.

.

Jun 17, 2014

අළුත්ගම, අනුසාසනා හා අසමත් රාජ්‍යය - Aluthgama, Bana & Government Failure



අළුත්ගම ගිනි ගත්තේය. ඇත්තටම ගිනි ගත්තේද? නැත..., ගිනි තිබ්බේය. රටම භීතියෙන් ඇලලි ගොසිනි. මහජනතාවට සාමයෙන් ඉන්න කියයි. මේ රටේ මහ ජනතාවගෙන් බහුතරය, කොහොමත් අහිංසකයෝය. 83 දී ඒ දේ අප දැසින් දැක ඇත්තෙමු. බහුතර ජනතාව, තම සහෝදර ජනතාවට වූ විපත ගැන සෝ සුසුම් හෙලූහ. කඳුලු සැලූහ. ඔවුනට, ඔහු තම අසල් වැසියා මිස, සතුරකු වූයේ නැත. ඇත්ත.... ඔහු පර දෙමළෙකි. එහෙත් ඔහු මිතුරෙක්ම විය.

83 මේ රට ගිනි තැබුවේ, රටේ මහජනතාව නොවේ. බෞද්ධ භික්ෂුවකගේ මූලීකත්වයෙන් ආරම්බ කළ ප්‍රහාරයට, ඉන් පසු අනුබල ලැබුනේ කාළකන්නි දේශපාළකයන්ගෙන් හා උන්ගේ කටු කන බල්ලන්ගෙනි. ග්‍රාම සේවක ලැයිස්තුව අතැතිව පැමිණ, නිවෙස් හා ව්‍යාපාරික ස්ථාන පෙන්වා දුන්නේ, ආන්ඩුවේ බත් බැලයින් මිස වෙන කිසිවකු නොවේ. සමහර නිවෙස් හා ව්‍යාපාරික ස්ථාන, දෙමලුන්ගේ බව අසල් වැසියන් දැනගත්තේ එදාය.

පොලීසිය, පොලීසියෙන් එලියට බැස්සේ නැත. හෙට්ටි වීදියට පමණක්, නාවික හමුදාවේ රැකවරණය සපයන ලදි. ඒ මුදල් වල බලය නිසාවෙනි. බහුතරය, මේ මිනීමැරුම් හා කොල්ලකෑම් හෙලා දැක්කද, එයින් ප්‍රීතී ප්‍රමෝදයට පත් වූවෝද අඩු වූයේ නැත. තම මිතුරා සතු සියල්ල කොල්ලකා ගත්තෝද, අනන්තවත් වූවෝය. ඉහළට නැගෙනා දුමාරය දෙස බලමින් ප්‍රීතී ප්‍රමෝදයට පත් වූවෝද අඩු නොවීය. පර දෙමලා අවසාන යැයි උදම් ඇනුවෝද බොහෝ විය. එහෙත් සිඳු වූයේ කුමක්ද?

වසර තිහක් තිස්සේ, මේ රට එකම ගිනි ගොඩක් බවට පත් වීම පමණය. ථේරවාදි බුදු දහමෙන් නිවී සැනසුන, සාමයට ලැදි, බහුතර ජනතාවක් විසූ සුන්දර දිවයිනක්, එක රැයෙන්, "මිනී කන්නන්ගේ දේශයක්.." බවට පත් කරණා ලදි. ඒ දේ කලේ රටේ මහජනතාවද? නැත. කාළකන්ණි දේශපාළකයන්මය. 2009 දී, අධි බලැති ජල ප්‍රහාරයකින් නිවා දමන ලද්දේ, වසර තිහක් පුරා ඇවිලුනු ඒ කාළකන්නි ගින්නයි. එයින් රත්වූ මහ පොළොව තවමත් නිවී සැනසී නැත. නිවා සනසා ලන්නට වුවමනාවක්ද නොමැත.

ඕනෑම සමාජයක් තුල ගැටුම් පැවතීම සමාන්‍ය සංසිද්ධියකි. බොහෝ විට තරුණයන් අතර ගැටුම් ඇතිවීම, සුලබ සිද්දියකි. එම ගැටුම් පවුල තුල සිඳුවිය හැක. සමහර විට නිවෙස් දෙකක් අතර විය හැක. සමහර විට එය කුළ ප්‍රශ්ණයක් විය හැක. එම සිඳුවීම් දුර දිග යන අවස්ථාද නැත්තේ නොවේ. එහෙත් අසල්වැසියන් හෝ ආගමික නායකයින් හෝ සමාජයේ දැණුවත් පිරිස කරනුයේ, එම ගැටුම නිරාකරණය කිරීමකි. එසේ නොමැති වූ කළ පොලීසීයේ පිහිට පැතිය හැක.

දර්ගා ටවුමේද, පිටකොටුවේද, ගාල්ලේද, බේරුවලද, ඉඳ හිට මුස්ලිම් පිරිස හා සිංහළ පිරිස් අතර සුළු සුළු ගැටුම් ඇතිවීම සාමාන්‍ය දෙයකි. එහෙත් එම ගැටුම්, එම ප්‍රදේශයටම් පමණක් සීමා වන අතර, එම ප්‍රදේශය තුලම, ගැටුම නිරාකරණය කර ගනි. අත්‍යාවශ්‍යම වූ මොහොතක පමණක්, පොලීසිය හෝ හමුදාව කැඳවීම සිඳුවේ. එහෙත් අද රටේ සිඳු වන්නේ කුමක්ද? එවන් ගැටුමක් ඇති වූ විට, එම ප්‍රශ්ණය පොලීසිය විසින් විසඳන්නේ නැත. එක්කෝ මුදල් වලට යට වීම හේතුවෙනි. එසේ නොමැති නම් දේශපාළණ අත පෙවීම් හේතුවෙනි.

ප්‍රධානම හේතුව, නීතිය වල් වැදී තිබීමයි. නීතීය හා අධිකරණය ගැන කිසිඳු විශ්වාසයක් ජනතාවට මෙන්ම, රාජ්‍ය ආයතන තුලද නැත. අවි පෙන්වීමට ගොස්, සැකකරු මියයන්නේ ඒ හේතුවෙනි. පොලීසිය හා අධිකරණය කුණු ගොඩකි. එවා කුණු වී ඇත්තේ නිකම් නොවේ. දේශපාළණ අත පෙවීම් හේතුවෙනි. එම තත්වයන් එසේ තිබුනද, සාමාන්‍ය ජනයාට, මහණුන්ට හෝ උලමාවරුන්ට, රටේ නීතිය හා පාළණය ලබා දුනහොත් සිඳුවන්නේ, සුඩානයට වූ දෙයම් විය හැකිය.

වසර 30 ක් පුරා අඳුනු යුධමය වාතාවරනයේදීවත්, එය ජනවාරිගික ගැටළුවක් ලෙස ඉස්මතු වූයේ නැත. 83 සිඳුවීම හැර, ඉන් පසු කිසිඳු අවස්ථාවක, ජනතාව නීතිය අතට ගැනීමට ගියේ නැත. මීට වඩා ලේ කෝප කරන්නාවූ, ජය සිරිමා බෝධි ප්‍රහාරය, දළදා මාළිගා ප්‍රහාරය, අරන්තලා ප්‍රහාරය මෙන්ම කාන්තන්කුඩි ප්‍රහාරයේදීවත් ජනතා නැගිටීම් වලට ඉඩක් නොවීය. එසේ කිසිඳු සිඳුවීමක් ඉස්මතු වීමට ඉඩ නොදුන් ජනතාවට මෙන්ම, පාළකයන්ටද අපගේ ගෞරවය හිමි විය යුතුමය. නැතිනම් සිඳුවන්නේ මේ රට ලේ ගංගාවන් හා මිනී කඳු පිරුණු දේශයක් වීම පමණි.

එහෙත් අද , සුළු සිද්දියක් පිළිබඳව යුක්තිය පසිඳලීමට නීතිය තම අතට ගත් අනගාරික ධර්මපාල පරපුරේ (කතා කරන්නට නොදන්නා බෞද්ධයෙකී) බූරූවන් පිරිසක් එම ප්‍රදේශයට පිවස, ප්‍රදේශයේ ගිනි අවුලවා, දැන් සාමය ඇති කිරීමට පොර ටෝක් දෙයි. ගිනි තියපු එකාම ගිනි නිවීමටත් එයි, අත් අඩංගුවේ පසුවිය යුතු උන්, ප්‍රභූන් (නමට) හා එක්ව, සාමය උදා කරනා සාඛඡ්චාවන්ට සහභාගී වෙයි. සහභාගීවන්නන්ද, සහභාගී කර ගන්නන්නෝද මොළේ අමාරු උන් වන්නටම ඕනාය. සාමය උදා කරන්න එන බහුතරය නොම්මර එකේ මදාවියන්ය.

අපට ජාත්‍යන්තරයේ හිතවත් පිරිස බොහෝ අල්පය. බටහිර රාජ්‍යයන් අප විසින් සළකනුයේ, අපගේ පරම හතුරන් ලෙසිනි. මිතුරන් ලෙසින් සිටිනුයේ, චීනය හා මුස්ලිම් රටවල් පමණි. අද මේ කාළකන්නි පිරිස් උත්සාහ කරනුයේ, එම පිරිසද නැති කර ගැනීමටද? අද මෙරට ජීවත් වන මුස්ලිම් ප්‍රජාවද, අප කුඩා කාළයේ උන් ප්‍රජාතන්ත්‍රවාදය ගරු කළ, සාමයට ලැදි මුස්ලිම් පිරිසක් නොවේ. පිරිමින් අඳිනුයේ, කලිසමවත් මඩකළපු සරමවත් නොවේ, ඔවුන් ලෝගුවල බැස ඇත, කාන්තාවන්ද සාරිය විසි කර, බුර්කා පැළඳගෙන යයි. ඒ තුල සිටින්නේ, කාන්තාවක්ද, අල්කායිඩා කාරයකුද යන්න දන්නේ, අල්ලා දෙවියන්ම පමණි.

ඔවුන් ලෝගු වල බැස ගත්තාට, රැවුල් වවාගෙන තලෙයිබාන් කාරයෝ මෙන් සිටියාට, අපට අමාරුවක් නැත. එහෙත් තලෙයිබාන් දර්ශණය මේ රට තුල ස්ථාපනය කරන්නට යාම නම්, අපට විශාල ප්‍රශ්නයක්මය. බුර්කාවේ අනතුර ආරක්ෂක අංශයන්ට නොපෙනෙන්නේ, අප රටේ කරුමයටම මිස, වෙන කිසිවක් නිසා නොවේ. මේ අළුත් තෙල්යිබාන් ව්‍යාපාර මඟින් කරණුයේ, මෙතක් යම් නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ඉහලින්ම වින්දාවූ ජාතියක්, මරි මෝඩයන් කොට තලෙයිබාන් දර්ශණය ඔළු තුල රුවා ලීම පමණි. කනගාටුවකට මෙන් ඉතා දුප්පත් මුස්ලිම් ප්‍රජාව ජීවත් වන ප්‍රදේශ මෙම ග්‍රහණයට නතුවී බොහෝ කල්ය. යුද්ධය පැවති සමයේ බුර්කා පැළඳීමේ නිදහසක් තිබුනේ නම් සිඳුවිය හැකි විපත, කූඹී පුකක මොළයක් ඇති ඕනෑම අයකුට තේරුම් යනු ඇත.

අද අපේ බෞද්ධයාද, පෙර උන් බෞද්ධයා නොවේ. අප දන්නා බෞද්ධයා. පන්සිල් ගැනීමෙන් පසු මිනීමැරීමටවත්, කළකෝළහාල වලටවත්, මංකොල්ලකෑම වලටවත් ගියේ නැත. ඔවුන් විපතකදි, කම්මුලේ අත තබා. "හනේ හපොයි..." කියා විස්සෝප වූ ජාතියක්ය. අනුන්ගේ දුකේදී, විපතේදී, එය තමන්ගේ මෙන්, වින්ඳාවූ ජාතියක්ය. එවන් නිවුනු සිංහළ පිරිසක් මිනීමරුවන් කරණුයේද චීවර දරාගත් කාළකන්නින් පිරිසක් වීම ජාතියේ අවාසනාවකි. එය ආගමක් ලෙස අඳහන්නවුන්ට කරනා නිගාවකි.

මේ කාළකන්නින් ගැන, මහා නායක තෙරුන් හා අනෙකුත් නායක හිමිවරුන් කටක් නොසෙල්වීමෙන් පෙනෙනුයේ, ඔවුන්ද මේ දේවල අනුමත කරනවා කියා නොවේද? අවම වශයෙන්, ජිනීවා වල ගුද වාතයටත්, ඒකාබද්ද නිවේදන නිකුත් කරනා මහා නායක හිමිවරුන්ගේ, අධෝ මුඛයවත් විවෘත නොවන්නේ, තම ගෝලබාලයින්ගේ ක්‍රියා දැකීමෙන්, ඒ උතුම් වූ, අමා මහා නිවන් අවභෝධ වී ඇති නිසා වත්ද? මාදුළුවාවේ සෝභීත හිමි ජනාධිපති කම් ඉල්ලන්නේ, මෙවන් ක්‍රියා නීතීගත කිරීම සඳහාද? දඹර අමිල හිමි, මමත් සුදුසුයි කියන්නේ මෙවන් චොකා බයිලා නැටීමටද?

මේ රට පාළණය කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාද? නැතිනම් සංඝරත්නයද? අවම වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාරම්බකයාට සිඳුවූ දෙයවත්, මේ නායකයින්ට මතක නැතිද? බහුතර මුස්ලිම් පිරිසක් වෙසෙන පෙදෙසක, මධුමාදවලාට හා සිවුරු පොරවා ගත් චන්ඩින්ට රැස්වීම පවත් වන්න අවසර දෙන්නේ කව්ද? එම රැස්වීම වලදි, මිනිසුන්ගේ ලේ කෝප කරනා කතන්දර කීමට ඉද දෙන්නේ කෙසේද? ඉන් කෝප වන ජනයා, මිනිස් ඝාතන සිඳු කිරීමෙන් පසු, සමාව ගැනීමට පෙර, මෙවන් දැ සිඳු නොවිමට වගබලා නොගන්නේ ඇයි? හමුදාව හා පොලීසිය බලා සිටියදි ප්‍රහාර එල්ල කරන්නේ නම්, ඔව්නට කාගේ පිලිසරණද? ඔවුන් ත්‍රස්තවාදීන් වුවහොත් අප පුදුම විය යුතුද?

