.

.

Mar 30, 2014

ආන්ඩුව පරාදද? - Is this a Victory?


ආන්ඩුවේ බත් බැලයන් වන, අයියෝ සිරි සේනලා කෙසේ කීවද, රාජ පක්ෂයේ යුව රජානන් වහන්සේ නමක් වන, බැසිල් තුමානෝ කියනා පරිදි, ජනතාව දෙන පණිවිඩය කෙරේ සිත යොමු කරවන එක, රාජ පක්ෂයේ අනාගතයට බොහෝ හොඳය. මන්ද, බලේ ඇති විටද, මොළේ ඇතුව ජීවත් වීම, පරම්පරාවට මෙන්ම, සුබ අනාගතයටද යහපතක්ම වන නිසාමය. මාතලන්ට පෙනෙන පරිදි පොදු පෙරමුණ සෝදා පාලුවකට ලක්ව නැත. නමුත් මේ තරමින් හෝ පවතින්නේ වෙන එකෙක්වත් නිසා නොව, රාජ පක්ෂලා නිසාම බවද නොකියාම නොහැකිය.

කොතරම් හොඳ කළද, කාළයක් යන විට, ඕනාම දෙයක් එපා වීම මනුස්ස ස්වාභවය. අවුරුදු ගනන් පෙම් කර බඳිනා "වස්තුව", ටික කලකින් "වාහේ" වනවා වාගේය. මෙවර බලු පොරයෙදි, එකෙක්වත් ජනතාව ගැන කතා කළේ නැත. ජෙප්පෝ හැර, හැම එකාම කිව්වේ උන් දිනනවා කියාය. ඒ දිනන්නේ මොන මළදානයකටද කියා, ඉල්ලන එකාවත්, දැන ගෙන හිටියේ නැත. එහෙම අවබෝධයක් තියෙනවානම්, "ජින්ජර්ලා" බලු පොරයට දාන්නේත් නැතිය.

මම හිතන්නේ, ආන්ඩුව නාගත් පළමු අවස්ථාව එයයි කියලාය. මේක මළ විකාරයක් කියා, මොළේ ඇති වුන් දැන ගෙන උන්නත්, මහා ළොකුවට වනනා, බුද්ධිමත් යැයි හැම එකාම කියනා, මේ රට මට්ට ගොන් ජනතාවත්, මේක මළ විකාරයක් කියා, අවබෝධ කර ගත්තේ එදාය. ජින්ජර්ලාට ගයේෂලාට නොමිනේසොන් දුන්නේ නැති උනත්, එයින් පොදු පෙරමුණට වූ පාඩුව ඔවුනට දැන් පෙනෙනවා ඇතිය.

පළාත් සභා සත පහකට වැද ගැමක් නැති, විශාල මුදල් නාස්තියක්ය යන්න, ඕනෑම එකෙක් පිලිගන්නා කාරණයක්ය. මේ මළ විකාරය, පාර්ලීමේන්තුවේ ට්‍රේනින් සෙන්ටර් එක බව, ඔනෑම හරකෙකුට තේරෙනවාය. මාතරින්, නිලියන් පැරදුන එකට පුක උඩ දාගෙන කෑ ගසනා උන්ට, එකම පවුලේ, බාප්පලා පුතාලා දිනලා තියෙන එක නොපෙනීම, ජාතියේ අවාසනාවය.

කළුතර ගත්තත් එසේමය. පුතෙක් හා සහෝදරයෙකි. උන් මේවාට දත කාගෙන එන්නේ, රටට, ජනතාවට, ප්‍රදේශයට ඇති ආදරයට නොව, "ප්‍රාඩෝ" වලට, "බැකප් වෙහිකල්වලට",  වෙපන් සහිත බොඩි ගාඩ්ලාට, නොමිලේ බැංකොක් යන්නට. නොමිලේ කොකා බෑන්ක කරගන්නට, නිලියෝ එක්ක සෙට් වෙන්නට හා පවුල් පිටින් නොමිලේ කන්නට බොන්නට ලැබෙන පිනා චෑනස් එක නිසාය.

ආන්ඩුවේ ඡන්ද අඩුවීමට හා ආසන කීපයකින් පැරදීමට ප්‍රධානම හේතූන් දෙකක් ඇත. පළවන හේතුව නම්, සුළු ජනයා කෙරේ ආන්ඩුවේ ඇති දරදඬු ප්‍රතිපත්තියයි. දෙක, ආහාර සඳහා, හෙන ගහන බදු පැනවීමයි. ආන්ඩුවේ ඉන්නා, හැත්ත බුරුත්ත නඩත්තු කිරීම, බදු නොගහා කරන්නේ කේසේදයි කියා එකෙක් අසන්නට පුළුවන්ය. නමුත් අපට කියන්නට තියෙන්නේ. එහෙම බදු වලින් යැපෙන උන් ප්‍රමාණය වැඩි කර ගන්නේ මක්කාටද කියාය.

යුද්ධයෙන් ප්සු පහසුවෙන්ම සුළු ජනතාවගේ සිත් දිනා ගැනීමට ඕනෑ තරම් අවස්ථාවන් තිබුනද, යුධ ජයග්‍රහණයෙන් උන්මාදව උන් කිසිවෙකුට, එය වගේ වගක් වූයේ නැත. අවුරුදු තිහක් බැට කෑවේ මේ ප්‍රශ්ණය නිසා නොවේද යන්න, එකෙක්වත් සිතුවේ නැත. අදත් කරන්නේ දිනපු යුද්ධය උඩ දාගෙන නටනවා විනා, පීඩාවට පත් සුළු ජනතාවගේ හිත දිනාගැනීමේ වැඩ සටහන් නොවේය. අදත් හැකි තරම්, ඔවුන් පීඩාවටම පත් කරති.

ඒ මදිවාට, මුස්ලිම් ජනතාවද නොසලකා හරිති. බොදු බලු සේන, අර බලකා මේ බලකාවලට හිතේ හැටියට ඩෙඟා නටන්න දීමේ ප්‍රතිපල, මේ ඡන්දයෙන් මනාව පෙනෙනවා ඇත. දිගටම ආන්ඩු කරන්නට නම්, සුළු ජනයා ගැන මීට වඩා සංවේදී විය යුතුමය. ඒ කියා... උන්ට ඕනා ඕනා දේ කරන්නට දෙන්න ඕනා නැතිය. එහෙත් ඒවාට උත්තර  දිය යුතුව ඇත්තේ, තවත් තලෙයිබාන් ව්‍යාපර වලින් නොව, නීත්‍යානූකූලවය.

අනෙක් කරුන නම්, අත්‍යාවශ්‍ය පාරිභෝගික භාන්ඩවලට පනවා ඇති බදු ඉවත් කිරීමයි. බදු ලබා ගැනීමට ඇති අනගි අවස්ථාවන්, බදු වලින් සම්පූර්ණයෙන් නිදහස් කොට, කන බොන දේට බදු ගැසීම, ජනතාවට ආදරය කරනා පාලකයකුට කිසි සේත් කල නොහැකි දෙයකි. බඩට ගහන විට හැමදාම ඉවසා ගෙන ඉන්නේ නැත. අඩුවූ අනෙක් චන්ද ප්‍රමාණය ගිලිහීමට ප්‍රධාන හේතුව, බඩ මිරිකීම නොව, බඩට කෙලලා ඇරීමය.

කොළඹ නගරය තුල කරනා ඉඩම් අත්පත් කර ගැනීම, කොළඹ පරාජය වීමට තවත් හේතූවක් වී ඇත. රට දියුණු විය යුතුය, මේ රජය තරම් කොළඹ නගරය අලංකාර හා පිරිසිඳු නගරයක් කිරීමට වෙන කිසිඳු රජයක් කටයුතු කොට නැත. කොළඹ වෙසෙන නාගරික ජනතාව මෙන්ම පාදඩ පන්තියද, තමන්ගේම වූ පිරිසිඳු නිවසක ජීවත් වීමට අකමැති නැත. එහෙත්, ඔවුන් දැන් සිටිනා නිවසින් ඉවත් කරනා විට, ඔවුන්ට ලැබෙනා නිවස ලබාදී ඒ කටයුත්ත කරන්නේ නම්, කිසිඳු ජනතා විරෝධයක් ඇති වන්නේ නැතිය.

අනෙක කිසිම කෙනෙකුට එය අසාධාරන ක්‍රියාවක් යැයි කීමටද නොහැක. එමෙන්ම ස්ථිර නිවාස හා ඔප්පු හිමියන්ට සාධාරන මුදලක් ලබා දෙන්නේ නම්, ඔවුන් නගරයේ දියුණුව වෙනුවෙන් තම සේසතම වුව කැප කිරීමට සුදානම් බවත්, රජය කල්පනා කළ යුතුය. කලින් කී කරුණු ජයගත හැකි නම්, මේ ආන්ඩුව හොල්ලන්නට, එකෙක්ටවත් හම්බ වෙන්නේත් නැතිය. මොකෝ.. මහින්ද මහත්තයා, යූ ඇන් පී කාරයන්ටත් වඩා හොඳ, නොම්මර එකේ අලියෙක් නිසාය.

