.

.

May 23, 2018

මංගලට ගොක්කොල පෙනීම හෙවත් මම ඝෝඨාට බයයි මල්ලියේ හෙවත් යුගාන්තය



අපරාදේ කියන්නේ මංගල ඇත්තම කිව්වේය. මංගල නොව ආන්ඩුවේ මෙන්ම, පක්ෂ විපක්ෂ සියල්ලේම ඉන්නා උන් ඝෝඨාට බයය. රාජිත එක් වරක් කියූ පරිදි (ඇත්තද දන්නේ නෑ ඉතින්) මහින්දද ඝෝඨාට බයය. මහින්දගේ කාළයේ අරලිය ගහ මන්දිරයේ පැවති සාකඡ්චා අතර තුරදි ඝෝඨා පැමිනෙන විට... ඔන්න ඔන්න ඝෝඨා එනවා අපි වෙන දෙයක් කතා කරමු... කියා, කතාකරනා මාතෘකා වෙනස් කල බව රාජිත වරක් ප්‍රැස් කොපරන්ස් එකේදී කීවේය. 


මංගල ඊයේ පැයක පමණ ප්‍රැස් කොන්පරන්ස් එකක් තබා ඝෝඨා කලයි කී වට්ටෝරුවක් ඉදිරිපත් කළේය. අද එක මාධ්‍යකවත් ඒ ඇලිගේසොන් එකක්කත් දැම්මේ නැතිය. ඒ උන් හැම එකාම ඝෝඨාට බය නිසාය. රටක නායකත්වයට සුදුසුම ගුනය එයය. නායකයකු යනු එක එකාට බය හාල්පාරුවලු නොවිය යුතුය. විශේෂයෙන් ගෝත්‍රිකයින් පිරිසක් පලනය සඳහා එන නායකයා, එකෙකුටවත් බිය නැති කෙනෙක් විය යුතුමය. 

වියත් මග සෙමිනාර්ස් පටන් අරගෙන බොහෝ කලක්ය. එහෙත් එකෙක්කත් ඒවා පයිසෙකට මායිම් කළේ නැතිය. සියල්ලන්ගේම පෂ්චාත් භාගයේ ඉත්තෑවන් දුවන්න ගත්තේ, ෂ්‍රැන්ගිලා හෝටලයේ වියත් මග පැවත් වූවාට පස්සෙය. එයට හේතු උනේ අම්මට සිරි ලංකාවේ ඉහළම පැලැන්තියේ ව්‍යාපාරික ප්‍රජාව ඊට සහභාගී වීම හා ඝෝඨාගෙ කතාව තනිකරම ආර්ථික ප්‍රවර්ධනය එල්ල කරගෙන පැවැත්වූ කතාවක් වීමය. 

ආර්ථිකය කාබාසීනීයා කළ උන්ගේ ඉහ මොළ රත් වූයේ එවිටය. ඒ අනුව මුදල් ඇමතිට ගොක්කොල පෙනීම සාධරනය. මංගල පෙස්ටෝල් වැඩි කරලා ගම්පෙරලිය ගේන්නේ, සිරිසේනගේ කලියුගය අවසන, යුගාන්තයේය. මෙයාලාට මෙලෝම දෙයක් බෑ කියලා ඔප්පු කරලා හමාරය. 

සිරිසේන කිව්වේ එයා ආර්ථිකේ අතට ගන්නවා කියලාය. ඒනුව මේ තියෙන්නේ "සිරානොමික්ස්" එකය. ඒක මාරය. ගං වතුර ගලා දේපළ විනාශවී ජීවීත හානී වී තිබියදි, පොලොවෙන් මතු වූ මේ ආර්ථික විසෙසග්නයා කියන්නේ මෙය ආර්ථික ප්‍රවර්ධන වේගයේ 2.5 % - 3 %  ප්‍රවර්ධනයක් කිසිවක්ම නොකර ලබා ගත හැකි ජාතියේ වාසනාවක් කියලාය. දැන් ගං වතුර වැඩිවී, කඩුවෙල පාළමත් මෝදර මෝය කටින් ඉන්දියන් සාගරයට ගිය පසු, බොහෝ විට ලෝකයේ එක GDP වැඩිම රට අම්මට සිරි ලංකාව වෙන්නත් පුළුවන්ය. 

මහින්දටද කෙල උනේ දුප්පත් මිනිසාගේ බඩට ගහපු එකය. මාතලන් ඒ කාළයේ ලීවේද අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව‍ය 10 ක පමණ බදු සියල්ල ඉවත් කොට ලාබයට ලබා දෙන ලෙසය. ඉන්දියාවෙ කරන්නේ ඒකය. ඉන්දියාවේ කෑම ඉතා පසුවෙන් මිළ දී ගත හැකිය. ඒ නිසා අමු හිඟන්නෝ උන්නද ඉන්දියාවෙ මන්ද පෝෂණයක් ඇත්තේ නැතිය. නැවුම් එළ කිරි රට පුරාම ඉතා ලාබයට ඇත්තේය. අපේ ඉන්න තරමක් ඉන්නේ හරක් වෙලත් කිරි වෙනුවට බොන්නේ දියකරගත් පිටි කුඩුය. 

ඒත් එයා කලේ බල්ලන්ගේ කෑම අඩු කොට මිනිස්සුන්ගේ බත් පතට කෙලිනා එකය. අන්තීමේදි මහ රජ්ජුරුවෝ ජනෙල් ගැට්ටේ එල්ලුවේ ඒ ඔරොප්පුවටය. හැමදාම ආන්ඩු පෙරලුවේ ඔය හේතුවට මිස වෙන දේකට නෙමේය. මෙයාලාට අත් වන්නේද එම ඉරණ්මය.

කොහොමත් මෙයැයිලා ඉන්නේ පැරදිලාය. ජනාධිපතිට මුලු රටෙන්ම ඇත්තේ 4% ය. එජාපයේ රනිල් ඇතුලු සියල්ලෝම නොම්මර එකේ හාල් පාරුවෝ බව ඔප්පු කරලා අවසානය. දෙයක් සිඳු වුනි නම් අකිල විරාජ් අජාප්නයට එකතු කල දෙයක් පමණමය. මංගල මුදල් ඇමති වූවාට, ආර්ථික විශේසග්නයෝ දෙන්නෙක් කියා මහා ලොකුවට කියනා හර්ෂ ද සිල්වා කිව්වේ, ඩොලර් එක ඉහළ නැගීම හොදයි කියලාය. එහෙනම් ඕක 159 තියන්නේ නැතිව 300-400 වගේ රවින්ඩ් ෆිගර් එකක් කලා නම්, ඩොලර් මාරු කර ගන්නා උනත් වැඩේ ලේසිය. එහෙම කියන උන්නැහේ අනෙක් පැත්තෙන් කියන්නේ අපනයන පහළ බැහැලාය කියලාය. 

එරාන් කියනා අනික් ආර්තික ඉස්පැසොලිස් කියන්නේ පැස්ටෝල් මිළ ඉහළ ගිය එක පරිසරයට හොඳෙයි කියලාය. එහෙනම් කරන්න තියෙන්නේ, පෞද්ගලික වාහන තියෙන උන් එකෙක්ටවත් වාහනේ යන්න බැරි වෙන්න, පැස්ටෝල් ලීටරේ රුපියල් 1000 ක් විතර කරනා එකය. වාහනවලත් 300% විතර බදු ගහනා රටේ එහෙම දෙයක් කලාට අවුලක් ඇත්තේ නැතිය. එතකොට අපිට අයින් වෙලා පයින් යන්න පුළුවන්ය. කොලෙස්ටරෝල් සුගර් එන්නේත් නැතිය. සවුක්කයට වෙන් කරනා මුදලෙනුත් මැති ඇමතිවරුන්ට පාර්ලිමේන්තුවේ පොඩි බ්‍රොතල් හවුස් එකක් හෝ ජීනා මැඩම්ගේ ශාකාවක් උනත් දාගන්නට පුළුවන්ය. 

අපි හිතුවේ පිස්සු තියෙන්නේ බන්ධුල ගුණවර්ධනට විතරක්ය කියලාය. බැලුවාම මුනුත් නොම්මර එකේ පිස්සෝය. ලංකාවේ තියරි කාරයන්ට වෙලා තියෙන්නේ ඕකය. මුන් හරියට තැපැලෙන් පීනන්න ඉගෙන ගත්ත උන් වාගෙය. මීට වඩා ටැක්සි කාරයාටත් බජට් හදන්න පුළුවන් කී ප්‍රෙමදාස මහත්තයලා ප්‍රැක්ටිකල් පොරවල්ය. ප්‍රේමදාස ගම් උදාවට සමගාමිව ගාමන්ට් 200 පමණ දමා, එය ලංකාවෙ ප්‍රධාන ආදායම කලේය. එය නිසි ලෙස පවත්වාගෙන ගියේ නම්, අපේ රටේ ගෑණුන්ට අරාබියේ ගෙවල් වල බැල මෙහෙවර කම් වලට යන්න වෙන්නේ නැතිය. උන්නැහේ රට පුරාම ෆ්‍රී ට්‍රේඩ් සෝන් දැම්මේය. ඉන්වෙස්ටර්ස්ලාට දෙන්න පුලුවන් උපරිම සහනයන් දුන්නේය. 

මේ යක්කු අපි දන්නා තරමින් නම් එකදු හෝ ඉන්වෙස්ට්මන්ට් එකක් ගෙනාවේ නැතිය. BOI එකේ කරන සෙප්පඩ විජ්ජාවන් ගැන එහි උන් සභාපති උපුල් ජයසූරිය කියනා දෙයින් මුන් මොන තරම් කබ්බෝද කියා ඕන ගොනෙකුට තේරෙනවාය. මුන් දන්නේ ජරාව කන්නම විතරය, අඩු ගානේ හොරකම්ක්කත් හරියට කර ගන්න දන්නෙ නැතිය. ඒකත් හත් පොලේ ගාගන්නවාය. දැන් එලිසබෙත්ලා මෙයාට අතට අත දීම කෙසෙ වෙතත් කඩුවෙන් බෙල්ල හරහා දෙන එක නම් ෂුවර්ය. මර්කෙලා පුක පෙන්නනවා නොඅනුමානය. 

කරපු මෙලෝ මලහතිලව්වක් නැතිය. කිසි දෙයක් දන්නේත් නැතිය. ඊයෙත් දොස්තර සංගමේ ආර්ථික උස්තාද්ලාට කියා තිබෙන්නේ මේ එක ගිවිසුමක්කත් ගැන එයා දන්නෙ නැතෙයි කියලාය. කතාව ඇත්තය පත්තරේ බලා රට කරනා එකෙක් ගිවිසුම් කියන්නෙ මක්කාද හෝ කියා දන්නේ නම් ඒකත් ළොකුම ළොකු දෙයක්ය. දන්නේ නැත්නම් ඔතන තා දුරටත් ඉන්නේ නැතිව යනවා නම්, පොදු අපේක්ෂය ලෙස ආදරය කලාට වඩා, ජනතාව ආදරය කරනවා නොඅනුමාවය. 

ඝෝඨා නඩුවලින් බේරිලා ඉන්නේ නීතිග්නයින්ට කෝටි ගනන් දීලා කියලා මංගල කීවේය. ඇත්ත ඒක නෙමේය. ඝෝඨාට විරුද්ධව තීරණයක් දීලා ඉල්ලාගෙන කන්න, එක ජජ් කෙනෙක්වත් කැමති නැති නිසාය. මොකෝ මොන්ටිසෝරියේ ඉන්නා එකා පවා, චන්දයක් තිබ්බ ගමන් යහපාලන පබයෝ සෙට් එකට බඩුම තමයි කියා දන්නා නිසාය. 

දැන් මිනිස්සු ඉන්නේ මුන්ගේ සෙප්පඩ විජ්ජා බලලා බලලා ඇති වෙලාය. උන් බලාගෙන ඉන්නේ ඊළන්ගට ඡන්දයට මේ හාල්පාරුවන්ට විරුද්ධව එන්නේ මොකාද කියලාය. ඒ එන්නේ ඝෝඨා නම් මේ රටට ආදරය කරනා, මේ රට දියුණු රටක් වනවාට කැමති ව්‍යාපාරිකයෝ සියළු දෙනාම කැමති වෙලා අහවරය. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ, ඝෝඨා රේස් එකට අනිවාර්යයෙන් ආ යුතුමය කියලාය. 

ඉස්සෙල්ලා රට ආර්ථික වශයෙන් දියුණු කළ යුතුය. ඕනම නම් රට දියුණු වූවායින් පසුව ප්‍රජාතන්තරවාදේ  ගැන කතා කල හැකිය. ඝෝඨා උන්නා නම් සයිටම් වැහෙන්නේ නැතිය. එහෙනම් වෙන්නේ එන්නට උන් අනික් සයිටම් කාරයෝ ටිකත් ලංකාවට එන එකය. ලෝකයේ දියුණු වූ රටවල් සියල්ල දියුණු වූයේ නිර්භීත කොන්ද කෙලින් නායකයන් යටතේම පමණය. 

ඒ වගත් මෙසේය... 

67 comments:

  1. කොළොන්නාවෙන් පුත්තලමට හෙවත් අරුවක්කාලු ප්‍රෝඩාව
    ---by Chameera Jeewantha Dedduwage

    කොළඹ කුණුකන්ද ගැන කියැවෙන සෑම තැනකම, "ඒ කාලේ ඕකට ෂෝක් විසඳුමක් දුන්නා, ඒක කරන්න දුන්නේ නෑ" යනුවෙන් ඇසෙන පට්ටපල් බොරුව හෙළි කරනුවස් මේ සටහන තබමි. සියලු දත්ත සහ කරුණුවල ගෞරවය Chameera Jeewantha Dedduwage, Sameera Dharmadasa සහ Supun Jayaweera හට හිමි ය....

    පසුගිය අන්ත දූෂිත අශීලාචාර රාජපක්ෂ කම්බ හොර රජය විසින් බ්ලුමැන්ඩල් කුණුකන්ද "තාවකාලිකව" මීතොටමුල්ලට ගෙනාවාය, ඒ ගෙනාවේ කසළ ඉවත්කිරීමට "තිරසාර" විසඳුමක් හදන ගමන් ය යනුවෙන් කතාවක් ඔබ අසා ඇතුවාට සැක නැත.... මේ කියන "තිරසාර" විසඳුම නම් වෙන එකක් නොව, කොළඹ කුණු සියල්ල, පුත්තලමේ "අරුවක්කාලු" නම් ප්‍රදේශයේ වළ දැමීම ය...

    අරුවක්කාලු යනු පුත්තලමට නුදුරින් ඇති ප්‍රදේශයකි.. අරුවක්කාලු යනු හොල්සිම් ආයතනයෙන් සිමෙන්ති නිපදවීම පිණිස ලයිම් ස්ටෝන් හෙවත් හුණුගල් කැඩීම පිණිස කපන ලද ගල්වලවල් සහිත ප්‍රදේශයකි... එහි වැඩ නිමවූයේ මීට වසර 20 ට පෙර ය.... සැලැස්මට අනුව, කුණු මෙට්‍රික්ටොන් මිලියන 4.7ක්, අවුරුදු 10 ක් තුළදී අදියර දෙකකින් අරුවක්කාලුහි වළදැමීමට නියමිතව තිබිණි...

    ප්‍රශ්නය මතු වූයේ අරුවක්කාලු ප්‍රදේශයේ භූ විද්‍යාත්මක සහ පුරාවිද්‍යාත්මක වැදගත්කම හේතුවෙනි... අරුවක්කාලු යනු මයෝසීන යුගයේ අවසාදිත හුණුගල් බහුල කලාපයකි... එයින් හමුවන ෆොසිල අනුව මෙය මීට වසර මිලියන ගණනකට පෙර මුහුදු පතුළේ කොටසක්ව පැවති බව තහවුරුව තිබුණු අතර, දකුණු ආසියාවේ මයෝසීන ෆොසිල වලට හොඳම නිදර්ශක ස්ථාන අතරින් එකක් ලෙස එය හඳුනාගන්නා ලදී.... ඉහළ ඔලිගෝසීන සහ මයෝසීන යුගවලට අයත් ෆොසිල සාධක ලංකාවේ දක්නට ලැබෙන එකම තැන මෙතැන ය.... ඉහත යුගවලට අයත් ෆොසිල අධ්‍යයනය සඳහා ලංකාවේ ඇති එකම සම්පත මේ ය..... වර්ටිබ්‍රේට්, ඉනිවර්ටිබ්‍රේට්, මෙගාෆෝනා ෆොසිල සහිත මේ නිධිය, පුරා ජෛව විශේෂඥයන්ට සිය පර්යේෂණ සඳහා ඇති එකම පර්යේෂණ මූලය වෙයි..... අරුවක්කාලු යනු මයෝසීන යුගයට අයත් කැස්බෑවන්, තල්මසුන් , මුහුදු ඌරන්, ඩොල්ෆින්, මෝරුන් වැනි සතුන්ගේ ෆොසිල සාධක ලැබෙන තැනකි... දැනටත් එහි පර්යේෂණ කටයුතු සිදු වෙයි... පුරා ජෛව විද්‍යා වටිනාකමට අමතරව එහිම උප කොටසක් වෙන භෞතික මානව විද්‍යාවෙ පර්යේෂණ ද එහි සිදු වෙයි... ප්‍රාග් ඓතිහාසික මානව මුලයන් සහ සාධක අරුවක්කාලුවල එමට ය... ශිලා මෙවලම්, මැටි භාණ්ඩ සහ ගල් ආයුධ මේ අතර වෙයි.... සරලවම පවසන්නේ නම්, අරුවක්කාලු යනු පුරාවිද්‍යාත්මක සහ ප්‍රාග් ඓතිහාසික රන් ආකාරයකි.... අරුවක්කාලු වැළලී යාම යනු, එහි පවතින සියලු පුරා විද්‍යාත්මක සම්පත් සදාකාලයටම වැළලී යාමකි....

