.

.

Sep 10, 2017

ලලිත් හා අනූෂ හා උගෙ අම්මාගේ නීතිය - Pray for Real Justice





දෙන්නගේ සිල් රෙදි කේස් එක ගැන මක්කත්ම ලියන්න නැත්තේ ඇයි කියලා බෝ දෙනෙක් අහනවාය. බුකියේ කෙටි සටහනක් තබා මා කියූවේ, මේ තීන්දුව පිළිබඳව මෙන්ම, මේ දෙදෙනා ගැනද මාතලන් අවංකවම කනගාටු වෙනවා කියලාය. මා මේ ප්‍රශ්ණය දෙස බලන්නේ ලලිත් හා අනූෂගේ සපත්තුවට බැහැලාය. 

රාජ්ජ සේවයට එන්නට අම්මට සිරි ලංකාවේ ඇත්තේ පුදුම මල පෙරේත කමක්ය. ආන්ඩුවේ රස්සාවල් දෙන්නේ නෑ කියා පාරවල් වහනවාය. පාරේ නිදාගන්නවාය. උපාධියක් තියෙනවා නම් ආන්ඩුවේ රස්සාවක් දෙන්නම ඕනැයි කියා රීතියකුත් හදාගෙන තියෙනවාය. 

එහෙම එන්නේ රටට ආදරේටවත් ගමට ආදරේටවත් කොටින්ම රස්සාවට ආදරේටවත් නෙමේය. අම්මට සිරි ලංකාවේ දේශපාලුවෝ වගේම පට්ට ආතල් එකක් ගන්නය. අයිස් ගහන්නටය. එහෙම උන් අතරේ විභාග පාස් කොර ඉහළට යන පිරිස ඉතා අල්පය. 

රජයේ හෝ ප්‍රයිවෙට් සැක්ටර් එකේ වේවා, රස්සාවක් කොරනවා නම් පිලිපදින්න වෙන්නේ බොසා හෙවත් මහ එකාගේ අනය. රජයේ උන්ට නම් ඒ ආර්, ඇෆ් ආර්, වලට මුවා වී පොඩි ශේප් පාරක් දාගන්න පුළුවන් කමක් තිබුනද, ප්‍රයිවෙට් සැක්ටර් එකෙ නම් සිද්ද වෙන්නේ ගෙදර යන්නටය. 

එහෙත් ජේ ආර් ගෙනා පාදඩ වියවස්තාව යටතේ, රාජ්ජ සේවය බල්ලා මාක් කොරලා දැම්මේය. එදා සිට රාජ්ජ මුදල් වියදම් කලේ රටේ නායකයාට හා ඇමතියාට ඕනෑ ආකාරයටය. හැම රජයක්ම මුදල් විනාශ කරන්නේ උන්ගේ අම්මා අප්පාගේ බූදලය වගේය. 

සිල් රෙදි කෙස් එකත් ඒ ආකාරයේම ගේමක්ය. ආන්ඩුවේ මුදල් නැතෙයි කීවාම, අනූෂ යටතේ තියෙන ආයතනයෙන් මුදල් ඉල්ලා ගේම ගසා ඇත. ඒ කාළයේ තිබුනේ එහෙම පාලනයක් කියා නොදන්නා එකෙක් ඉන්නවා නම්, ඌ අමු හරකෙක් විය යුතුය. ඒ දෙන්නා ඒක කොරන්න බැහැයි කීවා නම් ඔප්සොන් දෙකක් තිබ්බේය. ඒ සුදෝ සුදු වෑන් එකකින් නිවන් මඟ යන එකය. එසේ නැත්නම් රටෙන් පලා යන එකය.

