.

.

Jun 25, 2014

ඩෙංගු බබා සමඟ සාකච්ඡාවක් - An Interview with Dengue Baba


අපේ සාකච්ඡාව සඳහා පැමිණි බබා රෝගවර්ධන වෛද්‍යතුමිය අපි ඉතා ආදරයෙන් පිලි ගන්නවා. සුබ උදෑසනක් ඔබ තුමියට.
සුබ උදෑසනක් ඔයාටත්.
අපි කෙලින්ම මාතෘකාවට බහිමු.
හොඳට බලලා, වැහි වතුර තියෙනවනම් විතරක් බහින්න
නෑ නෑ.. මම කිව්වේ, අපි කෙලින්ම මේ ඩෙංගු ගැන කතා කරමු.
මමත් ඕක ගැනම හිතාගෙන ආපු නිසා, ඔයා බහිමු කියනකොටම, බය උනේ මෙයා.
ඇත්තටම, දැන් මේ ඩෙංගු රෝගයේ වත්මන් තත්වය කොහොමද? ඔබ තුමිය අපිට පොඩි පැහැදිලි කිරීමක් කලොත්.
ඇත්තටම, අද වෙන කොට අපි හොඳ ප්‍රගතියක් ලබාගෙන තියෙනවා. මුලින්ම කොළබ දිස්ත්‍රික්කය තුල පමණක් තිබුන මේ බෝවන රෝගය, අද දිවයින් පුරාම ව්‍යාප්ත වීම ඉතා හොඳ ප්‍රවනතාවයක්. කොටින්ම අද යාපනයේ පවා ඩෙංගු රෝගය පැතිරිලා තියෙනවා. අපි මේ රෝගය ගම නැගුම වැඩපිලිවල යටතේ, ගමට ගෙනියන්නත් කටයුතු කරලා තියෙනවා.
ඒ වගේම ජාතිය ඒකාබද්ධතා අමාත්‍යංශය යටතේ ජනවාර්ගික පදනමකින් තොරව, සැමට එක ලෙස මේ රෝගය බෝ කිරීමට, සියළු කටයුතු යොදා අවසන්.
ඉස්සර වගේ නෙමේ නේ මෙයා. ඉස්සර හැම දේම තිබුනේ කොළඹට විතරයි, දැන් එක අපි විමධ්‍යගත කරලා තියෙන්නේ. දැන් බලන්න උදාහරනයකට මත්තල ජනතාව ගන්න. ඒ ජනතාව ගුවන් තොටුපොලක් තිබූ පමණින් සෑහීමට පත් වන්නේ නෑ. අපිටත් ඩෙංගු දියව් කියලා උද්ඝෝෂණ වලට එන්න පුළුවන්. ඒ නිසා අපි හම්බන්තොට දිස්ත්‍රික්කයටත් ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනවා.

එහෙම ව්‍යාප්ත කිරීමෙන්, මේක වසංගත තත්වයක් දක්වා වර්ධණය වෙන්න පුළුවන් නේද?
ඉතින් ඒක නේන්නම් වෙන්න ඕන. අපි මේ සියළු දෙනාම සහභාගී කරගෙන කරන්නේ ඒකනේ. අනික එහෙම වසංගත තත්වයක් දක්වා වර්ධණය වීමේදි තමයි, ජනතාව මේ ගැන ආඩම්බරයට පත් වෙන්නේ. කොටින්ම අපේ අරමුණ තමයි, ඩෙංගු වලින් ළෝකයේ පළමු තැනට පත්වීම. ඒ සඳහා ප්‍රථමයෙන් අපි ආසියාවේ මුල් තැනට පත් විය යුතුයි. අපි සීඝ්‍රයෙන් ළඟ වෙමින් තිබෙන්නේ එම තත්වයටයි.
ඇත්තටම ජනතාවගේ ප්‍රතිචාරය කොහොමද?
එයාලගේ ප්‍රතිචාරය ඉහලින්ම තියෙනවා. ඔය ඩෙංගු මර්ධණයට ගියපු පී එච් අයි කෙනෙක්ට  කෙනෙක්ට මෝල් ගස් පාරක් දෙන්නේ. ජනතාව කැමති නෑ මේ රෝගය මර්ධණය කරනවට. ඉතින් එවන් ජනතාවක් ගැන අපි ආඩම්බරයට පත් වෙන්න ඕන. ජනතාවා මේ ගැන දැණුවත් නෑ. ඒ නිසා තමයි අපි ජනතාව දැණුවත් කිරීම දිගටම කරන්නේ.
ඔව් අපි වෙලාව බලා ගෙන ඉමු.
ඔව් වෙලාව බලා ගන්න එක කෝකටත් හොඳයි.
"මගේ කොන්දේ අමාරුවට..... මම පාවිච්චි කරන්නේ............. වරෙන්කෝ මෙට්ට. රජ ඇමතිවරු එක්ක නිදාගත්තත්, මම පාවිච්චි කරන්නේ........... වරෙන්කෝ මෙට්ට. ඔයත් පාවිච්චි කරන්නේ වරෙන්කෝ නේද....?
සුවපහසු නින්දකට....
කමින්කෝ....ගනින්කෝ....වරෙන්කෝ.."
අපි නැවත්ත සුපුරුදු වැඩසටහනට. අද අපේ සාඛච්චාව සඳහා එකතු වන්නේ බෝවන රෝග වර්ධණය කිරීමේ දෙපාර්තමේන්තුවේ වෛද්‍,ය බබා රෝගවර්ධන මහත්මිය..

