.

.

Jul 25, 2017

රයන් පුතා වෙත ආදරයෙන් ලියමි - To Rayan with Love



 රයන් පුතා වෙත, 

රයන් පුතාට ලියුමක් ලියන්න හිතාන උන්නේ බොහෝ කාළෙක ඉඳන්. ඒත් ඒ කාළේ රයන් පුතා පයිසෙකට මායිම් කල එකෙක් නෙමෙයිනේ. ඒ කාලේ පොර වෙලා උන්නේ ළහිරු පුතා නේ. පුතාලා වාසිටි එන්නේ ඉගෙන ගන්න නෙමේ නේ. රට කරවන උන්ට උගන්නන්න. ඉතින් ළහිරු පුතා නම් මේ දවස්වල ප්‍රැක්ටිකල් කොරනවා මහ උළු ගෙදර. ඒ ඩිග්‍රිය ඉස්සරහට මේසොන් බාසලට් බදාම සප්ලයි ඩිග්ගිරියට වඩා බොහෝම වටිනවා.

මොකෝ මේ රටේ ගොන් හරක් අන්දන්න නම් එක පාරක් හරි මහ උළු ගෙදර යන්නම ඕන. ඉතින් පුතාටත් වරෙන්තු නිකුත් කොරලා තියෙන වෙලාවේ අත් අඩංගුවට ගන්න ආහම, පිස්සු බල්ලා වගේ දුවලා හැංගි මුත්තා හැංගියෝ කරන එක හරි නෑ නේ.. දාන්න මාමේ මාංචු කියලා, වීරයා වගේ මාංචු දාපු අත් දෙක උස්සලා, අද ද රෙණ ට පෙන්නලා, අතුලට ගියා නම් තමයි බොහෝම වටින්නේ. 

එදා ඒ ප්‍රෙස් කොන්පරන්ස් එකට ඇවිල්ලා උන්නේ පුතාලගෙන් ගොඩ යන උන්. ඕකුන් 72 එක පාරකුයි, 88/89 තා පාරකුයි පුතාලා වගේ උන් 60,000 - 70,000 ක් වල පල්ලට යවලා, අදත් ආතල් එකේ ඉන්නවා. ඕකුන්ට මනුස්ස ජීවීත වල දේපල වල වටිනාකමක් නෑ.. ඕකුන්ට ඕන ලේ.. එච්චරයි.. අනික පුතෙ මේ රටේ ගොබ්බ මාද්දිය වේදියෝ දන්නේ නෑ, පොලීසිය වරෙන්තු කාරයෝ අල්ලන්න එන්නේ සිවිල් කියලා. උන්ගේ තියෙනවා පුතේ ඉන්ටෙලිජන්ට් යුනිට් එක කියලා එකක්. ඒකට කෙටියෙන් කියන්නේ ඉන්ට් කියලා. ඔය කුඩු කාරයෝ අල්ලන්න ගිහින් පොඩි එකෙකුත් මලේ ආන් එහෙම ගිහිල්ලා.

ඔය පුතාව උස්සගෙන යන්න හැදුවය කියලා පුක නැතිවෙන්න මොර දෙන වේස මාජ්ජ වේජීයෝ ඉන්න දෙරණ කියන මාර නාලිකාවේ ඉන්න උන්, හොරෙන් ලයිසන් ගහන උන්, විස්කි බෝතලයක් විකුණන උන්, ගංජා ටිකක් විකුණන උන්, එහෙම අල්ලන්න යනවා පෙන්නානේ "උකුස්සා" කියලා එකක්. එකේ පුතා කවදාවත් දැකලා තියෙනවද, උන් යුනිපෝම් දාලා යනවා. නෑ නේ. උන් යන්නේ සිවිල්. මොකො යුනිපෝම් දාලා එනකොට නිව්ස් එක යනවා. එතකොට මහින්ද මහත්තයා කියන ගල් ආඳා වගේ ලිස්සලා යනවා. 

දැන් බලන්න පුතේ ඔය බ්‍රසීලයේ ලූලා ඇල්ලලා හිරේ දැම්මට, මෙහේ ගල් ආඳා අල්ලන්න එකෙකුටවත් බෑ. එකක් මුන් ගූ බයයි. අනික මහින්ද මහත්තයාගේ සල්ලි වලට රටම උනත් ගන්න පුළුවන්.

අනික පුතේ, "රයන්" කියන එකේ තේරුම උඹ දන්නෙත් නැතුව ඇති. රයන් කියන්නේ අරාබී නමක්. ඒකෙන් කියන්නේ, "පාරාදිසයේ දොරටුව" තමයි අල් රයන් කියන්නේ. ඉතින් පුතේ ඔය ඉන්න වේස වාමාංසිකයන්ට උඹ තමයි උන්ගේ පාරාදීසයේ රුවන් දොරටුව, උන් ට්‍රයි කරන්නේ ආන්ඩුව ලවා උඹට කොහොම හරි ගේම දෙන්න. එතකොට උන් ගොඩ.  ඔව් ඔව්... ඔය රනිල් මහත්තයා, රාජිත මහත්තයා කියන්නෙත්, එච්චර හොඳ පොරවල් නෙමෙයි. උඹලා අහලා ඇති නේ "බටලන්ද" ගැන වගේම, "ප්‍රා" ගැනත්. ඒවට ඉතින් ඒ දෙන්නා ඉතරක් නෙමෙයි, මහින්ද මහත්තයලා, වාසුලා, ඉතරක් නෙමෙයි, භාහුලත් සෙට් වෙලා තමයි දෙනකොට දෙන්නේ.

ඔය පාන්ඩුවේ ඉන්න එකෙක්කත් වගේම, පුතාලා දක්කන එකෙක්කත් විශ්වාසෙට ගන්න එපා. 
මාතලන් නම් කියන්නේ ආන්ඩුවේ උන්ගේ පුක බිම ඇනෙන්නේ පුතා හෙට උදේම පොලෝසිට බාර වෙන්න.
කෙලින්ම මූලස්තානෙටම බාර වෙන්නකෝ. 
ඕන නම් උඹ හිරේ දායි/ එච්චරයි. මැරෙන්නේ නෑ. උඹ මලොත් ඒ පාඩුව උඹේ දෙමාපියන්ට ඉතරයි. කෑල්ලක් ඉන්නවා නම් කෑල්ලත් පොඩ්ඩක් දුක් වෙයි. පස්සෙ වෙන එකෙක් මාට්ටු කර ගනියි. ගොම සංගමේ උන් නම් ගොඩ ගිහින් ඉන්නේ. දැන් බලහන් උඹ හැංගි මුත්තල් කෙලියට, පාදෙනිය මහත්තයා හැංගි මුත්තන් කෙලින්නේ නෑ නේ.. ඌ හරක් ටිකක් දාලා මාද්දිය සාකාඡ්චා තියලා, හවසට ගාන කඩාගෙන යනවා. ඌගේ ටාගට් එක කොහොම හරි පාර්ලිමේන්තුවට යන්න. පාර්ලීමේන්තුව කියන්නේ මාර  තැනක් පුතේ ,කැම් බීම ලෑම ඔක්කෝම තියෙනවා. කොටින්ම පන පිටින් දිවිය ලෝකේ ගියා වගේ.

