.

.

Jun 22, 2019

ජනපතිට බලතල නැතිද...?



මීළගට ජනපති පුටුවට පත් වන එකාට හෝ එකීට කිසිම බලයක් නොමැති නාමික තනතුරක්ය යන්න මේ දිනවල කතා බහට ලක්වෙනවාය....

එසේ තර්ක කරන උන් ඒ සදහා පෙන්වා දෙන්නේ සිරාගේ ඔක්තෝබර් විප්ලවය අළුත්කඩයෙන් අනුමත නොකිරීමය......

ඒන්නේම නැතයි කී කැබිනට් රැස්සීමට සිරා සරම ඇදගෙනම පැමිණීම තවත් අවස්ථාවක් ලෙස මාතලන්ට හිතෙනවාය.....

එහෙත්.... එය එසේ නම්, ඉන් පසු සිදු වූ ගලබොඩ අත්තේ වැලිකඩින් එලියට පැමිණීම හා

වඩු මඩු තහනම....., සිරාගේ තනි තීරනයට ගත් ඒකාධිපති තීරණ බව...., ඕනෑ ගොනෙකුට තේරෙනවාය.....

එය එසේමද, නැත්නම් මේවට රනිල් හා කැබිනට් මන්ඩලයත් සම්බන්ධද.....

දැන් හෙට අනිද්දාට සිරිසේන විසින් කුඩ්ඩෙක් එල්ලා මැරීමට යන බවට රාවයක් යන්නේය...

මෙය සිදුවන්නේ දෙගොල්ලන්ගේම කැමැත්තෙන්ද......

එසේ නොමැතිනම් රනිල්ට හා පාර්ලිමේන්තුවට ඇති බලය උන් භාවිතා නොකර සිරා හා බලය වෙනුවෙන් ඇඹරෙනවාද.....

මෙය සත්‍යයක් වුවහොත්, අපට පිලිගැනීමට සිදුවන්නේ....

මොකා මක්කා කීවත්, තාමත් ජනාධිපතිවරයා එකාධිපති බලතල ඇති ප්‍රභල තනතුරක් බවය.....
.
.

16 comments:

  1. Maathe, People looking through green glass (UNF) have this idea, they are getting ready for the inevitable defeat at the 2020 presidential.

    Most people who use their brain (not green glass) think Gota and Sajith will be the main contenders in 2020 presidential. Premadasa can win only if people think he is not part of the current set of UNF losers. (The fact is, he is the deputy loser/leader in current UNF lot) Over to you Mr Maathalan.

    ReplyDelete
    Replies
    1. Im not sure about Sajith... but Gota will be the favorite ....

      Delete
  2. //තාමත් ජනාධිපතිවරයා එකාධිපති බලතල ඇති ප්‍රභල තනතුරක් බවය.....//

    19 යටතේ වර්ථමාන ජනාධිපති (incumbent president)ට විශේෂිත බලතල තියනවනෙ?
    ඒක වෙනස්වෙන්නේ ඊලඟ ජනාධිපති තනතුරෙන්?

    ReplyDelete
  3. ඔසවා අතක් ගෙන ඉහළට දහ අටට
    කැඳවා දහ නමය ගරු මැති සභාවට
    දෙකම එපා කියනා මේ ගොනා රට
    කන්නට පෙර යවනු පුලතිසි නගරයට

    ReplyDelete
  4. මාතලන් අයියේ,

    සිය දහස් ගානක් තරුණියන් හඬවා කුලගෙට පිවිසෙන්නට යන කඩවසම් නාමල් අයියාටත් , රූප්‍රශ්‍රීයෙන් දෙව්ලියන් පරදන ලිමිනි අක්කිටත් සුභපැතුම් පතන් නැද්ද?

