.

.

Dec 2, 2014

ඇහින්දාස්, පාල අයියා, ගෙම්බෝ හා ඉලෙක්සොන් මැච් - Paala Aiyaa, Frogs, Election Games & The And Co.



හොඳ හොඳ සෙල්ලම් තියෙන්නේ එළිවෙන ජාමෙට හිටං කියා, සිරිසේන ලොක්ක කීවේය. ලොක්කා කිව්වේ, මහින්ද ලොක්කත් එක්ක ගේමෙට ආපු කෙනා නිසාය. කස්ටිය හිතගෙන උන්නේ, මහින්දත් එක්ක හැප්පෙන්න එකෙක්වත් නැතෙයි කියලයා. ගේමට එන්නේ රනිල් උන්නැහේ කියලාය. ඒ නිසා, රනිල්ට ප්‍රචාරය පිණිස ආන්ඩුව ගානේ, පෝස්ටර් පත්‍රිකා පමණක් නොව, ටෙලි නාට්ටි දෙකකුත් හැදුවේය. ආන්ඩුව වියදම් කොරනා වියදම් කිරිල්ල බලුවාම, ඕවා මහා වියදමුත් නෙමේය.

දුටුහැමුණු සජ්ජුරුවෝ, බජට් එකත් එක්කම, දැන් වෙස්සන්තර සජ්ජුරුවන් වහන්සේ වෙලාය. කන පැලෙන්න දන් දෙනවාය. මේ ළඟදි සිතාසී බෙදන උන්ටත් දානයක් දුන්නේය. ලොක්කා මේ එන හැම එකාටම කියන්නේ, ඒ එන උන්ගේ රස්සාව ළොකෙන් උතුම් රස්සාව කියලාය. අරුන් ඉතින් මල් වට්ටි වගේ මූණුත් එක්ක, වෙස්සන්තර අප්පුහාමි අල්ලන්න පොරකනවාය. සම හරක් ලව් ලෙටර් හිටන් දෙනවාය. කොල්ලො නම් දුන්නාට අවුලක් නැතිය. මොකෝ ළොක්කා කොලු කාරයා නොවේ කියලා, ඕන එකෙක් දන්නවාය. ඒත් බවලත් උදවිය දෙන එවා නිසා, අපේ මැඩම්ට මල පනින්නත් ඉඩ තියෙනවාය. මොකෝ ලොක්ක අමාරු කාරයා නිසාය.

විපක්ෂේ තාම කරන්නේ ටීම් එක සෙට් කොර ගන්නා වැඩෙය. ඒ කාළේ ක්‍රිකට් ගහන කොට ඇහින්දාස් ටීම් හදනවා කියන්නේ ඕකටය. ඔය ටීම් එක හදාගන්න වැඩේ බොහෝම අමාරුය. මොකෝ එනවා කියන උන් මැච් එකට එන්නේ නැතිය. හරියට ලාහට ගෙම්බෝ අල්ලනවා වාගේය. ගන්නවා කියා, කබ්බෝ ගන්නත් බැරිය. බයියෙක් උනත් ටොයියෙක් වගේ පොරක් වෙන්න ඕනය. සම හරක් ඔහොම ඇහින්දාස් ටීම් වලට ගහන්නේ, අඩු ගානේ ඔරෙන්ජන් බාර්ලි බෝතලයක්වත් දෙනවා නම් විතරය. ඒ ඔරෙන්ජන් බාර්ලි බොන කාලයේය. පස්සේ කාළේ ගල් බෝතලයක් දෙනවා නම් ඇහින්දාස් ටීම් වලට සෙල්ලම් කලේය. සම හරක් රොකට් වලටත් සෙල්ලම් කලේය.

එහෙම ටීම් වල නායකයා කියනා ඒවා එච්චර ගනන් ගන්නේ නැතිය. මොකෝ කරන්නේ කොන්ට්‍රැක්ට් එකක් නිසාය. ඉතින් එහෙම ටීම් එකක් හදාගෙන දිණන එකත් අමාරුය. මොකෝ ටීම් වර්ක් එකක් නැති නිසාය. හැබයි එළකිරි වගේ ටීම් එකක් හදා ගත්ත දවසට, අනික් ටීම් වලට දුවන්න ගැහුවාත් හොඳට මතකය. හැබයි එහෙම දින්න ගමන්, දෙනවා කියපු ඒවා ඉල්ලලා මළ වදේය. ඇහින්දාස් ටීම් එකේ කැප්ටන්ලා, ඕගනයිසර්ලා, හොයා ගන්න හම්බ වෙන්නෙ නැත්තෙත් ඒ නිසාය. 

දවසක් තොරණ හංදියේ වලට සෙට් වෙන්න කලින්, හංදියේ උන් ඔය වගේ මැච් එකක් ගහන්න මටත් අඬ හැහුවේය. මාත් ඉතින් ගිහිල්ලා, සනත් ජයසූරිය වගේ බැටින් පාරක් දාලා, මුරලි වගේ බෝල් කරලා, පුල් කලර්ස් පෙන්නලා මැච් එක දිනා ගත්තේය. පොරොන්දුව ගල් බෝතලයක්ය. එක ඉල්ලපු ගමන්, ටීම් එකේ කැප්ට්න් පාල අයියා කිව්වේ, හැන්දෑවට වරෙන්, බඩු දෙන්නම් කියාය. 

