.

.

Jul 2, 2020

ආර්ථිකය - පොල් රොටි හා පෝක් කරි වලින් ඔබ්බට



මෙහි පළවන කොටස කියවීමට මේ අකුරු උඩ ඔබන්න

කොරෝනාවෙන් පසු ආර්ථිකය කෙසේ විය යුතුද කියා රජයේ වග කිව යුතු නිලධරුවනට වගේ වගක් නැති වුවද, එයින් බැට  කෑ  වෙන්න ටොයියන් පවා අද පොල් රොටි හා පෝක් කරි හදාගෙන තම වාහනයේ තබාගෙනම ව්‍යාපාර පටන් ගැනීම අප අගය කළ යුතුය. ඔවුන් රටට බරක් නොවේ. කරුමය කියන්නේ මේ බොහෝ පිරිස් පසුගිය කාළයේ හන්දිවල ත්‍රී වීලර් තියාගෙන උන් තරුණයන්ට කින්ඩි දැමු පන්තියේ උන් වීමය. 

අද උන් මේ මහත්තුරුන්ට වූ වින්නැහිය දැක හිනා වෙනවාත් ඇතිය. මාතලන් නම් එදාත් කීවේ ආන්ඩුවලට බරක් නොවී තමන්ගේ පාඩුවේ තමන්ගේ කියා මක්කා හෝ කර කීයක් හෝ ගැනීම අගය කළ යුතු දෙයක් කියලාමය. මේවා ගැන පින් පඩි ගන්නා උන් හෝ පෞද්ගලික කොම්පැනිවල මාසික පඩිය ස්ථීරවම ලැබෙන බව දන්නා උන් දන්නේ නැති උනත්, කන පැලෙන්න කටු කා ඇති මාතලන්ලා වාගේ උන් අපූරුවට දන්නවාය.


9 Places to Park Your Food Truck This Summerඒ නිසා මේ පිරිස අගය කළ යුතු අතර, ඔවුන්ගේ එම ව්‍යාපාරයන්ට කිසි ලෙසකින් හෝ අකුල් හෙලීමට පොලීසිය වැනි තකතීරූ ආයතනයන්ට ඉඩදීම ආන්ඩුව කිසිසේත් නොකල යුතුමය. ඒ වෙනුවට කළ යුත්තේ හැකිනම් එම ව්‍යාපාරයන් ජාත්‍යන්තර තත්වයෙන් පවත්වාගෙන යා හැකි ලෙස යටි තල පහසුකම් සියල්ල ලබා දීමය. එහිදිද ඒවායේ ආදීපත්‍යයන් පාදඩ ප්‍රාදේශීය දේශපාලුවන්ට කිසි ලෙසකින් හෝ ලබා දිය යුතුද නැත.

එමෙන්ම මේ නව ව්‍යවසායකයින්ට වත්මනෙහි වඩාත් ජනප්‍රියව ඇති Uber Eats, Pick Me වැනි ඩිලිවරි සර්විස් ඔස්සේ තමන්ගේ ව්‍යාපරයන් මහා පරිමාණ තත්වයට ඉතා පහසුවෙන් පත් කර හැකි අවස්ථාවන්ද ඇත. ලංකාවෙ මේ App සර්විස් ජනප්‍රිය වීම ඉතා සිත් ගන්නා සුළු බලාපොරොත්තු ඇති කරයි.

ඇමරිකාව හා ලොව බොහෝ රටවල් ක්ලෝස් ඩවුන් වලට නොගියේ ආර්ථිකය කඩා වැටුනොත් එය කොරෝනාවෙන් කන කට්ටට වඩා කට්ටක් වෙන නිසාමය. ඒ නිසා එම රටවල් සුළු හා මධ්‍යම පරිමානයේ ව්‍යවසායකයාගේ සිට මහා පරිමානයේ සමාගම් වෙනුවෙන්ද සහනශීලී ණය ප්‍රධානයක් නිකුත් කොට අවසානය. ජර්මනිය මීට හොඳ උදාහරණයකි. ඔවුන් යුරෝ බිලියන් 130 ක අති විශාල ධනස්කන්දයක් ඒ වෙනුවෙන් මුදා හැරියේය.

