.

.

Apr 27, 2016

බ්ලොග් වසන්තේ හා අවුරුදු උස්සවේ - Festival Season for Bloggers in Siri Lanka


 
බොග දාන උන්ට වසන්ත කාළේ පටන් ගත්තේ, "නෙළුම් යාය" බ්ලොග් සම්මාන උළෙලත් එක්ක. වසන්ත ආයේ ගෙදර යන්න කලියෙන් ඔන්න මෙන්න තියලා තවත් ඉවෙන්ට් දෙකකටම ඇවිත් යනවලු. එකක් "බොග් වසන්තය." මේක අපේ පැන්සන් ගියපු බොග් සීයලගෙ වැඩක්. (එයාලා අවුරුදු කාළෙට මක්කදෝ එකක් වෙලා ආයෙ බොග දාන්න පටන් ගන්නවා. වයසක ඩෑල් වලට බොග දාන්න කොහොමත් අමාරුනේ. එත් ඉතින් තෑගි එයාලා අතරේ ඉතරක් නෙමෙයි හැමදාම තරුණ අපි වගේ අය අතරෙත් බෙදනවා. ("තරුණ"... හැක.... හැක...)

එයාල කොච්චර ප්‍රජාචන්ච්‍රවාදීද කියනවා නම්, මහින්ද මහත්තයා වගේ ඡන්ද ක්‍රමය ගැන සෑහෙන විස්වාසයක් තියෙන උදවිය. ඉතින් මේ වැඩේට ඡන්දයකුත් තියෙනවා. මාත් ගොහින්න් ඡන්දේ දාලා ආවා. ඉතින් ඔහේලත් කැමති නම්, ඔය මගේ බොගෙත්, උඩ දකුණු අත පැත්තේ තියෙන්නේ "බොග් වසන්තගේ ඡන්ද පොලට.." කියලා පොඩි ගැජට්ටුවක්, අන්න ඒක උඩ කෙටුවාම, ඡන්ද පොලට ගොඩ වෙන්න පුළුවන්. 

හොර ඡන්ද දාන්න බැරියෙයි කියලා තමයි කොමසාරිස්වරු නම් කියන්නේ. ඒත් ඉතින් පෙන්ටගන් එකටත් ඇරපු උන් ඉන්න මේ ළෝකේ, ඕවා කාටද විස්වාස කොරන්න පුළුවන් අප්පා.

ඒ අවු අස්සේ බොග දාන උන් ඉතරක් නෙමෙයි, බුකියේ මල් කඩන උනුයි, කෙල පෙරන උන් පවා සහභාගි වන, සයිබරයේ උන්ගේ වැඩිම සහභාගීත්වයක් තියෙන, "සයිබර් සිහිණ මක් මහ උළෙල" හෙවත් සයිබර් අවුරුදු උත්සවේ, හය වෙනි වතාවට මෙවරත්, අප්‍රියේල් 30 වනදා, <<වැල්ලවත්ත කුරේ ග්‍රවුන්ඩ්>>එකේ පැවැත්වෙනවා.

කෑමත් කන්න බලාගෙන මේකට එන උන් ඉන්නවා නම්, සුපියල් 250 ක් දීලා නම ගම <<මේන් මේ ලින්ක් එකෙන් ගිහින්>> දුන්නාම, නොමිලේ බත් පැකට් එකකුයි වතුර බෝතලේකුයි (වතුරට ගිය කල) හැන්දෑවට පොඩි රිෆ්‍රෙෂ්මන්ට් එකකුයි හම්බ වෙනවලු.

වැඩි විස්තර ඕන එකෙක් ඉන්නවා නම් <<මේන් මේ ෆේස්බුක් ලින්ක් එකෙන්>> ගිහින් විස්තර දැන ගන්න පුළුවන්..

එහෙනම් අප්‍රේල් 30, වැල්ලවත්ත කුරේ ග්‍රවුන්ඩ් එකේ සෙට් වෙමු. සෙට් වෙමු කිව්වේ ඉතින් අපේ අයට ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ.

77 comments:

  1. හවස් වෙනකං ඉන්න බෑ උදේම වගේ සැට් වෙමු මාතේ.

