.

.

.

.

Nov 10, 2014

“සෙනසුරු මාරුව” 2014 නොවැම්බර් 2 දා ද, 2015 ජනවාරි මාසයේදීද? - "When is the Saturn crossing- November 2014 or January 2015?"


- චානුක වත්තේගම -

Chanuka Wattegama's profile photoමේ අවස්ථාවේ රටේ හා බ්ලොග් අවකාශයේ පවා එක්තරා මට්ටමකට සාකච්ඡාවට ගැණෙන ප්‍රශ්නයකි, මේ. සමහරවිට ජනාධිපතිවරණ දිනය නීර්ණය වැනි වැදගත් කාර්යයන්ට පවා මේ ප්‍රශ්නයෙහි  මූලය හේතු වන්ට ඇත.

මෙහි පිළිතුර සරලය. එසේම මෙහි එක දිනයක් තාරකා විද්‍යාව (Astronomy) අනුව හා අනෙක ජ්‍යොතිෂය (Astrology) අනුව කීම වැරදිය. මීට තාරකා විද්‍යාවෙහි සම්බන්ධයක් නැත. තාරකා විද්‍යාව "ග්‍රහයින්" , "රාශි" වලට ගමන් කිරීමක් ගැන කතා නොකරයි. තාරකා විද්‍යාවේද 'මේෂ', 'වෘෂභ'  වැනි වදන් කලාතුරෙකින් භාවිතා වුවද ඒ තාරකා පද්ධතීන් (Constellation) වශයෙන් විනා “රාශි” ලෙස නොවේ. මෙය තනිකරම ජ්‍යොතිෂයේ අභ්‍යන්තර ප්‍රශ්නයකි. කෙටියෙන් මේ ගැටළුව පහදා දෙන්ට උත්සාහ කරමි.

මෙය තේරුම් ගැනීම පිණිස ජ්‍යොතිෂයේ දැනට භාවිතා වන ගණිත ක්‍රමය වටහා ගත යුතු වේ. ජ්‍යොතිෂය බිහි වන්නේ තාරකා විද්‍යාව හෝ දුරදක්ණය බිහිවන්නට බොහෝ කාලයකට පෙර ආකාශ වස්තූන් යනු මොනවාද මිනිසාට අන්දෝ සංසාරයක් අවබෝධයක් නොවූ යුගයකය. රාත්‍රියට බලන්ට මෙගා ටෙලි නාට්‍ය නොතිබූ නිසා මිනිසා අහස් කුස නිරීක්ෂණයට වැඩි කාලයක් යෙදුවා විය හැකිය. තමන්ට ඉහළ නැඹිලියක් මුණින් නැවූවාක් මෙන් අහසෙහි ඔහු දෙයාකාරයක ආකාශ වස්තූන් දකියි. මින් පළමුවැන්න පිහිටීම නිශ්චිත ආකාශ වස්තූන්ය.  (අද අපි මේවා තරු බව දනිමු.) මේවායේ පිහිටීම දින, සති, මාස, වසර අනුව වෙනස් නොවේ. දෙවැන්න පිහිටීම වෙනස් කරන ආකාශ වස්තූන්ය. (මේ සූර්ය ග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන්ය.) මේවා තව මසෙකින්, වසරෙකින් ඇත්තේ අද දකිනා තැනෙන් වෙනස් තැනෙකය. හුදෙක් මේ නිරීක්ෂණය මත පමණක්ම පදනම්ව මිනිසා මේ නිගමනයට බසියි.

පොළොව තැටියකි. අහස ඒ මත නැවූ වළඳකි. මේ වළඳෙහි ඇතුළු පස විවිධ තරු රටා ඇඳ තිබේ. ග්‍රහ වස්තු මේ රටා අතර ගමන් කරයි. (රූපය 1)

wpe8620017_05_06.jpg
රූපය 1: හීබ්රූ සංකල්පයට අනුව විශ්වය

පොළොව ගෝලයක් බව දැන ගැනීමෙන් පසුව මේ මුල් මොඩලය යම් පමණෙකින් වෙනස් වේ. නෑඹිලිය පොළොව මැදි කොට ගත් ගෝලයක් බවට පත් වෙයි. තරු රටා අනුව මේ ගෝලය කොටස් දොළහකට බෙදෙයි. (පසුව 'රාශීන්' වන්නේ මේවාය.) එහෙත් සියළු ග්‍රහ වස්තූන් (සූර්යයාද ඇතුළුව) පෘථිවිය වටා භ්‍රමණය වේය යන මූලික සංකල්පයේ වෙනසක් නොවේ. ජ්‍යොතිෂයට මුල් වන්නේ මේ පෘථිවි කේන්ද්‍රීය මොඩලයයි. එය හඳුවනු ලබන්නේ Celestial sphere හෙවත් ඛගෝලය ලෙසිනි. ඛගෝලය පිළිබඳ වැඩි විස්තර පහත ලින්ක් වලින් දැන ගත හැකිය සිතමි.