එහෙත් අපේ රටේ සිඳු වූයේ කුමක්ද? කොරෝනා වසංගතය ආරම්බයේදීම රජය විසින් මහජනයාට ලබා දුන් සහන හෝ නිසි ලෙස ලබා නොදීමය. මෙය රජය අපහසුතාවයට පත් කිරීමට හිතා මතාම කරනා කාර්යයන් බව දැන් බොහෝ දෙනාගේ මතයයි. විදුලි බිල් එන්නේ ජනතාව කෙලින්ම වොට් 33000 ගෙවල් වලට ගත්තා වගේය. ජල බිලේ තත්වයද එසේමය.

ව්‍යාපාරිකයින්ට මූල‍ය ආයතන හා බැංකු මගින් ලබා දෙන්නැයි කියු කිසිඳු සහනයක් ජනතාවට ලැබි නැත. ව්‍යාපාරිකයින් මෙන්ම ජනතාවද ඉන්නේ නන්නපෝල් වෙලාය. ආන්ඩුව එසේ කරද්දි කොම්පැනි වල උන් කරන්නේ මාසික පඩියට කෙලිනා එකය. සමහර ආයතන වල සේවකයින් ගෙදර යවා ඇත. පඩි දෙන්නේ, දෙන දේ කාලා වෙන දේ බලාගෙන හිටහන්, ඉන්න බැරිනම් ගිහින් රාජපක්ෂලාගෙන් ඉල්ලා ගනින් කියලාය.

සමහර ආයතනවල මාසික වේතනය ලෙස ලබා දෙන්නේ, බේසික් සැලරියෙනුත් 20% කි. ඒ කියන්නේ වෙන රස්සාවක් හොයා ගනින් කියනා එකය. මාස දෙකකදි එහෙම අහේනියක් එන්න, මේවා හිඟන්නන්ගේ කොම්පැනි හෝ සමාගම් නෙමේය. නමුත් උන් හම්බ කර ගන්නේ එසේය. මේවා ගැන කියන්න එකෙක් ඇත්තේත් නැතිය. ජනාධිපති කියන දේත් පයිසෙකට මායිම් කරන්නේ නැති උන් ඉන්නා රටක කියන්න තියෙන තැනකට ගියත් වෙන්නේ ජනාධිපතිට වූ දෙයමය.

අපේ රට ආර්ථික වශයෙන් ගොඩගැනීමට ජනාධිපතිතුමාට තිබෙනා උනන්දුව වෙන එකෙකුට හෝ ඇති බවක් නම් පෙනෙන්නට නැතිය. සමහර විට ඒ පාර්ලිමේන්තු මැතිවරණය නිසා වෙන්නත් ඇතිය. එහෙත් මේ පිළිබඳ උනන්දුවක් නොදක්වන්නේ නම් අප රට දරුණු ආර්ථික ආගාදයකට ගමන් කරනා බවත් නැවත ලියා තැබිය යුතුමය. නිශ්පාදන ආථිකය මූලික කරගත් දේශීය ආර්ථිකයක් ගොඩ නගනවා මෙන්ම ලෝකයේ ආර්ථික පරිසරය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම මෙහිදි බෝහෝ සෙයින් වැදගත් වේ.

මෙහිදි ජනාධිපති තුමාගේ අදහසක් වන තොරතුරු තාක්ෂණයටද ප්‍රමුඛතාවයක් ලබා දිය යුතුය. ඒ සඳහා ඇති අධ්‍යාපන ආයතන කෙරේ යොමුවන පිරිස වැඩි කිරීමට පියවර ගත යුතුය. එමෙන්ම විදෙස් ආයෝජන ලෙස එවන් ආයතන වලට ලංකාවෙ ආයෝජනයට ආරාධනා කළ යුතුමය. රටේ වාසනාවකට ජනාධිපති තුමා ඉන්නේද ඒ මතයේය. අනම් තව දුරටත් ණය ලබාගෙන හිරවෙනවාට වඩා, ආයෝජකයන් ගෙන්වා ගැනීම කෙරෙහිය. මෙහිදි කොරොනා වසංගතය මර්ධනය කිරීමේදි ලබා ගත් කීර්තිය බොහෝ උපකාරී වනු ඇත්තේය. 