ඒ හැරුනු කොට, එජාපය දරුණු පසුබැස්මකට හෝ අගය කළ යුතු ජයග්‍රහණයක් අත්පත් කරගෙන නොමැත. කැපුවත් කොල ඡන්ද ප්‍රමාණය, මෙවරත් ඔවුන් දිනා ගෙන ඇත. එහෙත් ආන්ඩූවේ හැලුන ඡන්ද ටික හා ඡන්දය ප්‍රකාෂ නොකරනා උන්, තමන් වෙත ග්‍රහණය කර ගැනීමට නොහැකි වීම, නායකත්ව මණ්ඩලයේ මෙන්ම, නායකත්වයේද ඇති නොහැකියාව නැවතත් ඔප්පු කර පෙන්විමකි.

ඇත්ත වශයෙන්ම මේ බලු පොරයෙන්, ප්‍රජාතන්ත්‍රවාදය ජයගෙන ඇත. මාතලන් එසේ කියන්නේ ඇයි. ෆොන්සේකා පාටියට හා ජෙප්පන්ට චන්ද වැඩිවීම ඉතාමත්ම හොඳ ප්‍රවනතාවයකි. ෆොන්සේකාගේ සෙට් එක ආන්ඩුවට සම්බන්ධ නොවන්නේ නම්, ඔවුන්ට පැහැදිලි අනාගතයක් ඇත. ජෙප්පන්ගේ ගොඩ වැඩීවීම රටේ වාසනාවය. අද ආන්ඩුවේ දූෂීත ක්‍රියාවන්ට එදිරිව ඇති එකම හඬ ජෙප්පෝම පමණය.

ඔවුන්ට තනිව කිසිදා ආන්ඩුවක් පිහටවිය නොහැකි උනත්, ආන්ඩුවේ කුමාරවරු පවා, ජෙප්පන්ට දෙන්න එපා යැයි කියන්නේ, උන් දූෂණයට වංචාවට විරුද්ධ මෙන්ම, මුදලට හා ලිංගික අල්ලස් වලට බා ගත නොහැකි උන් නිසාය. මහා පක්ෂ ගෙඩි පිටින් ආසන දිනනවාට වඩා, සුළු පක්ෂත් ආසන කීපයක් හෝ දිනාගැනීම, ප්‍රජාතන්තවාදයේ ජයග්‍රහණයක් බව නොකිව මනාය. 

එවිට හිතේ හැටියට හොරකම් කිරීමට, කොන්ත්‍රාත් දීමට, රට සවාරී ගැසීමට, ෂොපින් යාමට හා කෝක් එක බෑන්ක් කරන්න යන වැඩ කරනට, කසිප්පු කාරයන්ට, බාර් කාරයන්ට, කුඩු කාරයන්ට, බොතල් හවුස් කාරයන්ට, ඇමති පුත්තුන්ට, අයියලාට මල්ලිලාට, හම්බ වෙන්නේ නැතිය. ජෙප්පෝ ඒවා නවත්වලාද තියෙනවාය.

ඒ කෙසේ වෙතත්, ජනාධිපතිවරණයක් තියනවානම්, වැඩි කල් නොගොස් තියනා එක කෝකටත් හොඳය. මොකෝ, ජැනරල් ඉලෙක්සොන් එකකට ගියොත්, හාල්පාරුවෝ ටික, සිරි ලංකා එකේම උන් ගෙදර යවනවාය. ප්‍රසිඩන්ෂල් එකක් කෙසේ වෙතත්, සමහර විට ආයෙත් වතාවක්, කළගෙඩි ළාම්පු සෙල්ලම තිබ්බත්, ඔහේලා කලබල වෙන්න ඕනා නැතිය. ඒ අපේ රටේ මිනිස්සු අනිත් රටවල මිනිස්සුන්ට වඩා බොහෝ වෙනස් නිසාය.

115 comments:

  1. ඇත්ත වශයෙන්ම ගොඩ ගියේ ෆොන්සේකා ය ,ජෙබ්බන් ගේ යම් ප්‍රගතියක් තිබුණ වැඩක් නොවනු ඇත ,ෆොන්සෙකා උඩඩ එම රටට එතරම් සුභ නැත .U.N.P ය යම් පිබිදිමක් තිබුණා කිව්වවොත් හරිය

    ReplyDelete
    Replies
    1. අඩේ අප්සට් ඈ...
      මං කොටන්න ගන්නකොට කව්රුත් හිටියෙ නෑ...

      Delete
    2. ඔහේ ඇස්චර්‍යය දන්නෙ නැතෙයි ,කලබල නොවි හිටින් .....

      Delete
    3. ආඩම්බරයි පුතේ……

      සුබ අනාගතයක්………!!! :) :)

      Delete
    4. //ෆොන්සෙකා උඩඩ එම රටට එතරම් සුභ නැත//
      :-)

      Delete
    5. ෆොන්සේකාට දුන් ඡන්ද වල වටිනාකම සුරැකීම පත් වූ උන්ගේ යුතුකමක්ය. මන්ද ඒ ඡන්ද තුල බලවත් කතාවක් පවතිනා හෙයිනි...

      Delete
  2. අද චන්ද පසු විපරං අම්බානෙටම...
    වැඩිපුරම වැදුනේ කොකාවිලගෙ එකය... එසේ කීවාට අමනාප නොවනු මැන...

    කවුරු කෝම කීවත් මේ රාජපස්සලාගේ බැහීමේ කලාවය... ආයෙ හෝදන්න දෙයක් නැත... මේක හරියටම ආර්ථික විද්‍යාෙව් හීනවන ආන්තිකඋ පයෝගිතා න්‍යායට නියමෙටම ආදේශ කලහැක...
    කලවැද්දා ඔලුව උස්සන්ට පටන් ගෙන ඇත...හිතුව තරං නැතත් ජෙප්පනුත් යම්කිසි නැග්මක් නැග්ගෝය...
    මට මතක් වෙන්නේ ජෙප්පන් හා පෙරමුණ ගහපු මේ සංධානයේ මුල් මැතිවරණයයි...
    අද එහි ජෙප්සන්ලා නැත වෙන වෙන අය අම්බානෙට ඇත... මං හිතන විදියටලොක්කාවත් එ්ක ඇතුලේ ඉන්න පස්ස වල ගාන දන්නේ නැතුව ඇත...
    අහ් කියන්න ගිය දේ අමතක විය..
    එදා සංදානය දින්නේ ජෙප්පන් නිසය... වැඩි දෙයක් ඕනා නැත... වැඩිපුරම් මුල්තැන ගත්තේ ජෙප්පන්නේ උන්ය...
    එතකොට පොර කව්ද.....????????????????????? හුටා.....
    ආණ්ඩුව මේ විදින්නේ අන් පක්ෂ වලට ඇද්ද අංචි වල ප්‍රතිපලයන්ය... කොටින්ම කියනවා නං අලියා කෙට්ටු කිරීමේ හා සීනුවේ හිල් හැදීමේ ප්‍රතිපලයන්ය...
    පොඩි පස්ස වල හටි හොද උන් ආංඩුවට ගැනීමත් නැති වුන්ට කෙලවීමත් නිසා ආංඩුව අද අනාගෙන නාගෙන ඇත..

    ඒ මට හිතෙන විදියයි

    ReplyDelete
    Replies
    1. ඔය කියන තරම් නා ගැනීමක් නම් නෑ. එත් රිදෙන්න ටොක්කක් නම් ඇනලා තියෙනවා කීප දෙනෙක්.. ඒකත් මහා ගානක් නෙමෙයි..

      Delete
  3. හොඳම විශ්ලේෂණයක් (පශ්චාත් මැතිවරණ විශ්ලේෂණ වලින්)

    ReplyDelete
    Replies
    1. මාත් කියන්න ගියේ එයමයි. විශෙෂයෙන් මේ පහත කොටස ඉතා වැදගත්.

      /* යුද්ධයෙන් ප්සු පහසුවෙන්ම සුළු ජනතාවගේ සිත් දිනා ගැනීමට ඕනෑ තරම් අවස්ථාවන් තිබුනද, යුධ ජයග්‍රහණයෙන් උන්මාදව උන් කිසිවෙකුට, එය වගේ වගක් වූයේ නැත. අවුරුදු තිහක් බැට කෑවේ මේ ප්‍රශ්ණය නිසා නොවේද යන්න, එකෙක්වත් සිතුවේ නැත. අදත් කරන්නේ දිනපු යුද්ධය උඩ දාගෙන නටනවා විනා, පීඩාවට පත් සුළු ජනතාවගේ හිත දිනාගැනීමේ වැඩ සටහන් නොවේය. අදත් හැකි තරම්, ඔවුන් පීඩාවටම පත් කරති. */

      උගත් පාඩම්?
      කාට කියන්නද?

      Delete
    2. දෙමළා උගත් පාඩම්..

