.

.

Dec 19, 2014

වයි පයි බයිලා - Free Wi Fi

 
නොමිළේ... වයි පයි..
මල්ලි, සිරා මාමා දෙයි..
බුකියෙ චැට් දැන් වැඩි වෙයි...
නංගි දොයියා බෑ කියයි...

මේවා... වයි පයි බයිලා..
මල්ලි ඇහිඳ ගනිල්ලා...
අපෙ සිරා... ඇවිල්ලා..
දෙනවලු නොමිළේ බෙදලා..

මේවා වයි පයි බයිලා..


නොමිළේ... වයි පයි..
සැක්ස් හොයනවා වැඩි වෙයි..
ඒ කප් එකත් එකත් අපෙයි..
දොයිය බබා...ලා නැගිටියි..

මේවා වයි පයි බයිලා..


පොඩි බබා හොඳට දොයි..
මමී බුකිය බදන් දොයි..
පපා ගොසිප් ගොඩෙ දොයි...
කොල්ලෝ පෝන්ම බලතෙයි..

මේවා වයි පයි බයිලා..

මට නම් පිච්චු දැං හැදෙයි..
පෝස්ට් එක පිට එක එයි..
රෑට නිලකුත්  බල තෙයි..
මගේ තඩි බඩ අඩුවෙයි..

මේවා වයි පයි බයිලා..

නෙට් බලන්න තඩි ගානක්, වෙයි කුඩේ කුඩු..
බයිට් වලට සල්ලි ගොඩයි, නෑ නේ කිසි නඩු..
බඩේ බත් නැතත් අයියා..., නෑ කිසි පාඩූ...
අපේ බඩු වගේද නෝ..ටි ඇමරිකන් බඩු..

මේවා වයි පයි බයිලා..

මහින්ද ලොක්කෝ ඔහේ මොකෑ කියන්නේ..
වයි පයි ෆ්‍රී දෙන්නට තව කාළේ තියෙන්නේ..
වෝට් එකට පෙර වයි පයි නැති වුනොත් අනේ..
කතා දෙකක් නෑ සිරාට මනාපේ දෙන්නේ..

මේවා වයි පයි බයිලා..  

-x-

මෛත්‍රිපාල මහතාගේ ප්‍රතිපත්ති ප්‍රොකාසයේ, 62 වන පිටුවේ අන්තිම තිත.

"නොමිළේ අන්තර්ජාලය ලබාදීම සඳහා සෑම නඟරයකම ප්‍රසිද්ධ ස්ථානවල වයිෆයි කළාප ඇති කරමි."

84 comments:

  1. මහින්දට රෙදි නැතුව කඩේයාම සදහා , මහාචාර්ය කියාගත් නුගත් තාෂණය නොදන්නා බයියෙක් ලියපු වැල්වටරමක්

    ReplyDelete
    Replies
    1. සරළ වින්දනය නොදන්නා, මී හරකෙකුගේ කොමෙන්ටුවක්...

      Delete
    2. මාතලන්ගෙ අලුත් ප්‍රේක්ෂකයෙක් වගේ. මහාචාර්ය පට්ටම දුන්නෙ තාෂණය විෂයට නෙවෙයි Unknown, වෙනත් විෂයකට.

      Delete
    3. අනික මේවගේ තැනක කොමෙන්ට් කරද්දී පරණ පොස්ට් බලපන්, නැත්නම් අපි වගේ නොතේරුන තැන්වල කොමෙන්ට් නොකර හිටපං....මේ අපි වගේ

      Delete
    4. අම්මට සිරි... උම්බෑ කියන්න කලින්ම මාතලන් ලොක්ක මී හරකව ඇඳින ගත්ත.... මී හරක් කුයිලෙන් වෙන්න ඇති...

      Delete
    5. මෛත්‍රිපාල මහතාගේ ප්‍රතිපත්ති ප්‍රොකාසයේ 62 වන පිටුවේ අන්තිම තිත.

      "නොමිළේ අන්තර්ජාලය ලබාදීම සඳහා සෑම නඟරයකම ප්‍රසිද්ධ ස්ථානවල වයිෆයි කළාප ඇති කරමි."