    පුරාවිද්‍යාත්මක වැදගත්කම හැරුණු විට අරුවක්කාලු වල තවත් වැදගත්කමක් වෙයි... එනම්, එය විල්පත්තු වන රක්ෂිතයේ සිට සැතැපුම් 1ක මායිම තුළ, එනම් buffer zone එක තුළ පිහිටා තිබීමයි.... මෙහි කුණු වැළලීම ඇරඹුවහොත් කුණු හේතුවෙන් ඒ ප්‍රදේශයට ඇදෙන අලි හේතුවෙන් අලි-මිනිස් ගැටුමක් ඇතිවේවි යයි සාධාරණ බියක් ද පරිසරවේදීන් විසින් පෙන්වාදෙන ලදී... මීට අමතරව, ආක්‍රමණික ශාක විශේෂයක් වන "බූ කොල්ලු" ගහණයක් මේ ආසන්නයේ පැවතීමත්, කුණු ගොඩ ගැසීම හේතුවෙන් එම ආක්‍රමණික ශාකයට තිබු ස්වාභාවික බාධකය නැති වී එය පිහිටි ස්ථානයෙන් දකුණට ව්‍යාප්ත වීමේ අවදානමක් ද පැවතුණි...

    මේ සියල්ලට අමතරව, අරුවක්කාලු ව්‍යාපෘතිය සිදුකළා නම් තවත් අනතුරක් සිදුවන්නට ඉඩ තිබිණි... අරුවක්කාලු මෝලට 200m තරම් ළඟින් පිහිටියේ ලංකාවේ විශාලම සහ විවිධත්වයෙන් බහුලම කඩොලාන ගහණයකි.... අරුවක්කාලු වල කුණු වැළලුවා නම්, කුණු වලෙන් භූගත ජලයට මිශ්‍රවන යම් රසායනික ද්‍රව්‍ය තිබී, ඒවා කඩොලාන ශාක ප්‍රජාවට මාරක ලෙස බලපෑමේ අවදානමක් ද විය...

    පසුගිය අන්ත දූෂිත අශීලාචාර රාජපක්ෂ කම්බ හොර රජය විසින් කුණුවලට දෙන්නට ගිය "තිරසාර විසඳුම" ඔන්න ඕක ය.... හෙවත්, පුරාවිද්‍යාත්මක වශයෙන් අමිල සහ පාරිසරිකව මර්මස්ථානයක් වන ස්ථානයක් කුණුවලින් පිරවීම ය...

    ප.ලි. මේ ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 107ක් අනුමත වුවද, ඉන් සෑහෙන කොටසක් වියදම් කරන ලද්දේ "ශක්‍යතා අධ්‍යයන" හෙවත් "ෆීසිබිලිටි ස්ටඩීස්" වලට ය... මෙකී ශක්‍යතා අධ්‍යයන පියවරේදී, මෙවැනි භාරදුර ව්‍යාපෘතියක් බාරගෙන කරන දේශපාලන නායකයන් ඒ පිලිබඳ දැනුවත් වීම අනිවාර්ය යැයි සැලකුණු බැවින්, ඔවුන් හට කොරියාවේදී උපරිම සැප පහසුකම් සහිතව "පුහුණුවීම්" සහ "දැනුවත්කිරීම්" ලබාදෙන ලදී..... ඒවායින් සැප ගත්තෝ නම් එමට ය.... හිටපු මිනීමරු අරක්ෂක සහ නාගරික සංවර්ධන ලේකම්වරයා යන හිටපු චෞර රජාගේ මලයා විසින් කරේ මෙවැනි විශාල විපත් වලින් රට විනාස කර කා දැමීම මිස අන් කවරක්ද?

    ReplyDelete
    Replies

    1. 1. කිසිම පරිසර පද්ධතියකට හානියක් නොවන්නා හෝ පුරාවිද්‍යාත්මක වටිනාකමක් නොමැති ජන ජීවිතයට බාධාවක් හෝ නොවන බිමක් මේ කුඩා දූපතෙන් හොයා ගන්නේ කොහෙන්දැයි චමීරලාගෙන් අහලා කියනවද ?

      2. ඔය හැම සංවේදී කලාපයක්ම බල බල හිටියා නම් අපට මහවැලියත් නැත, විමලසුරේන්ද්‍ර බලාගරයත් නැත, කටුනායක ගුවන්තොටුපලත් නැත, නොරොච්චෝලේත් නැත, පාර්ලිමේන්තුවත් නැත, පෝර්ට්සිටියත් නැත, කොටින්ම කැලණිපාලමත් නැත.

      3. කුණු ගොඩ ගහන්නත් එපා නම්, වෙන තැනකට ගෙනියන්නත් එපා නම් පැකට් කරලා කෑමට ගන්න දෙන්න දැයි, ඔය යහපාලන ගොබ්බසේනලාගෙන් අහලා කියනවද ?

      Delete
    2. 01. කොළඹ කසල පුත්තලමේ අරුවක්කාලූහි පිහිටි හිරිගල් වලවල්වලට ගොස් දැමීමට පසුගිය රජය සියලූ කටයුතු සූදානම් කරතිබූ බවට ඇතැමුන් කරන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බවත්,

      02. තමුන් විසින් මෙම වැඩපිළිවෙලට කැබිනට් අනුමැතිය ලබාගත්තේ පසුගිය ජනාධිපතිවරණයට මාස තුනකට පෙර දී බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

      එම වැඩපිළිවෙල හොඳ එකක් බැවින් වත්මන් රජය යටතේද ඉදිරියට ගෙන ගිය නමුත් පරිසර වාර්තා අනුව තෝරාගෙන තිබූ ස්ථානයේ එය ක්‍රියාත්මක කළ නොහැකි වූ බව කී අමාත්‍යවරයා දැන් එය අරුවක්කාලූහි වෙනත් ස්ථානයක ආරම්භ කිරීමට පියවර ගනිමින් සිටින බව ද සඳහන් කළේය. අරුවක්කාලූ ප්‍රදේශයේ විද්‍යාත්මක කසල රඳවනයක් තැනීමේ වගකීම තම අමාත්‍යාංශය භාරගෙන ඇතැයි කී අමාත්‍යවරයා ඉදිරි වසර දෙක තුළ එය ඉටුකරන බව ද කීවේය.

      http://www.lankadeepa.lk/.../කොළඹ-කසල-පුත්තලමට-ග.../1-511973

      Delete
    3. ඇනෝ මල්ලී සහ අසංග,

      ඔය මෙතැන චමීර/ ජයවීර වගේ කිසිම අවබෝධයක් නොගෙන විකාර පොර ටෝක් දෙන ගොඩක් අය අරුවක්කාරු පැත්තේ පස් පාගලා වත් නෑ.

      කලා ඔය කලපුවට වැටෙන තැනට පහළ ප්‍රදේශයේ තමයි අරුවක්කාරු තියෙන්නේ. කලා ඔයාට උඩින් තමයි විල්පත්තු තියෙන්නේ. ඔතැන ඇති පොසිලයක් ගැන අපි නම් දන්නේ නෑ. මේ වලවල් වහගන්න එක සිමෙන්ට් කම්පැණියටත් ප්‍රශ්නයක්. අපේ ෆ්ලයි ඈෂ් ගෙනියන්න දැන් ප්ලෑන් එකක් තියෙනවා. ඒ වගේම ජියෝ මෙම්බ්‍ර්නේ දාල ලීච් වෙන එක නවත්තන්නත් පුළුවන්.

      දැන් බලපන් නොරෝච්චෝලේට කොච්චර කෑ ගැහුවද? අද නොරොච්චෝලේ නැත්නම් කළුවරේ.

      පදනමක් නැතුව මිනිස්සුන්ගේ මනස විකුර්ති කරන ඔය කියන චමීර ජීවන්ත දෙද්දුවගේ වගේ පිස්සු බුකියේ වඳුරු කුණුහරුප දොඩවන දේශපාලන අනාථයින් නිසා තමයි ලංකාවේ ගොඩක් ප්‍රොජෙක්ට් නවතින්නේ.

      Delete
    4. චමීර කියන්නෙ හා හෝ නැතිව රනිල්ට කඩේ ගිය හාදයෙක්. දැන් ඒ ගැන දු වෙන කෙනෙක්..

      අසංක මම ඔබ හා එකඟයි..

      Delete
    5. //Asanga ManpitiyaMay 23, 2018 at 9:50 AM//

      1992-94 කන්ඩලම හෝටලේ හදන කොට රටට මහා විනාශයක් වෙනවය කියල පාරවල් වහ ගෙන හාමුදුරුවරු, ක්‍රිස්තියානි/කතෝලික පූජකවරුන් ආදිය ඉස්සර්හට දා ගෙන ඒ කාලේ ලොකු විරෝද්යක් තිබ්බා. චන්ද්‍රිකා, මහින්ද වගෙ කට්ටියත් ආවා. ඔය චමීරල වගේ උන් සිය ගානක් විදුසර පත්තරේන් පටන් අරන් රාවය, බලුපුක වගේ එකී මෙකී නොකී හැම පත්තරෙන්ම ඕකට විරුදව ලිවා.


      1994 චන්ද්‍රිකා ජනාදිපති උනා අර ලියපු උන් ගොඩකට ඇමති වරුන් ගාව තනතුරු හම්බ උනා. හෝටලෙත් හැදුනා.
      1994 දින්නට පස්සෙ ටික දවසකින් මෙන්න මේ ව්** නිවාඩුවට දරුවොත් එක්ක යන්නේ ඒකට.

      පසු කාලෙක මම ඒකට නිවාඩුවකට ගියහම දැක්ක මේ හෝටලයට අන්තර්ජාතික පරිසර සම්මනයක් ලැබුන කියල පොඩි award එකක් එල්ලල තියනව ( ඇත්තද දන්නෙ නැහැ )

      Being an ecologist and raising one's voice against any development project is a lucrative business these days.
      No investment or risk but could reap massive returns.
      (only those idiots who believe the people like Chameera and go on to fight with Police put their lives on risk)

      Delete
  2. ඇයිසෙ මාතලන්, ඔය කියන මහින්ද රාජපක්ෂයි මෑන්ස්ගෙ මලය ගෝඨාභයයි මහලොකුවට කයිවාරු ගහන්නෙ යුද්දෙ ඉවර කොරපු එකයි, කොළඹ හැඩ කරපු එකයි ගැනනෙව, දැන් බලපන්න් අනුර කුමාර සහෝදරයාගේ මේ කතාව, මෙන්න සර්වකාලීන සදා සත්‍යය; (http://bit.do/eg47w)

    "ලංකාවෙ තිබ්බෙ උතුරෙ සිවිල් යුද්ධයක්, ඉතින් සිවිල් යුද්දයක් කියන එකට ආරම්භය වගේම යම් මොහොතක අවසානයකුත් තියෙනව, කොයි හරි වෙලාවක යුද්ධය අවසන් වෙනව. ඔය සිවිල් යුද්ද කියන එව්ව මේ සියවස් ගණන් ඇදෙන්න නෑ... දශකයක් දෙකක් යද්දි ඉබේටම ඉවර වෙනව, ඉතින් මේක දශක තුනක් ගියා. සිවිල් යුද්දයක් අනිවාර්ය ලෙස එක් පාර්ශවයක් ජයග‍්‍රහණය කර අනෙක් පාර්ශවය පරාජය කර අවසන් වෙනව. ඉතින් ඒක කොහොමත් අවසන් වන එකේ ඒ අවසන් වෙන වෙලාව වෙනකොට පෙර කරුමයක් පලදීල මහින්ද රාජපක්‍ෂ කියන නීලකාස කම්බා හොරා මේ රටේ ජනාධිපති වෙලා හිටිය ඔච්චරයි’.

    ඉතින් මේ ගෝඨාත් එහෙමයි, පොර යුද්දෙ ඉවර කරන්න කරපු කෙංගෙඩියක් නැහැ, නිකම්ම යුද්දෙ ඉවරවෙනකොට මිනිහ අර තමන්ගෙ ජනාධිපති අයිය විසින් නිසි අධ්‍යාපන සහ පරිපාලන සහතික උපාධි සුදුසුකම් නැතුව නෑකමට ආරක්ෂක ලේඛම් කරා, ඉතින් අන්තිමට යුද්දෙ ගැන හොරණෑ ගහනව ජේවීපී අපිට නම් හිකෙන් පුනා.

    අනෙක ගෝඨා කොළ්ඹ නගරෙ දියුණු කරාලු, පිස්සු. කොහොමත් ඒක නගරෙ මිනිස්සු එකතුවෙලා යූඩීඈඅ එකේ නිල්ධාරි සහ රජයේ වෙනත් අංෂ සැලසුම් කරල දියුණු කරා, ගෝඨා කරුමෙට එතකොට නාගරික සංවර්ධනය භාරව හිටිය, එච්චර්යි.

    ඇත්තටම ගෝඨා රටට කරපු එක දෙයක් කියපන් ඇයිසේ මාතලන්, නිකම් බොරු කියන්න එපා. රට දියුණු කිරීමට නම් 20 වෙනි සංෂෝධනය ගෙනවිත් පාර්ලිමේන්තුවෙන් ජනපති තෝරා එම තනතුරට 2020 හෝ ඊට පෙර අනුස කුමාර සහෝදරයා පත්කරගෙන නවීන සමාජවාදය තුළින් පමණයි මේ රට මේ නාරාවළෙන් ගොඩගෙන දියුණු කළ හැක්කේ.

    ReplyDelete
    Replies
    1. ඉතින් ඕයි ඝෝඨා කරපු එවා තමුන්ම ලියලා ආයෙ මක්කටෙයි මගෙන් අහන්නේ..
      මොළේ අවුල්ද...?

      Delete
  3. මාතේ, ලංකා නිව්ස් වෙබ්/ ඊ-නිව්ස් / නෙලුම්යාය වගේ කණ්ඩායම් නම් දරන්නේ උග්‍ර ගෝටාබය විරෝධයක්, මේ ලිපිය බලන්න

    ///‘විපත් මග‘ අකුලාගත් මීනීමරු ගෝඨාගෙන් ඊලඟට ‘බඩ එළිය‍‘..! හෙට එළි බහී---

    (ලංකා ඊ නිව්ස් -2017.සැප්.05, ප.ව‍. 6.05) ඇමරිකාවේ සිටියදී ‘මෝඩ ගෝඨා‘ යනුවෙන් ප්‍රසිද්ධව සිටි ගෝඨාභය රාජපක්ෂ නමැති යුද්ධයෙන් පළා ගිය කර්නල් වරයා ලංකාවේ රාජ්‍ය නායකයා කිරීම සඳහා පසුගිය වනචර දශකයේ ඝාතකයන්, චෞරයන් එක්ව හදා ගත් ‘විපත් මග‘ නමැති සංවිධානය ජනතා සහභාගිත්වයක් නොමැති වූ බැවින් අකුලා ගැනීමෙන් පසු යලි අලුත් සංවිධානයක් අටවා ගෙන තිබේ. එහි නම ‘බඩ එළිය‘ යි. ‘අපේක්ෂාවන් එළිදක්වන්නට‘ යන්න එහි මෝටෝ එකය. මොටෝ එක නම් නිවැරදිය. හොරුන්ගේ සහ ඝාතකයන්ගේ එකම අපේක්ෂාව තමන් කරන ලද හොරකම් වලින් සහ ඝාතන වලින් දඬුවම් නොලබා බේරීමය. දඬුවම් මතක් වන විටද ඔවුන්ට ‘බඩ එළිය‘ සෑදේ.... ඉතිරිය කියවන්න - http://www.lankaenews.com/news/6301/si ///

    මේ තව එකක්

    ///ගෝඨාගේ ‘විපත් මග‘ ත්‍රස්තවාදී මගට: ව්‍යවස්ථාවට සහාය දෙන අය දේශද්‍රෝහීන්: 88-89 දී වගේ ඔවුන් මරා දැමිය යුතුයි: මිනිය දනහිසෙන් පහලට එල්ලා ගෙන යා යුතුයි- කමල් ගුණරත්න

    ප්‍රකාශ කරද්දී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද ඉදිරියේ සිටියේ ය. මෙවැනි උම්මත්තක ප්‍රකාශයක් කළ කමල් ගුණරත්න බ්‍රසීලයේ තානාපති කාර්යාලයේ සේවයේ සිටියදී එහි සේවකයෙකුට යකඩ පොල්ලකින් ගසා මරා දමා ඝාතනය යට ගසා දමා තිබේ. වත්මන් යහපාලන ආණ්ඩුව කාලයේ දී ඒ ගැන පැමිණිලි ලැබුනද සාක්කි සහිතව හෙළිදරව් කළද ජනාධිපති නියමයෙන් ඒ පරීක්ෂණය යලිත් යට ගසා දමා ඇත........///

    ඔබ මොකද හිතන්නේ රාජිත වගේ තිදක්ෂ පුද්ගලයෙක් පොදු අපේක්ෂක කොට රටේ නායකත්වයට ගෙන ඒම ගැන? රනිල්ට දිගටම අගමැති සහ එජාප නායක වෙලා ඉන්නත් පුලුවන්, මෛත්‍රී වගේ පඹයෙක් නොවී රටට දැනෙන වෙනසක්, උතුරේ දමිළ ජනයාට සාධාරණ විසඳුමක් දෙන්නත් පුළුවන්, හොඳ හ්ඩැක්මක් ඇති අයෙක්. 2015 - 2018 කාලයේ මහාචාර්ය සේනක බිබිලේ ගේ ඖෂධ ප්‍රතිපත්තිය යලි ක්‍රියාත්මක කර ශ්‍රී ලංකාව වෙලාගෙන සිටින ඖෂධ මාෆියාව තුරන් කර අයෙක්. එහි ප්‍රතිඵලයක් ලෙස ස්වාධින ආයතනයක් ලෙස ජාතික ඖෂධ අධිකාරිය බිහි වෙනවා. සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් ජනතාව වෙත ආරක්ෂාකාරී, ගුණාත්මකභාවයෙන් යුත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම නැත්නම් “සාධාරණ මිලකට, ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ ඒවායේ වෙළෙඳ නාමයන්ගෙන් නොව, ඖෂධීය නාමයන්ගෙන් ලබාදීම" මෙන්ම 1990 නොමිලේ ගිලන් රථ සේවාවත් ඔහු ආරම්භ කළා.

