.

.

Feb 22, 2019

නිර්මාල්ගේ කතිකා ත්‍රිත්වය ගැන මාතලන්ගේ සත්දෙක...


නිර්මාල්ගේ කතිකා ත්‍රිත්වය ගැන මගේ සත්දෙක.
*****************************************

ලංකාවේ දකුණේ ‍ඉදිරි දේශපාලන අනාගතය නිර්මාල්  පරිකල්පනය කරන්නේ...
දේශපාලන කතිකා තුනක් ඇසුරෙනි. ඒවා මෙසේය:

* ගෝඨාභය රාජපක්ෂ කේන්ද්‍රකරගත් වියත්මග කතිකාව

* ජවිපෙ කේන්ද්‍ර කරගත් ජාතික විද්වත් සංවිධාන කතිකාව

* Vidarshana Kannangara විසින් සංකල්පගත කර ඇති ජන අරගල වමාංශය පිළිබද කතිකාව

අප දැන් මේ කතිකාවන් තුනම දැක ඇත්තෙමු... මින් අප වඩාත් කැමති කන්නාගේ කතිකාවට වුවත් එය එජාපයේ බලල් අතක් බව පැහැදිලිව පෙනේ.. මීළඟ චන්දයකින් එජාපයේ ඇට දෙකද නැතිවනාතර.. ඉන්පසු අපේ සිහිණය වන කන්නාගේ කතිකාවට නැවත එක් විය හැකිය...

අද ලෝකයට ගැලපෙන, ඝෝඨා අප රටට හදුන්වා දුන් පොලිටිකල් ෆෝරම් කල්ට් එක කොපි කරමින් ජෙප්පන් විසින් සුගතදාස ඉන්ඩෝර් එකේ පැවැත්වූ  ජාතික විද්වද් සභාවේ උන් අති බහුතරය පවතින සිස්ටම් එක තුල ෆේල් වූ කටින් බතල හිටවන සෙට් එකක් ය... පෝය දවසෙත් ටයි දාගෙන ආ ඒ ගල් යුගයේ විද්වතුන් සියල්ල තියරි කාරයෝ පමණක් වනාතර... ඔවුන් එජාපයේ රනිල් රවී හර්ෂ හා එරාන්ට සමකළ හැකි බයිලා කාරයෝය...
උදා : ඇමතියා සීගිරියට ගඩොල් ඇදීම

එහෙත් හොටෙල් ෂැන්ග්‍රිලාහී පැවති ෆෝරමයෙන් පසු පොලිටිකල් ලෝකය උඩුයටිකුරු වූ අතර බැසිල්ගේ පමණක් නොව මහින්දගේද බඩ බුරුල් වී ගියේය. රටේ ප්‍රමුඛ පෙලේ ව්‍යවසායකයන් සියල්ල රැස්වූ එය රටේ අනාගතයයි...

රටේ දියුණුව ඇත්තේ හිගන ගොවීන් අතරවත් කම්මැලි කම්කරුවන් අතරවත් නොව පෞද්ගලික ව්‍යවසායකත්ව මතම පමණමය.

මාතලන් කියන්නේ...,

අද නන්නපෝල් වී ඇති රටේ ආර්ථිකය ගොඩගෙන, රට දියුණුව කරා ගෙන යා හැක්කේ, එම පිරිසට පමණමයි කියලාය .....

9 comments:

  1. *ජැෆ්නා අරූන් කේන්ද්‍ර කරගත් හිරු/දෙරණ කතිකාව

    ReplyDelete
  2. ඈ මාගේ, ඔය සැංග්‍රිල්ලා එකට ආවා කියන එවුන් හැමදාම හැම පැත්තටම සල්ලි දීලා තමන්ගේ ජාම බේරා ගන්න හාල් පාරුවො . උන් ට රට ගොඩගන්න පුළුවන් නම් මෙතෙක් කල් මොනවද උනේ.?

    ReplyDelete
  3. Thanks for finally talking about >"නිර්මාල්ගේ කතිකා ත්රිත්වය ගැන මාතලන්ගේ සත්දෙක..." <Liked it!

    ReplyDelete
  4. 100% agree, we have to take risk with Gota (as I said few times) he could be our Kuan Yew. What do we have loose, after Mr Siraisena (people call MS dog, starting from awamangala to taxi driver) Whatever said and done he is our President, he must be respected.

    We need a leader with personality (people were scared of LKY, he will do what he say. Minister M Samarasinghe went to US embassy and reveled all what President said (refer Wikileaks)If Gota was President, will awamangala call him 'Para Balla)? Will M Samarasinghe will go to US embassy? no way man.

    Let's take a risk with Gota in 2020, take a risk with Ranja. (now all bila alligations will come out about unproven, or only proven by exiled journalists)Yes, we know about all these allegation since 2015.

    ReplyDelete
  5. මාත මචෝ,

    මේ තියෙන්නේ මන්තුමාගේ ටසිරිලකට ගැලැපෙන බව හිතෙන අලුත් විවස්තා පොජ්ජ, මේ ගැන උඹ තුමා මොකෝ කියන්නෙ? මේක හොඳෙයි?

    01. ලංකා රාජ්‍යය ශක්තිමත් බලවත් විධායක බලතල සහිත ජනාධිපතිවරයෙකු යටතේ තිබිය යුතුය. (ජනපතිධුරයට හරියට කොන්ද පන ඇති වැඩක් කරන්නට මොළේ ඇති, බුද්ධිමත්, මිනිසුන්ට කන්දෙන, පොදුජනයාගේ ජීවන තත්වය උසස් කිරීමට කටයුතු කරන පුද්ගලයෙක් පත්කරගැනීම ජනතා වගකීමයි.)

