.

.

Nov 1, 2014

නන්දසිරි මහත්තයගේ කමලාසිනි - Kamalasini by P V Nandasiri


මේ ළඟදි රෑ බෝ වෙලා ගෙදර ආපු වෙලාවක, ටැලිවිසොන් එකේ චැනල් කරකවගෙන යන අතරේ, කැලැසිකල් මියුසික් පාරක් යනවා "අයි" චැනල් එකේ. වැඩ සටහන දෙමළ. පට්ට රාගධාරී සංගීතයක්. මාතලන් බොහෝම ආසයි ඔය රාගධාරි සංගීතයට. දැන් ඉතින් සම හරක් කළබල වෙන්න ඕන නෑ, මේ මොළේ අවුල් පොරට මොන රාගධාරීද කියලා. මියුසික් වල මාතලන්ට බේදයක් නෑ. එකම දේකට ඇලිලත් නෑ. හැම එකේම කැමති ඒවත් තියෙනවා, අප්‍රිය ඒවත් තියෙනවා.

මේ රාගධාරි සංගීතය ප්ලේ කරන උන්, ඒක කරන්නේ බොහෝම භක්තියෙන්, මොකෝ එයාලගේ හින්දු ආගමත් එක්ක, සංගීතය බැඳිලා තියෙන නිසා. ඉන්ස්ටුමන්ට් ප්ලේ කරන්නෙත්, ගායනා කරන්නෙත් භාවනාවක් කරනවා වගේ. ඉතින් රසිකයත් බොහෝම නිවී සැනසෙන තත්වෙකට පත්වෙනවා ඉබේම. සමහර රසිකයෝ, ආවේස වගේ ගතියටත් පත් වෙනවා.

ඔය ඉන්ස්ටුමන්ට් අතරේ තියෙන, ඔවුන්ටම ආවේනික සංගීත භාන්ඩ දෙකකට, බොහෝම මනාපයි. එකක් තමයි "තවිල් බෙරේ", ඔය "තවිල් බෙරේ" කියන වච්නය තියෙන හින්ගල සින්දු බොහෝමයක් අතරේ, මම කැමතිම එක තමයි, නිහාල් අයියගේ, "කාවඩි බයිලා" සින්දුව. මේක ඉස්ටේජ් එකේ ගායනා කරන කොට, "තවිල් බෙරේ" නම් නෑ. ඒත් ඩ්‍රමර් දෙනවා විනාඩි පහක විතර පට්ට ගේමක්. ඉස්සර අපේ වත්තේ අපි හදාගෙන තිබුන පොඩි ගෲප් එකේ නමත්, "ඩ්‍රම් සෙට් වාදක මන්ඩලය". ඒ ගැන වෙනම ළිපියක් පස්සෙ වෙලාවක ලියන්නම්.

 තවිල් බෙරෙයි නාදස්වරම් දෙකම එකට, පොරි හැලෙන්න දෙනවා.




අනික තමයි වැඩියෙන්ම කැමති එක. "නාදස්වරම් නලාව". බිග් මැච් එකට, "පපරේ" බෑන්ඩ් එකට අමතරව, තව ගේනවා "මෝලම් සෙට්" එක කියලා සෙට් එකකුත්. මෝලං පාරට කන පැලෙන්න නටන්න පුළුවන්. ඒකෙදි, "ට්‍රම්පට්" එක වෙනුවට ගහන්නේ, "නාදස්වරම්". දෙන්නෙක් වත් ඉන්න ඕන. ටිකක් ඔයිට හුරු එකක්, සුද්දොත් ප්ලේ කරනවා ඒකට කියන්නේ "ක්ලැරිනට්" කියලා. මේකත් ප්ලේ කරන්න බොහෝම අමාරු ඉන්ස්ටුමන්ට් එකක් කියලයි, දන්න උන් කියන්නේ. ඕකේ එක්ස්පර්ට් කෙනෙක් තමයි "කෙනී ජී" (Kenny G). ළඟදීම ලංකාවටත් එනවා. ,(වරද නිවැරදි කිරීම - කොමෙන්ට් එකකින් කියනකන්, මම හිතාගෙන උන්නේ කෙනී ජී ප්ලේ කරන්නේ ක්ලැරිනට් කියලා. ඒත් ඒක ක්ලැරිනට් එක නෙමෙයි. ඒකේ නම Soprano. ඒ වගෙම, කෙනී ජී ට වෙනම එකක් තියෙනවලු, "Kenny G Saxophones"කියලා - Wikipedia . බොහොම ස්තූතියි දැණුම්වත් කිරීමට). ඉස්පාසුවක් තිබුනොත් කොහොම හරි බලන්න ඕනා. ලයනල් අයියත් (Lionel Richie) ඇවිල්ලා ගියා. ඒත් ඉතින් කිට්ටු කරන්න පුළුවන් ගානක්ය. සුපියල්ම 20,000.00 ක් ප්‍රවේශ පත්තරේ. නාලා වරෙන්කෝ.

Kenny G ගේ Clarinet වාදනයක්


සංගීත් නිපුන් කළශූරී පී වී නන්දසිරි
කොහොම හරි අර වැඩසටහන බලන අතරේ, මගේ හිත අතීතයට දිව ගියා කිසි මහන්සියක් නැතිව, ඇත්තම කියනවා නම් ඒක ගම හරහා දීවීමක්. තොරණ හංදියෙන් පටන් අරගෙන, වරාගොඩ පාර දිගේ දුවලා, බෞද්ධ මද්‍යස්ථානය හරියේ තමයි නැවතුනේ. ඒ, "පී වී නන්දසිරිලගේ" ගේ ළඟ. ඊට පස්සේ තමයි පෝස්ට් එකක් ලියන්න ඕන කියලා හිතුවේ. සුභාවිත ගීතය හා ගීත කළාව ගැන ලියපු, "දයානන්ද රත්නායක" දැන් සින්දු ගැන ලියන්නෙ නෑ. දැන් ලියන්නේ පොත් ගැන. එයත් ඉතින් ඕවරෝල් කලා රිටක්නේ.. ඒත් සුභාවිත ගීතයට අර්ථකතන දෙන කෙනෙක් ඉන්නවා "සඳුමල්" කියලා. ඒ ඇරුනම, ඉන්ගිරිසි ගීත හා ගායක ගායිකාවන් ගැන ලියනවා "ජීවන්". ඒකේ නම "දම් පාට දේදුන්න". මේ දෙන්නම ළඟදි සම්මානයටත් ලක් උනා. ඒක සතුටට කාරණයක්. ඒ වගේම අමතක කරන්න බැරි චරිතයක් තමයි "සින්දු ඇනෝ". ඔහුගෙන් වෙන සේවාව ඉතා ඉහලයි.
පී වී අමාරුවේ වැටුනු දා

