.

.

Aug 23, 2017

අළුත්කඩේ ඩීල් මාළු කඩෙන් කෙලවර වීම - Deal or No Deal


Cartoon by Susil (Web Buwa)

සම හරක්ට පින ඵල දෙන්නේ නිකං ස්වීප් ටිකට ඇදෙනවා වාගේය. සිරිසේන උන්නැහේට මෙන්ම ඩීල්දාසට ලැබුනේ එහෙම පිනා චෑන්ස් එකක්ය. බඹරේ වැල්ලේ ගැහුවත් කැරකෙන කාළ එනවා වාගෙම, කලාවට වැඩේ කලේ නැත්නම් ඊට පස්සෙ ඔළුව කැරකෙන්න පටන් ගන්නවාය. ඩීල්දාස උන්නැහේට ලැබුනේ ඒ දෙකටම වඩා ඉබ්බා දියේ දැම්මා වාගේ චෑන්ස් එකක්ය. තනිකර ඩීල් ගේම් යන ආයතනයකට ඩීල් කාරයෙක්ම දැම්මා කියන්නේ ඉතින් ඒ යකා සංසාරයටම ගොඩ යන කේස් එකක්ය. 

ලංකාවේ නඩු බලවන බැලවිල්ල හා අධිකරණ පද්දතියම අමු ගූ ගොඩක් බව අමුතුවෙන් කියන්න ඕනා නැතිය. අලි හොරු, රේප් කේස් කාරයෝ, පගා කාරයෝ, බඩු කාරයෝ, නඩු බලවන තැනක් ගැන කිසියම් කෙන්ක්ගේ පැහැදීමක් කියා එකක් තිබේ නම් ඌ අමු ගොනෙක් විය යුතුය. එසේ නොමැති නම් මොළේ අති දරුණු ගනයේ රෝගයක් තිබිය යුතුමය. 

ඩීල්දාසයා මෙතෙක් කලක් අධිකරණ ඇමති ලෙස උන්නාට, ඒ උන්නැහේට දොස් කියා ඵලක් ඇත්තේ නැතිය. මුලින්ම පිස්සුව කෙලියේ රනිල් වික්‍රමසිංහ උන්නැහේය. කිසිඳු විශ්වාසයක් තැබිය නොහැකි නිසා මහින්ද රාජපක්ෂ පුකට පයින් ගසා එලවපු එකා කලිසම අස්සේ දාගත්තේ උන්නැහේය. එදා රනිල් ඒ පිස්සු තීරණය නොගත්තා නම්, මේ මහා පරාග්නයාගේ දේශපාලනයට තිත තැබෙන්නේ එදාය. කලිසම අස්සේ දාගත්තා පමණක් නොව, පක්ෂයේ පැරණි උන් කපා දමා පක්ෂයේ ඉහළ තනතුරුවලටත් ගෙන ආවේ මේ සර්පයාගේ හැටි නොදැනය. 

අද උන්නැහේ කියන්නේ මෙතෙක් කලක් එතන ඉඳලා තියෙන්නේ, හතර විලි ලැජ්ජාවෙන්ය කියලාය. ඒ කියන්නේ උන්නැහේ මෙතක් කාළයක් ඉඳලා තියෙන්නේ අමු හෙලිවැලෙන්ය. මාතලන්ලා වගේ උන් නම් මේ යකා ඉන්නේ අමු හෙලිවැල්ලෙන් බව ඉදා ඉඳන්ම කීවද, මේ යකාගේ සල්ලි වලට එජාපයේ මී හරක් ඒවා මායිම් කළේ නැත. රවීගේ ගෙවල් ලැබුනේ කෙසේද කියා සොයනවා වාගෙම, මුන්නැහේ මහා ධන කුවේරයෙක් වූයේ කෙසේද කියා විශේෂ ජනාධිපති කොමිසමක් දමා හෝ හොයනා එක, ශිරන්තිලාගේ ටෝරින්ටන් ගෙවල් ගැන හොයනවා වාගේම බොහෝ වැදගත්ය.

