.

.

Jul 22, 2017

චෙස්ටර් බෙනින්ග්ටන්, ලින්කින් පාක් හරහා එන ලාංකීය සමාජයේ කුහකත්වය.. - Chester Bennington, Linkin Park & Sri Lankan Music Fans




චෙස්ටර් බෙනින්ග්ටන් ගෙල වැලලාගෙන මිය යනවා. ඒ කියන්නේ එල්ලිලා මැරෙනවා. කෙනෙක් එල්ලී මැරීම හෝ සිය දිවි නසා ගැනීම ස්ව කැමත්ත මත ගන්නා තීරණයක්. මේක විශාදියේ උපරිම අවස්ථාව කියලා තවත් විෂයකින් විග්ගරහා කරන්න පුළුවන්. තා කෙනෙකුට ගරහන්නත් පුළුවන්. ජීවිතයෙන් පලා යාම කියලා දාර්ශණික ටෝකක් දෙන්නත් පුළුවන්. ඒ වගේම කෙනෙකුට මෙය වීර ක්රිීයාවක් වෙන්නත් පුළුවන්. මක්කා උනත් ඒක චෙස්ටර්ගේ තේරීම. අපි මරා ගත්තා කියලා ආයෙ ඌට පණ එන්නේ නෑ.

මේ ආකරයටම ෆ්රැරන්සිස් මොලමුරේගේ දියණිය ගෙල වැලලාගෙන මිය ගිය පුවත ගැන ඉන්ගිරිසි භාෂාවෙන් හා හින්ගල බසින් ලියවූ අපූරූ ගීතයකුත් තියෙනවා.  ඒ තමයි "ඔච්ච්ර බලගතු ඔපිසරගේ දුව එල්ලිලා මැරුණලු පොඩි නෝනෝ" කියන ගීතය එම ගීතය තුලම එහි ඉන්ගිරිසි පාරිවත්තනයත් අඩංගුයි.. එහිදී මෙහෙම කියනවා, "සෝ මච් පවර්ෆුල් ඔෆිසර්ස් ඩෝටර් හැන්ගඩ් ඇන්ඩ් ඩයි ම්ය් ස්මෝල් ලේඩී" (So much powerful officer's daughter, hanged and died my small lady)


අම්මට සිරි ලංකාවේ "රොක්" සංගීතය විඳින පිරිස ඉතා අල්පයි. ඒක ආගමක් ලෙස අදහන පිරිස ඊටත් අල්පයි. මෙහිදී "රොක් & රෝල්" හා "රෝක්" සංගීතය රෝල් කර ගත්ත අයත් අනන්තයි. රොක් කියන්නෙම "රෙගේ "වගේ කල්ට් එකක්. මෙයටම අනන්‍ය වූ විශේෂිත ලක්ෂණත් තියෙනවා, ගංජා පමණක් නොවෙයි වෙනත් මත් ද්‍රව්‍ය. බොහෝ විට ඒවන් දෙයට වහල් වූවන්, ලොල් වූවන්, ඇබ්බැහි වූවන්.  අනෙක ටැටූ ගෙවත් පච්ච, දිගට වවා ගත් ජීසස් කොන්ඩය. නමුත් මීට වෙනස්ම ආකාරයේ ජීවීත ගත කරන අයත් ඉන්නවා. "ජොන් බොන් ජෝවී" (Jon Bon Jovi) කියන්නේ එහෙම කෙනෙක්. ඔහු බෞද්ධ දර්ශණය හදාරන කෙනෙක් බවටත් ප්‍රසිද්ධයි. සැම කෙනාම වගේම, මොවුන්ද සොයන්නේ "විමුක්තිය", "නිර්වාන" (Nirvana) කියලා රෝක් බෑන්ඩ් එකක් බිහි වෙන්නෙත් ඒ නිසා. 

ලොව පුරාම මේ කල්ට් එක එහෙම නැත්නම් ආගම අදහන් පිරිස් ඉන්නවා වගේම රොක් සංගීතය පමණක් විඳිනා රසිකයිනුත් බොහෝ ඉන්නවා. බටහිර රටකදි මේ දෙපිරස අතර ගැටළුවක් මතු නොවනත්. අම්මට සිරි ලංකාවේ රසිකත්වය කියන දේ තුලත් මාර ගැටළුවක් තියෙනවා. ගැටළුවක් කීවට මේක ඇත්තටම ලෙඩක්. සමාජ රෝග කියලා නම් කළ යුත්තේ මේවන් රෝග. දැන් ඇති වී තිවෙන චෙස්ටර් කතිකාව මෙන්ම, ඉරාජ් භීතිකාව ඊට කදිම නිදසුනක්.

සුද්දා ඇවිල්ලා ගියාට, ලාංකීය සමාජය ඉන්නේ අමු ගෝත්රිික යුගයක. බටහිර විෂයයන් වලට විස්ස විජ්ජාල උපාධි ගත්ත උන් පෝය දවසට ධර්ම සාකඡ්චාවලට එන්නේ ඒ හේතුව උඩ. තා පිරිසක් ඉන්නවා අපි අරුන්ගේ පුත්තු මුන්ගේ පුත්තු කියලා පෙන්වන්න උත්සාහ කරන. ඒ අතරේ 56 පුත්තු, 77 පුත්තු, අප්පච්චිගේ පුත්තු කියලා, එක එක පන්නයේ හුත්තිගෙ පුතාලා වැහි වැහලා ඉන්නවා. මුන් එක එකාගේ වහල්ලූ. ඒවා පෝෂණය කරන්න, ඒවට නායකත්වය දෙන උනුත් ඉන්නවා

