ගාළු පාර - පළවන කොටස
නැන්දම්මා දෙපැත්තටම වැඳලා දනි පනියේ නැග්ගාට, හාමිනා නගින්නේ, ත්‍රිපිටකේම මුමුනලාද කොහේදය. සම් හරක් උන්ට මල පැනලා හෝන් එක උඩ නගින කොට, හාමිනා උන්ට ඔරවනවාය. ඒ උනාට, උන් ඔරවන්නේ හාමිනාට නොවෙයිය. උන් ඔරවන්නේ මටය. මම ඉතින් අහිංසක මිනිහා නිසා, පොඩ්ඩක් ඉස්සරහට ගන්නවාය. නැත්නම් අරුන් අපේ අම්මාට පින් දෙන්න පටන් ගන්නවාය. ඒ අපේ සේස්ට සිස්ටාචාරේ හැටිය.
අන් අයගේ අම්මලා සිහිකොට පින් අනුමෝදම් කිරිම, අපේ සඟිස්කුරුතේ ප්‍රධාන අංගයක්ය. නැත්තන් පොලොස් කොට්ටෝරුවෝ කෑ ගහනවාය. ඒත් ඉතින් එහෙම ඉස්සරහට ගත්තාම, වාහනෙට ගොඩ උන ගමන් නෝනා ධර්ම දේශනාවක් කරණවාය. මම ඉතින් සාවදානව අසා සිටිනවාය. පොඩි එකා හා නැන්දම්මා සිනාසෙනවාය.
මම රථාචාර්ය උනාට වැඩි පුර වාහනේ එලවන්නේ, පස්සෙ සීට් එකේ යන, හාමිනා සහ නැන්දම්මාය. "ඉස්සරහින් බස් එනවා බලාගෙන....", "පිස්සා වගේ එළවන්න එපා...", "හදිස්සියක් නෑ හෙමිහිට යං....", "ඔය හරියේ පොලොස් කොට්ටෝරුවෝ ඉන්නවා.......", "ආ..... ඉර කැපුවා නේද.....", "බලාගෙන.... බලාගෙන....." වගේ නහුතයක් ඒවා කියනවාය.
මලේ හොඳම එක පැන්නාම, මම කියන්නේ, "එහෙනම්... අම්මා මේක එලවන්න......" කියලාය. හාමිනාට එහෙම කියන්නේ නැත්තේ, එයා මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සහතික ලත් මාතලි කෙනෙක් නිසාය. එහෙම එයා එළවන්න ආවොත්, මට වෙන්නේ, නැන්දම්මා එක්ක හනීමූන් කපල් එක වගේ පස්සේ සීට් එකේ යන්නය. මොකෝ ඉස්සරහා අනික් සීට් එක, පොඩි එකා එකෙකුටවත් දෙන්නේ නැති නිසාය.
කළුතරන් පටන් ගත්තාම, දකුණු පයියාගල ඉට්ටේසෝන් එක ගාවට යනකන් පාර පටු නිසා, මමත් යන්නේ බොහොම පරිස්සමෙන්ය. ඒ ටික අතරේ යන කොට, "මර්වින් පෙරේරා ඉන්නේ මේන්න මේ පාරේ..." කියා, හාමිනා කියනවාය.... එතකොට පොඩි එකා කියන්නේ, "අයියෝ අම්මෙ... ඕක හැමදම ඔයා කියනවනේ...." කියාය. හාමිනා එහෙම කියන්නේ, මර්වින් පෙරේරා, එයාගේ ෆේවරිට් එකක් නිසාය.
ඒ මදිවාට මර්වින් පෙරේරාගේ තාත්තා, එයාලාගේ සංගීත මාස්ටර් නිසාය. මර්වින් පෙරේරා කෙසේ වෙතත්. එයාගේ තාත්තා නම් වයලින් ගහන හැටි ප්‍රායෝගිකවම කියලා දෙන කෙනෙක්ය. එහෙම කියා දෙන විට ගැටිස්සියන්ගේ පොලොස් ගැට වල එයාගේ අත වදින ප්‍රමාණය බොහෝම වැඩියි කියා කතාවක්, එයාගේ ගෝලයන් අතරේ තියෙනවාය.
දකුණු පයියාගල රේල්වේ ක්‍රොසින් එකෙන් පස්සේ, ආයේ විධානේ එනවාය. ඒ ඉතින් ඇමරිකාවෙන් ගෙනත් දුන්නත්. ඇට නැති දිවෙන් ඇට නැති මිදි කන්න ඕනා නිසාය. ඒ ඇරෙන්න අර දැල් බෑග් එකේ තියෙන තැඹිලි පාට නාරංද මක්කාද මලදාන ගන්නය. ඔය දෙකම මට දිරවන්නේ නැතිය. ඒත් ඉතින් දුන්නාම කනවාය. ඒ අස්සේ රා මදින පොල් ගස්යට බීච් එකට ගොහින් මම දුමක් දමනවාය.
තාත්තත් එක්ක වාහනේ යනකොට, තාත්තා රා බිව්වේ මෙතනය. ඒ කතාව පස්සේ එනවාය. එතනින් වාහනෙට නැගලා, වැඩි දුර යන්න හම්බ වෙන්නේ නැතිය. ඊට පස්සේ හම්බ වෙන්නේ, ළෝකේ දැනට ජීවත් වන අය අතුරින්, සතුටින්ම ඉන්නා මිනිසා සිටිනා තැනය. පොර ඉන්නේ මෝනිසාගේ හොටලේය. ඒ නිව් මෝනිසාගේ හොටලේ සික්කාය. ඇත්තටම පොර පට්ටම පොරක්ය. කොයි වෙලේත් ඉන්නේ ආතල් එකේය.
සම හරක් මෙහෙම ආතල් පෙන්නුවාට, ගෙදර ගියාම ඉන්නේ අබ්ලික් එකේය. ඒ උනාට පොර ගෙදර ගියාමත් ඉන්නේ ආතල් එකේ කියා, පොර අපිටද කියා ඇත්තේය. පොර මාර පරිප්පුවක් කන්නේ, අපේ නැන්දාමට අහු උනාමය. මග්ගොන ඉස්ටේසමෙන් වවිනියාවේ කෝච්චියට නැග්ගානම් ඊට වඩා හොඳයි කියා, පොරට හිතෙනවා ඇතිය. ඒ අපේ නැන්දම්මාගේ හැටිය. එයා කතාව පටන් ගන්නේ "ඔහේ කොහේද කියාය..?".
වයස් බේදයක්, ලිංග බේදයක්, උස් පහත් බේදයක් නැතිය. එයාට, දොඩංගොඩ මහත්තයත් ඔහේය. වජිර අබේවර්ධනත් ඔහේය. පොලෝසියේ ලොකු මහත්තයාත් ඔහේය, පොල් කඩන එකාත් ඔහේය. ඒ තියා පන්සලේ නායක හාමුදුරුවොත් ඔහේය. (බද්දේගම සමිත හාමුදුරුවන්ගේත් බොක්කක්ය.) ඒ හැම එකාම මෙයාටත් ආදරේය. ඒ වෙන මක්කාවත් නිසා නෙමේය. රහට හදලා කන්න බොන්න දෙන නිසාය. අවංක බව හින්දාය. බොක්ක හොඳ නිසාය.
උන්දෑ හදන ඕනම දෙයක් පට්ට රහය. ඔය කන්න බොන්න දෙන එක, දකුණු පලාතේ ඉන්නා බොහෝ දෙනෙක්ගේ සිරිතක්ය. කොහොමත් ගෙදර ඉන්න ප්‍රමාණෙට වැඩියෙන්, බත් මුට්ටිය ලිපේ තියනවාමය. මාළු පිනි උනත් එසේමය. ගමේ ඒවා කලාට අවුලක් නැතිය. ඒත් ඉතින් කොළඹ ඕවා කරන කොට ඔරොත්තු දෙන්නේ නැතිය. ඒත් ඉතින් අපි මොකුත් නොකියන්නේ, ඒක උන්දෑගේ සතුට නිසාය.