කොහොම හරි පාල අයියාගෙන් බෝතලයක් අද වෙනකන් මට නම් හම්බ වෙලා නැතිය. ඒත් පාල අයියා නම්, අපි සෙට් වෙන වෙලාවට, බලෙන්ම අපේ බෝතලේට සෙට් වෙලා, ආතල් එකකුත් අරගෙන ගියේය. යාන්තම් ඒ වදෙන් ගැල උනේ, වනවාසල සෙට් එකක්, පාල අයියාට නිවන් පුර රුවන් දොරටුව විවර කරලා දුන්න නිසාය.මොකෝ පාල අයියා ගහන්නේ ග්ලාස් එක පුරවලා නීට් ෂොට් එකක් නිසාය. ඒ කියන්නේ අපේ ෂොට් තුනක් විතරය.

පාල අයියා ක්‍රිකට් ගහන වෙලාවට විතරක් සරම ගලවලා දැම්මේය. ඒ කියන්නේ, ක්‍රිකට් ගැහැව්වේ හෙළුවෙන් නෙමේය. ඒ සරමට යටින් කලිසම කොයි වෙලාවෙත් තිබුන නිසාය. එයා ඒ විදියට අඳිනවා කියා පෙන්වන්න ඕන නිසා, සරම කැහැපොට ගහලා ඇන්දේ බොහෝම කොටටය. බලාගෙන ගියාම පාල අයියාත් රෙද්ද අස්සේ මහත්තයෙක්ය.

අනේ ඉතින් අපේ මෛත්‍රිපල ලොක්කාත්, එක එකා ඇහිඳ ඇහිද යනවාය. බුලට් බඩු වගේම, එක්ස්පයර් වෙච්ච වර්චස් කෑලිත් ඉන්නවාය. ඒ වගේ අය, ඔය වතුර අදින්න, ස්කෝර් කරන්න, තියා ගත්තාට අවුලක් නැතිය. මොකෝ මැච් එකට දැම්මොත් නම්, එහා පැත්තෙන් දාන බවුන්සර් ප්‍රමාණේ වැඩි වෙන්න පුළුවන්ය. බවුන්සර් එකක් වැදිලා, ෆිල් හියුසුත් මිය පරළොව ගිය එකේ, ඉල්ලගෙන බවුන්සර් දාගන්නවා කියන්නේ, ඉල්ලගෙන කන කෑමක්මය.  

හෙළ උරුමේ ආපු එක ළොකු හයියක්ය. මොකෝ නානාසාර උන්නාන්සෙ උනත්, ඒකට මක්කත් කියන්න ගියේ නැතිය. කොහොමත් චම්පිකගේ කට, වාසලේ රිලවාගේ කටට වඩා සැරය. අනික දේශපාළණ දැණුමත් රනිල්ට දෙවනි නැතිය. එයා ආපු නිසා සැකයක් තියෙනා උන්ට උනත්, සිරිසෙන ලොක්කා දෙමළ සංධානෙත් එක්ක පිස්සු කෙලින්න යන්නේ නෑ, එහෙම යන්න දෙන්නෙත් නෑ කියලා ෂුවර්ය. එදා ඉඳන් යුද්දෙන් කොටි විනාශ කරන්න පුළුවන් කියපු එකම පොරත්, චම්පිකම විතරය.

දැනට තියෙන තත්වෙට නම්, මෛත්‍රීපාල උන්නැහෙගේ කැම්පේන් එක නැගලා යනවාය. මොකෝ ගෙම්බෝ පැන්නේ ආන්ඩුවේ සැළුන් දොරෙන් විතරක් නිසාය. ලොක්කා නම් කියන්නේ, අපේ උන් ඩොලර් වලට, පවුම් වලට, යන්නේ නැතෙයි කියාය. ඒ උනාට බුද්ධි අංශෙට කියන්න වෙන්නේ, මුන් රුපියල් වලට යනවාද කියා, පෝඩඩක් බලන්නෙයි කියලාය. මොකෝ ආන්ඩුවේ ඉන්නේ සුපියල් වලට මනාප, දේශප්‍රේමි වීරෝධාර මැති ඇමතිවරු නිසාය.

ආන්ඩුව ඉන්නේ අඤ්ඤ කොරොස් වෙලා, පිපිඤ්ඤා කාපු, කොංඩඤ්ඤ බමුණා වාගේය. ඉස්සෙලාම හීතලයි කියා ඌව වහලා දැම්මේය. අද නැගෙනහිරත් කල් දාලා, සභාපති නෝනා සෙංකෝලෙත් උස්සගෙන ගෙදර ගියේය. බස්නාහිරත් කල් දාන්න යනවා කියා, ඕ පී ඩී එකේ කියනවා අහගෙනය.

