.

.

Dec 27, 2019

අම්පිටියේ සුමන ජාතකය... හා බුද්ධාගම...



ලංකාවට බුද්ධාගම ගෙන ආවේ මිහිඳු හාන්දුරුවෝය... ඒ වෙලාවේ තිස්ස හන්ටින් යමින් සිටියේය.... දේවා වෙජිටේරියන් වෙන්නටත් ඇතිය.. කෙසේ හෝ බුද්ධාගම නිසා රජා රැකුනාතර, රජාගේ ප්‍රමුඛතම කාර්‍යය ජනතාව රැකීම නොව බුද්ධාගම රැකීම වෙන්නේ මේ අතරය...

කෙසේ හෝ යටත්විජිතකරණය නොවන්නට ඉන්දියාව හා ලංකාවද තලේබාන්කරනය වී අවසානය. ඒ අතින් අපි දෙවියන් වහන්සේට අපේ ඉස්තූතිය ප්‍රකාෂ කල යුතුය... හැබයි එයාලා ආගම පැතිරුවේ කොහොමද කියා දැන් කාළේ ක්‍රිස්තියානි සැට්ටෙකට මෙන්ම, උන්ට පුක දෙන ජාතියක් ජන්මයක් නැති වෙන්ඩ ටොයි හුත්තිගෙ පුතාලටත් දියණියන්ටත් මතක නැතිය....

අම්පිටියේ සුමනත් ආගම රැකගැනීමට දෙවියන් වහන්සේගේ පණිවුඩකරුවාට දිවා කාලයේ අහසේ තරු පෙන්වීම අපට අනුමත නොකල හැකිමුත්, උන්නාන්සේ ඒ තත්වයට පත් වෙන්නේ මන්දැක් කියා සොයා බැලිය යුතුය...

පහුගිය නපුංසක පාලනය යටතේ බෝන් එගේන් සැට්ටෙක ලංකාවේ සෑම ක්ෂේත්‍රයම බූවල්ලෙක් මෙන් වෙලාගෙන අවසානය. මෙයත් සහරාන්ලාගේ ගේම මෙන්ම පට්ට ත්‍රස්තවාදයක්මය....

එමෙන්ම හලාල්කරණය යටතේ මුස්ලිම් නීතිය රටේ සියළු ජනතාව මත පැටෙව්වේ මහින්ද රාජපක්ෂලා ආන්ඩු කරද්දි බවත් අප කිසිසේත් අමතක කළ යුතු නැතිය....

මේ රැඩිකල් භික්ෂූන් බිහිවන්නේ එවන් පරිසරයක් තුලය, ඇත්තටම නානසාරලා සුමනලා නොවන්නට බුද්ධාගම හා බෞද්ධයා රැකගැන්මට  වෙනෙකෙක් ඇත්තේත් නැතිය...

අතිපූජ්ජ මහා නායකලා පින් බත් ගිලිමින් කට පුක වසාගෙන සිටියදී... දාන වේලක්කත් හරි හැටි නොමැතිව කොටි ත්‍රස්තවාදීන් හාඅයිසිස් කාරයන් හා ෆේස් ටු ෆෙස් ගේම ඉල්ලුවේ මුන්නාන්සේලාය...

මාතලන් සිතනාකාරයට නැගෙනහිර ප්‍රදේශයේ පොලීසිවල ඉන්නේ නොම්මර එකේ හැළි වළං පොන්නයෝ මිස පොලිස් කාරයෝ නම් වෙන්නට බැරිය... උන් සහරාන්ලා බෝම්බ හදද්දි... හිස්බුල්ලා අරාබියක් බිහි කරද්දි.... පොන්න ඩාන්ස් දදා රට ඉඳි හා ඔටු මස් කකා ඉන්නට ඇතිය... එකාතකින් බෝන් අගේන් පොන්නයෝ රැලක් රට පාලනය කරද්දි උනුත් ඒ ආකාරයට හැඩ ගැහෙන්නත් ඇතිය...

ඒ කෙසේ වෙතත් දුප්පත් ගම්මාන ඉලක්ක කරගෙන කරනා අන්‍යාගම්කරනය විගසින් තහනම් නොකරහොත්, ලංකාවට කොයි ව්ලේ ගේමක් දෙම්දෝ කියා බලා සිටිනා බටහිර බලවේගවලට මේ වගේ සීන් ඉදිරියට දමා බල්ටි ගහන්න ඉඩ සලසා දෙන්නේත් මේ සුමනලාමය....

එබැවින් රටේ ගෞරවය මෙන්ම ආගමේ ගෞරවයද රැක ගැන්මට පොලීසියට වගකීම පැවරිය යුතු අතර, එය නිසි ලෙස ක්‍රියාත්මක වේද යන්න පසු විපරම් කිරීම ආරක්ෂක අමාත්‍යශයේ මෙන්ම නව ආන්ඩුවේද වගකීමය...

මන්ද ඔවුන් රට මෙන්ම බුද්ධාගම රකිනවා කියා දුටුගැමුණු රජ්ජුරුවෝ ඉස්සරහා දිව්රුම් දී තිබෙනා නිසාමය...