    වෛද්‍ය රාජිත සේනාරත්න හෙවත් නූතන සේනක බිබිලේ කියන්නේ උගත් බුධිමත් අවංක ශක්තිමත් සොරකමට විරුද්ධ කාර්යශූර පුද්ගලයෙක්, ඉතින් ඔහු වෙනුවෙන් නෙලුම් යාය, ලංක නිව්ස් වෙබ් ඊනිව්ස් සමග අත්වැල බැඳගමු.

    ReplyDelete
    Replies
    1. සල්ලි වලට ලියන්න ගියාම... සල්ලි දෙන එකා කියන දේ ලියන්න එපාය. උන්ගෙයි අපෙයි වෙනස ඒකයි...
      අපි උනත් යම් දිනයක මුදලට ලියන්න ගියෝත් අපට අත් වන්නේත් මේ ඉරණමමයි
      (මාතලන්ගේ මිළ අධිකයි.)

      Delete
    2. මාතලන්ගේ මිළ අධිකයි.....ඔය මාතලන්ගේ පුකට අරින්න කොච්චරක් මිල කියනවද

      Delete
  4. නිවේදන නිකුත් කිරීම වනාහි බියවීමේ මුලීක ලක්ෂණයකි… ගෝඨා වැනි කෙනෙක් රාඡ්‍ය නායකත්වයට පත් වුවහොත් ගෙවී ගිය කාලය තුල තමන් කල කී දෑවලට වගඋත්තර බඳින්න සිදුවන බව දන්නා නිසා ඇති වන බියකි…

    ReplyDelete
  5. මාත ලං, ගෝඨාභය බලයට පත්වනවාට මහින්ද (ඔහුගේ පුතුන් සහ බැසිල් වැනි අයවලුන්) කැමති නැහැ කියන්නේ ඇත්තක්ද?

    ඔතන ප්‍රශ්නය ගෝඨාභයට උපදෙස් දෙන අය පොදුවේ ගත් කල ඉංග්ලිශ් කතා කරන බටහිර විදිහට හිතන පතන විදෙස් සමාගම වල තනතුරු දැරූ නාලක ගොඩහේවා වැනි අය. යම් ජාත්‍යන්තර මතවාද ඔවුන්ට බලපානවා. බැසිල්ටත් යම් ආකාරයකට ජාත්‍යන්තර මත බලපානවා. කවුරු ජනාධිපති පදවියට තරග කළත් (එය අහෝසි නොකළොත්, පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තෝරණ ක්‍රමයක් යොදා නොගත්තෙත්) ඒ සඳහා විශාල මුදලක් වැය වෙනවා. පාර්ලිමේන්තු මැතිවරණවලටත් විශාල මුදලක් වැය වෙනවා. මෙය අද තියෙන මූලික ප්‍රශ්නයක්.

    අද තියෙන මූලික ප්‍රශ්නය අප වැන්නන්ගේ මතය කුමක් වුවත් අවසානයේ දී ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරණයට පාර්ලිමේන්තු මැතිවරණයට මුදල් යොදවන්නන්ගේ මතවාද. ඒ මතවාද කුමක් වුවත් මහින්ද යම් ප්‍රමාණයකට ජනතාවට ඇහුම්කන් දුන්නා. ඔහුගේ ජනප්‍රියවාදී මුට්ටි දේශපාලනය නිසා සාමාන්‍ය ජනයාගේ මතය යම්දුරකට ක්‍රියාත්මක වුණා.

    අප අතිගරු ජනපති මෛත්‍රිපාල මැතිතුමා දුර්වල අයකු ලෙස ඔබලා හැඳින් වුවත් ඔහුත් ජනමතයට ඔහුට පුළුවන් ප්‍රමාණයට කන්දෙනවා.

    එහෙත් රනිල් තවමත් ඉන්නේ මෛත්‍රිපාලට උඩින්. රනිල් ජනමතයට කන්දෙන්නෙක් නො වෙයි. ඔහු අඩුම තරමෙන් තම පක්‍ෂ මතයටවත් කන් දෙන්නේ නැහැ.

    ඉතින් ගෝඨාභය ආවොත් මොකක් වේවි කියා ඔබ හිතනවාද?

    ReplyDelete
    Replies
    1. රට දියුණු වේවී. විදෙස් ආයෝජන ඒවි. රටේ ප්‍රගතියට ගන්න සුබවාඅදි තීරණයන්ට එරෙහිවන්නන් නිහඬ වේවි. නැත්නම් එයාලා සුදු වෑන් වලින් ට්‍රිප් යාවි. රට මේ තියන තත්වයෙන් බිඳුවක් හෝ ඉදිරයට යාවී..

      Delete
  6. At least, Mathlan make use his right for freedom of expression thanks to this govt. I have a doubt he will have that kind of luxury under Gota 's rule. We need a strong leader who has vision for develop the country within a decade or so, if that is the case Gota is not the best choice.

    ReplyDelete
    Replies
    1. //We need a strong leader who has vision for develop the country within a decade or so, if that is the case Gota is not the best choice.//

      So what is your Choice? Any suggestions?

      You expect so called PRRA-jitha the dentist to lead us to certain heights?

      Whole nation knows what type of role Rajitha, Mangala, CBK all played during the war period which were against the wishes of patriotic people in this country, but helping indirectly the separatists by the movements like Sudu Nelum, Sama Thawalam etc. Nation hated their actions and comments in disgust. Who was responsible for murdering the journalists Richard De Soysa, Thevis Guruge, Premakeerthi De Alwis, Kulasiri Amaratunga , and singeress Sagarika Gomes and also some SLFP organizers like Indrapala Abeydeera(Kalutara) , S.B. Yalegama(Raththota), Rathnayake (Welimada) and so on during 88-89 period?

      The people believed for some killings , then UNP government was responsible and for the rest J.V.P. was responsible.

      On the other hand, what about corruption occurred in the Central bank bond scam? How about the measures you have taken and being taken , which threaten the National defense and Sovereignty of the country?

      A new war has begun. All Patriots, now time has come for us to defend our presidential candidate- Gothabhaya, without any official announcement even, the so called Good Governance Government which is extremely corrupted has started attacking Gota. That shows how fear they are to Gota. We should not allow evil forces to raise its head again to ruin the country. They don’t have any plan to develop the country but to take revenge from the Rajapakse family.

      We should not wait till politicians conversing for Gota. Up to now too the general public moved him forward. Because they need a better country, better living.

      The challenge is so high. We should not depend on the extrimist tamil muslims votes for his win. We Should try to get over 70% of sinhaleese votes for Gota if we want to create a stable country which is not pressed by extrimist parties. Rally around GOTA- He will be the future for Sri Lanka. Keep aside your politics for a moment and vote for Gota. UNP, SLFP, JVP this is up to you.

      Ask karumanayaka about Mangala's performance and the performance of the finance ministry.

      The man who has no knowledge of Economy, Financial, Monetary and Fiscal policies of our nation has become that first Minister of Finance since 1948? I suspected he passed even GEC(Ordinary) Level examination at all?

      Our nation under tragic situation under UNP-SLFP leadership of MS, RW and CBK?
      How can that a male model run a Ministry of Finance?

      Delete
    2. @ Sarathchandra,

      ඉන්ග්‍රීසි හරියට දන්නෙ නතිනම් සින්ගලෙන් ලියපන් බන්..බොරු පොශ් වෙන්න නොදන්න මගුල් කරන්නෙ නෑතුව..උබ සින්ගලෙන් කියවල කුනු හර්ප වගේ වචන අටෝල ඉන්ග්‍රීසි ලියනව මෙලෝ රහක් නෑ උබට විතරක් තේරෙන්න හොදය්

      Delete
  7. Dear Maathalan,

    I have only one Question, If Gotabhaya is not a “Important or Capable Leader”, Why all are replying to his summits and hitting him even saying “Not a threat to us, if he come to Presidential Election, we will win easily” …….etc etc?

    Why all not saying any to any other leaders who can come to 2020 Presidential Election.
    Are you , worrying a person who will not a threat to you …..?

    OR ….. can we decide the important of Gotabhaya, by hearing those “sayings” by others …?

    Open for a valid discussion without “mada”

    ReplyDelete
  8. මේ ආන්ඩුවේ මෙන්ම, පක්ෂ විපක්ෂ සියල්ලේම ඉන්නා උන් එකපාරම ගෝටා ට ගහන්න ගත්තේ ඇයි….. තෙල් මිල වැඩි කරලා.. ගහන්න පුළුවන් හැම එකකටම බදු ගහලා.. ජීවන වියදම වැඩි වෙලා… තෙල් වලට ධීවරයෝ… සිංගප්පූරු ගිවිසුමට වෘත්තිකයෝ ගේම ඉල්ලනවා… ඒවා මේවා වහගන්න.. මිනිසුන්ගේ අවධානය වෙන පැත්තකට යොමු කරන්න මේ ට්‍රයි කරන්නේ.. කොහොමත් මංගල/රාජිත My3 ඒ වගේ යටිකූට්ටු වැඩ වලට දක්ෂයි….

    ReplyDelete
  9. සිරානොමික්ස්" wow

    ReplyDelete
  10. ආණ්ඩුවේ විශ්වවිද්‍යාලවල සල්ලි තියන අයගෙන් සල්ලි අරන් ඉගැන්වීම සහ සල්ලි නැති / අඩු අයට පූර්ණ/ අර්ධ ශිෂ්‍යත්ව ක්‍රමයකට ඉගැන්වීම, පෞද්ගලික අධ්‍යාපනයට තවත් පහසුකම් සැලකීම, ආණ්ඩුවේ රෝහල්වල සල්ලි ඇති අයට සාධාරණ ගණනකට ප්‍රතිකාර කිරීම මගින් දුප්පත් අයට නොමිලේ ප්‍රතිකාරකිරීමට මුදල් ඉපයීම, වෘත්තීය සමිතිවලට පමණ ඉක්මවා බය නොවීම වැනි දේ කිරීමට පුලුවන් ශක්තියක් හා කොන්දක් තියන කෙනෙක් අවශ්‍යයි.

    ReplyDelete
  11. ඇනෝ වලි නැරඹිමට හොදම තැන මාතලනගෙ ෙබොග

    ReplyDelete
  12. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පසුගිය රජය සමයේ විදේශයන්හි සගවන ලද මුදල් තොගයක් මෙරටට ගෙන ඒමට සූදානම් බව ඇමති රාජිත සේනාරත්න පවසයි.

    මන්ත‍්‍රිවරයා විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බැංකුවල තැන්පත් කර ඇති මුදල් ලබන ජූනි මස 01 වැනිදාට කලින් ලංකාවට ගෙන එන බවද ඔහු සදහන් කරයි.

    ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ කැබිනට් මාධ්‍ය හමුව අමතමිනි.

    ReplyDelete
  13. වහිනකොට රටේ ආර්ථිකය වර්ධනයකි එයා කියයි
    යුද්ධයක් ඉබේම නැවති ජයගන්නවාම අනුර කියයි
    අසරණ වුනු අය ගංවතුරටත් යුද්ධෙටත් සාප කියයි
    යුධ බිය නැතිකල ගෝඨා ජනපතිකමට උරුම කියයි

    ලොවම යුද්ධයක් දිනු එකම රට විරුදාවලි ලබා ඇත
    ලොවම අපට කලින්‍ තිබු යුධ තාම ඉවර වෙලා නැත
    ලොවම උපක්‍රමශීලි ගෝඨා නුවණ වටහා ගෙන ඇත
    ලොවම ජයපතා ගෝඨා මීලඟ ජනපති කරනුම ඇත

    ReplyDelete
  14. මාතේ

    ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් රාජපක්‍ෂ බල කදවුර මේ වන විට ශක්තිමත්ව නැලී සිටිමින් ඇති බව පවසයි.

    මේ වන විට 2020 ජනාධිපතිවරණය ඉතා වැදගත් අවස්තාවක් බවට පත්ව ඇතැයිද පවසන ඔහු මෛත‍්‍රිපාල සිරිසේන, රනිල් වික‍්‍රමසිංහ, ගෝටාභය රාජපක්‍ෂ ඒ සදහා තරග වැදීමට බොහෝ ඉඩ ඇති බවද ඔහු සදහන් කරයි.

    මෙහිදී ගෝටාභය රාජපක්‍ෂට ඇති ආකර්ෂණය ඉතා වැඩි බවත් එනිසා ජනාදීපතිවරණයේදී සාපේක්‍ෂ වාසිය ගෝටාභය රාජපක්‍ෂට හෝ එම කදවරෙන් එන අපේක්‍ෂකයෙකුට ලැබෙනු ඇති බවද ඔහු පෙන්වා දෙයි. (https://youtu.be/o3hO6G5Rd0Y). ආචාර්ය නිර්මාල් රංජිත් එන්නේ නම් හොදකට නෙමෙයි වගේ...?

    ReplyDelete
    Replies
    1. මක්කා කළත් නිර්මාල් වෙනස් වෙන මිනිහෙක්.... ඒක පට්ට

      Delete
  15. //ඕනම නම් රට දියුණු වූවායින් පසුව ප්‍රජාතන්තරවාදේ ගැන කතා කල හැකිය.//

    ඔන්න මෑත උබේ මොලේ මෙව්වා එක වැඩකරන්න පටන් අරන්, උබලට ලී කවන් යු ගැන කිව්වහම රට බයිලා තමයි කිව්වේ.

    ReplyDelete
    Replies
    1. Lankika Sithuwilli,

      1950 ගණන්වල දී මුඩුක්‌කු පැල්පත්, ඉබාගතේ යන ගවයන්, මීයන් පිරුණූ කුණු ගොඩවල් සහ දුගඳ හමන කාණුවලින් පිරී වරාය නගරයක්‌ ලෙස කොළඹ දිස්‌ත්‍රික්‌කයට වඩා තරමක්‌ විශාල භූමි භාගයක්‌ ලෝකයේ ප්‍රධාන මෙන්ම නවීන වෙළඳ සහ ආයෝජන මධ්‍යස්‌ථානයක්‌ ලෙසට පත්වන්නේ ලී ක්‌වාන් යූ නැමති අපූර්ව නායකයාගේ දර්ශනයට අනුවයි.

      ලී ක්‌වාන් යූ ට අනුව සිංගප්පූරු ජාතියක්‌ වශයෙන් සැලකීමට අවශ්‍ය මූලික ලක්‌ෂණ වන සමජාතීය ජනතාවක්‌, පොදු භාෂාවක්‌, පොදු සංස්‌කෘතියක්‌ සහ පොදුවේ පිළිගත් ඉරණම පිළිබඳ අදහසක්‌ එවකට තිබුණේ නැත. මෙවන් වටාපිටාවක්‌ තුළ මැලේසියාව නැමති යෝධයාගේ සෙවනැල්ල යට චින, මැලේ සහ ඉන්දියානු ජාතිකයන්ගෙන් සමන්විත රටක්‌ වූ සිංගප්පූරුවේ මෙම සාර්ථකත්වය නිසා සිංගප්පූරුව ගොඩනැඟීමට අනුගමනය කළ ක්‍රියාදාමය "සිංගප්පූරු ක්‍රමය" ලෙස හඳුන්වන්ට පටන් ගන්නා ලදී.

      සිංගප්පුරුව ආසියාවේ ඇති දූෂණය අවම රට වශයෙන්ද හඳුන්වයි. එසේම ලෝකයේ ඇති ක්‌ෂේමභූමියක්‌ ලෙස ද හඳුන්වනු ලැබේ.