ඔබතුමියට මේ සඳහා ඇමති තුමාගෙන් සහ අමාත්‍යංශයෙන් ලැබෙන සහය කොහොමද?
රෝගය වර්ධණය කිරීම සඳහා ඉතා හොඳ සහයෝගයක් ලැබෙනවා. දැන් බලන්න ජනාධිපති තුමා කීව්වත් අපේ ඇමතිතුමා නෙමෙයි නේ බැසිලස් තුරින්ජියෙනියිස් බැක්ටීරියා එක ගෙනාවේ. අනික සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂක මන්ඩලය. බලන්න ඔය කඩාකප්පල්කාරි කීප දෙනෙක් මේක මර්ධණය කරන්න උත්සාහ කරනවා. ඒත් අධ්‍යක්ෂක මණ්ඩලය කවදාවත් ඒ අයට සහයෝගයක් දෙන්නෙ නෑ.ඇත්තටම ඒ මහත්වරුන්ට එහෙම කරන්න බෑ.
මොකොද එයාලගේ යුතුකම තමයි, ඔය මදුරු දැල්, ආලේපන, මදුරු කොයිල්, වේපරයිසර්, නිශ්පාදනය කරන දේශීය හා විදේශීය ව්‍යවසාකයින්, ආරක්ෂා කර ගැනීම. මේක මර්ධනය කලොත් කී දෙනෙකුගේ ජීවීකාව අහිමි වෙනවද. අනික විශේෂයෙන් ඉතා ආඩම්බරයෙන් සඳහන් කරන්න ඕන අධ්‍යක්ෂක මණ්ඩළයේ ඒකමතික තීරණයෙන්, ඊජිප්ටයි සහ ඊඩ්ස් ඇල්බොපික්ටස් යන  මදුරු මහත්මීන් දෙපලත් අපි අපේ ඩෙංගු වර්ධනය කිරිමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කොට ගත් බවත්
ඒත් මේ රෝගය නිසා බොහෝ දෙනෙක් මිය යනවා නේද?
මිය යනවා නේන්නම්. ඒක ඉතින් කවදා උනත් වෙන දෙයක්නේ. අනික මේ රෝගයෙන් විතරද මිනිසුන් මිය යන්නේ. ඇයි එතකොට කැන්සර්, හාට් ඇටෑක් වගේ රෝග වලින් මිනිසුන් මිය යන්නේ නැද්ද? කෝ ඒවා මර්ධණය කරන්න කවුරුත් උත්සාහ කරනවද? සුනාමියෙන් කී දෙනෙක් නම් මලාද? කව්ද ඒවා නවත්තන්න ක්‍රියා කළේ?
අපි දැකලා තියෙනවා, මේ රෝගය මර්ධනය කිරීම සඳහා, පෞදගලික නිවාස ඉලක්ක කරගෙන, ජනපති කාර්ය සාධන බලකායන්, ත්‍රිවිධ හමුදාව හා පොලීසිය, පී ඇච් අයි මහත්වරු එහෙම ඉඳහිට කඩාගෙන පනිනවා, ඩෙංගු මර්ධන සති අන්ත, ඩෙංගු මර්ධන මාස, අරවා මේවා තියනවා, ස්ටිකර් අලවනවා ඒත් රජයේ ස්ථානවල නේද මදුරු කීට තවාන් තියෙන්නේ.?
හොඳ ප්‍රශ්ණයක්. ඔය ස්ටිකර් ඇලවීම යෝජනා කලේ ඊජිප්ටයි සහ ඊඩ්ස් ඇල්බොපික්ටස් යන මහත්මීන් දෙපොල. ඒ ස්ටිකර් එක දැක්කම එයාලා දැන ගන්නවා, මෙතන එයාලගේ සාමාජිකාවන් නැත කියලා. ඉතින්, වතුර බින්දුවක් වැටෙනකම් බලාගෙන ඉන්නවා, බිත්තර දාන්න. ඒක රෝගය වර්ධණය කිරීමට විශාළ පිටුවහලක්.
ඔව්, ඔබ කිව්වා වගේ, පෞදගලික නිවාස වල මදුරුවන් මර්ධණය කිරීමේ ව්‍යාපර, ඉඳ හිට තියෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් ඔය ළෝක සෞඛ්‍ය සංවිධාන වගේ ආයතන වලින්, නොයෙකුත බලපෑම එනවා මේ රෝගය මර්ධණය කරන්න කියලා. ඉතින් ඒ අයව සතුටු කරන්න, සමහර අය මේ වගේ ව්‍යාපාර කරනවා. ඒත් රජයේ ආයතනවල ඒ දේ කරන්නේ නෑ. 
මොකෝ එතකොට සම්පූර්ණයෙන්ම නැති වෙනවනේ. එහෙම උනාම කොහොමද අපි ජීවත් වෙන්නේ. රට සවාරි යන්නේ. ටී වී එකේ ඉන්නේ. පුවත් පත් සාඛඡ්චා දෙන්නේ, බෙර ගහන්නේ , දුම ගහන්නේ විරිඳු කියන්නේ.
ඒත් රටේ අනාගත් පරපුර මේ රෝගයට ගොඳුරු වීම සීඝ්‍රයෙන් වර්ධණය වෙලා තියෙනවා. ඒක අනාගත පරපුරට කරන විනාශයක් නොවෙයිද? ඇයි රජයේ ආයතන තුලත්, මහා මාර්ග වලත් කාණු සුද්ධ පවිත්‍ර නොකරන්නේ?
අනාගත පරපුරට මොකක් උනාම මොකද මෙයා, අපේ පරුපුර රැකෙනවනම්. මතක තියා ගන්න, අපි කරන්නේ රෝගය වර්ධණය කිරීම පමණයි. කාණු සුද්ද පවිත්‍ර කරන්න ඕන, නඟර සභාව, ඒ ඒ ආයතනවල වගකීම තියෙන්නේ, ඒ ඒ ආයතනවලට. කොහොම නමුත්, අපි මේ ආයතනවලට, අපේ ස්තූතිය මේ අවස්ථාවේ පිරිනැමිය යුතුයි, රෝගය වර්ධනය කිරීම සඳ දක්වන්නාවූ නොමසුරු සහයෝගයට.
ඒත් මේ නිවාරන වැඩ සටහන් තුලින්, අත් අඩංගුවට පත් වන්නේ, මල් වාස් එකක වතුර ටිකක් තිබෙන, අහිංසක පුරවැසියෝ. ඒත්...., මහා පරිමානයෙන් මදුරුවන් බෝ කරන අයට එරෙහිව, නීතිය ක්‍රියාත්මක වන්නේ නෑ නේද..?
අයියෝ... ඕක මොකක්ද? ඔය නානසර උන්නාන්සෙ දළඳා වඳිද්දී, වටරැක හාමුදුරුවෝ හිරේ යන්නේ.
"ඒ වැඩ සටහන ඔබ වෙත ගෙන ආවේ, බින්ජා මදූරු දඟර සාදර අනුග්‍රහයෙනි..
 බඹරු මෙන් කැරකි කැරකි.. හ්ම්...... හ්ම්... ගානා මදුරු ගීතය ඔබට කරදරයක්ද?
ටී වී බලන විට පුකට විදිනවාද? ලව් කරන කොට අතේ වහනවාද ?අරගන්න.... ගලවන්න .... දඟලන්න.... දල්වන්න...  නොමිලේම දුම් බොන්න..... බින්ජා.."
-x- 

  • 2013 වාර්ථා වූ රෝගීන් ප්‍රමාණය 32063
  • 2014 වසරෙ මුල් මාස හය තුල වාර්ථා වූ රෝගීන් ප්‍රමාණය 16565 කි
  • 59% රෝගීන් වාර්ථාවන්නේ බස්නාහිර පළාතෙනි.
  • මෙතෙක් මිය ගිය රෝගීන් ප්‍රමානය පිළිබඳ දත්ත ලබා ගැනීමේ මගක් නොමැත..
  • මාර මර්ධනයක් නේ...?????

92 comments:

  1. තවත් පුෂ්පය විකසිත වීමක්.... හෙක්....හෙක්...