ජාත්‍යන්තරය හමුවේ පරීක්ෂණ වලට යොමුවී සිටින රටක්, රාජ්‍යය පාළණය කළ යුත්තේ මේ ආකාරයටද? මිනිසුන් උසි ගැන්වූ පිරිස්, සාම සාකඡ්චාවලට යොදා ගන්නේ, ආන්ඩුව ඒ තරමටම ඔවුනට බියද? අපේ රට විනාශ කිරීමට හදන්නේ, භාහිර බලවේගයන්ද? එසේ නොමැතිනම් කාළකන්නි අභ්‍යන්තර බලවේගයන්ද? (බෞද්ධ හා මුස්ලිම්) භාහිර ඇඟිලි ගැසීම කුමකටද? දැන් අපේ උන්ම ඇඟිලි ගසා, බහු සුරතාත්නතයට පත් කර අවසානය. තව එකෙක් හෝ ඇඟිලි ගැසුවහොත මරණය පවා සිඳු විය හැකිය.

167 comments:

  1. මොනදේ උනත් මං ඔයාට තාමත් ආදරෙයි සප්‍රනා.....

    ReplyDelete
    Replies
    1. ආදරේ කරන්නේ මොකටද?

      Delete
    2. “යක්ෂයා විසින් සියලු ආගම් නිපදවන ලද්දේ මිනිස් වර්ගයාගෙන් දෙවියන් වසං කිරීමටය”. (“All Religions were invented by the Devil to conceal God from Mankind.”)

      Delete
  2. මං සිංදුවත් අහනගමන් කියෙව්වේ.අපිට අද්දැකීම් නැති උනත් අපේ අම්මලට තාත්තලට දුක් විදින්න උන ඒ කාලකණ්නි අත්දැකීම්වලින් අපිටත් දුක් විදින්න වෙයිද කියලා හිතෙනවා.නීතිය රකින්න බැරි එක තමයි මුල්ම වැරුද්ද,නැත්නම් මේ ප්‍රශ්න දුරදිග යන්නෙ නැතිව විසදන්න තිබුනා.ඒත් නීතිය ආරක්ෂාවට ඉන්නෙත් මනුස්සයොනේ,උන්ට උන්ගේ ළමා ළපටින්ගේ මූණු මතක් වෙනවත් ඇති,උඩ එකෙක් එක ඕඩර් එකක් දීලා තව එකෙක් වෙන ඕඩර් එකක් දීලා මොනවාහරි වෙලා හම්බකරං කන රස්සාව නැති කරගන්නෙ මොකටද කියලා ඒ මනුස්සයොත් පාඩුවේ මුල්ලක් අල්ලන් ඉන්නවා ඇති

    ReplyDelete
    Replies
    1. එහෙම මුලු අල්ලලා ඉන්න ඕනි නම්.. වගකීම් දරණ දූරවලට එන්න නරකයි. ඒ වගේම පත් කරන්නත් නරකයි.

      Delete
    2. ඇත්ත කතාව.ඒත් පංදම අල්ලන උන්ටනේ දක්ෂයා හිටියත් රස්සාව යන්නේ

      Delete
  3. මචන් උඹ මේ ලියපු එක ගැන හරිම සතුටුයි. බ්ලොග් වලින් හැබෑවටම වෙන්න ඕනේ මෙන්න මේවා මචන්.
    ආදරේ බෝ කරපන්.... යුද්දෙට එක එකා ගහ මරා ගන්නවට වඩා ආදරය කිරීම හරිම සුන්දරයි. ආදරේට බැරියර්ස් නෑ ජාතිබේද නෑ ආගම් නෑ.
    මේ කූට දේශපාලකයන්ට වඩා අපිට අපේ මිනිස්සු ඉතිරි කරගන්න නම් අපි ඒක උන්ට මේ විදියටම කියලා දෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඔයා පව් නේ.
      අපිට පිස්සු තමයි ඒක වර්ගවාදයෙන් ජාතිවාදයෙන් ආගම්වාදයෙන් තොර පිස්සුවක්. හරිම සුන්දරයි. මේ මොහොතේ ඔයාටත් මම දක්වන්නේ ඒ හැඟීමම තමයි.

      ඒක කියන්න ඔයා ඇනෝ ආවේ අපරාදෙනේ. ( මම හිතුවේ මාතලන්ගේ පෝස්ට් වල ඇනෝ දාන්නේ කුණුහරුප කියන්න කියලා)

      Delete
    2. කවුරු හරි දැක්කොත් අවුල් වෙයි.. මෙතන ඉල් මොන්දොගෙ පළවෙනි කොමෙන්ට් එක දැකලා පිස්සෙක් ඇවිත් රීලා ගිහින් තිබුනා. මම ඒ ගූ ගොඩ අයින් කලා.. ඔය දෙවනි කොමෙන්ට් එක ඉල් මොන්දෝ දාලා තියෙන්නේ අර රීලා ගිය එකාට.

      Delete
    3. Il mondo di una povera pazza = The crazy world of a poor

      Delete
    4. සයිබර් අවකාශයත් බල්ලට ගිහින් තියෙන්නේ අපේ රටේ. මේ වගේ කාළකන්නි නරුමයන්ට නම් මේ තරම් වැදගත් දෙයක් ලැබුන එකත් පාපයක්. බුකියේ තියෙන දේ දැක්කම් වමනෙට එනවා..

      Delete
  4. the person who wrote this artical is perfect i agree with him being a muslim i want to say only one word your thoughts are far away from politicians, priests. police, and even our president. thank you sir,
    i am( fazlul_izadeen@yahoo.com)

    ReplyDelete
  5. කතාව ඇත්ත මචං. මේකේ ප්‍රතිඵල වල තරම හැමෝම දන්නා නමුත් මේ හරක් පසු පස යන මෝඩ රැළක් තවමත් රටේ සිටිති. මේ දේශපාලුවන්ට ද මෙහි පැහැදිලි අවශ්‍යතාවයක් ඇත්තේය. මොකද එන මැතිවරණයකදී මුස්ලිම් කොන්ග්‍රසය යූ.එන්පී ය සමග එකතු වීමෙන් විය හැකි පාඩුව මුස්ලිම් විරෝධයක් මගින් මනාව වළක්වා ගත හැකි අතර ම එය මැතිවරණ වේදිකාවන් හී දී තළුමරන්නට ද හැකි ය. එබැවින් මෙය වහා නවතා ලීමේ අවශ්‍යතාවයක් ඔවුන්ට නැත. අපි කොච්චර කතා කිවුවත් මේක දේශපාලනිකයි මාතලන්....................

    ReplyDelete
    Replies
    1. අනිවා.. එකෙක් ඇවිත් ගිනි තියලා යනවා.. අනිකා ඇවිත් වන්දි ගෙවනවා.. උන්ගේ අම්මගේ සල්ලි වෙන්න ඇති.

      Delete
  6. කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නෙ ලංකාව පැත්තට හැරිල බත් කන්නවත් හිතෙන්නෙ නෑ දැන්

    ReplyDelete
    Replies
    1. indiawa paththata harila kapan

      Delete
    2. ඉරාකේ පැත්ත කොහොමද....?

      Delete
  7. මා 83 ඇසින් දුටු සාක්ෂිකාරයෙකි. ඒ පිළිබඳ ලිව්වා මතකයි. අද මටම අලුත්ගම ගැනත් සාක්ෂිකාරයෙක් වෙන්න ලැබීම මොන තරම් පවක්දැයි මටනම් හිතාගන්න බැහැ. ඔබ දන්නවනේ 83 සිට 2009 තෙක් අපි විඳපු දුක්. හැබැයි රජෝ මේක නම් එහෙම ලෙසියෙන් බේරාගන්න ලැබෙයි කියා හිතන්න බැහැ. ලෝකෙම තරහා කරගෙන, ලඟම ඉන්න මුස්ලිම් රටවල් ටිකත් නැතුව අපි කොහේ යන්න ද? අපේ ගමන නම් බොහොම කෙටියි. ඇත්ත ඒකයි.
    නීතියක් නැති රටක මේවා එතරම් ලොකු නිව්ස් නෙමේ. නීතිය ස්ථාපනය කරනකන්ම අපිට මේවා අහන්න ලැබෙයි. බේරුවල, අලුත්ගම නෙමෙයි. මාතර, ගාල්ලත්, එක් වෙයි. තවතව ගම් නියම් ගම් එක්වෙයි. දේශප්‍රේමය නිසානෙ. හොදා......... හොදා......... ඔහොම යන්...........

    ReplyDelete
    Replies
    1. ඔබ සමඟ 100% ක් එකඟයි. කොහෙද මේකෙ ඉන්න හාල්පාරුවන්ට ඔච්චර හිතන්න මොළයක් නැහැනෙ.

      Delete
    2. මේ කාළකන්නින්ට ලේ නොදැක අවුරුදු පහක් ඉන්න බැරි උනා නේ.. මේ තමයි රණවිරු සැමරුම් වල ප්‍රතිඵල...

      Delete
    3. ඔබ පමණක් නොව මෙවැනි දේ දකින්න අපද පවු කර ඇත. (ආගම්වල පවු පින් ගැන මාගේ ඇදහීමක් නැහැ)
      එත්, මාතලං ඔබ කියන පරිදි ශ්‍රීමාහා බොධි, දළධා ප්‍රහාරයේදී කුපිත නොවූ මේ බෞද්ධ සිංහලයාම නොවේද, 83 මෙන්ම දැන්ද ජාතිවාදය තලු මරන්නේ.

      Delete
  8. මේකට මතා ආණ්ඩුව වග කියන්න ඕනේ මුළුමනින්ම.මේ සිදුවීම ගැන මේ වෙනකොට මාධ්‍ය වාරණයක් යනවා.එකෙන් වෙන්නේ කට කතා වලට තටු ලැබෙන එකයි.නානසරව මුලින්ම බැඳලා දාන්නේ නැතිව හුරතල් කෙරුවා.සිවුර කරේ තියාගෙන චණ්ඩිකම් කරණකොට පියවරක් නොගත්ත එවුන් දැන් බොරුවට සාමය,සහජීවනය ගැන කතා කාරනව.

    උඹ කියනවා වගේ අපි මහා ග්‍රෝත්තික ජාතියක්.

    වසර 2500 ආඩම්බර වෙන්න පුළුවන් ඉතිහාසයක් ගැන කයිවාරු ගහන එත් ලැජ්ජා සහිත වර්තමානයකින් යුක්ත අඳුරු අනාගතයක් උරුම රටක් වෙලා තියෙන්නේ දැන් මේක.

    ReplyDelete
    Replies
    1. මේ දේවල් නිහඬව අනුමත කරන හැම එකාම ගෝතිකයෙක්.. ඒකට ජාතියක් අවශ්‍ය නෑ..

      Delete
  9. මචං ....කියෙව්ව.... thnx .....
    නාන සාරගේ අම්මට හුකන්න කියල .... කමෙන්ට් නොකර යන්නද....

    ReplyDelete
    Replies
    1. එයාට බැනලා වැඩක් නෑ....ඒ සංවිධානය පිටුපස ඉන්නෙත් දේශපාලන බලවතුන්ම තමයි.

      Delete
    2. නානසාර වටේ මිනිස්සු එකතුවුනේ මොකද? එකට පාර කැපුවේ කවුද? නානසාරට තනියම කරන පුළුවන් දෙයක් නෙවෙයි මේක. හේතුවට බෙහෙත් නොකර නානසාරට විතරක් බැනලා පලක් නෑ

      Delete
    3. නානසාර පිටිපස්සෙන් වෙන අය ඇති. ඒ හැමෝම එලියට එන්නෙ නෑ. අඩු ගණනෙ ඉස්සරහ පේන්න ඉන්න එකාටවත් දඩුවම් කරන්න ඕනැ. ලන්කාවෙ සාමය කඩ වෙන විදිහට කට කතා පතුරුවන එකත් දඩුවම් ලැබිය හැකි වරදක්. එතකොට ප්‍රසිද්ධියේ උඩු බුරල මිනිස්සු ඇවිස්සවීම ?

      Delete
    4. එයාගේ අම්මට විතරක් කෙලලා වැඩක් නෑ. උඹට පෝලිමකට කෙලින්න වෙනවා..

      Delete
    5. කෙන්ජියෝ.......අපේ රටට කෙලවපු හැත්තක් ඉන්නවා රජ කාලේ ඉඳන්. උඹට ඒ සෙට් එක ගැනම හිතුවොත් ව්‍යාඝ්‍රා ලොරියක් ගහන්න වෙනවා :D

      Delete
  10. අපේ මේ සමාජේ
    මුතු මැණික් බඳීවී 
    සුදු ඇඳුම් අඳීවී
    කළුයි සිත් ඔවුන්ගේ … !!!

    ReplyDelete
  11. වවාගෙන කන්න මොකක් හරි ඕනෙ වෙලානෙ තිබ්බෙ.. දැං ඔය තියෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. දැන් මාර කික් එකක් ඇත්තේ.. ඔක්කෝටම.. වැඩියෙන්ම කැමති තම්බි මිනිස්ටස්ලා...

      Delete
  12. කකා, මේ පහලින් තියෙන කොමෙන්ට් එක මම වෙන සයිට් එකක දාපු එකක්. ඒත් ඒකට තව කොඅට්සක් ආයේ එකතු කරලා මෙතනත් දාන්නම්.

    මගේ මවගේ පියා ලංකාවේ අයෙක් නොවේ. එමනිසා මගේ දෙමාපියන් ආගම් දෙකක් අදහන්නේ. මම නං මොන ආගමක් වත් අදහන්නේ නෑ.

    ඒත් මට කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි ලංකාව හෝ ලෝකය ක්‍රිස්තියානි,හින්දු,බෞද්ධ ආදී මොන ආගමක් අදහන උදවියගෙන් හෝ ආගමක් අදහන්නේ නැති උදවියගෙන් සමන්විත උනාට කමක් නෑ. ලංකාවෙත් ප්‍රධාන ආගම හින්දු උනත් ක්‍රිස්තියානි උනත් ගැටලුවක් නෑ.