මෙහිදි අප කළ යුතුව ඇත්තේ ලලිත් හා අනූෂගේ කොඳු නාරටිය ගැන කතා කිරීමවත්, හොඳ වැඩේ කියා කීමවත් නොවේ. මන්ද ලලිත් හා අනූෂ ඔය දේ කරන්න බැරිය කියා ගෙදර ගියා නම් වෙන එකෙක් ඔය වැඩේ කොරනවාමය. එතකොට ප්‍රශ්ණ කරන්න වෙන්නේ උගේ කොන්ද හා අභිමානය ගැනය. 

මේ කේස් එක ෆයිල් කරලා තියෙන්නේ පොලෝසියෙන්ය. අප ප්‍රශ්න කළ යුත්තේ, ලලිත්ට හා අනූෂට මේ සඳහා නියෝග දුන්නේ මොකාද කියා සොයා නොබැලුවේ ඇයි කියනා එකය. ඒ සඳහා නීතී නැත්නම්, රාජිත කියනවා වාගේ, අලුතෙන් හෝ නීතී හදනා එකය. මොකෝ මැති ඇමතිවරු පත් කර එවන්නේ තියෙන දේවල් කොරන්න නොව අලුතෙන් යමක් කොරන්නටය. 

තීන්දූවේදී ප්‍රකාෂ වෙනාකාරයට මොවුන් දෙදෙනා මේ මුදල්වලින් සතයක් හෝ හොරකම් කොට නැත්තේය. සල්ලි පිල්ලි ගහපු උන් පුල් පන් එකේ රට වටේ ආතල් දිදී යන්නේය.  මේ දෙදෙනාම වැරදි කරුවන් වෙන්නේ වියවස්ථාවට අනුව ගේම දෙන්නෙයි කියාපු එකාට නීතියෙන් ගේම දෙන්න බැරි නිසාය. ඒ කියන්නේ තිබෙනා නීතියට හා වියවස්තාවට අනුවය. එසේ නම් වැරදිකරුවකු සිටියදි නිවැරදිකරුවන් පරිප්පු කන්නේ, ඒ වියවස්ථාව උගේ අම්මාගේ වියවස්ථාවක් නිසාමය

එය එකම විකාරයකි. මොවුන් නිර්දෝශී නම් මොවුන් නිදහස් කළ යුතුමය. නීතියෙන් එල්ලා මැරිය යුත්තේ මිනීමරුවා මිස මෝල් ගහ නොවේය. 

මෝල් ගස් එල්ලන නීතියකින් ඇති පලයක් නැත්තේමය.  

41 comments:

  1. ලලිත් වීරතුංග විශිෂ්ඨ පරිපාලන නිලධාරියෙකු ලෙස කීර්ති නාමයක් තිබු අයෙකි. අනුෂද අවංක නිලධාරියෙකු යැයි මා අසා ඇත. මාතලන් ඉතා නිවැරදිව කියා පරිදි මෙතන ඇති ප්‍රශ්ණය ඔවුන් කළ සොරකමක් ගැන නොව ඔවුන් ලවා නීති විරෝධී කටයුත්තක් කරවා ගන්නට තරම් හිතුවක්කාර, නීතිය බල්ලාට දැමූ ජනාධිපතිවරයෙකු සිටීමය. නීති විරෝධී දෙයකට අත්සන් තබන්නට බැරි බව පැවසු එකම රාජ්‍ය නිලධාරියා ප්‍රවෘත්ති අමාත්‍යාංශයෙන් එලවා දැමීමට තරම් රනිල් නිහීන විය. නමුත් එවැන්නකට අත්සන් තැබුවා නම් බෙල්ල කැපෙන්නේ නියෝගය දුන් එකාගේ නොව අත්සන් කළ නිවට රජයේ නිලධාරියාගේය. රටේ නීතිය, පරිපාලන හා මුදල් රෙගුලාසි බල්ලාට දමා මහජන මුදල් කාබාසිනියා කළ, රනිල් සින්ගපුරුවෙන් ගෙනා එකා මහා බැංකුව මංකොල්ල කන්නට පෙර මහා බැංකුව හිතේ හැටියට මංකොල්ල කෑ මැදමුලන චෞරයා අදත් ජනතාවට පෙන්වන්නේ ඔහු තරම් සුදනෙක් තුන් ලෝකයේම නැති බවය. චීවරධාරීන් අත්දෙකේම පිරිත් නුල් බඳිමින් ආශිර්වාද කරන්නේ මුළු රටම ගොනාට ඇන්දු හොරෙකුටය. නමුත් වහලුන්ට මේ කිසිදෙයක හොඳ නරක පෙනෙන්නේ නැත. හොඳ වැඩක් කරන්නට රජයේ මුදල් වියදම් කලාට දඬුවම් කලයුතුදැයි අසන්නට තරම් ඔවුන් බොළඳය .