කැසට් එකක් වත් නැති කාළේ, තිබුන එකම එන්ටර්ටේන්ට්මන් මීඩියා එක තමයි, හුලන් විදුලිය. ඕකේ අපි ඇහුවේ වෙළඳ සේවය. හරියටම උදේ දහයට යනවා, "චිත්‍රපටි ගීත". ඔන්න ඔය ගීත අතරේ, මම ආසාවෙන් අහන්න බලාගෙන ඉන්න සින්දු දෙකක් තියෙනවා. එකක් තමයි, "සරා ගොයියා හරි මිනිහා...". අනික තමයි, "කමලාසිනි". "කමලාසිනි" සින්දුව කිව්වේ, "සංගීත් නිපුන් කළශූරී පී වී නන්දසිරි". පී වී කියන්නේ පාළනගම විදානාරච්චිගේ කියන එක.

උපුල මධුශංඛ

එයාගේ පුතා, අපේ රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ. අපේ හිතවත් පවුලක හිතවතුන්. අපේ හිතවත් පවුල උන්නේ නන්දසිරි මහත්තය්ගේ ගෙදරට අල්ලපු ගෙදර... නන්දසිරි උන්නැහේට, පුත්තු දෙන්නයි, දුවයි. වැඩිමල් පුතා උපුල තමයි ,මාතලන් එක්ක හිතවත්. ඌ තනිකර තාත්තා වගේ. අම්මත් චීචර් කෙනෙක්. දුව තනිකර අම්මා. බාල එකා මට එච්චර නිච්චියක් නෑ.

මනෝ මංජරි
මේ ගෙදර සංගීත පන්ති හැමදාම වගේ තිබුනා. මම අහලා තියෙන විදියට නම් විජේරත්න රණතුංගත් (ෆේමස් තබ්ලා ප්ලේයර්), සනත් නන්දසිරිත්, මුන්නැහේගේ ගෝලයෝ. තවත් ප්‍රසිද්ධ ගෝලයෝ බොහෝමයක් මතක නමුත්, ෂුවර් නැති නිසා ලියන්න බෑ. දන්න කෙනෙක් ඉන්නවා නම්, ඒ ගැන මතක් කරාවී. මම අහලා තියෙන විදියට, උන්නැහේ ජෝතිටත් ගීත කරලා දීලා තියෙනවා.

උපුල මධුශංඛ, අද නොම්මර එකේ තබ්ලා ප්ලේයර් කෙනෙක්, දුව, නම්බර් වන් වයලීන වාදකයෙක් එයාගේ නම මනෝ මංජරි. පොඩි බඩුවක් නෙමෙයි. සංගීත විශාරද, වාද්‍ය විශාරද, වාද්‍ය නිපුන්. ඒ වගේම ඩොක්ටර් රේට් එකකුත් තියෙනවා. උපුලත් මම හිතන්නේ, විශාරද වෙන්න ඕන. මේ පහල තියෙන වීඩීයෝ එකේ දෙන්නම ඉන්නවා, තවත් ප්‍රසිද්ධ පොරක් එක්ක. පුළුවන්නම් කියන්නකෝ බලන්න අනෙක් පුද්ගලයා කව්ද කියලා..


මෑතක, මම දකිනවා, උපුල මධුශංඛ "දෙරණ" රූපවාහිණියේ යන "ඩෙල් ස්ටූඩියෝ" වැඩ සටහනේ බේස් ගිටාර් එක ප්ලේ කරනවා. මාතලන්ට කියන්න තියෙන්නේ, කවුරු හරි මෙන්න මේ පනිවිඩේ උපුලට හරි, "මහේෂ් දෙනිපිටියට" හරි "දෙරණට" හරි දෙන්න. මොකක්ද පණිවිඩේ... මේ කමලාසිනි ගීතය ඒ ආකාරයටම හරි, අළුත් සංගීතයකට හරි හදලා අපිට දෙන්න කියලා. අනිවාර්යයෙන් වික්ටර් රත්නායකගේ, "හෝ පලු වන පෙත කම්පිත කරවන..", වගේම, එහෙම නැතිනම්, එඩ්වඩ් ජයකොඩිගේ, "මාරම්බරි...", වගේම හිට් වෙනවා දෙකක් නැතිවම.  (මේ වීඩියෝ දෙකම ආධුනික ගායකයන්ගේ ඒවා දැම්මේ, සම හරක් හිතාගෙන ඉන්නවා සින්දු කියන්න පුළුවන් උන්ට විතරමය කියලා)


කමලාසිනි ගීතය ගායනා කරලා තියෙන්නේ, කලින් කිව්වා වගේ සෝ එකකට. මේ වීඩීයෝවේ තියෙන විදියට, සෝ එක "හිතක පිපුණු මල්" වෙන්න ඕන. සින්දුව ලියලා තියෙන්න පන්ඩිත් විමල් අභයසුන්දර... සංගීතය, පී වී, කොච්චර සංගිත කාරයා උනත්, ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ වැඩක්. අපි වගේ කොල්ලන්ට නම්, මේ සින්දුව ඇහුවාම මතක් වෙයි. අළුත් උන් නම්, අහන්නෙත් අද වෙන්න ඇති. මම නම් අදත් මේ ගීතය විඳිනවා, උපරිමයෙන්ම.


ඒ වගේම "කමලාසිනී" ගීතයට අමතරව, තවත් ගීත රාශියක් උන්නැහේ ගායනා කොරලා තියෙනවා. ඒ ගීත සෙට් එකයි, "කමලාසිනි" ෆුල් සින්දුවයි අහන්න ඕන නම්, >>> මේ අකුරු ටික උඩ  ක්ලික් කලාම හරි. <<<

97 comments:

  1. මේ කිරිකලයේ ගොම බිඳුව තමයි සරා ගොයියා. ඒකේ හින්දි ඔරිජිනල් එක නම් හොඳයි - අර පොඩි එකෙක් කියන්නේ!

    ReplyDelete
    Replies
    1. උඩින්ම කියලා තියෙන්නේ රසික මහත්තයෝ.. ඩිෆරන්ට් ටේස්ට්ය කියලා...