    හැබැයි මුස්ලිම් ජනතාවට නං මගේ කිසිම කැමැත්තක් නෑ. කොටින්ම කිව්වොත් ඉස්ලාම් කියන්නේ ආගමක් නෙමෙයි.ඒක තමයි ත්‍රස්තවාදය. මේ මුස්ලිම් ත්‍රස්‌තවාදය හින්දා බැටකන්නේ හින්දුන්,ක්‍රිස්තියානින්,බෞද්ධයන් මෙන්ම අනෙකුත් ආගම් අදහන උදවිය සහ ආගම් අදහන්නේ නැති අය.

    මේ මුස්ලිම් ත්‍රස්‌තවාදය යුරෝපයටත්, ආසියාවටත් අනෙකුත් රටවලටත් තර්ජනයක්. මගේ ප්‍රාර්ථනය නම් මේ මුස්ලිම් ත්‍රස්‌තවාදය ප්‍රතික්ෂේප කරන ඊශ්‍රායිලය වගේ රටවල් සමග එක්කාසු වී මෙය සමුල ඝාතනය කරන දිනක් උදාවේවා යන්නයි. ඇතැම් විට මේ සදහා නොසිතු විරු අන්දමේ හෝ මිලක් ගෙවීමට සිදුවෙයි.ඒත් මුස්ලිම් ත්‍රස්‌තවාදය කියන්නේ කොපමණ මිලක් හෝ ගෙවා පරාජය කලයුතු දෙයක්.

    ඒ වගේම තව දෙයක්, මේ වගේ සුළු සුළු ප්‍රහාර එල්ල කරලා ඉස්ලාමිය ත්‍රස්‌තවාදය මැඩපැවැත්වීමට බැහැ. මේවයින් සිදුවන්නේ ඔවුන් තවත් ශක්තිමත් වීම. කරන්න තියෙන හොදම දේ තමයි ඉරාකයේ සුන්නි සහ ෂියා මුස්ලිම්වරු ඇන කොටගෙන විනාශ වෙනවා වගේ මුස්ලිම් සමාජය ඇතුලින් බෙදීම් ඇති කරලා දාන එක. දැන් ඔය ගිය සතියේ සුන්නි සහ ෂියා මුස්ලිම් ගැටුමෙන් 1700 ක පමණ මුස්ලිම් ත්‍රස්‌තයන් මිය ගියේ. මට නං ඒ වගේ නිවුස් දකිද්දීත් සතුටුයි.

    මට ආයෙත් කියන්න තියෙන්නේ ප්‍රභාකරන්ට රට ගියත් මගේ අරෝවක් නෑ. හැබැයි මුස්ලිම් ත්‍රස්‌තවාදය යටනොවී.,

    ReplyDelete
    Replies
    1. ඔය කොමෙන්ට් එකේ ආමන්ත්‍රණය කකා වෙනුවට මාතලන් කියා සදහන් විය යුතුයි. මේ කොමෙන්ට් එක මම පැරකුම්ගේ සයිට් එකෙත් දැම්මා, කකාගේ සයිට් එකෙත් දැම්මා, මට මෙතනදීත් ඔය උද කොමෙන්ට් එකේ තියෙන දේම තමයි කියන්න තියෙන්නේ.

      Delete
    2. මේ පුන්චි දූපතේ මරාගන්න හදන්නෙ මොනව බෙදාගන්නද බුදු හාමුදුරුවො කවදාවත් මේ වගේ මී හරක් වැඩ කරන්න කියල නෑ මේ චීවරදාරියා රජයෙන්ම තමන්ගෙ බලය ‍රැක ගන්න යොදවන කෙනෙක්. මේ වගේ අයට ‍රැවටිලා එකම රතු ලේ තියන මිනිස්සු එකිනෙකා මරාගන්නෙ ඇයි? අවුරුදු 30ක් යුද්දෙක ඉදපු අපිට තවත් යුද්දයක් ඕන නැහැ බෞද්ධ මුස්ලිම් සියලුම දෙනා එකතු වෙලා මෙ වගේ උන්ට ගහන එකයි හරි නම් වෙන්න ඕන.

      Delete
    3. තලෙයිබාන් කාරයොයි ඔහෙයි අතර කිසි වෙනසක් නෑ..

      Delete
  13. නියපොත්තෙන් ගලවා විසි කර යුතුව තිබූ නානසාරව පොරවෙන් කැපිය යුතු තත්වයට පත්ව ඇත. තවත් කෙටි කලක් ඉවසා සිටීමෙන් එය බර අවි ප්‍රහාරයක් එළ්ල කර වත් ගලවා දැමිය නොහැකි තරමට වැඩෙනු ඇත.

    එදාට ඔය සියල්ලන් සැනසුම් සුසුම් හෙළත්දී සාමාන්‍ය ජනතාව වන අප අවසන් සුසුම් හෙළන්නට සැදී පැහැදී සිටින්නෙමු!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ප්‍රියා +++++++++++++++++++++++++++

      Delete
    2. නානසාර විතරක් නෙමෙයි හලාල් ලේබල් පුකේ හිටන් ගහගෙන දැඟලුවේ මේ ටිකට තමයි.. හැබයි නානසාර තමයි සේවා නූලට ගිනි තිබ්බේ..

      Delete
  14. බොදු බල සේනාවේ සහයෝගයෙන් දේශපාලනයට එන්න ඉන්න, පාර්ලිමේන්තු එන්න ඉන්න අය ඔවුන්ට ඉඩ දීලා තියෙනවා ඕනෙම දෙයක් කරන්න. ඔවුන් නිසි පාලනයකට නතු නොකිරීම තමයි මේකට ප්‍රධානම හේතුව. මෙහෙම එක එක අන්තගාමී බලවේගවලට ඕනා ඕනා හැටියට පිස්සු නටන්න ඉඩ දෙනවා නම් ආන්ඩු මොකටද ඒ රටට? ජාතිවාදය, ආගම්වාදය පතුරුවලා චන්ද දිනීමේ ලාභ, තුච්ඡ පරමාර්ථය තමයි මෙතන තියෙන්නේ. යුද ජයග්‍රහනය විකුනලා චන්ද දිනපු රසය දන්න අයනේ. ඒකෙ පවර් එක අඩුවේගෙන යනකොට තව අලුත් රසවල් ගේනවා.

    ReplyDelete
  15. /83 මේ රට ගිනි තැබුවේ, රටේ මහජනතාව නොවේ. බෞද්ධ භික්ෂුවකගේ මූලීකත්වයෙන් ආරම්බ කළ ප්‍රහාරයට, ඉන් පසු අනුබල ලැබුනේ කාළකන්නි දේශපාළකයන්ගෙන් හා උන්ගේ කටු කන බල්ලන්ගෙනි./

    මේ කියන්නෙ බොරැල්ලේ ගිනි තැබීම් පටන් ගත් හරකා ගැන වෙන්න ඕනැ. හැබැයි ඊටත් කලින් 83 සිද්ධීන් වලට මඟ පාදන කතා කිව්වේ මඩිහේ පඤ්ඤාසීහ කියන උන්නැහේ. මුලින් ගහපන් ගහපන් කියලා නොකියා කියලා ගැහුවාට පස්සෙ ටී.වී. එකෙන් පින්වතුනි සන්සුන් වෙන්න කිව්වා. මේ ගණයො හැම එකාම එකයි. එකෙක් විශ්වාස කරන්න නරකයි.

    ReplyDelete
    Replies
    1. මුන් ඔක්කෝම බුදුන්ගේ ශ්‍රාවකයෝ නම් නෙමෙයි.. එහෙම උන් දෙන්නෙක්ද කොහෙද දැක්කා... අනික් උන් ඔක්කෝම පිට්ටු වළඳලා...

      Delete
  16. ක්‍රෙඩිට් එක යන්න ඕනැ ඥානසාර උන්නාන්සෙට විතරද පින්වතුනි?

    භාග්‍යවත් පින්වතුනි, පෙරේදා අපේ වීරෝධාර සිංහලබෞද්ධ උපාසක ඇත්තන්ගේ ක්‍රියාකලාපය නිසා හම්බයො දෙන්නෙක් මළා. අසූවක් රෝහල් ගත වුණා. හම්බ කඩ විස්සක්ම ෆ්ලැට්. (මේ ඇත්තො පන්සිල් හෙම අරගෙන බොහෝම සංවරශීලී විදිහට මේ මහා පුණ්‍ය ක්‍රියාවට සහභාගි වෙච්චි හැටි දැක්කම මගේ ඇඟේ මයිල් කෙළින් උණා හසන්ත...) දැන් ඔය ඇත්තන්ම කල්පනා කරලා බලන්න, මේක නේද ආශ්චර්යය කියන්නෙ? ඔය ඇත්තන්නම හිතලා බලන්න 1990 ගණන් වල ඉඳලාම අපට කර ගන්න ඕනැ වුණේ මේක නේද, පින්වතුනි? හැබැයි පින්වතුනි මේ මහා පුණ්‍ය ක්‍රියාවේ සම්පූණ ක්‍රෙඩිට් එක අපේ රාජකීය පණ්ඩිත අති පූජ්‍ය ඥාණසාර හිමියන්ට ලබා දෙන එකට නම් අපට එකඟ වෙන්න බෑ. දැන් ඔය ඇත්තන්ම කල්පනා කරලා බලන්න (මම මේ කියනවට නෙවෙයි) 1990 ඉඳලා විතරම හම්බ වෛරය පැතිරුවේ කවුද? අර අෂරොෆ් ලොක්කගෙන් ගේම ඉල්ලලා පුක බිම ඇනගත්තෙ කවුද පින්වතුනි? අපේ තන්ගොඩවිලේ සෝමදාස අන්කල් නේද? දැන් ඔය ඇත්තන්ම කල්පනා කරලා බලන්නකෝ මේ හම්බයො දෙන්නා මරලා නටපු නාඩගමේ ක්‍රෙඩිට් එක මුලින්ම යන්න ඕනැ කාටද කියලා. අපේ තන්ගොඩවිලේ සෝමදාස අන්කල්ට නේද? මේ වෙලාවේ අපි අපේ තන්ගොඩවිලේ සෝමදාස අන්කල් අමතක කරන එක හරිද පින්වතුනි? ඔය ඇත්තන්ම කල්පනා කරලා බලන්නකෝ.

    ReplyDelete
    Replies
    1. පිස්සුද අපි කවදාවත් එයාට විතරක් දෙන්නේ නෑ.. අනගාරික ධර්මපාල පරපුරේ උන්.. ජර්මනියේ නාසි වාදියෝ වගේම.. දිගටම ඉන්නවා...

      Delete
  17. හම්බයන්ට ලියූ වස් කවියක්

    බොදුන් කපනට ගෙනෙන කඩුවෙන් තොපේ බෙල්ලම කැපීයන්
    බොදුන් දවනට ගෙනෙන ගින්නෙන් තොපේ සිරුරම දැවීයන්
    බොදුන් පෙළනට දරන අවියෙන් තොපේ ඇටකටු බිඳීයන්
    බොදුන් හඬවන තොපට හඬනට කඳුළු බිඳකුදු නොවීයන්

    තබන එක පියවරක් පාසා තොපේ සියොළඟ දැවීයන්
    කියන එක රොස්බසක් පාසා තොපේ මුව'ගුළු වැටීයන්
    කරන එක බලුවැඩක් පාසා බලු අහර වී මැරීයන්
    මගේ මවුබිම වනසනා තොප සිය දහස්වර මැරීයන්

    මරන්නට රිසි තොපේ හත්මුතු පරපුරම මරු වැදීයන්
    කපන්නට රිසි තොපේ අත් පා තොපේ දෑතින් කැපීයන්
    පෙළන්නට රිසි තොපේ සියොළඟ සුන් සහල් සේ බිඳීයන්
    දවන්නට රිසි තොපේ කඳබඩ තොපේ ගින්නෙන් දැවීයන්

    බොදුනු කඳුළැලි මල් මිටක් වී හඬනවුන් සිත් නිවේවා
    බොදුනු ගේ දොර සත්මහල් වී සියලු ඉසුරෙන් පිරේවා
    තැවුණු මතකය මකා නව දිවිමගට ආසිරි ලැබේවා
    බොදුනු දෙනුවර යළිදු දිනයෙක එක් රටක් වී දිලේවා

    (වීර සිංහල බෞද්ධයකු විසින් රචිතයි)

    ReplyDelete
    Replies
    1. අර ලොක්කාට වගේ යන යන තැන් වල සද්දෙට දාන්න සිංදුත් ගැහුවා නම් හරි .....

      Delete
    2. නානසාර පරපුරෙ වීර සිංහලයින්ට

      තබන එක පියවරක් පාසා තොපේ සියොළඟ දැවීයන්
      කියන එක රොස්බසක් පාසා තොපේ මුව'ගුළු වැටීයන්
      කරන එක බලුවැඩක් පාසා බලු අහර වී මැරීයන්
      මගේ මවුබිම වනසනා තොප සිය දහස්වර මැරීයන්

      මරන්නට රිසි තොපේ හත්මුතු පරපුරම මරු වැදීයන්
      කපන්නට රිසි තොපේ අත් පා තොපේ දෑතින් කැපීයන්
      පෙළන්නට රිසි තොපේ සියොළඟ සුන් සහල් සේ බිඳීයන්
      දවන්නට රිසි තොපේ කඳබඩ තොපේ ගින්නෙන් දැවීයන්

      Delete
    3. බලාගෙන වචනයක් හරි වැරදුනොත්.. ඕක ඔහේලටම එයි..

      Delete
  18. මාතලන් උඹේ ඔය වචන ටික ලියයි කියලා මම බලාගෙන හිටියා !!!
    අති විශිෂ්ටයි.. 200% ක් එකඟයි ..

    ReplyDelete
  19. බලු බොදු සේනා සබාපති උන්නාන්සේ අද උන්නාන්සේගේ අධෝමුඛයක් වැනි පුකය විවෘත කොරලා දෙසා වදාලා අස්වෙන්න හිතෙන බව. ඒ කියන්නේ රිලේ එකේ එයාගේ ලැප් එක ඉවර කොරලා බැටන් එක තව අධෝමුඛ උන්නාන්සේ කෙනෙකුට දෙනවා කියන එකයි.

    ReplyDelete
    Replies
    1. කිරම විමලජෝතියා මුදලාලි වුණාට ඒ තරම්ම නරක මිනිහෙක් නෙවෙයි. ඌටත් හෘදය සාෂිය කියලා මොකක හරි ඇති. හැබැයි ඕකෙ විතරක් නෙවෙයි සිංහල රාවයෙ ජාතික හෙළ උරුමයෙ ඉන්න අනෙක් ගණයො සෙට් එක නම් අමු තිරිසන්නු.