ඒ අස්සේ මධ්‍ය සාකඡ්චා වලට එන උන් කතා කරන්නේත්, මෛත්‍රිපාල දිණුවා වාගේය. එයාලා බය වෙලා ඉන්නේ රනිල් අගමැති කරයි කියලාය. දිනන සෙට් එකක් ඕවා කතා කරන්න ඕන නැතිය. ඒ අස්සේ අමාත්‍යශයේ සැටිය උඩ බඩු ගහලා මාට්ටු උන කොට බඩා කියන්නේ, මෛත්‍රිපාල උන්නැහේ, අබාධිතයෙක්, උන්මත්තකයෙක්, පිස්සෙක් නොවේවා කියා ප්‍රාර්ථනා කොරනවා කියාය. එහෙම කියන්නේ, ජනාධිපති කම වෙන කෙනෙකුට ලැබෙන්නේ, එහෙම උනොත් කියාය. ඒ කියන්නේත් මෛත්‍රී දිනලා ඉවරයි කියලාය.

ඔය මොනවා කිව්වත්, ටීම් දෙකටම, ගේම ලේසී නැතිය. මේක 2010 ජනපති ගේම් එකත් එක්ක කොම්පෙයා කොරන්න යන්නේ, අර බඩා කියපු ජාතියේ එකෙක් වෙන්න ඕනය. අද තියෙන්නේ ඒ සිටුවේසොන් එක නෙමේය. 2010 දිත් හම්බ උනේ 57% ක්ය. බස්නාහිර පළා බබා තෝරන වෙලාවේ ගත්තේ 53% ක්ය. ඌවේ, ඒක, 51% බැහැලා තිබුනේය. අපි වැඩිපුරත් දීලා ආන්ඩු පක්ෂේ 53% ගන්නවා කියා උපකල්පනය කලොත්, මෛත්‍රිපාල ලොක්කා ඒ ගොඩෙන් 10% ක් වත් කඩා ගන්න ඕනාය. එහෙම කඩා ගන්න පුළුවන් වෙයිද නොවෙයිද කියලා බලා ගන්න වෙන්නේ, ජනවාරි 9 වෙනිදා උදෑසනය...

ඒ වගත් මෙසේය...

84 comments:

  1. ටීම් එක ඇහින්දාස් උනාට මල්ටි ටැලන්ට් ටීම් එකක් වගේ තමා පේන්නේ. ජාතිවාදීන්ට චම්පික ඉන්නවා, ෆෙඩරල්වාදීන්ට රාජිත ඉන්නවා, මොලේ තියන යූ .ඇන්.පී කාරයන්ට රනිල් ඉන්නවා, ගමේ යූ .ඇන්.පී කාරයන්ට සජිත් ඉන්නවා, ශ්‍රී ලංකා කාරයන්ට චන්ද්‍රිකා ඉන්නවා. ටීම් එකට ගහන්නේ නැති උනත් ජේ.වී.පී එක චියර් කරලා ෆුල් සපෝර්ට් එකක් දෙනවා. ටී.එන්.ඒ එකයි මුස්ලිම් කොන්ග්‍රස් එකයි එකතු උනාම පොදු අපේක්ෂකයාගේ සන්ධානය නිකන් ආර්පිකෝ වගේ තමයි - "සියලු දේ එකම වහලක් යටින්".

    ReplyDelete
    Replies
    1. උබ හරි දසයා , මේක නිකන් සුපර් මාකට් එකක් වගේ , ගොයියෝ ගේම ටෝයියෝ න් ටත් ඕන බඩු තියෙනවා

      Delete
    2. සිරා කතාව

      Delete
    3. අහක දාන්න වචනයක්වත් නැති සුපිරිම කතාව...

      Delete
    4. දස කතාව දසයෝ.

      Delete
    5. අනිත් පැත්තත් එහෙමම නේද? ඒකෙනම් හීලෑ කල කොටිත් ඉන්නවා. බලමු චීන සර්කස්ද, ඇහින්දාස්ද දිනන්නේ කියලා. ප්‍රෙඩික්ෂන් දෙන්න තවම කල් වැඩියි.

      Delete
  2. තාමනම් මැච් එක ගහන්න හදන්නෙ අඩුපාඩුවට හුංගො දාගෙන වගේ. දැන් ඕනි චින්තනයට වඩා ආකර්ෂණීය දර්ශනයක් ඉදිරිපත් කරන එක. හෙන කැත දර්ශනයක්නෙ ඉදිරිපත් කරන්නෙ. පිරිමි ඇඬුවට මිනිස්සු ඡන්දෙ දෙන්නෑ මයෙ හිතේ ගෑනූන්ට වගේ.

    ReplyDelete
    Replies
    1. ලැජ්ජාවේ පණ යනවා අප්පා. ලොක්කා ගාව ඉඳලා තියෙන්නේ අඬන බබ්බු නේ.

      Delete
  3. ම්ම්ම්.......චම්පිකල පුක් බෝඩ් එකෙන් බැස්ස එක ලොකු ගැම්මක්.......
    දැන් කට්ටිය වැඩ කරන්නෙ ආණ්ඩුව නොමග යවල .... නොහිතන විදියට........
    කොහොමත් ජෙප්පොත් අන්තිම මොහොතෙ එයි......එන්න වෙනව ...... නැත්නම් මහ මැතිවරණයකදි 5% ටත් කෙලව ගන්නව .....

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ ජෙප්පෝ තමයි නියම තීරණය ගත්තේ. මමත් ඉන්නේ ඒ මතයේ.

