.

.

Jan 26, 2018

නෙළුම් කුලුණු හදන්නේ පැනලා මැරෙන්නද...? - Hanged and Died Till Win



නෙළුම් කුලුණු හදන්නේ පැනලා මැරෙන්නද...?

- ටිල් වින් ද සිල්වා -

ඔව් ඉතාමත්ම වැදගත් ප්‍රශ්ණයක්.


දැන් ඔතනින් රැකියා කීයක් බිහි වෙනවද?
සෘජු හා වක්‍ර රැකියා කීයක් බිහි වෙනෙවද
වෙනත් ආදායම් මාර්ග කීයක් බිහි වෙනවද?
ඒ අවට කොයි වගේ සංවර්ධනයක් වෙනවද?
ව්‍යාපාරික ක්ෂේශ්ත්‍රයට හා සංචාරක් ව්‍යාපාරයට කෙසේ බලපායිද?
සන්නිවේදන ක්ෂේශ්ත්‍රයේ සිඳුවන සංවර්ධනය කුමක්ද?
සහ තවත් බොහෝ ධනාත්මක දේ හොයන්නේ නැතිව,

මේවා හදන්නේ පැනලා මැරෙන්නද කියන එකම
ජෙප්පන්ට ගම දෙන්න හොඳ කාරණයක්..


නායක අනුර සහෝදරයා බිස්නස් ක්ලාස් ගියාට,
විජිත හේරත් කන පාත් වෙන්න බීලා පාරේ ලයිට් කණුවල ප්‍රමිතිය හොයන්න ගියාට,
ලාල් කාන්ත බ්‍රෝ ඉඳලා හිටලා පොඩි අඩියක් ගැහුවට අවුලක් නැතෙයි කියලා කිව්වට,
ජේ වී පී දොස්ත්‍ර මහත්තයා ටයි කෝට් ඇඳලා අනුන් අල්ලන කුඩයක් යටින් කහ ඉරක් විවෘත කලාට..,
පක්ෂේ මහ උන්ගේ තියෙන්නේ අමු ගෝත්‍රික පසුගාමි අදහස්..,

ඒ කියන්නේ පට්ට ග්‍රාමිය අමු ගෝත්‍රික අදහස්
ඒවා මේ විදියට එලියට එන එක බොහෝම හොඳයි..

ඒකෙන් එයාලා පැහැදිලව පෙන්වනවා
එයාලට තියෙන්නේ පැරණි ග්‍රාමිය අදහස් කියන එක.
ඉතින් නඟර සභා නැති උනත්
ගම ජේ වී පී එකට දෙන්න මේ වගේ අදහස් තව තව එන්න ඕන.
මාතලන් මේ ඡන්දයේදි ජෙප්පන්ට ගම දෙන්න කියන්නේ ඒකයි.

එතනින් එහා දේශපාලනයට එන්න එයාලට කවදාවත් බෑ.
මේ වගේ මානසික මට්ටම් වල ඉඳලා.
සමනලීට එරෙහිව කඩුව අමෝරගත්ත සමන්මලි සහෝදරියත් කළේ ඒක.
එතනදි සමන්මලී වැරදි නෑ...
මොකෝ ජේ වී පී එක තුල සහෝදරියන්ට නෙමෙයි සහෝදරයින්ටත් බොන්න බෑ මම දන්න තරමට.
ඒත් උන් බොනවා..
එයාලගේ නායකයත් එහෙම බිව්වා..

ජනරජ සමාජවාධී ආර්ථිකයක් තුල, තුන් වේල බත් කාපු උන්ට අල බතල කන්න උනා නම්,
ධර්මිෂ්ඨ රාජ්‍යයක් තුල අධර්මිෂ්ඨ දේ අනන්තත් සිඳු උනා නම්,
නැති බැරි අය ඇති හැකි අය කිරීම තුල, දෙපිරිසෙම අය වැනිෂ් උනා නම්,
වමට සිග්නල් දාගෙන ආපු සැටයිට් නෝනා, දකුණට සිගනල් දාලා පත යූ ටර්න් එකක් ගහලා ආර්ථිකේ හොම්බෙන් ගෙනිච්චා නම්,
මතට තිත තියන්න ආපු දුටුගැමුණු සජ්ජුරුවෝ. තිතට මත් වෙලා, එයාගේ කුමාරවරුන්ට දළාදා මාළිගාව ළඟ රසියන් බඩු එක්ක හෙළිවෙන් ඩාන්ස් දාන්න දුන්නා නම්..,
එල්ලාවල මේධානන්ද වගේ උගත් නැනවත් මහා නායක හිමි නමක්, රජවරු පොඩ්ඩක් ගත්තට අවුලක් නැතෙයි කියලත් කිව්ව එකේ..
අපිට "මයිලෝ" බොන්න එපැයි කියන හිටන් උන්නැහේගේ චතුරිකා දූ කුමාරි, ජනාධිපති තාත්තා කියන දේ පයිසෙකට මායිම් නොකර, පොඩි උන්ට "මයිලෝ" පැකට් එයාගේ සල්ලි වලින්ම අරගෙන බෙදන එකේ..