      Delete
    2. සරාගොයියා එකේ ඔරිජිනල් හින්දි සින්දුව මෙන්න.

      http://www.youtube.com/watch?v=uBlBBJWBSQw

      Delete
    3. මාතල මේකේ කමෙන්ට් වලට වීඩියෝ දාන්න පුළුවන් විදිහට හදන්න උතුමාණනි/පින්වත/හදපිය යකෝ.

      Delete
    4. @ විචාරක

      දාන හැටි කියලා දුන්නා නම්...

      Delete
    5. මෙන්න මේක කියවලා බලන්න. එක පාරටම ඒ කෝඩ් දාන්න යන්න එපා. ඉස්සර වෙලා බ්ලොග් එකේ බැකප් එකක් ගන්න. ඊට පස්සේ මේ කෝඩ්ස් දාන්න. මොනවහරි වැරද්දක් වුනොත්, අර බැකප් කොපිය දාලා බ්ලොග් එක ආපහු තිබුණු තත්වයට ගන්න.

      http://helplogger.blogspot.com/2012/03/add-videosimages-in-bloggerblogspot.html

      Delete
    6. ඔය ඉල්ලං කන වැඩ කරන්න ගිහින් දෙසරයක් විතර නා ගත්තා.. මේ තියෙන විදිය හොඳටම හොඳයි විචෝ...

      Delete
    7. මචං, වීඩියෝ මට පේන්නේ නෑ අවුලක් නිසා ..මේකෙත් තියනවද මන්දා, මතකද අර දොස්තර සුපර් ස්ටාර් සිරසෙදි කමලාසනී දුන්නා ඇටි හැලෙන්න

      Delete
  2. ඇඩෙනවා මචෝ එළකිරි ...........+++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ජලය මුසු නොවූ..
      මියුසික් පිස්සෙක් කොහොම ඉන්නද මේවා දැකලා...

      Delete
  3. යකඩෝ කොච්චරනං අහල තිබුණත් දැනුයි උවමනාවෙන් ඇහුවෙ. මල පනින මාතලංට වඩා මල් මල් මාතලං හොඳයි වගේ. උඹ ඇතුලෙ ඉන්න මේ රසවින්දිත මිනිහව එළියට ගංකො, එක එක හාල්පාරුවො එක්ක කෙළගන්න යනකං. :D මං මෙහෙම කියන්නෙ උඹේ සියලුම ලිපි පාහේ කියවලා තියෙන නිසා.
    Kenny G නම් සුපිරි මචෝ. භාවනාවක් වගේ. Forever in love ඇවිල්ල මගේ favourite එකක්. මගුල් කන උනුයි, ගෙවල් විකුණන උනුයි ඌව විකුණං කෑවට උගෙ නමවත් දන්නැති එවුං මට මුණ ගැහිලා තියෙනවා.
    අජිත් හේවාගෙ “සවන“ මම දැක්ක හොඳ සරල සිංහල Instrumental Collection එකක්.

    ReplyDelete
    Replies
    1. මල පනින එකත් පොඩි කාළේ ඉඳළම තියෙන රෝගයක්..

      Delete
    2. අම්මපල් අදනම් සංගීත භාවනාවක් ශාන්ත දාන්තව ලියලා. විසිටරයෝ බොලා සිංහයා එකේ කියපු එක දැන්නෙ තේරුනේ.

      Delete
    3. @Visitor V
      'forever in love' මේක අනන්තවත් අහල/ඇහිල තියනව, අද තමයි කාගෙද කියල දන්නනෙ :)

      Delete
  4. අයියේ ..........උඹ නාකි වෙලා. :D

    ReplyDelete
  5. මාතා......ටික දවසකට පස්සේ ඔරිජිනල් මාතලන් ස්ටයිල් පෝස්ට් එකක්. පිස්සු හැදුනා මේක කියවලා සහ අහලා. උඹ යකෝ මිනිස්සුන්ව හතර වටේ එක්කන් යනවානේ. ඉස්සෙල්ලාම බිග්මැච් එකට ගියා..හති වැටෙනකම් නැටුවා. පස්සේ බම්බලපිටියේ කෝවිලට වෙලා අයිනක් අල්ලන් ඒ ආතල් එක ගත්තා. (ඉස්සර අපි ජොයින්ට් එකක් ගහලා ගිහින් ඔය වැඩේ කරනවා.ආගමික තැනක් තමයි. ඒත් අපෙන් කාටවත් කරදරයක් නැහැනේ) කෙනීGගේ ලෝකෙටත් ගියා. අන්තිමට නොගිය තැනක් නැහැ. පරිපූර්ණ පෝස්ට් එකක්.

    මහේෂ් වැඩකාරයා බං. ඊට හපන් ඌත් එක්ක ඉන්න සෙට් එක. දෙරණෙ පොඩි එවුන් සෙට් එක යමක් ඉගෙන්ගන්නවා අත්වැල් ගයන්න ගිහිල්ලා. කමලාසනි මහේෂ්ට ලැබුනොත් හොඳ වර්ෂන් එකක් කරයි.
    පොඩි නන්දසිරිලාත් එක්ක ඉන්න අනිත් කෙනා රවිබන්දු විද්‍යාපති නේද?

    //// "ඩ්‍රම් සෙට් වාදක මන්ඩලය". ඒ ගැන වෙනම ළිපියක් පස්සෙ වෙලාවක ලියන්නම්.////
    උඹත් මම වගේ තමයි. ඔක්කොම පසුවට.

    ReplyDelete
    Replies
    1. රවිබන්දු තමයි.. පිස්සු පීකුදු බුවාලා.. කළාතුරකින් තමයි උන්ගේ සෝ එකක් දකින්නේ ටැලිවිසොන් එකේ. හෝල් වල තිබුනට ටිකට් පට්ට ගනන්..

      Delete
  6. උඩ ෆොටෝ එකේ ඉන්න කමලාසනීව බැරිද මෙහේ එවන්න...

    ReplyDelete
    Replies
    1. වීසා ඇපෲවල් කරයිද දන්නේ නෑ...

      Delete
  7. මේ දවස්වල අහන දකින දේවලින් ගිනියම් වෙලා, තද වෙලා, ප්‍රස්චත්තාප වෙවී ඉන්න නිසා හැමෝගෙම ලියන ටෝන් එක වෙනස් වෙලා තිබ්බේ. ඒ නිසා කියවන හැමදේම වියලි ඒකාකාරී ගතියක් තිබ්බා . මෙන්න මේ වෙලාවේ වැටිච්ච පොද වැස්සක් වගේ උඹේ පොස්ටුව. තැන්කිව් මාතේ!