ඉතින් බලාහන් පුතේ සයිටම් පටන් ගත්ත වේසිගෙ පුතාලත අද ඉන්නවා වික්ටෝරියා පාක් එකේ. අර ඩලස් කියන මූසලයා, පුතාගේ කතා අහගෙන පුකෙන් හිනා වෙනවා. ඕකට ඩුවල් සිටිසන් පුතේ. ඌට මෙහේ කෙලවෙන්න ගියෝත් ඌ යනවා ඇමරිකාවේ. පුතාට ඉතින් යන්න වෙන්නේ ඔට්ටේලියා යන අලියෙක්ගේ පිටේ. ඒ යන්න දෙන්නෙත් නෑ. ඔට්ටේලියාවෙන් ආපහු හරවලා එවනවා. මොකෝ උඹ පට්ට ධනවාදී රටවල් වෙන කියුබාවට හරි උතුරු කොරියාවට හරි පීනන්නය. ඒවා මාර දුරයි. 

අනික මැඩිකල් දමලා ගහලා, අනුර කුමාරයගේ දරුවෝ වගේ, ගලප්පත්තිගේ දරුවෝ වගේ, විජේවීරගේ දරුවෝ වගේ, වාසුගේ දරුවෝ වගේ, කුමාර්ගේ දරුවෝ වගේ, ප්‍රයිවෙට් එගෙන ගන්නය. උඹලා අමු හිඟන්නොනේ. ඉතින් මේ නිකන් දෙන දේ කාලා, පොරක් වෙන්න බලහන්. එක එක කාලකන්නින්ගේ පදේට නටන රූකඩ වෙන්නේ නැතිව.

අනික සයිටම් ගිය උන් යන උන් සේරම, උපාධිය නැතත් ගොඩ. උන් සල්ලි කාරයන්ගේ දරුවෝ... ඕන නම් අවුරුදු හතරක් පහක් පරිප්පුවක් කයි. උඹලා ඕක වැහුවත්, උන් ටික ගොඩ. අර කාලෝ අයන්තේ කියපු කතාබ උඹටත් තේරෙන්න ඇති නේ. උන් කොහොමත් ඩොකාලා වෙනවා. ඔය ගොම සංගමේ උන් මෙහේ උනට දෙන්නේ නැති උනාට ඉතියෝපියාවෙන් ගෙනාවත් ජොස්තර කම දෙනවා. ඕක මහා ලොකු බිජ්ජක් නෙමෙයි පුතේ, ලෝකේ තියෙන කෝටියක් රස්සාවල් වලින් එකක් ඉතරයි. අනික පිරටින් ගේන කොට ගොම සංගමේ උන්ට ජරාව එනවා ඒජන්සි වලින්. ඒවා උඹලට කියන්නේ නෑ.    

ඉතින් හොඳ පුතා වගේ හෙට බාර වෙයන්.
අනික් මැටි මෝල් හරක් ටිකට කියහන් ඉන්නෙගන ගන්නය කියලා. 
මොකෝ උගත් කම ඔය එකෙකුටවත් බලෙන් ගන්න බෑ. 
උඹලා එක එකාගේ මී හරක් වෙලා තියෙන්නේ. 
හැම එකාම උඹලව දක්කනවා අපූරුවට. 
උඹ මේකත් අහලා අති නේ පුතේ 

තුබූ තැනෙක සොර සතුරන් ගත් නොහෙනා
උගත මනා ශිල්පමයයි මතු රැකෙනා

ඉතින් ඉතුරු ටිකට මෙහෙම කියන්නම් පුතේ

එක එකාගේ මී හරකුන් ලෙස ලෙස රඟනා
තොපිට පුතේ අබ සරණයි පසු තැවෙනා

පුතාට සියළු දෙවි දේවතාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි...!!!

මීට ආදරණීය 

මාතලන් සීයා... 

80 comments:

  1. වෙල්ඩන් මාතලන්... පවු බන් මේ කාගේ උනත් දරුවොනේ ... උන්ට ඔය ටික කවදාහරි තේරෙයි.. ඒත් කල්යයි...

    ReplyDelete
    Replies
    1. //ඉතින් ළහිරු පුතා නම් මේ දවස්වල ප්‍රැක්ටිකල් කොරනවා මහ උළු ගෙදර.//

      එහෙම කියන්ඩ එපා බං ඕකත් හොඳට සල්ලි හොයන්ඩ පුළුවන් වැඩක්. මතක නැද්ද හොරා කාලා අහු වෙල කලවැද්දයි උගෙ වෙන්ඩ බෑනයි දෙන්නත් කාලයක් මහ උළු ගෙදර ප්‍රැක්ටිකල් කොරා. වැඩේ පාඩුම නැහැනේ. දැන් ලක්ශ 700 බෙන්ස් එකක් තියෙනවා. ප්වුලෙ උන් හැමෝටම ආන්ඩුව ගානේ වාහන කීපයක් සහ පිරිවර. බැංකු ගිනුමේ රෙපියල් වලින් කෝටි 4ක්. අහු වෙච්චි ඩොලර් ලක්ශ ගානක් තාම උසාවියේ ලැබිච්ච විදිහක් කියා ගන්ඩ බැරුව. තව අහු වෙච්චි නැති ඩොලර් පවුම් ඉයුරො කොරෙනා වගේ ඒව කොච්චර ඇද්ද ?

      Delete
    2. තේරෙයි එලියට දාලා ටයර් එකක් උඩ යන කොට

      Delete
  2. Replies
    1. මාතලන් බොරු කියන්නේ බොහෝ අඩුවෙනි....

      Delete
  3. බීරි අලීන්ට වීණා වැයීම සහ තවත් ලිපියක්

    ReplyDelete
    Replies
    1. පොර මිසින්ග්... දැන් ඔක්කෝගෙම පුක රත් වෙලා ඉන්නේ

      Delete
  4. අදදරෙණ විතරක් නෙවේ බං...හිරුත් ඒවගේ...!
    අපිත් තීරණයක් ගන්න ඕන කාලෙ හරි වගේ....ඇයි බං රෙද්ද....අවු.5කට ආන්ඩුවක් පත් කොලා මගුලක් කරනවැයි...!අපි විතරයි ඉසටැයික් කරන්නෙ නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. හරි නේ වැඩේ... අපිම ඉන්න ඕන මල පන්නලා මේවා කරවන්න

      Delete
  5. මාතලන් බාප්පේ අපි හිඟන්නෝ වුනේ ඉස්සර. දැන් අපේ හත්මුතු පරම්පරාවම ගොඩ අරින්න බැසිල් මහත්තයා පොරොන්දුවුණා. අපිට තියෙන්නේ එක මිණියක් අරන් දෙන්න විතරයි. හිරේ යනව වගේද බාප්පේ මට තියෙන සැප. ඔය අපි කියන දේවලට රැවටිලා දඟලන එකෙක් දෙන්නෙක් රිමාන්ඩ් කලත් මට එහෙම වෙන්නේ නැහැ කියලා අප්පච්චිත් පොරොන්දු වුණා

    ReplyDelete
    Replies
    1. දැන් කොහොමද ඉයන් බැඳුම්කරේ විස්තර?