1. ඛගෝලය හා ඛගෝල අක්ෂ පද්ධතිය (Celestial sphere and Celestial coordinates)
2. ඛගෝලය
3. Celestial sphere
4. The Celestial Sphere

ඇත්තටම ඛගෝලය යනු ජ්‍යොතිෂයේ පමණක් නොව පැරැණි තාරකා විද්‍යාවේද කොටසකි. එක් යුගයෙක නාවික ගමනාගමනයේදී දුර හා දිශාව නීර්ණය කිරීම වැනි ප්‍රායෝගික කාරණා පිණිස පවා ඛගෝලය උපකාර කොට ගෙන ඇත. නමුත් 1543 දී, ඔහුගේ මරණයට කෙටි කලකට පෙර, නිකලස් කොපර්නිකස් පළ කරන පොතක් නිසා තාරකා විද්‍යාව හා ජ්‍යොතිෂය අතර වූ සම්බන්ධය බිඳී යයි. (කොපර්නිකස් ගැනත් මේ පොත ගැනත් රසවත් කතා රාශියක් වුව මේ ඒ ගැන කථා කරන්ට අවකාශය නොවන හෙයින් නොසළකා හරිමි.)  ග්‍රහයින් පොළොව වටා නොව සූර්යයා වටා භ්‍රමණය වන්නේය මතය (සූර්ය කේන්ද්‍ර වාදය) ඉදිරිපත් කරන්නේ කොපර්නිකස්ය. තාරකා විද්‍යාව මේ නව මතය පිළි ගන්නා අතර ජ්‍යොතිෂය පැරැණි පෘථිවි කේන්ද්‍ර වාදයෙහිම එල්ලී සිටියි.

තාරකා විද්‍යාවේ මින් පසු ප්‍රගමණය අපි දනිමු. නමුත් ජ්‍යොතිෂයේ ප්‍රගමණය සාපේක්ෂව සැඟවුණු කාරණාවකි. 'රාහු' හා 'කේතු' සම්බන්ධ ගණනය කිරීම් එතුළට ඇතුළු වන්නේ මෙයින් පසු විය යුතුය සිතමි. (සංකල්ප ලෙස නම් මේවා මේවා ඊට වඩා බොහෝ පැරණිය.) මේ ජ්‍යොතිෂය ඛගෝලය කොයි තරම් සීරියස් ගත්තාද කියන්ට උදාහරණය. 'රාහු' හා 'කේතු' යනු ඛගෝලය මත හිරු හා සඳුගේ වෘත්තාකාර පථයින් එකිනෙක හා ඡේදනය වන ලක්ෂයන්ය. (රූපය 2) සැබැවින් මෙවැනි ඡේදනයක් සිදු නොවේ. හිරු ඇත්තේ සඳුගෙන් (පෘථිවියේ චන්ද්‍රයාගෙන්) බොහෝ ඈතය. ඒවායේ පථයින් ඡේදනය නොවේ. එනිසා තාරකා විද්‍යාවට අනුව රාහු හා කේතු අර්ථ නොදැක්වේ. කොටින්ම එබඳු ලක්ෂ්‍ය දෙකක් අවකාශයේ නොපවතියි. නමුත් අප කථාකළ මොඩලය අනුව ඛගෝල පෘෂ්ඨයේ එවන් ගතික ලක්ෂ්‍ය දෙකක් සලකුණු කොට ගන්ට එය බාධාවක් නොවන අතර ඒවායේ පිහිටීම ගණනය කරන්ටද පිළිවන. හරියටම ගණනය කරන්නේ නම් රාහු හා කේතු පිහිටීම සෙවීම වඩා සංකීර්ණ විය යුතුය. F(r) = F(s,m) හා F(k) = F(s,m) හෙයිනි. ජ්‍යොතිෂය ගණනයේදී මේ සංකීර්ණතාව සැලකිල්ලට ගන්නේද නොදනිමි.

rahu-ketu.jpg
රූපය 2: රාහු හා කේතු ඛගෝල මොඩලයට අනුව අර්ථ දැක්වීම

මෙතැන් පටන් පැහැදිලි කිරීම පහසුය. ග්‍රහ මාරුවක් යනු ඛගෝලයේ පෘෂ්ඨය මත 'පෘථිවිය වටා' ගමන් කරන 'ග්‍රහයකු' (රාහු හා කේතු ඇතුළුව) සමාන කොටස් දොළහකට බෙදන ලද ඛගෝල පෘෂ්ඨයේ එක් කොටසක (රාශියක) සිට තව එකකට මාරු වීමකි.

මේ 'ග්‍රහ මාරුවේ' දින පිළිබඳව නොඑකඟතාවයක් ඇති වන්නේ ඇයි? මීට හේතුව සරලය. ඛගෝල මොඩලය සැලකිල්ලට නොගන්නා කරුණු ගණනාවක් තිබේ. උදාහරණයක් හැටියට ග්‍රහයන්ගේ චලිතය ගණනය කිරීමේදී ජ්‍යොතිෂය යොදා ගන්නේ ආසන්න අගයන් විනා නිවැරදිම අගයන් නොවේ. (උදාහරණයක් හැටියට රාශි චක්‍රය සම්පූර්ණ කිරීම පිණිස සෙනසුරු ගන්නා කාලය ජ්‍යොතිෂය විසින් වටයනු ලබන්නේ වසර තිහක් ලෙසිනි. සත්‍ය වශයෙන්ම එය වසර 29.4571 කි.) මේ හැරුණු විට කාලයත් සමඟ ග්‍රහයන්ගේ ගමන වේගවත් හෝ මන්දගාමී වෙයි. මේනිසා රාශි චක්‍රය සම්පූර්ණ කරන්ට ග්‍රහයකු ගන්නා කාල සීමාව ජ්‍යොතිෂයේ ගණන් ගැනෙන්නාක් සේ නියතයක් නොවේ. මේ සියල්ල නිසා ග්‍රහ මාරුවක් පැරැණි ක්‍රමයකට ගණනය කිරීමෙන් ලැබෙන උත්තරය හා සැබෑ උත්තරය අතර සුළු වෙනසක් තිබිය හැකිය. මතක හැටියට, අනුර සී. පෙරේරා කරන පැහැදිළි කිරීම් වලට අනුව මේ සුළු වෙනසද වැඩිවෙමින් යයි. මීළඟ සෙනසුරු මාරුවේදී එය මාස තුනකට වඩා වැඩි වනු ඇත.