    ReplyDelete
    Replies
    1. මටත් පුදුම කළකිරීමක් ඇති උනේ.. මුළු සමාජයටම පිස්සු...

      Delete
  8. ද්‍රවිඩ සංගීතයට ආවේණික වෙච්ච ඔය තවිල් නාදයට මද්දල් හඬට මං මාර මනාපයි. ඔය සංගීතය මුහුවුන සිංහල සිංදු ගොඩක් තියෙනවා තමයි. නන්දා මාලිනීගෙ යමුනා ගංතෙරේ හරි ලස්සනට තියෙනවා. තව නෙරංජලා සරෝජනීගෙ ඉසුරු දෙවිඳු ගීතයෙත් තියෙනවා.

    නිහාල් නෙල්සන්ගෙ කාවඩි බයිල වලට අහුවෙන ඩ්‍රමාට ඉතින් සොරිම තමයි. මං පට්ට ආස සිංදුවක්.

    කොහොම උනත් ඔය රාගදාරී සංගීතයේ එස් රාජ් වයන හඬටනම් මං මනාප නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මිනිස් ස්වභාවය. රසිකත්වය විවිධයි..

      Delete
    2. එතකොට ෆ්‍රෙඩී අයියගේ කුන්ඩුමනී අමතක වුණැයි ?

      Delete
    3. තේ කූඩය පිටේ බැඳන්

      Delete
    4. කුණ්ඩුමනී....මම ආසම සින්දුවක්. මියුසික් වික්ටර් රත්නායකගේ. ලිව්වේ ප්‍රේමකීර්ති. මේ ගීතය ගැන ප්‍රබුද්ධ යැයි කියන කොටස් අමතක කරනවා. නමුත් සොඳුරු ගීතයක්.

      Kundumani original

      Delete
  9. මාතලංගෙ සින්ඩිය හරහා ලබාදුන් ප්‍රචාරයට පළමුව මාගේ උපහාරය.
    මේ කමලාසිනී ගීතය මාත්‍රා වෙනස් කරමින් ගයන ආකාරයයි අපූරු.
    මේක බලන්න...
    හෙමින් හෙමින් මම ගේකට…
    තවද ඌරන් සාවුන් වෙඩි තියන්න වල පාරක් දිගේ කිට්ටු කරගෙන යන්නා වාගේ
    හෙමින් හෙමින් මම ගේකට…යන කලට
    තවද අත්තා මුත්තා පනත්තා කිත්තා කිරිකිත්තා සෝඬියා පාඬියා කාලේ මහා උස් කුණාටු පොල් ගසකින් ගෙඩි පනහක් හැටක් කඩන්නා සේ
    එකෙක් ඇවිත් දුන්නයි මගේ…පිට මැදට
    තවද නැන්දා මාමාලගේ ගෙදර ගොස් හොඳ බතක් මාලුවක් කෑවා සේ
    ඒ ගුටි කකා මම පිටවි…යනකලට
    තවද නැන්දා මාමා හූරා නෑනා කෙනෙක් එක්ක සංතෝස වේලාවකදී කොක් හඬලා සිනාසෙන්නාක් මෙන්
    මංම මටම ඉලඇට නැත…සිනාවට
    කතංදර (නොහොත් රසික) මේ වගේ ගීත ගැන මතක් කරලා තිබුණා.
    http://kathandara.blogspot.com/2011/10/outcast-songs.html

    ReplyDelete
    Replies
    1. කතන්දර නොලියපු දෙයක් නෑ මයෙ හිතේ..

      Delete
  10. සෝක් ලිපිය. හෝපලු වනපෙත, සරා ගොයියා.. ඒවට නම් මාත් පට්ට ලැයික්. "කමලාසිනී" නම් ඇහුවෙත් අදමයි.

    ReplyDelete
    Replies
    1. සමහර පරණ සින්දු මම අහලත් නෑ...

      Delete
  11. අරවා මෙව්වා වැට ඉනි මායිම් ගහලා සංගීතය බෙදන්න බැහැනේ. ගොපලු කොලුගෙ බටනලා හඬට හරකුනුත් මෙල්ල වෙනවා.

    මමත් ශාස්ත්‍රීය වගේම වේග රිද්මත් අහනවා. හැබැයි ටිකක් විතර පදමාලාව ගැන සැලකිලිමත් වෙනවා.

    කමලහාසිනී ගීතය ඇතුලත් හිතක පිපුණු මල් චිත්‍රපටිය මම බැලුවේ උසස් පෙළ කරන කාලේ. මේ චිත්‍රපටියේ ඩැල්රීන් සූබී සහ නන්දා මාලනී ගයන සිංහල - ඉංග්‍රීසි පදමාලාවක් ඇතුලත් ගීතයකුත් තියනවා. මේ තියෙන්නේ. (ආයෙත් හොඳ හිතින් කියන්නේ මේකේ විඩියෝ දාන්න හදපිය)

    https://www.youtube.com/watch?v=Esio-pvspk0

    මේ චිත්‍රපටිය තිරගත වුණේ 1972 දී

    ReplyDelete
    Replies
    1. බැලුවාම සංගීතයේ පෙරලියක් කරපු සෝ එකක්.. මම ඔය කාළේ දෙකේ පන්තියේ..

      Delete
  12. මේකටද කඩේ යනවා කියල කියන්නේ

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මේකට තමයි කලිසම නොගලවාම දෙකට නවන්නේ නැතුවම තමුසේ වගේ ඇනෝලගේ .... අරිනවා කියන්නේ.

      Delete
    2. පුක යනු කුණුහරුපයක් නොවේ


      AnonymousNovember 1, 2014 at 11:40 PM +++++++++

      Delete
  13. මගේ ටේස්ට් එක නොවුනත්, උඹ ඇතුලේ ඉන්න කලාකරුවා, රසිකයා තවම යහතින් ඉන්න බව අපිට ඒත්තු ගන්නපු පෝස්ට් එකක් කියන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ඒ රසිකත්වය නැති වෙන්නේ නෑ මචෝ...

      Delete
  14. මාතලන් ට පොඩි වැරද්දක් වෙලා..Kenny G , playකරන්නේ Clarinet නෙමෙයි..ඒකට කියන්නේ Soprano Saxophone කියලා..Clarinet එක වෙනම තියෙනවා...Kenny, Soprano Sax වාදනයේ අති දක්ශයෙක්....