      Delete
  2. මාතලන් ඉස්සර මරාට උගුරට හොරා බේත් කන්නා වගේ කරපු කඩේ යෑම් දැන් කෙලින්ම කරනව..
    ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවල බලන්න.. ඒකෙ තියෙන්නේ free wifi hot spots ඇති කරනව කියල මිස හැම ගෙදරක්ම වයිෆයි සෝන් එකක් කරනව කියල නෙමේ..
    free wifi hotspots ලෝකෙ ඔනෑම දියුනු රටක තියෙනව..

    ReplyDelete
    Replies
    1. දියුණු රටවල නෙමෙයි මෙහෙත් තියෙනවා...

      Delete
    2. මෛත්‍රිපාල මහතාගේ ප්‍රතිපත්ති ප්‍රොකාසයේ 62 වන පිටුවේ අන්තිම තිත.

      "නොමිළේ අන්තර්ජාලය ලබාදීම සඳහා සෑම නඟරයකම ප්‍රසිද්ධ ස්ථානවල වයිෆයි කළාප ඇති කරමි."

      Delete
  3. නිවන් දකිත්වා අපගේ ජන නායක කැල...

    ReplyDelete
  4. මටනම් පෙනුනේ පොරක් ගහක් හොලවතෙයි
    සතියෙන් සතියේ එක එක ගෙඩිද බිම වැටෙයි
    හොලවන අය කවුරු උණත් අපට කම් නැතෙයි
    අපට තියෙන්නේ ඒ ගෙඩි අහුලාගන්නයි

    ReplyDelete
    Replies
    1. මොකා උනාම මොකෝ මෙයා.. අපිටත් වාසියක් තියෙනවා නම්..

      Delete
  5. තරහකට නෙමෙයි අයියන්ඩි..මගේ ඔලුවේ බ්‍රා වල ප්‍රශ්න ටික හොදටම ඇති..දේශපානය ඔලුවට දාගත්තෝත් මට බර වැඩි..ඒත් ඔයාගේ නිර්මාන හැකියාව අගය නොකර බෑ එකයි එල ද බ්‍රා කියලා කොටන්නේ

    ReplyDelete
  6. වයි ෆයි දෙන එක මචං එච්චර ගේමක් ඇති වැඩක් නෙවේ. ෆ්‍රී වයි පයි සෝන් බොහෝ තැන්වල දැන් තියෙද්දි..

    ReplyDelete
    Replies
    1. ඔව බං ඔය දැනටමත් ගොඩක් තැන් වල තියෙන්නේ. ඒවා නොදන්න මී හරක් දෙන්නෙක් තමයි උඩම කොමෙන්ට් කරලා තියෙන්නේ..

      Delete
  7. තලු මරන්න මිහිරි අකුරු හතරක් ලැබුනි.. (ව-යි-ෆ-යි)

    ReplyDelete
    Replies
    1. පෙති පාත්තී ප්‍රොකාසොනේ නම් පට්ට.. ඕන එකෙක්ගේ...

      Delete
    2. අනිකගෙ එකත් අදද හෙටද කොහෙද එනවලු නේද?

      Delete
  8. හුරේ වරේවා.. සිරා මාමට ජය වේවා.. තව තව ෆේස්බුක් ලැයික් වැඩිවේවා.. ෆේස්බුක් ලැයික් ඔක්කොම මනාප වේවා.. 'හොට්- සපෝට්' වයි පයි ගෙදරටම ලැබේවා.. අපේ රටත් නෝටි ඇමෙරිකාව වගේ වේවා..

    ReplyDelete
    Replies
    1. හොට් ඉස්පොට් එකක් තියෙන තැනකින් කාමරයක් හරි කුලියට ගන්නවා මම නම්..

      Delete
    2. මහියංගනේට ආවත් 47 හරියට නැතිවෙයි නේ බං? ඉස්සර ඔරලෝසු කණුව තිබුන, දැන් විදානගමගේ අපිට කොකා පෙන්නන ඉස්මාරකේ වටේට වගේ ටිකක් අල්ලල හිටී ෆයි වයි.

