.

.

Oct 30, 2014

‘හලාල් බැංකු’ - ඇත්ත හා නැත්ත - Islamic Banking and Champika Ranawaka


- චානුක වත්තේගම -

ලංකාවේ බැංකු කටයුතු පාලනය වන්නේ 1988 අංක 30 දරණ බැංකු කටයුතු පිළිබඳ පනතිනි. මේ පනත ඉස්ලාමීය බැංකුකරණයට ඉඩ සලසමින් සංශෝධනය වන්නේ 2005 දෙසැම්බර් මාසයේ දහ වැනිදාය. ජනාධිපති මහින්ද රාජපක්ෂ පළමුවරට පත්ව සති කිහිපයකිනි. මහ බැංකුවේ වත්මන් අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පත්වන්ට මාස හයකට කලිනි. එවක මහ බැංකු අධිපති වසර දෙකක පමණ සාපේක්ෂව කෙටි කාලයක් එම පදවිය හෙබවූ සුනිල් මෙන්ඩිස්ය.

ලංකාවෙ පළමුවන ඉස්ලාමීය බැංකු ලැයිසම නිකුත් වන්නේ 2010 දීය. 2011 අගෝස්තුවේදී මේ බැංකුව ඉස්ලාමීය බැංකු සේවා අරඹයි. මේ බැංකුවේ නම සොයා ගත හැකි වූ මූලාශ්‍ර කිසිවෙක ඍජුව නොකියැවේ. හරියටම අපරාධකරුවකු සඟවන්ට දරණ වෑයමක් සේය. හැබැයි වෙනත් දත්ත අනුව මෙය  සාපේක්ෂව කුඩා බැංකුවක් වන අමානා බැංකුව බව සිතිය හැකිය. මේ බැංකුව තමන් හඳුන්වා ගන්නේ තනිකරම ශරියා නීත්‍යානුකූලව බැංකු සේවාවන් සපයන එකම බැංකුව ලෙසිනි. මීට අමතරව පකිස්ථානු සම්භවයක් සහිත එම්. සී. බී. බැංකුවද ඉස්ලාමීය බැංකු සේවාවන් ලබා දීමේ පුරෝගාමියෙකි. එයද ශාඛා හයක් පමණක් ඇති කුඩා බැංකුවකි. ඉන් හතරක් කොළඹය (කොළඹ කොටුව, මරදාන, පිටකොටුව හා වැල්ලවත්ත). දෙකක් පිට පළාත්වලය (මහනුවර හා මඩකලපුව). මේ බැංකු දෙකම සිය ගනුදෙනුකරුවන්ට ඉස්ලාමීය බැංකු සේවාවන් ඇති කිරීමේ අරුමයක් නොවේ. ඔවුන්ගේ වෙළඳපළ විශාල ලෙස මුස්ලිම් ජනතාව අතරම බව පැහැදිළිය.

බැංකු කටයුතු පිළිබඳ පනත සංශෝධනය වී වසර නවයකට පසුව, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක ශිශිර තාරකා නින්දෙන් අවදි වන විට පාලම යටින් බොහෝ දිය ගලා ගොස් හමාරය. ඒ වන විට ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බංකුව හා එන්. ඩී. බී. බැංකුව ඉස්ලාමීය බැංකු ඒකක පිහිටුවා ගෙන සිටිති. (මේ තොරතුරු ලබා ගන්නේ ඒ ඒ බැංකු වල වෙබ් අඩවි වලින් හා පුවත්පත් නිවේදන වලිනි. ඉස්ලාමීය බැංකු සේවාවන් සපයන බැංකු ලැයිස්තුවක් එක තැනෙක සොයා ගන්ට නැත.  අවම වශයෙන් ඉහත බැංකු හය එම සේවා සපයයි. තව තියෙන්ට පිළිවන.)  බැංකු නොවන මූල්‍ය ආයතන රාශියක්ද ඉස්ලාමීය බැංකු සේවා සපයයි. 2011 දී උපදේශක ආයතනයක් විසින් කරන ලද සමීක්ෂණයක් අනුව ලංකාවේ ඉස්ලාමීය බැංකු හා මුල්‍ය සේවාවන් සපයන මුළු ආයතන ගණන දොළහකි. (මේ වන විට එය ඊට වඩා වැඩි විය හැකිය.) ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු විදු පියෙස  (තවත් ආයතන අතර) ඉස්ලාමීය බැංකුකරණය පිළිබඳ පුහුණු පාඨමාලා පවත්වයි. එසේම මහ බැංකුව ඉස්ලාමීය බැංකුකරණය පිළිබඳ උපදෙස් නිකුත් කරයි. කොටින්ම ඉස්ලාමීය බැංකුකරණය යනු තවදුරටත් ආගන්තුක දෙයක් නොවන තරමට අපට සමීපව සිටියි.

එක් ඇස්තමේන්තුවකට අනුව ලංකාවේ ඉස්ලාමීය බැංකු සේවා පිණිස ඇති වෙළඳපළ විභවය රුපියල් බිලියන 150 කි. ඩොලර් බිලියන 1.15 කි. සන්සන්දනයක් සේ ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 1.7% කි. දළ වශයෙන් වසරකට ලංකාවේ රජයේ සමස්ත අධ්‍යාපන වියදමට සමානය. දැනට මෙයින් ටැප් කොට ඇත්තේ සියයට දහයක් පමණ බව ඒ ඇස්තමේන්තුවම කියයි.

මෙහිදී අමාත්‍ය රණවකගේ ප්‍රතිචාරය අපට අනුමාන කළ හැක්කකි. ඔහු “බැංකු හලාල් වීම” ගැන කතා කරයි. එක රටක තිබිය යුත්තේ එක නීතියකැයි කියයි. ඇඳුමින්, ආහාර වලින්, අධ්‍යාපනයෙන්, මූල්‍ය කටයුතු වලින් සමාජය වෙනස් මාර්ග ගැනීම 'සමාජ බෙදුම්වාදය'කැයි හඳුනා ගනියි. මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ශරියා නීතිය යටතේ ක්‍රියාත්මක වීමට බැංකුවලට අවසර දීම මේ සමාජ බෙදුම්වාදයට මඟ පාදන අත්වැලක් සේ දකියි. ඒ පිළිබඳව අනාගතයේ ඇතිවිය හැකැයි ඔහු සිතන ව්‍යසන වලට මුදල් මණ්ඩලය වගකිවයුතුය කියයි. එසේම අනාගතයේදී බැංකු වල කවුන්ටර් බෞද්ධ කවුන්ටර්, ක්‍රිස්තියානි කවුන්ටර්, ඉස්ලාම් කවුන්ටර් හැටියටත් පොලී අනුපාත බෞද්ධ පොලී අනුපාත, ක්‍රිස්තියානි පොලී අනුපාත, ඉස්ලාම් පොලී අනුපාත ලෙසත් වර්ගීකරණය වෙතැයි බියවෙයි. එසේම මේ බැංකු කටයුතු පාලනය කිරීම පිණිස ජමිතුල් උලමා සංවිධානයේ පුද්ගලයින් සිව් දෙනකු පත් කර ඇතැයි ඔහු කියයි.

ඉස්ලාමීය බැංකු ක්‍රමය ලංකාවේ ක්‍රියාත්මක වීම අමාත්‍ය රණවක කියන විදිහට ‘ප්‍රශ්නයක්’ නම් ඒ ‘ප්‍රශ්නයේ’ පැතිකඩ දෙකක් මම හඳුනා ගනිමි.

පළමුවැන්න සංස්කෘතික පැතිකඩය. අපේ රටේ ඊනියා ජාතිකවාදීන් බිහිවනු දකින්ට කැමැති කල් වැසි වසින, අටුකොටු පිරුණු, පිරිමින් හැමදෙනාම අමාත්‍ය රණවක සේ එකම විදිහට සුදෝ සුදු ජාතික ඇඳුම අඳින, ගැහැණුන් එසේම සුදෝ සුදු ඔසරි අඳින, මිනිසුන් ධාර්මික රැකියාවන්හි පමණක් නියැළෙන, පස් පවින් හා මස් මාංශයෙන් මිදුණු, සතර පෝයට පවුලේ සියළු දෙනා එක්ව තෙල්, මල්, ගිලන්පස, දැහැත් අතැතිව වැව් ඉස්මත්තේ පන්සලට යන, ගමේ පන්සලේ හාමුදුරුවන් අර්ථයෙන් ධර්මයෙන් දායකයින්ට අනුශාසනා කරන, රහසින්වත් පව් නොකරන, මොනොලිතික ආර්ය සිංහල බෞද්ධ කේතුමතියන්ය. අවාසනාවකට මෙන් අපට ජීවත්වන්ට සිදුවී ඇති සැබෑ සමාජය මේ ෆැන්ටසියෙන් බොහෝ ඈතය. මිනිස්සු ජාතික ඇඳුම වෙනුවට කලිසම් හඳිති. ගැහැණු ඔසරි ඉවත ලා ඩෙනිම් අඳිති. මැක්ඩොනල්ඩ්ස් යති. තම රුචි අරුචිකම් අනුව ආහාර ගනිති. ෆැන්ටසි ධර්ම රාජ්‍යයන් තුළ නොසිදුවෙතැයි සිතිය හැකි බොහෝ ‘දුසිරිත්හිද’ නියැළෙති. සිගරැට් බොති. ගංජා උරති. මත්පැන් පානය කරති. එසේ කොට වාහන එළවා අනතුරු සිදු කරගෙන දඩ කති. ඒ අහු අස්සේ යම් යම් ජන කොටස් (සිංහල බෞද්ධයින් පවා)  මෙරට බහුතරයට ආගන්තුක, එහෙත් වෙනත් රටවලදී ගොඩයට මැජික් නොවන සිස්ටම්, සිරිත් විරිත්, හැසිරීම්, ආගමික, සංස්කෘතිමය ආකල්ප මෙහි ගෙන එති. ඒ අතර ලැම්බෝගිනි, කැසිනෝ සේම ඉස්ලාමීය බැංකු ක්‍රමයද වේ.

