.

.

Aug 20, 2019

ජවිපේ අරමුණ කුමක්ද...? එය ඉටුවේද...?



විජේවීර බිහිකෙරු, ජවිපේ හෙවත් වමේ, විශේෂත්වයක් තිබිනි...
ඒ ග්‍රාමිය හා කුලයෙන් අඩු පිරිසකගෙන් සමන්විත පිරිසක් වීමයි...
අනුගාමිකයින් බඳවා ගැනීමට ඇති එකම ආකර්ෂණීය දේ වූයේ, නායකයින් උපාධිය හෝ උසස් පෙළ සමතුන් වීමයි...

අද දක්වා පක්ෂයේ සංයුතිය මෙයයි...
එමෙන්ම මානසිකත්වයද එදා පැවති මානසිකත්වයමයි...

මෙය මෙසේම පවත්වාගෙන යා හැකි වුවද, එය පරිහානියට පත්වීම මිස කිසිඳු සුගතියක් ඇත්තේම නැති බව, බල මණ්ඩළේ උන්ට වැටහීම ඉතා හොදය...

බල මන්ඩලේ වේදිකාවෙන් බිමට බැස, ඒ වෙනුවට වෙනත් පිරිස් වේදිකාවේ තබමින් උත්සාහ කරන්නේ, පහළ මධ්‍යම පන්තිය, ඉහළ මැද පන්තිය හා නැවුම් චන්ද තම ගොඩට එකතු කර ගැනීමේ වෑයමකි.

එය සාර්ථකද...?

මාතලන්ගේ මතය නම් එය සාර්ථක වූයේ නැත යන්නයි.

ගෝල්පේස් රැළිය ගැන විශාල ප්‍රචාරණයක් ලබා දුන් අතර, ඒ සදහා පාක්ෂිකයින් නොවන විශාල පිරිසක්ද පැමිණ උන්නද, ඔවුන් අති බහුතරය බලාපොරොත්තු සුන් කර ගනිමින් ගිය බව ඉතා පැහැදිලිය.

එමෙන්ම පාක්ෂිකයින්ද කළකිරීමකට පත් වූ බව ඔවුන්ගේ මුහුණුවල අපූරුවට සටහන්ව තිබිනි... මෙය කනගාටුවට කරුනකි ..

එකතු කර ගත් පොරවල් අතර සාමාන්‍ය ජනතාව හඳුනන අය උන්නේ කී දෙනෙක්ද...?
මාධ්‍ය මගින් හා වෙනත් අවස්ථාවන්හීදී ජේවීපිය අගය කරන ප්‍රසිද්ධ චරිත වේදිකාවට ගෙන ඒමට නොහැකිවීම ඇත්තෙන්ම අවාසනාවකි...

සමනලී මෙන්ම ලැම්බෝගිනි සහෝදරයා වේදිකාවේ තැබීම මයිනස් පොයින්ට් එකකි. මේ අය යහපාලනයට කඩේ ගොස් අනාථ වූ පිරිසයි. ඔවුන් සක්තිකට සැලකූ අකාරය ක්ෂේත්‍රයේ උන්ම හොදින් දනී.

නිවේදකයින් මෙන්ම බොහෝ කතිකයින් ශබ්ද විකාශන යන්ත්‍ර ඇති බව නොදැන උන්නෝය. කතිකයෝ තැතිගෙන තිබිනි. අනුරගෙන්ද වෙනදා පවත්වන සිත් ඇදගන්නා කතාව ලැබුනේ නැත. ටිල්වින්ද හොල්මන් වී සිටියේය.

ඒ කෙසේ වුවද තවත් පක්ෂ හා පිරිස් සමග තවදුරටත් සාකච්ඡා පැවැත්වෙමින් යන බවද තවත් පිරිස එකතුකර ගැනීමේ වැඩසටහන් ඉදිරියටත් පැවෙතන බවටත් දැනගැනීම සතුටට කරුනකි.