      Delete
  9. නොමිලේ වයි ෆයි දෙනවද ? එහෙනං බොන වතුර නැතිවුනත් මොකද .......

    ReplyDelete
    Replies
    1. වයි පයි තියෙනවා නම් වෙන මොකුත් නැති උනත් මොකෝ...

      Delete
    2. වයි ෆයි තියෙනවනේ. ඊ මාකට් එකකින් බොට්ල්ඩ් වෝටර් ඕඩර් කරගත්තම හරිනේ. දොරකඩ බායි.

      Delete
    3. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  10. ගොඩක් අය සිතන්නෙ ගෙදර ට ම ෆ්‍රී කියල......
    ඇට 8 වගේ දෙයක්......

    ReplyDelete
    Replies
    1. ඇමරිකන් බයිලා කියන්නේ මේවට තමයි...

      Delete
  11. ඒ කියන්න‍ේ ඉන්ටර්නෙට් ගාස්තුව නිදහස් උනාද? බයිලා නැතුව වැඩේ වුනානම් හොඳයි. නමුත් ගැටලුවක්, ගම්වලට ‍ෆ්‍රී නැතිවීම.........

    ReplyDelete
    Replies
    1. මුළු ලංකාවටම දෙනවා කියන්නේ...

      Delete
  12. ඕව මොනවද විලච්චියෙත් වයිපයි තියෙන එකේ.

    Mahavilachchiya – e-Village in the Jungle

    ReplyDelete
    Replies
    1. එච්චර දුර යන්න බෑ බං

      Delete
  13. දැනුත් පීසා හට් එකක් ලග ගෙවල් තියන උන්ට මේ සැප තියනව. ඒක හින්ද උන් ට්‍රැක්ටරයක් ගන්න ඡන්දෙ දෙයි.

    ReplyDelete
    Replies
    1. අපිටත් හෝටල් ගාවදි ඔය සැප තියෙනවා...

      Delete
  14. මේක කරන්ඩ පුළුවන් දෙයක් නෙවෙයි නේ? ෆී දෙනවා කියලා කොච්චර නම් දෙන්ඩ ද?
    එතකොට ISP ලාට මොකද වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. උන්ට රිගින් ටෝනුයි, රියැලටි ෂෝයි තියෙන්නේ මදි නොකියන්න...

      Delete
  15. ඕක ජෙප්පො උංගේ ප්‍රතිපත්ති ප්‍රකාසෙට දාපු එකක් නේද? මයිතියා ඒක උස්සලා.මොක උනත් ඉතිං අපිට නිකං දෙනව නං දෙමළ පත්තරේ උනත් ගන්නවා නෙව.

    ReplyDelete
    Replies
    1. ජෙප්පෝ තමයි මේක ඉස්සෙලම කිව්වේ... ඒක හරි...

      Delete
  16. Replies
    1. මම දෙන්නේ මෛත්‍රීට.. ඊට පස්සෙ මම දිගටම සටන් කරනවා.. වයි පයි ගන්න.. මොකෝ විධායකේ කන්නය...

      Delete
    2. “බිත්තියේ නව යුගයේ
      නව දෙව් රූ පෙනේ
      මිනිහෙකි වාහනේ"
      (රත්න ශ්‍රී)

      Delete
  17. My3 එතනෝල් වලට විරුද්දව පෝස්ටර් ගහලාය.... සින්හල බොග් අවකාසේ ඉන්නා My3 වාදී සත්යපාලලා එක්කෝ බොන්නේ නැතිය.. නැත්නම් අරක්කු හදන්නේ එතනෝල් වලින් කියා දන්නේ නැතිය....

    නැත්නම් රෙද්දක් ඇඳගෙන එතනෝල් තහනම් කරන්න චන්දේ දේවිද???

    ReplyDelete
    Replies
    1. කොහෙද බං තහනම් කරනවය කියලා තියෙන්නේ.. කියලා තියෙන්නේ හොරෙන් ගෙන්නන එක නවත්තනවය...

