.

.

Mar 30, 2013

කිරි කැට් බයිලා.... මල්ලි අහුල ගනිල්ලා.... - Cricket Baila



සිරි, ලන්කන් බයිලා, මල්ලි ඇහිඳ ගනිල්ලා....
උඹ ඇහිඳ ගන්නේ බලාගෙනයි, දෙකට නැමී...ලා...
මල්ලි, ඇහිඳ ගන්නේ බලාගෙනයි, දෙකට නැමී...ලා...
දන්නෙම නෑ, කව්ද උඹට තියේවී ඇරලා...
දන්නෙම නෑ, කව්ද උඹට තියේවී ඇරලා...
මේවා, ලන්කන් බයිලා, මල්ලි ඇහිඳ ගනිල්ලා...

Mar 27, 2013

ලාංකීය දෙමළා මුරලි පමණද...? - Where are the Tamils of Mother Lanka?


රටේ ජනතාවගෙන් 15% වන ජනතාවක්, රටෙන් 1/3 ඉල්ලන එක, මටනම් එදා ඉඳලා තේරෙන්නේ නැතිය. ලංකාව මෙන් 52 ගුණ්යක් විශාල රටක තියෙන සිස්ටම්, මුම්බායි නගරයේ ජනතාවට සමාන ජනතාවක් සිටින රටක, ඇප්ලයි කරන්න යන්නේ කුමන තියරියටදැයි යන්නත්, මට නම් තේරෙන්නේ නැතිය. එහෙම තුනෙන් එකක් ඉල්ලපු කස්ටිය ඇමරිකාවේ, ඉන්දියාවේ උදව්වෙන් දිවිය ළෝකේ යැව්වත්. උදව් කරන එකාට කොන්ඩොම් තියරියෙන් සලකන්න ගිහිල්ලා, අද ශුක්‍රාණු කෑ රිලවාගේ තත්වයට පත්වෙලා තියෙන බව නම් නොකියාම බැරිය.

Mar 25, 2013

ඉන්දියාවේ බබා. හදන්නලු ඔබා.. - America Warns Sri Lanka


(රනිල්ගේ ගරිල්ලා මාකටින් යටතේ ලියා තිබු මේ ළිපියේ මාතෘකාව කාලානූරූපිව වෙනස් කරණ ලදි.)

රනිල්ගේ ගරිල්ලා මාකටින් ළිපි පෙල හිතුවාට වඩා කතාබහට ලක්වි තිබෙනවා දැක්කාම සතුටක් දැනෙන්නේ නැතයි කීවොත් අමු කෙප්පයක්ය. උදිතත් ඊට සමගාමීව, තිරිකුනාමලේට හයි වේ එකක් හදන්න යනවාය. මොන කෙං ගෙඩියකටදැයි කියා තවම නම් කීවේ නැත. ගරිල්ලා මාකටින් වල කතා කොරන්න හිතාගෙන උන්නේ. අපේ දේශපාළන සංස්කුරුතිය 78 ව්‍යවස්තාවෙන් උඩු යටිකුරු කල නිසා, අද ඇතිවී තිබෙන කාළකන්නි තත්වයයි. එහෙත්, කලින් ඒවාවල කතා බහට ලක්වු මැතිවරණ කොරොමේ ගැන මුලින්ම ලියලා දමනවාය.

Mar 22, 2013

ජිනීවා පව් අනුන්ට බැර කිරීම.. - Geneva & the future of SL


කොට්ටාව ධර්මපාලයේ, පළවන ශ්‍රේණියට තේරි පතුවූ සිසුවකුගේ, පියකු තම දරුවා වෙනත් පාසලකට නොව, කොට්ටව ධර්මපාලයටම ගත යුතුයයිද, එසේ නොකරන්නේ නම්, ගෙල වැලලාගෙන මිය යන්නේයයිද කියා, කොට්ටාව හංදියේ, සියඹලා ගහකට ගොඩවිය. අධ්‍යාපනයට අමාත්‍යවරු 500 ක් පමණ ඉන්නා රටේ, අවසානයේදි සිඳුවූයේ, ජනාධිපති තුමාගේ පොරොන්දුවක් මත, පන්සලේ නායක හාමුදුරුවන්ගේ වච්නය විශ්වාස කොට, එල්ලි මැරෙන්නට ගත් තීරණය නවතා දැමීමටය.