සරල ප්‍රායෝගික උදාහරණයකින් විස්තර කරන්නේ නම් මෙසේය. ගාල්ල කොළඹ අධිවේගී මාර්ගයේ දුර අපි දනිමු. අධිවේගී මාර්ගයේ රථයක වේගය යම් දන්නා මට්ටමකින් පවත්වා ගන්නා රියැදුරකුට මේ වේලාවට කොළඹින් (කොට්ටාවෙන්) ගමන් අරඹන්නේ නම් මේ වෙලාවට ගාල්ලට (පින්නදූවට) ළඟා විය හැකිය ගණනය කළ හැකිය. එහෙත් එහි තේරුම අප අනිවාර්යයෙන්ම ඒ මොහොතෙහි ගාල්ලට ළඟා වන බවද? නැත. මේ මොඩලය යම් යාන්ත්‍රික දෝෂයක් නිසා රථය නවත්වන්ට වීමේ සම්භාවිතාව සැලකිල්ලට නොගනියි. හදිසියේ වැටෙන් රිංගා ගත් බල්ලකු පාර හරහා පනින්ට ඇති ඉඩද සැලකිල්ලට නොගනියි. එසේ හෙයින් ගණනය කිරීම හා සැබෑව අතර වෙනසක් වේ.

නැවත කියමි. මෙය තාරකා විද්‍යාව සම්බන්ධ ප්‍රශ්නයක් නොවේ. තාරකා විද්‍යාව ඛගෝල මොඩලය ඉවත දමා බොහෝ කල්ය. තාරකා විද්‍යාවේ ප්‍රායෝගික වශයෙන් එය අද භාවිතා වේ නම් ඒ ඉතාම සුළු වශයෙන් විය යුතුය. අනෙක තව දුරටත් තාරකා විද්‍යාව පෘථිවි කේන්ද්‍රීය නොවේ.

ග්‍රහ මාරුව ඇත්තටම වන්නේ කවදාද? මීට පිළිතුරු සොයා ගන්ට අඩු ගණනේ අහස බැලිය යුතු වත් නැත. ‘Saturn’s position’ කියා image search එකක් කරන්න. පහසුව තකා මා ලද ප්‍රතිඵල කිහිපයක ලින්ක් පහත දක්වමි. ග්‍රහ මාරුවක් වන්නට නම් සෙනසුරු රාශි චක්‍රයේ ඔරලෝසු සවස හතර (හෙවත් 16 h) වෙත පැමිණිය යුතුය. (රාශි චක්‍රය තුළ ග්‍රහයන්ගේ කෝණික පිහිටීම මනින්නේ පැය, මිනිත්තු හා තත්පර වලිනි. රාශි දොළහක් නිසා එක් රාශියකට හරියටම පැය දෙකක් වැටෙයි.) සෙනසුරු තවම ඒ වෙත ආසන්න වී නැති බව මේ තොරතුරු පැහැදිළිව දක්වයි.
 
1. The Position of Saturn in the Night Sky, 2014 to 2022
2. Live Position: Major Bodies:Saturn
3. Saturn's path across the night sky in 2014

ඔබ ජ්‍යොතිෂය දැඩිව විශ්වාස කරන්නේ නම් ඔබට දැන් විකල්ප දෙකක් ඇත. එක්කෝ අහස අමතක කොට පැරැණි ගණනය කිරීම් ගැන විශ්වාසය තබන්න. නැතිනම් පලාඵල විස්තර වලට මාස තුන බැගින් එකතු කර ගන්න. (උදාහරණයක් ලෙස ඔබට යම් අපල කාලයක් ආරම්භ වන්නේ 2016 මාර්තු මාසයේය යමකු කියන්නේ නම් එය 2016 ජූනි ලෙස ගණන් ගන්න.) නොවැම්බර් දෙවැනිදා සෙනසුරු මාරුවක් වූයේය යනු ඔප්පු කරන්ට බැරි කාරණාවකි. 2015 සෙනසුරු මාරුවක් වන්නේය යන්න දුරදක්ණයක් ආධාරයෙන් පහසුවෙන් ඔප්පු කරන්ට හැකි කාරණාවකි.
 

40 comments:

  1. ලඟදී හාමුදුරුනමක් දේශනා කලා බුදුහාමුදුරුවො බුදුවෙන්න යනකොටවත් සතරපෙරනිමිති බැලුවට, හඳහනවත්, හොඳවෙලාවක්වත්, අඩුගණනෙ රාහුකාලයවත් බැලුවෙ නෑ කියල.
    ඒවගේ හාමුදුරුවරුත් තාම ඉන්නව කියල සතුටු හිතුන

    ReplyDelete
  2. මටනම් සාත්තර වගේ අනාගතය ගැන අනාවැකි කියන ක්‍රම ගැන තියෙන්නේ කාල තරණයට අදාල විසංවාදී තත්වයන් ගැන ඇති ගැටලුමයි
    උදාහරණයක් හැටියට යම් සාත්තර කාරයෙක්ට අනාගතයේ මට වන යම් විපතක් ගැන නිවැරදි අනාවැකියක් කිව හැකිනම් මට එම විපත වලක්වගන්න බැහැ මොකද එය වලක්වා ගත හැකිනම් එවිට අනාවැකිය බොරු වෙනවා
    එනම් අනාගතය දැනගැනීමෙන් කිසිදු යහපතක් වන්නේ නෑ වන එකම දෙය අනාගතයේ වන නියත විපතක් ගැන හිතමින් දුක්වීම පමනයි

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම විඳවීම පමණයි.