      Delete
  4. මගේ ආකල්පයට අනුව කාලාන්තරයක් බලයේ සිටින පාලකයන් කෙරෙහි රටක ජනතාවගේ ඇති කැමැත්ත තරමක් අඩුවීම සාමාන්‍ය දෙයක් අනෙක් කාරනාව තම ප්‍රාදේශීය පාලකයන්ගේ ඇවතුම් පැවතුම් අනුවත් ජනතාව ඡ්න්ද පොලට යෑමේ අබිප්‍රෙරනය තීරනය කෙරෙනවා තවත් කාරණයක් ගත්තොත් මිනිසුන් සිතනවා " කොහොමත් දිනනවනේ " ඉතින් ඡන්ද දැම්මත් එකයි නැතත් එකයි යන මතයත් මොකද මම එහේම කියන්නේ ප්‍රබල විපක්ෂයක් මේ කාල වකවානුව තුල දක්නට නොලැබීම හේතුව ගතානුගතිකව ලංකාවේ තිබ්බේ කොල සහ නිල් සංස්කෘතියක් අන්න ඊට අනුව විපක්ෂයෙන් දැනෙන්න පනිවිඩයක් ජනතාව අතරට ගියේ නැහැ දැන් දැන් තමයි අනෙක් උප සංස්කෘතීන් කරලියට එමින් පවතින්නේ ඉතින් රජයට අඩුවෙලා තියෙන්නේ තම පාක්ෂිකයන්ගේ ආන්තික උපයොගොගීතාව අඩුවීමේ ඡ්න්ද පදනමයි කියලයි මම කියන්නේ මෙම ලේඩේ හොඳකරගන්න රටේ පාලකයන්ට අලුත් ක්‍රමවේදයක් සෑදිමට කාලේ හරි

    ReplyDelete
    Replies
    1. කොහොමත් දිනනවනේ කියල ගෙදර ඉන්න ප්‍රමාණයට වැඩිය වැඩියි කොහොමත් පරදිනවනේ කියල ඉන්න ප්‍රමාණය.

      Delete
    2. ඔව් ඔබ එක්පැත්තකින් හරි මොකද නිධන්ගත කොළ පාට ඡන්ද අදටත් වැලලිලා තිබෙන්නේ මන්ද නිසි සංඥාවක් තම පක්ෂයෙන් නිකුත් නොවෙන නිසා

      Delete
    3. පීඩනය තව තවත් දැඩි කරනවද, එහෙම නැත්නම් ලිහිල් කරනවාද යන්න මත ඊළඟ ප්‍රථිඵල බුක්ති විඳිය හැක. ඊයේ බයිලා ගැසූ ඇමතිවරු. අද හොඳ සිහියෙන් අවංකව කතා කර ඇත.

      Delete
  5. ඉබ්බා හෙමින් දුවලා රේස් එක දිනුවා. ෆොන්සේකා?

    ReplyDelete
    Replies
    1. All underestimated the man. You are correct, You should know the man better than any one .. JVP is like a soda bottle.. General has the guts to face a gritty fight to go up.. This was in spite of no news paper coverage no public meetings in many places due to cancellations at the last minute and buy outs of people..

      Delete
    2. ෆොන්සේකා තමයි හීරෝ.. නමුත් සීරෝ නොවී ඉන්න එක තියෙන්නෙත් ඔහුගේ ක්‍රියා කලාපයන් තුලමයි.

      Delete
    3. He was the underdog for all including blog analysts.Before he won the seats in Wayamba and Central nobody gave him a chance to survive. Afterwards eyes turned in his direction. Even government started blocking and buying people. He knows what he is up to. By no means he is a fool or an immature one. We know what JVP was up to during last decades. Always looked for short cuts. No point changing this lot to another lot of rogues. Better to be slow and steady than rush and lose.

      Delete
    4. මම හිතන්නේ නෑ ෆොන්සේකාත් ඒ තරම් කාළයක් ඉවසයි කියලා. හොහේට හරි හේත්තු වෙනවා. නැත්නම් පැවත්මක් නෑ. ෆොනී අද කියලා තියෙන්නේ ඒ දේ තමයි. පොදු අපේක්ෂකයකුට ඔහුගේ සහාය ලබා දෙනවා කියලා. ජෙනරල් ෆොන්සේකා මගේ වීරයෙක්. ඒත් ගරු ෆොන්සේකා මහතා මගේ වීරයෙක් නොවේ..

      Delete
  6. ආණ්ඩුව ඇත්තටම පැරදිලා කියන විග්‍රහ කීප තැනකම දැක්කා... මට නම් හිතෙන්නේ ඡන්ද වලින් දෙන ඉලක්කම් ප්‍රතිඵලය මිසක්, මීට කලින් අර ඡන්දේ මෙ ඡන්දේ සමග සසඳා බලන එකේ ඒ හැටි තේරුමක් නෑ කියලා. ඡන්ද ප්‍රතිඵල කියන්නේ අර තරංග ප්‍රස්ථාරයක් වගේ පිළිවෙලට නැගගෙන බැහැගෙන යන එකක් නෙමෙයිනෙ. ඒ නිසා මේවා බලලා ඊළඟ ඡන්දේ මෙහෙම මෙහෙම වෙයි කියලා කියන එකත් තේරුමක් නැති වැඩක්. ඒ අතින් මේ විග්‍රහය, මේ ඡන්දය ගැන විතරක් කරලා තියන එක හොඳයි. කොහොමත් විපක්ෂ ටිකක් ශක්තිමත් වෙන එක රටට හොඳයි.

    ReplyDelete
    Replies
    1. සංසංදනය කළ යුත්තේ මේ ප්‍රතිපල 1993 ප්‍රතිපල සමගය එදා unp ආණ්ඩුවේ පැරදීම ඇරඹුනේ එහිදීය.

      Delete
    2. කකා හරි. මම කියන්නෙත් අපිට දැනෙන දේ ගැන. ආණ්ඩුවත් වැටෙනව කියන්නෙත් අර ගින්නක් හටගන්න තියන හේතුසාධක එකතු වෙලා නියමිත උෂ්ණත්වය ලැබුනම පැතිරෙනව වගේ එකක්. මෙදා ඡන්දෙදිත් ඒ වගේ හේතු රාශියක් අපි දැක්ක. මමත් කියන්නෙ නෑ සියල්ල හරි කියල. ගින්න නිවන්න වගේම දල්වන්නත් පුවවන් වෙන්නෙ ඒ ඒ තත්වයන් මත.

      Delete
    3. නැහැ කකා 1993 ට සංසන්දනය කරන්න බැහැ. ඒ චන්දෙදි බස්නාහිර පොදු පෙරමුණ තනි පක්ෂයක් ලෙස දිනල වයඹ දකුණ පොදු විපක්ෂය ලෙස දිනුව. එවකට චන්ද්‍රිකා ආකර්ශනීය නායිකාවක්. දැන් විපක්ෂයට එහෙම කෙනෙක් නෑ. ආකර්ශනීය නායකය ඉන්නෙ විපක්ෂෙ නොවෙයි ආන්ඩුවෙ. වයඹ වගෙ ආකර්ශනීය කෙනෙක් මහ ඇමති කමට දැම්මනම් තත්වෙ වෙනස් වෙනව. බලන්න ඌව පළාතෙ ආයෙ මේක අනික් පැත්තට හැරවෙන්නෙ විපක්ෂෙ අයගෙ ආතල් කුඩු කරමින්.

      Delete
    4. හැබයි 93 දී අමරසිරි දොඩංගොඩ දකුණු පළා බබා දිණුම්.. මෙවර එහෙම දෙයක් නෑ නේද...? මෑතක වන පාටක් වත් නෑ නේද...?

      Delete
  7. ජේවීපී සහ ගිනිසිළුවෙ ආසන වැඩිවීම සතුටක්. ආණ්ඩුව වැඩිම බරක් දැම්මෙ ෆොන්සේකට ගහන්න.මේ පක්ෂ දෙකම වේදිකාවෙ කිව්වෙ නාස්තිය දූෂණය වංචාව ගැන.ජේවීපී කාරයො සල්ලි වලට හරි වෙන අල්ලසකට බිලී බාගන්නත් අමාරු නිසා ජේවීපියට ලැබුන ආසන ප්‍රමාණය වටිනව. ඒත් ෆොන්සේකගෙ පක්ෂයෙ ආසන වලට පත් වුන අයට ෆොන්සේක ඉඩි අමින් කෙනෙක් බව පස්සෙන් පහු සිහිවෙයිද දන්නෙත් නෑ.නමුත් ඒ අය ගියා කියල ලොකු දෙයක් කරන්න ඒ අයට බෑ.පාර්ලිමේන්තු මට්ටමින් ආණ්ඩුවට ගිය අය රටම දන්න ජනපදනමක් තිබෙන ප්‍රභූවරු.මේ අයගෙ නම්වත් අහල නෑ.

    කොහොමටත් ආන්ඩුව යම් විදියකට කොන්ට්‍රෝල් වෙන්න ඕන කියන අදහස හුඟ දෙනෙක් තුල තිබෙනව. ප්‍රාදේශීය දේශපාලනයෙ ඉදන්ම දූෂනය, හොරකම . ලොක්කො නීතියට යටත් නෑ. යූ ඇන් පී කාලෙත් මේ විදියම තමයි. ඒත් රටට පුළුල් ප්‍රජාතන්ත්‍රවාදයක් ඕන බව මේ චන්දෙන් පෙන්වල දීල තියනව. විජාතික බලවේග කුමන්ත්‍රණ කිය කිය ලොක්කො සැප විදින පොඩ්ඩො දුක් විදින ක්‍රමයකට කවුරුත් කැමති නෑ. කොහොමටත් ආණ්ඩුව නිවැරදි වෙනව නම් ආණ්ඩුවටත් ජනතාවටත් දෙගොල්ලන්ටම හොඳයි.