ජනතා විමුක්ති පෙරමුණේ නව නායකත්වය පන්තියක් ගැන කතා කරන්නේ මේ නිසා. එයා අපේ පන්තියක් ගැන කියනවා. නමුත් එයා ඉන්නේ එයා සඳහන් කරන පනතියේ නෙමෙයි කියලා එයාට තේරෙන්නේත් නෑ, අනුගාමිකයින්ට තේරෙන්නේත් නෑ. මහ එකා අරුන්ව රවට්ටනවා. අනුගාමිකයෝ නියමෙට ඇඳගෙන දඟලනවා. උදාහරණයක් ලෙස ඒක ගත්තට, අනෙක් පක්ෂවල තත්වයත් ඊටම අදාලයි. මහින්ද රෙදි බැනියම් ඇඳලා සාටකයක් පොරවගෙන ඉන්න නිසා, නාමලුත් ඒක ඉට්ටැයිල් එකක් විදියට කලාට, අප්පයි පුතයි දෙන්නම ගෙවන්නේ මොන්ටිකාලෝ වල, බෙවලි හිල්ස් 90510 වල ජීවිත.

සිරිසේනලා මේ අතරින් අනාතයෝ. එයාගේ පුතා නයිට් ක්ලබ් ගියාට, කෙල්ලන්ට එහෙම යන්න බෑ. එතනදි එයා අවුල්. එන්රිකේට බැසියරේ ගලවලා විසි කරපු කෙල්ලට, මඩු වල්ගෙන් පුකට ගහලා බීඩීඇස් ඇම් (BDSM)  කරන්න යන්නේ ඒ නිසා. සිරිසේනලා තෘප්තිමත් වෙන්නේ එහෙමයි. (BDSM දන්නෙම නැත්නම් ඉරාජ්ගේ අළුත්ම වීඩීයෝව බලන්න. එයා ගූගල් වලින් සෙක්ස් සොයන ලෝකයේ අති ශ්‍රේෂ්ඨම ජාතියට, ගිය වර වීඩියෝවෙන් ලෙස්බියනිසම් (Lesbianism) කියලා දුන්නා වගේම, මෙවර වීඩියෝවෙන් BDSM කියලා දෙනවා. නැන්තම් අපේ උන් හිතාගෙන ඉන්නේ සෙක්ස් කියන්නේ ලයිට් නිවාගෙන, තදට බදාගෙන කෙලලා, සෙම  හලලා එන විනාඩි දෙකේ තුනේ සෙල්ලමක් කියලා.)

මේ මඩු වල්ග කතාවෙදි සිරිසේන ඒ කෙල්ලට වගේම, රනිල්ගේ පුකටත් මඩු වල්ගෙන් පාරක් දෙනවා. මොකෝ රනිල් ලොක්කා සිරිසේනට, නිදහස් දවසේ දන්නෝ බුදුන්ගේ සිරි ධර්ම ඉස්කන්දේ ගෝල්පේස් පිට්ටනියෙදි ඔපෙරා ඉට්ටැයිල් එකෙන් දෙනවනේ. එතනදි අද ද රෙණ සංඛත් සිරිසේන එක්ක එක්කාසු වෙනවා. ඌ අපිට කියනවා සෙක්ස් කරන කැට්ස්ලට ගඩොල් භාගා වලින් කෙලිනවා වගේ, ඉෂානි ජයසිංහටත් කෙලින්නේයි කියලා. එහෙම කියාපු එකාට රනිල් කෙලිනවා. මේ හැම තැනම පෙන්වන්නේ අමු කුහක කම. අපේ ගෝත්රිවක බව. හැම එකාම කියන්නේ මම විඳින දේ තමයි නියම. තොපිත් ඒක විඳින්න ඕන. තොපි විඳින දේ කිසි ගතියක් නැතෙයි කියන එක.

ලින්කින් පාක් හා චෙස්ටර් බෙනින්ටන් කතිකාවෙත් අති බහුතරය පෙන්වන්නේ ඒ දේ. පෙලක් චෙස්ටර් විඳින උන් බව පෙන්වන්න දඟලන අතරේ, තා පිරිසක් එහෙම විඳින උන් හෙලා දකිනවා. තා පිරිසක් ඒ මොකෙක්ද කියලා අහනවා. උන් නම් ඉතින් අමු ළිං මැඩි හිඟන්නෝ. උන් දන්නේ අහන්නේ අමරදේවයි නන්දා මාලනියි විතරයි ඒ අය ඒ දෙන්නගෙ පුත්තු. උන්ට චෙස්ටර් නෙමෙයි ක්ලැරන්ස් දිරවන්නෙත් නෑ. ප්‍රින්ස් දන්නෙම නෑ. නිහාල් නෙල්සන් කක්කි. සුනිල් පෙරේරා ගූ. කසුන් මාරයි, බස් අජියා අප්පිරියයි. මේවා ලේසී පාසු ලෙඩ නෙමෙයි, අති දරුණු සමාජ රෝග. 

Slash
මිනිස්සු කියන්නේ, රසිකයෝ කියන්නේ මෙහෙම අනුගාමිකයෝ වෙන්න ඕන නෑ. ඇත්තටම මාතලන් ලින්කින් පාක් හෝ චෙස්ටර් රසිකයෙක් නෙමෙයි. ඒත් මට උන් අප්පිරිය නෑ. මගේ ප්‍රියතම රොක් බෑන්ඩ් එක "ගන්ස් ඇන්ඩ් රෝසස්" (Guns and Roses) ඒ වගේම ප්‍රියතම ගීතය, "නොවෙම්බර් රේන්" (November Rain) ගයන්නේ Axl රෝස් (Axl Rose). ඒ වගේම සිකැරට්ටුවක් තොල් අතර හොවාගෙන ලීඩ් ගිටාර් එක ප්ලේ කරන ස්ලෑෂ් (Slash) ලෝක ප්‍රසිද්ධයි. ඒ ලීඩ් පාර මාතලන්ව වෙනම ලෝකයකට ගෙනියනවා. සමහර විර එක්තරා ඵලයක් වෙන්නත් පුළුවන්. ඒ කියලා මට ඔසි ඔස්බොර්න් වගේම ස්ටීවන් ටයිලර්ත් විඳින්න බැරි කමක් නෑ. නිර්වානයට (Nirvana) කොහොමත් මනාපයි. මම හිතන්නේ මේ හැම දෙයම විඳින්න පුළුවන් නම් තමයි නියම රසිකත්වය කියන දේ තියෙන්නේ. මනුෂ්‍යත්වය කියන දේ තියෙන්නේ.



