.

.

Jun 3, 2017

ස්වාභාවික විපත් ඇනුවල් ඉවෙන්ට කර ගනිමු..ඇනුවල් පිරිත් දෙකකට සෙට් වෙමු.. - Lets celebrate Natural Disaster Annually




සුවභාවික විපත් ලෝකය මැවූවායැයි කියනා දෙවියන් වහන්සේටවත් නවත්තන්න පුළුවන් ඒවා නොවේය. ඒත් දැන් ට්‍රම්පට් අයියා හැර ලෝකයේ එනෙක් බලවතුන් මේ ගැන මක්කා හෝ කරන්න යනවාය. අම්මට සිරි ලංකාවේ උන් ඉන්නේ එසේ වෙනසක් කිරීමට උත්සාහ කරනා උන් එක්ක නෙමේය, නාහෙට නාහන පිස්සු යකෙක් වෙන ට්‍රම්පට් අයියාගේ පැත්තේය. මේ විපත් වලට හැම එකාම මහින්දටයි, සිරිසේනටයි, රනිල්ටයි එද ඉඳන් රට පාලනය කරපු උන්ගේ පලු ඇරියාට උන්ටම ඉතරක් දොස් කියලා හරියන්නේ නැතිය. 

චාරයක් නැති සංවර්ධනය, පාලන ක්‍රමය මෙන්ම චාරයක් නැති ජහමනයාද අනෙක් උන්ටත් වඩා මේවාට වග කිව යුතුය. වගුරු බිම් ගොඩ කර ඒවායේ පදිංචියට එන්නා දේසපාලුවා නොවේ, උන්ට කඩේ යන බත් බැලයන්ය. ආන්ඩුවේ ඉඩම් බලෙන් අල්ලා ඒවායේ පදිංචි වන්නේත්, කැලෑව එලිකොට වගා කරන්නේත් දේශපාලුවන් නොවේ උන්ගේ බත් බැලයන්ය. ජනතාව මේවාට විරුද්ධව කටක් හොල්ලන්නේ නැති අතර. ඒවා කරනා උන් සලකන්නේ විරුවන් ලෙසය. පාර්ලිමේන්තුවේ ඉන්නා අති බහුතරය මෙවන් ගොන් නාම්බන්ගේ මනාපයෙන් පත්ව ආ මෙවන් පරිසර පාලුවන්මය. උන් බලය වෙනුවෙන් නොකරනා දෙයක් නැති අතර, ජනතාවද තම වාසිය වෙනුවෙන් අම්මා අප්පා උනත් විකුණා දමන බවට පත්වී හමාරය. 

කලින් කියුවා සේම සුබාවික විපත් කිසිවකුටත් වැලැක්විය නොහැකි වූවද, ඒවා පාලනය සඳහා මිනිසාගේ මැදිහත්වීම සුබාවධර්මේ පරදා වුවද කළ හැකිය. එහෙත් එවන් සොලියුසොන් පාලකයන්ට මෙන්ම ජනතාවටද ඇත්තේ නැතිය. මොලයක් තියෙනා උන් නම් කඳු පාත් වී මියයන තෙක් නොසිට ආරක්ෂිත ස්ථානයකට දුව යන එක කරන්නේය. එහෙත් අපේ හාල්පාරුවන් සිටින්නේ කෙලවෙලා යනකන්මය. ඉන් පස්සේ මර ලතෝනී දෙනවාය. ආන්ඩුවේ උන්ට මේවාට සොලියුසොන් නැත්නම් හැම එකාම කළ යුත්තේ ජේ ආර් පප්පා කීවාක් මෙන් තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගැන්මය. 

මින් පෙරද මෙවන් වැසි ලංකාවට ලැබී ඇති මුත්, දැන් දැන් මෙවන් විපත් ඇසීමට සිඳුවන්නේ ඇයි කියා සිතා බැලිය යුතුය. එයට ප්‍රධාන හේතුව කිසිම සැලසුමක් නැති නිවාස ඉඳිකිරීම හා වගාවන් බව දැනටමත් ඔප්පු වී හමාරය. දේශපාලුවන් හා තග දමා එලි පෙහෙලි කොට, මහා වැසි වලට හෙළුවෙන් තැබූ මහ පොලොවට වැස්ස වලාහක දෙවියන් පුක නැති වෙන්නම දෙන්නේ අඩෝ උඹලාද චන්ඩි මමද චන්ඩි කිය්න්නැහේය. අද සුබාධරෙමේට කෙලපු චන්ඩීන්ට බල්ලෝ වගේ ඉන්න වෙලා තියෙන්නේ අවුරුදු පහක් දහයක් යන්නටත් මත්තෙන්ය. 