      Delete
    2. ඒකත් දැන්ම දෙන්නේ නැතිලු.. ඇත්තටම මුන් සංඝයාවහන්සේලාද? චීවරධාරින්ද?

      Delete
  20. මෙව්වා සියල්ලෙ බර දුක නැති බැරි එකා ගේ කර උඩින් යන එක නම් දුකය,ප්‍රශ්ණේ දැන් නානසාරට විරුද්ධ දැන් යමක් කලහොත් රටේ විශාල කලබලයක් ඇති විය හැකිය ,කොම වෙතත් බොදු බලය දැන් මැර බලය මෙන් ය

    ReplyDelete
    Replies
    1. කිසිම කළබලයක් වෙන්නේ නෑ. දැන් ජනරාල් අල්ලලා හිරේ දැම්මා කියලා. මොකාද පාරට බැස්සේ. උපවාස අරවාස කරන්න ගියපු උන්ට එක වෝර්නින් එකයි දුන්නේ. හොඳට හෝ නරකට සෘජු නායකත්වය කියන්නේ ඒකටයි

      Delete
  21. අපි දේශපාලන රංග භූමියේ රඟ දැක්වෙන මෙගා නාටකයක අවශේෂ නළුවන්මය. එක්දහස් නමසිය අසූ තුනේ තිරගත වූ වන් ෂොට් වන් බයිස්කෝප්පයට හුරේ දුන්නවුන් නිසා අපි වසර තිහක් සාප වින්දෙමු.

    නාන සාදුත්, අසාද් සාලිත් වන් ෂොට් ටූ රඟදැක්වූ පමණින් මා අත්වින්ද ඒ ලේ තැවරුනු තැතිගත් ළදරු විය, ළමා විය සහ නව යොවුන් විය මගේ දරුවන්ට උරුම කර දීමට මා සූදානම් නැත.

    මම මගේ ජාතියට ආදරය කරමි. එබැවින්, ගඩොල් බාගයෙන් , පෙට්‍රල් කෑන් එකකින් ඇන්ත්‍රැක්ස් මර්ධනය කල නොහැකි වග යළි යළිත් පවසමි.

    ගඩොල් බාග වලින් ඇන්ත්‍රැක්ස් මර්ධනය

    ReplyDelete
    Replies
    1. 83 දී උඹ හැදන්න දායක වූ ශුක්‍රාණුව ,අපි වෘෂණයට ඇවිත් තියා ශුක්‍රාණු මාතෘ සෛල වලින් ජනනය වෙලාවත් නැතුව ඇති.

      Delete
    2. උඹ මාර පොරක්නේ ඇනෝ 83 වෙච්චි ඒවා කතා කරන්න පුළුවන් 83 ඉපදිලා හිටිය වුන්ට විතරද බං?

      Delete
    3. නෑ බං පුළුවන් , බුදුන් ගැන කථා කරන්න පුළුවන් උනාට ඒ කාලේ හිටියේ නැහැනේ.මෝසතරේට කියෙව්වාට, මේ හාල් කෑල්ල කියව්න්නේ මොනවාද කියලා ඒකිවත් දන්නේ නැතිව ඇති.
      මේකි කියවලාවත් තියෙන්වාද දන්නේ නැහැ නාටකය (මුල් කෘතිය තමාෂා) කියන පොත

      Delete
    4. උඹට තියෙන තැන පල්ලෙහා කොමෙන්ට් වලින් පේනවනේ. උන්ට හිතන්නවත් බැරි දේ උබ ලියන්නේ.. මේ කොමෙන්ට් එකත් ඒ වගේමයි..

      Delete
  22. The best thing that the sinhala people should do is strive to bring the wrong doers to justice..and punish the culprits like nanasara....And yes future is very unsure. I guess even the tamils who were moderate will support Eelam more because they cant trust sinhalese

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් උනුත් වෙනම දේශයක් ඉල්ලුවොත් අවුල් යන්න එපා. මොකෝ හමුදා ආරක්ෂාව යටතේ සමහර පැතිවලට ගහලා තියෙන්නේ..

      Delete
  23. ඇඳිරිය ඉවත් කළ විගස සිංහල කඩ දෙකකට ප්‍රහාරයක්

    අලුත්ගම සහ බේරුවල පොලිස් බල ප්‍රදේශවලට පනවා තිබු පොලිස් ඇඳිරි නීතිය පැය හතරකට තාවකාලිකව ඉවත් කළ අවස්ථාවේ දී අද (17) අලුත්ගම නගරයේ සිංහල කඩ දෙකකට මුස්ලිම් පිරිසක් විසින් ගිනි තබා ඇතැයි වාර්තා වෙයි.

    අද(17) පෙරුවරු 8.00 සිට දහවල් 12.00 දක්වා කාලය තුළ තාවකාලිකව පොලිස් ඇඳිරි නීතිය ඉවත් කර තිබුණේ එම ප්‍රදේශවල ජනතාවගේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා අවස්ථාව ලබා දීමට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.

    එම කාළය තුළ මුස්ලිම් පිරිසක් සිංහල පුද්ගලයින්ගේ ව්‍යාපාර දෙකක් ගනි තබා ඇති අතර පසුව බෞද්ධ විහාරස්ථානයකටද ප්‍රහාර එල්ල කිරීමට යාමට තැත් කිරීමේදී එය වලක්වා ඇති බව වාර්තා වෙයි.

    තිලක ස්ටෝර්ස්, මතුගම පාර, දර්ගා නගරය යන වෙළදසැලත්, ජයන්ත හෝටලය මතුගම පාර, දර්ගා නගරය යන වෙලදසැලත් මෙසේ ගිනිබත් කර ඇතැයි වාර්තා වේ.

    මේවන විට මතුගම, වැලිපැන්න, දර්ගා නගරය, බේරුවල, අලුත්ගම යන ප්‍රදේශවලට පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකායට අමතරව යුද හමුවෙන් විශේෂ රාජකාරිද යොදවා ඇත.

    මේ වන විට එම ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කර තිබේ.

    ReplyDelete
    Replies
    1. කරුණාකර මෙවැනි ගල් පැලෙන බොරු පළ කිරීමෙන් වළකින්න. අලුත්ගමදී සිදුවූයේ නිරායුධ මුස්ලිම් ජනතාවට එරෙහි සංවිධානාත්මක ප්‍රහාරයකි. ජාතිවාදී ගැටුමක් නොවේ. මැරයන් සියල්ල බොදු බල සේනාව හා ජාතික හෙළ උරුමය විසින් පිටින් ගෙන ගිය පිරිසකි.

      Delete
    2. බෝම්බ 17 ක්‌ සමග දර්ගා නගරයේ දී
      ඇල්ලූ තිදෙනාගෙන් දෙදෙනකු රිමාන්ඩ්

      විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

      මහජන පීඩාවන් හා දේපළවලට හානි කිරීමට පෙට්‍රල් බෝම්බ 17 ක්‌ ළඟ තබාගෙන සිටි බව කියන අළුත්ගම දර්ගා නගරයේ පදිංචි තිදෙනකුව ඊයේ (17 දා) දහවල් විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

      බම්බලපිටිය පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක යූ. ඩී. ගුණතිලක මහතා ප්‍රමුඛ පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ විසින් මේ තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

      සැකකරුවන් වූ මොහොමඩ් ලප්සාර්, අබ්දුල් නසාර් යන දෙදෙනා අද (18 දා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, මොහොමඩ් මුනින්දාස නමැත්තා රුපියල් ලක්‌ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙස කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය නියෝග කළේය.

      අළුත්ගම පොලිසියේ සැරයන්වරුන් වූ (14504) රාජකරුණා, (5871) විමලරත්න යන මහත්වරු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේය.

      Delete
    3. සෑම ක්‍රියාවකටම ඒ හා සමාන වූද ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් තිබේ. රාජ්‍ය අනුග්‍රහය සහිත සිංහල බෞද්ධ ත්‍රස්තවාදයට එරෙහිව පීඩිත මුස්ලිම්වරුන් මෙහම නොකළොත් ඒක තමා පුදුමය!

      Delete
    4. අමු කෙප්ප කෙලින්න එපා.. මේවා හරි නම් ඩිලීට් කරන්නයි ඕන.. අනික මෙහෙම දේවල් නොවුනොත් තමා පුදුමේ..

      Delete
  24. blog liyapu sabit uth oya peththe neda? uuth malaada dannene jihad karanna gihin :D :D

    ReplyDelete
    Replies
    1. ඌ නම් ඉන්නේ, බංගලිදේශේ...

      Delete
  25. මචං මාතලන්!! කුමන්ත්‍රණ කාරයෝ ඉන්නේ ආණ්ඩුව ඇතුලෙමනේ.ළඟදීම අරාබි පොරක් මානව හිමිකම් කොමසාරිස් වෙන්න යනවා.ඒ අතරේ තම්බියන්ට නෙලනවා.නෙලන්නේ බොදුබලයේ එවුන්, උන් ආණ්ඩුවේ පක්කලියෝ.මට නම් මේක තේරුම් ගන්න බැහැ

    ReplyDelete
    Replies
    1. මටත් මේක ටිකක් අවුල් තමයි. මෙතනදි බොදු බලේ කරන්නෙ ආණ්ඩුවට අන්තිම අවාසි වැඩක්. මගේ අදහස නම් මේක ආණ්ඩුවේ මහින්ද කණ්ඩායමේ නොව බීප් බීප් මහත්තයාගේ කණ්ඩායමේ වැඩක් බවයි.

      Delete
    2. ඒක තමයි මම හැමදාම කියන්නේ. අපේ විදේෂ සේවයේ ඉන්න ඔක්කෝම මී හරක් කියලා.. උඹට පේන දේ වත් උන්ට පේන්නේ නෑ නේ..

      Delete
  26. මිනිස්සු අහන ඒවට උත්තර දෙන්න බලු සේනාවෙන් හරි මොකෙන් හරි එකෙක් එවන්න බැරිද මචෝ.

    ReplyDelete
    Replies
    1. හැලපේ...ඇසල පෝයට නානසාර ඔය පැත්තට ගෙන්නපන් බණක් කියන්න...ISS එකෙන් ඉතිරි හරිය බලාගනීවි...

      Delete
    2. බය වෙන්න එපා.. මෙහෙම ගියොත් හෙම උත්තර බඳින්න ඕන වෙන එකක් නෑ.. ෆ්‍රී ෆල්යිට් එකක නග්ගලා එවාවී..

      Delete
  27. මැදිහත් විග්‍රහයක්.... ඉතිහාසයේ සිදු වූ වැරදි ආයෙම සිදු නොවෙන්න නම් අන්තවාදී නොවී මේ විදියට හරි වැරැද්ද තේරුම් බේරුම් කරගෙන සංවාදයක් ගොඩනැගීම අත්‍යවශ්‍යයි...

    ප්‍රශ්න දිහා අපි බලන්න ඕන මනුෂ්‍යත්වය, ආදරය පෙරදැරි කරගෙන රංගි කියනවා වගේ.. වටින්නෙ ජීවිතය....... ආගම, ජාතිය, කුලය මේ හැමදේම මනුෂ්‍යත්වය ඔප් නංවන්න මිස, විනාශ කරන්න අවි ආයුධ කර ගත යුතු නැහැ කියලයි මට හිතෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. මිනිස් සිත නිවන්න ඉන්න උන්. ප්‍රසිද්ධියේ ගිනි තියපිය කියන කොට තව මොන කතාද...? මේ ලියන, රටට, මිනිස්සුන්ට. මිනිස් ජීවීත වලට ආදරේ කරන අපියි අන්තිමේදී දේශද්‍රෝහීන් වෙන්නේ...

      Delete
  28. ගැටුම් අවම වීමට වඩා ගැටුම් වැඩි වීම තුළ පාලනය පහසු වන්නේ එවැනි ලේ වැගිරීම් හරහා සාමාන්‍ය ජනතා පොදු සුබසාධනය යටපත් කිරීමට හැකි බැවින්ය.දේශපාලන වගකීම් පිළිබදව ඉටු වන්නේද නැද්ද යන්න තීරණය ගැනීමට වඩා ජනතාව මෙවැනි ක්‍රියාවන් කෙරෙහි අවධානය යොමු කරන බැවින් පාලකයාට අවශ්‍යය ගැටුම්කාරි තත්ත්වයන්ය.

    ReplyDelete
    Replies
    1. ඒත් ඉතින් ඡන්දයක් ළඟ ළඟම එන නිසා, ජනතාවට සහනයක් අත් වේවී..

      Delete
  29. මේ පෝස්ට් එක කියවන්න ඊයේ ඉදල බලන් හිටියා.
    ඔය ලියල තියෙන්නෙ සුපිරියටම!!
    දෙපාර්ශවයෙම මිනිස්සු පිස්සුවෙන් වගේ අනිත් උන්ව කපපියව් මරපියව් ගිනි තියපියව් කියල කෑ ගහන්න කලින් පොඩ්ඩක් ඔය ඔලුගෙඩියෙන් හිතුව නම් තේරෙනව අපි මෙ කරන වැඩෙන් ප්‍රශ්නේ විසදන්න බැහැ කියල.
    ඒ වුනාට මේ අය එයාලගේ අති විශාල මොලේ පාවිච්චි කොරන්න හොරයි නේ

    ReplyDelete
    Replies
    1. උඹ හිතවද උන්ට ඇඟේ සයිස් එකටම මොළෙත් තියෙනවය කියලා.. මම දැක්කා මුන්ගේ මොළේ තරම කව්දෝ එකෙක් බුකියේ දාලා තියෙනවා..

      Delete
  30. ගලබොඩ අත්තේ නෝර්වේ පිල්ලියක්ද
    යුද්ධෙ කාලෙත් නෝර්වේ රටේ අත පෙවීම තිබුනා
    අපි නොදන්න බොහෝ දේ අප රට ගැන නෝර්වේ දන්නවා
    තෙල් සම්පත් හෝ වෙනයම් සාගර සම්පත් ගැනද මේ අත පෙවීම?
    ආයුද නිශ්පාදන සමාගම්වල හිමිකාරීත්වයක් තිබෙනවාද?
    එහෙම කියලා අපි නෝර්වේ තරහ කර ගන්න ඕන නෑ, නමුත් මේවා සොයා බැලිය යුතු දේ..
    අපේ ජාතීන් කොටෝල තිබ්බම කාටකාටත් උවමනා දේ කර ගන්න පුලුවන්.