      සිංගප්පූරු ක්‍රමයේ නිර්මාතෘවරයාණන් ලෝකයේ සමහරුන් හඳුන්වන්නේ කාර්යක්‌ෂම, හැඟීම්වලට යටත් නොවූ, දූෂණයෙන් තොර, නිර්මාණශීලි, ඉදිරි දැක්‌මක්‌ සහිත සහ තමන්ගේ ක්‍රමයට වැඩ කරන නායකයෙක්‌ ලෙසටයි. තවත් සමහරු ඔහු හඳුන්වන්නේ කරුණාවන්ත ආඥාදායකයෙක්‌ ලෙසයි.

      ඔහු ගේ සිංගප්පූරු ක්‍රමය සමහරු විවේචනය කරන්නේ මෘදු ඒකාධිකාරී, මධ්‍යගත පාලනයක්‌ සහිත පිරිසුදු පාලනයක්‌, නිදහස්‌ වෙළඳ ක්‍රමයක්‌, යටපත් කළ විරුද්ධ පක්‌ෂයක්‌ සහිත අවම කථා කිරිමේ නිදහස්‌ ඇති ක්‍රමයක්‌ ලෙසටය. මෙම ක්‍රමය යටතේ මිනිසුන් පරිස්‌සමින් සහ ස්‌වයං වාරණ සහිත දිවියක්‌ ගත කරන බවයි.

      තවකෙක්‌ පවසන්නේ සිංගප්පුරු ක්‍රමය යනු කෑම බීම, රැකියාවන් සහ ජීවත් වන්නට නිවෙස්‌ ලබාදීම තුළින් ජනතාවගේ කට වසා ඇති ක්‍රමයක්‌ ලෙසයි. කෙනෙක්‌ ඔහු හැඳින්වුයේ හෝරා යන්ත්‍රයේ ටික්‌-ටොක්‌ -ටික්‌-ටොක්‌ හඩ'ට අවනත නායකයෙක්‌ ලෙසටයි. ලී ක්‌වාන් යූට අනුව සිංගප්පූරු ක්‍රමය කිසියම් පිළිගත් දෘෂ්ටියකට අනුව බිහි වූවක්‌ නොවේ. එය සිංගප්පූරුව තුළ පැවති තත්ත්වය අනුව එය වෙනස්‌ කිරීමට හැකියෑයි කල්පනා කළ ක්‍රමයකට අනුව ගොඩ නැගූවකි.

      Delete
    2. මෙම ක්‍රමය ලෝකයේ සිව් කොනේ ම සිටින විද්වතුන්ගේ නිබද පර්යේෂණයට භාජනය වූවකි. මේ නිසාම ලංකාවේ ඇතැම් දේශපාලනඥයින් මෙම ක්‍රමය අනුගමනය කරන්නට උත්සාහ ගත් අවස්‌ථාද විය.

      සිංගප්පූරු ක්‍රමය උඩින් පල්ලෙන් අතපත ගාන ලද සමහරු විදුලි බුබුළු දැල්වෙන මහා මන්දිර, සුවිසල් ගොඩනැගිලි සහ මහා මාර්ග සෑදීම තුළින් සිංගප්පූරු ක්‍රමය ඇති කළ හැකි දැයි සිතන බවක්‌ දැකිය හැකි විය.

      තමන්ගේ දේශපාලන පිරිසිදුකම පිළිබඳ ලී ක්‌වාන් යූ දැඩි ලෙස පරිස්‌සම් වූවේය. ලෝකයේ කුමන රටක වූවත් ඔහුට විරුද්ධව නිවැරැදි නොවූ තොරතුරු පදනම් කරගෙන පුවතක්‌ පළ වුවහොත් වහා ක්‍රියාත්මක වී ඒ සම්බන්ධයෙන් නඩු මගට බැස හෝ ඒ තත්ත්වයට විරුද්ධව කටයුතු කෙළේය. ඔහුට අවශ්‍ය වූයේ හැම විටම තමන්ගේ නම පිරිසුදුව තබා ගැනීමයි.

      කෙනෙක්‌ ඔහු හැඳින්වුයේ හෝරා යන්ත්‍රයේ ටික්‌-ටොක්‌ -ටික්‌-ටොක්‌ හඩ'ට පමණක්‌ අවනත නායකයෙක්‌ ලෙසටයි. ඔහු ප්‍රකාශ කරන පරිදි "යමෙක්‌ සිතනවා නම් මම ඔහුට රිදවන තරමට මට රිදවන්න පුලූවන් කියා, උත්සාහ කරන්න". මෙම ප්‍රතිපත්තිය ඔහුගේ පාලන කාලයේ දක්‌නට ලැබුණු තවත් එක්‌ ලක්‌ෂණයකි. එය ඔහු ක්‍රියාත්මක කෙළේ සමාජයේ යහපත උදෙසාය.

      අද පොදුවේ ආසියානු සංවිධානය තුළ රටවල් පිළිගන්නා ආසියානු වටිනාකම් යන සංකල්පය යටතට ගැනෙන පුද්ගල අයිතිවාසිකම් අභිබවා සමාජයේ යහපත සලකා කටයුතු කරන ජනතාව තම නිදහස යම් තරමකට අතහරිනු ලබන පාලනයක්‌ පිළිබඳ සංකල්පයේ පියා වශයෙන් ලී ක්‌වාන් යූ සලකයි.

      සිංගප්පූරු ක්‍රමය තුළ ඇත්තේ ජනතාවට වග කියන පාලන ක්‍රමයකි. එහිදී දේශපාලනඥයා යනු ජනතාවට බරක්‌ නැති ජනතාවාදී පුද්ගලයෙකි. ඔහු ජනතාවට ඉහළින් සිටින්නේ නැත. මෙම අදහස සමහර විට එතුමා ප්ලේටෝ වැනි ගී්‍රක දාර්ශනිsකයන්ගෙන් ලබා ගත්තක්‌ විය හැකිය. මෙම ක්‍රමයේදී දූෂිතයාට දැඩි දඩුවම් කරන ලබන අතර බහුතරයකගේ සුබසිද්ධිය උදෙසා සහ රටේ ධනාත්මක සංවර්ධනය වෙනුවෙන් ජනප්‍රිය නොවූ තීරණ ගන්නා ක්‍රමයක්‌ සිංගප්පූරු ක්‍රම තුළ දක්‌නට ලැබේ. ලිබරල් ආර්ථික ක්‍රමයක්‌ තුළ සිංගප්පූරුව තරගකාරී ලෝකයට විවෘතව පවතී. හැම කටයුත්තකදීම විනිවිදභාවයකින් කටයුතු කිරීම ලී ක්‌වාන් යූ මැතිතුමාගේ දර්ශනයයි. එතුමා වඩාත් අවධාරණය කළ තවත් කරුණක්‌ වන්නේ වෙනස්‌වන ලෝකයා සමග ඉදිරියට යැමයි. මේ නිසාම ඔහු දැඩි නීති රීති හමුවේ වුවද කැසිනෝ ඇතුළු විදේශයින් රටට ගෙන්වන ක්‍රම පවා ආරම්භ කෙළේය.

      එසේ නම් සැබෑවටම සිංගප්පූරු ක්‍රමය කෙනෙකුට කොපි කිරීමට හැකිද? ලී ක්‌වාන් යූ මැතිතුමා ප්‍රකාශ කෙළේ තමන් රට භාර ගන්නා අවධියේ පැවති වටාපිටාවට අනුව සුදුසු යෑයි කල්පනා කළ දර්ශනයක්‌ අනුව සිංගප්පූරුව ගොඩනැගීමට කටයුතු කළ බවයි. ඒ අනුව ඉහත දැක්‌වෙන කරුණු සිංගප්පූරු ක්‍රමයේ දක්‌නට ඇති ප්‍රධාන ලක්‌ෂණයන්ය. මෙම ක්‍රමය පිළිබඳ විවිධ විෙච්චන සහ චෝදනා එමට ඇත. ලී ක්‌වාන් යූ ම ප්‍රකාශ කළ පරිදි 1950 ගණන්වල ලෝකයට නැවත යන්නට පුළුවන් නම් සිංගප්පූරු නායකයන්ට අවලාද නැගීමට යමෙකුට හැකිද?

      මේ ක්‍රමය සම්බන්ධයෙන් පිළිතුරක්‌ 2011 මැතිවරණයේදී සිංගප්පූරු ජනතාව ලබාදී තිබේ. එම අවස්‌ථාවේදී විරුද්ධ පක්‌ෂයන් සියයට 40 ක ඡන්ද ප්‍රතිශතයක්‌ සහිතව ආසන හයක්‌ දිනා ගත්තේය. මෙය ජනතාව වඩාත් වගකියන සහ ප්‍රතිචාර දක්‌වන ලෙස දේශපාලන නායකයින්ට කරනු ලැබූ අනතුරු ඇඟවීමකි. වෙනස්‌වීමට කාලය ළගා වී ඇති බවට ඉඟි පළ කිරීමකි. විශේෂයෙන්ම ලී ක්‌වාන් යූ නැති රටක ජනතාවගේ අනාගත ප්‍රතිචාරයන් කෙබඳු වේද යන්න සිංගප්පූරු ක්‍රමයේ ඊළඟ අවධියයි.

      කෙසේ වෙතත් අපේ ශිෂ්ඨාචාරය පවතින තාක්‌ කල් මෙම අද්විතීය රාජ්‍ය නායකයා ගැන විවිධ අදහස්‌ පළකෙරෙනු ඇත. ඉන් වඩාත් වැදගත් වන්නේ ඔහුගෙන් පසුව සිංගප්පූරු ක්‍රමය කුමන හැඩතලයක්‌ ගන්නේද යන්න සහ ඒ තුළින් මෙම ශේ්‍රෂ්ඨ නායකයාගේ යෝධ ව්‍යායාමයට වැඩි අගයක්‌ එකතු කරයිද යන්නය. අපි බලා සිටිමු. ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමා ලී ක්‌වාන් යූ මැතිතුමාගේ අභාවය ගැන ප්‍රකාශයක්‌ කරමින් කියා සිටින්නේ ලී ක්‌වාන් යූ දූරදර්ශී පාලකයෙක්‌ සහ නායකයින් අතර සිංහයෙක්‌ ලෙසයි.

      Delete
    3. ලී ක්වාන් යූ ගැන මම බයිලා කිව්වේ නෑ... නමුත් වැඩි පඩි දෙන්න ඕන කියන එකට නම් විරුද්ධව කතා කරලා තියෙනවා... රට හදලා ඉවර වෙලා කීය දුන්නත් මට අවුලක් නෑ...

      Delete
  16. මාතලන්ගේ මිළ අධිකයි.....ඔය මාතලන්ගේ පුකට අරින්න කොච්චරක් මිල කියනවද

    ReplyDelete
    Replies
    1. සුදු පුකවල් වල මිළ අධිකවේ

      Delete
  17. Lankika ලංකිකා,

    විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවෙන් කෙටුම්පත් කර ඇති 20 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත කතානායකවරයාට බාර දී ඇත.

    ජනතා විමුක්ති පෙරමුණ විසින් පුද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස මෙය පක්‍ෂ නායක අනුර කුමාර දිසානායක විසින් බාර දී තිබේ.

    මේ මොහොතේ විධායක ජනාධිපති ධුරය රටට උවමනා බවත් එය අහෝසි නොකල යුතු බවත් සියළු නිකායන්හි අනු නායක වරුන්ගේ අත්සන් සහිත සංග ආඥාවක්ද නිකුත් කර තිබියදී මෙම යෝජනාව ජවිපෙ විසින් ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.

    සංගාඥාවට ගිය කල. බුද්ධ චීවරය දේශපාලන වැඩ වලට පාවිච්ච්චි කරල ඒක පච කරවන අනුනායකවරු ඉල්ලා අස්විය යුතුය. තරැණ භික්ෂූන්ගේ හිත් වල මෙෙත්‍රිය වෙනුවට වෙෙරය වපුරා ඔවුන් පොලිස් මාර්ග බාදක පෙරලන ගේට්ටු තාප්ප උඩින් පනින ත්‍රස්තවාදීන් බවට පත් කල, භික්ෂූන් වහන්සේලා දහස් ගනනක් ටයර් සෑ වලට බිලි කල, බුද්ධාගම වෙෙරාගමක් බවට ලෝකයා හමුවේ පෙන්වූ මේ JVP බටහිර ඒජන්තයින් දැන් අන්තිම සටනට බැහැලා..

    පල්ලියේ සීනු නාද වේ….. Jingle Bells හඬ පැතිරේ….බළලා මල්ලෙන් එලියට පනී…

    ReplyDelete
    Replies
    1. ගැටළුව ඇත්තේ තනතුරේ නොවේ... පුදගලයින් මතය.
      ඒ නිසා ඕක තිබ්බත් නැතත්... රටේ නායකය වන එකා ඉන්නේ ආජ මානසිකත්වයකිනි... සිරිමාවෝ හොඳම උදාහරණයය

      Delete
  18. මාතලන් ලොක්කෝ,

    අම්මට සිරිලංකාවේ දේශපාලනයෙහි වම හා දකුණ යන්න අද වන විට ව්‍යාජයක් බවට පත්වෙලා. වම දකුණ දේශපාලනයක් 1952ට ඉස්සෙල්ල තිබුණා. ඒ දේශපාලනයෙහි ජාතිකත්වයක් තිබුණෙ නැහැ කියන්න බැහැ. එහෙත් ජාතිකත්වය වමේ මෙන් ම දකුණෙත් දකින්න පුළුවන් වුණා. එකල එ ජා පක්‍ෂය එක් පැත්තකත් අනෙක් පැත්තෙ සමසමාජ කොමියුනිස්ට් පක්‍ෂ වගේ ම විප්ලවකාරී සමසමාජ පක්‍ෂයත් තිබුණා. විප්ලවකාරී සමසමාජ පක්‍ෂය කියන එක අද ඉන්න අය දන්නෙ නැතිව ඇති. ඒකෙ නායකයා වුණෙ පිලිප් ගුණවර්ධන.

    පිලිප් ගුණවර්ධන මාක්ස්වාදී ප්‍රවාද (තියරි) දැනගෙන හිටිය බුද්ධිමතෙක්. ඔහු තමයි මෙරට මාක්ස්වාදයෙ පියා හැටියට හැඳින්වෙන්නෙ. ලංකා සමසමාජ පක්‍ෂය පිහිටුවන්න මුල් වූ අය අතරෙ ප්‍රධානියා වුණෙ ඔහු. මා අහල තියෙන විධියට ඔහු පක්‍ෂයෙ මණ්ඩලවල කතා කරන කොට ඩොරික් සූසා වැනි අය ගෞරවයෙන් අහගෙන ඉඳලා තියෙනවා. ඩොරික් සූසාලා හෙක්ටර් අභයවර්ධනලා තමයි පක්‍ෂයෙ පසුකාලීන න්‍යායචාර්යවරුන් වුණෙ.

    එක්සත් ජාතික පක්‍ෂයට කැමති වුණ ඇතැම් දෙනා ඩී එස් සේනානායකලාට පක්‍ෂපාති වුණ අය. ඔවුන් ඩී එස්ලාගේ නිදහස් සටන අගය කළා. ඔවුන්ට පෙබරවාරි හතර වැදගත් දිනයක් වුණා. ඒ අයගෙ ජාතිකත්වයක් නැහැ කියන්න බැහැ. සඟ වෙද ගුරු බලවේගයෙ සාමාජිකයනුත් එහි හිටියා. ඔවුන් සුළු ධනේශ්වරය ආදී වශයෙන් වර්ග කරන එකේ කිසිම තේරුමක් නැහැ. එවැනි වර්ගීකරණවල වලංගු බවක් නැහැ.

    ඩී එස්ලා බටහිරට වන්දනාමාන කළ අය. ඔවුන් නූතනත්වයේ වුණත් ජේ ආර්ගෙ තාත්තලා තරම් නූතනත්වයෙ අය නො වෙයි. ඩී එස් ඇන්දෙ පැළැන්දෙ ඉංගිරිසිකාරයෙක් වගේ. ඒ මදිවට ඔහු ටොප්හැට් වලිගකබා ආදියෙනුත් සැරසිලා හිටියා. නව ලිබරල්වාදය ගැන කතාකරන වත්මන් තරුණ තරුණියන් මේ ඇඳුම් දන්නෙ නැතිව ඇති. ඩී එස් අසුන් පිට යන්නත් දැනගෙන හිටියා. ඔහු මියගියෙත් අසු පිටින් ඇද වැටිලා.

    ඒත් ඩී එස්ගෙ යම් ගැමිකමක් තිබුණා. අර කුමාරි ජයවර්ධනගෙ පොතේ සම්බොඩීස්ලා වුණු නෝබොඩීස්ලා හැටියට හැඳින්වුණෙ ඩී එස්ල වගේ අය.

    වරක් එකල පුවත්පත් කතුවරයකු වූ ඩී බී ධනපාල කිව්වෙ ඩී එස්ගෙ ටයි කෝට් යට හොඳ ගැමියෙක් උන්න කියලත් බණ්ඩාරනායකගෙ රෙද්ද බැනියම යට හොඳ ඉංගිරිසිකාරයකු හිටිය කියලත්. ඩී එස්ලා ජේ ආර්ලා බණ්ඩාරනායකලා මේ සියල්ලන් ම කලක ඇංග්ලිකන් ක්‍රිස්තියානි. පස්සෙ ඔක්කොම බෞද්ධ වෙලා.