    ReplyDelete
    Replies
    1. අර මක්කටෙයි බොක්කෝ මල පන්න ගන්නේ... ඔහේ ඩෙන්ගි නෑ නොවෑ...

      Delete
  2. හලෝ මාතලන්, මටත් ඊයේ පෙරේදා උණ වගේ තිබ්බා. ගෙදර අයත් බය වෙලා ඩෙංගුද දන්නෑ කියලා. මම ඊයේ හවස අරක්කු භාගයක් එක්ක පැන්ඩොල් දෙකක් ගහලා හාන්සි උනා. උදේ බලද්දී උණ කොහෙන් ගියාද නෑ.
    ඊයේ මම ඔෆිස් එකෙන් එද්දී අද නිවාඩුවකුත් දාලා ආවේ. ඔනින්න ලෙඩ හොද හින්දා වැඩට යන්නත් තිබ්බා. ඒත් මං ගියේ නෑ. දැන් 11 ට බාර් ඇරියම ජයේ අයියගේ පොට් එකට ගිහින් තව භාගයක් ගහලා ඇවිල්ලා හාන්සි වෙනවා.

    ආ ඒක නෙමෙයි,අර මාතලන් දවසක් කියලා තිබ්බේ නුවරපාරේ පොල්අතු බත් කඩේ ගැන. මම දවසක් කොළඹ ඉදලම ඒකට ගියා. ඌරු මස් ටික නං කියලා වැඩක් නෑ. ගෑවුණු තැන කෑවහැකි. ආයේ ගෝවා මැල්ලුමකුත් තිබ්බා සුපිරි. මම ඌරු මස් එක්ක බත් කෑව ඉස්මුරුතාවට එනකන්. යද්දී බියර් එකකුත් ගහලා ගිය හින්දා හොදට බඩගිනි වෙලා තිබුනේ.
    පස්සේ කාලා ඉවර වෙලා තව ඌරු මස් පාර්සලේ කුත් අරන් ආවා. රෑ වෙලා ඌරු මස් එක්ක අඩියකුත් ගැහැව්වා. මමත් හතරේ කණුව හරියේ ඉන්නේ යූඑන්පී ඩයල් එකෙන් තමයි වෙනදත් ඌරු මස් ගත්තේ. කොහොමහරි මාතලන් පොල්අතු කඩේ වගේ හොද පොට් එකක් අඳුන්නලා දුන්නට ස්තුතියි.
    පහුගිය ටිකේ අපේ රාජ්ගේ පොස්ට් වලට හරියට රිප්ලයි වත් දාන්න උනේ නෑ. රාජ් තරහ වෙලාද මන්දා.
    එලියට ගිහින්,භාගයක් ගහලා,බත් ඩිංගකුත් කාලා එන්නන්කෝ.

    ReplyDelete
    Replies
    1. හපොයි මචෝ අපිට නොදැම්මත් රාජ්ට කොමෙන්ට් එකක් දාපන්. අපි දැන් රාජ්ගේ එකට යන්නේ ඌගේ පෝස්ට් බලනවට වඩා උඹේ කොමෙන්ට්ස් කියවන්න..

      පොල් අතු බත් කඩේන් මම පෙරේදත් කාළා ආවා.. ඔතන වේටර් කෙනෙක් ඉන්නවා මම අවුරුදු ගානක් තිස්සෙ දන්න කියන. පොර කළින් හිටියේ කොළඹ හෝටල් වල...

      Delete
    2. ඌරු මස් වලට තාවකාලිකව ලෙඩ වලට සුවයක් දෙනව කියල අහල තියෙනව ...
      විසේසෙන් ...චුව්ව ගෙ බිබිලි ආවම......
      ඩෙංගු මගුල ගැන දන්නෙ නැහැ... මචං ....

      Delete
    3. ඌරූ මස් වලට ඇඟ සිසිල් කරනවා.. උඹට මට තියෙන අමාරුවට... ඒ කියන්නේ අර්ෂශ් වලට කියාපු බෙහෙත.. ඒත් ඉතින් අනික් පැත්තෙන් .. චොලෙස්ටරෝල් සාගරේ...

      Delete
    4. මටත් ඩෙංගු හැදිලා, නැට්ටටම් ප්ලේට්ලට් බැහැලා, එළෝ ගිහින් මෙළෝ ආවේ..

      දැන් බලහන් කොමෙන්ට් එයි.. අපරාදේ එහෙම එළෝ ගියා නම් කොච්චර දෙයක්ද කියලා..

      Delete
    5. ඌරු මස් වල ලෙඩ සුව කිරීමේ හැකියාව ගැනනම් මීට කලින් අහලා නෑ. හැබැයි ඔය හදි හූනියම් එහෙම විස්වාස කරන උදවිය ඉන්නවා නම් ඒවා නොවදින්න ඌරු තෙල් ටිකක් ගෙදර තියාගන්නවා හොඳයි. දිනපතා ඌරු මස් කෑවමනම් මේවා වදින්නෙම නෑලු.

      Delete
    6. තම්බිට ඌරු මාළු වගේ පෝස්ට් එකක් නොවැ මාතලන් මේ..

      Delete
    7. අර්ෂශ් වලට කියාපු බෙහෙතක් තමයි ඌරු කිරි බොක්ක..

      Delete
    8. මචං ඇනෝ...උඹ නැතුව හෙණ පාළුවෙන් හිටියේ. රාජ් එක්කම සෙට් නොවී, මාතා එක්කත් සෙට් වෙයන්. උඹේ ණය ගෙවලා ඉවරද,,ඔය බිබී ඇවිදින්නේ.

      Delete
  3. කියල වැඩක් නැහැ මචෝ.... 100%....
    ලෝක සවුක්ය එකේ උප එකා.... බම්බුවා නේද....???
    මුන්ගෙ අම්මලට.... ගුණ ගී ගයන්න තනුවක් හදපිය....

    ReplyDelete
    Replies
    1. ආන් අර නර්ස් නෝනලගේ උන්නාන්සේ ඇමති තුමාගේ ගුණ ගායනාවක් කරලා තිබුනා අද පත්තර වල..

      Delete
    2. ඔව් ඔව් බොහොම සැරට කියල තිබුණා වරුණේ

      Delete
  4. වැඩක් නෑ බං ඔය ඩෙංගි බබා එක්ක කතා කරත්.. ඕකේ විසදුම තියෙන්නේ උඹ සහ මගේ අතයි...

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං.. උඹයි මායි කීටයෝ මැරිවට බලහන්කෝ ගිහින් කාණු වල ඉන්න කීටයෝ ප්‍රමාණේ... උන් නිකං කින්ඩියට මන්දා... නටන එකමයි වැඩේ.. උඹත් බබාගෙයි ඇමතියගෙයි ළණු කාලා... උන් හැම රෙද්දෙම වගකීම අන්තීමට දාන්නේ ජනතාවට. උන්ගේ අම්මට හැමිනෙන්නද ඇමතිකම කියන වගකීම දීලා තියෙන්නේ..