එයාගේ ගම දික්වැල්ලේය. ඔය වැවුරුකන්නල පන්සල කිට්ටුවය. නැන්දම්මාගේ නෑදෑයෝ ඔක්කෝම, මගේ බොකුය. එයැයිගේ ගාව අමුතුම කෑම බීම ජාති තිබුනේය. ඒවා ගැන, හැලපේ ලියා ඇති නිසා, මම මෙතන ලියන්නේ නැතිය. ඒත් බීම ජාති දෙකක් විතරක් කියන්නම්ය. සමහර විට, ඔහේලා මේවා ජීවීතේට බීලා නැතිව ඇතිය.
ඒ ඇඹරැල්ලා ඩ්‍රින්ක් එකයි, වෙරළු ඩ්‍රින්ක් එකයිය. ඒවා හදන එක, පට්ට අමාරුය. හේතුව ඔය ඉදුන ගෙඩි ආරගෙන, නෑඹිලියේ පරෙස්සමෙන් උලන්න ඕනාය. ඊට පස්සේ ක්‍රීම එකක් වගේ හදාගෙන, අයිස් වතුර, ලුනු හා සීනී එක්කර ගත්තාම දිවිය ලෝක රසය. ඔය ඕනම ඩ්‍රින්ක් එකක් කූල් සෝඩා වලින් හදා ගත්තාම පොස් ගතියකුත් තියෙන්නේය. ඒ නිසා ඉල්ලුවාම එහෙමත් හදලා දෙනවාය.
මස්සිනයි මමයි සෙට් වෙනකොට, බයිට් හදලා දුන්නේත් උන්දෑය. ඒ බයිට්, දිවිය ලෝක රසය.උන්දෑ කෑමක් අත ගෑවත් දිවියළෝක රසය. අත ගෑවා කියන කොට තව එකක් මතක් උනේය. ඒ අත් ගුණේ කොහොමද කියනවානම්, මෝල් ගහ ඉන්දුවත් දළු දානවාය. උන්දෑ සිටවු ගස් ඉක්මනින් වැඩෙන්නේය. මල් ඵල වලින් බර වන්නේය. මිනිස්සුන්ට වගේම ගස් වලටත් ආදරය කරන්නේය. දරුවන් මෙන් ඒවා බලාගන්නේය. ඉතින් ඒවාත් පට්ට ආතල් එකේ ඉන්න එක අහන්න දෙයක් නෙමේය.
බයිට් සප්ලයි එකට, උපහාර දැක්වීමක් ලෙස, කොකා කෝලා සමග අරක්කු සංග්‍රහයක් එනවා නම්, නැන්දම්මා බොහෝ මනාපය. කොකා කෝලා එක්ක කේ ඇෆ් සී කන්නත් බොහොම මනාපය. කොකා කෝලා බෝතලයක් ගෙනත් දුන්නා නම් ඕනෑම දෙයක් කර ගන්න පුළුවන්ය.
මේ කිව්වේ, බඩි බෝතල් නෙමේය. මෙගා බෝතලයක්ය. ඒකත් කවදාවත් තනියෙන් බොන්නේ නැතිය. සීයක් උන්නොත්, සීයටම දෙනවාය. පොඩි බෝතල ගෙනාවත්, "අයියෝ.....! මේකක්ද ගෙනාවේ....? " කියා, කින්ඩිය දානවාය. ඒ, බෙදා ගන්න බැරි නිසා මිස, වෙන හේතුවක් නිසා නෙමේය. ඒ වාගෙම, පොඩි මාළුත් අරහංය. ඒ නිසා, මගේ ප්‍රියතම කෑම වන, හුරුල්ලෝ ගෙනාවාම, ඉල්ලගෙන කන්න වෙනවාය. එහෙම ගේනවානම්, උන්දෑට දැල්ලෝ ගෙනත් දෙන්වාය. දැල්ලෝ නැත්නම්, හුරුල්ලෝ ගේන්නේත් නැතිය. ඒ, හුරුල්ලා මාළු කෑම කෙසේ වෙතත්, නැන්දම්මා මගේ මාළු කන නිසාය.
නැන්දම්මා වයසට ගියාට, නාකි උන් කරනවා වාගේ, පන්සල් පස්සේ යන්න ගියේ නැතිය. කොයි වෙලාවේත් උන්නේ, ආතල් එකේය. හොඳ වගේම, මල පැන්නාම තනිකර යකාය. එයැයි නැති තැන, මම එයාට කිව්වේ පිචර් ලතා කියලාය. පරන සෝ බලන්නයි, ජෝති ගේ සින්දු අහන්නයි තියෙනවානම, වෙන දෙයක් නැතිය. ටී වී බෙදා ගන්න බැරිව 3 වන ළෝක යුද්ධය අපේ ගෙදරින් පටන් ගන්න ඔන්න මෙන්න කිය තිබියදි, අළුතෙන් තවත් එකක් ගෙනාවේ, හාමිනා සාම සාඛඡ්චා ආරම්බ කල නිසාවෙන්ය.
අපේ නැන්දම්මා ෆුල් ඔප්ෂන්ය ඒ කියන්නේ දියවැඩියාව ඇර අට අනූවක් රෝග උන්දෑට තිබුනාය. මාසයක් විතර ජයවර්ධන පුර උන්නාය. ඔය ඉස්පිටිතාලෙත් ඔක්කෝම එක්ක බුදු ෆිට්ය. ඒ කලින් වතාවල නැවතුන වෙලාවට, කෑම ගෙනිහින් දීලාය. නර්ස් කෙනෙක් මට කිව්වේ, "ඇන්ටිට ඉන්නේ දූලා දෙන්න විතරද...? පුතාලා නෑ නේද....? කියා ඇසුවාම, එයාට කියලා තියෙන්නේ,
"ඔහෙලට පිස්සුද....? මට පුතාලා දෙන්නෙකුත් ඉන්නවා...., ඒ මගේ බෑනලා දෙන්නා...." කියාය. නිකන් බෑනලා නොව, උන්දෑට අපි "රත්තරන් බෑනලා" වෙලා තිබුනේය. උන්දෑ. දවස් හතරක් විතර උන්නේ සිහි නැතිවය. එහෙම උන්න උන්දෑ දිවිය ළෝකේ ගියේ 2012 පෙබරවාරි මාසේ පෝය දවසේය.
ඕනෑ මරණයක් සාමාන්‍ය මට, මළ ගෙදර එච්චර අවුලක් උනේ නැතිය. ඒත් බෑනලා දෙන්නාගෙන එකෙක් නිසා, චිතකයේ ස්වීච් එක එබුවායින් පස්සෙ, කරන්ට් එක වැදුනා වාගේ, මොකක්දෝ එකක් වෙලා ගියේය. මස්සිනා නම්, හරකා වගේ අඬාගෙන බිම ඉඳ ගත්තේය.
මම කාටත් නොපෙනන ලෙස පල්ලම් බැස්සේ, ඇවිත් උන්න මහ සෙනගට, මගේ ඇස් වල වතුර ගතිය පෙනෙයි කියා සැක සිතුන නිසාය. ඒත් එතනට ගමේ උන් ඇවිත්, "මොකෝ සුදු මහත්තයා...?" කියා ඇසුවාම, මට කතා කර ගන්න බැරි බව තේරුනේ ඒ වෙලාවේය. අර තෙතමනය ඇස් වලට තව දුරටත් දරාන ඉන්න බැරිවාදෝ, කරාමේ කැඩිච්චි ටැප් එක වගේ ගලාගෙනම ගියේය.
RIP (Return If Possible) |
ගාළු පාර ගිය දුරක්.. මටත් ඔය අපේ හාමිනේ කාරයා වාහනේ එළවන කොට තමා ඉවසන්න බැරි.. වෙරළු මල් ඩිරින්ක් අපි බොනව හරි ගුනයි...