මේ කෙසේ වෙතත් ශක්තිමත් ෆේස්බුක් බලකායක් සිටීම පක්ෂයට මෙන්ම සංධානයටද විශාල ශක්තියකි.

එමෙන්ම කිසිඳු පැකිලීමකින් තොරව සෑම රැස්වීමකම ලාල් කාන්තට විශේෂ ස්ථානයක් වෙන්වීම අනිවාර්‍යයෙන්ම විය යුත්තකි, මන්ද...?

ඉහළ මධ්‍යම පන්තියටද, මැද පන්තියටද, නැවුම් චන්ද දායිකයින් අතරද ජනප්‍රියම පොර වන්නේ ඔහු නිසාවෙන්මය.

මෙය මේ මොහොත වෙනෙවුන් ගසාගත් සංධානයක් නොවී ඉදිරියටම ගමන් කිරීම මේ රටේ විශාල පිරිසකගේ ප්‍රාර්ථනයයි....

17 comments:

  1. මාතලන් මේකේ ප්ලෑන් එක ජනතා විමුක්ති පෙරමුණෙන් ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කර ඇති අනුර කුමාර දිසානායක එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රධාන සන්ධානය විසින් පොදු අපේක්‍ෂකයෙකු බවට පත් කර ඔහුට සහාය දිය යුතු බව එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් තම පුද්ගලික අදහසක් ලෙස යෝජනා කර ඇති බව එජාපයේ සමීප අන්තර්ජාල වෙබ් අඩවි රැසක් වාර්තා කර ඇති නිසා සාපේක්ෂ වශයෙන් මෙහෙමයි.

    රනිල්ට අනුව 2015 වසරේදී මහින්ද රාජපක්‍ෂ සමග සිටි බලවේග අදද ඒ ආකාරයෙන්ම සිටින නිසා එම කදවුර පැරදවීමට නම් 2015දී යහපාලනය වෙනුවෙන් කටයුතු කල සියළු දෙනා එකට එකතු වී ඡන්දේට ඉදිරිපත් විය යුතු බව අගමැති රනිල් දරන මතය වී ඇත.

    මේ තීරණාත්මක අවස්තාවේ තම කදවුර විසිරී යනවාට වඩා අනුර දිසානායකට සහයෝගය දීම වඩාත් උචිත බවද අගමැතිවරයා පවසා ඇතැයි එම ආරංචි කියයි.

    ///මෙයට සජිත් පිල කිසිසේත්ම එකඟ නොවන බවත් එම නිසා

    (1) රනිල් විසින් අනුරව යෝජනා කිරීම හා ඒ ඔස්සේ ගෙන එන 2015 සන්ධානය රැකගැනීමේ යෝජනාව හා එමගින් ගෝඨභයව පැරදවීමේ වැඩපිළිවෙල සහ

    (2) සජිත් හරහා නැවතත් යූ. ඇන්. පී. ජනාධිපතිවරයෙකු වසර 25 කට පසු පත් කරගැනීමේ එජාප සිහිනය

    යන දෙක විසින් පක්ෂය තුල විශාල බෙදීමක් ඇති කරනු ලබන බවත් රනිල් දන්නවා.