අමාත්‍ය රණවක ඉස්ලාමීය බැංකු ක්‍රමය ලංකාවේ ව්‍යාප්ත වෙනු දකින්ට අකැමැති හුදෙක් ආගමික හෝ සංස්කෘතිකමය හේතූන් නිසා නම් ඔහුට ඇත්තේ ඒකවරණයකැයි සිතමි. ඒ පූර්ණ සංවෘත සමාජ ආර්ථික ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටීමය. දැනට එවැන්නක් දකින්ට ඇති එකම ආසියානු රට උතුරු කොරියාවය. මේ ලංකාවේ ඊනියා ජාතිකවාදීන්ට ටක්කෙටම ගැළපෙන රටකැයි සිතමි. අමුතු අමුතු ඇඳුම් ස්ටයිල් නොවේ. මුළු රටේම මාර එකමිතියක් ඇත. රටේ නායකයා කොණ්ඩය කපන ස්ටයිල් එකටම මිනිස්සුද කොණ්ඩය කපති. ගෙයක් ගිනි ගත්තොත් තමන්ගේ කුඩා දරුවන් එළියට ගන්ටත් පළමු ගෙදර ඉහළින්ම එල්ලා ඇති රාජ්‍ය නායකයාගේ පින්තූරය බේරා ගනිති.

උතුරු කොරියාව මෙන් නොව, විවිධත්වයක් ඇති, දේශපාලන නිදහස ඇති, සමාජ ආර්ථික ක්‍රමයේ විවෘත භාවයක් ඇති  හැම ආසියානු රටකම ඉස්ලාමීය බැංකු සේවා ක්‍රියාත්මකය. ජපානයේ, චීනයේ, කොරියාවේ, තායිලන්තයේ ඉස්ලාමික බැංකු ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය ඉන්ටර්නෙට් වලින් පහසුවෙන් දැකගත, දැනගත හැකිය. මේ කිසිවෙක් මුස්ලිම් රටවල් නොවේ. ඉන් සමහරක මුස්ලිම් ප්‍රතිශතය ලංකාවෙ මුස්ලිම් ප්‍රතිශතයටද අඩුය. එසේම ඉස්ලාමීය බැංකු ක්‍රමයට විරුද්ධ චම්පික රණවකලා මේ සමාජයන්හිද සිටිනවා විය හැකිය. හැබැයි ඒ සියළු දේ මැද මේ රටවල් ඉස්ලාමීය බැංකු සේවා පවත්වා ගෙන යති. ඒ ජගත්කරණයේ ස්වභාවයයි. සංස්කෘති මිශ්‍ර වීම ජගත්කරණයේ ට්‍රේඩ් මාක් එකයි. සිංගප්පූරුවේ සෙරන්ගූන් රෝඩ් එකේ අවන්හල්වලදීද කිරිහොදි සමඟ පිට්ටු කෑ හැකිය. බෙයිජිංහි වැංෆුජියාන් වීථියේ චන්න මසාලා සමඟ බටර් නාන් මිළදී ගන්ට ඉන්දියානු අවන්හල් වේ. කැමැති නැත්නම් ජගත්කරණයෙන් ඈත්වන්න.

මේ 'ප්‍රශ්නයේ' දෙවන පැතිකඩ සමාජ-ආර්ථිකය. මෙය සංස්කෘතික පැතිකඩට වඩා වැදගත් හා තීරණාත්මක වේ. අමාත්‍ය රණවක විස්තර කරන ආකාරයේ දේවල් අපේ බැංකු ක්‍රමය තුළ සැබැවින්ම වේ නම් මමද සිරාවට බයවෙමි. උදාහරණයක් හැටියට බෞද්ධයින්ට වෙනම පොළී අනුපාත, ක්‍රිස්තියානින්ට වෙනම පොළී අනුපාත, මුස්ලිමුන්ට වෙනම පොළී අනුපාත ඇතිවේ නම් ඒ අනිවාර්යයෙන්ම අප විරෝධය පළ කළ යුතු කාරණාවකි. මා දන්නා තරමින් මෙවැනි වර්ගවාදී බැංකුකරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන එකම රට මැලේසියාවය. එහි සුළුතරයන්ට නොලැබෙන සමහරක් මූල්‍යමය සහන බහුතර ඊනියා භූමිපුත්‍රයින්ට හිමිය. මෙය අන්තර්ජාතිකව දැඩි විවේචනයට ලක් වූ ආර්ථික ප්‍රතිපත්තියකි. ලංකාව ගමන් කරමින් සිටින්නේ එතැනට නම් එය පැහැදිළිව වැළකිය යුතුය මමද කල්පනා කරමි. අමාත්‍ය රණවකගේ ඉහත චෝදනා එකින් එක විස්තාරණය කරන්ට මා කැමැති එහෙයිනි.

පළමුව ලංකාවේ බැංකු කටයුතු ජමිතුල් උලමා නියෝජිතයින් ලවා පාලනය කරවීම. මෙසේ සිව් දෙනකුගෙන් සමන්විත උපදේශකයින් පත් කොට ඇත්තේ කවුරුන් විසින්ද අමාත්‍ය රණවක නොකියයි. නමුත් ඔහු ඉන් පෙර හා පසු චෝදනා කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට හෙයින් මේ පත්වීම් කර ඇත්තේද මුදල් මණ්ඩලය විසින්ය සිතිවිල්ල යමකුට පහළ වීම සාධාරණය. මුදල් මණ්ඩලය මෙවැන්නක් කළේ නම් එය අනිවාර්යයෙන්ම ලොකු වරදකි. බැංකු කටයුතු පාලනය ආගම මිස වෙන මෙලෝ මළ දානයක් නොදන්නා පිරිසකට පැවරිය යුතු නොවේ. හැබැයි මුදල් මණ්ඩලය එවැන්නක් කළේය කිසිම සාක්ෂියක් මට සොයා ගත නොහැකි විය. මේ ගැන මම පුදුම නොවෙමි. මට නොලැබෙන යම් යම් තොරතුරු ඇමැතිවරුන්ට ලැබෙයි. මේ උභතකෝටිකය විසඳිය හැක්කේ ශ්‍රී ලංකා මහ බැංකුවටම පමණෙකි. මුදල් මණ්ඩලය විසින් ලංකාවේ ඉස්ලාමීය බැංකු කටයුතු පාලනය පිණිස ජමිතුල් උලමා නියෝජිතයින් සිව් දෙනකුගෙන් සමන්විත මණ්ඩලයක් පත් කොට තිබේද? එසේ නම් ඒ නියෝජිතයින් කවුද? බැංකුකරණය පිළිබඳ ඔවුන්ගේ සුදුසුකම් මොනවාද? ඔවුන්ගේ බලතල කවරේද? මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව මේ ගැටළු වලට පිළිතුරු ඇතිව නිවේදනයක් නිකුත් කරණු ඇතැයි මම සිතමි.

ඉතිරි චෝදනා කවරේද, ඒවායින් කොපමණ ඇත්තද වටහා ගැන්ම පිණිස අප ඉස්ලාමීය බැංකුකරණය යනු කිමෙක්ද හඳුනා ගත යුතුය. ආගමික හා සංස්කෘතික පැතිකඩ ඉවත් කළ පසුව ඉස්ලාමීය බැංකුකරණයේ මහා ලොකු යාන්ත්‍රණයක් නැත. බැංකුවක් යනු මූල්‍යමය අතරමැදියෙකි. එය සාමාගෙන් ණය ගෙන අමරට ණයට දෙයි.  සාමාට බැංකුව පොළියක්ද අමර බැංකුවට පොළියක්ද ගෙවයි. බැංකුවේ ආදායම මේ දෙක අතර වෙනසය. එය සිය වියදම් පියවා ගත යුත්තේ මේ ආදායමිනි. එයින් යම් කොටසක් මහ බැංකුව වක්‍රව ලබා ගනියි. ඒ සිය සේවාවන් පිණිසය. තව ටිකක් බදු ලෙස මුදල් අමාත්‍යාංශය අදියි. මේ මුදලද හිතනවාට වඩා විශාලය. උදාහරණයක් හැටියට 2013 වසරේදී පොළී මත රජය ලද බද්ද රුපියල් බිලියන 78 කි. (කෝටි 7,800) එම වසරේම රජය ලද සමස්ත ආදායම් බද්ද රුපියල් බිලියන 18.5 කි. එනම් පොළියට බදු ගැසීමෙන් ලබනා අදායමින් හතරෙන් එකකටත් අඩු මුදලකි සමස්ත ආදායම් බද්ද. පොළිය යනු ආර්ථික ක්‍රමයෙහි කොයි තරම් වැදගත් සංරචකයක්ද යන්න මෙයින් පහැදිළි වේ. සමස්ත ක්‍රමයම රැඳී පවතින්නේ ඒ මතය. ඉස්ලාමීය බැංකු ක්‍රමයේ මූලික වෙනස සාමාට පොළියක් ගෙවීමට බැංකුවට ඉඩ නොදෙන්නක් සේම අමරගෙන් පොළියක් ගැනීමටද ඉඩ නොදීමයි. පොළිය යනු ඉස්ලාම් ධර්මයේ වෙහෙසකින් තොරව ලබන, අධාර්මික ඉපැයීමකැයි කියැවේ. එනිසාම පොළී ලබා ගැන්ම ඉස්ලාමයට අනුව පාපකර්මයකි.