    ReplyDelete
    Replies
    1. හෙනහුරාද හැන්දෑවට පොලොස් මාමලාගෙන් බේරෙන්න කොහොමත්ම අමාරුයි...

      Delete
    2. ඩෝන්‍ට් ඩ්‍රින්ක් & ඩ්‍රයිව්. දිසිස් යහපාලන. :-)

      Delete
    3. ඒකනේ අපි මේවගේ තැන්වලට රෝද ගොඩාක් තියන දිගම දිග වාහනයක එල්ලිලා එන්නේ.

      Delete
  2. Replies
    1. මොකෝ හැක හැක ගාන්නේ.. පොල දවස නිසාද...?

      Delete
  3. අර ඡන්දෙ දාන මෙව්ව එකේ කමෙන්ට් කරන එවුන්ගෙ මෙව්ව එකට අපේ "තිසර"ගෙ නම දාන්න ඕන. කවුරුහරි ඒ වැඩේ කලානං

    ReplyDelete
    Replies
    1. මේක දැක්කොත් කරයි නේ...

      Delete
    2. හා.. කොරන්නම්.. (අඩෝ මාත් ඒකෙ ඇඩ්ඩින් කෙනෙක් තමයි හරිය..)

      Delete
    3. ඔන්න දැම්මා. දැන් ගිහිල්ල දෙන්නම ඌට චන්දේ දීපල්ලා..

      Delete
    4. එතකොට ඇඩ්ඩිං අයියත් වයසයිද?

      Delete
    5. අරාබි වසන්තය මක්කටද කැනබරා වලට කියල හිතන්නැති.. හැක්..

      Delete
    6. ස්තුතියි.. සිංහයාව අමතක උනා.. කැනබරා වල නංගි තමා මතක හිටියේ.. (මතක ඇතිනේහ්)

      Delete
  4. එහෙනං. මාත් හෙට දාන්න හිටියේ පොස්ට් එකක්. දැං ඕනම නෑ.. තැන්ක්ස් මාතා..

    ReplyDelete
    Replies
    1. දේෂා, මයෙ දෙයියො ඔයා එනවද?
      ඔයාගෙ මූණ බලන්න ආසමයි

      Delete
    2. හෙටත් ඉතින් පොල්ල තමයි... පොලු දෙයියා..

      Delete
  5. එන්න ලැබෙන්නෙ නෑ.. ගමේ යොදාගත් පොදු වැඩක් තියෙන නිසා. සාර්ථකත්වයට සුබ පැතුම්...

    ReplyDelete
  6. අපිට ඉතින් එන්න අමාරුයි..කවුරු කවුරු හරි අපිටත් චන්දයක් දුන්න නම් හොඳයි අයිබෝවන්ඩ.

    ReplyDelete
    Replies
    1. මෙන්න කැම්පේන කරනෝ....

      Delete
  7. මේකෙ ඇගිල්ලෙ පාට ගාන්නෑ නේද මාතෙ... ;)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඇඟිලි කේස් නෑ... එහෙම අය නෙමෙයි වැදගත් අය...

      Delete
  8. ඡන්දෙනම් දුන්නා. සයිබර් හීනෙට එන එක ෂුවර් නෑ.

    ReplyDelete
  9. ඡන්දෙ දුන්න ඔන්න මාතලන්... සුබ පැතුම් අවුරුදු උත්සවේට.

    ReplyDelete
  10. මාතලන් ලොක්කා...

    මේ වගේ වැදගත් පෝස්ට් එකක් වෙනුවට මඩක් කාරිය හතරවටේ වනලා අපටත් ෆන් එකක් ගන්න විදියේ කොමෙන්ටු කොටන්න පුලුහන් ලිපියක් ඉස්මනට පල කොරන්නකෝ මෙයා!

    ReplyDelete
    Replies
    1. ස ර ස තුමා...

      1 වෙනිදා කිල්ලපනට යන්නේ නැතුව 30 වෙනිදා වැල්ලවත්තට යන්න මෙයා.

      Delete
    2. // ස ර ස තුමා...

