.

.

Jun 13, 2018

සිරිසේන, 2020 ආයේ එන්ඩනන් හිටන්... - To play the Second Innings




සාමාන්නියෙන් ලංකාවේ ජනපති වෙන එකෙකුට, ඉනින්ග්ස් දෙකක් ක්‍රීඩා කිරීමේ චෑන්ස් එක තියෙනවාය. පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටියදි, ටර්ෆ් එක මත ඇද වැටි මළ ප්‍රේමදාස හැර, අනෙක් ඔක්කෝම ඉනින්ග්ස් දෙකම ක්‍රීඩා කලේය. ක්‍රිකට් වල තුන් වෙනි ඉනිමක් නැතත්, එහෙම එකක් ප්ලේ කරන්න ට්‍රයි කොරපු හාදයා විකට් පොල්ලක නොව ජනෙල් පොල්ලේ එල්ලුවේ එයැයිට වඩා ජනතාව ක්‍රිකට් දන්නා නිසාමය.

තත්වය එසේ වූවද හදිසි ටෙස්ට් වරම් ලැබ පිටියට පිවිසි සිරිසේන උන්නැහේ නම් කන්න යන්නේ ඉනින්ග්ස් වලින්මය. ඒ බව මනාව පෙනුනේ පලාත් පාලන විස්සයි විස්සේ තරඟයෙන්නය. එම තරඟයේදි සිරිසේනට රැස් කළ හැකි වූයේ ළකුණු හතරක්ම ඉතරය. ටීම් එකටම ගන්න පුළුවන් උනේ ළකුණු 14 ක්ම ඉතරය.

මාතලන් ජනාධිපති උපසේන (උපදේශක)  කෙනෙක් නොවුනත්, මහින්ද මහත්තයාටත්, මේ දෙන්න යනවා වගේම උපදෙස් ටිකක් දුන්නේය. මාතලන් මහින්ද මහත්තයාට කිව්වේ අත්තියාවස්සම අහාර වර්ග 10 ක බදු ඉවත් කර, අඩුවට දෙන්නෙයි කියලාය. ඒ උනාට උන්නැහේ අපිව බල්ලා මාක් එකට දමා, බල්ලන්ගේ කෑම අඩු කර දුන්නේය. අද ඒ පව ගෙවන්න, උන්නැහේට දිනපතා පන්සල් වලට යන්න වෙලා තියෙනවාය. අපි කීව දේ අහුවා නම්, අදටත් පන්සල් ඔක්කෝම ආරලිය ගහ මන්දිරයට වඩිනවාය.

විධායකයේ තටු කැපුවායයි කීවාට තාමත් වෙන්නේ ලොක්කාට ඕන දේ කියා හොඳටම තේරෙනවාය. බාර් මහ රෑ වෙනකන් අරින්න ගිය එක නැවැත්තුවේ එයාය. ඔය වගේ කේස් තා.. අටෝරාසියක් මැද්දේ, ඊයේ පෙරේදා ටෙලිනාට්ටිකාරයන්ගෙන් බදු ගහන එකත් නවත්තලා දැම්මේය. හෙට අනිද්දා දොස්තරලාගෙන බදු ගහන එකත් අකුලා ගන්න පුළුවන්ය. මේ විගඩන් කෙරුවාවලින් වෙන්නේ පුකත් නැතිව ඉන්නා සාමාන්‍ය ජනතාවට තව තවත් කෙලවීමය.

උන්නැහේට ලක්ෂ 62 ක් ඡන්දය දුන්නේය. අද උන්නැහේ විසින් ආරක්ෂා කිරීමට දඟලන පිරිස, ආන්ඩු පක්ෂ මැති ඇමතිවරු, උන්ගේ පවුල්, උපදෙශකවරු, අරුන් මුන් සියල්ලෝම ඇතුලුව 50,000 -100,000 ක් අතර පිරිසක් වෙන්න පුළුවන්ය. ඔය 4% හම්බ උනේ ඒ පිරිසගෙන්ය.

2020 උන්නැහේ ඡන්දයකට ඉදිරිපත් උනොත් ඒ 4 % ලැබෙනා එක ෂුවර්ය. මොකෝ ටැට්ටර් සාධුටත් ඡන්දේ දෙන උන් අම්මට සිරි ලංකාවේ ඉන්නා නිසාය. මාතලන් මේ දෙන උපදෙස් ටික පිලිපැද්දෝත්, ඝෝටා තියා මොන එකා ආවත් උන්නැහේ 75% විතර අරගෙන ආයෙත් උඩින්ම දිනනවාය. ඒකට මේ ඉතිරි වී තිබෙන කාලය හොඳටෝම ප්‍රමාණවත්ය. මාතලන් කියන්න යන්නේ ඔක්කෝම කරන්න පුළුවන් දේවල්ම ඉතරය.

  • හාල්, කිරිපිටි, සීනී, අර්තාපල්, පරිප්පු, කරවල, සැමන්, හාල්මැස්සා, යන අත්‍යාවශ්‍යම භාන්ඩ මත පනවා ඇති බදු සියල්ල ඉවත් කරන්න
  • පාටී පොලිටික්ස්, වේදිකාවේ කතා කිරීමෙන් වලකින්න (ආන්ඩුව විවේචනය කිරීමෙන් කරන්නේ තමන් විසින් තමන්ගේම වල කපා ගැනීමය)
  • ආන්ඩුවේ මැති ඇමතිකම් වලින් සිරි ලංකා එකේ උන් සියල්ලම ඉවත් කර ගන්න.
  • එජාපයට තනි ආන්ඩුවක් සමඟ නාන්න දෙන්න (මෙලෝ දෙයක් බැරි එජාපය, ඉදිරි වසර වලද කිසිවක්ම කරන්නේ නැත. ඒ ඡන්දද ඔබට ලැබෙනු ඇත.)
  • ආදායම මත පනවා ඇති බද්ධ විශේෂත්වයක් නොදක්වා සියල්ලන්ගෙන්ම අය කරන්න (මන්ද සියළුම දෙනා කරන්නේ රැකියාවක් වන බැවිනි. එක් එක් ක්ෂේශ්ත්‍රයන් වෙන වෙනම ගෙන, විශේෂ වරප්‍රසාද ලබා දීම, මානුෂික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංගනය කිරීමකි. මෙයින් නැති වන්නේ සුළු ඡන්ද ප්‍රමාණයකි. එහෙත් මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන්, අති බහුතරයකගේ ඡන්ද ඔබට ලැබෙනු ඇත.)
  • මැති ඇමති වරුන්ගේ විශේෂ දීමනා සියල්ල කපා හරින්න. (ඉන්නේ එජාපයේ උන් නිසා ලේසියෙන්ම කළ හැකිය)
  • පොලිස් කෝලම ඉවත් කර, පාතාලය මර්ධනය කිරීම පොලිස් විශේෂ කාර්ය බලකායට පවරන්න.
  • උතුරට හා නැගෙනහිරට කඩිනම් නිවාස යෝජනා ක්‍රම කීපයක් හඳුන්වා දෙන්න. පොරොන්දු වූ ඉඩම් මුදා හැරීම කඩිනම් කරන්න. එහි ආයෝජන සඳහා විශේෂ වරප්‍රසාද ලබා දෙන්න. 
  • විදෙස් ශ්‍රමිකයින්ට ලබා දිය හැකි සෑම සහනයක්ම ලබා දෙන්න (රෙගු බදු අයකිරීම් ඉවත් කිරීම, රැකියා නියෝජිත ආයතන විසින් ලබා ගන්නා බ්‍රෝකර් මුදල් අඩු කිරීම)
  • කුඩා මෝටර් රථ, මෝටර් සයිකල් හා ත්‍රී රෝද රථ සඳහා පනවා ඇති බදු අඩු කිරීම
  • රාජ්‍ය වියදම, හැකි තරම් කපා හරින්න.
  • හැකි නම් පමණක් සොයා බලා ගෑස් හා ඉන්ධන මිළ අඩු කරන්න
  • ආයෝජන මන්ඩලය තමන් යටතට ගෙන, ආයෝජයන්ගෙන් කප්පම් ඉල්ලීම හා රස්තියාදු කිරීම නවතා දමා සියළුම දේ එකම ස්ථානයකින් මසක් තුල සිඳු කිරීමට හැකි පරිදි ෆෝන්සේකා වැනි සෘජු තනි පුදගලයකුගේ පාලනය යටතට පත් කරන්න. (විදෙශ් ආයෝජන නොමැතිව රට හදන්නට හැකි යයි සිතන්නේ නම්, එයිට එහා ගොන් කමක් තවත් ඇත්තේ නැතිය.)
  • ගල් අරක්කු හා බියර් වල මිළ අඩු කරන්න. (මේවා වැඩි කොට ඉල්ලාගෙන කෑ හැටි සිහි තබා ගන්න. මොකා මොන බයිලා ගැහුවත්, බියර් අඩු කිරීම නිසා කසිප්පු ගහනා උන් ප්‍රමාණය අඩු වූ අතර කසිප්පුවල ගුණාත්මක බවද වැඩි විය.)
  • අනෙකුත් බීම වල මිළ වැඩි කරන්න (කිසි අවුලක් නැත. ඒවා බොන්නේ සල්ලි තිබෙනා උන්ය.)
  • "හැකිනම්", වී වෙනුවට ගංජා වගා කිරීම නීතී ගත කොට, අස්වැන්න ඔස්ට්‍රේලියාවට හා ඊශ්‍රායලයට අපනයනය කිරීමට හෝ ඔවුන්ගේ ඖෂධ නිශ්පාදන සමාගම් මෙරටට ගෙන ඒමට කටයුතු කරන්න. (ගොවියා පළමු ගංජා අස්වැන්නෙන්ම රජ වනු ඇත.)
  • ගංජා වගාව හා පානය නීතී ගත කරන්න (ගංජා බී මැරුණ එකෙක්වත් මේ වන තෙක් ලංකාවෙන් වාර්ථා වී නැත.)
  • පක්ෂය හැදීම පසෙක තබා. රට හැදීමට මුල් තැන දෙන්න. (කල්පනා කර බලන්න, ඔබේ වටිනා කාළයෙන් කෙතරම් ප්‍රමාණයක් මේ කාළකන්නින් වෙනුවෙන් වෙන් කරනවාද කියා. තමන්ට එරෙහි සියල්ලන් එලවා දමන්න. නම මෛත්‍රී වූවට, නයින්ට කිරි පොවා පසුවට පසුතැවිලි නොවන්න. ලිස්ට් එකෙන් ගත් උනුත් දැනටත් ඇරලා අවසානය.)
මේ සියල්ලම කිසි අවුලක් නැතිව තනී තීරණයට කළ හැකි දේවල්ය.
මෙවන් වටිනා උපදෙස් පයිසෙකට මායිම් නොකල රජෙකුට ජනෙල් පොල්ලක එල්ලීමට සිඳූ බවටත්, අදටත් පන්සල් පල්ලි කෝවිල් පමණක් නොව මුස්ලිම් පල්ලිවල බිස්බිල්ලා රහ්මානූ රහිම් කියා යාඤ්ඤා කරමින් පව් සමා කර ගන්නා බවත්, මේ උපදෙස් පිලි නොපැද කටයුතු කලහොත් 2020 දි අඩි හයක් යට සැතපීමට සිඳු වන බවටත් අනතුරු හඟවා මාතලන්ගේ ජනාධිපති උපදේශණ සේවය මෙයින් නවතා දමනවාය..

විශේෂ - ඝෝඨාගේ ආශීර්වදය සමඟ පැමිනියද... මේ කිසිවක් නොකලහොත් පළමු ඉනිමෙන්ම ගෙදර යන්න වෙන බවට මෙන්න කැට. වෙන්නේ සිරිමාට වූ දේ, අනික් එකය...