      Delete
    2. ඔය ඉයන් කියන කෙනා දැන් අමුතුම ආකාරයේ යටි කුට්ටු වැඩක් කරනවා, මුදලින් රුපියල් 30000 තෑගි දීගෙන "පොල් මැල්ලුම් ෂාණරයේ කථා නිර්මාණ" කියලා. නෙලුම් යාය ගැන දැන් කවුරුත් දන්නා නිසා / නොන්ඩි නිසා වෙන ආකාරයකට එන්න හදන්නේ ඒ සෙට් එක දැන් අලුත් මුට්ටියක් දාලා බලනවා.

      ඒවා ගැන කතාකරම එයට ඒ සල්ලි හම්බවෙලා තියෙන්නේ අපේ සුවර්ගයේ ඉන්න අම්මට xකන්න දීපු සල්ලිලු ඒ. මුන් මේ සුවර්ගෙට යන්න කලින් අනුන්ගේ ගැනුන්ට xකන්න හින මවනවා.
      මේ ලෝකේ මුන් තව මොනවා කරනවා ඇති ද ඔය වගේ . අනික ඒ xකන්න දීපු සල්ලිවලින් තෑගි ගන්න ඒවුනත් ඒවගේ එවුන් වෙන්න ඇති.

      මහලොකුවට උන් ඔය නෙලුම් යායවල හදාගෙන අනුන්ගේ ගැනුන්ට xකන්න ට්‍රැයි කරලා බැරි තැන ස්වයන් වින්දනය යෙන් සැනසෙනවා ඇති

      මාතලන් ලොක්කා මේකත් මකහන් කොහොමත් ඉතින් උඹත් දිව දෙකේ හිකනලයෙක්නේ අපි දැන් මේවා සික්රින් ෂොට් තියාගන්නවා ...නෑ නිකම් මේ ආතල් එකට

      Delete
    3. ගොන් පාට් Anonymous (July 25, 2017 at 9:23 PM) කෙනෙක්.

      Delete
    4. Wow, how many profiles you have dear Ian? Brilliantly done. Aththa Ano, what a marvellous name for such fake profile spreading utter false info. Well done.

      Delete
    5. මාතේ මේ ඇනෝගේ ආතල් එක මකන්න එපා

      Delete
    6. ඉයන් මහත්තයො,

      දැන් ඔහේගේ බැඳුම්කරේ නරිවාදම රෙද්ද පල්ලෙන් බේරෙනව නේද? ආයිත් බැඳුම්කරේ ගැන ලියන්නකො.

      Delete
    7. Mr.Anonymous July 26, 2017 at 5:12 AM
      I am not a another profile of Ian. even I don't know who he is.
      when I go through this article I saw that your foolish comment.
      because you be rude to Ian in other's Blog.
      My idea is as a gentlemen (If you are) please go to Ian's Blog & Comment there.

      Delete
    8. Thanks for advises dear Ian, but there is a critical issue. How can anybody (Anonymous) could comment on his blog since Ian's doesn't allow comment under anonymous identity? Further, he used to delete any comment criticising what he has written in his blog. I'm not the above person who is harsh on Mr. Ian but he has his own reasons to comment here though you pretends to be unknown about Mr. Ian's strategy. What a pity?

      Delete
    9. පණ්ඩිත ඉයන්,

      යහපාලන ආණ්ඩුවේ UNP පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ඇතුළු මැර පිරිසක් කැකිරාවේ ප‍්‍රසිද්ධ පාසලකට ඇතුළු වී විදුහල්පතිට හා ගුරුවරුන්ට බැණ වැදීමත් සමග පාසැල් සිසුන් විසින් මන්ත‍්‍රීවරයාට හා මැර පිරිසට පහර දී හූ කියමින් පන්නා දමා ඇත.

      පාසැලේ පැවති සම්මන්ත‍්‍රණයකට විරෝධය පල කරමින් එම මන්ත‍්‍රීවරයා ඇතුළු පිරිස මෙසේ විදුහල්පතිට හා ගුරුවරුනට බැණ වැදී ඇතැයි පැවසෙයි.

      අර යුද්දෙ දරුනුවටම යන කාලේ කොටින්ට වක්‍රව සහාය දෙන බටහිර රටවල් ටික විදේශ නය නවත්තල තියෙන කොට, HSBC එක නයක් දෙන කොට රනිල් ඉයන්ල වගේ ලජ්ජ නැති හූ ඇන් පී කාරයො ටිකක් එක්ක ගිහින් වගේ දෙන්ඩ එපා කියල බැංකුව වට කරන කොට වගේ ඉයන්ට හරියට ආඩම්බර හිතෙන්න ඇති !

      අපට ලැජ්ජයි.. Blog PC ඉයන් ට සන්තෝසයි !

      Delete
    10. ඉයන්July 25, 2017 at 7:49 PM

      //අපිට තියෙන්නේ එක මිණියක් අරන් දෙන්න විතරයි. //

      රතුපස්වලින් අරන් දීපු මිනියෙන් ඉඅන්ලා, රවීලා ඇලෝසියස් ලා, කෙහෙල් සුජීලා, My-3 ගෙ හතර වරිගෙම වගේ තව කී දෙනෙක් සල්ලි කාරයෝ උනාද නේද ලොක්කා ?

      Delete
    11. Rajapaksha la thama lokuma horu. Oya Rajapassa pavula rata hadanawa kiyala bandagarayen horakam karala thaman haduna…

      – Lal and Geetha Yapa, Riverside, CA

      Delete
    12. බොරැල්ලේ පිහිටි සුප‍්‍රසිද්ද පාසැලක පාසල් සිසුවකු ප‍්‍රමාද වී පාසැල් පැමිණියේ යයි අතක්‌ කැඩෙන්නට පහර දුන් ගුරුවරියක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

      පහර කෑමෙන් අත කැඩුනු සිසුවා මේ වන විට ජාතික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබයි.

      අත්අඩංගුවට ගත් ගුරුවරිය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මේක මේ මහින්දගේ වැඩවසම් මහින්ද චින්තනය. වරද මහින්දගේ……!

      Delete
    13. Dear Anonymous July 27, 2017 at 5:25 AM
      If you want to comment to Ian, follow few steps & create a profile.
      for example I create ඇත්ත ඇනෝ http://aththaanonymous.blogspot.com/ for same requirement.
      also if you want to tell something write it in your own blog.