    රාජ්‍ය සේවය විනාශ කිරීමේ මුල් පියවර තැබුවේ සිරිමාවෝ බණ්ඩාරනායකගේ බෑණාවූ ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායකය. ඔහු පටන් ගත් විනාශය JR පප්පා සම්පුර්ණ කළේය. අට පාස් ඇමතියෙක් ඉන්ජිනේරුවන්ට නියෝග දෙන්නට ගියේ ඒ නිසාය. මාල කඩන්නන්, කසිප්පු හා කුඩු කාරයන් පාර්ලිමේන්තුවට හා ප්‍රාදේශීය පාලන ඒකකවලට රිංගා සොරකම් කරන්නට පටන් ගත්තේ ඊට පසුවය. සුද්දා හදා අපට දී ගිය පරිපාලන සේවය ස්වාධධීන එකක් විය. රාජ්‍ය පරිපාලනය පිළිබඳව අබැටකවත් දැනීමක් නොමැතිව එන මහජන නියෝජිතයන්ට හරි වැරදි පෙන්වා ඇස් පාදා දුන්නේ පරිපාලන සේවා නිලධාරීන්ය. දිසා ඇමතිවරු, ආණ්ඩුකාරවරු හා ප්‍රාදේශීය මන්ත්‍රීන් ලෙස ලෙස මිනි මරුවන් හා හිස් මිනිසුන් පත්වන්නට කලින් දිස්ත්‍රික් පාලනය මැනවින් කලේ දිසාපති වරුන්ය, ප්‍රාදේශීය ආදායම් නිලධාරින්ය, ගම් මුලාදෑනින්ය. අනෙකුත් ප්‍රාදේශීය සේවා ප්‍රධානීහු දිසාපති හා එක්ව වංචාවෙන් තොරව සිය සේවය ඉටු කලහ. වහලුන් කොපමණ විරුද්ධ වුවත් මේ කරුම ව්‍යවස්ථාව වෙනස් කරන තුරු අපේ රට හදන්නට කවදාවත්ම බැරිය. ඒත් අගමැතිවරයාත් මැදමුලන චෞරයා සමග ඩීල් දමන්නට තරම් පහත් තත්වයකට ගොස් නම් ඒ කටයුත්ත නිකම්ම නිකන් බොරුවක් හා සිහිනයක් පමණක් වනු ඇත.

    ReplyDelete
    Replies
    1. මාතලන් . රාජ්‍ය සොවයේ කොන්ද කැඩුවේ ජේ. ආර්. නෙිව සිරිමාගේ අණ්ඩුව යටතේ ගෙනා 72 ව්‍යවස්ථාවේ නිර්මාතා කොලවින් විසන්ි. අදහස ෆිලික්ස්ගෙන් වෙන්න ඇත. ජේ. ආර් කෙරේ ඒක ඉදිරියට ගෙ යාම පමණි. ජේ.ආර් කරපු හැම අමන වැඩකමටම පූර්වා දර්ශය සිරිමාගේ ආණ්ඩුව විස්න දී ඇත. හොඳින් බලන්න ජනමක විදාරණය, විජය කුමාරතුංග සිර කිරීම ආදි හැම එකකටම පූර්ව ක්‍රියාවක් කර සිරිමා ආණ්ඩුව උදා හරණ සපයා ඇත.