    ReplyDelete
    Replies
    1. අපොයි ජෙවීපිය සල්ලි වලට බිල්බාගන්න කොහොම වෙතත් පොරවල් ගේ බලය තියෙන යුනියන් ඇති ඇතැම් කොම්පැනිවලින් අගේට ඡ්න්දේ වැඩවලට සල්ලි ගත්තා රහසිගතයි දන්නෝ දනිති පරසිද්ද කොරන්නට බැරිය ඇතැමුන්ගේ රස්සාවලට තට්ටුවිය හැකි බැවින්

      Delete
    2. ආණ්ඩුව පාඩමක් ඉගෙනගත්තනම් ඒක වරදක් නෙවෙයි. ඒත් චන්දේ දාපු ප්‍රතිශතයත් මෙතන වැදගත්. අනෙක ආණ්ඩුවේ වැරදි වලට විකල්පය මොකක්ද කියලා හිතන්නත් ඕනේ.

      Delete
    3. //ජේවීපී සහ ගිනිසිළුවෙ ආසන වැඩිවීම සතුටක්//
      අම්මප?

      Delete
    4. ඇත්තටම සතුටුයි. මම මේ ආණ්ඩුවට කැමති කෙනෙක්. හැබැයි මොන විදියකින් හරි කොන්ට්‍රෝල් එකක් නම් ඕන කියල හිතන කෙනෙක්. අසීමිත බලය ඉතා භයානකයි. ප්‍රබල විපක්ෂයක් ඕනමයි.ඒක පක්ෂ විපක්ෂ බේදයකින් තොරව කාගෙත් පැතුම. අනික ජේවීපී ආණ්ඩුවක් එනවට කැමති නැතත් ජේවීපිය ශක්තිමත්ව ඉන්න එක රටට වාසියක්.

      Delete
    5. යකා ඔබත් එක්ක මා එකඟයි යම් බලපැමක් සිදුකල හැකි ජවීපයක් තිබිය යුතුයි

      Delete
    6. යකා .. උඹ සමඟ එකඟයි..!!

      Delete
    7. මෙ ආන්ඩුවට බලය වැඩියි.එහි පාලනයක් ඇතිවිය යුතුයි.එකනිසා ජෙප්පො ෆොන්සේකා උඩට ආපු එක හොදයි.හැබැයි මුන් එලවල දෙන්න එකෙක් නැ.

      Delete
    8. යකා හා එකඟයි...

      Delete
  8. ඔය මොනව කිව්වත් අපි පරාදයි.. දැං කව්රුවත් කියන්නෑ නෙව චන්දේ දීලා අපි යැව්වේ හොරු කියලා. අනික මේක ආන්ඩු පෙරලන අවස්ථාවක් නොවන බවට උපරිම සාක්ෂි තියෙනවා. චන්දදායකයාගේ නිහඩ බව තුල ගැඹුරක් නැහැ.. බලා සිටිමක් පමණයි..

    ReplyDelete
    Replies
    1. අනික මේක ආන්ඩු පෙරලන අවස්ථාවක් නොවන බවට උපරිම සාක්ෂි තියෙනවා. //
      මොනවද ඒ සාක්ෂි? අපිටත් දැනගන්න කිව්ව නං......

      Delete
    2. මේ රටේ ළිං මැඩි ජනතාව හැමදාමත් පරාදයි.. උත්සාහවන්තයා දිණුම්..

      Delete
    3. මොකක්ද ඇති වෙලා තියෙන වෙනස.. එකම වෙනස විපක්ෂයේ ඡන්ද ටික කස්ටිය බෙදා ගත්ත එක විතරයි.. අඩු වෙච්චි චන්ද ගොඩ තියෙන්නේ නොදාපු ගොඩේ.. නැතිව විපක්ෂයට දීපු ටිකේ නෙමෙයි. ඒක නිසා ජනාධිපතිවරනයකදී පොඩි සුකුරුට්ට‘ ටිකක් දාලා නිහඩ වූ අය තමන්ගේ පැත්තට නම්මගන්න එක ලොකු ගේමක් නෙමෙයි. ඒ සන්ධානයේ වැඩ පිළිවෙල ගැන අප්‍රසාදයෙන් බැහැර වූ අයයි...

      Delete
  9. මැතිවරණයක් අහවර වූ විගස මේ වගේ විශ්ලේෂණ හැමදාම එනවා. ඒක හොද දෙයක්. මාතලන් ලොක්කගේ විග්‍රහයත් හොදයි. මගේ මතයටත් සමානයි. මගේ නිගමන පහත පරිදියි.
    1. තාම ලොක්කට කිට්ටුවටවත් එකෙක් නැහැ.
    2. ආන්ඩුව පොඩ්ඩක් පල්ලම් බැහැල.
    3. ඊලඟ මැතිවරණය බොහෝ විට ජනාධිපතිවරණයක්.( පලාත් සභා ටික අහවර වූ විගස හෝ ඒ අතර)
    4. මහමැතිවරණයක දී මේ තත්ත්වේ වෙනස් වෙනවා.
    5. හිරුනිකාගේ ඡන්දත් හැමදාම තියාගන්න ඇය දැනගත යුතුයි.
    6. ෆොන්සේකා සාධකය නම් දියවෙන සුළුයි. ඔහුට ඉදිරිය අමාරුයි. ඒ ගෙම්බො ටික රැක ගැනීම මත තමයි ඊලඟ සැරේ ජනමතය හැදෙන්නෙ.
    මම දකින හොද ප්‍රවනතාවය ජෙප්පන් උඩට ආපු එක විතරයි.

    මොකා දින්නත් අවසාන විග්‍රහයේදි අපි පරාදයි යාළු!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. මගේ විග්‍රහයත් ඕකම තමා.

      Delete
    2. එකඟයි.

      ජෙප්පො ඉස්සරහට ආපු එක තමයි තියන පොසිටිව් ෆැක්ටර් එක. ඒත් ඉතින් දැන් ෆොන්ස්ව දෙකේ කොලේට දාල කතා කරන්නෙ නැතුව තමන්ගෙ චන්ද earn කර ගන්න ජෙප්පොත් ඉගෙන ගන්න ඕන. ෆොන්ස්ට දුන්නෙ උන්ට දෙන්න අකමැති උන් නේ.

      Delete
    3. @ ඇනෝ.......උඹ මේ කියන කාරනය ජෙප්පන් සිහියේ තබාගත යුතු මූළික කරුණක්.

      Delete
    4. වෙදන
      1,2 හරි
      3 ෂුවර්ම නෑ
      4 කියන්නෙ මොකක්ද කියල පැහැදිලි නෑ. ඒ කියන්නෙ ආන්ඩුව අවුල රිකවර්කරගන්නව කියලද අනිත් පැත්තද?

      Delete
    5. වෙදනා සමග 100% එකඟයි.. මම දැක්කා ලොක්කා කියලා තියෙනවා 2016 මෙහා ජනාධිපතිවරනයක් නැතෙයි කියලා. ඒ උනාට එයා කියන ඒවා කව් ද පිලිගන්නේ. කව් ලා විතරයි.

      Delete
  10. අල්ලපු ගෙදර ඇන්ටි චන්දය දවසේ උදේ කල්පනා කර කර හිටිය නිසා මම පොඩ්ඩක් විපරම් කලා. මම කාරණය ඇහැව්වම දැනගත්තේ චන්දය දමන්නේ කාටද කියන කාරණය තමා හේතුව . "ඔන්න අපේ සිරි ලංකාව" අපිට චන්ද කාඩ් ලැබුණෙත් නැහැ. විපරම් කරල බැලුවාම අපට විතරක් නෙවෙයි , ගොඩක් දෙනාට වෙලා තියෙන වැඩක් ඒක.දෙයිය්යො තමා හේතුව දන්නේ. මදැයි චන්දයක් දාන්න බලා හිටියා :)

    මාධ්‍ය වලින් කියන්නේ විශිෂ්ඨ ජයක් ආණ්ඩුවට ලැබුණ කියල. විශිෂ්ඨ කොහොම වෙතත් කොළඹ දිනන්නත් බැරිවෙලා මදිවට ,ගිය පාරට වඩා චන්ද ප්‍රමාණය අඩුවෙලා.අනේ මන්දා චන්ද ප්‍රමාණයත් අඩු උනාට පස්සෙත් විශිෂ්ඨ ජයක් කියල කියන්නේ මොන හේතුවක්ද කියලා. මාධ්‍යත් ඉතින් ඕවා රස කර කර කියනවා.සමහර චැනල් වලින් ෆොන්සේකා මහත්තයාගෙ පක්ෂෙ අය චන්දය දානව පෙන්නුවෙත් නැහැ , බයේද මන්දා. කොහොම උනත් විරුද්ධ පක්ෂයක් බලවත් වෙන එක හොඳයි. එතකොටවත් අසාධාරණ දේවල් ටිකක් අඩුවේවි.