ඒ නිසා අප දැන් කළ යුතු වන්නේ, වෙසක් පොසොන් ක්‍රිස්මස් වාගේ මේකත් ඇනුවල් ඉවෙන්ට එකක් කර ගැන්මය. "ඇනුවල් ඩිසාස්ටර් සෙලබෙරේසොන්" ලෙස එය නම් නම් කොට ඇනුවලි සෙලබෙරේට් කොල හැකිය.

නියඟය නැති වෙන්න පිරිත් කියාපු උන්ම, දැන් වැස්ස නැති වෙන්නෙයි කියා පිරිතක් කියා පිරිත් නූල් ජනතාව අතරේ බෙදන්න ලෑස්ති වෙනවාය. ඒවා ජනතාවගේ අතේ නොව, තොපේ පුක වටේ ඔතා ගනින් කියා ජනතාව කියනවාය. ගමේ පන්සලේ හාන්දුරුවරු උයා පිහා තම දායකයාට තුන් වේල සැපයුවද, මේ මහා නායකයෝ  රටම මැරුනත් කොරන්නේ ඔච්චරය. දළදා මාලිගාවෙන්, අස්ගිරි පන්සලෙන්, මල්වතු පන්සලෙන් එකඳු ආධාරයක් ලබා දුන් බවක් නම්, අප අද වන තෙක් අහලා නැත්තේය. 

ඒ නිසා ඔය පිරිතත් අවුරුද්දට දෙසරයක්ම දා ගත්තාම වැඩේ හරිය. එහෙම නැත්නම් කළ යුත්තේ වර්ග සැතපුම් 25,330 නූලකට පිරිත් කැටි කොට, රට වටේම එල්ලා තියනා එකය. එතකොට සුබාව්ක විපත් වලින් පමණක් නොව, බටහිර අධිරාජවාධි කුමන්ත්‍රණ, චීන කොලොනියක් වීම, ඉන්දියානූ අත පෙවිම් නවතිනවා ඉතරක් නොව, නානසාරලාට හැංගි මුත්තා හැංගියෝ කොරන්නවත්, හොරා පොලිස් කොරන්නවත් ඕනා වෙන්නේ නැති සේක. ඒ වාගේම, ඇල්ලේ ගුණවංශගේ, බේංගමුවේ ආලවකගේ ලේ කෝපවීම්ද ඒ හේතුවෙමන්ම නැවතිලා යන්නේය. තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාද නිකංම කිච වී යන අතරේ, පන්සල් වල ඉන්නා විසුනු, කතරගම, කාලි, ඝණ ආදී එකි මෙකී නොකී සියළුම වන ටිකත් අම්බානක කිච වෙලාම යන්නේය. 

විශේෂ:- 

මේ අවස්ථාවේ මාතලන් විශ්වාස කොට, මාතලන් මාර්ගයෙන් ඟං වතුර ඩිසාස්ටර් වෙනුවෙන් මුදලින් උදව් උපකාර කළ සියළුම දෙනාට ඉස්තූතීවන්තවනාතර, ((මා කළේ මැදිහත්වීමක් පමණී) මෙවන් අවස්ථාවල මෙන්ම, කළාකරුවන් වෙනුවෙන් උදව් උපකාර කරනා සියළු දෙනාමද මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුමය.)) 

දින ගනනක් තිස්සේ නිදි නොලබා මේ වෙනුවෙන් කැපවු සයිබරයේ මිතුරු මිතුරියන් වන සයිබර් වරිගේ උන්ඩියා, නදී වාසලමුදලිආරච්චි, චමීර ජීවන්ත දෙද්ද්දුවගේ, නලීන් දිල්රුක්, කසුන් පුස්සවෙල මෙන්ම චතුර වෙල්ලගෙ මෙන්, එකි මෙකී නොකි සියල්ලන්ටම මල් මිටක්ද පුද කරමින් මේ පල් හෑල්ල මෙතෙකින් නවතා දමනවාය..