    ලිමිනි අක්කිට කියන්න තියෙන්නෙ නාමල් අයියාව පරෙස්සම් කර ගන්න කියලා, මොකද ලංකාවේ ගොඩාක් තරුණියො එයත් එක්ක මේ වෙලේ ඉන්නෙ
    හරිම තරහින් ! ඔය නට්ටිච්චියො මොන ජව්සමක් නටයි දැයි කිව නොහැකි නිසා. ඉතින් මාතයියේ විශ් කරල post එකක් දාන්න බැරිද?

    -සෙනුරි

    ReplyDelete
  5. පුලතිසි පුරේ පැත්තේ තල ඇතිනේ. බ්ලේඩ් තල නෙවේ, වවන තල. කියමුකො ලොක්කට යහමින් ඒවා ටිකක් වළඳන්න... තෙල මෝරලා බල වැඩිවේවි!

    ReplyDelete
  6. රාමා අමරපුර සමගිව කතාවෙති
    එක ධජයක සෙවන පිලිබඳ වදාරති
    මල්වතු අස්ගිරිය හිමිවරු එහෙම නැති
    උස් පුටු වලම හිඳ හිඳ දන් බත ගිලිති

    ReplyDelete
  7. මන්න පොතලන්,
    මේ දේව වාක්‍ය අහලා තියෙනවද?
    භාෂා දෙකක් යනු එක රටකි, එක භාෂාවක් යනු රටවල් දෙකකි -1956 (එන්.එම්. පෙරේරා දෙවියෝ)
    නීති දෙකක් යනු එක රටකි, එක නීතියක් යනු රටවල් දෙකකි - 2019 (මම දෙවියෝ)

    ReplyDelete
  8. රනිල් ට කියල පිට කසාගෙන අන්තිමට පිට තුවාල උණාම කියනවා රනිල් පිට හීරුවා කියල වගේ කථාවක් ඕක .

    තමන් තමන්ගේ බලතලසීමා කරන 19 වෙනි සංශෝධනය ට එදා කියවන්නේ නැතුවද කැමති උනේ . හරියට පාටිය ඉවර උනාම බොන්න දුන්න බෝතල් හොද වර්ග නෙවෙයි කියල පාටිය දුන්න උන්ට බැන්නා වගේ .

    මෙත් පල් නිරිදු වැඩේ අනාගෙන තියෙන්නේ . සමනල්ලුන්ගේ දළබුවෝ පැලේ කර ඉදන් කකා ඉන්නේ.

    එච්චරයි !

    ReplyDelete
  9. කාලකන්නි කථාවක්.!!

    අබුඩාබියේ ඩාස් අයිලන්ඩ් හි ඔයිල් ප්‍රඩකෂන් ඉන්ඩස්ට්‍රිහි වැඩකරපු දෙන්නෙක්. ඩොලර් වලින් මාසික පඩිය ගත්ත දෙන්නෙක්.

    එකෙක් ශ්‍රී ලංකියන්
    අනෙකා චයිනීස්.

    කොයි තරම් වැඩ්ඩෝ උනත් ඔයිල් ෆ්ලැට් ෆෝම් වල වැඩ කරන උන් උපරිම සේවා කාලය ගන්නේ වසර10යි.

    ඉන් පස්සේ රිටායි කරනවා.

    මේ කථාවේ දෙන්නත් වසර 10 සම්පුර්ණ කරලා ඉවත් කරනවා.

    ලංකාවේ එකාට ඕනෑ වෙනවා ලංකාවට ගිහිං ආයෝජනය කරලා අළුත් යමක් කරන්න.

    ලංකාවට ඇවිත් මුලින්ම BOI එකට යනවා ගිහිං තායිලන්තයෙන් පලිගු ගල් ගෙනැත් ගෘහ අලංකරණ භාන්ඩ නිපදවන නිපයුම් අපනයන ප්‍රපෝසල් එකක් භාර දෙනවා. නිළධාරින් ඔහුව වටේ යවනවා වසරක් පමණ උත්සාහයකින් පසු රැපියල් කෝටියක් පමණ අතින් පාඩු කරගත් පසු ඔහු එය අත ඇරලා දානවා.

