.

.

Apr 2, 2020

කොරෝනා සෑම අතින්ම මාරාන්තිකයි....!!!




නිකං දාර්ශනික ටෝක්. පඬි ටෝක් දීලා වැඩක් නෑ..

එක එකා එක්ක මරාගෙනත් වැඩක් නෑ..

අමු ගොබ්බ ගොන් කතා කියලත් වැඩක් නෑ...

ගහ මරාගෙනත් වැඩක් නෑ.....

පිරිත් කියලා, යාඤ්ඤා තියලා, කන්නලව් කරලා, යාග හෝම තියලත් වැඩක් නෑ...

කොරෝනා ඔය මොකාටවත් බයත් නෑ...

වැක්සීන් එකකට බය උනොත් මිස.. ඔය බොරුවලට කොහොමත් බය නෑ...

ලොක් ඩවුන්, ඇඳිරි නීතිත් ඉස්සරහට වැඩක් වෙන්නේ නෑ....

මාස්ක් එකක් දාගෙන... තිබ්බ සිස්ටම් වලටම යන්න වෙනවා.. (චීනය, කොරියාව වගේ)

නැහ්නන් මිනිස්සු මැරෙන්නේ, රස්සාවල් නැතුව.... කන්න නැතිව...

ඒ එක්කම වැක්සීන් එකක් හොයා ගන්න වෙනවා...

ඔය අපේ ඩොකාලටත් පිටරටින් දෙන උපදෙස් ටික අපිට කියනවට වඩා හොදයි....

ඒ වගේ දේකට යොමු වෙන එක....

අරවා කියන්න රේඩියෝ ටී වී චැනල් තියෙනවා.... මොකෝ ඔය සංගම්වලින් හොයා ගත්ත අලුත් දෙයක් හරි බෙහෙතක් හරි තියෙයි....

මෙච්චර කල් ලෝකේ දිව්වේ බොරුවෙන් බව අපූරුවට පේනවා....

ඇමරිකන් වෝ ෂිප් එකේ ලොක්කගෙ කතාවෙන් ඒක අපිට හොදට තේරෙනවා...

පොර කියන්නේ යුද්ධයක් නැතිව උන්ට නිකන් මැරෙන්න බෑලූ... දැන් තියෙන්නේ කොරෝනා පොසිටිව් නම් පුකට වෙඩි තියාගෙන මැරෙණ එක...

ලෝක බලවත්තු හිතුවේ නෑ... උන් කවදාවත් ලෙඩ වෙයි කියලා... උන් මැරෙයි කියලා...

ඔය රටවල් කට්ටියම එකතුවෙලා මරපු මිනිස්සු ගානට වඩා මිනිසුන් ප්‍රමාණයක්.... කොරෝනා තනියෙන් මරණවා....

දැන් තමයි උන්ට වෙන්ටලයිසර් නිශ්පාදනය කරන්න මතක් වෙලා තියෙන්නේ...
උන්ගේ රජවරු පාලකයෝ එකා දෙන්නා චුත වෙනකොට තමා මිනිස් ජීවිතයක වටිනාකම දැනිලා තියේන්නේ...
බැලස්ටික් මිසයිලෙකට වඩා... ෆේස් මාස්ක් එකක් වටින බව තේරිලා තියෙන්නේ...
අඟහරුවල අයිස් හොයනවට වඩා මිනිස් ජීවිතයක වටිනාකම තේරිලා තියෙන්නේ....

මිනිස්සුන්ට අවශ්‍ය දේ මොනවද අනවශ්‍ය දේ මොනවද කියලා තේරිලා තියෙන්නේ...

අපේ රටේ උනත් රාජ්‍ය සේවය නිකන් පුරවලා...
මැරීගෙන වැඩ කරන කම්කරුවගෙ.... පෞද්ගලික ව්‍යවසායකයගෙ... ස්වයං රැකියාවක් කරන එකාගේ.... පිට රට ගිහින් කඹුරන එකාගේ සල්ලි වලින්....
උන්ට කන්න දීලා කර ගත්ත මුදල් නාස්තිය....

ඉස්සරහටවත් නවතිනවා නම් ලොකු දෙයක්...

