.

.

Jul 2, 2018

වියෝවූ පසුවයි දැනෙන්නේ... ප්‍රේමයේ අභිමන්




අම්මට සිරි ලංකාවේ ගීත කලාව එකේක ජතියේ කැටගරීස් වලට බෙදි යන අතරේ... වඩාත්ම ජනප්‍රිය කැටගරි එක වන්නේ වියෝ ගී හෙවත් විරහ ගී යැයි කියා කීවොත්, මාතලන් වැරදි නැතිය.. ඒවායෙත් මුලින්ම මතකයට එන්නේ කරුණාරත්න අබේසෙකරයන් ලියූ, ජේ ඒ මිල්ටන් පෙරේරා ගායනා කළ, සුමදුර ගීත ගොන්නය. මම සිතන්නේ මිල්ටන් පෙරේරා වැඩි පුරම ගයා ඇත්තේත් ඒවන් ගීතමය. ඊට පස්සේ අපේ කාළයේ මිල්ටන් මල්ලවාරච්චිගේ විරහ ගී, අපේ පෙම්පත්වල පවා නොඅඩුවම තිබුනේය. 

ඒ කාළයේ විරහ ගී කියපු උන් අපිව ඇඬෙව්වේය. ඒකට දැන්.., විරහ ගී කියන එකාම හොටු පෙරාගෙන අඬනවාය. ඒ කාලේ වියෝවේද් රසයක් තිබු නමුත්, දැන් කාලේ වියෝව ජෝක් එකක් වෙලා ඉවරය. ඒ වාගේම දේශපාලන වියෝ ගීතයන්ගේ තත්වයද එසේමය. ඒ කාලේ ප්‍රේමයෙන් වියෝ වූවන් පාර්ලිමෙන්තුවද දමා ගෙදර ගිය නමුත්. දැන් ඉන්න උන් වෙන එකෙක් එක්ක දියවන්නා ගේ අතුලේම සිටිනවාය. නිකන් සිටිනවා නම් හිතට දුකක් නැතිය. උන් මෙතෙක් හිටපු එකාට කින්ඩියත් දානවාය. 

යහපාලනේ ආපු ගමන් කවුදෝ එකෙක් කීවේ "හිට්ලර් ගියා චැප්ලින් ආවා කියලාය". මාතලන්ටත් එය වැටහුනේ යහපාලනය පැමිනිලා දවස් දෙකක් යන්නටත් කලියෙන්ය. යහපාලනය යනු කිසිම විශන් මිසන් නැති ප්‍රොපගැන්ඩාවක් බව තේරුම් ගන්නට බෝල්පොයින්ට් පෑනෙත් අත්සන් කොට නිදහස් මන්දිරයේ නටපු නාඩගමම හොඳටෝම ඇතිය. අද බෝල්පොයින්ට් පෑන් ඇත්තේ නැතිය. බෙලෙක් පිඟානේ කෑ සරළ මිනිස්සත් ඇත්තේ නැතිය. ඒ වෙනුවට ඉන්නේ පට්ටාතල් දෙන, ජෝකර් කෙනෙක්ය. උන්නැහෙට රට තියා පැනලා බාරගත්ත පක්ෂයවත් පාලනය කර ගන්නට බැරිය.

මෙවන් තත්වයක් තුල රට බල්ලාටම යමින් තිබෙන්නේය. කරුමය කියන්නේ බල්ලන්ට යන්න රටක් නැති වීමය. පාස්පෝට් කන්තෝරුවේ ඕල් කන්ට්‍රීස් පාස්පෝට් ඇත්තේත් නැතිය.. ඕල් කන්ට්‍රීස් වලට යන්න වෙලා තියෙන්නේ මිඩ්ල් ඊස්ට් පූස් පාට් එකෙන්ය. නීත්‍යානූකූල පාස්පෝට් එකක් දෙන්න බැරි ආන්ඩුවකින්, තව මොන රෙද්දක් බලා පොරොත්තු වෙන්නදෝ කියා හිතෙනවාය. 

ඕනෑම තැනක නිසි නායකත්වයක් නැත්නම් ඉන්න හැම එකාම පිස්සු කෙලිනා එක අහන්න දෙයක් නෙමේය. රට හැම අතින්ම බංකොලොත් වෙලාය. සංවර්ධනය කියා දෙයක් සිඳු වෙයි නම් ඒ සියල්ල රාජපක්ෂ යුගයේ ඒවාය. මිනිසුන් දැන් නායකයෙක් සොයමින් සිටිනවාය. දකුණෙන් හිට්ලර් කෙනෙකුත්, උතුරෙන් ප්‍රභාකරන් කෙනෙකුත් ඉල්ලන්නේ ඒ නිසාය. හිට්ලර් ඉල්ලු උන්වහන්සේ මෙන්ම, ප්‍රභා ඉල්ලූ විජයකලාද කරන්නේ පිස්සුවක් වුවද, ඒ කියන්නේ කුමක්දැයි කියා අපි සිහි බුද්ධියෙන් යුතුව විමසා බැලිය යුතුය. 

යහපාලනයේ ප්‍රධාන පොරොන්දුවක් වූයේ ජනවාර්ගික ගැටළුවට (ඇත්තටම එහෙම එකක් ඇත්තේ නැතිය.. තියෙන්නේ දරිද්‍රතාවය පිළිබඳ ගැටළුවකි..) විසඳුමක් දෙනවා කියන එකය. දැන් විජයකලා කියන්නේ ඉඩම් නිදහස් කිරීම කීපයක් ඇර, පොරොන්දු වූ කිසිවක්ම මේ නායකයා ඉටු කළේ නැතෙයි කියාය. ඒ කතාව සහතික ඇත්තය. එපමනක් නොව, ඇය කියන්නේ රටේ කිසිවකට උත්තර නොසොයා, පක්ෂයක් බදාගෙන ඉන්නවා කියලාය. ඒ කතාවත් සහතික ඇත්තය. සංවර්ධනය ගැන කතා කරන්න එහෙම එකක් ඇත්තේම නැති නිසා ඒ ගැන ලියනා වචනයක් පවා අපතේ යැවීමක්ය. 

යහපාලනය මාරයි කියා කඩේ යන මොලේ අන්ජබජල් සෙට් එකක් තවමත් ඉන්නවා වෙන්න පුළුවන්ය. එයාලා මාර ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් තියෙනවාය කියා හෙන ටෝක් එකක් දෙනවාය. නමුත් මිනිසුන් ඉන්නේ මේ බහුරූ කෝලම් දෙකම එපා වෙලාය. කරන්නම දෙයක් නැතිව, තවත් මුදල් තොගයක් කාබාසීනියා කර දැමීමට එකෙක් "ග්‍රාම ශක්ති" කියා තොවිලයක් නටන අතරේ, තා එකෙක් "ගම්පෙරලිය' කියා බඩකඩිත්තුවක් නටනවාය. රජයේ නිළධාරින් හා කරනා කිසිම කටයුත්තක්, මුදල් කාබාසීනියා කර දැමීමක් මිස, සත පහක සංවර්ධනයක් සිඳු නොවනා දේවල් බව මෙතක් කළ කී දෑ සියල්ලෙන්ම අවබෝධ වී අවසානය. 

මේ ඇවිල්ලා චන්දයකට පෙර එන කස කරුවෝය. ජහමනයා ඕවා වලින් රැවටූ කාළය අවසානය. මිනිසුන්ට එපා උනොත් එපා උනාමය. ඔයිට වඩා දේවල් දුන් මහින්දව මිනිසුන් විසින්ම එලවා දැමුවා මිස, ඔවුන් එලවා දැමුවේ බටහිර ක්‍රමන්ත්‍රණ කරුවන්වත් ඇමරිකන්කාරයාවත් ඉන්දියාවවත් නොවේය.