      Delete
    2. අතීතය වෙනස්කල නොහැකිවුවත් අනාගතය වෙනස්කල හැක. සත්යක්‍රියා, පූජා ඇත්තේ එයටයි. සරල භෞතිකවාඩියෙකුවූ මා වෙනස්කල විස්මිත අනාවැකි හා විශ්මිත බල ඇති අය අදටත් සිටී. ඉවසාසිටින්න මගේ බ්ලෝගය අප්ඩේට කරන තුරු. වැඩවැඩිය. තුන්වෙනියත් සමග ලක්ෂයක් ලැබීමට ඊයෙ සුදුස්සෙක් වුනා. ඒ වැඩ ඉවරකරන්නත් එපැයි

      Delete
  3. මහින්ද අයියා ඔය කාරණේ පිළි ගන්නවා නම් ජනාධිපතිවරණය ටිකක් එහාට තල්ලු කර ගන්න පුළුවන් වෙයි. වැලේ වැල් නැති විපක්ෂයට හොඳ පොයින්ට් එකක්.

    ReplyDelete
  4. සාත්තර විස්වාස නොකරමි :) ජෝතිශාස්ත්‍රය නොදනිමි :)

    ReplyDelete
  5. ජොතිශය සත්‍යක් නම් එය අනුව පලාපල කීමට නම් නිවැරදි පොලවට පෙනෙන පරිදි(ඛගොලයට මතට ප්‍රක්ෂේපිත ග්‍රහ සහ රාශි පිහිටීම් නිවැරදිව ගණනය අවශ්‍ය වේ. ජෝතිශයේ පදනම වන පංචාඟහි ගණිතමය පදනම එයයි. ලංකාවේ පිළිගන්නා ජොතිශය ක්‍රමය වන නිරයන ක්‍රමය අනුව ග්‍රහ පිහිටීම් ගණනය දැනට එම ග්‍රහයන්ගේ නියමිත පිහිටීම් සමග සමපාත නොවේ. එම ගණිතමය ලෙස වැරදි නිරයන ක්‍රමය පලාපල සඳහා නිවැරදි යයි බහුතර ජෝතිෂකරුවන් අදහස් දක්වයි. නිවැරදි ග්‍රහපිහිටීම් යොදාගන්නා සායන නම් ජෝතිෂ ක්‍රමයක් පැවතුනද ඉහත හේතුව නිසා වැරදි නිරයන ක්‍රමය අප රටේ මෙන්ම ඉන්දියාවේද ප්‍රචලිතය. නිරයන ගණිත ක්‍රමය අනුව සෙනසුරු මාරුව මේ මස සිදුවූ අතර එය නිවැරදිව වන්නේ ලබන වසරේ ජනවාරිවල වේ.

    මෙම ලිපියේදී චානුක වත්තේගම වරද්දා ගත් තැන් දෙකකි
    1)//මින් පළමුවැන්න පිහිටීම නිශ්චිත ආකාශ වස්තූන්ය. (අද අපි මේවා තරු බව දනිමු.) මේවායේ පිහිටීම දින, සති, මාස, වසර අනුව වෙනස් නොවේ. දෙවැන්න පිහිටීම වෙනස් කරන ආකාශ වස්තූන්ය. (මේ සූර්ය ග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන්ය.) මේවා තව මසෙකින්, වසරෙකින් ඇත්තේ අද දකිනා තැනෙන් වෙනස් තැනෙකය.//
    තරු සහ ග්‍රහයන්ගේ පිහිටීමද මොහොතෙන් මොහොත වෙනස් වේ. චානුක කියන පරිදි තරු නිශ්චලව සහ ග්‍රහයන් චලිත වීමක් නොවේ. සිදුවන්නේ එකිනෙකට සාපේක්ෂව තරුවල පිහිටීම වෙනස් නොවන අතර එම තරු වලට සාපේක්ෂව ග්‍රහලෝක වල පිහිටීම වෙනස්වීමයි.

    2)//මේ 'ග්‍රහ මාරුවේ' දින පිළිබඳව නොඑකඟතාවයක් ඇති වන්නේ ඇයි? මීට හේතුව සරලය. ඛගෝල මොඩලය සැලකිල්ලට නොගන්නා කරුණු ගණනාවක් තිබේ. උදාහරණයක් හැටියට ග්‍රහයන්ගේ චලිතය ගණනය කිරීමේදී ජ්‍යොතිෂය යොදා ගන්නේ ආසන්න අගයන් විනා නිවැරදිම අගයන් නොවේ. (උදාහරණයක් හැටියට රාශි චක්‍රය සම්පූර්ණ කිරීම පිණිස සෙනසුරු ගන්නා කාලය ජ්‍යොතිෂය විසින් වටයනු ලබන්නේ වසර තිහක් ලෙසිනි. සත්‍ය වශයෙන්ම එය වසර 29.4571 කි.) මේ හැරුණු විට කාලයත් සමඟ ග්‍රහයන්ගේ ගමන වේගවත් හෝ මන්දගාමී වෙයි.//
    ජෝතිෂ ලිත් ගණනයට ඔබ සඳහන් දශමස්ථාන සංක්යාවට වඩා නිවැරදි අගයන් යොදා ගනී ඒ වගේම වෙනත් සාධක සැලකිල්ලට ගනී නමුත් නිරයන ක්‍රමය අනුව ගණනය වැරදීමට ප්‍රධාන හේතුව චානුක වත්තේගම කියන කරුණ නොව පුර්වායනය(Precession of the equinox) නම් සිද්ධියයි. එනම් පෘතුවියේ ඇලවූ අක්ශයද කාලය සමග හැරීම එයට හේතුවයි. මෙම සංසිද්ධිය නිරයන ගණිත ක්‍රමය නොසකා හරියි.