      Delete
    2. //උන් හැම රෙද්දෙම වගකීම අන්තීමට දාන්නේ ජනතාවට. //
      ඔය බම්බුවා පත්කළෙත් ජනතාවනෙ. ඒ නිසා බම්බුවාගෙ කාර්යභාරය නිසිපරිදි ඉටුකිරීමත් ජනතාවගෙ වගකීමක් හරිය. පොලොන්නරුවෙ ජහ මනයන්ට තමයි ඉතින් වගකීම.

      Delete
    3. මාතලන් ඔය ඩෙංගු කියන්නේ රටෙන් නැති කරන්න ඕනේ දෙයක් නෙමෙයි බොල. උඹලාට තේරෙන්නෑනේ. දැන් මේක බලාපල්ලා. සිගරට්, මත්පැන් කොයි තරම් ලෙඩ කරනවාද මිනිස්සුන්ව. එක දවසකට කීයක් මැරෙනවාද? ඩෙංගු වගේ දහ පහලොස් ගුණයක් මිනිස්සු මැරෙනවා බීම නිසා. ඒත් ඒක ලංකාවෙන් තුරන් කරන්නැත්තේ ඇයි. ඒක ප්‍රධාන පෙළේ රාජ්‍ය ආදායමක්.

      ඩෙංගුත් එහෙමනේ............ දැන් රට දුවන්නෙම දඩ වලින්නේ. ඉතින් ඩෙංගු කියන්නේ රාජ්‍ය ආදායම මිසක් බරක් නෙවෙයි බොල...............

      Delete
    4. අර මක්කටෙයි මර්ධනය කොරන්නේ... ජාතික ආදායමට ප්‍රධාන දායකත්වයක් සපයන වෙලාවක..

      Delete
  5. රෙද්දෙ චෙක් කිරිල්ල… තුඃ…

    මහ ලොකුවට පිරිවරාගෙන ඇවිත් චෙක් කරනවා. මහ පරිමාණෙන් පවත්වාගෙන යන මදුරු සූතිකාගාර උන්ට පේන්නෙම නෑ. මේ 22න්දා අපේ පැත්තෙත් චෙක් කලා. පෞද්ගලික අත්දැකීමෙන් කියන්නෙ. නෙදකින්.

    අනික මගේ පෞද්ගලික මතය නම් මාස ගාණකට සැරයක් හාවා හඳ දැක්කා වගේ 'පෙර දැනුම් දීලා' ඇවිත් හිනාවයි පනාවයි දාලා චෙක් කරලා වැඩක් නෑ. නිතරම සති අන්තයේ එක් වරම පැමිණ පරික්ෂා කල යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඇවිල්ලා චෙක් කරනවා. අහිංසක මිනිස්සුන්ගෙ කඩ පිලවල්, ගෙවල්. ඒත් බලන්නෝනි රජයේ ආයතන වල තියෙන ඩෙංගු නවාතැන්. කොටින්ම රෑට මදුරුවො නැති ඉස්පිරිතාලයකටනම් මං තාම ගිහින් නෑ.

      Delete
    2. තමන්ට ලැබෙන්න තියෙන අගමැතිකමවත් රැකගන්න බැරි මෛත්‍රී කොහොමද අනුන්ගේ සෞඛ්‍ය රකින්නේ මෙයා................ අනේ එයාලගේ මර්ධනේ........

      Delete
    3. මනෝෂ් කියපු එකමයි මටත් කියන්න තියෙන්නේ. මීගමුවේ ඉස්පිරිතාලේ ටොයිලට් වල කැඩිලා උතුරනවා.. පිටිපස්සේ මදුරුවෝ පිරිච්ච ජලාශයක් වගේ එකක් තියෙනවා. කොළඹ මහ ඉස්පිරිතාලේ අවට කාණුවල මදුරු කීටයෝ දවල්ටත් ඩිස්කෝ දානවා. මේ මදුරු වෙසියන්ටත් බෑ නේ ඔය ඇමතියගේ පුකට හරි මහ උන්ගේ පුකවල්වලට හරි විදින්න, කෙලවෙලාම යන්න.

      Delete
  6. //මොනව හරි කුරුටු ගාලා යන්න//
    කුරුටු ගාන්ට නෙවේ ඕකුන්ව මකවන්ට ඕනේ

    ReplyDelete
    Replies
    1. මැකුවොත් හිරේ... ඇලපාතයෝ..

      Delete
  7. ඩෙන්ගු මැදිරිය (ලේ බොන්නෙ මදුරුවාගෙ ගෑනු සතා වන මැදිරියයි..) ට වෙඩි තියන්න ට්‍රෆික් පොලිස් ලාලහාමිලා දැම්මොත් වැඩේ ගොඩ

    ReplyDelete
    Replies
    1. එතකොට වෙන්නේ මුන් බරවා එකාටයි මැලේරියා එකාටයි ඔක්කෝටම තියලා ඩෙංගු එකාට නොතියා ඉන්න එක..

      Delete
  8. ගරු වෛද්‍යතුමියනි,

    මේ රෝගය අරලියගහ මන්දිරයටත්, ජනාධිපති මන්දිරයටත්, ඉන් නොනැවතී ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ගරු පාර්ලිමේන්තුවටත් ව්‍යාප්ත කිරීම සඳහා මේ වන විට ගෙන ඇති ක්‍රියා මාර්ග මොනවාද?

    ReplyDelete
    Replies
    1. පිස්සුද බොල ඒවා අධි ආරක්ෂිත කලාප. හැක් :)

      Delete
    2. ඉතාමත් ඉක්මනින් අපි ඒ පිළිබඳ ක්‍රියා මාර්ගයක් ගන්නවා. දැටමත් ගරු ඇමතිතුමා ඒ පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් සකස් කරමින් ඉන්නේ...

      Delete
  9. //බැසිලස් තුරින්ජියෙනියිස් බැක්ටීරියා එක ගෙනාවේ.//

    ඒකත් බැසිලස් ද? සිරිසේනස් නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. අයියෝ, සිරිසේනට පුළුවන්ද එච්චර සීරියස් වැඩ

      Delete
    2. අඩුගානේ ඕකත් බැසිලස්ට දුන්නා නම් බැසිලසුත් ගොඩ ගිහින් ඩෙංගුටත් කෙලවෙලාම යනවා...

      Delete
  10. ඔය නානසාර නාටකය රඟපාන්න කලින් ආණ්ඩුව කාලයක් ම දිව්වේ ඩෙංගුවාට පිං සිද්ධ වෙන්නනේ......... ඒ වගේ ද දැං. ඇදලා යනවා නෙවැ...............