26 comments:

  1. ඥානසාර යනු
    දරිද්‍රතාවය, කුල පීඩනය, මාපිය ආරවුල් නිසා ලමාවියේ හින්සනයට ලක්වුනු, දුප්පත්කම නිසාම පන්සලකට බාරදුන්, ඒ නිසා මාතෘ දුරස්ථකරණයට පත්වූ, වැඩිහිටි හිමිවරුන්ගේ හින්සාවන්ට ලක්වූ, මෙම සියළු සාධක නිසා තමාතුල ඇතිවන ඉච්චඡා භංගත්වය පිටකිරීමට ජාතිවාදයට යොමුවුනු වින්දිතයෙකි. ෴ වෛද්‍ය රුවන් එම්. ජයතුංග.

    සති දෙකකට පෙර සිරිකත පත්තරේ ඥානසාර හාමුදුරුවන්ගේ ජීවිත කතාව ගැන ලිපියක් ගියා. දොස්තර මහත්තයට ඒක ස්කෑන් කරලා යවන්න ඔ්නෑ.
    මම හිතන්නේ දොස්තර මහත්තයාට භින්නෝන්මාදය(schizophrenia)

    මගේ නෑදෑයෙක් අංගොඩ ඉස්පිරිතාලේ හෙද සේවකයෙක් හැටියට වැඩකරනවා (මම ළඟදී එයාව දැනගත්තේ අපේ අම්මගේ තාත්තා ජාතියට ආදරේ මිනිහෙක් ඒ නිසා මට ගොඩක් ඥාති සහෝදරයෝ ඉන්නවා වැඩි හරිය මම අඳුනන්නේ නෑ.)
    එයා කියපුඅ හැටියට සමහර මැන්ටල් ඩොකාලා ලෙඩාගේ මූණ බලපු ගමන්ම schizophrenia කියලා රෝග විනිශ්චය කරල. මොකක්ද බේතක් දෙනවලු. ඒකට බඩ වේලීම වගේ අතුරු ආබාධ ඇතිවෙනවලු.
    කාලයක් බේත් කලාට පස්සේ schizophrenia නෑ කියලා තීරනය කරලා නියම විදියට ප්‍රතිකාර පටන් ගන්නවලු.
    :D

    වැඩි විස්තර කිව්වොත් උගේ රස්සාව නැතිවෙයි.

    ReplyDelete
  2. උම්බෑ කිය කියා........රෙවෙන බයේ.මෙලෙසම කන්න වෙන දවසට මාතලන්ලාටද එලෙසම ලියන්නට හැකි වනු ඇත.

    ReplyDelete
  3. මාතලන් අපි පහුගිය 2015 - 2019 අවුරුදු කිහිපය තුළ දැක්ක, බෞද්ධ ගිහියන්ගෙන් අතිවිශාල සැලකිය යුතු පිරිසක් පන්සලෙන් ඈත්වීම, ධර්මයෙන් ඈත්වීම, සංඝයාගෙන් ඈතිවීම නිසා මේ රටට සිද්ධ වුනු දේ. බෞද්ධයන් විසින්ම බෞද්ධකමට ගරහන එක, සිංහලකමට ගරහන එක ‘ස්ටයිල්’ එකක් බවට පත්වුනා. ඕනවට වඩා සිංහල බෞද්ධ විරෝධයක් එල්ල කර ව්‍යාජ සිංහල බෞද්ධ තලේබාන් බිල්ලෙක් මවමින් ජනප්‍රිය වෙන්න උත්සාහ කරන අමු ගොන් වෙන්න-පොෂ් කබ්බෝ රැලක් ෆෝම් උනා.

    සිංහල ඡන්දවලින් බලයට පත්වෙන දේශපාලඥයන් පවා සිංහල බෞද්ධයන්ට, සංඝයාට ප්‍රසිද්ධියේ අවමන් කලා.

    ඇත්තටම ලංකාවේ ඉන්න වෙනත් කිසිම ජාතියක හෝ ආගමක අය ඔය විදියට තමන්ගෙම ජාතියට ආගමට ගරහන්නෙ නැහැ. අපි ළමයින්ගේ හිත් තුලට දාන්නේ මොනවද කියන එක ගැන විශේෂයෙන්ම ප්‍රවේසම් වෙන්න ඕන යුගයක් මේක. විදේශීය මුදල්වලින් පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධාන අපේ අධ්‍යාපන ක්‍රමයට බොහොම සියුම් විදියට මැදිහත් වෙලා තියනවා. ලංකාවේ ප්‍රධාන පෙලේ විද්වත් භික්ෂූන් පාසල් ළමුන්ට බෙදා දෙන පොත්වල මුළු ළමා පරපුරේම හිත් විකෘති කරන ආකාරයේ දේවල් ඇතුළත් කරල තියෙන හැටි විස්තර කරනවා. ඒකත් එක්කම ගිහි සංවිධාන පෙන්වලා දුන්නා සමහර අච්චු පොත්වල උතුරු නැගෙනහිර පළාත් දෙක එක පළාතක් වගේ පෙන්වලා තියෙන බව. සිංහල සංස්කෘතික අංග විතරක් නෙමෙයි සිංහල අලුත් අවුරුද්දත් සමහර පොත්වලින් හළලා.