දැන් දකුණට මෙන්ම උතුරටත් මේ විගඩම් එපා වෙලා තිබෙනා බව විජයකලා ඊයේ මුලු ලොවටම හඬගා කීවේය. ඇය පට්ටා ගැසුවේ සිරිසේන පමණක්ම නොවේය. වේදිකාවේ උන් උතුරේ මහ ඇමතියාද එජාපයේ මහ ලොකු පොරවල්ගේද සරම ඔලුවෙන්ම ගලවා දැමුවේය. මේ බොරුකාරයන් සියල්ලටම වඩා තම ස්වාමි පුරුෂයා මරා දැමුවා යැයි චෝදනා එල්ලවූ ප්‍රභාකරන් හොඳ යැයි ඇයට කියන්නට සිඳු වීම පිළිබඳව ලැජ්ජා විය යුත්තේ ඇය නොව ඇයට මෙන්ම උතුරේ ජනයාට අදටත් පුක පෙන්වනා සිංහල හා දෙමළ දේශපාලුවන්මය.

දැන් නම් ඉතින් යහපාලනයට බල්ලෙක්වත් ඇත්තේ නැතිය. මෙවන් අසාර්ථක පාලනයක් ලක් ඉතිහාසයේ කිසි දිනෙක තිබුනා කියා අප අසා නැත්තේය. එය ඒ තරම්ම අපුලය.. අප්පිරියය..
ප්‍රේමය හා වෛරය අතර ඇත්තේ කෙස් ගහක දුර යැයි කව්දෝ කියා ඇත්තෙය.
වියෝවෙන් වැලපී සැනසෙන්නන් මෙන්ම, වෛරයෙන් පලිගන්නා උන්ද සිටිනා බව මතක් කරමින් මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය. 


වියෝවූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්
හැඞූදා කඳුලයි දකින්නේ
සිනාවේ සරදම්

ඉවුරු දෑලේ හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුලම බිහිසුණුයි චන්ඩයි



36 comments:

  1. Well said. You got the point mate. Some idiots criticize that lady & that Hitler speech for Gota's birthday but the reality is, the vast majority in this country including Muslims & Tamils feel extremely fedup of this useless government. JVP idiots just doing mud slinging campaigns against others but no proper economic development program has been proposed.

    We vote for My3 in 2015 & now we feel shame about what you country. That JO/ MR goons are bad assholes as well. What you prefer Maathalan? Gota with new set? MR boot lickers might not happy about Gota as he newer let them to do all stupid things done under MR as Gota looks like very strict & extremely result oriented. It's not easy to impress him with simply praising him like MR. Thus I think that Rajapakse camp won't like him to be president as it will be a tough time under GR for stupid political morons.

    Anybody else you propose Maathalan?

    ReplyDelete
  2. අයිසෙ මාතලන්, මේ සේරම ප්‍රශ්ණ වලට මුල රාජපක්ෂ පවුල සහ උන්ගේ වහල් බයි මීහරක් රැල විසින් කරන විවිධාකාර කුමන්ත්‍රන සහ කඩාකප්පල්කාරී ක්‍රියා කියල දන්නෙ නැත්ද?

    රටේ නායකයන් විදිහට රනිල්-මෛත්‍රී හිටියත් තාම රට පාලනය කරන්නේ මහින්දගේ ගෝලයෝ, කැබිනට් එකේ ඉන්න මංගල, ෆොන්සේකා, තෙවරප්පෙරුම, සජිත්, රාජිත වගෙ මරාගේ ගෝලයින්ගේ ඉඳලා සුළු සේවකයින්, ආමි පොලිස් කාරයින් දක්වා සේරම මරාගේ වහල්ලු. ජවිපෙ අනුර හොඳ කෙනෙක් වුනත් ලාල් කාන්තලා වගේ ගොඩක් අය මරාගේ මිනිස්සු. මේ ප්‍රශ්න නැතිකරන්න නම් මරා කල්ලිය සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් ඉවත් කොට සංධානයේ ගොන් රිලවු ටිකත් ඉවත් කර රනිල් යටතේ තනිකර 100% එජාප ආණ්ඩුවක් හදා එය 2040-2050 වත් වෙනකම් ඇදගෙන යන්න ඕන, එතකොට නම් ලංකාව දියුණු රටක් වෙයි.

    ඔය ගැන වද නොවී සින්දුවක් අහන්න මල්ලි, මෙන්න මරු එකක්

    https://www.facebook.com/saaravita/videos/878016609064899/

    මේ වීඩියෝ එකේ ඉන්න හාදයා 2020 මිනී මෝරා ලකුණ ගහන් පොද්දා විදිහට එනවා කියන්නේ ඇත්තද? හැබැයි රනිල් වගේ ලෝකෙම පිළිගත් සුපිරිම වැඩ්ඩෙක්, සුපිරිම මොළයක් ආවොත් නම් මිනිහට ඇපත් නැතිවෙයි.

    ReplyDelete
    Replies
    1. moda kamata beheth netha.

      ammala nam kiyanne , modaya kiyala marala dannai kiyala

      Delete
  3. ටී මහේෂ්වරන් මැරුවේ එල්ටීටීඊ සංවිධානය නෙමෙයි. ඒම ඝාතනයේ පරීක්ෂණ ගැන වාර්තාව කියවා බලන්න.

    විමුක්ති කොටි සංවිධානය තිබෙනා අවදියේ උතුරේ ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, නීති විරෝධී මත්ද්‍රවය භාවිතය වගේ දේවල් උනේ නැහැ.

    හැබැයි කොටි සංවිධානය ඔවුන්ගේ කාඩර්වරු ලෙස ළමයින් බන්දවා ගත්තා. ඒ නිසා ළමයින් ආරක්ෂා උනා කියන එක පිළිගන්නට බැහැ.

    දැන් වර්තමනය බැලුවොත් උතුරේ දේශපාලනය තුල එජාපයටවත්, ශ්‍රී ලනිපයට වත් තැනක් නැහැ. කොටින්ම කිවොත් ද්‍රවිඩ ජාතික සංවිධානයට උතුරේ ඇති කැමැත්තත් ගිලිහීමෙන් පවතින්නේ. එම දේශපාලන රික්තය පුරවන්නේ අන්තවාදී කුඩා පක්ෂ. ඇයගේ කතාවේ යථාර්තය එයයි.

    ආණ්ඩුවට සහය දෙන්න ගිහින් ද්‍රවිඩ ජාතික සංවිධානයත් වැටුනේ අලි අමාරුවක..

    කොහොම නමුත් මට ද්‍රවිඩ භාෂාව බැරි නිසා සහ මෙම මන්ත්‍රීවරිය කල සම්පුර්ණ කතාව දැක්කේ නැති නිසා ඇය කුමක් අදහස් කලාද කියා කිව නොහැකි බව සදහන් කරන්නට කැමතියි.