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල අර කුරුඳු පොලු කාරයා බයිට් එකට අරගෙන නේද...? ඕන් අද සෑට අපේ නායකයා සිරසේ ඉන්නවා 9.00 ට..

      Delete
    2. හ්ම්ම්.... දැක්ක..... එතනත් .........????
      කොයිල් ගේමක් ද මචෝ...?.....හෙක්... හෙක්...

      Delete
  11. /* ඒත් මේ රෝගය නිසා බොහෝ දෙනෙක් මිය යනවා නේද?

    මිය යනවා නේන්නම්. ඒක ඉතින් කවදා උනත් වෙන දෙයක්නේ. අනික මේ රෝගයෙන් විතරද මිනිසුන් මිය යන්නේ. ඇයි එතකොට කැන්සර්, හාට් ඇටෑක් වගේ රෝග වලින් මිනිසුන් මිය යන්නේ නැද්ද? කෝ ඒවා මර්ධණය කරන්න කවුරුත් උත්සාහ කරනවද? සුනාමියෙන් කී දෙනෙක් නම් මලාද? කව්ද ඒවා නවත්තන්න ක්‍රියා කළේ? */

    මේ කෑල්ල කියවන කොට මට මතක් වෙන්නේ යුධ අපරාධ චෝදනා ගැන නැගෙන තර්කයයි!

    ReplyDelete
    Replies
    1. මම ගොඩාක් වෙලාවට යටින් වෙන කතාවකුත් කියනවා..

      Delete
  12. /* බබා රෝගවර්ධන වෛද්‍යතුමිය */

    ළමා රෝග විශේෂඥ දොස්තර හේවා දන්නවාද? සමහරු එයාට ළමාහේවා කියලාත් කියනවා.

    ReplyDelete
    Replies
    1. ළමාබදුසුරිය කියලා කෙනෙකුත් හිටියා නේද කකා...

      Delete
    2. තාමත් ඉන්නවා නේද?

      Delete
    3. අපෝ..... දැන් ....චැනල්.... දේවි යෙක් ...... දන්නා අය දනිති.....

      Delete
    4. අපි එයාට කිව්වේ 'ළමාබඩුසූරිය' කියලා

      Delete
  13. මේ වැඩසටහන සඳහා තෝරා ගත් තේමා ගීතයයි.

    මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න....

    ආ.... තවත් ගීතයක් තියෙනවා,

    තැටිය මැද්දේ කළු කරාපු - පහන් තිරය මැදට ආපු (ගීතය මැද්දේ කළාමැඳිරියෝ, මදුරුවෝ ගැන කියැවෙනවා)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ගැලපෙන ගීතයක්... ඔහේ මොකෝ නොලියන්නේ.. ආයේ පන්ති පවත්තනවාවත්ද? :)

      Delete
  14. වරෙන්කෝ මෙට්ටවල අලුත් එකක් තියනවා ඉක්මනට ගොඩවෙයන්කෝ කියලා. ලේයර් හතරේ එකක්ලු හතර දෙනෙකුට වුනත් එකපාර......................................හ්ම්.......................

    'බැසිලස් තෝ තොලොන්ජිනස්' කියලා බැක්ටීරියාවක් ගම්පහ දිස්තිරික්කෙට ඉහින්න බලාගෙන ඉන්නේ මිනිස්සු, ඊළඟ මැතිවරණෙට කලින්.

    අර බබාවඩන දොස්තර නෝනා, අවුරුදු කීපෙකට පෙර, ගාල්ලේ ඉස්කෝලෙක දැරිවියක්, රුබෙල්ලා ඉන්ජෙක්ෂන් එකේ අතුරු ආබාධයකින් මැරුණම, ගහපු බයිලා මතකද?

    ReplyDelete
    Replies
    1. මචෝ උඹේ කොමෙන්ට් එකේ දෙවනි කෑල්ල කියවලා තව ටිකෙන් මැරෙනවා බං... තාමත් හිනා මට...

      Delete
    2. මේ දවස්වල විචාරක තුමා ඉන්නෙ මල අතේ පත්තු කරගෙන......

      Delete
    3. ඔය කෑ ගැහුවට විචාරක උන්නැහෙත් අන්තීමට හිතනවා දේශප්‍රේමියෙක් වෙනවද, දෙශද්‍රෝහියෙක් වෙනවද කියලා...

      Delete
    4. ///බැසිලස් තෝ තොලොන්ජිනස්' කියලා බැක්ටීරියාවක් ගම්පහ දිස්තිරික්කෙට ඉහින්න බලාගෙන ඉන්නේ මිනිස්සු, ඊළඟ මැතිවරණෙට කලින්. ////

      පිස්සු ඩබල් වුනා බන්.

      Delete
  15. මාතලන් වැඩසටහන් මෙහෙයවන්න දුලක්ෂිගෙන් කෝස් එකක්වත් කළාද කියලා හිතුනා.

    ReplyDelete
    Replies
    1. Dj අරා - පැස්බරා....

      Delete
    2. වැඩසටහන් මෙහෙයවන්න ඉගෙන ගන්න නම් වෙන කව්ද ලොක්කා හඩ්ඩා ඇර...

      Delete
  16. අසරණ සත්තු මරණ එක පවු කියල හිතෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නත් පුළුවන්.. ගොඩක් අය වෙජිටේරියන්ලා නේ... හිට්ලරුත් වෙජිටේරියන්ලූ..

      Delete
  17. මුන්නේෂ්වරමේ එළුවෝ බෙරා ගත්තා වගේ අපි මදුරු කීඨයින් බේරගන්න මානුශික මෙහෙයමක් කරමු බර අවි යොදාගෙන!

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වම මතක් උනේ අපේ ආචාර්ය තුමා... ඕන් කැළණියෙත් ඩෙංගු.. හොඳ වෙලාවට ප්‍රසන්නයා ලොක්කට එන්න නොදෙන්නේ.. නැත්තන් හෙම ඔක්කොම උන් ගස් බැඳගන්නවා සිය කැමැත්තෙන්ම..

      Delete
  18. ඔන්න ඔන්න මාතලන්තුමා පිටරටිං බැක්ටීරියාවො ගෙන්නන කොමිස් වලටත් කෙලින්න යනවා..............මෙව්ව විදේශ බලවේගවල කුමන්ත්‍රණ...ඔව්...!!

    ReplyDelete
    Replies
    1. අඩු ගානේ එහෙම ටැලන්ට් එකක් වත් නෑ නොවෑ... ඕකේ ඉන්න උන්ට...