    අපි කවුරුත් තේරුම් ගන්න ඕන මේ රට බෙදන්න, සිංහල බෞද්ධ ජනතාව විනාශ කරන්න, සිංහල, දෙමළ, ක්‍රිස්තියානි, හින්දු සියළු දෙනාගේම පවුල් සංස්ථා බිඳ දමන්න, ළමුන් හා දෙමාපියන් අතර, ළමුන් සහ ගුරුවරුන් අතර, ළමුන් හා ආගම් අතර, සම්බන්ධතා බිඳ දමන්න, ඉතාමත් බලගතු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ ගොල්ලෝ මේ අරමුණු ඉටුකරගන්න වැඩසටහන් පටන්ගන්නේ පාසල්වල බාලාංශයේ ඉඳලා. එතකොට අවුරුදු කිහිපයක් ගත වුනාම කවුරුවත් දන්නෙ නැතුවම සිංහල මිනිසුන්ගෙ හිත් ඉබේම වෙනස්වෙලා. පාසල්වල භාවිතාවන පෙල පොත්වලින් ළමුන්ගේ හිත් තුලට දාන මතවාදය ගැන කඩිනමින්ම විමර්ශනයක් කරන එක අවශ්‍යම මොහොතයි මේ. එම කර්තව්‍යය සඳහා මාතලන් ගේ මැදිහත් වීම ඉතා වැදගත්.

    ReplyDelete
  4. අයිසෙ මාතලං, මෙතන ප්‍රශ්නය තමයි අන්ත ජාතිවාදී අන්තවාදී බලවේගයන් වූ දමිළ වෙල්ලාලයන් සහ උන් අනුකරණය කර ඇතිවූ ලංකාවේ මුසලම් අන්තවාදී පිරිස රටේ ඉතිහාසය නොපිළිගැනීම. දෙමළ ජාතිවාදී වෙල්ලාලයන්ට අද තදින් ම දැනෙන ප්‍රශ්න රාශියක් තියෙනවා. ශිවාජිලිංගම් යාපනයේ (මා හිතන විධියට) බන්ධනාගාරය ඉදිරිපිට, මෙරට ඉතිහාසයට අයත් චිත්‍ර ප්‍රතිමා ඉවත් කරන්න කටයුතු කරලා. විග්නේස්වරන් මහාවංසය ගැන තම අවිශ්වාසය පළ කරලා. ඔහුට අනුව එහි ප්‍රබන්ධත් තියෙනවා. සුමන්තිරන් කියනව ජාතික ගීය දෙමළෙන් ගායනා කරන්නෙ නැත්තන් දෙමළ ජනයා ජාතික ගීය ගායනා කරන එක අත්හරිනවලු.

    ඓතිහාසික සිද්ධියක් වුණ ශ්‍රී මහා බෝධි ශාඛාවක් ලංකාවට වැඩම කරවීම ගැන චිත්‍රයක් යාපනයේ අඳින්න බැරි නම් පිළිමයක් අඹන්න බැරි නම් ඒකෙන් කියන්නෙ රටේ ඉතිහාසය පිළිගන්න වෙල්ලාලයන් අකමැති බව මිසක් වෙන එකක් නො වෙයි. ශිවාජිලිංගම්ලාගේ සුමන්තිරන්ලාගේ විග්නේස්වරන්ලාගේ ඉතිහාසය අවුරුදු තුන්සීය පනහකට අඩු බව තෝම්බු කියෙව්වොත් පැහැදිලි වෙනවා. ඒ නැතත් ජේම්ස් ටී රත්නම් ඒ ගැන ලියල තියෙනවා. රත්නම් සිංහල නොවෙයි කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ නේද?

    මහාවංසය හුදු කතාවක් පමණක් ද? ඕනෑම ඉතිහාස කෘතියක විවිධ දේ තියෙනවා. විවිධ කතා තියෙනවා. ඈත ඉතිහාසය ඕන නැහැ. සමකාලීන ඉතිහාසය නැත්නම් වර්තමානය ගැන සිතන්න. රාජිත හැංගිලා හිටියෙ කොහෙ ද? කාගෙ ගෙදර ද? ඒකට කතා කීයක් තියෙනවා ද? කාට හරි අහන්න පුළුවන් ඒ කතාවලින් වැඩක් තියෙනවා ද කියලත්. සියල්ල කතා පමණයි. කතාවල ඇත්තෙ සංගත බව අසංගත බව පමණයි. ඇත්ත ද බොරු ද කියන එක අදාළත් නැහැ. දැනගන්නත් බැහැ. ඔක්කොට ම ඉස්සෙල්ල ඇත්ත කියන්නෙ මොකක් ද කියල අහන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ මොකක් වුණත් මහාවංසයෙ හුඟක් කතා සංගතයි. ශ්‍රී මහා බෝධි ශාඛාවෙ කතාව වෙනත් තැන්වලත් තියෙනවා. අදත් ඒ සිරිත් විරිත් මෙරට තියෙනවා. හරි වුණත් වැරදි වුණත් මෙරටට කුල දහඅටක් ලැබීමත් ඒ කුලවල අය අදටත් ඉන්න බවත් කියැවෙනවා. මහාවංසය ලිවුවෙ පාළියෙන්. ඒකෙන් කියන්නෙ නැහැ එකල සිංහල කියල භාෂාවක් තිබුණෙ නැහැ කියල. විග්නේස්වරන් කියන්නෙ සිංහල භාෂාව දහවැනි සියවසෙන් පස්සෙ ඇති වෙච්ච එකක් කියලා. ඔහු අහල නැතිව ඇති සිංහල අටුවා හෙවත් හෙළටුවා ගැන. ඔහුගෙ සිංහල බෑණලාත් ඒ ගැන දන්නෙ නැතිව ඇති.

