.

.

Feb 12, 2016

වැලන්ටයින්, වැලා සහ ටාසන් (23+) - Valentine, Alex & Cougar


පිස්සු හැදෙන පස්ස නේද බං..?
.
වැලා.., කෑ ගහන්න එපා බං හරකා වගේ, මෙතනෙ වැදගත් මිනිස්සු ඉන්නේ. නිකං නෝන්ඩි වෙනවා..

වැදගත්ද නැද්ද මංදා..., හැම එකාම බලන්නේ ඒක දිහා.. මුං අඳුනන සුද්දියෙක් වෙන්න ඇති බං..
 
මාර ෆිගර් එක බං.. කොන්ඩෙත් මරූ... මූණත් ඒ වගේම ඇති... වරෙන්කෝ යන්න අර පැත්තට..
 
ඒ පැත්තට යන්න ඕන නෑ... දැන් මිනීය වලලා යන කොට මෙතනින් එපාය යන්න... ඉවසපන්...
 
එහෙනම් සිකරට් එකක් දියන්..
 
ඉඳා ගනින් මළ වදේ...
 
පත්තු කරලා, උඹ ගහලා දියන්..
 
ඒයි.. මාතලන්...
 
මොකෝ මුනවීර් අංකල්
 
දැට් ගර්ල් ඉස් ලුකින් ඇට් යූ..
 
මොන ගර්ල්ද මුනේ..
 
උඹ හිටහන්කෝ...
 
උඹ දිහා නෙමෙයිනේ... මගේ දිහා නේ බලන්නේ.... උඹ කලබල නොවී හිටහන්කෝ..

මොන ගර්ල්ද අංකල්...?
 
අර ගර්ල්... අර ගර්ල්, අර උඹලා පුක ලස්සනයි කියපු ගර්ල්..
 
කෝ දැන් එයා...
 
මම හිතන්නේ සිම්පතයිස් කරලා එන්න යන්න ඇති..
 
මූණ බලාගන්න බැරිය මෙතනින් නේ යන්න ඕන...
 
අන්න එනවා මචෝ බඩුව..., මොන සුද්දොද බං මේ අපේ සෙට් එකක්නේ...
 
උඹ අඳුනනවද.. ?

නෑ පේන්නේ නැද්ද කැරපොතු ලංසි සෙට් එකක්නේ..
 
උඹ කළු ලංසි කියලා උන් මැරෙන්නද බං
 
අම්මට හුඩු මාතේ .... මෙන්න මුන් මේ පැත්තට එන්නේ..

හරි වගේ අද කන්න වෙන්නේ බොන්නත් කලින්... සෙමටරි එකේම..

ඔන්න එනවා මාතේ.. ඔන්න එනවා... දෙ ආ කමින් ටුවෝඩ්ස් අස් ගයිස්..
 
අප්පට හුඩු මේ වනචරයා කියපුවා ඇහුනද දන්නේ නෑ...
 
කාන්ට් යූ මේක් මී අවුට් මාතේ...
 
අම්මට හුඩු..... රොමේන්... හවායූ....?
 
මීට් මයි හසබන්ඩ් ඩේමියන්.. ඩේමියන් දිසීස් මාතා.... අ ෆ්‍රෙනොෆ් මයීන් ෆ්‍රොම් කෙලනිය..
 
ඕ නයිස් ටූ මීට් යූ...
 
ඉතින් රොමේන් කොහොමද හුඟ කාලෙකින්.. මහත් වෙලා තවත් ලස්සන වෙලා... අඳුනගන්නත් බෑ...
 
බ්ලා බ්ලා බ්ලා....
 
මාතලන්ට ඕක මතක් උනේ වැලන්ටයින් ලඟ එන නිසා, වැලන්ටයින් එන කාලේට, ඒ කාලේ අපිත් එක්ක වැඩ කරපු වැලා මතක් වෙනවමයි... උගේ නම වැලා නෙමෙයි. ඇලෙක්ස්... ලංසි හෙවත් බර් ගර්ර්ර්ර්..... හැබයි කළුයි.. ඒත් සික්ස් පැක්, උස මහත, බුදු හැන්ඩියා... ඕකට කෙල්ලෝ දිරවන්නේ නෑ.. කැමතිම ඇන්ටිලාට.. ඉතින් ඌ නිකන්ම වැලා උනා...අපි එහෙම කිව්වට, වත්තල උන්ගේ ගෙවල් පැත්තේ උන් කියන්නේ ටාසන් කියලා. මේවා ඉතින දන්න උන් දන්නවා.
 