    ReplyDelete
    Replies
    1. //ටී මහේෂ්වරන් මැරුවේ එල්ටීටීඊ සංවිධානය නෙමෙයි. ඒම ඝාතනයේ පරීක්ෂණ ගැන වාර්තාව කියවා බලන්න. //

      අනේ බන් අතේ පැලවෙන කෙබර කෙලින්න එපා, කොටහේන සිවන් කෝවිලේ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. මහේෂ්වරන් මහතා ‍වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ප්‍රධාන චූදිත ජෝන් පොලින් වෙලින්ටන්ට කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ විසින් මරණ දඬුවම නියම කලා. ටී. මහේෂ්වරන් 2008 වසරේ ජනවාරි 01 වැනිදා උදෑසන කොටහේන සිවන් කෝවිලේ පැවති පූජාවට සහභාගි වී ආපසු යෑම සඳහා කෝවිලෙන් පිටවීමට සූදානම් වූ අවස්ථාවේ කෝවිලේ ප්‍රධාන දොරටුව අසලදී වෙඩි තබා ඝාතනය කළේ.

      2008 වසරේ ජනවාරි මස 1 වැනිදාටී. මහේෂ්වරන් හා කෝවිලේ පූජාවට සහභාගි වූ චන්ද්‍ර කුමාර් මහින්දන් නමැත්තා ඝාතනය කිරීම යන චෝදන මත නීතිපතිවරයා විසින් චූදිතට විරුද්ධව අධිචෝදනා ගොනුකර තිබුණි.

      චන්ද්‍ර කුමාර් මහින්දන් නමැත්තා ව චූදිත විසින් වෙඩිතබා ඝාතනය කළ බවට චූදිතට විරුද්ධව ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් වී නොමැති බව ප්‍රකාශ කළ විනිසුරුවරයා එම චෝදනාවෙන් චූදිත නිදහස් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. මහේෂ්වරන් මහතා ට වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චූදිත වරදකරු කරන බවට ප්‍රකාශ කළේය.

      චූදිතයා ටී. මහේෂ්වරන් මහතාට වෙඩි තැබූ බවට ඇසින් දුටු සාක්කි දෙකක් මගින් හා පරිවේෂණීය සාක්කි මගින් සනාථ කර ඇති බව පිටු 150කින් යුත් සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා සඳහන් කරල තිබ්බා.

      තවද ප්‍රබල සාක්කියක් වූ ඩී. එන්. ඒ. පරික්ෂණය මගින් චූදිත මහේෂ්වරන්ට වෙඩි තැබූ පිස්තෝලයේ තැවරී තිබූ ලේ චූදිතගේ ලේ සමඟ සැස‍ඳෙන බවට සනාථ කර ඇතැයිද විනිසුරු තීන්දුවෙන් ප්‍රකාශ වුණා.

      ඇඟිල්ලකට එල්ල වූ වෙඩි පහරකින් චූදිතගේ ඇඟිල්ල තුවාල වීම නිසා ඔහුගේ අත වූ පිසතෝලයේ එම ලේ තැවරී ඇති බවද තීන්දුවේ සඳහන් වෙයි.

      ත්‍යාගරාජා (ටී) මහේෂ්වරන් ඉතා හොඳ හින්දු බැතිමතෙකි. දහසකුත් රාජකාරි අතරේ ලද කෙටි විවේකය වුව ඔහු භාවිත කළේ හින්දු ආගම සම්බන්ධ පොතක් පතක් කියවීමට ය. එමෙන් ම සෑම සිකුරාදාව ම කොටහේන සිවම් කෝවිලට යන ඔහු පැයක් දෙකක් එහි වතාවත්වල යෙදිණි. ඔහු කෝවිලට නොගිය සිකුරාදාවක් තිබුණා නම් ඒ ඉතාමත් ම කලාතුරකිනි. ඒ තරමට ම හෙතෙම සිය ආගම කෙරෙහි අචල භක්තිමතෙක් විය. කරෙයිනගර් හි යාල්ටන් කැනිස්ටර් විද්‍යාලයෙන් සහ යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු පසුව ව්‍යාපාර රැසක් අරඹා කෙමෙන් කෙමෙන් දක්‍ෂ ලෙස සිය ව්‍යාපාර හැසිර වූ නිසාම කල් යත් ම ඉතා ධනවත් නැව් හිමියකු බවට ද පත් විය. ව්‍යාපාරික කටයුතුවල නියැලෙන අතරතුර ඔහුට එක්සත් ජාතික පක්‍ෂය සමඟ සමීපව කටයුතු කිරීමට අවස්ථාව ලැබුණි. 1999 ජනාධිපතිවරණයේ දී නායක රනිල් වික‍්‍රමසිංහ සමඟ සබඳතා ගොඩනඟා ගැනීමට ඔහු සමත් වී තිබුණි.

      මේ වන විට යාපනයේ දී සමාජ සේවා නිසාම ජනපි‍්‍රය චරිතයක්ව සිටි ත්‍යාගරාජා මහේෂ්වරන් පසුකාලීනව එක්සත් ජාතික පක්‍ෂයෙන් දේශපාලනයට එක් විය. 2000 වසරේ පැවැති මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් වූ ඔහු ජය ගත්තේ ය. පසුව 2001 වර්ෂයේ පැවැති පාර්ලිමේන්තුවරණයේ දී යාපනයේ දිස්ති‍්‍රක් එ. ජා. ප. මන්තී‍්‍රවරයකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් විය. 2001 වර්ෂයේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ ජයග‍්‍රහණය එජාපයට හිමි විය. ඒ අනුව පිහිට වූ එජාප ආණ්ඩුවේ හින්දු කටයුතු බාර අමාත්‍යවරයා ද වූයේ මහේෂ්වරන් ය.

      වැඩ කිරීමට දක්ෂයකු වූ ඔහු මේ කාලය තුළ ඔහු යාපනයේ සංවර්ධන කටයුතු රැසකට මුලපුරා තිබුණි. දකුණේ සහායෙන් උතුරේ ජනයාට ලැබෙන අන් සියල්ලටම මෙන්ම එල්. ටී. ටී. ඊ. ය ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාර්ගයන් ඔස්සේ ජනතාවට උරුමවන එවැනි සංවර්ධන ව්‍යාපෘති රිස්සුවේ නැත.

      ඒ ඔවුන් ගේ කඩාකප්පල්කාරී බෙදුම්වාදී ත්‍රස්ත ව්‍යාපාරයට බාධාවක් වන නිසා ය. 2004 අප්‍රේල් මාසයේ පැවැත්වෙන මහ මැතිවරණයට මහේෂ්වරන් මහතා එජාපයෙන් තරග කිරීමට පෙළඹුණි.

      එහෙත් මහේෂ්වරන් හමුවන එවක එල්. ටී. ටී. ඊ. යේ දේශපාලන අංශ නායක තමිල් සෙල්වන් දෙමළ ජාතික සන්ධානයෙන් තරග කරන්නැයි ඔහුට නියෝග කර සිටියේ ය. එහෙත් මහේෂ්වරන් එය ප‍්‍රතික්‍ෂේප කළේ ය.

      මේ නිසා කිසිදු අණක් ගුණක් නොමැති අති බිහිසුනු එල්ටීයී එකෙන් තමාට එල්ල විය හැකි ජීවිත තර්ජන පිළිබඳ අවබෝධ කර ගත් ටී මහේෂ්වරන් එජාප අපේක්‍ෂකයකු ලෙස කොළඹ දිස්ති‍්‍රක්කයෙන් තරග කිරීමට තීරණය කළේ ය. එහෙත් මේ මැතිවරණ ව්‍යාපාරය ඔහුට සුබදායී වූයේ නැත. මාර්තු මාසයේ 24 වෙනි දින කොළඹ කොටහේනේ ජින්තුපිටියේ දී ඔහු එල් ටී ටී ඊ වෙඩි ප‍්‍රහාරයකට ලක් විය.

