.

.

May 20, 2018

මිලේඡ්චත්වය වන්දනා කරනා මළ මූසල රටක් - Cannibaland




මේ ලිපිය ලියන්නට ගොස් කීප වරක්ම පැත්තකට දැම්මේය. එක හේතුවක් නම් ලියූ ළිපි සියල්ලම ඉතා දීර්ඝ මෙන්ම හිත පිරිණු ඒවා නොවීමය. හිතවතුන් කී පරිදි ලියන්නේ නම්, එය මහා පොතක් දක්වා ලියවෙන්නේය. අද කාළයේ බ්ලොග් තුල හෝ කිසිම සමාජ මාධ්‍යක් තුල දීර්ඝ ලිපි වලට තැනක් ඇත්තේම නැතිය. එම නිසා මෑතක බුකිය තුල කතා බහ වූ දෑ ඉතා කෙටියෙන් ලියා දමන්නට උත්සාහ කරමි.


ඉකුත් සතිය පුරාවට දේශප්‍රේමීන්ගේ උන්මාදය ඉහ වහා ගියේය. මියගිය සිවිල් වැසියන්ගේද, සොල්දාදුවන්ගේද (රණවිරුවන්) ත්‍රස්තවාදීන්ගේද මිලේච්ච හා ජුග්ගුබ්සාජනක අප්පිරිය පොටෝ වලින් බුකිය පිරී ගියේය. මෙව්න් ඡායාරූපයක් පළකල හැක්කෙ මිළේච්චයකුටම පමණය. එහිදි, ඌ උගත්ද නූගත්ද දුප්පත්ද පොහොසත්ද යන කිසි සේත් බලපාන්නේ නැතිය. මෙවන් තිරිසනුන් කල්පනා කළ යුත්තේ තමන්ගේ ඥාතියකුගේ පින්තූරයක් මෙසේ තම වෝලය මත පළකරනවාද යන්නම පමණය. 

සාමාන්‍ය ජනතාව එසේ වන අතර, සියල්ලන්ටම ප්‍රේම කිරීමට කියා දුන් මානවාවදියකුගේ ධර්මයේ ඉහළම නියෝජනය වන, කාදිනල් නම් මී හරකකු රාජිතගේ ප්‍රකාෂය හෙලා දකින්නේ නම් තව කවර කතාද. මේ මී ගවයාට අනුව ජුදාස්ද පට්ට වීරයකු වන්නේය. අම්මට සිරි ලංකාවේ ගරුත්වයක් හිමි කරගෙන තිබූ එකම ආගමද සුනු විසුණු කර දමනා කාලකන්නියා මොහු බව සාමකාමි කතෝලික ජනතාව වෙනුවෙන් සඳහන් කර සිටින්නේ ඔවුන් කෙතරම් සාමකාමි ජනතාවක්දෝ කියා අත්දැකීමෙන්ම දන්නා බැවිනි. 

හිතවත් මානසික ඩොකෙක් සමඟ මේ පිලිබඳ කතා බහ කරනා විට, ඌ පැවසුවේ, උඹ දකිනා දේ මට දකින්න බැරි වීම පිළිබඳ මා ලැජ්ජාවට පත් වෙනවා කියලාය. ඌ පිලිගත්තේද, උගත් දෙයින් රැකියාවෙ නිරත වනවා මිස සමාජය පිළිබඳ ගැඹුරින් සිතා බලන්නට ඌට වෙලාවක් නැති බවය. මිනිසා යනු තවත් සත්වයකු පමණය. මිනිසා තිරිසන් සතුන්ගෙන් වෙන් වන්නේ මොළය පමණක් නොව බුද්ධිය වර්ධනය කර ගත හැකි පිරිසක් නිසාවෙන්ම පමණය. එක එකා කියනා දේ හරිද වැරදිද යන්න තීරණය කර ගැනීමකින් තොරව, කියන්නන් වාලේ පිලිගන්නා එකා, මොන උගතෙක් වූවද, බුද්ධිමතෙක් වන්නේ නැතිය. මාතලන් මෙය කියන්නේ බ්ලොග් ලියන්න ආ කාළයේ පටන්මය. (මාතලන් පොඩි කාළයේ සිට ඉන්නේ මේ මතයේය)


මෑතකදි කොළඹ විශ්ව විජ්ජාලයේ ආචාර්යවරියක් මේ බව ප්‍රසිද්ධියේ කීවේය. ඇය කියන්නේ අපේ රට ඉන්නේ මන්ද බුද්ධික මට්ටමේ ගැට්ටේය කියලාය.  ශාක්ෂරතාවය කියන්නේ වෙන දෙයකි. බුද්ධි මට්ටම යනු වෙනත් දෙයකි. ඇය තවත් කරුණක් කියයි. එනම් බුද්ධිමතුන් රට හැර ගොස් ඇති බවයි. මාතලන් එය කිසිසේත්ම පිලිගන්නේ නැතිය. මන්ද ඔය බුද්ධිමතුන් යැයි කියනා අමු ගෝත්‍රිකයින්, රූපවාහිනි චැනල් වලට පැමිණ කියනා කාරනාවලින්. මුන් මහා උද්දච්ච අමු මෝඩයන් බව මනාව ඔප්පු කොට අවසානය නිසාය. 


දොරමඩලාව ඊට හොඳම  උදාහරණයකි. අනෙක් වැඩ සටහන දෙරණේ "අළුත් පාර්ලිමේන්තුවයි" ජාතිවාද්ය කර පින්නාගෙන යන අමු මහින්දවාදියකු වන මී හරකෙකු මෙහෙයව වැඩ සටහනක් බලනා උන්ද අමු මෝඩයෝමය. මා බුද්ධිමත් යැයි කියා සිතාගෙන උන් කිහිප දෙනෙකුද, ඒ වැඩ සටහනට සහභාගී වූ බව ඇසිමෙන් පසු අමු ගෝත්‍රික ගොඩටම දම්මන්නට සිඳු වූයේ ඉතා කනගාටුවෙන්ය. 

මෙය ඇත්තටම මෝඩ ජනතාවගේ වරදක් නොවේ. මේ සඳහා සම්පූර්ණයෙන් වග කිව යුත්තේ බන්ඩාරණායක් ප්‍රමුඛ සිරි ලංකා නිදහස් පක්ෂය හා වමේ අලුකුත්තේරු මෝඩයන්මය. එදා බන්ඩාරණායකවරුන්ගේ සාටක වල හා සාරි පොටවල එල්ලී රට අද වන විට මහා ව්‍යසනයකට ඇද දමා තිබෙනා මෝඩ තකතීරූ යෝජනා සියල්ලම ගෙන ආවේ, ඉහළ පන්තියේ උන්, වාමවාදී මී හරකුන් බව හොඳින්ම පැහැදිලිය. මේ රටේ දෙමළ දේශපාලුවන් පට්ට ජාතිවාදින් වූ අතර, සිංහලයා තුල ජාතිවාදය පැතිරුවේ මේ පිරිසය. ඉතිරිය අෂ්රොෆ් විසින් ඉටු කර හෙලිකොප්පරෙයෙන් ස්වර්ගයට ගියේය. අද එයද මහා ව්‍යසනයක් වී අවසානය. 

කිරිබත්ගොඩ කොටි කොඩි පෑගූ උන් මෙන්ම, ලංකාවේ ජාතික කොඩිය පාගනා දෙමලාටද අප අනුකම්පා කළ යුතුය. මන්ද මුන් මරි මෝඩයෝම වන බැවින්ය. උන් සමහර විට ආර්ථික වශයෙන් මෙන්ම අජ්ජාපනය අතින්ද සාර්ථක උන් විය හැකිය. එහෙත් උන්ට මනුස්සකම උගන්වා නැතිය. එපමණක් නොවේ තරඟයට රණවිරු අනුස්මරන හා විරු සමරු පවත්වන උතුරේ හා දකුණේ දේශපාලුවන් සියල්ලම කරන්නේ රාජිතගේ මතයෙන් බැහැරව ජනප්‍රිය රැල්ලේ ගමන් කිරීමය. මේ අම්බරු දේශපාලුවන්ට නොතේරන දෙය නම් මේ සමරන්නේ තමන්ගේම රටේ ජනතාවකට එරෙහිව කල ඝාතනයන් බවයි. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපයේ උන්ද මේ මගම යෑම ඊටත් එහා ගිය විහිළුවක්ම පමණමය. 

අද වන තේක් මෙවන් ඝාතනයන් සිඳුවීමට හේතූ වූ ඵලයන්ට කිසිම විසඳුමක් ඇත්තේ නැතිය. චේතිය පාලනයක් තුල ඒවා බලාපොරොත්තු වීමද එකම විකාරයක්ම පමණය. දෙමළාට හින්ගල හා හිනගලයාට දෙමළ උගන්වනවාට වඩා, මිනිසත්කම, ආචාරශීලීත්වය, ගුණධර්ම කියාදෙන පාඩම්, විස්ස විජ්ජාල ඩිග්‍රිය දක්වා ඇත්තේ නැතිය. අනේ ඈම් වෙරි සොරි, ප්ලීස් එක්ස්කියුස් මී, තෑන්ක්ස්, යූ ආර් වෙල්කම්, රෙස්පෙක්ට් යූ, වී ආර් හියුමන්ස්, ඉට්ස් නොට් එතිකල් යන දේ හිනගලෙන් හෝ ඉන්ගිරිසියෙන් තබා කුමන භාශාවකින් වත් ඇත්තේ නැතිය. 

වෙන රටවල මැනර්ස් උගන්වන්නේ හෝඩියේ පන්තියේ සිටය. තමන්ගේ දේ තමා විසින්ම කර ගැනීම මෙන්ම. අනෙකාට ගරු කිරීම, උදව් කිරීම, කන්ඩායම් හැගීම, සියල්ලා කියා දෙන්නේ ප්‍රායෝගිකවමය. පාරේ යන හැටි රටේ නීතිය. නීතී ගරුක වීම සංවරත්වය කියා දෙන්නේ කින්ඩගාර්ඩන් එකේ සිටය. 

මෙහේ හදන්නේ මොකෙක්ද? පර දෙමලා හා තම්බියා මරමු කියනා මහා බෞද්ධ හිංගලුන්ය. දෙමළාටද උගන්වන්නේ දුටුගැමුණු වීරයෙක් කියලාය. එවා ඔප්පු කිරීමට හදා ගත් සුරංගනා කතා රස කර කර කියා දුන්නද, දුටු ගැමුණු එළාර මරා දැමූ බව මිස, එළාර වෙනුවෙන් සොහොනක් සාදා එයට ගෞරව කිරීමට නියෝග කළ බව පොඩි උන් දන්නේ නැතිය. උන් දුවන්නේ උගත් රේස් එකේය. මනුස්ස කම නැත. 

මේ ඇර මෙවන් පිරිස් ඉතා හොඳින් අධ්‍යයනය කළ විට පෙනී යන කරුණු ගනනාවක් අතරේ, තව්ත් කරුණු දෙකක් වන්නේ, දෙමාපිය සෙනෙහස නොමැතිවීම හා ලිංගික අසහනයයි. ලිංගික අසහනයද දෙවිදියාකරයකින් බලපානවාය. ප්‍රතම කරුණ ලිංගික කටයුතු සඳහා තදබල ආශවක් ඇතත් එය ඉටුකරගැනීමට නොහැකිව ලතවන ලිංගික ඇරියස්කාරයන්ය. අනෙක් පිරිස ලිංගික කටයුතු වල නිරත වූවද, අනෙකාගේ හැඟීම් වලට ගරු නොකරනා රෙප්සිස්ට්ලා හා ඇබියුසස්ලාය. මේ දෙපිරසම අති දරුණු ඝනයේ සමාජ පිලිලයන්ය. වැඩි පිරිස හින්ගල බෞද්ධයෝය.  මොවින් ලිංගික ක්‍රියාවලියේදී අති දරුණු ලෙස ක්‍රියාකරන බව හොඳින් ඔප්පුවේ. 

දැන්, සම හරක් මාතලන් මේවා දන්නේ කොහෙන්දෝ කියනා මරි මෝඩ ප්‍රශ්ණය අසනවා නොඅනුමානය. එක එකා මොන මොන දේ කීවද, මට නම් අත්නර්ජාලයේය අනි සියලුම ක්ෂේස්ත්‍රයන්ට වඩා මිනිසුන් ගැන සමාජය ගැන රට ගැන ලෝකය ගැන උගෙන්ගැන්මට ඇති විස්ස විජ්ජාලය බුකියම බව කියා මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය. 