ඔය කලින් කතන්දරේ සිද්ද උනේ අපේ ඩිරෙක්ටර් කෙනෙක්ගේ මළ ගේ වේලේ... රොමෙන්, ඩිරෙක්ටර්ගේ දුවගේ යාළුවෙක්...කෙල්ලෝ කියන්නේ පට්ටම ජාතියක්. ඒකී පොඩ්ඩක් වත් දැනගන්න තිබ්බේ නෑ අරූට අපි යාළුවෙලා උන්නා කියලා... කොහෙද ඒ කාළේ විසිටින් කාඩ් එකක්වත් නෑ දෙන්න... අනික දැන් බැඳලා බබාලා දෙන්නෙක් ඉන්න එකක් පස්සෙ ගිහින් පවු පුරව ගන්න ඕනය.... වැඩ කරන තැන කිව්වට...
 
රොමෙන් එක්ක යාළු උනේ මාර මාරුවෙන්. ඒවා පට්ට රස කතා. ඒත් ඉතින් අම්බානක බූට් කාලා වගේම දීලත් තියෙන නිසා, අන්තීමට ඕකත් ටික කාලෙකින් නැති උනා. මාතලන්ගේ ලව් කිරිල්ලත් හරියට ජොබ් කිරිල්ල වගේම තමයි. ඇයි ඉතින් ඉන්න කෑල්ලට වඩා ලස්සන එකක් දැක්කම, මගෙ පිවිතුරේ ආදරේ පියාඹලා ගිහින් අර අළුත් මලේ වහනවා.
 
කොහොම උනත් මාතලන් ඉතරක් නෙමෙයි, ඒ කාලේ උන්න ගොඩක් කොල්ලෝ ඔය වැලා වගේ ඇන්ටිපා බොන එකට තමයි වැඩි කැමත්ත. මොකෝ කෙල්ලෝ එක්ක ලව් කරනවා වගේ කරදර එකක්වත් නෑ. කෑම, බීම, ලෑම ඉතරක් නෙමෙයි, සල්ලිත් යහමින් හම්බ වෙනවා. අපරාදේ කියන්නේ ඒ කාලේ ඕනම ගමක මේ වගේ උපාසිකා මාතාවෝ සෑහෙන්න උන්නා. එයාලා යටිතල පහසුකම් ඉහලින්ම සපයන නිසා, කොල්ලන්ට ලව් කරන පිස්සුවකුත් තිබුනේ නෑ වගේම. ඒ හේතුවෙන්ම බාල අපරාද තිබුනෙත් නෑ.
 
ස්ත්‍රී දූෂණ, අපචාර, තිබුනෙත් නෑ.. ග්‍රිස් යක්කු උන්නෙත් නෑ. ඉඳළා හිටලා තහනම් ගස් ගෙවත් අනුන්ගේ ගස් වල ඵල නෙලන්න ගිහින් මාට්ටු වෙලා අම්බානක කන්න උනත්, ගමම එක්කහු වෙලා ගහලා මරලා දැම්මේ නෑ. ගමේ සී සී ටී වී කැමරා උන්දැලට, රොයිටර්ලට, අබිලිංලට මාට්ටු උනොත් කෑලෑ පත්තර වදින නිසා, ගොඩක් උන් මාට්ටු උනත් සද්ද නැතුව උන්නා.
 
ඒ කාළේ දැනගෙන උන්නේ නැති උනත් හොලිවුඩ්වල බොහෝම පරසිද්ද ඇන්ටිලා බොහොම දෙන්ක් මේ කුගර් (Cougar) සෙල්ලම කරනවා. ඔය මැඩෝනා, ෂැරන් ස්ටෝන්, ටීනා ටර්නර් එහෙම බොහෝම පරසිද්ද කස්ටිය. ඔය උඩම තියෙන පොටෝ එකේ ඉන්නේ ෂැරන් ඉස්ටෝන් නෝනා එයාගේ කොලු පැටියත් එක්ක. අපේ රටෙත් දැන් මේක ට්‍රෙන්ඩ් එකක් වෙලා නිසා. හොඳ ඇඟ පත් තියෙන කොල්ලන්ට වගේම, ටෙලි නාට්ටි නළුවන්ටත් බොහෝම හොඳයි කියලා තමයි නිව්ස් එන්නේ. ඒකනේ අර අමරසිරි කලංසූරිය සීයා කියලා තිබුනේ අද ඉන්නේ නළුවෝ නෙමේය බඩු කාරයොය කියලා. ඒකට ඉතින් අහිංසක කොල්ලෝ මක් කොරන්නද නේ.. කලංලත් ඒ කාළේ එහෙම වෙන්න ඇති.
 