සමන්මලීලා, බිමල්ලා, විජිත්ලා කියන ඒවා එච්චර ගනන් ගන්න නරකයි..
එහෙනම්, ඔයිට වඩා ආතල් අපේ ජනාධිපතිතුමා දෙන්නේ හිටන්...
එහෙනම්, සමන්මලී එක්ක එල්ලෙන්නේ නැතිව,
සිරිසේන එක්ක එල්ලෙන්න පුළුවන් නේ කෙලින්ම... සමන්මලී කව්ද, සිරිසේන කව්ද.....

ඉතින්...,
අපි හෙමීට ටිල් වින් ලට කියලා දෙන්න ඕන,
පැනලා මැරෙන්නේ ඕනම නම් කොළඹ ඇවිල් නෙළුම් කුළුණට නැඟලා ඒකෙන් පැනලා මැරෙන්න ඕන නෑ.. අනික ඕකට නගින්න ටිකට් එකකුත් කඩයි..

ඊට වඩා ලාබෙට කඩෙකින් ළණුවක් අරගෙන ගහකින් පැනලා මැරෙන්න පුළුවන්..
අනික කඹේකට සල්ලි යන්නෙත් නෑ, ගඟේ මූදේ පැන්නා නම්..
ඒත් ඉතින් ඔතනින් පන්නිනම ඕනෙයි කියලා හිතනවා නම් පැන්නත් අවුලක් නෑ..
ලෝකාන්තෙන් පනින උනුත් ඉන්නේ..,
මේ ඊයේ පෙරේද එකෙක් සව්සිරිපායෙන්ද ඉසුරුපායෙන්ද පැන්නේ..
අනික තිස්ස අත්තනායක මහින්දගේ සාටකෙ එල්ලිලා මැරිලා ගියේ..

නැවතත් කියන්නේ,
අපි මේකෙන් ගන්න ඕන දේ තමයි
ජේ වී පී පට්ට ග්‍රාමියයි කියන් දේ..

ඒ කියන්නේ, සංවර්ධනයේ සියළුම දෙයින් පැනලා මැරෙන්න ඕන කියලා තමයි එයාලා හිතන්නේ..
ඒ කියන්නේ, නෙළුම් කුළුණෙන්, පාලම් වලින්, බිල්ඩින් වලින්, ප්ලේන් වලින් පැනලා මැරෙන්න ඕන කියලා තමයි එයාලා හිතන්නේ..

පර සුද්දට හෙන ගහන්න, උන් මේක දාලා ගියායින් පස්සේ ගම් වලට වෙච්ච මෙළෝ දෙයක් නෑ..
ආ... මට එකක් අමතක උනා..
අර බැසිල් ශ්‍රිමතානෝ නම් ගමට යන පළමු අඩි සීයේ කොන්ක්‍රීට් පාරක් දාලා දුන්නා.. එතනින් එහාට ගම තාම එහෙම්මමයි.. ඔය ගම ලේසියෙන් හදන්නත් බෑ.. ගම් හදන්න, ගම් වල ඇති දේකුත් නෑ..

කරන්නේ..., අපි කන බොන් දෙයින් පුක නැති වෙන්න බදු ගහලා, ප්‍රාදෙශියේ ඉන්න උන්ට ගානක් හම්බ කර ගන්න.. ගල් ගැලවෙන පාරවලුයි, ගඟේ ගහගෙන යන පාලමුයි, පොඩි එකෙක්ගේ චූ පාරකටත් කැඩිලා යන බෝක්කු ටිකක් හදන එක විතරයි..

ඔය එක පකෙක්ටවත් ගම දියුණු කරන්නේ කොහොමද කියලා එක ආර්ථික වැඩ පිලිවෙලක් නෑ..

