.

.

Feb 18, 2014

ජිනීවා............. වා..... වා..... - Wow... Geneva


ජිනීවා කියන්නේ, ඕන් ඔය බටහිර කුමන්ත්‍රොන කරුවන්ගේ රාජ්ජයක, කැපිටොල් එකක්ය. ඒ උනාට අම්මට සිරි ලංකාවට නම්, ජිනීවා කියන්නේ, "නත්තල්" වගේ සීන් එකක්ය. සම හරක් නම් කියන්නේ, සක්කිලි පඩි ගත්ත දවස වගේ කියලාය. බලාගෙන ගියාම කතාව ඇත්තය. අපේ උන්ට, කිරි පිටි නැතත්, වී වලට සහතික මිලක් නැතත්, වැස්ස නැතිව හෙට අනිද්දාට ලයිට් විතරක් නොවෙයි බොන්න නැතිව හාමතේ මලත්, අපේ උන්ට වගේ වගක් ඇත්තේ නැතිය.

උන් බලාගෙන ඉන්නේ, ජිනීවා වල ඉලැක්ට්‍රිකල් පුටුවේ, ලොක්කා ඉන්දවන දවස එනකන්ය. "එව්වා කොහෙද ඩෝ අපිත් එක්ක...... මරාගෙන මැරෙනවා ඩෝ....." කියනා චන්ඩි ගැන නම් කියන්න තියෙන්නේ, 83 පිටකොටුවේ එක කොටියෙක් වෙඩි තියනවා කියා, මරදාන බොරැල්ල පැත්තේ හිටපු චන්ඩි, සරම පාරේ තියලා දුවපු හැටි සිහිවෙනවෝ කියලාය.

එහෙම වැඩියෙන්ම දිව්වේ, 83 ජාති ආලයෙන් වැඩියෙන්ම මුසපත් වෙච්චි එව්වෝය. එක කොටියට බයේ එහෙම දිව්වා නම්, ඇමරිකන් මැරයින් එකෙක් දැක්කොත්, කොහොම දුවයිද කියලා, සමහර වෙලාවට මට හීනෙනුත් පේනවාය. එහෙම පොර ටෝක් දුන්න ඉරාකයේ සදාම්, අන්තීමේදි අයිස්ක්‍රීමුත් නැති පොප්සිකල් කෝට්ටක් කා, පොර ටෝකක් දීගෙනම, කඹයක් තුලින් නිවන් යනවාත් දැක්කේ, මේ අපේම ඇස් දෙකෙන්මය.

ඒ නිසා, ලොක්කාට නම් කියන්න තියෙන්නේ, ඔය කියනා එකෙක්වත්, එහෙම කේස් එකක් උනොත් පැත්ත පලාතේ නම් එන්නේ නෑ කියලාය. අන්තීමට ඉතුරුවෙන්නේ, නෝනයි ළමයි ටිකයි විතරයි කියාය. ඔය, ලොක්කාට අද කඩේ යන උන්, එදා චන්ද්‍රිකා එක්ක එකතු වෙලා ලොක්කා නොමරා මැරුවේය. කරන්න පුළුවන් ඔක්කෝම ගේම් දුන්නේය. අන්තීමට 2005 ඡන්දේදිත් කර ඇරලාම ඉඳලා, ලොක්කා දිනපු ගමන්, චන්ද්‍රිකාට පුක පෙන්නාපු උන්ය. එහෙව් එකෙක්වත් ලොක්කාට කෙල උනොත් ලොක්කාට පුක පෙන්නනවා මිසක්කා. කවදාවත් පුටුවට තියා.., කරන්ට් එකෙන් වැඩ කරන, "මසාජ්" පුටුවක් ගාවට්වත් යන්නේ නැති බවට නම්, ඉර හඳටත් වඩා විශ්වාසය.

ජිනීවා වල වෙන්නේ මක්කදො කියා, පාර්ලිමේන්තුවේ ඉන්න උනුත් නොදන්නා එකේ, මැටි මෝල් ජහ මනයා, මෙළෝ මලහත්තිලව්වක් වත් දන්නේ නැතිය. ජහ මනයා කෙසේ වෙතත්, මහා ළොකු උගත්තුත්, මෙළෝ දෙයක් නොදන්නා බව, කතා බහෙන්ම තේරෙනවාය. ආන්ඩුවේ උන් ඔක්කෝම හිතාගෙන ඉන්නේ, ජිනීවා තියෙන්නේ ලංකාවේ කොහේ හරි කියලාය. එහෙම නැත්නම්, කාගේ කාගේ හරි රෙද්ද අස්සේ කියලාය.., ඒක නිසා, එක එකාගේ රෙදි ගැලවෙන්න රඹ ටෝක් දෙන්වා මදිවාට, රෙද්ද උස්සගෙන් කෑ ගහන්නේ, සමහර විට උන්ගේ රෙද්ද අස්සේ තීලා, ජිනීවා වැටෙයි කියලා හිතලා වෙන්න ඕනාය.

මාර්තු 28 දෙන්න යන ගේම් එක ගැන, වෝනින් ලැටර් එකක්, "පිල්ලේ නෝනා" මෙහේට කලින්ම එවලා තියෙනවාය. ඒකේ තියෙන ඒවා මාර්තු 28 දාට කලින් කොරන්න, කොහොමත් වෙලාවක් ඇත්තේ නැතිය. මොකෝ ආන්ඩුවේ මැති ඇමතිවරු, ප්‍රාදේශීයේ කම්බ හොරු, මිනීමරු වගේම, දිසාපතිගේ පටන්, පියන් දක්වාම, බස්නාහිරටයි දකුණුටයි, හයෙන් පහේ බලය ගන්න, බොක්කෙන්ම ගේමට බැහැලාය.

