.

.

Oct 20, 2020

මධුෂ් වන්දනාව හෙවත් කුඩ්ඩන් වෙනුවෙන් හඬා වැලපීම


මාතලන් පාතාලයන් හා ත්‍රස්තවාදීන් ගැන ලියන්නේ බොහෝම අඩුවෙන්ය. ඒ ඔවුන් ගැන කතාකරනා වචනයක් පවා සමාජයට කරනා අසාධාරණයක් නිසාවෙන්මය.

අපි පාතාලයන් කීවාට ලෝකයේ මොවුන් හඳුන්වන්නේ මාෆියා කන්ඩායම් ලෙසය. මදුෂ්ලා හඳුන්වන්නේ ඩ්‍රග් ලෝර්ඩ්ස්ලා ලෙසය. ගූගල් සර්ච් වලට ගොස් ෆිලෝසොෆර්ස්ලා හොයනවා වාගේම ඩ්‍රග් ලෝර්ඩ් (ඩෘග් ලොර්ඩ්) කියා ටයිප් කරාම ලෝකප්‍රකට සෙට් එක එක පෙලටම ලස්සනට ඉන්නවාය.

බොහෝ අය ස්වර්ගස්ථව ඇති අතර. ඒ කිසිවකුත් සාමාදානයේ සැතපුන අය නම් නොවේය. සියල්ලෝම පාහේ ප්‍රතිවාදින්ගෙන් හෝ පොලීසියෙන් හෝ විශේෂ හමුදාවන් මගින් හෝ නිවන් යැවූ පුද්ගලයෝය. ඩ්‍රග් ලෝර්ඩ්ස්ලාගේ ඉරණම එයයි. හේතුව මත් ද්‍රව්‍ය වෙළඳාම නීතී විරෝධි ව්‍යාපාරයක් වීමයි.

ලොව මාෆියා කන්ඩායම් සිල්ලම මුද්ල් සොයන්නේ සමාජ විරෝධි ව්‍යාපාරයන්ගෙන්ය. එය මත් ද්‍රව්‍ය, ආයුධ, ගනිකා ව්‍යාපාරය, හියුමන් ට්‍රැෆිකින් හෙවත් නව වහල් වෙළඳාම, ත්‍රස්තවාදය හා සහ සම්බන්ධව පවතින්නේය.

මාෆියා කල්ලිවලින් තොර රටක් මේ මිහිපිට ඇතයි කියා මාතලන් නම් සිතන්නේ නැතිය.

ලෝක ආර්ථිකය තුල මොවුන් උපයන ධනය හැඳිවෙන්නේ කළු සල්ලි හෙවත් බ්ලැක් මනී ලෙසය. ලොකප්‍රසිද්ධ මාෆියා නායකයා වූ පැබ්ලෝ එස්කොබා 1993 දී මිය යන විට ඔහුගේ වත්කම ඩොලර් බිලියන 30 කි. එහි වටිනාකම අද මුදලින් ඩොලර් බිලියන 60 කට ආසන්නය. මේ මුදල් නිදහසේ සැරිසරන රාජ්‍යයන් අතරේ පැනමාව ප්‍රමුඛ දකුණු ඇමරිකාණු රටවල් හා ඩුබායි රාජ්‍යයද ලෝකප්‍රසිද්ධය.

වත්මන් ඩ්‍රග් ලෝර්ඩ්ස්ලාගේ සුරක්ෂිත නවාතැන් පොල බවට පත්ව තිබෙන්නේ ඩුබායි රාජ්‍යයි. මාකදුරේ මධුෂ් ජාත්‍යන්තරයට යන්නේ එහිදීය. ඩුබායි හී පවතින මිළ අධික ජීවන රටාව තුල, අධි සුඛෝපභෝගී ජීවන රටාවක් පවත්වාගෙන යාමට ඔහු කෙතරම් ධනවතෙක් වන්නට ඇතිදැයි දන්නේ ඩුබායි ගැන දන්නා උන් පමණමය.