39 comments:

  1. අමුතුවෙන් ලියන්නට දෙයක් නැතිවෙන්නම කියා ඇත.

    ReplyDelete
  2. මෙසිරි ලංකාවෙ පිනට පහලවු එකම බුද්දිමතා මාතලං තුමානෝයි
    එතුමාගේ අදහස් මේ පොළව මත පරම සත්‍යයයි
    එතුමෝ බුද්දිමත් යයි සිතන්නෝ පමණක් මෙ සිරිලක බුද්දිමතුන් වේ..!

    සෙසු සියල්ලෝ මිහරක්ය

    20 වැනි ව්‍යවස්ථා සංසෝදනයෙන් මාතලං තුමානෝ මෙලක එකම ශ්‍රේෂ්ඨ බුද්දිමතා බවත්

    එතුමා බුද්දිමතුන් ලෙස හදුනා ගන්නා පමණක් බුද්දිමතුන් ලෙස හැදින්වීමත් සෙසු සියල්ලෝ"ශිරි ලාංකික මී හරක්" ලෙසත් දක්වා විශේෂ හැදුනුම් පතක් නිකුත් කල යුතුය

    ReplyDelete
    Replies
    1. ඇත්ත බෙහෙත් වලටත් වඩා තිත්ත බව හැඟුන විට වමනයට එනවාය..

      Delete
    2. මෙී ද තවතතවලෙඩෙකි...තමා පමනක් හරි යැයි සිතීම ද ලෙඩකි...

      Delete
  3. මාත,

    යහපාලන ආණ්ඩුව තරම් ජනතාව වෙනුවෙන් වැඩ සම්භාරයක් කල ආණ්ඩුවක් තවත් නැති බව නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන පවසයි.

    එය එසේ නොවන්නේ යයි කිසිවෙකු පවසන්නේ නම් තමන් එම අභියෝගයට මුහුණ දීමට සූදානම් යයිද ඔහු කියා සිටී.

    පසුගිය පලාත් පාලන මැතිවරණය වුවද තාවකාලික පරාජයක් යයි ඔහු සදහන් කරයි. (Ref:https://youtu.be/2qarXKDcVYs)

    කරුණාරත්න පරණවිතාන යමක් ඉගෙන ගත් මෝඩයෙකි. අද ඔහුටත් ඔහුගේ නායක චම්පිකටත්, වස විස නැති රතනටත් යන එන මං නැත​. ඉතිරිව ඇත්තේ පම්පෝරි කෙලීම පමණි. ජනයා අතරට යන්නට ඔවුන් එකෙකුටවත් දැක්මක් නැත​. රාජපක්‍ෂ මුව හමට තඩි බාමින් තමන් ශිල්ප කල ආයතනවලට නිගරු කරමින් මහජන මුදලෙන් යැපෙන සුදු අලින් ලෙස රටට බරක් වී කාලය කා දැමීම හැර වෙන කරනා කෙං ගෙඩියක් නැත​. යහපාලන ආණ්ඩුව වැඩ සම්භාරයක් කල බව කියනා මොවුන්ට කල වැඩ එකින් එක ගෙන විග්‍රහ කල හොත් පාරේ බැස යන්නට සිදුවන්නේ නැත​.

    ගොවි ජනයා අනාථ වෙද්දී කෝටි ගනන් වැය කර සැප වාහනවල සැරි සැරීම ආදී මෙකී නොකී සියල්ල විමර්ශණයක යෙදුන විට පරණවිතාන මෙතරම් උදම් අනන්නේ එක්කෝ මන්ද මානසිකයකු නිසා විය යුතුය​. නැතහොත් ඔහු යමක් කමක් ඉගෙන ගත් මෝඩ තකතීරුවකු නිසා විය යුතුය​. හැම උගතාම බුද්ධිමතකු නොවන බවට පරණවිතාන හොඳම උදාහරණයකි. වරක් ඔහු වඳුරන් මරා මස් විකුණන්නට යෝජනා කලේත් ඉහත කී උගත් කමෙත් බුද්ධිමත් කමෙත් වෙනස මනාව ප්‍රදර්ශණය කල නිසාවෙනි.

    ReplyDelete
  4. මාතලන් රාජිත යනු මෝඩයෙක්ද…?
    මාධ්‍යවේදීන් අසන හැම පැනයකටම කුමක් හෝ පිළිතුරක් හැමවිටම ඔහු සතුව තිබුණි. මොනයම් හෝ ගොන් තර්කයක් ගෙන ඊට පිළිතුරු දීමට \ මගහැරිමට ඔහු දක්ෂය. පිළිතුරක් කියාගත නොහැකිවූයේ මෑතකදී අනුරුද්ධ පොල්ගම්පලගේ සිද්දියේදී පමණි. එහෙව් එකෙක් ඔහොම ප්‍රකාශයක් ආවට ගියාට කරයිද…?

    එය හිතාමතාම කල ප්‍රකාශයකි…!

    මෙහි ඇති යටි අරමුණ අවබෝධ කරගන්න.
    සමාජ ජාලා සහ සියලු දෙනා අතර ඔහුගේ ප්‍රකාශය මාතෘකාවක් වෙද්දී ජනතාවට නොදැනීම මොන මොන දේවල් විවිධ සංවිධාන මගින් ඉටු කරගන්න උත්සහ කරගන්නවාද, මොන මොන දේවල් ජනතාවට අමතක කරවනවාද යන්න මොහොතක් සිතා බලන්න…!

    රාජිත මෙය සිතා මතාම කල ප්‍රකාශයකි…!!!!

    ReplyDelete
    Replies
    1. 2020 පොදු අපේකෂක වීමේ අසීමිත ආශාවක් රාජිතට ඇත. සිංහල චන්ද ටික ගන්න වේදිකාවේ කුණුහරුප ටිකක් කීවාම ඇති කියා ඔහු සිතයි. මුස්ලිම් චන්ද සඳහා වෙනම යටි කූට්ටු වැඩ ඔහු සතුව ඇත. මේ දමිල චන්ද එකතු කරන්නට පටන් ගත් ආකාරයයි. මිට පෙරද මෙවැනි ප්‍රකාශ කර ඇත. ඔබ හරිය.
      ඔහු මෝඩයෙක් නොවේ.

      තංහාවෙන්, උද්දච්ච කමින්, අවස්ථාවාදයෙන් දෑස වසා ගත් ජුග්ගුබ්සාජනක අන්ධ මී ගව අම්බරු දේශපාලු තිරිසන් අතිදරුණු ඝනයේ සමාජ පිලිලයෙකි.

      Delete
  5. මාතලන්,

    රාජිතට අනුව ජ වි පෙ හා කොටි අතර වෙනසක් නැහැ. ජ.වි.පෙ. මර්දනය අප ජයග්‍රහණයක් ලෙස සලකන්නේ නැත්නම් කොටි පරාජය කිරීම ජයග්‍රහණයක් ලෙස සලකන්නේ ඇයි ද කියා ඔහු අසනවා. එමෙන් ම යාපනයේ කොටි සැමරුම වරදක් නැහැ කියලත් ඔහු කියනවා. ඊනියා ඉල් මහ විරුවන් සැමරීම හොඳ නම් කොටි සැමරීම වරදක් නැතැයි ඔහු සිතනවා වෙන්න පුළුවන්. පොඩි අඩුවක් තියෙන්නෙ ප්‍රා වැනි සංවිධානයක් කොටින්ට විරුද්ධව ඇති නොකිරීමයි. සමහරවිට ව්‍යාජ සමාජවාදීන්ට එයට අවශ්‍යතාවක් නොතිබෙන්න ඇති. රාජිත ශ්‍රී ල නි පක්‍ෂයේ ජනවේගය කණ්ඩායමේ සිටියා. එය ඊනියා වාමාංශික කණ්ඩායමක් වුණා. සුනේත්‍රා බණ්ඩාරනායක ද ඇගේ හිටපු සැමියා වූ කුමාර් රූපසිංහ ද එහි නායකයන් වුණා. හැත්තෑවේ මෑතිණියගේ ආණ්ඩුව පිහිටුවීමෙන් පසු එවකට එංගලන්තයේ සිටි සුනේත්‍රාත් චන්ද්‍රිකාත් වාමාංශික රැඩිකල් තරුණ තරුණියන් නියෝජනය කළා.

    රාජිත දැන් එ ජා පෙරමුණේ. එ ජා පෙරමුණ හා බොහෝ සමාජවාදීන් දෙමළ ජාතිවාදය දෙස බලන්නේ එකම ආකාරයට. එපමණක් නොව ඊනියා ස්මාට් ජාතිකවාදීන් ද බලන්නේ එලෙසමයි. ඔවුන් අතර සුළු වෙනස්කම් නැතිවා නො වේ. එහෙත් ඒ සියල්ලන්ට ම අනුව දෙමළ ජාතිවාදය ඇති වී තිබෙන්නේ සිංහලයන්ගේ, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ගේ වරදින්. සිංහල වර්ගෝත්තමවාදය, ස්වොත්තාමවාදය, බහුතරයේ ආධිපත්‍යය ආදී වශයෙන් ඔවුන් ඒ හඳුන්වනවා. ඒ හැඳින්වීම් අතර වෙනස්කම් තිබෙනවා. එහෙත් පොදුවේ වරද සිංහලයන්ගේ.

    LTTE කොටි ආයුධ අතට ගැනීමට පුරුදු වූයේ (JVP) ජ.වි. පෙරමුණෙන් බව පැහැදිලියි. එහෙත් ජ.වි.පෙ. හා කොටි අතර වෙනසක් තියෙනවා. ජ.වි.පෙ. ඔවුන් දැනගත් මාක්ස්වාදය අනුව ධනපති ක්‍රමය පෙරළා දමා ඊනියා සමාජවාදය ඇති කිරීමට යැයි කියමින් ආයුධ අතට ගත්තා. එය නොවන දෙයක්. (ඒ කියන්නෙ ඔය කියන ඊනියා සමාජවාදය ඇති කරන්න බැරි දෙයක්.) වෙන්නැති දෙයක් වෙනුවෙනුත් ආයුධ අතට ගන්න ඕනෑම අයකුට පුළුවන්. එයට විරුද්ධව ක්‍රියා කිරීම ආණ්ඩුවේ වැඩක්. ආණ්ඩුවක පළමු කාර්යය වනුයේ රාජ්‍යය ආරක්‍ෂා කිරීම. ජ.වි.පෙ. ආයුධ අතට ගත්තෙ සමාජ ක්‍රමය වෙනස කරන්න. ඒ කාල් මාක්ස්ගෙ හිතළුවකට අනුව. ඒ හිතළුව කිසිම තැනක හරි ගිහිල්ල නැහැ. ඒක වෙන ම කතාවක්. ජ.වි.පෙ රට බෙදන්න කතා කළෙ නැහැ. බැරි වෙලාවත් ජ.වි.පෙ. ජයගත්ත නම් වෙන්නෙ වැඩිම වුණොත් ධනවාදය නැති කරන එක (එය නොවන බව වෙන ම කරුණක්).

    LTTE කොටි ආයුධ ගත්තෙ රට බෙදන්න. කොටි පිටුපස එංගලන්තය ප්‍රමූඛ බටහිර රටවල් හා ඉන්දියාව හිටියා. ඉන්දියාව අවසාන භාගයෙ කොටි අත්හැරපු බවක් පේන්න තියෙනවා. ඒ කොහොම වුණත් කොටි එංගලන්තය ප්‍රමූඛ බටහිර රටවල් විසින් මෙයෙවනු ලැබූ ව්‍යාපාරයක්. කොටි පරාජය කිරීම බටහිර රටවල් ද පරාජය කිරීමක්. මෙහි රටවල් අතර යුද්ධයක්වත් සිවිල් යුද්ධක්වත් නොතිබුණු එක ඇත්ත. නමුත් දෙමළ බෙදුම්වාදය පිටුපස පමණක් නොව සමස්ත දෙමළ ජාතිවාදය ම පිටුපස ඉන්නෙ එංගලන්තය ප්‍රමූඛ බටහිර රටවල්. කොටි පරාජය සැමරීම අප වැනි අනෙක් රටවලට ද යම් උද්‍යොගයක් සපයනවා. බටහිර රටවල් ඒ බව දන්නවා. ඒ නිසාත් බටහිර රටවල් කොටි පැරදවීමට ඉඩ දෙන්නෙ නැහැ. අප කොටි පරාජය සමරන්නෙ නැත්තෙ ඒ නිසයි.