මට පුදුමේ තියෙන්නේ, හයෙන් පහ කෙසේ වෙතත්, හයෙන් හයම ලොක්කාට යාවිදෝ කියලාය. මොකෝ මේ සැරේ ගේම ඒ තරම් නැගලාම යනවාය. වෙලාවකට...., හැම එකාගේම බඩවල් කොනිත්තලා, හිරිවට්ටලා, දපනේ දාගන්නවා වගේ. ලොක්කා, නවී පිල්ලෙගෙයි, ඔබාමාගෙයි, ඩේවිඩ් කැමරන්ගෙයිත් බඩවල් වලට ඇන්නාදො කියා සැකයකුත් එන්නේ, පලා බබා කැම්පේන් එකේ වැඩි ගේමක් ගෙනියන්නේ ඒ ගොල්ලෝ නිසාමය.

ඒ කෙසේ වෙතත්, ඉන්දියාවනම් කනේ පාරවල් තුන හතරක්ම ගහලා අවසානය. එක කනේ පාරක් නම් ආයේ බිම වැටෙන්නම ගහපු පාරක්ය. ඒ ළෝකේ ඔක්කෝම රටවලට "ඔන් එරයිවල් විසා" (VOA) දෙද්දී., ළොකේ එපාම කරපු රටවල් වන, පකිස්ථානය, සුඩානය, ඉරානය, ඉරාකය, ඇෆගනිස්ථානය, සෝමාලියාව හා නයිජීරියාව යන රටවල් ගොඩට, ළෝකෙන් උතුම්ම රට වන සිරි ලංකාවත් ඔබා බැලැක් ලිස්ට් ගොඩට ඇදලා දමාපු එකය.

අනෙක් කාරනේ අයි පී ඇල් එකෙට අපේ දෙන්නෙක් ඇර අනෙක් එකෙක්වත් එකම ටිම් එකකටවත් ඇතුලත් වෙලා නැති එකය. මුන් මේ සෙල්ලම් දානවා වාගේ, ඉන්දියාවේ උන්ට ලංකාවේ සංචාරය කරන්න යන්න එපාය කිව්වොත් නම් සංචාරක කර්මාණ්තෙටත් හැමනිලාම යනවාය. මොකෝ එන තරමක් උන් එන්නේ ඉන්දියාවේ ඉඳලා නිසාය.

මේවායෙන් පෙන්නන්නේ, මේ ළඟදිත් විදේශ ඇමතියා කියන ගොබිලා, එහේ ගිහින් ඇවිත් කියාපු, රාජතාන්ත්‍රික සම්බන්ධතාවල ශක්තිමත් භාවයද මොකක්දෝ එකය. අනික් රටවල්වලට ගිහින් ඇවිත් සාර්ථක "දුත ගමන්" වල යෙදුනා කියන්නේත්, මේ වගේ "බූත ගමන්" වල යෙදිලාදෝ කියා දැන ගන්නට වෙන්නේ, මාර්තු 28 වනදාටය..

මේ වගේ හරක්ට, දොස් කියලාත් වැඩක් නැතිය. මේවාට, ලොක්කාගේ සිට ඔක්කෝම වග කියන්නට ඕනාය. අපේ අයට, ළෝකේ අනික් රටවල් මතක් වෙන්නේ, මොකක් හරි උළෙලක් තිබුනෝතින් ඒවා සැලබ්‍රේට් කොරන්න්ටයි, උන්ගේ ඡන්දේ ඉල්ලා ගන්නටයි විතරය. එයාලා හිතාගෙන ඉන්නේ, අපේ මැටි මෝල්ලුන්ට උදලු තලයි, බත් පැකටුයි, අරක්කු කාලකුයි දෙනවා වගේ මක්කා හෝ හිච්චික් ඉතර දීලා, උන්ගේ ඡන්දේ කොල්ලකා ගන්න පුළුවන් කියලාය. අපේ කස්ටිය නොදන්නේ, අපි දෙන හූණු බිජ්ජට වඩා ළොකු ජරාව, ඇමරිකාවයි අනික් රටවලුයි දෙනවා කියා, නොදන්නා කරුමයය.

යුද්දෙන් පස්සේ කොරන්න තියෙන එවා, ඒ ගැන මැදිහත් සිතින් බලන ගොඩක් උන් කිව්වත්, ආන්ඩුව ඒවා පයිසෙකට මායිම් නොකලේය. අන්තීමේදි ඇල් ඇල් ආර් සී එකෙනුත් කිව්වේ, එහෙම මේ ප්‍රශ්ණය දෙස මැදිහත් සිතින් බලාපු, අපේ රටේම උන් කියපු ඒවාමය. ඒකේ තියෙන කාරනා ඉටු කරන්න කියලා දැන් බොහෝ කල්ය. ගෙනෙන චෝදනාවලට, මෙහේ ඉඳන්, අමු හින්ගලෙන්, පොර ටෝක්, කොර ටෝක් දුන්නාට, ජාත්‍යන්තරයේ එහෙම දෙන්න එකෙක්වත් නැතිය.

තානාපති කම් වලට දාලා ඉන්නේ, හමුදාවෙම හිටපු කොමාන්ඩර්ලාය. ඒ වාහෙලා දන්නා රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තක් නැත්තෙය. රාජ්‍ය තාන්ත්‍රික කටයුතු යනු වෙනෙම විෂයක්ය. ඒක මේ, ඕන කසිප්පුකාරයෙකුට පාර්ලිමේන්තුව්වේ කැන්ටිමෙන් ටී එකයි බනිස් ගෙඩියකුයි  කන්න එනවා වාගේ ගේමක් නොවේය. නමුත් විදෙස් සේවයත් කාලා හමාරය. අද විදෙස් ඇමතියා වෙනුවට යන්න වෙලා තියෙන්නේ ලොක්කාගේ සැකට්‍රිටය. ඒ විදේශ ඇමතියාගේ දක්ෂතාවයය.