      Delete
    14. ඈ.. හා බ්ලොග් පීසී තුමනි, හොඳමයි එහෙම කරන්නම්. කමක් නෑද?

      But please do not impose Legal punishment on me or penalise me under the "Blog terrorism prevention Act" (Act No. X of 2017). I'm afraid that I might be charged and prosecuted for blog crimes against humanity & abusive maltreatment is held (as wholly or partially responsible) for the wrongful conduct committed against a glorious Senior blogger in the Sinhala blogsphere. Could you please assure with a formal document to implement formal protection against charging or kindly implement informal protection similar to the one against highly corrupted Rajapakse family & their close friends & relatives? I'd like to be silent forever.

      Delete
    15. මුන් ඔක්කෝම මහින්දගේ වහල්ළු

      Delete
  6. විශ්ව විද්‍යාලවල හැමදාම වුනේ මේක තමයි මාතේ. මේ පාදඩ දේශපාලකයින් කොහොම හරි කැම්පස් කොල්ලන්ට/කෙල්ලන්ට කොක්ක ගහනවා තමන්ගේ පටු අරමුණු වෙනුවෙන්. ලස්සන වචන සෙට් එකට, සමනළ වර්ණ පොරොන්දු වලට අහු වෙලා මුන්ටික ඔහේ ඉබාගාතේ යනවා. අපිනං යන්තං මොළේ කලඳක් තිබිලා ඩිග්‍රිය ගොඩ දාගෙන බේරිලා අවා. රයන් කොලුවා ගැන අවංකවම දුකයි. මෙඩිකල් කොලේජ් යන්න මොළේ තිබුණට එක එක හාල්පාරුවන්ගේ පොලිටිකල් ගැට වලට අහු නොවී ඉන්න තරම් මොළේ නැතිවුන එක අපරාදේ.

    ඊළඟට වෙන්නෙත් මේකම තමා. මුන්ගෙන් එකෙක් දෙන්නෙක් හරි පාර්ලිමේන්තු යනවා. උන් ඇවිත් අයෙත් කැම්පස් සෙට් එක අල්ලගෙන මේ වැඩේම කරනවා. අපි ආයෙත් උන්ට බැන බැන ඉන්නවා. හරියට නිකන් සංසාර චක්කරේ වගේ.

    ReplyDelete
    Replies
    1. දැන් වමේ පක්ෂවල මළගම සිඳුවෙමින් තියෙනවා සීඝ්‍රයෙන්

      Delete
  7. රයන් පුතේ, ඔය මාතලන් සීයගේ වැල් බයිලා අහන්න එපා. ඔය කියන “උගත මනා සිල්පයමයි මතු රැකෙනා “ කවිය දැන් පරනයි. මෙන්න තියෙනවා අළුත්ම කවිය. කාලේ හැටියට වැඩ වගේම කවිත් වෙනස් වෙන්න ඕන.

    ගං වතුරෙන් සුනාමියෙන් ගසා කනා
    දවල් වුනත් රජ මැතිඳුන් හට නැවෙනා
    බැන්කු කඩපු හොරුන්ගෙනුත් ගත හැකිනා
    මතු රැකෙනා සිල්පයමයි උගතමනා

    ReplyDelete
  8. ehapalanya kade yanna aya ta ma aweenika una web side ekek wage..............oyala " Proud"ly present Maha Tha la eke..
    Rajitha kiyanna PAl HORA ta ...mee rata palanaya karanna deela
    oyala jack gahanna eke gana sitha balanna " Kalaya" awilla,,,,,lankans !!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඔව් අපි තාමත් ගහනවා.... මොකෝ ඒ ලද නිදහස අපට බොහෝම වටිනවා...

      Delete
  9. ලෙසටම ලියා ඇත.
    තව අපිට කියන්න දෙයක් ඉතුරු වෙලා නැත.
    එල.

    ReplyDelete
  10. මාතා,

    මොකද බන් මේ වෙන්නේ, මේ ආණ්ඩුව හත් පොලේ ගාගෙන මොකද්ද මේ කරන විගඩම, තෙල් ටැංකි ඉන්දියාවට දෙනවනම් රජය කෙලින් කියන්න ඕනේ මේකයි ප්‍රතිපත්තිය කියල එහම නැතුව ඔක්කොම හන්ගගන කරන මේ විගඩම මොකද්ද.

    රට දියුණු කරන්න සල්ලි නෑ කියල තමයි කියන්නේ හැබැයි වෙන්නේ එක එකා ගේම් ගහන එක, රවී කරුනායක ගන්න මාලිගා වලට මුදල් ගෙවන්නේ අර්ජුන ඇලෝසියස් හොරකම ලෝකෙට පෙන්න තියෙද්දී රටේ තියන දේපල මංකොල්ල කනවා.

    ඉන්දියාව සමග ගිවිසුම් ගැසීම හොදබවයි ඔබත් කියන්නේ, එකෙන් සන්වර්දනයක් වෙනවා කියල තමයි කියන්නේ, හැබැයි තවම මේ ගිවිසුම් රටේ ම්නිසුන්ට පෙන්වන්න ආණ්ඩුව බයයි.

    මට කියන්න තියන්නේ මෙච්චරයි රටේ මිනිසුන්ට වාසියක් වෙනවනම් ඉස්සල්ලම අදාළ ගිවිසුම පෙන්වන්න ඕනේ රටේ මිනිසුන්ට, මෙතන වෙන්නේ තනිකරම හොරකමක්.

    මහින්දගේ කාලේ දුෂිත දර්ශකයේ 85ට තිබුන අපි අද 95 දක්වා පහත වැටිල https://www.transparency.org/news/feature/corruption_perceptions_index_2016

    ඒ කියන්නේ මේ ආණ්ඩුව මහින්දට වඩා දුෂිතයි !!

    ReplyDelete
    Replies
    1. ළාංකික සිතුවිලි, මොනවද යකෝ ගිවිසුම පෙන්නන්න කියලා කෑමොර දෙන්නේ? තොරතුරු පනත ගෙනාවේ උඹ වගේ අයට තමයි. උඹත් මෙතන අපේ ඩේටා විනාස කරන්නේ නැතුව උඹට ඕන කරන ගිවිසුමේ විස්තර අහලා දැනුවත් වෙයන්.

      Delete
    2. විප්ලවේ පටන් ගත්තා... අපේම බල කිරීමට

      දැන් ඉතින් බලාගෙන හිටපන් මචෝ

      Delete
  11. රයන් කොලු 1st MBBS එකද මොකද්ද fail වෙලා ශිෂ්‍ය භාවය අහෝසිවෙලා කියල මම දැක්කා බ්ලොග් එකක කොමෙන්ට් එකක් ඒක ඇත්තක් ද?