ලෝකයේ ඇති ප්‍රසිද්ධ සමාගම් අතරින්, මාර්කට් කැපිටලයිසේසොන් හෙවත්, සමාගම් කොටසක වෙළඳ පොලේ ඇති ඉල්ලුම අනුව කල වර්ග කිරීමේදී ටොප් ටෙන් කොම්පැනීස් ආවේ මෙසේය,



  • Saudi Aramco $ 1685 bln - Oil and gas production, Refining
  • Microsoft $ 1359 pln - Software Development
  • Apple Inc $ 1286 bln - Information Technology
  • Amazon Inc $ 1233 bln - Retail Business
  • Alphabet Inc (Google) - $ 919 bln - Internet
  • Facebook $ 584 bln - Internet
  • Alibaba Group $ 545 bln - Internet
  • Tencent $ 510 bln - Internet
  • Berkshire Hathaway Inc. $455 bln - Insurance & Finance
  • Johnson & Johnson $ 395 bln - Pharmaceuticals

මේ අනුව බැලූ විට සමාගම් 10 න් 7 ක්ම අයත් වන්නේ අන්තර්ජාලය හා සම්බන්ධ බිසිනොස් වලටය, එවා අන්තර්ජාල සේවා, මෘදුකාංග සේවා, අන්තර්ජාල වෙළඳාම් හා ඒ හා සම්බන්ධ නිශ්පාදනයන් ලෙස වර්ග කල හැක. සමාගම් 2 ක් නිශ්පාදනයට සම්බන්ධ අතර එයින් එයින් එක් සමාගමක් නිමි නිශ්පාදනයන් වන අතර අංක එකේ ඇති සමාගම ස්වාභාවික සම්පත් වලින් එම ස්ථානයේ වැජඹෙයි. අනෙක් සමාගම සේවා සමාගමකි.

එමෙන්ම අනාගතයේ නොව වර්ථමානයේ පවා වෙනත් රාජ්‍යයකට රිද්දන්න පරමාණු බෝම්බ දැමූ කාළයද අවසානය. දැන් දෙන්නේ සයිබර් ඇටෑක්ය. පසුගියද ඔස්ට්‍රේලියාව ඉල්ලාගෙන කෑවේ එහෙම කෑමක්ය. ඊට හේතුව වූයේ ඔස්ට්‍රේලියාවේ පශ්චාත් කොරෝනා ආර්ථිකය දෙශීයත්වයට මුල් තැන දෙන සංවෘත ආර්ථිකයක් කිරීමට යන බවට පළ වූ ඉඟි නිසාය.

chinese apps banned, tiktok ban, tiktok banned, china apps banned, india bans china appsඉන් අනතුරුව චීනය හා ඉන්දියාව අතර ඇතිවූ පොලු මුගුරු සංග්‍රාමයේ පලිගැනීම්ද යන්නේ එක්තරා ආකාරයක සයිබර් ඇටෑක් හරහාය. මේ වන විට ඉන්දියානු රජය විසින් චීන මෘදුකාංග සෙවා ලෙස සලකන APP 50 පමණ භාවිතය අවහිර කර ඇත. ඉන් ප්‍රධානම පහර වැදුනේ ටික් ටොක් සමාගමටය. මන්ද එහි වැඩිම පාරිභෝගික පිරිසක් සිටිනුයේ ඉන්දියාවේ වීමෙන්ය.