      මල් මාලාවක් දැමීම සඳහා සිය හිස පහත් කරද් දී මේ වෙඩි ප‍්‍රහාරයට ඔහු ලක් විය. එහෙත් එයින් ජීවිතය බේරාගැනීමට මහේෂ්වරන් සමත් විය. 2004 පැවැති මහ මැතිවරණය කොළඹ දිස්ති‍්‍රක්කයෙන් ජයග‍්‍රහණය කරන ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් විය.

      Delete
    2. කෙසේ වෙතත් මේ ජයග‍්‍රහණය නිසාම එල්. ටී. ටී. ඊ. ය ටී මහේෂ්වරන් කෙරෙහි උග්‍ර ලෙස වෛර බඳින්නට විය. මේ සම්බන්ධයෙන් මහේෂ්වරන් මහතා ජනමාධ්‍යයට ප‍්‍රකාශයක් කරමින් කීවේ,

      “මම මෙදා පාර මහ මැතිවරණයට ඉදිරිපත් වුණේ යාපනය දිස්ති‍්‍රක්කයෙන් නොවේ. එල්. ටී. ටී. ඊ. ය මට කිව්වේ යාපනය දිස්ති‍්‍රක්කය සඳහා දෙමළ සන්ධානයෙන් ඉල්ලන්නයි. එහෙත් මම එජාපය නියෝජනය කරමින් කොළඹින් ඉල්ලුවා. මම ජය ගත්තා. එල්. ටී. ටී. ඊ. ය මට කැමැති නැත්තේ ඒකයි.”

      තවත් අවස්ථාවක ඔහු මෙසේ ප‍්‍රකාශ කළේ ය.

      ”වෙන මොනව හිතන්නද ඊළඟට එල්. ටී. ටී. ඊ. යට ඉලක්ක වෙලා තියෙන්නේ මම කියලයි හිතන්න වෙලා තියෙන්නේ. එදා (2004) කොටහේනේ දී මට වෙඩි තැබුවේ එල්. ටී. ටී. ඊ. ය කියලා මට සියයට සියයක් ම විශ්වාසයි. මට මොනවා හරි වුණොත් ඒකෙ සම්පූර්ණ වගකීම එල්. ටී. ටී. ඊ. ය බාර ගන්න ඕනේ කියලා මම කියනවා” යැයි ඔහු කියා තිබුණි. ඒ 2004 වර්ෂයේ අග භාගයේ දී ය.

      මෙලෙස එල්. ටී. ටී. ඊ. යෙන් එල්ල වී තිබූ තර්ජන නිසා ඔහුට සිය අදහස් පවා නිදහසේ ප‍්‍රකාශ කිරීමට හැකියාවක් තිබුණේ නැත. මෙලෙස තමා ජීවිතයේ විඳින දැඩි වේදනාව පිළිබඳව ඔහු පාර්ලිමේන්තු ලොබියේ දී සිය හිත මිතුරු මන්තී‍්‍රවරයෙකුට මෙසේ ප‍්‍රකාශ කර තිබුණි.

      ”මගේ මස්සිනාව කොටි හිරකරලා. කප්පම් දුන්නේ නෑ කියලා. එයාගේ කුඹුරු අක්කර 50 ක් තිබුණා. රත්තරන් බඩු සාප්පුවක් තිබුණා. ඒවා දැන් ඔක්කොම නාස්ති වෙලා මස්සිනා නැති නිසා. දැන් නංගි අසනීප වෙලා. එයාගේ දරුවන්ට ඉස්කෝලේ යන්න විදිහක් නැහැ. මුලින් ම නංගිට මස්සිනාව බලන්න යන්න දුන්නා. දැන් එයාටවත් බලන්න යන්න දෙන්නේ නැහැ. බලපං මචං මං මොනවද කරන්නේ කියලා. මේවාට විරුද්ධව කතා කළොත් මටත් මැරෙන්නයි වෙන්නේ.”

      මෙලෙස ටී මහේෂ්වරන්ට ගතකරන්නට වූයේ දැඩි පීඩාකාරී ජීවිතයකි. එසේ ජීවත්වෙමිනුත් ඔහු දෙමළ ජනතාව වෙනුවෙන් හඬක් නැඟුවේ ය. එහෙත් අවසානයේ ඔහුට සිදුවූයේ ඛේදජනක ලෙස බිහිසුනු මිනීමරු එල්ටීටී ඊ උණ්ඩයට මුහුණ දී මරණයට පත්වීමට ය. ඔහුට වෙඩි තැබූ වෙලින්ටන් ප්‍රබල එල් ටී ටී ඊ පිස්තෝල කල්ලි සාමාජිකයෙක්.

      Delete
    3. AnonymousJuly 3, 2018 at 6:23 AM

      ඔහේ දලා තියෙන එක මාගල වගේ දිග නිසා කියෙව්වේ නැහැ. කොපි පේස්ට් කරලා මහන්සිත් ඇතිනේ. බොමුද සිතල වතුර වීදුරුවක්.

      මහේෂ්වරන් ඝාතනයට වැරදිකරු උනේ ඩග්ලස් දේවානන්දාගේ කට්ටිය. දන්නේ නැත්තන් දිනමිණේ ගිය ආර්ටිකල් එකක් කොපි පේස්ට් කරලා නුගත් කම පෙන්නන එපා.

      එක්කෝ ලින්ක් එකක් දාපං ආර්ටිකල් එකට. එතකොට කැමති එකෙක් ගිහිං එක බලයි.

      Delete
    4. //ටී මහේෂ්වරන් මැරුවේ එල්ටීටීඊ සංවිධානය නෙමෙයි. ඒම ඝාතනයේ පරීක්ෂණ ගැන වාර්තාව කියවා බලන්න. //

      මන්ත්‍රී T.මහේෂ්වරන් මරා දමල තියෙන්නේ LTTE එකෙන් නෙවෙයි කියල මෙයානම් හරියටම දන්නවා! මොකද මහේෂ්වරන් මන්ත්‍රී තුමාට ගේම දීල තියෙන්නේත් මේ Ano 2.01 AM වෙන්න බැරිද? ඊට අවුරුදු 4 කට විතර ඉස්සර කොටහේනේ පැවති ජනහමුවකදී මල්මාලයක්‌ දමන මුවාවෙන් ඔහුට වෙඩි තබා ඝාතනය කිරීමටත් මෙයා උත්සහ කරලා බැරි උන නිසා 2008/01/01 දී දේව මෙහෙයකදී මරල දමල තියෙන්නේ. මේක මෙයාගෙම කුමන්ත්‍රණයක් කියා සැකයක් තියනවා?

      Delete
    5. ටී මහේෂ්වරන් ඝාතනයේ පරීක්ෂණ ගැන වාර්තාව අනුව කොළඹ දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‌ෂ මන්ත්‍රීවරයෙක්‌ ලෙස පාර්ලිමේන්තුවට එන මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ යට උපකාර කිරීම අත් හළේය. මේ එක්‌සත් ජාතික පක්‌ෂ ද්‍රවිඩ නායකයා LTTE යට ප්‍රශ්නයක්‌ වන්නේ ඉන් අනතුරුවය. ඔවුහු මහේෂ්වරන්ව මරා දැමීමට තීරණය කළහ.