      Delete
    2. ඔබ දෙදෙනාගේම අදහස් එක හෙලා අනුමත කරමි. බලලෝභී බන්ඩාරණායකවරුන් මේ රට විනාශ කළ බව මගේද මතයයි.

      Delete
  2. මා නම් මොවුන් දෙදෙනා එතරම්ම අව0ක අය යැයි සිතන්නේ නැත... මොවුන් මේ මී කඩා නිකම් සිටින්නට නැත...
    එහෙත් නීති විරෝධී නියෝග පිලිපැදි එකා මෙන්ම එම නියෝග දුන් එකාද දඩුවම් ලැබිය යුතුය...

    ReplyDelete
    Replies
    1. ඔවුන් අවංකයැයි කියා මා කියන්නේ නැත. මට ඇති ප්‍රශ්ණය නීතිය නිවැරදිව ක්‍රියාත්මක වූවාද යන්නයි..

      Delete
  3. මේකෙන් රාජ්‍ය සේවකයෝ දේශපාලකයන්ගේ අණ පිලි පදින්න බය වෙනවනම් ඉදිරියට ඒ වගේ දෙයක් නොවෙන්න ඉඩ තිබෙනවා නේද? උද තිස්සගේ කොමෙන්ටුවට සෑහෙන්න එකඟ වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. //අයිස් ගහන්නටය. එහෙම උන් අතරේ විභාග පාස් කොර ඉහළට යන පිරිස ඉතා අල්පය. //

      මාතා සහ අජිත්, මම ප්‍රථම වතාවට රජයට සම්බන්ද වැඩක යෙදෙනවා, මෙතන මම මෙතෙක් නොදැක්ක දෙයක් දකිනවා, ඒ තමයි බලය ඇති රජයේ සේවකයන්ට දැඩි පීඩනයක් තියනවා, ඔහුට විවිද වැඩසටහන් වලට අනුමැතිය දෙන්න සිද්ද වෙනවා, විශාල මුදල් අනුමත කිරීමට ඔවුන්ට සිදුවෙනවා, ඔහු යටතේ සිටින නිලදාරින්ට එහෙම පීඩනයක් නෑ ඔවුන්ට ක්‍රමවත් වැඩක යොදවලත් නෑ මොකද (බලය ඇති නිලදරියට ඇති වැඩවල ප්‍රමාණය කොච්චරද කියනවනම් ඔහුට නිසිපරිදි වැඩ බෙදාදීමට වෙලාවක් නෑ ) ඊට අමතරව ඇමතිවරයා සහබාගී වන රැස්වීම ගණනාවකට ඔහුට සහබගිවෙන්න වෙනවා මෙනිසා පිටින් බලන අපට පේනවා මිනිසුන් කාලය නාස්ති කරනවා නමුත් සිදුවෙන්න බලය ඇති නිලදාරීන් කීපදෙනෙකු තමා තුල බලය රදවගන සියල්ල කිරීමට යාමෙන් මෙය සිදුවෙන බවයි.

      අද රජ්‍ය සේවයේ බලය බෙදීමක් සහ වගකීම් බෙදීමක් සිදුවෙනවානම් මෙහෙම වෙන එකක් නෑ
      තව කාරණයක් තියනවා දැන් මේ නීතිය නිසා අනුමත වන මුදල් උනත් අනුමත වෙන එකක් නෑ මේ නිසා ඉදිරියේ කර්යක්ෂම විදියට සැලසුම් කරන්න බැරිනම් කිසිම වැඩක් නොකරන රාජ්‍ය සේවයක් බලාගන්න පුළුවන්.