ඒත් ජෙප්පන්ට දුන්නෝත්,

අර අනිත් වේසිගේ පුතාලා ගානක් උන්ගේ සාක්කුවේ දාගෙන හදන,
පාලම් පාරවල් බෝක්කු ටිකවත් හරියට හැදෙයි..

මොකෝ උන්ගේ පක්ෂයේ විනයක් තියෙන නිසා..

ඉතින් ගමේ ඡන්දේ තියෙන මේ වෙලාවේ,

කොලේ ඉරාගෙන, ඇඟේ හලාගෙන පුක ඉරාගෙන බෙරිහන් දෙන, සිරිසේනගේ කම්බා හොරුන්ටවත්..

අවුරුදු 20 ක් ඇරියස් එක පාරෙන් කවර් කරාපු රනිල් ප්‍රමුඛ ඉන්ටර්නැෂනල් වයිට් කොලර් තීෆ්ලටවත්..

මහින්ද ප්‍රමුඛ සාටක හොර නඩේටත්,

අපේ ගම කන්න ඉඩ නොදී

විනයක් ඇති, ග්‍රාමීය අදහස් ඇති..

ජෙප්පන්ටම දෙමු...

සීනුවට ජය වේවා...!!!

39 comments:

  1. ඒහෙනං උබේ ගම දීපන්කො

    ReplyDelete
    Replies
    1. ගම දුන්නොත් ටිල්වින් ලොක්ක නෙලුම් කුළුන උඩ ඉඳන් බිමට පනියි කියල උඹට හොඳටම ෂුවර් ද ? එහෙම නම් දුන්නට කමක් නැහැ.

      නමුත් වෙන්නෙ අර 88-89 වගෙ රනිල්ලත් එක්ක සෙට් වෙල මූ ඔතනින් පනින්ඩ යන්නේ වගේ පෙන්නල තව කොල්ලො කෙල්ලො දහස් ගනනකට ඔතනින් පනින්ඩ වැඩෙ සෙට් කරල මුන් සෙට් එක නෙලුම් කුලුන උඩින් සිරිකොතට පනින එක තමා.

      Delete
    2. තාමත් 89 ඉන්න අප්ඩේට් නොවුන, ගොන් තඩියෙක්.

      Delete
    3. History repeats itself first as tragedy second as farce- Karl Marx.
      That information was for the idiots who have not been updated of the events in 88-89 dark era of Ranil and Anura

      Delete
  2. ඔව්. ගම දෙමු. අපේ පැන්සන් ගිය එකෙකුත් මේ ගමන ජේවීපියෙන් ඡන්දෙ ඉල්ලනවා. මිනිහට පඩියත් නෑ. නෝපේ. හතේ හත වැදිලා. හෙටානිද්දා අපි කීයක් හරි එක්කහු කරල මිනිහගෙ ගෙදෙට්ට හාල් බඩුමුට්ටු ටිකක් ගිහින් දෙන්න ඉන්නෙ.

    අපේ ගම නං දෙන්න ජේවීපි බුවෙක් නෑ. ලැයිස්තුවෙ ඉන්න අයව අපි දන්නෙත් නෑ. ඒ හංදා මගෙ ඡන්දෙ දුන්නෙ අපේ අම්මගෙ පරම්පරාවෙ අය බලෙං අල්ලං හිටපු 'ආණ්ඩුවෙ කැරකොප්පුවෙ' ඉඩම ආපහු අරගෙන ගමේ අයට පාවිච්චියට වෙන් කරල දීපු එකාට.

    අපේ ගම නං තනිකර පොහොට්ටුවට. පහුගියදා මගුල් ගෙදරකදි හම්බුවෙච්චි සෙට් එකම කිව්වෙ ඒ කතාව. මහින්ද මහත්තයා යුද්ධෙ නැවැත්තුවා. ඒ මදිවට බෝනස් එකට ගම මැදිං පාර දෙකට බෙදලා කාපට් කරල දුන්නා. දැං කොල්ලො වල්ලපට්ටා කපල මහන්සිවෙලා ගෙනාපු ලාන්සර්, සිවික් එහෙම විදල යන්නෙ ඒ පාරෙ. ඒ පාරෙ තාර ගැලවෙලා ආයි යුද්දයක් පටංගන්නකං මහින්ද ඉස්සරහට දාගන්න එකා දිනුං.