    රාජපක්‍ෂ ආණ්ඩුව පෙරළා දැමීමට බටහිර ක්‍රියාත්මක වුණෙම කුඩා රටක් බටහිර අනුග්‍රහය හා ආධාරය ලැබූ සංවිධානයක් පරාජය කිරීම තම ආධිපත්‍යයට තර්ජනයක් නිසා. බටහිරයන්ගෙ පැත්තෙන් කොටි පරාජය කීරීම අනෙක් රටවලට නරක ආදර්ශයක්. කොටින්ට බටහිර අනුග්‍රහය ලැබුණා. එහි දී ආණ්ඩුවට ආධාර ලැබුණෙ නැහැ.

    ජ.වි.පෙරමුණට බටහිර රටවල් ආධාර කෙළේ නැහැ. එහි දී බටහිර රටවල් ආධාර කෙළේ ජ.වි.පෙ. පැරදවීම සඳහා ආණ්ඩුවට. රාජිතගෙ ව්‍යාජ සමාජවාදයටවත් කුමාර් රූපසිංහටවත් සුනේත්‍රාටවත් චන්ද්‍රිකාටවත් එය තේරෙන්නෙ නැහැ.

    බණ්ඩාරනායක මැතිණිය තෙල් ජනසතු කිරීම බටහිර රටවලට එතරම් බලපාන දෙයක් නොවෙයි. අපේ එකල තෙල් පරිභෝජනය ටිකයි. එහෙත් බටහිර රටවලට ප්‍රශ්නය වුණෙ අනෙක් රටවල් බණ්ඩාරනායක මැතිණිය ආදර්ශයට ගනී ද යන්නයි. ඔවුන් මැතිණියගෙ ආණ්ඩුව පෙරළිමට කළ හැකි සියල්ල කළා.

    මහින්දගෙ ආණ්ඩුවත් අනෙක් රටවලට නරක ආදර්ශයක් සැපයුවා. බටහිරයන් ඒ ආණ්ඩුවත් පෙරළන්න කළ හැකි සියල්ල කළා.

    ReplyDelete
  6. බලන් ගියාම එංගලන්තයේ ඉන්න උන්නුත් තාම වහල්බවින් මිදිලා නෑ, නැත්නම් රාජකීය මගුල බලන්න ඔහොම පාරවල් ගානේ වේලි වේලි ඉදිද?

    ReplyDelete
  7. උපන්ගෙයි බැරි බැරියාවෙන් පෙලෙන මේ ගොබ්බ ආණ්ඩුව දුවන්නේ මෙවැනි මීඩියා ජිල්මාට් වලින්ය. ඒ කාලේ සිරිසේන උන්නැහේ බැසියරේ අල්ලගෙන දාපු මීඩියා ජිල්මාට් එකට හැමෝම හිතුවේ, උන්නැහේගේ ගේ ගොඩේකම කියාය. හැබැයි ඒක ගොඩයෑම ක්‍රමය බව පේන්නේ දැන්ය.

    ෆේක් නිවුස් ගැන රංජිත් කීර්ති බබා දැකලා තියෙන්නේ දැන්ය. හරි පවු ය. ඒකාලේ බබා රූපවාහිනි චැනල්වල අම්මා මෝ නැතුව වැපුරුවේ අහවල් එක වෙන්න ඇතිය.

    ReplyDelete
  8. රාජිත සේනාරත්න මීලග 2020 ජනාදිපතිවරණයේදී තමන් පොදු අපේක්‍ෂකයා වීමට සූදානම් බව පවසයි.

    පොදු අපේක්‍ෂකයා ලෙස තරග වදින්නැයි තමන්ගෙන් ඉල්ලීමක් කලහොත් ඊට සූදානම් බවත් පසුගිය පළාත් පාලන මැතිවණයේ ප‍්‍රතිඵල අනුව රාජපක්‍ෂ කණ්ඩායම පරාජය වී ඇති බවත් බහුතර බලය තම කණ්ඩායමට ඇති බවත් ඔහු කියා සිටී.

    යම් ලෙසකින් මීලග ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා ලෙස ගෝටාභය රාජපක්‍ෂ එන්නේ නම් ඉතා සතුටු වන බවත් ඔහු මුස්ලිම් දෙමල ඡන්ද නොලැබෙන නිසා තම කණ්ඩියමේ ජයග‍්‍රහණය පහසු වන බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

    සති අන්ත පුවත්පතක් හා අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

    ReplyDelete
  9. මාතමචෝ බස්තියන් මාවතේ පොන්නය්ක් හිටියා උට කස්ටමර් ලා නැතිවුනාම මේ රාජිත සේනාරත්න වගේ 2 පන්තියේ අන්දරේ ගේ මෝඩ කතා කියමින් කට්ටිය වට කරන් ලෝන්ත පොල් ආතල් ගන්නවා හවස 6-7 විතර. රාජිත සේනාරත්නත් ඒ වගේම පොන්න කතා කියනවා දැන් පොන්න ආතල් ගන්න තු නොදකින්

    ReplyDelete
  10. //සාමාන්‍ය ජනතාව එසේ වන අතර, සියල්ලන්ටම ප්‍රේම කිරීමට කියා දුන් මානවාවදියකුගේ ධර්මයේ ඉහළම නියෝජනය වන, කාදිනල් නම් මී හරකකු රාජිතගේ ප්‍රකාෂය හෙලා දකින්නේ නම් තව කවර කතාද? //

    ඕව මොනවද මේවනෙ මාතලන් කතා...

    ------------------------------------------------------------------

    ජනපති සිරිසේන මයා. වෙත ආදරයෙන් - To Mr. President with Love

    සෙත් වේවා...!!!

    ගරු ජනාධිපති තුමා වෙත,

    එහෙත් දින් 50 ක් යෑමටත් ප්‍රථම, පොදු හතුරා වී ඇත්තේ මිස්ට ක්ලීන් ලෙස නමක් දිනා සිටිනා, රනිල් වික්‍රමසිංහයන්ය. ඔහුට විරුද්ධව සෑම අතින්ම විරෝධතා මතු වෙද්දි, ඔබ නිහඬව සිටීමෙන් කරනුයේ එම මතවලට ශක්තියක් ලබා දීමය. එය අසාධාරන ක්‍රියාවක් හා සිඳු නොවිය යුත්තක් බව අපගේ මතයයි.

    මීට,
    කවදත්, රාජ්‍ය නායකයාට හිතැති...
    මාතලන්.

    February 28, 2015

    ReplyDelete
  11. මාතලන් රනිල් වික්‍රමසිංහට නම් කොටින්ට පක්ෂපාතිත්වයක් ඇති වන එක සාධාරණයි. රනිල්ට එජාපයේ යාවත්කාලීන නායකයා වෙන්න ඉඩ හදලා දුන්නේ කොටි සංවිධානයයි. ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වැනි රනිල්ට වඩා නායකත්වයට සුදුසු අය මරා දැමුවේ කොටි සංවිධානය. දිගටම නායකත්වයේ සිටින්න සූදානම් වූ රණසිංහ ප්‍රේමදාස ඝාතනය කළේ කොටි සංවිධානය. ඒ නිසා රනිල්ට කොටින්ට ගෙවන්න ණයක් ඇති.

    නමුත් සිරිසේන ජනාධිපතිවරයා දැන ගන්න ඕනේ මගේ පණ බේරා දුන්නේ සොල්දාදුවන් (රණවිරුවන්) විසින් කියලා. තමන්ව මරන්න ආපු කොටියාට ජනාධිපති සමාව දුන්නට හරි යන්නේ නැහැ. බොරු චෝදනාවලට හිරේ ඉන්න සොල්දාදුවන්ගේ (රණවිරුවන්ට) සමාව දුන්නේ නැතිනම් ඔය ජනාධිපතිකමින් වැඩක් නෑ.

    මීට වසර නවයකට පෙර එනම් 2009 මැයි 19 වැනිදා මේ රටේ ජනතාව පක්ෂපාට, කුලමල භේදයකින් තොරව ජාතික කොඩිය අතට අරගෙන පාරට ඇවිත් කැවුම්, කිරිබත් කාලා මහා සතුටක් භූක්ති වින්ඳා. ඒ මහා සතුට අපට උරුම කරලා දුන්නේ මේ රටේ සොල්දාදුවන්.

    මාතලන්ට මතක ඇති එදා සමහරු 2009 වසරේ අය – වැය පරද්දලා අපේ හමුදාව කිලිනොච්චියෙන් එහාට යන එක නතර කරන්න හැදුවා. එදා ක්‍රමක්‍රමයෙන් අපේ විරෝදාර හමුදාවන් ඉදිරියට යන විට ‘තොප්පිගල කියන්නේ කැලෑවක්' 'හමුදාව කිලිනොච්චිය කියලා මැදවච්චියට යනවා', "ඕනෙ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්" ආදී වශයෙන් අවමන් කළා.

    එවැනි පිරිස් වචනයකින්වත් උදව් නොකර ඒ විරෝදාර මොහෙයුම්වලට අකුල් හෙළද්දී තමයි, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්‍ෂක බලකාය ජයග්‍රහණ අත්කර ගැනීමට අධිෂ්ඨානයෙන් යුතුව පෙරට ගියේ. එවැනි ජාතියේ හතුරන් අතලොස්සක් හැර එදා මුළු රටම ස්වේච්ඡා බුද්ධි අංශයක් බවට පත් වුණා. බස් රථයේ මගියා, ත්‍රිරෝද රථ රියදුරු කොටි ත්‍රස්තයන් ගැන එදා විමසිල්ලෙන් හිටියා. සොල්දාදුවවා මුල්කොට ගත් පූජා මූලික මෙහෙයුමක් මගින් තමයි එදා ඒ කොටි ත්‍රස්තවාදය පැරදවීමේ මහා විජයග්‍රහණයට පාර කපා ගත්තේ.

    මීට කලිනුත් සටන් තිබුණානේ. ඒකාලේ පරාජය සිදු වූයේ. නමුත් මෙහි 2006 - 2009 දී සංඝරත්නයේ ආශිර්වාදය, රාජ්‍ය නායකත්වයේ සෑම අතින්ම අනුග්‍රහය හා මුළුමහත් ජාතියේම දායකත්වය යන සියල්ල නිසයි මේ මහා විජයග්‍රහණය සිදු වූයේ. එදා ලක්‍ෂ ගණනින් හමුදාවට එක්වූයේ මුළුමහත් ජාතියම මේ කොටි පැරදවීමේ සටනට ඒකාත්මික වූ නිසයි.

    අද මිනීමරු ත්‍රස්තවාදියකු වූ පිරබාහරන් මහත්තයෙක් වෙලා. උතුරු පළාත් සභාව පළාත් කොඩිය නිල වශයෙන් අඩකුඹු කරලා, ජන සංහාරක සතියක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. රජයේ මුදලින් දැන් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ කොටි ත්‍රස්තවාදීන් සමරන්න ස්මාරකයක් ඉදි වෙනවා. යාපනයේ විශ්ව විද්‍යාලයේ සිසුන් ගිනිසිළුවක් සහිත වාහනයක් ඉදිරියේ තබාගෙන අද වෙල්ලමුල්ලිවයික්කාල් දෙසට යනවා.

    මේ පිළිබඳව මාධ්‍යවේදීන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකගෙන් ප්‍රශ්න කළාම එයා කියනවා, ‘ඒකට කමක් නැහැ ඒ සමරන්නේ අපේ දරුවොනේ’ කියලා. හාමුදුරුවන් කපා කොටා මරා දැමුවේ, සජිත්ගේ සහ නවීන්ගේ තාත්තලා මරා දැමුවේ, දුම්රිය බෝම්බ, බස් බෝම්බ මරාගෙන මැරෙන බෝම්බ මගින් සිවිල් ජනතාව මරා දැමුවේ, තර්ජිත ගම්මානවල අහිංසක ජනතාව කපා කොටා මරා දැමුවේ, මේ රට ලේ විලක් කළේ ඔය කැබිනට් ප්‍රකාශකයා කියන එයාගේ දරුවෝ විසින්. ඒ තමයි එයාගේ දරුවන්ගේ හපන්කම්. ඒ දරුවන්ගෙයි රාජිත සේනාරත්නගෙයි ජානමය ලක්‍ෂණ සමාන ඇති. එයාලා රාජිතගේ අතිජාත පුත්‍රරත්නයන් තමයි. ඒ විදියට ‘රාජිතගේ පුත්තු’ සැමරෙනකොට අපට මීට වසර 09කට පෙර ‘රාජිතගේ පුත්තු’ පරදවලා ලබා ගත්තු ජය සමරන්න තහනම් වෙලා තිබෙනවා, ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලියෙන් අපට කියනවා ‘විජයග්‍රහණයේ සැමරුම නතර කරන්න’ කියා. නමුත් අද උතුරු පළාත් සභාවට ‘ජන සංහාරක සතිය සහ දිනය’ බාධාවකින් තොරව සමරන්න ඉඩකඩ නිර්මාණය කර දී තිබෙනවා.