ඉන්පසු සිරිසේන හා රනිල් යන දෙදෙනාම ඇදගෙන නෑවේ, මුන්නැහේ ඉන්නකන් ඝෝඨා අත් අඩංගුවට ගන්න දෙන්නේ නෑ කියා ගෙම්බර් දමද්දිත් ඇමති පුටුවේ තබා ගැනීමෙන්ය. එහෙත් සියල්ලන්ටම සර්පයාගේ තරම තේරුනේ, බැඳුම්කර කොමිසමේ උන් රවීලාට බල්ලන්ට වාගේ සලකන්න පටන් ගත්තායින් පස්සේය. ඩීල්දාසයා තා ටික කලක් උන්නා නම්, ඔය කොමිසම කෙළවර වන්නේ සිරිසේනත් ගෙනත් සරම ගලවා දමා අහක්ක වෙලාය. 

මොකෝ ඔය බැඳුම්කර ගේම ගහන්න සිද්ද උනේ, සිරිසේන බලයට ගෙන එන්න තිබ්බ සබ්බ සකල මනාවම වියදම් වී, අලි පාටියේ උන් නන්න පෝල් වෙලා උන්න නිසාය කියලා, දේශපාලන ලෝකයේ හැම එකාම දන්නා ප්‍රසිද්ධ රහසක්ය. 

කෙසේ හෝ බැඳුම්කර ගේමට එකෙක් හෝ සුළුවෙන් හො විඳවීම ජනතාවගේ පැත්තෙන් ලද ජයග්‍රහණයක්ය. නීතීපති අරලියගහ මන්දිරයට ගෙනත්, එජාපයේ මන්ත්‍රීවරුන් සියල්ලෝම එක් වී ප්‍රශ්ණ කිරීමත් ජනතාවගේ ජයග්‍රහණයක්ය. මන්ද උන් ජනතාවගේ නියෝජිතයන් වන නිසාය. අධිකරායට වඩා ජනතාවගේ පරමාධිපත්‍ය බොහෝ වටිනා නිසාය. කිසිවකු අධිකරණයට බිය විය යුතු නැතිවාක් මෙන්ම, බිය විය යුත්තේ නීතියට පමණක්මය. අධිකරණයේ උන් බුල් කෙලිනවා නම්, ඒවා පෙන්වා දීමට කිසිවකු බියට පත් විය යුතු නැත්තේමය. හොඳම උදාහරණය චීප් ජස්ටිස් නඩු බලවපු රාළලාගේ සරත් නන්ද සිල්වාගෙන්, වික්ටර් අයිවන් ඉල්ලූ ගේමය. 

ඩීල්දාසයා බැලුවේ අධිකරණ ඇමති වෙලා ඉඳිමින් හැම එකාම බය කරගෙන, ඩීල් වලින් කකා බිබි පරපුර රකින්නය. ලංකා ඊ නිව්ස් ලියනා එකාට තවත් නොම්මර එකේ මිනීමරුවන් බේරන ඩීල් කාරයෙක් වන කුප්‍රකට ලෝ(පහත්) ලෝයර් කෙනෙක් දමාගෙන පඬි ටෝක් දුන්නේ ඒ නිසාය. වී ආර් ද සිල්වාද, යූ ආර් ද සිල්වාද කියලා බාර් ඇසෝසෙසන් එකේ තා එකෙක් බයිලා ගැසුවේ ඒ නිසාය. ඒත් මුන් සියල්ලන්ටම වඩා ජන බලය වඩා බලවත් බව අද ඔප්පු වෙලා හමාරය. 

එහෙත් මේ නිසා හොරු සියල්ල අල්ලා හිරේ දමනාවා යැයි කියා අප බලාපොරොත්තු නොවූවද, එසේ සිතනා උන්ට කියන්න තියෙන්නේ ඩීල් දැම්මේ විජේදාස ඉතරක්ම නොවෙයි කියනා එකය. පොලිස්පතියා, යෑස් සර් යෑස් සෑර් තිරි බෑග් පූල් කිව්වේ ඩීල්දාසයාට නෙමේය. ඒ තවත් ඩීල් කාරයෙක්ය. පොලීසිය තියෙන්නේ උන්නැහේ යටතේය. ඒ නැතත් ඊළඟට එන එකා බා ගැනීමද, හොර කල්ලියේ උන්ට මහා කජ්ජක් නොවන්නේමය. ඒ නිසා ඉදිරියටත් සියල්ල තීරණය වන්නේ ඩීල් මතම පමණමය. 