ReplyDeleteමක්කා කිව්වා.. උඹ වෙරළු මල් ඩ්‍රින්ක් බොනවා.. මාව කරකවලා අත ඇරලා දැම්මා වගේ උනා..
Deleteදේශා.. කවුද උඹට ඕක පොවන්නේ?
Deleteදේශකයා වෙරළු මල් ඩ්‍රින්ක් බොන්නේ බටයක් වගේ එකක් අධාරයෙන්ද?
Deleteයකෝ මේක දැකලා හිනාව නවත්ත ගන්න බැරුව ,ඔෆිසියේ කට්ටියටම මාට්ටු .හිනාවෙලා කඳුලුත් ආවා ....
හෙහ් දේශා එව්වා දිය කරන්නේ අල්ලෙමද
Deleteඑ් කියන්නෙ කෝප්ප ගානක්ම එකතුවෙනවද?
Deleteමලා ජෝන්.... කේන්ජිගේ වෙරළු මල් වලට අහුඋනා.. යකෝව් වෙරළු වෙරළු... මල් නෙමෙයි.. හැක් හැක්.. ඉවාන් මටත් තේ එක ඉස්මොල්ලේ ගියා.. මේ සීන් එක දැකලා...
Deleteඑක වෙන්න හදිස්සි වුනාම ඔහොම තමයි.
Deleteඕයේ එහෙමත් එකක්ද මම එකද???
Deleteමට හිනා වෙලා කොමන්ට් කෙරුවට බොට හොද වැඩේ දේශ් මල්ලියා :).
Deleteමම හිතුවා දේශකයා පී ද කියලා.. ඒත් අවුලක් නෑ.. මිනිස්සුනේ..
Deleteඒක තමා දේශා ගාව වෙරළු මල් සුවඳක් එන්නෙ. ;-)
Deleteඔ්ක තමයි කියන්ෙන කට ෙබාරු කිව්වත් අත ෙබාරු කියන්ෙන නෑ කියල ෙද්ශකෙයා්!
Deleteඅයි අයියෝ මාව කාපල්ලා.. ආ.... හැක් හැක්..
Deleteඇඹරැල්ලා යුෂ පානයක් හදන හැටි ගැන ඊ-මේල්කාරී ලියලා තිබුණා කලකට පෙර!
Deleteඅඩේ ගාලු පාර ඔච්චර දිග උනාද??
ReplyDeleteනැන්දම්මනම් පංකාදු 05 යි....
ආයේ කියලා වැඩක් නෑ බන්.. මරණෙට එන්න බැරි උනුත් ඇහුවම අඬනවා...
Deleteදියවාඩියාව තියෙන අයට කොකාකෝලා දෙනවද මනුස්සයෝ?
ReplyDeleteඑක බඩී බෝතලේක සීනි හැදි පහක් ද කොහෙද තියෙනවා ලු!
\\\\\අපේ නැන්දම්මා ෆුල් ඔප්ෂන්ය ඒ කියන්නේ දියවැඩියාව ඇර අට අනූවක් රෝග උන්දෑට තිබුනාය.////
Deleteමටත් ඔහොම අවුල් වෙනවා ලොක්කා. උඩින් පල්ලෙන් කියෙව්වම. පෝස්ට් එක දිග වැඩි උනාද මන්දා..
Deleteඋඩින් පල්ලෙන් නොව මුලු කතාවම එදා මං කියවුවා මාතලන්, මටත් ලියන්න කතන්දර සිහියට නංවා ගනිමින්. ඉන් එකක් කිරිබත් ගැන ළඟදිම ලියන්නම්.
Deleteමෙහි මට නොතේරුණු වචනය තමයි "ඇර" කියන එක. අනෙකුත් දකුණේ වචනවල මට අවුලක් නෑ.
ඇර කියන චචනය මේ ආකාරයට හැර යන තේරුම දෙන්න භාවිතා වෙනවා මා දුටුවාමයි. මට තේරුණේ දියවැඩියාව ඇතුළුව අනෙකුත් රෝගද තිබුණ බවයි.
ඒ සමගම මේ කමෙන්ටුව දැම්මේ මාත් පසුගිය දවසක දොස්තර උපදෙස් මත බ්ලඩ් ටෙස්ට් එකකට ගොස් ප්‍රතිඵල එනතුරු නිකරුණේ බයවෙමින් සිටි නිසයි.
අමතක නං මෙන්න ඒ කතන්දරය.
http://kathandara.blogspot.com/2013/08/close-encounter-with-dracula.html
!!!
ආතල් දුක සතුට ඔක්කොම තියෙනව පට්ට පට්ට
ReplyDeleteජීවීතේ කියන්නේ ඒක නේද..?
Delete1. මාතල්න්ගේ නැන්දම්මට දෙව් මිනිස් සැප කෙලවර නිර්වානය අවබෝධ වේවා කියා පතමිය.
ReplyDelete2. මට මාතල්න්ගේ ඇඹෙනිය මුණ ගැහෙන්ට වුවමනාය.
මොකද කියනවානම් පොඩි කාරණයක් කියා දෙන්ටය. ඒ මක්කද කියනවනම් මාතලන් හාමිනේව කසාද බැඳ ඇත්තේ හාමිනේට ඇති ආදරේකට නෙවේය . නැන්දම්මා උයාදෙන කෑම කන්ට තිබ්බ බඩජාරි කමටය
හාමිනාගේ කෑම ඊට එහා.. අර අත් ගුණේ එහෙමම පිහිටලා තියෙනවා.. ඒ නැතත් ඉතින් මට තනියෙන් උනත් උයාගෙන කන්න පුළුවන්.. බල්ලො නොකෑවට මම කනවා.. ඒක නෙමෙයි මම කල්පනා කලා.. බලු කෑම කන්න.. ඒක ලාබයි මයෙ හිතේ..
Deleteමම නං මේ බෑනෙක් නැන්දම්මෙක්ගේ හොද කියනව ඇහුවමයි , මචං මේක උඹට ලියන්න තිබ්බේ ඒ උත්තමාවිය ජිවත් වෙලා ඉන්න කොට , එහෙනං කියවලා ගොඩක් සතුටු වෙයි
ReplyDeleteඅපොයි ඔය ඉඳලා හිටලා කොකු දාගත්තට, ඒක එයා දන්නවා. උඹ අහලා තියෙනවද, නැන්දම්මාගේ ගීත ඉල්ලීම් ප්‍රසංගිකව ඉදිරිපත් කරන බෑනලා ගැන..
Deleteනැන්දම්මා හොඳ වෙන්ට ඉතින් මාතලනුත් හොඳ ඇති.
ReplyDeleteකෙන්ජි මේක කියවයිනේ? :D
ඒ කියන්නෙ කෙන්ජිය වැරදි කියලනෙ.
Deleteමෙයත් අපේ නැන්දම්මාගෙ ජාතියේ ස්ත්‍රී පරානයක් :).
ඇත්ත.... අපි හොඳනම්, හැම එකාම හොඳයි..
Deleteනැන්දම්ම මේක කලින් දැක්ක නම් තව දුවෙක් බන්දල දෙනව මාතලන්ට :P
ReplyDeleteහිටියනම් දෙනවා, අනිවාර්යයෙන්ම.. කිව්වේ නැන්දම්මා නෙමෙයි.. දුවලා..
Deleteනියමයි බං මේ සටහන. දේශපාලන ලිපි අතරෙ ලියන මේවගේ ලිපි වලින් තමයි උඹල අපි (විතරක් නෙවේ නැන්දම්මලත්) අඳුනගන්න පුළුවන්.
ReplyDeleteඋඹේ නැන්දම්ම කාලයට වැඩිය ඉස්සරහින් හිටිය මනුස්සයෙක් වගේ. එච්චර වයස නැතත් අපේ අම්මල තාම සාම්ප්‍රදායික ගෑනු. මම නං සෑහෙන්න මනාපයි නැන්දම්ම වගේ ආතල් කාන්තාවන්ට.