      Delete
    2. ඒකත් එහෙමද? හැබැයි නාවල මචං එකට ටිකක් එහායින් අලවලා ඇති පෝස්ටරයක තියෙන්නේ "කුඩු, එතනෝල්, කැසිනෝ එපා!" කියාය. හොරෙන් හෝ නීත්යානුකූලව ගෙන්වීම ගැන වචනයක් වත් නැත....

      ඒ එක්කම ඇති තව පෝස්ටරයක තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට පෙලට ගැහෙමු කියාය.

      පෙලට ගැහෙන උන්දැලාට දෙන්නට ඇති හොඳම දේ එතනෝල් ය.

      Delete
  18. කවුද යකෝ අපේ MY3 ට කෝචොක් දාන්නෙ......?

    ReplyDelete
    Replies
    1. කොචොක් නෙමෙයි බං මෛත්‍රී දෙනවා කියන ඔක්කෝම ලොක්කා ඊට කලින් දෙනවා.. දැන් අපි කැම්පේන් පැත්තකින් තියලා, ලොක්කගෙන් මේක ගන්න ට්‍රයි කරන්න ඕන.. එතකොට ඒ ගෞරවයත් මෛත්‍රීට...

      Delete
  19. නගර ආශ්‍රිතව නොමිලේ වයි ෆයි කලාප ඇති කිරීම කල නොහැක්කක් නොවේ. මේ වන විට ලොව පුරා නගර සියගණනක මෙම ක්‍රමය ක්‍රියාත්මක වේ. http://en.wikipedia.org/wiki/Municipal_wireless_network#Cities_with_municipal_wi-fi විශේෂයෙන් වෙළඳ දැන්වීම් පාවිච්චි කරමින් රජයට වියදමක් නොමැතිව මෙය ක්‍රියාත්මක කල හැකිය. කෙසේ වෙතත්, මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ වැදගත් කරුණු වලට යොමුවියයුතු අවධානය මෙවැනි සරල දේ සඳහා යොමුවීම කණගාටුවට කරුණකි.

    ReplyDelete
    Replies
    1. මොනවද බං ඒකේ තියෙන වැදගත් කරුණු.. එදා ඉඳන් අද වෙනකන් හැම එකාම දෙන පච සැට් එක මිසක්...

      Delete
  20. මාතලන් අඩෝ තෝ කොටියම කාපං දන්නවද තෝ මේක බුකියේ උඩ පැන පැන ෂෙයාර් කරන්නේ කවුද භීතියක් නැති එදිරිසිංහ සහෝදරයා කියල? තොගේ කාර් එකේ හුලං බැහැපන් අපේ සිරාට කෝචෝක් දානවට . මං මේ බලං ඉන්නේ රසික මල්ලිත් මේක ෂෙයාර් කරලා අපි කතා කරමු කියනකන්. වයි පයි මොනවා උනත් පහත දැක්වෙන්නේ ෆේස්බුක් පිටුවක අහම්බෙන් දුටු Thiwanka Jayasinghe නැමැත්තෙකු ගේ කොමෙන්ටුවකි "ගොන් සිරාගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනේ සේරම තියෙන්නෙ බදු ඉවත් කරන එක ගැන විතරයි.යකෝ බදු නැතුව කොහොමද ආණ්ඩුවක් ගෙනියන්නෙ.කොහෙවත් නිශ්පාදන ආර්ථිකයක් ගැන කියන්නෙත් නෑ.සිරාගෙ පස්ස හෝදන ඇම්බැට්ටයොන්ට මේවා කියල වැඩකුත් නෑ"
    මේ කතාව ඇත්ත නම් මා වැනි විසල් ආණ්ඩු වලට සහ බදු විරෝධී දේශපාලන ස්ථාවරයක සිටින පිරිසට මෛත්‍රීපාල සිරිසේනට සහයෝගය දීමට දැන් අලුතින් දේශපාලන එකඟතාවයක් ද සහිත හේතුවක් ඇත. හුදු මහේන්ද්‍ර රාජපක්ෂගේ ඒකාධිපති වියරුවට එරෙහි වීම උදෙසා සහ ඔහු බලයෙන් පහ කිරීමේ බලාපොරොත්තුවෙන් පමණක් මෙතෙක් කල් මෛත්‍රී ට සහයෝගය දැක්වුද මෙතෙක් කල් අපේ සටන් පාටය වූ බදු අඩු කිරීමට එකඟ වී ඇති මෛත්‍රී ට මෙතැන් සිට ප්‍රතිපත්තිමය කරුණක්ද සහිතව සහයෝගය දක්වමි.