      1 වෙනිදා කිල්ලපනට යන්නේ නැතුව 30 වෙනිදා වැල්ලවත්තට යන්න මෙයා. //

      ඇත්තටම යන්නම හිතෙනවා මෙයා!

      Delete
    3. //// මේ වගේ වැදගත් පෝස්ට් එකක් වෙනුවට මඩක් කාරිය හතරවටේ වනලා අපටත් ෆන් එකක් ගන්න විදියේ කොමෙන්ටු කොටන්න පුලුහන් ලිපියක් ඉස්මනට පල කොරන්නකෝ මෙයා! ////

      සරස තුමාගේ බොක් එකේ ඇනෝ කොමෙන්ටු කොටන්න දෙනවා නම්, කොටඤ්ඤං කොමෙන්ටු හතර අතටම ෆන් ගන්න.

      ඕං කිව්වා!

      Delete
    4. ඕන් ඒකාබද්ධ මල බද්දේ උන්ට ශාලිකා එකට ඇතුල් වෙන්න දීලා නෑ... කේස් තමයි... ගොන් ආන්ඩුවක්...

      Delete
    5. // ඕන් ඒකාබද්ධ මල බද්දේ උන්ට ශාලිකා එකට ඇතුල් වෙන්න දීලා නෑ... කේස් තමයි... ගොන් ආන්ඩුවක්... //

      ඔහෙලගේ හුටන් තුමා ටිකක් විතර ම්ඤ්ඤන් වෙලා වගේ නේද මාතලන් ලොක්කා?

      Delete
    6. හිටං තුමා නම් මගේ කවුරුවත් නෙමෙයි සා රසෝ. මඤ්ඤං කෙලියොත් මහින්දට කල දේම මිනිස්සු මෙයාටත් කරයි. ඒ ගැන කිසි සැකයක් තියා ගන්න එපා. ඒ වගේම විකල්පයත් මහින්ද නම් නෙම්‍රයි.... කීයටවත්

      Delete
    7. සා රස තුමා සහ මාතලන් ළමයා එකම ඉස්කෝලේ නේද ඉගෙන ගත්තේ?

      Delete
  11. මාතයියේ ඡන්දය දුන්නා. අවුරුදු උත්සවය අතිශයින්ම සාර්ථක වේවා..!!!

    ReplyDelete
  12. මාතයිය එනවනං මාත් එනව ඕං බියර් බෝතලේකුයි මාතට ඌ බොන ජාතියෙ එකකුයි අරං...
    නැත්තං ගෙදර බුදියගන්නව හිටං..
    මේ ඒක නෙවෙයි මහින්ද මහත්තයා වගේ ඡන්ද පොලට ගිහිං මටම ඡන්දෙ දාගන්න ක්‍රමයක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. මල්ලි ඔයා උඩුවා නෙමෙයි උඩු බිරුවා........

      Delete
    2. උඹේ ටැලිපෝන් නොම්මරේ බුකියේ මැසේජ් එකකින් එවපන් උඩුවෝ...

      Delete
  13. අඩෝ මාතෙ මේ, උඹල එන්න එපා අපේ එකට ඡන්දෙ දාන්ඩ හරි. උඹලගෙ ඡන්ද, පබ්ලිසිටි නැති උනාට අපිට ඕන තරම් මිනිස්සු ඉන්නව හරී. මෙතන එනව, මගෙ පෝස්ට් එකට ඡන්දයක් දීහන් කියල කියන්න, අපි නොදන්න මාතලන්ගෙ පබ්ලිසිටි.

    දේශ, වරෙන් පොඩ්ඩක් මල්ලි සප් එකට ඈ.