    ReplyDelete
    Replies
    1. දේශපාලනයෙහි සාධාරණ වර්ගීකරණ ප්‍රවාද බලාපොරොත්තු වෙන්න එපා. ඩී එස්ලාටත් යම් නිදහසක් අවශ්‍ය වුණා. එහෙත් ඔවුන් එය ඩොමීනියන් තත්වයේ තියා ගත්තා. ඔවුන් එංගලන්තයේ රජු මෙරටත් රජු ලෙස නිදහසෙන් පසුත් පිළිගත්තා.

      ඔවුන් ඉන්දියාවට බය වුණා. ඉන්දියාවෙන් බේරෙන්න ලංකාවෙ කටුනායක ත්‍රිකුණාමල කඳවුරු ඉංගිරිසින් යටතෙ ම තියෙන්න ඇරිය. ඉන්දියාවෙත් බලාපොරොත්තුවක් නොතිබුණා නොවෙයි ලංකාව තම ප්‍රාන්තයක් කර ගන්න. මා එයින් අදහස් කරන්නෙ ඉංගිරිසින්ට කඳවුරු තියා ගන්න දුන්න එක යුක්ති යුක්ත කරන්න නො වෙයි. කොහොමටත් ලංකාවෙ වැඩි පිරිසක් ඩී එස්ලාගෙ නිදහස් සටන පිලිගත්ත.

      සමසමාජ පක්‍ෂය තිස් ගණන්වල ආරම්භ කලෙ පූර්ණ නිදහස දිනාගන්න. එය තමයි ලංකාවෙ පැරණි ම දේශපාලන පක්‍ෂය. ඔවුන් තම නිදහස් සටන කම්කරු පංති නායකත්වයෙන් අධිරාජ්‍යවාදයට විරුද්ධ ව කරන්න සංවිධානය වුණෙ. ඔවුන් අධිරාජ්‍යවාදය කියලා කිව්වෙ ලෙනින් අර්ථදක්වපු අධිරාජ්‍යවාදයට. ඔවුන් ජාතිකත්වයක් ගැන කතා කෙළෙ නැහැ. ඔවුන්ගෙ නිදහස් සටන පංති අරගලයෙ ම කොටසක් වුණා. මේ අරගලයටත් ජාතිකත්වය ඇති සඟ වෙද ගුරු සහායක් සුළු පමණින් ලැබුණා. එහෙත් සඟ වෙද ගුරු වැඩි පිරිසක් හිටියෙ ඩී එස්ලා එක්ක.

      බණ්ඩාරනායක සිංහල මහා සභාවක් හදලා තිබුණා. හතළිහේ දශකයේ මුල එ ජා පක්‍ෂය හැදුවෙ විවිධ කණ්ඩායම් සභා එකතු වෙලා. සිංහල මහා සභාවෙ අයත් එ ජා පක්‍ෂයට ගියා. ඉතා පැහැදිලිව එ ජා පෙ විවිධ පුද්ගලයන් අතර විවිධ මට්ටමේ ජාතිකත්ව තිබුණෙ. එ ජා පක්‍ෂයෙන් කැඩිලා ශ්‍රී ල නි ප පිහිටුවීම මෙරට දේශපාලනයේ සන්ධිස්ථානයක් වුණා. එය ජාතිකත්වයෙ පක්‍ෂය බවට පත්වුණෙ 1952දි. ඉන්පසු ඔවුන්ගෙ ඡන්ද පදනම වැඩි වෙන්න පටන් ගත්ත.

      මේ වන විට අප අමතක නොකළ යුතුයි විවිධ ජාතිකත්ව කණ්ඩායම් තිබුණ බව. භාෂා පෙරමුණ, හෙළ හවුල ආදිය ඉන් ප්‍රධානයි. හෙළ හවුල සිංහලකම ඉස්මතු කළා. එයට කලින් ඕල්කට් බෞද්ධයන් බෞද්ධකම ඉස්මතු කරලා තිබුණා. ධර්මපාලතුමා සිංහල බෞද්ධකම ගැන කතා කළා. මේ අතර පිලිප් ගුණවර්ධනත් ජාතික පැත්තට සේන්දු වෙමින් හිටියා. එතුමා පසුව පුස් කෑ මාක්ස්වාදී පොතපත ගැනත් කතා කළා. එහෙත් මාක්ස්වාදයෙන් සම්පූර්ණයෙන් ම කැඩුණෙ නැහැ. 1956 ආසන්නයේ ම එ පෙරමුණ පිහිටුවා ගත්තෙ ශ්‍රී ල නි ප, විප්ලවකාරී සමසමාජ පක්‍ෂය, භාෂා පෙරමුණ ආදිය එකතුවෙලා. එහි නායකයන් අතර බණ්ඩාරනායක, පිලිප් ගුණවර්ධන, අය එම් ආර් ඒ ඊරියගොල්ල ආදීන් හිටියා.

      ම එ පෙරමුණ 1956 දි බලයට පත් වුණා. එදා ඉඳලා මෙරට වම වැටෙන්න පටන්ගත්තා. පසුව බණ්ඩාරනායක ඝාතනයෙන් පසු විප්ලවකාරි සමසමාජ පක්‍ෂයට ම එ පෙරමුණු සංධානයෙන් අයින් වෙන්න සිද්ධ වුණා. ශ්‍රී ල නි පක්‍ෂය වෙන ම දේශපාලනයක් කළා. ජාතිකත්වය එදා බෙදී ගියා. එහි වාම දකුණ භේදයක් තිබුණා. එහෙත් 1964 සමසමාජ පක්‍ෂය ශ්‍රී ල නි පක්‍ෂය සමග එක්වෙලා සංධානයක් පිහිටුවා ගත්ත ම වම නැතිවෙන්න පටන් ගත්තා. ඇත්තට ම වම ජාතිකත්වය යටතට පත්වෙන්න පටන්ගත්තා. පසුව කුඩා කණ්ඩායම් ඊනියා වමක් ගොඩනගන්න උත්සාහ කළා. ජ වි පෙ පමණක් එහි යම් සාර්ථකත්වයක් දැක්කා. එහෙත් ඔවුන් උරුම කරගත්තෙ මිනීමැරීම. 1990න් පසු ඔවුන් අවතාරයක් පමණයි. අද වම දකුණ ඇත්තෙ හමුදා සරඹවල පමණයි.

      අදත් ජාතිකත්වය බෙදිලා. ඒ බෙදීම නිසා විජාතික රනිල් බලයේ ඉන්නවා. 2019 වන තුරු බලා ඉන්නෙ නැතිව අද ම රනිල් ඉවත් කරන්න පුළුවන්. 2019 වන තුරු බලා සිටියොත් රනිල් බලයෙන් පහ කිරීම පහසු වන්නෙ නැහැ. ඉතින් 2019 ට පෙර රනිල් ඉවත් කරන්නේ කොහොමද කියලා අපි සංවාද කරමු.

      Delete
    2. ලොව සියලුම රටවල් ලිබරල්වාදය පිලිගෙන අවසානය.,
      උතුරු කොරියාවද ඒ මග යනු ඇත

      Delete
    3. //ලොව සියලුම රටවල් ලිබරල්වාදය පිලිගෙන අවසානය.,
      උතුරු කොරියාවද ඒ මග යනු ඇත //

      සංවර්ධිත ලෝකයේ සිදුවූ කාර්මීකරණය මගින් පුරවැසියන්ගෙන් අති බහුතරයකට ක‍්‍රමවත් රැකියා නිර්මාණය කර දුනි. එම ක‍්‍රමවත් සේවා නියුක්තිය හේතුවෙන්, වැඩ කරන ජනතාවට අවම වැටුප්, විරැකියා රක්ෂණ, විශ‍්‍රාම අයිතීන් ආදිය සපයාගත හැකි විය. පෞද්ගලික සහ සමාගම් බදු ඉහළ මට්ටමකින් පවත්වා ගැනීම හේතුවෙන්, සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැනි බොහෝ සේවාවන්, පංතිය, සමාජ පදනම හෝ වෘත්තීය පදනම නොසලකා සියල්ලන්ට සැපයීමට රාජ්‍යයට පිළිවන් විය. පංති විෂමතා සහ ආදායම් විෂමතා බොහෝ දුරට අඩු කෙරුණු අතර කම්කරු පංතියට පවා රැකියා ආරක්ෂණය පිළිබඳ යම් හැඟීමක් ද, තමන් රාජ්‍යයට අයත් පුරවැසියන්ය යන හැඟීමක් ද ඇති කර ගැනීමට පිළිවන් විය. එවැනි තත්වයන් යටතේ, ආගම සහ ජාතිය වැනි කරුණු මත ගොඩනැගෙන පුද්ගල අනන්‍යතාවන් එකිනෙකාගේ පෞද්ගලික පරිවාරයන් තුළට පමණක් සීමා කෙරුණි. පුරවැසියන් වශයෙන් එම කරුණුවල අදාළත්වය එක්කෝ නැති කෙරුණි. නැත්නම් බාල කෙරුණි.

      සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ තත්වය බොහෝ සෙයින් ඊට වෙනස් විය. ප‍්‍රමාණවත් පරිද්දෙන් කාර්මීකරණයක් නොවීම නිසා, මේ රටවල ජනයාට සිදුවුණේ ගැමි කෘෂිකර්මය, ධීවර කර්මාන්තය සහ ශිල්පීය ක්ෂේත‍්‍රයන්ට කොටු වීමටයි. එය ද බොහෝ කොට, ස්වයං-රැකියා වශයෙනි. වැටුප් ලබන්නන්ගෙන් බොහොමයකට යෝග්‍ය රැකියා තත්වයන් හෝ ජීවන තත්වයන් හිමි වුණේ නැත. බොහෝ නාගරික වැසියෝ අවිධිමත් රැකියාවන්හි නිරත වෙමින් අසතුටුදායක නාගරික පරිසරවල ජීවත් වූහ. මෙය, සමස්තයක් වශයෙන් ගත් විට, සංවර්ධනය වෙමින් පැවති ලෝකයේ සමාජ-ආර්ථික සහ දේශපාලනික විවිධත්වය අවතක්සේරු කිරීමක් නොවේ. එහෙත් එම රටවල පැවති සමාජ-ආර්ථික තත්වයන් ඉහත කී සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකයේ පැවති තත්වයන්ට වඩා බෙහෙවින් වෙනස් ස්වරූපයක් ගත් බව කිව යුතුය. අසංවර්ධිත රටවල් ඉදිරියේ පැවති ප‍්‍රධාන අභියෝගය වුණේ, සාමාන්‍ය මිනිසාගේ සමස්ත ජීවන තත්වය නැංවෙන පරිදි, ඉහළ සංවර්ධන මට්ටමක් ඇති කර ගැනීමයි. මීට දශක කිහිපයකට කලින් නව-ලිබරල්වාදයෙන් මේ රටවලට ඉදිරිපත් කෙළේ ඒ සඳහා වන අපේක්ෂාවකි.

      එහි දී, ගෝලීය ආර්ථිකය තුළට උරා ගැනීමට නම් ජාතික සීමාවන්, එක්කෝ ඉවත් කළ යුතු විය. නැත්නම් අවම කළ යුතු විය. අතීතයේ ඒ ඒ රටවල පැවති දෘෂ්ටිවාදීමය ආස්ථානයන් කවරක් වුවත්, මේ වන විට බොහෝ රටවල් එම කොන්දේසියට අනුගතව ඇත. එහි ප‍්‍රතිඵලය වුණේ, ගෝලීය ධනවාදයේ කොටසක් වූ රටවල් තුළ ඇති වූ යෝධ සමාජ විපර්යාසයයි.

      Delete
    4. නව-යටත්විජිතවාදය යටතේ ඇති කෙරුණු සමාජ විපර්යාසය, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යටතේ යුරෝපීය සුභසාධන රාජ්‍යයන් තුළ ඇති කෙරුණු ධනපති සංවර්ධනයට සපුරා වෙනස් විය. නව-යටත්විජිතවාදී විපර්යාසය තුළ, පුරවැසියන්ව තිරස් අතටවත්, සිරස් අතටවත් සමාජමය වශයෙන් අන්තර්ග‍්‍රහණය කර ගැනුණේ නැත. එහි ප‍්‍රතිඵලය වුණේ, ජනතාවගෙන් විශාල බහුතරයක් රාජ්‍යයෙන් සහ ප‍්‍රධාන ආයතනික ව්‍යුහයෙන් පරාරෝපණය (පිටමං) වීමයි. ඉතිං ඔවුන් කරන්නේ, සම්ප‍්‍රදායික ආයතන වටේ ද, බල කේන්ද්‍රයන් වටේ ද කැරකෙමින් සිටීමයි.

      දේශපාලනික වශයෙන් බළමුළු ගන්වන ලද කම්කරු පංතියක් විසින් පාලක ධනපති පංතිය පෙරලා දමා සමාජවාදී සමාජයක් ස්ථාපිත කරන තෙක්, බටහිර කාර්මික ධනවාදයට ආවේණික පරස්පරයන්හි අවසානක් ඇති කරගත හැකි වෙතැ යි කාල් මාක්ස් පෙර-දුටුවේ නැත.

      එහෙත් ධනපති ක‍්‍රමය ගැන ඊට වඩා මධ්‍යස්ථ විවේචකයෝ, ප‍්‍රාග්ධනයේ හිමිකරුවන් සහ කම්කරු පංතිය අතර දිනෙන් දින පුළුල් වන පරතරය පියවාගෙන, ප‍්‍රචණ්ඩ සමාජවාදී විප්ලවයක් මගහැර යාමට ඇති හැකියාව දැක්කෝය. සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදි පාලන ක‍්‍රමයන් යටතේ බටහිර යුරෝපයේ ගොඩනැගුණු සුභසාධන රාජ්‍යයන් තුළ එවැනි විභවයක් තිබුණි. ඔවුන්ගේ උපාය මාර්ගය වුණේ, සමාජ ප‍්‍රතිසංස්කරණ, ප‍්‍රගාමී බදු සහ සමාජ ආයෝජනයන් වර්ධනය කිරීම් හරහා, ජාතික රාජ්‍ය රාමුවක වෙසෙන විවිධ ජන කොටස් අතර පවතින වෙනස්කම් අතික‍්‍රමණය කරමින්, තිරස් සහ සිරස් සමාජ සහයෝගීතාව ප‍්‍රවර්ධනය කෙරෙන පුළුල් සමාජ පුරවැසි භාවයක් නිර්මාණය කිරීමයි. ප‍්‍රගාමී බදු ක‍්‍රමයක් මගින් (වැඩියෙන් හරිහම්බ කරන්නන්ගෙන් වැඩියෙන් බදු අයකර ගැනීම) මගින් ඇති-නැති පරතරය අවම කරගෙන, පොදු ජනතාවගේ ජීවන තත්වයන් සහ රැකියා තත්වයන් වර්ධනය කර ගැනීමක් අපේක්ෂා කෙරුණු අතර, ලෞකික අධ්‍යාපනය, සැමට සමාන අවස්ථා සැපයීම සහ සමාජ, ආර්ථික සහ දේශපාලනික අයිතීන්ට අදාළ ක්ෂේත‍්‍ර තුළ කෙරෙන මැදිහත්කාරක ක‍්‍රියාවන් හරහා, ආගම භාෂාව ජාතිය සහ ලිංග භේදය වැනි සමාජයීය සහ සංස්කෘතික බෙදීම්වලට යටත් විවිධ ජන කණ්ඩායම් ව්‍යුවහාත්මකව අනුකලනය කර ගැනීමට (සමාජය තුළට එක්කාසු කර ගැනීමට) අපේක්ෂා කෙරුණි.

      ඉතිං, විවිධ සමාජ කොටස්වල අවශ්‍යතා නියෝජනය කරන රාජ්‍යය, සමාජ ගැටළු සහ ප‍්‍රශ්න විසඳාලීමට මැදිහත් වුණේ, පවතින සාක්ෂි මත පදනම් වන, සාධාරණ සහ අපක්ෂපාතී මහජන ප‍්‍රතිපත්තීන් උපයෝගී කර ගනිමිනි. ඒ මාර්ගයෙන්, මිනිසුන්ගේ සංස්කෘතිකමය අනන්‍යතා ඔවුන්ගේ පෞද්ගලික පරිමණ්ඩලයට සීමා කොට, සාමූහික අනන්‍යතාව මූලික වශයෙන් නිශ්චය කෙරෙන පුළුල් සමාජ පුරවැසි භාවයක් නිර්මාණය කර ගැනීම අරමුණු කෙරුණි. අනිත් පැත්තෙන්, ඉහළ බදු අයකිරීම් නිසා, අධ්‍යාපනය, සෞඛ්‍ය, සමාජ ආරක්ෂණය, ප‍්‍රවාහණය සහ ළමා රක්ෂණය වැනි මූලික මහජන සේවාවන් සාධාරණ ආකාරයකින් සැපයීමට රාජ්‍යයට හැකි වුණි.