      Delete
    2. ඒකට හේතුව තමයි රාජ්‍ය සේවයෙ ඉහළ නිලධාරීන් හැම එකම තමුන්ට ගොඩගහගෙන ඒවාට අදාළ දීමනා සියල්ල ලබාගැනීම. උදාහරණයක් වශයෙන් කියතොත් සාමාන්‍ය රාජ්‍ය සේවකයෙක් වන මට ලැබෙන සම්පූර්ණ වැටුප හා සමාන මුදලක් සමහර නිලධාරීන්ට මාසික දීමනාවක් විදිහට ගෙවනවා රැකියාවේ රැඳී හිටීමේ දීමනාවක් විදිහට. පරිපාලන මට්ටමේ සමහර නිලධාරීන් තමුන්ගෙ නිදහස නැතිකරගන්නවා දීමනාවලට ලෝබකමේ. උදාහරණයක් විදිහට කියතොත් තමුන්ට ලැබෙන නිලවාහනය එපා කියලා ඒ වෙනුවට මාසිකව රුපියල් හැට හැත්තෑ දාහක දීමනාවක් ගන්නවා. එතකොට ඒ නිලධාරියා රාජකාරි වලදි තමුන්ගෙ වාහනේ තමුන්ම එළවගෙන යන්න ඕනි. ඒ කියන්නෙ රියදුරාගෙ වැඩෙත් කරන්න ඕනි. කොටිම්ම ඉහළ නිළධාරීන් වැඩ ඇනගෙන තියෙන්න තමුන් විසින්මයි.

      Delete
    3. surangamlr,

      //ඒකට හේතුව තමයි රාජ්‍ය සේවයෙ ඉහළ නිලධාරීන් හැම එකම තමුන්ට ගොඩගහගෙන ඒවාට අදාළ දීමනා සියල්ල ලබාගැනීම.//

      ස්තුතියි, මට මේගැන කිසිම දැනුමක් තිබුනේ නෑ. මේවා සාමාන්‍ය මිනිසුන්ට පෙන්නේ නෑ ඔවුන් කියන්නේ රාජ්‍ය සේවය අකාර්යක්ෂම බවයි නමුත් මේවගේ දේවල් නිසා තමයි මේ තත්වය ඇතිවී තියෙන්නේ. මේ අඩවියට මම දැක්ක කරුණාරත්න පරණවිතාන නියෝජ්‍ය ඇමතිවරයා අදහස් දක්වනවා ඔහු මෙය කියවනවානම් surangamlr කියන දේ තේරුම් ගැනීම ඉතා වැදගත්, මම මේ ප්‍රශ්නය දැක්කේ බාහිරින් නමුත් ඇතුලින් තියන දේ තමයි surangamlr මහතා ඉදිරිපත් කරන්නේ. රටේ වගකිවයුතු මිනිසුන් මෙන්න මේවටයි විසදුම් දෙන්න ඕනේ.

      මම අදාළ අමාත්‍යංශයේ අතිවිශාල ලෙස කාලය කාදමන තත්වය දැක්කා මේ විනාශය දුෂණයට වඩා විශාලයි.

      Delete
    4. රාජ්‍ය සේවය අන්ත දූෂිත හා අකාර්යක්ෂම තැනක් කියන දේ කවුරුත් පිලිගන්නවා.. මට ඇති ප්‍රශ්ණය නීතියත් එලෙසම වීම පමණයි. අතීතයේදි මතබේදාත්මක නඩු තීන්දු දුන් නඩුකාරවරුන් උන්නා. ඒත් නීතියට එයා යන්න බෑ කියපු මී හරකෙක් අධිකරණ ඇමතිධූරය උසුලපු ස්ථානයකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වීමත් එක්තරා විකාරයක්. උන්ටත් පිස්සු අපිටත් පිස්සු, ෆොන්සේකා කියනවා වගේ ඔක්කෝම පිස්සෝ.

      Delete
  4. මම දැක්කා මහින්ද මහතා කියනවා සිල් රෙදි බෙදන්න උපදෙස් දුන්නෙ එයා කියල... මේ රටේ නීතිය වැඩ කරන විදිහ නම් හරිම අප්‍රභංශයක්...

