.

.

May 6, 2020

පඩි නැතිව ජීවත් වෙන හැටි...




මහින්ද මහත්තයා විජේරාමෙ ගෙදරින් උදේම එලියට ආවේ ට්‍රැක් බොටම් එකේ නොවන නිසා... නිහාල් කිව්වේ ලොක්කා අද පෝය නිසා ඇක්සයිස් කොරන්න යන්නෙ නැතිව ඇති... තව ටිකක් බලලා අරලිය ලන්දට යන්න ලෑස්ති වෙයල්ලා කියලාය...

ලොක්කාගේ මූණ එච්චර හොද නැති බව දැක්ක නිසා එකෙක්වත් අහලකටවත් ආවේ නැතිය... හාන්සි පුටුවේ දිගා උන ලොක්කා උන්නේ බර කල්පනාවකය....

තේ කෝප්පෙකුත් අරගෙන එතනට පැමිනි ශිරන්ති නෝනා කිව්වේ...

පාර්ලිමේන්තුවත් විසුරපු නිසා අර ලොකු පුතා ඇවිල්ලා ඉන්නෙ කීයක් හරි ඉල්ලගෙන යන්න.... ග්‍රාමයාගෙන් පන් දාහ ඉල්ලුවොත් අප්පච්චිට හරි නෑ කියලා තමා ඔය ඇවිත් ඉන්නේ.... මම ඒ කාළේ කොච්චර කිව්වද ඔය  ළමයින්ට තාත්තා වගේ වෙන්නේ නැතිව.... මොකක් හරි ආන්ඩුවේ රස්සාවක් කරන්නෙයි කියලා... කොහෙද ඇහුවේ නෑ නේ.... රට හදන්නම ඕනෙයි කිව්වා නේ... දැන් පඩිත් නැතුව ගෙවල්වල... අර මහින්ද දේශප්‍රියට කියන්නකො අනේ ඉක්නනට චන්දෙ තියන්නය කියලා... මොකෝ අනිත් දෙන්නටත් කීයක් හරි දෙන්න එපැයි....

ඔහේ මේ මඟුලක් කතා කොරනවැයි... මම මේ දහ අතේ කල්පනා කරන්නේ දැන් මොකද කරන්නේ කියා කියන කොටම.... නිහාල් ෆෝන් එක උස්සාගෙන ආවේ සෑර් කෝල් එකක් කියාගෙනය...

ඕන් පටන් ගත්තා වෙසක් දවසෙවත් ඉන්න නෑ නේ.. කොහේ හරි කසිප්පු පෙරපු එකෙක් පොලීසියෙන් අල්ලන් ඇති කියන කොටම නිහාල් කිව්වේ ඔව් ඔව් සෑර් ලයින් එකේ ඉන්නේ නලීන් බන්ඩාරෙයි කියලාය...

හරි හරි මම ඕ අයි සීට කියන්නම් කියාගෙනම  ෆෝන් එකට ආන්සර් කල ලොක්කාට එහා පැත්තේ උන් නලීන් බන්ඩාරයා කීවේ... අනේ නෑ සෑර් ඒක නම් ගොඩ දාගත්තා... ඒත් මේ කුවාටර්ස් වලින් එලියට ඇදලා දැම්මොත් මේ වෙලාවේ අපි අනාතයි සෑර් කියලාය....

ඒ මොකෝ ඕයි අනාථ වෙන්නේ.... කියා අහපු ලොක්කාට නලින් බන්ඩාරයා වොලිම් අඩුකරලා කිව්වේ.... ගමේ යන්න පුලුවන්ද සෑර් කියලාය... අර මොකෝ ඕයි එහෙත් කොරෝනාද කියා ඇහුවාම.... බන්ඩාරයා කිව්වේ උන් බලාගෙන ඉන්නේ අපි ගමේ එනකන් අපේ පස්සේ කොරෝනා කියා කිව්වාම.... ලොක්කාට ඔක්කෝම අමතක වී සුචරිතවත් හිනාවක් ගියේය..