ආතල් කියන්නේ, ඒකෙත් හොඳම එක.. පට්ට ජෝක්ස් දාන්නේ.. අපේ මස්සින වැඩි උනාම හදනවා එළෝලු සුප් එකක්.. එතකොට මට ඇවිත් කියනවා.. ඔහේ මොනවයි අරූට කළේ.. ආන් අරූ අර වෙල් හොද්ද අදත් හදන්න යන්නේ කියලා.. අම්මපා සහතික ඇත්ත.. ඒකේ මෙළෝ රහක් නෑ.. මම උගුරක් දෙකක් පේන්න බීලා එලියට ඇවිත් කන්දෙන් පල්ලෙහාට හලනවා හැමදාම..
Deleteමෙහෙම නැන්දම්මලා ලබන්නට වාසනාවන්ත වෙන්න ඕනෑය. අපේ නැන්දම්මත් එච්චර අවුලක් නැතිය. හැබැයි ඉතිං උන්දෑ ඉදිරියේ ගානට අනුමත උනොත් පමනි.
ReplyDeleteඔය පිටුපට ඉන්නා අය වාහන එලෝන ලෙඩේ මටත් තිබේ. හැබැයි ඒ වෙලාවට පොඩ්ඩක් වේගෙ වැඩි කරපුවාම වැඩේ කන්ට්‍රෝල් කරගත හැක.
අපේ නැන්දම්මාගෙන එහෙම අවුලක් නැත. ඒ කාලේ වැඩි වන උන් ගෙදර ගෙනාවාම සලකන්නේ උන්දෑය. මට වැඩි උන වෙලාවට සලකන්නේ, තාමත් ඔහේට පමණ හොයාගන්න බැරි උනාය කියා කින්ඩි දම දමාය.
Deleteවෙරළු ඩ්‍රින්ක් බීලා නම් නැත.
ReplyDeleteඉදුණු වෙරළු භාජනයක දමා හොඳින් පොඩි කර සීනි සහ ලුණු ස්වල්පයක් මිශ්‍ර කරගත් කල රසවත් බව නම් දනිමි.
අවශ්‍යම නම් කිරි පිටි හැන්දක් දමා ගත්තාට වරදක්ද නැත.
දිව හම යන තුරු වෙරළු ඇට සූප්පු කිරීමද එක්තරා ආතල් එකකි.
ඇට සූප්පු කිරීම, සූප්පු කරන්නාටද, ඇටයටද ආතල් ගෙන දෙන්නකි.
Deleteවෙරළු ඇට යකෝ වෙරළු ඇට.
Deleteමුන් එක්ක වචනයක් කියන්න බැහැනේ........... :D
අපේ නැන්දම්මත් මට පුදුම ආදරේය. ඇයට බෑණා මහත්තුරුම හතරකි. ඒ අතරින් මම එකය. එක කිව්වට නිකම්ම එක නෙමේය ලෝකෙන්ම එකය.
ReplyDeleteඅපේ හාමිනේ නම් වාහනේ වාඩිවුන ගමන් හොද සීඩී එකක් දමාගෙන පැත්තට වැටී නිදියන නිසා මට වැඩිය කරදර නැත. මම කිසි බියක් නැතිව වටේටම ඇහැදාගෙන කුරුල්ලා වගේ යන්නේය. පොලොස් කොට්ටෝරුවන්ට නම් මම බය නැතිය. ඒ අපි වාහන එලවන්නේ අයි ඩී එකෙන් නිසාය. ලයිසොන් එකට වඩා අයි ඩී එකට එතුමන්ලාගේ සැලකිලි වැඩිය.
දෝණි අම්මට හපන්ය. කෙල්ලට කාර් කට්ට පිකප් වෙන්න කලින්ම නින්ද යන නිසා ඒ අතින් ද කරදරයක් නැත.
නැන්දම්මලා අතින් නම් මම ලෝකෙන්ම වාසනාවන්තයා කිව්වට තව එකෙක් ඉන්න බව මට දැන් තේරුනේය.
මාතලන්ගෙ ඉට්ටැයිල් එකටම ලියල තියෙන්නෙ.
Deleteමම ඩිවෝස් උනා අවු 18ක් දීග කාල(නොකාල)
Deleteඒකට 50%ක්ම නැන්දම්ම වග කියන්න ඕනැ
හාමිනා අර සින්දු සී ඩී එක දාන්නේ වෙද මහත්තයාට අහන්න වෙන්න ඕනාය. අපේ පොඩි මෑනුත් බඩ පිරුණාම නිදා ගන්නවාය. ඒත් ඉතින් නවත්තන තැන් වැඩි නිසා පොරගේ නින්ද කැඩෙනවාය.
Delete@ ඩිවෝස් ඇනෝ
උඹ සාධාරන ඇනෝවෙක්ය 50% උඹත් වැරදි බව පිලි අරගෙන තියෙනවාය.
This comment has been removed by the author.
ReplyDelete"මම රථාචාර්ය උනාට වැඩි පුර වාහනේ එලවන්නේ, පස්සෙ සීට් එකේ යන, හාමිනා සහ නැන්දම්මාය. "ඉස්සරහින් බස් එනවා බලාගෙන....", "පිස්සා වගේ එළවන්න එපා...", "හදිස්සියක් නෑ හෙමිහිට යං....", "ඔය හරියේ පොලොස් කොට්ටෝරුවෝ ඉන්නවා.......", "ආ..... ඉර කැපුවා නේද.....", "බලාගෙන.... බලාගෙන....." වගේ නහුතයක් ඒවා කියනවාය."
ReplyDelete+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
මගෙත් කැමතිම වචන ටික.......දවසක් මම වාහනේ නවත්තලා පිටිපස්සේ ශීට් එකට ගියා ,පුළුවන් එකෙකුට ගෙනියන්න කියලා .....මල් එකක් නෙවෙයි මල් වත්තක්ම පනිනවා ඒ වෙලාවට .....
බාල්දිය තුවාය සබන් කෑල්ල අරගෙන යන එකාගෙන නාන්න යනවා වගේ කියා අහන ජාතිය නිසා එච්චර අවුලක් ගන්න ඕනා නැතිය. සමහර විට මල පන්නන්නම් කින්ඩියට කරනවාත් ඇතිය.
Deleteනැන්දම්මා ගැන මේ වගේ හිතට දැනෙන ලිපියක් ලියන්නට හැකිවන්නේ බෑණාගේත් හිත හොදකම නිසාම බවට විවාදයක් නැහැ....
ReplyDeleteසියලුම නැන්දම්මාලා බෑණලා, ලේලිලාට මෙහෙම ඉන්න පුළුවන් නම් කොයි තරම් අපූරුද?
එහෙම ඉන්න නම් ඉතින්, බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන එකෙක් වෙන්න ඕනාය. ඒත්ත්වයට එන්න නම් බොහෝ අමාරුය.. හැබයි හිතුවොත් කරන්න බැරි දේකුත් මේ ළෝකේ නැත්තේය..
Deleteදවසම ආතල් කරනු ලැබූ පොස්ටුවක්ය . උඹේ නැන්දම්මා ගැන ආදරේ හිතෙනවාය. ඒ අතරේ අපේ නැන්දම්මාද මතක් වෙනවාය. උන්දෑගේත් හොඳ ගති මහා ගොඩක් තිබුනා උනත් අපේ උන්දෑ අනුන්ට බොක්ක දුන්නා මිස තමන් සැප විඳින්ට ඕනා කියන එක හිතුවේ අඩුවෙන්ය. ඒ ගතියට මම කැමති නැතිය. ඔය හොඳයි කියන්න පුළුවන් නන්දම්මලාගේ පොදු ලක්ෂණයක් මම දන්නවාය. ඒ ඔවුන් ආගම් හෝ වෙනත් එක එක විශ්වාස පස්සේ ඒ තරම් දිව්වේ නැති කමය.