    හැබැයි ජවිපෙත් කන්නෙ උංගෙ කැටේට කීයක් හරි දාලා ඒකෙ හිලව්වට උංගෙ සීනුව උදුරල අරං බලෙං හොල්ලන සෙට් එක.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත සුරන් කොලුවෝ

      ඒත් මම ජෙප්පන්ට දෙනවා

      Delete
    2. අනේ ඔවු බන් ඕන මරාලයකට දියන්..... අර බත්තරමුල්ලෙ හාන්දුරැවොත් ඉන්නවා 2019 දෙනවා නන්....

      Delete
  3. හ්ම්ම් හ්ම්ම් හිතන්නට යමක්

    ReplyDelete
  4. ජෙප්පන්ට ගම දෙමු කියන බයිලා වෑන් එකට වැඩි දෙනෙක් ගොඩවෙන්නේ එයින් වෙන හානියක් නොමැති බව හොඳින් දන්නා නිසාය. ගම ගත්තා කියා ජෙප්පන්ට පිස්සු නටන්නට බැරිය. නිල් සහ කොළ මැති ඇමතිවරුන්ට සහ මහ ඇමතිලාට නැති නීති ජෙප්පන්ට එරෙහිව ක්‍රියාත්මක කරන්නට මෛත්‍රී භාවනා පොලිසිය එවිට සැදී පැහැදී සිටිනු ඇත. ජෙප්පන් හැර වෙන විකල්පයක් නැතැයි වැඩි දෙනෙක් සිතන්නේ ප්‍රධාන පක්ෂවල අනුවණකම් සහ අතොරක් නොමැති දුෂණ ක්‍රියා දැක ඇතිවූ කළකිරීමෙන් විනා ජෙප්පන් ගැන ඇති විශේෂ පැහැදීමකින් නොවේ. මේ බව නොතේරෙන්නේ ජෙප්පන්ට පමණි. තේරුණා නම් විපක්ෂයේ සිටිමින් ශබ්ද ඝෝෂා පවත්වනවා වෙනුවට හවුල් ආණ්ඩුවට එක්වී ලැබෙන ඇමතිකමක් හරියට කරමින් දෙපැත්තේම ඉන්නා හොරුන්ට ආදර්ශයක් දෙන්නට හොඳටම ඉඩ තිබුණි. එහෙම කළා නම් ගම වෙනුවට රටද ඉල්ලන්නට තිබුණි. ජෙප්පන්ගේ න්‍යායාචාර්යවරුන් තවමත් ජීවත්වන්නේ 1917 මානසික මට්ටමේය. ලෙනින් යනු අවස්ථාවාදී දාමරිකයෙක් විනා සැබෑ විප්ලවවාදියෙකු නොවන බව මොවුන්ට අමතකය. අවුරුදු හැත්තෑ ගණනක සමාජවාදී පාලනයෙන් පසුව සෝවියට් දේශය හිඟමනට වැටුන බව මොවුන් කියන්නේ නැත. 1990 දශකය වන විට සෝවියට් දේශයේ ඉතිරිව තිබුණේ පරමාණු බෝම්බ පමණි. මිනිසුන්ට කන්නට බොන්නට දේවල් හෝ අඳින්නට පළඳින්නට හරියාකාර කිසිවක් තිබුණේ නැත. දැන් කියුබාවෙත් වෙනිසියුලාවෙත් ඇත්තේ එවැනිම තත්වයකි. සමාජවාදය සහ ධනවාදී විරෝදී සටන් පාඨ වලින් කරන්නේ නැති එකා පිස්සු වැට්ටවීම පමණි. ඒ ඇරෙන්නට උන් ගෙනෙනා විමුක්තියක් නම් නැත.

    ReplyDelete
    Replies
    1. කොහොමත් ජාතික තලයේ දේශපාලනේ කොරන්න බෑ කියලා ඇමති කම් අරගෙන පෙන්නුවා... ඇමතිකමක් කියන්නේ ගමේ ශ්‍රමදානයක සභාපති කමයි කියලා එයාලා හිතාගෙන උන්නේ.. ඇමති ගිහින් සීගිරියට ගල් අදින්නේ ඒ නිසයි.. ඒවා වැඩවසම් යුගයේ ගෝත්‍රික ලක්ෂණ... නමුත් ඒ දේවල ගමට අපූරුවට ගැලපෙනවා... මොකෝ මේක පට්ට ග්‍රෝත්‍රික සමාජයක් නිසා...