සැන් වැලන්ටයින් කියන්නේ බඳින්න තහනම් කරපු සොල්දාදුවන්ට බඳින්න උදව් කරපු සාන්තුවරයෙක් කියලා නේ කියන්නේ. ඒ කියන්නේ ප්‍රේමයට උදව් කරපු කෙනෙක්. එහෙම බැලුවාම එයා ඉතරක් නෙමෙයි අපි ඔක්කොම වැලන්ටයින්ලා. ඒ කාළේ බඩුවක් දාගන්න එක අද වගේ නෙමෙයි හරිම අමාරුයි. කෙල්ලෝ ඉස්කෝලේ ගියයින් පස්සේ අද වගේ ක්ලාස් ගානේ පාරේ රස්තියාදු උනේ නෑ. (ඒත් අපි ඕ ලෙවල් කරන කාළේ වගේ එනකොට ඔය ටියුෂන් කෙරුවාව පටන් ගත්තා, ඒවයෙත් ලව් ඉස්ටෝරී වැහි වැහලා)
 
බඩුවක් දාගන්න කොල්ලෙක්ට තනියෙන් බෑ. සපෝට් එකක් ඕනමයි. ගොඩක් වෙලාවට ඔය පිවිතුරු අකලංක නිර්මල අරක මේක ගොඩක් පිරිච්ච ආදරේ පොරකාස කොරන්නේ කරදයි කොලේක ලියලා. ඕවට කිව්වේ සෙනෙහෙ කොල කියලා. ලිව්වයි කියමුකෝ. ඊට පස්සේ ඕක කෙල්ලට දෙන එක තමයි අමාරුම වැඩේ. ලව් කරන එකාට ඕක දෙන්න ගටක් නෑ. ඉතින් සපෝටර් කෙනෙක් හොයා ගන්නම වෙනවා. පරණ හින්ගල සෝ වල වගේම මේකට අල්ල ගන්නේ නසරානියෙක්. ඌ තමයි මේක දෙන්නේ. ගොඩක් කෙල්ලෝ ලව් කරන්න බයයි. කෙල්ලෝ නෙමෙයි කොල්ලොත් බයයි. මොකෝ මාට්ටු උනොත් අකලංක පෙරේමේ කෑලී යන්න කන්න වෙන්නේ.
 
කොල්ලෝ එක්ක යාළු උනොත් හෙම කෑලි කපලා ගන්නගේ දානවා කිව්වට යාළු වෙච්ච කෙල්ලෝ එහෙම ගඟේ දැම්මෙත් නෑ. හැබයි පස්සේ කාළේ ආන්ඩුවෙන්නම් කොල්ලොයි කෙල්ලොයි දෙගොල්ලම කැළණි ගඟේ දැම්මා. ඒ මේ වෙන කාටවත් ලව් කරන්න ගිහින් නෙමෙයි, විජේවීර කියලා මේ මාතර වලස්මුල්ල පැත්තේ හාදයෙකුට ලව් කරන්න ගිහිල්ලා..
 
දැනටම මේක අම්බානක දිග වැඩි නිසා ලව් කිරිලි, වැට පැනිලි, ගල් ලෝඩ් බෑම් වගේම ටාසන්ලා ගැන තව ළිපියක් දෙකක් ලියන්නම්. හැබයි ඕන් මහින්ද මහත්තයලා පිස්සු කෙලින්නේ නැතුව උන්නොත් ඉතරයි.
 
ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන මේකෙත්. ලංසි ගැන ලියලා. ලංකාවේ ලංසි ගැන ලියන්නේ නැත්තේ මොකෝ කියලා "ප්‍රා" එහෙම ඇහුවොත් කියන්න තියෙන්නේ, ඒක මෙහෙම ලියන්න බෑ රොකට් රෝහිණි ගැන ලියන වෙලාවක ලියන්නම් කියලා තමයි.
 
වැලන්ටයින් සින්දුව - My Funny Valentine

ඉයන් ඩෑන් පෝස්ට් එකක් දාලා තිබුනා සූසන් බොයිල් (Susan Boyle) ගැන. ඇත්තටම ඒ වීඩියෝ එක බලන කොට අදටත් මගේ ඇඟේ මයිල් කෙලින් වෙනවා. ඒ කියන්නේ හින්ගලෙන් කියනවා නම්, ගූස් බම්ප්ස් එනවා.
 