    තමන් නොදන්නා දේවල් නිසි අධ්‍යනයකින් තොරව පල කිරීම මගින් මෙවැනි වැරදි කරුණු සහිත ලිපි සමාජ ගතවේ.මෙම කරුණු මගින් යමෙක් නොමග යාම සිදුවේ. යමක් ලියන විට එය වඩාත් නිවැරදිව ඉදිරිපත් කිරීම ලේඛකයෙකුගේ වගකීම වේ. චානුක වත්තේගම යනු වගකීම් විරහිත ලේඛකයෙකු බව මෙම ලිපිය මගින්ද සනාථ වේ.

    එසේම මෙම ලිපියේ කතිකාවතට කිසිම ගැලපීමක් නැති රාහු කේතු සංකල්පය උඩින් පල්ලෙන් සඳහන් කිරීමෙන් ඔහුගේ දැනුම තවත් සනාථ වේ.

    ReplyDelete
    Replies
    1. නියම විස්තරයක් මකසි. චානුක වත්තේගම මෙවරත් ගූ ස්නානය කරන ලදී.

      Delete
    2. @මහා කළු සිංහලයා
      උබට චානුක එක්ක ඇරියස් එකක් තියේද මෙහෙම පස්සේ පන්න පන්නා පහර ගහන්න. චානුක කියන්නේ තමන් දන්නා බව පෙන්වන්න කැමති කෙනෙක්. පොරගේ කතාවට ගොඩක් අය රැවටෙනවා. ඇත්ත පෙන්වා දුන්නාට ස්තුතියි.

      Delete
    3. මම සාමාන්‍යයෙන් පෞද්ගලික පහර ගැසීම් නොසලකා හරිමි. මේවා බ්ලොග් අවකාශයේ සාමාන්‍ය දේවල්ය. ඕනෑම කෙනෙකුට නොනමින් හෝ වෙස් මුහුණකට මුවා වී වෙනත් කෙනෙකුට පෞද්ගලික ප්‍රහාර එල්ල කිරීමේ නිදහස තිබේ. ඒ කියන කරුණු ඇත්ත නොවෙන තාක් කල් එවායින් කෙනෙකුට හානියක් නැත. මේ පිළිතුර කරුණු සම්බන්ධව පමණෙකි.

      1. මෙය ඔබගේ අවබෝධය හෝ නැතිවීම පිළිබඳ ප්‍රශ්නයකි. තරු පිහිටීම වෙනස් නොකර ගනීය කොතැනකවක් කියා නැත. මා විස්තර කළේ පැරැන්නන් අහස දුටු ආකාරය හා ඔවුන්ගේ විශ්වාසයන්ය. මා ද ඔවුන්ගේ විශ්වාසයන් පිළි ගත යුතු නොවේ.

      2. මේ කාල වෙනසට හේතූන් එකකට වඩා ඇත. ඊට ඔබ දක්වන හේතුව සේම මා දක්වන හේතුද තවම වලංගුය. කෙසේ වෙතත් වැදගත් කාරණය ඔබද පිළි ගනියි. ඒ ජ්‍යොතිෂ ගණනය කිරීම් හා සැබෑව අතර වෙනසක් ඇති බවයි. මෙය පිළි ගැනීම ගැන ස්තූතියි.

      ඊට අමතරව මගේ ලිවීම ගැන වර්ගවාදී පොඩිත්තන්ගෙන් කොහොමටත් පැසසුම් බලපොරොත්තු නොවෙමි. වර්ගවාදී කඳවුරේ ඇතුන් සමඟ හැප්පෙන මට පොඩිත්තන්ට වැය කරන්ට කාලයක් නැතිවීම ගැන කණගාටු වෙමි.

      Delete
    4. ඔබගේ ලිපියේ ඇති අඩුපාඩු සාකච්චාවට භාජනය කිරීමක් මිස මම කරන්නේ පුද්ගලික පහර ගැසීමක් නොවේ.

      1) මෙන්න ඔබ ලියා ඇති වචනය /(අද අපි මේවා තරු බව දනිමු.) මේවායේ පිහිටීම දින, සති, මාස, වසර අනුව වෙනස් නොවේ. // මෙහෙම ලියන ඔබ දැන් // තරු පිහිටීම වෙනස් නොකර ගනීය කොතැනකවක් කියා නැත.// කියා ලියන්නේ හොඳ සිහියෙන් නොවේද?

      2) කාල වෙනසට හේතු වන ප්‍රධාන සාධකය නොසලකා වෙනත් සාධක කතාකිරීම පලක නැත.


      //මගේ ලිවීම ගැන වර්ගවාදී පොඩිත්තන්ගෙන් කොහොමටත් පැසසුම් බලපොරොත්තු නොවෙමි.// කොහෙද මනුස්සයෝ මෙතන වර්ගවාදයක් තියෙන්නේ. මම ලියපු කිසිම ලිපියක හෝ කමෙන්ට් එකක එහෙම දෙයක් තියද? මම ෆේස්බුක් හි සිටින මහා කළු සිංහලයා නොවන බව කරුනවෙන්න් සලකන්න.