ReplyDeleteආගම නම් උන්දෑට ඇලජික්ය. බුදුන් වඳිනවා මම නම් ජීවීතේට දැකලා නැතිය. පන්සල් යන්නේත් හාමුදුරුවන්ට කන්න බොන්න දානේ දෙන්න විතරය.
Deleteඑහෙම නැන්දම්ලාත් ඉන්නවද? බෑන කෙනෙක් නැන්දම්ම හොඳයි කියනව ඇහුවමයි.
ReplyDeleteමට නම් නැන්දම්මෙක් නැතිය. ඒ නිසා හොඳ-නරක දන්නෙත් නැතිය.
තමන්ගේ අම්මාට වගේම නැන්දම්මාටත් සැලකීම හැම බෑනාකෙනෙක්ගේම, ලේලියකුගේම යුතුකම විය යුතුමය.
Deleteඅම්මට උඩු මාතලන් ඇස්දෙකට හීන් තෙතක් එන්නම සෙට්කලා නේද.උබෙ නැන්දම්ම ෆොටො එකෙන්ම පෙනව පට්ට්ට ආතල් එකෙ ඉන්න කෙනෙක් බව.උබැහෙ බද්දෙගම එනවද.මට පොඩ්ඩ දුරයි තියෙන්නෙ බද්දෙගමට
ReplyDeleteකොහෙද ඉන්නේ.. මේල් එකක් දාපන් උඩ ළිපිනයට, ආවම සෙට් වෙන්නම්.. අපි හල්පාතොටයි වවුගලයි අතරේ..
Deleteඔන්න මල් තියල වදින්න වටින නැන්දම්මල.
ReplyDeleteමට කොහෙද එහෙම පිනක්.
තව නැන්දම්මා කෙනෙක් සෙට් කර ගන්න උත්සාහයක් ගත්තොත් නරකද..? හැබයි ලෙඩේ වෙන්නේ.. නැන්දම්මා හොඳ වෙලා, හාමිනා වර්චස් උනොත් තමයි..
Deleteවඩාත්ම සිත් ගත්තේ මෙන්න මේ අදහසයි.
ReplyDelete// RIP (Return If Possible) //
මේ වගේ අය නිවන් දකින එක මානව ශිෂ්ඨාරයට වන විශාල පාඩුවක්..
Deleteඇත්තටම එහෙම නැන්දම්මා කෙනෙක් ලබපු මාතලන් අයියත්. ඔයා වගේ බෑනෙක් ලබපු ඒ නැන්දම්මත් දෙන්නම වාසනාවන්තයි.
ReplyDeleteඇයට නිවන් සැප ලැබේවා!
එහෙම උනොත් ආයේ හම්බ වෙන එකක් නෑ නේද..?
DeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
Deleteඅම්මේ මෙහෙමත් කමෙන්කටු....
DeleteThis comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
DeleteWF is going on?
Deleteමේක අලුත් කොමෙන්ට් එකක්ද?
Deletepardon me. it was a long comment. so removed it.
Deleteහැතක්මක් දිග උනත්, ආයෙම දපන් මචං.. මමත් ලියනවා හිටපු ගමන් හැලපයගේ පෝස්ට් වලට වඩා දිග කොමෙන්ටු.. ඇයි අපේ රවියා..
Deleteමේ කතාව කියෙව්වම තව දුරටත් නැන්දම්මලා නෑ කියලා තේරුනා.
Deleteමටත් ඉන්නවා නම වෙච්ච නැන්දම්මෙක්. (ඒත් මම එයාට අදටත් කතා කරන්නේ අම්මා කියලා.) එයා ගැන පොත් ගනන් ලියන්න පුළුවන්.
ඉස්සෙල්ලම මම එයාව අඳුණගත්තේ මට වයස 14 දි. පහලොවේදි තමයි එයාව මුලින්ම දැක්කේ. ඒ අම්මාගේ පුතා බෞද්ධ උඩරට පවුලක ගෑණු ළමයෙක් එක්ක යාළුයි කියලා කීවම එයාව මට පෙන්වන්න කියලා ඒ අම්මා කියලා තිබුනා. (එතකොට මම නම් එහෙම ප්‍රේම සම්බන්දයක් තිබුනේ නෑ. ) දැක්ක මුල්ම දවසේ මට කීවේ දුව අපේ පුතා කියනවානේ එයාට ඔයාවම ඕනේ කියලා. ඔයලා කවදහරි කැමති දෙයක් කරගන්න. මම ඔයාට කැමතියි කියලා. (අම්මා පල්ලියේ කණුවක්.) කොටින්ම අපි මුල්ම දවසේ එහේ ගෙදර ගියාම අම්මා මාව ළඟින් හෙල්ලුනේ නෑ. ඒත් එක්කම අපේ ගෙදරින් යුද්ධ ප්‍රකාශ කරන්න ගත්තම මම හිතන්නේ මම ඒ අම්මාගේ පුතා එක්ක ඇත්තෙන්ම ප්‍රේම සම්බන්දයක් පටන් ගන්නවා. ඒත් එක්කම අපේ අම්මා මිය යනවා. අම්මා ඒ මළගෙදරට ලංකාවට එනවා. (පුතා නෙමෙයි.) ඇවිත් මට කීවේ දුව මට ඔයා මගේම දුව විතරමයි. ඔයා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. කවුරු නැති වුනත් මමයි *** යි ඔයාට ඉන්නවා කියලා.
ඇත්තෙන්ම එදා ඉඳන් මට අම්මා කෙනෙක්ම විතරයි එයා. (සමහර වෙලාවට අපේ තීරණ වලදි එයා මැදිහත් වුන / නොවුන අවස්ථා තිබුනා.) ඒත් එයා තමයි මම කොහේ හිටියත් මට පිජාමා, යට ඇඳුම්, බෙඩ් සීට් වගේ දේවල් හැමදාම අරන් දුන්නේ. කොයි වෙලේ ආවත් ආපහු ගෙදර යනකොට කෑම පාර්සල්, සිංහල කෑම අරවා මේවා හදලා දුන්නේ. අතටත් කීයක් හරි දුන්නා.. මට ඉගෙන ගන්න පොත් පත් පවා ගොඩාක් වෙලාවට ගෙනත් දෙනවා. කොටින්ම එයාගේ පුතා මම වගේ කෙනෙක් එක්ක ජීවත් වෙනවට පුදුම සතුටකින් එයා හිටියේ ඉස්සර. මේ කාලේ වෙනකොට ලංකාවේ දෙමාපියන් ලිවින් ටුගෙදර් කියන සංකල්පේ ගැන තිබ්බ අදහස ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. අපි මුලින්ම වෙනම ගෙයක් අරන් ගියාම අම්මා කීවේ එක එක තැන් වල ඉන්න එපා අම්මලගේ ගෙදර ඇවිත් ඉන්න කියලා.
පස්සේ කාලෙක අම්මගේ පුතයි මායි ප්‍රශ්න ඇති කර ගන්නවා, එවෙලේ අම්මා අඬලා මට කියන්නේ අනේ ඔයාලා දෙන්නා එහෙම තීරණ ගන්න එපා. ඔයාලා මුළු ජීවිත කාලයෙන්ම ආදරෙන් ඉන්න ඕනේ අය කියලා. එයාගේ පුතා ගෙදර ආවේ නැතත් මාව එක්කන් යන්න අම්මා ඉස්සර එනවා. එතකොට මම යුනි යන කාලේ. දැන් වගේ සල්ලිත් තිබ්බේ නෑ ලොකු කමට වෙන කාගෙන්වත් ඉල්ලන්නෙත් නෑ. අම්මා මට සුමාන ගානකට ඇතිවෙන්න කෑම ලෑස්ති කරලා දෙනවා. මම ආස කරන හැම කෑමක්ම ඉස්සර ඉඳන්ම මම ගෙදර ආව ගමන් හදලා දෙනවා. එයා සිංහල කෑම හදන්න කෙනෙකුත් නෙමෙයි. ඒ වුනාට මොනා හරි හදලා දෙනවාමයි. සමහර වෙලාවට මම දුකින් ඉන්නවා කියලා එයා දන්න හින්දා ඇවිත් මට කියනවා ඔයාලගේ ප්‍රශ්න ඉක්මනට ඉවර වෙයි මට තියෙන ලොකුම ප්‍රශ්නේ ඔයාලා දෙන්නා කියලා. එයාගේ පුතාට ජීවිතෙ අවුල කරගන්න ඉඩ දෙන්න එපා කියලා හැමදාම මට කීවා. ඒ හැම දෙයක්ම අම්මා හින්දම මට තීරණ ගන්නත් බැරි තරම් අසරණ කලා වෙන්නත් ඕනේ.