      Delete
  19. මේකනෙ මාතලං ප්‍රශ්නෙ බී.ටී.අයි බැක්ටීරියාව යෙදුවම සියලුම මදුරු වර්ග වල පිරිමි සතාගෙ ප්‍රජනක ශක්තිය නැතිවෙල සියලුම මදුරු වර්ග විනාශ වෙනව එතකොට කාටද පාඩු? සාමාන්‍යයෙන් දිනකට මදුරු කොයිල් කන්ටේනර් දෙකකට වඩා පුච්චන රටක් ලංකාව. දිනකට කෝටි ගනනාවක ජාතික ධනය එක රාත්‍රියකට මදුරු කොයිල් වෙනුවෙන් පුච්චල දානව.මෑතක් වෙනකං රුපියල් හයට තිබුන මදුරු කොයිල් ජෝඩුව දැන් ඒකත් මිල දෙගුනයකින් වැඩි කරල. සමහර කඩවල රුපියල් දොලහයි සමහර කඩවල රුපියල් දහ හතරයි විකුනන්නෙ.
    පී.එච්.අයිල ඇවිල්ල අපේ වැහි පීල්ලයි, පිලිකන්නයි, කිරි පල්ලයි අත ගෑවට ඩෙංගු මර්ධනය කරන්න පුලුවන්ද? රටේ ආංඩුව කරන්න ඕන දේ ජනතාවට පටවල තව ඩෙංගු මර්දනය කෙරුවෙ නැහැ කියල දඩත් ගහන ආංඩුවක් අපිට තියෙන්නෙ. ඩෙංගු මර්ධනය කරපු රටවල් ඩෙංගු මර්ධනය කලෙ බී.ටී.අයි බැක්ටීරියාව රට පුරාම අවශ්‍ය තැන් වලට රටේ ජනතාව සහභාගි කරගනිමින් යොදවල. ඒවට රටේ ජනතාවට සැබෑවටම ආදරය කරන ජනතාවාදී නායකයෙක් රටේ ඉන්න ඕනෑ. පඩේටත් කොමිස් ගහන නායකයින්ගෙන් නම් අපිට කවදාවත් සෙතක් වෙන්නෙ නැහැ. අපිට බී.ටී.අයි බැක්ටීරියාව දෙනවනම් අපි දන්නව ඒව යොදන්න ඕන තැන්. නැතුව පොල්කට්ටයි, සැමන් ටිං එකයි, වැහි පීල්ලයි, පරන ටයර් එකයි, අපේ පිලිකන්නයි විතරක් අතගාල නං බෑ ඩෙංගු මර්ධනය කරන්න.අනෙක බී.ටී.අයි බැක්ටීරියාව යෙදුවම මදුරුවන්ගෙ වගේ අපේ ආංඩුවෙ ලොක්කන්ගෙත් ප්‍රජනක ශක්තිය අඩුවෙයි කියල බය වෙලාද දන්නෑ ඔය බැක්ටීරියාව පාවිච්චි කරන්නෙ නැත්තෙ?

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත කතාව ඕක තමයි.. ඔහේ කවුරු උනත් මේ කොමෙන්ට් එක මෙතන දැමීම ගැන මගේ ප්‍රණාමය...

      Delete
  20. /අයියෝ... ඕක මොකක්ද? ඔය නානසර උන්නාන්සෙ දළඳා වඳිද්දී, වටරැක හාමුදුරුවෝ හිරේ යන්නේ./

    හැබැයි මම නම් ඥානසාර කිසිම කරදරයක් නොවී, බල පුළුවන්කාරකම් පෙන්නමින් ඉන්නවට කැමැතියි. මොකද මම නිරාගමිකයෙක් හැටියට හැම ආගමටම වගේම බුද්ධාගමටත් විරුද්ධ නිසා. ඥානසාර දැන් නැති කළොත් මිනිස්සුන්ට බුද්ධාගමේ කිසි වරදක් පේන්නේ නෑ. ඔහේ තව දුරටත් ඒකෙම එල්ලිලා ඒ මිථ්‍යාවෙ ගිලිලා ඉඳීවි. මිනිස්සු බුද්ධාගමෙන් ඈත් කරන්න නම් ඥානසාරලා අත්‍යාවශ්‍යයි. ඥානසාර තව මෙහෙම අවුරුදු දහයක් හිටියොත් අපට මේ බුද්ධාගම කියන පිළිලය මේ රටෙන් ඈත් කරන්න පුළුවන්. කිසිම සැකයක් නෑ. මේ ජෝක් එකක නෙවෙයි. සීරියස්ලි කිව්වේ.

    ReplyDelete
    Replies
    1. කරුමේ කියන්නේ.. මෝඩ බෞද්ධයා මුන්ව අදහන එකනේ...

      Delete
  21. ආගම් කියන්නේ නම් පිළිලයක්ම තමයි. බුද්ධාගම විතරක් නෙවෙයි අනිත් ඕනම ආගමක් එහෙම තමයි. ධනවතුන් තමන්ගේ තත්වය ආරක්ෂා කරගෙන දුප්පත් මිනිස්සු පීඩිත පන්තිය තව තවත් පීඩනයට පත් කරලා, නැගී සිටීම් නවත්වන්න අටවපු උගුලක් තමයි ආගම. ඒක නිසා තමයි කාල් මාක්ස් කයලා තියෙන්නේ “ආගම දුප්පතාගේ අබිං“ ය කියලා

    ReplyDelete
    Replies
    1. මම කියන්නේ ඕක තමයි ළෝකේ පළවෙනි කොම්පැනි එක කියලා... ඒ කියන්නේ ගණිකා වෘත්තිය ඇවිත් ස්වයං රැකියාවක්නේ.. මේක සෙට් එකක්ම නිකන් ඉඳන් මිනිස්සු බය කරලා කප්පම් ගන්නවා වගේ ගේමක්..

      Delete
    2. මම නම් අහලා තියෙන විදිහට මේක වුනේ මෙහෙමයි. මිනිස්සු එඬේර යුගයේ ඉඳලා ගොවි යුගයට ඉදිරියට යනකොට නිෂ්පාදන වල අතිරික්තයක් ඇති වුනා. ඒවා ගබඩා කරන්න පුරුදු වුනා. මේක දිහා ඇහැ ගහගෙන හිටපු කම්මැලි මිනිස්සු කොටසක් මේ අතිරික්තය නිකම්ම ඉදලා ඩැහැ ගන්න අටවපු උගුලක් තමයි ආගම් සංකල්පය

      Delete
    3. නමුත් කැස් ඊට පෙර දඩයම් යුගයේත් ඇදහිලි තිබුන බවට සාක්ෂී හොයාගෙන තියෙනවා නේද...?