    ගලබොඩාත්තේගේ භූමිකාව....ගැන මේ පිලිබඳවත් සිතාබලන්න

    සංඝයාට හා බෞද්ධාගමට තිබෙන ගරුත්වය නැති කිරීම
    සෝභිත පොදු අපේක්ශකයා ලෙස විත් ආණ්ඩු විරෝධී ඡන්ද ගැනීම වැලක්වීම, විශේෂයෙන් ආණ්ඩුවට නොලැබෙන මුස්ලිම් ඡන්ද සෝභිතට යාම වැලක්වීම

    ඉදිරියේදී ජාතීන් අතර සමගිය ආණ්ඩුවේ ජාතිවාදී පිළිවෙතට බාධාවක්, සමගිය නැතිවෙන තැනට වැඩ කටයුතු කිරීමයි අරමුණ.

    මා යුද්දයට එකඟ නැති වුවත් යුද්ධයෙදී විශාල කාර්‍යභාරයක් ඉටුකල විශේශ කාර්‍යභලකායේ හා intelligence යුනිට්වල යෝධයින් අතර මුස්ලිම් අයත් ප්‍රධාන බව මා අසා කියවා ඇත.
    සුද්දන්ගෙන් නිදහස දිනාගත්තෙත් එක්වීලයි.

    රටක එක කස්ටියක් ආගම ජාතිය පොරවගන්න ගියහම අනෙක් සුලු ජාතීනුත් තමන්ගෙ අනන්‍යතාවයන් සොයාගෙන යනවා.
    නලින්ද සිල්වා තුමාටත් අමරසේකරතුමාටත් සතුටු ඇති.

    ජීවත්වීමේ බර දරාගන්න බැරිව දඟලන මිනිස්සු ඉක්මනටම කුපිතකරන්න පුලුවන්. මිනිස්සු හිතන්නෙ අපි දුප්පත්වෙලා තියෙන්නෙ මේ මුස්ලිමුන් අපිව හූරගෙන කන නිසා කියල. 83 හිතුවෙ දෙමළ කඩකාරයා, සපත්තු මහන මිනිහා නිසා කියල. 83 මා කොළඹ වි වි පලමු වසරෙ, ගිනිගන්නා කොළඹ හරහා ඇවිදගෙන පයින්මයි ගෙදර ගියේ. මිනිස්සු ටී වී, රෙදි රෝල් කරේ තියාගෙන ගියා. මහචාර්‍ය වැලන්ටයින් ජෝශප්ගෙ නාලන්ද ඉස්කෝලෙ හරිය තිබුනු ගේ ගිනි තියල, සර් ඇඳිවත පිටින් කැම්පස් එකට දුවල ඇවිල්ල තුබුන.
    විශම චක්‍රය නැවත කැරකෙන්න අරං.
    ඒකට නායකත්වය දෙන්නෙ නෝර්වේ සම්බන්ධකම් තිබෙන සිවුරුධාරීන්.
    මහ බණ්ඩට වෙඩිතිබ්බෙත් සිවුර දාගෙන

    ReplyDelete
    Replies
    1. මටත් වෙලාවකට එහෙම හිතෙනවා. ඇත්තටම මුන් රටට ආදරය කරණ, රට බේර ගන්න ඉන්න උන් නෙමෙයි. රට ගිනි තියලා, විනාශ කරන්න උපන් අසමජ්ජාති පාපතරයෝ සෙට් එකක්..

      Delete
    2. සෝභිත පොදු අපේක්ශකයා ලෙස විත් ආණ්ඩු විරෝධී ඡන්ද ගැනීම වැලක්වීම, විශේෂයෙන් ආණ්ඩුවට නොලැබෙන මුස්ලිම් ඡන්ද සෝභිතට යාම වැලක්වීම

      Delete
  31. මේ පුන්චි දූපතේ මරාගන්න හදන්නෙ මොනව බෙදාගන්නද බුදු හාමුදුරුවො කවදාවත් මේ වගේ මී හරක් වැඩ කරන්න කියල නෑ මේ චීවරදාරියා රජයෙන්ම තමන්ගෙ බලය ‍රැක ගන්න යොදවන කෙනෙක්. මේ වගේ අයට ‍රැවටිලා එකම රතු ලේ තියන මිනිස්සු එකිනෙකා මරාගන්නෙ ඇයි? අවුරුදු 30ක් යුද්දෙක ඉදපු අපිට තවත් යුද්දයක් ඕන නැහැ බෞද්ධ මුස්ලිම් සියලුම දෙනා එකතු වෙලා මෙ වගේ උන්ට ගහන එකයි හරි නම් වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා.. මේ ආත්මෙම පලදෙන ඒවත් තියෙනවා කියලා බුදු බණේම නේ තියෙන්නේ. මතකනේ ගංගොඩවිල එක්කෙනාටයි, අෂ්‍රෆ්ටයි දෙන්නටම වෙච්චි දේ...?

      Delete
  32. නානසාර හාමුදුරුවී කාගෙ හරි රූකඩයක් කියන එක නම් මුල ඉදන්ම හිතෙන දෙයක්.. ඒත් ඒ කාගෙද කියලයි හිතා ගන්න බැරි.. ලොක්කා රට සවාරි ගහලා එද්දී මෙහේ තව ප්‍රශ්ණයක් උඩු දුවලා තියේවි..

    ReplyDelete
    Replies
    1. ඔහේ නොදන්නවා උනාට මුලු ලෝකෙම දන්නවා එයා කාගේ නැට්ටක්ද කියලා..

      Delete
  33. අතුරු ප්‍රශ්ණයක්.

    කීප තැනකම දැක්කා මේ 1983 (ජූලි) සිට අවුරුදු 30ක් ගිය කතාවක ගැන ලියලා තියෙනවා.

    ඇත්තටම 2013 ජූලි මාසේ මොනවද සිද්ධ වුණේ?

    ReplyDelete
    Replies
    1. 2014 වෙන දේට ෆවුන්ඩේෂන් දාන නිසා වෙන්නැති එහෙම ලියන්න ඇත්තේ ලියපු කෙනා....ගනන් බැරි අය ලියන ඒවා ගනන් ගන්න එපා අනේ...

      Delete
    2. කාගේ හරි ඇදයක් හොයන්න තියෙනවනම් කකාටත් ඊට වඩා දෙයක් නෑ , කකා කියන්නේ ඇත්තටම පිරිමියෙක්ද? නැත්තම් නාකි ගෑනියෙක්ද?

      Delete
    3. මට මතක නෑ මෙයා.. එහෙම දෙයක් ලිව්වද...?

      Delete
  34. මෙතැනදී උඹත් එක්ක 100% එකඟයි... මේ වගේ පොඩි පොඩි ප්‍රශ්න ඕනෙම තැනක ඇතිවෙනවා... සිංහල සිංහල අතරත්, මුස්ලිම් මුස්ලිම් අතරත්.... රටේ නීතියක් නැතිවීම තමයි මේ දේවල් මෙහෙම ඔඩු දුවන්න ප්‍රධානම හේතුව.... මේ වගේ දේවල් වෙන්න දීලා ප්‍රශ්න අමතක කරවීම තමයි පාලකයන්ගේ ක්‍රමය....

    ReplyDelete
    Replies
    1. රටක නීතිය නිසි ලෙස ක්‍රියාතමක වෙනවා නම් මේ කිසි දෙයක් වෙන්නේ නෑ. මිනිස්සු ආගම් වලට වඩා නීතියටයි බය වෙන්න ඕනා..

      Delete
  35. //සුන්දර දිවයිනක්, එක රැයෙන්, "මිනී කන්නන්ගේ දේශයක්.." බවට පත් කරණා ලදි. ඒ දේ කලේ රටේ මහජනතාවද? නැත. කාළකන්ණි දේශපාළකයන්මය. //

    විසඳුම???

    ReplyDelete
    Replies
    1. එකෙක් ළඟවත් නොමැත...

      Delete
  36. ඥානසාර හිමිට බැනවැදීම හරියට ගෙදර තියෙන මුවහමට තඩි බානවා වගේ වැඩක්, ඥානසාර මේ දේවල් කලේ තනියමද? අවුරුදු ගානක් පරණ දේශපාලන පක්ෂ වලට පවා රැස්වීමකට මිනිස්සු දහයක් හොයාගන්න් බැරි කාලෙක බොදුබලේ දහස් ගානින් සෙනග ගෙන්නගන්නේ කොහොමද?
    මේවාට දෙන උත්තර ඇතුලේ තියෙනවා මේක කාගේ වුවමනාවක්ද ,කොහෙන්ද මෙහෙයවෙන්නේ කියලා .

    ReplyDelete
    Replies
    1. මොළේ තියෙන ඕන එකෙකුට තේරෙනවා වෙන්නෙ මොකක්ද. කාගේ වැඩද කියලා...

      Delete
  37. අද වෙනකොට සිංහල බෞද්ධ ජනයාගෙන් සැලකිය යුතු ප්‍රමාණයකුත් , මුස්ලිම් ජනයාගෙන් සැලකිය යුතු ප්‍රමාණයකුත් අන්තවාදයේ ග්‍රහණයට හසුවෙලා හමාරයි , නාවල පාසලේ සිදුවීම බලන්න , අවුරුදු ගානක් පාසලේ නිල ඇඳුම ඇඳපු ශිෂ්‍යාව හිටපු ගමන් පර්දාවක් ඇඳන් ගියේ කාගේ උවමනාවටද? ගැටුමක් හිතාමතාම ඇති කරන්න.
    කුලප්පු කරන එක කරන්න උත්සාහ කලාම ,ඒ ඇම පහසුවෙන්ම ගිලින සිංහල බෞද්ධ කියාගන්න අවස්තාවදීන් ඒක ජාතික ප්‍රශ්නයක් මට්ටමට ගේනවා. ජාතීන් අතර සංහිඳියාව ඇති කරන්න දේශපාලකයන්ට පහසුවෙන් පුළුවන්, ඒ වගේම එක නැති කරන්නත් පහසුවෙන් පුළුවන්. නමුත් දෙපැත්තේම නයකයෝන්ට මේ ගැන කිසිම උවමනාවක් නෑ. ඒ උන්ගේ පැවැත්ම නැතිවෙන නිසා, ජාති ආගම් වල නාමයෙන් සුරසැප විඳින්න බැරිවෙන නිසා.

    ReplyDelete
    Replies
    1. නැත්තං අර ලැජ්ජයි කිය කියා අධිකරණ ඇමති කම් කොරයියෑ...කොහොමද පොර ඉල්ලා අස් උනානම් නීතිය ආරක්ෂා කරගන්න විදියක් නැහැය කියලා...

      Delete
    2. පිලිගත් කියමනක් තියෙනවා. ජනතාවගෙ හැටියටයි පාළකයෝ ලැබෙන්නේ කියලා. මම ඒ කතාව ඒ කාළේ ඉඳන්ම පිලි ගන්නේ නෑ. පාලකයෝ විදියටයි ජනතාව හැඩ ගැහෙන්නේ. අරූ ලියලා තිබුනා ජර්මන් පොරක්ද කොහෙද ඌට ඒ කතාව කියලා තිබුනා කියලා.

      Delete
  38. //ජාත්‍යන්තරය හමුවේ පරීක්ෂණ වලට යොමුවී සිටින රටක්,//

    මේක තමා අනිත් මාකට් එක..

    ReplyDelete
    Replies
    1. ඒවට කියන්නේ පාර්ලිමන්ට් ජෝක්ස්..

      Delete
  39. බෞද්ධයින් අතර මුස්ලිම් විරෝධී ජාතිවාදී හැඟීම් ඇති කිරීමේ පුරෝගාමියා බෞද්ධ භික්ෂුවක වූ ගංගොඩවිල සෝමය. ඔහු එය කළේ ඉතාම සුක්ෂ්ම ආකාරයෙනි. සමහරවිට තමන් මේ අවුලන ගිනිපුපුර අනාගතයේ මහා ගිනි ජාලාවක් වන බව ඔහු නොසිතන්නට ඇත. එහෙත් අද වෙමින් පවතින්නේ එයයි. ගංගොඩවිල සෝම අප අතර නැතිවුවද ඔහු ඇවිලවූ කාලකණ්නිත්වයේ ගින්න බුර බුරා ඇවිළෙමින් පවතී. මේ මහා ගින්න පසුගිය සති අන්තයේ අලුත්ගමදී බිලි හතරක් ගත්තේය. මේ අවසානයය සිතිය නොහැක. මේ සිද්ධීන් මේ රටේ පිරිසක් විසින් මහා වීරයකු සේ හුවා දක්වන ගංගොඩවිල සෝමගේ සෑබෑ භූමිකාව නැවත ප්‍රශ්න නොකරන්නේද?

    http://anonymousaya.blogspot.com/2014/06/blog-post_4249.html

    ReplyDelete
    Replies
    1. සෝම හිමියන්ට මම ගරු කලත්, මේ කතාව මම පිලිගන්නවා.

      මම ඒ දවස්වල ඉඳල උන්වහන්සේගේ බණ ඇහුනොත් සද්ද නැතුව මගෑරලා යනවා. හිත නිකන් සවුත්තු කරගන්න හොඳ නැති හින්දත්, මම නිකන් අමුතු පොරක් වගේ අනිත් අයට දැනෙන හින්දත් ( ඒ බණ මට අල්ලන්නේ නැති හින්ද)

      කෙනෙක් හිතන්නේ නැහැ තමන් යමක් කරනකොට ඒවගේ අතුරු ප්‍රතිපල කොයි වගේ වෙයිද කියල... හැබැයි.... ඔබ කොහොඹ ඇට සිටවනවා නම්.. ඒකෙන් මී අඹ ප්‍රර්ථනා කරන්න බැහැ කියන සරල දේ තේරෙන්න ඕනේ... විශේෂයෙන් සමාජයේ යම්හෝ පිළිගැනීමක් තියෙන කෙනෙක්නම්. මොකද බලපෑම හුඟක් වැඩියි!

      Delete
    2. පටන් ගත්තේ වෙනත් දේකින්. ජනප්‍රිය වෙන කොට. පිස්සු හැදුනා. අන්තීමෙදි පිස්සුවෙන්ම අපවත් උනා. ඒකටත් ගොන් හරක් වෙන මිනිස්සුන්ව මරාගෙන කන්න හැදුවා.