මාෆියා බ්ලැක් මනී වලින් දුවන රාජ්‍යයන් වාගේම, රාජ්‍ය නිළධාරින්, ආරක්ෂක අංශ මෙන්ම මාධ්‍යවේදීන්ද සිටිනා බව අප මෙහිදී අමතක නොකල යුතුය. ලංකාවේ පාතලයන්…, වීරයන් කලෝ ඔවුන්ය. මෙහි අපූර්වත්වය නම් ඔවුන්ද අවසානයේ පාතල සාමාජිකයින් වීමය. ඒ නාකොටික් නිළධාරින් නොම්මර එකේ කුඩු ජාවාරම් කාරයන් වූවා වාගේමය.

එහෙත් අපේ රටේ ප්‍රාමානික උගතුන් පවා හැසිරෙන්නේ මේ කිසිවක් නොදන්නා බබුන් ලෙසය. එක්කෝ අනෙක් කරුණු වාගේම මේ බව හොඳින් දැනගෙන නොදන්නවා වාගේ හැසිරෙන්නෝය.

ඒ තමන්ගේ දේශපාලන හෙළුව වසාගැන්මටය.

මාතලන් මේ ලිපිය ලියන්නේද මදුෂ්ගේ ඝාතනය දේශපාලනිකරණය වූ ආකාරය ගැන විමසා බැලීමටය.

එය හරි අපූරු සිඳුවීමකී. සාමාන්‍ය ජනතාවට SF ලොක්කා මෙන්ම මාකදුරේ මධුෂ්ද වීරයකු වීම ඔවුන්ගේ නොදැණුවත් කම සේ සලකා බැහැර කළ හැකිය. මන්ද ඔවුන්ට කූඹියෝ නාට්ටියේ එකාත් මාර වීරයෙක් වී ඒ වසරේ ජනප්‍රිය නලුවාද වූ නිසාය. දැන් වීරයා වී තියෙන්නේ එදිරිමුණිය…,

එහෙත් සමාජය ගැන ලෝකය ගැන මෙන්ම පාතාලය ගැනද යම් දැණීමක් ඇති වුන් කලබල වූයේ මන්ද…?

මේ කලබල වූ සියල්ලෝම යහපාලනය තුල මධුෂ්ගේ මරණය බලාපොරොත්තුවෙන් සිටි අය වීම මාර ලොල් සහගතය.

ඊට හේතුව වූයේ මධුෂ්ගේ සම්බන්ධයක් තිබූ නිරෝෂන් ප්‍රේමරත්න එවක රාජපක්ෂ කඳවුරේ සාමාජිකයකු වීමය.

ඒ කාළයේ යහපාලන සහජීවන මානුෂික පොරවල් බලාපොරොත්තු වූයේ මධුෂ්ගේ ආයුධ පෙන්වන්නට ගෙන යාම පමණක් නොවේ…, නිරෝෂන් ප්‍රේමරත්නද එසේ ගෙන යාමයි.

තවත් අපූරූ අඬෝවැඩියාවක් වන්නේ මධුෂ් මිය ගියේ රහස් ගොඩක් සමඟයි කියනා අමු ගොන් තර්කයයි.

මධුෂ් අල්ලාගෙන එන්නේ යහපාලනයෙන්ය. එකල පොලීසියේ මෙන්ම බුද්ධි අංශද පාලනය වී තිබෙන්නේ හඬපට නාමල් කාරයාගෙන් බව අද බොහෝ පැහැදිලිය. පොලිස්පති ඉඳලා තියෙන්නේ සින්දු කියන්නට හා පෙරහරේ නටන්නටය. ඌ පොලීසියේ සිඳුවූ කිසිවක්ම දන්නේ නැතිය.

ආරක්ෂක අමාත්‍යංශයේ ලේඛම්වරයාව සිට ඇත්තේ කන පැලෙන්න ආතල් දුන් නාමල් කුමාරය. එ වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යශය ඔහුට වැටුප්ද ගෙවා ඇත.

උන්ගේ යටතේ උන් අනෙක් පිස්සෝ ජිනීවා බලා පැන ගොස් අවසානය. මුන් ටික එකතු වෙලා ඒ කාළේ මධුෂ හා කංජිපානි එක්ක හතරවන තට්ටුවේ බට්ටෝ පනින්න ඇතිය. රහස් එලිකරන්න ඉඳලා තියෙනේ අදය.