    ReplyDelete
    Replies
    1. කෙනි ජී ෆ්ලූට් එකත් ප්ලේ කරනවා...

      Delete
    2. වරද නිවැරදි කිරීම - කොමෙන්ට් එකකින් කියනකන්, මම හිතාගෙන උන්නේ කෙනී ජී ප්ලේ කරන්නේ ක්ලැරිනට් කියලා. ඒත් ඒක ක්ලැරිනට් එක නෙමෙයි. ඒකේ නම Soprano. ඒ වගෙම, කෙනී ජී ට වෙනම එකක් තියෙනවලු, "Kenny G Saxophones"කියලා - Wikipedia . බොහොම ස්තූතියි දැණුම්වත් කිරීමට

      Delete
    3. http://en.wikipedia.org/wiki/Soprano

      kasun kalharage sinduwaka soprano gena thiyenawa

      romantic operawa

      Delete
  15. \\\මාතලංගෙ සින්ඩිය හරහා ලබාදුන් ප්‍රචාරයට පළමුව මාගේ උපහාරය.\\\
    මදූගේ මෙන්ම මගේද ප්‍රණාමය මුලින්ම ඒ සඳහා...

    හින්දු කෝවිල්, කාවඩි, රදම් කරත්ත, ගිනි පෑගිලි අස්සෙ ලොකු වෙච්චි මගේ මතක හිතේ තවිල් බෙරේ බැඳල මෝලම් පාරට තේවතු මැදින් යන වැලි පාර දිගේ ආයෙත් එක සැරයක් රදම් කරත්තෙ පිටිපස්සෙ නැටෙව්වට දෙවනි ප්‍රණාමය..

    ඉස්සර ජාතික රූපවාහිනිය (දැන් වගේ අවජාතක නෙවේ) පටන් ගත්ත කාලේ ලස්සන දෙමළ සංගීත වැඩසටහනක් ගියා 'කලෙයි අරංගම්' කියල.. වාදකයෝ වේදිකාවේ පේළියට වාඩිවෙලා ලස්සනට කරපු දෙමළ රාගධාරි සංගීත වැඩසටහනක්.. වේට්ටිය ඇඳල උඩුකය නිරුවත්ව නළලෙ සුදු ඉරි තුන ඇඳගත්ත මනුස්සයෙක් වම් පැත්ත කෙළවරේම හැමදාම ඉඳගෙන හිස් කලේකින් අපූරු රසයක් මතු කරනව.. ඔය කලේ නිසාම වැඩසටහනවත් ඒකෙ නමවත් කවදාවත් අමතක වෙන්නෙ නෑ..

    දෙමළු යක්කු වගේ දැකපු උන්ට උන්ගේ සංගීතයෙන් වැඩක් නෑ කියල හිතල වෙන්නැති දැන්නම් එහෙම වැඩසටහනක් කාලෙකින් දැක්කෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔන්න කල්‍යාණ මිත්‍රත් මගේ පරණ මතකය ඇවිස්සුවා.ඇත්තටම ඒ වගේ රසවත් වැඩසටහන් දැන් නැත්තෙ ඇයි.කලෙයි අරංගම් කියන්නෙ කලේට ගහන හින්ද කියල ඒ දවස්වල අපි විහිලුවට කිව්වා.

      Delete
    2. උඹ ඔය කියනාකාරයෙම වැඩ සටහන් යනවා තාමත් "අයි" චැනල් එකේ.. පුදුම රසයක් තියෙන්නේ බං.. කළේට ගැහිල්ලත් පට්ටෙ හොඳම එක.. ඔය කළේට ගැහිල්ල ගොඩක් රටවල සංගීතයේ තියෙනවා.. අපෙත් තියෙනවා නේ.. හට්ටි වලං පොඩි කිරිල්ල..

      Delete
    3. කලගෙඩිය වගෙ එකට කියන්නෙ ගඩම් කියලා. ලන්කවෙ සෙර්ට් එකක් නෑතුව කලගෙඩිය වගෙ බඩක් තියන ගඩම් ප්ලයෙ කරන පොර තමා අච්චුඩන්. මිනිහාට කියන්නෙම ගඩම් අච්චුඩන් කියල. ක්‍රිශ්න කියල සින්හල පොරක් හිටිය ඉන්ඩියවෙ ගුරුකුල් එකකට ගිහිල්ල ගඩම් ප්ලයෙ කරන්ඩ ඉගෙන ගත්තු. රවිබන්ඩු එක්ක ශොව් කර. ඔය ගඩම් එක හටන්නෙ මෙටි හා තඹ කලවම් කරල

      Delete
    4. කලෙයි කියන්නේ කලාවට. අරංගම් කියන්නේ මණ්ඩපය, වේදිකාව කියනෙකට. කලෙයි අරංගම් කියන්නේ කලා මණ්ඩපය කියන එකයි.

      Delete
  16. ඔලුව නරක් වුනා බං මේක කියවල.චෙහ් කියල වැඩක් නෑ රසේ.ෂෙල්ටන් ප්‍රේමරත්න ගැනත් පුලුවන්නං ලියපං.ඔහුත් රටකට නැවත පහළ වෙන්නෙ නැති සංගීතඥයෙක්.පරණ ගීත නැවත කරන එක නං හොඳයි හැබැයි එහි රසය අනුභව නොකර.

    ReplyDelete
    Replies
    1. මම දන්නවා උඹ සාම්ප්‍රදාය ගරු කරන මනුස්සයා කියලා...

      Delete
  17. යකෝ හරියට වියදමට සල්ලි නැති එකෙක් තායිලන්තෙ යැව්ව වගේ. කන්තෝරුවෙ යූ ටියුබ් පේන්නෙ නෑ. සින්දු ටික නොබල පෝස්ට් එක උපරිමෙන් විඳින්නවත්, හරි හමන් කොමෙන්ට් එකක් දාන්නවත් බෑ. ඒ නිසා අර වීදුරු කූඩුවෙන් එහා ඉන්න කෙල්ලො දිහා බල බල හිස් සාක්කුවට අත දාන යන්න යනෝ.

    ReplyDelete
    Replies
    1. සාක්කුවේ හිලක් නෑනේ :P

      Delete
    2. මොකක්ද බං... ලංකාවේ ඔපීස් ඔයිට හොඳයිනේ.. අපේ උන් නම් ඔපීස් යන්නේ ඕවා නිසා..