කෙසේ හෝ අස්ගිරි කහකඩයා ළඟ දනින් වැටි, ඩීල්දාසයා කීවේ, හාන්දුරුවනේ උන් කෑ ගැහැව්වේ මාළු කඩේ උන් වගේය කියලාය. කතාව සහතික ඇත්තය. මාළු කඩේට බල්ලේක් ආවාම මාළු කඩේ උන් කෑ ගහනවාය. කෑ ගසා එළවා ගන්න බැරිනම් පුකට පයින් ගසා හෝ එළවා දමනවාය. මහා ප්‍රාඥ්ඥයෙක් යැයි තමන්ම කියා ගන්නා එකෙක් උවද බල්ලා මාක් වැඩ කොරන්න ගියාම සිද්ද වෙන්නේත් ඒ සැන්තෑසියමය. කෙසේ හෝ අවසානයේ මහා ප්‍රාඥ්ඥයා අද පන්සල්වල පඩික්කන් හෝදන ඇබිත්තයෙක් වෙලා අවසානය. 

ජනමතය පසෙක තබා සිවුර අස්සේ රිංගන්න ගිය එකාට, හැමදාමත් කෙල උනේය. මේ අවසානය නොවන්නට පුළුවන්ය. ඒත් ගොඩ ඒමක් නැති බව නම් ඉර හඳ මෙන් විශ්වාශය. සර්පයා මල්ලක දමා පාරට විසි කර අවසානය. කැමති එකෙක් සර්පයා ගෙදර ගෙනිහින්, ඉල්ලාගෙන කෑවාට අපට අවුලක් ඇත්තේත් නැතිය.   

30 comments:

  1. ///ජනමතය පසෙක තබා සිවුර අස්සේ රිංගන්න ගිය එකාට, හැමදාමත් කෙල උනේය.///

    ඉස්සෙල්ලම ඕක සිද්ධ වුණේ බණ්ඩාට (1959).

    ReplyDelete
    Replies
    1. බුද්ධාගමට මුවා වෙන්න ගිය හැම එකාටම කෙළ උනේය
      මුලින්ම බන්ඩාරනායකට කෙළ උනේය
      ප්‍රේමදාසට කෙල උනේය
      නලීන්ද සිල්වාට කෙල උනේය
      ගුණදාස අමරසේකර කෙල උනේය
      විමල් වීරවංශට කෙල උනේය
      සිහළ උරුමයට කෙල උනේය
      උඩුවේ ධම්මාලෝකට කෙල උනේට
      මාර්ලිමේන්තු ආ හැම කහකඩයාටම කෙළ උනේය
      නානසාරටත් කෙල උනේය
      ඉත්තෑවාට කෙල උනේය
      අවසානයේදි මහින්දටත් කෙල උනේය
      හෙට දින
      ඩීල්දාසයාටත් වන්නේ එයමය

      Delete
    2. ලිස්ට් එක ඔච්චරෙයි හෙක් හෙක් ......

      Delete
    3. තා තියෙනවා..

      මේ ඉතා කෙටියෙන්

      Delete
    4. එතකොට මාතා රනිල්ට කෙළවුණේ සර්වාගමික නිසාද ?

      Delete
    5. රනිල් වත්මන් අගමැති

      Delete
  2. ඩීල් නැති අජිත් පී පෙරේරා, එන්න ඩීල් දාසට පලමු ගල ගසන්නට.
    අහා..මනරම් යහපාලනය !!!

    ReplyDelete
    Replies
    1. සිරා. හොරු නැති ආණ්ඩුව.!

      Delete
    2. ඩීල් තිබෙන රවි සහ විජේදාස තනතුරුවලින් ඉවත් කිරීම වගේ දේවල් මීට කලින් සිද්ධ වුණේ නැහැනේ අසංග මහත්තයෝ.... තමුන්නැහේලාගේ මහින්ද යුගයේ තමයි ඔය ඩීල් සංස්කෘතිය අස්වද්දලා, වපුරලා, පොහොර දාලා, ආරක්ෂා කරලා උපරිමයෙන්ම ඵල නෙලුවේ. දැන් තියෙන ආණ්ඩුව හරි වෙනස්. ඒක නිසා තමයි තමුන්නැහෙලාට නිකං අමුතුයි වගේ දැනෙන්නේ. තමුන්නැහෙලාට සමාජ සාධාරණය මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. කවදාකවත් ඒක මොකද්ද කියලා ඉගෙන ගෙනත් නැහැ. රාජපක්ෂලා වගේ සීරියල් කිලර්ස්ලාගේ ආණ්ඩුවට වඩා මේ ආණ්ඩුව දහස් වතාවක් හොඳයි ලංකාවේ ගෙන්දගම් පොළවේ පය ගහලා ඉන්න අපිට.