    සොල්දාදුවන් ජීවිත පුදලා මේ පොළොව බේරගත්තාම තමයි උතුරේ ගොවියාට කුඹුරට යන්න, අනෙකුත් වගාවන් කරන්න ඉඩ ලැබුණේ. ඒ වගේම දරුවන්ට ඉහළ කුසලතා සහිතව විභාග සමත්වීමට ලැබුණේ. මේ නිසා අද උතුරේ මධ්‍යස්ථ සාමාන්‍ය දෙමළ ජනයාට අවශ්‍ය නැහැ දෙමළ බෙදුම්වාදයට ගිනි පිඹින්න. නමුත් මේ රූකඩ ආණ්ඩුව බෙදුම්වාදී කල්ලි පිනවලා ඒ මධ්‍යස්ථ දෙමළ ජනතාවත් අරගෙන යන්නේ අන්තවාදයේ ගොහොරුවට.

    එහෙම අන්තවාදයේ ගොහොරුවට ඔවුන් ඇදගෙන යන්න දීලා අපට ‘සහජීවන බණ’ කියනවා. සොල්දාදුවන් (රණවිරුවන්) තමයි මේ සහජීවනය නිර්මාණය කළේ. සහජීවනයට තිබූ තීරණාත්මක ත්‍රස්ත බාධකය තමයි ඔවුන් විසින් ඉවත් කරනු ලැබුවේ.

    ReplyDelete
    Replies
    1. මාතලන් ඒ ත්‍රස්ත බාධකය ඉවත් කළාම ආපසු යාල්දේවි දුම්රිය උතුරට යන්න පටන් ගත්තා. දෙමළ – සිංහල මිනිස්සු ආයෙත් එකතු වෙන්න, ආදරය කරන්න පටන් ගත්තා. පුනරුත්ථාපනය වූ කොටි ත්‍රස්තවාදීන් නළුවන්, ගායකයන් බවට පත්වුණා. ඔවුන් සිංහල සමාජය විසින් ආදරයෙන් වැලඳගත්තා. ඒක තමයි සැබෑ සහජීවනය නිර්මාණය වන විදිහ.

      බොත්තමක් ඔබපුවාම සහජීවනය පැටව් ගහන්නේ නැහැ මාතලන්. දැන් සිදු වෙමින් පවතින්නේ මානුෂීය මෙහෙයුමින් පසුව ගොඩනැගෙමින් තිබූ සහජීවනය මරා දැමීම.

      උතුරු පළාත් සභාව ජන සංහාරක සතියක් නම් කරලා, පිරබාහරන්, තමිල් චෙල්වම් හා පොට්ටු අම්මාන්ගේ නමින් පාරවල් හදලා, මේ තුන්දෙනා ගැන ලියැවුණු වීර කාව්‍යයන් දෙමළ තරුණයන්ට කියවන්න දීලා යළිත් ඔවුන් ඒ පාපී අරමුණ කරා අරගෙන යනවා. යුද්දෙන් බෙදන්න බැරි වුණු මේ මව් පොළොව වෙනත් ආකාරයකින් බෙදන්නයි මේ අය සූදානම් වෙන්නේ. මේ රට කිසිදාක යුද්ධයෙන් බෙදන්න බැහැ. ඉතිහාසය පුරා අවසන් මෙහොතේදී හෝ රට බේරා ගැනීමට අප විරුවන්ට හැකි වුණා. එදා එළාරගේ විජිතපුර ඇතුළු මහා බලකොටු බිඳිමින් දුටුගැමුණු රජතුමා අවසන් ජයග්‍රහණය තෙක් සටන් වැඳුණේ මේ ‘ධර්මය රකින රට’ රැක ගන්න. මේ රටේ වැදගත්කම ඒකයි.

      මේ රට උතුම් ධර්මයක් තිබූ රටක්. ඒ ධර්මය අපට නිතැතින්ම සහජීවනය උගන්වනු ලැබුවා. ඒ ධර්මය විශ්වයේ ජීවී අජීවී සියලු දේට ආදරය කරන්න, ගරු කරන්න උගන්වපු ධර්මයක්. මේ අපි කතා කරන මොහොතෙත් විරුවන් පිරිසක් හිරගෙවල්වල දුක් විඳිනවා. බුද්ධි අංශ ඇතුළු ඒ හිරේ දමපු පිරිස්ට අද අවමන් කරනවා, ‘කප්පම් කාරයෝ, මංකොල්ල කාරයෝ’ කියලා. එදා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා සහභාගි වූ උත්සවයකට පැමිණෙමින් සිටි මරාගෙන මැරෙන ත්‍රස්තවාදියකුට දැල එළලා බුද්ධි අංශ ඔහුව අතරමගට ගෙන ආ නිසයි සිරිසේන මහත්තයාගේ ජීවිතය බේරුණේ. මේ සියල්ලෙන් පෙනී යන්නේ මේ රටේ ගුණමකුභාවය. මේ සියලු විරුවන් මේ මහ පොළවට ණය ඇති මිනිස්සු නොවෙයි. තවත් ලිබියාවක්, ඉරාකයක් බවට පත්වීමට ගිය රටක් තමයි මේ විරුවන් ගලවා ගත්තේ. ඉතිහාසය පුරා මේ රට විදේශ ආක්‍රමණවලින් ගලවා ගත්තු සියලු විරුවන් අපේ හදවත් තුළ සදාකාලිකව ජීවත් විය යුතුයි. ඒ හැඟීම බලවත් ලෙස නිර්මාණය නොවනතාක් කල් මේ පොළොවට නැගිටින්න බැහැ.

      ගෝඨාභය රාජපක්‍ෂ කියන නම කියනකොට අද සමහරුන්ගේ..... (තිත් පේලියක්). හිතට ආපු දේ කියන එක හොඳ නැති හින්දා කියන්නේ නැහැ. ගෝඨාභය රාජපක්‍ෂ කියන්නේ තමන්ට පවරපු වගකීම දිවා රෑ නැතිව වෙහෙස වෙලා ඉටු කරපු රාජ්‍ය නිලධාරියෙක්. මහින්ද බලයට පත්වීමෙන් පසු ගෝඨාභය සරත් ෆොන්සේකාට ඒ ඉඩකඩ විවෘත කර දුන්නා. අද කුමක් වුවත් මෙරට මැත ඉතිහාසයේ හොඳම සුසංයෝගය වුණේ මහින්ද - ගෝඨාභය - සරත් ත්‍රිත්වය.

      මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා 2005 දී බලයට ආවාට පස්සේ ජවිපෙ දේශපාලන මණ්ඩලය තුළ ලොකු විවාදයක් ඇති වුණා,‘මහින්ද යුද්ධය කරයිද? නැද්ද?’ කියලා. එතකොට වැඩිදෙනෙකුගේ මතය වුණේ ‘මෙයා යුද්ධය කරන්නේ නැහැ’ කියලා.

      අපි එදා කිව්වා ‘තමන්ගේ සහෝදරයා ආරක්‍ෂක ලේකම් කරලා, කවුරුවත් හමුදාපති කරන්න අකමැති වුණු ෆොන්සේකා හමුදාපති කළේ යුද්ධය කරන්න නොවෙයි නම් අහවල් කෙංගෙඩියට ද?’ කියලා.

      එදා අපි පැහැදිලිව කීවා, ‘නැහැ මේ තීරණ ගන්නේ යුද්ධය කරන්න’ කියලා.

      මේ රටට නැවත අභිමානය ගෙන එන්න ඕනෙ. එදා ලැබූ විජයග්‍රහණය දෙමළ ජනතාවට එරෙහි එකක් නොවෙයි. එය සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් හෝ මේ රට බෙදන්න හදන අන්තවාදයට එරෙහි විජයග්‍රහණයක්. ඒ නිසා අපි මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට ඒ විජයග්‍රහණයේ දිනය සමරන්න ඉඩකඩ හදලා දිය යුතුයි. එය අපින්ට කළ හැකි දෙයක් නොවෙයි. ඒ ඉඩකඩ හදලා දීමට පුළුවන් මේ රටේ දේශපාලන තන්ත්‍රයටයි.

      නමුත් අද මේ රටේ දේශපාලන බලය හොබවන පිරිස් කටයුතු කරන්නේ ඊට සම්පූර්ණයෙන්ම පටහැනි ලෙසයි. අද දත් දොස්තර රාජිත සේනාරත්න හැසිරෙන හැටි බලන්න. එයා කියන්නේ ‘ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව සිවිල් වැසියන් මැරුවා’ කියලානේ. එදා ‘සුදු කොඩි රැගෙන ආ කොටි නායකයන්ට වෙඩි තැබුවා’ කියා ෆොන්සේකා මහත්තයා කීවාම ඒක ජාත්‍යන්තරව හොඳ සාක්‍ෂියක් වුණා. අද රාජිත සේනාරත්නගේ මේ ‘උතුරේ සාමාන්‍ය ජනයා මරා දැම්මා’ කියන එකත් ඔවුන්ට හොඳ සාක්ෂියක් වේවි. ‘කොටි’ දැන් රාජිතට ‘පුතාලා’ වෙලා. මම දැන් හිතන්නේ මෙයා ‘කාගේ පුතෙක් ද?’ කියලයි.

      මේ රට මේ පාලනතන්ත්‍රය විසින් ඇදගෙන යමින් තිබෙන්නේ එහි ඉතිහාසයට, ජනතාවගේ සිතුම් පැතුම්වලට, පටහැනි ගමනක්. ඒ වගේම මේ රටේ ඓතිහාසික සභ්‍යත්වයට, වීරවරයන්ට රැහැනිව යන ගමනක්. මේ ගමන පරදවා දසවන විජයග්‍රහණයේ සැමරුම අභිමානවත්ව, රාජ්‍ය උත්සවයක් ද සහිතව පැවැත්වීමට හැකි පරිවර්තනයකට අපි සූදානම් විය යුතුයි. ඒ සඳහා පෙළගැසෙමු !

      Delete
    2. එළකිරි කතාව ඇනෝ...
      අපේ රටේ ඉන්නේ මහ කුහක ජාතියක්, විශේෂයෙන් සිංහලු...

      Delete
  12. මාතා,

    මෙහෙමයි මචෝ, වසර 30ක කාලකන්නි ත්‍රස්තවාදයකින් පසු තම නැතිවූ සමීපතමයන් සිහිකිරීම අප කාටවත් නතරකල යුතු දෙයක් නෙමෙයි,
    හැබැයි රාජිත කියන්නේ පිරපාහරන් මහත්තයකු බවත් සිංහල හමුදාව අහිංසක දෙමල ජාතිකයන් මරාදැමූ බවත් නම් ඔහු 2009 සිට 2015 තෙක් මේ ගැන කටක් හොල්ලන්නෙ නැතිව දැන් කෑ ගහන්නේ ඇයි ?

    මෙන්න මෙයයි තේරුම් ගන්න ඕනේ මිනිස්සු හැටියට.

    ඊළගට අපි 1983 අහිංසක දෙමල ජනතාවගේ දේපල විනාශ කිරීම සම්බන්දයෙන් මේ දක්වා කිසිවකු හරිහමන් ලෙස වැරදි කරුවන් කරේ නෑ නේද ?
    (සිරිල් මැතිව් ව ඉවත් කරා තමයි ) නමුත් මිට සම්බන්ද විශාල පිරිසක් අදත් නිදැල්ලේ ඉන්නවා. මෙන්න මේවයි ගැටළු.

    මම සිංහල සහ දෙමල සාමාන්‍ය මිනිසුන්ව දකින්නේ මෝඩයන් රැලක් ලෙසයි මොකද මේ මිනිසුන්ව රවටමින් පාර්ලිමේන්තු යන දේසපාලුවන් හැමවිටම සමගියෙන් පරම්පරා ගණනකට හම්බ කරන අතර මේ මෝඩ රැල කාකොටාගන්නවා.