හිටපු හරි හමන් මිනිස්සු ටිකත් කපලා දාලාය. ඒ ඔක්කෝම මාහාචාර්ය තුමාගේ වැඩ කිඩය. අද අපි වෙනුවෙන් කතා කරන්න යවන්න, එක වැදගත් උගතෙක්, බුද්ධිමතෙක්, නැතිය. ඉන්න තරමක් ඉන්නේ හාල් පාරුවෝය. ඒකේ රඟ තේරේන්නේ, විදෙස් අමාත්‍යංශයෙන් කළයුතු සේවාවන් කිරීම සඳහා, කොම්පැනිවලට පවරලා තියෙනවා දැකීමෙන්ය. මේ කොම්පැණි මොනවාදෝ කියා, හරියට දන්නේත් නැතිය. මේවාත් එක එකාගේ බිස්නස් සහ කොමිෂන් වැඩය.

ඔය පොර ටෝක් දුන්නාට. ජී ඇස් පී කපලා කෙළ උන කෙළවිල්ල දන්නේ, ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නා උන්ය. අන්තීමේදි, ආයෙත් දෙන්නෙයි කියා පස්සෙන් යන්න උනේය. ඉන්දියාව, උන්ගේ ඡන්දේ හින්දා පඩත්තල වැඩ කලාට, චීනෙයි, රුසියාවයි පොඩි බැක් එකක් දෙන නිසා, මේ සැරෙත් ඔය කෑ ගහන තරම් ගේමක් යන එකක් නම් නැතිය. මේ සැරේ තරවටුවේ සයිස් එක හින්නික්කිතර වැඩි වෙන්නට පුළුවන්ය.

මේ සැරෙත් සම්බාධක දාන සයිස් එකක් නැත්තේය. කොරන්න යන්නේ "පැරට්" කෙනෙක්ද, "රැපට්" කෙනෙක්ද, මොකෙක්දෝ එකෙක් පත්කොරන්න යන එකය. ඒ කියන්නේ "බෑන් කී මූන්" මහත්තයා, "දරුස්මාන්" ලොක්කා දැම්මා වගේ, ජාත්ත්‍යන්තරේ පිලිගත්ත පොරක්ට, ආශ්චර්යේ ගැන රිපෝට් එකක් දෙන්නෙයි කියා ඇපොයිමන්ට් එකක් දෙන එකය.

එයා ඉතින් අපිට වාසි එකක් සංසාරෙදි දෙන්නේ නැතිය. ඒක දෙන්නේ ඊළඟ අවුරුද්දේය. ඔය සීන් එක 2014 මාර්තු 28 දා උන ගමන්, නයි ටී ඇන් එකයි, සැළළිහිණියයි, නොනවත්වා ඔය ඡන්ද දැන්වීමට, පොරචාරේ දෙනවාය. එහෙම දෙනකොට, අපේ උන් ලොක්කා බේරා ගන්න, මනාපේ අමනාප එකෙකුට හරි දීලා, බුලත් කොලේට කතිරේ ගහනවාමය..

ඊළඟ අවුරුද්දේ ආයෙත් ජිනීවා එනකොට, ලොක්කා, සිරි ලංකා ප්‍රජාචන්ච්‍රවාදි ජනරජයේ ජනාධිපති මනාපේ තියනවාය. ජිනීවා වලට රිපෝට් එකකුත් දාගෙන, ආයෙත් නව නීදන් පිල්ලෙලා ලොක්කාට බැක් කරන්වාය. ලොක්කා ඇවිත්, පපුවට "දෙයි.. දෙයි.." කියා පත බාගෙන, "මෙන්නෝ........ මාව විදුලි පුටුවේ තියන්න යනවෝ........." කියා කෑ ගහන්වාය.

එතකොට... අපි, "එව්වා..... කොහෙද ඩෝ......... අපිත් එක්ක .... අපි ඉන්නකන් එවා සුම්මා.... ඩෝ......" කියා, ලොක්කාට අපේ මනාපෙයි, පතිවතයි, ආප්ප අබිමානෙයි, බවුමික අන්ඩවාතෙයි, අරකයි මේකයි, ඔක්කෝම දීලා එනවාය.. ලොක්කා ආයෙත් අපේ සජ්ජුලුවෝ වෙලා.. සත්තලන් බෝලේ මිරික මිරිකා....

ජිනිවා..... වා... වා.... කියා කියනවාය..(මතුරනවාය....)

ඔබ සැමට, සුබ අනාගතයක්ය....!!!

78 comments:

  1. අම්මට සිලි ලොක්ක ඇවිල්ල...

    ReplyDelete
    Replies
    1. අම්මට සිලි ලොක්ක, අංකල් කෙනජිත් කුකුළා කරේ තියාගෙනම ඇවිත්ලා. (4:56 AM)

      Delete
    2. නැතුව බං ලොක්ක පේන්න නැති නිසා ඊයක් විදල හැරෙන්න ලැබුනෙ නැහැ fb දැක්ක ගමන් තමයි මේක කෙටුවෙ මචං .

      Delete
    3. රාජකාරිය, දේවකාරියටත් වඩා උතුම්ය කියනවනේ..

      Delete
  2. මේවා අහල අපිත් මොංගල් වෙලාම යනවාය..............................

    ReplyDelete
    Replies
    1. තව මොකක් වෙඳ බං.. දැනටත් මොංගල් කොට...

      Delete
  3. ෂෝයි අනී හිනා වේවි කියවුවේ පෝස්ට් එක,, හොස්පිටිතාලේ , ජහමනයා, ආප්ප අබිමානය, නයි ටි එන වගේ වචන මෙහෙන් ඉගෙන ගත්තේ ..

    ReplyDelete
    Replies
    1. ඔය් ඉගෙන ගත්ත ටිකම මදෑ... ඉඳගෙන..