    ReplyDelete
    Replies
    1. දන්නේ නෑ... අහන්න විහියක් නෑ... ඇහුවත් වැඩක් නෑ... මොකෝ මතක නැතෙයි කියයි

      Delete
  12. මේ රයන් කොලුවා (කොලු තාත්තෙක් වගේ) MBBS ෆේල් වෙලා දේශපාලනේ කරන එකෙක්ලු. වයස 30ත් පැනලා කියලා තමයි වෙබ් එකේ තිබ්බෙ. එහෙම එකෙක් ආයෙ තව කොහෙ ඉගෙන ගන්නද? ඉන්නකම් කරන්නෙ අනිත් ශිෂ්‍යන්ගෙ අධ්‍යාපනය අඩාල කරන කඩාකප්පල්කාරී වැඩ. එහෙම කරද්දි තමයි මල්ල පිරෙන්න සන්තෝෂම් හම්බ වෙන්නෙ. ලහිරු කොලුවත් පීඩිත පන්තිය වෙනුවෙන් පෙනී සිටින නිසානෙ ප්‍රාඩෝ එකේ කැම්පස් එනවා කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔය රයන් පාහරයා තව ටික දවසක් රඟලා, ලෝයර් විභාගේ ගොඩ දාලා, එන්ජීඕ එකකට හේත්තුවෙලා ෂපාන් එකේ මැද වයස ගත කරයි.

      Delete
    2. අපරාදේ කියන්න බෑ...මාර සබුද්ධික ප්‍රේක්ෂකයෝ සෙට් එකක් දැන් ඉන්නවා මාතලන්ට...
      // 1st MBBS //
      // ප්‍රාඩෝ එකේ කැම්පස් එනවා //
      // ලෝයර් විභාගේ ගොඩ දාලා //

      Delete
    3. හුරේ....... සර්වඥ පණ්ඩිත අසංග බුද්ධිමතාගේ සම්ප්‍රාප්තිය අප ලද පිනක්මැයි.

      Delete
    4. සර්වඥ පණ්ඩිත අසංග,

      // 1st MBBS //

      ඒ මොකක් ද ඒ?
      අලුත් විභාගයක් ද?
      අපේ කාලෙ විශ්වවිද්‍යාලවල නම් තිබුණේ Second MBBS.

      Delete
    5. // 1st MBBS //

      //ඒ මොකක් ද ඒ?
      අලුත් විභාගයක් ද?//

      ගනන් ගන්ඩ එපා බං සිරිකොතෙන් අපිට ඕවා ලියල දෙන උනුත් මාතලන් වගේ වැස්සකටවත් කැම්පස් එකකට ගොඩ වෙල නැහැ. මේකට හුරේ දාන උදයලත් එහෙමයි. මොලේ නැති නිසා හොඳට A/L පාස් වෙල කැම්පස් ගිය උන්ට විතරයි මේ වගෙ මෝඩ ප්‍රශ්න ඔලුවට එන්නේ.

      Delete
    6. කැමපස් ගියාම පුක ලොකු වෙනවද...?

      Delete
    7. //MBBS ෆේල් වෙලා//
      Prabath Kurukulasuriya මහත්තයෝ නොදන්න මගුල් කථා නොකර ඉදින්...රයන් කියන්නෙ මේ වෙනකොට පූර්ව සීමාවාසික වෙෙද්‍යවරයෙක්.

      Delete
  13. රයන් කොල්ලගෙයි, ඌත් එක්ක ඉන්න අනිත් මෝඩ කොල්ලො කෙල්ලන්ගෙයි ඉගෙනුමත් කඩාකප්පල් කරමින්, උන්ව දන්ගෙඩියට දක්කන්නේ,අන්ත කුහක ආත්මාර්ථකාමී ගොම ජෝස්තරලයි, කිසිදාක බලයට එන්න බැරි බව දන්නා දේශපාලන අනාථයෝ රැලකුයි. මේ ව්‍යාපාරයේ 'ගෝඩ් ෆාදර්' තමයි අර ගල් ආඳා, මහින්දය.

    මේ රයන් කොල්ල නියෝජනය කරණ 'උද්ගෝෂණ' සෙට් එක පිනට කෑම පටන් ගන්නේ ගමේ ඉස්කෝලෙන්. එතැනදී නොමිලේ ඉගෙනීමට අමතරව දවල්ට කන්න කිරි බනිස් එහෙම දෙන්න ඕනේ.නොමිලේ පෙළ පොත් හා යුනිෆෝම් රෙදි දෙන්න ඕනේ. ඒවා මහගන්න ටේලර් කුලිය දෙන්නත් ඕනෙ. ඊට අමතරව විටින් විට ඔය ගම්බද පාසල් වලට, එක එක සමාජ සංවිධාන වලින් හා ලොකු කොම්පැනි වල CSR ප්‍රොජෙක්ට්ස් යටතේ බෙදා දෙන පොත් පත්, බෑග් හා වෙනත් විවිධ පාසැල් උපකරණත් පිනට ලැබෙනවා.

    ඊට පස්සේ පහේ ශිෂ්යත්ව විභාගෙ පාස් වෙලා නගරෙ ඉස්කෝලෙකට එනවා. එතනදිත් ගමේදී වගේම ඉගෙනීම වගේම, දවල් කෑම, ඇඳුම්, පොත්පත් හා තවත් පුළුවන් දේවල් පිනට ගන්න බලනවා. එහෙම කරලා කොහොමින් හරි දතකාල ආණ්ඩුවේ විශ්ව විද්‍යාලයකට යන්න පුළුවන් වුනොත් ඊළඟ හිඟා කෑම ඉහල ලෙවල් එකෙන් පටන් ගන්නවා.

    එතැනදී නොමිලේ අධ්‍යාපනයට අමතරව මහපොළ දෙන්න ඕනේ. නොමිලේ නවාතැන් දෙන්න ඕනේ. ඊට පස්සෙ 'මේසොන් බාසලට බදාම සප්ලයි' ඩිග්ගිරියට පස්සේ රජයේ රෝහලකට පත්වීම ලැබෙනව.

    එතනින් පටන් ගන්නව නියම ගේම. 'ඔන් - ඕෆ් ' අත්සන් නොකර වැටුප් හා අතිකාල දීමනා ලබා ගන්න එකම රජයේ සේවකයෝ බවට පත්වෙනව. එසේම රැකියාවට අමතරව ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් මගින් 'අසීමිතව' මුදල් උපයන්න හැකි එකම රජයේ සේවකයෝ බවටත් පත්වෙනව. තව ඩියුටි ෆ්‍රී වාහන දෙන්න ඕනෙ. උන්ගේ දරුවන්ට සුපිරි පාසැල් දෙන්න ඕනෙ. මේ වරප්‍රසාද එකක්වත් එහා මෙහා වුනොත් 'ලෙඩ්ඩු මකබා වෙද්දෙන්' කියල වර්ජනය කරනවා.