    මිට අමතරව අහිංසක සිංහල සහ මුස්ලිම් ජනයාට විරුද්දව LTTE කල ත්‍රස්ත ක්‍රියා සදහා වගකිව යුත්තේ ශ්‍රී ලංකාවේ මියගිය ත්‍රස්තවාදීන් විතරක් නෙමෙයි මිට ආධාර කල ශ්‍රී ලංකාවෙන් පිට සංවිදාන වලට විරුද්ධව මෙතෙක් ගත්ත පියවර මොකද්ද ?

    ReplyDelete
    Replies
    1. ලාංකික සිතුවිලි,

      ඔබේ අදහස් සමග එකඟයි. මේකෙ තවත් පැත්තක් තිබෙනවා.

      ඒ රාජිත/ චම්පික/ සජිත්/ ෆොනී වැනි කිහිපදෙනෙක්ම 2020 එජාප ප්‍රමුඛ සංධානයකින් පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වී 2020 ජනපතිවරණය දිනා රටේ නායකයා වී රට කෑමේ දැඩි උමතුවකින් පෙලීමයි. මේ සඳහා දැඩි තරඟයක් පවතින අතර දැන් මේ වනවිට රාජිත ඉදිරියෙන් සිටිනවා.

      අද ලංකාවේ ජනයා ප්‍රධාන වශයෙන් කල්ලි දෙකට බෙදී සිටිනවා, ඒ රාජපක්ෂවාදීන් හා රාජපක්ෂවිරෝධීන් ලෙස කෙටියෙන් සැලකිය හැකියි. රාජපක්ෂ විරෝධී කල්ලියේ නායකත්වයට පොරකන අය අනිවාර්යයෙන් එම කල්ලියේ ප්‍රමුඛ නායකත්වය දරන දමිළ සහ මුස්ලිම් ජාතිවාදී ප්‍රවාහය සතුටු කළ යුතුයි. මෙම කල්ලිය සමග සිටින සිංහල පිරිස් කිසිදු පැහැදිලි දැක්මක් නැති සුදු හම ඇති මිසිසුන් සහ ඔවුන්ගේ සංස්කෘතිය දේවත්වයෙන් සලකා වැඳුම් පිදුම් කරන වහල් රැලක්. ඉතින් ඔවුන්ට ඕන රාජිත වගේ බහුබූත දොඩවන පිස්සෙක්. මඉත්‍රී 2015 ජනපති වුණත් පසුව සංධාන කල්ලියේ සිත දිනාගැනීමට සිංහල බෞද්ධ ගෝත්‍රිකයින් සුරතල් කිරීමට ගොස් දැන් දෙපැත්තම නැතිකරගෙන අනාථ වුණා.

      අනෙක් පැත්තෙන් රාජපක්ෂ කල්ලිය සිංහල බෞද්ධ අන්තවාදීන් ප්‍රමුඛ කල්ලිය සුරතල් කරමින් බහුතර සිංහල ඡන්ද පදනමක් කෙරෙහි විශ්වාසාය තබා තිබෙනවා, සිංහල බෞද්ධ ඡන්ද 70% පමණ ඔවුන්ට ලබාගතහැකිනම් 2020 ඔවුන් පහසුවෙන්ම ගොඩ යනවා, මොකක්ද කාලකණ්ණි මළ පෙරේත තොණ්ඩුමෑන්, දිගම්බරමා, හකීම්, බතියුතීන් වැනි නොම්මර එකේ බ්‍රෝකර්ලා සමග පට්ට විදිහට ඩීල් දැමීම බැසිල් වැනි ගල්කපටි තක්කඩියෙකුට ටොයිස් වැඩක්. කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි.

      දැන් දැන් සිංහල බහුතරය 2006-09 කාලයේ මෙන් නැවතත් ආමිකාරයින් වන්දනාකරමින් රණවිරු ගොන් ආතල් ගැනීමේ සිට උග්‍ර ලෙස ගැහැනු ගෝනිබිල්ලන් සහ ගවුම් අඳින පිරිමින්ගෙන් සැදුම්ලත් ඉස්ලාම් ගෝත්‍රිකයින් පිළිකුල් කරන විරෝධී අදහස් දකවා වර්ධනය වී ඇති අතර ඉතා ඉක්මණින් මේ පිරිස සිංහලයින්ගෙන් 65%ඉක්මවා යනු ඇති. කහ සිවුරු ඇඳි තට්ට බෞද්ධ තලීබාන් ගෝත්‍රික මුල්ලාවරු පන්සල්වල සිට දේශපාලන දැනුම අඩු ගැහැණුන් සහ ළමයින්ගේ බ්‍රේන්වොශ් කරමින් දැන් දැන් විප්ලවයකර අර අදිනවා. මෙහි අවසානය කොතැනද?

      රනිල් වැනි මෙලොවින් මෙලොව වැඩක් බැරි කයිවාරුකාර උඩඟු නිකමෙක්ටවත් මy3පාල වැනි රට්ටු හිනස්සන ස්ටෑන්ඩ් උප් කොමීඩියන්කෙනෙක්ටවත් කලහැකි ලඛ්බක් නැත, දැන් චීන එමෙසෙස් සැලසුම පරදවන රෝ + සීඅයීA එආකාබද්ධ සැලසුම කුමක් වියයුතුද? මේගැන ඔබේ බ්ලොගයේ දීර්ඝ්හ පෝස්ට් එකකින් විස්තරාත්මක විග්‍රහයක් බලාපොරොත්තු වෙමි. (FYI - බැසිල් ගේ රෝ/සීඅයීA ඩීල් සාර්ථක වේගෙන එන බවක්ද දැනගැනීමට තිබේ.)

      Delete
  13. //වෙන රටවල මැනර්ස් උගන්වන්නේ හෝඩියේ පන්තියේ සිටය. තමන්ගේ දේ තමා විසින්ම කර ගැනීම මෙන්ම. අනෙකාට ගරු කිරීම, උදව් කිරීම, කන්ඩායම් හැගීම, සියල්ලා කියා දෙන්නේ ප්‍රායෝගිකවමය. පාරේ යන හැටි රටේ නීතිය. නීතී ගරුක වීම සංවරත්වය කියා දෙන්නේ කින්ඩගාර්ඩන් එකේ සිටය//

    මෙහෙ උගන්නන්නෙ වයසින් වැඩිනම් ඕනෙ එකෙකුට වඳින්න ඕන කියල විතරයි

    ReplyDelete
    Replies
    1. මේ ප්‍ර ජායි (රාජිතලාගේ ප්‍රා කල්ලියේ ෆෑන් කෙනෙක් විය හැකී) වැනි සිංහල ජාතිවාදීන්ගේ වචනවලින් කියන පරිදි "බටහිර අනුකාරක කලු සුද්දන්" නොහොත් ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි/ නිරාගමික ආධිපත්‍යට වහල්වූවන් දන්නා ටිකයි. මැනර්ස් එහෙම නැත්නම් චාරිත්‍ර සහ ආචාර සදාචාර විධි ගැන දීර්ඝ වශ්යෙන් ලිව්වොත් පෝස්ට් එකක් දක්වා දිවනු ඇත.

      ලෝකයේ හැම මනුෂ්‍ය ජාතියකට ම පාහේ (ගෝත්‍රිකයින්ගේ සිට වඩා දියුණු ශිෂ්ටාචාර දක්වා) ඔවුන් පිළිබඳ සිරිත් විරිත් සමූහයක් ඇතිවීම ස්වභාව ධර්මයයි. රටක පිහිටීම, සෘතු භේදය , ආර්ථික පදනම, සාමාජික තත්ත්වය, වැනි ප‍්‍රධාන හේතූන් මුල්කොටගෙන මෙසේ නොයෙකුත් රටවලට අභිමත වන පරිදි පුරුදු කරගත් ගතිපැවතුම් පසු කලක දී එහි වැසියන්ගේ ජීවන වෘත්තියට අදාල චාරිත‍්‍රවාරිත‍්‍ර වු බව පෙනේ. මුල දී එක් ජාතියකට පමණක් සීමා වු සිරිත් විරිත් තවත් රටක සිරිතට විරිතට හාත්පසින් වෙනස් විය. එහෙත් කල්යත් යත් ජාතීන් අතර ඇති වු අදහස් හුවමාරු හා වෙනත් අන්‍යොන්‍ය සම්බන්‍ධකම් වැනි විවිධ හේතූන් නිසා එවැනි සිරිත් පවා රටකින් රටකට පැතිරීගොස් මුල් සිරිත් හා සංකර වී අලුත් පොදු වෙස්ගත් බව පෙනේ. එක් රටක යහපත් සිරිතක් තවත් රටකට සුදුසු වු කල එවැන්න ද කිසි මුසුවක් නොමැතිව අපේ ජාතීහු පිළිගත්හ. නානාප්‍රකාර විව්ධ රටවල එක ම ලක්‍ෂණයන්ගෙන් යුත් සිරිත් විරිත් දක්නට ලැබෙන්නේ එහෙයිනි.

      ලෝක මානව සංහතියේ නැත්නම් ශිෂ්ටාචාරයේ සංස්කෘතික ඡන්මභූමිය ආසියාමහාද්වීපය බව නූතන ලෝකයේ බහුතර විද්වතුන්ගේ පිළිගැනීමයි. පසුකලක දී ඉන්දියන් සාගරයට මූදුබත්ව නැති වී ගිය මුල් බිම් කොටස එදා හැඳින්වුයේ ලැමුරියා නමිනි. ලොව පහළ වු සියලුම ප්‍රධාන ආගම් කර්තෘවරු ද ආසියාව ඡන්ම භූමිය කොට උපන්හ.

      මෙම ආසියා මහාද්වීපයට එදා අත්ව තිබුණේ උසස් සභ්‍යත්වයකි. එහි වු ශිෂ්ට සම්පන්න ගති යුරෝපය ඇතුළු ලෝකයේ කොයි රටත් අනුගමනය කළහ. ආසියාවට පළමුවෙන් ද, ඉනික්බිතිව මුළු ලෝකයට ද මහත් දුයුණු සභ්‍යත්වයක් උදාවුයේ මීට අවුරුදු දෙදහස් පන්සියයකට උඩ කාලයක දී බුදුන්ගේ ලොව පහළවීමත් සමඟ බෞද්ධ ආභාසය, බෞද්ධ ආකල්පය හා බෞද්ධ චාරිත‍්‍රය ආසියාතික ආර්ය වර්ගයාගේ කුලධර්ම හා තව තවත් මුසු වී විනීත වන්නට වන ආර්යවර්ගයාගෙන් සිංහල වංශයට දායාද වී ලැබුණු උසස් හැම සිරිතක් විරිතක් ම පසුකලක දී හෙළරට, අන් රටවල් හා ඇතිකරගත් සබඳකම් නිසා වරින්වර අවිචාර ලෙස සංකර වුව ද සිංහල ආචාර හා සමාචාරවිධි පමණක් එදාමෙන් අදත් නොවෙනස්වම පවතින බව කිව හැකිය.

      සිංහලයන් සතු මෙවැනි ආචාරවිධි ගණනාවකි. මිත‍්‍ර සම්භාෂණයන්හි දී අමුත්තන් පිළිගැනීම්, ප‍්‍රභූන් ප‍්‍රණාමය කිරීම්, ගුරු දෙගුරුන් වැඳීම්, ඉෂ්ට දේවතාවුන් පිදීම් ඉන් සමහරෙකි. කෙළින්ම සිට ශිර්ෂ ප‍්‍රණාමයෙන් ආචාර කිරීම, උඩකට ඉදිරියට පහත් කොට හිස නැමීම, හිස්වැස්මක් වෙතොත් එය ඉවත් කොට හිස පහත් කිරීම, හිස් වැසුම නිල ඇඳුමක කොටසක් වුකල එය නො ගලවා” සැලියුට්” කිරීම, අතට අතදීම, දෙඅත් එක්කොට වැඳීම, දනගසා ආචාර කිරීම, සිඹීම වැනි පිළිවෙත් ක‍්‍රම ඒ ඒ අවස්ථාවන්ට උචිත වන සේ කෙරෙන චාරිත‍්‍ර ධර්මයන් ය. හිතවතුන් දෙදෙනකු මුණ ගැසුණු කල “ආයුබෝවන්” යනුවෙන් පැතීම ආවිස වැඩිවේවා යන අරුත පවසන සුහද ආචාර විධිය. “නමස්තෙ” හා “ජීව-ජීව චිරංජීව“ යනුවෙන් දඹදිව් වැස්සන් අතර කෙරෙන දීඝායුෂ පැතුම ද සිංහල ආචාරක‍්‍රමයම අන් බසකින් පැවසෙන්නෙකි. දෙවිධියෙහිම ප‍්‍රභවය ආර්යවේ. “ගුඩ් මෝර්නින්” “ ගුඩ් ආෆ්ටර්නුන්”, “ගුඩ් ඊවිනින්” “ගුඩ් නයිට්” “ගුඩ්ඩේ” “චියරියෝ” වැනි අපරදිග පැතුම් දිගු කලක් දිනේවා යන ආශිර්වාදය ගෙන නොදේ. අන්‍ධානුකරණයෙන් ආර්යයන් අනුගමනය කරන්නට ගිය ඔවුන්ට ආර්ය පිළිවෙත් ද්වනිත වන සුහද පැතුම්ම ප‍්‍රකාශ කිරීමට නොහැකි වී තිබේ.