      Delete
  4. ජිනීවා වලදි වන කෙහෙම්මලක් නැතිය. එක්කො පරීක්ෂණයකට බලෙන් එයි. නැත්නම් යොජනාවක් ගෙනල්ලා ලංකාව මිනිස් අයිතිවාසිකම් නොතකන මුරංඩු රාජ්‍යයක්ය. එකෙක් පලාතේ යන්න එපාය කියයි. සම්බාදක නම් දැන්ම වැටෙන් නැහැ. නමුත් බටහිර සහ ඇමරිකානු ආයෝජන නම් සීමා වෙයි. අපිට ලැබෙන කෝටාව සීමිත වෙයි හෝ නැතුවම යයි. ජනතාවට හෝ මේ රටට දැන්ම කිසිවක් වන එකක් නැහැ. හැබැයි අනාගතය මේ විදියට සුභ නැහැ. මේ දිගු ගමනක ඇරබුමක් නම් වන බව විශ්වාසයි.
    මට නම් හිතෙන්නේ ලොක්කා එක්ක ගනුදෙනු කරන කස්ටිය මේ මානව හිමිකම් කමිටුවලත්. ඇති නැත්නම් මේ මැතිවරණ කටේ මේ මගුල හොල්ලන්න ගත්තනේ. 29 උදේට පාන්දරින්ම රටේ විධායක ජනාධිපතිවරයාට ජාතිය අමතන්න කිසිම බාධාවක් ඇති යැයි මම හිතන්නේ නැහැ. මොකද මේක ජාතික මැතිවරණයක්වත් සමස්ථ රටම කවර් කරන මැතිවරණයක්වත් නෙමෙයිනෙ. ඒකෙන් මැතිවරණ නීතියට කිසිවක් වන්නේ නැහැ. අනික විජාතික කුමන්ත්‍රණයක් පිළිබඳව ජාතිය ඇමතීම මැතිවරණයට බලපෑමක් ද? :D:D:D:D
    හෙක්... හෙ.. කොහොමද ආස්තැරිය ඔයිට වඩා දෙයක් ඔය මගුලෙන් වෙන්නේ නැහැ ආයිබොවන්ඩ....

    ReplyDelete
    Replies
    1. අනිවා... වෙන මක්කත් ඕන නෑ.. 28 වෙනිදා ජිනීවා සීන් එක උදේ ඉඳලා ප්‍රචාරය කරණවා.. නිකං බ්‍රේකින්ද බේකින්ද නිව්ස් වගේ.. ඡන්ද ප්‍රචාරණයක් නෙවෙයිනේ.. අනේ ඉතින් ලොක්කගේ පිහිටෙන් හාල්පාරුවෝ ටික ඔක්කෝම ගොඩ යනවා... සාධූ සාධූ සාධූ...

      Delete
  5. කරුණු 74 ට උත්තර ඇල් ජී අරං ගිහිල්ල ද කොහෙද නේද මචෝ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. ජී ඇල් ජපානෙටත් ආවනම් මරු නේද. සම වයස් කාරයෝනේ.

      Delete
    2. පිච්චුද මචෝ ඒ යකා මගෙ පියාටත් වඩා අවු:09 ක් වැඩිමල් බං .

      Delete
    3. ඒ ගිහින් තියෙන්නේ ඒකකට නෙවෙයි බන්.. මේ හිඟන සාක් රටවල සමුළුවකට..

      Delete
  6. අනිවා මාතලන්...
    මට හිතෙන හැටියට මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ය. මහින්ද රාජපක්ෂ රටේ නායකයා වෙලා ඉන්නාකං ජාත්‍යන්තරයේ උන් ගේ හිත සතුටුය.. මක් නිසාද යත් උන් මහින්ද රාජපක්ෂව චුට්ටක් කොනිත්තලා උන්ගේ බලය රැක ගන්නවාය..
    ඒ කෙනිත්තිල්ල මහාමෙරක්කර ලංකාවේ උන්ට පෙන්නලා මහින්ද මහත්තයා තමන්ගේ බලය රැක ගන්නවාය.. බලාගෙන ගියාම දෙගොල්ලෝ එකතුවෙලා දෙන ගේමක්ය.. දෙගොල්ලෝම ගොඩය.. බලාගෙන ඉන්න අපිට පට්ට ආතල්ය..

    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. ඉන්ටර්නැසොනල් ගේම් කියන්නේ මේවාටය..

      Delete
  7. රටේ සෑම දේශපාලන මරණයක්ම,
    දේශපාලන උද්ගෝෂණයක්ම,
    රටේ පාලන ස්වභාවයට විරුද්ධ විදේශ යෝජනා,
    මේ සියල්ල මහරජ විසින් තමන්ගේ ආශ්චර්ය ගොඩනඟා ගැනීමට ආශිර්වාදයක් කර ගනිද්දී, ඒ දෙස,
    ඇස්, කන්, කට පියාගැනීමට සමත්වූ සහෝදර ජනතාවක් අපට සීටීම ම ආශ්චර්යක් නොවේද?
    අධිරාජවාදී ගැති භාවයට විරෝධය.... ශ්‍රී ලංකාවේ පළමු යෝජනාව.
    බැසිල් සහ ගෝඪාබයගේ ඇමරිකන් පුරවැසිභාවය අතහැරීම!
    කරාවිද එය?
    තමන්ගේ රටේ පුරවැසියන් (විශේෂයෙන් ඇමරිකා පුරවැසියෙක් ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම්ව) ශ්‍රී ලංකාව පාලන තන්ත්‍රෙය් සිටියදී, ඔබාමා වුනත්, තවත් කුමටද අපේ රට ගැන වෙහෙසෙන්නේ....

    ReplyDelete
    Replies
    1. මේ ජනතාව නම් කියා වැඩක් නැත...