    ඉන්පස්සේ ඔහු කාර්මික සංවර්ධන මංඩලය යටතේ පැරණි වීදුරැ උණු කොට නැවත සකස් කිරීමේ කර්මාන්තයකට ඉල්ලුම් කරනවා. එයත් නොයෙක් හේතු නිසා පමා කරනවා නොයෙක් අවසර ලබා ගන්න ආයතන වෙත යනවා.

    ඉන් පසුව ඔහුගේ ඉලක්කය වුනේ කෙලින්ම ප්ලාස්ටික් පවුඩර් චීනයෙන් ආනයනය කොට ප්ලාස්ටික් ෆිටින්ස් නිෂ්පාදනය කිරීමයි

    මධ්‍යම පරිසර අධිකාරිය පරිසර අමාත්‍යංශය ඔහු කියන පරිදි ජරාව නොදීම නිසාම ලැයිසන් එක ගන්න බැරිවෙනවා.

    වසර තුනකට පසු ඔහු නැවත.ඩුබායි වලට එනවා .දරු පවුලත් එක්කම

    දැන් ලංකාවේ මුස්ලිම් ව්‍යාපාරිකයෙක් සමග එකතුව කාගො ව්‍යාපාරයකට අත ගහලා.

    මම අර කලිං කීව චයිනීස් පොරත් චීනයට ගිහිං බිස්නස් පටන් අරගෙන.

    එයා අත.ගහලා තියෙන්නේ පුංචි පුංචි ලමා විනෝද භාන්ඩ නිෂ්පාදන කර්මාන්තයකට.

    චීනයට ගිහාම ඔහු ආයෝජනය කරන්න පුළුවන් මුදල කීවහම

    චීන රජය ඔහුට තෝරා ගන්න කර්මාන්ත ලිස්ට් එකක් දීලා

    එහි පලවෙනි අදියරයට අවශ්‍ය පුහුණු ශ්‍රමය සහිත සේවකයන් ප්‍රමාණය එකී සේවකයන් දැනට පදිංචි ස්ථාන දුරකථන අංක වැටුප් ප්‍රමාණය
    සහ රජය විසින් මිලට ගන්න නිෂ්පාදන කෝටා ප්‍රමාණය එය අලවිකර යුතු ස්ථානය සියල්ල සහිත විස්තරයක් ඔහු සතු කරලා.

    වසර තුනකදී තමන්ගේ නිෂ්පාදන අතිරික්තයට තමන්ට හුරැ පුරැදු ඩුබායිහි වෙළද පොල සොයාගෙන ඔහු එනවා.

    මගේ ලංකාවේ මිතුරා මට හමුවන්නේ අපට තියෙන්නේ කාලකන්නි රටක් බං. එදා වේලට රස්සාව කරන නිළධාරි පංතියක් කියාගෙන දුක්වෙන තත්වයක.

    මගේ චීන මිතුරා මට හමුවන්නේ උගේ රට කරවන නිළධාරින් ගැන ආඩම්බරයක් එක්ක අපරාදේ වසර දහයක් චීනයෙන් පිට ගෙව්වේ කියන තත්වයක.

    මම කියන්නේ ලංකාවේ දේශපාලනයේ 225, එපා කියලා ජනතාව ඉවත් කරත්...

    කුසීත තමන් කරන කියන දේ මුල්‍ය රෙගුලාසි ආයතන රෙගුලාසි අස්සේ කොලේ වහලා ගහන නිළධාරී පංතියක් එක්ක රටක් ඉදිරියට යන්න බෑ.

    කවුරැ හරි කියනවනම් අළුත් ටිකකට රට දීපල්ලා කරලා පෙන්නයි කියලා . මලාට බෑ එතකොට ඔය නිළධාරි පංතිය රාජ්‍ය අංශය අඩපන කරනවා ඕනෑම රජයක් දණ ගහන්න.

    මේ ලංකාවේ ආන්ඩු වෙනස් වෙන්න යන්නේ වසර පහක් වුනාට රාජ්‍ය සේවකයෙක් විශ්‍රාම යනකොට එක දිගට වසර 30-40 ඉන්නවා.