      Delete
    2. එමෙන්ම සිඹීමේ ආචාර ක‍්‍රම යුරෝපීයයන් අතර බහුල වශයෙන් කෙරෙන නමුදු එහි ආරම්භය ද ආසියාව බව පෙනේ. ලොව සත්ව සංහතිය ඇති වු මුල පටන් නිරායාසයෙන් ම සිඹීම මිනිසා අතර පමණක් නොව වෙනත් සත්ව කොටස් අතර ද කෙරුණු සුහද හැඟීම් ප‍්‍රකාශ කරන විධියක්ව පැවතුණේය. ලොකු කුඩා තිරිසනුන් ද, පක්‍ෂීන් ද, කුහුඹියන් වැනි කෘමීන් ද එකට මුණ ගැසුණු කලත් බැහැර යන කලත් මුහුණට මුහුණ දී ඉඳ ගමන් කරන බව අපට නොයෙක් විට දක්නට ලැබේ.

      සිඹීම මුවට හෝ මුහුණට සීමාවුවක් නො වේ. එහි මුල මිත‍්‍ර භාවයේ ලක්‍ෂණයක් විය. අත හා හිස සිඹීම ද, මුහුණ , මුව සිඹීම ද වැළඳගෙන නළල සිඹිම ද පුරාණයේ සිට ආ ශිෂ්ට සිරිත් ය. රාගයෙන් මත් වී කෙරෙන සිඹීම සිත ට වහල් වීමකි. ඒ හීන හැඟීමක් පෙරදැරි කොටගෙන කරන හෙයිනි. ආලය කිරීමට හා රාගය අවුස්සා ගැනීමට වඩා සිඹීම සුහද පෙ‍්‍ර්මයේ අංගයක් හැටියට පුරාණ දඹදිව වැසියන් සැලකු බව “කුසියානි” යන සංස්කෘත වචනයෙන් ම අදහස් කෙරේ.වැළඳගෙන සිඹීමේ ආචාරක‍්‍රමයක් මිසරයන් අතර ද, අත - උරය - හිස ආදී ස්ථාන සිඹීම යුදෙන්වන් අතර ද පවතින සිරිත් ය. ස්තී‍්‍රන්ගේ නළල් තලය සිඹීම ඉතා කරුණාවන්ත සිරිතක් ලෙස රුසියන් කාරයෝ සලකති. ස්තී‍්‍රන්ගේ අත සිඹීම ඕස්ටේ‍්‍රලියන් හා ඉතාලියන් අතර බහුලව පවතින යහපත් සිරිතකි. ආර්යයන්ගෙන් උපන් සිඹීමේ සිරිත බෞද්ධ කාලීන ආචාර සමාචාර විධියක් හැටියට පැවතුණු බව රහල් හිමියෝ දුටහ.

      ("කැටුවලා පිරිවර
      සනහා මුහුණ මනහර
      බෝසත් විප් කුමර
      යන්ට දුකසේ දුන්නු අවසර)

      අත හිසලීමේ ක‍්‍රමයත්, හිස් වෙළුම් එසවීමත්, හිස පහත් කොට ප‍්‍රණාමය කිරීමත් පෙරදිග ආර්යයන්ගෙන් හෙළදිවට ඇතුළු වු තවත් සච්චරිත ධර්මයන් කිහිපයකි.“අහඤචෙව භො ගොතම පරිසලතා සමානො අඤ්ජලිං පග්ගණහෙය්‍යං ආසනා මෙතං භවං ගොතමො පච්චුට්ඨානං ධාරෙතු” භවද් ගෞතමයන් වහන්ස, මම පිරිස් අතරට පැමිණියේ ඇදිලි බඳීන්නෙ නම් ඒ කරණ කොට ගෙන භවත් ගෞතමයන් වහන්ස මාගේ හුනස්නෙන් නැගී සිටීම ඉවසා වදාරණ සේක්වා.“අහඤ්චෙව ඛොපන භොගො තම පරිසගතො සමානොවෙඨනං ධමුඤ්චෙය්‍යං සිරසා මෙතං භවං ගොතමෙ අභිවාදයං ධරෙතු “භවද් ගෞතමයන් වහන්ස මම ද පිරිස් අතරට පැමිණියේම හිස් වෙළුම් මුදන්නෙම් නම් භවද් ගෞතමයන් වහන්සේ එය මාගේ හිසින් කරන නමස්කාරය යයි ඉවසා වදාරණ සේක්වා යන සෝණදණ්ඩ විප‍්‍රවරයාගේ කි‍්‍රයාවෙන් ම බුදුරජාණන් වහන්සේගේ කාලයේද අතහිසලීම, පාස වෙළුම් එසවීම (සැලියුට් කිරීම) ආර්ය සිරිත්ව ව්‍යාප්ත වු බව පෙනේ.

      Delete
    3. රාම - රාවණ යුද්ධාවසානයේ දී ප‍්‍රහස්තනම් යුද්ධ සේනාධිපති දකුණත දීමෙන් හිතෛෂීන් පිළිගත් බව භාරත මල්ලිකායෙහි සඳහන් වන්නේ මෙසේ ය. (“සංවර්ගයාඤ්ච කාරාජනාත්වන්දනෙන ලීලෙපච) මේ සිරිත දුරාතීතයේ පටන් ලංකාවේ තිබුණු බව මෙයින් පෙනේ.

      අජ්පාණිග‍්‍රහණ මංගල උත්සවයෙහි දී අජ රජු විසින් භෝජ රජහට අත දී පිළිගත් බව රඝු වංශයේ ද, බිම්සර මහරජතුමාණන්ට ජොතිය සිටාණන්ගේ දාසියක් අත දී තිබෙන බැව් ධම්මපදට්ඨ කථාවෙහි ද විස්තර වේ.

      //මෙහෙ උගන්නන්නෙ වයසින් වැඩිනම් ඕනෙ එකෙකුට වඳින්න ඕන කියල විතරයි//

      විලුඹ නගා දනින් හිඳ, හිස නමා දොහොත්මුදුන් දී වැඳීම (උක්කුටික නමස්කාරය) ද, සිටගෙන නොපුබුදු නෙලුම් මලක්සේ දෑත එකතු කර හිස නමා වැඳීම (අඤ්ජලී නමස්කාරය) ද, භූමියෙහි මුනින් වැටී දිගාවී වැඳීම (දණ්ඩන නමස්කාරය) ද, පසඟ, (දෑත - දෙපය - හිස) බිම ස්පර්ෂවන පරිදි වැඳීම (පසඟ පිහිටුවා කර නමස්කාරය) බෞද්ධ ශික්‍ෂණයෙන්ම හැඩ ගැසුණු ශිෂ්ට සම්පන්න ආචාරවිධීන්ය. ඉටු දෙවියන්, ගුරුදේවයන්, ප‍්‍රභූන්, කුලවතුන් වැඳීමට මෙවැනි ආචාරවිධි උසස්කොට සලකනු ලැබේ.

      බුද්ධශාසනය තුල නිවැරදිව හික්මෙන කුලදරුවන් විසින් දාන ශාලාව තුල සිරිය යුතු ආකාරය, දන් වලදන ආකාරය , දන් පිළිගන්නආකාරය ඉතාමත් පැහැදිලිව සික්ෂා පද 30 කින් දේසනා කර ඇත. මෙය ඉතා හොදින් නිරික්ෂණයකරන විට පෙනීයන දෙයක් නම්, ගිහි සමාජය තුලකතා කරන Table manners සියල්ලම පාහේ මෙහිඅන්තර් ගතවෙලා තියෙනවා. එපණක් නොව බලන කෙනාට උනත් ප්‍රසාදයක් ඇති වෙන ආකාරයට කෑමගැනීමත් , අරපරෙස්සමත් මනාවට පෙන්වා දීතිබෙනවා. අද බටහිර සමාජය මහා ඉහළින් කතා කරන , ඒ වගේම ආසියතිකයින්ට උගන්වන හෝටල්වල සිරිත් විරිත් ,මුලින්ම හදුන්වා දී ඇත්තේ බුදුන් බව පැහැදිලියි, ඒඅතරින් ගිහි සමාජයට අයිතිවන සිඛ පද මෙසේ සදහන් කරනනෙමි.

      Delete
    4. ගිහි සමාජයට අයිතිවන සිඛ පද:

      01 සක්කච්චං පින්ඩ'පාතං පටිග්ග හෙස්සාමිති සික්ඛා කරණියා

      තමන්ට කෑමට පුළුවන් ප්‍රමාණය දන්නේ තමන්මයි, බොරුවට කනදෙයයි නොකන දෙයයි බෙදන තෙක් බල නොසිට, අවශ්‍ය ප්‍රමාණය පමණක් බෙදාගෙනීම, විසිකිරීමට කෑම නොගෙනීම .( සිහියෙන් යුක්තව ආහරපිලිගැනීම

      02 පත්තසඤ්ඤා පිණ්ඩපාතං පටිග්ගහෙස්සමිති සික්ඛා කරණියා

      කෑමබෙදන විට වටපිට බල බල අනුන්ගේ දිහා බල බල ,අනුන්ගේ පිගන් දිහා බල බල ඉන්නැතිවසිහියෙන් යුක්තව ආහාර පිළිගනිම .

      03. සක්කච්චං පින්ඩපාතං භුඤජිස්සමිති සික්ඛා කරණියා

      විකාර කර කර කිසිම උවමනාවක් නැතිව , සෙල්ලමට මෙන් ආහාර ගන් නැතිව සැලකිල්ලෙන්ආහාර ගැනීම .

      04. පත්තසඤ්ඤ පිණ්ඩපාතං භුඤජිස්සමිති සික්ඛා කරණියා

      වටපිට නොබලා සංවරව ආහාර ගැනීම .

      05 සපදානං පිණ්ඩපාතං භුඤජිස්සමිති සික්ඛා කරණියා

      පිගානේ හිතෙන හිතෙන තැනින් , අපිළිවෙලට ආහාර නොගැනීම.

      06 න'ථුපතෝ ඕමදදිත්වා පිණ්ඩපාතං භුඤජිස්සමිති සික්ඛාකරණියා

      එක කොනකින් පටන් අරගෙන පිලිවෙලකට ආහාර ගැනීම

      07 න සුපන් වා ව්‍යඤ්ජනං වා ඔදනෙන පටිච්චදෙස්සාමි භියෝකම්‍යතන්උපාදායති සික්ඛා කරණිය

      සමහරුහොදි ව්‍යංජන වලට පෙරේත කමේ පිගානට බෙදුවාම එක බත් වලින් හරි, පපඩමෙන්, සලාද කොලෙන්වහනවා, බෙදන කෙනා පිගාන දැක්කම ව්‍යංජන අඩුයි කියල දැකල නෙවත බෙදනවා , [මෙවැනි හොර වැඩ නොකිරීම ]

      08. න සුපන් වා ඔදානං වා අගිලානෝ අත්තනෝ අත්තාය වීඤ්ඤපෙත්වාභුන්ජිස්සමිති සික්ඛා කරණිය

      [ස්වාමින්වහන්සේලට ] දාන ශාලාවන් තුලගිහියන්ගෙන් ඉල්ලීම අසෝබන බැවින් දෙන දෙයකින් සතුටු වනන්නට පුරුදු විම. ගිලනුන්ට ගටලුවක්‌ නැත.

      09.න උජ්ඣිනසඤ්ඤ පරෙසන පත්තන් ඔලෝකෙස්සමිති සික්ඛාකරණිය

      අනිත්කෙනාට ව්‍යංජන වල යම අඩුවක් ඇතිද සෙවීමට හැර විහිළු කිරීමේ අදහසින් අනුන්ගේ කෑමපිගන් දෙස නොබැලීම.
      10 නාතිමහන්තන් කබලන් කරිස්සාමිති සික්ඛා කරණිය

      මුළු අල්ලේම ගාගෙන ලොකුවට බෝල කර කර කෑම අසොබනයි, කුඩාවට බත් පිඩු කොට කෑම හොදයි.