      Delete
  8. උඹගේ බ්ලොගට ගොඩවුනේ අදමය :) ලියන එක දැනෙන්නම ලියා තියෙනවාය.. අවුලකුත් තියෙනවාය.. එනම් මෙය කියවීමට ඔය කියනා මහින්දයාට කඩේ යන ජිනීවා තියෙන්නේ කොහේදැයිවත් නොදන්නා ගොන්නුන් එන්නේ නැති එකය.. උන් බ්ලොග් කියවන්නේ නැතිය.. යූටියුබ් බලන්නේ නැතිය.. කියවන්නේ සිළුමිණය.. බලන්නේ එක්කෝ නයි ටී එන් ය. නැත්තං කුරුල්ලාය.. එහෙව් උන්ට හැතැප්ම ගණං ලිපි ලිවීමෙන් ඵලක් නැත්තාය.. කපටිකම් තේරෙන කිහිපදෙනෙකුම මෙම ලිපිය කියවා පට්ටයි, ඇත්තයි කියනවා ඇරෙන්න මෙලෝ යකෙකුගේ දෑස් නම් නොඇරෙන්නේය.. රටට හැමදා කෙලවෙන්නේය.. මහින්දයා දිනන්නේය.. දන්නේ එච්චරය..

    ReplyDelete
    Replies
    1. ලොක්කා දින්නට වැඩක් නෑ.. අවසානයේදි රටට කෙලවෙලාම යනවානම්..

      Delete
  9. Mathalan, You have taken so many information from Mr Jayantha Danapala's, Ex diplomatic, recent paper article. Please acknowledge that you have referred his words and statements which he made in the paper.

    ReplyDelete
    Replies
    1. ජයන්ත ධනපාලයන්ද කියා ඇත්තේ අප දන්නා දේම මිස අළුත් යමක් නොවේය.. මා මේ ඩිප්ලොමැටික් රිලේෂන්ස් ගැන මීට වසරකට පෙර ලියු ළිපිත් කියවා බලන්න. ජයන්ටහ් ධනාපාලයන්ටත් වඩා මේ ප්‍රශ්ණයේදි ඉදිරියෙන් සිටින්නේ දයාන් ජයතිලකයි. එහෙත් ඔහු එම ක්ෂේස්ත්‍රයේ ප්‍රවීනයෙක් නොවේ.. ජයන්ත ධනපාලයන් ගැන මාගේ ගෞරවය ගිලිහෙන්නේ ඔහු චන්ද්‍රිකා හා එක්වූ කාළයේ සිටය. එහෙත් ඔහු මේ රටට ණය නැති දරුවෙක්ය යන්න ඔනෑම කෙනෙක් පිලිගන්නවා නොඅනුමානය. ඔහුගේ මත දැක්වීමට අප හිස නමා ආචාර කළ යුතුය..

      Delete
    2. දැන් ධනපාලලා වෙලා ඉන්නේ කවුද මාතලං

      Delete
  10. බොස්ගේ මම කැමතිම ජාතියේ පෝස්ටුවක්...රටේ දේශපාලන චක්කරේ කැරකෙන්නේ කොයි අතටද මොනවද වෙන්න යන්නේ කියලා ලියන මේ පෝස්ටු හා ඊට පස්සේ ඇතිවෙන වාද පිටිය මට නම් දැනුම ගොඩක්..බොස්ගේ වචන වලින්ම කියනවානම් ‘අපි හැමෝම දේශපාලනික සත්වයෝනෙ ආයිබෝවං‘....

    ReplyDelete
    Replies
    1. ආයේ අහලා ආයිබෝවංඩ... ඒක නොතේරෙන එක තමයි කරුමේ..

      Delete
  11. මහාචර්ය තුම අනුර අයියලගෙ අපේ දැක්ම කියෙව්වෙ නැතෙයි?
    දෙන්නකො හොද කමෙන්ට‍්රියක් ඒගැනත්

    ReplyDelete
    Replies
    1. අනේ මචෝ මම ඒක හොයනවා.. දාපන්කෝ ලින්ක් එකක්...

      Delete
    2. ජිනීවා විදුලි පුටුවේ ජනාධිපති හිඳුවන බව අපේ රටේ ජනාධීපති අපට පවසා, රටේ මිනිසුන්ව තමා විදුලි පුටුවේ හිඳුවන්නේ.

      "අපේ දැක්ම" හී පිටපතක් එවීම සඳහා මාතලන්ගේ ලිපිනය මා මීට පෙර අවස්ථාවකදී කොමන්ටුවකින් ඉල්ලුවා. නමුත්, ලිපිනය නොලැබුණි. දැන් අවශ්‍ය සියලු දෙනාටම ලින්ක් එකක් ලබා දිය හැකියි.
      http://www.jvpsrilanka.com/en/images/e_books/our_vision/ourvision_sinhala.pdf

      Delete
    3. ඔය මගුලේ තියෙන එවා කරන හැටි හරියට කියලා නෑනෙ විකාර

      Delete
    4. මේ ලින්ක් එකෙ තියෙනව පොත
      http://www.jvpsrilanka.com/en/

      වීඩියෝ එක වැඩපිලිවෙල පැහැදිලි කිරීමක් ටිකක් දිගයි
      http://www.youtube.com/watch?v=zdlszTvv5yY

      Delete
  12. ජිනීවා වලටත් ලිස්ට් එකෙන් හරි ඇමතිකමක් දෙකක් දෙයිද මන්දා මේ කරන උදවු වල හැටියට

    ReplyDelete
    Replies
    1. අපි වගේ උන් ඇමති මණ්ඩලේ උන්නා නම්.. අනේ අම්මපා...

      Delete
  13. දැක්කද ජිනීවා වලට කලින් අර අප්පුච්චගේ අතේ තියන අර රත්තරනෙන් හදපු කුණුහරපෙ තව කොපියක් ගහලා නාමලාට දීලා. අනාර් කෙලී වගේ පිල්ලේ නෝනාත් කෙළියි කියලා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. හා.... හා.... හා.... කට..... කට.... කට...