62 comments:

  1. මාතලන්,

    සිරිසේන මහතා කරපු වැරදි විතරක්ම දකින්න එපා, ඔහු කළ හරි දේත් අගය කරමු.

    මෙන්න මේකෙන් ඔහුගේ තෙවසරක ප්‍රගතිය බලාගන්න පුළුවන්.

    https://www.facebook.com/MAHAWEDAMAHATHTHAYA/videos/1203598509780595/

    පෙනෙන දේට වඩා ඔහුකළ නොපෙනෙන සේවාව අගය කරමු. ඔහු රනිල් සමග මිත්‍ර කිරීමට අපි කටයුතු කරමු. එකම විසඳුම එයයි, එහෙම නේද?

    ReplyDelete
    Replies
    1. ඊට නරකද බං මාතලන්ගෙ ගුද මාර්ගය මාකට් කරලා ඒ මතින් යූඇන්පී කොලු නඩේ බලයට ගේන එක...පොන්සියන්ට හෙටක හදමු, ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කරමු...මෙන්න සටන් පාඨෙ....ඔහොම උනොත් මාතලන් ලොල්ලත් ගොඩ...රනියත් ගොඩ...

      Delete
    2. මාතලන්,

      මේ ඇනෝ (AnonymousJune 13, 2018 at 1:54 AM) ලෙසින් ඇවිත් මෙතන රෙන්නේ එක්කෝ සිපිපියාය, නැත්නම් ඇනෝලා සමග හරවත්ව ලොජිකල් පොයින්ට් ගෙනත් තර්ක කිරීමට අසමත් ලොන්ත පෝල් සමරිසි එජාප නාකින්ය, මුන්ගේ අරමුණ ඇතැම් වේලෙන බ්ලොග්වල මෙන්ම මෙහිත් ඇනෝ වසා පාලුගෙයි වළන් බිඳ බිඳ ස්වයං වින්දන ආතල් ගැනීමත් මාතලන්ගේ ජනප්‍රියත්වයට කෙළවා දැමීමත් ය. ඇතැම් මහ ලොකු බ්ලොගාලා මෙන් පෙනීසිට රෙදිගැලවුණු නරුමයින් දැන් මාතලන් වැනි අඩවි වල කමෙන්ට් දැමීමටත් බයය. මේ උන්ගේ ගොන්පාට් මිස අනෙකක් නොවේ. ජනතාවාදී බ්ලොග් කලාවක නිරතවන මාතලන් තමාගේ ඉවසීම දඩමීමා කරගෙන රඟන මේ ලොන්ත පෝල් හම්පඩයින්ගේ ගොන්වැඩ ගැන බුද්ධිමත්ව තීරණයක් ගත යුතුව ඇත.

      Delete
    3. ඇනෝලා සමග හරවත්ව ලොජිකල් පොයින්ට් ගෙනත් තර්ක කිරීමට අසමත් ලොන්ත පෝල් සමරිසි එජාප නාකින්ය,..... සුවර් එකටම ඉයන් ලොක්කා

      Delete
  2. ආණ්ඩුවේ ගූ-තැලීම කලාවක් නම්..
    මාතලන් එහි පිකාසෝ වෙයි.

    ReplyDelete
  3. අඩෝ පොන්න මාතලන්...මොකද ඔය හැටි බුරන්නෙ...උඹේ ගෑණිට සිරිසේනයත් ඇරියද උඹ අනුන්ගෙ කටට ගන්න වෙලාවෙ ?

    ReplyDelete
    Replies
    1. මාතලන්,

      මේ ඇනෝ (AnonymousJune 13, 2018 at 1:45 AM & AnonymousJune 13, 2018 at 1:51 AM) ලෙසින් ඇවිත් මෙතන රෙන්නේ එක්කෝ සිපිපියාය, නැත්නම් ඇනෝලා සමග හරවත්ව ලොජිකල් පොයින්ට් ගෙනත් තර්ක කිරීමට අසමත් ලොන්ත පෝල් සමරිසි එජාප නාකින්ය, මුන්ගේ අරමුණ ඇතැම් වේලෙන බ්ලොග්වල මෙන්ම මෙහිත් ඇනෝ වසා පාලුගෙයි වළන් බිඳ බිඳ ස්වයං වින්දන ආතල් ගැනීමත් මාතලන්ගේ ජනප්‍රියත්වයට කෙළවා දැමීමත් ය. ඇතැම් මහ ලොකු බ්ලොගාලා මෙන් පෙනීසිට රෙදිගැලවුණු නරුමයින් දැන් මාතලන් වැනි අඩවි වල කමෙන්ට් දැමීමටත් බයය. මේ උන්ගේ ගොන්පාට් මිස අනෙකක් නොවේ. ජනතාවාදී බ්ලොග් කලාවක නිරතවන මාතලන් තමාගේ ඉවසීම දඩමීමා කරගෙන රඟන මේ ලොන්ත පෝල් හම්පඩයින්ගේ ගොන්වැඩ ගැන බුද්ධිමත්ව තීරණයක් ගත යුතුව ඇත.

      Delete
  4. ඔය ගොන් මැටි මෝලා ඕවා කරන්නේ කොහෙද බං, ෆොන්සේකාට නීතිය හා සාමය දෙන්න කියල යූඑන්පී එකෙන් රෙකමන්ඩ් කරලා යව්වටත් පස්සේ , පොලිසියේ ලොක්කොයි, හාමුදුරුවරුයි කැමති නෑ කියල නොදීපු එකා.

    අනික ත්‍රීවීල් බදු අඩු කරන්න නෙවේ දැන් ත්‍රීවීල් ලංකාවෙන් අයින් කරන්න කාලේ හරි, ඒ වෙනුවට අඩු වියදම් කාර් එකක් ගන්න උන්ට සහනයක් දුන්නනම් හරි.

    රාජිත ගංජා වගාව නීතිගත කරන්න ඕන කිව්වම ඉස්සෙල්ලම රෙද්ද උස්සගත්තේ මේ වාහෙනේ .

    සිරිසේන කියන්නේ ලංකාවේ කාටවත් නැති අවස්ථාවක් ලැබිච්ච , රටේ ඉතිහාසය වෙනස් කරන්න පුලුවන් හැම අවස්තාවකම අතින් අරං බලයට පත්වුණු කෙනෙක්. ප්‍රගතිශීලී බලවේග සියල්ලගේම සහය ලැබුණු ,මේ වගේ අවස්තාවක් ලැබුණු මිනිහෙක් ඉතිහාසේ නෑ.

    එත් ජනාදිපති කමට වඩා 4% පක්ෂ නායකකම වැදගත් කියල හිතෙන තරමට පටු දේශපාලන දැක්මක් තිබ්බ මිනිහෙක් එක්ක ගමන කොට වුන

    මැණික් ගලේ පය හැපුනට කණා ඇහිඳලා ගනීද ?

    ReplyDelete
    Replies
    1. අඩේ එහෙම කියන්න එපා අප්පා... අපේ ජනපති නේ හිටන්...
      මම මේ මරණාසන්න මොහොතෙත් ගොඩ දාගන්න ට්‍රයි එකක් දෙන්නෙ හිටන්...

      Delete
    2. මොන පකා මොනවා කීවත් මමනම් 100 % මාතේ සමග එකඟයි.

      Delete
  5. ඒ අස්සේ අන්න යුඇම්පි අම්බරුවොන්ගේ අනාගත නායක ගම්මට්ටම් බිම්මට්ටම් උස සිකුරුටි මිටි කම්කරු නිදන් සජිත් ප්‍රේමදාස කියනවා , එයා රටපුරා නව දාගැබ් 25ක් හදනවලු . මුන්ට පුකේ ඉඳන් පිස්සු ඔයි .

    ReplyDelete
    Replies
    1. අද මේ රටේ ජනතාවගේ දුක වේදනාව හොදින් දැනෙන තේරුම් ගෙන මිනිස්සුන්ට හිතේ සතුටක් දෙන්න පුලුවන් කැපවුන නායකයෙක් තමයි අපේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා, එතුමාට ඒ කටයුත්ත කරගෙන යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ඒ පින් බලෙන් එතුමා මේ රටේ නායකයා බවට පත්වේවා යයි විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් සි පෙරේරා හොරණ මිල්ලනිය වත්තේ අඩු අදායම්ලාභි නිවාස ව්‍යාපතියක් ජනතාවට පැවරීමේ උත්සවයකදි පැවසීය.

      මේ දින වල ආණ්ඩුවේ තැන තැන පැවත්වෙන කාතාවලින් පැහැදිලි වනුයේ සෑම පක්ෂයක් තුලම නායකත්වය සම්බන්ධව සීතල යුද්ධයක් පටන් ගෙන ඇති බවයි. එමෙන්ම අජිත් සි පෙරේරා මේ වනවිට ශ්‍රිලනිප නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ ඉතා කුලුපගව සිටින එජාපයේ අමාත්‍යවරයෙකි.

      ජනාධිපතිවරයා මෙන්ම දැඩි රාජපක්ෂ විරෝධීයෙකු වන නියෝජ්‍ය අමාත්‍යවරයා හිටීගමන් අනාගත රටේ නායකයා බවට සජිත් ප්‍රේමදාසම විය යුතුය පැවසීම හරහා ජනාධිපතිවරයා විසින් පැවසූ 2018 දෙසැම්බර් මාසයේදී සිදුවන දේශපාලන පෙරලිය ගැන ඉගියක් විය හැකිය. හේතුව මීට පෙර මුදල් අමාත්‍ය රවි කරුණානයක එම ධූරයෙන් ඉවත් කරන වගට ද ජනාධිපතිවරයා මුලින්ම ඉගියක් කලේ ශ්‍රිලනිප තම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක දීය.

      Delete
    2. උඹ බය වෙන්න එපා දාගබ් 25 නෙමේ සීයක් හැදුවත්.. එයාගේ ගෙවල් වගේම පොඩි කෝම්පිට්ටු දාගබ් වෙන්න ඇති බං...
      උගෙ අම්මගෙ රෙද්ද... දවස් තුනෙන්... ඇහැට කනට ඇන්නගට පතට පකට බඩට දැනෙන්න සංවර්ධනයක් ගේනවා කියාපු හාදයා නේ හිටන්...

      Delete
    3. /// උඹ බය වෙන්න එපා දාගබ් 25 නෙමේ සීයක් හැදුවත්.. එයාගේ ගෙවල් වගේම පොඩි කෝම්පිට්ටු දාගබ් වෙන්න ඇති බං... ///
      දවසේ කතාව බං...

      Delete
  6. හැම මිනිහටම උපයනවිට ගෙවන බද්ද ගහනවා , එතකොට
    වෛද්‍යහොරු වෙනම පිරිසක් උන් බද්දෙන් නිදහස්
    පන්සල් , පල්ලි කෝවිල් බද්දෙන් නිදහස්
    කළාකරුවෝ බද්දෙන් නිදහස්
    ධීවරයෝ, ගොවියෝනට බදු සහන
    රාජ්‍ය සේවකයන්ට බදු සහන
    ව්‍යාපාරිකයන්ට බදු සහන
    අපි ඔය ඔක්කොටම හම්බ කරලා ගෙවන්න ඕන

    ReplyDelete
    Replies
    1. නව දේශීය ආදයම් පනත මගින් සංශෝධනය කොට ඇති උපයනවිට ගෙවීමේ බද්ද පෞද්ගලික සහ රාජ්‍ය දෙ අංශයටම එක ලෙස බල පැවැත්වෙන බව, දේශීය ආදයම් දෙපාර්තමේන්තුවේ තොරතුරු අංශයේ කොමසාරිස් ප්‍රසන්න ඒකනායක පැවසුවා. වැටුප් සහ දීමනා සහිත මාසික වේතනයෙන් අදාල බදු මුදල, වේතනය ගෙවනු ලබන ගණකාධිකාරී විසින් අයකරගෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත බැර කළ යුතුයි.