      11 න අනාහටේ කබලේ මුඛ්ද්වාරන් විවරිස්සමිති සික්ඛා කරණිය

      සමහරු අනාගත් බත් පිඩු කට ලගට එන්නත් කලින් කට ලොකුවට අරිනවා , ඒවා හරි අප්‍රසන්නයි,එසේ නොකළ යුතුයි,

      12 න භූන්ජමානෝ සබ්බං හත්තන් මුඛේ පකඛි පිස්සාමිති සික්ඛා කරණිය

      මුළුඅතම කට ඇතුලට දමා නොගැනීම.

      13. න සඛබලෙන මුඛෙන බ්‍යාහරිස්සාමිති සික්ඛා කරණිය,

      අහාර කටේ පුරවාගෙන කතා කිරිම ඉතාමත් අසොබනයි

      14. න පින්ඩුප්ඛෙපකන් භුඤජිස්සමිති සික්ඛා කරණිය

      කටඇතුලට කෑම විසික්කර මින් ආහාර නොගැනීම.

      15. න අවගන්ඩකාරකන් භුඤජිස්සමිතිසික්ඛා කරණිය

      වදුරෝ මොනාහරි කනකොට හක්කේ පුරවාගෙන ඉන්නවාඅපි දැකල තියෙනවා, අන්න ඒ වගේ කෑම හැකේපුරවාගෙන කෑම නොගෙනීම,

      16. න හත්තනිධුනකන් භුඤජිස්සමිති සික්ඛා කරණිය

      පිගානට අතේ ඇලි ඇති කෑම ගස මින්අහර නොගැනීම,

      17. න සිත්ථවකාරකන් භුඤජිස්සමිති සික්ඛා කරණිය

      සමහරු කාල ඉවර වෙලා බැලුවාම ඉදන් හිටපු තෙන වටේම කෑම හලලා ,ඔඩොක්කුවෙ, මේසේ පුරාමයි , එක බත් ඇටයක්වත් බිමට නොවැටෙනලෙස ආහාර ගැනීම සංවරයි .

      18. න ජිව්හානිච්ඡරකන් භුඤජිස්සමිති සික්ඛා කරණිය

      සමහරු ආහාර ගන්නකොට අසිඛිත පිළිකුල් ලෙස දිව එලියට දමනවා, එසේ නොකිරීම.

      19. න චපු චපුකාරකන් භුඤජිස්සමිති සික්ඛා කරණිය

      තලු ගස ගසා ශබ්ද කරමින් ආහාර නොගැනීම.

      20. න සුරුසුරු කාරකන් භුඤජිස්සමිති සික්ඛා කරණිය

      කිරි , සුප් වගේ බොන ජාති ,නත්නම්පිගනේ ඉතුරු උන හොදි ඉස්ම උර උරමින් සුරුසුරු ශබ්ද නගමින් ගැනීම ඉතාමත් පිළිකුල් සහගතයි.

      21. න හත්ථනිලේහකන් භුඤජිස්සමිති සික්ඛා කරණිය

      කැවටපස්සෙත් කනකොටත් අතේ ඉතුරු වෙච්ච ලෙව කකා සිටීම අශෝබනයි.

      22. න පත්ථ නිල්ලෙහකන් භුඤජිස්සමිති සික්ඛා කරණිය

      පිගානේ ඉතුරු වුනු හොදි ඉස්මටිකේ ඉදන්ම අතින් හුරමින් කෑම අසංවරයි.

      23. න ඔට්ට නිලේහකන් භුඤජිස්සමිති සික්ඛා කරණිය

      අහරගන්නකොටත් පසුව හෝ තොල ලෙව කෑම අසංවරයි.

      24. න සමිසෙනහත්ථෙන පානියථාලකන් පටිග්ගහෙස්සමිති සික්ඛා කරණිය

      සේදීම පිණිස හැර කෑම කන අතිනම වතුර වීදුරුව ඇල්ලීම නොකළ යුතු .

      25. න සසිත්ථකන පත්තධෝවනං අන්තරගරේ ඡඩ්ඩේස්සාමිති සික්ඛා කරනියා

      පිගාන සෝදා සුදුසු තෑනට ඉදුල් වතුර දැමීම කලයුතුයි , හැමහැම තැනම ඉදුල් වතුර විසික් නොකළ යුතුයි.

      බලන්න අප සංවර බාවය පිළිබද මොනත රම් උපදෙස්‌ දීතිබෙනවද කියල ?

      මහණෙනි ඔබ අපැහැදුනු කෙනාගේ පැහැදීම පිණිසත්,පැහැදුණුකෙනාගේ සිත තවතවත් පැහැදීම පිණිසත් කාය වාග් සංවරය ඇති කරගන්න, අනුශාසනා කර ඇත, ඒවගේම දානය බෙදන උදවියත් බෙදනකොට මන සිහියෙන හලන්නේතිව,නිශ්ශබ්දව, මෙත්තා මනෝ කර්මයෙන් බෙදිය යතුවේ,

      අප සුදානම්කල දානය වලදන මේ සියලු දෙනාම සුවපත් වේවා , නිරෝගී වේවා, දිර්ගායු වේවායි , මනෝකර්මය ඇති කර ගන්න බොහෝ කුසල් සිදු කර ගනී, බෙදන කොටත් කතා කිරීමෙන් වැළකියයුතුයි,

      දාන ශාලාව තුල සිටින බෙදන වලදන සම දෙනාම සොටු සිරීම්, පිළිකුල් වන ලෙස කෑකෝ ගැසීම්, උගුර කැරිම් නොකල යුතුයි.

      Delete
  14. තම්බි මරමු රට සුරකිමු ගෝඨාභය ජනපති කරවමු

    ReplyDelete
    Replies
    1. මචෝ බස්තියන් මාවතේ පොන්නය්ක් හිටියා උට කස්ටමර් ලා නැතිවුනාම මේ රාජිත සේනාරත්න වගේ 2 පන්තියේ අන්දරේ ගේ මෝඩ කතා කියමින් කට්ටිය වට කරන් ලෝන්ත පොල් ආතල් ගන්නවා හවස 6-7 විතර. රාජිත සේනාරත්නත් ඒ වගේම පොන්න කතා කියනවා දැන් පොන්න ආතල් ගන්න තු නොදකින්...

      Delete
  15. ඇද හැලෙමින් ඇති අධික වර්ෂාවත් සමග ගංගා කිහිපයක්ම පිටාර ගලමින් තිබේ.

    වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ගිං ගග තවලම ප‍්‍රදේශයෙන් පිටාර ගලා මහා ගං වතුර තත්වයක්ද, කැලනි ගග නෝවුඞ් හිදී පිටාර ගලා මහා ගංවතුර තත්වයක්ද, නිල්වලා ගග පානදුගම ප‍්‍රදෙශයෙන් පිටාර ගලා මහා ගංවතුර තත්වයක්ද ඇතිව තිබේ.

    සුළු ගංවතුර තත්වයන් ඇතිව තිබෙන්නේ කළුගග රත්නපුර හා මිල්ලකන්ද, කැළනිගග ග්ලෙන්කෝස්, මහ ඔය ගිරිඋල්ල හා බඩල්ගම, මහවැලි ගග නාවලිපිටිය යන ප‍්‍රදේශවලිනි.

    ආපදා කලමණාකාරන මධ්‍යස්ථානය පවසන්නේ අයහපත් කාලගුණ තත්වය නිසා පුද්ගලයන් 1,024ක් අවතැන් වූ තවත් 13,314 ක් පීඩාවට පත්ව සිටින බවයි.

    ReplyDelete
  16. මචෝ මාතලන් මේ වාචාල ප්‍රා-ජිතයා කාගේ පුතෙක්ද කියල උගෙ අම්මවත් දන්නෙ නැතිව ඇති. ඒත් එකක් අපි දන්නවා. විජිත කුමාරලාට දැන් තෙරිලා තියනවා වගේ ‘ප්‍රා’ වල ඉන්න ඇත්තෙ උගෙ පුත්තු.

    මූ මේ තකතිරු කතා කියන්නෙ ‘පොදු අපේක්ෂකය’ වෙලා දමිළ චන්ද ටිකට කෙලින්න කියල හිතා ගෙන. ඇඹිලිපිටියෙ ඇට්ටිඹි ගෑනියෙකුත් දැන් ඔය කතාවම කියල තියනවා. හමුදාවල අයට නිග්‍රරහ කරන එක රාජ්‍ය අනුග්‍රහ ලැබෙන මෝස්තරයක් දැන්.

    උතුරේ දෙමළුන් සැමවිටම නැගනහිර දෙමළුන් පහත් කොට සලකනවා. ප්‍රභාකරන්ගේ මරාගෙන මැරෙන ත්‍රස්තයන් සියලු දෙනාම නැගෙනහිර වැසියන්. මෙසේ නැගෙනහිර වැසියන් පමණක් මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ලෙස යොදාගැනීම ගැන නැගෙනහිර කොටින් සිටයේ කලකිරීමෙන්, මෙම කලකිරීම සන්නද්ධ අංශ නායකයන වූ කරුණා වැනි අයට විසදිය නොහැකි ගැටළුවක් උනා.

    කලකිරුණු සේනාංකයක් සමග මෙම සටන තවදුරටත් මෙහෙයවිය නොහැකි බව අවභෝධ වීමෙන් පසුව කොටි සංවිධානයෙන් ඉවත් වීමට ඔහු තීරණය කළා. නමුත් එසේ සංවිධානයන් ඉවත් වුව හොත් නියත වශයෙන්ම තමන්ව මරා දමන බව දත් ඔහු රජයේ ආරක්ෂාව පතා ස්වේච්චාවෙන් පැමිණියා මිසක්, රනිල්ගේ උපායමාර්ගයක් නිසා හෝ රනිල්ගේ දක්ෂ කමක් නිසා කොටි සංවිධානයෙන් ඉවත්මක් ලෙස හුවා දැක්වීම ජනතාව නොමග යැවීමකි. නමුත් කරුණා උපයෝගී කරගෙන කොටි සංවිධානය මෙල්ල කිරීමට හමුදාවල අය සමත් උනා. (රනිල් කෙතරම් දක්ෂයෙක්දයි අගමැති ලෙස කටයුතු කල පසුගිය අවුරුදු තුන ඔහු විසින්ම ඔප්පුකර ඇත.)

    ReplyDelete
  17. ඒක තමයි නේද මාතා අයියේ. යුද්දෙට අපි කවුරුත් කැමති නෑ. යුද්දේට හේතු වෙච්ච දේවල් නැති කිරිල්ලක් නොකර යුද්ධය සමරලත් වැඩක් නෑ. හැබැයි රාජිත මහත්තයා ප්‍රභාකරන් මහත්තයාව සමරන්න කියන්නේ ජර්මනියේ හිට්ලර් මහත්තයාව සමරන එක බලාගෙන වෙන්න ඕනේ.

    ඔය විදිහට බලං ගියාම මහත්තයෝ යුරෝපේ ඉන්නෙත් දූපත් මානසිකත්වයෙන් ඉන්න අම්බ හරක්නේ

    ReplyDelete
  18. රාජිත සේනාරත්නට අමතක අතීතය මම මතක් කරලා දෙන්නම්. මේ යුද්ධය ආරම්භ වෙලා, 2006 අගෝස්තු මාසේ රාජිත සේනාරත්න ක්‍රියාකාරි නායකයෙක් වන යුද විරෝධී පෙරමුණ යුද්ධය නතර කරන්න කියලා දැවැන්ත පෙළපාලියක් ගියා. රාජිත සේනාරත්නගේ යුද විරෝධී පෙරමුණේ සහ අනෙකුත් රාජ්‍ය නොවන සංවිධානවල, ජාත්‍යන්තර ප්‍රජාවේ දැවැන්ත බලපෑම් මධ්‍යයේ තමයි අපිට කොටි ත්‍රස්තවාදය පරාජය කරන්න පුළුවන් වුණේ.