      Delete
    5. සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවලට නව-ලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිසංස්කරණ හරහා ඉහළ ආර්ථික වර්ධන මට්ටමක් ලඟා කර ගැනීමට හැකි වී ඇති මුත්, ඒ ආර්ථික ව්‍යාප්තිය ගමන් කොට ඇත්තේ, දිනෙන් දින වැඩි වන සමාජ විෂමතාවන් ද සමගිනි. බහුතර ජනතාවක් සම්බන්ධයෙන් ගත් විට, අස්ථාවර සහ දිළිඳු රැකියා තත්වයන් සහ පහත් ජීවන තත්වයන් සමගිනි. ඒ අතරේ, ජාතිය වැනි ආචීර්ණ කල්පික අනන්‍යතාවන් ද, ආගම වැනි සම්ප‍්‍රදායික ආයතන ද, විශාල ජනතාවක් කෙරෙහි පමණක් නොව, රාජ්‍යය කෙරෙහිමත් බෙහෙවින් බලපෑම් කිරීමට තරම්, බලසම්පන්න වී තිබේ. ඒ මගින්, වාර්ගික/ආගමික මූලධර්මවාදයේ හිස එසැවීමට කොන්දේසි නිර්මාණය වී තිබේ. කවුරුත් දන්නා පරිදි, අද වන විට, ශ‍්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල පමණක් නොව, සමස්ත ලෞකික ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකය තුළමත්, සමාජ දේශපාලනික ස්ථාවරත්වය තර්ජනයට ලක්කිරීමට තරම් ඒ මූලධර්මවාදයන් ඉදිරියට විත් තිබේ.

      රාජ්‍ය නිර්බාධවාදය නිසා පීඩාවට පත් වු සමාජ කොටස් ඉතා වේගයෙන් සමාජවාදී අදහස් වෙත යොමු වීම නිසා ධනවාදය බිඳවැටීමේ අභියෝගයකට ධනේෂ්වරය මූහුණපැවේ ය. මේ පිළිබඳ සලකා බැලූ ලිබරල් වාදීන් 19 වැනි සියවසේ අගභාගයේ දී ලිබරල් චින්තනයේ න්‍යායාත්මක වෙනස් කමක් සිදු කළේය. ඒ අනුව සම්භාව්‍ය ලිබරල් යුගයේ දී රාජ්‍යය පුද්ගලයාගේ නිදහසට බාධා නොකර නීතිය හා සාමය ආරක්ෂා කිරීම පමණක් සිදු කල යුතුය යන මතය වෙනුවට රාජ්‍යය පුරවැසියාගේ සුභසාධන කටයුතු ද සිදු කළ යුතුය යන අදහස ඉස්මතු විය. මෙ අනුව සංශෝධිත ලිබරල් චින්තනය "සුභසාධනවාදය" ලෙස හැඳින්විණි.

      සුභසාධනවාදය පිළිබඳ අදහස් දැක්වූ චින්තකයන් කීහිප දෙනෙකි. උපයොගීතාවාදීන් ලෙස හැඳින් වූ මෙම චින්තකයනගේ අදහස් සුභසාධනවාදයේ වර්ධනයට දායක විය. ඔවුන් අතර ජෙරමි බෙන්තම්, ජෝන් ස්ටුවඩ් මිල් හා ජොන් රෝල්ස් ප්‍රධාන වේ. මොවුන් සියළුදෙනා පැවසූවේ රාජ්‍යය පුරවැසියාගේ සුභසාධනයට කැපවියයුතු බවයි.

      සුභසාධනවාදයේ ආරථික මුහුණුවර සැකසූයේ ඇමරිකානු ජාතික ආර්ථික විද්‍යාඥ ජෝන් මෙනාඩ් කේන්ස් විසිනි. ඔහු විසින් 1930 දශකය තුළ ලොවපුරා පැතිරුණු ආර්ථික අවපාතයට පිළියම් සෙවීමට කටයුතු සිදුකරන ලදී. කේන්ස්ගේ මතය 'කෙන්සියානු දර්ශනය' ලෙස ආර්ථික විද්‍යාව තුළ හැඳින් වේ. ඔහු සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයන් දැරූ මතය වූ 'සැපයුම මත ඉල්ලුම තීරණය වේ' යන්න ප්‍රතික්ෂේප කළේය. සාර්ව ආර්ථීක විද්‍යාවේ පියා ලෙස හැඳින්වෙන කේන්ස් 'හිඟ අය වැය' සංකල්පය අගය කළේය. මන්දයත් අයවැය හිඟයක් පවතින අවස්ථාවකදී රජය විසින් එම හිඟය පියවාගැනීමට විවිධ ක්‍රමෝපායන් මඟින් ආර්ථිකයට මුදල් පොම්ප කරයි.එලෙස රජය විසින් ආර්ථිකයට සිදුකරන විදීම් හා රජය විසින් සිදු කරන්නා වූ යටිතලපහසුකම් සංවර්ධනයත් ආර්ථික වර්ධනයට දායක වේ. මේ අනුව කේන්ස් විසින් ආර්ථික සංවර්ධනයට රජයේ දායකත්වය අගය කළේය.

      නූතන ලිබරල් චින්තනයට අනුව රාජ්‍යය යනු පුරවැසියාගේ සුභසාධකයා ය. ඒ අනුව රාජ්‍යයට නීතිය හා සාමය ආරක්ෂා කිරීමට අමතරව සුභසාධන කටයුතු ද භාර විය.

      නූතන ලිබරල් ප්‍රතිපත්ති යටතේ රාජ්‍යය 'සුභසාධකයකු' වීම පසුකාලීනව ගැටළුකාරී වූ අතර රාජ්‍ය විසින් සුභසාධන කටයුතු සිදු කිරීම රාජ්‍ය අයවැය මත විශාල බර පැටවීමක් විය. මේ අනුව ලිබරල්වාදීන් විසින් 1980-90 දශකයන් වලදී 'නව ලිබරල් චින්තනය' හඳුන්වා දුනි. මෙම ක්‍රමය යටතේ රජය විසින් පුරවැසියාගේ අවම කටයුතු ප්‍රමාණයක් කළමණාකරණය කරනු ලබයි. මෙම සංකල්පය "අවම රාජ්‍ය සංකල්පය" ලෙස හැඳින් වේ.

      අවම රාජ්‍ය සංකල්පය යටතේ රාජ්‍යය විසින් නීතිය හා සාමය ආරක්ෂා කිරීමට අමතරව සුභසාධන කටයුතු කීපයක් හා රාජ්‍ය ආයෝජන හා යටිතලපහසුකම් සංවර්ධය වැනි කටයුතු සිදු කරයි. නමුත් ආර්ථිකය තුල පෞද්ගලික අංශයට වැඩි වශයෙක් ක්‍රියාකාරී වීමට රජය විසින් ඉඩ සලසා ඇත.

      මෙම ක්‍රමය 'නිර්බාධවාදයෙන්' මදක් ඉදිරියට ගිය 'සුභසාධනවාදයෙන්' මඳක් පසුපසින් සිටින්නා වූ ක්‍රමයක් ලෙස සැලකේ.

      අවම රාජ්‍ය සංකල්පයේ ආර්ථික මුහුණුවර සැකසීම ආර්ථික විද්‍යාඥ මිල්ටන් ෆ්‍රීඩ්මාන් විසින් සිදු කරන ලදී.

      නව ලිබරල්වාදයට අනුව රාජ්‍යය යනු පුරවැසියාගේ අවමය කළමනාකරණය කරන කළමනාකරුවකු පමණි.

      1980-90 දශක වල සිට අද දක්වා ලොව පුරා ක්‍රියාත්මක වන්නේ නව ලිබරල් චින්තන දහරාවයි. මෙම චින්තනයේ ප්‍රතිඵල ලෙස රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය, විවෘත ආර්ථික සංකල්පය වැනි දේශපාලනික හා ආර්ථික සංකල්ප හැඳින් විය හැක. නමුත් නව ලිබරල් චින්තනය ගෝලීය ගැටළු විසඳීමට ප්‍රශස්ත විකල්පයක් නොවන බව ඔප්පු වී හමාරය.

      Delete
    6. සියළුම ආකාරයේ වූ ප්‍රාග්ධනය, කේන්ද්‍රයේ රටවලට සංකෙන්ද්‍ර ගත කරන්නා වූ නව-ලිබරල් ආර්ථික ක්‍රමයට ආවේනික ප්‍රධාන ලක්ෂණය වන්නේ එය කිසිවිටෙක ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදය හා සංවාස ගත නොවීමයි.

      ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදය ආකෘතියක් ලෙසම නව ලිබරල්වාදයේ පැවැත්මට හානිකර විය. එනිසා රාජ්‍යය හා මහජනතාව අතර සම්බන්ධිකාරකයා වූ ආණ්ඩුව නැමැති ප්‍රපංචය බල රහිත කිරීම නව ලිබරල්වාදයේ පැවැත්මට අත්‍යවශ්‍ය විය. ලෝක ධනේෂ්වරය ආණ්ඩුව අහෝසි කිරීමට විවිධ උපක්‍රමයන් යොදා ගත් අතර තවදුරටත් මහ ජනතාව පාලනය කිරීමට යොදා ගත්තේ ජනතා නියෝජිතයන් නොමැති රාජ්‍ය යාන්ත්‍රණයයි.

      1978 න් පසුව පැමිණි ධර්මිෂ්ඨ සමාජය තුළ ජනතා නියෝජිතයන් අවලංගු කාසි බවට පත් වූයේ එබැවිනි. පළාත් පාලන ආයතනයන්ට පළාත් සභාවන්ට හෝ ව්‍යවස්ථාදායකයට හෝ කිසිම බලයක් නොමැති අතර පවතින්නා වූ අල්පමය බලය ද විධායකයට ඝෘජු ලෙස හෝ වක්‍ර ලෙස හෝ යටත් ය. ජනතා නියෝජිත ආයතනයන් ශූන්‍ය කිරීමෙන් අනතුරුව විධායකය අතිශය බල සම්පන්න ප්‍රපංචයක් බවට පත් කළේ ද නව ලිබරල්වාදයට ආවේනික උපක්‍රම යොදා ගනිමිනි. ඒ අනුව වසර දොළහක කාලයකට විධායකය ඒකාධිපති ආයතනයක් බවට වේශ නිරූපනය වුණි.

      එය හුදකලා දේශපාලන සිදුවීමක් නොවූ අතර ඊනියා මහජන පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීමට පැවැරී ඇති මුළු මහත් රාජ්‍ය යාන්ත්‍රණයම ඒකාධිපති මෙවලමක් බවට පත් කරන ලදි.

      ලෝක ධනේශ්වරය මේ සියළු ප්‍රතිසංස්කරණයන් සිදු කරන ලද්දේ ගෝලීය ප්‍රග්ධනයේ නිදහස් චලනය මනා ලෙස සිදුවීම සහතික කිරීම සදහා ය. මාෆියා ආර්ථික මංකොල්ලය බාධාවකින් තොරව සිදුකිරීමට නම්, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ යාන්ත්‍රණය බිද දැමිය යුතුව තිබූ අතර එය ලෝක ධනේශ්වරයේ අවශ්‍යතාව හා උපක්‍රමශීලීතාව අනුව සතුටුදායකව සිදු කෙරිණි. 1978 දී සිදුවූ නව ලිබරල් ආර්ථික ක්‍රමයේ ලාංකික සම්ප්‍රාප්තියත් සමග විධායක ජනාධිපති පාලනයක් සහිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ද ස්ථාපිත කරන ලද්දේ එබැවිනි. නව ලිබරල් ආර්ථිකයේ ඒකාධිපති ආධිපත්‍ය බාධාවකින් තොරව ව්‍යාප්ත කිරීමට විධායක ජනාධිපති ක්‍රමය ලබා දුන්නේ විශාල සහායකි.

      දුප්පත්කම, කුසගින්න හා මන්දපෝෂණය ව්‍යාප්තවීම ධනේශ්වරයේ නිවුන් සොහොයුරන් යැයි පැවසුන ද එක් අතකින් එය සාම්ප්‍රදායී හා යල් පැන ගිය නිර්වචනයකි. නව ලිබරල්වාදය තුළ ධනේශ්වරයට නව අර්ථකථන ලැබුණා යැයි පැවසිය හැක්කේ සමාජය තුළ යම් ධනේශ්වර දියුණුවක් ඇති කිරීමට නව ලිබරල්වාදය දායක වුණු බැවිනි. එහෙත් සමාජයේ ඇති නැති පරතරය සීඝ්‍ර ලෙස පුළුල් කිරීමට එය ඊටත් වඩා දායක වුණි. දුපත්කම සීඝ්‍ර ලෙස පැතිරෙමින් කුසගින්න, මන්දපෝෂණය හා ජනතාවගේ පෝෂණ ප්‍රශ්න ඇති වුණි. ක්‍රමයේ බිද වැටීම් ද අරාජිකවීම් ද බරපතල පාරිසරික ගැටලු ද ඇති වුණි.

      එනම් නව ලිබරල්වාදයට අදාළ සමාජ සංවර්ධනයත් සමගම ක්‍රමයට තවදුරටත් ඔරොත්තු නොදෙන්නා වූ බරපතල සමාජ ගැටළු පැන නැගුණි. එසේම සමාජ සංවර්ධනයට සාපේක්ෂව සමාජ පරිහානිය ද සිදුවුණි.

      ඒ නිසා ලෝකය පුරාම යම් සමාජ සංවර්ධනයක් ඇති වෙමින් තිබියදීම සමාජය තුළින් අති ප්‍රබල ක්‍රම විරෝධි අරගලයන් ද පැන නැගුණි.

      ලෝක ධනේශ්වර පද්ධතියේ තුල්‍යතාව බිදීමට තරම් ප්‍රබල වූ නව ලිබරල්වාදයේ මේ ආතතීන් තව දුරටත් නොපැවතිය යුතු බව ලෝක ධනේශ්වරය මේ වනවිට තේරුම් ගෙන තිබේ.

      ප්‍රාග්ධනය සංකේන්ද්‍රණය කර ගැනීමේ උපාය උපක්‍රම ද ඊට සාපේක්ෂව පුළුල්වෙමින් තිබේ. ලෝකය පුරා ජාල ගත කර තිබූ සමස්ත ධනේශ්වර යාන්ත්‍රණය ගැන නැවත සිතා බැලීමට ලෝක ධනේශ්වරය පෙළඹී ඇත. ඒ අර්ථයෙන් නව ලිබරල්වාදී ධනෙශ්වර මෙහෙයුම් පද්ධතිය කේන්සියානු ක්‍රමය දක්වා පසු බැස්සවීමට තරම් ඔවුහු උපක්‍රමික අත්හදා බැලීම් කරමින් සිටිති.

      Delete
  19. අනිවා මාතලන්, වෙනස දැන් ඇතිවෙලා ඉන්නේ, අපි 2015 වෙනසට චන්දෙ දීල දැන් එපා වෙලා ඉන්නේ. මෙලෝ රහක් නැති පතෝල සෙට් එකක්. කුජීතයි ������

    ReplyDelete
    Replies
    1. ලක් ඉතිහාසයෙ ආසාර්ථකම නායකත්වය ලයිව් බලමින් සිටිමි

      Delete
  20. මාතලන් බොස්. ඔහේ හරියටම හරි. මේ යන ලයින් එකේ හැටියට වෙන එකෙක් නැත.

    අනික මට ඔහේට කියන්න ඕන උනේ එකෙක් මගෙන් ඇහුව උබ “මාතලන් කියන එකා දන්නවද?”. කියල.

    මම කිව්ව “හනේ මම දන්නෙ නෑ ” කියල..”

    එතුමා කිව්ව “යකෝ ටික්කො.. මාතලන් කියන කැරිය, කවදාවත් සල්ලි වලට ගන්න බැරි එකෙක් ඒ වගේම කවදාවත් සෙකන්ඩ් වෙන්නෙ නැති එකෙක්“ කියල ..

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ටික්කෝ... විකිනෙනවා නම් විකිනෙන්න ඕන ඉහළ මිළකට..
      දැන් බලහන් දයාසිරි... මිලියනයකට කිච වෙන හැටි..
      ඌ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුත් බල්ලට දාලා ඉවරයි..
      මිලියනයක්... මක්කා කරන්නද අප්පා

      Delete
    2. ඔව් ටික්කෝ. මාතලන් බොස් විකිණෙනවා. මාතලන් බොස් හොඳ මිලකටනෙ විකිණෙන්නෙ. පත්තරේක නවකතාවක් ලියද්දි පත්තරෙන් මිලක් ගෙවනවා, ඔවුන් පත්තරේ විකුණා ගන්නවා.

      මං ඔයාට විකිණෙනවා. ඔයා මට විකිණෙනවා. ඒක මේ මාධ්‍ය ලෝකයේ ස්වභාවය. එහෙම නැතිව මාධ්‍යකාරයකුටවත්, ලියන මිනිහකුටවත් පැවැත්මක් නැහැ.

      වෙසක් එකට වෙසක් කාඩ් එකත් විකිණෙනවනෙ. බුදුහාමුදුරුවොත් විකිණෙනවනෙ. සව් කඩදාසියත් විකිණෙනවනෙ. නත්තලට සයිප්‍රස් ගහත් විකිණෙනවනෙ.

      ඒ කියන්නේ ආගමත් විකිණෙනවනෙ. ජාතියත් විකිණෙනවනෙ, විවෘත ආර්ථිකය පටන්ගත්තට පස්සෙ අපි ඔක්කොම ෂොපිං බෑග් වගේ විකිණෙනවා. විකිණෙන්නෙ නැති මිනිහෙක් නම් මේ ලෝක ධාතුවෙ හොයා ගන්න බැහැ.

