.

.

Mar 27, 2020

වගා සංග්‍රාමය... කසියා හා ගංජා....




කොරෝනා නිසා මුලු ලෝකයේම ආර්ථිකේ කුඩු වෙලා නේ තියෙන්නේ....

ඉතින් අපි වගේ පුකේ මයිල් ගහක් සයිස් ආර්ථික ගැන කතා කොරන්න දෙයක් ඇත්තෙම නෑ....

ඉදිරියට එන රැකියා හා ආර්ථික අර්බුදය හිතා ගන්නවත් බෑ...

ඒත් අපේ රට කුඩා රටක් හා ආර්ථිකයක් වීම නිසාම ගොඩ එන්නත් ලේසියි....

ඒක 2008/9 ලෝක ආර්ථික අර්බුදය වෙලාවෙත්... යුද්ධයකුත් තියාගෙන ජයගන්න රාජපක්ෂලාට පුලුවන් උනා....

මාතලන් අහගෙන ආන්ඩුව කියනවා අපි දැන් දැවැන්ත වගා සංග්‍රාමයකට යා යුතුයි කියලා...

ඇත්තටම මුලු ලෝකයටම අලුත් සිස්ටම් එකක් ගැන හිතන්න වෙයි....

අධික වේගය මරු කැදවයි කියන්නැහේ.... මම හිතන්නේ ලෝකය දියුණු උන වේගය වැඩියි.... අනික අත්‍යාවශ්‍ය දේ අමතක කරලා... මිනිස්සු පිස්සෝ වගේ දිව්වේ මිරිඟු ගොඩාක් පස්සේ...

ලෝකේ සුපිරි වාහන, නෞකා, යොට් ප්‍රයිවට් ජෙට් තිබුනට ෆුට් එක්විප්ට් බෙඩ් හැදුවේ නෑ හොස්පිටැල්වලට..... සල්ලි පස්සෙ අජ්ජාපනය පස්සෙ දිව්වට... මිනිස් සබඳතා පයිසෙකට මායොම් කලේ නෑ....

අද මීටරයක් ඈතින් ඉදන් උනත් ඒ දේ නැවත ගොඩනැගෙමින් තියෙනවා පරිසර දූෂණය අඩු වෙලා තියෙනවා....

ඉතින් මේ වගා සංග්‍රාමේ ගැන කියනවා නම් අපිට ලේසියෙන්ම ගොඩ ඒන්න ඇහැකි... ඒ විතරක් නෙමේ ඒවා අපනයනයෙනුත් අපට ගොඩ එතෑකී... 70 දශකය අගභාගය වෙනකන් අපි යැමුනේ එහෙම වගා ආර්ථිකයකින්....

එතනදි අපි සාම්ප්‍රදායික මත වලම ඉන්නේ නැතුව වැඩිදුර හිතන්නත් ඕන... ගංජා වගාව අධීක්ෂණයක් යටතේ සිඳු කිරීම එකක්.. ගෙවතු වගාවක් ලෙසත් ප්‍රචලිත කොට රම්පෙ කරපිචා වගේ සෑම ආහාරයකටම එක් කිරීනෙන් මේ කොරෝනා වගේ වසංගත වලින් බේරෙන ඉහළ ප්‍රතිශක්තියක් සමස්ත ජනතාවටම ලබා දෙන්න පුලුවන්...

මේ ගැන ඇති දුර්මත වලින් වගකිවයුත්තන් ඈත් කිරීම දේශීය වෙදුන්ගේ යුතුකමක්....

අනික එතනෝල් ගෙන ඒමට වැය කරන විශාල මුදල... ඔය ෂිවාස්, ජැක් ඩැනියෙල් වලට වඩා සුපිරි බඩු අපේ දේශිය කෙමිස්ට්ලා නිශ්පාදනය කරනවා.... හාල් වලින් සකේ හදලා ජපනටත් විකුණන්න පුලුවන්....

අනික පශු සම්පත...  හරක් මස් කුකුස් මස් වලට වඩා පහසු මිළට ලබා ගැනීමට සලසන්න ඕන... මේක පෝෂ්‍ය පදාර්ත වැඩිම ආහාරයක්... ඉන්දියාව ගවයා දෙවියා කිව්වට... ලෝක ගවමස් අපනයනයේ ඉදිරියෙන්ම ඉන්න රටක්... එතකොට කිරි වලිනුත් ඉබේම ස්වයංපෝශිත වෙනවා....

ඉස්සන් හා කකුළුවන් මහා පරිමානයෙන් නිපදවීම තා දෙයක්.....

එවන් තවත් බොහෝ දේ තියෙනවා... රට වටේම මුහුද තියෙද්දි ටින් මාලු අඩුවට කන මරිමෝඩ ජාතියක් අපි....

අලුතෙන් හිතමු..
රට ගොඩ ගමු...

වැටුනත් නැගිටින..
වැටි වැටි නැගිටින...
එක කොඩියේ සෙවනේ...
ප්‍රේම වඩා... සැම බේද දුරැලලා...
පෙරටම යමු ලංකා.....

14 comments:

  1. මාතලන් වැනි වසලයෙකට 2015 -216 ආසන්නයේ ලියා ඇති දේ කියවීමෙන් මු නිකන් වැල යන අතට මැස්ස ගහන සිරිසේන වැනිම ගොබ්බ්යෙකු අවබෝධ කරගත හැකිවෙනු ඇත ලැජ්ජ බිමේ. නොදකින් මෙහෙම බ්ලොග් කාරයෝ.

    ReplyDelete
  2. In Australia we eat lamb. Even Kangaroo meat is good.

    Meeta Wijebahu

    ReplyDelete
    Replies
    1. පල පල ඩෝ

      Delete
    2. Ane palayan bun yanna. Mehe awilla toilet hodana umba wage eun kana lamb apine danne.

      Delete
  3. https://www.psychiatrictimes.com/substance-use-disorder/cannabis-induced-psychosis-review

    ReplyDelete
  4. නිෂ්පාදනය කිරීම තමයි දැන් හරියන්නේ

    ReplyDelete
  5. අලුතෙන් හිතන්න හැකි නම් එහෙම වෙන්නත් හොඳම වෙලාවක් මේ. වැටිලා මොළේ තැලිච්චි වෙලාව මං කියන්නේ.....

    ReplyDelete
  6. Hope people will wake up to Maathlan's point

    In December 19 I was in SL, I have a friend who ownes large rice field (land)next to his house,which is abandoned. I ask him why he is not cultivating. He said it is cheaper to buy rice from the market. When I was growing up in the same village, my father did not even know the rice price in the market, he just cultivated his land. Meeta Wijebahu

    ReplyDelete
  7. ඔබේ පැතුම අපි සියලු දෙනාගේම පැතුමයි.
    විචාරක දියණිය

    ReplyDelete
  8. උඹට ඕක ඇත්තටම කරන්න ඕනෙනම් කුඹුරු අක්කරයක් වත් අරගෙන උඹත් අස්වද්දපන්. නැත්තම් ඉඩමක් බද්දට හරි අරගෙන අලයක් හරි වවපන්. කොළඹට වෙලා ඉඳගෙන ආණ්ඩුවකට හෝ විපක්ෂේකට කඩේ ගිහින් ගතමනාවක් හොයාගන්න එවුන් හැමදාමත් කරේ රටේ ප්‍රශ්න උලුප්පලා තමුන්ගේ බඩ වදාගත්තු එක විතරයි.

    ReplyDelete
  9. මාතෙගෙ ලිවිල්ල ඉස්සර වෙගෙන්ම තාමත් යනව නෙ එල එල

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න