      කෙසේ වෙතත් රාජ්‍ය අංශයේ සේවකයින් රටට කරන විශාල සේවයත් වෛද්‍යවරු, නීතිඥවරු/ ගණකාධිකාරීවරු වැනි රජයට සම්බන්ධව සේවය සපයන වෘත්තික නිලධාරීන් වෙහෙස වී රට නංවන කලාකරුවන්/ ගොවීන්/ ධීවරයින් වැනි රට වෙනුවෙන් වෙහෙස මහන්සි වී විශාල සේවයක් කරන පිරිස් වලට පමණක් සහන දීමටත් පුද්ගලික අංශයේ සාමාන්‍ය රැකියා කරන මිනිසුන්/ රජයේ ලියාපදිංචි නැති/ බීඕඅයි ඇපෲවල් නැති ව්‍යාපාරිකයින් වැනි පිරිස් වලින් කිසිදු සමාවක් නොදී බදු අයකරගැනීමටත් තීරණය වී තිබෙන බව පෙනේ. මෙහි ඇති වරද කුමක්ද?

      Delete
    2. ඕවට කියන්න ඕන ඉන්කම් ටැස් නෙමෙයි
      උගෙ අම්මගෙ රෙද්දේ ටැස් කියලා හිටන්..

      Delete
  7. මාතේ එන ජනාදිපතිවරණයේදී අනිවාර්යෙන්ම තමන් ජනාධිපති පුටුව ලබා ගන්නා බව එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස අම්බලන්තොටදී පැවති උත්සව සභාවක් අමතමින් කිවා දැක්කද?

    ඉදිරි වසර දෙකද මෙම ආණ්ඩුව පවතින බවත් කිසිවෙකුට එය බිද දැමීමට නොදෙන බවත් මෑන් කිව්වා, හැබැයි නායක කම අතට වැටෙනකම් බලාගෙන ඉන්න කෙනෙක්ට රටට දැනෙන යමක් නොකරපු කෙනෙක්ට භාරදුර ඇමතිකමක් වසර කිහිපයක්වත් එකදිගට නොකරපු කෙනක්ට හරිහමන් දර්ශනයක් අරමුණක් රට වෙනුවන් නැති කෙනෙක්ට පුලුවන්ද රටේ තිබෙන ඉහලම තනතුරේ රාජකාරි කරන්න?

    ඉතින් මේවගේ කෙනෙක් ජනපති උනොත් රට පාලනය කරන්නේ වටේ පිටේ ඉන්න මිනිස්සු අන්න ඒ බව දන්නා නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මෙතුමට පක්ෂ නායකත්වය දෙන්නේ නැත්තේ .මෙයා ජනපති උනොත් රටම සුන් .

    ඒවගේම තමයි සජ්ජට චන්දෙ දෙන්නේ UNP දුප්පත් ජනතාව. UNP සල්ලි කාරයෝ මෙයාට චන්දෙ දෙන්නේ නෑ හේතුව මෙතුමාගේ තාත්ත රණසිංහ ප්‍රේමදාස වීම. එනිසා සජිත්ට ජනපති නාමයෝජනා දීම එජාපය පරාජය වීමට හේතුවක් වෙනවා.

    එජාපය දිනවන්න උවමනානම් රටේ ජනතාව ගරු කරන රටගැන පැහැදිලි දර්ශනයක් තිබෙන උගත් ඥානවන්ත දක්ෂතා තිබෙන පාඨලී චම්පික එජාපයේ ජනපති අපේක්ෂකයා කරන්න ඕන මගේ මතයේ හැටියට. ඔහුට එජාප සහ එජාප නොවන සියලු දෙනාම චන්දය දෙනවා .අද එජාපයට අවශ්‍ය එවැනි චරිතයක් මිස මෝඩ විහිලු කියන ජෝක් කාරයෙක් නොවේ. මේ ගැන ඔබේ අදහස මොකක්ද?

    ReplyDelete
  8. මෛත්‍රී කියන්නේ ඉතා කෙටි කලකින් ලොකු පෙරලියක් කළ හැකි නායකයෙක්, ඔහුගේ මේ මෑතක ඉතා වැදගත් කතාවක් සිදුකරා. ඔහුගේ මෙන්න මේ කතාව බලන්න (ලිංක් කර ඇත)

    ReplyDelete
    Replies
    1. ඕකත් අමු කෙප්පයක් නේ... ඔය සිරි ලංකා එකේ මී ගවයෝ ටික එන්නේ රෑ එකට දෙකට ඉතර එයත් එක්ක මීටින් තියලා හිටන්

      Delete
  9. මාතෙ මේ, අපේ අම්මටසිරි ලංකාවේ ඇමරිකන් තානාපති ධූරය ඉදිරි දින කිහිපය තුළදී වෙනස්වීමට නියමිතයි මාතලන්, ඇමරිකන් ජනාධිපති ට්‍රම්ප් අම්මටසිරි ලංකාවට නව තානාපති ලෙස නිර්දේශ කර ඇත්තේ රිපබ්ලිකන් හිතවාදී ඇලයිනා බී. ටෙප්ලිට්ස් කියල නිව්ස් වල තිබ්බ.

    ගියමහේ (මැයී) 24 ඇමරිකන් ජනාධිපති එයාව ලංකාවේ නව තානාපතිවරිය ලෙස නම්කර ඇති අතර ඒ සඳහා ඇමරිකානු සෙනෙට් සභාවේ අනුමැතිය ලැබෙනු ඇත.

    හිටපු ඩිමොක්‍රටික් හිලරි/ඔබාමා/ ලිබරල්වාදී අතුල් කෙෂප් 2015 අගෝස්තු මාසයේදී ඇමරිකානු තානාපතිවරයා ලෙස වැඩ භාරගත් අතර ඔහු වසර දෙකකට ආසන්න කාලයක් අදාල තනතුරේ කටයුතු කළ නමුත් දැන් එන්න ඉන්න 49 හැවිරිදි ඇලයිනා ජෝජ් ඩබ් බුශ්ගේ රිපබ්ලිකන් පාලන කාලේ 1991 වසරේදී ඇමරිකානු විදේශ සේවයට එක්වූ අතර ඕස්ට්‍රේලියාව, ඇල්බේනියාව, මොංගෝලියාව, ඇෆ්ගනිස්ථානය ඇතුළු රටවල් කිහිපයක තානාපති සේවා පිළිබඳ අත්දැකීම් ලබා තිබේ. අසා ඇති පරිදි ඇය සුළු ජාතීන්ගෙ අයිතීන්, ලිබරල් ඩිමොක්‍රටික් අදහස් වලට වඩා ජාතිකවාදී අදහස් වන්නට පුළුවන්, උතුරේ දමිළ ජනයාගේ සාධාරණ ප්‍රශ්න ගැන ඇය අතුල් මෙන් සංවේදී නොවී ඇල්මැරුණු පිළිවෙතක් අනුගමනය කරනු ඇතැයි සමහරක් කියනවා.

    හැබැයි මාතලන් ඊ-නිව්ස්, ලංකා නිව්ස් වෙබ්, නෙළුම් යාය සහ එජාප හිතවදී මාධ්‍ය, ලේක් හවුස් ඇතුළු රජයේ මාධ්‍ය, ජේවීපී සමාජ ජාල ක්‍රියාකාරීන් පහුගිය දවසක අතුල් කේසප් සහ මැදමුලන ගංකබර පොල් රැවුල්මොටා ගේ හමුව ගැන කියුවේ මෙහෙමයි;

    //‘‘ගෝඨාට ජනපති වීමට ඇමරිකාව කිසි ලෙසකින් ඉඩ තබන්නේ නෑ" - ලංකාවෙන් යන්න ඔන්න මෙන්න තිබියදී ඇමරිකානු තානාපති අතුල් කේෂප් මහින්ද හමුවී දුන් දැඩි නියෝගය

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ වැනි මිනීමරු ඒකාධිපතියෙකුට මෙරට ජනාධිපතිවරයා වීමට ඇමරිකාව ඇතුළු බටහිර රටවල් කිසිලෙසකින් ඉඩ නොතබන බව මෙරට ඇමරිකානු තානාපති අතුල් කේෂප් ඉතා දැඩිව මහින්ද රාජපක්ෂගේ මූණටම සඳහන් කර ඇති බව වාර්තා වනවා.

    නොබො දිනකින් සිය නිළ කාලය අවසන් වී මෙරටින් පිටත්ව යාමට නියමිත තනාපතිවරයා, පසුගිය 10වනදා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මුණ ගැසීමට ගොස් ඇති අතර එහිදී ඔහු මහින්ද රාජපක්ෂට දැනුම් දී ඇත්තේ ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ කිසිම මැතිවරණයටකට ඉදිරිපත්වීම හෝ මෙරට ජනාධිපතිවරයා බවට පත්වීම කිසි ලෙසකින් පිලිනොගන්නා බවත් ඊට දැඩි ලෙස විරුද්ධ බවත් ඔහු එසේ කිරීමට උත්සාහ කරන්නේනම් එය හොඳින් බැරිනම් නරකින් කෙසේ හෝ නවතා දමන බවයි.

    ඇමරිකානු තානාපතිවරයා මෙහිදී ඉතා දැඩිව අණකර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ වැන්නෙක් කිසිදිනෙක ජනාධිපති අපේක්ෂකයකු ලෙස තබා ප්‍රාදේශීය සභාවකටවත් නම් නොකරන ලෙසය.

    අන්තර්ජාතික ප්‍රජාව බලාපොරොත්තුවෙන් සිටින්නේ දේශපාන පරිණතභාවයක් සහ අත්දැකීම් ඇති පුද්ගලයෙකු බව පැය එකහමාකරකට ආසන්න කාලයක් පැවති මෙම හමුවේදී තනාපතිවරයා ඉතා දැඩිව අවධාරණය කර තිබේ. බ්ලා බ්ලා බ්ලා//

    හැබැයි මීට පස්සෙ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ මෙරට ඇමරිකානු තානාපති අතුල් කේෂාප් අතර පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් විකෘති කරුණු ඇතැම් මාධ්‍ය හරහා පළ වී ඇති බවත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මීළග ජනාධිපතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව අකමැති යයි තානාපතිවරයා ප‍්‍රකාශ කර ඇති බවට මාධ්‍ය වලින් පළ වූ කරුණු කිසිසේත්ම සත්‍ය නොවන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා, දැන් මේකෙන් හරි මොකක්ද මාතලන්?

    එතකොට ජේවීපී/ යූඑන්පී/ ඊ-නිව්ස්/ නිව්ස් වෙබ්/ නෙලුම් යාය වගේ දේශපාලන පුවත් ආයතන සහ කණ්ඩායම් කතරගම කිරිවෙහෙර රජ මහා විහාරයේ විහාරාධිපති කොබවක ධම්මින්ද උන්නාන්සේට වෙඩි තිබ්බේ ගෝඨාගේ පාතාල මිනීමරුවන් බවටත් දැවැන්ත ප්‍රචාරයක් ගෙන ගියත් කොබවක ධම්මින්ද හිමියන් සහ තවත් හිමිනමකට වෙඩි තබා තුවාල සිදු කළ සැකකරුවන් හඳුනාගෙන ඇති බව පොලීසිය අද නිව්ස් වලට කිව්ව, වෙබිතැබීම සිදුව ඇත්තේ කතරගම මහසෙන් දේවාලයේ අයිතිය සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මුල් කර ගනිමින් කියල ප්‍රධාන් නිව්ස් චැනල් වල නම් කිව්වෙ.