ඔබ සැමට රට පුර පන්සල්වල් ඇති ඇට වල පිහිටමය...!!!

41 comments:

  1. මාතලන් මාර්ගයෙන් ඟං වතුර ඩිසාස්ටර් වෙනුවෙන් මුදලින් උදව් උපකාර කළ සියළුම දෙනාට ඉස්තූතීවන්තවනාතර, ((මා කළේ මැදිහත්වීමක් පමණී)

    ලොක්කා බජට් ගැජට් පෙනේවන්නේ නැත්නම් ඉතින් ගේමක් දීපු එවුන්ගේ එකවුන්ට් එකට තමයි නම
    යන්නේ.
    කාගේත් බද සුද්ද වෙන්නේ ඕක පෙනුනොත් විතරයි මාතලන් ලොක්කා

    ReplyDelete
    Replies
    1. කවුද හැදුවේ බජට් එක මංගල නේද

      Delete
    2. අපෝ නෑ... ළෝක බැංකුවෙන් කොලේ

      Delete
  2. මාතා,

    //නාහෙට නාහන පිස්සු යකෙක් වෙන ට්‍රම්පට් අයියාගේ පැත්තේය. //

    අපේ පැත්තෙන් කෙසේ වෙතත් ඇමරිකාවේ ජනතාව පැත්තෙන් නම් ට්‍රම්පට් කාරය නිසා හොදක් සිදුවෙයි මොකද ඔහු ලෝකේ වටේ කරන යුද්ද අඩුකරන නිසා, නිකන් හිතපන් මචෝ ජෝර්ජ් බුෂ් ගේ කාලේ ඉරාකෙට බොරු චෝදනා මත යුද්දෙට ගිහිල්ල කෙලෝ ගෙන ඉන්න වෙලේ දැන් ලොක්ක හිමින් තම ආදර අඩුකරමින් ඉන්නවා.

    //අද සුබාධරෙමේට කෙලපු චන්ඩීන්ට බල්ලෝ වගේ ඉන්න වෙලා තියෙන්නේ අවුරුදු පහක් දහයක් යන්නටත් මත්තෙන්ය. //
    එහෙම නම් වෙලා නෑ මචෝ මොකද ඔය කැලෑ කපපු දෙසපලුවෝ යහතින් ඉන්නේ වැඩිය ඕනේ නෑ රිෂාඩ් බදිව්දීන් ගැන බලපන්

    ශ්‍රී ලංකාව ගැන හිතපුවම මට තෙරෙන දේ තමයි ලාංකිකයන් කියන අනන්‍යතාවය අපට නෑ අපි මේ රටට ආදරය කිරීමේ කිසිම හැගීමක් නැති ජාතියක් වෙලා, නමුත් තවම සංස්කෘතියෙන් ඇවිත් තියන අනුන්ට පිහිට වීමේ ගතිය මිනිසුන් තුල තියෙනවා, මෙය තේරුම් ගන්න ඇමරිකාවේ කට්රිනා කුනාටුව උනාම සිදුවුණ සිදුවීම් බලන්න පුළුවන්.

    අපිට ජාතික හැගීමක් නැත්තේ මෙරටේ අපේ කියන සංස්කෘතික අංග අප නිදහස ඇතිවීමෙන් පසු අතිකර නොගත් නිසා, සංස්කෘතිය ගැන කිව්වම මම පොඩි උදාහරණයක් දෙන්නම් නිකන් ගන්න සිංහල සංගීතය දිහා, මිට විශාලම සේවයක් කරලා තියෙන්නේ සුනිල් ශාන්ත මහතා, ඔහු ශාන්ති නිකේතනයේ දී ඉහලින්ම සමත් වෙලා ශ්‍රී ලංකාවට පැමිණිලා ශ්‍රී ලාකික අනන්‍යතාවයට ගොචර සංගීතයක් නිපදවනවා, මේ සංගීතය ශ්‍රී ලංකාවේ ඉක්මනින් ප්‍රචලිත වෙනකොට ශාන්තිනිකේතනයේ බාරතිය රාගධාරී සංගීතය හදාරන අයට ඇති තත්වය නැතිවෙනවා, මේ පිරිස කුමන්ත්‍රණ කාරී ලෙස සුනිල් ශාන්තයන් ව ඉවත් කිරීම යි කරන්නේ.