      Delete
  40. මනුස්සකම කියල දෙයක් නැති ගෝත්‍රිකයන්ට කිසිත් තේරුම් කරන්න බෑ මාතලං

    ReplyDelete
  41. බෝම්බ 17 ක්‌ සමග දර්ගා නගරයේ දී
    ඇල්ලූ තිදෙනාගෙන් දෙදෙනකු රිමාන්ඩ්

    විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

    මහජන පීඩාවන් හා දේපළවලට හානි කිරීමට පෙට්‍රල් බෝම්බ 17 ක්‌ ළඟ තබාගෙන සිටි බව කියන අළුත්ගම දර්ගා නගරයේ පදිංචි තිදෙනකුව ඊයේ (17 දා) දහවල් විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    බම්බලපිටිය පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක යූ. ඩී. ගුණතිලක මහතා ප්‍රමුඛ පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ විසින් මේ තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරුවන් වූ මොහොමඩ් ලප්සාර්, අබ්දුල් නසාර් යන දෙදෙනා අද (18 දා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, මොහොමඩ් මුනින්දාස නමැත්තා රුපියල් ලක්‌ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙස කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය නියෝග කළේය.

    අළුත්ගම පොලිසියේ සැරයන්වරුන් වූ (14504) රාජකරුණා, (5871) විමලරත්න යන මහත්වරු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේය.

    ReplyDelete
    Replies
    1. නානසාරගේ බෝම්බ බඩේ වෙන්නැති. ඒකයි එයා තාමත් අත් අඩංගුවට අරන් නැත්තේ..
      නෑ නෑ එයාගේ බෝම්බ කටේනේ...
      බම්බලපිටියෙ ඕ අයි සී මහත්තයාට එච්චර ඒවා තේරෙන්නෑ...
      එයා බබා...

      Delete
    2. ගිනි තියපු එකා තවම ගන්න බැරි. පොලීසියේ කස්ටිය වෙන ඩියුටි වලට ගිහින්ද?

      Delete
  42. ඔවුනට අවශ්‍ය වී ඇත්තේද අප ඔබ වැන්නවුන් කුපිත කර නානසාරට බැනවීම මෙන්ම නානසාර සේනාවට එකතුවන්නන් හට රංග භූමිය සකසා දීමමය.
    ඔවුන් අපට වඩා සැම විටම ඉදිරියෙන් සිටින බවත්, අප මානසිකත්වය මෙනෙවින් අවබෝධ කරගෙන සිටින බවත්, මේ හැම සිදුවීමකම අවසානය අපගේ චන්දය ඔවුනටම පමනක්ම යන්නයි බවත් ඔවුන්ගේ හැඟීමයි (උපකල්පනයකි )..
    මතාගේ පොස්ට් එකත්, අප සියලුදෙනාගේම කොමෙන්ටුත් නැවත නැවතත් අප කොතරම්ම අසරනද, ඔවුන් කොතරම් ශක්තිමත්ද යන්නත් පැහදිලි කරයි.
    83න් ගල් වූ අප, නැවත කිසිදා අවදිනොවන බව අප පාලකයින් හට ඔප්පුකර දුන්නේ, දළදා මාලිගාව, සිරිමහබෝදිය සිද්ධීන් තුලින් විතරක්ම නොවන බවත් අප කවුරුත් දන්නා සත්‍යයි.

    ReplyDelete
    Replies
    1. / / වසර 30 ක් පුරා අඳුනු යුධමය වාතාවරනයේදීවත්, එය ජනවාරිගික ගැටළුවක් ලෙස ඉස්මතු වූයේ නැත. 83 සිඳුවීම හැර, ඉන් පසු කිසිඳු අවස්ථාවක, ජනතාව නීතිය අතට ගැනීමට ගියේ නැත. මීට වඩා ලේ කෝප කරන්නාවූ, ජය සිරිමා බෝධි ප්‍රහාරය, දළදා මාළිගා ප්‍රහාරය, අරන්තලා ප්‍රහාරය මෙන්ම කාන්තන්කුඩි ප්‍රහාරයේදීවත් ජනතා නැගිටීම් වලට ඉඩක් නොවීය. එසේ කිසිඳු සිඳුවීමක් ඉස්මතු වීමට ඉඩ නොදුන් ජනතාවට මෙන්ම, පාළකයන්ටද අපගේ ගෞරවය හිමි විය යුතුමය. නැතිනම් සිඳුවන්නේ මේ රට ලේ ගංගාවන් හා මිනී කඳු පිරුණු දේශයක් වීම පමණි.///
      පාලකයින් මෙසේ හැසිරෙන්නේ අප නිදි නිසාවෙන් නොවේද? පෞද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධව හෝ හෙද උපාධියට විරුද්ධව හෝ තම පඩිපත උදෙසා හෝ වීදි බසින උගතුන් අඩුම වශයෙන් මෙවැනි අසාධාරන පාලනයකට නැතිනම් නැවතත් මේ පුංචි දිවයින ලෙයින් නැහවීමට පාලකයින් දරන අත්තොනෝමතික ක්‍රියාදාමයට විරුද්ධව ප්‍රකාශයක්වත්, දේශපාලන සමාගම්වලින් පිටත නිකුත්කර ඇත්ද?

      Delete
    2. අනිවා...

      බත් ගෙඩියට ගිරිය පුප්පගෙන දුවගෙන පාරේ වාඩිවෙන උන්, මේ වගේ වෙලාවට දොයි! දුර තියා නියර් ෆියුචර් එකවත් පේන්නේ නැහැ! එක එක සංවිධානවලින් ප්‍රකාශ නිකුත් වෙනකල්, කවුරුහරි ඇවිත් අපි වෙනුවෙන් කරලා යනකල් නේ බලන් ඉන්නේ..

      මෙතන වටින්නේ කව්රු කලින් ගුටිකෙලිය පටන් ගත්තද, කාගේ පැත්තෙන්ද වැඩි ගණනක් මැරුණේ කියන එකද? එහෙම මනින්න ගියොත් අපි දෙමළ ජනතාව සමුලඝාතනය කරන්න එපාය... මෙහෙත් නැති, ලංකාවෙන් පැනල ගිහින් වෙන රටවල් වල ජිවත් වෙන අයට තමයි දැන් 'කැක්කුම' වැඩි!! අම්මේ එයාලගේ 'සිංහල බෞද්ධ' කමක මහත !!

      Delete
    3. අපි අසරන නෑ ආකි... සත්‍යය කවදා හෝ ජයගන්නවා.. ඒ දේ භූමිය තුලම සිඳු වෙලත් තියෙනවා..

      Delete
  43. විශිෂ්ට සටහනක් මාතලන්. 83 ඇතිවූ අවාසනාවන්ත යෙදය් යළි ඇති නොවේවා.

    ReplyDelete
    Replies
    1. මගෙත් පරම පැතුම එයයි. උඹ දන්නවද ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකට මේකෙන් වෙච්ච ඩැමේජ් එක.. මේ මිඩ්ලීස්ට් සෙට් එක බහින කාළේ..

      Delete
  44. අන්තවාදියෝ නැත්නම් මේ රටේ සිංහල දෙමල මුස්ලිම් මේ හැමෝටම කොච්චර සතුටින් සහයෝගෙන් ඉන්න පුලුවන්ද.

    මොංගෝලියානුවනේ කහවන් ආසියාවේ

    කෙකේසියානුවනේ සුදුවන් යුරෝදේසේ

    නිග්‍රෝ වරුනේ කළුවන් අප්‍රිකාවේ

    උරය පලා සැතකින් බලන් රුහිරූ

    එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරූ



    සිංහල ජනයිනි රුහුණු මායා පිහිටි රටේ

    දමිළ ජනයිනි යාපාපටුනේ මඩකලපුවේ තිරිකුණාමලේ

    මුස්ලිම් ජනයිනි බේරුවල හම්බන්තොට තිහාරියේ

    උරය පලා සැතකින් බලන් රුහිරූ

    එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරූ



    බොදුනුවනේ දන් පින් හී යෙදෙන පන්සලේ

    කිතුණුවනේ යදින යාතිකා දෙව්මැදුරේ

    මුස්ලිමුනී කියන කුරාණය පල්ලියේ

    උරය පලා සැතකින් බලන් රුහිරූ

    එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරූ



    බමුණනි වරෝ වෙල්ලාවට පූන නූලෙන් දිය ලණු බැදගෙන

    රජකයිනි ගනිව් සිහසුන වෙල්ලා හැලියෙන් සෝදා අතපය

    සිහළ ගිනි දණ්ඩේ – දමිළ වෙඩි උණ්ඩේ

    ගෝත්‍ර වාදී ඉලක්ක වලකා සිහලුනේ යමවු යාපා පටුනට

    දමිලයිනි වරෝ රුහුණට

    උරය පලා සැතකින් බලන් රුහිරූ

    එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරූ”

    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
    සංගීතය - ඔස්ටින් මුණසිංහ


    මේ වගේම කමෙන්ටුවක් මං දේශකගේ පෝස්ට් එකටත් දැම්ම දැන් ටිකකට කලිං. නන්දා මාලිනීලගේ හඬ නැවතත් අවධිවිය යුතුම කාලයයි මේ.

    මටනම් මතක්වෙන්නෙම මේකම තමයි.

    ReplyDelete
    Replies
    1. මැලේ ගොයියෝ ලේ රතු පාට උනාට ලේ වර්ග 04ක් තියෙනවා. + / - කියලා ගත්තොත් ලේ වර්ග 08 ක් තියෙනවා . පාට විතරයි සමාන.
      ‍ඔය සින්දුව ලියුව ගොයියාම ලියලා කයනි කටින්ම තමයි ගැයුවේ
      " බුදුන් රකින පින්බිම ලංකා රැකුම - එයයි අපේ අද දවසේ මහණකම.
      ඔය සින්දු දෙකම කිව්වේ එකම පවනේදී තමයි

      Delete
    2. නන්දා මාලිනිලා සුරතාන්තයට පත්වෙන කාළේ කියාපු බයිලා පුතේ මේ.. දැන් නන්දා ආච්චිලා ගහන්නේ.. යනවානම් අනේ මං අරන්.. රජ ගෙදරට යන්න රත්තරං කියන බයිලා විතරයි..

      Delete
  45. මේකත් හරියට කොන්දොස්තරගේ ඉතුරු සල්ලි දෙන වැඩේ වගේ...

    කවුරුත් දන්නවා එහෙම කරන්න ඕනේ කියල... ඒත් ඇත්තටම එහෙම කරන්නේ නැහැ...කවුරුත් දන්නවා මරාගන්න ඕනේ නැහැ කියල, ඒත් ඇත්ත තත්වෙට ගියාම ඕනේ වෙලාවට කරන්නේ නැහැ.

    අපි හැමෝම එකඟයි මේක තකතීරු වැඩක් කියල. සාකච්චා කරනවා, තර්ක කරනවා කෙළවරක් නැහැ. අන්තිමට සාකච්ජා ඔක්කොම කැලේ ! මුග්ධයෝන්ගේ ෂෝ එක හැමදාම අපි බලන් ඉන්නවා..

    මම දැකල තියෙනවා මහා ලොකු උගත් කියන අපිත් එක්ක එකටම වැඩකරන තරුණයෝ/තරුණියෝ එෆ්බී එකේ අන්තිම නින්දිත විදියට ඉස්ලාම් ආගමට පහර දෙනවා. උනුත් ප්‍රතිප්‍රහාර දෙනවා.. අන්තිමට බලනකොට අතින් පයින් ගහගන්න එක හොඳයි... ලොවක් බලාගෙන ඉන්නකොට කියන කතා ඇහුවම...
    මේකත් හරියට, තමන්ගේ ගෑනුලමය පරිස්සම් කරගන්න කියල, ලෝකේ ඉන්න ඔක්කොම අනික් පිරිමි ටික මරල දාන්න ඕනේ කියන තර්කෙ වගේ... විකාරයි!

    ReplyDelete
    Replies
    1. මේක විකාරයක් තමයි.. නිකන් විකාරයක් නෙමෙයි.. මළ විකාරයක්..
      මොකෝ හතර දෙනෙකුටම මළ ගෙවල් සෙට් කලානේ..

      Delete
  46. ඔන්න දුවේ පුතේ මම 83 කලු ජූලිය ගැන ඔයාලට කියලා දෙන්නයි හදන්නෙ
    ඉස්සර හිටිය අමිර්තලිංගම් කියලා ජාතිවාදියෙක් එයා රබර් සෙරෙප්පු වල‍ට කැමති නෑ
    එයා කිව්වා සිංහල මිනිස්සු න්ගේ හම් වලින් සෙරෙප්පු හදනවා කියලා
    එයාගේ නෝනට සිංහල මලමිනී වලින් කොම්පෝස්ට් පෝර හදලා රෝසමල් වවන්න ඕනවුනා ඉතින් දෙමෙල්ලු මේ කතා වලට විසිල් ගැහුවා පෝලිමේ ගිහින් චන්දෙ දුන්නා
    මේ දේවල් ඉවසලා ඉවසලා බැරිම තැන 83 ජූලි මාසේ සිංහල මිනිස්සු ඉතා සුලු කලබලයක් කලා
    මේක පර දෙමලු මහා ලොකු දෙයක් හැටියට මවලා පෙන්නනවා ඔව්වා ගනං ගන්න එපා
    ඇත්තටම 83 දෙමෙල්ලු මැරුව මදි
    83 දී වුනේ දෙමල පත්තු කරපු ගින්නට දෙමලම බිලිවීමයි

    ReplyDelete
    Replies
    1. ඉතා සුළු කලබලයක් නේද? ඉතා සුළු කලබලේ ඔහොම නම් මහ කලබලයක් හෙම කළා නම් මේ රටත් නැති වෙන්න තිබුණා.

      Delete
    2. මචං උඹට ළොකු සිද්දියක් වෙන්න කීයක් විතර මැරෙන්න ඕනද මචෝ...

      Delete
    3. ඉතා සුළු කළබලයක් කරන්න පැට්‍රල් ගැලුම් කීයක් විතර ඕනැ වෙනවද?

      Delete
  47. අවුරුදු දෙදහස් පන්සීයක්ම බුදු දහම පැවතුනෙ ලේ සෙලවීමෙන් තොරවයි.. ඒ වාර්තාව කඩා දැමීමෙන් බුදුන් වහන්සේටත් දහමටත් කළහැකි උපරිම අපහාසය නානසාරලා රාවණලා සහ සමාගම් විසින් කර තිබේ..
    තිස් වසරක සාපයෙන් ගැලවී සාමය වෙනුවට සාපයකට රට දක්කන උන් නොදකින උන්ට බැට නොදෙන බහුතරයටයි හෙණ වදින්න ඕනෙ..