    පොලිසිය කියපු හැටියට අදාළ දේවාලය මීට වසරකට පෙර අධිකරණ තීන්දුවක් මගින් කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට අයිති වී තිබේ. ඉන් උරණ වූ මහසෙන් දේවාලයේ හිටපු මහ කපුරාලගේ සැලසුමක් මත ඔහුගේ ජීප් රථයෙන් ම පැමිණි 3 දෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව හෙළිවී ඇතැයි කියා සිටී.

    ඒ බව එම අවස්ථාවේ නායක උන්නාන්සේගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් ද තහවුරු කර ඇති බව පොලීසිය කියනවා, ඇත්තටම ගෝඨා මේක පස්සෙ හිටියාද? ගෝඨාගේ කතරගම සුවිසල් මන්දිර සංකීර්ණය තියෙන්නේ කොහෙද? මේ උන්නාන්සේ ඒක ගැන් හෙළි කලාද? මේකේ ඇත්ත නැත්ත මොකක්ක්ද කියල මාත හරි වෙන දන්න කෙනෙක් කියල දෙන්න ප්ලීස්?

    ReplyDelete
    Replies
    1. ලොවම මවිත කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් හා කිම් ජොං උන් මගුලේ කපුකම කළ අනුරාධපුරේ ඥානා මෑණියෝ

      By - Maathalan

      ලෝකේ මොනම දෙයක් උනත් අනිවාර්යයෙන් ඒකට ලංකාවේ කවුරුන් හෝ ගෑවිලාම තිබෙනවාය. ගවේසොනශීලී මාද්දියවේදියකු වශයෙන් සිංගප්පූරුවේ සිඳූ වූ ට්‍රම්ප් හා කිම් ජෝං හමුව ගැන ලංකාවේ සමබන්ධය අනිවාර්යයෙන්ම වාර්ථා කළ යුතු වූ නිසා, මේ පිළිබඳව සොයා බැලීම සඳහා ලංකාව පාලනය කරනා මෑනියන් වහන්සේ වන අනුරාධපුරයේ ඥානා මෑණියෝ සොයා කෙලින්ම අනුරාධපුරය බලා ගියේය.

      දේශපාලුවන්, මහා නායක හිමිවරුන්, මහා ආචාර්යවරුන්, දොස්තරවරුන්, ඉංජිනේරුවන් හා වමේ ක්‍රියාකාරීන් රාශියක්ම උන්නද, එතන හිටපු මෑණියන්ගේ ආවතේව කරුවකු අතේ මාතලන් ඇවිත් ඉන්නා බව කියා පණිවිඩයක් ඇතුලට යැව්වේය.

      ලංකාවේ සුප්‍රසිද්ධ හේතුපලවාදියකුගේ යාග හෝම නිම කිරීමෙන් පසු, කෙලින්ම මාතල්නට කතා කළේ ඔය ඔක්කෝටම වඩා මෑණියෝ මට සලකන නිසාය..

      මොකෝ මාතේ මේ පැත්තේ... කළ දවසවත් බලා ගන්නෙයි

      මගේ එක බලාගත්තට වැඩක් නෑ නේ මෑණියෝ.. හැම දාම බලන්න එන උන්ට මොකක් හරි හූණියමක් වගේ දෙයක් හරි කළොත් නම් අපේ කළ දවස නම් හොඳ වෙයි..

      එහෙනම් මොකෝ මාතේ මේ පැත්තේ ආවේ

      මෙහෙමයි... දැන් ඊයේ අර ඇමරිකාවේ ට්‍රම්ප් කාරයයි, නෝර්ත් කොරියා කිම් ජෝං කාරයයි සිංගප්පූරුවේ සෙට් උනානේ.. මම දන්නවා අනිවාර්යයෙන් ඕක ලෝකය පාලනය කරණ මෑණියන්ගේ වැඩක් කියලා.. මට කියන්න මෑණියෝ කොහේදිද මේ දෙන්නා හම්බ උනේ.. එක්කෝ දෙන්නගෙන් එකෙක් හරි හොරෙන් මෑණියෝ හම්බ වෙන්න ආවා නේ...

      ඔහේ නම් මාර බඩුවක් තමයි මාතලන්.. ඕකත් මගේ වැඩක් තමයි.. හැබයි කාටවත්ම කියන්නේ නෑ කියලා පොරොන්දු වෙනවා නම්... ඇත්තම කතාව කියන්නම්...

      ඔය විජේදාස රාජපක්ෂ ඉන්නවනේ..

      ඔව්වොව් එයාද මේක කලේ මිනිහා නම් පට්ට ඩීල් කාරයා...

      නෑ නෑ එයාට මේ ළඟදි ආයෙත් ඇමති කමක් අරගෙන දුන්නා නේ..

      අනේ ඒවා නම් පින් සිද්ද වෙන වැඩ මෑණියෝ.. එයා අධිකරණ අමාත්‍යශයත් නියමෙටම කරගෙන යද්දි නේ රනිල් ඔය මනුස්සය එලවලා දැම්මේ...

      ඔව්වොව් එක ඇත්ත.. ඉතින් ඇමතිකම හම්බ උනයින් පස්සෙ.. පොර ආවා සිරිසේන මහත්තයත් එක්ක මාව හම්බ වෙන්න..

      අගමැති කම ඉල්ලන්න වෙන්න ඇති..

      නෑ නෑ සිරිසේන මහත්තයටත් ගොඩාක් ප්‍රශ්ණය කියලා... පොඩි ශාන්ති කර්මයක් කර ගන්න ආවේ... ඉතින් එයා කිව්වා එයාට තනියම හම්බ වෙන්න ඕන... ලොකු රහසක් කතා කරන්න කියලා... එහෙම කියලා විජේදාසට කිව්වා.... විජේදාස තමුසෙ පොඩ්ඩක් එලියට යනවා කියලා..

      ඉතින්..

      ඉතින් මම මාතේ මහ රජ්ජුරුවන්ගේ උනත් එක ප්‍රශ්ණයයි නේ විසඳන්නේ... මම කිව්වා ප්‍රමුඛම කාරණේ කියන්නෙයි කියලා...

      ඉතින්...

      සිරිසේන මහත්තයා කිව්වා... ඩොනල්ඩ් ට්‍රම් මහත්තයා, අතුල් කේසාප්ට කියලා තියෙනවය... කිම් ජෝං කාරයා ඇමරිකාවට කෙලින්නයි යන්නේ.... මෑණියන්ට කියලා ඕක නවත්තලා දෙන්නෙයි කියලා...

      අම්මට හුඩු ඉතින් ඉතින්..

      මාතේ කට පරිස්සම් කර ගත්තොත් හොඳයි..

      හා... හා... මෑණියන්ට ශ්‍රී .. ඉතින්

      ඉතින් මම කාළි මෑණියන්ගෙන් ඇහුවා.... මෙහම කේස් එකක් දන්නවද.... මේකට මක්කා හරි කරන්න බැරිද කියාලා...

      ඉති.....න්...

      කාළී මෑණියෝ කිව්වා .... ඕකුන් දෙයියන්ටත් වඩා බලවත්ය, ඒත් ඉතින් ඕනම නම් කරන්නත් බැරි කමක් නැතෙයිය.. ඔය ඇවිල්ලා ඉන්න නර පනුවගෙ වෙන ප්‍රශ්ණ ඇත්තෙම නැද්ද..... මට පරක්කු වෙනවය කියලා..

      කාළි මෑණියන්ටම සිරි.... ඉතින්... ඉතින්...

      ඉතින් මම සිරිසේන උන්නෑහෙට කිව්වා.. ඒවා මේ දේව මණ්ඩලෙටත් වඩා උසස් අයගේ කේස්.... වෙන ප්‍රශ්ණයක් මක්කත් නැද්ද විසඳලා දෙන්න කියලා..

      අනේ පවු...

      කව්ද

      ඩොනල්ඩ් ට්‍රම්ප්

      ඒක හරි... ඉන්නකෝ කතාව ඉවර නෑ නේ මාතේ..

      ඉතින් ඉතින් මෑණියෝ.... සිරිසේන මහත්තයට වෙන ප්‍රශ්ණයක් තිබ්බේ නෑ.....

      මොන පිස්සුද ඒ පාර එයැයි කිව්වා.. අනේ මෑණියනේ.. මම කට හොල්ලන්න බෑ.... මාද්දිය කාරයෝයි... වෙබ් සයිට් කාරයොයි... පෙස්බුක් එකේ නසරානියෝයි පලු යන්න ගහනවා.... ඒවා ඔක්කෝම ඉවසන්න පුළුවන්.... මගෙන් ඇමතිකන් අරගෙන... අර පර යූ ඇන්පී කාරයොත් මට නෙලනවා.... මේන් මේක නවත්තලා දෙන්නය කියලා...

      පව් අප්පා..... ඉතින්

      ඉතින්.... මම කාළි මෑණියන්ට කතන්දරේ දේවා භාෂාවෙන් කිව්වා..

      ඉතින් කාළි මෑණියෝ මොකෝ කිව්වේ..

      කාළි මෑණියෝ කිව්වා එයා කිම් ජොංට කියලා වැඩේ ෂේප කරලා දෙන්නම්ය. ඒක දෙවනි එකට වඩා සිම්ප්ල්ය කියලා...

      Priyantha Hewage Maathalan

      Delete
  10. මාතලන් ගේ පෝස්ට් එකකට කමෙන්ට් කරන්නේ ඉඳ හිට වුනත්, නොවරදවාම හැම පෝස්ට් එකක්මත්, ඒවායේ කමෙන්ටුත් කියවනවා.

    මහින්ද රාජපක්ෂට දුන්නැයි කී අවවාදය මාත් එකල කියමින් උන් දෙයකි.

    මේ උන්දෑ කිසි සේත්ම ඕවා නොකරන බවනම් සහතිකය. ඒ මොකද මාතලන් මේවා ලියන්නේ සිංහල පත්තරයේ නොවනා බැවින්ය.

    ReplyDelete
    Replies
    1. දැන් මාත් පත්තරයක් කරනවා මචෝ... හැබ්යි ඒකත් බ්ලොග් එකක්

      https://gadyanohothkavi.blogspot.com

      Delete
    2. ඒකත් අපිනං කියවනවා. කොලේක ප්‍රින්ට් කරල නැති නිසා ඕනේ කරන එකා කියවන්නේ නැතුව ඇති

      Delete
  11. මාතලන් උඹයි මායි දවසකටවත් පත්තරයක් ගහමුද.
    ලොක්ක පත්තරනං බලනවලුනේ.

    ReplyDelete
    Replies

    1. හැට්ටර් මල්ලී දැක්කේ ගොඩ කාලෙකින් ... කොහොමද ඉතිං ?

      අර ඇම් 4 ගැන ලියන්නකෝ අපිටත් බලන්න එක්ක ,.

      Delete
    2. https://gadyanohothkavi.blogspot.com

      Delete
  12. ඔය මාතලන් කියලා තියෙන දේවල් කරන්න පුළුවන් ලිබරල් මනසක් තියෙන දේශපාලනික නායකයන් එකම එක්කනයි ඉන්නේ. ඒ මංගල සමරවීර.

    ReplyDelete
  13. සිරිසේන, 2020 ආයේ එන්ඩනන් හිටන් "හැබැයි තරග කරන්න " ....

    මොකද එතකොට සිරිසේනගේ ප්‍රතිවාදියා ට ලේසියෙන් දිනන්න පුළුවන් නේ .