තෙමෙන්න ඒ මනරම් ඉල් වැස්සේ  (November Rain)


ලංකාවේ බක පන්ඩිත සංගීත විචාරකයන්ට නියම පාඩමක් කියලා දුන්නේ, උපුල් ශාන්ත සන්නස්ගල. ඔහු දෙරණ ඩ්‍රීම් ස්ටාර් එකේදි නිහාල් නෙල්සන්ගේ "සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ" කියන ගීතයට පට්ට විචාරයක් දෙනවා. නිහාල් කියන්නේ ලංකාවේ වැඩිම කැසට් ගනනකට ගීයෙන් සම්මාදම් වූ ගායකයා. ඒක කාටත් අමතකයි. අන්තීමට ඒ ගීය ගයපු එකා තරඟය දිනනවා. ඒ වගේම තමයි ඇම් ඇස්ගේ ගීත ගායනා කළ එකාත් ජයග්‍රහණය කලේ. ඒත් ඇම් ඇස්ගේ පුත්තු අර කොලුවට ඇම් ඇස්ගේ ගීත ගායනා කිරීම වලක්වනවා. උන් අමු කුහකයෝ. වෙන රටක නම් උන් ඌව වැඳ ගන්නවා.


මේ ගොබ්බ රසිකයන්ගේ මානසිකත්වයේ අමරදේව මහත්තයා උන්නේ නෑ. අමරදේව රූකාන්ත වගේම භාතිය සන්තුෂ් වැළඳ ගන්නවා. රම්බරිත් විඳිනවා. ඒ නිසා ජීවිතේ සැහැල්ලුවෙන් ගෙවලා නිවන් යනවා. කාලකන්නි රසිකයෝ කුහක කමින් මැරි මැරී උපදිනවා. දොරවල් වලට අගුළු දාලා තියාගෙන ඉන්නෙ නැතිව කවුළු පියන් පත් ඕපන් කරලා සොමියට එන්න ඉඩ දීපල්ලා. සොමිය කියන්නේ, සඳ. ඔව් උඹලාගේ සම්බහිය කවි වල තියෙන මාර සෞම්‍ය සඳ. වෙන මක්කත් නෙමෙයි. 

පුරුදු වෙයන් ,

චෙස්ටර්ලා, ප්‍රින්ස්ලා, ඉරාජ්ලා. බස් අජියලා දිරවන්නේ නැත්නම්. ඉවසන්න. ගරහන්න නෙමෙයි. බුලත් විට, සිකැරට්, අරක්කු දිරවන්නේ නැත්නම්, ඉවසන්න, නොගෙන ඉන්න. ඒවා භාවිතා කරන උන්ට ගරහන්නේ නැතිව ඉන්න. ඒක උන්ගේ සොමිය කියලා සතුටු වෙන්න.


ඒක පට්ටයි..!!!

57 comments:

  1. Replies
    1. අපේ රටේ එවුන්ට නැත්තෙත් මේක තමයි.ඒ මේ ලිපියේ spirit එක "චෙස්ටර්ලා, ප්‍රින්ස්ලා, ඉරාජ්ලා. බස් අජියලා දිරවන්නේ නැත්නම්. ඉවසන්න. ගරහන්න නෙමෙයි. බුලත් විට, සිකැරට්, අරක්කු දිරවන්නේ නැත්නම්, ඉවසන්න, නොගෙන ඉන්න. ඒවා භාවිතා කරන උන්ට ගරහන්නේ නැතිව ඉන්න. ඒක උන්ගේ සොමිය කියලා සතුටු වෙන්න"

      Delete
  2. එලස්
    අයිසෙ මාතලන්
    සතියකට සැරයක්වත් බොගක් දාන්න පුරුදු වෙනවා
    ඒක පට්ට

    ReplyDelete
  3. "ජොන් බොන් ජෝවී" අපි ලයිව් බැළුවා හරිය

    ReplyDelete
    Replies
    1. මටත් හීනයක් තියෙනවා ගන්ස් ඇන්ඩ් රෝසස් බලන්න...