ඔය ආන්ඩුව කරන්න හදන වගා සංග්‍රාමවලට දන්න ඕන ඕකුන්..
එහෙම නැතුව අනිත් මිනිස්සු නෙමේ..

මේ මොහොතෙවත් උන් උන්ගේ යුතුකම නිසි ලෙස කරන්නේ නෑ...
උජාරුව එහෙම්මමයි... මහන්තත්තකම එහෙම්මමයි...
උන් දන්නෙ නෑ රුපියල් 5000 ක් ගන්න එන අහිංසක එකාම වගේ...
උනුත් ගන්නේ පිං පඩි කියලා...
මොකෝ ඕකුන් හරියට වැඩ කරා නම්...
මේ රට මෙහෙම තියේවිය..
ගෙවන පඩියට ඕකුන් මරවලා වැඩ ගන්න ඕන....

අනික උන්ගේ අඩු පාඩු කිව්වොත්..
කියන එකා අල්ලලා කූඩූ කරන්න යන්නේ...

මේවට නම් ඉතින් පුකෙන්ම තමා හිනා වෙන්න වෙන්නේ....

ලෝකෙටම චීනය කොරියාව අනුගමනය කරන්න වෙන්නේ... නැහ්නන් ඉතින්... අලුත්ම සිස්ටම් එකකට යන්න වෙන්නේ...

ඒවා ඉතින් ආන්ඩුවල තීරණ....

අපි එතකන් පුලුවන් තරම් ඇත්වෙලා ඉමු...

එච්චරයි....

කොරෝනා හැම අතින්ම මාරාන්තිකයි...

ප්‍රවේශම් වෙන්න...!!!

තේරුනාද මන්දා........ 😁😁😁

8 comments:

  1. ඇඳිරි නීතිය දැමූ දවසේ ඉඳන් මෙහාට නම් කිසිම සැපයුමක් නැහැ. බඩුවක් දෙකක් ගන්න හැමෝම නීති කඩනවා.

    කාර්ය සාධක බලකාය වැඩකටම නැහැ කියලා ඉඳිද්දී ඊයේ හවස ජනාධිපති මාධ්‍ය ඒකකයේ සුගීශ්වර බණ්ඩාර මහත්තයාගේ මුහුණු පොතේ පොස්ටුවක් ඇහැ ගැහුනා. ජනාධිපති මාධ්‍ය ඒකකය පැය 24ම වැඩ කියලා. අපේ ගැටළු කියන්න ටෙලිෆෝන් නොම්මර කීපෙකුත් තිබුනා. (මාතලම් උන්නැහේ කියන විදිහට එයාලටත් පඩි ගෙවන්නේ අපේ සල්ලිවලින් වෙන්නැති.) මගේ ගැටලුව කිව්වාම වෙච්චි හරිය සුගීශ්වර මහත්තයාගේ පොස්ටුවට කමෙන්ට් එකක් විදිහට දැම්මේ වෙන කියන්න තැනක්- කෙනෙක් නැති හින්දයි. එතකොටවත් උත්තරයක් ලැබේවි කියලයි හිතුවේ. මෙන්න ඒ කමෙන්ටුව.

    ‘Nimal Diaanayake ආයුබෝවන්. මම නිමල් දිසානායක. ඉන්නේ මහරගම පමුණුව පාරේ. මෙතෙක් කාර්ය සාධක බලකාය හා එක්ව එවනවා කී කිසිම සැපයුම් රියක් තියා අත් කරත්තයක්වත් තවම මෙහාට ආවේ නැහැ. පුද්ගලික ලොරියක් විතරයි ආවේ, පොල් හා බිත්තර අරගෙන. ඇඳිරි නීතිය නොතකා පාරේ යන වාහන, පුද්ගලයන් අනුගමනය කරන්නද අපට වෙන්නේ? මේ තත්ත්වය ගැන කියන්න 0112 354 354 ට කතා කළා. මහත්මයෙක් මගේ කතාව 0114 055 927 ට කියන්නැයි කීවා. කිව්වාම 0112 860 003 ට කතා කරන්නට උපදෙස් දුන්නා. එතැනින් කීවේ සතොස- 0112 436 301 හෝ කෝප් සිටි-0773 689 460 ට කතා කරන්න. සතොස සතොසේ ටෙලිෆෝනය උස්සන්නේ නැහැ. කෝප් සිටියෙන් අංගනාවක් කිව්වා 0112 354 354 ට අරන් මහජන සම්බන්ධතා අංශයට කියන්න කියලා. වටම ගිහින් ගෙටම ඇවිත්..., දැන් ඒ නොම්මරේ ගත්තාමත් ටෙලිෆෝනය උස්සන්නේ නැහැ. කරුණාකර කියන්නකෝ, තව කාටද කිව යුතු කියලා.’