      ඒකත් ඕන නැහැ. පැරණි සෙල්ලිපි කීයක් තියෙනවා ද සිංහලෙන් ලියලා. විජය ලංකාවට පැමිණීමට පෙරත් ලියපු සිංහල සෙල්ලිපි ලෙන්ලිපි මෙරට තියෙනවා. ඒවයෙ දෙමළ පුළුටක්වත් නැහැ. ඒ කාලෙ දෙමළෙන් ලිවුව සෙල්ලිපියක් ගැන විග්නේස්වරන්ට හරි ශිවාජිලිංගම්ට හරි කියන්න පුළුවන් ද? මා කලින් ද අහල තියෙනව වගේ මෙරට දහවැනි සියවසට පෙර දෙමළෙන් ලියූ සෙල්ලිපි කීයක් තියෙනවා ද? ඊට පස්සෙ දෙමළෙන් ලිවුව සෙල්ලිපි කීයක් තියෙනවා ද? ඒ කීයක් සංචාරකයන් සඳහා ද? අර යාල්පානම් වෛපව මාලෙයි කවිපොතට කලින් මෙරට, ඉන්දියාවෙ නොවෙයි, දෙමළෙන් ලියපු පොත් කීයක් තියෙනවා ද?

      විග්නේස්වරන් ලොකුවට කියන සුනිල් ආරියරත්න දෙමළ බෞද්ධයා ගැන ලියල තියෙන පොතට අපි ඒ දවස්වල ම උත්තර දුන්න. කොහොමත් නන්දා මාලිනී මේ සිංහල අපගෙ රටයි ගීතය ගැයීම ප්‍රතික්‍ෂෙප කරපු අයෙක්. ඒත් නන්දා මාලිනී ගිත ගයන්නෙත් සුනිල් ආරියරත්න පොත් ලියන්නෙත් සිංහලයන්ට පමණයි. නරක ද දෙමළෙන් පොත් ලියල දෙමළෙන් ගීත කිහිපයක්වත් ගයලා සංහිඳියාවට සේවයක් කළා නම්?

      Delete
    2. මහාවංසයට පදනම් වෙලා තියෙන්නෙ දීපවංසය හා හෙළටුවා හා ජනප්‍රවාද. මහාවංසයෙ දුර්වලකම් කිහිපයක් තියෙනවා. එකක් විජයට පෙර ඉතිහාසයක් ගැන නොකීම, යක්‍ෂ ආදී ජනතාව නොසලකා හැරීම, භාරතයේ බටහිර දේශයෙන් මෙරටට පැමිණි ජනයා (ඒ අය දෙමළ කතා කළ අය නොවෙයි) ගැන සඳහන් නොකිරීම (විජයගේ නැව භාරුකච්චා හා සුප්පාරක ගියේ අහවල් දේකට ද?), නැගෙනහිර භාරතයෙන් (වංග කාලිංග) පැමිණි පිරිස් ගැන පමණක් අවධාරණය කිරීම (ලංකාවට පස්වැනි සියවසට පෙර වැඩි පිරිසක් සංක්‍රමණය වී ඇත්තේ නගෙනහිරින් වෙන්න පුළුවන්). එහෙත් එයින් මහාවංසයට අගතියක් වන්නේ නැහැ. එහි සෑම පරිච්ඡෙදයක අග හුදී ජනයාගේ පහන් සංවේගය සඳහා යැයි ලියූ පමණින් එහි ඓතිහාසික වැදගත්කම අඩුවන්නෙත් නැහැ.

      සිංහලය හා භාරතයේ (ඉන්දියාවේ) දැන් කතා කරන භාෂා අතර විශාල වෙනස්කම් තියෙනවා. නැගෙනහිර පුණ්ඩ්‍රාවෙහි (වංගයෙහි) පාළි කතා කළ බවට සාක්‍ෂි තියෙනවා. එහෙත් අද පාළි කතා කරන අය ඉන්දියාවෙ නැහැ. එහෙත් ලංකාවේ දෙමළ හා තමිල්නාඩුවේ දෙමළ අතර වෙනස අවුරුදු තුන්සිය පනහකට අඩුයි. ඔය වෙල්ලාලයන් ලංකාවට ඇවිල්ල අවුරුදු තුන්සිය පනහකට අඩුයි. ඕන නම් ඊනියා වාග්විද්‍යාඥයකුට කියා ලංකාවෙ හා ඉන්දියාවෙ දෙමළ භාෂා අතර වයස වෙනස ගැන අධ්‍යයනයක් කරව ගන්න. ඒ වගේ ම යාපනයේ අඩුකුල කියන අය සිංහල සම්භවයක් තියෙන පිරිස්. කරෙයිවර් කියන්නෙ කරාව, කෝවියාර් කියන්නෙ ගොවිකුල, නලවාර් කියන්නෙ රා මදින්නන්. පුළුවන් නම් නලවාර් කෝවියාර් කුලවලට දෙමළෙන් නිරුක්ති කියන්න.