      Delete
  4. ලංකාවේ ගීත සාහිත්‍යයත් එහි ඉන්නා සැබෑ මිනිසුන් හා කුම්භාණ්ඩයන් ගැනත් දහසකුත් දේවල් කියන්නට ඇතත් මාතලන් ඒ සඳහා හොඳ ආරම්භයක් ඇති කිරීම සතුටට කරුණකි. එහෙත් අභාග්‍යයකට ඇත්තේ ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත වැනි සැබෑ මිනිසුන්ට වල කැපූ බහිරවයන් තවමත් රසිකයන්ගේ මොළ ඔල මොට්ටල කරමින් සිටීමය. මහාචාර්ය සරච්චන්ද්‍ර පේරාදෙණියට වී පරම්පරා ගණනකම මනස් කාබාසිනියා කර දැම්මේය. ඔහු විශ්වාශ කලේ ඉන්දීය රාගධාරී සංගීතයෙන් බැහැරව සිංහල සංගීතය කියා දෙයක් තිබිය නොහැකි බවය. සිංහල ගීතයට නැවුම් ප්‍රබෝධයක් ලබාදුන් සුනිල් ශාන්තයන් පන්නා දැමුවාට පසු අපේ වාසනාවට මෙන් ඩබ්ලිව්.ජේ. මකුලොලුව ශුරින් මහත් ආයාසයෙන් සිංහල යැයි කිවහැකි සංගීත නාද රටා ගී පදමාලා හඳුන්වා දෙන්නට වෙර දැරීය. සී.ටී.ප්‍රනාන්දු, චිත්‍රා සහ සෝමපාල, පියසිරි විජේරත්න, අයිවෝ ඩෙනිස්, සුනිල් එදිරිසිංහ, ටී.එම් . ජයරත්න, වික්ටර් රත්නායක, මර්වින් පෙරේරා වැන්නවුන් මකුලොලුව මහතා සදා දුන් මගේ ඉදිරියට ගියවුන්ය. අමරදේව නමැති නිරහංකාර මිනිසා මහගම සේකරයන් සමග ගියේද ඒ මග ඔස්සේය. මේ ගීත ගැන කතා කරන විට එම් .එස්. ප්‍රනාන්දු, පෝල් ප්‍රනාන්දු, නිහාල් නෙල්සන්, සුනිල් පෙරේරා වැන්නවුන් නිකම්ම නිකන් හිස් මිනිසුන් සේ ලේබල් ගසා පැත්තකට දැම්මේද ඔය කියන බහිරවයන්මය. එම් .එස්. ප්‍රනාන්දු මාල ගිරවිය ගැන, කිතුල් රැහැන සේ දිගට කඩා හෙලු ගැමි ලඳගේ කේෂ කලාපය ගැන, ටැක්සි කාරයා සහ ධීවරයන් ගැන ඔහුගේ බයිලා මාධ්‍යයෙන් ගයමින් එනවිට ඔහු කොන්කර දැම්මේද ඔවුන්මය. ඒත් එම්.එස්. වැන්නන්ගේ දක්ෂකම් දැක ඔවුන්ගේ ගී නිර්මාණ අගය කරන්නට නිර්භයව ඉදිරිපත් වූ එක් මිනිසෙක් අප අතර සිටියේය. ඒ සැබෑ මිනිසා ආචාර්ය තිස්ස අබේසේකරයන්ය. දැන් ඉන්නා මහාචාර්ය වරු නව නිර්මාණ ගැන කටවත් අරින්නේ නැතිව මුනිවත රකිනා ගල් පිළිම සේය . ඔවුන් දන්නේ ජෙප්පන් විසින් කිරුළු පළඳවා ජාතියේ ගීත කෝකිලාවිය වැනි තානාන්තර වලිනි පිදුම් දෙන , ඒත් අඬහැර පෑම හැර හරියකට ගීතයක් ගයන්නට බැරි අයවලුන් ගැන පමණක් ය. සැබෑ දස්කම් ඇති සැබෑ මිනිසුන් ගැන කතා කරන්නට ඉතිරිව ඉන්නේ උපුල් ශාන්ත සන්නස්ගල හා මාතලන් වැනි පිට කොන්දක් ඇති යකුන්ටවත් බය නැති මිනිසුන් කීප දෙනෙක් පමණකි.

    "Don't ya think that you need somebody
    Don't ya think that you need someone
    Everybody needs somebody
    You're not the only one
    You're not the only one"

    ReplyDelete
    Replies
    1. Tissa Abeyratne,


      //එහෙත් අභාග්‍යයකට ඇත්තේ ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත වැනි සැබෑ මිනිසුන්ට වල කැපූ බහිරවයන් තවමත් රසිකයන්ගේ මොළ ඔල මොට්ටල කරමින් සිටීමය. මහාචාර්ය සරච්චන්ද්‍ර පේරාදෙණියට වී පරම්පරා ගණනකම මනස් කාබාසිනියා කර දැම්මේය. ඔහු විශ්වාශ කලේ ඉන්දීය රාගධාරී සංගීතයෙන් බැහැරව සිංහල සංගීතය කියා දෙයක් තිබිය නොහැකි බවය. //

      හරියට හරි, සුනිල් ශාන්තව ගුවන් විදුලියෙන් ඉවත් කිරීමට රටේ ඉහලම කලාකරුවන් මුලික උනේ හරිම හිරිකිත විදියටයි නමුත් ඔහුගේ නිර්මාණ කොච්චර ප්‍රබලද කිව්වොත් අදත් ජපන්ප්රියයි.

      හැබැයි අවුරුදු 600 ක වත් ඉතිආසයක් නැති ඇමරිකාව තම රටේ දෙශාබිමානයට උවමනා ගීත නිර්මාණ කරනවා
      https://www.youtube.com/watch?v=Q1G5OL-TQQw

      ඔවුන් වියට්නාම් යුද්දය පරදිනවා නමුත් ඔවුන් යුද්දයකින් පරාජය උන බව ප්‍රසිද්ධියේ පිළිගන්නේ නෑ තවවිදියකින් පාසැල් දරුවන්ට උගන්වන්නේ නෑ යුද්දයකින් පැරදුන බව.


      Delete
    2. අපේ රටේ නළුවෝ වැඩියි... බොරු ප්‍රබුද්ධ කම් මවාගෙන හරක් වගේ රඟනවා... අද උන්ට තැන්ක් නෑ... සමාජ මාජ්ජ ජාල නිසා අද හැම එකාම පොරක්...

      Delete
    3. මතලන්ගේ ලිපිය වගේම තිස්සගේ කොමෙන්ට් එකත් හොඳයි. මම නම් ඔය සින්දු ජාති ඔක්කොම රස විඳිනවා. තේකක් බොන වෙලාවට අමරදේව , මස්කට් පැණි බූන්දි කන වෙලාවට කපුගේ , ඩිස්කෝ එකකදි සුනිල් පෙරේරා, බජව්වකදී ජෝති, නෙල්සන් ....