      මේ ජීවිත තර්ජනය රටේ බුද්ධි අංශ විසින් රජයට වාර්තා කෙරිණි. මහේෂ්වරන් මන්ත්‍රීවරයාගේ ආරක්‌ෂාව තර කළේය. පොලිස්‌ නිලධාරීන් 19 දෙනකුගේ ආරක්‌ෂාව මුලින් ඔහුට ලැබී තිබිණි. එහෙත් 2007 වසරේ දෙසැම්බර් දෙවන සතිය වන විට (රාජපක්ෂ විසින්) මේ ආරක්‌ෂාව ලිහිල් වූයේය. ආරක්‌ෂකයො දෙදෙනෙක්‌ පමණක්‌ මහේෂ්වරන්ට රැකවරණය සැපයූහ.

      ඝාතනය සැලසුම - මේ මුළු කාලය අතරවාරයේම මහේෂ්වරන් ඝාතනය සදහා වන එල්.ටී.ටී.ඊ සැලසුම රහසේ ක්‍රියාත්මකව තිබිණි. මේ ඝාතන ඉලක්‌කය සම්පූර්ණ කර ගැනීම සදහා එල්.ටී.ටී.ඊ විසින් තෝරාගෙන සිටියේ ස්‌වකීය බුද්ධි හා මෙහෙයුම් අංශයේ සාමාජිකයෙක්‌ වූ ජොන්සන් කොලින්ස්‌ වැලන්ටිනෝ නමැත්තෙකි. කිලිනොච්චියේ ධර්මපුරම් හි පදිංචිව සිටි මේ තැනැත්තා එල්.ටී.ටී.ඊ යට සම්බන්ධ වන්නේ වර්ෂ 1992 දීය. පුහුණුව ලබන්නේ කිලිනොච්චියේ ය. පුහුණුවෙන් පසු ඔහු එල්.ටී.ටී.ඊ බුද්ධි අංශය වෙත තෝරා ගනු ලැබිණි. හෙතෙම එල්.ටී.ටී.ඊ පිස්‌තෝල කල්ලිය ද නියෝජනය කළ දක්‌ෂ වෙඩික්‌කරුවෙක්‌ විය. කොළඹ විශේෂ එල්.ටී.ටී.ඊ ප්‍රහාරක මෙහෙයුම් අංශයේද මේ තැනැත්තා කටයුතු කර තිබිණි. ඔහු එල්.ටී.ටී.ඊ ප්‍රහාර රැසකට බුද්ධි තොරතුරු සැපයූ එල්.ටී.ටී.ඊ යේ ප්‍රසාදජනක සටන්කරුවෙක්‌ විණි.

      එල්.ටී.ටී.ඊය ජොන්සන් කොලින්ස්‌ව මහේෂ්වරන් ගේ ඝාතකයා ලෙස තෝරා ගන්නේ ඔහුගේ එම අත්දැකීම් පිළිබද විශ්වාසය තබමිනි. ඔවුන් 2007 ඔක්‌තෝබර් මාසයේදී පමණ තම වෙඩික්‌කරුවාව කොළඹට එව්වේය. ඝාතකයා නවතින්නේ වත්තල ඔලියමුල්ල ප්‍රදේශයේය. ඔහු තම රැකියාව ලෙස තෝරාගන්නේ කුලී වැඩය. ප්‍රධානකොටම හේ පෙනී සිටියේ පින්තාරුකරුවෙක්‌ ලෙසිනි.

      මේ වන විට කොළඹ ප්‍රදේශයේ කොටින්ගේ මෙහෙයුම් භාරව සිටියේ කපිල් අම්මාන් නමැත්තෙකි. ජොන්සන් කොලින්ස්‌ව හසුරුවනු ලැබුවේ මේ එල්.ටී.ටී.ඊ නායකයා විසිනි. කපිල් අම්මාන් නමැත්තාගෙන් ලැබෙන තොරතුරු හා මගපෙන්වීම මත ඝාතකයා මහේෂ්වරන්ගේ ගමන් බිමන් හා හැසිරීම් ගැන තොරතුරු එකතු කළේය. මහේෂ්වරන් නිරන්තරව කොටහේන ශිවම් කෝවිලට පැමිණියේය. ද්‍රවිඩ කතෝලිකයෙක්‌ වූ ඝාතකයා ශිවම් කෝවිල අසල වන පල්ලියට එන අතරම කෝවිල අසලද වැඩි වෙලාවක්‌ ගත කළේය. 2008 ජනවාරි පළමුවැනිදා උදෑසන නිසැකවම මහේෂ්වරන් ශිවම් කෝවිල වෙත එන බව ඝාතකයා විසින් තහවුරු කරගන්නේ ඒ අතරය. කොලින් තම ආසන්නම නායකයා සමග මේ පිළිබදව කතා කළේය. අනතුරුව ඝාතනය තීන්දු විණි.

      මහේෂ්වරන්ගේ මරණය වැනි මරණයකින් ඇතිවන තිගැස්‌මට වඩා වැඩි කම්පනයක්‌ ඇති කිරීම ජනවාරි පළමුවැනිදා ඝාතනයේ එල්.ටී.ටී.ඊ අභිප්‍රාය වූයේය.

      Delete
    6. Cont'd

      මහේෂ්වරන් ඝාතනය - එල්.ටී.ටී.ඊ කොළඹ ප්‍රදේශ මෙහෙයුම් නායක කපිල් අම්මාන් 2007.12.31 දින රාත්‍රියේ දී ඝාතකයා රැදී සිටි වත්තල ඔලියමුල්ලේ කුලී නිවසට පිස්‌තෝලයක්‌ එවනු ලැබුවේය. 2008 ජනවාරි පළමුවැනිදා උදෑසන මේ කුඩා ප්‍රමාණයේ පිස්‌තෝලයත් සමග ශිවම් කෝවිලට පැමිණි ඝාතකයා දෙනෝදාහක්‌ බැතිමතුන් අතර මුහුවී ගියේය.

      මේ අතර අලුත් අවුරුද්දේ ජීවිතය ආරම්භ කිරීමට පෙර දෙවියන් දකිනු සදහා අපේක්‌ෂා කළ පරිදිම ටී. මහේෂ්වරන් මන්ත්‍රීවරයා ශිවම් කෝවිලට පැමිණියේය. ඔහුගේ ආරක්‌ෂාව දිය කර හැර තිබුණද සන්නද්ධ පොලිස්‌ භටයින් දෙපළක්‌ ඔහු සමග පැමිණියහ. එහෙත් ආයුධත් සමග කෝවිල් බිමට ඇතුළුවීම නොරිසි බැවින් ඔවුහු කෝවිල් දොරකඩ විමසිල්ලෙන් පසුවූහ. කෝවිල තුළ ආගමික වතාවත්වල යෙදෙමින් සිටි මහේෂ්වරන් අසලට බැතිමතුන් අතර සිටි සුදු අත්කොට කමිසයකින් සැරසුණු අයෙක්‌ සමීප වන්නේ මේ අතරය. හෙතෙම එක්‌වර සගවාගෙන සිටි මයික්‍රෝ වර්ගයේ පිස්‌තෝලයක්‌ ඇදගෙන මන්ත්‍රීවරයාගේ හිසට හා පපු ප්‍රදේශයට වෙඩි එල්ල කළේය. මන්ත්‍රිවරයා ඇද වැටුණේය.