      විග්නේස්වරන් හදිසියේ අධිරාජ්‍ය විරෝධියෙක් වෙලා. කාර්තිගේසු ඉන්ද්‍රපාල තම ආචාර්ය උපාධි නිබන්ධනයෙ කියලා තියෙනවා (මා ළඟ එහි පිටපතක් තියෙනවා) එකොළොස්වැනි සියවසට පෙර මෙරට ස්ථිර දෙමළ වාසස්ථාන තිබුණෙ නැහැ කියලා. විග්නේස්වරන්ට අනුව ඒ ඉංගිරිසින්ට ඕන විධියට ලියූ නිබන්ධයක්!

      ඉංගිරිසින් තමයි මෙරට දෙමළ ජාතිවාදය බිහි කෙළෙ. ඔවුන් කිසිදාක සිංහලයන්ට පක්‍ෂපාති වුණෙ නැහැ. ඉන්ද්‍රපාලට තම උපාධි නිබන්ධයෙන් තියෙන දේ හැරෙන්න වෙන දෙයක් සංගත ව ලියන්න බැහැ. පස්සෙ ඔහු ඕස්ත්‍රේලියාවට ගියාට පස්සෙ කොටි බලපෑම උඩ වෙන පොතක් ලිවුව. විග්නේස්වරන් පිළිගන්නෙ ඒ පොතලු! ඒකත් පොතක් තමයි.

      සුමන්තිරන් කියනව ජාතික ගීය දෙමළෙන් කියන්න ඕනලු. නැත්තන් දෙමළ ජනයා ජාතික ගීය කියන්නෙ නැහැලු. දෙමළ ජනයා ඊනියා සංහිඳියාවෙන් අයින් කෙරෙන වැඩක් කියනවා. දෙමළ ජනයා කොන් කිරීමක් කියනවා. ඉන්දියාවෙ ජාතික ගීය තියෙන්නෙ වංගයෙන් (බෙංගලි භාෂාවෙන්). ඒ තාගෝර් වැනි අය ජාතික නිදහස වෙනුවෙන් කරන ලද සේවයත් සලකලා. අඩු තරමෙන් ජාතික ගීය හින්දියෙන්වත් නැහැ. දැන් ඒ නිසා ඉන්දියාවෙ හින්දි කතා කරන අය කොන් කෙරෙනවා ද?

      ලංකාවෙ නිදහස වෙනුවෙන් සටන් කෙළෙ සිංහලයන් පමණයි. මා කියන්නෙ ඩී එස් සේනානායකලා ඩී ආර් විජේවර්ධනලා ගැන නොවෙයි. ඔවුන් කළ සටනක් නැහැ. ඒ පෙත්සම්කාරයන්ට ඕන වුණෙ ඩොමීනියන් නිදහසක් පමණයි. මෙරට නිදහස වෙනුවෙන් සටන් කෙළෙ කැප්පෙටිපොළලා පුරන්අප්පුලා ගොංගාලෙගොඩ බණ්ඩල, ධර්මපාලල ආදීන්. ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීමෙන් දෙමළ කතාකරන ජනයා කොන් වෙන්නෙ නැහැ. ඉන් කියැවෙන්නෙ මෙරට ඉතිහසය සංස්කෘතිය හා නිදහස් අරගලය. සමරවිට විට දෙමළ ජාතිවාදී වෙල්ලාලයන්ට ඒ ප්‍රශ්නයක් වෙනවා ඇති. ඔවුන්ට ඇති ප්‍රශ්නය ඉංගිරිසින් යටතෙ තිබුණු වරප්‍රසාද නැති වීම පමණයි. ඉංගිරිසින් යටතෙ වෙල්ලාලයන් තමයි රටේ නායකයන්. ඉංගිරිසින් නිසා වරප්‍රසාද ලබාගත් වෙල්ලාලයන් අද ඉංගිරිසින් වෙනුවෙන් සිංහලයන්ට හා සිංහලයට විරුද්ධ වෙනවා.