ඒ වගේම එකක් තමයි මේ වීඩියෝවත්. මේ කෙල්ල හරිම නිර්ව්‍යාජ කෙල්ලෙක්. ඒකී "වොයිස්" කියන ටැලන්ට් ෂෝ එකේ ෆේල් වෙනවා. ඊට පස්සේ තමයි මේකට එන්නේ. බලන්න ඇය කෙතරම් අපූරුවට මේ ගීය ගායනා කරනවද කියලා. මේක බොහෝම සරළ ගීතයක් නම My funny Valentine.

හැබයි සයිමන් අයියත් නැගිටලා අප්පුඩි ගහන්න තරම් එලට කියනවා. සයිමන් අන්තීමට කියන්නේ සින්දු කියන්න පුළුවන් එකාට ටැලිපෝන් ඩිරෙක්ටරිය උනත් කියන්න පුළුවන් කියලා.
 
මේක මාතලන් කැමතිම ගීතයක්.. අපේ වගේ අයිතිවාසිකන් වලට මරා ගන්නේ නැතිව, මේක කීප දෙනෙක්ම කියලා තියෙනවා.. ඒ උනාට ඒ ඔක්කෝම අතරෙන් මාතලන් කැමති මේ ආධුනික කෙල්ලගේ වර්ෂන් එකට.
 
 
 
My funny valentine
 Sweet comic valentine
 You make me smile with my heart
 Your looks are laughable
 Unphotographable
 Yet youre my favourite work of art
 
Is your figure less than greek
 Is your mouth a little weak
 When you open it to speak
 Are you smart?
 
But dont change a hair for me
 Not if you care for me
 Stay little valentine stay
 Each day is valentines day
 
 Is your figure less than greek
 Is your mouth a little weak
 When you open it to speak
 Are you smart?
 
But dont you change one hair for me
 Not if you care for me
 Stay little valentine stay
 Each day is valentines day
 
-x-

60 comments:

  1. වැලන්ටයින් දිනේ වෙනුවෙන් ලියවුන පෝස්ටුවක් වෙන්න ඇති. ඔය වගේ කතා කියවනකොට මගෙත් කට කහන නමුත් වෙලාවෙ හැටියට සද්දෙ වහගෙන ඉඳිමි.

    ReplyDelete
    Replies
    1. මොකෝ අපේ හැලපි නොනේ සම්ප්‍රාප්ත උනාය....

      Delete
    2. එසේය,දින දෙකකට පෙර එතුමියගේ සම්ප්‍රාප්තිය සිදුවිය.

      Delete
    3. මගෙන් ඉරකි, තිතකි, වටේට පල් වැලකි හැලපයා වෙත.
      //දැනටම මේක අම්බානක දිග වැඩි නිසා ලව් කිරිලි, වැට පැනිලි, ගල් ලෝඩ් බෑම් වගේම ටාසන්ලා ගැන තව ළිපියක් දෙකක් ලියන්නම්. හැබයි ඕන් මහින්ද මහත්තයලා පිස්සු කෙලින්නේ නැතුව උන්නොත් ඉතරයි// හික්..... මාතෙ.... බොගෙ රොකට් රෝහිණිත් දැන් ඇන්ටි කෙනෙක් වෙලා ඇති මේ වෙද්දි බොලං

      Delete
  2. මාතලන්ට කියන්න මටත් මාර සීන් එකක් වෙලා තියෙන්නේ. මාත් මට වඩා බාල හෝ මගේ සම වයසේ කෙල්ලොන්ට වඩා ආසා ඇන්ටිලාට. කසාද බදින්නම හිටපු ලේඩි ඩොක්ටර්ත් එපා උනානේ අන්තිමේදී මට. තාම එකී කෝල්ස් දිදී අඩනවා. මොන සුත්තක්ද මන්දා මට හිත යන්නෙම ඇන්ටිලාට. දැනුත් මේ ෆෝන් එක ඕෆ් කරලා දැම්මා කෝල්ස්, මැසේජ් එව ඒවා අඩන නිසා. රස්සාටවත් කෙලව ගනීද දන්නෑ එයා මං නිසා.

    ReplyDelete
    Replies
    1. රස්සාවල් වලට කෙලවා ගන්න තරම් ගැහැණු මෝඩ නැහැ. ඔහොම ගියාම ඔහෙට වැලේ වැල් නැතිවේවි.

      Delete
    2. මම දෙන්න හිටපු උත්තරේ ඇනෝ කෙනෙක් දීලා...

      Delete
  3. මම නම් තවම ලවු වලට වත් ඉලව් වලටවත් අත ගසා නැත.