      Delete
    2. එහෙමද.......තොපි වගෙ එවුන් නිසා තමයි ....අපිට මේ රට ගොඩ නගන්න බැරි.....
      එක තිරණයක ඉදපන් බං .........
      උඹත් මහ වැනෙන ප කෙක් වෙලානෙ ......

      Delete
    3. ජෙප්පන්ගෙ තීරණයට මාත් කැමතියි දෙපැත්තකින්.

      1.මෙතෙක් කල් රැවටීමට ලක්වෙච්ච එවුන් නිසා.
      2.කෙසේ හෝ මෛත්‍රී ලොක්ක දිනුවොත්, ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කෑගහන්න ෂුවර් පිට ඉන්නෙ ජවිපෙ පමණක් බව දන්න නිසා.(නිර් දේශපාලනික කණ්ඩායම් හැරුනම අනිත් එකෙක්වත් ෂුවර් නෑ. ඒ වගේ අවස්ථාවක දැන් ඔය බයිලාගහන ජාතියෙ බුවාල ප්‍රශ්න කරන්නත් ඉඩ තියනව, "අනේ මෙයාල මෛත්‍රීට සහයෝගය නොදී දැං ඇයි ඉල්ලීම් කරන්නෙ?" කියලත් )

      ඒ වගේම ජවිපෙ තීරණයට අකමැත්තකුත් තියනව. මොකද මෙතන කරට කර සටනක් යන නිසා ජවිපෙ කරඇරල සිටීමට තියන අකමැත්ත ඒ.

      Delete
    4. >>ඒ වගේම ජවිපෙ තීරණයට අකමැත්තකුත් තියනව. මොකද මෙතන කරට කර සටනක් යන නිසා ජවිපෙ කරඇරල සිටීමට තියන අකමැත්ත ඒ.<<
      +++++++++++++++++++++++++++++++++++++

      Delete
    5. උඹේ උඩ කොමෙන්ට් එකට මම පට්ට ලයික්. එහෙම වැනෙන එකෙක් වගේ පේනවා නම්. මගේ බලාපොරොත්තුව ඉටු වීමක්.

      Delete
    6. ජවිපෙ තීරනය පක්ෂය හැටියට හරියටම හරි. ඒත් මේ සටනේ ඉදිරියෙදි ජවිපෙට තව තවත් ඉදිරියට එන්න වෙනවා තමන්ට යමක් ඉතිරි කරගන්න ඕන නම්. ඒක නවත්වන්න බැහැ. එන්නම වෙනවා.

      Delete
  4. ඇන්ජලෝටත් හිටපු ගමන් ටීම් එක පිට්ටනියේ හරියට ඇජැස් කොරගන්ඩ බැරිවෙනවාය. නමුත් හරියට සැට් වෙච්චි දවසට ගහන්නේ අනික් පැත්තේ උන්ගේ බෝල් ගාඩ් කඩාගෙන ගිහින් බෝල කුඩු වෙන්නය. ඒ වගේ My3 ටීම් එක හරියට සැට් කොරා ගත්තොත් මහින්ද මාමාගේ බෝල ගැලවෙලා වැටෙනකොට අහුලන්නවත් එකෙක් නැතිවෙනවාය.

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවේදි ගැහුවා වගේ ගැහුවොත් නම් එල්ලෙන්න වැල් නැතිව යනවා...

      Delete
  5. මොනවා උනත් මාතලං කනට ගහනවා වගේ ඇත්ත කියනවා. පාල අයියගේ බෝතලේ රනිල්ට හම්බ වෙන්නේ නැහැ.
    මං හරි නේද මාතලං අයියේ?

    ReplyDelete
    Replies
    1. ෂුවර් නෑ මලේ.. කියන ඒවා නෙමේනේ කරන්නේ. එහෙම කියන ඒවා කළා නම් මේක අම්මට සිරි ලංකාව නෙමෙයි නේ.

      Delete
  6. ෂා මං ආසයි අප්ප මහින්ද මාම පැරදිලා අර වශී බෝලෙත් පොලවෙ ගහල වටේම් උන්ට කුනුහරුපෙන් බැන බැන අරලියට්‍රියෙන් එලියට බහින හැටි බලන්න.

    ReplyDelete
    Replies
    1. බෝලේ පොළොවෙ ගහලා නැවතුනොත් ඇති.

      Delete
    2. දින්නොත් සිරිසේනලාට උන් හිටි තැනුත් නැති වෙනවා..

      Delete
  7. කොහොම උනත් මහින්ද ආයෙත් පාරක් දිනුවොත් ඒක රටේ අවාසනාව වෙනවා. රටට වාසනාව ගෙනාව මහින්දම රටට අවාසනාව ගෙනා හැටි. සින්ගර් ප්ලස් වගේ උනානම් මොකද. මේක යුද්දෙට එකයි, ආර්ථිකේට එකයි, යුද්දෙ ඉවර කරපු එකාට සාමය පවත්වගන්න බෑ, ජාත්‍යන්තරේ බැලන්ස් කරගන්න තව එකක් ඕනි. ඕල් ඉන් වන් කවදාවත් නැතිවෙයිද.