පොළිය බැංකුකරණයෙහිලා කේන්ද්‍රීයය. ඉහත පැහැදිළි කිරීම් වලට අනුව, පොළී අය කිරීමකින් තොරව වර්තමානයේ බැංකු කටයුතු පවත්වා නොගත හැකි බැව් ආර්ථික විද්‍යාව පිළිබඳ ලොකු දැනුමක් නැත්තකුට වුව වැටහිය යුතුය. එක අතෙකින් උද්ධමනය නිසා මුදලෙහි වටිනාකම අනිවාර්යයෙන් පහළ යයි. පොළී අය නොකරන්නේ නම් යම් කාල පරිච්ඡෙදයකට පසුව ණය හිමියා අතට පත් වන්නේ නාමිකව ඒ අගයම වෙතත් සත්‍ය ලෙස ණය මුදලට වඩා අඩුවෙනි. අනෙක් අතින් තවකකුගේ තෙසක් රියක් හයර් දුවන්ට කුලියට ගන්නා රියැදුරකු දවස අවසානයේ රිය හිමියාට කුලියක් ගෙවන්නාක් සේ ණයට ගන්නා මුදලක් වෙනුවෙන්ද ණයහිමියා ‘කුලියක්’ ලැබීම සාධාරණය. එසේ හෙයින් පොළියක් නැතිව බැංකු කටයුතු වලට පැවැත්මක් නොවේ. ඉස්ලාමීය බැංකුකරණයේදී මේ උභතකෝටිකය විසඳාගන්නේ ගැලවිජ්ජාවකිනි. එහි පොළිය වෙනුවට යොදා ගැනෙන්නේ ලාභය බෙදා ගැන්මයි. ඉහත තෙසක් රිය උදාහරණයෙන්ම ගතහොත් රියැදුරා හා රිය හිමියා වියදම් පියැවීමෙන් පසුව ලාභය බෙදා ගනිති. එය ඔවුන්ගේ එකඟතාවය මත සමෝසම හෝ වෙනත් අනුපාතයකින් විය හැකිය. වැදගත්ම දේ යම් දවසක ලාභයක් නොව අලාභයක් ඇති වන්නේ නම් රිය හිමියාට එදින කිසිවක් නොලැබීමයි. වෙනත් විදියෙකින් කිව්වොත් රිය හිමියා රියැදුරා දෙදෙනාම යම් අනුපාතයකට අවදානම දරති. එහිදී කුලිය වෙනත් වචනයකින් හැඳින්වෙන්නාක් සේ ඉස්ලාමීය බැංකුකරණයේදීද පොළිය වෙනත් වචනයකින් හැඳින්වේ. එසේම එවැනි සමාන්තර සේවා වෙනත් නම් වලින් ඇති තරම් බැංකු පද්ධතිය තුළ පවතියි. එනිසා ඉස්ලාමීය බැංකුකරණයට අනුගත වීම බැංකුවකට තාක්ෂණිකව ලොකු ගැටළුවක් නොවේ.

සංස්කෘතික පැතිකඩ ප්‍රශ්නයක් නොකර ගන්නේ නම් ඉස්ලාමීය බැංකුකරණය ගැටළුවක් වන එකම හේතුව එමඟින් බැංකුව හා ගනුදෙණුකරුවා නොවන තෙවන පාර්ශ්වයකට ඇතිවිය හැකි පාඩුවකි. අප නැවත තෙසක් රිය නිදසුනට යන්නේ නම් රියැදුරා රිය හිමියාට නිශ්චිත කුලියක් නොගෙවා දවසේ ලාභය ඔහු හා බෙදා ගැන්ම නිසා පසෙක සිටින මට පාඩුවක් වේද? නැත. නමුත් මාද එම රිය හිමියාගෙන්ම තවත් තෙසක් රියක් හයර් දුවන්ට ගන්නා රියැදුරකු නම් මට එහි බලපෑමක් විය හැකිය. උදාහරණයක් ලෙස ආදායම අවම වැසි දිනෙයකදී අනෙක් රියැදුරා කිසිම කුලියක් ලබා නොදෙද්දී රිය හිමියා මගෙන් දවසේ නිශ්චිත කුලිය බලාපොරොත්තු වේ නම් එය මට ගැටළුවෙකි. එසේම ඉස්ලාමීය බැංකු සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් වෙනත් ගනුදෙනුකරුවන්ට අහිමි වරප්‍රසාද (උදා: වැඩි පොළියක්) ලබන්නේ නම් එය ගැටළුවක් වේ. එය බැංකුව විසින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වැඩි පොළී අනුපාතයක් ලබා දීමට සම කළ නොහැකිය. ජ්‍යෙෂ්ඨ පුරවැසියකු ඒ වරප්‍රසාදය ලබන්නේ පැහැදිළිව පෙනෙන සාධාරණ හේතුවක් නිසාය. එසේම මේ වරප්‍රසාදය නිශ්චිත වයස සම්පූර්ණ කළ ඕනෑම කෙනෙකුට හිමිවේ. එහි පරිහාරයක් හෙවත් ඩිස්ක්‍රිමිනේෂන් එකක් නැත.

හැබැයි මේ ගැටළුවද විසඳන්ට බැරිකමක්ම නොවේ. කළ යුත්තේ ඉස්ලාමීය බැංකු සේවා මුස්ලිම් නොවන ගනුදෙනුකරුවන්ටද විවෘත කිරීමයි. ඔවුන් ඒ නමට නොකැමැත්තේ නම් එපිණිස වෙනත් නමක් යොදා ගත හැකිය. එවිට කිසිවකුට සිදුවන අසාධාරණයක් නොවේ. (අනෙක පොළියක් සේ සලකතොත් ඉස්ලාමීය බැංකු සේවා ගනුදෙනුකරුවන්ට හිමිවන වරප්‍රසාද සැලකිය යුතු තරමින් වෙනස් නොවේ.)

වඩා සංකීර්ණ ප්‍රශ්නය බදු සම්බන්ධයෙනි. ඉහත දැක්වූවාක් සේ බැංකු පොළිය මත බද්ද නිසා රජය ලබන ආදායම අති විශාලය. එය ආදායම් බදු සමස්තය මෙන් සිව් ගුණයකි. ටෙලිකොම් බද්දෙන් ලබන ආදායම මෙන් තුන් ගුණයකි. මීට අමතරව සමාගම් බද්දේ යම් ප්‍රමාණයක් පොළිය මත රඳා පවතියි. ගණන් අති විශාල නිසා ඉතාම සුළු වෙනසක් පවා, සමහරවිට දශම ගණනක වෙනසක් රජයේ බදු ආදායමේ විශාල වෙනසක් කළ හැකිය. මෙය නොසිදුවිය යුතු දෙයකි. ඉස්ලාමීය බැංකු සේවා හෝ අන් කවර හෝ බැංකු සේවාවක් හඳුන්වා දීම නිසා රටේ බදු ආදායමේ ඌණනයක් වේ නම් එය ගැටළුවකි. එය විසඳා ගත හැක්කේ ඉස්ලාමීය බැංකු කටයුතු වලින් සමාන ප්‍රමාණයක් බදු අයවන සේ පද්ධතියේ වෙනස්කම් කිරීමෙනි. මෙය සරල ක්‍රියාවලියක් නොව ඉතාම සංකීර්ණ ක්‍රියාවලියකි. එසේම අපට කටයුතු කරන්ට සිදුව ඇත්තේ ආදායම් බදු දෙපාර්තමේන්තුව නැමැති, මහා පරිමාණ දූෂණ වලට දැනටමත් කිහිපවිටක්ම චිරප්‍රසිද්ධ වී ඇති ආයතනය සමඟ බැව් අමතක නොකළ යුතුය. මේ නිසාම එම ක්‍රියාවලිය පාරදෘශ්‍ය විය යුතුය. ඉස්ලාමීය බැංකුකරණය නිසා රජයට අය වන බදු ප්‍රමාණයේ ඌණනයක් නොවන බවට මුදල් මණ්ඩලය සහතික විය යුතුය. (ඇත්තටම බදු ප්‍රමාණය ටක්කෙටම සමාන වන පරිදි පද්ධති වෙනසක් කරන්ට් අසීරුය. එනිසා එය සුළු වශයෙන් වැඩි වන පරිදි පද්ධති සකස් විය යුතුය.) මෙසේ නොවන්නේ නම් අපටද අමාත්‍ය රණවක සමඟ විරෝධයට එක් වන්ට සිදුවේ. ඒ කවර හෙයින්ද දීර්ඝ පැහැදිළි කිරීමක් අනවශ්‍යය සිතමි.