    අසංක

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මම අදහස් කළ දේ උඹට තේරිලා තියෙනවා.

      Delete
  5. බලපුලුවන්කාරයෝ හිරගෙදරදි ලෙඩ්ඩුවෙනවා. උන්ට මචන්ට් වාට්ටුවේ හරි බන්ධනාගාර රෝහලේ සැප ගන්න පුළුවන්. නැතිබැරි එකාට පැනඩොල් පෙත්තක්වත් නැතිව සේලඑකේ පැදුරු කෑල්ලේ මදුරුවෝ තලන්නයි වෙන්නේ. නිතිය සැමටම එක සමානද??

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි මටත් ඇති ගැටළුව

      Delete
  6. Replies
    1. හිටන් මොකටවත් අඟිල්ල ගහන්නේ නෑ නේ...

      Delete
  7. owa ohioma tham..
    a un apita show penwanawa \
    api balanawa.

    nedakin mee harak

    ReplyDelete
    Replies
    1. උනුත් හරක් මුනුත් හරක් අපිත් හරක්

      Delete
  8. මාතේ, මට නං හිතෙන්නේ මේ ඩබල අවංක දෙන්නෙක් නං බන්ධනාගාර රෝහලට යන්ට හේතුවක් නැත කියායි. අපි කාටවත් චරිත සහතික දෙන්ට ඉක්මන් වෙන්න නරකයි. මේ දැන් දෙවරක් රින්සෝ දමා අපුල්ලපු පිරුවට වගේ රටට ලෝකෙට පේන චරිතවලත් වාටිය ලිහා බැලුවහම අමු ගොම තියෙනවා. නොකර බැරි වැඩවලින් බේරෙන ක්‍රම අනන්තවත් තියෙනවා. එව්වා ආයතන සංග්‍රහයෙ නෑ. මුදල් රෙගුලාසියෙත් නැහැ. එව්වා සහජ බුද්ධියෙන් එන්න ඕනා. මේ තුමන්ලා වරදක් නොකළා නම්, එතුමන්ලා වරදක් නොකළ බවට සාක්කි තිබුණා නම් අධිකරණයෙන් මේ විදිහෙ තින්දුවක් දෙන්නෙ නැහැ නොවැ.

    ReplyDelete
    Replies
    1. සුරන් මලේ මට ඔවුන් සුද්ධ කිරීමේ කිසිම උවමනාවක් නෑ. ඔවුන් කළ දේට ඔවුන් දඬුවම් විඳිනවා. මට ඇති ප්‍රශ්ණය මොවුන්ට අණ දීපූ උන්ට නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්ද යන්නයි.

      Delete
  9. මේ දෙන්නම අවංක හොඳ නිලධාරීන්. ලලිත් වීරතුංග මා දුටු ඉතාම නිහතමානී මහත්මා ගතිවලින් යුත් අයෙක්. අනුෂ පැල්පිට යනු ඇත්තෙන්ම දක්ෂ නිලධාරියෙක්. රටට වැඩක් ගන්න පුලුවන් දක්ෂ මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. ඔවුන්ගෙන් වැඩ අරගෙන තමයි අන්තීමට කෙලවෙලාම ගියේ.

      Delete
    2. බොහෝ දෙනා චරිත සහතික නිකුත් කරන්නේ අලියා ගැන කී අන්ධයන් කණ්ඩායම ලෙසයි. දක්ෂ කම යනු තමන්ට ඇති අධිකාරිය ඉක්මවා කටයුතු කිරීම නොවේ. එසේ කිරීමට අන් සැම දෙනාටම ඉඩ ලබා දුන්නොත් ඔවුන් සියල්ලන්ම "දක්ෂයන්" වනු ඇත. එවිට මහජන මුදල් භාවිතයට අබ සරණ නොවේද?