    අද ලෝකයේ පිළිගත් කලාකරුවන් ලෙස සිටින මහත්මා චරිත රගන මේ මිනිසුන් කොතරම් කුහක මිනිසුන් රැලක් ද කියන දේ ටිකක් කල්පනාවෙන් බලනවිට පෙනේනව. මේවගේ අවාසනාවන්ත දේවල් වලින් තමයි අපිට ඇතිවෙලා තියන අවාසනා වන්ත තත්වය ඇතිවෙලා තියෙන්නේ.

    මේ ජාතික හැගීමක් නැති මිනිසුන්ගේ මුලිකම දේ තමයි තමන් තරවීම මේක තමයි සිදුවෙන්නේ.

    ReplyDelete
    Replies
    1. රිෂාඩ්ට වැඩිය කැළෑ පාලුවෝ හින්ගල උන් අතර අනන්ත ඉන්නවා.. ඌ කරන්නෙ කැළේ කපන එක ඉතරයි... රත්නපුරේ ඉන්න හැම එකාම මහා පරිමාන යන්තර දාලා පතක් කපනවා, නමුත් කරුමය නම් ඒවා කරන උන් බේරිලා උන්ගේ බත් බැලයෝ ඉතරක් ඒවයේ ගොදුරු වෙන එක. වෙලාවක රත්නපුර නගරයම ගිලා බහිනවා... මම අද කිව්වා කියලා මතක තියා ගනින්. ඒ තරම් ඩැමේජ් එකක් එක නායකයෙකුගේ කාළේ ප්‍රසිද්ධියේම උනා. ඉති එහෙම බැලුවාම රිෂාඩ් ඒවයේ මැක්කෙක්.

      අපේ උන්ගේ ඇති හිත උනුවෙන කමක් නෑ.. එහෙම බොක්කෙන්ම වැඩ කරන උන් පිරිස ඉතාම අල්පයි.. මිනිස්සුන්ට දොස් කියලත් වැඩක් නෑ.. මිනිස්සු රැකියාවන් එක්ක බිසි.. ඔය බත් පැකට් දුන්නා වතුර දුන්නා කියලා මිනිස්සුන්ගේ ප්‍රශ්ණ විසඳෙන්නේ නෑ.. කරන උනුත් වැඩිම උනොත් සතියක් කරයි..

      කළ යුතු දේ වන්නේ ඝෝඨාස් මෙතඩ් හරි අනිගමනය කරලා කළ යුතුම දේ කරන එක..

      Delete
    2. සිංහල උන්ගේ හිත උණු වෙනවා. උඹලා වගේ හාල් පාරුවොන්ගේනම් උණු වෙන්නෙ නැහැ. උඹලට උණු වෙන්නේ රටට වැඩක් කරපු එකාව එළව ගන්න බැරිනම් විතරයි. ගොබ්බයා. දන්න මගුලකුත් නැහැ. නොදන්න මගුලකුත් නැහැ.

      Delete
  3. කලින් වතාවක නියඟය ඇවිත් ජලාශ හිඳුන වෙලාවේ, විදුලය සම්බන්ධව හිටපු අර වඩිග පටුන නටන එකා වගේ ඉන්න සියඹලාපිටිය ඇමති මෝලා, විදුලි මණ්ඩලේ ඉන්න ඌ වගේම තක්කඩි ගෝත්‍රික ඉංජිනේරුවොත් දක්කන ගිහින් දේවාල ගානේ පොල් ගැහැව්ව නේද වැස්ස ඉල්ලලා.

    ඉතිං අම්බානට වහින වෙලාවෙත් ඔය දියවන්නාවේ ඉන්න 'ඩිසාස්ටර් මැනේජ්මන්ට්' එකට සම්බන්ධ මීහරකුන්ට පුළුවන්නේ ' "වැස්ස නවත්තාපන් දෙයියනේ" කියල රට වටේ තියෙන දේවාලවලට ගිහින් පොල් ගහන්න.

    මුන් මේ වගේ බූරු මගෝඩි වැඩ කරන්නේ ඒවාගෙන් ප්‍රතිපල බලාපොරොත්තුව නොවෙයි.