පස්සේ කාලේක අපි විවාහ වුනාම අම්මා අපි දෙන්නගේ නමට වෙනම ඉඩමකුත් අරන් දැම්මා අපේ ළමයාට කියලා. එයා කවදාවත් එයාගේ පුතාට මොකුත් කීවේ නෑ අදටත් එහෙමයි. ඒත් එයාගේ මට ඉල්ලීම් කරනවා. පුතා කරන හැමදේම බලන් ඉඳලා අනේ ඔයාලා දෙන්න මොකක්ද මේ කරන්නේ කියලා මගෙන් තමයි අදටත් අහන්නේ. ඉඳලා හිටලා ඔයාවත් කියලා බලන්නකෝ කියලා එයාගේ පුතාගේ ජීවිතේ හැමදේදිම මගේ උදව් ඉල්ලනවා. හරියට පුතා නෙමෙයි මමයි එයාගේ ළමයා වගේ.
Deleteදැන් එයා ඉන්නේ ලංකාවේ. ඒක හින්දා අර ඉස්සර වගේ මට තෑගි බෝග ආදරණීය කෑම හම්බ වෙන්නෙත් නෑ. ඒත් ඉඳලා හිටලා කවුරු හරි එනවා නම් කෝල් කරලා මොනවද ඕනේ කියලා අහලා හැමදාම පාර්සලයක් එවනවා. එයා දන්නවා මම කොහේවත් ගිහින් ලංකාවේ කෑම කන්නේ නෑ එයා නැතිව කියලා. මම ලංකාවට අවාම ගෙදර එනකම් බලන් ඉන්නේ එයාලා පුතාලා එනවටත් වඩා ආදරෙන්. මට කොළඹ ගේන්න තැඹිල කප්පවලා, පොල් කඩවලා, වත්තේ කෙහෙල් කන් ඉදවලා, කරවල වර්ග ගෙනත් තියලා, වත්තේ තියෙන ඔක්කොම එළවළු ලෑස්ති කරලා කීයටද එන්නේ කිය කිය සිය පාරක් කෝල් කරනවා. එයා කවදාවත් කාටවත්ම අදටත් කියන්නේ නෑ මම එයාගේ හිටපු ලේලි කෙනෙක් කියලා. කොටින්ම එයාගේ පුතා හිතන්නෙත් ඒ අම්ගේ අම්මා කියලා. මොන උවමනාවකට උනත් අම්මා බුරුට කියලා බලන්න කියලා එයා කියන්නෙත්. අම්මා එහේ හිටියට අදටත් එයාගේ විශ්‍රාම වැටුප යවන්නේ එයාගේ බෙහෙත් හෙම හොයලා බලලා කරන්නේ මම. එයාහේ ළමයි හතර දෙනෙක් ඉන්නවා. ඒ කාටවත් එයා ඒවා කියන්නෙත් නෑ. පොඩි දෙයක් වෙච්ච ගමන් මට මෙහෙට කෝල් කරනවා. එයාගේ ළමයින්ට උදව් කරන්න එයාලා අසරණයි කියන්නෙත් මට. ඒ අසරණකම නෙමෙයි අම්මා මගෙන් ඒ හැම දෙයක්ම බලාපොරොත්තු වෙනවා. මම සමහරවෙලාවට බනිනවා අම්මට වද දෙන්න එපා කියලා. ඒත් එයා එහෙමයි. ඒ තමයි එයාගේ හැටි. එයාට එයාගේ දරුවෝ ඉස්සරහා මාව පේන්නේ ලොකු කෙනෙක් කියලා වෙන්න ඇති. කොයි වෙලෙත් අනේ එයාලා පව් තමයි කටෙ තියෙන්නේම. මේ කෝටි ගනන් තියෙන එවුන් ගැන. ඉඳලා හිටලා මම ටිකක් බනිනවා හුරතල් කරන්න ලෑස්ති වෙන්න එපා කියලා. ඒත් ඉතින් එයා වෙනස් වෙන්නෙත් නෑ. ඒත් මම දන්නවා එයා එහෙම කියන්නේ ඇත්තෙන්ම කියලා. ඒත් එක්කම එයා දන්නවා මම කවදාවත් ලංකාවේ ඇවිත් එයාගේ ඉඩම් වල ජීවත් වෙන්නේ නෑ කියලා. මම විහිළු කරනවා මට හොලිඩේ හවුස් එකක් හදලා තියන්න එතකොට මම එන්නම් කියලා. කොහොමත් එයාගේ වැඩ සුද්දා වගේ ඒ ගමේම මිනිස්සු මම හිතන්නේ ජීවත් වෙන්නේ එයාගේ සල්ලි වලින්. ඇඳුම් හෙම ගෙනියනකොට පෙට්ටි ගණන් ගිහින් දෙන්නේ. අපි කොච්චර බැන්නත් ඒවා නතර කරන්නේ නෑ. එක අතකින් අම්මට සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නෙත් එයා ඒ කරන දේවල් හින්දා වෙන්න ඇතිනේ.
මම ඉස්සර බයික් එකේ වැඩට යන කාලේ එයා මම කීයට ගෙදර එනකම් හරි ඇහැරගෙන ඉන්නවා. මම ඇක්සිඩන්ට් වෙලා එක තැන හිටියා අවුරුද්දක් විතර. අම්මලාගේ ගෙදර ඒ කාලේ මම හිටියේ. එයා එකට දෙකටද කියලා නෑ ඒ කාලේ පුරාවටම මගේ වැඩ. අපේ ඔය පොඩි එවුන් සෙට් එකේ එක ළමෙක් ඇඬුවම අම්මා මිසක් වෙන කවුරුත් නැගිටින්නේ නෑ. එරික් විතරයි මට නීති දාගෙන මාව හෙව්වේ. අනිත් ඔක්කොම අම්මාගේ පුතාලා මිසක් උන්ගේ දෙමාපියෝ එක්ක හිටියේම නෑ.
එයාගේ දේපොල හැමෝටම බෙදලා දීලා මට කියනවා මම අසවල් ඉඩම ලියන්නේ ඔයාලා දෙන්නට. ඔයාලා තීරණයක් ගන්නකම් මම බලන් ඉන්නෙ කියලා. එතකොට දැනෙන හැඟීම මොකක්ද කියලා මට තේරෙන්නේ නෑ. අම්මා මට ජීවිතයට බලපාන ලොකු දෙයක්. ඒක හොඳක්ද නරකක්ද කියලාවත් මට තවදුරටත් තේරෙන්නේ නෑ. ඒත් එයා නැති වුන දවසට මට කොයි තරම් නම් අවුල් වෙයිද කියලා මට හිතාගන්න බෑ.
සමා වෙන්න දිග උනා කොමන්ටුව.
ඒත් නැන්දම්මලා කියන්නේ ලේසියෙන් අතාරින්න පුළුවන් මාතෘකාවක් නෙමෙයි.. විශේසයෙන් අදටත් වොලට් එක හිස් වුනාම කීයක් හරි ඒකට ඔබන එකම කෙනා එයා විතරයි.