    රජයට, මහජනතාවට බරක් නොවී, මුදල් ගෙවා ඉගෙනගෙන සම සුදුසුකම් ලබා තම වෘත්තියට ඒමට වෙහෙසෙන තවත් සහෝදර පිරිසකට එම සාධාරණ අවස්තාව ලබාදෙන SAITM ය වසා දමන්නයි කියමින්, මේ පරපුටුවො රැල ගෙනයන ත්‍රස්ත ව්‍යාපාරය කෙළවරක් කරන්න මහින්දයම එන්න ඕනෙද?

    ReplyDelete
    Replies
    1. නයාට ගහන්න ඕන ඔළුවටම... එතකන් නයා වගේම රිලව් ටිකත් නටනවා

      Delete
  14. මාතලන් වගේ ධනේෂ්වර පන්තියෙ උන්ගෙ සෙරෙප්පු ලෙවකන උන් කියන කතා අපේ රයන් සහෝදරය වගේ කෙනෙක්ට අදාළම නෑ. අපේ සහෝදරවරු රටේ දරුවන්ගෙ අධ්‍යාපනය වෙනුවෙන් දිවි හිමියෙන් කැප වෙනව. හැබැයි මතක තියාගන්න මහත්තයො අපේ සහෝදරවරු දිවිහිමියෙන් කැප උනාට එක එකාගෙ සුදු වෑන්වල යන්න තරම් නපුංසකයො නෙමේ.අපේ සමාජවාදී සංගමේ සහෝදරයො දිවා රෑ නොබල කරන සටනට මහාචාර්ය කාලෝ ෆොන්සේක මැතිතුමාගෙ ආශිර්වාදෙත් හම්බ උනා. කාලෝ ෆොන්සේක මැතිතුමා එක්ක බලන කොට මාතලන් වගේ උන් කවුද? අපේ සහෝදරවරු ටික සටන අතාරින්නෙ නෑ මේ සය්හිට්ම් එක අහෝසි කරනකන්.

    ReplyDelete
    Replies
    1. නපුංසකයෝ නොවෙයිනම් කෙළින් මිනිහා වගේ පොලිසියට ඇවිල්ලා බාර වෙන්න කියපන්කෝ , හැංගිලා ඉන්නේ නැතුව. තොපි වගේ එවුන් කරන්නේ ධනේශ්වර පන්තියේ සපත්තු ලෙවකෑම නෙවෙයි, පඩ දේශපාලුවන්ගේ ඇට ලෙව කෑමයි.

      Delete
    2. වරදක් කළානම් පොලීසියට නෙමේ එල්ලුම් ගහට යන්න උනත් අපේ සහෝදරයො ලෑස්තියි. ඒත් කිසිම වරදක් නොකර පොලීසියට යන්න තරම් අපේ සහෝදරවරු මෝඩ නෑ. අපේ සමාජවාදී සංගමේ සහෝදරවරු කැප වෙන්නෙ ජනතාව වෙනුවෙන් මිසක් තමන් වෙනුවෙන් නෙමේ. රටේ ඇත්ත තත්වය තේරුම් ගන්න බැරි ඔළුව තද වෙච්ච බ්ලොග් කාරයො ටිකක් ඉන්නව. උන් කැම්පස් ගිහිල්ලත් නෑ. ළමයින්ව ප්‍රයිවට් කැම්පස් දාන්න සල්ලිත් නෑ. උන්ගෙ ළමයි රජයෙ කැම්පස් යන්න තරම් ඉගනගෙනත් නෑ.

      Delete
    3. දැනුම ඇති එකා දැනුම නැති එකාට ඒ දැනුම දීම අධ්‍යාපනයයි. ඒකට මුදල් ගෙවීමට සිදුවුණාද නැත්ද කියන එක මත එය වෙනස්වන්නේ නැහැ. දුප්පත් රටවල හැමෝටම නොමිලේ දෙන්න නොහැකිවීම ජවිපෙ වගේ අතීතයේ ජීවත් වන අයට වාසියි. අඩු උගත්කමින් යුත් අය හැමදාම රවටන්න පුළුවන් නිසා.

      Delete
    4. පොලිසියෙන් අල්ලන්න ආවානම් වරදක් කරලා ඇති. ඒක දන්නේ නැත්නම් පොලිසියට ගිහිල්ල අහගන්න එක නේද හොඳ?

      Delete
    5. ළිං මැඩි හරකුන්ගේ අදහස් සඳහාද මෙය විවෘතව පවතී

      Delete
  15. උන්ගෙ ළමයි ප්‍රයිවට් ඉගෙන ගන්නවා. මුන්ගෙ රෙද්දෙ සමාජවාදය. ෆක් දිස් බාස්ටර්ඩ්ස්

    ReplyDelete
  16. මහත්තයෝ, රාජිත වගේම සාගල උන්නැහේලත් කියනව අත්තඩංගුවට ගැනීමේ ක්‍රමවේදය අනුමත කරන්න බෑ කියල..එ් මදිවට මේක කුමන්ත්‍රණයක් කියලත් කියනව එහෙව් එකේ ඔබතුමා එ් ක්‍රියාවලිය සාධාරණීකරනය කරන්න වෙහෙසෙන්නෙ කුමන්ත්‍රනයේ කොටස්කරැවෙක්නිසාවත්ද?සයිටම්හි සුජාතභාවය වෙනුවෙන් පෙනී සිටින විතණ්ඩතාවාදීන් සිදුකරනුයේ සයිටම් විරෝධයේ පවත්නා මුඛ්‍ය කාරනය යටපත් කරමින් අරගලය වටා සිටින පාර්ශව වල කළු සුදු භාවය ප්‍රශ්න කිරීමයි.අනික සයිටම් විරෝධය යනු හුදෙක් සයිටම් සදහාම පමණක් වන විරෝධයක් නොවේ.එහි සැබෑ අන්තර්ගතය වන්නේ රටේ පවත්නා අවිධිමත් අධ්‍යාපන ක්‍රමය සම්බන්ධ ප්‍රශ්නයයි.සයිටම් යනු එහි එක්තරා සංකේතයක් පමණි.මොහොතකට හිතමු සයිටම් අායතනයේත් උපාධි ප්‍රධානය අත්හිටුවීමට නැතහොත් සයිටම් ජනසතු වීමක් සිදු වුනා කියල, එනමුත් සයිටම් විරෝධය හරහා ගොඩනැගුනු අධ්‍යාපනය සම්බන්ධ සමාජ කථිකාවත නොනැවැත්විය යතුය.සයිටම් අායතනයේ උපාධි ප්‍රධානය අත්හිටුවීමෙන් නිර්මාණය වන සමාජ වටපිටාව, එකී ප්‍රවණතාව රටේ අධ්‍යාපන ක්‍රමයේ පවත්නා ගැටළු සම්බන්ධව ප්‍රශ්න කිරීමට ලැබෙන එෙතිහාසික අවස්ථාවකි.අප කළ යුත්තේ ඉන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමයි.මින් අදහස් වන්නේ උද්ගෝෂණ කිරීමම නොවන අතර වඩා යහපත් සමාජයක් උදෙසා අධ්‍යාපන ක්‍රමය කෙසේ සකස්විය යුතුද යන්න බුද්ධිමත් සංවාදයක් රට තුල නිර්මාණය කිරීමකි.