      Delete
    5. @ Chanuka Wattegama
      //වර්ගවාදී කඳවුරේ ඇතුන් සමඟ හැප්පෙන මට පොඩිත්තන්ට වැය කරන්ට කාලයක් නැතිවීම ගැන කණගාටු වෙමි.//
      මේ නොදන්න නිසයි අහන්නෙ..කවුද ඔය වර්ගවාදී කඳවුරේ ඇත්තු. කොහේදිද ඔය අය හැප්පෙන්නෙ?
      තවත් දෙයක් , චානුකගෙ අදහස් ප්‍රශ්න කරන්ට මට ප්‍රමාණවත් දැනුමක් නොතියේ. නමුත් චානුකගෙ භාෂා ශෛලිය නිකන් කතන බාසාවයි ලිඛිත භාෂාවයි සම්මිශ්‍රණය වුන අච්චාරුවක් වගේ කියලයි හිතෙන්නේ..
      මාත් එක්ක හැප්පෙන්ට කාලෙ වැය කරන්ට එපා. මම ඇතෙක් නෙවෙයි බ්ලොග් කියවන (කිසිදු කඳවුරකට අයත් නැති) ගමේ බයියෙක්..

      Delete
    6. චානුක මකසිට දුන් පිළිතුර දකින විට මට සිහිවන්නේ කිතුලට නැඟී මිනිහා දුන් පිළිතුරු වේ.

      චානුකගේ කතාවෙන් පෙනෙන තව කරුණක් නම් ඔහු පොරක් බව පෙන්වීමට ඉතා කැමති බවයි.

      Delete
    7. මකසි ගේ පෙන්වා දීමට ස්තුතියි...


      ////ඊට අමතරව මගේ ලිවීම ගැන වර්ගවාදී පොඩිත්තන්ගෙන් කොහොමටත් පැසසුම් බලපොරොත්තු නොවෙමි. වර්ගවාදී කඳවුරේ ඇතුන් සමඟ හැප්පෙන මට පොඩිත්තන්ට වැය කරන්ට කාලයක් නැතිවීම ගැන කණගාටු වෙමි./////

      චානුක මහතාගේ පිළිතුර බොහෝ ප්‍රාථමික ඝණයේ එකකි. ඔහුට ඇතුන් සමග වසන්නට ඉඩ හැර මාතලන් පමණක් ඔහුගේ බොගේ බොගක් දමාගෙන සිටියානම් වඩා හොඳ බව මගේ හැඟීමයි.

      Delete
    8. ඔය චානුක වගේම විද්‍යාව දන්නවා වගේ බොරු කරපු පච ලියපු පොරක් ඉස්සර හිටියා සයිලන්ට් සහන් කියලා බොරුව කිහිපදෙන්නෙක් සෙට්වෙලා හෙලිකලා සහන් සයිලන්ට් වෙලා ගියා. චානුක මහතාටත් වැඩි කලක් රන් කරන්න වෙන්නේ නැහැ මෙහෙම බොරු ලිවුවොත්. මහා කළු සිංහලයා කියපු දේ තවත් පහදන්න දෙයක් නැහැ.

      Delete
    9. Silent sahan nam an matha no-iwasana moda booruwa...koo..

      Delete
    10. මෙතනදී චානුක වත්තේගම මහත්මයගෙ අදහස් කීපයක් වැරදියි
      තරුවල පිහිටීම වදරේ දිනය වගේම දවසේ වෙලාව අනුවත් වෙනස් වෙනවා සැකනම් පැයෙන් පැයට රාත්‍රී අහස නිරීක්ෂණය කර බලන්න. නමුත් තරු එකිනෙක අතර සාපේක්ෂ වෙනස්වීම මිනිසෙක්ට පියවි ඇසින් නිරීක්ෂණය කල නොහැකි තරම් කුඩායි
      ජ්‍යෝතිශ්‍යයේදී විශ්වයේ මැද හැටියට පෘතුවියත් එය වට තරු රැඳුනු ඛගෝලයත් පිහිටා ඇතැයි සලකනවා
      ග්‍රහයන් ගමන් කරන්නේ ඛගෝලය හා පෘතුවිය අතර අවකාශයේයි. නැතුව ග්‍රහයන් ගේ කක්ෂ ඛගෝලය තුල පිහිටා නැහැ. එනම් ග්‍රහයක් ඛගෝලය තුල රූටා යන්නේ(slide) නැහැ.

      රාහු කේතු යනු සූර්යයා පෘථුවිය වටා යන කක්ෂය පිහිටි තලය චන්ද්‍ර කක්ෂයෙන් කැපෙන ලක්ෂ්‍ය දෙකයි එහි පැවැත්ම ගැන ගැටලුවක් නෑ

      ග්‍රහලෝකවල කක්ෂ ගනනය කිරීමට නම් එක් එක් අවස්ථාවේදී ග්‍රහයන් සිටින ස්ථාන හා පෘදුවියේ සිට එයට ඇති දුර දැනගත යුතුයි
      නමුත් පුරාණ මිනිසාම ගහයන්ට ඇති දුර දැනගැනීමට ක්‍රමයක් නොමැති නිසා ඔවුන් නිරීක්ෂණය කලේ කෝණය පමණයි
      ජ්‍යෝතිශ්‍යයේදීත් ග්‍රහයන් පිහිටි කෝණය විනා ග්‍රහයන්ගේ කක්ෂය ගැන සැලකීමක් නෑ.මුල් කාලයේ තාරකා විද්‍යාඥයන් ග්‍රහයන්ගේ කෝණය වෙනස්වීම පැහැදිලි කරගැනීමට කක්ෂයන් නිර්මාණය කලා එහිදී ග්‍රහයාගේ ආපසු ගමන් කිරීම පැහැදිලි කිරීමට අපිචක්‍ර සංකල්පය යොදාගත්තා කක්ෂය තාරකා විද්‍යාවට අදාල කරුණක්.
      සෙනසුරු මාරුව ගැන ඇති මෙම ගැටලුවට ප්‍රධානම හේතුව ලංකාවතුල නිරායන ජ්‍යෝතිශ්‍යය පාවිච්චි කිරීමයි.