    පැය 24 ක් වේගෙන එනවා. තාම කිසිම සද්දයක්-බද්දයක් නැහැ.

    දැන් මම හැකි හැම තැනකටම මේ විස්තරය දාන්නේ, මහරගම පමුණුව පාරේ උදවිය වෙනුවෙන්. මොන රෙද්දේ සාධකයෙන් හරි සාටකයෙන් හරි අපටත් හාල්-පොල්-තුනපහ-සීනි-තේකොල-පොල්තෙල් ටිකක් ගෙන්නාගන්න එපයි. අඩුම ගන්නේ තේ ටිකක් බොන්නවත් දේවල්....

    තව ටෙලිෆෝන් නොම්මර නම් එපා. තැන-තැනින් දුන්නු නොම්මරවලට කතා කරලා- පණිවිඩ යවලා අපේ lane එකේ කට්ටියටම ඇතිවෙලයි ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ඕකම මෙහෙටත් වෙන්න ගියේ. හැබැයි මෙහෙ වෙළඳ ප්‍රජාව බුද්ධිමත්. ඔවුන් දන්නවා මිනිස්සුන්ට බඩු භාණ්ඩ ඕනා බව. මේ අවටම වෙලෙන්දො නිසා ගමක් පාරක් ගානෙ ඉන්න මිනිස්සු ගානත් දන්නවා. එනිසා ඔවුන් කොහොමින් හරි මිිස්සුන්ට ආහාර ද්‍රව්‍ය ගෙනහින් දුන්නා. මහරගම, හයිලෙවල් පාරෙ තියෙන කඩවල මුදලාලිල දන්නවද පමුණුව පාරෙ ගෙවල්වල මිනිස්සු ඉන්නවද කියලවත්. ඔවුන්ට ඒ ගැන හරි වැටහීමක් නෑ. නැත්තං ඔවුන්ගෙත් වෙළඳාම සරුවෙන්න තිබුණා.

      Delete
    2. ම.ලි.ර. සුරංග
      මානසිකව ඇද වැටී බුද්ධිය තුවාල වූ කෙනෙක්

      මීට වඩා හරකෙක් දැක්කොත් අටපට්ටමට කියන්න ඕනේ
      මොහුට කිසිම මානසික ගැටලුවක් නැති අතර මොහු තමන්ට ආවේනික වූ ක්‍රමයකින් ප්‍රසිද්ධ වීමට උත්සාහ කරයි

      Delete
    3. සුරංග, ඒ මහත්තයාගේ මුහුණු පොතේ උඩින්ම තීරුවක තියෙනවා එයාව වර්ණනා කළ කිතුරන් තිදෙනෙකුගේ කමෙන්ට්ස්. ඒක නම් මම දැක්කාමයි. දැන් තමයි මේ මැන්ටලේට මීටර් වෙන්නේ.

      Delete
  2. ඕක තමයි ඇත්ත මචන්. මම සංඛ්‍යා දාල කියන්න හදන්නෙත් එකම තමයි. මුන් හිතන්නේ මම බය කරන්න ලියනවා කියල.

    ReplyDelete
  3. පිරිතට නොයෙකුත් අපහාස උපහාස කරන, අවලාද නගන මෙම මොහොතේ අපි පූජ්‍ය මණ්ඩාවල පඤ්ඤාවංස හිමියන්ගේ ‘විප්‍රවාසිකයාගේ ස්වදේශාටනය‘ කාව්‍ය සංග්‍රහයට උන්වහන්සේ ලියූ ‘අනුමෝදනාවේ‘ පහත කොටස උපුටා දක්වන්නට තීරණය කළෙමු.