Mar 21, 2013

පොල් මලට බැඳි පෙම - Toddy Lovers


අද සංස්ථාවේ අනුග්‍රහයෙන් ගල් අරක්කු සහ රට බීම ජාති බීවද, රා ටිකක්, තෙලිජ්ජ ටිකක් බොන්න තියෙනවානම්, අර දහ ජරාව නැති උනත් අවුලක් නැත්තේය. පොඩි කාළේ ඉස්ස ඉස්සෙල්ලම තෙලිජ්ජ ටිකක් බිව්වේ ගාල්ලේදීය. ඒ සීයාගේ කිතුලෙන්ය. සීයා රහමෙර කටේ වත් නොතිබ්බාට, පොඩි සීයාත් අපේ තාත්තත් බොන නිසා මලක් දෙකක් මැද්දේය. අපිට බින්දුවක් දුන්නේත් සීයාට හොරෙන්ය. පස්සෙ කාලේ අපි සීයාටත් තාත්තාටත් හොරෙන්. රා මඳින සුබයාගේ පුතා, ගුණයත් එක්ක මුට්ටියම බිව්වාත් හොඳට මතකය.

Mar 20, 2013

කරුණා නිදි නෑ වගේ - Karunanidhi The Actor


ආන්ඩු කිරිල්ල, අපි මේ කතා කොරනවා වගේ, ලේසී වැඩක් නෙමේය. ඊටත් වඩා අමාරු කේස් එක, ජාත්‍යන්තරයත් එක්ක ගණුදෙනු කරනා එකය. ඒවාට ඩිග්‍රි වලට උගන්වන විදේශ සේවය වගේම, ගල් ආඳා වැඩ සටහනුත් තියෙන්න ඕනාය. පිළිගත් සම්ප්‍රදායන් තිබුනත්, ඕන එකෙක් බලන්නේ යටි කූට්ටූ වැඩක් කොට, ෂේප් එකේ ඉන්නය. හැබයි ඉතින් ඔහොම දෙන ගේම් වල, හරියන ඒවාත් තියෙනවාය, කෙලවෙන ඒවාත් තියෙනවාය. ජේ ආර් දුන්න ගේම් කෙලවෙලා, අන්තීමට ගාගත්ත ටිංකිරි, අද වෙනකනුත් ඉවත් කර ගන්න බැරුව දඟලනවාය. අපිට කිට්ටුවෙන්ම තියෙන රට නිසා, ඉන්දියාව එක්ක ගහන ගේම් ගහන්න ඕනා ඉතාම පරෙස්සම් සහගතවය.

Mar 17, 2013

ජේ ආර් මරමු...!!! - Say No to Executive Presidency ..?



ගරිල්ලා මාකටින් ගැන ලියලා, මාතලන් කිව්වේ, මේ සිස්ටම් එකත් එක්ක ඇවිල්ලා නම්, රනිල්ට කවදාවත් බලේට එන්න ලැබෙන්නේ නෑ කියලාය. අනික දැන් දැන් 18 සන්සෝදනේ නිසා, වෙන එකෙකුට එන්න බැරි වෙන විදියට, වැඩේ සෙට් කරලා ඉවරය. 18 ට විරුද්ධව, විපස්සයක් හැටියට, එදා දැනෙන යමක් නොකලාක් මෙන්ම, අත් දෙකම උස්සලා උඩ පැන්න උන්ට, දෙලෝ රත් වෙලා තියෙන්නේ, වැඩි කල් යන්න ඉස්සර බිම අත අරින කොට, පුකවල් ඇනෙන්න පටන් අරන් තියෙන නිසාය.ඇත්තටම මේක තනතුරේ වැරැද්දක්ද, නොඑසේනම් ජනතා නියෝජිතයෝ කියනා උන්ගේ, කොඳු නාරටිවල ප්‍රශ්නයක්ද කියා සිතෙන්නේ. මොන ප්‍රශ්ණ තිබුනත්, හේමකුමාරයාලා වගේ ඒවුනුත් ඉන්න නිසාය.

Mar 14, 2013

මත විමසා, කරන්ට් ඇල්ලීම - Electricity tariffs to rise by 60%

By - Awantha Atigala
අපි පොඩි කාලේ ටැලිවිසොන් තිබුනෙ නැතිය, ඒ කාලේ තිබුනේ සිංහල සිනමාවේ සුවර්න යුගයද මොකක්ද එකක්ය. අන්න ඒක හැම තැනම වගේ පිචැර් හෝල් වල තිබුනේය. ඒවාවල මේ බයිස්කෝප් පෙන්නනවාය. චිත්තරපටි කියලාත් කියනවාය. ඔය බොග දාන සැමාගේ තාත්තා හදන සෝ බලන්න, හරිම අමාරුය. ඒ මොකෝ එවා හවුස් පුල්ය. ඒ කියන්නේ, හෝල් එක පිරෙන්න කට කපලා සෙනගය. එයාගේ ඒව්වාවල නම්, කොම්ට් කෑලි තිබ්බේ නැතිය. සැමා වගේම මුලු සෝ එකම මල් කතාවල්ය. ජනක සහ මංජු ජීවිතේට අමතක වන්නෙ නැත්තේ, දවස් දෙකක් ලිඩෝ එකේ කට්ට කා බලන්න බැරිවි, බලන්න හම්බ උනේ තුන්වෙනි දවසේ නිසාය.