      Delete
  22. ඥානසාරයා අපට දුන්නු තවත් වරප්‍රසාදයක් තමයි ඕනෙම සිවුරුකාරයකුට නම කියලා විතරක් නෙවෙයි නමට '-යා' කියන උපසර්ගයත් එකතු කරලා භාවිතයට ඉඩ සැලසීම. ඉස්සර නම් එහෙම බැහැ. පූජ්‍ය යක්කඩුවේ පඤ්ඤාරාම හිමි; පූජ්‍ය වල්පොළ රාහුල හිමි, පූජ්‍ය රේරුකාණේ චන්දවිමල හිමි කියලා ගරු සරු ඇතුව කතා නොකළොත් ලෝකයා හිතන්නෙ අපි අශිෂ්ඨයෝ කියලා. ඒත් අද එහෙම එකක් නෑ. ඥානසාරයා, වටරැක විජිතයා, ධම්මාලෝකයා. සෝභිතයා, බුද්ධරක්ඛිතයා, සෝමයා වගේ ඕනෙම කෙනකුට අපේ අතවැසියෙකුට කතා කරනවා වගේ කතා කළාට කවුරුත් මොකුත් කියන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකෙ හොදකුත් තියනවනේ
      ඔය මෙලෝ යකෙකුට ලියන්නවත් කියන්නවත් බැරි "අති පූජ්ය සියබලාණ්ඩුවේ විමලානන්ද නාහිමි මාවත " වගේ විකාර නම් නැතුව "නානසාරයා මාවත" වගේ දැම්මහැකි

      Delete
    2. සම්පූර්ණයෙන් එකඟයි. ඔය නානසාරයා ඒ කාලෙ හිටියා නම් පත්තරවල පොත් වල 'හිමි', 'පූජ්‍ය', 'ගෞරවාර්හ', 'ස්වාමීන් වහන්සේ' වගේ වචන ප්‍රින්ට් කරන්න ගිය තීන්ත කොච්චර ඉතුරු වෙනවද?

      Delete
    3. තව ටික දවසකින් සිවුරුකාරයෙක් ගෙදරකට ආවත් පුටුවකට සුදු රෙද්දක් එළන්න, වැඳලා පිළි ගන්න වගේ දේවල් වලට කරදර වෙන්න ඕනැ නැහැ. ඔය හිඟන්නෙක් ආවම කීයක් හරි දෙනවා වගේ හිටගෙනම ආපු කාරණේ කතා කරලා යවන්න කියන්න පුළුවන්. මේවා වෙන එකත් හොඳයි. එතකොට ජීවිතේ පහසුයි. නානසාර බුදු වේවා!

      Delete
    4. ඔය සෙල්ලම වැඩි කල් කරන්න හම්බ වෙන්නේ නෑ. ලේ වැගිරීමකින් කෙලවර උනත්, තම්බියත් හැමදාම ඉවසන්නේ නෑ. උන් හරක් මරණ උන් නේ..

      Delete
  23. අපේ පැත්තෙනම් ඩෙංගු වර්ධනය උපරිමෙන්ම කරගෙන යනවා. මැරවින් මහත්තයත් කාලෙන් කාලෙට මදුරු මර්ධනය ගැන ජනතාව තුල විරෝධාකල්ප ඇතිවෙන විදියෙ නොයෙක් නිර්මාණශීලී වෙළඳ ප්‍රචාරණ ක්‍රම අනුගමනය කරනව. ඒකෙන් තවතවත් මදුරු වර්ධනය ගැන ජනතාවගෙ උනන්දුව ඉහල යනව. දැන් කොන්ක්‍රීට් කරපු පාරවල් අයිනෙ වැඩිවෙන මදුරු ගහණයට අවශ්‍ය නවාතැන් පහසුකම් සපයල තියෙන්නෙ. බොහෝවිට ගෙවල්වල උදවියත් ගේට්ටු ඉස්සරහ සූතිකාගාර ගොඩනගල තියෙනව මැදිරියන් වෙනුවෙන් කසල බඳුන් ඇතුලෙ. අපරාදෙ කියන්න බෑ උන් ඒවට කළගුණ සලකන්න උදේ දවල් නැතුව කන ගාවට වෙලා ප්‍රශස්ති ගායනා කරනව. පව්. මට වෙලාවකට දුකත් හිතෙනව.

    ReplyDelete
    Replies
    1. කතා කරලා වැඩක් නෑ බස්සි. මුන් මේකත් ආදායම් මාර්ගයක් කරගෙන තියෙන්නේ. මහ ළොකුවට කයිය සුද්දෝ එනවය කියලා. එක සුද්දෙක් එන්නේ නෑ මේ නිව්ස් පිටරටට ගියාම

      Delete
  24. අර ඩෙංගු මර්දන බැක්ටීරියාව ගැන මම ඇහුවෙත් පත්තර වලිනුයි ටීවී එකෙනුයි. ඒක ගෙන්නන්න යනවා කිව්වා, ඕං ගෙන්නනවා මේං ගෙන්නනවා කිව්වට ඒක කවදාවත් නොවුනේ උඹ කියන මේ ඩෙංගු වර්ධන වැඩ සටහනටම දෙන සහයෝගයක් හැටියටද?

    ඇත්තෙන්ම මොකක්ද ඒ බැක්ටීරියාවේ තත්වය? ඒක ඔය කියන තරම් වැඩක් ඇති එකක් නෙවෙයිලුද, නැතිනම් කොමිස් ප්‍රශ්ණයක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. මෙන්න මචෝ ඇත්ත කතාව...

      මේකනෙ මාතලං ප්‍රශ්නෙ බී.ටී.අයි බැක්ටීරියාව යෙදුවම සියලුම මදුරු වර්ග වල පිරිමි සතාගෙ ප්‍රජනක ශක්තිය නැතිවෙල සියලුම මදුරු වර්ග විනාශ වෙනව එතකොට කාටද පාඩු? සාමාන්‍යයෙන් දිනකට මදුරු කොයිල් කන්ටේනර් දෙකකට වඩා පුච්චන රටක් ලංකාව. දිනකට කෝටි ගනනාවක ජාතික ධනය එක රාත්‍රියකට මදුරු කොයිල් වෙනුවෙන් පුච්චල දානව.මෑතක් වෙනකං රුපියල් හයට තිබුන මදුරු කොයිල් ජෝඩුව දැන් ඒකත් මිල දෙගුනයකින් වැඩි කරල. සමහර කඩවල රුපියල් දොලහයි සමහර කඩවල රුපියල් දහ හතරයි විකුනන්නෙ.
      පී.එච්.අයිල ඇවිල්ල අපේ වැහි පීල්ලයි, පිලිකන්නයි, කිරි පල්ලයි අත ගෑවට ඩෙංගු මර්ධනය කරන්න පුලුවන්ද? රටේ ආංඩුව කරන්න ඕන දේ ජනතාවට පටවල තව ඩෙංගු මර්දනය කෙරුවෙ නැහැ කියල දඩත් ගහන ආංඩුවක් අපිට තියෙන්නෙ. ඩෙංගු මර්ධනය කරපු රටවල් ඩෙංගු මර්ධනය කලෙ බී.ටී.අයි බැක්ටීරියාව රට පුරාම අවශ්‍ය තැන් වලට රටේ ජනතාව සහභාගි කරගනිමින් යොදවල. ඒවට රටේ ජනතාවට සැබෑවටම ආදරය කරන ජනතාවාදී නායකයෙක් රටේ ඉන්න ඕනෑ. පඩේටත් කොමිස් ගහන නායකයින්ගෙන් නම් අපිට කවදාවත් සෙතක් වෙන්නෙ නැහැ. අපිට බී.ටී.අයි බැක්ටීරියාව දෙනවනම් අපි දන්නව ඒව යොදන්න ඕන තැන්. නැතුව පොල්කට්ටයි, සැමන් ටිං එකයි, වැහි පීල්ලයි, පරන ටයර් එකයි, අපේ පිලිකන්නයි විතරක් අතගාල නං බෑ ඩෙංගු මර්ධනය කරන්න.අනෙක බී.ටී.අයි බැක්ටීරියාව යෙදුවම මදුරුවන්ගෙ වගේ අපේ ආංඩුවෙ ලොක්කන්ගෙත් ප්‍රජනක ශක්තිය අඩුවෙයි කියල බය වෙලාද දන්නෑ ඔය බැක්ටීරියාව පාවිච්චි කරන්නෙ නැත්තෙ?