    ReplyDelete
    Replies
    1. මදැයි චන්දයක් දාන්න බලා හිටියා//

      ඒ කියන්නෙ ඔයා ඡන්දෙ දැම්මෙ නැද්ද? ඡන්ද කාඩ්එක කියන්නෙ නිලධාරීන්ගේ පහසුවට තියන එකක්. ඒක නැතිවුනාට ඡන්දය නැති වෙන්නෙ නෑ.

      අර ඇන්ටිගෙ කතාවෙන් ලොකු කතාවක් කියවෙනව. රියල්ම පාවෙන ඡන්ද කියන්නෙ ඔන්න ඔය උදවියට. හොඳ පෞරුෂයක් තියන මිනිස්සු දිනන්නෙ ඔය උදවියගෙ මනාපෙන්

      Delete
    2. කොහෙ චන්දෙ දාන්නද? අපේ ගෙවල් පැත්තෙ ගොඩක් දෙනාට චන්ද කාඩ් ලැබිල නැහැ කියල පස්සෙ දැනගත්ත. මට නම් ඕන කම තිබුණ චන්දදාන තැනට ගිහින් අහල බලන්න. ගෙදර අයගේ බලවත් විරෝධය මතුවුනා :)

      Delete
    3. අර අල්ලපු ගෙදර ඇන්ටි වගේ ජනතාවක් තමා රටේ බහුතරය. එයාලගේ සංකල්පය තමයි, කන්න බොන්න හම්බ වෙනවනම් මොන මළදානෙද කියන එක.

      Delete
  11. 60% ද කොහෙද ලු නේද චන්දේ දාලා තියෙන්නේ. ඒකෙන් කියවෙන්නේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. උනුත් එකයි මුනුත් එකයි අරුනුත් එකයි. අන්තිමට බැලුවම ඔක්කොම එකයි.

      Delete
    2. මෙහේ නං වැඩියි. මම ඩියුටි හිටිය තැන 72%ක් තිබුන

      Delete
    3. කරුණු රාශියක් කියවෙනවා. මේ එයින් බිඳක්...

      මේ ආන්ඩුව පට්ට.. පට්ට කියන්නේ පට්ටෙත් පට්ට..
      මේ පලා බබා වැඩක් ඇති කෙහෙල්මලක් නෙමෙයි..
      ඡන්දෙ දෙන්න එකෙක්වත් නෑ. කොටින්ම පොරක් නෑ..
      මහින්ද මහත්තයා ඉල්ලන වෙලාවට එයාට දෙනවා..
      ඔක්කෝම එකයි..

      Delete
  12. ඔයා කියපු කොළඹ කතාව සම්පූර්ණ ඇත්ත ඒ විදිහට කොළඹ ලස්සන කලත් අන්තිමට උනේ ඒකෙනුත් ඡන්ද අඩු උන එකයි. හිතපුවත් නැතිවෙලාවක පොල්ලෙන් ගැහුවා වගේ ඇවිත් හිටපු ගේ කඩලා දාලා වෙන ගෙයක් දීලා මුලින්ම ලක්ෂයක් දීපන් ඊට පස්සෙ 4000/= ගානෙ අවුරුදු 20ක් ගෙවපන් කිවුවම?????? වරදවා ගන්න එපා මම දන්න කොල්ලෙක් දවසෙ පඩිය 750/= වැඩ කරන්නෙ කඩේක. එහෙම පවුලක් ඉහල ඉරණමට මුහුණ දුන්නම කොහොමද ආයෙ ඡන්දෙ දෙන්නෙ. දැන් උන් හිටියටත් වඩා වටේටම ණය වෙලා. ජීවන තත්වය හිටියටත් වඩා නරක් වෙලා.

    ReplyDelete
    Replies
    1. නියම පණිවිඩය දීලා තියෙන්නේ, ආන්ඩුව පැරදුන ආසනවල ජනතාව. දිණපු ඒවා මාර ගැප් තියාගෙන දිනලා තියෙන්නේ. ඒවල ගේමක් නෑ.. කොහොම නමුත් ග්‍රාමිය ජනයා ඉන්නේ ආන්ඩුවත් එක්ක..

      Delete
  13. මගේ විශ්ලේෂනය නම් පොන්සේකා මහත්තයාගේ අය ආණ්ඩුවට හේත්තු නොවුනොත් හොඳය.ඒත් එක කියන්න කල් වැඩිය .ඒකේ ගොඩඩක් අයගේ දේශපාලන අවබෝධය ගැන ප්‍රශ්ණ තිබේ.

    ReplyDelete
    Replies
    1. මහින්ද මහත්තයාට කන්න ඕන උනාම කබරගොයා ද තලගොයා වෙනවාය, ෆොන්සේකා හේත්තු නොවුනත් ඕනෑ උනොත් හේත්තු කරගන්නට මහින්ද ගොයියා පසුබට නොවනු ඇත...

      Delete
    2. අපි කියන්නේත් එයමය...

      Delete
  14. අනේ මන්ද... උඹත් එක්කත් මට මල මචෝ........

    ReplyDelete
    Replies
    1. ඒ මොකෑ? දෙකක් නවාගත්තද?

      Delete
    2. ඇත්ත... බොහෝම තිත්තයි මචෝ...

      Delete
  15. // බොදු බලු සේන, අර බලකා මේ බලකාවලට හිතේ හැටියට ඩෙඟා නටන්න දීමේ ප්‍රතිපල, මේ ඡන්දයෙන් මනාව පෙනෙනවා ඇත. //

    totally agreed.

    ඕවට ෆේස්බුක් එකේ සපෝට් කරන කාලකන්නින්ට තාම චන්ද බලේවත් නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. අති ප්‍රවීණයැයි කියාගන්නා මාධ්‍ය වේදීන්ටත් වඩා අගේට ඔබ මෙම ඡන්ද ප්‍රතිඵලය විග්‍රහ කොට තිබේ. විශිෂ්ඨයි මාතලන්. මේ ටික මේ සමාජෙ හැම එකාම තේරුම්ගත්තනම්..

      ජවිපෙ විශාල ප්‍රගතිය්ක් ලබා තියෙනවා. ඒක රටේ වාසනාවක්.

      ජවිපෙ බස්නාහිර ගියපාර තිබුන ආසන් 3, ආසන 6දක්වා වැඩිකරගෙන, දකුණ ආසන 3, ආසන 5දක්වා වැඩිකරගෙන. සන්ධානෙට බස්නාහිර තිබුන ආසන 68න්, 58යි ඉතුරු උනේ. දකුණෙත් 38ක් තිබුන ආසන සංඛ්‍යාව 33දක්වා අඩුවෙලා. යූඑන්පී එකේ තිබුන ඡන්ද ටිකෙන් කොටසක් කැඩිල ජෙනරාල්ට ඇවිත්.

      අපූරු පාඩමක් උගන්නන්න මේ පාරවත් ජනතාවට මොලේ පෑදුනු එක ලොකු දෙයක්. වරෙල්ලකො ඊළඟට ඌවට. දෙන්නම් කෑම!

      හැබැයි දැන් මහ රජතුමාට හොඳටම හදිස්සිවෙයි ඊළඟ ධූර කාලය සඳහා ජනමතය උරගා බලන්න. පරක්කු උනොත් උන්දැටත් මැදමුලනට යන්න වෙයි ආපහු.

      Delete
    2. @ ඇනෝ
      අන්තර්ජාලෙත් ගෝත්‍රිකයෝ වැහි වැහලා...

      @ මනෝෂ්
      ලොක්කට දන්නන්න නම් අමාරු වෙයි. මේ තරම්වත් ගොඩ යන්නේ ඒ සාධකය නිසාමයි. දැන් මම උනත් මේ සැරේ ජෙප්පන්ට දීපූ ඡන්දේ. ජනාධිපතිවරණයකදි දෙන්නේ ලොක්කට..

      Delete
    3. ඒකනෙ ප්‍රශ්නෙ. ඒ කියන්නෙ රෑ වැටුනු වලේ ලෝබකමක් නැතිව දවාලෙත් වැටෙනවා?

      Delete
    4. විකල්පයක නැතිව එන එකෙක්ගෙන්වත් වැඩක් නැත. දන්න යක්කුන්ගෙන් මේ යකා හොඳය..

      Delete
  16. මගෙ හිත නම් ගියේ අර ' thank you ' කෑල්ලට. නොතේරෙන දේශපාලනයට වඩා ඒක කොච්චර නම් වටිනවද කියලා කල්පනා කලේ...:D

    ReplyDelete
  17. මාතා උඹේ මේ විග්‍රහය නිවැරදියි..මේක මරාට කොපියකුයි, සිරාට කොපියකුයි යවන්න වටිනවා.

    යුඇන්පියට ජනතාව බරපතල සංඥාවක් දීලා තියෙනවා. ඈලි මෑලි දුබලතාවයට...සුඑන්සු..නැත්නම්..ඇඟ පතට පණ එන්න..යකඩ චෙරි රස ඇති...ඩියුරෝල්..