Mar 12, 2013

කොළබ ට්‍රැෆික් අවසන් - No More Traffgic in City of Colombo



මීට ටික දවසකට කලින්, "අන්සතු දිනපොත" බ්ලොග් අඩවියේ, "කොළඹ ට්‍රැෆික්" නමින් සම්පූර්ණයෙන්ම වෙනස් මානයක, අපූරූ ළිපියක් තිබුනා. (මෙතනින් බලන්න.) එයා ලියලා තිබුනේ, කෝට්ටේ ඉඳන් පිටකොටුවට තියෙන දුර කි.මී. 15 උනත්, ඒ සුළු දුර ප්‍රමාණය සම්පූර්ණ කිරීමට, පැය එකහමාරකටත් අධික කාළයක් ගතවන බවයි. මෙය අතිශෝක්තියක් නම් නොවේ. එම මාර්ගයේ ගමන් කරන්නකු, මේ කාලකන්නි වාහාන තදබදයට, දිනපතා මුහුණදීම ඉතාම ගනගාටු දායක තත්වයකි. ඔහු කියනවාක් මෙන්ම, පරංගියාටත් කෝට්ටේ යන්න මෙච්චර වේලාවක් ගත වන්නේ නැතුවාට හොඳටම විශ්වාශය.

Mar 11, 2013

ඇනෝ වාරණය (අතිශයින්ම වැඩිහිටියන්ට පමණයී) - No More Anonymous (Strictly for Adults)


මං හිතාගෙන උන්නේ පරිගනයක් පාවිච්චි කරන්න දන්න එකා යම් තරමින් හෝ උගත් වැදගත් මහත්මයෙක් කියලාය. ඒ නිසා ඒ කාළේ මාත් ඇනෝලාට ආදරය කළේය. මොකෝ බොහෝ දෙනෙක් ඉතා වැදගත් අදහස් ඇනෝවරුන් ලෙස ඇවිත් දාලා ගිය නිසාය. කෙනෙක් පොරසිද්ධියේ යම් කිසි අදහසක් වෙනුවෙන් පෙනි සිටින්නෙක් උනත්. තමන් කවුදයි නොකියා තමා පෙනී සිටන මතය කුමක් වූවත්, ඇනෝ කෙනෙක් ලෙස ඇවිත් හදවතේ ඇති දෑ, අකුරුවලින් සටහන් කරන්නට තිබෙන කඳිම අවස්ථාවක් නිසාය.

Mar 9, 2013

හලාල්, බොරුව හා පරාජය - Halal ha-ram in SL


හලාල් සහතිකය නිකුත් කිරීම අත්හිටුවීමට, ජමිය තුල් උලමා පූජකවරුන් එකඟ වූ බවට සහතික නොකරන ලද ආරංචි මාර්ග වලින් දැන ගන්නට තිබේ. එසේ වූවානම් එය සතුටට කරුණක් වන අතරම. එසේ නොවේනම්, තව දුරටත් එය ශ්‍රී ලංකික නිශ්පාදන මත ඇලවීම නතර කිරීමට අප තව දුරටත් පෙනි සිටින්නෙමු. එය සත්‍යයක් නම්, සංවේදි කරුණක් පිළිබඳව ඉතා බුද්ධිමත් ආකාරයෙන්, සාකාඡ්චාවෙන් එම ප්‍රශ්ණය විසඳා ගත් සියළු පාර්ෂවයන්ටද, විශේෂයෙන් ඝෝඨාභය රාජාපක්ෂ මහතාටද අපගේ ගෞරවය හිමි විය යුතුය. මෙතනදි බ්ලොග් ළෝකයේ, මුස්ලිම් තලෙයිබාන්කරණයක් වපුරමින් සිටින, අන්වර් මනතුංගට පිළිතුරු බඳිමින්, විනයක් ඇතුව, එයට විරුද්ධ මත ප්‍රකාෂ කල සියලුම දෙනාට මෙන්ම, විශේෂයෙන් "අන්වර් මනතුංගට පිළිතුරු" ලියු "බුවා"ටත්, "තහනම් වචන" වලටත් අපගේ ගෞරවය හිමි විය යුතුය.