      බැතිමත්හු විලාප නගමින් හිස්‌ ලූ ලූ අත දිවයන්නට වූහ. ඒ මිනිසුන් අතරටම ගිය ඝාතකයා කෝවිලේ ප්‍රධාන දොරටුවෙන් පැන යන්නට උත්සාහ කරනු ලැබීය. එහෙත් මන්ත්‍රීවරයාගේ ආරක්‌ෂකයන් දෙපළ සිටියේ ප්‍රධාන දොරටුව අසලය. ආරක්‌ෂක නිලධාරීහු ඝාතකයාට වෙඩි තබන්නට වූහ. ආරක්‌ෂක නිලධාරීන්ට පෙරළා වෙඩි තබමින් ඝාතකයා කෝවිල තුළට වැදිනි. වෙඩි ප්‍රහාරය වැද ආරක්‌ෂක නිලධාරියාද තුවාල වූයේය. එහෙත් හෙතෙම ඝාතකයා ලුහු බැන්දේය. ඔහුද උදරය ප්‍රදේශයට වැදුණු වෙඩි පහරකින් තුවාල වූයේය.

      කෝවිලේ සිදුවූ යුද්ධයෙන් එක්‌ අහිංසක තරුණයෙක්‌ වෙඩි වැදී මියගොස්‌ සිටියේය. බැතිමත්හු කීපදෙනෙක්‌ තුවාල ලදහ. මහේෂ්වරන් මන්ත්‍රිවරයා රෝහල වෙත රැගෙන යනවිටත් මෙලොව හැරගොස්‌ තිබිණි.

      මේ අතර කෙසේ හෝ කෝවිල් බිමෙන් පැනගත් ඝාතකයා මග දිගේ තරමක්‌ දුර දිවගොස්‌ ඇදවැටුණේය. මහ මග ගමන්ගත් ත්‍රි රෝද රථයකින් ඔහු ජාතික රෝහලට රැගෙන යන ලදුව අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කෙරිණි. කොළඹ අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන් ඝාතකයාව අත්අඩංගුවට ගන්නේ මෙසේ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදීය.

      මේ අත්අඩංගුවට පත්වීම විශේෂ සිදුවීමක්‌ විණි. මෙතෙක්‌ මෙවැනි ඝාතන ඉලක්‌ක සපුරා ගැනීමට එල්.ටී.ටී.ඊ ය යොදාගනු ලැබුවේ ස්‌වකීය මරාගෙන මැරෙන කාඩරයින්ය. එහෙත් මේ ඝාතකයාට සියදිවි හානි කරගැනීමේ වුවමනාවක්‌ නොතිබිණි.

      ඝාතනයට සති කීපයකට ඉහතදී මහේෂ්වරන් මන්ත්‍රීවරයාගේ ආරක්‌ෂාව දියකර හැරියේය. මේ තත්ත්වය තුළ මේ ඝාතනය සිදුකළේ එල්.ටී.ටී.ඊ විසින්මදැයි අයෙක්‌ සැක පහළ කළහ. වර්ෂ 2006 දෙසැම්බර් මස 24 වැනිදා මඩකලපුව ශාන්ත ජෝශප් පල්ලියේදී දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් වෙඩි තබා ඝාතනය කළේය. මිනීමරුවා හෙළි නොවිණි. පසුව දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජ රවිරාඡ් බොරැල්ලේදී ඝාතනය විය. තවමත් ඝාතකයින් දන්නේ නැත. එහෙත් මෙවර ඝාතකයා කොටු වී සිටියේය.

      අවසානයේදී සියලු තතු කතාවක ආකාරයෙන් හෙළිවන්නට වූයේය. තෙවසරකට ආසන්න කාලයක්‌ මහේෂ්වරන් ඝාතන නඩුව ඇසිනි. අවසානයේදී ජොන්සන් කොලින්ස්‌ වැලන්ටිනෝ නමැති එල්.ටී.ටී.ඊ ඝාතකයා මේ බිහිසුණු මිනීමැරුමේ වරදකරු විය. ඔහුව එල්ලා මරා දමන්නට තීන්දු විණි.

      Delete
    7. oba thuma utube gihilla VIDEO eke ballama liwaa nam thamai, INTELIgent wenne

      Delete
  4. The speech was just a planned drama,
    mathalan is one of the actors in it
    we all know who will benefit from the out come of that speech .. yes you are right .. its gota ..
    Mathalan just proved it by commenting his view about gota and professionals .. hitler does not like professionals and professionals will not work with hitler ..

    ReplyDelete
    Replies
    1. Really ?? Planed by whom ?

      Delete
    2. Dont be a slave ..!!

      Delete
    3. Its a planned drama by UNP slaves with the help of their sub-contractor JVP. UNP slaves used to make false propaganda about this, as Wijeyakala done this speech on behalf of MR & trying to cheat people but I don't think that anybody will believe this except few brainless UNP old foxes who bark all the time.

      Delete
    4. @ Asanga,

      සිරිසේන දැන් කල්පනා කරනවා ඇත්තේ මම මොකට මේ කරුමෙට කර ගැහුවද කියල.
      මනුස්සයව වටේ ඉදන් චන්ද්‍රිකා ඔය වලට තල්ලු කරා මිසක්, කලින් ඉදන් පනින්න ඉදපු මනුස්සයෙක් නෙමේ නේ.සිරිසේන පුළුවන් නම්, ආයෙම මහින්දව ජනාධිපති කරලා ඇමති කට්ටක් කරන් ඉන්න පුළුවන් ඩීල් එකක් ගහයි. එත් එහෙම එකක් කරන්නත් බෑ.

      රනිල්ට ඕන දේ ව්‍යවස්ථාව වෙනස් කරගන්න,හැබැයි ඕක කරන්න ගිහින් නාගත්තොත් යු.එන්.පී එකේ සිංහල චන්ද වලින් විතරක් එන මන්ත්‍රීලාට අබ-සරණයි.
      රනිල්ට එහෙම ප්‍රශ්නයක් නැ, කොළඹින් එන ගොඩ දෙනෙක්ට ඔය ප්‍රශ්නේ නෑ.

      එහම උනොත් සජිත් සහ සිංහල චන්ද වලින් එන යු.එන්.පී කස්ටියට පෙනෙන තෙක් මානෙක හරිහමන් බලයක් නම් එන් නෑ...

      Delete
    5. I wonder about your knowledge in German History, please try to read it and then recorrect your comment On so call fact pls.

      Delete
  5. Ranil ochchara honda nam , pahugiya anduwe gola balayo ayin krnna kramayak hadanne naththe ai,, jahapalane ganaweth oya wage bahubootha kiyala thamai

    ReplyDelete
  6. දොඩවන්න කලියෙන්
    යාපනේ වෙනුවෙන්
    මේ ප්‍රශ්න දෙකටත්
    දෙන්නකෝ උත්තර
    රත්තරනේ විජයකලා

    කාර් පර්මිට් එක වික්කද
    ලිස්ට් එකේ ඉන්නවද
    එකසිය දහ අටේ
    අර්ජුනයගේ

    ReplyDelete
  7. දැන් ඉතිං මක් කොරන්නද?
    ලංකාවේ එක් එක් කොටස් පාලනය කරන්නේ එක එක උන් ඔන්ට ඕනා හැටියට.
    පේන විදියට නිල බලය තියෙන මුන්ට වඩා රටේ වැඩි හරියක් අදටත් මහින්දට කන්ට්‍රෝල්.

    අළුත්ම පුවත
    අපිට දිය වැඩියාව හැදෙන එක වලක්වන්න නූතන සේනක බිබිලේ අළුත් පනතක් ගේනවලු.

    සියළු ආහාර නිශ්පාදන කේක්, බිස්කට්, චොකලට්, ටොෆී, අයිස්ක්‍රීම් ඇතුළු සියල්ලම අඩංගු සීනි ග්‍රෑම් එකක් සඳහා රු. 1.00 ක බද්දක්.