      ජනරාලගේ වගේමයි...

      Delete
  14. අන්න උතුරු ඉතාලියේ ඉන්න අපේ උන් ටික දැන්ම ලෑස්ති වෙනවා ජිනීවා ට්‍රිප් එකක් යන්න,,මට එකෙක් කියනවා අඩේ අපි ලබන සතියේ ස්විස් යනවා නොමිලේම,,මට ඕක මීටර් උනේ නෑ,ඒ කොහොමද බන් කියලා අහ්ද්දි මූ කියාපි මහින්ද ලොක්කා අපිට කන්න,බොන්න,ගමන් වියදම් සේරම එවනවා අපි මේ පාරත් ට්‍රිප් එක යනවලු,,ගිය පාර සේරම එක්ක අතට යුරෝ 20 ත් දුන්නලු,,මේ පාරත් දෙයිද දන්නෙ නෑලු,ආරන්චි කරලා බැලුවා පොඩ්ඩක් අලුතෙන් මෙහෙට ආපු බෙනට් කුරේ ලොක්කා සෙනග ලෑස්ති කරනවා ජිනීවා ගෙනියන්න,සල්ලිත් ලෑස්තිලු,උන්දෑ දන්න අල ගෙඩියක් නෑ මොකට එව්වද මන්දා,මේ වගේ රට වලට ඔය වගේ පබයෝ මොකට එවනවද මන්දා,මරු කියන්නේ මාතලන් ජිනීවා යන උන් දන්නෙ නෑ උන් මොකටද එහෙ යන්නෙ කියලවත්,,උන් හිතන්නෙ උන්ට මහින්ද ලොක්කා ස්විස් ට්‍රිප් එකක් යන්න එම්බසියට සල්ලි එවලා කියලා

    ReplyDelete
    Replies
    1. උඹේ කතාව ඇත්ත .. තව මෙහේ ඉන්න වල පයයි ගොඩ පයයි ඇන්ටිල ටිකකුත් රෙදි කරට අරං ලෑස්ති වෙනවා හෝයි ගාල !!!
      ගමන කොහොම වෙතත් බෙනට් ලොක්ක මෙදා පාර ඕකට එන අය කියල වීස ටිකක් නං ගොඩ දාගනී හැම පාරම වගේ..
      සංසාරේ ..

      Delete
    2. මචෝ... ලංකාවෙන් ගේනවනම්, මටත් පොඩ්ඩක් කියහංකෝ.. අපිත් ආසයි යුරෝපේ බලන්න...

      Delete
  15. මම හිතුවේ මාතලියා ජිනීවා ඉඳලා දුවගෙන ඇවිත් කියලා...:D

    ReplyDelete
    Replies
    1. අපිට කොයින්දෑ නෝනේ... එහෙම චෑන්ස්...

      Delete
  16. රැපටේ රැපටේ.. පසුව ඇඹරේ...

    උඹ ආවද බං. මොන එහෙකටද ආවේ.. හැක්..

    ReplyDelete
    Replies
    1. එන්නේ නැතිව කොහෙමෙයි... නිකං කුඩු ගැහුවා වගේ මේ වැඩේ.. අනික මගේ සිස්සයෝ ටික..

      Delete
  17. ජාතා ආලෙ.....? ඕක කාගාවද තියෙන්නෙ අය්යණ්ඩ්....? මද්දුම බංඩාර ගාව වෙන්ඩැ...
    ලොක්ක අංකල් ඔබාම ටයි... ඇංටි පිල්ලෙටයි සල්ලි දීල නෙව... නැත්තං ලොක්ක කැම්පේන් යන්නැතිවෙලාවෙ ඒ ගොල්ල අර අගේට ඡන්දෙට කැම්පේන් යන්නෙ.... ඉදගෙන

    ReplyDelete
    Replies
    1. මට පේන්නේ පිටරට කොම්පැනි අල්ලගෙන තියෙන්නේ මේ වැඩේට වගෙයි...

      Delete
  18. ලොක්කා පුටුව විකුණලාකොම හරි කතිරේ දා ගන්නවා එක අයේ කියන්න දෙයක් නෑ ,හැමදාමත් ජන්දයක් තිබ්බොත් ගහන්නෙ එකම පද ටික නේ ,විපක්ෂයක් නෑ,මාව විදුලි පුටුවෙ තියන............වෝ කියලා අඩනවා ..පුදුම දුකක් නේ ලොක්කා විදින්නෙ රට වෙනුවෙන්

    ReplyDelete
    Replies
    1. මම ආස නෑ ලොක්කා ඔය කිරි ටික වගේ තියෙන මූණ යකා වගේ කරාන, දෙයි දෙයි ගහලා පපුවට ගහන වැඩෙට.. ඒ වැඩේ ඔය සට්ටැඹියෙකිට කරන්නෙයි කියලා.. ලොක්කා හවායි ෂර්ට් එකක් ගහගෙන ඇවිත් අත වැනුවනම්, ඒ ඇති.. සිටි සිටි ගාලා ඡන්ද වැටෙන්න..

      Delete
  19. ජිනීවා මාතලන් කියන්නා සේ සැබවින්ම රජයට මහත් ආශීර්වාදයක්වී හමාරයි.මේ ආණ්ඩුව ඔක්කොම කෙලි දාන්නේ ඔය ජිනීවා එකෙන් ලැබෙන සපෝට් එක නිසා බව දැන් ඕනෙම අයෙකුට තේරුම් ගන්න පුළුවන්.ඇත්ත තත්වය ඔය ජිනීවා කේස් එක පිළිකාවක් වාගේ උඩ දුවන තරමටම ආණ්ඩුව කැමතියි.මොකෝ එතකොට ලොක්කට පුළුවන්නේ කොයි තරම් දහදුරා වැඩ කලත් ජිනීවා පිටින් දාලා තමන්ගේ බලය රැක ගන්න.මොකෝ අපේ දේශප්‍රේමි ජනතාවක්නේ ඉන්නේ.ඉතිං අපේ වගේ දේශහිතේෂි,සංවේදී ජනතාව ඉන්න රටක් පාලනය කිරීම බුද්ධිමත් ජනතාවක් ඉන්න රටක් පාලනය කිරීමට වඩා පහසුයිනේ.