    ReplyDelete
    Replies
    1. //...එහි සැබෑ අන්තර්ගතය වන්නේ රටේ පවත්නා අවිධිමත් අධ්‍යාපන ක්‍රමය සම්බන්ධ ප්‍රශ්නයයි.සයිටම් යනු එහි එක්තරා සංකේතයක් ...//

      ඔය 'අවිධිමත් අධ්‍යාපනය' කියන්නේ පොද්ගලික අධ්‍යාපන ආයතන වලින් මුදල් ගෙවා ඉගෙන ගන්න එකේද? එතකොට 'විධිමත් අධ්‍යාපනය' වෙන්න ඕනෙ 100% රජය මගින්ම නොමිලේ ලබාදෙන අධ්‍යාපනයයි.

      ගැලවෙන්න බැරි ණය උගුලකට අසුවී, හොම්බෙන් යන ආර්ථිකයක් සහිත රටකට, ඔය කියන 'විධිමත් (පිං) අධ්‍යාපනය' කිර්යාත්මක කිරීම කිසිසේත්ම ප්‍රායෝගික නොවන බව මේ සහෝදරවරුන්ට ඇත්තටම තේරෙන්නේ නැද්ද?

      UGC සභාපතිගේ වාර්තාවක මෙහෙම තියෙනවා.

      "UGC Chairman Prof. Mohan de Silva said, 27,603 students will be enrolled for various undergraduate courses conducted at 15 universities and 18 higher educational institutions for the new 2015- 2016 academic year..."

      පහතින් සඳහන් වෙන්නේ විභාග දෙපාර්තමේන්තුවේ නිල සංක්‍යාලේකනයෙන් උපුටා ගත්තක්

      Performance of Candidates - G.C.E.(A/L), 2011-2015

      School Candidates Qualifying to Enter University (2011) -120,846 (2012)- 124,377 (2013) -122,913 (2014)-126,971 (2015) -131,137

      මේ අනුව 2015 වසරේ වී.වී. වලට ඇතුළත්වීමට සුදුසුකම් ලැබූ 131,137 සිසුන් අතරින් රටේ විශ්ව විද්‍යාල 15 කට හා රජයේ වෙනත් උසස් අද්‍යාපන ආයතන 18 කට ඇතුලත් කරගෙන ඇත්තේ 27,603 පමණයි.

      එතකොට ඉතිරි සිසුන් 103,534 දෙනාට මොනවා කරන්නද ඔය සහෝදරවරු යෝජනා කරන්නේ?

      මේ සිසුන්ගෙන් කොටසක් වසරකට මිලියන 5 කට වැඩි මුදලක් වැයකරමින් විදේශ වී.වී. වලට යනවා. ඉතින් ඉතිරි ළමුන්ගෙන් කොටසක් හෝ ඊට වඩා අඩු මුදලක් වැයකරමින් දේශීය පෞද්ගලික අධ්‍යාපන ආයතන වලින් සම උපාධියක් ලබා ගැනීමේ ඇති වරද මොකක්ද?

      මොකක්ද ඔය සහෝදර වරුන්ට ඇති අවුල?

      Delete
    2. කවුරුහරි ඉගෙන ගෙන තැනකට එයි කියල තියෙන කුහක කම.

      Delete
    3. ඉයන්,

      ලෝකයේ හොඳම මුදල් ඇමති මිලියන 160 කට ගෙයක් ගන්නව කියන එකේ වරදක් තියනවද? මැක්කා (ෆන්-සේකා) කිවුව වගෙ ප්‍රොටොකෝල් එක කියන්නෙ ඒක තමයි.

      Delete
    4. දැනුම ඇති එකා දැනුම නැති එකාට ඒ දැනුම දීම අධ්‍යාපනයයි. ඒකට මුදල් ගෙවීමට සිදුවුණාද නැත්ද කියන එක මත එය වෙනස්වන්නේ නැහැ. දුප්පත් රටවල හැමෝටම නොමිලේ දෙන්න නොහැකිවීම ජවිපෙ වගේ අතීතයේ ජීවත් වන අයට වාසියි. අඩු උගත්කමින් යුත් අය හැමදාම රවටන්න පුළුවන් නිසා.

      Delete
    5. උඹලගේ රජා රට ණය කර හොරකම් කලාට වගේම යහපාලන වුන් හොරකම් කරනවාටත් අපි විරුද්ධයි. ඒකයි වහල්ලුන් සහ අපි අතර වෙනස. බැඳුම්කර කොමිසමේ අන්නිකා දුන් සාක්ෂිය ඔප්පු වුණොත් රවී වැන්නකු රජයේ නොසිටිය යුතුයි. ම්න පක්ෂයේ හරි හොරුන්ට අපේ කිසිම සහයෝගයක් නැහැ. රජපවිලට පක්කලි කම් කරන උඹලට වඩා අපි වෙනස්.

      Delete
    6. ///ලෝකයේ හොඳම මුදල් ඇමති මිලියන 160 කට ගෙයක් ගන්නව කියන එකේ වරදක් තියනවද? ///

      පිස්සුද..?
      කිසි වැරැද්දක් නෑ..!!!

      සුදු වෑන් එකෙන් ඇවිත් පැහැරගැනීමත් නීත්‍යානුකූලයි කිව්ව එකේ මේකත් නීත්‍යානුකූල තෑග්ගක් කියල කිව්වෙ නැත්නම් තමයි පුදුමේ.

      මේ යහපාල ලිච්චවි සෙට් එක අධෝමාර්ගයට ගිය මොලේ ආපහු හිස් කට්ට ඇතුලට දාගැනීමේ අටියෙන් ඔලුවෙන් නේ හිටගෙන ඉන්නෙ.

      උන්ගෙ මහ දවල් වැරදි ඔක්කොම නීත්‍යානුකූලයි.

      ඒකට විරුද්ධව කෑගහන උන් ඔක්කොම නීති විරෝධීයි.!!

      Delete
    7. උඹලගේ රජා???? Who the f@@#? You mean highly corrupted stupid MR idiot? Please note that we voted against that fucking bastard MR & chased away that stupid corrupted brainless idiot & his destructive family & henchmen. But now, this stupid government also following the path of that f#$king MR bustards & we just wanna stop this. How dare you Mr. Ian? Why you act so cheap?

      Delete
    8. ///ඒකට විරුද්ධව කෑගහන උන් ඔක්කොම නීති විරෝධීයි.///

      යහපාලන ලිච්චවි හොරු සෙට් එක හොරකම් කරනවාට විරුද්ධව කෑගහන උන් ඔක්කොම හොර මහින්දගේ වහල්ලු.