    ReplyDelete
    Replies
    1. දුටුගැමුන් එලාර යුද්දේ සිංහල දෙමල යුද්ධයක් නෙමේ බෞද්ධ මිත්‍යා දෘද්ඨික යුද්ධයක්
      ඒකෙන් පස්සේ
      දුටුගැමුනු රජ්ජුරුවෝ එලාරගේ මිනිය බුද්ධාගමට හැරෙව්වා ඊටපස්සේ ඒකට රාජ්‍ය ගෞරව දුන්නා

      Delete
    2. ආගම ගාගත්තාට ඒ යුද්දෙ ආක්‍රමණිකයෙක් එක්ක කල එකක්.. අපේ හැම මඟුලකටම ආගම ඉතිං ගෑවෙනවනෙ..

      Delete
    3. බය වෙන්න එපා සරා... බුදු හම්මුදුර්වොන දෙසලා තියෙනවා.. සියළු දෙයම තාවකාළිකයි.. සියළු දෙයම් නැසෙන සුළුයි කියලා...

      Delete
  48. අලුත්ගම ප්‍රශ්නෙ සිද්ධ වෙච්ච තැන ගැන දන්න කෙනෙක් කිව්වෙ සමිත හාමුදුරුවන්ගේ පන්සලට යන පාර වැටිලා තියෙන්නෙ මුස්ලිම් කලාපයක් මැදින් ලු ඒ පැත්තෙ පාර පටුයි
    අනිත් අතට කොහොමත් මුස්ලිම් වරුත් හැසිරෙන්නේ පාර බදුඅරන් වගේ ඒ වගේම මාර්ග අනතුරක් වුනාම මුස්ලිම් මිනිස්සු හිතන්නෙම මුස්ලිම් එකා නිවැරදියි කියලා
    දැන් කරන්න තියෙන්නෙ ඔතන පාර නියම පලලට හදලා දෙපැත්තෙ වැටවල් ගහලා පිලිවෙල කරන එකයි

    ReplyDelete
    Replies
    1. එතකොට අර නානසාරා මරාදාපු හතර දෙනාට ආපහු ජීවිතය ලැබෙනවද?

      Delete
    2. මුස්ලිම් වරුන්ගේ හැසිරීම ගැන නම් විශාල ප්‍රශ්ණයක් තියෙනවා. නෝම්බු කාලේට කොළබ පාරක යන්න බෑ රෑ වෙලා.. ඔක්කොම පාරේ මී හරක් වගේ..

      Delete
  49. මා මුලසිටම මුස්ලිම්වරුන්ට පක්ෂ ව කතා කලේ රට යළි අමුසොහොනක් වෙනවා දකින්නට කැමති නැති නිසාත් මුස්ලිම්වරුන් සුළුතරය නිසා ඔවුන්ට අනුකම්පාවෙනුත්ය.එහෙත් ලැබෙන තොරතුරු අනුව එක් පැත්තකට පමනක් චෝදනා කිරීම වැරදි බව සිතේ.මුස්ලිම් පාර්ශ්වයෙන්ද ප්‍රකෝප කිරීම් සිදුවී ඇත.එසේම මුස්ලිම් බහුතර ප්‍රදේශවල ඔවුන්ගෙ හැසිරීමද අප්‍රසන්න බව දැන ගතිමි.
    ඥානසාරට බැනීම පහසුය.එහෙත් එවැනි සරල තැනකට නොයා ප්‍රචන්ඩත්වය පාලනය කරන තැනකට යා යුතුය.ප්‍රචන්ඩත්වය පාලනය ආගමෙන් හෝ නීතියෙන් කරන්නට බැරිවී ඇත්තේ ඇයි.එය මිනිසාගේ ජානගතව තිබෙන්නක් නිසාය.
    ප්‍රචන්ඩත්වය ගැන මගේ අදහස් වලට බොහෝ බලපා ඇත්තේ එරික් ෆ්‍රොම් වැනි විද්වතුන්ය.මේ ගැන බටහිර විද්වතුන්ට පර්යේශන කිරීමට සිදුවුනේ දෙවන ලෝක සංග්‍රාමයේදී කළ අපරාධය.එදා ජර්මානු නාසීන් කළ දේ වෙන ඕනෑම ජාතියක් විසින් තව ජාතියකට එරෙහිව කළ හැක.
    ප්‍රචන්ඩත්වයේ යම් පාලනයක් වී ඇත්තේ ධනවාදය තුලිනි.ධනවත් සමාජවල මිනිසුන් ප්‍රචන්ඩත්වය අවමය.බටහිර රටවල තත්වය බලන්න.එහෙත් එම රටවල හමුදාවන් තුල මෙය දැකිය නොහැක.ඉරාකයේ හා ඇෆ්ගනිස්තානයේ මෙය අපට දැකිය හැකි විය.එහෙත් වසර 70 ක් සමාජවාදය තිබූ රුසියාවේ කළු හමට පහර දෙන තත්වයක් ඇත.එවැන්නක් බටහිර නැත.

    ඇමරිකාවේ අපරාධ ඉතා වැඩි වුවත් ඒ අපරාධ කරන්නේ කළු ජාතිකයන්ය.සුද්දන්ට වඩා කල්ලන් ප්‍රචන්ඩ බව පෙනේ.
    ලන්කාවේද ඇතැම් ප්‍රදේශවල ජනයා ප්‍රචන්ඩ බව පෙනේ.එම ප්‍රදේශවල අතුරු පාරවල් වලින් යන එකත් ලේසි නැත.පාරවල් බදු ගෙන සිටිති.
    එනිසා මෙය ආගම සම්බන්ධ කරුණක් නොවේ.

    ඉතිහාසය පුරාම අරාබිය ප්‍රචන්ඩත්වයට ප්‍රසිද්ධය.ඇසර්බයිජාන්,වැනි රටක් මුස්ලිම් වුනත් ඔවුහු සාමකාමීය.අරාබියේ බුදුදහම තිබුනත් ඔවුන් ගෙ ප්‍රචන්ඩත්වයේ අඩුවක් නැත.මේ නිසා මෙය ආගමකට වඩා ජානමය ප්‍රශ්නාය්ක් හා අධ්‍යාපනය පිළිබද ප්‍රශ්නාය්කි.

    තව අතකට අපේ සමාඅජ්යේ සියළුම ප්‍රචන්ඩ නැඹුරුතා ඉවත් කළ යුතුය.ටෙලිනාට්‍යවල පවා දුෂ්ටයා මරන වධ දෙන ජවනිකා වලට අත් පොලසන් දීමෙන් ජානගත හිංසන ලැදියාව පෙන්වයි.පහල සමාජ ස්තරවල ජනයා මේවාට ඉතා කැමතිය.ඒ ඔවුන් ඊනියා යුක්තිගරුකයන් නිසා නොව ලේ දකින්නට කැමති අය නිසාය.
    එසේම ප්‍රචන්ඩකාරීන් වීරයන් ලෙස සළකන පුරුද්ද නැති කළ යුතුය.ඒ වෙනුවට සමාව දෙන්නන් වීරයන් ලෙස සැළකිය යුතුය.
    බොහෝ විට අප වීරත්වයට නංවා වන්දනා කරන්නේ පරපීඩා කාමුකත්වයෙන් පෙළුන ප්‍රතිකාර අවශ්‍යව තිබූ මිනිසුන්ය.

    ReplyDelete
    Replies
    1. ප්‍රචන්ඩත්වයට මිනිසාගේ සැඟවුන ආශාව මා දුටුවේ පොදු වාහනයක යන කාන්තාවකගේ මාලයක් කඩා ගන්නට හොරෙක් දැරූ උත්සාහයේදීය.හොරාට දරුණු ලෙස පහර දුනි.මගීන් පහර දීමට වඩා උනන්දු වුනේ හොරාගේ ලේ දුටු විටය.ලේ දුටු සැනින් සියළු වැදගත් මගීන්ට නිච්චි නිනවු නැති විය.මෙතෙක් හිදගෙන සිටි ඔවුන් පහරදීමට සම්බන්ධ වුනේ එවිටය.ඉතා පුරාණයේ දඩයම් කරන සතාගෙ ලේ දුටුවිට දඩයක්කරුවන්ගේ මනසෙ ඇතිවන හැඟීම මෙයයි.
      මා සිතන ලෙස දෙපිරිසක් අතර ගැටුම් වලත් මිනිසුන්ට කික් එකක් එන්නෙ ලේ දකින විටයි.රෙස්ලින් බොක්සින් වැනි ක්‍රීඩා නැරඹීමෙන්ද මේ ප්‍රචන්ඩ සහජාශය මතුවේ.
      අපගේ මෑත ඉතිහාසයේද සාමූහික ප්‍රචන්ඩත්වයක යෙදුන ජවිපෙ සාමාජිකයන්,ආරක්ෂක අංශවල අය,කොටින් යනු පිටසක්වලින් ආ අය නොවේ.

      සාමාන්‍යයෙන් අප බල්ලෙකුටවත් පයින් නොගසමු.එහෙත් අත් අඩංගුවට ගත් ජේවීපී කාරයන්ට වද දීමට පොලිස්කාරයන් තුල ඇති උනන්දුව ගැන පුදුම වෙමින් අපට ඉංග්‍රීසි ඉගැන්වූ ගුරුතුමා කියන විට මට මෙය අදහා ගටහ් නොහැකිවිය.(එම ගුරුතුමා එකළ පොලීසියේ අයට ඉංග්‍රීසි පන්තියක් කළේය )
      එහෙත් ළමයින්ට දඩුවම් දීමට උනන්දු වන පාසල් ගුරුවරුන්ද ,ආරක්ෂක අංශවල වධකයන්ද ,ජවිපෙ අයද පරපීඩා කාමුකත්වයෙන් පෙළෙන අය බව පසු කලෙක ඉගෙන ගත් පසු මගේ කුතු හලය නැති විය.ඇත්තෙන්ම මේ අය අනුකම්පාව ලැබිය යුතු රෝගීහුය.එහෙත් ඒ බව නොදත් සමාජයට ඔවුන් වීරයන්ය නැතහොත් අමුතු වීර නීතිකාරයන්ය..

      ලෙඩ ඇදේ සිටි පැපොල රෝගියා ( පැපොල රෝගීන්ට මහන්සි වීමට බැරි නිසා වල කැපුවේ වෙලාව අරගෙනලු )ඇදගෙන විත් ඔහු ලවාම වලක් කප්ප්වාගෙන ඔහු ගේ හිසට උදුලුබන්දෙන් ගසා බල්ලෙක් සේ වලලන ජනතා විමුක්ති පෙරමුනේ සාමාජිකයාද, කලුබලල්,ප්‍රා,කොල කොටි නීති විරෝධී සාමාජිකයාද ,ගම්වලට පැන අහිංසකයන් කපා කොටා දැමූ එල් ටී ටී ඊ කාරයාද,යුදෙව්වන් ගෑස් කාමරවලට දැමූ අයික්මාන්ලා,මෙන්ගෙල් ලාද,පොඩි එකෙක් අල්ලගෙන වේවැල ඛැඩෙනකන් ගහපු අපේ ඉස්කෝලෙ මහත්තයාද එකම බෝට්ටුවල සිටින අයයි.ඇතැම් රැකියා මෙම රෝගීන්ට තෝතැන්නක් බවත් එසේම නිරෝගී අයත් එම රැකියා වලට යාමෙන් මෙම රෝගයට බදුන් වන බවත් මම සිතමි.( වියට්නාම් යුද්ධයෙන් පසු ඇමරිකානු සෙබලුන් ගැන කළ පර්යේශන කියවන්න.)

      Delete
    2. ඇනෝ (පැරා...??) දෙපැත්තේම ඇති අන්තවාදයයි මෙයට මුල. ඒ වගේම සුළුතරයක් වූ මුස්ලිම් සහ බෞද්ධ අන්තවාදීන් පමනයි මෙයට ආරම්භය දෙන්නේ...පාලකයින් මෙය නිසිසේ පාලනය නොකරන නිසා සුළුතරයක මේනියාව මුලු රටක් ජාතියක්ම ගිනිගැනීමට උදව්වූ බව දන්නවුන් සිටින රටක් මෙහෙම වෙන එක් තමයි තේරුම්ගන්නම බැරි..
      \\\ එහෙත් ළමයින්ට දඩුවම් දීමට උනන්දු වන පාසල් ගුරුවරුන්ද ,ආරක්ෂක අංශවල වධකයන්ද ,ජවිපෙ අයද පරපීඩා කාමුකත්වයෙන් පෙළෙන අය බව පසු කලෙක ඉගෙන ගත් පසු මගේ කුතු හලය නැති විය.ඇත්තෙන්ම මේ අය අනුකම්පාව ලැබිය යුතු රෝගීහුය.එහෙත් ඒ බව නොදත් සමාජයට ඔවුන් වීරයන්ය නැතහොත් අමුතු වීර නීතිකාරයන්ය..\\\
      කිසිම කෙනෙක් පාසල් ගුරුවරයෙක්, ආරක්ෂක අංශයක වධකයෙක් හෝ ජේවීපී කාරයෙක් හෝ වී ඉපදෙන්නේ නෑ. මේ සියල්ලන්ම අප පවත්වාගෙන යන සමාජයේම කොටස්කරුවන්. නානසාර උනත් ඉපදෙන්න ඇත්තේ මනුස්ස පවුලක දැන් තිරිසන් ආත්මයක් ලබා සිටියාට.
      එම රැකියා වලට යාමෙන් මෙම රෝගයට බදුන් වන බව මමත් සිතමි

      Delete
    3. මිනිසා තුල තිබෙන ඒ ගෝත්‍රික ගති ලක්ෂණ නැති කරන්න තමයි නීතිය කියලා දෙයක්, මානුෂික අයිතිවාසිකම් කියලා දෙයක්, ආගම් කියලා දෙයක් තියෙන්නේ. ඒත් එහෙම ඒවා නොමැති තැන තියෙන්නේ ගෝත්‍රික රාජ්‍යයක් පමණයි.