    ඇත්තටම ජිනීවා ප්‍රශ්නය විසදා ගැනීමේ අවංක අවශ්‍යතාවක් තියේනම් කරන්න ඕනේ.දක්‍ෂ විදේශ සේවයක් හොද ඇමතිවරයකු යටතේ පිහිටුවීමයි.එවැන්නක් නොකර මොන දේ කලත් පලක් නැහැ.මොන අධික්ෂණ මන්ත්‍රීලා හිටියත් වැඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් වෙලාවට, ඡන්ද කොමසාරිස් තුමාට, මේ ජිනීවා තියෙන දවස් ගැන විශාල අවබෝධයක් ලබා ගන්න සිඳුවේවී. නැත්නම් ඉතින් ආන්ඩුවේ ඇමතිවරු ඡන්දේ තියෙන දවස කලින් කිව්වම, නෝන්ඩි වෙන්නේ, කොමසාරිස් තුමා..

      Delete
  20. තාම ජාත්යන්තර අදිකරනය හිතලවත් නෑති එක කොහොමවෙතත් අපේ රටේ ලොකුම ප්‍රශ්නය වන විදුලි පුටුව ගෑන මුලින්ම කිව්ව දේශප්‍රෙමියා කව්ද? Geneva තියෙන්නෙ EU එකේ. EU එක විදුලි පුටුව විතරක් නෙමේ මරණ දණ්ඩනයටම විරුද්දයි. අපිටත් ඒක අහෝසිකරන්න කියල ඉදහිට කියනවා. විදුලි පුටුව තියෙන්නෙ ඈමරිකාවෙත් ප්‍රාන්ත කීපයක විතරයි. අපේ හරක්ට ඔය ලනුව ගිල්ලුවෙ කවුද? ලෙමන් පෆ්? පවිත්‍රා? ලන්වීම? විදුලි මාෆියාව? නෑත්නම් ලොක්කමද?

    ReplyDelete
    Replies
    1. මම ඔබේ කතාවට යමක් එක්තු කරන්නම් ,ඔය මානව හිමිකම් ගැන අපේ රටට ලොකු බැදිමක් නෑ ,මෙච්චර වෙලා කෑ ගහා ගහා ඉන්න දෙයක් නෑ ඔය රටවල් වලට උස්සන් යනවා නම් ,මොකද ඔයිට වඩා බලවත් රටවල් දණ ගැහුවා ,මෙතන තියෙන ප්‍රශ්ණෙට බොරු ජන්ද ගුන්ඩු එල්ලලා හින්දා ත්මා මේ විදිහට ටොන් පච අතහරින්නෙ ,සැබෑ ප්‍රශ්ණයක් තියෙනවා එත් ආණ්ඩුව එක විසදන්න හදන්නෙ නෑ ,බොරු කරනවා ...

      ඔබේ අදහස එල

      Delete
    2. උඹ ඔය කිව්වට....
      හදිස්සියේ හරි තිබ්බා..

      ආයේ කාට කියන්නද..? ඊට වඩා හොඳයි සෙෆ්ට් ප්‍රිකෝෂන්ස් ගන්න එක කෝකටත්..

      Delete
  21. කොහොම උනත් මහින්ද සීයා දන්නවා මේ ‍යන විදි‍යට තව ටික කාලෙකින් විදුලි පුටුව ක්‍රියාත්මක කරන්නවත් ලංකාවෙ විදුලිය නැති වෙන බව නම්.

    ලංකාවෙ නෑ කියන්නෙ ලෝකෙන් භාගෙකටම නෑ නොවැ. ඇයි දෙයියනේ ඉන්දියාවට පවා කරන්ට් දෙන්නෙ අපිනෙ. අන්න ඒක තමා ලොක්කා බය නැතිව ලෝකෙට මුහුණ දෙන්නෙ.

    කොහොම උනත් අපි කන්න නැතුව මලත් අඩුම ගානෙ බඩගිනියි කියන අයිතියවත් නැති උනත් කොටින්ම මොන රෙද්ද උනත් හයෙන් හයම දෙන්න බලන් ඉන්නෙ. අපි ඒ තරම් දේචප්‍රේමියි.

    ReplyDelete
    Replies
    1. කොහොම උනත් මහින්ද සීයා දන්නවා ////
      එවනවා බොලාට සුදු ලොරියක් ....

      Delete
    2. සම්පූර්ණ නමයි උපන් දෙනෙයි කියපං මචං බැනර් එකයි මළගෙදර පෝස්ටර් ටිකයි ගහල දෙන්න !!

      Delete
    3. @ සහෝ ~ අපි වගේ පොඩි උන්ට මක්කටැයි බන් ලොරි? ඔන්න ඔහේ විල්බැරැක්කයක් එවහන්. :-D

      @ පත්තරේ ~ අඩේ මන් අහිංසක දරු පවුල් කාර‍යා බොල. ;-) මේ ටිකෙ සුදු කොඩි නම් පේනවා තමා :-(

      Delete
    4. කව්ද ඩෝ අපේ අයියට, සීයා කිව්වේ.. දෙනවා දෙකක්, සීයා වගේ දත් නැතිව බත් කන්න..