  • මේ ක්ෂේශ්ත්‍රයන් ගැන අපේ මහ බැංකුවේ ඉන්නා ආරථික උස්තාද්ලා අවම වශයෙන් දැණුම්වත්ද? 
  • උන් ලෝකයේ ඇති නව ප්‍රවනතා හෝ ආර්ථිකයන් පිළිබඳ අධ්‍යයනයක් කරනවාද? 
  • අඩු ගානේ ආර්ථිකය ගොඩ ගත හැකි උපාය මාර්ගයන් ගැන අනාගත සැලසුමක් තිබෙනවාද? 
  • ලංකාවේ ඇති සම්පත් හා ප්‍රවර්ධනය කළ හැකි ව්‍යාපාරයන් පිළිබඳ හැදෑරීමක් කර තිබෙනවාද?

මේවා තබා අඩු ගානේ තමන්ට පැවරි ඇති වගකීම් හෝ නිසිලෙස ඉටුකොට නොමැති බව අද ඉතා පැහැදිලිව පෙනෙනවාය. ලංකාවේ නොම්මර එකේ මූල්‍ය සමාගම් කඩා වැටෙන්නේද, ලියාපදිංචි නොකල ලීසින් සමාගම් වල ගණුදෙනුකරුවන් මහ මඟ මරා දැමෙන්නේද මේ නිළධාරින්ගේ කාර්ය ශූරත්වය නිසාමය.

අප රටේ ආදායම් බදු දෙපාර්තමේන්තුව, රේගුව හා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිසි ලෙස පරිපාලනය වේ නම්, ඒ එන ආදායම රාජ්‍ය විය හියදම් හා සමාජ සුභසාධනය සඳහා හොඳටම ප්‍රමානවත් බව ආර්ථිකය පිලිබඳ දැණීමක් ඇති උන්ගේ මතයයි. එහෙත් මේවා සියල්ලම දූෂිත නිළධාරින්ගේ මාෆියාවන්ට නතු වී ඇති බව කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහස්ය. උන්ට කිසිදා දඬුවම් නැත. මහා පරිමාණයෙන් ගසා කන උන් රටේ ඉන්නේ නැත. උන් කරන්නේ රටින් පැන යන එකය. ඌ ගියාට පස්සේ උගේ අනුප්‍රාප්තිකයා ගේමට බහින්නේ අරූට වඩා හම්බ කරනා ප්ලෑන් එකත් අතේ ඇතිවය.

මහ දවල් මහ බැංකුවේ මහා මුදල් මංකොල්ලය එක වරක් නොව දෙවරක්ම කල බව අද ප්‍රසිද්ධියේ කියන්නේ හිටපු ආන්ඩුවේ එවා බෙදා හදාගෙන කාපු උන්මය. මේවාට ඇතුලේ නිළධාරින්ගේ සම්බන්ධයක් ඇත්තේම නැද්ද? එහෙත් එයින් එකෙක් හෝ උසාවියකට හෝ වඩම්මනවා අප දැක තිබේද? ආදායම් බදු දෙපාර්තමේන්තුවේ මහ මුදල් වංචාවක් කල එකා අල්ලන්න කිසියම් හෝ දෙයක් ඒ ආයතන හෝ පැවති රජයන් විසින් කර තිබේද? අඩු ගානේ ඌ අල්ලා ගන්න ජාත්‍යන්තර රතු නිවේදනයක් හෝ නිකුත් කර තිබේද? 