උඹව දකින්න ආසාවෙන් උන්නත් මට උඹව දකින්න බැරි උනා. ඒත් මට තේරෙනවා උබ බොක්කක් කියලා. උඹත් මගේ නැන්දම්මා වගේම කෙනෙක් කියලා මට හිතෙනවා. දැන් බලපන් නැන්දම්මා හොඳ නෑ කියන්නේ පට්ට බොරුවක් නේ. අපේ හාමිනා අපේ අම්මගේ බොක්ක. මට බැන්නත්, එයාට කවදාවත් වච්නයක් කියන්නේ නෑ.
Deleteමේකෙන් කියන් එකම දේ. අපි හොඳනම්. අනිත් උනුත් හොඳයි. ගෙදරත් හොඳයි, ගමත් හොඳයි, රටත් හොඳයි. ඒත් අපි කුකයෙක් නම්.. අනික් හැම එකාමත් එහෙමයි..
බුරු අරක මකපු එක හරි වැරදියි.. යූ ආර් ටු මච් සෙන්සිටිව් අයි තින්ක්..
Deleteමගේ තාත්තාටත් එයගෙ නැන්දම්මා හරිම ආදරෙයි. ඒ මොකද එයාගෙ ළමයි කවුරුවත් එයාට මගේ තාත්තා තරම් සලකන්නේ නැති නිසා. ඒත් එයා මාතලන්ගේ නැන්දම්මා වගේ හොඳ එක්කෙනෙක් නෙමෙයි. ආච්චි කෙනෙක් විදියට අපිට නම් හොඳම නෑ.
ReplyDeleteමගේ අම්මට නැන්දම්මා කියන්න ඉන්නෙ එකම එක්කෙනයි.මගෙ අම්ම එයාට කොච්චර හොඳ සැලකුවත් එයා මාතලන් වගේ එයාගෙ නැන්දම්මාට ආදරේ නැහැ.
නැන්දම්මා විතරක් නෙමෙයි බෑණත් හොඳ වෙන්න ඕන මෙ වගේ ගුණ වර්ණනා කරන්න. මට ඒ ගැන හිතනකොට නම් මගේ දෙමව්පියෝ ගැන හරියට දුක හිතෙනවා.පස්සේ ටිකක් වයසට යනකොට වත් ඒ අසරණ මිනිස්සු ගැන අනුකම්පාවක් වත් ඇති වෙයිද මන්දා ;(
එහෙම කියලා හිත නරක් කර ගන්න නරකයි. තමන් හොඳ උනාම ඔක්කෝම හරියයි. ඔය තරහ සිත් තියාගන්න එපා.. ඉක්මනට වයසට යනවා
Deleteඔයාගේ ලිපිය කියෝගෙන එද්දී මටත් සමහර දේවල් මතක් වුණා. අපේ තාත්තාත් ඔයාගේ බිරිද වගේ හැමදාම "විල්බට් ඇන්ටනී ගේ ලගින් යද්දී පෙන්නනවා.." අත්තම්මා ගොඩක් හොද චරිතයක් , ඒ වගේම ඔයත් හොද බෑනෙක් බව පෙන්නලා තියෙනවා එයාට ..
ReplyDeleteඅපි ඉතින් කොහොමත් මල් වගේ සත්තරන් දරුවෝ.. බොදු ගොවී සුරා සූදුවෙන් තොර..
Deleteබෑනලාට හොඳ නැන්දම්මලා හම්බ උනාට ඇයි මේ ලේලිලාට හොඳ නැන්දම්මලා හම්බ නොවෙන්නේ ? (පොස්ටුවට අදාල නෑ වගේනම් සොරි ඈ ... )
ReplyDeleteඑහෙම එකක් අපේ අම්මට නම් නෑ.. මොකෝ එයත් ටිකක් දුරට අර වගේ. අනික එයා බොහොම සයිලන්ස් කෙනෙක්..
Deleteඅපෙ අම්ම රෙස්ට් කරන්න එන්නෙ අපෙ ගෙදර.මගෙ ගැනිත් එක්ක පට්ට ෆිට්.මයෙ ගැනිත් ඉතින් රටෙ නැති දෙවල් හදනව ආවම
Deleteමාතලන් මලේ උඹේ කටේ පවුන් දාන්න වටිනවා උඹ කියන දේ වලට. අපේ හාමිනෙත් ඔය වගේමයි. අනේ ඉතිං නැන්දම්මා නම් හරිම අහිංසකය. ඇගේ ගති එක දුවෙකුටවත් ගොස් නැති හැඩය. මට හැමදාම නව කථා පොතක් එවීමට ඇය අමතක නොකලාය. මේ අවස්ථාවේ ඇයට මම නිදුක් නිරෝගි සුව පැතීමටද අමතක නොකරමි. උඹට ජය! නැවත එන්නම්....
ReplyDeleteඋඹටත් ජයෙන් ජයම වේවා කියා පතමි..
Deleteමාතා......ඒ අම්මාගේ ෆොටෝ එක දැක්කාම උඹේ විස්තරය සනාථ කෙරුවැහැකි. මේ වගේ අය ලැබෙන්න පින් කරන්න ඕනි. මගේ නැන්දම්මාත් ඔය වගේම චරිතයක් මචං..අපිට ඇය අහිමිවුනා...ඒයා ගැනත් ලියන්න දේවල් බොහොමයයි. උඹ ලියලා තියෙන ඡේදයක් මෙතනට ගේන්න ඕනමයි......මේකේ එක අකුරක් වත් අඩු නැතිව මගේ ආදරනීය සෝමා ඇන්ටීටත් අදාලයි. ජීවිතයේ සැහැල්ලුව යනු සතුටේ උපතයි යයි කියා දුන්නේ ඇයයි. මා ඇගෙන් ජීවිතය ගැන ඉගෙනගත් දෑ බොහෝය. එවන් මවුවරුන්ට උපහාරයක්ම වේවා!!
ReplyDelete/////සැවෝම එක හා සමානව සැලකීම, කෙලින් කතා කිරීම, නැව ගිලුනත් ආතල් එකේ සිටීම, සංග්‍රහශීලීත්වය, කළාකාමී බව, සෘජු බව, ආගම් බදා නොගැනීම හා, තවත් නොයෙකුත් දේ අතරේ, මා නැන්දම්මාට ආදරය කිරීමට ප්‍රධානම හේතුව නම්, ඇය එකෙකුටවත් බය නොමැති වීමය. අවංකව කතා කරන්නේ නම් අපේ අම්මා තුල මේ දේවල් බොහෝමයක් නැතිය.//////
හපොයි ඇත්ත, මමත් එයාගෙන් ඉගෙන ගත්ත දේ බොහෝමයි.. උඹ කියන්නේ පොලීසියේ කස්ටියත් එක්ක ආපු එක පොලිස් නෝනා කෙනෙක් හොඳටෝම ඇඬුවා. බැලින්නම් එක දවසයි හම්බ වෙලා තියෙන්නේ.. මොකක්ද එකකට පාරේ යන ගමන්, ආපු ගියපු තැන් අහලා, ගෙදර එක්කගෙන ඇවිත් කන්න බොන්න දීලා.. අඳුනන එකෙක්ගේ ටුක් ටුක් එකේ පොලෝසියට ගොහින් බස්සලා.. ඒයා ඒ පැත්තට අළුත් කෙනෙක්, කොළඹින් ගියපු..
Deleteමේක කියෙව්වට පස්සෙ මට හිතුනා අපි නැන්දම්මා ගැන එච්චර තැකීමක් කරන්නේ නෑ කියල..
ReplyDeleteසමාජය මීට වඩා වෙනස් වෙන්න ඕන..
නරකද නැන්දම්මලා ගැන සිංදුවක් එගෙම ලිව්වොත්....
නැන්දම්මා කියන්නේ නෝනගේ අම්මා නේ.. නෝනා කියන්නේ තමන්ගේ දරුවන්ගේ අම්මා.. ඉතින් මේ ඔක්කෝටම තමන්ගේ අම්මට වගේම ආදරය කරන්න ඕන.. නෝනට නම් ඉතින් අර ගෝල්පෙස් එකේ බංකු උඩ කරනවා වගේ ආදරේ කොලත් අවුලක් නෑ. හැබයි ඉතින් අනික් අයට නොපෙනෙන්න කුඩයකින් වහගෙන හොඳේ..