ඒකනේ අයිෂේ කියන්නේ... තමුසෙලට තේ එකක් බීලා පොඩ්ඩක් කතා බහ කරලා යන්න එන්නෙයි කිව්වම අලි පුකනේ.... බලනවා අර සුමන්තිරන්ලා මොලේ තියෙන මිනිස්සු... එක මොහොතෙන් දේශප්‍රේමි වෙලා අපේ ගෙදරත් ඇවිත් ච්චීගේ චූටී කුකුත් හුරතල් කරලා ගියේ....

අවුලක් නෑ... ඕක ඉඩම් නඩුවක් නේ... තා අවුරුදු විසි පහක් විතර ඇදෙයි තමුසෙලා බය නැතිව ඉන්නවා ඕයි.... කියා ෆෝන් එක නිහාල්ට දුන්න්නේය.....

ඒක නෙමේ ඇයි ඔහේ මේ දහ අතේ කල්පනා කරන්නේ කියා ඇහුවාම ආයෙත් ලොක්කාගේ මූණ කජු ලෙල්ල වගේ වෙලා බර්ටි ගුණතිලකගේ මූණ සයිස් එකටම ආවේය....

බලනවා ඕයි අර යකා ඊයේ රෑ පිස්සුවක් කෙලලා නේ.... හඳ මෝරන කාලෙට ඌටත් පිස්සු තද වෙන එකෙක්ද කොහෙදෝයි කිව්වාම..... මැඩම් ඇහුවේ මොන යකාද අනේ කියලාය....

අර පුංචි බංඩා යකා නේ අනේ... ඌ කියලා නේ පඩිය හරි පඩියෙන් භාගයක් හරි ආයේ ඌට ගෙවන්නෙයි කියලා.... දැන් ඉතින් එක පඩියක් පූජා කරපියකෝ ඌට... මට මේ රස්සාවක් නැති දරුවෝ තුන් දෙනෙක් ගෙදර.... මේ යකා මටම කෙලින්නද කොහෙද කරපු වැඩක් මේක....

අනේ ඉතින් ඕකට කලබල වෙන්න ඔනද අනේ..  කිව් මැඩම්ට... කලබල නොවී කොහොමද අනේ සල්ලි නැතිව මක්කත් කරන්න පුලුවනෑ කියා ලොක්කා කියපු ගමන් මැඩම් කිව්වේ..... ඒක තමා.... මාත් මේ සැලෝන් ඇරපු වෙලේ.... චාන්දනීගෙන් ෆේෂල් එකක් දාගන්න කීයක් හරි ඉල්ලගන්න ආවේ අනේ කියා..... මායම් 64 න් එකක් දැම්මාම ලොක්කාටත් පෝඩ්ඩක් දුක හිතුනේය....

ඒ උනාට අනේ ඔය කවදාවත් පඩියක් ගන්නෙ නැති අනුර කුමාරලා හඳුන්ලා ලස්සනට ජීවත් වෙන්නේ.... හඳුන් කිව්වේ එයාට එක පාරට ෂර්ට් හතක් අරගෙන දෙන ජයශාන්ත කියලා යාලුවෙකුත් ඉන්නවැයි කියලා කියපු ගමන් .....

ගාමිනි සෙනරත්ට කෝල් එකක් ගත් ලොක්කා කිව්වේ ජේ වී පී සෙට් එකට හැන්දෑවට තේ එකක් බොන්න විජේරාමෙට එන්න කියන්නෙයි කියලාය.... ගාමිනි කිව්වේ ඕකුන් එන එක නම් ෂුවර් නෑ ලොක්කා... බජට් එකේ තේ එකවත් නොබී... පාලම් තුන ලෑලී කඩෙන් තේ එක බීලා ගෙදර යන උන් නේ... මොකක්ද වෙන්නේ ඕන කියලාය.....