    අනෙක් එක මහින්ද කියනවා නේ THEY WILL PRIVATIZE EVERYTHING` කියල ........මගේ හීනය සැබෑ වේගෙන එනව වගේ ...මහින්ද මහත්තය කියන මේ කතාව ඇත්ත නම් දන්න දන්න හැමෝගෙම චන්ද ටික මම කොහොම හරි මෛත්‍රී ට හරවනවා. http://www.lankanewspapers.com/news/2014/12/91340.html

    ReplyDelete
    Replies
    1. ඉතින් ඒකනේ බං රිලාසිරි කියලා තියෙන්නේ උගත් බුද්ධිමත් නාගරික ජනතාවගෙ ඡන්දේ එයාලට නැතෙයිය.. එයාලට තියෙන්නේ ග්‍රාමීය නූගත් ජනතාවගේ ඡන්දයයි කියලා...

      Delete
    2. හොරු තමා අම්බානෙට කලබල වෙලා තීන්නෙ කියල මාත් දැක්ක...හිකිස්!

      ඔය රිළාසිරිගෙ කතාව එදා ලෙමන්පෆ් උන්නැහෙත් කිව්ව දෙරණට ඇවිත්. මුන් දන්නව ඒක, ඒකයි භය!

      Delete
    3. ඉන්දිකයා ඇරියස් කවර් කරනවා....... :D

      Delete
  21. මාතා............................

    මේවට තමා කියන්නේ ගැලරිය චූන් කරනවා කියලා..............

    ReplyDelete
    Replies
    1. කව්ද මචෝ..... මමද... මෛත්‍රීද

      Delete
    2. @කුරුටු, යකෝ සම්භවිය චිත්‍රපටි දුවන්න තනයක් පුකක් නොපෙන්නව බෑ! මොලේ තීන උන් විතරක් ටාර්ගට් කරොත් කොළඹ නාගරික මන්ත්‍රීකමෙන් එහා යන්න වෙන්නෙ නෑ. පේනවනෙ බාහු?

      Delete
  22. මාතලන් අඩෝ තෝ කොටියම කාපං ......(2)

    ReplyDelete
    Replies
    1. මට නම් ප්‍රතිපත්ති ප්‍රකාසොනේ නැගලම ගියේ ඒ කෑල්ල.. පිස්සු හැදෙයි.. මැස්සෝ මැරෙයි කිව්වලු.....

      Delete
    2. //(2)//
      අධි වත්පොත් ඇබ්බැහිය!

      Delete
  23. ව-යි-ප-යි ! ඒකෙත් ආතල් එකක් තියෙනෙවා!

    ReplyDelete
    Replies
    1. වයි පයි කොහොමත් ආතල් නේ...

      Delete
  24. කන්න දුන්නෙ නැතත් අපිට කමක් නෑ
    බොන්න දුන්නොතින් ඒ හැටි දොසක් නෑ....
    කියන දෙයක් ඒ විදිහට කෝරාඥ්ඥං
    අනේ අපිට වයි වයි ෆ්‍රී දෙනවානම් .....

    ReplyDelete
    Replies
    1. කන්න බොන්න දෙනවනම් වයි පයි ඕනත් නෑ අප්පා... ඒකට නේ ඔක්කෝම කරන්නේ...

      Delete
  25. මගෙ චන්දෙ දෙන පැත්ත තීරණය කරන්න හිතාගෙන උන්නෙ දෙමළ සංධානෙ ගන්න තීරණය බලල.ඒත් වයි ෆයි දෙනවනම් දැන්ම තීරණය කරන්න පුළුවන් වෙයිද මන්ද
    වයි ෆයි කියන්නෙ දේශප්‍රේමී චන්දත් එහෙ මෙහෙ වෙන සයිස් අකුරු හතරක් බොලල්ලා

    ReplyDelete
    Replies
    1. වයි පයි වලින්ම දිනන්න පුළුවන් හරියට ගේම ගෙනිච්චොත්...