    ReplyDelete
    Replies
    1. ඔව් පුතේ ළොකු උනාම කරහන්...

      Delete
  4. මේවා කියෝනකොට අපෙත් සිංහලෙන්ම ගූස් බම්ප් එනවා.. ඒත් ඉතින් උඹට වගේ මයිල් කෙලින් වෙන්න ලියන්න තේරෙන්නේ නෑ..:)

    ReplyDelete
    Replies
    1. කෙන්ජියට කිව්වා නම් හරි... වෙන ඒවා කෙලින් වෙන්නත් එක්කම ලියයි...

      Delete
  5. උඹ වගේ නාකින්ට මොන වැලන්ටයින්ද බන්.

    ReplyDelete
    Replies
    1. අපේ හාමිනා මට දෙන්නේ ව්‍යාඝ්‍රා එකක්...

      Delete
  6. මාතේ මචං මරු කථාව. ගැණි දාල ගියාවත්ද? මොකද මේකේ අර එකක් ඉන්නකොට අනික් ඒව ලස්සනට පේන එක ඇත්ත වුණත් එලිපිට කියල තියෙන නිසා. මෙච්චර හොඳ කථා මෙච්චර ලස්සනට කියන්න පුළුවන් කොට මොල මලදානෙකට ඔය මහින්ද ගොයියයි සිරිසේන ගොයියයි ගැන ලියනවද?

    අනික ඔය උඹ දාල තියෙන K.B ඇලිස් a.k.a කවුද බොලේ ඇලිස්ටත් ජජස් ලගේ අනුකම්පාව ගන්න බොරු ලැජ්ජාවක් පෙන්නුවා කියලා චෝදනාවක් තිබ්බා. ඒ කියන්නෙ උඹ කියපු විදිහට ඊට කලින් The Voice එකේ සිං කරනකොට කිසි චකිතයක් නැතිව සිං කරලා BGT එකේදි බොරු ලැජ්ජ පාට් දැම්ම කියලා. මේ තියෙන්නේ ආර්ටිකල් එක. මතකනම් උඹ මෙන්ශන් කරපු මගේ පෝස්ට් එක ලිව්වෙ මේ වගේ මිස්ටර් ප්‍රේක්ෂකව නොමඟ යවන බොරු පාර්ට් ගැන.

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ ඒ දවස් වලම මම ඒක කියෙව්වා... මේ වීඩියෝ එකෙත් ඒකී කියනවා නේද ඒ උන දේ ගැන ලැජ්ජාව ගැනත්. ඒ වගේම තනියෙන් එන්නෙත් ඒකයි... මම හිතන්නේ ඒකී "වොයිස්" එකේ කරන්නේ ඇක්ට් එකක්.. මේ තමයි ඔරිගිනල් කෙල්ල... කොහොම උනත් සිගින් ඇක්සොලන්ට්... ඇන්ඩ් සැක්සි...

      Delete
    2. අනිත් එක, "වොයිස්" එකෙදී සබකෝලය අඩුයි.. මොකෝ ජජස්ලා අනික් පැත්ත බලාගෙන නේ ඉන්නේ. ඒක මෙන්ටලි සෑහෙන්න බලපානවා. මෙතනෙ එහෙම නෙමෙයි නේ. ඔතන වෙන පට්ට සීන් උඹ දැකලා ඇති නේ. මට මතකයි එකෙක් ටොයිලට් ගිහිල්ලත් ආවා.

      Delete
  7. මචන් මාතලන් සුද්දියක් සෙට් කරල දීපන්කො වැලන්ටයින් දවසට. ඔන්න නාකි උන් ඔට්ටු නෑ. අවුරුදු 20-30 අතරෙ ලස්සන කෙල්ලෙක්. අනිත් එක උන් හරි කැමතියිලු නේද බන් ලංකාවෙ කොල්ලන්ට. කොහොම හරි කරල දීපන් මචන්.

    ReplyDelete
    Replies
    1. උන් එන්නේ නෑ බං මෙහේ උන් එක්ක යන්න.. ඕන නම් නාකි කෑල්ලක් සෙට් කොරාලා දෙන්නම්.