    මේ කාලකන්නින්ට 'ඩිසාස්ටර් මැනේජ්මන්ට්" එකට තියා මොන හත්ඉලව්වකටවත් දිගුකාලීන සාධනීය සලස්මක්වත්, ප්‍රතිපත්තියක්වත් නැති කම වසන් කරගෙන,

    "අපිට කරන්න දෙයක් නෑ, මේවා ඉතින් දියියන්ගේ කැමැත්තට වෙන වැඩ තමයි"

    කියල, උන්ට චන්දෙ දෙන ගොං වාහෙලාට ඒත්තු ගන්වලා උන්ගෙ ඇඟ බේරා ගන්නයි.

    ReplyDelete
    Replies
    1. වැහි පිරිත වගේම
      වැහි ඉස්ටොප් පිරිතකුත් හදන්න වෙනවා

      Delete
    2. වැහි ඉස්ටොප් පිරිත...
      😃😃😃

      Delete
  4. ඇන්සිල්වාJune 4, 2017 at 8:51 AM

    "හෙල්පින් ඩිසාර්ස්ටර්'ස් ත්රූ මාතලන්" ගිණුම විගනනයකට යටත්ද ?
    නැත්නම් පස්සට කරදර වෙයි.... කොල්ලෝ.

    ReplyDelete
    Replies
    1. ගිණුමක් නැත... සම්බන්ධීකරණය පමණි..

      ලංකාවේ හුත්තිගේ පුතාලා ගැන මාතලන් හොඳින්ම දනී...

      Delete
  5. ඇනුවර් ඩිසාස්ටර් සෙලබෙරේසො"න්//////// omg

    ReplyDelete
  6. උපේක්ෂා නුවන්ස්රිනි'ස ඒ වගේ කොමෙන්ටුවක් දාල තිබුන. කට්ට්ටිය මේක ඇනුවල් ඉවෙන්ට් එකක් කොරගෙන කියල. ඇත්තටම මේ යාපා කියන මනුස්සය් විතරක් නෙමේ ඔය ඔක්කොම එකයි. තෙවරප්පෙරුම ජනාධිපති වෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. පිස්සෝ රට පාලනේ කොරන කොට ඔහොම තමයි හිටන්

      Delete
  7. ආපදා කිකිළි බිජු ලෙස එන කලට
    යාපලා කොහේ හිටියත් කිම අපට
    සාපයකි මෙවන් දුදනන් ලද රටට
    වාසනා කරමු මුන්ගෙන් ගැලවෙන්ට

    ReplyDelete
    Replies
    1. යා පකෝ කියා අප මූ හොයන විට
      ආතල් අරන් ඇවිදින් දෙයි මෙහෙ උන්ට
      වැඩි බැරි ටාසන්ලාගෙන් පිරුනු රට
      රෙන්නට හිතයි මුන්ගේ අවලම් කටට

      Delete
  8. කතා කරල වැඩක් නෑ බං මාතෙ ඔය ගැන. 😡

    හැබැයි බුදු මහත්තයෝ, ඔය චැරිටි කියන මළ දානවල් වලට සම්බන්ද වෙන්නෙ බොහොම පරිස්සමින්. මෙච්චර කලක් උබ බ්ලොග් එකේ තියාගෙන ඉන්න ගරු සරු කෙසේ වෙතත් උබේ මනුස්සකම ඔය එක එකා නිසා කෙලවෙලා යන්න පුළුවන්. අන්තිමට උන්ට ලකුණු,
    උබට අකුණු..!!

    ReplyDelete
    Replies
    1. පානීය ජල බෝතල් බෙදා හැරීමේ වැඩපිළිවෙලක් නෙළුම්යාය පදනම විසින් පසුගිය සෙනසුරාදා (3) දිනය පුරා ක්‍රියාත්මක කලේය.

      මුන් එක්ක නේද ඔය ගේම ගියේ එහෙනම් අනාතයි අවො ගියෝ කියලා වැඩක් නැ මාතලන්

      Delete
    2. මේ රටේ උන් ගැන හොදින්ම දන්න නිසා මැදිහත්වීමක් කලා විතරයි මචෝ

      Delete
  9. අද උදේ එනකොට දැක්ක දෙයක් තමයි දෙහිවල කවුඩාන පාර ඉස්සරා ගාලු පාර අතුගාන එකා එකතුකරපු කුණු ටික කාණු කටට තල්ලු කරනවා. මෙච්චර වැහැලා වතුර ගලලා පාරවල් යටවෙන්නේ ඩෙංගු හැදෙන්නේ මුං වාගේ මීහරක් කූනු කානු වලට තල්ලු කිරිල්ලෙන් නේද? මේවා හොයන්නවත් එකෙක් නෑ. එත් නගරසභාවේ සෞඛ්‍ය පරික්ෂකලා අපේ ගෙවල් ඇතුලට ඇවිල්ලා ගෑණුන්ගේ රෙද්ද අස්සේ ඩෙංගු හොයන්න එනවා.