    ReplyDelete
    Replies
    1. මහින්දට ආර්ථිකේ බෑ. පයිට් වලට නම් පට්ට. උසාවියෙන් ගෙදර යවපු එකෙක් සරම අස්සේ දාගෙන රට කෑවා.

      Delete
  8. ලියලා තියන විදිහට එක හුස්මට කියෙව්වා...ලියවිල්ල එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. බලාගෙන උඹ මලොත් හෙම කෙල්ලන්ට එළද බ්‍රා නැති වෙනවා..

      Delete
  9. මං මේ කල්පනා කොරන්නේ මීට කලින් චම්පික, ගම්මන්පිල වගේ පොරවල් ඇලජික් වෙච්චි මාතලන් වගේ පොරවල් වලට එක ‍රැයෙන් උන් බුලට් උනේ කොහොමද කියලා?මතක විදිහට නම් මාතලන් ලොක්කා පිවිතුරු හෙටක් ලොක්කාගේ දැත් ශක්තිමත් කරනවයි කියලා අංජනමකුත් බලලා තිබ්බ මිට කලින්...

    ReplyDelete
    Replies
    1. මට ඔය එක්කෙනෙක්වත් ඇලජික් වෙලත් නෑ ෆේවරිට් වෙලත් නෑ. හැම එකාගෙම හොඳ වගේම නරකත් තියෙනවා. කව්ද කිව්වේ චම්පික හොඳයි කියලා. මම කිව්වේ අනිත් පිල කුමන්ත්‍රණ ගැඅන් කතා කරන වෙලාවේ. කුමන්ත්‍රණ ගැන කතා කල එකෙක් මේ පැත්තට ආපු එක හොඳයි එක. එයා පොත් ලියලත් එයාට බැරි උනා කෝටී 150ක් හොරා කාපු උන් ගැන වචනයක් ලියන්න. ඔක්කෝම එක වල්ලේ පොල්. පාට කන්නාඩි දාලා බලන අයට මාතලන් එහෙම පේනවා ඇති. මට නම් ඔක්කෝම හොරු. අනික් උන් හොරුත් එක්ක හෙළුවෙන් නටන උන්. හොරකම් කලත් එකයි. උන් එක්ක එක පෙලට හිටගෙන උන්නත් එකයි. මං බබා කියන්න බෑ, කරූටවත්, බන්ධුල ගුණවර්ධනටවත්.

      Delete
  10. දැන් සටන ටිකක් හොඳයි. කරට කර යන ගතියක් පේනව.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්.......

      Delete
    2. ඒ වගේ ගතියක් තියෙනවා. ආන්ඩුවේ උන් දැන් විවාදවලදිත් කොර වෙලා ඉන්නේ. උන්ට තියෙන්නේ රනිල් ඇයි ඉල්ලන්නේ නැත්තේ. ජෙප්පෝ ඇයි නොඉල්ලන්නේ වගේ ගොන් කතා. ඒ පක්ෂ වැඩ කරන්නේ මහින්දට ඕන විදියට නෙමෙයිනේ. උන්ට ඕන විදියට. මොකෝ මහින්ද වැඩ කරනවය උන් කියන විදියට.

      Delete
  11. හරියට නාය යන්න ගත්තොත් නම් මුක්කු ඉම්පෝට් කරලවත් නවත්තන්න බැරිවෙයි.

    ReplyDelete
    Replies
    1. ඇයි කක්කුටු බෙන වහන්න කඩුවකුත් අතට දීපූ රිලවෙක් ඉන්නේ.

      Delete
  12. මොන මොන නාඩගම් කාරයෝ My3පාල ලඟ දනගැහුවත් මේ රටේ චන්ද දායකයෝ ජනවාරි 8 වැනිදා උදෑසනම චන්ද පොලට ගොසින් මහින්ද මාමාට චන්දය ලකුනු කර සීයට හැටක ප්‍රතිශතයකින් උන්නැහේව නැවත ජනාදිපති කරනු ඇත...........

    ReplyDelete
    Replies
    1. දින්නත් 60% නම් කීයටවත් හම්බ වෙන්නේ නම් නෑ. ඒක බුදු ෂුවර්. 2010 දි හම්බ උනෙත් 57%

      Delete
    2. තෝ ඔලුවෙන් හිටං ද ඉන්නේ?

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. හිටං ද? අන්න හිටං මහත්තයා චන්දෙ ඉල්ලන්න යනවා....