      Delete
  26. ඈ මාතේ, වයි පයි කියන්නෙ ඇයි .... කියන එකද?

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා.... ඒ කාළේ පයි ආර් වර්ගෙද මොකක්ද එකකුත් තිබුනා නේද ගණිත පොතේ...

      Delete
  27. ලොකු මාමා නෝ සෙකන්ඩ් වෙලා දෙනවා නොමිලේ වයිපයි සමග යු එස් බී මෙමරි ඉස්ටික් එකකුයි, මවුස් පෑඩ් එකකුයි නොමිලේ අර සරසවි සිසුන්ට දුන් ලැට්ටොප් එකත් එක්ක පාවිච්චි කරන්න

    ReplyDelete
  28. වයි පයි වැඩේ නම් සලකල බලන්න ඕන වැඩක් තමයි.

    එත් ඉතින් ඕක දෙන්න වෙන්නේ මයිත්‍රී ට මිසක් මහින්ද ට නෙවයි.

    ඔහොම නැතිවත් බුකියේ යන මඩ ලොට් එක දැක්කම ඕක නිකන් දුන්නම මොනවයින් මොනවා වෙයිද කියල හිතා ගන්න බැහැ.

    මොනවා වුනත් මෙදා නම් මෛත්‍රී ට තමයි.

    ReplyDelete
    Replies
    1. කොහොමෙයි මඩ නවතින්නම තාවකාලිකව හරි දුන්නෝත්.. එහෙනම් ලොක්කා බුකියෙත් ජනපති වෙනවා කතා දෙකක් නැතිව..

      Delete
    2. බොහොම භයානක අවස්තාවක්.

      Delete
  29. මහින්ද ලොක්කා අද එලිදක්කනවා කියාපු ප්‍රොතිපත්ති ප්‍රොකාසනේ විසි හයට කල් දාලා.. මෑන්ස් නුත් ඒකට වයි පයි ඇඩ් කොරලා රිප්‍රින්ට් කොරනවාද දන්නෑ..

    ReplyDelete
    Replies
    1. මහින්ද මහත්තයා වයිපයි හැමතැනම දානවා ඡන්දෙට කලින්. හැබයි බලේට ආවයින් පස්සෙ කපලා දායි.. මොකෝ නඩු කියන්නය..

      Delete
  30. ඔය වාක්‍ය නිසා ගොඩක් අය ගොනාට ඇඳගෙන. වයිෆයි හොට්ස්පොට් ඇතිකරනවා කිවුවම අපේ රටේ රටහරක් හිතන්නේ ගෙයක් ගානේ ෆ්‍රී ඉන්ටර්නෙට් බෙද බෙද යනවා කියලා. අයියෝ සල්ලි!

    ReplyDelete
    Replies
    1. ඔව්... මේක ලියලා තියෙන්නේ ඕන එකෙකුට ඕන එකක් හිතා ගන්න පුළුවන් ආකාරෙට.. අන්න ඒකයි ලෙඩේ...

      Delete
  31. නිකන් ලැබෙන නෙට් එකෙන් පෝස්ට් එකක් දා ගන්නවත් වෙලාවක් නැතිකොට "උගේ 3" දෙන්න හදන වයි පයි කන්ඩද බං...

    ReplyDelete
    Replies
    1. උඹට වැඩක් නැති උනාට, අපිට වැඩක් තියෙනවා නේ බං..

      Delete
  32. එලම මීටරයක් වැඩේ කරලා තියෙන්නේ. වැඩි ගානක් යන්නෙත් නෑ. බය නැතුව කියන්නත් පුළුවන් අපි නොමිලේ ඉන්ටනෙට් දුන්න කියල. පස්සේ උඩින් අර ඩයලොග් තරුව දාල නගර වල පමණයි කියන ඒකනේ තියෙන්නේ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න