    ඒ ආස්‍රිත සියළු ව්‍යාපාරික ආයතන වලට අබ සරණයි!

    ReplyDelete
    Replies
    1. උන්ට ආතල් ගන්න සල්ලි නෑ...

      Delete
  8. මට අර නම් දෙක පට්ට ආතල්.. එකක් 'ග්‍රාම සේවක ශක්ති'.. අනික වික්‍රමසිංහ කෙනෙක්ගෙම.. හැක්..

    ReplyDelete
  9. Today (4th July) gota will have lot to talk about prabakaran at his opening meeting
    this is why she had made that comment , vasu, vigneshwaran, vijayakala all are in one side..
    Today Buddhist monks ( MR and Gota's supporters ) will pour petrol on to this burning issue and will create a massive fire as well, to start another civil war ..
    due to all this SL people will forget how mahinda has got 7.6bn from china .. this is how the MR regime will fool the patriot Buyyas in Sri Lanka ...

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න බැහැ. බහුතරයක් දෙමළ ජනතාව කොටි සංවිධානයට අකමැතියි කියලා අපි කිවුවත් ඇත්ත කතාව නම් උතුරේ බහුතරයක් දෙමළ ජනතාව කොටි සංවිධානය වෙනුවෙන් පෙනි ඉන්නවා. ඇතැම් විට ඔවුන් එළිපිට එ දේ නොපෙන්නුවත් හිත ඇතුලෙන් එහෙමයි. අපි අපිව සනසන්නට මිත්‍රශීලී ලෙස ඔවුන් දැක්කත් නීරස ඇත්ත එකයි.

      කෙසේ වෙතත් රටේ ජනතා නියෝජිතයෙක් තහනම් ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනිසිටියොත් දේශපාලන බලය ඉවත් කල යුතුයි.

      සාමාන්‍ය වැසියෙකු නම් චන්ද බලය පුරවැසි බලය අහෝසි කල යුතුයි. එවිට සුළුතර ජනතාවගේ චන්දේ මත බහුතරය පවා දීමට දේශපාලනයෙන් කාටවත් බැහැ.

      Delete
  10. කොටි සංවිධානය නැවත ඇති කල යුතු යයි රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් විසින් කරන ලද ප‍්‍රකාශය අනුමත කල නොහැකි බව පවසන එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මන්ත‍්‍රීවරයා ඇය විසින් මහින්ද රාජපක්ෂට දේශපාලන වාසි ගැනීමට මෙවැනි කතාවක් කරන්නට ඇතැයි සදහන් කරයි.

    නිව්යෝක් ටයිම්ස් වාර්තාව ගැන ඇතිව තිබෙන සාකද්දාව යටපත් කිරීම සදහා මහින්ද රාජපක්ෂ විසින් කරවන ලද්දක් බවත් ඔහු පැවසීය.

    වත්මන් රජය කිසිවිටක යලි ත‍්‍රස්තවාදයට ඉඩ නොතබන බවද පවසන මන්ත‍්‍රීවරයා ඇමතිනී විජේකලා දකුණේ අන්තවාදීන්ගේ පංගුකාරයෙක් බවත් සදහන් කරයි. ජනතා ශුභසිද්ධිය ගැන කිසිම හැඟීමක් නොමැති මහින්ද රාජපක්ෂ විසින් දේශපාලන වාසි ගැනීමට කරවන ලද්දක් බවත් ඔහු පැවසීය.

    ReplyDelete
  11. මාතලන්,

    රටට බලාපොරොත්තු තැබිය හැකි නායකයෙකු පේනතෙක් මානයක නැත. මොලයක් යයි සිතූ රනිල් අලයක් වී හමාරය. අප්පොච්චි එක්ස්පයර්ය, දැන් කෙලින්නේ පිස්සුමය. පරණ පිනක් කඩා වැටුනු සිරා ගොයියා පොරටෝක් ඔස්තාද් කෙනෙකු බව ඔප්පු කොට හමාරය. මේ ඇමති මණ්ඩලයේ ඉන්නේ නොම්මර එකේ වැඩ බැරි දාසල ටිකකි. හින්නික්කිතර අමාත්‍යංශයක් නා ගන්නා මුංට රටක් දුන්නොත් කොහොමට හිටීද?

    අමාත්‍ය මණ්ඩලේ ඩිංගක් හරි වැඩ කරන සජියා ගෙවල් ගහනවා වගේ සිල්ලර වැඩට මිස රටක නායකත්වයට නොමේරු ළදරුවෙකි. සජියා රට කරවන්න සුදුසු නම් නාමල්ට අගමැති කම දුන්නාට කම් නැත. සජිත්, නවින්, නාමල් ඔක්කොම තාත්තලාගේ පහනින් එලිය බැලූ ගොන් පුත්තුය.

    එහෙම බැලුවම අපිට අත්හදා බැලීමට වත් තියෙන එකම ඔප්ෂන් එක ගෝඨය. හැබැයි ඊලඟ ඡන්දයේදී මහින්ද පාර්ශවයේ ජයග්‍රහණයත් ගෝඨාගේ ආගමනයත් වැලැක්වීමට ලොවෙත් නැති තුරුම්පු ගැසුවත් නොහැකිවනු ඇත. (එහෙම වෙන්න නම් සෙට් එකම නිවාස අඩස්සියට දාන්න වෙනවා. එයින් මෙපිට සොලියුසොන් එකක් නෑ.) දැන් රඟදැක්වෙන්නේ 2004 කාළයේ වුනුදේවල් වගේම දේවල්.

    කොහොම වුනත්, මහින්ද පාර්ශවයේ ගෝඨාගේ සෙට්එක එනව නම් හොඳයි. මේ ගෝතයෝ දෙන්නට දුන්නට මුන්ට කොන්දක්වත්, හැකියාවක් වත් නෑනෙ. රනිල් රයිට්-ඕෆ් කරන්න කාලේ හරි. මෛත්‍රී ඩී බී විජේතුන්ග වගේ පිනට ජනපති වෙලා ඔක්කොම කාලා ගිය එකෙක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. nodanna dawiyanata wada danna yaka hondai !!!!!!!!!!!!!!!!!

      sirata wadiya GOTA yam dayak kala , keti kalayata

      appaya 45 indala parapu deyak ahala nomatha, Presid nt wenna kalian, aiyoo ara nethi karapu beheth panatha . athatamma....

      45 eketa nidal giya ganith apita honda una nee....Lajai da dan..?

      Delete
  12. මාත SLVLOG මාධ්‍යවේදීන්ට තර්ජනය කල ජනමාධ්‍ය ඇමතිගේ කාර්යය මණ්ඩල ප්‍රධානී තුසිත හල්ලොලූවට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටී.

    මේ බව සදහන් කරමින් ඔවුන් විසින් නිකුත් කර ඇති නිාවේදනය මෙසේය.

    ///SLVLOG මාධ්‍යවේදීන්ට තර්ජනය කල ජනමාධ්‍ය ඇමතිගේ කාර්යය මණ්ඩල ප්‍රධානී තුසිත හල්ලොලූවට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරනු!

    ඉතාමත් කෙටි කාලයකින් අන්තර්ජාලය හරහා දේශිය හා විදේශිය වශයෙන් ඉතා ජනප්‍රියත්වයක් අත්කරගෙන සිටින දේශපාලන කතිකාව (Political Vlogger) වන SLVLOG මාධ්‍යවේදීන්ට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ කාර්යය මණ්ඩල ප්‍රධානීයා ලෙස හදුන්වන තුසිත හල්ලොලූව නැමැත්තා දුරකතනය ඔස්සේ තර්ජනය කිරිම වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය තරයේ හෙළාදකිමු.