      Delete
  5. ලින්කින් පාක් කියන්නේ රොක් බෑන්ඩ් එකක් කියලා කවුද කියන්නේ හලෝ? Led Zeppelin, Pink Floyd, Black Sabbath, Dream Theater වගේ බෑන්ඩ් ගැන අහලා තියෙනවද? ඕල්ඩ් රොයලිස්ට් කෙනෙක් කිව්වට, පොළොන්නරුව රාජකීයේ වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. පාසල් සිසුන් සඳහාද මාතලන් තුල ඉඩක් ලබා දී ඇත...

      Delete
  6. ගෝටලං රැඩිකල්, බුද්දිමත්, පොස් පොරක් අප්පා....

    ඔයා ඉන්න තිබ්බෙ ලංකාවෙ නෙමෙයි... කොහේද ? ....ඇමරිකාවෙ.. ඇමරිකාවෙ

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේ එහෙම උන් ඉන්නවද...?

      Delete
  7. මාතලන් වගේ උන් කියන්නෙ මේ රට විනාශ කරන්න පහල වෙච්ච අවජාතකයො. සිංහලය කියන්නෙ නිසි දේට හුරු වෙච්ච ජාතියක්. ඒත් පර සුද්ද ඇවිත් නිසි දෙයින් ඈත් කරල රිසි දේ දෙන්න ගත්ත. මෙන්න මේ කාලකණ්නි සංස්කෘතිය හින්ද තමා මේ රට විනාශ වෙලා තියෙන්නෙ. උන්ගෙ අඩි පාරෙ යන මාතලන් වගේ අවජාතකයො හිතන්නෙ උඹල හරි පොරවල් කියල. උඹල හිතන් ඉන්නෙ උඹලට කැමති දෙයක් කරන්න පුලුවන් කියල. උඹලට අම්ම මරාගෙන කන්න ඕන්නම් අම්ම මරාගෙන කන්න ඔඋලුවන් කියල හිතන් ඉන්නෙ. උඹල හිතන් ඉන්නෙ අම්මත් එක්ක ලිංගිකව හැසිරෙන්න ඕන්නම් අම්මත් එක්ක ලිංගිකව හසිරෙන්න පුළුවන් කියල. ටොපි වගේ උන්ට තව වැඩි කාලයක් රගන්න වෙන්නෙ නෑ. සිංහල ජාතිය ප්‍රබෝධමත් වෙන කාලයක් මේක.

    ReplyDelete
    Replies
    1. //සිංහලය කියන්නෙ නිසි දේට හුරු වෙච්ච ජාතියක්. ඒත් පර සුද්ද ඇවිත් නිසි දෙයින් ඈත් කරල රිසි දේ දෙන්න ගත්ත.//

      ඔබ නිසි දේ කියන්නේ රටේ රජ්ජුරුවන්ට සහ රදල නායකයන්ට දනින් වැටිලා ඉන්න මිනිසුන් ගැනද ? යම් කුලයක ඉපදීම නිසා තමන්ගේ උඩු කය වහගැනීමට තහනම් වූ කාන්තාවන් සිටින රටක්ද "නිසි" දේ කියන්නේ ?

      සුද්ද ආව එකෙන් ශ්‍රී ලංකාවේ සිදුවුණ වැදගත් දෙයක් තියනවා එක තමයි රටේ සියලුම පුරවැසියන්ට මෙතක් තමන් බුක්ති නොවිදි නිදහසක් ලැබීම, එවක බොහෝදෙනා රජුට බදු ගෙවීම සිදුකල යුතු උනා රටේ බහුතර ජනයා හිගන්නන් ලෙස ජිවත් උන තර රටේ රජ්ජුරුවෝ ඇතුළු නිලමෙලා ඉහලින් වැජබුනා
      එකයි ඇත්ත.

      Delete
    2. ඕව ඔක්කොම බොරු කතා. සිංහල කාන්තාවන් කවදාවත් නිරුවතින් තිබ්බෙ නෑ අපි. සිංහල කාන්තාවො එදා ඉදන් ශරීරය වැහෙන්න ඇදුම් ඇන්ද. මේ රට අල්ලගන්නනම් සිංහල කාන්තාවන්ගේ උඩුකය නිරුවත් කරන්න ඕන කියල ඩොයිලි කියන පාහරය රැජිනව යවපු ලියුමක තියනව. දන්නෙ නැත්තන් මේක අහල බලන්න. කාන්තාවො උඩුකය නිරුවත් කරන පාහර වැඩේ කරේ සුද්ද.
      https://youtu.be/fI0HaFe4G8Y?t=506

      Delete
    3. https://youtu.be/fI0HaFe4G8Y?t=1202

      Delete
    4. අඩු කුලයේ ස්ත්‍රීහු දණහිස දක්වා රෙදි කඩක් හැද උඩුකය නග්නව තබාගතයුතු විය.අසනීපයක් හෝ ශිතයක් ඇතිවුහොත් පමනක් රෙදි කඩක් පොරවා ගැනීමට තහනමක් නැත.