දෙවන සංකීර්ණ ප්‍රශ්නය මානව සම්පත් සම්බන්ධයෙනි. ඉස්ලාමීය බැංකු සේවා පවත්වා ගැනීම පිණිස මුස්ලිම් සේවික සේවිකාවන් පිරිසක් අත්‍යාවශ්‍ය වේ. මේ නිසා සෑම බැංකුවකටම යම් නිශ්චිත ප්‍රතිශතයක් මුස්ලිම් සේවකයින් අවශ්‍යවේ. මේ ගණන කුඩා නම් ලොකු ගැටළුවක් නොවේ. එසේ නොවේ නම් එය අනිවාර්යයෙන්ම බැංකු ක්ෂේත්‍රයේ මුස්ලිම් ජාතිකයින්ට වැඩි ඉල්ලුමක් ඇතිවන්ට හේතුවක් වෙයි. එය නොවිය යුත්තකි. බැංකුවක සේවය කිරීම යනු අති විශාල පිරිසකගේ සිහිනයකි. හැම විශාල බැංකුවකටම දිනපතා ලැබෙන ලිපි ගොන්නෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් බැංකුව ප්‍රචාරය වත් නොකළ ඇබෑර්තු සඳහා වන විවෘත අයැදුම්පත්ය. මේ නිසා බැංකුවක සේවයට බඳවා ගැන්මේදී වාර්ගික පරිහාරියක් හෙවත් ඩිස්ක්‍රිමිනේෂන් එකක් නැතිවීම අනිවාර්යයෙන් යහපත් දෙයකි. එක් ජන වර්ගයකට බැංකු රැකියා අවස්ථා වලදී විශේෂත්වයක් හිමිවීම අනෙක් ජන වර්ගයන් තුළ දැඩි අසහනයක් ඇතිවන්ට හේතුවක් වේ. එය කිසිසේත් නොවිය යුතුය.

අවසාන වශයෙන් කවුන්ටර් ප්‍රශ්නය. මෙය අතිශයෝක්තියක් වන්ටද නොවන්ටද පිළිවන. කොමර්ෂල් බැංකුවේ වෙබ් අඩවියේ සඳහන් වන්නේ එම බැංකුව ඉස්ලාමීය බැංකු කටයුතු පිණිස ‘වෙනම කවුළුවක්’ (අ සෙපරේට් වින්ඩෝ) විවෘත කරන බවයි. මෙය වෙනම කවුන්ටරයක් විවෘත කිරීමට වඩා වෙනම චැනලයක් විවෘත කිරීම ලෙස හඳුනා ගත යුතුය සිතමි. පළමුවැන්න ගැටළුවකි. දෙවැන්නේ ප්‍රශ්නයක් නැත. කොටින්ම බාහිරව බලන විට බංකුවක ගණුදෙනුකරුවකුට ලැබෙන සේවයේ කිසිම පරිහාරියක් හෙවත් ඩිස්ක්‍රිමිනේෂන් එකක් නොවිය යුතුය.

මම අමාත්‍ය චම්පික රණවක යන අන්තයට ගොස් ඉස්ලාමීය බැංකු කටයුතු අත්හළ යුතුය නොකියමි. හැබැයි ඉස්ලාමීය බැංකුකරණය ඇරැඹීම ව්‍යසනයකට මුලය ඔහු කියන විට ඊට පාර්ශිකව හෝ එකඟ වන්ට මට සිදුවේ. 'ව්‍යසනය' යන වචනය වෙනුවට 'අභියෝගය' යන වචනය යොදා ගන්ට මා කැමැතිය. මේ ඉතාම සීරුවෙන්, පාරදෘශ්‍යව, සියළුම පාර්ශ්වයන්හි අදහස් විමසා බලා කළ යුතු දෙයකි. එසේ නොවේ නම් එය තවත් භයානක කාල බෝම්බයක් වන්ට අනිවාර්යයෙන්ම ඉඩක් ඇත්තේය. එහිදී අමාත්‍ය රණවක නිවැරදිය. ඇත්තටම කවර හෝ හේතුවක් නිසා මේ ඔහු යම් පමණකට නිවැරදි ආස්ථානයක ඉන්නා, කණ කැස්බා විය සිදුරින් අහස දකින්නාක් සේ විරල අවස්ථාවකි.

42 comments:

  1. අප්පට සිලි අදමයි ඇහැව්වෙ ....

    ReplyDelete
  2. ඔය මොනවා කිව්වත් තම්බියෝ චානුකයගෙයි මාතයගෙයි අපෙයි පුකේ අරිනවා. ඊට කලින් තම්බින්ට කෙලවන්න ඕනෙ. සිංහල අපිට තියෙන්නේ මේ රට විතරයි. ඔය කියන මානව සමාජ රෙද්දවල් ගෙරි තැඹි හැත්ත ළඟ නැහැ. චානුක තමුසෙත් ඉන්නේ පැන්ටසියකද පැන්ටා බෝතලෙකද කොහෙද. සමාදානයෙන් ඉන්නවානම් ඕනෙම ජාතියකට ඔට්ටුයි. ඒ කියන්නේ තම්බියා සිංහලයාට යටත් වෙලා නෙවෙයි. සම අයිතිවාසිකම් තියාගෙන. මුස්ලිම් ආගම කියලා වෙනම නීති ක්‍රමයක් කරගෙන යන්න ඉඩදෙන්න බැහැ. අනාගතේදී මේක මුස්ලිම් රටක් කරන කුමන්ත්‍රණයට පුක දෙනවානම් චානුකයත් තවත් එක තම්බියෙක් විතරයි.

    ReplyDelete
    Replies
    1. කියවලා කමෙන්ට් කරන්න සුද්දො..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  3. ඉස්ලාම් බැංකුකරණයේදී මුදල් හුවමාරු මාධ්‍යයක් ලෙස පමණක් ලෙස සැලකේ. එසේම මුදල් ලාභ අපේක්ෂාවෙන් මිස පොලී අපේක්ෂාවෙන් ආයෝජනය නොකෙරේ. ජංගම ගිණුම් සඳහා අයිරා (Overdrafts - OD) පහසුකම් ලබා නොදේ. ඉතිරි කිරීමේ ගිණුමක ලාභයෙන් 30% ක් ගණුදෙනුකරුටද 70% ක් බැකුවටද බෙදී යයි. මෙයම ඇතැම් විට 40% හා 60% වශයෙනි. ළමුන් සඳහා මෙම අනුපාතය 60%-40% මෙන්ම 50%-50% වියහැක. ස්ථාවර තැන්පතුවකදී ආයෝජකයාට 90% ක් ලැබෙන අවස්ථා ඇත. ආයෝජකයන්ගේ මුදල් නැවත ආයෝජනයට ණය සහ කල්බදු පහසුකම්ද මෙම ක්‍රමයේ ඇත. එහෙත් මෙම ක්‍රමයේ තැන්පතු මුදල් අනෙකුත් බැංකු කටයුතු සඳහා යොදාගත නොහැක. මෙය ගැටලුකාරී තත්ත්වයකි. තැන්පතු ප්‍රමාණය ණය ප්‍රමාණය ඉක්මවා ඇති තාක් ගැටලුවක් නැත.
    බැංකුවේ නොසැලකිල්ල හැර අන් හේතුවක් මත අලාභ වුවහොත් ඒවා ආයෝජකයා දරාගත යුතුය. පාලනය කරන්නේ ශරියා මණ්ඩලයයි.
    ගණුදෙනුකරුවන් පිරිස ඉතා අඩු ප්‍රමාණයක් බව සත්‍යයකි. නමුත් බැංකුව කරනුලබන ආයෝජනයන් ගෙන් ලැබෙන ආදායම බෙදීයාමේදී සාමාන්‍ය ජනතාව ලබන පොලී අනුපාතයන් හා මෙම ලාභ බෙදීමේ අනුපාතයන් සැසැඳීම මගින් මෙහි සමස්ත ප්‍රතිඵලය යහපත් ද අයහපත් ද යන්න තීරණය වේ. එම දෙයාකාරයම බැංකුවෙන් බැංකුවට වෙනස් බැවින් සරල නිගමණයකට ඒමද අපහසුය.

    ReplyDelete
    Replies
    1. මෙම බැංකු ක්‍රමයේ ආයෝජනය කිරීමට අනෙකුත් ආගමිකයින්ට හෝ ජාතිකයින්ට බාධාවක් නොමැති බව මගේ නිරීක්ෂණයයි.

      Delete
    2. මේ ඉන්නර් මේ ගැන කතා කරන්න ඉන්න හොන්දම පුද්ගලයා විසිටර්

      Delete
    3. නමුත් එකම බැංකුවක ගණුදෙණුකරුවන් දෙපිරිසකට දෙයාකාරයකට සැලකීම සාධාරනද?

      වී සඳහන් කරනාකාරයටම ගිණුම් ක්‍රම දෙකක් එකම ආයතනය තුල පවත්වාගෙන යාම සාධාරනද?

      ශරියා මණ්ඩලය ආයතනය තුල ආගමික සංස්කෘතියක් ඇති කිරීම සාධාරනද? (දිනකට පස් වතාවක් යාඤා කිරීම්.)

      ශ්‍රියා මණ්ඩලය සමන්විත වන්නේ බැංකු කටයුතු පිළිබඳ දැණීමක් ඇති සමාජිකයින්ගෙන්ද?

      ඔවුන්ගේ සුදුසුකම ආගම දැණගැනීම පමණද?

      බොදු බල සේනාවද, බැංකු තුල දසරාජධර්ම කමිටු ආරම්බ කිරීමට අවසර ඉල්ලන්නේ නම් ඔවුන්ටත් ඉඩ ප්‍රස්ථාව ලබා දෙනවාද.

      මගේ මතය නම්. ඉස්ලාම් බැංකු වෙනම පවත්වා ගත්තාට කිසි ප්‍රශ්ණයක් නැත. එහෙත් අනෙකුත් වානිජ බැංකු තුල වෙනම් කවුන්ටර් පවත්වාගෙන යාම, නිහඬවම කරනා ආගමික ආක්‍රමණයක් පමණි.