නෑ ඕයි ඕකුන් පඩි නැතුව ජීවත් වෙන්නේ කොහොමෙයි කියා... බ්ලා බ්ලා කියා.... මුලු කතාවම කියා ඉවර උනාම ගාමිනී කීවේ.... හරි සර් මම වැඩේ කරන්නම් කියා ෆොන් එක කට් කල ගාමිනී කලේ...

ජයශාන්ත ඉන්න තැන හොයා දියන් මචං කියා බුද්ධි අංශේ ලොක්කාට කෝල් එකක් ගත්ත එකය......

ඒ අනුව අද හවසට ලොක්කා සමඟ ඇපොයිමන්ට් එකක් ලැබූ ජයශාන්ත විජේරාමට ඒමට නියමිතය...

9 comments:

  1. MR ge padiyatath Gota keliya ahenam? Ane kale wane wase!!!! (Wijebahu)

    ReplyDelete
  2. ලොක්කගෙ ආසම පොටො එකක්.

    ReplyDelete
  3. ජය ශාන්ත නෙවි අයියේ දයාශාන්ත කියලා නම් යාළුවෙක් ඉන්නවා හඳුන්ට.

    ReplyDelete
  4. හොඳ ලිපියක්... ඇත්තටම මාතේ මේ වගේම තවත් පැත්තකින් ඇමරිකා එක්සත් ජනපදයේ විවිධ වූ ජනවර්ග අතරේ පවතින බල අරගලය (බලය හිමි සුදු ඇන්ග්ලෝ/ යුදෙව් ජනවර්ගය සහ හිස්පැනික්, ඇෆ්රිකන් ඇමරිකානුවන්, ආසියානු, ඉන්දියන් මහාද්වීපික ආදී වශයෙන්) විවිධ ජනවර්ග අතර සමාජ ආර්ථික දේශපාලනික සංස්කෘතික බල අරගලයේ ස්වභාවය ගැන තවදුරටත් විස්තර කරනවානම් හොඳයි.

    ලංකාවේ සාපේක්ෂ වශයෙන් බලය හිමි බව පෙනෙන සිංහල වර්ගවාදීන් සමග ආර්ථික දේශපාලනික බලය හිමි අනෙක් ජනවර්ග අතරේ සෑහෙන බල අරගලයන් පවතිනවා. ඇමරිකාව තුල තරම් උග්‍ර ලෙස සහ සූක්ෂම ලෙස නැතත් ලංකාවේ ද කලකට පෙර යුද්ධයක් සහ තවත් ගැටුම් හරහා මේ අරගල හිරිකිත ලෙස ලෝකයට නිරාවරණය වීම නිසා එය වඩාත් පැහැදිලියි.

    ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබනවිට විවිධ උපක්‍රම යොදා ගෙන අධ්‍යාපන මට්ටමෙන් ඉහල තැන හිටිය අතිශය බහුතරය දමිළ නම් ජනවර්ගයක් නියෝජනය කළ පිරිසක්. ඒකාලේ යම් පිරිසක් මතයක් සමාජ ගතකර තිබුනා සිංහලයෝ මෝඩයි, යාපනේ දෙමළ ජනතාව මාර බුද්ධිමත් කියලා. දැන් වෙනකොට නම් ඒ මතය බොරුවෙලා ඉවරයි.
    තව කාලෙක ඒ වගේම පිරිසක් සමාජ ගත කිරීමට කටයුතු කළේ ලෝකයේ කවමදාවත් ගරිල්ලා යුද්ධයක් දිනන්න බෑ කියලා. ඒකත් බොරුවුනා.

    ලංකාවේදී නම් මෑතක සිට සුළුතර ජාතිකවාදීන්ගේ සැකකටයුතු ආර්ථික ක්‍රියාකාරකම් ගැන බහුතර ජාතිකවාදීන් මහත් සේ විමසිල්ලෙන් බලා සිටිමින් ඊට විරුද්ධව තරගකාරී ලෙස ප්‍රචාරණය සහ ආර්ථික උපක්‍රම භාවිතා කරන බව දක්නට ලැබේ.