    ජෙප්පන්ව මේ තැනට උස්සලා තිබ්බ එක ගැන නම් සතුටුයි. ආණ්ඩු විරෝධය හරි හමන් විදිහට නිවැරදිව එල්ල කරගන්න බැරිවෙච්ච ෆොනි සාක්කුවට දාගත්තේ යූඇන්පී ජේවීපි ගල් ගහලා වට්ටපු අඹ කියලා තමයි මම හිතන්නේ. ඒ ඡන්ද කොයි විදිහකට අපතේ යැයිද කියලා හිතාගන්න පුළුවන්. ඒ බව පේනවා වයඹ සහ මධ්‍යම ෆොනි පලාබබාලාගේ හැසිරීම දැක්කාම. ආණ්ඩු විරෝධි ඡන්ද ෆොනි වෙත නොයා තම ගොඩට දාගන්න ජෙප්පන් තව තවත් නිවැරදිව ජනතාව වෙත යෑමට තර්ක න්‍යාය වලින් ඈත්ව සෞම්‍ය ආකල්ප ගොඩ නගා ගත යුතුයි.

    අවසාන වශයෙන් ,මේ අවස්තාවේදී පමණක් හෝ ජෙප්පන්ට ඡන්දයක් දුන් අපේ මාතලන්ට මගේ පෞද්ගලික ස්තූතිය.

    ReplyDelete
    Replies
    1. පවුල් දේශපාලනය තවමත් සම හරක් අනුමත කිරීම ගැන ලැජ්ජා විය යුතු බවත් කියා තැබිය යුතුයි.

      Delete
    2. පවුල් දේශපාලනේ නම් මචන් හිතා ගන්න බෑ. ඉස්සර වුනත්, දමු බර්ටි එහෙම මැරයො හොරු කියලා රටේම පත්තර කියද්දි ගෑනි ඉල්ලුවා පුතා ඉල්ලුවා උඩින්ම දිනුම්. මාලක සිල්ව ඉල්ලුවත් මුන් නම් චන්දෙ දෙනවා ෂුවර්. වහල්ලු වෙන්න පතාගෙන උපන් ජාතියක්.

      මහින්ද යාපගෙ ඩයල් එකත් හැබැයි මනුස්සයෙක් වසයෙන් නම් හොඳයි කියනව.

      හිරුනිකා ආපු එකට නම් මම සතුටුයි භාරත මොන හොරා වුනත්, එකක් ඒ කෙල්ල පිටින් පෙනුනට වඩා ස්මාර්ට්. අනික භාරත ගෙ කේස් එක මේ ආණ්ඩුව හැන්ඩ්ල් කරපු විදියටත් මිනිස්සු දුන්නු කනේ පාරක් වෙන්න ඕන. හොඳ වෙලාවට පෙරමුණේ චන්ද අතරෙත් එහෙම ලයින් එකකුත් යනවා, දැන් මාතරින් අනර්කලී පරාදයි, ඉල්ලුවෙ නැතත් නාමල් පීචන්, ජොන්ට කොච්චර අරක්කු සල්ලි විසි කළත් දයාසිරිය උඩින් දින්නා...

      Delete
    3. භාරතගේ කේස් එක නිසාම හිරුනිකා උඩින්ම ආපු එක ගැන මමත් සතුටුයි. එතෙන පොඩි පණිවිඩයක් තියෙනවා කියලා හිතෙනවා. මුන් ඒක දන්නවා. හිරුනිකා දන්නවාද කියන එක ප්‍රශ්නයක්.
      මහින්ද යාපාගේ ඩයල් එක කිව්වේ මල්ලි සරත් යාපාද?

      මෙහෙම ගියොත් ඇමති පුතෙක්/දුවෙක් නොවී දේශපාලනය කරන්න බැරිවෙයි. මහ එකා දීලා තියෙනවානේ ආදුර්සේ.

      Delete
    4. සොරි මචන් මහින්ද යාපා නෙවෙයි ලක්ෂ්මන් යාපගෙ පුතා පසඳ.

      හිරුනිකා මචන් මමත් මුලදි හිටියෙ පබා වගේ එකක් කියලා, ඒ වුනාට ඒකිගෙ කතා එහෙම බැලුවම පේනවා ඒකි හෙන shrewd කියලා. ඒකි මුලින් හිටපු anti-UPFA සෙට් එකෙන් කැඩිලා, මරාට සෙට් වුනු එකම බලපන්. ඒකි දැනගත්තා මරාගෙන් ලොකු සපෝට් එකක් නැතුවත් ටිකට් එක ගත්තොත් ගොඩ යාම තියෙන්නෙ ශ්‍රී ලංකා චන්ද වල කියලා. දැන් ප්‍රසන්නට බැසිල් ලා ස්ටේජ් වල නැගල දුන්නු සපෝට් හිරුනිකාට දුන්නෙ නෑ නෙ කවුරුවත්. හැබැයි ඉතින් ඒකි හදනවද නැති කරනවද කියන එකත් රජා ගෙ අතේ තමයි තියෙන්නෙ. ෆොනී වගෙ ඒකිත් හිතන්න ඕන දින්නට එහා ගමනක් යන්නෙ කොහොමද කියන එක.

      Delete
    5. ලක්ෂ්මන් යාපා සහ මහින්ද යාපා යනු සහෝදර වරුන්ගේ දරුවන්ය..
      සරත් යාපා යනු මහින්ද යාපා ගේ සහෝදරයාය
      පසඳ යාපා ලකෂ්මන් යාපාගේ පුතාය

      හම්බන්තොට - රාජපක්ෂලට වගේ
      මාතර - යාපලට යයිද

      Delete
    6. හිරුනිකා ගැන උඹේ විග්‍රහයට මම එකඟයි....පරණ සෙට් එක හිරුනිකාට මේ ලැබුන තල්ලුව සහ සන්ධානයේ ලක්ෂ ගානක ඡන්ද දියවීමේ සාධකය උලුප්පාගෙන ගේම මැනේජ් කරගන්න දන්නවා නම්..රාජපක්ෂ පවුල එක්තරා දුරකට බිත්තියට හේත්තු කරන්න පුළුවන්.

      Delete
    7. "SLFP පරණ සෙට් එක"යනුවෙන් නිවැරදි විය යුතුයි.

      Delete
    8. //හිරුනිකා දන්නවාද කියන එක ප්‍රශ්නයක්.//

      මම හිතන්නෙ දන්නව. අනික හිරුනිකාට උදව්වෙන්නෙ, යටින් සපෙඔට් කරන්නෙ ඔරිජිනල් ශ්‍රි ලංකා එකේ පරණ තෙම්පරාදුවෙච්චි කණු. ඒ මරා පවුලට ගේමට.

      මාලන් බුකියෙ කියල තිබ්බ වගේ ඉස්සරහට නාමල්ට වෙන ලොකුම ත්‍රෙට් එක හිරුණිකා වෙන පුලුවන්. ඒකිගෙ කැම්පේන් එක ෆුල් ක්‍රියෙටිව්, ටාර්ගටුද පොයින්ට්. අනික අපි හිතනවට වඩ ගටත් තීනව, කටත් තීනව. නැත්තන් මේ වෙලාවෙදි දුමිය එක්ක ගේමට බහින්නෙ නෑ. ඒ නිසා පරිස්සමින් හිටියොත් ඊළඟ චන්දෙ අනිව පාර්ලිමේන්තුවෙ ( මම රජගෙදර දූ වගේ කතා ඇහුවම හිතෙනව පරිස්සමින් ඉන්න දන්න බවත් ).

      Delete
    9. හිරුනිකා ගැන තවත් ඇනලයිස් එකක් කරන්න මට හිතෙන්නේ, මේ සභාවේ ඇමතිවරු පත්කරාට පස්සේ. එතකම් බලමු. මම හිරුනිකා නම්, මගේ ටාගට් එක පැහැදිලි නම්, කුණුවෙච්ච පලාත් සභාවේ ඇමති කමක් ගන්නේ නැහැ. හිරුනිකා දැන් ඉන්න ඕන මිනිස්සු එක්ක මිස, ආවඩන ඇමති සෙට් එකේ නෙමේ. අවසානයේ හිරුනිකාට මොනවා වුනත් මගේ දේශපාලන සිතීම අනුව කාටවත් පැන්සයක වැඩක් නැහැ. ඒක වැදගත් වෙන්නේ SLFP එකට.

      Delete
    10. මචන් ආයෙ චන්දයක් එන්නෙ තව අවුරුදු ගානකින්. හිරුනිකාට career එක ඇඩ්වාන්ස් කර ගන්න අමාරුයි මරාගෙ සපෝට් එක නැතුව ඇමති කමක් ගත්තත් නැතත්. ඔන්නම් ඔය ජනප්‍රිය ප්‍රකාශ දෙකතුනක් කරන්න පුලුවන් මෛත්‍රීපාලය කරනව වගේ, ඒත් ඕනවට වඩා ආවොත් රජා සයිස් එකට කපල ගනී. ලයින් එකෙන් පිට ගිය රන්නසිරිය, බර්ටි, දිමු, චම්පික වගේ තෙම්පරාදු උන් සයිස් එකට කපපු රජාට හිරුණිකා කජ්ජක් ද?