    ReplyDelete
    Replies
    1. ලොක්කා ඔයා හිතනවද ඔය ලමාතන් දුන්නේ හරි වලංගු චන්දයක් කියලා ....UK.ධර්මයාගේ සමකාලින පාසැල් මිතුරෙක් වුනු ඔහුට අහවල් යායේ 2014 දී වසරේ හොඳම පොර කියලා තේරුවේ ඇයි කියලා සිතෙන්නේ නැද්ද මොනවත් ඒගැන

      Delete
    2. ඕක මෙහෙමයි. අජිත් ධර්මාගෙ ඉඳන් අභීත දක්වාම බ්ලොග් ලෝකයේ ඉන්නේත් රාජපක්ස අලිබබා සහ හොරු කල්ලිය වගේම දූෂිත, අශීලාචාර, වංචාකාර කම්බ හොරු රැලක්. බොරුවට එක හොර රැලක් තවත් හොර රැලකට මඩ ගගහ උන්ගෙ ගාන කපාගන්න කරන සිල්ලර වැඩක්. චැරිටි කිය කිය හිත හොඳ මිනිස්සුන්ගෙන් දත ගලවන කම්බ හොරු.

      Delete
    3. අයියෝ ඕවා මොනාද? දූෂණයට තිත තියනවා කියපු යහපාලනය අර රාජ්‍ය මුදල් අවභාවිතය කියලා සහ තමන්ටම අයිති පෞද්ගලික ගුවන්යානයක් බණ්ඩාරණායක ගුවන් තොටුපලේ කුළී රහිතව ගාල් කලා කියලා මාස ගානක් බන්ධණාගාර ගතවෙලා හිටපු සජින් වාස් දැන් අන්න නිදහසේ ගාල්ල සමනළ ක්‍රීඩාංගනයට සෙනඟ අදිනවාලු!

      ඒ විතරක්ද මහින්දගේ කාලේ සජින් වාස්ගෙන් කනේ පාරක් කාපු ක්‍රිස් නෝනිස්ව විදේශ කටයුතු උපදේශක කියලා දැන් ඉන්න ජනාධිපති පත්කර ගෙන දැන් අනිත් පැත්තෙන් සජින්ව ආසන සංවිධායක කෙනෙක් කරගෙන.

      මොහොතකට හිතන්න යහපාලනය මුවාවෙන් ලංකාවේ බහුතරයක් ජනතාව රවට්ටලා තියෙන්නේ හුදෙක්ම හිටපු තක්කඩි ටික එලවලා තවත් තක්කඩි ටිකක් බලේ අල්ලගන්න කරපු කුමන්ත්‍රණයක් විතරයි. නොදකින් ඡන්දෙ දීපු අපි අපිටම තලාගන්න ඕනෙ මඩුවලිගවලින්.

      Delete
    4. අනේ ඩෝ... මම ඡන්දේ දාන්න ගිය වෙලේ ප්‍රකාෂිත ඡන්ද ගාන දැකලා මගේ පපුව වාවන්නෙ නැතුව ගිය නිසා දැම්මා මිසක්.... දෙයි තොපිට පබ්ලිසිටි මම...

      Delete
  14. කන්ඩත් දෙනවැයි.....

    ReplyDelete
  15. එන්න වෙන්නෙ නැති හින්ද හරි හිතට අමාරුයි වැඩේ ජයට සංවිදානය වන වග පෙනෙනවා. ජයවේවා !

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ලස්සනට කරන වැඩක්....

      Delete
  16. ඉඳින්කො වෙබ් වර්සොන් දාල ඔය ච්න්ද පොල බලාකියාගෙන එන්න ඔක්කොටම කලින්.

    ReplyDelete
    Replies
    1. බලලා ඡන්දෙත් දාලම වරෙන්...

      Delete
    2. දැම්මා හතරක්ම.. පහක් කිව්වට පහක් මාර් කොරල සබ්මිට් කොරන්න බෑ නොවෑ.

      Delete
  17. බලමු...එන්න හිතාගෙන ඉන්නේ. වැඩි වෙලා රැඳෙන්න වෙන්නෙ නෑ වැඩ කරන සති අන්තයක් නිසා (ඔන්කෝල්) තෑගි පොත් නම් අනිවාර්‍යයෙන් එවනවා !

    ReplyDelete
    Replies
    1. පොත් බෙදීම නම් බොහොම හොඳ වැඩක්...

      Delete
  18. සව්බර අවුරුද්ද.. හෙහ් හෙහ්..සාර්ථක වේවා.. සිනා බෝ වේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
  19. වසන්ත කුරේ!!!!!!! දෙකටම ජයවේවා!!!