      Delete
  8. ඉස්සර සෙක්ෂන් එකේ කොල්ලෝ කෙල්ලන්ට දුන්න සෙනෙහෙ කොලවලින් සෑහෙන්න ගානක් මම ලියපුවා.ඒත් එකපාරක් කොල්ලෙක් දන්නෙත් නැතුව ජෝක් එකට උගේ නමින් කෙල්ලෙක්ට සෙනෙහෙ කොලයක් ලියපුඑක "මරා ගැනිල්ලක් " දක්වාම දුරගිය නිසා වැඩේ අතෑරියා.
    කොහොමත් කෙල්ලෝ හරි දක්ශයි මිනිහ හරි අළුත් කොල්ලාහරි ඉස්සරහා බබා පාර්ට් දාන්න.මම හිතන්නේ අනාගත් පැවත්ම උදෙසා උන්ට ස්වාභාවයෙන්ම ලැබුන දායාදයක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මමත් ඔය වැඩේ කරලා තියෙනවා... ඒත් මගේ උන්ට දීලම නැති ගානයි...

      Delete
  9. ඔය අක්කලා පස්සේ ආන්ටිලා පස්සෙ යන මෙව්ව එක මට කවදාවත් තිබුනේ නෑ කියහංකො. මම ගියේ නංගිලා පස්සෙ විතරයි. ඒ එක්කම සාරි අඳින චරිත වලට මම කිසිම ආකර්ශනයක් පෙන්නුවේ නෑ. ඒ වගෙම කොණ්ඩෙ ... එක්කෝ මොකටද බං දැං ඕවා කියලා.

    ReplyDelete
    Replies
    1. කියලා තියෙන විදියෙන් හිතා ගන්න පුලුවන් ආයිබෝවන්ඩ...

      Delete
  10. ඉරාජ් වීරරත්න විසින් නිර්මාණය කරන ලද "මනුසතා" ගීතය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කිරීමට සූදානම්වන බව වාර්තා වේ.කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුව එම පරීක්ණය සිදු කිරීමට නියමිතයි. තවුහිත් ජමාද් සංවිධානය ගොනුකර තිබූ නඩුවක් ඊයේ (11) සැලකිල්ලට ගත් අවස්ථාවේ දී අදාළ නියෝගය ලබා දී තිබේ.

    මනුසතා ගීතය රූප රචනයේ සංහිඳියාවට බලපෑම්වන දර්ශන ඇතුළත් බව ඊයේ (11) නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී එම සංවිධානය විසින්ම අධිකරණය හමුවේ පවසා ඇත.

    එබැවින් අදාළ ගීතය තහනම් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි බව තවුහිත් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රාෆික් මහතා සඳහන් කරයි.

    හොඳවැඩේ ඉරාජ් වගේ මරාට කඩේ යන කාලකණ්ණියෙකුට වෙච්චි දේ නේද.

    ReplyDelete
    Replies
    1. ඉරාජ්ට ලෙඩක් අදිනවා නම්... බන්ධුල ගුණවර්ධන, විමල් වීරවංශ, ගම්මන්පිල සහ මහින්ද රාජපක්ෂට ලෙඩේ අදින්න එපාය ඊට කලින්. අමු කෙප්ප කෙල කෙල ජාතිවාද්ය පතුරවනවට...

      Delete
  11. බ්ලා......
    රෝහිණි මැරිච්ච තැං ඔල ගසුත් පැලවෙලා ඇති නෙ නේහ් මං හිතන්නෙ ඒ කතාව නැවතුනේ ගිය අවුරුද්දටත් ගිය අවුරුද්දෙ වෙන්ටෝන...
    හුදී මහජන ලාම්පු සංවේගය උදෙසා ලියන නං හොද නැතෙයි...

    අර දැරිවි සිංදු කියනව ටොප්ම තමා අඩේ...

    ReplyDelete
    Replies
    1. ඒක බොහෝම නිවිහැනහිල්ලේ ලියන්න ඕන එකක් මචෝ... කලබලේ ලියන්න පුළුවන් එකක් නෙමෙයි...

      Delete
  12. කොච්චර වැලන්ටයින් සමරන්න හැදුවත් සිංහලය අමුම අමු බලු ගෝත්‍රික ජාතියක්. උන්ගෙ ජන්ම ගතිය අරින්න බෑ. මේකට ගොඩට මාතලන්ද අයිතියි. මාතලන් හිතුවට ඌ සුද්ද කියල ඌත් එච්චරම තමා. ඌ ලියන ගොන් කතා වලින් තේරෙනව ඌ කිසි ශීලාචාර ගතියක් නැති ගෝත්‍රිකයෙක් කියල. සිංහල ජාතියම එකයි. මාත් එහෙමයි. මාතලනුත් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. ඕකත් ලෙඩක්... ඔය වගේ ලෙඩවලට බෙහෙත් අඩුයි....