      Delete
    3. මම මහින්දව විවේචනය කරනවා ඇහිලා අද ඔෆීසියේ කෙනෙක් කිව්ව කතාවක්. කතාව ඉතින් හොඳයි. තවත් හොඳයි ඒක අමු මෝඩ කතාවක් නොවුන නම්.

      ඔතන මහින්ද වෙනුවට හිට්ලර් වගේ චරිතයක් ආදේශ කලා නම් කතාවේ අවුල ඉතාම සරලව තේරුම්ගන්න පුළුවන් දෙක වසරේ ළමයෙකුට හරි.

      කෙනෙක්ගේ ක්‍රියාකලාපයේ හරි වැරැද්ද ඇගයීමට ලක් කරන්න හරි විවේචනය කරන්න හරි ප්‍රකාශය කරන්නා සතු "අධිකාරී බලයේ" ප්‍රමාණය සාධකයක් නෙමේ.

      මොකද එහෙම වුනොත් පොල් පොට්, සදාම් හුසේන්, මාඕ සේතුං, ඇඩෝල්ෆ් හිට්ලර්, ජෝසෆ් ස්ටාර්ලින් වගේ චරිත කිසිම කෙනෙක්ට විවේචනය කරන්න අයිතියක් ලැබෙන්නේ නැහැ. මොකද ඒ වගේ පුද්ගලයන් දරපු බලයට සාපේක්ෂව, ඒ පුද්ගලයන් මිනිස් ඉතිහාසයට කල බලපෑමට සාපේක්ෂව මහින්ද රාජපක්ෂ වගේ චරිතයකුත් හාල්මැස්සෙක් කියලා කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් නිසා.

      ඔය ගැන පැහැදිළි කරන්න ඔය වාක්‍යය කිහිපයම ප්‍රමාණවත්. ඒත් තව ටිකක් ලියන්නමයි හිතෙන්නෙ. ඒ නිසා මේ ටිකත් එකතු කරනවා.

      යම් පද්ධතියක 'අධිකාරී බලය' නියෝජනය කරන කොටස, ඒ බලය දැරීම නිසාම ඊට වඩා බලය අඩු අය විසින් විවේචනයට ලක් නොකරන්න හේතුවක් කරගන්නවා නම් ඒ වගේ අය හඳුන්වන්න පුළුවන් අවනත, කීකරු බලු කුක්කන් විදියට. එහෙම නැත්තන් කොන්ද පණ නැති නිවටයන් විදියට.

      "හාල්මැස්සෙක් වෙලා තල්මස්සු ගැන කියවන්න එපා" කියන කතාවේ අවුල තවත් තේරෙයි මේ චින්තනයම වෙනත් සන්ධර්භයකට ආදේශ කරල බැලුවොත්.

      රජතුමා ඇවිත් ගෙදර දුවව උස්සන් ගියත්

      "අනේ ඉතින් රජතුමාගෙ කැමැත්තනෙ, මං කවුද ඒක වැරදියි කියන්න.."

      කියන චින්තනයම තියෙන කෙනෙක් විසි එක්වන සියවසට ගෙනත් අත ඇරියම තමා ඔය හාල්මැසි කතා වගේ ඒවා කියවෙන්නෙ.

      මේ වගේ අයගේ චින්තනය සාරංශගත කරන්න යොදාගන්න පුළුවන් එක වචනයයි

      "මෝඩ වහල්ලු"...

      Delete
    4. ප්‍රියන්ත හෙට්ටිගේ මහතානෙනි.
      ඔබ හරි. අප සිටින්නේ මේ යහපාලනය තේරුම්ගත නොහැකිවය. එබැවින් අප වැනි "මෝඩ වහල්ලුන්ගේ" හිත සුව පිනිස පහත කාරණා පැහැදිලි කර දෙනු ඇතියි උදක්ම බලාපොරොත්තු වෙමු.