      Delete
  13. ඇහින්දාස් ටීම් අරන් ටෙස්ට් ගහන්නේ කවුද බං? ඔන්න වෙස්ට් ඉන්ඩීස් ටීම් එක බෑ කියලවත් යනවානම් ටක් ගාලා නිදාගෙන ඉන්න කස්ටියක් අරං ගිහින් කාලා එන්න පුලුවන්...ඒත් මේක එහෙමද? වර්ල්ඩ් කප් වගේ හොඳට කල් ඇතුව ලේස්ති වෙච්ච ටුනමන්ට් එකක්නේ...
    අපිට පේන්නේ ටෙලිකාස්ට් එක විතරයිනේ මචෝ...ග්‍රවුන්ඩ් එකට ගියත් ඩ්‍රෙසින්ග් රූම් එකට යන්න හම්බවෙන්නේ නැහැනේ...ඉතින් අපි ඈත ඉඳන් මොනා කිව්වත් ගේම ගහන අයනේ දන්නේ ගේම් ප්ලෑන් එක...
    ඕකුන් අපිව නොමග අරින්න ඔය ප්‍රෙස් එකට දෙන කථා අහලා මේ පාරවත් ඇනගන්නේ නැතුව ඉන්න බලමු ඔක්කොමලා එක්කම..
    දැක්කද ඊයේ එක්කෙනෙක් කිව්වා..."I am not that valuable. So unfortunately I was offered only 100 million so I ended up here ..."කියලා....ඔහොම ටීම් හදනවාද බං ගේ පිටිපස්සේවත් මැච් ගහන්න..චිහ්....ලැජ්ජාවයි...

    ReplyDelete
    Replies
    1. ඔන්න අපි chef-architect ගෙ කතාවට ලයික්!!

      Delete
    2. මචං උඹලා වගේ දිණමින පත්තරේ විතරක් බලන එවුන්ට හොදා මේ comments !!!

      Delete
    3. ඒම කියන්න එපා ඇනො මචන්... අපි ITN නිවුසුත් බලනවා...

      Delete
    4. ගේ පිටිපස්සෙ ක්‍රිකට් නෙමේ චෙෆාකී.. මේවට කියන්නේ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් ගහනවා කියලා.. පිච්චු නැත්නම් චෝක්.. මම ප්‍රෙස් එකේ හිටියා නම් අහන්නේ ඔබ තුමාගේ ගාන කීයද කියලා.. රිදී හැන්දෙන් රජ බොජුන් වැළඳු බේබි හාමුලා නේ.. මුන් දන්නවද ජනතාව කියන්නේ කව්ද කියලා..

      Delete
    5. ඇනෝ මචෝ..දිණමින පත්තරේ නම් දැකපු කාලයක් මතක නැහැ...කාටද අප්පා පත්තර කියවන්න වෙලා තියෙන්නේ..නයිටීඑන් එක තියෙද්දි මක්කටෙයි දිණමින කියවන්නේ..?
      අපේ මිනිස්සුන්ට බැලන්ස් මයින්ඩ් එකක් නැති හැටි ඇත්තටම...අඩුම ගානේ චන්දේවත් තියේද මන්දා...!
      මාතේ...මම අහලා තියෙන විදියට ඔය බේබිහාමුගේ බෝම්බ කාපු තාත්තා (ඌ නම් වැදගත් පොරක්) නේද රජාගේ කැම්පේන් බොස්ව මහවැලි ඔෆීස් එකේ තියාන ඒ දවස්වල ට්‍රේන් කරාය කියන්නේ...අපරාදේ කියන්න බැහැ ගුරුමුෂ්ටියත් එක්කම දීලා තියෙන හැඩයි..!කෙන්ජියා දන්නවා ඇති විස්තර...!

      Delete
    6. එයාගෙත් ඇති වැදගත් කමක් නම් නෑ. නමුත් නියම පොලිටීසියන් කෙනෙක් හා නායකයෙක්. උඹ කියපු එක හරියටම හරි. ඌ තම්යි ගේම දෙන්නේ. ඔය උඩ ඇනෝ උඹ කියපු දේ තේරුම් අරගෙන නැතුව කොමෙන්ට් කරලා තියෙන්නේ. ඒ අපේ රටේ ජනතාවගෙ කරුමේ.

      Delete
    7. මම කිව්වේ පොලිටික්කෙක් හැටියට...වැදගත් කියන වචනේ වැරදියි මම හිතන්නේ...මොලේ තියෙන එකෙක් නේද හිටපු ඈයොන්ගෙන්...

      Delete
    8. එහෙම කියන්නත් බෑ මචෝ.. මොළේ තිබුනා නම් කරන්න තිබුනේ. පක්ෂය තුල ගේමක් ගෙනියන එක. මහින්ද වගේ. එහෙම බැලුවම ලොක්කා බැක් කලත්, සජිත් ඊට වඩා හොඳයි. හැබයි පට්ට ලිබරල්, හොඳ ඉදිරි දැක්මක් තිබුන නායකයෙක්, ඒ වගේමයි ඇතුලත්මුදලිත්. අද ඒ වගේ එකෙක්වත් නෑ. පට්ට ජාතිවාදියා උනත් දැක්මක් තියෙන්නේ චම්පිකටයි. අලි පාටියේ රනිල්ටයි විතරයි. අනික් උන් ඔක්කෝම එදා වේල ටුවර්ස්. එළුවගේ ඇටේ වැටෙනකන් හති දාගෙන දුවන උන්. හැබයි තනි පුද්ගලයෙක් වශයෙන් ගත්තොත් ගොඩක් උන් සක්සෙස්ෆුල්. ඒ මේ ජරා සිස්ටම් එක නිසා මිසක්. උන්ගේ දක්ෂකමක් නිසා නෙමෙයි. මේක රේස් දානවා වගේ වැඩක්.