    සිරිසේන, 2020 එනවනම් අ.වි.ස (අපරාදේ වියදම්කරන සල්ලී )

    ReplyDelete
  14. අඟහරු මත ගඩොල් තොගයක් තිබී සොයාගෙන ඇත .
    ජෙට්ට මාධ්‍යවේදී කීර්ති වර්ණකුලසූරිය. මේ දවස් වල හිනාවෙලාම බඩ කොරවෙලා ඉන්නේ

    ReplyDelete
    Replies
    1. අඩෝ කෙලිනවා උඹට අඟහරු ගඩොල් භාගෙකින් හොඳේ

      Delete
  15. රසවත් ලිපියක්... ඊටත් රසවත්.. කොමෙන්ටුවක් හමුවුණා.. ඥාණා මෑණියන් ගැන..

    ReplyDelete
  16. අවුරුදු තුනක් ගිහිල්ල නොකරපු එක දැන් කරයිද බන්. හුඟක් වෙලාවට ගෝටා හරි බැසිල් හරි එන බවක් පේන්නේ . පොර නාගෙනම යයි යන්න.

    ReplyDelete
    Replies
    1. @ Ajit

      මේ ජර මර අස්සේ යූ එන් පී එකෙන් සජිත්ව දැම්මනම් ගොඩේ ගොඩ. රාජපක්ෂලාට රණ්ඩු වෙවී ඉන්න කියමු. කොහොමටත් එයාල එකෙකුට එකෙක් නැනේ.

      UNP එකෙන් සජිත් ආවනම් රාජපක්ෂලා KNOCKOUT. GOTA ට සුළු චන්ද නැහෙනෙ.

      Delete
    2. අවංකවම කියනවා නම් (යාලුවෝ තරහ වෙයි හැබැයි) ඇනෝ, සජිත් එනවට වඩා මම කැමතියි ගෝඨාභය රාජපක්ෂ එනවා නම්. ගෝඨාභය ට තියන ලොකුම චෝදනාව මිනිසු අතුරුදහන් කරපු එකනේ. නමුත් ඒ එන යකා මිනිස්සු දන්නවා. ස්ටාලින් පන්නයේ කරපු වැඩ (කොළඹ ගොඩ නැගීම හෙම) ඒවා ජනප්‍රියයි. සජිත් පල්ලහ යුඇන්පී සාමාජිකත්වය අතර ජනප්‍රියයි කියල පේනවා. නමුත් ජනාධිපති හැටියට ගෝඨාභයට ඊට වඩා සුදුසුකම් හා පළපුරුද්ද තියනවා කියල මම හිතන්නේ. රනිල් හැරෙන්න යුඇන්පී එකේ ජාත්‍යන්තර තලයේ නායකයෙක් තවම නැහැ. රනිල් ගේ ලිබරල් විධිහට මම කැමතියි. නමුත් මේ මනුස්සයත් බලය එන හැම පාරම මොනවා හරි කරලා අනා ගන්නවා. බැසිල් කියන්නේ මම සපෝර්ට් කරන චරිතයක් නෙමෙයි. නමුත් මගේ ලිපියක මම ලිව්වේ ඇතැම් රිජියනල් බලවත්තු බැසිල් ට වඩා කැමතියි කියන එක. ඒක පේන්නම තියන දෙයක්.ලංකාව ඇතුලේ වෙනත් රටවල් ක්‍රියාත්මක වෙනවනේ කාලෙක ඉඳන්. සමහර විට ගෝඨාභයට තියෙන්නේ මහින්ද වගේ බැසිල් එක්ක ගිවිසුමක් ගහල බලය බෙදා ගන්න.

      Delete
    3. ඔය ඔක්කොම පැත්තක ඉදිද්දි පොලිස්පති ජනපති වෙන්නත් පුළුවන් රටක මේක..

      මේ පේන්නේ නැද්ද වෙලා තියෙන ජර මරේ...

      Delete
    4. එතකොට අර ප්‍රා-ජිත ගෙන් සල්ලි අරන් කනේ-මයිල් ගෙවාගෙන ලන්කාවට ඇවිත් 88-89 කාලේ තරුනයො 1000ක් විතර අතුරුදන් කරපු ප්‍රා-ජිතව නූතන සේනක බිබිලේ කරන්ඩ හදපු බිස්නස් එක ඉවරද නෙලුම් අජ්ජො ?

      නැව ගිලෙන කොට මීයොත් නැවෙන් පනිනව කියන්නෙ ඕකට තමා නේද ?

      Delete
    5. ඇනෝ ගිලෙන්න නැවක් තිබ්බද ? මැද නැවකුයි ඒක දෙපැත්තකට අදින බත්තල් දෙකකුයි නේ තිබුනේ. රනිල් කරන දේවලට ගම මහත්තයා වෙට්ටු දාන එකනේ වෙන්නේ. //නැව ගිලෙන කොට මීයොත් නැවෙන් පනිනව කියන්නෙ ඕකට තමා නේද //- ඇනෝ ඔහේගේ හිතීම් හරිම පටුයි නේද? ගොත්බහ්ය සජිත් ට සමාන කරන කොට මම සජිත්ට කැමති නැහැ. සජිත් කියන්නේ ජනාධිපති මැටිරියල් එකක් කියල කොහොමට වත් හිතෙන්නේ නැහැ. යුඇන්පී කාරයන්ට කොහොම වෙතත් ලිබරල් රනිල්ට මම කැමතියි. මිනිහට කර ගන්න බැරි එක වෙනම කතාවක්. සජිත්ට අකමැතියි කිවවයි කියල මම හෙට ගිහින් ගෝඨාබය වේදිකාවට නගින්නේ නැහැ. ඒක කිව්වේ සාපේක්ෂව. මෝ සජිත්මේනියාව තයන යට එයා හොඳ ඇති ඇතින් . ගෝඨා මේනියාවත් ඒ වගේ තමයි.

      Delete
    6. //එතකොට අර ප්‍රා-ජිත ගෙන් සල්ලි අරන්// අම්මප පුලුවන්නම් ඔප්පු කරහන් පුතේ මම ඔය කියන මනුස්සයගෙන් සල්ලි ගත්ත කියල.
      //88-89 කාලේ තරුනයො 1000ක් විතර අතුරුදන් කරපු ප්‍රා-ජිතව නූතන සේනක බිබිලේ කරන්ඩ හදපු බිස්නස් එක ඉවරද නෙලුම් අජ්ජො // මගේ කිසිම සම්බන්ධයක් නැහැ ආපු එකට වත් ඔය සේනක කතාවට වත්. හැබැයි මෙහෙම කතාවක් නම් එදත් කිව්වා . දැනුත් කියනවා. ඔයා මහින්ද/ගෝඨා වාදියෙක් නේ. ඇයි රාජිත ඔයාලගේ ආණ්ඩුවේ හිටියේ? ඇයි ඒ කාලේ ඔය කල අපරාධ වලට ඌව කුදලල ඇතුළට දැම්මේ නැත්තේ. ඇයි හොඳ ඇමති පට්ටම් දීලා නැලෙව්වේ. ඊලඟ ප්‍රශ්නය අර එදා එතැන ගොන්පාට් දාපු ජවිපෙ මහත්තැන්ට ? ඇයි ඒ ගොල්ල බබාලාද ? අර ස්වාධින එකේ දයා පතිරණ මැරුවේ කව්ද ? ඒ දවස් වල ගහපුවා මතකද ස්වාධින වුන්ට කොල්මබ කැම්පස් එකේ . ඊට පස්සේ ඝාතන රැල්ලක් අරන් ගිය ඒවා මතකද? මේ වගේ එවුන්ට ආයුධ ගන්න බල කරපු සංස්කෘතියක් ඇති කළේ කවුද? එක එකපාර ආවේ නැහැනේ. ආණ්ඩුව ලනක්වේ පක්ෂ වලට (වමේ) ආයුධ ගණන් කිවනේ ආත්මාරක්ෂාවට. ඒ ස්ටාලින් වාදී ඝතාණන් හරිද?
      රාජිත හොඳයි කියනවා නෙමේ මේ, උන් අන්ත ජඩ විධිහට මිනිස්සු මැරුව තමයි. එහෙම කියනවනේ. දැන් බලන්න.
      රනිල්- බටලන්ද චෝදනා, රාජිත - ප්‍රා චෝදනා , ජවිපෙ -දයා පතිරණ, පණ්ඩිතරත්න ආදීන්ගේ සිට ඉදිරියටම ඝාතන චෝදනා , ප්‍රේමදාස පියා ජවිපෙ සිසු ඝාතන චෝදනා -, ගෝඨා - සුදු වෑන් ඝාතන චෝදනා , මහින්ද දෙමළ ඊලම් සටනේ අවසන් දවස් වල ඝාතන චෝදනා, රතුපස්වල ඔය වගේ බැලුවම කවුරුහරි ඉතිරි වෙනවද ඔය ලංකාවේ චෝදනා නැති ? (මෛත්‍රිපාල සිරිසේන බලාගෙන ගියහම හොඳයි වගේ)
      මේ ලඟදි තව ඇනෝ කෙනෙක් අර දත් ගලවන විධි කියල සල්ලි ගන්න ක්‍රමයක් ලීවනේ. මේ ලඟදි මට හමුවුනා බ්ලොග් වලට කොමෙන්ට් කරන සාමාන්‍යයෙන් ගෝඨාවාදී (හෝ මහින්ද පක්ෂයේ) මහත්මයෙක්. අපි දෙන්නම හිතපු දෙයක් තමයි අර රුපියල් 15000 සිද්ධිය. වෙබ් ලින්ක් එකක් අප්ලෝඩ් කරන්න මට මිනිත්තුවයි යන්නේ. ලංකාවේ ඒවාට ගෙවනවා කියල ඒ පත්තර වලියෙන් අපි දෙන්නම දැන ගත්ත. රුපියල් 15000 කට ඒ වෙබ් මාධ්‍ය වේදියෝ ලිපි ලියනවා. පවුම් 70 ඇති වැඩිම වුනොත්. ඒක (15000) නොදෙන්න හේතු පැහැදිලි කරලා අපි මේ හෙනට සලකන මහා පුවත්පත්කළාවේදි පත්‍ර හිමිකරුවෙක් ඔප් එඩ් එකක් ලියනවා. හිනා වෙන්නද අඬන්න ද? ඉතිං අපි දෙන්නම හිතුවේ පව් මචන් නේද කියල. ඒක තමයි වෙබ් මාධ්‍යවේදීන්ගේ හෙම තත්වය. දැන් ඔය නෙලුම් යාය පදනමේ පොරවල් (නිව්ස්වෙබ් එක එහෙම) ඔය රාජිත හරි තව කවුරු හරි ඔතනට ගෙන්නලා දැන්වීමක් ඒ ගොබිලන්ට විකුණලා ගාණක් කපා ගන්නේ ඔය මිනිස්සුන්ට පඩි නඩි ගෙවන්න නේ. ඒවත් ලොකු ගණන් නෙමේ ගෙවන්නේ. ඔතන සමහර විට එකම වැරැද්ද බ්ලොග් සම්මාන දෙන නිසා බ්ලොග්කරුවෝ ඒකට අකමැති වෙච්ඡ එක. මොකද සෑහෙන ඔලුවක් මහන්තත්ත කමක් බ්ලොග් කරන සමහර උදවිය අතරේත් තියනවා. ( ඔය පදනමේ කට්ටිය හිතුව වගේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ නෙමේ බ්ලොග් ලියන්නේ. ඒක වැරදි මතයක්. අයි ටී හරි තවත් තැන්වල හොඳ ජොබ් කරන සෙට් එකක් ම ඉන්නවා. ඒ අය ඔය වැඩේට විරුධයි) හැබැයි මට තේරුණ දේ සර්වයිවල් එකට ලංකාවේ යන සටන. අනේ මචෝ මෙහෙ ඉන්න එක දාහෙන් සම්පතයි කියලත් වෙලාවකට හිතනවා. එනිසා මම නම් කීයටවත් මේ නැවෙන් නම් පනින්නේ නැහැ.