      Delete
  10. ලලත් වීරතුංග සහ අනුෂ පැල්පිට ඔය තනතුරුවලට ආවේ දේශපාලන පත්වීම් ලෙසය . එහෙම නැතිව රාජ්‍ය සේවයේ ජේෂ්ඨත්වය සහ උපරිම සුදුසුකම් අනුව නොවේ. එසේ තනතුරු ලැබුපසු කාර්යක්‍ෂමව තම සේවය කලාද කියන එක වෙනම කාරණයකි. නමුත් තම තනතුර දුන් කෙනාගේ නියෝග පිළිපැදීමට ඔව්න් ඉංග්‍රීසියන් කියනවා නම් "under obligation" ය. රාජ්‍ය සේවය සහ අර්ධ රාජ්‍ය සේවයේ ඉහල සහ මධ්‍යම මට්ටමේ තනතුරු පවා පසුගිය කාලයේ විතරක් නොව දැනුත් දෙන්නනේ එක්කෝ දෙශපානල හිතවත්කම් උඩය නැත්නම් ඉහල ඉන්න එකාගේ වන්දිබට්ටකම් සහ දුශණවලට උදව් කරන එවුන්ටය. ඒක නිසා මේ නඩු තින්දුවෙන් පසුවවත් සුදුස්සාට සුදුසු තැන ලැබීෙ අවස්තාව ලැබෙනවා නම් හොඳය

    ReplyDelete
    Replies
    1. රජ්ජ සේවය කියන්නේ අන්ත දූෂිත තැනක් කියන එක කවුරුත් පිලිගන්නවා. මට ඇති ප්‍රශ්ණය එය නොවේ. මට ඇති ප්‍රශ්ණය ලංකාවේ නීතීයයි.

      Delete
  11. සාපේක්ෂව හොඳ වුනත් ලලත් වීරතුංග සහ අනුෂ පැල්පිට ඔය කියන තරම් සුදු චරිත දෙකක් කියලා මම නම් හිතන්නේ නෑ. උසස්පෙළ කාලේ ඉඳන්ම රාජ්‍ය සේවය නම් අරහං. මේවා දැක්කම හිතෙනවා ඒ ගත්ත තීරණය හරි කියලා.

    ReplyDelete
    Replies
    1. මම ඔවුන් සුදු චරිත කියලා කිසිම තැනක කියා නෑ. මට ඇති ගැටළුව නඩු තීන්දුව හා දඬුවම පිළිබඳවයි.

      Delete
  12. What goes around comes around.. අර සුරංග කියුව වගේ ඔය දෙන්නත් කිරි දියෙන් දොවල වෙන්න බෑ.. අදාළ අයටත් අදාළ විදියට දඬුවම් ලැබෙයි.. ඒත් අපිට පේන්න තියෙන මේ අම්මගෙ රෙද්දේ නීතිය නම් අන්තිම අසාධාරණයි සහ යල් පැන ගිහිං බව ගෙඩි පිටින් ඇත්ත..

    ReplyDelete
    Replies
    1. මට තියෙන ප්‍රශ්නෙත් ඕන් ඕක මචෝ

      Delete
  13. ලලිත් හා අනූෂ බොස්ගේ කීමට මේ වැඩේ කෙරුවාට මේ ඩබල නිකම්ම සුදනෝ වෙන්නේ නැත.මිනීමරුවා වෙනුවට මෝල් ගහ එල්ලන්න වෙලා තියෙන්නේ රටේ තියන නීති ගැටළු නිසා.අනිත් එක මේ නඩුවේ මහින්දව විත්තිකරුවෙක් කරලා නැහැනේ.මිනීමරුවා බේරෙන්න ක්‍රමය හදා ගෙන තිබ්බත් මෝල් ගහට එහෙම ක්‍රමයක් නැති නිසා තමයි මහා උළු ගෙදර යන්න වෙන්නේ.දැන් මේක පුර්වාදරශයක් කරගෙන රාජ්‍ය නිලධාරින් අනීතික දේ නොකරනවා නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයක් වෙනවා නම් ඒක බොහෝම හොඳයි... ඒත් ඊටත් වඩා අන්ත දේ වෙන එකයි වැරැද්ද...