      ඒ නිසා ජෙප්පන්ට ගම දුන්නට අවුලක් නෑ...

      Delete
    2. ඒ විතරක්යැ බං. මට මතකයි විජිත සහෝ කියනව සංස්කෘතික අමාත්‍යාංශයෙ තියෙන ජනෙල් ටිකත් වහලලු බුවා ගෙදර යන්නේ.
      ඒවා වෙලාවට වැහෙන්නේ නැත්තේ මොකද කියල හොයල බලල ඒ process එකේ හිල් වහන්ඩ මුන්ට තේරෙන්නෙ නැහැ. එහෙමෙ ගොබ්බයො ටිකක් කොහොමඩ බං වරායකින් තියෙන ප්‍රොයෝජනේ Debt servicing, Debts to equity තේරුම් ගන්නේ ?

      Delete
    3. අම්මෝ තිස්ස මහත්තයා දන්න තරමක්...
      අවුරුදු හැත්තෑ ගණනක සමාජවාදී පාලනයෙන් පසුව සෝවියට් දේශය හිඟමනට වැටුන බව මොවුන් කියන්නේ නැත.
      දෙයක් පිළිබද තීරණයකට එන්න ඹ්න ඒක ගැන අධ්‍යයනය කරලා සමාජවාදය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතිව රුසියාව අසාර්ථක වුනේ ලෙනින් නිසා කියලා ඔබ තුමා කියන්නේ මොන හේතුවකටද කියලා මට නම් හිතා ගන්නවත් බෑ. මම දන්න විදියට තනි රටේ සමාජවාදය කියන මතේ රුසියාව පසුකාලීනව හිටියා ඒකයි වැටුනේ...
      අනිත් අතට ජවිපෙට ඇමති කම් අරගෙන කරන්න කියලා ඔබතුමාලා යෝජනා කරන්නේ මොකද කියලා මට නම් හිතා ගන්න බෑ. හොරකමයි දූෂණයයි තියෙන තැනක හරියට වැඩ කරලා ආදර්ශමත් වෙන්න කියලා නේ ඔය කියන්නේ.. අපි කවුරුත් දන්නවා සාමාන්‍ය සමාජයේ දී වත් අපිට එහෙම කරන්න බෑ. එහෙම අනිත් අය වැරදි කරාට අපි කරන්නේ නැතිව ආදර්ශමත්ව මම ඉන්නේ කියලා වැඩ කරොත් හවසට ගෙදරට යන්නවත් වෙන්නේ නැති තරමයි. ජවිපේ ආණ්ඩුවේ බලය නැතිව ඇමති කම් කරලා බැලුවා, ප්‍රාදේශීය සභා කරලා බැලුවා...
      බොරුවට ජවිපෙට බනින්න ඹ්න නෑ එයාලට බැරි වුනේ ඒ ගොල්ලන්ගේ නොහැකියාව නෙවෙයි. මේ තියෙන සිස්ටම් එකේ අවුල...
      අපේ බෙෘද්ධ සාසනයටවත් රකින්න බැරි විනයක් ජවිපේ රකිනවා. .
      ඒකයි මම ඡන්දේ දෙන්නේ...

      Delete
  5. ජෙප්පන්ට දීල අන්තිමේ අපිට නෙලුන් කුලුනෙන් පැනලා මැරෙන්න වෙයිද බං? ටිකට් එකටත් ගානක් යනවලු නේ?

    ReplyDelete
    Replies
    1. ටිකට් එක ගන්නේ නැතිව, නෙළුම් කුළුණ ගාවින් බේරෙට පැන්නා නම් හරි.. ඒත් නෙළුම් කුළුණ නම ගෑවෙනවනේ...

      Delete
    2. දැන්නම් බේරෙට මලාට පනින්නෙ නැ නහයක් තියන එකෙකුට කරන්න පුලුවන් වැඩක්ද ඕක

      Delete
  6. මෙන්න මගේ අදහස http://lankasithuwili.blogspot.com/2018/01/blog-post.html

    ReplyDelete
    Replies
    1. ලංකා වගේ කෙනෙක් මේ තත්වෙට පත් උනා කිව්වම නිකං ඔල්මොරොන්දම් පිස්සු පීකුදු වෙලා යනවා...