      Delete
    7. //අම්මප පුලුවන්නම් ඔප්පු කරහන් පුතේ මම ඔය කියන මනුස්සයගෙන් සල්ලි ගත්ත කියල. //

      අර අස්සය පිටේ ඉස්කෝලේ ගියා කියපු කෙහෙල් සුජියා අතින් වියදම් කර ගෙන බඳුම්කරේ ගැන පොත් ලියන කොට කනේ මයිල් වගේ ගොන් කතා කියන එකෙක් හැර ඕනෙ එකෙක්ට තේරෙනවා සුජියත් ඕකෙන් හොරා කාලා කියල. නමුත් ඌත් කිව්වෙ පුලුවන් නම් ඔප්පු කොරපන් කියලා. දැන් ඔක්කොම ඔප්පු වෙච්චම ඌට කලන්තේ හැදෙන්ඩ ආවලු.

      අතේ සල්ලි හා කනේ මයිල් වියදම් කරන් ඇවිත් මිනීමරුවෙක්ව නූතන සේනක බිබිලෙ කරන්ඩ හදන කොට ඕනේ එකෙක්ට තේරෙනව අතට මිලියන ගානක් නැත්තම් ඔච්චර මහන්සි වෙන්නේ නැහැ කියල. අඩුම ගානේ ලන්ඩන් වල කරන ක්ලීනින් ජොබ් එකෙන් හම්බ වෙන ගානට වඩා වත් හම්බ වෙන්නෙ නැත්තන් කනේ මයිල් වියදම් කරන්නේ නැහැ නේද ?

      Delete
    8. //අතේ සල්ලි හා කනේ මයිල් වියදම් කරන් ඇවිත් මිනීමරුවෙක්ව නූතන සේනක බිබිලෙ කරන්ඩ හදන කොට ඕනේ එකෙක්ට තේරෙනව අතට මිලියන ගානක් නැත්තම් ඔච්චර මහන්සි වෙන්නේ නැහැ කියල.//
      ඇත්තට බැලුවහම උඹල මචන් ජිවත් වෙන්නේ ලංකාවෙනේ. ඔය වෙන දේවල් වල හැටියට ඕන කෙනෙක්ව අවිශ්වාස කරන එක සාධාරණයි. සුද්ධ සාධාරණ කියල හිතන ගම්මන්පිළ මහත්මය පවා අර ශේදික් ද කවුද පොරකගේ මිලියන ගානකට කෙලියලු නේ. ඔය සුජි කියන්නේ සුජීව සේනසිංහට ද? පොරත් එහෙමද?
      හරි දැන් අපි උපකල්පනය කරමු ඔය වේදිකාවට නැග්ග මිනිත්තු ගානට ඔය රාජිත ප්‍රකෝටිපති කියන ඇමති තුමා මට මිලියන ගානක් දුන්න කියල. ඔය කියන විධිහට. අහවල් ලබ්බකටද ක්ලීනින් ජොබ් කරනවයි කියල උඹම කියන කබ්බෙකුට එච්චර සල්ලියක් දෙන්නේ. බ්ලොග් සම්මාන වේදිකාවකට එන්න. උන්ට ඔච්චරම අහේනියද? මම අවංකවම හිතන් හිටියේ නම් පොර දැන්වීම් අතිරේකයක් ගන්න ඇති කියල. ආවේ ලංකානිව්ස්වෙබ් ආරාධනයකට කියල. එතන මොකක් හරි ගේමක් තියනවද කියන්න මම දන්නේ නැහැ. ඒක අහන්න ඕනේ ආරාධනය කරපු අයගෙන්.
      ඔය සිද්දියෙන් පස්සේ මම දැනගත්තු දෙයක් තමයි පොර ඔය ජාතික රෝහලේ හෘදයාබාධ රෝගීන්ට නිකන් දෙන්න හදල තියෙන ස්ටෙන්ට් එකෙන් ජිවිත බේරා ගත්තු මිනිස්සු ඉන්න බවත්. එකට හුඟක් දොස්තරලා කැමති නැති බවත් ඒකෙනුත් මුදල් ගහන රෙපාල ඉන්න බවත්. ඔය සේනක මෙන්ඩිස් කතාව නැතිව නිවේදකයාට ඒකවත් කියන්න තිබ්බ.
      හැබැයි මේ ඇනෝ කොමෙන්ට් වලින් කරපු එක දෙයක් තියනවා. මටත් සාධාරණ සැකයක් ඇවිත් තියනවා ඇයි ඒ මහත්තැන් ආවේ කියල. සල්ලි දුන්න නම් ඇයි කියල. ලොකු ප්‍රසිද්ධියක් ලැබුණ නෙමෙයිනේ. එකත් ඉතින් පොරම තමයි දන්නේ. චතුර සේනාරත්න කීවද දන්නේ නැහැ බ්ලොග් පටන් ගත්තේ එයා කියල දෙකේ පන්තියේදී.
      එනිවේ තෑන්ක්ස් තවම මේවා ගැන උනන්දු වෙනවට.

      Delete
    9. Ajith Dharma, මේකෙ තවත් පැත්තක් තිබෙනවා.

      ඒ රාජිත/ චම්පික/ සජිත්/ ෆොනී වැනි කිහිපදෙනෙක්ම 2020 එජාප ප්‍රමුඛ සංධානයකින් පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වී 2020 ජනපතිවරණය දිනා රටේ නායකයා වී රට කෑමේ දැඩි උමතුවකින් පෙලීමයි. මේ සඳහා දැඩි තරඟයක් පවතින අතර දැන් මේ වනවිට රාජිත ඉදිරියෙන් සිටිනවා.

      අද ලංකාවේ ජනයා ප්‍රධාන වශයෙන් කල්ලි දෙකට බෙදී සිටිනවා, ඒ රාජපක්ෂවාදීන් හා රාජපක්ෂ විරෝධීන් ලෙස කෙටියෙන් සැලකිය හැකියි. රාජපක්ෂ විරෝධී කල්ලියේ නායකත්වයට පොරකන අය අනිවාර්යයෙන් එම කල්ලියේ ප්‍රමුඛ නායකත්වය දරන දමිළ සහ මුස්ලිම් ජාතිවාදී ප්‍රවාහය සතුටු කළ යුතුයි. මෙම කල්ලිය සමග සිටින සිංහල පිරිස් කිසිදු පැහැදිලි දැක්මක් නැති සුදු හම ඇති මිසිසුන් සහ ඔවුන්ගේ සංස්කෘතිය දේවත්වයෙන් සලකා වැඳුම් පිදුම් කරන වහල් රැලක්. ඉතින් ඔවුන්ට ඕන රාජිත වගේ බහුබූත දොඩවන පිස්සෙක්. මඉත්‍රී 2015 ජනපති වුණත් පසුව සංධාන කල්ලියේ සිත දිනාගැනීමට සිංහල බෞද්ධ ගෝත්‍රිකයින් සුරතල් කිරීමට ගොස් දැන් දෙපැත්තම නැතිකරගෙන අනාථ වුණා.

      අනෙක් පැත්තෙන් රාජපක්ෂ කල්ලිය සිංහල බෞද්ධ අන්තවාදීන් ප්‍රමුඛ කල්ලිය සුරතල් කරමින් බහුතර සිංහල ඡන්ද පදනමක් කෙරෙහි විශ්වාසාය තබා තිබෙනවා, සිංහල බෞද්ධ ඡන්ද 70% පමණ ඔවුන්ට ලබාගතහැකිනම් 2020 ඔවුන් පහසුවෙන්ම ගොඩ යනවා, මොකක්ද කාලකණ්ණි මළ පෙරේත තොණ්ඩුමෑන්, දිගම්බරමා, හකීම්, බතියුතීන් වැනි නොම්මර එකේ බ්‍රෝකර්ලා සමග පට්ට විදිහට ඩීල් දැමීම බැසිල් වැනි ගල්කපටි තක්කඩියෙකුට ටොයිස් වැඩක්. කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි.

      දැන් දැන් සිංහල බහුතරය 2006-09 කාලයේ මෙන් නැවතත් ආමිකාරයින් වන්දනාකරමින් රණවිරු ගොන් ආතල් ගැනීමේ සිට උග්‍ර ලෙස ගැහැනු ගෝනිබිල්ලන් සහ ගවුම් අඳින පිරිමින්ගෙන් සැදුම්ලත් ඉස්ලාම් ගෝත්‍රිකයින් පිළිකුල් කරන විරෝධී අදහස් දකවා වර්ධනය වී ඇති අතර ඉතා ඉක්මණින් මේ පිරිස සිංහලයින්ගෙන් 65% ඉක්මවා යනු ඇති. කහ සිවුරු ඇඳි තට්ට බෞද්ධ තලීබාන් ගෝත්‍රික මුල්ලාවරු පන්සල්වල සිට දේශපාලන දැනුම අඩු ගැහැණුන් සහ ළමයින්ගේ බ්‍රේන්වොශ් කරමින් දැන් දැන් විප්ලවයකර අර අදිනවා. මෙහි අවසානය කොතැනද?

      රනිල් වැනි මෙලොවින් මෙලොව වැඩක් බැරි කයිවාරුකාර උඩඟු නිකමෙක්ටවත් මy3පාල වැනි රට්ටු හිනස්සන ස්ටෑන්ඩ්-up කොමීඩියන්කෙනෙක්ට වත් කලහැකි ලඛ්බක් නැත, දැන් චීන MSS සැලසුම පරදවන රෝ + සීඅයීA එආකාබද්ධ සැලසුම කුමක් වියයුතුද? මේගැන ඔබේ බ්ලොගයේ දීර්ඝ්හ පෝස්ට් එකකින් විස්තරාත්මක විග්‍රහයක් බලාපොරොත්තු වෙමි. (FYI - බැසිල් ගේ රෝ/සීඅයීA ඩීල් සාර්ථක වේගෙන එන බවක්ද දැනගැනීමට තිබේ.)

      Delete
    10. Anonymous June 16, 2018 at 8:19 PM

      ඇනෝ ලොක්කා, අපේ මාතලන් ගොයියා කියන පරිදිම සියල්ල මුදල් මත රදා පවතින සමාජයක, දේශපාලුවන්ගේ ඇට ලෙවකා ගාණක් සොයාගන්නා පිරිස් දුලබ නොවේ. ඉතින් සියලු බ්ලොග්කරුවන් දන්නා පරිදි නොම්මර එකේ හොර ගුහාවක් වන ඔය කියන කුප්‍රකට මගඩි සම්මාන උළෙලත් එය සංවිධානය කළ එජාප නළාකාර දූෂිතයින් පිරිසත් එක්සත් ජාතික පක්ෂයෙන් මුදල් ලබාගත් හොර රැළක් බවට අටුවා ටීකා ලිවීම අවශ්‍ය නැත.

      දේශපාලුවන්ට කඩේ යන එවුන්ගේ පතිවත හොයන්න යන්න එපා...!

      හැම එකාටම ලියනප්පුලා ඉන්නවා.. ඔය කියන නෙළුම්යාය ප්‍රොජෙක්ට් එකක්. දැන් කරන්නේ වෙනම ප්‍රොජෙක්ට් එකක්... එයාලා ඒක කරලා ගාණක් හොයා ගත්තාවේ... අනෙක දැන් 2020 දී බොලාගේ ගෝටා ලොක්කා ආවොත් පොරගේ වටේ ඉන්න නාලකලා නිකම් ඉඳීද? ඒත් ඔය වගේ තනතුරු ව්‍යාපෘති වලින් කීයක් හරි හොරෙන් කපා ගන්න බව ශුවර්. ඒනිසා අනුන්ගේ කුණු නොඅවුස්සා පාඩුවේ අපි අපේ ගමන යමු...!