88/89 කාළයේ කසිප්පු ටිකක් පෙරූ, ගංජා ටිකක් විකුණූ, හංදියේ කඩෙන් කප්පම් ගත්ත චන්ඩින් මෙන්ම…, ඇඟ විකුණු අහිංසක ගැහැණුන්…, තම දරු පැටවුන් මර හඬ දෙද්දී පාර දිගේ ඇදගෙන ගොස් ලයිට් කණුවලට ගැට ගසා වෙඩි තබා මරා දැමුවේ…. “දේශද්‍රෝහීන්ට දඬුවම මරණය” නමින් බෝඩ් එකකුත් කරේ එල්ලලාය. ඒ උන් සමාජ විරෝධීන් ලෙස හංවඩු ගසමිනි.

එහෙව් ජෙප්පෝ අද මාකඳුරේ මධුෂ් ගැන පාර්ලිමේන්තුවේ කඳුළු හලනා විට, එදා කරපු ඒවා ප්‍රශ්ණ කරන්න එකෙක් නැත්තේ, ඒදා මරන්නට වරෙන්තුව නිකුත් කල එකා අද ආන්ඩු පක්ෂයේ ඉන්නා නිසාත් විය හැකිය.

මේ සිඳුවන්නේ වෙන කිසිවක් නොවේ.

2015 යහපාලනය ගෙන ආ කඳවුරට අද නායකයකු නොමැති වීමය.

උන් ගෙනා ගැලවුම්කාරයා අද රාජපක්ෂලාගේ ඔඩොක්කු කුක්කෙක්ය. රනිල්ට ඇපත් නැත. ව්‍යවස්ථා හදාපු එකා රටෙත් නැත. අන්ත අසරණය, නන්න පෝල්ය. චක බ්ලාස්ය. කොටින්ම ඩෙඩ්ය. උන්ගේ වීරයන් සියල්ලම මැරිලාය.

ඒ නිසා පොලිස් වෙඩි පහරින් මිය ගිය මාකඳුරේ මධුෂ් නොව,

පොලිස් ජීපෙකේ හැපි මියන පර බල්ලෙක් උනත්.., හෙට දිනයේ ඔවුන්ගේ වීරයෙක් වුවහොත් අප කලබල විය යුතු නැත..

වීරයා අහිමි වී මානසිකව කඩා වැටී සිටිනා යහපාලන වියතුන් අද කුඩු කාරයන් වෙනුවෙන් හඬන්නේ ඒ නිසාය..

එවිට “ශාන්තුවරුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට වඩා බල්ලාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම දේශපාලන වශයෙන් ඉදිරිගාමී වේ…!!!” යනුවෙන් සටහනක් නිර්මාල් දේවසිරිගේ ෆෙස්බුක් තාප්පේ සටහන්ව තිබෙනායුරු ඔබ සැමට දැක ගැනීමට ලැබෙනු ඇත..


ඒ වගත් මෙසේය…


6 comments:

  1. Don't say like that Mr Maathalan(even though it's true) Nothing personal, we are Yahapalana and Javipa supporters, this is how we see the world.

    For us LTTE, Contract killers, drug barons, Hit and run MPs and even the men on the prison roof with T56 in their hands are innocent humans. We must bail them out and appoint to BOI to help start new businesses or let them run BOI from inside.

    It's all you Pohottuwa supporters are criminals killing innocent. Remember Thajudeen, Gold horse don't get me started. LOL (Wijebahu)

    ReplyDelete
  2. Pls read below article , sri lanka is getting there with the help of people like this blogger who says he is patriotic..

    https://www.dailymail.co.uk/news/article-8865591/Inside-court-Thai-king-Maha-Vajiralongkorn.html

    ReplyDelete
    Replies
    1. @ Anonymous October 21, 2020 at 11:46 PM
      I do not see the relevance of tabloid story about Thai King's extravagant lifestyle and Sri Lanka, story is more relevant to UK monarchy.

      Delete
  3. සුළුතරයකගේ අදහස් වුවද ලියා තැබීම වටියි!

    ReplyDelete
  4. මදුෂ් මැරුව එක හොඳයි. මාතලන්නම් හදවතින්ම ලාංකික නේ.
    දැන් ඔය අල්ලපු කෝටි ගාණක කුඩු වලට මක්කයි වෙන්නේ? ඒත් මදුෂ් මැරුව එක හොඳයි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න