      Delete
  6. ජ්‍යොතිෂය සම්බන්ධව මට ඇති අත්දැකීම නම් මගේ මිතුරු මිතුරියන් සෑහෙන පිරිසක් හඳහන් ගලපමින් විවාහය පමාකරමින් සිට අවසානයේ මොකෙක් හෝ ගැහැනියක හෝ පිරිමියකු කසාද බැඳ ගන්නා බවය. ඒ වුවද එවන් බොහෝ ප්‍රමාද විවාහ බොහෝ විඳවීම් සහිත බවය.

    ReplyDelete
  7. කිං කරස්සන්ති තාරකා? ලග්න 12 කට මිනිසුන් බෙදා අනාවැකි කියන්නේ නම් දල වශයෙන් මෙරට ජනගහනයෙන් 1/12 ක් මේ කියන සමාන හෝ ළඟින් යන ඉරණමකට මුහුණපාවිද? රාහු/කේතු දෙදෙනාගේ පිහිටීම උපකල්පනය කිරීමත්, තවත් පසුව පසුව කේන්ද්‍රයට යුරේනස්, නෙප්චූන් වැනි ග්‍රහයින් එක් වීමත් මත ජ්‍යොතිෂය වෙනස්වේනම් කවර කතාද?
    සෙනසුරු මාරුව ගැන කවි පංතියක් ලියන්න හිතුනා. දැන් ප්‍රමාද වැඩිද මන්දා.

    ReplyDelete
  8. ජෝතිෂ විජ්ජාව ගැන දැණීම, අඹ මල් රේණුවක්ද. තාරුකා විජ්ජාව ගැන දැණීම තාර බිත්තරයක්ද් බැවින්.. අදහස් ප්‍රකාෂ කිරීමෙන් වැලකී සිටිමි.

    චානුක ලියා ඇති දේ ගැන නොව.., චානුක ගැන උනන්දුවක් දක්වන්නන්ට කීමට ඇත්තේ.., කොමපණ බාධක ආවද, මහා ගංඟාවෝ කල්ප ගනනක් පවතින බවත්, බාදාවෝ..., ගඟේ රළ පහරට හසුව, බලු බෙටි සේ සේදී...., සුනු විසුනු වී...., චොර වී යන බවත් පමණමය.

    ReplyDelete
    Replies
    1. ජ්‍යොතිෂය පස්සේ යන උන් කෙලවාගෙන ඉන්න විදිය සහ එක කරන උන් කොඩි දාගෙන ගැන ලියන්න ජ්‍යොතිෂය ගැන දැනගන්න ඕන නෑ

      Delete
    2. ජොතිෂ්‍යය කියන්නෙත් විද්‍යාවක්. හරියට කරන මිනිහා මේ චානුක කියනාකාරයට විද්‍යත්මකව කරුණු ගලපලා තමයි වැඩේ කරන්නේ. මම ජෝතිෂ්‍ය විස්වාශ කරනවා යම් දුරකට.. ඊට හේතුව මගේ මාමන්ඩිය. ඔහු කෙනෙක් මිය යන දිනය පවා නිවැරදිව කියූ කෙනෙක්. ප්‍රේමදාසගේ කාළේ එක් රාජකීය දෛවඥයෙක්, ඔහු ඇසුරු කල පොත පතෙන් තමයි මම ඉගෙන ගත්තේ. ඒත් මම දන්නේ අබ මල් රේණුවක්. රටකටත් හඳහනක් තියෙනවා.

      ඒත් මම ඒකේ වහලෙක් නෙමෙයි..

      දැන් ඉන්නේ ජොතිෂ විද්‍යඥ්ඥයෝ නෙම්යි.. ජෝතිෂ විජ්ජා කාරයෝ.. ඒ පස්සේ වහල්ලු වගේ යන මිනිස්සු නම් පට්ට හරක්.. ඒකෙන් කරන්නේ මග පෙන්වීමක් විතරයි.. විශේෂයෙන් බෝධියට වඳින, දෙවියන් අදහන් උන් බෞද්ධයෝ නෙමෙයි.. උන් බුද්ධාගම නොදන්න හරක්..

      Delete
    3. මේ ඇත්තටම මාතලන් ද?

      Delete
    4. ඔව් එයා තමයි ඇයි අවුල්ද...?

      :)

      Delete
    5. Aaa.. mathe, kate nariwadan reddapallen berenawa neda? jyothishaya hari nam eka piliganna baya wenne ai. Oyage mamandi witharak newei hariyata silpa danna thawath aya innawa. eka piliganna bayada?

      Delete
    6. එහෙම කෙනෙක් මට හම්බ වෙලා නෑ.. ඉන්නවා නම් කියන්න බලන්න නම.. මොකෝ මමත් මේකේ ගොඩක් අය දන්නවා.. දැන් ඉන්නේ කොම්පුටර් පැකේජ් එකක් බලාගෙන පට්ට කෙප්ප කෙලින් උන්.. ඒකයි මේකට කෙලවෙලා තියෙන්නෙත්..