      Delete
  22. විදේශ ඇමතිට දොස් කියල වැඩක් නැහැ මාතලන් රටේ නිලනොවන විදේශ ඇමති සජින් වාස් නේද?.අනිත් අතට තේ කුඩු මුදලාලිලා,කුජීත වුන දේශපාලකයෝ,හමුදා නිලදාරියෝ තානාපති දුරවලට පත්කළේ කවුද?.කොටිත් එක්ක එකට කාපු බීපු ක්ෂේණුකා සෙනවිරත්න වැනි අය විදේශ සේවාවේ ඉහල තනතුරු වලට පත් කලේ කවුද?.රටේ පාලකයා ගේ වගකීමක් නැති ක්‍රියා පටිපාටිය නිසා තමයි මේ සියලුම ප්‍රශ්න පැනනැගී ඇත්තේ.ජිනීවා මොහොතකට අමතක කරමු.කොටුවේ දුම්රියපොළ ඉදිරියේ පවතී භික්ෂු විරෝධතාව ගැන සිතන්න.අදාළ හිමිවරුන් කියන්නේ ජනාධිපති තුමා විසින් මාස 2-3 ඇතුලත ගවයන් මැරීම නවත්වන බවට පොරොන්දු වූ බවත් තවම එය ඉටු නොවූ බවත්ය.නිකමට සිතන්න ප්‍රායෝගිකව කල නොහැකි දෙයක් ඉටු කරන බවට පොරොන්දු දීම කොතරම් වැරදිද.එදා ජනාධිපති තුමා අදාළ භික්ෂුන් වහන්සේලාට යතාර්ථය පැහැදිලි කර දුන්නා නම් මෙවන් ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත... ආයේ කතා කොරන්න දෙයක් නෑ.. ලොක්කා ඔක්කෝම සතුටු කොරන්න ගිහින්, නියමෙට නා ගන්නවා..

      Delete

  23. විදුලි පුටුවක් ගැන අසා නැති බව චන්ද්‍රිකා නෝනා කියනවාය.

    ජිනීවා එක ප්ලේ කරන්නෙත් මහින්දගෙ ටීම් එකටය.

    ජවිපෙ නැතිනම් ලංකාවේ තිබෙන්නේ එකම පක්ශෙය
    මහින්ද රාජ පක්ශය

    ReplyDelete
    Replies
    1. ජවිපේ තිබුනත් නැතත්, ලංකාවේ එකම පක්ෂය..

      රාජ පක්ෂයම පමණි..

      Delete
  24. අන්න නානසාරත් කියනවා ජිනීවා යන්න වෙයි කියල

    ReplyDelete
    Replies
    1. වල පල්ලෙ නෝනාට කූණු බිත්තර ගහන්න. :-D

      Delete
    2. පොරගේ බැස්ටි බැහැලා වගේ මේ ටිකේ..

      Delete
    3. බැස්ටි බහින්නේ නැතුව තියෙයිද, අර කෙල්ලෙක් පොරගේ යාලුවෙක්ගෙ සිවුර ගැලෙව්වනේ අමුවෙන්ම

      Delete
  25. ඔන්න බලපං සජින් වාස් මෙදා පොටේ දෙන ගේම. සුද්දො කොරවෙනව සහතිකයි

    ReplyDelete
    Replies
    1. තව මක්කට කොර වෙන්නද බං.. උන් කොර වෙලා චොර වෙලත් ඉවරයි.. මෙහේ නම් ඔක්කෝම, පොර වෙලා ඉන්නේ...

      Delete
  26. මටනං ඇඩෙනව මචං.....අර විදුලි පුටුව මතක් වෙනකොට!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. මගේ නම්,, ඇඟේ මාළු නටනවා...

      Delete
  27. මේකෙන් පැහැදිලි වෙන්නේ චන්දදායකයාගේ බුද්ධිය. හොඳටම මාකටින් කරන කෙනා දිනුම්. ඉතිං ඕක කර ගන්න පුළුවන් විපක්ෂයේ කෙනෙක් නැති එකට මොකද කරන්නේ ?

    ReplyDelete
    Replies
    1. ඔබ අදහස් කරන්නේ විපක්ෂය විසිනුත් ජනතාව ගොනාට ඇන්දවිය යුතු බවද?.එහෙම වුනාම හරිද?

      Delete
    2. එදා ඉඳලා හැම එකාම කළේ ජනතාව ගොනාට අන්දන එක තමයි මචෝ...

      Delete
  28. http://sinhayareader.com/artist/politics/dirty-artists

    ReplyDelete
  29. මිනිස්සුන්ට හරියන විදියට වැඩෙ කරන්න හරියටම දන්නෙ මෙ පුතය තමයි

    ReplyDelete
    Replies
    1. ප්‍රේමදාස කිව්වේ, එයා දේශපාළණේ තෙම්පරාදු වෙච්ච පොරක් කියලා..

      එහෙම බැලුවාම, ලොක්කා ඇවිත් නිකන්, ස්වීට් ඇන්ඩ් සවර්, ඩෙවල් , ටෙම්පර්ඩ්, තන්දූරි, බා බේ කිව් අනම් මනම් ඔක්කෝම..

      Delete
  30. මේ ආණ්ඩුවට , ජිනීවා කියන්නෙත් චන්ද ගරා ගන්න පුළුවන් ඉල්ලමක් .
    අපිට නම් ඉතින් දෙවි පිහිටම තමයි....
    +++++++++++++++++++++++++++++++++++++++
    post title එක දැක්ක ගමන් මෙන්න මේ සින්දුව මතක් වුනා...

    http://www.youtube.com/watch?v=NLnYL82pYL0

    ReplyDelete
    Replies
    1. පට්ට සින්දුව... යූ ටියුබ් එකත් නැත්නම්.. අපි කොහෙන් මේවා බලන්න කියලද...

      Delete
  31. ජිනී වා වා වා
    අපිට පෝ පෝ පෝ කියයිද....
    ඒත් මොකෝ
    පලාත් සභා වා වා වා වෙනවනම්.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න