    රනිල් ට අවශ්‍යවන්නේ මෙන්න මේ බෙදීමයි.(ඒ මිස අනුර ගේ නායකත්වයෙන්යුත් සන්ධානය තැනීමට නෙවෙයි. ජවිපෙ සාමාජිකයකු ජනාධිපති කරවීම සඳහා දර දිය ඇදීමට යූ. ඇන්. පී. කරයන් සුදානම් නති බවත්, ජවිපෙ සාමාජිකයකු ජනාධිපති කිරීම වෙනුවෙන් සමජ ජාල තුල මිස බිම්මට්ටමේ ගම්මට්ටමේ රැල්ලක් නිර්මාණය නොව් අන් බවත් රනිල් දන්නවා.) රනිල් ට අවශ්‍යවන්නේ පක්ෂය සමගි කිරීමේ ගැලවුම්කාරයා යන තේමාව යටතේ කරු ජයසූරියට ජනාධිපතිවරණ අපේක්ෂ්කත්වයට සම්ප්‍රාත්තවීමට ඉඩ හොඳාකාරවම ලැබෙන විදියේ තියුණු බෙදීමක් පක්ෂය තුල නිර්මාණය කිරීමටයි. ජනාධිපතිවරණ අපේක්ෂ්කත්වය සජිත් ට නොදී සිටීමේ හැකියාව තමන්ට ලැබෙන්නේ එතැනින් බව රනිල් දන්නවා. ජවිපෙ ගාලුමුවදොර පුටු පිරෙව්වේ රනිල් ගේ මෙන්න මේ උපායමාර්ගය වෙනුවෙනුයි. සජිත් හැර වෙනත් විකල්පයක් තමන්ට ඇති බව පක්ෂය ට කීමට රනිල් ට අවස්ථාවක් ලබා දීමටයි, අගොස්තු 18 ජවිපෙ සාමාජිකයන් කොලඹ ගියේ මේ වගේ තවත් සැලසුම් රැසක් ඇති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපයේ නායකත්වයට.

    ReplyDelete
  2. ආරංචි උන විදියට ජේවීපී එක එයාලගේ පක්ෂ සාමාජික සාමාජිකාවන්ට දෙවැනි මනාපය යූන්පී එකට දෙන්න කියලා තියෙනවා. එතකොට ගෝටට 50% නොලැබුනොත්, ජවිපේ දෙවැනි මනාප ටික එකතු වෙන්නෙ යූන්පී අපේක්ශකයට. කොහොම හරි රාජපක්ෂ කල්ලියේ අපේක්ෂකයා පරද්දන්න ජවිපෙ විසින් සම්පුර්ණ සහය දක්වන්න උවමනා වෙනවා. මේ නිසා මාත දැන් එජාපයේ සහ ජවිපෙ ව්‍යාපාර හවුලක් ඇති කර ගත යුතු ය.

    ReplyDelete
    Replies
    1. ඝෝඨා 51+ ලේසියෙන් ගන්නවා

      Delete
  3. munta rajaya balaya laba ganeeme aramunak na .. munta ehema aramunak thibba nam Mahindagena passe Siria enne na

    ReplyDelete
  4. මම දැන් දේශපාලනය ගැන හිතනඑක නවත්තලා. බණපදයක් අහගෙන ඉන්නවා.
    මෙයාගෙන් බෝන් එගේන් බණ ටිකක් අහපන්.
    https://www.youtube.com/channel/UCspSYGkBRm9pKd6OKXnN2qg

    ReplyDelete
  5. තවමත් මෙයාලා කාට-කාටත් ඡන්දදායකයන් හරිහැටි හඳුනාගන්න බැහැ වගෙයි! එහෙමත් නැත්තං හඬ නංවන්න මිස වැඩ පෙන්වන්න හීනයක් එයාලා ළඟ නැතිවාවත්ද?

    ReplyDelete
  6. "මෙය මේ මොහොත වෙනෙවුන් ගසාගත් සංධානයක් නොවී ඉදිරියටම ගමන් කිරීම මේ රටේ විශාල පිරිසකගේ ප්‍රාර්ථනයයි...."-මාතලන්
    "ඝෝඨා 51+ ලේසියෙන් ගන්නවා" - මාතලන්
    මාතලන් කියන "විශාල පිරිස" විසින් ගෝටගේ 51+ ලේසියෙන් අඩු කරන බව මට පේනවා -ඇනෝ

    ReplyDelete
  7. එය ඉටුවේද..ඔව් ....ඇයි අවුල්ද ....මුට්ටිය දැම්මා නෙ ද ? බලන්න මොකද කියන්නේ කියලා ??

    ReplyDelete
  8. දැන් මේකටත් හා කියන්න අයියා හා...ද???

    ReplyDelete
  9. etthatama ranil pilibanda mata wishala pilikulak thiyenne. JVP gwna mage vivchana bohomayak thibunata. ranil venuwata JVP eka hondai

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න