      Delete
    3. ❤️❤️❤️❤️😁❤️❤️❤️❤️

      Delete
  5. ගොඨල හදපු බලවේගය තමයි ඔය අම්පිටියෙ පොර ගොඨලට එයාලව ඔනෙ කොහොමත් එන මැතිවරනය වෙනකම් එකෙ රිසල්ට් එක අනුව තමයි අම්පිටිය ඔනද නැද්ද කියල තිරනය කරන්නෙ. ඔය 69 මධ්‍යස්ථ කියල එවුන් නැ උන් දැන් ඔය විදියට කතා කරාට( මාතලන්ලවගේ එවුන්) ගියපාර ඉලෙක්ශන් දවස්වල උන්ගෙ කොමෙන්ට් කියවපං ජාතිවාදි නැ ආගම් වාදි නැ කියල කිවිවට කිව්වෙම ඒව අදත් ඌ කොමෙන්ට් දාන්නෙ එකෙන් UNP එකත් එක්ක තියෙන ඇරියස් කවර් කර ගන්න
    පව්.. අසරණ ජීවිත..
    තව මාස හයකින් ඔය ස්වයං ආතල් එකෙන් මිදිලා සිහිය සැපත් වෙයි. එතකං ඔහොම සුරතාන්තය විඳින්න

    ReplyDelete
  6. මාතලන්,

    දැන් ලංකාවේ පෙන්වන නාඩගම් අනුව චම්පික රණවකට ඇප ලැබෙන විට රාජිත සේනාරත්නට වරෙන්තු කරති. රණවකට ඇප ලැබීමට මූලික හේතුවක් වුයේ රජයේ වාහනයකට නව ලක්ෂයකට අධික අලාභයක් කිරීම පිලිබඳව නිවැරදි තක්සේරුවක් නොමැතිවීමය. රාජිත සේනාරත්න නළුවන් දෙදෙනකු යොදාගෙන කොමඩි නාටකයක් රඟ දැක්වූ නිසා ඒ අමුමැටි නාටකය තනිකරම ප්‍රබන්ධයක් නිසා ඔහුගේ ප්‍රශ්නයත් දින කිහිපයකින් විසඳෙනු ඇත.

    පහුගිය මහින්ද රාජපක්ෂ සමයේ වංචා දුෂණ චෝදනා ලැබු පිරිස් යහපාලන කාලයේ නිදහස් කෙරුණේත් ඔවුන්ට එරෙහිව පැවරූ නඩුවල තාක්ෂණික දෝෂ නඩුව ඉදිරියට ගෙනයාමට බාධාවක් වන නිශ්චිත අවස්ථාවලදීය. එවැනි නිශ්චිත අවස්ථා වුවමනාවෙන්ම නිර්මාණය කළ හැක. එදා චුදිතයන් කළ දේවල් ඔප්පු කිරීමට නොහැකි වු තත්ත්වයක් තුළ වාහන අනතුරු හා සේනාරත්න වැනි මීහරකුන් නිපදවූ වර්ගයේ 2.50 නරි නාටක හුදෙක් කාලය කා දමන දේවල් වලින් එහාට නොයයි.

    දැන් ආණ්ඩුව කළ යුත්තේ මෙවැනි නිරර්ථක තුට්ටු දෙකේ කටයුතු නොවේ. රටේ උද්ගතව ඇති ප්‍රශ්න විසඳිය නොහැකි තැනකට පත්ව තිබෙන මොහොතක රාජිතලා චම්පිකලා වැනි
    විහිළුකාර අමනයින් පසුපස පැන්නීමෙන් එම ප්‍රශ්න විසඳෙන්නේ නැත.

    පහුගිය අන්තිම දූෂිත අශීලාචාර අවජාතක යහපාලන ආණ්ඩුව මෙවැනි අත්අඩංගුවට ගැනීම් මෙන්ම සිරගත කිරීම් කළේ කිසිම අවංක වුවමනාවකින් නොව මිනිසුන් රවටා නොමග යවමින් කිසිම වැදගත් දෙයක් නොකර මහජන මුදල් හොරකම් කරමින් කාලය කා ගැනීමට බව නොබෝ කලකින්ම පැහැදිලි විය. එම විනාශකාරී කාලය කා දැමූ අශික්ෂිත පාලනයට ප්‍රතිඵල ඔවුන්ට ඡන්ද තිවූ වහාම ඉතා ඉක්මණින් ලැබුණි.

    වත්මන් රජයත් කිසිම විදිහකින් එම ඉරණමට මුහුණදිය යුතු නැත. එම ඉරණමෙන් මිදීමට නම් මේ රජය වහ වහා රටේ ප්‍රගතිය උදෙසා වැඩ පටන්ගත යුතුව ඇත. ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේදී ඇමති සේනාරත්නගේ ප්‍රශ්නය ගැන ලිහිල් අදහසක් පළ කළේය. ඔහු කීවේ දේශපාලනඥයන් කරන කියන එවැනි දේවල් පසුපස ඕනෑවට වඩා හඹා නොයා යුතු බවයි. අපි කියන්නේ දේශපාලකයාට පමණක් එම ලිහිල් බව නොදිය යුතු බවය. කළ යුත්තේ අමන සේනාරත්න පන්නයේ කාලකණ්ණි කුණු වැඩ නොකරන දේශපාලන සංස්කෘතියකට පදනම දැමීමය.