      විශ්ව ගම්මානයක ගැන කතා කරන වෙලාවේ තනියෙන් නැගිටින්න බෑ කියලා ලංකා දන්නේ නැති උනාට මහින්ද දන්නවා..

      එයා ගෝල්පේස් එක ඉස්සරහා ආමි එකේ ඉඩන් සින්නක්කර විකුනන්නේත්,
      පරණ පර්ලිමේන්තුව ඉස්සරහා මූද ගොඩ කරලා ඒකත් චීනට සින්නක්කර දෙන්නෙත්..
      වෙල්ලස්සේ ඉඩම් ඇමරිකන් කාරයට දෙන්නෙත් ඒ නිසා..
      මේ සියල්ලටම මාතලන් කැමතියි..
      මොකෝ සිඳුවිය යුත්තේ එයයි..
      අපේ කාළකන්නි දන්නේ පත ලොස් වී වගාව ඉතරයි..
      උන් අළුත් දේකට කැමති නැති කාළකන්නි ජාතියක්...


      ලංකා මෙතන මඟුලක් කතා කරනවා... අපි නොදන්න මහින්ද

      Delete
    2. මාතා,

      මෙහෙමයි මචෝ

      //විශ්ව ගම්මානයක ගැන කතා කරන වෙලාවේ තනියෙන් නැගිටින්න බෑ කියලා ලංකා දන්නේ නැති උනාට මහින්ද දන්නවා..//

      මෙතන මම තනියෙන් නැගිටින කතාවක් කියල නෑ, මෙතන කියල තියෙන්නේ රනිල්ට බලය ලැබුනොත් මේ විදේශීය බලවේග වලට ඕනේ විදියට නටනවා කියන එකයි. යම් විදියකින් ඔහුට විරුද්ද බලවේගයක් තිබුනොත් විතරයි win-win situation එකට යම් තරමින් හරි යන්න පුළුවන්.

      මේවා විමල් විරවංශ ගේ කුමන්ත්රණ නියායන් නෙමෙයි ඇත්තටම මේ ලෝකයේ සිදුවුන දේවල්.


      https://www.youtube.com/watch?v=hn9wujK0ho4&t=59s

      බොලිවියාවේ තමයි වතුර විකිනීමට මීටර් සවිකිරීම වෙන්නේ, මෙයට හේතුව ලෝක බැංකුව යොදන පීඩනයයි, උබට තේරුනේ නැති උනාට ලෝක මට්ටමින් කරන මේ කුමන්ත්රණය සංකීර්ණ උනත් තේරුම් ගැනීම පහසුයි. මේ රටවල් කරන්නේ දිලිදු රටක සම්පත් සුරගන්න ඕනේ උනාම මේ රටවලට දිගින් දිගටම ආදාර කරනවා මේ ආදාර යන්නේ මේ රටවල සම්පත් සංවර්දනයට නෙමෙයි මේ රටවල පාලකයන්ගේ ගිණුම් වලට සහ ණයදෙන රටේ තවත් ආයෝජකයන්ගේ ගිණුම් වලට එහෙම උනාම රට විශාල ණය උගුලක හිරවෙනවා ඉන්පස්සේ තමයි සොබාවික සම්පත් වලට මිල නියම වන්නේ බොලිවියාවේ වතුර වලට මීටර් සවිකරලා ජනතාවට වතුර දෙනවා අවසානයේ ජලයට පෙට්‍රල් වලට සමාන මිලක් ගෙවන්න වෙනවා, මිනිසුන් පාරට බහිනවා හමුදාව විදේශීය ආයෝජකයන් වෙනුවෙන් මේ මිනිසුන්ට පහර දෙනවා අවසානයේ ලක්ෂ ගණන් මිනිසුන් පාරට පැමිණිලා අදාළ හමුදා නායකයාව අල්ලාගෙන පෙතිගහල මරල තමයි ප්‍රශ්නය විසදෙන්නේ.

      මේ කිව්වේ සුරංගනා කතා නෙමෙයි.

      //විශ්ව ගම්මානයක ගැන කතා කරන වෙලාවේ//

      අම්මගේ රෙද්දේ විශ්ව ගම්මානය යකෝ එංගලන්තය brexit vote එකෙන් උනේ මොකද්ද ? අද ට්‍රම්ප් කරන්නේ මොනවද ඉදිරියේ ප්‍රංශය Fuck it කිව්වම
      තොට පෙනෙයි විශ්ව ගම්මානයේ දිග පළල

      Delete
    3. අපේ රෙද්දද බං ගෙනියන්න තියෙන්නේ...