    ReplyDelete
    Replies
    1. කාලකන්ණි දේශපාලුවන්ට හරියන්නම කියල ගොන් මහජනතාවකුත් ඉන්නවනේ. නැත්නම් තමන්ගෙ කුණු ටික පාරට විසි කරල මිදුල ලස්සනට තියාගනිවිද? පිස්සු හැත්ත.

      Delete
    2. මහ උන් කරන කාළකන්නි වැඩ දැක්කාම ඕවා බොහෝම සුළු දේවල් මචෝ

      Delete
  10. ඊළඟ කැබිනට් මාරුවේදී ආපදා කළමනාකරණ ඇමතිකම චතුරට දෙනවලු. ඊටපස්සේ ලංකාවට ආයෙ කවදාවත් නැචුරල් ඩිසාස්ටර් එන්නේ නෑලු.

    ReplyDelete
    Replies
    1. 56 ගං වතුර වෙලාවෙත් චතුර මාර ගේමක් දීලා තියෙනවා...

      Delete
  11. //ප්‍රධාන හේතුව කිසිම සැලසුමක් නැති නිවාස ඉඳිකිරීම හා වගාවන් බව දැනටමත් ඔප්පු වී හමාරය.//

    සම්පූර්ණ ඇත්ත.

    ලංකාවෙ ජනගහණය වැඩිවෙන වේගයට කඳු උඩ හා කැලෑ කපලා මිනිස්සු පදිංචි කරලා හරියන්නෙ නෑ. කොලඹින් පිට පලාත්වලත් තට්ටු නිවාස ඉදි කරන්න ඕනෙ.හැමතැනම ගෙවල් හදන්න දීල හරියන්නෙ නෑ
    දියුණු රටවල පාර්ක්, පොදු ඒරියාස්, එලිමහන් ස්ථාන, හැම තැනම පොඩි කැලෑවල් (woods), නේචර් වෝක්, රිවර් පාත් සහ විශාල ගොවිපලවල් තියෙන්නෙ ක්‍රමානුකූලව මිනිස් වාසස්ථාන ඉදිකරල තියන නිසා.
    එහෙම නැත්නම් අපේ දේසීය සයින්ස්කෘතියට ගැලපෙන විසදුමක් :-
    ගඟ මුල හරියෙන් පිරිත් කලොත් ගංවතුර පිරිත්වතුර කලෑකි.
    කඳු නාය යෑමට හැකි ස්ථානවල මිරිස් හා දෙහි ගෙඩි එල්ලුවෑකි.

    ReplyDelete
    Replies
    1. පිරිත් කැඩි කොට දැම්මා නම් මාහනූබාවසම්පන්නබාවේ තවත් වැඩි වෙනවා අප්පා

      Delete
  12. මැති ඇමැතිවරුන්ට සුඛෝපභෝගී කාර් ලබා දෙන එක වහාම නතර කරන්න ඕනේ. මේ වගේ වෙලාවක ඒවායින් කිසි ප්‍රයෝජනයක් නෑ කියලා හොඳටම පෙනුනනේ.

    ඒක නිසා ඉස්සරහට මැති ඇමතිවරුන්ට හෙලිකොප්ටර්යානා දෙන්න කියලා ජනතාව හැටියට අපි ඉල්ලා හිටින්න ඕනේ.

    අනික ජනතාවගේ කරුමෙට සිද්ධවෙන මේ වගේ දේවල් වලට කර ගහන්න එක ඇමති කෙනෙකුට පුලුවන් ද ? ඒක නිසා ගංවතුරට, නියඟෙට, සුලිසුලං වලට වෙන වෙනම ඇමතිලා පත් කරන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඊ ළඟ එක එනකොට මෙයාලා ඒවත් ඉල්ලයි ගේමක් නැතිවම

      Delete
  13. ටොපික් එක කියෝනකොටනම් මහා කාලකන්නි කමක් වගේ දැනුනේ.. ඒත් කතාව සහතික ඇත්ත.. ලබන පාර බැනර් වලට මෙහෙම දාන්න පුළුවන්.. (අනිවාර්යයෙන්ම දායි)
    "නොකඩවා තුන්වෙනි වරටත් සංවිධානය කරනු ලබන අප මහා ... "

    සෙහ්.. මොන රටක්ද බං මේක?