      මෙන්න

      https://wasithaya.blogspot.com/2017/05/1.html

      Delete
    5. ඔය ඔක්කොම සුද්දො නිර්මාණය කරපු බොරු ඉතිහාසය. සිංහලයගෙ නියම ඉතිහාසය දැනගන්න ඕන්නම් මම දාපු ලින්ක් එකේ දේශනේ හොදට අහන්න නිකන් බල්ලෙක් වගේ බුරන්නෙ නැතුව. සුද්ද ලියල දීපු ඉතිහාසය ඒ විදිහටම පිළිගන්න උඹල අවජාතකයො ටිකක්. නියම සිංහලය ඔය වගේ පාහර වැඩ කරේ නෑ. තමන්ගෙ කාන්තාවන් නිරුවත්ව යවන්න තරම් එදා හිටපු සිංහල පිරිමි නපුංසකයො නෙමේ. ඒත් අද සුද්දො නපුංසක ජාතියක් බිහිකරල ගිහින් තියෙන්නෙ. ඒක හින්ද අද සිංහල කාන්තාවන්ගෙ උඩුකයත් නෙමේ යටිකයත් නිර්වස්ත්‍ර කරල.

      Delete
    6. වියුණුවේ ඇති කරුණු සනාත කළ ඔබ සියළු දෙනාට ස්තූතියි...

      Delete
    7. @AnonymousJuly 22, 2017 at 11:04 PM

      දැන් මේ 'සුද්ද සිංහලයෝ' පර සුද්දට බැන්නට, සුද්ද ආවේ නැත්නම්, උඹලට නුවරට යන්න වෙන්නේ, හරිහමන් පාරක් නැතිව ටාසන් වගේ වැල් වල එල්ලීගෙන, සුද්දට එපා වෙලා දාල ගිහිල්ල දැන් අවුරුදු 70 කටත් කිට්ටු වෙන්න ඇවිල්ල තාම මාතරින් එහාට කොච්චි පාරක්වත් හදා ගන්න පුළුවන් වුනාද?

      Delete
    8. අනේ ගොනෝ සුද්ද එන්න තියා මහනුවර රාජධානියක් වෙන්නත් කලින් ලංකාවෙ අගනුවර විදිහට ගම්පොළ තිබුණ කියල දන්නෙ නැද්ද. තොපි දන්න රෙද්දක් කියවපන්. රටේ ඉතිහාසය පොඩ්ඩක් ඉගනගෙන වරෙන් ඔක්කොටම කලින්.

      Delete
    9. ඕකට ලස්සන කතාවක්‍ මේ දවස් වල යන ටෙලිනාට්‍යයක කියනවා. ම්... නම මුතුකුඩ. ඒකේ සිංහලයෙක් සුද්දා එක්ක එකතු වෙලා සුද්දගෙ ආමි එකට ගිහින් සිංහල නිලමේ කෙනෙක් එල්ලන්න එනකොට සිංහල හේවායෙක් අහනවා,ඇයි උඹ සිංහලයෙක් වෙලා සිංහල උන්ට විරුද්ධ වෙන්නේ කියලා. එතනදි මිනිහා කියනවා

      "නිලමෙලා අපිට සැලකුවේ බල්ලන්ට වගේ ඒත් සුද්දා අපිට සලකන්නේ මිනිස්සුන්ට වගේ" කියලා.

      ඔන්න ඕක තමයි අපේ සිංහල කමෙ ඇත්ත

      Delete
    10. @ AnonymousJuly 23, 2017 at 7:29 AM

      ඉතින් ගොනෝ, ගම්පොළට කලින් කුරුනෑගල, යාපහුව, දඹදෙණිය, පොලොන්නරුව හා අනුරාධපුරය වගේ පලාතුත් අගනුවර විධියට තිබිල තියෙනවනේ.

      ඉතිං මොකක්ද ප්‍රශ්නේ?

      Delete
    11. තොපි වගේ පරයො එදා හිටපු හින්ද තමා මේ රට සුද්දට ගියේ. පර සුද්දො අපේ රටවල් විනාශ කලා. ගම් බිම් ගිනි තිබ්බ. කාන්තාවන්ගෙ උඩුකය නිරුවත් කරා. මේ ඔක්කොම කරලත් තොපි කියනව සොද්දො තමා හොද කියල. තොපි වගේ උන් ගිහින් හොයාගනින් තොපෙ ජාතකේ මොකද්ද කියල.

      Delete
  8. ලංකාවෙ ගෑනු ළමයි කෝච්චියට බෙල්ල තියනකොට වචනයක් කතාකරපු නැති මාතලන් සුද්දෙක් බෙල්ලෙ වැල දාගත්තු ගමන් රෙද්ද උස්සන් ඇවිල්ල.

    ReplyDelete
    Replies
    1. මානසික රෝගීන් සඳහාද මාතලන් සායනයක් වී ඇති අයුරු...

      Delete
  9. කාලෙකින් මේ පැත්තේ ඇවිල්ල මාතලන් ගොයියගෙ පොර ටෝක්ස් අහල හෙන ආතල් එකක් ගත්තා.

    ReplyDelete
    Replies
    1. මම පොරක්ද මචං.... තෑන්ක්ස් හොඳේ...

      Delete
  10. සුපිරිම කතාව,මිනිහෙක්ගේ කැමත්තට අපිට මොකුත් කියන්න බෑ, මං බස් අජියගේ කැමති සිංදු තියෙනවා එහෙමයි කියලා මිනිහගේ හැම සිංදුවටම කැමති නෑ අමරදේව මාස්ටර්ගෙත් එහෙමයි එයාගේ සිංදුත් හැම එකටම ආසා නෑ ගායකයා තෝරගෙන නෙමේ මං සිංදු අහන්නේ ගායකයා මොක උනත් මට අදාල නෑ සිංදුව සෙට් වෙනවා නම් මං ඒක අහනවා.

    ReplyDelete
    Replies
    1. හොඳ සින්දුවක් නම් අහන පළමු වතාවෙම, කලින් අසා ඇති බවක් හැඟනවා... මට ඒ ඇති... භාෂාව හෝ ඉට්ටැයිල් එක අවුලක් නෑ...