    SLVLOG විසින් අනාවරණය කර ඇති හඬ පටය මගින් අසභ්‍ය වචන භාවිත කරමින් හා දැඩි තර්ජනාත්මක ස්වරූපයෙන් SLVLOG කාර්යය මණ්ඩලය ඉලක්ක කර තුසිත හල්ලොලුව තර්ජනය කර කරන ආකාරය ඉතාම පැහැදිළිව හඳුනා ගත හැකි අතරම SLVLOG කාර්ය මණ්ඩලයේ ජීවිත වලට මරණීය තර්ජන පවා එල්ලකරන ආකාරය හදුනගත හැකිය. දේශපාලන බලය පදනම් කර ගනිමින් මෙලෙස තර්ජනය කරන මෙම අමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානියා නීතිය හමුවට වහාම ගෙනවිත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ මතයයි.

    එසේම එම හඬ පටය මගින් පැහැදිළිවම අසභ්‍ය වචනයෙන් තර්ජනය කිරීමට අමතරව “ඕකාගේ තට්ටේ පලනවා ..”, ” පුලුවන් නම් ගුවන්තොටුපලෙන් ලංකාවට ඇවිල්ලා පෙන්වන්න ” යනුවෙන් පවසන ආකාරය හඳුනා ගත හැකිය. ලංකාවේ අපරාධ නීතිය අනුව පුද්ගලයෙකුට එරෙහිව තර්ජනය කිරීම අපරාධමය වරදක් ලෙස පිළිගෙන ඇති අතර, රටේ යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, ස්ථාපිත කිරීම පිළිබඳව මහත් උද්දාමයෙන් කතා කරන ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ කාර්යය මණ්ඩල ප්‍රධානියා විසින් ම අමාත්‍යවරයාගේ දේශපාලන බලය ඇඟට ගෙන, ඔලුවට ගෙන මෙලෙස මාධ්‍යයට හා මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම ඉතාම පිළිකුල් සහගත ක්‍රියාවක් බව පවසනු කැමැත්තෙමු.

    රටේ පුරවැසියන්ට, මාධ්‍යවේදීන්ට එලෙස ජීවිත තර්ජන කිරීමට හා අසභ්‍ය වචනයෙන් බැන වැදීමට තුසිත හල්ලොලුවට බලය දුන්නේ කවුරුන්දැයි අපි ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් අසනු කැමැත්තෙමු. එසේම මෙවැනි දෙවන පෙළ දේශපාලන අතකොළුවන් තම නොහැකියාව වසා ගැනීමට දේශපාලන බලය යොදා ගෙන තර්ජනය කිරීම ඔවුන්ගේ බියගුළුකම ප්‍රදර්ශනය කිරීමක් බවත් අප අමුතුවෙන් කිව යුතු නොවේ.

    SLVLOG යනු YouTube නාලිකාවක් ලෙස ක්‍රියාත්මක වන රටේ ප්‍රසිද්ධ විකල්ප ධාරාවේ සමාජ ජාලාවක් වන අතර රටේ දේශපාලනය හසුරුවන පුද්ගලයන් විසින් කරනු ලබන දුෂණ,වංචා මෙන්ම සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින ජනප්‍රිය තලයේ වැඩසටහනකි. එසේ තිබියදි ආණ්ඩුව විකල්ප මතවාදි මාධ්‍ය මර්දනය කිරීමට යොදා ගන්නා අලුත්ම මෙවලම වන්නේ මෙලෙස තම හෙංචයියන් හරහා දුරකතනයෙන් මාධ්‍ය වෙත අසභ්‍ය වචනයෙන් බැන වැදීම හා තර්ජනය කිරීමද?යන්න අපට ප්‍රශ්ණාර්ථයකි.

    පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේද මේ අකාරයටම දේශපාලන බලය අවභාවිතාවේ යෙදවු දේශපාලඥයින් මෙන්ම ඔවුන්ගේ අතකොළුවන් ඕනෑතරම් මේ රටේ ක්‍රියාත්මක වු අතර එකළ පාලකයන් ඒ සම්බන්ධයෙන් අනුගමනය කළේ ගොළු බිහිරි ප්‍රතිපත්තියකි. ඒ හේතුව නිසාම මේ රටේ මාධ්‍ය ආයතන බෝම්බ ගැසිම් මෙන්ම ගිනී තැබිම් වලට ලක් වූ අතර මාධ්‍යවේදීන්ට තර්ජනයන්ට ලක්විමට මෙන්ම තම ජිවිත වලින්ද වන්දි ගෙවිමටද සිදුවු අවස්ථා අපමණය.

    රටේ ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ කාර්යය මණ්ඩල ප්‍රධාණියා ලෙස පෙනී සිටිමින් මෙම තුසිත හල්ලොලූව නැමැත්තා මේ අකාරයට සමාජ ජාලා මාධ්‍යවේදින්ට තර්ජනය කිරිම රටේ කිසිදු පාර්ශවයක් අනුමත නොකරයි.එමෙන්ම රජයේ මතවාදයට පටහැණිව ක්‍රියා කරන වරද දුටු තැන විවේචනය කරන මාධ්‍යවේදීන්ට තර්ජනවලට මුහුණ දීමට සිදුවිම යහපාලන ප්‍රතිපත්තියක්ද නොවන බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ අදහසයි.

    එම නිසා වහාම SLVLOG මාධ්‍යවේදීන්ට තර්ජනය කල තුසිත හල්ලොලූව නැමැත්තාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් තවදුරටත් රටේ දේශපාලකයන්ට හෝ ඔවුන්ගේ අතකොලුවන්ට රටේ මාධ්‍ය නිදහසට අත තැබිමට ඉඩ නොතබන ලෙසත් අපි වගකිවයුතු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිමු.

    කැදවුම්කරු
    දුමිදු දිසානායක
    වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය -ශ්‍රි ලංකා//

    ReplyDelete
    Replies
    1. ෆෝන් එකෙන් එකෙක් තට්ටේ පලනවා කියලා දෙවැනි පාර්ශයට කීවහම මෙච්චර බයවෙලා නම් ආයුදයක් පෙන්නලා තර්ජනය මුණට කොලොත් මුන්ට ගු යයි අපොයි මෙහෙම බයගුල්ලෝ හු... හු...

      Delete
    2. ඊ..යා....!!!! ඌරො ........අනේද කියන්නේ බොලොග් විචා හිටියනම් මොනවා කියයිද

      Delete
  13. buddy

    it is sickening... There are no alternatives. As a person who can see all sides I can only say that the country is doomed. Poor Mother lanka.. She Couldnt produce a Lee Kuan Yew ... All rogues..

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. Gota with professionals,, Mathalan. ගොඩාක් කාලෙකට පස්සේ මාතලන්ගේ පොස්ට් එකක් (කියවන්න ලැබුනේ) කියෙව්වෙ.මාතලන් ගෝටා ට සපෝට් කරලා ලියල තියෙද්දී පුදුම හිතුන මේ ඉස්සර හිටපු මාතලන්ද කියල. හැකියවනම් එදා වගේම සුපිරි. හැම දේම වෙනස් වෙන එක පුදුමයක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. s. fern du ta therunada dan...?
      S.B. Disa awa kiyanne itihn gota presi dont una thami

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න