    ReplyDelete
    Replies
    1. මාතලන් කියූ දෙයක් වැරදිලා නැත
      ගොබ්බ ආන්ඩුවට කිසිවකට විසඳුම් ඇත්තේ නැත

      Delete
  14. බ්ලාහ්
    රටක හැටි.
    චමීර ට ගහල තිබ්බ මඩ පාර දැක්කද
    වැඩක් කරන උංටත් වැඩක් කරන්න දෙන්නෙ නැති තුප්පහි රටක් මාතෙ

    ReplyDelete
    Replies
    1. මක්කු උනත් කමක් නෑ මක්කා හරි කොරනවා නම්

      Delete
  15. වෙන රටවල් වල කෝච්චියක පීල්ල පැන්නත් අදාල විෂය භාර ඇමතිවරයා බොහොම කණගාටු වෙලා වගකීම ඉටු කරන්න බැරි වුනාට සමාවත් ඉල්ලල. “ඉල්ලා අස්වෙනවා “.ඒකට නෙ මෙහේ.... වගකීම ඉටු කරන්න බැරි වුන කතා කෙසේ වෙතත් ඇවිල්ලත් ලොකු ලොකු කතා කියනවා . හරියට අපි එතුමා නැති වෙලාවක් බලල ගංවතුර ගෙනත් දැම්ම වගේ............

    ReplyDelete
    Replies
    1. අන්නේකයි... එයා උන්නා නම් මක්කවත්ම වෙන්නේ නෑ අප්පා

      Delete
  16. ඇමති ලොකු ටෝක් දීලා තිබුනේ 5 වෙනිදා ලක්බිම පත්තරේ.
    "මම රටේ හිටියේ නැහැ කියලා ප්‍රශ්නයක් උනේ නැහැනේ"
    "කිසිම ආණ්ඩුවක් කාලගුණ දෙපාර්තමේන්තුව දියුණු කරලා නැහැ:
    ලංකාවේ පළමු වරට 2016න් පස්සේ මේ රජය බලයට පත් උනාට පස්සේ අපි රක්ෂණ කර්මයක් හදුන්වලා දීලා තියනවා.
    ස්වබාවික විපතකදී මරණයක් වෙනුවෙන් අපි ලක්ෂයක් ගෙවනවා ..කලින් තිබුනේ 15000 යි ..

    ReplyDelete
    Replies
    1. රක්ෂණ ක්‍රමේ ගෙනාවේ ඔය ගොබ්බයෝ නෙමෙයි.... රවී කරුණානයක

      Delete
    2. Paka tamai...rakshanaya prati rakshanaya karal na... hambawei balagena hitapan..

      Delete
  17. වැස්සට එරහිව අපේ ගමේ පන්සලෙත් පිරිතක් කියන්න යනවා...හැබැයි පිරිත් කියන දාට හම්දුරුවන්ට සියලු පහසුකම් සැපයිය යුතුයිලු ..වටේ පන්සල වලින් එන හාම්දුරුවරු නිකන් යවන්න බැරි නිසා
    පිටි පැකට් එකක් , සිනි කිලෝ එකක් , දත් බෙහෙත් එකක් , තව කැමති දේවල් එක්ක රුපියල් 1000 ක් තියලා පිරිකරක් ලැහැස්ති කරන්න කියලා ගමේ පන්සලේ ලොකු හම්දුරුවෝ කිව්වලු ..
    අපේ අම්මත් ගන්න පැන්ෂන් පඩියෙන් තාත්තට පිං පිණිස කියලා ගෙඩි පිටින් 1000ක් එක්ක මේ මාසේ එයාට තේ බොන්න තිබුන පිටි සිනි ටික දීලා ...
    මම හම්දුරුවන්ගේ අම්මට පිං දීලා අපේ අම්මට ආයමත් සිනි පිටි ටික ගිහින් දුන්නා

    ReplyDelete
    Replies
    1. අම්මත් හාන්දුරුවන්ගේ අම්මට පින් අනුමෝදන් කොරලද දන්නේ නෑ දුන්නේ...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න