      Delete
    3. වෙලාවට අද නිවාඩු, වීඩියෝ ටික බැලුව. කමෙන්ට් එක හෙට ඔෆිස් එකෙන්. පොඩි උන් එක්ක බෑ බං.

      අඩෝ ඉවානය........ගර්ර්ර්ර්ර්ර්

      Delete
  18. අවුරුදු 1 1/2 විකර ඉඳන් මගේ ප්‍රියතම සිංදුව candida කියන එක

    ReplyDelete
  19. මාතලන් ඇතුලේ මෙහෙම එකෙක් ඉන්නවා කියලාමම දැනගෙන හිටියා, හැබැයි කවදාවත් පොස්ට් එකක් හරහා ඌ එලියට එයි කියලානම් හිතුවේ නෑ. මේක සුපිරි පොස්ට් එකක්.

    මේ සින්දුවටත් කැමති වෙයි එහෙනම්

    හිම දියවී හිමාලයේ
    යමුනා ගඟ නගයි තරංගා..
    සුදු පෙණ කැටි බලන්න රාධා..
    සුළඟ හමයි සීතල සාදා..
    සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා..

    සිනා රැලි නගා උතුරණ
    ඔය හදවත් නීල ජලාසේ..
    පීණන මේ ස්වර්ණ හංසයෝ..
    අකීකරුද මෙතරම් රාධා..

    ඉඩ දී දෙන්නට දඩුවම්
    දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා..

    හිම දියවී හිමාලයේ...

    මල් පෙති පොඩිවී ඉකිලන
    මේ හෝපලු යහන් තලාවේ..
    සඳ දිය මිණිමෙවුලට වැටිලා..
    දෑස නිලංකාරයි රාධා..

    ගිලිහී ගියදෙන් මිණි කැට
    දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා..

    හිම දියවී හිමාලයේ...

    ගායනය : අමරසිරි පීරිස් සමඟින් වසන්තා තිලකාංගනී
    පද රචනය : ධම්මික බණ්ඩාර
    සංගීතය : ඩැනිස්ටර් පෙරේරා

    ReplyDelete
    Replies
    1. සිංහල ගීත සාහිත්‍යයේ, කුමරියක පා සළඹ සැලුනා ගීය ළඟට බිහිවෙච්ච ශෘංගාරත්වයේ උපරිමය තියෙන ගීයක් මේක. පුදුම සංයමයකින් වැඩිහිටියන්ට පමණයි ෆිල්ම් එකක් ගැහුව වගේ මේක. මං මාරම කැමති සිංදුවක්.

      Delete
    2. ඉවාන් මමත් ගොඩක් ආස ගීයක්.... ඒ වගේම මේකත් අහලා බලපං. ගොඩක් ජනප්‍රිය නැතිවුණාට එළම එළ එකක්...

      මනෝෂ්... මේ සිංදුවේ කියවෙන ශෘංගාරය පොඩ්ඩක් අහලා බලන්න..

      බිසරු ලියන්

      Delete
    3. මම හිතන්නේ ඉවාන් මට මේ සින්දුව ගැන කලිනුත් කිව්වා. උඹ දන්නවනේ මම අමරසිරි පීරිස්ට කැමති ප්‍රමාණය. ඒත් මේ සින්දුවවත්. තිසර කියපු සින්දුවවත් මට නම් මෙළෝ රහක් නෑ.

      ගීතයක් කියන්නේ තුන් ඈඳුතු එකතුවක්. නමුත් ගීයක මුල සංගීතය හා තනුව, ඊළඟට හඬ, ඊට පස්සෙ තමයි පද රචනය. මොකෝ මේ හේතුව නිසා තමයි අපිට භාෂාව දන්නෙ නැති ගීතයක් උනත් විඳින්න පුළුවන්.

      අනික ඕන ගීයක් බොක්කට වඳින්න මුලින්ම අහන වෙලාවෙත් කලින් කවදා හෝ අහපු ගතියක් එන්න ඕන. හොඳ ගීතයක ඒ දේ එහෙම වෙනවා ඉබේම.

      ඒත් මේ සින්දු දෙකේම සංගීතය මෙළෝ රහක් නෑ..

      Delete
    4. //ඒත් මේ සින්දු දෙකේම සංගීතය මෙළෝ රහක් නෑ."// චක් විතරක් ඒක කියපු කැත

      ඔය තිසර කියපු සින්දුවත් මං ආසම සින්දුවක්,

      හිටින්කෝ මාතලන්ට මලක් ගෙනත් දීලම සින්දුව අස්ස්වන්න :P

      Delete
    5. @ මාතා....ඔය ගීත දෙක නිදහසේ කූල් එකේ දෙතුන් සැරයක් අහපන්. මට නම් නැගලා ගිය ගීත දෙකක්. වසන්තා තිලකාංගනී බොහොම අඩුවෙන් ගීත ගායනා කරේ. හොඳ ටැලන්ට් එකක්. මේ පෝස්ට් එක ඇතුලේ මම තාම ආතල් එකක් ගන්නවා. සත්තයි...ගොඩාක් දේවල් මතක් වෙනවා. ෂෙල්ටන් ප්‍රේමරත්න මාස්ටර් අති දක්ෂයෙක්. පීවී නන්දසිරි මාස්ටර් රාගධාරී සංගීතයටම හිරනොවී එතනින් එහාට යමක් කරානම් අපිට බොහෝ නිර්මාණ රස විඳින්න තිබුනා. ඒ එක්කම ෆ්‍රෙඩිලා, ඇම් ඇස් අයියලා, නිහාල් නෙල්සන්ලා, සුනිල් පෙරේරාලා වුනත් එහෙමයි. මේ මිනිස්සු එක තැනක කොටුවුනා සහ කොටු කෙරුවා. හරිම කනගාටුයි. ඔය හැමෝටම නොයෙකුත් පරාසයන්වල ගී ගයන්න හැකියාවක් තිබුනා. වටිනාම දේ තමයි. මොවුන් ඇකඩමික් අය නොවී බෝන් ටැලන්ට්ස් වීම.

      Delete
    6. මේ වගේ තවත් එක්කෙනෙක් ගුවන් විදුලියෙ හෝ රූපවාහිනියක හිරවී ඉන්නවා. ඔහුත් උතුරු ඉන්දියානු රාගධාරී සංගීතය ප්‍රගුණ කෙරූ කෙනෙක්. තවමත් ඉන්නවා මට නම මතක්වෙන්නේ නැහැ. නිහඬ සොඳුරු මිනිස්සු.