      Delete
    4. මාතේ,
      1. අසාධාරණයි
      2. අසාධාරණයි
      3. අසාධාරණයි
      4. කිසිසේත්ම නැත
      5. ඇත්තෙන්ම ඔව්
      6. කිසිසේත්ම නැත
      7. ඉතාම නිවැරදි මතයකි. ජාති/ආගම් ලෙස බෙදී වෙන්වීම හෙලා දකින පොදු මධ්‍යස්ථ ජනතාව මෙන්න මේ වෙන් කිරීමත් හෙලා දැකිය යුතුයි. බහුජාතික/බහුආගමික රටක කිසිම ජාතියකට/ආගමකට වෙනම් සැලකිලි හෝ වරප්‍රසාද හිමි නොවිය යුතුයි. හරිම සිම්පල් ප්ලෑන් එකක්.
      ....ආව මෙතන...හුහ්!

      Delete
  4. චම්පිකගේ මූළධර්මවාදී අදහස් වලට එකඟ නොවූවද ඉස්ලාම් බැංකු ක්‍රමය පිළිබඳ ඔහු පළ කොට ඇතයි චානුක පවසන කරුණු හා මමද එකඟවමි. අමානා බැංකුව මෙන් වෙනම පවත්වාගෙන යාම පිළිබඳ කිසිම ගැටළුවක් නැත. එහෙත් අනෙකුත් බැංකු ඒ සඳහා වෙනම කවුළුවක් පවත්වාගෙන යාම මළ විකාරයකි.

    මුල්ම හේතුව නම්, ඒ සඳහා සම්පූර්ණයෙන්ම වෙනම ගිණුම් ක්‍රම, පොත් පත් හා ලාභාලාභ ගිණුම් පවත්වාගෙන යාමට සිඳු වීමයි. අනෙක් කරුණ බැංකු කටයුතු කෙසේ වෙතත්, සාමාන්‍ය ආර්ථික දැණුමක් හෝ නොමැති, මූළධර්මවාදි අදහස් ඇති, උලමා පාළක මණ්ඩලයයි. ඔවුන් සඳහා වෙනම කාර්යාලයක්ද, යාඤා කිරීම සඳහා, පිරිමි පාර්ෂවයට වෙනමද, කාන්තාවන්ට වෙනමද කාමර වෙන් කළ යුතුය. මෙය බලහත්කාරයෙන් කාර්යාල තුලට ආගම කැඳවා ගෙන ඒමකි.

    හාස්‍යයට කරුණ නම්, ඉස්ලාම් බැංකු ක්‍රමයේ හරාම් බැංකු කටයුතු සියල්ලම, අනෙකුත් වානිජ බැංකු තුල සිඳු වීමයි.

    මා කාළයක් සෙලින්කෝ ප්‍රොෆිට් ෂෙයාරින් ආයතනයේද, සෙලින්කෝ ටකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගමේද, මැද පෙරදිග ඉන්ෂුවරන්ස් සමාගමකද වැඩ කර ඇත. මේ සියල්ලේම කරන්නේ පට්ට පල් බොරුවකි. සාමාන්‍ය බැංකු ක්‍රමය හා මේ බැංකු ක්‍රමයේ හා රක්ෂණ ක්‍රමයේ මහා ළොකු වෙනසක් නැත. ඇත්තේ අරාබි වචන ලැයිස්තුවක් ගිණුම් කරනයට හඳුන්වා දීම පමණි. ප්‍රොෆිට් ෂෙයාරින් යනුවෙන් නම් කළද නියමාකාරයෙන් ලාබය බෙදා දෙන්නේ නැත. එය තීරණය කරණුයේ බැංකුව, සමාගමයි, උලමාවරුන්ට මෙළෝ දැණුමක් නොමැති බැවින් ඔවුන්ගේ ගනන පමණක් රැගෙන ඔවුන් පිටව යයි. අරාබිකරයේද අනෙකුත් බැංකු ක්‍රම තිබියදි වෙනම අරාබි ක්‍රම මේ රටට අවශ්‍ය නැත. අවශ්‍යම නම් අමානා මෙන් වෙනම කර ගත්තාට අවුලක් නැත. එසේ නොමැතිව සියල්ලන්ටම හලාල් චිකන් කවන්න යනවා මෙන් බැංකු තුලටද මූළධර්මවාදය රිංගවීම ඔවුන්ගේ ජයග්‍රහණයක් මිස ආර්ථිකයේ මොන මළදානයකටවත් හේතු වන දෙයක් නොවේ.

    පාර්ලිමේන්තුවේද හරක් මස් කෑමට තිබුනද, මා දන්නා පරිදි ඌරූ මස් කෑමට නැත. කොහොමද තම්බින්ගේ වැඩ. සාමාන්‍ය මුස්ලිම් ජනතාව මෙන් නොව උලමාවරු ගෙනයන සටන චානුකලාට මෙන්ම පැරාලාටද, පාළකයන්ටද නොවැටහීම කනගාටුවට කරුණකි.

    ඒ අතින් බැලූ විට චම්පික මේ වෙනුවෙන් පළකර ඇති අදහස් සියල්ලම මා අනුමත කරමි.

    ReplyDelete
    Replies
    1. මාත එක්ක එකඟයයි
      සාමාන්‍යයෙන් ජාතිවාදී නොවුනත් මුස්ලිම් සම්බන්ධව මගේ ප්‍රතිපත්තිය වෙනස්. සංස්කෘතිකව මිනිස්සු වෙනස් බව ඇත්ත. නමුත් මුස්ලිමුන් කියන්නෙ අමුතු සත්තු ජාතියක්. සිංහලයට දෙමලට සුද්දට නැති ආගමික පුකේ අමාරු මරක්කයලට එන්නෙ ඒකයි. ජාතිවාදී වෙනව කියල මේව හංගගෙන ඉඳල වැඩක් නෑ. මුස්ලිම් සංස්කෘතිකාංග ලෝකයේ අනෙකුත් සමාජ සම්ප්‍රදායන් එක්ක ගැටුන එකම අවස්ථාව මේක නෙවේනෙ.

      Delete
    2. පාර්ලිමේන්තුවේ ඌරු මස් තහනම් කිරීම වගේම චම්පික හරි කව්රු හරි පාර්ලිමේන්තුව vegetarian කරනවා නම් ඒකත් වැරදියි .

      කන බොන දේ ඉඳන් හැම දේටම ආගම ගාව ගන්න තාක් ප්‍රශ්න විසදෙන්නේ නෑ . මේ වැඩේ ලොකුවටම කරන්නේ මුස්ලිම් ජනතාවයි. ඒකත් උනේ කට්ටිය අරාබියේ යන්න පටන් ගත්තට පස්සේ

      Delete
    3. මාතලන්, අත්දෙකම උස්සල උඹ එක්ක එකඟයි!

      Delete
  5. ඉස්ලාම් බැංකු පිලිබඳව මෑතකදි පලවූ ලිපියක්,

    <a href="http://www.bbc.co.uk/news/business-28365639>Islamic banking: Growing fast but can it be more than a niche market?</a>

    ReplyDelete
  6. මේ ඇත්තේ චානුක මහතා සොයාගත් ටික පමණි. ඊටත් වඩා දේ ඇති බව මා හට සිතේ.
    තම්බින්ට අල්ලාගේ බිජ්ජ අනුව තහනම් මුදල් සඳහා පොළී ලබා ගැනීම පමණක්ද...? වල්ලාගේ අනුමැතිය පහත ලියන කරුණු සඳහා හිමි වන්නේ නොවේද. මේ මා හට තේරෙන සරළ සත්‍යයයි.

    කුඩු බිස්නස්, වඳ බෙහෙත් හොරෙන් ගෙන ඒම සහ සිහළුන්ට ඒවා හොරෙන් ශරීර ගත කරවීම, ගබ්සා වීම සඳහා බෙහෙත් හොරෙන් ගෙන්වීම,
    මහා පරිමාණයේ වැට් වංචා (එහි වූ සියලුම වංචනිකයින් තම්බින් වූ අතර උන් රටින් පැන ගත්හ. එක සිංහල නිලධාරියෙකු ඒ සඳහා වැරදිකරුවකු වුයේ ඔහුවද ඇන්දීම නිසා වියහැක),
    කසළ තේ ඩයි දමා විකිණීම,
    පරණ කොත්තමල්ලි අළුත්කර විකිණීම,
    සුදුරු වලට ගැහැනුන් වඳ කරවන වෙනත් පැලෑටියක ඇට මිශ්රෙ කොට විකිණීම (සත්තකුප්ප ලෙස මතකයේ ඇත, නිවැරදි නොවන්නට ඉඩ ඇත),
    මුස්ලීම් පාතාලය,
    කප්පම් ගැනීම,
    කල් ඉකුත් වූ බෙහෙත් හොර ක්රුම මගින් විකිණීම, තව සිදුවන අප නොදන්නා දෑ බොහෝ තිබිය හැකිය. මේ සියල්ලටම අල්ලා කැමතිය. අල්ලාට ඒවා කැපය.

    මේ සියල්ල උන්ට කැපනම් අහවල් එකකට වෙනම බැංකු ක්රිමයක් පමණක් අවශ්යැ වේද.

    වරක් වාහනයක් විකිණීමට දමා තිබු දැන්වීමක් අනුව එහි ගොස් බැලු විට එම රථය මුසල්මානුවකුගේ බව දැනගැනීමට හැකි විය. ගිය මෝඩකම අනුව ඔහු හා සුහද කතාබහකින් අනතුරුව වාහනය ධාවනය කිරීමෙන් අනතුරුව එහි මිළ ගණන් විමසීය. වාහනයේ ලීසිං එකක් ඇති බව ඔහු කිවේය. එහි විස්තර ඇසු පසු ඔහු අපුරු කතාවක් කිවේය. එය ප්‍රසිද්ධ මුස්ලිම් සම්භවයක් ඇති ලීසිං ආයතනයක් හරහා දැමු ලීසිමක් බවත් ඒ සඳහා ඔහු කිසිඳු පොලියක් නොගෙවන බවත්ය. එය පල්ලිය හරහා ලබාගත් ලීසිමක් බවත් ඔහු පැවසීය.