      Delete
  13. මාතලන් ලොක්කා

    කාලයකට පස්සේ ලස්සන බ්ලොග් පෝස්ට් එකක් ලියලා තියෙනවා

    කාලකන්නි මුඩුම දේශපාලනික දේවල් අමතක කරලා අලුත් දෙයක් අද ලියපු එකට මම ස්තුති කරනවා

    බ්ලොග් එක කියවලා කොමෙන්ට් ලියුවේ නෑ කියලා අමනාප වෙන්න එපා

    ඈත්ත කතා කරන්න + බිම වාඩිවෙන්න බය නෑති කෙනෙක් විදියට තමයි මම මාතලන් ලොක්කාව දකින්නේ

    Thanks again

    ====Adrian Channa from Toronto====

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් තමයි බ්ලොග් කාරයෝ ජීවත් කරවන්නේ..

      ඒකයි ඇනෝලට පවා අවස්ථාව දීලා තියෙන්නේ...

      කෝ ඉතින් මේ වගේ ඒවා ලියන්න ඉඩක් දෙන්නේ නෑ නේ දෙසපාලනේ කොරන උදවිය...

      Delete
  14. මාතලන් ලොක්කා

    කාලයකට පස්සේ ලස්සන බ්ලොග් පෝස්ට් එකක් ලියලා තියෙනවා

    කාලකන්නි මුඩුම දේශපාලනික දේවල් අමතක කරලා අලුත් දෙයක් අද ලියපු එකට මම ස්තුති කරනවා

    බ්ලොග් එක කියවලා කොමෙන්ට් ලියුවේ නෑ කියලා අමනාප වෙන්න එපා

    ඈත්ත කතා කරන්න + බිම වාඩිවෙන්න බය නෑති කෙනෙක් විදියට තමයි මම මාතලන් ලොක්කාව දකින්නේ

    Thanks again

    ====Adrian Channa from Toronto====

    ReplyDelete
  15. චැහ්... ගිය පාර වැලන්ටයින් එකේ පිදුම තමා මරු...

    ReplyDelete
    Replies
    1. සෙකන්ට් ටයිම් ටු සී සෙක්සි ඇලිස්..

      Delete
    2. Hi Baby happy valentine day. :*

      Delete
    3. ඒකනම් හොඳට ලියවෙලා තියෙනවා...

      බේබී කිව්වේ දේශට වෙන්න ඇති...

      Delete
  16. Susange song eka kihipa sarayakma balalaa thiyanawa.
    Alicege clip ekanam baluwe first time.

    Maathe post eke liya athi paridima Alice myil ismyil wennama got talent ekedhinam kiyala thiyanawa. (even if she acts or not)

    ReplyDelete
    Replies
    1. එහෙම ඇක්ට් කරන එකත් ළොකු දෙයක් නේ...

      Delete
  17. නැතියි කිව්වට තවමත ඕන තරං දානපාරමිතාව පුරන උපාසිකා මාතාවෝ ඉන්නවා. මම ආසත් අන්ටිලටම තමා. ඌයි ඌයි නැහැ. බොරු ලජ්ජා නැහැ. පස්සේ කරදර නැහැ. රුම් වලට ඇන්ටිලම සල්ලි දෙනවා. ෆුල් සොමිය තමා. හොඳම රට ගිහින් ආපු අය. ඔක්කොම සෙල්ලම් දන්නවා. මිනිහ රට ඉන්න සෙට් එකත් නරකම නැහැ. බස් එකකදී සෙට් උනොත් එදාම උස්සන්න පුළුවන් එව්වා ඕන තරම්. මේ ලඟදි 45 ක විතර එකක් මම ඉස්සුවා. පස්සේ බලනකොට වයස 58ක්. හැබැයි පොඩි කෙල්ලෙකුට වඩා ඇක්ටිව්. පට්ට සැපක් දුන්න.

    ReplyDelete
    Replies
    1. බලාගෙන උස්සන කොට කොන්ද කඩලා යයි... වයසක අය බර වැඩියි නේ...

      Delete
  18. දැනුත් ඉන්නවා ඉතින් කෙල්ලන්ට වඩා ඇන්ටිලාට කැමති උන් :D ඒකත් නරකම නෑ වගේ..
    අර කෙල්ල සින්දුව කියපු විදිය නම් නියමයි.. හිතට දැනුනා සෑහෙන්න

    ReplyDelete
    Replies
    1. අද නෙමෙයි ළෝකය පවතින තුරා තියෙන දේවල්...

      ආදරයට සීමා නෑ කියලා කියනවනේ...