මේවා ආන්ඩුවට මග හැරිය හැකි කාරනා නොවේ. ඒවා පසෙක තිබියදි ආන්ඩුව සිල්ලර කාරනා වල එල්ලීම ආන්ඩුවේ ජනප්‍රියතාවය අඩු කරනවාය. චන්දයෙන් පසු පත්වන ඇමතිවරුන්ට අනිවාර්යයෙන් ටාගට් ලබා දිය යුතුමය. ඊට විද්වත් මන්ඩළයක් පත් කිරීමට ජනාධිපති තුමා වහාම ක්‍රියාත්මක කළ යුතුය. එවා නිරීක්ෂණයද, එහි වගකීමද එම විද්වත් මණ්ඩලයට ලබා දිය යුතුය. එම ටාගට් ඇචීව් කරන්න බැරි උන් එලවා තරුණ උන්ට ඒවා ලබා දිය යුතුය. ආන්ඩුවේ නිළධාරින්ගේ පැරණි සාම්ප්‍රදායික සිස්ටම් වලට යනවා නම් මේ සංසාරයේදි සිස්ටම් චෙන්ජ් යනු සිහිණයන්ම පමණක්ම බව අනිවාර්යයෙන් ලියා තැබිය යුතුමය.

ඒ වගත් මෙසේය......

8 comments:

  1. කඩේ බඩු ගන්න ගියාම ඒකේ බඩු කිරන එක හෝ ගෝලයාට බනින එක කඩේට එන කස්මර්ගේ ආසාව බව දන්න මුදලාලි, කස්ටමර් ඉස්සරහා ගෝලයාට බනිනවා. එතකොට කස්ටමරුත් මුදලාලි එක්ක එකතු වෙලා ගෝලයාට බනිනවා. දෙන්නම සතු‍ටුයි. ඒත් ගෝලයාට අරහෙම කරන්න මෙහෙම කරන්න කියලා කියන්නෙ කවුද? මුදලාලි. අර ඔක්සිජන් එපා පිට්ටනියක් ඕන කිව්ව උනුත් තේරුම් ගන්න ඕන ඕක. ගෝලයාට කියලා තියෙන්නේ අරහෙම කරපන් කියලා නම් ඌ ඒක හැර වෙන ඒවා කරන්න යන්නෙ නැති එක ගැන ගෝලායාට බැනලා වැඩක් නෑ. ගෝලයාට අරහෙම හා මෙහෙමත් කරපන් කියලා කියලා තිබ්බා නම් ඒක ගෝලයාගේ වරදකි.

    ReplyDelete
  2. මුදල්ඇමති කෙනෙක් නැති විදිහට සටහන ලියා ඇත.

    ReplyDelete
  3. ඉන්ද්‍රනාථ තේනුවරගෙ රොටි කඩේ දැක්කම බඩවියත රැකගන්න රේඩියෝ රෙපයාර් කරපු, කරවල විකුනපු හෙළ කලාකරුවෙක්ද මතකයට ආවා.

    ReplyDelete
  4. ඉන්ද්‍රනාත මතකද චන්ද්‍රගුප්ත තේනුවර හෙන ඇටැක් එකක් කල්ල ජනාධිපතිවරණ එළෙ. ඒ කියන්නේ මල්ලි බයි , අයියා ටොයි බයි (සපෝර්ට් කලේ පුතානෝ ට) . මගේ හොඳ මිත්‍රයෙක් දේශපාලන වෙනස්කම් තිබුනට . උඹේ එකවුන්ට් එකට ආයේ කෙලාල කියල ආරන්චියි , මගේ කණගාටුව

    ReplyDelete
    Replies
    1. මගේ හතුරෝ තමයි මගේ පන්නරය

      මාසෙකට බ්ලොක්... සිංහල ජාතිකයින් විසින් රිපෝට් කර ඇත.

      මේකත් තම්බින්ට ගිය දවසට උන්ට නින්ද යයි...

      Delete
  5. රටටම කෙළවති
    තව තව ඉල්ලති
    අනුවණ දනන්ද
    උන්ට කතිර දෙති!

    දුර දැක්මක් නෑ
    වාසියි ඕනෑ
    එහෙම හිතනකොට
    change එකක් නෑ!

    නැණස ලැබේවා
    සිත් පැහැදේවා
    හොරුන් අඹන්නට
    කල් එළැඹේවා!

    ReplyDelete
  6. මේ යන වුදියට ගියොත් අවුරුදු 70ක් හදන්න බැරිඋන රට හදන්න තව අවුරුදු 100ක් වත් යයි

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න