    එම ආයතනයෙන් සිංහල, දෙමළ මිනිසුන්ද ලීසිං ලබා ගනී, සහ එයට අදාළව පොලිය ගෙවිය යුතු වේ. නමුත් ඔහු ලබාගත් සම්පුර්ණ මුදල ඔහු හට අදාළ මාස ගණනෙන් බෙදා වාරික වශයෙන් ගෙවාගෙන යාමට ඉඩ ලබාදී ඇති බවත්ය.

    එම වාහනය ලීසිම සමග ඇටෝනි බලපතක් හරහා මිළදී ගැනීමට මා කැමැත්ත පලකළේ ඔහුගේ අදහස දැනගැනීමටය. එම වාහනය මා මිළදී ගන්නේනම් එම ලීසිම එකවර අහවර කලයුතු බවත් ඔහු කිවේය. එයට හේතුව මාගේ ජාතියයි, මාගේ ආගමයි. පල්ලියේ මැදිහත් වීමෙන් ලබාගත් ලීසිමක් නිසා එය මා හට පැවරිය නොහැකි බව ඔහු කීවේය. එයද අල්ලාගේ කැමැත්තය.

    උන්ට ඕනෑ අපේ රටේ බැංකු පද්ධතිය මෙන්න මෙවැනි තත්ත්වයකට පත්කර ගැනීමටය. සිංහල දෙමළ අප ගෙවන පොළී මගින් ආදායම් ලබන බැංකු වල ආදායම මෙවැනි ක්‍රම හරහා උන්ට ලබා ගැනීමයි. ලේ බොන කූඩැල්ලන් සේ අපගේ සාරය උරා බීම තම්බියාගේ ක්‍රමයයි.

    මුලින්ම උන් අපේ බැංකු හලාල් කරනු ඇත. මුල් අවධියේ පෙනුම චානුක කියන ආකාරයේ අහිංසක සහ අහිතකර බවක් නොපෙන්වනු ඇත. ඉන්පසුව හොරෙන් කෙරෙන වෙනස්කම් වියහැකි පොලී රහිත ණය, ලීසිං වැනි දෑ එයට සෙමින් සෙමින් එක්වන විට අපි ඒ ගැන නොදැන ඇස්කන් පියාගෙන සිටිනු ඇත. ඒ හලාල් බැංකු ක්‍රමය ඒ වනවිට අපට අමුත්තක් නොවන නිසාය.

    චානුක කියන සේ මහ බැංකුවට මොලේ කල්පනා කර පාඩු නොවන සේ තම්බින් සමග ලාභ බෙදා ගැනීමේ ක්‍රමයක් සකසා ගත හැකිද යන්න මා හටනම් ගැටළුවකි. සකසා ගැනීමට දෙයක් ඉතුරු වී ඇතිද යන්න අනිත් ගැටළුවයි.

    මේ කියන සිද්ධිය මා අත්දැක්කේ 2012 දීය. පොළියක් නොලැබෙන ගණුදෙනුවක් වෙනුවෙන් යම් මුල්‍ය ආයතනයක් රජයට බදු ආදායමක් නොගෙවන බව ඕනෑම පොඩි එකෙකුට තේරෙනවා ඇත. සමහර විට එවැනි ලීසිං ගණුදෙනු වාර්ථා මහබැංකුව වෙත නොලැබෙන සේ රහසිගතව කෙරෙනවාද වියහැක.
    තවදුරටත් කරුණු සොයාබලා චම්පික හා එක්වන තීරණය ගැනීම වඩාසුදුසු බව මගේ අදහසය.

    ReplyDelete
  7. ඉස්ලාමික් බෑන්කින් සිස්ටම් එක ඇතුලේ ඔය සමහරු මවා පෙන්නන්නට හදන විදියේ මහා ව්‍යසනයක් නැත. සාමාන්‍ය ක්‍රමයට වඩා වෙනස් වෙන්නේ ඉතාම සුලු වශයෙනි. බොහෝවිට වෙන්නෙ එකම කන්සෙප්ට් එක නම වෙනස් කර එකම විදියට සිදු කිරීමයි.

    හැබැයි ටැක්ස් ට්‍රීට්මන්ට් නම් කාටත් එකම හැන්දෙන් බෙදිය යුතුය. එය අවිවාදිතය.

    සෙපරේට් වින්ඩෝ කතාවද අවුලකි. නමුත් ඔවුන්ට මූලික බැංකු ගණුදෙනු කමර්ශල් බැංකුව හරහා ඉටු කර ගැනීමට අවස්ථාව ලබා දීමේ කිසිදු ගැටලුවක් නැත. හැබැයි විශාෂ වඩා හිඳුවීම් අවැසි නැත. කමර්ෂල් බැංකුව හරහා සම්පත් බැංකුවේ ගනුදෙනු කරුවෙක්ට සේවය සපයන්නේ යම් සේ ද, ඉස්ලාමික් බැංකු ගනුදෙනු කරුවෙක්ට දැක්විය යුත්තේද ඊට සමාන සැලකිල්ලකි. අහක යන නයි රෙද්ද පල්ලේ දමාගෙන කනවෝ කියන්න වෙන්නේ ඉහත කාරණා දෙක හරියාකාරව ඉටු නොවුනෝතින් ය.

    ReplyDelete
    Replies
    1. එහෙමම කියන්නත ටිකක් අමාරුයි බස්සි. දැන් ISIS කාරයන්ට හෙම ගොඩක් සල්ලි ලැබුනේ ඉස්ලාමික බැංකු හරහා. බටහිර හැමතැනම ඉස්ලාමික බැංකු තියෙනව. දැන් ඒක හිසරදයක් වෙලා. මෙහෙ තිබු පකිස්ථාන ඉස්ලාමික බැංකුව ලොකු වංචාවක් කරලා අහුවුණා. ඒක එහෙම කරන්න පුළුවන්නේ මහා බැංකුව ඉස්ලාමික කට්ටිය තරහ කර නොගන්නට වැඩි පාලනයක් ගෙන ගියේ නැති නිසා. මේ ලිපිය මැදහත් භාවයෙන් ලිය තිබෙන එක අගය කල යුතුයි. මම සෑම ආකාරයකම ජාතිවාදයට විරුද්ධයි. ආගම්වාදයටත් විරුද්ධයි. හැබැයි මෙතන ආගමකට ඉඩ දෙනවට වඩා වැඩි යමක් තිබෙනව. සමාජවාදී ක්‍රමයක නම් කොහොමටත් ආගමික බැංකු ක්‍රමයකට ඉඩක් නැහැ.

      Delete
  8. මට නම් ඔය එක දේශපාලකයෙක්වත් පෙන්නන්නට බැහැ. ඒත් එක දෙයක් නම් හොඳටම පැහැදිලියි.

    "අපේ චානුක මාමට නම් චම්පිකයත් එක්ක මොකක් හරි ලොකූ ඇරියස් එකක් තියෙනවා." :P

    ReplyDelete
  9. බැංකු හලාල් කිරීම මගින් බැංකු වලට අමතර තම්බි හැත්තක් බඳවා ගැනීමට සිදුවේ. උන් වෙනුවෙන් සහ උන් වෙනුවෙන් යෙදවිය යුතු පහසුකම් වෙනුවෙන් අමතර මුදලක් බැංකුව මගින් දැරිය යුතු වේ.
    එම මුදල වක්‍රාකාරව බැංකුව මගින් අපගෙන් අයකරගනු ඇත.

    එය හරියට උන්ගේ අම්මාගේ කුරානයේ ඇති පරිදි බහුතරය වන බෞද්ධ, කතෝලික සහ හින්දු ජනතාව වන අපි සුළුතරයක් වන ගෙරි හම්බයින්ට ජීසා බදු ගෙවීමක් වැන්න.

    අල්ලා කියා සිටියේ අනිත් පැත්තය. උන් අවට සිටි සුළුතරයක් වූ අන්‍යාගමිකයින්ව ත්‍රස්ත කර ජීසා බදු අය කරගන්නා ලෙසය. එසේ බදු නොගෙව්වොත් උන්ට උන්ගේ ආගම ඇදහීමේ නිදහසක් නැත.
    බදු නොගෙවා උන්ගේ ආගම අදහන්නේනම් පිරිමින් මරා දමා ගැහැණුන් පැහැරගන්නා සැටි සහ ඒ ගැහැණුන් පැහැරගත් පසු කලයුතු දෑ පවා වල්ලාගේ බල්ලා කියාදී ඇත.
    එසේ කලපසු ඒ ගෑණුන්ට ළමයි ලැබුනොත් කලයුතු දේද එහි ලියා ඇත.
    ඔන්න බලනවානම් පොත...

    අපි දැනදැනම බෙල්ලේ වැල දා ගන්නා අවාසනාවන්ත ජාතියකි.

    හොඳින් හෝ නරකින් උන්ගේ ජඩවැඩ වලට විරුද්ධ වන ඥානසාර හිමිට, බොදුබල සේනාවට කුණු කතා කියමින් බනිමින් සිටින අපේ බුද්ධිමත් ජනතාවට රෙද්දේ රෙවෙනකල් එය තේරෙන්නේ නැත.