      Delete
    11. //ගම්මන්පිළ මහත්මය පවා අර ශේදික් ද කවුද පොරකගේ මිලියන ගානකට කෙලියලු නේ. ඔය සුජි කියන්නේ සුජීව සේනසිංහට ද? පොරත් එහෙමද?//

      කෙහෙල් සුජියා ඇලොසියස් ගෙන් සල්ලි ඇර ගෙන මාට්ටු වෙලා හත් පොලෙම ගාගෙන පහු ගිය සති 2-3 ලන්කාවේ හැම නිව්ස් මීඩියම් එකකම බයිට් එක වෙලත් හිටිය. ගෙම්බන්පිල මිලියන ගානකට කෙලිය කියල දන්න පොර ඔය සිද්දිය දන්නෙනැහැ කියපුවම තේරෙනව කනේ-මයිල් අජ්ජ කාටද කඩේ යන්නේ කියල.


      //මම දැනගත්තු දෙයක් තමයි පොර ඔය ජාතික රෝහලේ හෘදයාබාධ රෝගීන්ට නිකන් දෙන්න හදල තියෙන ස්ටෙන්ට් එකෙන් ජිවිත බේරා ගත්තු මිනිස්සු ඉන්න බවත්//

      ඕක ඇත්තටම පටන් ගත්තෙ මයිත්‍රී ඇමති වෙල ඉන්න කාලේ. But at that time the stents provided were of high quality but at a premium price. This bugger registered a new supplier who provides a substandard product still at a high price (lower than the previous ones though). As usual he marketed it as something he started and his henchmen like you crowned him as "Noothana Senaka Bibile"

      අලුත් සප්ලයර් ගෙන් රාජිතයට ගාන යනව එකෙන් නෙලුම් අජ්ජලට ගානක් කැපෙනව. අජ්ජගෙ ජීවිතේ රැකෙනවා. WOW...

      Delete
    12. ඇනෝ 7.14pm
      ඒක සෑහෙන ජෙහනිස්කියු ගේමක් නේ එහෙනම්.
      /දැන් දැන් සිංහල බහුතරය 2006-09 කාලයේ මෙන් නැවතත් ආමිකාරයින් වන්දනාකරමින් රණවිරු ගොන් ආතල් ගැනීමේ සිට උග්‍ර ලෙස ගැහැනු ගෝනිබිල්ලන් සහ ගවුම් අඳින පිරිමින්ගෙන් සැදුම්ලත් ඉස්ලාම් ගෝත්‍රිකයින් පිළිකුල් කරන විරෝධී අදහස් දකවා වර්ධනය වී ඇති අතර ඉතා ඉක්මණින් මේ පිරිස සිංහලයින්ගෙන් 65% ඉක්මවා යනු ඇති. කහ සිවුරු ඇඳි තට්ට බෞද්ධ තලීබාන් ගෝත්‍රික මුල්ලාවරු පන්සල්වල සිට දේශපාලන දැනුම අඩු ගැහැණුන් සහ ළමයින්ගේ බ්‍රේන්වොශ් කරමින් දැන් දැන් විප්ලවයකර අර අදිනවා. මෙහි අවසානය කොතැනද?// මේ කොටස තේරුනේ නැහැ. මේ ලංකාවේ දැනට තිබෙන ප්‍රවනතාවයක් ගැනද කියන්නේ
      //මේගැන ඔබේ බ්ලොගයේ දීර්ඝ්හ පෝස්ට් එකකින් විස්තරාත්මක විග්‍රහයක් බලාපොරොත්තු වෙමි// මේ සැලසුම ගැන රටවල් දෙකක තරඟය ගැන මම එක ලිපියක පොඩි ඉඟියක් දුන්නා. ඒ බ්ලොගය දැම්මට පස්සේ ආරංචි ක්‍රියා විරහිත වුණා නෙව. ඉවසල බලමු.

      Delete
    13. ඇනෝ 3.49
      හොයල බැලුව මේ සේනසිංහ කියන්නේ ලොකු පොරක්ද කියල. ෆේස්බුක් එකේ හෝ හැම තැනම යන වැදගත් කියන ප්‍රවෘත්ති මිසක් මම හැම එකම කියවන්නේ නැහැ. වෙන වැඩක් නැති වෙයි. ෂේදික් සීන් එක හැම තැනම ගියානේ. මලින්ද ගේ බ්ලොග් පොස්ටුවක් හම්බවුනා සේනසිංහ ගැන.


      http://malindawords.blogspot.com/2018/06/sujeewa-senasinghe-and-politics-of.html
      මෛත්‍රී ඇමැති වෙලා ඉන්න කාලෙ පටන් ගත්තැහැ කියල නම් දන්නෙම නැහැ. මට කියපු දොස්තර කීවේ රාජිත කියල.
      //his henchmen like you crowned him as "Noothana Senaka Bibile"//
      Well I did not. And I have no idea how I became his henchmen. I met him only once at that yaya ulela. well it does not matter. relatively speaking he is at least not a nationalist racist although JVP/FLSP fellows does not like him because of that pra tag. They are attacking me even in London for that. Funny really. when I wanted to provoke them I remind them of killings they have allegedly committed and also killings allegedly by Rajitha/kamal dharmasiri gang.

      Delete
    14. අජිත්ටත් රවි කරුණානායක ට වූ දේ වෙයි, චෝදනාවට බැදුම්කර උත්තරයක් දෙයි.

      ගංගා මෑණියනි, අජිත් Dharma ගලවා ගනු මැනව​.ඔබ අජිත් Dharmaගේ කටට දැමූ දෙය අජිත් තලු මරා හැපු පසු සිදුවූ දේ අජිත් Dharmaට මතක නැත​. ගංගා හෝ මා හෝ පමණක් මතකයේ ඇත​.

      Delete
    15. @Ajith DharmaJune 21, 2018 at 8:49 AM

      //ෆේස්බුක් එකේ හෝ හැම තැනම යන වැදගත් කියන ප්‍රවෘත්ති මිසක් මම හැම එකම කියවන්නේ නැහැ. වෙන වැඩක් නැති වෙයි. ෂේදික් සීන් එක හැම තැනම ගියානේ. //

      නෙලුම් අජ්ජ ට පැම්පරයක් අන්දවල, සූප්පුවක් කටේ ගහල රවියයි, සුජීවයි ලඟින් ඉන්දවල තියන්ඩ වටිනව. උන් දෙන්නවත් මූ තරම් තොත්ත බබා ටෝල්ක් දාන්නෙ නැහැ.

      Delete
  17. //කුඩා මෝටර් රථ, මෝටර් සයිකල් හා ත්‍රී රෝද රථ සඳහා පනවා ඇති බදු අඩු කිරීම//
    මේක කරනවා වෙනුවට පොදු මගී ප්‍රවාහන සේවය දියුණු කරන්න පුළුවන් නම්. මිනිස්සු ඒකට පුරුදු වෙයි. ඒත් ඒක වෙන වැඩක් නම් නෙවෙයි කියල හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. රටක් ගොඩ ගන්න නං කරන්න ඕනේ පලමු කාරනේ ඔන්න ඕකයි.
      අර නොදියුනුයි කියලා අපි කියන ඉන්දියාවේ හැම ප්‍රධාන නගරයකම දැන් මෙට්‍රෝ සර්විස් පටන් ගනිමින් යනවා.

      දැනටමත් ඉන්දියාවේ මිනිසුන්ගේ ජීවන තත්වය සීග්‍රයෙන් ඉහල යමින් තියෙනවා.
      ඒත් ජීවන වියදම තාමත් ඉතා පහලයි.

      ලංකාවේ දිනෙන් දින ජීවන වියදම ඉහල යද්දී ජීවන තත්වය පහල යමින් තියෙනවා.

      Delete
    2. අපේ දේවල් වලට තැනක් නොදෙන එක තමයි ලොකුම අවුල. අපේ රටේ නව නිපැයුමක් කරල දියුණු වෙනවා කියන එක හීනයක්. අපිට හැමදාමත් වෙන්නෙ අනුගැන බල බලා හූලන්න..

      Delete
    3. ඉස්සෙල්ලා රටේ මිනිස්සුන්ගේ විඥ්ඥානය තේරුම් ගන්න ඕන
      මේ රටේ හැම එකාම ආස තමන්ට කියලා ෆුට් සයිකලයක් හරි තියෙනවා නම්
      ඉතින් දියුණු වේගවත් පොදු ප්‍රවාහන සේවයක් නැති රටක කළ යුතු දේ තමයි පොඩි මරූටියක් හරි ගන්න පුළුවන් විදියට බදු අඩු කරන එක... කිමි 5 ක් බස් එකක හිටගෙන පැය දෙයක් පරිප්පු කන්න කැමති මොකාද

      Delete
  18. Aiyse maathalan.supiriyatatama liyala thiyanawa.mama ohege adahas walata harima kamathi aiyse

    ReplyDelete
  19. රාජපක්ෂ කදවුර කරපු ගොන්ම වැඩේ තමා ජනාධිපතිවරණයට අවුරුදු 2කට වඩා ඉදන් කැම්පේන් පටන් ගත්ත එක. මහින්දට දැන් තමා තේරිලා තියන්නේ. දැන් ගෝඨාභය රැල්ලේ පීක් එක බහින කාලේ. සතුරාට ඕනවට වඩා කාලය තියෙනවා වටකරලා පහර දෙන්න. 2020 ජන්දේ ලං වෙලා ක්ශණිකව සජිත් ඉල්ලනවා කිව්වොත් රැල්ල සජිත් ට

    ReplyDelete
  20. මාතලන්,

    පුරා පැය තුනකට ආසන්න කාලයක් දිවගිය Hiru TV "බලය" විවාදය තුළ සංවාදයට ගැණුනේ 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබදවය.

    වෙනදා බලයේ සංයුතිය ආසන හතරකින් සැදුම් ලත් වුව ද, ඊයේ මෙය ආසන දෙකකට පමණක් සිමා වි තිබුණි. මා ඒ අතින් එයට හරි කැමතිය. බැරි වෙලාවත් මෙහි හතර කට්ටුවක් අසුන් ගත්තානම් අවසන නිසකයෙන්ම එකම කාල ගෝට්ටියක් වන බවට කිසිදු සැකයක් නැත. එය එසෙ නොවුන හෙයින් දෙදෙනෙකුගෙ වචන හුව මාරුව තුල මා නම් කරුණු රැසක් ග්‍රහණය කර ගත්තෙමි.

    නමුත් අවසන පසක් වූ කාරණාව නම්, මේම 20 අඩුපාඩු රැසක් ග්‍රහණය කොට ගනිමින් ලියවෙච්ච බොහොම දුර්වල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් බවය. මෙය කවුරුන් ලියූවක් ද යන බවට වත් JVPයෙන් තවමත් සහතිකයක් දී නැත. එය හුදෙක් සැක සංකා ගෙණ දෙන කරුණකි. ඇයි ලියුවන්ගේ නම් එළියට නොදමවන්නෙ, ඒයින් වන්නෙ ප්‍රතිවිරුද්ධයන් තර්ක කරන මේ ලියවිල්ල පිටිපස ඉන්නෙ UNP හස්ථයන් කියන කාරණාව තව තවත් පසක් විමක් නොවන්නෙද?