      1. විජේදාස රාජපක්ෂට එරෙහිව ඇති "ඩීල්" චෝදනාව ගැන ඇති සාක්ෂි මොනවාද? ඒවා හෙලි වූයේ කුමන විභාගයකදී ද?
      2. විජේදාසට එරෙහිව තිබෙන "ඩීල්" චෝදනාවම තිබෙන රනිල් වික්‍රමසිංහව තනතුරු වලින් ඉවත් කරන්නේ කවදා ද?
      3. මහේන්ද්‍රන්ලා සමග ඩීල් දමා ගෙවල් ගත්තායයි චෝදනා ලැබ සිටින ෆුට් නෝට් කල්ලියත් ඉක්මනටම ඉවත් කරයි නේ ද?
      4. ඇවන්ට්ගාඩ් ඩීල් යයි කියා ඉවත් කල තිලක් මාරපන මහතාට යලි ඇමති පදවියක් ලැබුනේ ඩීල් කතාව බොරු නිසාද ? නැත්නම් එතුමා පුනරුත්ථාපනය වූ නිසාද ? (රවී කරුණානායක හිටපු ඇමතිතුමා මේ දිනවල පුනරුත්ථාපනය වෙමින් සිටිනවා ඇතැයි සිතමි )

      Delete
    5. අප්පච්චි මළා

      - විජිත් විජයමුණි සොයිසා -

      Delete
  3. //අලි හොරු, රේප් කේස් කාරයෝ, පගා කාරයෝ, බඩු කාරයෝ, නඩු බලවන තැනක් ගැන කිසියම් කෙන්ක්ගේ පැහැදීමක් කියා එකක් තිබේ නම් ඌ අමු ගොනෙක් විය යුතුය. // ඕක ඇත්ත නම් එතන තමයි ඉස්සෙල්ලම හදන්න වෙන්නේ

    ReplyDelete
    Replies
    1. මේ රටේ ආයත සියල්ලම අන්ත් දූෂිතයි.... ආයේ ඒකේ හෝදන්න දෙයක් නෑ...

      Delete
  4. Maathalan - Priyantha HewageAugust 23, 2017 at 10:45 AM
    බුද්ධාගමට මුවා වෙන්න ගිය හැම එකාටම කෙළ උනේය
    මුලින්ම බන්ඩාරනායකට කෙළ උනේය
    ප්‍රේමදාසට කෙල උනේය
    නලීන්ද සිල්වාට කෙල උනේය
    ගුණදාස අමරසේකර කෙල උනේය
    විමල් වීරවංශට කෙල උනේය
    සිහළ උරුමයට කෙල උනේය
    උඩුවේ ධම්මාලෝකට කෙල උනේට
    මාර්ලිමේන්තු ආ හැම කහකඩයාටම කෙළ උනේය
    නානසාරටත් කෙල උනේය
    ඉත්තෑවාට කෙල උනේය
    අවසානයේදි මහින්දටත් කෙල උනේය
    හෙට දින
    ඩීල්දාසයාටත් වන්නේ එයමය/////////////////////////// what about Champaka Ranawaka ?

    ReplyDelete
  5. සිරා කථාව මාතලන් බොස්. දැන් දැන් ටිකක් විතර ගොං ආතල් අඩු උනත් මේ රැල්ලටම පොලොස්පතිත් ගෙදර යැව්වනම් තමයි හොඳ. අනික බං අර තලතා මැතිණිය අදිකරණ ඇමති උනොත් චන්ද්‍රිකා මැතිණිය කොර දෙයම කොරයිද කියලත් සැකයි. ගෑනු නේ බං 😳

    ReplyDelete
    Replies
    1. ඒත් මාග්‍රට් තැචර් කියන්නෙත් ගැහැණියක්...