Mar 7, 2013

කාන්තා දිනය (කාන්තාවන්ට පමණක් නොවේ) - Women's Day (Not for Ladies Only)



මාතෘකාව ලෙස යෙදිමට සිතා උන්නේ, කාන්තාවන්ගෙන් හම්බකරන, කාන්තාවන්ගෙන් කන, කාන්තාවන්ට ගරහන, ළෝකෙන් උතුම් රට ලෙසය. මා මේ ලිපිය ලියන්න සිටියේ මීට බොහෝ කාලයකට පෙර සිටය. එහෙත් මෙය සංවාදයට ලක්විය යුතු අවස්ථාවක් එන තෙක් මා බලා සිටියේ, එය අවදානයට ලක් නොවී, මතකයේ නොරැදෙන දෙයක් නම්, ලියනා දෙයින් පලක් නොමැති නිසාය. රනිල්ගේ "ගරිල්ලා මාකටින්", ළිපි පෙලක් සේ පල කිරීමට අදහස් කරගෙන උන්නද, අපේ හිතවත් නලීන් මහතාගේ "සමකය වටේ" බ්ලොග් අඩවිය තුලින් අතිවූ සංවාදය, ඉදිරියට ගෙනයාමක් ලෙසත්, මාර්තු 8 වන දින ළෝක කාන්තා දිනය වන නිසාත්. මේ ළිපිය ලියා පල කිරීමට සිත් විය.


Mar 6, 2013

රනිල්ගේ ගරිල්ලා මාකටින් - Guerrilla marketing by Ranil Wickremasinghe




අපේ හිච්චි බාප්පා, හෙන කෝටිපතියාය. පොර හෙන පින්කම් කොරන්නේය. පිරිතට වඩින්නේත් වී අයි පී උන්නාන්සෙලාය. මේ පින්කම් කරන්නේ ඊළඟ ආත්මේත් මීටත් වඩා ලැබෙන්න කියලා වෙන්න ඇතිය. ඒත් වැඩිපුරම පොරගේ ආසාව, මම පින්කම් කොරනවා කියා ඔක්කෝටම පෙන්නීමය. හැබයි පොර සාධාරණය. මොකෝ, නැත්නම් දිවිය ළෝකේ ලියවුනාට, මෙහේ උන් නොදන්නා නිසාය. පොරගේ පින්කම්වලට, මුලින් මුලින් සෙනග ආවේ නැතිය. පිරිත් අහන්න උන්නේ හතර පස් දෙනෙක්ය. දානෙත් විශාකා සිටු දියණියගේ එකට පරදින්න දුන්නත්, ඒකටත් සෙනග උන්නේ නැතිය. බාප්පාට ගරිල්ලා මාකටින් කියලා දුන්නේ මාතලන් පුතාය.

Mar 4, 2013

සිල්වා ඇවිල්ලා...!!! - Silva back in Siri Lanka




අළුත් අවුරුද්දත් ළඟ ළඟම එන නිසා.. මේ අවුරුදු ගීයේ තාලයට ගයා සැනසෙන්න....

ඇවිල්ලා ඇවිල්ලා.... කොළොන්නාවේ සිල්වා ඇවිල්ලා
වරෙල්ලා වරෙල්ලා... අළුත් කඩේ.. පදිමු රං උංචිල්ලා//

හිරුනිකාලා නඩු කියනවා..., සිල්වාටත් එමු කියනවා..//
වෙඩි තිබ්බද උඹ ඇහුවම,
අනේ මතක නෑ කියනවා....

Mar 2, 2013

පාප් වහන්සේ ගෙදර ගියේ ඇයි.? (18+) - Why The Pope Resign.? (18)


(18+) යන්නෙන් කියන්නෙ මෙය වැඩිහිටියන්ට පමණයි යන්නය, මෙසේ සඳහන් කරන පෝස්ට් පවා සමහර පොඩි උන් බලනවාය. එහෙම බැලුවාම මල වදේය. ඒ නිසා වයස 18 ට අඩු නම් බලන්න එපාය..

පාප් වහන්සේ, පූජණිය, ගෞරවාන්විත, පාප් පදවිය හැර දමා යන්න ගියේය. අපේ නම් පැරලයිස් වෙලා, කතා කරගන්න බැරුවත්, රෝද පුටුවෙන් හරි තනතුරේ ඉන්නවාය. ජීවීතේට මිනි මරලා උනත් ඉල්ලා අස්වීම් නම් නැතිය. පාප් වහන්සේගේ තනතුරත් කලින් තිබුනේ ඒ වාගේය. ඒ කියන්නේ මැරෙනකම් තනතුරේ ඉන්නවාය. මීට කලින් උන්න පාප් වහන්සේ, දරුණු ලෙස පාර්කින්සන් රෝගයෙන් පෙලෙද්දිත් ස්වර්ගස්තවනකම් ඒ තනතුරේ උන්නේය. අපේ මහ නාහිමිවරුත් එහෙමය. අපවත් වෙනකන් යන්නේ නැතිය. මාරයා එනකම්ම ඉන්නවාය. ඒ නිසා මැදිහත්ව මේ දෙස බලන අය මෙය විපලවකාරි තීරණයක් ලෙස ඇගයීමට ලක් කරනවාය.