    ඒ කෙසෙ මෙය කවුරු ලියූවත්, සැබැවින්ම සංශෝධනයන් රැසක් අරගෙණ විත් රටට අවශ්‍ය නම් නැවත ලියවන තරමටම මෙය ඉතා දුර්වල ලියවිල්ලක් බව ඊයේ දින විවාද භූමියේ ප්‍රතිවිරුද්ධයන් නැගු තර්කයන් හමුවේ නිරුත්තර වූ විජිතයන් තුළින් ගම්‍ය මාන වූ බව නරඹන්නන්ට පසක් වු කාරණාවකි.

    ගම්මන්පිලගෙ තර්කයන් හරි අපූරුය.
    JVP මන්ත්‍රි කෙනෙක් තර්කයෙන් බිද වට්ටනවා කියන කාරණාවන් මුහුණට මුහුණ ගැටෙන විවාදයන් තුළ එතරම් පහසු කටයුත්තක් නොවේ.
    නමුත් සෑම සතියකම සෑම දේශපාලන සංවාදයක්ම දිගින් දිගටම නරඹපු නරඹන කෙනෙක් විදිහට මම පසක් කරගත් කාරණාවක් නම් ගම්මන්පිල වනාහි ඒ අමාරු කටයුත්ත ලෙහෙසියෙන් ම කරපු පුද්ගලයෙකි. ඔහු ඉදිරියෙ භාග භාග පිළිතුරු කෑලි අමුන අමුන හල හලා පැය තුනක් පුරාවට දිව්ව විජිතයන් තුළින් මං එය මේ වෙනකොටත් පසක් කර ගෙණ අවසානය.

    ReplyDelete
    Replies
    1. අනුර විසින් මෙහි අයිතිකරු ලෙස නම් කරපු විජිත කිහිප පොලකම ඉන්න මං බලන්නම්, ඉන්න මං බලන්නම් යනුවෙන් සදහන් කිරීමම ඔහුගෙ විස්සෙ අයිතිකාරත්වය පිළිබදව අනුරයන් ගෙතු කතාවට මට අවසන දා හැකි වූයේ හා හා රිඇක්ශන් එකක් පමණි.

      විජිතයන් විස්ස පිළිබදව ඉතා තියුණු අධික්ශනයක් නොමැතිව විවාදයට සපමිණි බව ඔහුගෙ වචන උච්චාරනයෙන්ම පසක් වු බව දැන් ප්‍රසිද්ධ සටහනකි. නමුත් ගම්මන්පිල ගෙ තරකයන් හමුවේ අපට පසක් වූයේ ඔහුගෙ ඒ හැදෑරීම ඉතාමත් පැසසුම් සහගත බවයි.

      සමහර අවස්ථාවන් වල විජිත කියූ දෑ තුලම කියවුණෙ 20 අති දුර්වල ලියවිල්ලක් බවය.
      එය මෙසෙ මොනවට පසක් විය.

      " අවශ්‍යනම් අපි සංශෝදන ගෙන්නම්, ඔවනම් ප්‍රශ්නෙ අපි වෙනස් කරන්න බලන්නම්, " මෙ වචන තුළම ඔවුන් පිළිගෙන හමාරයි ආයෙ මෙය ලියවිය යුතු ලියවිල්ලක් බවට.

      ඒ වගෙම තමයි විජිතයන්ගෙ හැසිරීම, ඔහු ආරූඩ කරගත් කොපයක් ද සහිතවයි මුලු විවාදය පුරාවටම හැසිරූණේ. සැරින් සැරෙ එය උස්සන්න වෙන අවස්ථා ද, දැක ගන්නට ලැබිණ, ඔහු විවිද අවස්ථාවන් වල, ගම්මන්පිලයන්ට මාතෘකාවෙන් පිට ගොස් අපහාසාත්මකව ආමන්ත්‍රණය කරන අයිරු ද දැක ගන්නට ලැබීම එය විවාදයෙහි තිබූ ගුණාත්මක පැතිකඩට ද , මහත් හානියක් ගෙනදුන් බව ඔනම කෙනෙකුට පසක් වෙන්නට ඇත.

      Delete
    2. නමුත් ගම්මන්පිලයන් ඒ කිසිදු අවස්ථාවක ප්‍රති විරුද්ධ වාදියාට අපහාස කිරීමකින් තොරව, තම මාතෘකාවෙ සිට කතා කිරීම ම ඉතා පැසසුමට ලක් කළ යුතු කරුණක් බව සදහන් කරන්නට කැමැත්තෙ මී.

      මෙහිදි ගම්මන්පිල විසින් විජිත හේරත් ට ඍජුවම පිළිතුරු අපෙක්ශාවෙන් ප්‍රශ්න 14 ක් යොමු කර අතර, එක ප්‍රශ්නයකට හැරුණු කොට අනිත් කිසිදු ප්‍රශ්නයකට ඔහු විසින් අංග සම්පූර්ණ පිළිතුරක් ලබා නෝදිමම මෙම විවාදයෙ ජය ගම්මන්පිල දෙසට හැරීම නරඹන්නන් ඉදිරියේ පසක් වීම නවත්වන්නට බැරිවිය.

      සහ මෙහි හාස්‍ය ජනකම අවස්ථාවක් ද මා දුටුවා. ඒ තමයි අර අංග සම්පූර්ණ පිළිතුරක් ලබා දුන් ප්‍රශ්නයට කෙසෙ හෝ ගැට ගසා පිළිතුරු ලබා දුන් විජිතයන් එහි අවසන විදහා දැක්වූයේ මහා යුද්ධෙකින් තනිව සමූහ ඝාතනයක් කොට යටිගීරියෙන් කෑ ගසා, එම සතුට සමරන යුධ කාමියෙකුගේ චරිතාංගයයි. ඒ ප්‍රශ්නයට කෙසෙ හෝ පිළිතුර ගැට ගහගත් ඔහු, අතෙ තිබුණ පොත් පින්චත් පොළොවෙ ගසනවා හා සමානවම තම ෆයිල් මිටිය උඩට දමා ගසමින්
      "හරි මං උත්තර දුන්න නේ, හරි මං උත්තර දුන්න නේ, හරි නේ , හරි නේ " යනුවෙන් පැවසු ආකාරය තුළම, එක් ප්‍රශ්නයකට පිළිතුරු දී එසෙ ඔහු ලොකු විජග්‍රහනයක් සැමරූ ආකාරයම මහා හාස්‍ය ජනක විය.
      මක් සෙයින් ද ඔහු ට අමතක විය තවත් ප්‍රශ්න 13 ක් පිළිතුරු අපෙක්ශාවෙන් ඔහු දිහා බලා සිටින බව. නමුත් ඒ කිසුදු පරශ්නයක් ඉදිරියේ ඔහුගෙ මුව නිරුත්තර වූයේ ද, සමහර පිළිතුරු ද පාන් බාගයටත් වඩා අඩුවෙන් කැපු බාග පිළිතුරු විය. සමහර ප්‍රශ්න වලට ඔහු පිළිතුරු දුන්න ද, නැවත එය ගම්මන්පිලයන් බිද හෙළීම තුලම ඔහු එම පිළිතුරු හමුවේ ද පරාජිතයෙකු විය.
      හොදම උදාහරණය නැගුණු ප්‍රශ්නය "විධායකයෙන් රටට වෙච්ච හානි කිහිපයක් කියන්න මන්ත්‍රි තුමනි, ඔහු හෑල්ලක් කියවගෙණ ගියේය ��
      නමුත් නැවත ගම්මන්පිලයන් නිදසුන් සහිතව ප්‍රශ්න කරේ ඔය කියන හානි විජිත මන්ත්‍රි තුමණි විධායකය නැති අගමැති පදවිය තුළත් ඔයිට වඩා වෙලා තියෙනවා, පොඩ්ඩක් හොයලා බලන්න.
      ඔහුගෙ නිදසුන වූයේ සිරිමාවෝගෙ පාලන කාලය සහ 2003 රනිල් වික්‍රමසිංහයන්ගෙ පාලන කාලයයි. ඔවුනුත් මන්ත්‍රි තුමනි විධායකය නොමැතිවයි ඒ ඒ හානි රටට අරගෙණ ආවේ, එහෙනම් වැරැද්ද තියෙන්නෙ විධාකය තුළ නෙමෙයි, තෙරුම් ගන්න.

      හානිය තියෙන්නෙ පාර්ලිමේන්තුවේ 3/2 ක් සහිතව බලය රැක ගත්ත ඒ පාර්ලිමේන්තු බල පරාක්‍රමය තුළ මිසක් වෙන කිසිම තැනක නොවේ. එමගින් අඩු පාර්ලිමේන්තු බලයක් තිබෙන අවස්ථාවක රටෙ පාලකයා රටට සංවෙදී වූ අවස්ථාවන් සහ 3/2 කටත් එහා පාර්ලිමේන්තු බලයක් සහිතව පාලනය කරපු පාලකයන් එම බලයෙන් ඔලුව උදුම්මුවා ගෙන රටට ගෙනාපු හානිකර දෑද පෙන්වාදෙමින් මනාව කරුණු දැක්වු ගම්මන්පිලයන් අවසන කියා සිටියේ, එහෙයින් මන්ත්‍රි තුමනි ඔබ තුමන්ලා අල්ලාගෙන සිටින්නෙ වැරදි තැනකින්, එක නිසා විදාකය නෙමෙයි පාර්ලිමේන්තුවේ 3/2 ක් අරගෙන අසිමාන්තික බලයකින් පාලකයන්ගෙ ඔලුව පිම්බෙන ක්‍රමයට එරහිව විසදුමක් අරගෙන එන්න. මොකද එතනයි වැරැද්ද තියෙන්නෙ මේ එක ප්‍රශ්නයක් පමණයි, නමුත් මෙවැනි ප්‍රශ්න ගණනාවක දීම විජිත හේරත් බොහෝ අසරණ විය. තවද අර ගම්මන්පිල නැගු පාර්ලිමේන්තුවෙ 113 ක චන්දයෙන් ජනාධිපති තෙරිය යුතුයි කියන වගන්තියට අනුව, එසෙ 113 ක් ලබා ලබා ගැනිමට අපොහොසත් වන අවස්ථාවක කුමක් කරන්නෙ ද යන්න ප්‍රශ්න කළ විට ද ඔහු නිරුත්තර වූයේ වැඩ සටහන අවසන් වන තෙක්ම කිසිදු පිළිතුරක් ලබා නොදිවම ය.

      මට අවසන අසන්නට ඇත්තෙ කව්ද විජිතව එව්වෙ? මං හිතන්නෙ අනුරලා බිමල් ලා මේ ළදරුවා එවා ඇග බෙරාගෙනය, බැරි වෙලාවත් අනුරයන් පැමිනියා නම් ඔහුටත් ඔය ටිකමය, JPV නායකයෙක් මේ ඊයෙ පෙරෙදා පාර්ලිමේන්තුවට ආපු පොඩි කොල්ලෙකුටත් පරාද වී ගෙදර ගියා යන අවමානය හමුවේ, ඔහුගෙ ඉන් මත්තෙ දේශපාලනය කෙසෙ රැදවේ ද යන්න නිසකයෙන්ම ඔහුට එසේ වූවානම් ප්‍රශ්නාර්ථයක් වෙනු නිසකය. නමුත් අනුර විජිත පිටින් ඇග බෙරා ගත් බවට මටනම් දැන් කිසිදු සැකයක් නැත.

      ඔය විවාදෙ යන අවස්ථාවෙ මුහුණු පොතෙ පොඩි කෑල්ලක් දැක්කා "මේ විජිත ඔක නවත්තලා වරේන්, අඩියක් ගහන්න යන්න" ����

      Delete
  21. මේ වෛශ්‍ය පුත්‍රයාට මේ මොනවා කලත් මා තබා මගේ බල්ලා වත් ඡන්දය නොදෙයි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න