      Delete
  14. සින්ඩියෙ නිවුස් කොලම් එකට මේකත් එකතු කලොත් මොකද?
    http://sinhala.lankanewsweb.net/

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ... මම බලන්නෙත් ප්‍රොක්සි වලින්. හරි නම් දාන්නම ඕන එකක්. ඒත් වැඩක් නෑ. අනික ඒවට ලින්ක් ඕන නෑ. ඔක්කෝම බලනවා..

      Delete
    2. පොඩ්ඩක් ඉඳපන් දානකම් .පෝලිමේ වෙන ඒවා. උඹ ලංකවේද ඉන්නේ ප්රෝක්සියෙන් බලන්න.

      Delete
  15. කෝ අපේ ඉවාන් අයිය...........
    ඒ අයියගෙ ලිපියක් කියවන්න බලං උන්න.....
    මලා කියල ආරංචියක් තියෙනවද......
    කෝමද ....මම අදුන්නල දුන්න කෙටි වචනෙ නැගල යන හැටි.....
    MY3 ..........................හෙක්.....හෙක්.....

    ReplyDelete
    Replies
    1. මම කතා කලා ඌ පට්ට බිසි.. අගමැති තුමා නම් කියන්නේ මයිල් ත්‍රී කියලා..

      Delete
    2. ඉවානයා 31න් තාම බැහැලා නෑ....ගාල්ලේ නතරවුනොත් නම් හබක්...මේ දවස්වල දුවනගිරි ඔෆීසියක් ඌට තියෙන්නේ...

      Delete
    3. ඉවනායා හොදින් ඉන්නවා කියලා ඇහැව්වමත් සතුටුයි.

      Delete
    4. ඔය MY3කියන එක ඉස්සෙල්ලාම පාවිච්චි කරේ උඹ තමයි කෙන්ජි. මට හොඳට මතකයි ඒක.

      Delete
  16. මහින්දට ලේසි වෙන්නේ නැහැ මේ වතාවේ.සැපයක් කියලා කකුළුවා දිය කෙලියේ තමයි මහින්ද හිටියෙත් දැන් ටීම් එක සෙට් වෙලා තියෙන විදියට රත් වෙන්න පටන් අරන් තියෙන්නනේ.මතා කියනවා වගේ මාධ්‍ය සාකච්චාවලදී,රුපවාහිනී විවාද වලදී ආණ්ඩුවේ උන්ට කටඋත්තර නැතුව ඉන්න තැනටම දැන් වැටිලා ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. වෙනදා මරා ගන්න උනුත් දැනි මාර ඩීසන්.. බබ්බු වගේ.. ඔහේ බලාගෙන ඉන්නවා.. මම හිතන්නේ උන්ටත් කියා ගන්න බැරි ඒවා කියවෙන නිසා වෙන්න ඇති..

      Delete
  17. මහින්දගෙන් විමල්ට ...

    මිටින් මුදා හැර බැලුවෙමි
    සත්තයි නුඹ නොගියා
    මවෙතින් ඉගිලී...
    සමුගෙන ගොස් යළි හැරුනෙමි
    සත්තයි නුඹ ඇවිදින්
    සෙවනැල්ලක් වී ....

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. රිලවා නෝන්ඩි වෙලා ඉන්නේ.. සාකච්ඡාවක් ඉල්ලලා දීලා නැතුව.. කව්ද දන්නේ නෑ ඌට මිලියන 600 දෙනවා කිව්වේ. නම කියන්න එපාය. අඩු ගානේ සී නිව්ස් එකේ වත් දාන්න එපාය.

      Delete
  18. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. ඔය වගේ ප්‍රොපගැන්ඩා වලත් වාසියක් තියෙනවා...

      Delete
    3. මම ආයෙත් කියන්නේ මේ ඉතිරි වෙලා තියෙන එකම නිදහස් ප්‍රකාශන මාධ්‍ය රැකගන්න අපි ඔක්කෝම වගකීමෙන් ඒක පාවිච්චිකරන්න ඕනය කියන එක...
      සමහර දේවල් පුලුවන්තරම් හිතලා මතලා ප්‍රකාශකර තරමට, අඩුමගානේ අර සටනද මොකක්ද එකට වෙච්ච කරුමේ, මේවට වෙන එක අවම කරගන්න පුලුවන් වෙයි.

      Delete
  19. මාතො ...මොන එකාද එතකොට මේ ටීම් එකේ දුස්රාව දාන එකා...... ඌ මොංගල් මංගලද?

    ReplyDelete
    Replies
    1. හිතා ගන්න බෑ මචෝ. මංගල දැන් නම් ගේමට බැහැලා ඉන්නවා. මට හිතෙනවා රනිල්ගේ වැඩක්ද කියලා... ඒත් ඉතින් මහින්ද වගේම ගල් ආඳෙක්නේ.. කොහොම හරි අනික් උන් ඔක්කෝම හොල්මන්..

      Delete
    2. ඊටත් වඩා ගල් ආඳා නේද මැච් එකේ අම්පයර්...අර රාජගිරියේ රැවුල් මෑන්..?

      Delete
    3. ඌ ඇවිල්ලා ආඳා මාළු ඉරට්ටෙන් කන එකෙක්.. දකුණේ බඩු නේ..