      Delete
    3. අනෝ තුමෝ. මම මේ බ්ලොග් එකේ කිහිපදෙනෙක් ගැන පෞද්ගලිකව දන්නෙ නැති උනත් වගකීමෙන් කියන්න පුළුවන් මාතලන් කවදාවත් එක එකාට ඕන විදිහට ලියන්නෙ නැති එකෙක්. ඕනනං මාතලන්ට විකිනෙන්න ඕන තරම් අවස්ථා තිබ්බ. අටමත් එහෙමයි. සා රසත් එහෙමයි. ඒත් මුන්ට වැඩි මිලක් දෙන්න එකෙක් වත් ඉදිරිපත් වෙන්නෙ නැහැ. මොකද උන්ට ඕනෑ ලාබෙට ගෝව. මුං එහෙම වැඩි මිලකට විකිනුනත් මට අවුලක් නැහැ.මේකේ එහෙම කිහිප දෙනෙක් ඉන්නව. ගන්න එකා බලන්නෙ සිල්ලරට 1000ක් අරන් ගොඩ වැඩි කරගන්න. ඒත් උන්ට තේරෙන්නෙ නැති එකම දේ සිල්ලරට 1000ක් නෙමෙයි ලක්ෂයක් ගත්තත් ඒ ලක්ෂයට මේ එකා දෙන්න එක්ක නැතිව වසන්න බහ. අනෝ තුමාගේ ලොජික් එක පට්ටම පට්ට. මම ගරු කරනවා.

      Delete
    4. ඇත්ත ටික්කෝ, අයෑම් 100% අග්‍රීඩ් විත් යුව ලොජික් මේට්. කතාව සැටිපිකට් ඇත්ත. හැබැයි මේ සිංහල බ්ලොග් අවකාශයට කෙළවුණේ මේක මේ බ්ලොග් බ්‍රෝකර්ලා කට්ටියක් ඇවිත් හොඳට ලියන බ්ලොගර්ලා රවටලා බොරුවට සම්මාන කියලා තුට්ටු දෙකේ ලී කෑල්ලක් දෙන්න සෙට් කරලා උන්ව කාලකණ්ණි දේසපාලුවන්ට පෙන්වලා ගාණක් කපාගන්න/ තමුන්ට කාසි වාසි ලබාගන්න සෙට් වුණාට පස්සෙ, බ්ලොගර්ලාට තිබ්බ සමාජ පිළිගැනීම, විස්වාසය සියල්ල හිරු දුටු පිණි මෙන් වියැකී ගියා. අද කට්ටිය බුකිය පුරෝල හොටියත් බුකියත් නිකන් කොරෝලු වෙලා චොර වෙලා ගිහින්, ඉස්සර ටැබූලා, බියොන්ඩ් ෆ්‍රේම්ලාගේ ඉඳන් අපේ මාතලන්, එතකොට මල්ලෙ පොල් වගේ රසවත්ව කියවන්න සුදුසු දේශපාලන බ්ලොග් අවකාශයක් නැතිව ගිහින්, හනේ හෆොයි.

      Delete
  21. විධායක ජනාධිපති ජේ ආර් ජයවර්ධන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු කරනු ලැබූ ජිල්මාට් එකක් මගින් විධායක ජනාධිපතිවරයා ලෙසින් පත් වූ ජේ ආර් ජයවර්ධන විධායක ජනාධිපති ධුරයේ අසීමිත බලතල පාවිච්චි කළේ කුමක් සඳහා ද?

    1. වර්ජිතයින්ගේ රැකියා අහිමි කිරීම සඳහා විධායක ජනාධිපතිවරයා සතු හදිසි නීති බලතල භාවිතා කිරීම.

    2. පාර්ලිමේන්තුවේ 5/6ක බලයක් ලබා සිටි එක්සත් ජාතික පක්ෂයේ සියළු මන්ත්‍රීවරුන්ගෙන් දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි ලබා ගැනීම මගින් පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය විධායක ජනාධිපති ධුරයේ බලතල මගින් යටකර දැමීම. 1989 වෙන විට වර්ජිතයින් 52 දෙදෙනෙක් සිය දිවි නසා ගෙන තිබිණි.

    3. ශ්‍රීලනිපයට වාසි සහගත යැයි උපකල්පනය මත යාපනය සංවර්ධන සභා මැතිවරණය මංකොල්ල කෑම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජේ ආර් පක්ෂපාතී ප්‍රබල ඇමතිවරු සහ ජාතික සේවක සංගමය යොමු කිරීම. යාපනය පුස්තකාලය ගිනි තැබීම. දෙමළ ජනතාවගේ ජනමතය මංකොල්ල කෑම සඳහා කළ ජේ ආර්ගේ එම තිරස්චීන උපක්‍රමය නිසාම ප්‍රධාන පක්ෂ කෙරෙහි දෙමළ ජනතාව තුල තිබූ විශ්වාසය අහෝසි වී දෙමළ ජාතිවාදී පක්ෂ වෙත යොමු විය. වසර 30ක් ඇදුණු සිවිල් යුද්ධය පවත්වා ගැනීම සඳහා බෙදුම්වාදීන් හට අවශ්‍ය වී තිබුණු අති විශාල ධනයක් සහ මානව සම්පත් අඛණ්ඩව ලබා දෙනු ලැබූ දෙමළ ජනතා සහාය ලැබුණේ එලෙසින් දෙමළ ජනතාව තුල ප්‍රධාන පක්ෂ කෙරෙහි විශ්වාසය කඩ කිරීම නිසා ය.

    4. 1983 ජුලි 23 වන දින එල්ටීටීඊ බෙදුම්වාදී සංවිධානය විසින් සැඟවී සිට කළ පහර දීමකින් මරණයට පත් වූ හමුදා සෙබළුන්ගේ සිරුරු සම්බන්ධයෙන් අවසන් කටයුතු සාමාන්‍ය ක්‍රමය වූ සෙබලුන්ගේ ගම්වල නොකර කොළඹ බොරැල්ල කනත්තේ සිදු කිරීමට තීරණය කිරීම පිටුපස දෙමළ ව්‍යාපාරිකයින්ට එරෙහිව සිංහල ජනතාව පෙළඹවීමේ අමන උත්සාහය සැඟවී තිබිණි. නාගරික ප්‍රදේශ ආශ්‍රිත දෙමළ ව්‍යාපාරිකයින්ගේ පංගුව පිළිබඳ ඒ දිනවල එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ බලවත් ඊරිසියාවක් තිබිණි. දෙමළ ව්‍යාපාරිකයින් සතු ව්‍යාපාරික අවස්ථා අයිති කර ගැනීමේ උවමනාව මත කළු ජූලිය නිර්මාණය කළේ යැයි තිබෙන චෝදනාව බැහැර කළ නොහැකි සත්‍යයකි

    කළු ජූලිය පිටුපස ආර් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතිවාදී ඇමතිවරු සිටින බව ප්‍රසිද්ධ රහසකි. මේ අමන ක්‍රියාව නිසා ශ්‍රී ලංකාව තුල සුළු ජාතිකයින් හට ආරක්ෂාවක් නැතැයි ද සහ වෙනම රටක් ඉල්ලා සිටීම සාධාරණ යැයි ද ජාත්‍යන්තරය තුල තහවුරු විය.

    5. 1982 ජනාධිපතිවරණය පැවැත්වීමෙන් අනතුරුව එහි ප්‍රතිඵල අනුව පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තුවේ වැඩි නියෝජනයක් ලැබෙන බව දුටු ජේ ආර්, අන්ත දූෂිත ජනමත විචාරණයක් මගින් පාර්ලිමේන්තුවේ කාලය තවත් වසර 6ක ට දීර්ඝ කර ගත්තේ ය. එම ජනමත විචරණය නීති විරෝධි බව ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලා ජවිපෙ නායක රෝහණ විජේවීර සහෝදරයා විසින් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ අතර 1983 දී එජාප ජාතිවාදීන්ගේ නිර්මාණයක් වූ කළු ජූලියේ වරද ජවිපෙ පිට පටවා පක්ෂය තහනම් කරන අතර ජවිපෙ නායකයින් මරා හෝ යටත් කර ගන්නා ලෙසින් හදිසි නීතිය යටතේ මරණ වරෙන්තුවක් ද නිකුත් කරන ලදී. 1983 දී නිකුත් කළ එම මරණ වරෙන්තුව යටතේ 60,000ක් දේශප්‍රේමී බුද්ධිමත් තරුණ තරුණියන් මරා දැමුණි.

    6. ජේ ආර්, යැන්කි ඩිකී ලෙසින් හැඳින්වූයේ ඇමරිකන් ගැති බව නිසා ය. ඔහුගේ ඇමරිකන් ගැති බව නිසාම ඉන්දීය රජය ශ්‍රී ලංකාව දුටුවේ හතුරෙකු ලෙසිනි. බෙදුම්වාදී සංවිධාන ශක්තිමත් කිරීමෙහි ලා ඉන්දීයාව සැලසුම් කළේ ඇමරිකන් ගැති ශ්‍රී ලංකාව දේශපාලනික අස්ථාවර කිරීමට ය. 1987 දී වඩමාරච්චි සටන අතරතුර ඉන්දියාව ශ්‍රී ලංකා ගුවන් සීමාව ආක්‍රමණය කරමින් මානුෂීය ආධාර ගුවනින් හෙළන ලදී. එයින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දියාවට යටත් වූ අතර දෙමළ බෙදුම්වාදී සංවිධාන සහ ශ්‍රී ලංකා රජය අතර යුද ගැටුම් අවසන් කිරීමේ පරමාර්ථයෙන් 1987 ජූලි 29 වෙනිදා ඉන්දු ලංකා ගිවිසුමක් අත්සන් කරන ලදී. මෙම ගිවිසුමට අනුව ඉන්දීය හමුදා ශ්‍රී ලංකාවට පැමිණි අතර ඇමරිකා එක්සත් ජනපදය පැත්ත පලාතක් බැලුවේ නැත.

    ජේ ආර් ගේ පාලන කාලයේ සංශිප්තය දෙස බැලූ විට පැහැදිලි වෙන්නේ ඔහු තමන් ලබා ගත් විධායක ජනාධිපති බලතල භාවිතා කර තිබෙන්නේ ඔහුගේ බලය පිළිබඳ පෙරේතකම තෘප්තිමත් කර ගැනීම සඳහා පමණක් බවයි.

    ජේ ආර් වැනි විධායක ජනාධිපතිවරයෙක් නැවත පත් නොවේ යැයි කිසිවෙකුට සහතික ලබා දිය නොහැක. ප්‍රජාතන්ත්‍රවාදය අගය කරනු ලබන අප අනාගතයේ දී ප්‍රජාතන්ත්‍රවාදය වළලා දමන ජේ ආර් පන්නයේ විධායක ජනාධිපතිවරයෙකු බිහි වීම වැළැක්වීම සඳහා කළ යුත්තේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමයි.

    ජවිපෙ 20th amendment විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමක් ගැන නෙවෙයි කතා කරන්නෙ, ජනාධිපතිවරණයකින් තොරව පාර්ලිමේන්තු බහුතරයේ කැමැත්තෙන් ජනාධිපතිව පත් කිරීමටයි යෝජනා කරන්නේ. ජනතා ඡන්දයෙන් තෝරාගන්නා ජනාධිපති කෙනෙකුට වඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ජනාධිපති පත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පියවරක් වන්නේද මාතලන් බොස් ?

    ReplyDelete
  22. මෙහෙමයි ටික්කෝ, ලංකාවේ පාසල් අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය මේ වනවිට අධ්‍යාපන ඇමැතිවරයා ස්වාභාවික මරණයකට පත් කරමින් ඉන්නවනෙ. ඒක ඝාතනයක් නොවන නිසා කවුරුවත් වැඩිය කලබල වෙන්නෙ නැහැ. ඝාතනයක් වුණා නම් මේ වෙනකොට රට නැඟිටලා. ස්වාභාවික මරණයේ අවසාන සුදු කොඩිය දාන දවසට මිනිස්සු අත ඔසොවලා නැඟිටිනවා.

    අද අධ්‍යාපනයේ විශාල අර්බුද තියෙනවා. දැන් පවත්වන විභාගවල, විභාගවලට දෙන ප්‍රශ්න පත්තරවල ප්‍රමිතියක් නැහැ. අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ විවිධ දූෂණ සහ අක්‍රමිකතා වෙනවා.

    අධ්‍යාපන ඇමැතිවරයා කියනවා ලකුණු තිස් තුනෙන් ගණන් පාස් කළාම පාස් වෙන ප්‍රමාණය අඩු වෙනවා කියලා. ඒ නිසා ඒ ලකුණු මට්ටම ලකුණු පහළොව දක්වා ගේන්න ඕනලු. එතකොට පාස් වෙන ප්‍රමාණය වැඩි වෙනවලු. මේක අමුතු සොයා ගැනීමක් නෙවෙයිනෙ. මං යෝජනා කළොත් ඉතින් බින්දුවෙන් පාස් කරමුකො කියලා? බින්දුවෙන් පාස් කළොත් ඔක්කොම පාස්නෙ.

    මේ අය කියනවා අපි සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වැඩි කරනවා කියලා. කොහොමද වැඩි කරන්නෙ? තිස් තුනෙන් දෙන ලකුණු ගාණ පහළොවෙන් දෙනවා. ඒක මහා සොයා ගැනීමක්ද? ඒක අධ්‍යාපනයේ විශිෂ්ට සොයා ගැනීමක්ද?

    මේ උත්තරවලම තියෙනවා ප්‍රශ්නයක්. මේවා හරි විහිළු උත්තර. මිනිස්සු ඒ උත්තර ප්‍රතික්‍ෂේප කළාම වෙන්නෙ ඒවයෙ තියෙන පෞරුෂය, විශ්වාසය නැතිවෙලා යනවා. විහිළු සහගත උත්තරයක් දීලා ප්‍රශ්න මඟහරින දේශපාලනයක් අද තියෙන්නෙ. ඇත්තටම මේ වෙලාවෙ තියෙන්නෙ ප්‍රශ්න මඟහැරීම සඳහා විහිළු කරන දේශපාලනයක්.

    ඉස්සර කතාවක් තිබුණනෙ ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙහෙල් ගෙඩි කියලා. මේ ප්‍රස්තාව පිරුළ දැන් පරණයි. ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙහෙල් ගෙඩි නෙවෙයි. දැන් තියෙන්නෙ ඒ ඒ බනිස්වලට ඒ ඒ බේකරි, බේකරියෙන් බේකරියට බනිස් වෙනස්. ඒ නිසා මාධ්‍යයෙන් මාධ්‍යට ඕක වෙනස්. වැඩසටහනෙන් වැඩසටහනට වෙනස්.

    බස්වල යනකොට රියැදුරාට හෝ කොන්‍ෙදාස්තරට වුවමනා ගීත මිස අපට වුවමනා ගීත අහන්න අපට පුළුවන්ද? බස් ඩ්‍රැයිවරුයි කොන්‍ෙදාස්තරයි කියන්නෙ බස් එකේ වැඩ කරන දෙන්නා. හැබැයි ඒ බස් එකේ මඟීන් පනහක් යනව නම් ඒ තමයි මේ රටේ මිනිස්සු. ඒ මිනිස්සුන්ගෙ පිටකොන්ද ගැනයි ප්‍රශ්න තියෙන්නෙ. කිසියම් වැඩසටහනක් යද්දි ‘ඔය චැනල් එක වහපං, අපි බස්වල යන්නෙ ඕව අහන්න නෙවෙයි’ කියලා කියන්න කොන්දක් තියෙන්න ඕන.

    දැන් සමහර නාළිකා තියෙනවනෙ ‘කන පැළෙන්න රේඩියෝ අහන්න’ කියලා. කන පැළෙන්න රේඩියෝ අහන්න ඕනයැ? එහෙමනං පොට්ට වෙන්න පත්තර කියවන්න එපායැ. එතකොට අඳ, ගොළු, බිහිරි මිනිස්සු පිරිසක්ද මේ රටේ ඉන්නෙ? මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක්නෙ මෙතැන තියෙන්නෙ?

    දැන් මිනිස්සු හරි බයයි. ඇත්තටම යුද්දෙ කාලෙ මිනිස්සු බය නැහැ. ප්‍රභාකරන් හිටපු කාලෙ මිනිස්සු බය නැහැ. ඒ කාලෙ මිනිස්සු බය නැතිව පාරෙ ගියා. බය නැතිව කතා කළා. ප්‍රභාකරන් මැරුණු දා ඉඳලා මිනිස්සු බයයි. දැන් කතා කරන්නෙ නැහැ. කිසිදේකට එරෙහි වෙන්නෙ නැහැ. මිනිස්සු හරි බයයි. ඒ බය නැති කරන්න බැහැ. කතා කරන මිනිහට මොනවද වෙන්නෙ කියන එක කාටවත් හිතා ගන්න බැහැ.

    මේ ප්‍රජාතන්ත්‍රවාදය ගත්තාම ඒක මාර ඛේදවාචකයක්. තමන්ගෙ අදහස් ප්‍රකාශ කිරීමට ඇති බය කියන එක නැති කර ගන්න ඕන. මාධ්‍යවේදියාට බය නැතිව ලියන්න පුළුවන් වෙන්න ඕන. උෟ පෑන හසුරුවද්දි මේකට වාරණයක් එනවා කියන බය නැතිව ලියන්න ඕන. තමන්ගෙ රැකියාවේ අභියෝග ගන්න බය නැති වෙන්න ඕන.