    02. එය එක් පාර්ලිමේන්තුවකින් පමණක් පාලනය විය යුතුය.

    03. පලාත් සභා අහෝසි විය යුතුය. (මෙලොවින් මෙලෝ වැඩකට නැති රජිව් ලොක්කා අපේ පිටට ප්ටෝන ලද වියදම් අධික සුදුම සුදු අලියෙකි. නැතුවට අවුලක් නැති බව රනිල් උතුමෝ ක්‍රියාවෙනම ඔප්පු කොට අවසන්ය)

    04. ගම් සභා, නගර සභා, ප්‍රාදේශීය සභා තවත් ශක්තිමත් විය යුතුය. මධ්‍යම රජයේ ප්‍රතිපත්ති හා තීන්දු ක්‍රියාවට නැගීමේ ඔවුන් සතු හැකියාව හා ශක්තිය වැඩි කළ යුතුය. ප්‍රාදේශීය වැසියන්ට තම ගම්ප්‍රදේශයේ සිට සියලුම රාජ්‍ය සේවා ලබාගැනීමට හැකිවී කොළඹ ඇවිත් බොරුවට රස්තියාදු වීමෙන් මිදියහැකි විය යුතුමය.)

    05. පාර්ලිමේන්තු ආසන ගණන 25 කට සීම කළ යුතුය. එක් දිස්ත්‍රික්කයකින් එක මන්තිරීවරයෙකු හොඳටම ප්‍රමාණවත්ය. (දැන් එක එක හල්පාරුවන් වහන්සේලා 225 ක් සිටියා කියා කරණා මල හත්ඉලව්වක් නැත.)

    06. මන්ත්‍රීවරයකු වීම සඳහා අවම අධ්‍යාපන/වෘත්තීය සුදුසුකම් හා උපරිම වයස් සීමාවක් නිර්ණය කළ යුතුය. (අපොස සා/පෙ හෝඅ වෙනත් ප්‍රයෝජනවත් වෘත්තීය සුදුසුකමක් [කාර්මිකයන්/ මේසන් වරුන්/ පෙදරේරුවන් වඩුවන් විදෙස් ශ්‍රමිකයන්, සංචාරක සේවා සපයන්නන් අලෙවිකරුවන් විධායක නිලයන්ගේ සිට ඩොකාලා, ලෝයර්ලා සහ දක්ෂ ඉන්ජිනේරුවන් වැනි අය දක්වා සියල්ලටම විවෘත නමුත් හැබැයි මාල හොරුන්, නිකමුන් ආදීන්ට නෝ චාන්ස්] සහ උපරිම වයස අවු. 65-70න් ලිමිට් විය යුතුමය.)

    07. ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරනය හා පලාත් සභා චන්ද එකම දිනක පැවැත්වීමේ ක්‍රමයක් සැකසිය යුතුය. (සල්ලි ඉතුරු වෙයි මයෙ හිතේ -ඇමරිකාවෙත් එහෙමයිනෙ, උසස් මට්ටමේ එලෙට්‍රොනික් ක්‍රමයෙන් මුද්‍රණ වියදම් උනත් පාලනය කරගත හැකියි.).

    08. මන්ත්‍රීවරුන් සඳහා දැන් ආරෝපණය කොට ඇති අසීමිත බලතල ඉවත් කොට ඔවුන් ජනතාසේවක (ග්‍රාමසේවක වගේ) මට්ටමට දැමිය යුතුය.

    09. පක්ෂ දේෂපාලනය අවසන් කළ යුතුය. සුදුසුකම් ඇත්‍නම් ස්වාධීනව චන්දය ඉල්ලා පාර්ලිමෙන්තු හෝ පලාත් පාලන ආයතනවලට යෑමේ ක්‍රමයක් සැකසිය යුතුය. සියලු පක්ෂ තහනම් කොට අහෝසි කර දැමිය යුතුය.

    එතකොට අපි හැමෝටම ලක්ෂෙට කොඩි දැමිය හැකිය කියා මට සිතේ.

    ReplyDelete
  6. මාතලන්

    පෝය දවසෙත් ටයි දාගෙන ආ ඒ ගල් යුගයේ විද්වතුන් .... පොයට ටයි දාන්න තහනම් ද ?

    ඔවුන් කුමන ආකාරයකින් සරසි පැමිණියත් එය බොට අවුල්ද

    ReplyDelete
  7. මාත

    //රත්ගම ව්‍යාපාරිකයින් ඝාතනයට සම්බන්ධ පොල සියේ 5ක් අතුරුදන්//

    පසුගිය වකවානුවේ පොල ස්පතිවරයාගේ මගපෙන්වීම ඔස්සේ ක්‍රියාත්මක වුන භාවනා වැඩ සටහන් මාලාවේ උච්චතම අවස්ථාවක් ලෙස පොලස් නිලධාරීන් 5ස් දෙනකු මාර්ගඵල ලාබීන් බවට පත්ව අනාගාමී සකුර්දාගාමී වී අනතුරුව රහත්වී අතුරුදන් වී ඇත.

    ReplyDelete
  8. ටයි කෝට් පැළඳගෙන
    සිරික්කිය දමාගෙන
    පින්තූරෙටත් හිටියා
    අද කතානායක
    නිර්මාල්

    මුලට රඟපෑ එවුන්
    අගට හැලෙනා
    ටෙලි නැටුමක වගේ
    බිස්නස් පොරවලට
    අපි විසිල් ගහනකොට

    නුඹ කොතැනක
    සැඟවුණිද
    නිර්මාල්

    ReplyDelete
  9. කොච්චර හොඳ අදහස් තිබුණත් ඒවා තියෙන්නේ කරවන අය ළඟ නෙවෙයිනේ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න