      Delete
  11. People get their race, country and religion (most of the people)from birth. Some people think because of those factors people should think and behave similarly. I never understood that.
    People have different tastes. Someone' tastes being DIFFERENT from another's doesn't make them Superior or inferior- just DIFFERENT only.
    (Sorry, no Sinhala font on phone)

    ReplyDelete
    Replies
    1. ලෝකය පරිනාමය උනාට...
      අම්මට සිරි ලංකාව තාම එහෙම වෙලා නෑ...

      හේතුව,
      ආගම හා අජ්ජාපන ක්‍රමය...

      Delete
  12. Replies
    1. මාතලන්ගේ නෑ කෙනෙක්ද කොහෙද.....?

      Delete
  13. ඇත්තටම අපි ලිං මැඩියො වගේ අපිට නොතේරෙන නොදන්න දේට ගරහනව බං....
    අපිට වෙනස් වෙන්න බැරිද

    ReplyDelete
    Replies
    1. බෑ.... වෙනස් වෙන්නෙත් නෑ.. අපි වෙනස් වෙන්න මාර බය ජාතියක්....

      Delete
  14. මම අහපු සුපිරිම රැප් සිංදුවක් https://www.youtube.com/watch?v=CGOt8dZRsHk

    ReplyDelete
    Replies
    1. සිපිරි ගීයක්... මේක කොපි කරලා ඉරාජුත් එකක් කලා...

      Delete
  15. ඔයා මේ වගේ ගීත අහන්නේ නැද්ද?
    https://www.youtube.com/watch?v=geN9wN00Jn0

    ReplyDelete
  16. සැබෑ සංගීත රස කාමියෙකුට, ඕනෑම මිහිරි සංගීතයක් රස විදීමට පුළුවන් වෙන්න ඕනේ. එසේම සැබෑ සංගීත රස කාමියෙකුට රස විදීම අරබයා යම් යම් කල්ට් වලට හෝ සම්ප්‍රදායන්ට කොටු වෙන්නට පුළුවන් කමකුත් නැහැ. යමෙක් එහෙම කියනවා නම් එතන ඇත්තේ අමු කුහක කමක් හෝ නැති විදග්ධ කමක් මවා පෑමකුයි.

    සංගීතයට භාෂාවක් නැති නිසා ඕනෑම රටකට ඕනෑම ජාතියකට අයත් මිහිරි සංගීතයක රස විඳීමට, ඉන් නිරාමිස සුවයක් විඳීමට නම් යමෙකුට යම් කිසි වසනා ගුණයක් තියෙන්න ඕනේ. 'සිංහලෙන්' කියනවා නම් 'පින්' කරලා තියෙන්න ඕනේ.

    ReplyDelete
  17. මමත් දන්න දෙයක් තමයි ගොඩක් අය ඔය හොඳ නෑ කියන එව්වා ඔක්කොම හොරෙන් හොරෙන් අහනවා බලනවා...ඊට පස්සෙ එළියට ඇවිත් ලොකු කතා කියලා අරවට ගරහනවා...ඒත් ආයෙත් හොරෙන් අහන්නෙ අරවමයි...මේ වගේ කොහෙටවත් නැති එවුන් එක්කයි අපි ඉන්නෙ...

    මාත් එක එක පන්නයේ ගීත රස විඳිනවා...මට දැනෙන්නෙ නැති ඒව අතහරිනවා...ඒත් ඒවට ගරහන්නෙ නෑ...ඒ ඇයි කිව්වොත් මට නොදැනුනාට ඒවත් දැනෙන පිරිසක් ඇති කියල හිතෙන හින්දා...

    අසංක

    ReplyDelete
  18. "හැම එකාම කියන්නේ මම විඳින දේ තමයි නියම. තොපිත් ඒක විඳින්න ඕන. තොපි විඳින දේ කිසි ගතියක් නැතෙයි කියන එක."
    මේක ලංකාවේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි, හුඟක් මිනිස්සුන්ට තිබෙන මානසික ප්‍රශ්ණයක්. තමන් අකමැති දේවල් කරණ අනිත් මිනිසුන්ට විරුද්ධ වන්නේ ඔන්න ඔය හේතුව නිසයි. ලංකාව වගේ බහුතර නූගත් ගෝත්‍රික සමාජවල මේක බහුලයි. ලෝකයේ පවතින / පැවතුනු හුඟක් ප්‍රශ්නවලට එක හේතුවක් තමයි ඕක. පිරිමි හිතනවා උන් ගැහැනුන්ට වඩා උසස් කියලා. හම සුදු එකා හිතනවා හම කළු එකා තමන්ට වඩා පහත් කියලා. බෞද්ධයා හිතනවා අනිත් ආගම් පහත කියලා. හිටරෝසේක්ෂුවල් උන් හිතනවා හොමොසේක්ෂුවල් උන් මානසික ලෙඩ්ඩු කියලා. ඔය වගේ ඕනෑතරම් උදාහරණ දෙන්න පුළුවනි. ඕස්ට්‍රේලියාවේ දිවි නසාගැනීම් බහුලයි. මේ නිසා දිවි නසාගැනීම් සමාජ සහ මානසික ප්‍රශ්නයක් විදිහටයි මෙහේ සලකන්නේ. සිය දිවි නසාගැනීම් ලංකාවේ මිනිස්සු සමහර විහිළුවක් විදිහටයි සලකන්නේ. කෝච්චියට බෙල්ල තියලා මැරුණු කෙල්ලෙකුගේ පොටෝ එකක් බුකියේ දාලා ඒක විහිළුවක් කරගත්තේ පහුගිය දවස්වල ඒකයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රජාතන්ත්‍රවාදි නිදහස් මිනිස්සුන්ට් තියෙන්න ඕනා...

