එවලාය.මම කාටවත් නොකියා ආඩම්බරෙන් රිට් ආතල් එක එක අසා කැඩුනේය. ඇමති පට්ටම් දෙනකොට වගේ දුකක හිතට ආවේය. ඇමතිලා හිතන් ඉන්නෙත් ලොක්කා තමන්ට විතරක් මාර ලව් කියලාය. ජනතාව හිතන් ඉන්නෙත් රජා තමන්ට විතරක් මාර ලව් කියලාය, විපක්සෙ එවුන් හිතන් ඉන්නෙත් රජා තමන්ට විතරක් මාර ලව් කියලාය, රනිල්,දයාසිරි සජිත්,හර්ෂ, විතරක් නොව විමල්,පාඨලී , ජී ඇල් පවා හිතන් ඉන්නේ ලොක්කා තමන්ට විතරක් ලව් කියලාය. උඹලාටත් කවදා හරි මට හිතිච්ච දේම හිතෙයිය.
ReplyDeleteමේකනම් පට්ට කම්න්ට් එකය.දැක්කම පිස්සු හැදුනේය.
Deleteප්ලසේ ප්ලස් + + +
Deleteමමත් හිතාගෙන සිටින්නේ එසේමය. විස් කොරලා ඇස් ඇම් ඇස් එවනා රජවරු සිටින්නේ කොහේදය..
Deleteසුභ අලුත් අවුරුද්දක් වේවා!!!
ReplyDeleteඑසේමවේවා!! එසේම වේවා!! :D
Deleteඑසේමවේවා!! එසේම වේවා!! :D
ReplyDeleteකාටෙයි... මටද ... ලොක්කටද...
Deleteමාතලන්ට අලුත් ලැපක් ලැබෙන සුබම සුබ නව වසරක් වේවා!!!
ReplyDeleteආ හරි හරි මම එකසැරේ දැක්කේ "මාතලන්ට අලුත් "සැපක්" ලැබෙන නව වසරක් වේවා" කිව්වා කියලා ..හැබැයි එකත් නරකම නෑ
Deleteසැප ලැබෙනව නං ලැප මොකක්ද බං.
Deleteසැප නම් ඉතින් පෙර පිනකින් නොඅඩුව ලැබෙනවා.. ලැපක් තමයි ඕන වෙලා තියෙන්නේ.. හැලපේ හොඳ හිතින් ප්‍රාර්තනා කොලාම.. වල් කොල්ලෝ ඇවිත් කක්කි කතා කියනවා.. බලාපන් හැලපේ දැන් හැදෙන කොල්ලන්ගෙ හැටි..
Delete///මොනා නැතත්, බතික් ෂර්ට් එකක් ගහලා, විජේ වගේ පඩි පෙල නැගලා, අත් දෙකම උස්සලා අපිට ටටා කියන කොට, සරම කඩාගෙන වැඩුනත්, අපිත් අත් දෙකම උස්සලා ඔබ තුමාට ටටා කියනා නිසාමය.// අපේ ආච්චි අම්මත් කිවේ ඔය ටික ..ඔය අනිත් වුන් වගේ නෙමේ බලපල්ලා සුදුපාටට ජාතික ඇදුම ඇදල උඩුරැවුල තියලා ..ඇස් දෙක චුටි කරලා කට පුරා හිනාවෙන ලස්සන ... ඊට පස්සේ කොච්චර දැගලුවත් ගෙදර කවුරුවත් එයාව චන්ද පොලට ගෙනිච්චේ නැහැ රජතුමාට කතිරේ ගහන්න :D
ReplyDeleteලොක්කගේ තියෙන පෝසනැලටිය එකෙක්ටවත් නෑ මේයා.. ඉඳගෙන.
Deleteඔහෙගේ බොග ලෝඩ් වෙන කොටම ඔක්කෝම කචල් යනවනේ.. පොඩ්ඩක් බලනවැයි...
අලේ මන්දා. සුදු වෑන් එකක් එයිද දන්නෑ ....
ReplyDeleteසුභ නව වසරක් වේවා ඉතින්
මම කොහොමත් සුදු වෑන් එකේ තමයි එහෙ මෙහෙ යන්නේ..
Deleteරත්තරනේ.............
ReplyDeleteරත්තරනේ අපි පොඩියක් අහක බලන තුරු ඉඳලා
දෑත හයි කරන්න ගිහින් අලි අයියට ටටා කියාලා
මොකද අනේ?