      ඔය ජනප්‍රියත්වෙ ඕනවට වඩා රීඩ් කරන්න ගිහින් ඉගිල්ලෙන්න ගියොත් හිරුණිකාට වෙන්නෙ ෆොන්සිට යුද්දෙන් පස්සෙ වුනු දේ මයි. හිරුණිකාට තියෙන්නෙ රජත් හොඳින් තියන් වන්දිභට්ට කමටත් නොයා ඉඳල GE එකක් ආපු ගමන් ඉල්ලන්න. එතකන් නිකන් කුණු වෙන්නෙ නැතුව මහන්සි වෙලා පුලුවන් වැඩක් කරල ක්‍රෙඩිබිලිටි පෙන්නන්න. ඇමතිකමක් දුන්නොත් ගන්නෙ නැතුව වෙලාවට කලින් "ජනතාව ලීඩ් කරන්න" ගියොත් එයාට බඩු තමයි. ෆොන්සේක ගෙන් සජිත් ගෙන් ඉගෙන ගන්නවද, මහින්ද ගෙන් මෛත්‍රීපාලගෙන් ඉගෙන ගන්නවද කියල හිතන එක හිරුණිකා ගෙ වැඩක්.

      Delete
    11. බොහෝම ස්තූතියි අරූ.. මම කොහොමත් හැමදාම මගේ ඡන්දයට වටිනාකමක් එකතු කර ගන්නවා. මේ සැරෙත් මගේ තීරණය ගැන මම සතුටුයි..

      හිරුනිකා සාධකය වෙනම අරගෙන කතා කරන්න ඕන මාතෘකාවක්. ඒත් හිරුනිකාගේ නෙමෙයි සජිත් ප්‍රේමදාසගේ පවා අනාගතේ ඇත්තේ ලොක්කාගේ අතේ. හිරුනිකාගේ අගය කළ යුතු දේ තමයි ඇය ඒ පිළිබඳ මනා අවබෝධයකින් පසු වීම. ඒ බව ඊයේ පැවති මාධ්‍ය සාඛඡ්චාවේදී හොඳින් පෙනුනා. ඇය මේ ෆේස්බුක් කාළකන්නි හිතනවාට වඩා බොහොම පරිනත් චරිතයක්. ඒ පරිනත බව භාරත් තුල තිබුනේ නෑ. තිබුනා නම් ඔහොම වෙඩි කන්නෙත් නෑ.

      Delete
  18. ජේවීපි සහ ප්‍රප නැගී ඒම රටේ දූෂනය අඩුවීමට බෙහෙවින් බලපානවා.මොකද මේ රටේ දුප්පතා වෙනුවෙන් හඩක් නගන්නෙ ජේවීපී එක.

    ReplyDelete
    Replies
    1. දුප්පතා වෙනුවෙන් යන්න ජනතාව වෙනුවෙන් යනුවෙන් නිවැරදි විය යුතුයි කියලයි මම නම් හිතන්නේ ...

      Delete
  19. මෙය විපක්ෂයේ ජයග්‍රහණයකයැයි උදම් නොවී මහින්දට අභියෝග කලහැකි නායකත්වයක් පොදු විපක්ෂයක් තුල ගොඩනගාගතයුතුයි.

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ දේ තමයි අනිවාර්යයෙන් වෙන්න ඕන. ඒ තැන තාවකාලිකව හෝ පොදු කරුණුවලදි එක් තැන් කල යුතුයි.

      Delete
    2. විය යුත්තේ එයයි.. නමුත් නොවන්නේද එයමය..

      Delete
  20. නිගමන

    රනිල් මැතිවරණ වේදිකාවේ සිංහල සින්දුවක් දෙකක් ගැයීමට උගත්තා නම් ප්‍රතිපලය බොහෝ වෙනස් වීමට ඉඩ තිබින.
    අලුත් නිළියන්ට තැනක් නැත.
    පරණ නිලියනට තවමත් මිනිස්සු ආදරේය.
    ජාතික ඇඳුම ඇඳ කන්නාඩි දැම්මනම් මිනිස්සු හිතන්නේ බුද්ධිමත් කියාය.

    ReplyDelete
    Replies
    1. හරියට හරි...
      මාතර කියන්නේ අමුතු මිනිස්සු ඉන්න පැත්තක්.. අනර්කලී පරද්දන්න ආන්ඩුවේ උන්ටත් ඕන වෙලා තිබුනා.

      Delete
  21. යන විදියට අද මැච් එක පරාද වෙයි වගේ..

    ReplyDelete
    Replies
    1. රංගන හේරත්ගේ දක්ෂතාවය නිසා අද මැච් එක දිනාගත් නිසා, ඉහත කොමේන්ටුව ඉල්ලා අස්කර ගනිමි.
      ඊයේ නදීශා හේමමාලිට පත්තුකරන්නට ගෙනා රතඥ්ඥා කරල් ලංකාව දිනීම නිමිතිකොට පත්තු කරමි..

      Delete
    2. විදානේ......උඹ මේ තුල මතු කරන්න හදන්නේ උපහාසයක් නම් ,ඒ උපහාසය හරි ප්‍රභලයි. ඒ කොහොම වුනත් මට පේන්නේ අද සමාජයේ ඇති අයිසින් ස්වභාවයයි.

      Delete
    3. කිසිත් නොකියමි.. සිනා සෙමි...

      Delete
  22. රාජ්ගෙ එකේ දාපු කමෙන්ට් එක මේකටත් දාන්න වෙන්නෙ.

    මේ මම election.lk සයිට් එකෙන ගත්තු ෆිගර්ස්.

    2010 සන්ධානෙ කොළඹින් ගත්ත 1,384,208ක්
    2014 ගන්නෙ 1,363,675

    එතකොට සමස්ථය 20,533 අඩුවක්. ඒක මහ චන්දෙකදි අනික් පැත්ත ගහගන්න ලොක්කට තාම පුලුවන්.


    දකුණෙ තත්වෙ බලමු.

    2010 සන්ධානෙ 694,052යි.
    2014 ගන්නව 699,408

    ඒ කියන්නෙ පන්දස් තුන්සීයක් වැඩිවෙලා. හිතාගන්න අමාරුයි ඇයි ඒ කියල!

    බලමු විපක්ෂය ( අලි පන්දම් සීනු එකතුකරමු පහසුවට )

    2010 දි කොළඹ - 963,021
    2014 දි කොළඹ - 1,039,657

    ඒ කියන්නෙ සෑහෙන දියුණුවක්. 76,636 ක වැඩි වීමක්. මේ ආන්ඩුවෙන් ගත්තු පන්දහට වඩා, නින්දෙන් නැගිටල ආපු චන්ද දායකයො.

    දකුණෙ විපක්ෂෙ තත්වෙ බලමු.

    2010 ගත්ත - 539,556
    2014 ගන්නව - 494,995

    එතකොට 44,561 අඩුවෙලා.

    එතකොට බැලූ බැල්මට දකුනෙ වැටුන කිව්ව ආන්ඩුව නෙමෙයි ඇත්තටම වැටිල තීන්නෙ විපක්ෂෙ.

    දැන් ඔන්න කවුරු හරි ලොක්කට ඔය විදියට ඇනලයිස් කරල දුන්නම, හෙට ඉඳන් ආය අපිට අරිනව අර රයිගම් කිව්ව "ඕවර්වෙල්ම්ඩ් මැජෝරිටි" එකේ පවර් එක අරගෙන.

    ඒ හින්ද කලබල වෙන්න එපා මේක අවසානයක ආරම්භය කියල.

    මොකද අසන ගාන වෙනුවට චන්ද ගානින් බැලුවම ලොක්ක තාම එහෙමම ඉන්නව. විපක්ශෙ කොළඹින් පිටදි අම්බනෙට වැටිල!!




    ReplyDelete
    Replies
    1. //දැන් ඔන්න කවුරු හරි ලොක්කට ඔය විදියට ඇනලයිස් කරල දුන්නම//

      චන්ද්‍රප්‍රේමය ගානට දීල තියෙන්නෙ.

      http://www.divaina.com/2014/03/31/feature01.html

      අනික මේ චන්දෙ නොදුන්නු උන් විපක්ෂෙ කියන එකත් විහිළුවක්. නැහීගෙන ගිහින් ගහන්න තරම් ලොකු මෝටිවේෂන් එකක් මේ පාර නම් නොතිබුනේ ආණ්ඩුවට ගහන උන්ට.

      Delete
    2. මචං.....මෙතන 2010 සහ 2014 අතර අළුතින් ලියාපදිංචි වුන වෝටර්ස්ලා ගානක් ඉන්නවාද? ඡන්දය නොදීපු අයනම් ඕන පැත්තකට ගණන් හදන්න පුළුවන්නේ ජිනීවා වගේ. නොදීපු අයව ඡන්ද පොළට ගන්න නම් ගොඩාක් මහන්සි වෙන්න වෙයි. ඒ වෙනුවෙන් යුඇන්පියට කෙසේ වෙතත් ජේවිපියට සෑහෙන්න වැඩක් කරන්න වෙයි. යූඇන්පියට වැඩ වැඩියිනේ.
      අනිත් කාරනාව මට හරියටම තාම ඇනලයිස් කරගන්න බැරි තැපැල් ඡන්දවලදි ආණ්ඩුව පෙන්නපු ප්‍රගතිය. මම දන්නවා රජයේ රැකියා දීපු එක ගැන. නමුත් මම මේ තැල ඡන්ද ගැන සැකයෙන් හෝ විමතියෙන් බලන්නේ.