    හොඳ හෝ නරක වේවා එවැනි දේට විරුද්ධ වන වෙනත් එකෙක් නැති නිසාත් පොදු සතුරා හඳුනාගෙන ඇති නිසාත් බොදු බල සේනාව සහ ඥානසාර හිමිගේ ක්‍රියා කලාපය මම හොඳක් සේ දකිමි, එය අනුමත කරමි.
    නමුත් ඔවුන්ගේ ක්‍රමයේ ඇති අඩුපාඩු තොගය වහා නිවැරදි කරගත යුතුය.

    ReplyDelete
    Replies
    1. රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකය කරන්න ගිහින් රෙදි ගලවගත්ත බලුසේනාවට කඩේ ගිහින් කිචපච නොවී කියන්න තියෙන දෙයක් කිව්වනම් නේද හොද?

      Delete
    2. එය ඔබ දැකඇති සහ දකින කෝණයයි. එනිසා එය ඔබට ගෝචර නොවනු ඇත.
      නමුත් මා දකින කෝණය ඔබ දකින කෝණයම නොවේ, මා දකින කෝණයට අනුව පමණකි මා අදහස් දැක්වුයේ.
      ඔබ දැක ඇති කෝණය මා හට අදාළ නොවේ.....
      මා කතා කලේ ඉහත පෝස්ටුවට අදාළව ඇති සීමාවේ ඇති දෑය....

      චම්පික හෝ "බො.බ.සේ.", "ම.රා."ට කඩේ යාම හෝ නොයාම මෙතනදී මා හට අදාළ නොවේ. අදාළ වන දෑ වෙනත් තැනකදී තිබෙන්නටද පුළුවන.

      Delete
  10. මාතෘකාවට සම්බන්ධතාවයක් තියෙන නිසා මම හිතන්නෙ මේ බ්ලොග වැඩිය කට්ටිය කියවලා නෑ. නැතිනම් උවමනාවෙනම කියවන්නෙ නෑ

    http://chandimagomes.blogspot.com/

    ReplyDelete
  11. මෙහෙමයි චානුක...............

    මොකක් වුණත් සලකා බැලිය යුතු දෙයක් තියෙනවා කියන එක නම් පැහැදිලියි.. නමුත් ඒකේ ප්‍රමාණය තමයි අපිට තියෙන ප්‍රශ්ණය.... මොකද මේක බැංකුකරණයෙන් එහාට ගිහින් බැලුවාම ලොකු ගැටළුවක් ඇති කරලා තියෙන බව පේනවානේ....

    ReplyDelete
  12. "I am paying for that mistake now; and not me alone, but thousands of other persons like me"
    මම ඒ අත්වැරැද්දට වන්දිගෙවමින් සිටිමි. නමුත් මා පමණක් නොව, මා වැනි තවත් දහසක් මිනිසුන් සමගය.
    -Martin Niemoller-

    ReplyDelete
  13. මා දන්නා බැංකු ශාස්ත්‍රයක් නැත. එහෙත්, සාමාන්‍ය වාණිජ බැංකු සිය ගණුදෙනුකරුවන් වැඩි කර ගැනීම සඳහා හෝ ආදායම වැඩි කර ගැනීම සඳහා හෝ මුස්ලිම් කවුන්ටර් විවෘත කරනවානම්, මුස්ලිම් ගිණුම් පවත්වාගෙන යනවානම්, ඒ මගින් සාමාන්‍ය ගණුදෙනුකරුවන්ට අවාසියක් නොවන පරිදි එය සිදුකළ යුතු වේ. මේ කටයුත්ත පාලනය කිරීමේ වගකීම බැංකුවේ කළමනාකරණය සතුය. එහෙත්, බැංකුව සාධාරණ ලෙස ගණුදෙනු පවත්වාගෙන යාම පිළිබඳව සාමාන්‍ය ගණුදෙනුකරුවන් තුළ සැකයක් මතු වුවහොත් එම බැංකුව සක්විති බැංකුවක් ලෙස සළකා ගණුදෙනුකරුවන් ඉන් ඉවත් නොවනු ඇත්ද? (ඉගැන්වීමටම උපන් සක්විති රණසිංහගේ පාඩම මෙරට ගණුදෙනුකරුවන් සියළු දෙනා හොඳින් ඉගෙනගන්නට ඇතැයි සිතමි.)

    මුස්ලිම් කවුන්ටරය හරහා කෙරෙන කටයුතු වලදී බැංකුව පාඩු ලැබුවහොත් සහ ඒ පාඩුව වෙනත් ගණුදෙනුකරුවන්ගෙන් පියවාගැනීමට කටයුතු කළහොත් ඇති වන්නේ බරපතළ ප්‍රශ්නයකි. ඒ නිසා, එවැනි බැංකු වලින් ඈත් වීම ප්‍රඥාගෝචර වනු ඇත.

    ReplyDelete
  14. ඉස්ලාම් බැංකු එන්ට කලින් මුස්ලිම් මිනිස්සු බැංකු ගණුදෙනු කරේ නැද්ද?

    මමත් කාලයක් බැකුවක වැඩකරා..ඔය මුස්ලිම් ගණුදෙනු කාරයෝ කිසි ප්‍රශ්ණයක් නැතුව ලෝන් ගන්නවා ගෙවනවා...fixed deposit දානවා.. ඇයි තව පොලියට සල්ලි දෙන උනුත් ඉන්නෙ?

    ReplyDelete
    Replies
    1. //ඉස්ලාම් බැංකු එන්ට කලින් මුස්ලිම් මිනිස්සු බැංකු ගණුදෙනු කරේ නැද්ද? // පැහැදිලිවම.
      මෙය බැංකු වලට පමණක් නොව අනෙක් සියලුම කටයුතු වලට අදාලයි. ඇයි දැන් මේ අමුතු මොස්තරයක්, විශේෂයෙන් යුද්ධය අවසන් වූ පසු? එය තමා ගැටලුව.

      Delete
    2. ඔය පැහැදිලි ඇත්ත තමා අපේ ගොඩක් අවිහිංසාවාදී සිංහලයන්ට තේරුම් ගන්න බැරි.

      Delete
  15. ඉස්ලාමීය බැංකු ලංකාවට ඔච්චර අපුල වන්නත් වෙනත් තායිලන්තය, සිංගප්පූරුව වැනි මුස්ලිම් බහුතරයක් නැති රටවලට අවුලක් නැතිවෙන්නත් හේතුව මොකක්ද?

    මෙතැන කථාකරන්න ඔනෙ මේකෙන් අනිත් ගනුදෙනුකාරයින්ට අවාසියක් වෙනවද නැත්ද යන්න ගැන විතරයි...
    අවාසියක් නොවේනම්, බැංකුව අරාබි නෙමේ මොන වචන ලැයිස්තුවක් දාගෙන බැංකු කටයුතු කලත් අපිට මොකද?

    අනිත් අතට ඔනැ මැට්ටෙකුට තේරුම් යන ඔනෙ චම්පිකට මේ "ඉස්ලාම් බැංකු" ගැන හැදිල තියෙන පුකේ අමාරුව අර සිංහලබෞද්ධ ජාතිවාදයෙ ගෝල් ගහන්න ඔනෑවට හදාගත්ත එකක් මිස ගනුදෙනුකාරයො ගැන ඇතිවෙච්ච 'කන්සර්න් එකක්' නොවන බව...

    ReplyDelete
    Replies
    1. ////////ඉස්ලාමීය බැංකු ලංකාවට ඔච්චර අපුල වන්නත් වෙනත් තායිලන්තය, සිංගප්පූරුව වැනි මුස්ලිම් බහුතරයක් නැති රටවලට අවුලක් නැතිවෙන්නත් හේතුව මොකක්ද?//////////

      හේතුව තමයි ආර්ථිකය පමනක් නොදන්නා සියල්ල දත් බ්ලොග් කරුවන් සිටීම. දන්න එකෙක් කියන දේ අහගෙන, ඒ තුලින් යමක් ඉගෙනගන්නවා හැර, සියල්ල දන්නා පුකේ දතුයි, කටේ දතුයි දෙක එකට තියා ගලවන ජාතියේ පරපුරක් බිහිවීම. වටහාගන්න ඕන දේ වෙනුවට වෙනත් දේ කියන්න යෑමේ ප්‍රථිපල . බැංකු ක්‍රමයේ අනිසි නිසි බව කියන්න වඩාත් සුදුසු ඒ ගැන දන්න උදවිය. මම දන්නේ වෙනත් දෙයක්. චම්පකලාත් එකයි, ඔය කවුරුත් එකයි. ඔය ක්‍රමය පවත්වාගෙන යෑමට උපදෙස් දෙන්නේ රටේ මහ එකා යටතේ පවතින සෙන්ට්‍රල් බෑන්ක් එකයි. විහිළු. මේක බැන්කු ප්‍රැශ්නයක් නෙමේ..තම්බි සහ සිවුරු ප්‍රශ්නයක්. මම එහෙම කියන්නේ මේ යන සාකච්ඡාව දිහා බලලා.

      Delete
  16. මේක piggyback ride එකක්. හරියට මිහින් ලංකා ශ්‍රී ලන්කන්ගේ කරේ එල්ලිලා යන piggyback ride එක වගේම. වාසි ලබන්නේ එක පිරිසක්. වන්දි ගෙවන්නේ තව පිරිසක්.