      Delete
  19. මේ දෙබස නම් ලංකාවේ පිරිමින්ගේ කාම අසහනය මැනවින් පිළිබිඹු කරන උදාහරණයක්. ඇත්තටම ලංකාවේ පිරිමි හැම ගැහැනියක් දෙසම බලන්නේ මේ ලෙස බවයි මා නම් සිතන්නේ. මගතොටකදී ගැහැනියක් දකින ලංකාවේ පිරිමින් බොහෝ විට සිතන්නේ එම ගැහැණිය නිරුවත් වූ කළ කෙසේ වෙයිද, නැත්නම් එම ගැහැණිය සමග සංසර්ගයේ යෙදෙන්නේ කෙසේද යන්නයි. බටහිර රටවල මේ තත්ත්වය ඉතාමත්ම අඩුයි. හේතුව ඒ රටවල ගැහැණු, මිනිස්සුන්ට ලිංගික නිදහස ඇතිතරම් තිබෙන නිසා.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ නෙමෙයි, ළෝකයේ ඕනම රටක තරුණ අයගේ දෙබසක් ඔතන තියෙන්නේ. (ඉන්ගිලිසි ෆිල්ම් එහෙම බලන්නේ නැතිව ඇති )

      එකම වෙනස අපේ උන් වගේ කුණුහබ්බ කියලා විහිළු කරන්නේ නැති එක.. අනික නීතියට තියෙන බය සහ ඒ නිසා ලද හැදියාව..

      Delete
    2. ඉංග්‍රීසි චිත්‍රපට කියන්නේ යථාර්තයමද? මා ඉහත ප්‍රකාශය කලේ චිත්‍රපට බලා නොව විදෙස් රටවල් ගනාවක ජීවත්වී මා අසූ දුටු දේ අසුරෙනුයි.

      Delete
    3. අපිත් ජීවත් වෙල තියෙනවා... ඒවලත් මෙහෙම තමයි...

      Delete
  20. ෂෝයි...
    අටම්පහුර, හැලප කඩේ වගේ ගතියකින් යන එකක් වගේ...
    පෝස්ට් එක එළ... නිතර මේකේ වැටෙන ඒවා අතරේ අතරින් පතර හරි මේවාත් දාන එකට මම කැමතියි...

    ReplyDelete
    Replies
    1. මත් කැමතියි මේ වගේ දේ ලියන්න.. ඒත් කලටිපොල් වලට ඊට වඩා කැමතියි..

      Delete
  21. ගෙදර ඉදන් කොමෙන්ට් කරන නිසා හිතේ තියන අදහස ලියා ගන්න බැහැ. හෙට ඔපිස්යට ගියාම ලියන්නම්.
    ගාර්මන්ට් වල වැඩට ආපු කලේ ඇන්ටිලා තමයි එයාලගේ අතින් වියදම් කරන් අපිට අත්දැකීම් දුන්නේ. අනේ පිං සිද්ද වෙනවා ඒ ඇතියන්ට.

    ReplyDelete
    Replies
    1. මගේ මිත්තරයෝ කීප දෙනෙකුත් ඔය කතන්දරේ මත් එක්ක කියලා තියෙනවා...

      අනේ ඒ ඇත්තියෝ නිවන්ම දකින්න ඕනා...

      Delete
  22. මහින්ද මහත්තය ආයෙමත් පිස්සුවක් කෙල ඇති නිසා පරන ටර්ක් එකටම එන එක බුදු ශුවර්ය.

    එයිටාමතරව කියන කතාන්දර නම් මම දන්නෙත් නැතිය, දැක්කෙත් නැතිය.

    රොකට් රෝහිණී ඇන්ටි වලකජ්ජ ගහන්න කලින් ඒ ගැන ලියනවානම් මාර මෙව්වා එකය. (භාෂාව උපුටා ගත්තේ-මාතලන්®)

    ReplyDelete
    Replies
    1. ඒකනේ බලහන්කෝ එයා කියනවනේ එයා හොරුත් එක්කමයි කියලා... ඉතින් කොහෙද රෝහිණී ලියන්නේ...

      Delete
  23. මාතලන් = ගොබ්බයා

    ReplyDelete
    Replies
    1. උඹලා වගේ උන් එක්ක ඉන්න කොට උඹලට අපි ගැනත් එහෙම හිතෙන එකේ වරදක් නෑ බං

      Delete
  24. ඒ කාලෙ සෙනෙහෙකොලවලට අනිත් උන්ට කවි ලියලා සපෝර්ට් කරපු තරමට හරිනං අපේ නමිනුත් වැලන්ටයින් දිනේ පැයක් හමාරක්වත් නම් කරන්ඩ වටිනව.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න