      ප්‍රශ්ණ ආවම අසරණ වෙන හැටි දන්නේ එහෙම එක දිෆට ප්‍රශ්ණ ආපු කෙනෙක් විතරයි

      Delete
  19. //...ඇම් ඇස්ගේ පුත්තු අර කොලුවට ඇම් ඇස්ගේ ගීත ගායනා කිරීම වලක්වනවා. .//

    මෙතන තියෙන්නේ මචං, දුක හිතෙන සීන් එකක්.

    මේ කොලුවා 'ස්ටාර්' කෙනෙක් වුනේ ඇම්. ඇස්. ගේ සින්දු කියලනේ. දැන් ඉන්න 'ස්ටාර්ලට' උන්ගේම කියල හරි හමන් නිර්මාණ නැති වුනත් 'සංගීත' (සංදර්ශන) සඳහා අම්බානට ඉල්ලුමක් තියෙන නිසා මේ කොලුවත් ස්ටේජ් එකට නැග්ග ගමන් පහල ඉන්න 'රසිකයෝ' ඉල්ලන්නේ ඇම්. ඇස්. ගේ සින්දු. එතෙන්දි ඇම්. ඇස්. ගේ පුතාල නෙළයි කියන බයට 'රසිකයන්ගේ' ඉල්ලීම ඉටු නොකලොත් 'මුගෙ ඔලුව නිසා අපිව ගණන් ගන්නේ නෑ' හිතල 'අම්බ රසිකයෝ' ස්ටේජ් එකට නැගල මුට නෙලනවා.

    අනිත් අතට බැරිවෙලාවත් 'නොකීවොත් ගුටි කන්න වෙන බව' හිතල පන බේරගන්න චේතනාවෙන් මු ස්ටේජ් එකේදී ඇම්. ඇස්. ගේ සින්දුවක් කීවොත්, ආපහු එන ගමනෙදි ඇම්. ඇස්. ගේ පුත්තු මග රැකලා මුට නෙලනවා. නැත්නම් පොලීසි ගිහින් මුව කුඩුවේ දම්මනවා.

    මේකට හේතුව නම් ඇම්. ඇස්. ගේ පුතාල ජීවත් වෙන්නේත් 'තාත්තගේ සිංදු' කියල නිසා, උන් බයයි වෙන එවුන් ඒ සින්දු කියන්න ගියොත් උන්ට තියෙන ඉල්ලුම නැතිවීමෙන් උන්ගේ එකම ආදායම් මාර්ගයට කෙලවෙයි කියල.

    දෙගොල්ලන්ටම සාධාරණ විධියට මේ ප්‍රශ්නය විසඳ ගන්න නම්, මේ කොලුවා ඇම්. ඇස්. ගේ සින්දු කීමෙන් හම්බවෙන ආදායමෙන් ප්‍රතිශතයක් ඇම්. ඇස්. ගේ පුතාලට දෙන්න ඕනේ රෝයල්ටියක් විධියට. ඒ දෙන ගාන ඇම්. ඇස්. ගේ පුතාල, අර කොලුවට උම්මා එකක් දෙන්න හිතෙන විධියේ ගානක් වෙන්න ඕනෙ. නැත්නම් සුම්ම.

    එහෙම විසදුමකට එන්න පුළුවන් දෙගොල්ලොටම ශීලාචාර විධියට හිතන්න පුළුවන් නම් තමයි.

    ReplyDelete
    Replies
    1. ඇම් ඇස් ලගේ පුත්තු පුත්තු නෙමෙයි සත්තු

      Delete
  20. මාතලන්ගෙ ෙද්ශ පාලනේ එක්ක මම එකග ෙනාව්නට ෙම් කතාවත් එක්ක නම් 100% එකගයි.

    ReplyDelete
    Replies
    1. ජෝතිපාල මහත්තයා මරෙනකලුත් අපේ අයට එය නිකම් බයිලා ගායකයෙක් විතරයි. හැබැයි අද ස්ටර්ලොක්කොම ඒ ගීත ගයනවා තවම වෙළඳපොලේ CD විකිෙණනවා. ඔහු හිටියේ සාමානය මිනිසුන් එක්ක අද ප්‍රබුද්දයෝ ජෝතිපාලගේ ගුණ ගැයුවත් ඒ කාලේ පිළිගත්තේ නෑ. ඒ වගේ තමයි අපේ අය බයිලාස් සින්දු ගැන හිතාගෙන ඉඉන විදියත් නිහාල් නෙල්සන් බයිලා ලොවේ අද රජ කෙනෙක් කැසට් පටි 120 කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කරලා තියනවා . අද ඉන්දියාවේ ලතාලගේ ආශලගේ ගීත ගොඩක් අලුත් ය ගයන්නා කරනවා ඒත් ඒ ය නඩු දාන්නැ මේක මානුෂීය ප්‍රශ්නයක්
      විචාරක දියණිය

      Delete
    2. දේශාපලන දැක්මටත් එකඟ වෙයි දවසක....

      Delete
  21. අපේ රටේ එවුන්ට නැත්තෙත් මේක තමයි.ඒ මේ ලිපියේ spirit එක "චෙස්ටර්ලා, ප්‍රින්ස්ලා, ඉරාජ්ලා. බස් අජියලා දිරවන්නේ නැත්නම්. ඉවසන්න. ගරහන්න නෙමෙයි. බුලත් විට, සිකැරට්, අරක්කු දිරවන්නේ නැත්නම්, ඉවසන්න, නොගෙන ඉන්න. ඒවා භාවිතා කරන උන්ට ගරහන්නේ නැතිව ඉන්න. ඒක උන්ගේ සොමිය කියලා සතුටු වෙන්න"

    ලිපි දෙකම කියෙව්වේ අද.

    ReplyDelete
  22. ලිපි ඔක්කෝම කියෙව්වෙ අදයි ...
    🙃🙃🙃

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න