    සම්ප්‍රදාය බිදින්නේ නෑ. අළුතෙන් හිතන්නේ නෑ

    මට ආපහු ඇහෙනවා කථාව...

    ලංකාවේ නිෂ්පාදනයට වඩා ඉඩ තියෙන්නේ බයින්ග් ඇන්ඩ් සෙලින්ග් කෝටි එකහමාරක මාකට් එකක්. ඒකේ අළුත් දේකට ඉඩක් නෑ .තිබ්බත් ඒ ඉඩ ජරාවට නැතුව දෙන ගවර්මන්ට් ඔෆීසියල් සේවිස් එකක් අපට නෑ බං.

    ඇත්ත !! අපි ප්‍රඩක්ට් එකක් කරලා ලෝකයට විකුණනවාට වඩා රට වටේට මුහුද තියාගෙන ඉන්දියාවේ හදපු ලුණු ගෙනැත් කන්නේ ඒකයි.

    පැදුරේ හිටිය චීනය ලෝකයේ ලොකුම නිෂ්පාදකයා අපනයන කරැවා වෙන්නේ ඒකයි.

    ලෝකයේ අධිකම ජනගහනය සහිත චීනයේ එකා චීනයේ නිළධාරි පංතිය එක්ක චීන මහපොළවේ යමක් හදලා ලෝකය අල්ලන්න හීන දකිද්දී

    අපේ එකා රටෙන් එලියට නොඑන්නම යන තැනට පත් කරවනවා

    අපේ කාලකන්නි කථාව මම ලියලා ඉවර කරනවා

    උපුටා ගැනිමකි අන්තර් ජාලයෙන්

    ReplyDelete

  10. 19 සංශෝධනය මගින් වත්මන් ජනාධිපති (incumbent president)ට විශේෂිත බලතල දීල තමයි සිරාව අන්දලා එකඟ කරගත්තේ. ඒක ව්‍යවස්ථා සංශෝධනයට අනුමැතිය ගන්න කළ අවස්ථාවාදී ප්‍රයෝගයක්. දැන් කෙළවගෙන ඉන්නේ.

    ReplyDelete
  11. 19 වෙනි අණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය යටතේ විධායක ජනාධිපති ධූරයේ බොහෝ බලතල ඉවත් කළ අතර ජනාධිපති සිරිසේන සඳහා පමණක් යම් කිසි ප්‍රමාණයක් ඉතිරි කර ඇත.ජනාධිපති සිරිසේනගේ ධූර කාළයෙන් පසුව ඉතිරි බලතල ද අහෝසි වී,ජනාධිපති ධූරය සම්පූර්ණයෙන්ම නාමමාත්‍රික ධූරයක් බවට පත්වේ.මෙවැනි තත්වයක් තුල ලී ක්වාන් යූ වලෙන් නැගිටුවා අපගේ ජනාධිපති ධූරයේ ඉන්දුවද කිසිම වෙනසක් කිරීමට ජනාධිපති කෙනෙකුට නොහැකිවනු ඇත.ප්‍රධාන ගැටළුව වන්නේ මෙය නොවේ.නාමමත්‍රික ජනාධිපති තනතුරක් වෙනුවෙන් ජනතාවද කුලප්පු කරමින් රුපියල් බිලියන ගානක් මහජන මුදල් ද කාබාසිනියා කරමින් මැනිවරණයක් පවත්වන්නේ ඇයි ද යන්නයි.සියළු දේශපාලකයින් එකතු වී මේ නටනා නාඩගම ජනතාවට අවබෝධ කර දීමයි අපගේ වගකීම විය යුත්තේ.එසේ නොමැතිව අපත් මේ රැල්ලේම ගසාගෙන ගියහොත් උන්ගේ පිස්සුවෙයි අපගේ පිස්සුවෙයි වෙනසක් නොපෙනෙනු ඇත.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න