    ReplyDelete
  17. මමත් දශකයක් තිස්සෙ ඉන්නෙ අරාබියෙ. මගේ ගිණුම් තියෙන්නෙ HSBC සහ ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැන්කු දෙකේ. ඒ දෙකම ණය වලට පොළිය කපා ගන්න බැංකු. ඒත් ඉස්ලමික් බැන්කු කවුළු දාල නැතිවෙන බිස්නස් ජුංඩ අල්ලගන්න කෙල හලන්නෙ නෑ උන්. නමුත් එහෙමෙයි කියල අරාබි ඒකට නෑවිත් ඉන්නෙ නෑ. මගේ කලින් ආයතනෙ බොසා දවසට 5 පාරක් වඳින අරාබි මුස්ලිම් කෙනෙක් උනත් එකවුන්ට්ස් තිබ්බෙ ස්ටෑන්ඩඩ් චාර්ටඩ් බෑන්ක් එකේ!

    මොන ෂරිය තිබ්බත් බැන්කුව දුවන්නෙ නැත්තන් හරියට කොයි තම්බියත් ඒකෙ මුදල් දාන්නෙ නෑ. ඒකයි ඇත්ත. හැඹයි බැන්කුවට කැමටහි නම් මුස්ලිම් හරි දෙමළ හරි කවුළු වෙනම දා ගන්න, ඒක උන්ගෙ අයිතිය. අපි කල යුත්තෙ ඒකෙන් අයින් වෙලා වෙන බැන්කුවකට යන එකයි අකමැතිනම්.

    ReplyDelete
  18. ප්‍රතිචාර දැක්වීමේදී පැහැදිළි කොටස් හතරක් හඳුනා ගනිමි.

    1. තම තම නැණ පමණින්, ඉස්ලාමීය බැංකු ක්‍රමය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන ආකාරය ගැන කරුණු දක්වා ඇති Visitor V, Aru, ලොකු පුතා, බස්සි (Yash), Ajith Dharma, හෙනහුරා, Max, Dude හා ඉන්දික උපශාන්ත. - මේ සියල්ලන්ටම ස්තූතියි. ඔබ සියළු දෙනාගෙන් යමක් උගත්තෙමි. මොවුන් මගේ ප්‍රතිචාර බලාපොරොත්තු වන්නේය නොසිතමි.

    2. මගේ පෝස්ට් එක වත් හරිහැටි නොකියවා තමන්ගේ ඔළුවේ ඇති දේවල් අනුව මාව කුරුසියේ ඇණ ගැසීමට යෝජනා කර ඇති පිරිස. - මොවුන්ට කියන්ට ඇත්තේ ලිපිය නැවත කියවන්න කියා පමණෙකි. මා ඉස්ලාමීය බැංකු ක්‍රමයට පක්ෂව කතා කොට නැත්තෙමි. කොටින්ම මා කියා ඇත්තේ මට (එනම් මේ රටේ පොදු පුරවැසියාට) හානියක්, කරදරයක් නොවන පරිදි ඉස්ලාමීය බැංකු ක්‍රමය බැරිනම් මොන මඟුලක් හරි කර ගත්තාට කමක් නැහැය කියාය. ලෝකයේ අනෙක් සියළු රටවල් එක අතකට යද්දී අප ඊට එරෙහිව උඩු ගං බලා පිහිනීම එතරම් සාර්ථක දෙයක් නොවේ. හැබැයි, එය අපට කරදරයක් වන්නේ නම් ඊට විරුද්ධව අමාත්‍ය චම්පික රණවක හා (කොයි තරම් අකැමැත්තෙන් වුව) එක් වන්ට අපට සිදුවේ.

    3. මේ මාතෘකාව ගැන ඍජුව ප්‍රතිචාර දක්වා නැති dilan akalanka, Kenji @ මැලේ, ඉවාන් පවුලූශා, Kishan Athauda වැනි කිහිප දෙනෙක්. - මේ අයද මගේ ප්‍රතිචාරය බලාපොරොත්තු වේය නොසිතමි.

    4. අවසාන වශයෙන් මාතලන් - ඔහු අදහස් දක්වන්නේ අත්දැකීම් ආශ්‍රයෙන් නිසා අනිවාර්යයෙන්ම මාතලන් කියන දේ සීරියස් ගන්ට මට සිදුවේ. මගේ හා මාතලන්ගේ අතර අදහස් අතර ලොකු වෙනසක් නැත. මෙය ‘බොරුවක්’ බව මම දනිමි. එසේම පඹ ගාලක් බවද මම දනිමි. පළමුවැන්න මට අනදාළය. මාතලන් හා අදහස් අතින් වෙනසක් තියේ නම් ඒ දෙවැන්න ගැන පමණකි. මාතලන් එය අතහැර දමන්න කියා කෙළින්ම කියන විට මම ඊට ටිකක් නම්‍යශීලී වී යම් යම් කොන්දේසි ඉටු වන්නේ නම් එය පවත්වා ගත්තාට කමක් නැහැ කියමි. හැබැයි ඒවා ඉටු නොවන බව පෙනේ නම් මටද මාතලන් හා එකඟ වන්ට සිදුවනු ඇත. (මගේ මිතුරෙක් මාතලන්ට මීට වඩා විස්තරාත්මක ප්‍රතිචාරයක් ලියමින් සිටියි. එය නුදුරු අනාගතයේ කියවන්ට හැකි වේය සිතමි.)

    මේ කතිකාව දිගට ගෙන යමු. මා හිතන්නේ එය අප සියළු දෙනාට එකඟ විය හැකි දෙයකි.

    ReplyDelete
    Replies
    1. ඔබලා මේ කරන්නේ citizen journalism එක හෙවත් පුරවැසි මාධ්‍ය කලාව ඉතා හොඳින් ග්‍රහණය කරගෙන කටයුතු කිරීමත් හරවත් සංවාදයක් ඇති කිරීමත්ය. මම මේ අදහස්වල කොයි පැත්තේ හිටියත් මෙයට අත් දෙකම ඔසවා එකඟත්වය පල කරමි. ලංකානිව්ස්වෙබ් අඩවියත් පුරවැසි මාධ්‍ය කලාවට අත හිත දෙන එකකි. මේ විධිහට සංවාදයකින් හරවත් යමක් සිදුවීමට බොහෝ ඉඩකඩ තිබේ.

      Delete
  19. මේ සියල්ල අස්සේ මට තියෙන ගැටළුව දැනටමත් ආගම් වල සළුපටධාරීන් එයට පිං සිදු වන්නට විදින සුඛෝපභෝගී ජීවිත,වරප්‍රසාද ආදිය දුටු විට බැංකුවත් උංගෙ ඔඩොක්කුවටම වැටෙයිද කියාය.ආගම ඇණයක් වී ඇති වටපිටාවක අනිත් එව්වොත් තමන්ගෙ මඩිය පුරවගන්න බැංකු පාලනය කරන්න ඉල්ලුවොත් රටටම කෙළ වන්නේය.ඒ නිසා ජාතීන් වෙනම සැළකිලිල්ට ගෙන,බැංකු සැළකිලි නෙමෙයි වැසිකිළියක පෝලිමක්වත් සකස් නොවිය යුතුය

    ReplyDelete
  20. මෙතන සඳහන් වෙලා නැති දෙයක් ගැන අහන්න හිතුණා... මම දැන් ඉන්නෙත් අරාබි රටක.. මෙහේ සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් නීතියක් ගෙනාවා සියලුම බැංකු වල ඉස්ලාම් බැංකු කටයුතු නවත්තන්න... ඉන්පස්සේ වෙනම ඉස්ලාම් බැංකු තුනක් හෝ හතරක් පමණක් ක්‍රියාත්මක වෙන්න ඉඩදුන්නා... මම දන්න විදියට දැනටත් මෙහේ සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් ඉස්ලාම් බැංකු encourage කරන්නේ නෑ... ඒකට හේතුව විදියට මම හිතාගෙන හිටියේ ලෝකය පුරා සිදුවෙන financial crisis එකට මුහුණ දීමට කරන ආරක්ෂක උපක්‍රමයක් විදියට ඒක කල බවයි.. ඒවගේ crisis එකක් ආවොත් සෙන්ට්‍රල් බෑන්ක් එකේ පාලනයක් තොරව ඉස්ලාම් බැංකු ක්‍රමය තුල කඩවැටීමේ අවදානම වැඩි බවක් ඒ ගැන ප්‍රවෘත්ති කියවද්දී මට වැටහුනේ... මම බැංකු ක්ශේත්‍රයේ නොවන හින්දා මේ ගැන දන්නේ නෑ... ඒ කතාව ඇත්තනම් ඉස්ලාම් රටවලත් පාලනය කරන්න උත්සාහාකරන බැංකු ක්‍රමයක් ලංකාවට ගේන්නේ මෙවැනි අවදානමක් ගැනත් අවබෝධයක් ඇතුවද...?

    ReplyDelete
  21. මට පමේ ගැන දැනගන්න කරුනු කීපයක් තියෙනවා
    මුදල් තැම්පත් කරන කෙනාට පොලිය වෙනුවට ව්‍යාපාර හවුල් කරුවෙක් හැටියට සලකලා ලාභය බෙදනවා කිව්වානෙ
    එතකොට මුදල් ගන්න අයගෙන් පොලිය වෙනුවට මුදලක් අයකරන්නේ කොහොමද
    ලංකාවේ බාල වයස් කරුවන්ට බලපාන නීති බාල වයස් කාරයන්ගේ ගිනුම්වලට බලපානවද
    මම දන්න හැටියට ඉස්ලාම් නීතියට අනුව ගැහැනු කෙනෙක් ගිවිසුමක් ගහනවනම් ඇගේ භාරකරුගේ අවසරය අවශ්‍යයි මෙතනදී ඒක සලකනවාද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න