    අර චැනල් ෆෝ එකේ මාධ්‍යවේදියා හොඳ නැද්ද? නිර්භයකම කොහොමද? මාරයිනේ? එන්න එපා කියන රටට එනවා. පිකට්වලට මුහුණ දෙනවා. වීඩියෝ හදනවා. එහෙම මාධ්‍යවේදියො ඉන්නවා නම් මරුනෙ. මට ඕන දේ මම ලියන්නෙ. මගේ චින්තනයත් එක්ක මම වැඩ කරන්නෙ කියලා කියන්න පුළුවන් මාධ්‍යවේදියො දැන් ඉන්නවද?

    ඉස්සර හිටියනෙ චින්තන ජයසේන කියලා හාදයෙක්. මොකවත් බැරි නම් ‘කොලම’ කියලා රුපියල් පහක පත්තර කෑල්ලක් හරි ගැහුවා. ‘මං ලියන්නෙ නෑ තොපේ පත්තරවලට. මං කොලමක් ගහනවා, රුපියල් පහයි’ කියලා තමයි ඔහු වැඩ කළේ. මාරයිනේ? කොන්දක් තියෙන පත්තරකාරයෙක්. මේ වගේ කේමදාස මාස්ටර් කරනවනෙ ‘කිලර්’ කියලා ප්‍රසංගයක්. සිංහලෙන් මොකද්ද නම? ඝාතකයා. ඒක කළේ ප්‍රේමදාස ආණ්ඩු කාලෙ. අද එකෙක් ඉන්නවද එහෙම එකක් කරන්න? සින්දුවක් ලියන්න එකෙක් ඉන්නවද? එහෙම සින්දුවක් ගහන්න එකෙක් ඉන්නවද? ඒ සින්දු ගහන්න චැනල් එකක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. අනෝ තුමෝ. මට දේශපාලනය ගැන අද්‍යාපනය බිංදුවයි. ඒක මම හැම වෙලේම කියනව. ඒත් ඔබ තුමාගේ මේ කරුණු ඔක්කොටම මම එකඟයි. ගොඩක් දේවල් ගැන දැනගත්ත. අද මේ මාතලන්ගේ බ්ලොග් එකේ වගේ වෙන කවුද කෙලින්ම ආණ්ඩුවට ගහන්නේ? වැරදි කියන්නෙ? මට නම කියල එක්කෙනෙක් කියන්න. මම අද ඉඳල බ්ලොග් එකෙන් අයින් වෙනව. අර සංදර්ශන ඇවුන් ගැන කියන්න එපා. පෙරටුගාමී ඇවුන් ගැන කියන්නත් එපා. අනික අද මේ සිංහල බ්ලොග් එක ඇවිල්ල ලොකුම නපුංසකය ඇවිල්ල අනිත් නපුංසකයෝ පිට යන එක නවත්තන්න මම තමයි ලොකුම නපුංසකය. තොපි පිට ගියොත් තව කිසිම නපුංසකයෙක් එක්ක නිදිවදින්න දෙන්නෙ නැහැ කියන තත්වයට පත්කරල ඉන්නෙ. අද මාතලන් ල නැත්නං සිංහල බ්ලොග් එකකුත් නැහැ. ඔව් ඒක තමයි ඇත්ත. අපේ වාසල හැත්තට තේරෙන්නෙ නැති එකම කුනුහබ්බෙත් තමයි ඒක. දැන් අපි බ්ලොග් වලින් අයින් උනා. දැන් මාස ගානක් වෙනව. පවුල් පංසල් උන අපිට වැඩ තියෙනව. සිංහල බ්ලොග් එකෙන් හෙන ආතල් එකක් ගත්ත. ස්තුතියි උබල ඔක්කොමල්ලටම. පරිස්සමින් හිටපල්ල.

      Delete
    2. පළමුව "පවුල් පන්සල" සම්බන්ධව උඹට සුබ පැතුම්!!! එහෙම බ්ලොග් වලින් සමුගන්න එපා "ටික්කා". උඹ මට ලොකු උදව්වක් කළා බ්ලොග් අවකාශයට අලුත් වචන පවා හඳුන්වා දෙන්න. "සිපිපියා" කියන්නේ මම මේ බ්ලොග් අවකාශයට නිර්මාණය කළ කෙටි යෙදුමක්. "සිපිපියා" කියන්නේ සිනුවර පිං (කරණ) පියා කියන එක. ඕක මම මුලින්ම නිර්මාණය කළේ "මල්ලෙ පොල්" වල උඹේ අවසර ඇතුව. උඹ ඒක අනුමත කළා. ඊට පස්සෙ මගෙ නිර්මාණය "ලපිපියා". "සිපිපියා" සම්බන්ධයෙන් උඹේ අනුමැතිය දැකපු පො_නක් මගෙන් ඇහුව "මල්ලෙ පොල් " වලදී එහෙනම් මේ නම අනුමත කරපු "ලන්ඩන් වල ඉන්න, කොට, තට්ට, කළු" එකා "ලපිපියා" ද කියල . මම දුන්නෙ එකම උත්තරයයි. ඒ ලපිපියා කියන්නේ කොට තට්ට චාටර් ඉංජිනේරු දවල් තාරකා විද්‍යාඥයට කියල. එතන ඉඳන් "ලපිපියා" කියන්නෙත් සිංහල බ්ලොග් අවකාශයෙ පිළිගත් වචනයක්. ඔය "එයාර් මයිල්" වලට "ලපිපියා" fix උනේ මට උත්තර දෙන්න ගිහිල්ල. ඔය "ලපිපියා" වගේ පට්ට කපටි උන්ගෙ බ්ලොග් මහන්තත්තකම "එයාර් මයිල් යායෙන්" පෙන්නන්න ගිහින් ඌ කළේ අරුණ පෙරේරා වගේ සුන්දර මිනිස්සුන්ට මේක එපා කරපු එක. මොනවා උනත් මේකෙ වල් අලිය වගේ මාතලන් ඉන්න එක හොඳයි. ඔය "මැවී(ව)සුරු" අහවල් "පියන්ට" වඩා හිත හොඳ කන බොන "ගයිඩෙක්" දාහෙන් සම්පතයි. එහෙම එක්ක tour ගිය tourists ල team එකක් අවුරුදු 5 කින් හරි මෙහෙ එනවා. අන්තිමට අඩු ගානේ ඒ සල්ලි රටට.

      Delete
  23. //බස්වල යනකොට රියැදුරාට හෝ කොන්‍ෙදාස්තරට වුවමනා ගීත මිස අපට වුවමනා ගීත අහන්න අපට පුළුවන්ද? බස් ඩ්‍රැයිවරුයි කොන්‍ෙදාස්තරයි කියන්නෙ බස් එකේ වැඩ කරන දෙන්නා. හැබැයි ඒ බස් එකේ මඟීන් පනහක් යනව නම් ඒ තමයි මේ රටේ මිනිස්සු. ඒ මිනිස්සුන්ගෙ පිටකොන්ද ගැනයි ප්‍රශ්න තියෙන්නෙ. කිසියම් වැඩසටහනක් යද්දි ‘ඔය චැනල් එක වහපං, අපි බස්වල යන්නෙ ඕව අහන්න නෙවෙයි’ කියලා කියන්න කොන්දක් තියෙන්න ඕන. //

    මම දන්න බස් කොන්දෝ කීපදෙනෙකුම මා එක්ක කිව්වා උං මාරු කාසි ප්ලාස්ටික් බාල්දිවල එකතු කරනවලු. මං ඇහුවා මොකටද කියලා ඒ පාර කිව්වා රටේ මාරු කාසි හිඟ උනාම ඉතුරු සල්ලි දෙන්ඩ වෙන්නේ නෑ, එතකොට දවකට රුපියල් 300-500 විතර ඉතුරු වෙනවලු . අපේ ගෙවල් ලඟ කොන්දෙක් ගෙයක් හදල තියනවා ඒ ගෙදරට අහල පහල මිනිස්සු නම දාල තියන්නේ රැපියලේ ගෙදර කියල. මාත් අතමාරුවට සල්ලි ඉල්ල ගන්නේ ඒකගෙන් බං.

    ReplyDelete
  24. //ගෝඨා ට බිම දාගෙන ගහනකොට බේරගත්තේ මර්වින් – ලංකා නිව්ස් වෙබ්/ ලංකා-ඊ-නිව්ස් – නෙළුම් යාය...

    හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා විසින් හිටපු ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂ නමැත්තා බේරාගත් අයුරු හෙළිකර තිබේ. තමා කියන්නේ බොරුනම් මෙය ගෝඨාභයගෙන් අසන්න යැයිද ඔහු පවසා ඇත.

    මේ සිද්ධිය සිදුව ඇත්තේ 1970 දී හිටපු ජනපති කුරුනෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පළමු වරට මහ මැතිවරණයට ඉදිරිපත්වූ අවස්ථාවේදීය. එවර මහින්දගේ ප්‍රධාන කථිකයා වූයේ ආචාර්ය මර්වින් සිල්වා මහතායි. මහින්දගේ වේදිකාවල ආචාර්ය මර්වින් සිල්වා මහතා කවි පවා ගායනා කළ බවත් ආචාර්ය මර්වින් සිල්වා මහතා කියා සිටී.

    ඒ අවස්ථාවේදී තමා ගෝඨාභය ඇතුළු පිරිසකට ගැටමාන්න ප්‍රදේශයේදී මැර කල්ලියක් විසින් පහරදුන් බවත්, එම පිරිස විසින් ගොඨාභය රාජපක්ෂ බිම දාගෙන ගහනකොට ඔවුන්ට තනිවම ආචාර්ය සිල්වා මහතා පහර දී ඇත. එහිදී තම පිරිසට පහරදුන් පිරිසට පහරදී ගෝඨාභය බේරාගෙන පැමිණියේ තමා බවද ඔහු කියා සිටී.//

    මාතලන් මේක ඇත්තක් ද?

    ReplyDelete
  25. මහින්දගෙ වාර්තාව මෛත්‍රී බිදහෙලයි – 2018 ජනපතිගේ දිනක වියදම ලක්ෂ 273යි

    අහෝසි කරනවායැයි කියු විධායක ජනාධිපති ධූරය වෙනුවෙන් 2018 වසර සඳහා ජනාධිපතිවරයා නඩත්තු කිරිමට රුපියල් මිලියන 9,984 ක් අයවැයෙන් වෙන් කොට ඇති බව වාර්තාවේ. 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට එරෙහිව නැගුන ප්‍රබල විවේචනයක් වුයේ ජනාධිපතිවරයා නඩතුතු කිරීමට අති විශාල මුදලක් වැයවන බවයි. මහින්ද රාජපක්ෂගේ දිනක වියදම ලක්ෂ 250කට අධික වු අතර සමාජයතුල ඒ පිලිබදව බරපතල විවේචනයක් විය.

    කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් ප්‍රබලම විවේචනය එල්ල කල මෛත්‍රීපාල සිරිසේන 2018 වර්ෂය සදහා අයවැයෙන් මිලියන 9,984 ක් වෙන්කර ගැනීමට සුදානම්වේ. ඒ අනුව බලන කල එම මුදල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වියදම් කරන ලද මුදලටත් වඩා අධික අගයකි. මේ අනුව ඉතාමත් සරළ ජනාධිපතිවරයෙකු යැයි කියාගන්නා මෛත්‍රීපාල සිරිසේනගේ දිනක වියදම ලක්ෂ 273කට අධිකවේ.

    යහපාලන රජයේ පලමු අන්තර්කාලින අයවැය ඉදිරිපත් කරමින් 2015 ජනවාරියේ දි එවකට සිටි යහපාලන මුදල් ඇමති රවි කරුණානයක් පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විශාල ජනතා මුදලක් නාස්ති කරන බවත් එහෙත් මෛත්‍රීපාල සිරිසේන වැනි සරල ජනාධිපතිවරයෙකු නඩත්තු කිරිමට 2016 වසර සඳහා එම මුදල රුපියල් මිලියන 2,560 දක්වා අඩු කල බවයි. මහින්ද රාජපක්ෂ පාලන සමය තුල 2014 මෙරටේ විධායක ජනාධිපතිවරයා නඩත්තු කිරිමට අයවැයෙන් රුපියල් මිලියන 9,000 ක් වෙන් කල අතර 2015 සඳහා රුපියල් මිලියන 9,600 වෙන් කරන ලදි.

    එමෙන්ම මිට අමතරව ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් මිලියන 290,700 ක් ද මහවැලි සහ පරිසර අමාත්‍යාංශයට රුපියල් මිලියන 45,600 ක් ද ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසංධාන අමාත්‍යාංශයට රුපියල් මීලියන 2,700 ක් ද ඇතුලුව මිලියන තුන් ලක්ෂ පනස් අට දාහස් නවසීය හැට අටක් (358,968) ක් හෙවත් බිලියන 359 ක් වෙන් කොට ඇත.

    ReplyDelete
  26. Sri lanka will become another african country ( where idi ameen was )
    Yes we need a strong leader .. but not a killer who does not listen to anybody but him self..

    ReplyDelete
    Replies
    1. //but not a killer who does not listen to anybody but him self..//

      Are you talking about current PM Hon. RW?

      Yeah he was a deadly killer during he was in charge of so called "Batalanda scheme", but now he has change his mind and attitudes in that sense.

      But he still never listen to anybody else and act so stupid and brainless, of coz in that sense, that is true, but I don't think Sri Lanka will become African country since it is located in Asia. But we should try to develop at least like some developing African countries like Botzwana, Algeria, South Africa, Namibia, Gabon, Mauritius etc.

      For example, since gaining independence, Botswana has been one of the world's fastest growing economies, averaging about 5% per annum over the past decade. Growth in private sector employment averaged about 10% per annum during the first 30 years of the country's independence.

      Specifications;

      Currency: Botswana pula
      Gross domestic product: 15.27 billion USD (2016) World Bank
      GDP per capita: 6,788.04 USD (2016) World Bank
      GDP growth rate: 2.9% annual change (2016) World Bank
      GNI per capita: 16,380 PPP dollars (2016) World Bank
      Gross national income: 36.87 billion PPP dollars (2016) World Bank
      Internet users: 7.0% of the population (2011) World Bank

      But, However, in this post, Maathalan is just talking about fa former Secretary to Ministry of Defense and Urban Development of Sri Lanka. (Reference: www.en.wikipedia.org/wiki/Gotabhaya_Rajapaksa)

      Many people in Sri Lanka are extremely fed up of the current UNP-SLFP-JVP bunch of clowns and expecting good leader. We have no choice yet. Only choice we could foresee from available bunch of politicians is this man GR. If you could suggest anybody else, much better than him, we could consider, so please...

      Delete
  27. thought mathlan would be an independent person .. now he has shown his true colors .. money talks ..!!!

    ReplyDelete
  28. මචන් මාතලන්, 2015 ජනවාරි 08 අපි විසින්ම ඡන්දය දී පත්කරගෙන ඉල්ලන් ටින්කිරි කෑමේ ප්‍රතිපලයක් වශයෙන්, මේ රට ආපස්සට ගෙන යමින් සිටින, අයුක්ති සහගත - ප්‍රජාතත්ත්‍ර විරෝධී - ජනතා ද්‍රෝහී, අන්ත දූෂිත නීලකාස කම්බාහොරුන් විසින් මෙහෙයවන ප්‍රේත වහ-පාලන ආණ්ඩුව ගෙදර යවමු !

    ජනතා අභිලාෂයන්ට අනුරූප ආණ්ඩුවක් බිහිකිරීමට, වහා මහ මැතිවරණයක් උදෙසා සටන් කරමු. ජනපතිවරණයක් නම් කවුරුන් හෝ රටට හිතැති පණ ඇති මිනිහෙක් අපිම පත්කරගමු.

    රටවල් මෙන්ම ලෝකය වෙනස් වෙන්නේ අපි මෙන්ම වෙනස් වන වෙනස් වීමට බයනැති නිවහල් මිනිසුන් නිසා මිස එක එකාට වාල් කම් කරන කාලකණ්ණි වහලුන් නිසා නොවේ. වෙනසකට එක්වෙමු ! මේ අප නැවතත් 2014 අග දී මෙන්ම වැඩ පටන් ගත යුතු කාලයයි !

    ReplyDelete
  29. //රනිල් ඇතුලු සියල්ලෝම නොම්මර එකේ හාල් පාරුවෝ බව ඔප්පු කරලා අවසානය//
    //අඩු ගානේ හොරකම්ක්කත් හරියට කර ගන්න දන්නෙ නැතිය. ඒකත් හත් පොලේ ගාගන්නවාය//
    http://maathalan.blogspot.com/2018/01/ranil-gajaga-wannama-and-dirty-politics.html
    http://maathalan.blogspot.com/2018/02/why-should-ranil-go-home.html
    මාතලන්ගේ ප්‍රේක්ෂකාගාරය බලත්වා!
    මාතලන් කියන මේ උන්දෑ,කිසිම ප්‍රතිපත්තියක් නැති අම්බ ගොබිලෙක් බව ඉතාම පැහැදිලියි නේ, මා ප්‍රිය මතලන්ගේ ගොබ්බ රසිකයනි.වචන ටිකක් ඔහේ ලියන්න පුළුවන් උනාම මේ වගේ අදබාළ උන් හිතන්නෙ උන් හෙන දේෂපාලන විචාරකයො කියල.:)

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න