      Delete
  20. මාතලන් කලින් කිව්ව වහේ මංගල තමා දවසකටවත් මිනිහ

    ReplyDelete
    Replies
    1. නිකංද මම කිව්වේ නම්බර් වන් ඩීල් කාරයා කියලා.. චන්ද්‍රිකාගේ කාළේ මේන් රෝල් එකක් කළේ පොර තමයි. අලි පාටිය මේ තත්වෙන් වත් ගෙනාවෙත් පොර තමයි..

      Delete
  21. කොටියම කාපං

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    ReplyDelete
  22. මාතා.................... මේක නියම තත්වයක්... ලොක්කා කොච්චර අෑයෝ ළග තියාන උන්නත් මේ දෙපාරම ලොක්කට විරුද්ධව ඡන්දය ඉල්ලුවේ ඒ ළග හිටපු උන් දෙන්නෙක් ම වීශේෂත්වයකි........ ඔන්න දේශපාලනය

    ReplyDelete
    Replies
    1. පොද්දා ඔයාද කිය කියා එක එකාට කෝල් දිදි විෂ් කරණ කොට හීනෙන්වත් හිතන්නෙ නැතිව ඇති පොද්දා ඉන්නේ එයා ළඟමය කියලා..

      Delete
  23. නියම උපමාව. ඒ දවස්වල ඇහින්දාස් ටීම් වලට කන්න දීල ඊට පස්සේ උන් මැච් එකේ ඉතුරු ටික ගහන්න කලින් මාරු වෙනව. මෙතනත් එහෙම වෙයිද දැනෙන නැහැ.

    ReplyDelete
    Replies
    1. එව්වා කියන්න බෑ.. දැනටත් දුමින්ද දිසානායක පේන්න නෑ. එනවා කියපු 60 න් දහයයි එකොළහයි ආවේ. මෙතන ඉඳලා සියල්ල තීරණය වෙන්නේ මුදල් මතය කියලා මම හිතන්නේ. ප්‍රතිපත්තිමය කරුණු මත එන උන් නම් දැන් තීරණය අරගෙන ඉවරයි. මින් පස්සේ කොයි පැත්තට ගියත් උන් මුදලට විකිණෙන උන්.

      Delete
  24. ඉදිරි මැතිවරණයේදී අපේ ජනාධිපතිතුමන්ගේ ලොකුම ශක්තිය අපේ මාරයා අයියා. අපේ මාරයා අයියා නැත්නම් ජනාධිපතිතුමන්ට පවුල පිටින්ම අකුලාගෙන යන්නයි වෙන්නේ. ඒ නිසා මාරයා අයියාට ගරු කරමු.

    ReplyDelete
    Replies
    1. තාම ලංකාවේ ෆේස්බුක් කාරයන්ටවත්, වෙබ් කාරයන්ටවත්, බ්ලොග් කාරයන්ටවත් ජනපතිවරු බිහි කරන්න බෑ. මම දැක්කා දැන් ටික කළකට කලින් ෆේස්බුක් එකේ ජනාධිපති වෙලා උන්නේ අනුර කුමාර දිසානායක. ඒ නිසා අපි චොර නොවී බැලන්ස් එකේ ඉන්න ඕනය කියන එකයි මගේ මතය. අපි කරන්නෙත් මාධ්‍ය කටයුත්තක් නේ. ඒ වගෙම මේකේ නිදහස තියෙනවා තමන් කැමති දේ කියන්නත්. එහෙම බැලුවම මාරයා ග්‍රේට්. ඌ කැපුවත් නිල්.

      Delete
    2. උපැන්න සහතිකෙත් ගහලා තියනවලු

      Delete
    3. චොර වෙලා ඉල්ලන් කන්නෙ මොකටද නේද මාතේ ?

      Delete
  25. Ranil kiyanne Score nokarath wicket eke innapulwan porak,Ewagema hadisiyakata over ekak,dekak dala wicket ekak dekak galawannath puluwan.Denata nam team eke honda allrounersla innawa.(Digatama gahawwoth maru),last moment ekedi hari, JVP cheer ekath lebunanam Match eka Mara ta, Amaruwewi.(ranjan)

    ReplyDelete
    Replies
    1. හැබයි වර්චස් ප්ලේයර්ස්ලා දෙන්නෙක් තුන් දෙනෙකුත් ඉන්නවා..

      Delete
  26. මාතා.....ඉස්සර ඉස්කෝලේ ෆුට්බෝල් මැච් රෙෆ්‍රි වැඩේට පොරක් ආවා ඔය පාල අයියා වගේ. සුදු සරම ඇඳන් ඇවිත් අයිනක් අල්ලං ඉන්නවා. මැච් එක පටන් ගන්න කලින් සරම ගලවලා වැඩේට බහිනවා. දක්ෂ පොරක්. මුස්ලිම් කෙනෙක්. කූල් පොරක්. කොල්ලුපිටියේ මම දැකලා තියෙනවා සෙට් එකත් එක්ක බැහැලා ඉන්නවා.

    ඇහින්දාස් මෙම්බර් කෙනෙක් තමයි මාත් ඒ දවස්වල. සිගරට් එකට, බාර්ලි බෝතලේට ගහනවා.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම එක බෝට්ටුවේ බලාගෙන ගියාම.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න