      Delete
  25. දවසකට මදුරු කොයිල් කන්ටේනර් දෙකක් පුච්චනවා කියන්නෙ ලේසි පාසු වැඩක්ද මාතලන්.සෘජු රැකියා කීයක්ද වක්‍ර රැකියා කී දාහක්ද.ඔය දවසකට දෙතුන් දෙනෙක් මැරෙනව වගේද ඒක.ඔයාලට මේවා තේරෙන්නෙ නෑ මාතලන්.

    ReplyDelete
    Replies
    1. එකනේ හැලපේ පබාලා බබා හුකුං වෙන්නේ... මොකෝ මහජනයා එයාලට සලකනවා කියලය...

      Delete
  26. ඔය ප්‍රශ්නෙට විසඳුමක් විදිහට අපි දීප ව්‍යාප්තව මදුරුවන්ට උපත් පාලන වැඩසටහනක් හඳුන්වලා දෙන්ඩ ගියා.ඒත් මුස්ලිම් මදුරුවොයි, හෙළ උරුම මදුරුවොයි ඒකට ලෙඩේ ඇද්දනේ

    ReplyDelete
    Replies
    1. බෑ බෑ බෑ... ඒක කොහොමටවත් කරන්න දෙන්න බෑ.. මොකෝ වැඩිවන ජනගහන ඝනත්වයට සමානව මැදිරියොත් ඉන්න එපාය..

      Delete
  27. සිංහයො / අලි / රයිනෝසිරස්ලා / වැලි පොළොන්ගු...ඔය මොකා හිටියත් ලෝකෙ ඉන්න භයානකම සතා තමයි මදුරුවා..උන් ලෝකය පුරාම බැට දෙනවා..පොඩියට හිටියට...

    ඔයා බබා වර්ධනගෙ නමේ අගට එන්නෙ පළිහවඩන කියලා නේද...මා තලන්ගෙ කථාව තුල ඉල ඇදෙන ජෝක්ස් වගේම අපේ නිලධාරීන්ගේ නොහැකියාවත් අපූරුවට විස්තර වෙලා තිබුනා. අපේ ඊලග අගමැති දැන් මොකද මේ ගැන කියන්නෙ...අර ඩෙංගු වලට බෙහෙතක් හදපු ආයුර්වේද වෛද්‍යතුමියගේ බෙහෙත හමස් පෙට්ටියට ගියාද....එතකොට කියුබාවෙන් එනවා කිව්ව බැක්ටීරියාවට බාලගිරි දෝෂයද...නැත්තං ඩෙංගු තියෙනකං කාගෙ හරි පොකට් එකකට ලාභද...

    ReplyDelete
    Replies
    1. එයාට එහෙම කියනවද කියන්න නම් දන්නේ නෑ. දේශීය බෙහෙතක් හොයාගත්ත නෝනා ගැන අරුණි ශපිරෝ නෝනා හොඳ ළිපියක් ලියලා තිබුනා. මමත් කියන්නේ මේ රටේ ආයුර්වේද අමාත්‍යන්ශයකුත් තියෙද්දි. තම රට දේට ගරු කරන නායකයකුත් ඉන්දැද්දි. එයා මුදල් බලාපොරොත්තු වෙන්නෙත් නෑ කියද්දි, හෙන ගහනවද ඕක ලොක්කට දීලා රෝගීන්ට නොමිලේ බෙදා හැරියනම්. වැල් බයිලා නේ. ලක් එක තියෙන එකා බේරෙනවා. නැති එකා මැරෙනවා..

      Delete
  28. දැන් බොට සනීපද? සෙල්ලම් කරන්න එපා බං ඩෙංගු කියන්නේ සීරියස් ලෙඩක් නේද?
    මට හිතාගන්න බෑ මෙච්චර ඇඟක් තියාගෙන එක මදුරුවෙක් කෑවම පීචන් වෙන අපි ඩෙංගුවෙක් එහෙම කෑවොත් මොනව වෙයිද කියලා.

    ReplyDelete
    Replies
    1. දැන් ටික කලක් මචෝ.. මාර ආතල් එකක් ගත්තේ...

      Delete
  29. ඔය මර්ධනයක් වෙලා තියෙන්නේ අන්තිමේ බලාගෙන යද්දී..

    //මෙතෙක් මිය ගිය රෝගීන් ප්‍රමානය පිළිබඳ දත්ත ලබා ගැනීමේ මගක් නොමැත..//

    ReplyDelete
    Replies
    1. මහ බැංකු වාර්ථාවෙත් නෑ...

      Delete
  30. මුන් වෙන එවා නම් හොදට මන්දනය කරන්න දන්නවා මෙවා වර්දනය කරන්නත් දන්නවා ,
    මේ වගේ තමයි මාතේ වකුගඩු ප්‍රශ්නෙත් එවා පෙන්නලා දුන්නත් පෙන්නෙ නෑ මේ හු~$$%% ලගදිත් සැහෙන දෙනෙක් පරලොව ගියා මේ ප්‍රශ්ණේ නිසාම

    ReplyDelete
  31. මචං ඔය කොයි එකත් හොඳටම දන්න මර්ධනය තමයි ජනතා මර්ධණය. උන්ට මදුරුවෝ මරලා වැඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. අරූ හරි +++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  32. Hello! I've been reading your web site for some time now and finally got the courage to go
    ahead and give you a shout out from Austin Texas!
    Just wanted to mention keep up the fantastic
    job!

    Feel free to surf to my blog; Ice Age Adventures Cheats Android

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න