    ReplyDelete
  20. තුක්, නොදකින් පනික්කියාගේ ලින්ක් මෙහෙ දාන්න එපෝ.....

    ReplyDelete
  21. ගිනි අව්ව තපිමි සහරාවක් වැන්නේ...
    හොද වතුර නෙවේ ලුනු වතුරයි බොන්නේ...
    දෙන දෙයක් ඉතිං කා බී ගෙන ඉන්නේ....
    දුර ඈත නිසා මං කොහොමද එන්නේ....

    ReplyDelete
    Replies
    1. දුක තමයි රජෝ... ඒත් උඹලා මේ රටට කරන සේවය ඊට වඩා වටිනවා...

      Delete
  22. Replies
    1. ඕන් සින්ඩියේ එල්ලුවා...

      Delete
    2. ඔය වගේ වැඩවලදි හිතේ දෙකක් නැතිව වැඩ කරන උඹ බ්ලොග්ස් වලට පොරක් !!!!!! සත්තයි.

      Delete
  23. whats this. Mithri come to the blogwasanthaya? if govenment sponser thats good. My congatulason to all you blog wasantaya

    ReplyDelete
  24. සා රස නමැති මරාගේ චක්ගෝල අපතයාණනි,

    උඹට පිලිතුර මේ පහල ලින්කුවේ ඇති. මේක කියවල බලල පුලුවන් නම් රිප්ලයි කරන ලෙස මම අභියෝග කරමි

    https://goo.gl/EVries

    පුලුවන් නම් මේකට උත්තර දීපන් හාල්පාරුවෝ

    ReplyDelete
  25. සා රස නමැති අන්ත දූශිත මරාකල්ලියේ හොරි කහන ගිනි පිඹින චක්ගෝල අපත හාල්පාරුවාණනි,

    උඹට පිලිතුර මේ පහල ලින්කුවේ ඇති. මේක කියවල බලල පුලුවන් නම් රිප්ලයි කරන ලෙස මම අභියෝග කරමි

    පුලුවන් නම් මේකට උත්තර දීපන් වල් පාහර සෙවලයෝ;

    https://goo.gl/EVries

    Reply if you have guts you idiot.

    ReplyDelete
    Replies
    1. සා රස සංවාදයේ යෙදෙන්නේ ඉතාම වැදගත් විදියට... ඒ ආකාරයෙන්ම සංවාදයේ යෙදනවා නම් තමයි වටින්නේ..

      Delete
    2. // සා රස සංවාදයේ යෙදෙන්නේ ඉතාම වැදගත් විදියට... ඒ ආකාරයෙන්ම සංවාදයේ යෙදනවා නම් තමයි වටින්නේ.. //

      තැන්කූ මාතලන් තුමෝ....


      // පුලුවන් නම් මේකට උත්තර දීපන් වල් පාහර සෙවලයෝ;

      https://goo.gl/EVries

      Reply if you have guts you idiot. //

      ඔහෙටත් තැන්කූ ඇනෝ තුමෝ....

      Delete
    3. //සා රස සංවාදයේ යෙදෙන්නේ ඉතාම වැදගත් විදියට...// සහතික ඇත්ත. සා රසය බය්ය උනත් මමත් ඌට ගරු කරනව ඒකට.

      Delete
    4. හහ් හහ් හා. රනිල් හාමුගේ (වෙන්ඩ පොශ්) අමුම අමු ගොබ්බ ගැරඬි බයියෙක් මරාටත් උගේ කම්බ හොර කල්ලියටත් රෙදි නැතුව කඩේ යන පොශ් බයියෙක්ට ලයික් කොරල තියෙන්නෙ.

      Delete
  26. //සා රස නමැති මරාගේ චක්ගෝල අපතයාණනි, //

    ඔබේ කාරුණික වදනින් මා සිත පිනා ගියා ඇනෝ පින්වත!

    ReplyDelete
  27. //සහතික ඇත්ත. සා රසය බය්ය උනත් මමත් ඌට ගරු කරනව ඒකට. //

    බයි බයි බයි බයිය බබා....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න