      Delete
    4. //මා මුලසිටම මුස්ලිම්වරුන්ට පක්ෂ ව කතා කලේ රට යළි අමුසොහොනක් වෙනවා දකින්න.........සුළුතරය නිසා ඔවුන්ට අනුකම්පාවෙනුත්ය.එහෙත් ලැබෙන තොරතුරු අනුව එක් පැත්තකට පමනක් චෝදනා කිරීම වැරදි බව සිතේ.//
      එක කණ්ඩායමකට පක්ෂ වීම වැරදි ය. එහෙත් දුබලයාට පක්ෂ වීමේ ප්‍රවණතාවක් ඇතැම් අය තුළ ඇත. තවද, "පීඩිත ජාතියේ ජාතිවාදය ප්‍රගතිශීලී වේ" යනුවෙන් කියැවෙන්නේ පීඩනයකට ලක් කළ විට පුපුරා යාමේ භෞතික ප්‍රවනතාවට සමරූපී දෙයකි.

      අපේ අවාසනාව නම්, මේ භූමියේ ඉපදුනු හැම එකාටම මෙහි ජීවත් වීමට ඇත්තේ එක සමාන අයිතියක් බව අපේ සමහර බූරුවන්ට නොතේරීමය.

      Delete
  50. වැදගත් මහත්වරුනේ කරුණාකර අළුත්ගම පොලීසියට හරි බස්නාහිර පළාත් රළථවාහන අංශයට හරි කයනවාද, දර්ගා ටවුන් එකේ කාගිල්ස් එක ගාව හරි අස්ලාම්ගේ ගේ ඉස්සරහ හරි ඉඳලා මොට්ර් සයිකල් චෙක්කරලා දඩ කොළ 10ක් ලියාගෙන එන්න කියලා. නැත්නම් බේරුවල මරදාන පාරේ යසර් අරපත් මාවතේ ඉඳන් ඒ කාර්යයම කරන්න කියලා. මෙන්න කැට
    ඔට්ටුය් බැරුවාට....................
    මිහිරි පැන්නේ ගළු ඝාතකාගාරයට ගෙන්යන හොර හරක් අල්ලන්න කියලා කරයිද මහතුනේ

    ReplyDelete
    Replies
    1. එතන ප්‍රශ්ණයක් තියෙනවා ඇත්තටම්. මටත් මේක විශාල ප්‍රශ්ණයක්..

      Delete
    2. පොලීසියේ මහත්තුරු නොකරන දේවල් තව කොච්චර තියනවද? ඇයි දර්ගා ටවුන් එකේ යසර් අර්පත් මාවතේ සිද්දි ගැන විතරක් කතා කරන්නෙ?

      Delete
    3. අළුත්ගමදී ටවුමේදී, කළුවා මෝදරදී අළුත්ගම පොලීසිය ‍හරි බේරවල මාග්ලකන්ද වංගුවේදි බේරවල පොලිසිය සිංහල කොල්ලන්ට දාන ගොන් පාට් දර්ගා ටවුන් වලදී හරි බේරුවල මරදානේදී යසර් අර්පත් මාවතේදී තම්බියන්ට දාන්නේ නැහැ.දෙන කිරිතේ එක බීලා කටයි පුකයි වහගෙන එනවා මිසක්. හෙනහුරාය පොලීසිය එක්ක තියෙන ‍ෙ/්ම වෙන එකක්.ඒවා මේකට අදාල නැහැ.

      Delete
  51. තම ජාතියහා ආගම ගැන කතා කිරීම සිංහලයන්ට තහනම් ය . කතා කලොත් ඔවුන් ජාතිවාදීන්වේ.අනෙකුත් ජාතීන් හාආගමිකයන් ට එවැනතහනමක් නැත. තොන්ඩමන් හකීම්,විග්නේශ්වර්න් තියා සම්බන්දන් වත් ජාතිවාදීන් නොවේ. ඔවුන්ට ඕනෑ දෙයක් කීමටත් කිරීමටත් හැක. සිංහලයන්ට ඒවා හරාම් යි. අනේ අපොයි ...

    ReplyDelete
    Replies
    1. ජාතිය/ආගම වෙනුවෙන් කතාකරන එකයි ජාතිය/ආගම වෙනුවෙන් මිනීමරණ එකයි එකක් නොව දෙකකි. තොණ්ඩමන්, හකීම්, විග්නේෂ්වරන් මොනවා කළත් ජාතිය/ආගම වෙනුවෙන් මිනී නොමරති. නානසාර කරන්නේ ජාතිය/ආගම වෙනුවෙන් මිනී මැරීමය.

      Delete
    2. මම දෙන්න හිටපු උත්තරේ, ඇනෝ කෙනෙක් දීලා.. සමහර විට ඔය අනෙක් ජාතිවාදිනුත් කියනවා ඇති ගහපිය මරපිය කියලා. ඒත් ඒ ප්‍රසිද්ධ වේදිකාවේ නම් නෙමෙයි.

      Delete
    3. උන් ආඳාමාළු අතින් අලල්ලා නෙමේ කන්නේ .ඉරට්ටෙවන් ඇනලා අරගෙන

      Delete
  52. කැම්පස් එවුන් ගලහා හන්දියේ පුංචි හුරතල් ආතල් එකක් ගන්ඩැ හදනකොට අධිකරණ නියෝග අරං දුවං එන පොලීසිය බොදු බලේ මෙච්චර දෙයක් කරද්දි කොහෙද හිටියේ? කොහොමද මෙහෙම උනේ?

    ReplyDelete
    Replies
    1. නානසාර වඩිනවයි කිව්වම, උන්ට ඇඳිවතේ ගූ යනවා.. මුන් ඔක්කෝම පුක හෝදන්න ගිහින් කියලයි ආරංචිය නම්..

      Delete
  53. ගූතලන් ගූතලන් කිය කියා අපි පොඩ්ඩක් ඇවිස්සුවාට මාතලන් ලොක්කාගෙ අගය දැනෙන්නේ මේ වගේ අවස්ථාවක තමයි.අළුත්ගම සිද්ධියේදි වින්දිතයන් වෙනුවෙන් වචනයක් හරි කියන්න ගටක් තිබුණේ මාතලන්, කකා, පැරා, අරුණි ශපීරෝ වගේ කීප දෙනකුට විතරයි. මාරයා වගේ එවුන් නම් මේ ජාතිවාදයට විරුද්ධව කටක් ඇරියෙ නෑ. මුක පූට්ටු කරගෙන හිටියා. මේ පාදඩ බලවේගම උන් හොයාගෙන එන දවසට තේරෙයි.

    ReplyDelete
    Replies
    1. තලන්න ගූ නෑ බං.. ඔක්කෝම අරගෙන ගිහින් ජාති මාමක බලවේග වල පිලිරූ හදන්න..

      Delete
  54. අවසාන වශයෙන් සාධාරණය වෙනුවෙන් කතා කිරීම ගැන ස්තූතියි මාතලන්. ඔබටත් අසාධාරණයක් වූ දවසක ඔබ ගැනත් මේ වගේ කතා කරන්න කවුරුන් හෝ ඉන්නා එක ස්ථිරයි.

    ReplyDelete
    Replies
    1. උඹ හරි ඉන්නවනේ මචෝ... ඒ ඇති..

      Delete
  55. ජාතිවාදයට එරෙහිව කතා කරන අයගේ ප්‍රධානම දුර්වලකම සුළුජාතීන්ගේ කිසිම වරදක් නොදැකීමයි.අරුණි ශපීරෝගේ ලිපියක තිබූ සබැදියක් ඔස්සේ ගිය මට අලුත් දේවල් දැනගත හැකිවිය..එකල සිංහලයා ඉතා බයාදු ලෙස ජීවත් වී ඇත.
    මේ ගැටුම් වල මුස්ලිම් පාර්ශ්වයෙන් ප්‍රකෝප කිරීම් ආදිය සිදුව තිබේ.
    කාලයක් තිස්සේ මුස්ලිම් බහුතර ප්‍රදේශවල නීතියක් නැතිකම වැනි දේවල් හා ඔවුන් එම ප්‍රදේශ වෙනම රාජ්‍ය ලෙස පවත්වාගැනීම (මේවා ලෝගෝ සෝන් ලෙස හැදින්වේ ) වැනි දේවල් නිසා මුස්ලිම්වරු අප්‍රසාදයට ලක් වී ඇත.
    මුස්ලිම් රටවල මෙරට ගෘහ සේවිකාවන්ට සිදුවන පීඩා ආදියද බලපාන්නට ඇත.
    මෙලෙස ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වූ මුස්ලිම් විරෝධී මානසිකත්වය මෙයට හේතු විය.
    අප එක පැත්තක් දෙස පමනක් බැලිය යුතු නැත.
    දෙමළ ප්‍රශ්නයේදීත් ඊනියා මධ්‍යස්තයන් සිංහල විරෝධීව අදහස් පල කල නිසා වුනේ මධ්‍යස්තයන් තම සතුරන් ලෙස සළකන්නට සිංහලයන් පුරුදු වීමයි.
    මාවිල් ආරු වහපු වෙලේ රාවය කිව්වෙ එය දෙමළ ජනයා අයුක්තියට එරෙහිව ගත් පියවරක් ලෙසයි.එල් ටී ටී ඊ උද්ගෝෂාන් දෙමළ ජනයාගේ උද්ඝෝෂන ලෙස කී රාවය සිංහල උද්ඝෝෂාන් ජාතිවාදී උද්ඝෝෂන ලෙස හැදින්වීය

    ඊනියා මධ්‍යස්තයෝ ,ප්‍රගතිශීලීහු කොටි සිංහල ගම්මාන පිටින් වනසනවිට ඒවා අනුමත කරමින් දෙමළැ කදුලුවල සීතල ගැන කවි ලියූහ.මෙහි ප්‍රතිපලය ජාතිවාදී විශබීජය ක්‍රමානුකූලව වර්ධනය වීමයි.එන් ජී ඕ සල්ලි වලට සිංහලයන්ට බැනීම විලාසිතාවක් වී තිබුනි.මේ ඒවාට ප්‍රතික්‍රියායි.
    අද මහ ගසක් වී ඇත්තේ එයයි

    ReplyDelete
    Replies
    1. අනේ පලයන් යකෝ යන්න පච කියන්නෙ නැතුව. තමන් වැරද්ද කරලා අනුන්ගෙ පිට පටවන්න උඹලා වගේ එවුන් නම් මාර දක්ෂයි.

      Delete
    2. ආයෙත් පෝස්ට් එක කියවන්න..

      Delete
  56. මාතයියේ...
    අවුරුදු 30ක් කෙළගෙන ඉවර වෙලා අවුරුදු 5ක් ගතවෙදිදීම ආපහු මේවා දකින්න ලැබෙන එක ගැන හිතන්නේ කොහොමද කියලවත් හිතාගන්න බෑ . මේකේ ඉන්න බහුතරය සාමාන්‍ය අහිංසක මිනිස්සු උනත් උන්ගේත් අදහස්/තේරුම් ගැනීම් දිහා බලද්දී,විමසද්දී කල'කිරෙනවා... බහුතරය තවමත් ගතින් කෙසේවෙතත් හිතෙන් ජිවත් වෙන්නේ ගල් යුගේ... ඒ මදිවට ආගම් වලින් අන්ධ වෙලා... කියන්න තියෙන්නේ උඹම උඩින් දාපු කමෙන්ට් එකක් තමයි.

    රටට, මිනිස්සුන්ට. මිනිස් ජීවීත වලට ආදරේ කරන අපියි අන්තිමේදී දේශද්‍රෝහීන් වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. මේක තලෙයිබාන් රටක් මලේ...

      Delete
  57. මාතලන් ලොක්කා පරිස්සමෙන් කරන දෙයක්. බොදු බලු සේනාව වටරැක විජිතගේ ඇට දෙක කපලලු. මේ යන විදිහට ඊළඟට ඕක වෙන්නෙ උඹට වෙන්නත් බැරි නෑ.

    ReplyDelete
  58. ඔය බොරු කොන කැපුවා විතරයි

    ReplyDelete
  59. ලොක්කා.. මේක ඩබල් ගේම් එකක්... මේ ගැටුම් අවුලුවා එයින් වාසි ගන්න එක ඇතුළෙ තනිකරම තියෙන්නෙ දේශපාලන අරමුණක්. ඒකට ඉත්තන් විදියට ආගම පාච්චිකරනවා. “ආගම මිනිසාට අබිං“ කිව්වෙ ඕකට තමයි.

    මේ වෙලාවෙ ඔබට මට කළ හැකි එකම දේ මිනිසුන් දැනුවත් කිරීම පමණයි. අපි ඒ දේ කොහොමහරි කරමු. ගින්නක් අවුලුවන්න නම් කට්ටිය ඉන්නවා නිවන්න ඇවිලුන ගින්න නිවන එක පහසු නහැ.

    මේ බලු සේනාව ආගම රැකගන්න දාපු දඩබල්ලන් රැලක්....එච්චරයි මට කියන්න තියෙන්නේ

    ReplyDelete
  60. යුද්ධයකට හසුවූවන්ට එය හිසරදයකි.
    නමුත්, බලා සිටින්නාට ක්‍රීඩාවකි.
    ව්‍යසනය දැකීමට ආශාවෙන් අද අරගොල්ලන්ගේ කීයද, මේ අයගේ කීයද ගනිති.
    නමුත් උන් එකෙක්වත් දකින්නේ නැත. පරදින්නේ සියල්ලමය.
    කරුමෙට මේ පවේ විපාක අපිටත් කලක් යන තුරු විඳීමට සිදුවේවි.
    ඉතින්,
    මෙහෙම පිස්සු කෙළින, ගොත්‍රික යුගයකට ගමන්කරන නානසාරලාගේ රටක සෝමාවතියේ රැස් විහිදේවිද?

    ReplyDelete
  61. මහ එකෝ......අපිට රටක් ඉතුරුකරපන්. 83ක් හදන්න උඩ ගෙඩි දෙන්න එපා. බුදුන් දෙසූ දේ සහ නානා දෙසනදේ ආපහු අහපන්.

    නානාට ධර්මපාල කෙනෙක් වෙන්න බැහැ...ඒ වාග් මාලාව විතරක් පාවිච්චි කරලා. බීම නවත්තන්න බැරිනම් ,අඩු ගානේ සුරා මේරය සිල් පදය නොකිය ඉන්න කියපන්. . නානාගිරියන්ට විස්කි පොවන එවුන් මේවා දැනගන්න ඕන. මල්ලි කියනදේ අහන්නේ නැත්නම් උඹ අස්වෙලා ඌට රට බාර දීපන් අපිට කෙලවෙලා යන්නම.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න