Deleteනැන්දම්මා සමහර වෙලාවට අම්මා වගේම ගතිගුණ තියෙන කෙනෙක් වෙන්න පූර්ව වාසනාගුනය තියෙන්න ඕනෑ. ඉතින් මෙහෙම නැන්දම්මලා හමුවෙන්නෙ කලාතුරකින්.
ReplyDeleteඒකනම් ඇත්ත. මොකෝ වැඩු පුර අහන්න වෙන්නේ හොඳ කතා නෙමෙයිනේ..
Deleteගාළුපාරේ කතාව ගිය දුරක්...දික්වැල්ලෙන්නෙ නතර උනේ! උඹට ලබන ආත්මෙත් ඒ නැන්දම්මම ලැබේවා...දුව කවුරු උනත් :-)
ReplyDeleteමේ දුවම හම්බ වෙනවනම් තමයි හොඳ. නැත්නම් ඉතින් අපි කරන ඒවට ගෙවල් වලින් ගහලා එලවලා..
Deleteමාතලන් අයියගේ නැන්දම්මා ඔන්න නිවන් නම් යන්න එපා වැරදිලාවත්....නිව්න් පලයල්ලා කියලා කියන්නේ ආයිමත් අපි අතරේ ඉපදෙන්න ඕන නැති එවුන්ව එළවන තැනක්...ඒ හන්ද මාතලන් අයිගේ නැන්දම්මා මාතලන් අයියාලා අතරෙම ආයිමත් ඉපදෙන්නයි කියලා ප්‍රාර්ථනා කරනවා.මටනම් තාම නැන්දම්මලා ගැන අත්දැකීමක් නෑ.ඒත් මේ වගේ හොද නැන්දම්මෙක් මටත් ලැබේවා..........!!!
ReplyDeleteඒක හරි.. එතකොට ආයේ හම්බ වෙන්න විදියක් නෑ නේ..
Deleteතාම රිටර්න් කරේ නැද්ද? ගද්දි පරිස්සමෙන් බලල ගනිං. වෙන කෙනෙක් එවල තිබ්බොත් එහෙම. හුඟක් නැන්දම්මල ඔහොම නෑ....
ReplyDeleteඅනිවා.. පොඩ්ඩක් මල පැන්නුවාම හරි.. පාස්වර්ඩ් එක එලියට එනවනේ..
Deleteඅමරසිරි පීරිස් ගයන මගේ පුංචි රෝස මලේ සින්දුවට පාදක වෙච්ච චරිතය ඔය කලින් කිව්ව පෙරේරා උන්නැහේ කියලයි මම අහලා තියෙන්නෙ...ඒකත් වයලින් පාඩමක සීන් එකක්ලු...
ReplyDeleteබොහෝ දුරට වෙන්න පුළුවන්.. කොහොමත් කළා කාරයෝ ගොඩක් නෝන්ඩි වෙන්නේ හුකළා තමයි..
Deleteමූඩ් එකට ආපුවම ලියන්නං
ReplyDeleteමොකෑ මචෝ සීන් එක.. අවුලක්ද....?
Deleteපොඩ්ඩක් හිත බරයි මචං,මොකුත් ලියන්න හිතෙන්නෙ නෑ.මටත් ඔය වගේ අපූරු නැන්දම්මෙක් හිටියට ඒ නැන්දම්ම දකුණේ නං නෙවෙයි.
Deleteපෝස්ටුව කියවන්න හරිම ප්‍රියජනකයි,ද්වේෂ සහගත දේශපාලනය ලියන මාතලන්මද මේ ලියන්නෙ කියල මට මොහොතකට හිතුණා.
මගේ ජීවිතෙත් ඉතින් සෑහෙන්න කොටසක් ගාලුපාර එක්ක බද්ධයි.. ඉස්කෝලෙ යන එකේ ඉඳන් සෑහෙන්න දේවල් ගාලුපාරේ තමයි. අපේ සීයලගෙ දිහා යනවා නිවාඩුවට මාතරට. ඒ ගමනත් ඔය වගේම තමයි. ඒ මතකයන් වලට මං හෙන ආසයි. ඒ නිසා හයිවේ පැත්තක දාලා හදිස්සියක් නැත්නම් ෆ්‍රී වේ එකේම දාලා එනවා!
ReplyDeleteඋඹ ඉතින් දර්ගා ටවුන් එකෙනේ..
Deleteදැන්ම ඉදන්ම හොඳ ඇන්ටි කෙනෙක් අල්ලාගෙන දුවක් ඉන්නවද කියලා බලලා ඔඩර් එකක් දාන්න ඕනේ
ReplyDeleteඇත්තටම ඉස්සෙල්ලා ඇන්ටිවයි සෙට් කර ගන්න ඕන. එතකොට දුව ඇඹරෙනවා..
Deleteමලේ හොඳම එක පැන්නාම, මම කියන්නේ, "එහෙනම්... අම්මා මේක එලවන්න......" කියලාය. +++++++
ReplyDeleteඒ වෙලාවේ සිට ආඩපාලී කීම නවතිනවාය.. ඒත් අළුත් ගමනක් ආරම්බ කල විගස යලිත් පටන් ගන්නවාය.
Deleteඅම්මා වගේ නැන්දම්මෙක්..
ReplyDeleteසෑම නැන්දම්මා කෙනෙක්ම අම්මා කෙනෙක්..
Deleteඇඹරැල්ලා ඩ්‍රින්ක් බීලා තියෙනවා එත් වෙරලු ඩ්‍රින්ක් බීලා නෑ..
ReplyDeleteකියවගෙන යනකොට අපේ අම්මයි අත්තම්මයි තමයි මතක් වුනේ... අපේ අත්තම්මා ගාවත් ඔය කියපු ගති ලක්ෂණ තියෙනවා ...
වෙරළු හදන්නෙත් අර විදියටමයි..
Deleteගාලු පාර ගිය දුරක්,,, ඔයාගෙ ඒ අම්මව දෑක්ක ගමන් හිතෙනව , හරිම ශොක් අම්මෙක් කියලා.. මම මුලදි හිතුවෙ මොකදමේ උන්දෑව මුරුන්ගා අත්තෙ තියන්න හදන්නෙ කියලා, ඒත් ඒ අම්මා නෑතිවෙල කියල තිබුනම පපුව පිච්චිල ගියා. හිතට දෑනෙන්න ලියල තියෙනව . ගාලු පාර නම් මටත් ගොඩක් සමිපයි. උදේ හවස යන එන පරනේ අපේ ගෙවල් ලගිනුත් ගිහින් තියෙන්නෙ .
ReplyDeleteදැන්නම් ගෙදර අයත් එක්ක යද්දි එහෙන් යන්නෙම නැති තරම්. කොට්ටාවෙන් හයිවේ දාලා විඳිනවා බෝතලේට සෙට් වෙන්න.
Deleteමාතලන් ඒ වගේ නැන්දම්මෙක් ලබන්න වාසනාවන්තයි. නැන්දම්මලාගේ කෑමට හිත ගියාම බෑනල ඒ ගෙදරින් දුවව අරගෙනම තමයි පස්ස බලන්නේ.. අත්දැකීමෙන් කියන්නෙ. අපේ මහත්තයත් අපේ අම්මගෙ කිරි බත් කාල තමයි වැඩේ පටන් ගත්තෙ.. හිහ් හිහ්.. :)
ReplyDeleteගම්වලදි නම් ඒ කතාව සහතික ඇත්ත.. මට නම් එයා හම්බ උනේ පස්සේ..
Deleteඑහෙම උදවිය හම්බ වෙන්නෙ බොහොම කළාතුරකින්, මාතලන්ගේ නැන්දම්මාට නිවන් සුව !
ReplyDelete