      මට හිතාගන්න බෑ උඹට මොකක්ද උනේ කියන එක..

      Delete
    4. මෙන්න බලපන්,

      ජෙප්පෝ බලයට එනවා, මයිත්‍රී පාලට ඉන්පස්සේ පීඩනයක් එනවද ? නෑ !!
      මයිත්‍රීපාලට පීඩනයක් නැත්නම් ඔහු ජනතාප්‍රසාධය පවත්වන්න උත්සහ කරනවද ? නෑ !!
      ජනතාවට වැඩදායි දේවල් කිරීමට මයිත්‍රී ගේ උත්සහයක් නැත්නම් රනිල්ගේ සොරකම් නැවත්වීමට ඔහුට උවමනාවක් ඇතිවෙයිද ? නෑ !!!

      දැන් බලපන් පොහොට්ටුව බලයට එනවා, මයිත්‍රී පාලට ඉන්පස්සේ පීඩනයක් එනවද ? ඔව් !
      මයිත්‍රීපාලට පීඩනයක් එනවා නම් ඔහු ජනතාප්‍රසාධය පවත්වන්න උත්සහ කරනවද ? ඔව් !! (ඔහු අදත් බැදුම්කර මගඩිය මෙච්චර වත් පරීක්ෂණ කිරීමට කටයුතු කලේ ඔහු දුෂණයට විරුද්ද නිසා නෙමෙයි ජනප්‍රසාදය නැතිඋනොත් ඔහුට උන්හිටිතැන් නැතිවන නිසා )

      පොහොට්ටුව බලයට ආව හැටියේ ඔහු දැඩි ලෙස පරිස්සම් වෙනවා ඉදිරියේ කිසිම සැලකියයුතු සොරකමක් කිරීමට එක්සත් ජාතික පක්ෂයට ඉඩ නොදීමට.

      දැන්වත් මගේ ලොජික් එක තේරෙනවද ? මම කලින්ම කිව්වා නේද දෙසපාලකයෝ විස්වාස කරන්න එපා කියල, නමුත් මතක තියාගනින් දෙසපලකයන්ගේ පැවැත්ම සදහා ඔවුන් නොකරන දෙයක් නෑ අපි හරියට ඉත්තෝ අදින්න ඕනේ මොවුන්ව මෙල්ල කිරීමට, එහෙම නැතුව මහින්ද සොරෙක් බව මම දන්නවා හැබැයි මහින්ද උබ වගේම "හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්" තමයි ඔහු තුල දේශප්‍රේමියෙක් කියන ලක්ෂණය නොතිබුනානම් උබට ත් මටත් කිසිම අධිවේගී මාර්ගයක් දකින්න ලැබෙන්නේ නෑ, හැබැයි මිට වෙන්කළ මුදල් ඔහු යටිමඩි ගහගන්න තිබුන.

      උබට අන්තර්ජාතික උදාහරණයකින් ඉවර කරන්නම් https://www.youtube.com/watch?v=ApcqXijVzYU
      බිල් ක්ලින්ටන් සහ ඔහුගේ වියාපාර Haiti වලට ලබාදුන් ආදාර වලින් 98% කොල්ල කාපු ආකාරය හොදම් උදාහරණයක්

      Delete
    5. පොහොට්ටුවට බලය ලැබෙනවා... ඊට පස්සේ සිරා මරා එක්ක එකතු වෙලා.. රනිල්ගේ පුචේම අරිනවා... වෙන්නේ ඒක මිසක්කා වෙන මක්කත් නෙමෙයි...

      Delete
    6. ඕක මෙහෙම වෙන්න බැරිද ? මහින්දට බැරිද රනිල් එක්ක එකතුවෙන්න.
      මාතා හිතනවද සිරා මොඩයෙක් කියල? රනිල්ට ඇරියට පස්සේ මහින්ද සීරාව ආරක්ෂා කරයි කියල සිරාට ඇති රක්ෂණය මොකද්ද ?

      Delete
  7. පුක සෝදා වෙලා දෙන්නම් ,
    හොරි කඩලා , කබා ගලවා දෙන්නම්

    පුක්‍ය සොධකම්
    හොරි කසම්

    ReplyDelete
    Replies
    1. මම පුක සෝදගන්න ඕන් වෙලාවක උඹට කියන්නම්

      Delete
  8. ඡන්දෙ නිවාඩුවට දානව ආයෙනෑ සුපිරි රස්තියාදුවක්.