      Delete
    7. එහෙම සින්දු බලෙන් අහන්න ඕන නෑ මචෝ.. ඒකට කියන්නේ විඳවනවා කියලා.. සින්දුවක් එක පාරෙන් බොක්කේ රැඳෙන්න ඕන.. කොහොමත් ගීතයක පද වලට මගේ ඒ තරම් සැලකීමක් නෑ.. ගීතයක මම රස විඳින්නේ තනුව හා සංගීතය..

      Delete
  20. මෙන්න මේ වගේ දේවල් කතාකරන්න හොඳම තැනක් හැටියටයි මම සිංහල බ්ලොග් දකින්න.. කෝ ඉතින් හාව හඳ දැක්ක වගේ නෙ මේ වගේ එකක් වැටෙන්නෙ...

    ඩෙල් ස්ටුඩියෝ එකට කියනවනම් මේකත් ඇඩ් කරන්න,

    අමරා රණතුංග ගෙ "චාමර පවන් සලා"

    .......

    Kenny G සුප්‍රෑනෝ සැක්සෆෝනය වගේම අපි කවුරුත් "සැක්සෆෝනය" කියා කියන ඇල්ටෝ සැක්සෆෝනයත් වාදනය කරනවා..

    ReplyDelete
    Replies
    1. අමරා රණතුංගට දැන් සින්දු කියන්න බෑ... අපේ ආච්චි, පූසෝ එලවනවා වගේ කටහඬ..

      ඒත් ඉතින් ඒ සින්දු නම් වල්ලා පට්ට...

      Delete
  21. මරු ගීත එකතුවක්. ලින්ක් ටිකත් දීලම තියෙන එකේ දැන් සින්දු අහල ඉන්න ඕනෙ.

    ReplyDelete
  22. කාලෙකට පස්සෙ දැක්ක හොඳ බ්ලොග් ලියවිල්ලක්. තැන්කියු මචෝ ලින්ක්ස් වලට.
    මේක කියෙව්වට පස්සෙ මතක් උනා ඉස්සර ගුවක් විදුලියේ යනවා රෑට 'ශස්ත්‍රීය සංගීත' වැඩසටහන්ක්. විශාරද පී.වී. නන්දසිරි නිතර යනෙන තැනක්.

    ReplyDelete
    Replies
    1. තවමත් හොඳ වැඩ සටහන් යනවා.. අපිට වෙලාවක් නැති එකයි ප්‍රශ්ණේ...

      Delete
  23. විශිෂ්ඨයි මාතලන් !!

    සංගීතය වගේම රසවිඳින්න පුළුවන් පෝස්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. එහෙනම් එච්චරයි... බොහොම ස්තූතියි....

      Delete
  24. මම ඕවා ඇහුවට වැඩිය ආස නෑ... කෙනී ජී ගැන බලන්නං..

    ReplyDelete
    Replies
    1. කෙනී ජී ගැන බලන්න කලින් රාග ධාරී ගැන කෙන්ජිගේ අදහස කුමක්ද ඇහුවොත් නරකද ?

      Delete
    2. කෙන්ජි බලු වෙලා රාගේට කෙලවිලයි කියලයි ආරංචිය.. ඒක නිසා මොන ධාරාවක් වත් නැතිලු.. හැක්..

      Delete
    3. අර කිව්වා වගේ කෙනී ජී නෙමෙයි අපේ කෙන්ජියට මොකෑ උනේ..

      Delete
  25. http://www.youtube.com/watch?v=PYLtr6g6KuU#action=share
    කමලාසනී: මම පෝස්ට් කළ සින්දුවක් මටම අමතක වෙලා තිබුණේ. ඔය සින්දුවේ අග කොටසේ ශිව තාණ්ඩවය කියවෙනවා.

    ReplyDelete
    Replies
    1. ජාතික යුතුකමක් කරලා තියෙන්නේ..

      Delete
  26. මේ අතින් මමත් මාතල්න්ගේ පාරේ යන කෙනෙක්. මටත් ඕනෑම සංගීතයක් රස විඳින්න පුළුවන්. කාලයක් අප්‍රිකානු ජන ගී සී.ඩී. එකක් ඇහුවා. ඒවායේත් අමුතු රසයක් තියෙනවා. කොයි එකවත් බදා ගන්නේ නැතිව රස විඳින එක වටිනවා. මේ පොස්ට් එක මසුරං.

    ReplyDelete
    Replies
    1. අන්න නියම කොල්ලෝ. එක රාමුවකට කොටු වෙන්නේ නැතිව ලොකු පරාසයක රසවින්දනයක් තියෙන පිරිස ගොඩක් අඩුයි.

      Delete
    2. සුදීක පට්ට ටේස්ට් එකක් තියෙන මනුස්සයෙක් කියලා මම දැන ගත්තේ බස් රේඩියෝ වැඩ සටහනෙදි...

      Delete
  27. මම වගේ අලුත්ම අලුත් බ්ලොග් කරුවකුට මාතලන් දෙන සහයෝගයට මල් මිටක්.
    සමහර හොඳ ට්‍රැෆික් තියෙන සින්ඩි පවා අලුත් එකෙක්ව ඇඩ් කරගන්න පස්මහ බැලුම් බලනවා.
    අන්ත දෙකක්.

    ReplyDelete
    Replies
    1. හැමෝම එක විදිය නෑ නේ..

      Delete
  28. කව්රු හරි දන්නා කෙනෙක් ඉන්දියානු සංගීතයේ සංගීත භාණ්ඩ ගැන විස්තර ටිකක ලියනවනම් ගොඩක් වටිනවා. මම ඉන්දියානු සංගීතය ගැන පොස්ට් එකක් ලියන්න ගිහින් මග ඇනුනා. සංගීත භාණ්ඩ ගැන දන්නේ නැති නිසා. ඉංග්‍රීසි ලිපි තිබුනට වර නැගීම් හොයා ගන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඒක නම් පොත් දහයක් ලියලාවත් ඉවර කරන්න නම් බැරි වෙයි....

      Delete
  29. ගින්දර බ්ලොග් එක!
    මට හිතෙන්නේ මාතලන් මගේ හිත කියවලා කියලා.
    මගේ අතේ තියෙන පරණ ෆෝන් එකේ රේකොඩින් ටිකක් තියෙනවා. [nokia 6230i]
    ඒකේ තියෙනවා මේකත්....
    "ආයාචනා හඳ ආදරේ..... සවන් යොමා.....අසන ලඳේ......."
    මේවා අහපු නැති කන්, කන්ද?