      Delete
    7. //ප්‍රේමදාසගේ කාළේ එක් රාජකීය දෛවඥයෙක්//

      මාතලන්, ඒ කාලෙ ප්‍රේමෙගෙ හොඳ ගුරෙක් තමයි රතුවිතාන. මිනිහටනං ප්‍රේමෙ සොයිසපුරේ දොරකඩම "සොයිසාපුර නිවාස සංකීර්ණය" කියන බෝඩ් එක ගහල මල් වවල තිබ්බ පර්චස් හය නිකන් දුන්න. එදත් එතන ලක්ෂ ගාණක් වටිනව, දැන් ඒක කෝටි ගාණක ඉඩමක්. තට්ටු තුනක කඩ සෙට් එහෙකුත් තීනවනෙ.
      දැන් උඹලෑ මාමට බෙදුවෙ මොන හැන්දෙන්ද? ( ගුණසිංහ පුරේ ගේ විතරයි දුන්නෙ කියලනං කියන්නෙපා :P )

      Delete
    8. උඹ හදන්නේ මාව ඉන්කම්ටැක්ස් එකට අහු කරලා දෙන්නද.. සමහර වේසිගේපුතාලා මාමා ඉඳිද්දිත් පෙත්සම් ගැහුවා.. හැබයි මචෝ.. මාමා මට හම්බවෙන කොට ටූ ලේට්.. නැත්නම් ඉතින් මාතලන් කියවන්න හම්බ වෙන්නේ නෑ උඹලට.. එහෙනම් කොහේ හරි ඩිරෙක්ටර් කෙනෙක් තමයි.. ඔව් ඔව් ... අදටත්.. ඇයි බං පක්ෂෙ වෙනස් කරනවනේ කිසි ගානක් නැතිව.. අද මුළු ගුණසිංහපුරේම මහින්ද මහත්තයට.. එක පයින්.. අලි ටික දෙනෙකුත් ඉන්නවා ලොන් හැලිච්ච.. ආයේ වෙනස් වෙන එකත් සුළු දෙයක්.. අම්මට සිරි ලංකාව නේ මචෝ..

      Delete
    9. Premadasatath kelaune mathlange father in law wage unva vivaasa kala nisathamie

      Delete
    10. ඕවා කියන්න එපා මිනිස්සු එයි මාව හොයාගෙන තෑගී භෝග අරං... කස්ටිට රතිඤ්ඤා දාලා කිරිබතුත් කෑවා නේ.. දැන් කොහොමෙයි කන පරිප්පූ.. ඊට රහයි නේ..

      Delete
    11. මාතේ, උඹත් 2013 දී කේන්දර බැලුවනේද රු. 700ට? ඔච්චරද උඹට කියන්න තියෙන්නෙ? කෝ උඹේ මමාගෙ පම්පෝරිය?

      Delete
  9. මචං මාතලන්..........................

    ගුණ දොස් නොකියමි... ජ්‍යොතිෂය ගැන අදහස් නොකියමි.. ලිපිය තාර්කික බව නම් හොදාකාරව ම කියමි................

    ReplyDelete
  10. ජ්‍යොතිෂය විස්වාස කරන්නෙත් නෑ. නොකරන්නෙත් නෑ. සමහර දේවල් (ගුරු-ඉගෙනීම, සිකුරු-මනමාලකම, ශනි-දුක්වඳීම) බැලුවම බොරුමත් නෙමෙයි කියලා හිතෙනවා. ප්‍රශ්නෙ තියෙන්නෙ, ඔය ජ්‍යොතිෂ ගුරාලට ඇයි බැරි තරමක ප්‍රොජෙක්ට් එකක් එහෙම කරන්න එක වගේ හොඳ ස්ටාර් එක තියෙන බුවාල ටිකක් එකතු කරල?

    ReplyDelete
  11. චානුක, පක්ෂ හෝ විපක්ෂ වෙන්න තරම් දැණුමක් නැති සබ්ජෙක්ට් එකක් ගැන ලියල තියෙන නිසා කිසිවක් නොකියමි. නමුත් මේ ගැන හොඳ වාදයක් හෝ කතිකාවතක් ඇතිවෙතැයි බලාපොරොත්තුවෙන් සිටිමි!

    ReplyDelete
    Replies
    1. අන්න එකනම් හොදයි පුකශාන්ත මහත්තයෝ. ඔයා නොදන්නා පුකවල් කතා නොකර ඉන්න. එතකොට ඔයාටත් හොදයි අනිත් අයටත් හොදයි. 40 ශ්‍රී ලොරි ගැන වගේ කතා කරනවනම් ඔයා ඔනතරමක් කතා කරන්න.

      පුක යනු කුණුහරපයක් නොවේ.- කකා

      Delete
  12. Celestial sphere කිව්වාම මතක්වුනේ ඉස්සර ශ්‍රී එෆ් එම් එකේ ලංකාවෙ කෙනෙක් කියන ස්පාඤ්ඤ සිංදුවක් ගියා ඒකෙ සෙලෙස්තියා වගේ වචනයකුත් කීප වතාවක් කියවුනා
    ඒ වගේම "කුසගින්න නිවාගන්න මෙමා යකඬ තලන්නා " සිංදුව කියන කෙනත් එක රූපවාහිනී වැඩසටහනකදී එය සිංදුව කිව්ව
    එහෙම සිංදුවක් ගැන දන්නෙ නැද්ද

    ReplyDelete
  13. ජ්‍යෝතිශ්‍ය ගැන කිසිම පැහැදීමක් නැත

    ReplyDelete
  14. මේකනම් අගනාම ලිපියක්. බොහොම කැමැත්තෙන්, කුතුහලයෙන් කියෙව්වා. ස්තූතියි වත්තෙගමටත්, මාතලන්ටත්.

    ReplyDelete
  15. යම් දෙයක් පිළිගන්න, බාගෙට පිළිගන්න හා පිළිනොගන්න කොටස් ඉන්නවනෙ.

    චානුකගෙ මේ විග්‍රහය ජොයාතිශය පිළිගන්න, බාගෙට පිළිගන්න කට්ටියට හොද චැලෙන්ජ් එකක්.

    විශේශයෙන්ම මාරයා (චතූශ කුමාර ) මහතා මෙයට උත්තර දේවියයි බලාපොරොත්තු වෙනවා.

    මෙම අගනා පැහැදිලි කිරීමට ස්තූතියි චානුක මහතාණෙනි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න