    ReplyDelete
    Replies
    1. දැන් ලංකාව තිබෙන්නේ ණය කන්දක් මත හෙවත් ගිනි කන්දක් මතය. රටේ වාර්ෂික ණය වාරිකය අති විශාලය. නිෂ්පාදන ආර්ථිකයකට රට ගෙන යාමට එක කකුලක්වත් පෙරට තබා නැත. එබැවින් රටේ විනිමය වටිනාකම ශීඝ්‍රයෙන් අවප්‍රමාණය වෙයි. ඒ සියල්ල අතර අද වන විට සහල් කිලෝවක මිල රු.110 ඉක්මවයි. ඕනෑම එළවළු කිලෝවක මිල රු. 500 ඉක්මවයි. සෑම පාරිභෝගික භාණ්ඩයකටම අදාළව මිල ඉහළ ගොස් තිබේ මේ තත්ත්වය තුළ මැදි ආදායම් ලබන ජනයාගේ සිට පහළට ජීවත්වීම යුද්ධයක් බවට පත්ව තිබේ.

      ජනාධිපතිවරයා නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයට ගොස් භාණ්ඩ මිල ගණන් විමසා බලනු දක්නට ලැබුණි. විමසා බලන්නට දෙයක් නැත. තත්ත්වය දරුණුය. මීට විසඳුම වැටුප් වැඩි කිරීම නොව භාණ්ඩ මිල සාධාරණ මට්ටමක පවත්වා ගැනීමට උපාය මාර්ග තේරීමය.

      ජනාධිපතිවරයා කළුබෝවිල රෝහලට ගොස් දෛනිකව එහි පැමිණෙන පිරිසගේ පහසුකම් පිළිබඳව උනන්දු වනු පෙනුණි. අපොස සාපෙළ සමත් අඩු අදායම් ලාභී තරුණ තරුණියන් ලක්ෂයක් රජයේ සුළු සේවා සඳහා බඳවා ගැනීමට යයි. එය නිශ්චිත ඉලක්කයක් ඇති වැඩසටහනක් බව නොදිසෙයි. නුපුහුණු තරුණ ජනයා බලගැන්වීමට නුපුහුණු රැකියා මාර්ග වලින් කළ නොහැක්කකි. ඔවුන් වෘත්තිය පුහුණුවකින් පසු ආයතන වෙත යොමු කළ යුතුය. ඔවුන්ට අනන්‍ය වෘත්තිය ජීවිත පිළිබඳ ප්‍රවර්ග කිරීමකටද යටත්ව මේ කාර්යය කිරීම වැදගත්ය. මීට වසර 10-15 කට පෙර මෙරට හෝටල් ක්ෂේත්‍රය තුළ මුළුතැන්ගෙයි වැඩ කිරීමට එම රැකියාව ඉගෙන ගැනීමට කැමති තරුණයෙකුට යා හැකිව තිබුණි. එහෙත් අද එම මූලික බඳවා ගැනීමට පවා හෝටල් පාසලේ ත්‍රෛමාසික පුහුණුවකින් පසු ලබන සහතිකය වුවමනා වෙයි. එහි අරුත එම වෘත්තියට නියමාකාර ලෙස යොමුකර ගැනීමය. එවැන්නෝ අතර මගින් හැරී නොයති. ඔවුහු ඉලක්කය කරාම යති.

      මේ වගේම රජයේ සේවයටත් බඳවා ගත යුත්තේ වෘත්තියමය වශයෙන් ඉලක්කයකට යොමු කළ පිරිසකි. නැතහොත් සිදු වන්නේ මුදල් නොඋපයන හුදු ආයෝජනයක් බවට එම වැඩසටහන පත්වී රජයෙහි ආර්ථික වැය බර තව උග්‍ර වීමයි.

      ඉතින් මෙවැනි වැදගත් කරුණු ගැන කල්පනා කිරීමට, සැළසුම් සකස් කිරීමට තිබියදි රණවකලා, සේනාරත්නලා පසුපස දිවීම නිරර්ථකය. අඩු තරමින් රජය මහ බැංකු වංචාවට වගකිව යුත්තන්ට එරෙහිව පරික්ෂණයක්වත් කරන තැනකට යා යුතුය. දූෂණ විමර්ශනයෙදී විනිවිදභාවයක් රහිත එකඟතා යහපත් නොවේ.

      ගෝඨාභය රාජපක්ෂ රජයට ආර්ථික මානසිකත්වයක් රටට ලබාදිය හැකිය.

      එය හරියටම මහින්ද රාජපක්ෂ රජය යුද්ධය දිනීමට යුධ මානසිකත්වය රටට දුන්නා හා සමානව කළ හැකිය. යුධ මානසිකත්වය රට තුළ ඇති කිරීම කෙරෙහි ප්‍රතිපත්තිමය වශයෙන් අප විරුද්ධ වූවත් ලංකාව ආර්ථික ප්‍රපාතයක මුව විටේ සිටින නිසා රටට ආර්ථික සංවර්ධන මානසිකත්වයක් ලබා දිම වැදගත්ම හා අත්‍යවශ්‍යම කටයුත්තක් බව කිව යුතුය. සංස්ථා හා මණ්ඩල නව ප්‍රධානීන් වසරක් තුළ ප්‍රගතියක් නොපෙන්නුවහොත් එම තනතුරු වලින් ඉවත් කරන බව ජනපති අනතුරු අඟවා තිබේ. එවැනි ඉලක්ක දීම වැදගත්ය. ඔවුන්ට පමණක් නොව මේ ප්‍රගති ඉලක්කය රටටම දිය යුතුය. එවිට පාර්ලිමේන්තුවට, ආයතන ප්‍රධානීන්ට පමණක් නොව ජනතාවටත් එම ඉලක්කයට ළංවීම සඳහා වැඩ කිරීමට සිදුවනු ඇත.