    මාතලන් උඹට ජය!

    ReplyDelete
    Replies
    1. බොහෝම අපූරූ ගීත. ඒත් ඉතින් අළුතෙන එන හොඳ සින්දුත් එක්ක ඒවා අමතක වෙනවා..

      Delete
  30. මටනම් මේ එකක්වත් led zeppelin, Jim Hendrix, Billie Joel, Bruce Springsteen, Creed, Micheal Jackson, Matchbox 20, Rolling Stones වගේ දැනෙන්නේ නැහැ. ඉහත කියපු අයගේ ගීත අහනකොට තමයි මට දැනෙන්නේ බාවනාවක් වගේ....

    ReplyDelete
    Replies
    1. මම නම් ඒවත් අහනවා... මේවත් අහනවා.. ඒ ඒ රටවලදි ඒ රටවල් වල ඒවත් අහනවා.. සංගීතයට භාෂාවක් ජාතියක් ආගමක් නෑ..

      Delete
  31. අය්යෝ හොඳටම පරක්කුයි මාතේ .....(පොඩි පොඩි කරදර වගයක් උනා .එකයි පරක්කු උනේ )
    මෙන්න පොස්ට් ....කමලාසිනි සින්දුව ඉස්සර ගුවන් විදුලියේ ශාස්ත්‍රීය සංගීත වැඩසටහනේ යනවා මතකයි .ඊට පස්සේ නම් ගුවන් විදුලි නාලිකාවක අහන්න උනේ නැ .ඔය සංගීත පන්තියක ළමයින්ට උගන්නනවා ඇහිලා තියනවා මේක .මේක උත්තර භාරතීය සංගීතයේ " හන්සධ්වනි " කියන රාගය ආශ්‍රය කරලා හදලා තියෙන්නේ .රාගාශ්‍රිත ගීත ගොඩක් තිබුනත් පි.වී නන්දසිරි මහත්තයාගේ ගායනයත් එක්ක මේක ඔර්ගිනල් ඉන්දියන් ගතියක් තියනවා .මෙන්න මේක අහන්න ,
    Manna Dey and Lata Mangeshkar from Parivaar (1956) .මටත් ඕනෑම සංගීතයක් රස විදින පුළුවන් ..හැබැයි ඉන්න මූඩ් එක අනුව වෙනස් වෙයි ....

    වෙලාවක් තිබුනොත් මේකත් අහන්න ...
    Ustad Rashid Khan - Raag Hansadwani

    ReplyDelete
    Replies
    1. මාතේ "හිතක පිපුණු මල්" චිත්‍රපටයේ අන්ත දෙකක සිටින ගායිකාවන් දෙදෙනෙක් ගායන කරනු ලබන ගීතයක් තියනවා .නන්දා මාලනී & Dalreen Arnolda ගායනා කරන "No East No West-රැඟුම් ගැයුම් වැයුම්" .

      Delete
    2. මන්නා ඩේ, ඒ කාළේ හුලන් විදුලියේ කොච්චර රස වින්දද.. අපූරු කටහඬක්.. ඒකත් සංගීත භාන්ඩයක් වගේ..

      ඔය ඩැල්රීන්ගේ සින්දුව ගැන අපේ විචාරක මුත්තත් කියලා තිබුනා..

      කොහොම හරි සංවාදයක සිටිය යුතුම පුද්ගලයා එන කොට ටූ ලේට්..

      Delete
    3. ඔව් මාතේ ඩබල් ටු ලේට් ...
      අපේ මහ ගෙදරට (අත්තම්මලා ) නායක් ඇවිත් කරදර කලා මචෝ ...එත එකලාසයක් කරලා ඊයේ තමයි කොළඹ ආවේ .කාටවත් කරදරයක්නම් නැ ...(මතක ඇති කාලේ ඉඳලා වැස්සක් එනකොට වේල්ල එනවද කියලා බලන එකයි ඊට පස්සේ විල් බැරෝවෙන් පස් අදින එකයි තමයි කලේ ..හැක් හැක් )

      Delete
    4. කරදරයක් නැත්නම් එච්චරයි..

      Delete
    5. Machan Kaalayak oya P V lokka hitiya Galkisse Aththidiye KalaPure,
      Mam dawasak giya porawa hamuwenna. Oya kamalasini kiyanawaa waagema harima garu gaambhira charithayak. Hebei mama dakina de thama oya ekek wath unge uparimayen yamak kale ne kiyana eka. Den balaapalla oy yakaage ahann thiyenne ochcharai. Den Elvitigala Mastrerwa ganin. "Sumudu sudu mudu thalaawe" witharai. Oya buwaala monawaa hari siraa gemak gehuwaama, Majjayen ussala thiwwama; un baya wenawa thawa nirmaanayak koranna. Korala kelawilaa yayi kiyala thiyena baya wenna ethi.

      Dawasak Prbudda porawal wagayak maath ekka set unaa. Api athre ela tokak eduna kawda lankawe sangeetha wedda kiyalaa. Un bhoma denek Kemadaasa Masterwa ussapu eka karaddi mam hitiye Sarath Dasanaayaka thamai pora kiyana adahase!

      UUth apita hitiya siraama weddek.Oya "Sadahatama Obamage" eke ehema thiyenewa sira sindu tikak. Mata mathaka widiyata 'Amara pem Lathaawe" sinduwath ooke thamai. E sindu wala apita notherena Raaga tuch ekak ethi man hithanne e tharam sundara wenna.

      Oya "kamlasanee" th elama sinduwak thmai. Hebei mata denena widiyata hindi sinduwak thiyena Naushad music karapu Kohinoor film eke Rafi kiyana. "Madhuban Mein Radhika Nache Re " kiyala. Ahalaa balaapalla elama thamai.

      Delete
    6. Ane machan thawatikak thiunaa kiyanna. Umbalaa kauru hari oy "Thavil bere tai Naada Swaram " handatai kemathina Senasurada udeta Maradane paran Gamini Hall eka langa thiyena "Capstan's Garden" kovilata gihin balapan. Ethana "Ghana Devi Kovile " dabalak gahanawa endenna.! Liyanna giyaama pelenna thiyenawaa machan. Kohomada Sunil Ariyarathnage "Sarungale" film eke Abei Niranjalaai kiyana "Isuru devindu" sinduwa?

      Sessa Passata THATTYA

      Delete
  32. ගීතයේ රචනය ධර්මසිරි ගමගේ සූරීන්....."කමලාසනී"

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න