    “අප සියලු දෙනා ම එක ම ජාලයක වෙනස් වෙනස් ආකාර නූල් පටවල් පමණක් වන අතර සළුව වියද්දී එක් නූලක් කැඩුණු කල්හි සන්නාලියා සිය යන්ත්‍රය ම නවතා එය අළුත් වැඩියා කරයි. එක හුයක වැරැද්දෙන් සෙසු සියල්ලන්ට ම මිදී සිටිය නො හැකිය. අපි සියල්ලෝ ම එකිනෙකා කෙරෙහි වගකීමෙන් බැඳී සිටිමු. සමස්ත වෘක්ෂය ම නිහඬව ඒ බව දැන සිටියදී විනා එහි එක ම එක පත්තරයක් හෝ ඉදී කසාවන් නො වන්නේය.
    පහත සඳහන් කාරණය කෙරෙහි ඔබේ විශේෂ අවධානය යොමු කරවනු කැමැත්තෙමි: විශ්ව ක්‍රියාකාරිත්වය තුළ සොඳුරු රටාවක් තිබේ. මෙම රටාවේ පදනම මෙත්තා-කරුණාවය. පසුගිය කාලයේ ජපානයේ සිදුකළ පර්යේෂණයකින් එය තව දුරටත් තහවුරු විය. සූක්ෂ්මදර්ශකයකින් ජලය නිරීක්ෂණය කරන විට වතුරේ අණුවලින් සැදුණු ලස්සන රටාවක් දක්නට ලැබුණි. මෙහි ඇති විශේෂත්වය නම් කෝපය, වෛරය, ඉරිසියාව වැනි කෙලෙස් පවතින අවස්ථාවන්හි දී මෙම රටාව බිඳී යාම යි! පර්යේෂකයෝ හිට්ලර්ගේ හඬ වතුරට වාදනය කර එම ජලය පිරික්සූහ. සුන්දර රටාව එහෙම පිටින් ම වැනසී තිබුණි! අනතුරුව බීතෝවන්ගේ සහ මොසාර්ට්ගේ සංගීත රචනා වාදනය කර වතුර පිරික්සූහ. රටාව නැවත ඇති විය. අනතුරුව ජපන් සෙන් හිමිවරු ජලයට කරණීයමෙත්ත සූත්‍රය සජ්ඣායනය කළහ. රටාව ඉතා මනහර ආකාරයෙන් නැවත පෙනී සිටියේය! දිය බඳුනක් ඉදිරියෙන් තබාගෙන ‘ඔබ සුවපත් වේවා!‘ යනුවෙන් එක දිගට කියාගෙන යද්දී එම ජලයේ අණු සංයුතිය වෙනස් වී මනහර ස්වරූපයක් ගනී. (අපේ මුතුන් මිත්තෝ මෙම කාරණය දැන සිටියහ! නිවසට හාමුදුරු වරුන් වැඩමවා මේසයක් මත පැන් කළගෙඩියක් තබා පිරිත් සජ්ඣායනය කරවන්නේ එබැවිනි.) අපගේ මනස පරිසරය සමග ප්‍රතික්‍රියා කරයි.

    පූජ්‍ය මණ්ඩාවල පඤ්ඤාවංස හිමියන්ගේ ‘විප්‍රවාසිකයාගේ ස්වදේශාටනය‘ නම් කාව්‍ය විදර්ශනාවෙන් උපුටා ගන්නා ලදි

    ReplyDelete
    Replies
    1. හාමුදුරුවනේ තැං තැංවල කොමෙන්ට් කොට කොට අරක නරකයි මේක මාරයි කිය කියා ඉන්නවට වඩා නරකද පිරිත් ටිකක් කියලා කොරෝනා ලෙඩ්ඩුන්ට ඉහලා හරි පොවලා හරි ලෙඩේ හොඳ කෙරුවනං.එහෙම උනානං කවුරුත් ඕක පිළිගනී නේද?

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න