    මෙතනදී ලංකාවේ සිංහල ජාතිකවාදීන් රාජ්‍ය බලය යොදාගෙන කරන්න කටයුතු 2ක් ගැන තවදුරටත් සැලසුම් කරන බව පේනවා. ඒ;

    1 ද්විත්ව පුරවැසිකම අහෝසි කිරීම හරහා විදෙස්ගගත දමිළයන් ගේ ආර්ථික බලපෑම් පාලනය කරන එක

    2 චීනය සමඟ සම්බන්ධකම් වැඩිකර ගැනීම හරහා එදා ලන්දේසි, ඉංග්‍රීසි අධිරාජ්‍යය බලය නිසා දමිළ වර්ගවාදීන්ට වාසි වුනා වගේ චීන අධිරාජ්‍යවාදයෙන් සිංහල ජාතිවාදී බලවේගවලට වාසි ගන්න උත්සාහ කරන එක.

    ලංකාවේ නම් ලිබරල් ජාතිවාදයකට යාමේදී දමිළ ජනවර්ගයට අවාසිවෙන කාරණා කීපයක් සඳහන් කරන්න පුළුවන්.

    එදා ලංකාවේ කොටි සංවිධානයට එකතුවුනු මුදල් ප්‍රමාණය කිසිසේත්ම ලිබරල් දමිළ ජාතිවාදයක් වෙනුවෙන් එකතුකරගන්න ලැබෙන එකක් නෑ. අනිත් කාරණය තමයි ඒගොල්ලෝ යුද්ධකලේ තනිකරම දමිළ ඩයස්පෝරා සල්ලි වලින්ම නෙමෙයි. වෙනත් ආධාරත් ලැබුනා.

    ලංකාවේ දෙමළ ජාතිවාදය කේන්ද්‍රවුනේ දෙමළ උගත් මධ්‍යම පන්තිය මත. (බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය නිසා වැඩියෙන්ම වාසි ලැබුවේ ඔවුන් එම පන්තියට උදාහරණයක් හැටියට රතන්ජීවන් හූල් දක්වන්න පුළුවන්) හැබැයි ව්‍යාපාරික/ ව්‍යවසායකයන් වූ දමිළ ධනවත් පිරිසගේ දමිළ ජාතිවාදය අඩුයි, සිංහල ධනවත් පිරිසට සාපේක්ෂව.

    ලිබරල් ජාතිවාදයකදී වැඩිය සාර්ථක වන්නේ මුස්ලිම්, යුදෙව්, ශීක් වගේ ගෝත්‍රවාදී ආගම් අදහන අයට. ලංකාවේ දමිළ ජාතිකයන්ගෙන් බහුතරය හින්දු වීම දමිළ ලිබරල් ජාතිකවාදයේදී බරවා කකුලක් වෙන්න පුළුවන්. මේ වැඩේදී දමිළ ජනයා අතර හින්දු ක්‍රිස්තියානි බෙදීම වැඩි වෙන්නත් පුළුවන්. (ඇත්තටම දමිළ ජනයා බහුතරය ක්‍රිස්තියානි උනානම් මේ වෙනකොට නැගෙනහිර ටිමෝරය වගේ වෙනමම දෙමළ රටක් හදා ගන්නත් ඉඩකඩ තිබුනා).

    කොටි සංවිධානය නිසා දෙමළ පමණක් දන්නා "දමිළ බයියන්ට" තැනක් ලැබුනා. ලිබරල් ජාති වාදයකදී මේ බයියන්ව විසිකරලා, දමිළ ටොයියෝ සෙට් එකක් එකතු කර ගන්න වෙනවා. එතකොට "දෙමළ බයියන්" කලකිරෙනවා, හරියටම රාජපක්ෂ බැතිමතුන් වෙලා ඉන්න සිංහල බයියන්ට වුණා වගේ...

    ReplyDelete
  5. දැන් බුකියේ දාල පරණ උනාම තමයි බ්ලොග් එකේ එල්ලන්නේ නෙහ?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න