එහෙම උනේ?
ලඟ ඉඳගෙන අඟේ ඉදං
කණ කාලා මිත්‍ර ද්‍රෝහියා
කව්ද අනේ...
Deleteදොළොස් මහක් ගෙවීලබයි තවත්දොළොස් මහක්..
ReplyDeleteපැතුම් ගොඩක් පිරී තිබෙයි ලබා නැවුම් වෙසක්...
දිනෙන් දිනේ ඔබේ ලොවේ පෙනෙයි දිනුම් රැසක්..
දෙදහස් දහ හතරෙ එවමි ආසිරි මල් මිටක්..
දෙකක් දමන් ආතල් එකෙ හපන ගමන් විටක්
Deleteඑළකිරි වසරක් වේවා ලබලා හොඳ හෙටක්
ඔබටත් එසේම වේවා නලීන්..
ReplyDeleteමහින්ද සරණං ගච්ඡාමි.බැසිල් සරණං ගච්ඡාමි. ගෝඨාභය සරණං ගච්ඡාමි. අපිටනම් ඉතිං මේ තුන් සරණේ පිහිට තමා................
ReplyDeleteවෙන මොන සරණක්ද ලොක්කා...
Deleteවිදුලි සංදේශ නියාමක කොමසමේ පූර්ණ මැදිහත් වීමෙන් අපේම බදු මුදලින්, අපිටම අවුරුදු සුභ පැතුම් එවීමේ ආශ්චර්ය.
ReplyDeleteමට නම් ඔබ කියන SMS එක ආවේ නැහැ. මන්ද, මාගේ මොබයිල් එකේ SMS සංඛ්‍යාව සම්පූර්ණයි. මෙම සුභ පැතුම එන බැවින් පැරණි SMS එකක්වත් මැකුවේ නැහැ. සමාන්‍යෙයන් SMS එකක් පැය 48 වඩා ජාලයේ රඳවා ගන්නේ නැහැ නේද?
----------
ඊයේ (03) දින කුරුණෑගල නගර සභාවේ සේවය කරන විල්ගොඩ ප්‍රදේශයේ ලැයින් තුළ පදිංචි දෙමල ජනතාවට, ආරක්ෂක ලේකම් විසින් ඇමතීමක් කර ඇත. මේ අවස්ථාවට එහි පදිංචි දෙමළ ජනතාවගෙන් 60-70 පමණ සහභාගි වී ඇති අතර, ඔහුන් ඇමතීමට ආ අනෙකුත් මැති - ඇමති - ගෝලබාලයින් සංඛ්‍යයාව ද 70 ඉක්මවන්න ඇති බව දැන ගැනීමට ලැබිණි.
ආරංචිය පරිදි කාරණය ලැයින් ඉවත් කිරීමයි.
මට නම් ඇස් ඇම් ඇස් වැඩියෙ එන්නෙම නෑ.. එහෙව් එකේ ලොක්කම එවනවා කියන්නේ කොච්චර දෙයක්ද...?
Deleteඝෝඨා ආවානම් ගෙවල් ලැබෙන එක ෂුවර්. හැබයි අනෙක් උන් නම් පයිසෙකට විස්වාස කොරන්න බෑ..
ලේ කෝප කරගන්නේ නැතුව සුබ නව වසරකට ආසිරි කියලා කියන්නම් මාතලන් ඇතුළු පවුලේ සැමට ...!!!
ReplyDeleteඑහෙම නොවෙන එකනේ කරුමේ.. කීය හම්බ කොලත් මදී.. හැමදාම ණයයි..
Deleteමාතා.....සුබ නව වසරක්!!
ReplyDeleteඕන "ටොෆියක්" පනම් අටයි කියලා ඔහොම යන් බං. ඔය "ටොෆිය" කන කන පාරට බද්දක් ගැහුවා නම් ආර්ථිකේ ගොඩ ගත්ත හැකි. හැම "ටොෆියකටම" මීටර් එකක් හයි කරන්න කියලා මහරජාට මම යෝජනා කරනවා මේ අවුරුද්දේ. නැත්නම් මේ රට ගොඩ ගැනීම බොරු මේ සෙට් එකත් එක්ක.
මේ රට ගොඩ ගත්තෙ නැති උනාට අවුලක් නෑ.. අඩුගානේ එයාලා හරි ගොඩ යනවනේ..
Delete