    හැබැයි කොටි ත්‍රස්තවාදය පරාජය කරලා රටේ රැල්ල බවට එය පත් වුනාම කොටි ත්‍රස්තවාදය පරාජය කළ නොහැකියි කියලා රැස්වීම් තියපු, මාධ්‍ය හමු තියපු රූපවාහිනී සංවාද වල තර්ක කරපු, රාජිත සේනාරත්න කළුතර පාලමයි කළුතර බෝධියයි අතර ගැහුවා ලොකු ප්‍රචාරක පුවරුවක්. එහි මහින්ද ජනාධිපතිගේ රූපය එක පැත්තක තියෙනවා. අනෙක් පැත්තේ රාජිත සේනාරත්නගේ පින්තූරය තිබෙනවා. මැද හමුදාව ආයුධ සන්නද්ධව ඉන්න පින්තූරයක් දාලා යටින් කවියක් ගහලත් තියෙනවා;

    “තිස් වසරක යුද්ධය නිමයි. තිස් වසරක් රජුත් නුඹයි.”

    මහින්ද රාජපක්ෂට මුලින්ම රජු කියලා ආමන්ත්‍රණය කළේ රාජිත සේනාරත්නයි. ඒ විතරක් නොවෙයි තිස් වසරක් මහින්ද රාජපක්ෂට මේ රටේ නායකයා වෙලා ඉන්න ඕන කියපු කෙනා තමයි මේ 18 වැනි සංශෝධනය ඒකාධිපති සංශෝධනයක් අපි ඒකට කැමැත්තෙන් හිටිය නෑ යනාදිය කියන්නේ.

    ReplyDelete
  19. @ දිනුක,

    රාජිත කියන ආකාරයට කොටි ත්‍රස්තවාදියාව සැමරීමට ඉඩ ලබාදෙනවා නම්, කොටි ත්‍රස්තවාදීන් තරං මිනීමරපු කොටි ත්‍රස්තවාදීන් තරං හොරකම් කරපු කොටි ත්‍රස්තවාදීන් තරං රාජ්‍ය සහ පෞද්ගලික දේපල විනාශ කරපු සංවිධානයක් මේ ශ්‍රී ලංකා ද්වීපය තුල මෙතෙක් බිහිවී නැහැ.

    ඒ නිසා මේ ආණ්ඩුවට කොටි ත්‍රස්තවාදීන් සමරන්න වුවමනා නම් ඊට කලින් ලංකාවේ සියලුම හිරගෙවල් විවෘත කරලා ඇතුලේ ඉන්න සියලුම සිරකරුවන්ට නිදහස ලබාදිය යුතුයි. මේ කිසිම සිරකරුවෙක් කොටි ත්‍රස්තවාදීන් තරම් වැරදි කර නැති බව අපි ආණ්ඩුවට සිහිපත් කරන්න කැමතියි. රුපියල් තුන්දාහ ගෙවා ගන්න බැරුව අහිංසකයෝ හිරේ තපිද්දි ඒ අය ගැන උනන්නේ නැති කඳුළු රාජිතට උනන්නේ ඒ කාලේ වගේම රාජ්‍ය නොවන සංවිධාන හරහා ඩොලර් ගලනවාද කියලා අපිට රාජිතගෙන් අහන්න සිද්ද වෙනවා.

    ඒ වගේම රාජිත සේනාරත්න ජනතා විමුක්ති පෙරමුණත්, කොටි සංවිධානයත් සමාන කරලා අහනවා ජනතා විමුක්ති පෙරමුණට ඉල්විරු සමරුව සමරන්න පුළුවන් නම් කොටි සංවිධානයට සමරන්න බැරි ඇයි කියලා.

    මට ලැජ්ජයි රාජිත ඇමතිධූරයක් දරනවා කියලා ප්‍රකාශ කරන්න. ඒ නිසා මම රාජිතට කියලා දෙන්නම් මේ දෙක අතර තියෙන වෙනස්කම් මොනවද කියලා.

    නෛතික වෙනස තමයි කොටි සංවිධානය කියන්නේ ලංකාවේ තහනම් සංවිධානයක්. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂයක්. තහනම් සංවිධානයක් වෙනුවෙන් පෙනී සිටි රාජිත සේනාරත්න ඇමති බෙදුම්වාදය ශක්තිමත් කිරීම සඳහා පෙනී සිටීම සම්බන්ධයෙන් අපේ 6 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ රාජිතට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. නමුත් අවාසනාවට නීතිය නැවෙන යුගයක අපි නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලන්න තරම් විහිළුවක් වෙන්න කැමති නෑ.

    ReplyDelete
    Replies
    1. ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කළේ රටේ රාජ්‍ය බලය ලබා ගන්න. අපි කිසිසේත්ම ත්‍රස්තවාදය භාවිතා කරලා රාජ්‍ය බලය ලබා ගැනීම අනුමත කරන්නේ නෑ. එය කෙලින්ම ත්‍රස්තවාදයක්. හැබැයි කොටි ත්‍රස්තවාදයේ අරමුණයි මේ ත්‍රස්තවාදයේ අරමුණයි වෙනස්. සමහර කට්ටිය කප්පං ගන්න දරුවෝ පැහැරගෙන ගිහිල්ලා කප්පං දුන්නේ නැත්නම් දරුවා මරනවා කියනවා. ඒකත් ත්‍රස්තවාදී ක්‍රියාවක්. හැබැයි අරමුණ අනුව ත්‍රස්තවාදී ක්‍රියාවන් අනුව සමාජ ආකල්ප වෙනස් වෙනවා. අපි දැක්කා සමාජවාදී විප්ලවය නමින් සන්නද්ධ අරගල වලින් රටවල් වල ආණ්ඩුව පෙරළා තියෙනවා. ඒ පෙරලපු ආණ්ඩු නැවත ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිත් තිබෙනවා. ලෝකයේ අද සමාජවාදී කියලා කොමිනිස්ට් ක්‍රමයට දුවන රටවල් තියෙන්නේ පහක් පමණයි. හැබැයි රටක් බෙදුවොත් කෑලි කඩලා ඒක සදාකාලිකයි. රාජ්‍ය බලය ලබා ගැනීම තාවකාලිකයි. රට බෙදීම සදාකාලිකයි. 1988 ජර්මනියේ ඇරුණුකොට බෙදුණු රටවල් දෙකක් යළි එකතු කිරීමක් අපි නම් අහලා නෑ.

      ඒ නිසා අපි මේ ආණ්ඩුවට ඉතාම පැහැදිලිව කියනවා අපේ සමාජයේ කොටි ත්‍රස්තවාදීන් නිසා තමන්ගෙ තාත්තා අහිමි වෙච්ච දරුවෝ ඉන්නවා, තමන්ගේ පුතා අහිමිවෙච්ච අම්මා තාත්තා ඉන්නවා, තමන්ගේ ආදර ආදරණීය ස්වාමි පුරුෂයා අහිමි වෙච්ච බිරින්දෑවරු ඉන්නවා, ඔවුන් අද ආඩම්බරයෙන් ඉන්නෙ මගේ සැමියා නැති උනාට කමක් නෑ,මගේ තාත්තා නැති වුණාට කමක් නෑ, මාගේ එකම දරුවා නැති උනාට කමක් නෑ, ඔවුන් මේ රට ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගත්ත නේ කියලා. එසේ හිත සනසගන්න තමන්ට ඉතිරි වෙලා තියෙන එකම දේ මගේ පියා මගේ දරුවා මගේ ස්වාමි පුරුෂයා රටට විරුවෙක්ය රටට සෙතක් කලාය කියන හැඟීමම පමණයි.

      ත්‍රස්තවාදියා විරුවන්ට සමාන කරලා ඒ හැගීම උදුරගන්න මේ ආණ්ඩුවට ඉඩ දෙන්න එපා කියලා රටට ආදරය කරන කළගුණ දන්න සංවේදී ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා.

      අද ආබාධිත හමුදා විරුවෙක්, ඇඳක් උඩට වෙලා කල්පනා කරනවා ඇති අනේ අපරාදේ මම හමුදාවට බැඳුනේ අද මා ගැන කවුරුවත් හිතන්නේ නෑ. මම කොටියෙක් උනානම් මැයි මාසේ 18 වෙනිදා ට වෙල්ලමුල්ලිවයික්කාල් වල විරුවෙක් ලෙස සමරන්න ඉඩ තිබුණා කියන හැගීම ඇතිවීමට මේ ආණ්ඩුව ඉඩ හදලා දීලා තියෙනවා. ඒ වගේම මේ ආණ්ඩුව ත්‍රස්තවාදින් සුරතල් කරමින් ඉන්න නිසා අනතුරු ඇඟවීමක් කරන්ඩ ඕන.

      අපිට මතකයි කොටි ත්‍රස්ත ත්‍රස්තවාදයට කිරි පොවලා හදා වඩා ගත්තේ දෙමළ එක්සත් විමුක්ති සංවිධානයෙන් ධර්මලිංගම්ලා, අමිර්තලිංගම්ලා, යොගේෂ්වරම් වැනි අය. කොටි ත්‍රස්තවාදීන් මුලින්ම සපා කෑවේ තමන්ට කිරි පෙව් නායකයන්මයි.

      ඉන්දිරා ගාන්ධි මැතිනිය කොටි පැටියට කිරි පොවලා හදාවඩා ගැනීමට කොටියා කෘත ගුණ සැලකුවේ එතුමියගේ පුතා රජිව් ගාන්ධි මරාදැමීමෙන්. ඒ නිසා කොටියට කිරි පොවන්නෙ බලාගෙනයි කියන පණිවිඩය අපි මේ ආණ්ඩුවට කරනවා.

      අපි 2009 උතුරේ ජනතාවගේ පපුවෙන් ඉවත් කරපු බෙදුම්වාදි විෂබීජය යළිත් වතාවක් කොටින්ට වපුරන්න මේ ආණ්ඩුව කදිමට ඉඩ දීලා තියෙනවා. 2009 ඉදන් 2015 දක්වා උතුරේ වෙල්ලමුල්ලිවයික්කාල් වල කොටි සැමරුම තියන්න කාටවත් වුවමනාවක් තිබුණේ නැහැ. හැමෝටම ඕන උනේ එක රටක් විදියට එකට ඉන්න. අද බෙදුම් බෙදුම්වාදි විෂ බීජය කොටි සංවිධානයට නිසිසේ වපුරන්න ඉඩ දීලා මේ ආණ්ඩුව බලන් ඉන්නවා. මේ ආණ්ඩුවේ නායකයන්ටම තමයි එහි ඵල නෙළා ගන්න වෙන්නේ කියලා සිහිපත් කරන්ඩ ඕනේ.

      1971 කැරැල්ලක් බිහිකළ රෝහණ විජේවීරට ම හැකි වුණා 1987 නැවත වරක් කැරැල්ලක් ඇති කරන්න. එහෙමනම් 1972දී උලක්නාදන් ඝාතනය කරලා වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය ආරම්භ කළ බෙදුම්වාදය යළි නුදුරු අනාගතයේදී උතුරෙ ඇති වෙන්නේ නෑ කියන සහතිකය කාටවත්ම ලබාදෙන්න බෑ.

      ඒ නිසා සූදානමින් ඉන්න. මේ ආණ්ඩුව කොටියාට කිරිපොවමින් දැඩි කරනවා. කොයි මොහොතක හෝ කොටි පැටියා ලොකු වෙලා ආණ්ඩුවේ නායකයනුත් හපා කාලා අපිව හපා කන්න ඉඩ තියෙනවා.

      Delete
  20. ඇමරිකන් කාරයෝ චේ ගුවේරා වෙළඳ භාන්ඩයක් කරගත්තා වගේ අපි ප්‍රභාකරන්වත් වෙළඳ භාණ්ඩයක් කරගම්මු.

    බාල චන්ද්‍රන් කියන ප්‍රභාකරන්ගේ පුතා දැක්කම මට පුකේ අරින්නමයි හිතෙන්නේ.
    මේ විඩියෝ එකේ සින්තියා මරිඤ්ඤෝ වෙනුවට බාලචන්ද්‍රත් ඉන්නවා කියලා හිතාගෙන රස විඳින්න.
    http://www.trannytube.net/view/128903-cinthya-marinho-wesley-nike-aka-pero-bo.tranny

    ReplyDelete
    Replies
    1. සුවර් එකටම උඹට දෙමළෙක් පුකේ ඇරලා තියෙනවා. පුළුවන් නං නෑ කියපන්.

      Delete
  21. Hi Matha, Feel a bit sorry for you. I noted that you never replied to any of the above comments. I never comment on any blog but thought to do so purely to SUPPORT your view. I think there may be others who still value what Rajitha said, without worrying of who he is/was. Appreciate your writing and thinking which is based on equality and respect to all ethnic groups in SL.I am a Sinhalese Buddhist by birth. Keep it up.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න