      Delete
  7. "අම්පිටියේ සුමනත් ආගම රැකගැනීමට දෙවියන් වහන්සේගේ පණිවුඩකරුවාට දිවා කාලයේ අහසේ තරු පෙන්වීම අපට අනුමත නොකල හැකිමුත්, උන්නාන්සේ ඒ තත්වයට පත් වෙන්නේ මන්දැක් කියා සොයා බැලිය යුතුය..."
    අපරාදේ ලසන්ත ගැනත් එහෙම සොයා බලන්න තිබුණා. එකපාරටම නිවන් යවන්නේ නැතුව!

    ReplyDelete
  8. බුදුන්ගේ ඉගැන්වීම් පසෙකලා, තමන්ගේ ආගම, ජාතිය නැති වේ යැයි, වැනසේ යැයි බියෙන් සිටින ජාතියක් සමග සංවාද කල නොහැක. මන්ද ඔවුන් සැමවිටම සිටින්නේ කැළඹුණු සිත් ඇතිවය. බුදුන් දේශනා කල සමාධියට පැමිණිමට ඔවුන්ට නොහැක. යමෙක් තමන්ගේ මතයට හෝ විශ්වාසයට විරුද්ධ යමක් පැවැසූ විට, අතුල් පහර එල්ල කිරීම හැර වෙනත් විකල්පයක් ඔවුන්ට නොමැත.

    ReplyDelete
  9. මාත දන්නව නේද රනිල් වික්‍රමසිංහ 2025 වසර වන තුරු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් කිරීමට පක්‍ෂ ව්‍යවස්තාව අනුව කිසිදු හැකියාවක් නැති බව?

    අද මේ බව එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්සංක නානායක්කාර මාධ්‍ය ආයතන වලට ප්‍රකාශ කළා.

    පහු ගිය දවස් වල 2019 වාර්ෂික පක්ෂ සම්මේලනයේදී ඉදිරි වසර 06 සඳහා ද පක්‍ෂ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ සම්මත වූ බවත් ඒ අනුව 2025 වසර වන තුරුම ඔහු පක්ෂයේ නායකත්වය දරනු ඇති බවත් නීතිඥ නානායක්කාර පැවසීය.

    ඒ අනුව රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට නම් ක්‍රම දෙකක් ඇති බවත් එනම් රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉල්ලා අස්වීම සහ නායකත්වය වෙනස් කිරීමට පක්ෂ විශේෂ සම්මේලනය කැඳවීම් බවද ඔහු කියයි.

    නමුත් පක්ෂය තුළ පවතින තත්ත්වය මත එම ක්‍රම දෙකම ප්‍රායෝගික නැතැයි ද ඔහු තව දුරටත් පැවසීය. මාත මේ ගැන දරන මතය මොන වගේද?

    ReplyDelete
    Replies
    1. සජිත් වගේ බූරුවෙක් පක්ෂයක නායකයකු නොවිය යුතුය

      Delete
    2. මාතලන්..වගේ බූරුවෙක්ද නොවිය යුතුය.....

      Delete
  10. ලබන 2020 ජනවාරි 03 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුව රැස් කිරීමෙන් පසු සිදුකරන රාජාසන කථාව පරාජය කරවීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් සාකච්ඡා කරන බව ම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සඳහන් කරයි.

    නමුත් තමන් ඊට එකඟ නොවන බවත් රාජාසන කතාව පරාජය කිරීමට ඡන්දය ලබා නොදෙන බවත් ඔහු පවසයි.

    ජනාධිපතිවරයා පත් වූයේ බහුතර ජනතා ඡුන්දයෙන් නිසා රාජාසන කතාව පරාජය කිරීම අනුවණ පිරිසගේ වැඩක් යයි ද ඔහු කියා සිටියේය.

    විපක්ෂයක් ලෙස කළ යුතුව ඇත්තේ ජනාධිපතිවරයා කරන යහපත් දේ සඳහා සහාය දැක්වීම මෙන්ම ඡන්ද සමයේ දී ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන තැනට බලකිරීමත් බව තව දුරටත් කියා සිටී. මාතලන් අයිය ඊට එකඟද?

    ReplyDelete
  11. මෙච්චර ආවේගයක්..... උනන්දුවක්!

    ReplyDelete
  12. //ලංකාවට කොයි ව්ලේ ගේමක් දෙම්දෝ කියා බලා සිටිනා බටහිර බලවේග...//

    මේක ලිව්වෙ උඹමද මාතලං අයියෙ?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න