    ReplyDelete
  9. මාතලන් තුමෝ. උබ හරි. මම හිතන්නෙ ජෙප්පොන්ට මේ සැරේ චාන්ස් එකක් දෙන එක හොඳයි. හැබැයි ඉතිං අනිත් ඇවුන් දේශපාලන වේදිකා වල දෙන ගොං පාට් ගොං ආතල් බලනකොට විල් ටින් දුන්න මේ ටෝක් එක එච්චර ගනන්ගන්න දෙයක් නෙමෙයි. අනික මේ වෙලාවෙ අලිය උනත් පොහොට්ටුව උනත් නිදහස් සංදානේ උනත් මේ බලේ ගන්න හදන්නෙ අපේ ගමේ බෝක්කුව හදන්න නෙමෙයි තමන්ගෙ ගොඩ වැඩි කරගෙන, තමන්ගෙ දුෂිත හැත්ත ඕක ඇතුලට රිංගවන්න කියල ඕනම පුත්තලන් බූරුවෙකුට තේරෙනව.

    හෑ බං මාතේ? අපේ ග්‍රාමසේවක මහත්තය මේ කොවුලා වගේ බෙරිහන්දෙන එක ගැන පව් කියලත් හිතෙනව. චන්දෙට කලින් ග්‍රාමය පපුව පැලිල මැරෙයිද බං? ඔය වයසට ඔහොම කෑ ගහන්න හොඳ නෑ ආයුබෝවන්. :D

    ReplyDelete
    Replies
    1. එකෙක් ලියලා තිබුනා බුකියේ... උන්නැහේගේ අවසාන මීටිම බොහෝ වෙලාවට, එක්කෝ අංගොඩ තියෙයි කියලා...

      Delete
    2. මිනිහ දැන් එලියෙ තියන මීටින් වල කතා කරන්නෙත් අංගොඩ ඉන්න උන්ට කතා කරනව කියල හිතා ගෙන තමා.

      ගිය සතියෙ මාජ්ජ කාරයො ටිකට කතා කලේ මන්ද බුද්දික දරුවො ටිකකට කතා කරනව කියල හිතා ගෙන.

      Delete
  10. මාතලන් සහෝදරයාගේ දැනුම වැඩිකරනු පිණිස
    https://www.youtube.com/watch?v=YCZ6OQYlaFw

    ReplyDelete
    Replies
    1. හෙහ්... හෙහ්... ඔය නාට්ටියේ වෙන්නේ මක්කද කියලා මම කලින්ම කිව්ව..

      Delete
    2. පව් බං. කූඹියා ජෙප්පොන්ගෙ අමුඩ කෙටිය වත් ඉතුරු කලේ නැහැ. ඔක්කොම ටික ගලවල දැම්මා

      Delete
  11. කැස්බෑව ජවිපෙ ට යයි කියල ගොඩක් දෙනා කතා වෙනව .

    හිතන්න දෙයක් එක් කරපු වැදගත් ලිපියක් මාතලන් .

    ReplyDelete
  12. මං ගියොත් ඒ වෙලාවට අකමැතිම එවුන් මොක්කුන්ද කියලා හිතලා උන්ට වැඩියෙන්ම අප්සෙට් යන විදිහට චන්දෙ දානවා

    ReplyDelete
  13. මමත් ජෙප්පොන්ට දෙන්න හිතාගෙන ඉන්නේ. අනික් ඔක්කොම ගැන බලාපොරොත්තු කඩවෙලා ගොඩක් කල්!

    ReplyDelete
  14. ජෙප්පන්ට ගම දෙන්න කියලා පහුගිය දවසක අපේ ගෙදර (අපිත් කැලණියේ) ආවා පොන්නයෝ සෙට් එක. ආණ්ඩු දෙකේම හොරකන් කියාගෙන යනකොට තාත්ත මළ පැනලා කියාපි. තොපි උන්ගේ හොරකන් අල්ලන්න කලින් 89 මගෙන් හොරකන් කරන ගියා අයිඩි එක ගෙනල්ල දීපල්ලා කියලා. උන් අපේ පාරේ කැන්වසින් ඉවර කරලා යනකොට අපේ ගේ ඉස්සරහ අඩි 2 රතින්යා වැලක් පත්තු කරලා ගියේ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න