      Delete
  14. මාතෝ....මේ තීන්දුව කාට හොඳ නැතිවුනත් රාජ්‍ය සේවය වෙනුවෙන් හොඳයි. කොඳු නාරටි ඉලාස්ටික් වෙච්ච එවුන්ට මොනවා කරන්නද...ලණු කෑවනාම් රෙන්න වෙන්නේ කඹ තමයි. මීට විරුද්ධව හොටු හූරන එවුන්ගේ කට ඉඹලා බලපන්. මාර ගඳයි. උන්ට හොටු පීනස. රාජ්‍ය සේවය ෆක් වෙච්ච තැන්වල, අනිත් හැම දෙයක්ම ෆක් ඕෆ් වෙන එක ශුවර්ම තමයි.

    ReplyDelete
    Replies
    1. ඔය කෑගහන එවුන්ට පුකට වස්තියක් දීලා නැපී එකක් අන්දන්න ඕන. එතකොට තේරෙයි රජය සහ ආණ්ඩුව කියන්නේ දෙකක් කියලා.

      Delete
    2. ලෙසටම කියා ඇත
      කීමට කිසිත් නැත

      Delete
  15. මටනම් හිතෙන්නෙ මේක රනිල් දෙන පොඩි ආතල් එකක් කියලා ජන්දෙ ළග හින්දා

    ReplyDelete
    Replies
    1. රනිල්ලටත් මේ ආතල් එකම එන්න බැරිත් නෑ

      Delete
  16. ඔබ රාජ්‍ය සංස්ථා වල අධ්‍යක්ෂ මණ්ඩල වල සිටි රජයේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව විරෝධතා දක්වන්නට පැමිණි විට කිවේ ඔවුන්ට වැරදි දේ කරන්නට බැරි නම් ඉවත් විය යුතුව තිබුණා කියායි. මෙහි අදහස ඊට විරුද්ධයි.

    ReplyDelete
    Replies
    1. ලිපිය නැවත හොඳින් කියවන්න... ඒ මතය මේකෙන් ඉවත් වෙන්නේ නෑ

      Delete
  17. මතෙ ,
    1. මුන් කලේ අරුන් කීදේය.
    2. මුන් එසේ කලේද නිකම්ම නොවේය.
    3.මුන් දැන් වත් අරුන් ගැන නොකියන්නේ;
    4අරුන් ආයෙත් එයි කියන විශ්වසෙටය. නැතිනම් උන්ව මාට්ටු කරන්න පෲෆ් නැති නිසා
    5 අරුන් ආයෙත් එයි කියන විශ්වාසෙට උන් ගැන නොකියන්නේ ඇයි?
    6.ආවොත් කන්න වෙන නිසාය. දුක වින්දොත් අවාම සැප කනේ නිසාය
    කොහොමටත් මාතෙ අපි මුන් ගැන දුක් නොවිය යුතුය.
    මන්ද මෙවුන් කොරණ කිරිල්ලට හෙට අනිත්දාම අරුන් බලයට ඇවිත් මුන්ව එලියට දානවාය
    නමුත් නියුරම්බර්ග් නඩු තීන්දුවෙන් ලෝකේට උගන්වපු පාඩමක් ඇත. අරුන් කී පලියට මුන්ට වැරද් ඉදේ කිරීමට නොහැක!
    ඇත්තේ එක පැනයකි? මොන එහෙකට මිනී ගොඩ ඇද්දාද !?

    ReplyDelete
  18. \\....නීතියෙන් එල්ලා මැරිය යුත්තේ මිනීමරුවා මිස මෝල් ගහ නොවේය. ..//
    👍🏽

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න