      Delete
    3. මචං මේ තරම් සුළු චන්දෙකදි ගේමක් දීල තැපැල් චන්ද වෙනස් කරන්න බලයි කියන එක හිතන්න අමාරුයි. ඒ වෙනුවට ලඟදි ජොබ් හම්බු උනු උපාධිකාරයො, නර්ස්ල, ටීචර්ල ආන්ඩුවට දුන්න කියල හිතන්න පුලුවන්.

      ඔව්, විපක්ෂෙ චන්ද වැඩි උනේ විශේශයෙන්ම ජෙප්පන්ගෙ අලුත් චන්ද වෙන්න පුලුවන්.

      Delete
    4. මමත් රාජ්ගේ එකේ කියපු දෙයම කියන්නම්..

      මේක හැම එකාටම ආතල් ගන්න පුළුවන් රිසාල්ට් එකක්..

      ඒත් "අවසානයක ආරම්බය" කියන්නේ නම්. පට්ට ගොන් ආතල් එකක්..

      Delete
    5. මාතලන්
      මගේ ආතල් එක මම ගන්නං. ඒක පට්ට ගොන් උනාට මට ප්‍රශ්නයක් නෑ. අනෙක මම කිව්වෙ අවසානයක ආරම්භය වෙන්න පුළුවන් කියල. සිංහල කියවල තේරුම් ගන්න බැරිවුන් දේශපාලන ලිපි ලියන එක ඊට වැඩිය ගොං ආතල් එකක්.

      Delete
    6. @ රාජ්

      ඉතින් උඹ ඒකට මල පන්න ගන්නේ ඇයි.. උඹ පෝස්ට් එකේ කියලා තියෙන්නෙත් මම කියපු දේම කොට. උඹයි මට කින්ඩිය දාන්නේ මල පන්න ගන්න එපා කියලා. හිත රිදුනා නම් සමාවෙයන්.. අනුන් නිසා අපි මක්කටෙයි හිත් නරක් කර ගන්නේ..

      Delete
    7. අනේ මේ රාජ්ටත් මොකක් හරි කුයිලයක් වැදිලද බලහල්ලා. හොදට හිටි එකා..

      Delete
    8. ඔව්.ඔව්.දේශා....පොඩ්ඩක් කේන්ති ගිහිල්ලා වගේ නේද? මේ දවස් වල ඉලෙක්ෂන් ඩියුටි නිසා වැඩ වැඩි ඇති :

      Delete
  23. යම් දෙයක් තෙරුන් ගන්න නම් lenard wholf ගේ මගේ දිනපොත කියවන්න..... ශ්‍රිලංකාවේ දේශපාලන ඉතිහාසේ ,මොනවා හරි එතනත් ලියවිලා ඇති. ඒත් මේ වෙද්දී පොත හොයා ගන්න අමාරු වේවි.....

    ReplyDelete
    Replies
    1. කියවලා තියෙනවා.. දැන් නම් මතක නෑ...

      Delete
  24. යෝජනාවක් පමණයි...කලබල වෙන්න එපා... බස්නාහිර පලාතේ විපක්ෂයට නිවැරදි නායකත්වයක් දිය යුතු නම් විපක්ෂය සාකච්ඡා කර ලාල් කාන්තව විපක්ෂ නායක කල යුතුයි. රනිල් , මනෝ, ෆොනි ඊට කැමතිද? එහෙම නැත්නම් සම්ප්‍රදායික ලෙස යුඇන්පී මන්ජු අරංගල පත් කරනවාද... හිතලා බලන්න.

    ReplyDelete
    Replies
    1. පොදු විපක්ෂයක මූලික අඩි තාලම.. මොළේ ඇති උන්ට පෙනේවා..

      Delete
  25. //තනිව කිසිදා ආන්ඩුවක් පිහටවිය නොහැකි උනත්, ආන්ඩුවේ කුමාරවරු පවා, ජෙප්පන්ට දෙන්න එපා යැයි කියන්නේ, උන් දූෂණයට වංචාවට විරුද්ධ මෙන්ම, මුදලට හා ලිංගික අල්ලස් වලට බා ගත නොහැකි උන් නිසාය. මහා පක්ෂ ගෙඩි පිටින් ආසන දිනනවාට වඩා, සුළු පක්ෂත් ආසන කීපයක් හෝ දිනාගැනීම, ප්‍රජාතන්තවාදයේ ජයග්‍රහණයක් බව නොකිව මනාය. //

    මසුරං වටින කතාවක් ආයිබං.....

    ReplyDelete
    Replies
    1. නියම ප්‍රජාතන්ත්‍රවාදය...

      Delete
  26. පෙරමුණ පරාද වූයේ සන්ධානය ගසා ගත් දා ය.

    සන්ධානය නම් දිනුම්ය. ඒත් දැනෙන තරම් නොවේය.

    ReplyDelete
  27. තිසරණි ගුණසේකර අක්කිගෙ කොලොම් ටෙලියේ තියෙන විශ්ලේෂණයත් මේවගේ එකක්.අනික් හැම දිස්ත්රික්කෙම ආණ්ඩුවේ චන්ද පදනම 2009ට වඩා 3%,5% අඩුවෙලා ,හැබය් කලුතර විතරක් වැඩිවෙලා.ඒ මොකද කියලද ඕගොල්ලෝ හිතන්නේ? මෙතරම්වත් ආණ්ඩුවට චන්ද ලැබුනේ ඇමති පුත්තු,සහෝදරයෝ නිසා කියලය් මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මිනිස්සු බඩු කාරයන්ට, හොරුන්ට ගොඩක් මනාපයි.. සරදියෙල්ලට, රොබින් හුඩ්ලට, මාතලන්ලට මේ රටේ මිනිස්සු ගොඩාක් ආදරෙයි.. බඩුකාරයෝ, ජනතාවගේ වීරයෝ..

      Delete
  28. මට තේරෙන්නේ නෑ ඇයි තාමත් අපි මේ ඉලක්කම් සෙල්ලමක එල්ලිලා දින්නේ කව්ද කියල හොයන්නේ ඇයි කියලා ! . අද අපි බලය අතැරපු සමාජයක්; දන් දිපු සමාජයක්. (වෙස්සන්තර රජ්ජුරුවෝ ආණ්ඩුවේ ඇතා දන්දිම වගේ ඒවා ඉහළ ම පරමාදර්ශ හැටියට ඉස්මුදුනින් ගත්ත සමාජයක්)දැන් බලන්නකෝ, මේ පළාත් සභාවන්ට මේ ඉලක්කම් සෙල්ලමින් පස්‍සේ බලය ලැබිලා තියෙන අතිබහුතරය, ප්‍රාදේශිය සභාවක් තරම්වත් ඒවාට බලය දෙන්න එපා කියන උන් නේ ද? මධ්‍යම ආණ්ඩුවේ බලය කියන්නේ තමන්ගේ බලයක් ය කියලා හිතා ගෙන ඒක ශක්තිමත් කිරිම තමන්ගේ 'ජාතික වගකිම' බවට පත් කර ගෙන-පත් කරවන උන් 'තීන්දු ගන්නා ජනතාව' වෙන තුරු ඇත්තට ම දිනන්නේ කව්ද කියන එක ප්‍රශ්නයවත් හරියට මතු වෙන එකක් නෑ. මේ ප්‍රතිඵලයත් ඒ නිසා සුපුරුද් කාලකන්නිකම ම මිස වෙන යමක් මතු කරන්නක් වෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඉලක්කම් කියන්නේ සංඛේත පමණයි.. නියම දේශපාළණය තියෙන්නේ ප්‍රායෝගික තලයේ.. ගොන් බූරූ සංවර්ධන වැඩ දෙක තුනක් ඇරෙන්න.. මේ ආන්ඩුව සාර්ථකයි.. අනික විකල්පයක්, විකල්ප දැක්මක්, දර්ශණයක් එකෙක් ළඟවත් නෑ..

      Delete
  29. මතලන්තුමෝ මම කියන්නම් උඹට දිනන්න ක්‍රමයක්.උඹ ජනධිපති උපදේශක කමක් ඉල්ලා ගනින්.ආයේ නිකන් මහා ඇමති කමක් ලැබුණා වගේ තමයි පවුල් පිටින් ගොඩ..:D

    // නිලියන් පැරදුන එකට පුක උඩ දාගෙන කෑ ගසනා උන්ට, එකම පවුලේ, බාප්පලා පුතාලා දිනලා තියෙන එක නොපෙනීම, ජාතියේ අවාසනාවය.//
    කොහොම වුනත් මතා කිව මේ කතාව හරියටම හරිය.මම එකට පට්ට ලයික්ය.

    ReplyDelete
    Replies
    1. උඹ ලයික් නම් මට ඒ ඇතිය.. මුලින් කී කතාව දෙවියන් වහන්සේට පෙනේවා කියා පතනවාය. ඒ කිව්වේ කොල්ලුපිටියේ දෙවියන් වහන්සේටය..

      Delete
  30. මට යූ ඇන් පී එකට චන්දෙ දෙන්න සිද්ධ වුනා නම් අනිවාරයයෙන්ම අන්ජාන් උම්මටත් මනාපයක් දෙනවා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න