      Delete
  6. බුද්ධාගමට මුවා වීමයි කෙල වීමයි අතර සරල සම්බන්දයක් නැත. ජේ.ආර්. බොරුවට දර්මිස්ට රාජ්ජේ යැයි පරම බෑවට බුද්ධාගම ගණන් ගත්තේ නැත. ජේ.ආර්. ගොඩ ගියේද? චන්ද්‍රිකා සත පහකට බුද්ධාගම ගණන් ගත්තේද? චන්ද්‍රිකා ගොඩ ගියාද? ජෙප්පො බුද්ධාගම ගණන් ගන්නවද? ජෙප්පො ගොඩ ගිහින්ද? මාතලන්ගේ ලිපිය නං පට්ටය. ඒ උනාට මේ තර්කය නං නිකංම නිකං තමන්ගේ කතාව ඔප්පු කිරීමට කියපු මනස්ගාතයක් විතරක්ය. ආගමයි( බුද්ධාගම විතරක් නොවේ) දෙසපාලනයයි අනිවා වෙන් කල යුතු බව ඇත්තකි. ඒත් නායකයන්ගේ කෙලවීම තීරණය වන්නේ ආගමට සම්බන්ද වීම අනුවම නොව තම තම තමන්ගේ ක්‍රියාවන් අනුවය.

    ReplyDelete
    Replies
    1. කාළකන්නින් සියල්ලම අවසානයේ සැඟවෙන්නේ ආගම තුලයි... මන්ද ආගම යනූ කාළකන්නින්ගේ පාරාදිසයක්ම වන නිසාය...

      Delete
  7. මෙතන තියෙන්නේ ඩීල් දාසල වගේ සියළු දාසලා තම තමන්ගෙ ගජයන් එක්ක ජනතාව ඇන්දිලි විතරයි.

    ReplyDelete
  8. හැමදාම වගේ නියම ලිපිය මාතේ. තාවකාලිකව හරි මේ විදියට එක එකාට කෙලවන එක තමයි මේ ආණ්ඩුවේ මම දකින එකම සාධනීය දේ.

    ReplyDelete
    Replies
    1. ඔක්කෝටම කෙලව්වේ නැත්නම් මුන්ට කෙලවෙනවා නියමෙටම

      Delete
  9. මචන් මාතලන් අංකල්,

    නීල කාස කම්බා හොරෙක් එක්ක වලියක් දාගන්න අනුර කුමාර ලොක්ක ගැන මෙන්න මෙතනින් බලපන්

    මොනවා වුනත් ලෝකයේ විසුළු සහගතම කතා චීෆ් වෙච්චි අපේ කතා-නායක හින් බබා සීයා දතාව බේරගන්න ලොකු ගේමක් දෙනවා. කතා කරන මනුස්සයට බාද කරන එකාව නවත්තනවා වෙනුවට එකට මොකුත් නොකිය ලොක්ක අනුරට සෑහෙන්න උදැල්ල දානවා. අපිට කියන්න තියෙන්නේ "අනේ බන් වලපයයි ගොඩපයයි ඉන්න ටෝක්නායක හින් බබා සියේ තොගේ ස්වාධිනකම රෙද්ද පල්ලෙන් බේරෙනවා" කියල තමයි.

    හිටපු රාජපක්ශ හොර හැත්තට නොදෙවෙනි උන්වත් පරද්දන තරම් හොරකම් කරන වත්මන් අන්ත දූශිත යහපාලන චෞර රෙජීමයේ සෞඛ්‍ය ඇමතියා එදාවේල කන්ඩ නැති දුප්පත් මිනිස්සුන්ගේ බදු සල්ලි ලක්ෂ 100 ඇන්න සිංගප්පූරු රෝහලට ගිය එක නම් කුජීතයි. සෞඛ්‍ය ඇමතියාට ලංකාවේ ඉස්පිරිතාල විස්වාස නැත්තම් වග කියන්ඩ ඕනේ ඇමතියාම තමයි.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම ඇල්ටෝ වල යනවා කියපු උන් කැබ් වල යන එක වගේම ඒවා විකුණාගෙන කන එකත් පට්ට කුජීතයි මයෙ පුතේ....

      Delete
  10. //කිසිවකු අධිකරණයට බිය විය යුතු නැතිවාක් මෙන්ම, බිය විය යුත්තේ නීතියට පමණක්මය//

    +++++++++++++++++++++++++++++++++++++

    “Oh judge! Your damn laws! The good people don't need them, and the bad people don't obey them.”
    ― Ammon Hennacy

    ReplyDelete
  11. We people win here becase widasa drive away. We must give thaks to our grate prasidant. He the mane caractar here. Prasidant Mithri drive away wijedasa becase protect theefs and racism groups. This is good work yahapalana garment. Prasidant show he have stron back bornes too.

    ReplyDelete
  12. Totally agree with you Mathe.We are proud of your bravery,specially against yellow robe.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න