      Delete
    9. SundaraWarna මහතාණෙනි, අවිධිමත් අධ්‍යාපන ක්‍රමය යනුවෙන් මා අදහස් කලේ මෙරට දැනට පවතින අධ්‍යාපන ක්‍රමය මගින් සිදු කරනුයේ පුද්ගල කුසලතාවයට අනුව ඔහුගේ අධ්‍යාපනය තීරනය වීමක් නොවීමයි.සැබැවින්ම සිදුවිය යුත්තේ කුසලතාවයට අදාලව අධ්‍යාපනය ලබා දීමයි.

      අනිත් කාරණය ඔවි ඔබ තුමා දක්වපු UGC වාර්තා නිවැරදියි.එ් වගේම GDP එකෙන් මේ වර්ෂයේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරන්න 1.7%ක් එ් නිසා තමයි 27603කට පමණක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය හිමිවෙන්නෙ.එ් අගය 4.8 උනොත් උසස් පෙළ සමත් සියළුදෙනාට විශ්ව විද්‍යාල වරම් හිමිකරගන්න පුළුවන්.දැන් කියන්න එපා රජයට සල්ලි නෑ කියල එහෙමනම් කොහොමද අැමතිවරැනට වාහව ගන්න කෝටි 33 ඉල්ලමින් පරිපූරක අැස්තමේන්තු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නෙ?එ්ව මහජන මුදල් නෙමෙයිනේ එ්ව ප්‍රශ්න කරන්නෑ..

      අවුල තමයි මිත්‍රයා අධ්‍යාපනය ලබන්න තියෙන අයිතිය මුදල් මත තීරනය වීම.එය එසේ නොවිය යුතුයි.අාගම ජාතිය අාර්ථික තත්වය සමාජ තරාතිරම වැනි සාධක මත අධ්‍යාපනය ලැබීම තීරනය වෙනවනම් එතන අවුලක් අැත්තෙම නැද්ද මිත්‍රයා..මේ කියන කාරනාව මීට වසර ගණනකට පෙර කණ්නන්ගරයන් අවබෝධ කරගෙන හිටියා මිත්‍රයා.

      කන්නංගර වාර්ථාව උපුටා දැක් වීම,

      "අපේ අධ්‍යාපන ක්‍රමයේ සංසිද්ධිය වූකලි ගාස්තු ගෙවීමට පුළුවන් අය බෙහෙවින් අැතුළු වන සහ එසේ ගාස්තු ගෙවීමට නොහැකි අය යන දෙවර්ගයක පාසල් බිහිවීමයි.එකකින්, තවෙකකට මාරැවීම ලෙහෙසි කාර්යයක් නොවන හෙයින් දුප්පත් දෙමාපියන්ගේ දරැවෙකුට උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමට අසීරැය.කවරදා හෝ ළමයා ඉංග්‍රිසි අධ්‍යාපනය අත්හිටුවන්නේ ඔහුගේ දක්ෂතාව සීමා වීමෙන් නොවේ.ඔහු වයස 14,16,හෝ 18 දී පාසල හැර යා නම් එයට හේතුව ඔහු සිය අධ්‍යාපනයේ සීමාවට පැමිණිම යයි කීමට ඉඩ තිබුණත් අැත්තෙන්ම මෙහි අැත්තේ පියාගේ පසුම්බිය හිස් වීමය.නැතහොත් සිය පවුලේ සහෝදර සහෝදරියන් උදෙසා ඉතිරි මුදල් ටික මිඩංගු කිරීමය."

      Delete
    10. සයිටම වලට එරෙයි වෙන්නේ ලෝකය ගැන නොදන්න මී හරක්

      උන් ලෝකය ගැන දන්නවා නම්... එහෙම නම් උන් අමු කුහකයෝ

      Delete
    11. දැන් එතකොට රටේ විශ්ව විද්‍යාල අාචාර්යවරැ,මධ්‍යස්ථ මතදාරී සිවිල් ක්‍රියාකාරීන් මී හරක් එහෙම නැත්නම් කුහකයො...(මේකෙන් පෙන්නුම් කරන්නෙ ඔබතුමාගෙ චින්තනයේ පටුභාවය එහෙම නැත්නම් කාරණා ගෝචර කරගැනීමට අැති අපහසුතාවය.)

      Delete
    12. උඹත් එක්කෝ මී හරකෙක්... නැත්නම් අමු කුහකයෙක්..

      Delete
    13. තමුන්ට, අඩුමතරමෙ සංවාදයක ශිෂ්ටභාවයවත් අාරක්ෂා කරගන්න බැරි මිනිහෙක්. ඉස්සෙල්ල ශිෂ්ඨ මිනිහෙක් වෙන්න බලනව...

      Delete
  17. කොමෙන්ට් ටිකෙන් පේනවා මුගෙ ෆෑන්ස් ලා සෙට් එක මෙඩිසින් යන්න පුලුවන්වෙලත් ගියේ නැති සිරා ඩයල් ටිකක් කියල (ලොල්). මාර හීනමනකාරයෝටිකක්

    ReplyDelete
    Replies
    1. කොස් කොල කන්න සුදුසු හරක් තවම ඉන්නව කියල දැනුනම දුකයි. අපරාදෙ දෙමවුපියන්ගෙ සල්ලි. ඒ වෙනුවට එලුවෙක් හදාගත්තනං මස් කඩේටවත් විකුනන්න තිබුනා.

      Delete
    2. Aniwaryenma ....me fansla maskafetath wadak naha...masuth balai

      Delete
    3. Aniwaryenma ....me fansla maskafetath wadak naha...masuth balai

      Delete
    4. හීනමානය තියෙන්නේ මොකාටද කියලා ටයි දාගෙන ඉස්ටැයික් කරන උන්ගෙන් හොඳට පේනවා...

      Delete
  18. යුනිවර්සිටි කියල නම ඇහුනත් අපිට දැන් මතක් වෙන්නේ උද්ගෝෂණ වැඩ වර්ජන පා ගමන් නැත්නම් කදුළු ගැස් ප්‍රවුර්ති :D වරදක් තියනවා කියල දන්නවා එත් කියල දෙන එක පහදලා දෙන විදිහනම් වැරදි කියල තමා මට හිතෙන්නේ මොකද පොදු දේපල රාජ්‍ය දේපල විනාස කර කියල ඒ වරදට විසදුමක්නම් ලැබෙන එකක් නැ :)

    ReplyDelete
  19. අපේ සත පහක සම්මාදමක් නොතිබුණාට දොස්තර ලිංගික අතවරආරච්චි ගේ මේ අතවර වල බජට් එක අපිට ඕනා.

    ReplyDelete
  20. සිරාම කතාව මාතලන් සීයා..
    මාත් සයිටම් ගැන ලීවා
    බලන්න

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න