.

.

Sep 1, 2020

විල්මට් මුදලාලි, ලාන්සර් බොක්ස් හා රොකට් රෝහිණි

 


අද කාළයේ මෙන් නොව ඒ කළේ රූපවාහිනි තිබ්බේ නැතිය. රේඩියෝ හෙවත් වයර්ලස් එකේ උනත් ගියේ කතා දෙකක් තුනක් වගේය. මුවන්පැලැස්ස ජනප්‍රියම ගුවන්විදුලි නාට්ටිය විය මොණරතැන්න ලව් ඉස්ටෝරියක් විය. වජිරා කියා හුටපටයක්ද ගියා කියා යාන්තන් මතකය. අද කාළේ වාගේ රටම බේබ්දුකරණයට ලක් වි තිබුනේ නැති අතර. බේබද්දන්ගෙන් මේ වාගේ ගුරුහස්ත ප්‍රචන්ඩත්වය කියනා ඒවා වාර්ථා උනේ නැති තරම්ය. ඊට හේතුව ජීවිතය හා පරිභෝජන රටාව සරළ වීමත්, මිනිසුන් සැහැල්ලුවෙන් මෙන්ම සතුටින් සිටීමත්, වෙන්නට ඇතිය. මේ කියන්නේ ඕපන් ඉකොනමි නැත් අපි පොඩි කාළය ගැනය. 

ඒ කාළේ අද කතාවෙනවා වාගේම සංවෘත හෙවත් ක්ලෝස් ඉකොනමි හෙවත් දේශීයකර්ණය වූ ආර්ථිකයක් හදන්නට වමේ සෙට්ටෙක මොකක්දෝ දහ අට සන්නියක් නැටුවාට, අපේ තාත්තලා බාප්පලා, දේශපාලන සංවාදවලදි නම් කිව්වේ, මේ වෙසී අපිට කන්න නොදුන්නාට, උන්ගේ උන්ට ඇපලුයි මිදියි චීසුයි කන්න දීලා ලන්ඩන්වල ඉස්කෝලවල දාලා උන්ටත් රට කන්න උගන්වනවා කියලාය.  

ඒ ගොල්ලෝ ඔක්කෝම වාගේ ජේ ආර් උන්නැහේගේ පක්ෂේ සාමාජකයින් වූ නිසා එසේ කීවද, ඇන් ඇම් පෙරේරා වාගේ වාමාන්සිකයකු වූ මාමා නම් කිව්වේ, මැතිනි කොරන දේ තොපි වාගේ ගොබ්බ ගොන් හරක්ට තේරෙන්නේ නෑ කියලාය. රුසියාව වගේ වෙනවාට ඉරිසියා කරන්න එපා යකෝ කිව්වේ එයත් ලෙනින් වාගේ රැවුලක් හෙම වවාගෙන උන් නිසා වෙන්නට ඇතිය.ඒ අතරේ කුණුහබ්බ එක දෙක මෙහාට වූවද, අන්තීමට ඔක්කෝම ඩාන්ස් එකක් දමා අප්පුඩියක් ගසා, "යාල යාල යන්න සතුන් බලන්න.... සත්තුන්ගේ රජ දහනේ ඇවිද බලන්න..." කියා, වනෝද්‍යානයේ සිටිනා සත්තුන්ගේ නම් ලැයිස්තුව ඉදිරිපත් කලේය. 

ඉන් පස්සේ සී ටී ප්‍රනාන්දු හා  සුනිල් ශාන්ත නොමරා මරා, චිත්‍රා සෝමපාල නෝනා එක්ක සීගිරි නැගලා, දඹුලු ගලත් වැඳ, අන්තීමට ගාලු පුරේ සිරී බලන්න ගියේ, කස්ටියම වැඩ බැරි උනත් බෙන්තර ගගෙන් එහා ගම ගාල්ලේ පුක ලෑල්ලේ සෙට් එකක් වූ නිසාය.

රෑට රෑට සෙට් වෙන අය සෙට් උනේ බොහෝම රහසිගතවය. පොඩි උන්ට පේන්න වැඩේ කරේම නැතිය. හරියට කොම්පැනිවල බෝඩ් මීටින් වගේය. ටැක්සි ජිනේ හා දික්වල්ලේ මුදලාලී ගල් බෝතලේට ප්‍රේම කලේ කඩේ වැහුවාට පස්සේ කඩේ පිටිපස්සේ බව අප දැන ගත්තේ, අපිත් ගල් වඳින්න පටන් ගත්ත කාළයේ ඒ සමාජය ගැන ඉගෙන ගන්නා කාළයේය. 

පියසිරි අයියාගේ පොට් එකේ අවුලක් නැතත් එතන සෙට් උනේ හදිසියට සෙට් වෙන එකෙක් ඉතරය. ගොඩාක් උන් එතනට යන්න බය උනේ, පියසිරි අක්කාගේ තට්ටමේ මට්ටම බලන්න ගිය රෙගියුලර් කස්ටර්මස්ලා දෙන්නෙකුට තුන්දෙනෙකුට පියසිරි අයියා මෙන්ම පියසිරි අක්කා හා අක්කාගේ අම්මාත් බඩ කට පුරා සංග්‍රහ කරා කියනා කතාව නිසාමය. ඒ නිසා අපි උනත් හදිස්සියකට එතනට ගොඩ උනත්, පියසිරි අක්කා දිහා හෝ දෝණියැන්දා දිහා නම් ඇහක් ඇරලා බලන්න තියා, එක ඇහැක් වහලාවත් බැලුවෙ නැතිය.  

කෙසේ හෝ රොකට් රෝහිණි කතාවට වස්තු වෙන්නේ මේ ක්ලෝස් ඉකොනමි හා ඕපන් ඉකොනමි අතරේ, 70 දශකය අග හා 80 දශකය මුල් කාළය අතරේය. රෝහිණි අක්කා ආවයින් පස්සේ පියාගේ ගෙදරද මොඩිෆයි උනේය. දියසෙවෙල් කා තිබූ පරණ සිංහල උළු වෙනුවට අළුත් සිංහල උළු සෙවිලි උනේය. බිත්ති පුරා උලා තිබූ සමර වෙනුවට රබර් පෙන්ට් ගෑවුනේය. ගේත් පාරත් අතර තිබූ වැටකෙයියා කටුකම්බි වැට වෙනුවට කිරි සුදු තාප්පයක් බැඳුනේය. උනබම්බු ඉඳිකඩ වෙනුවට පොඩි ගේට්ටුවක් ආවේය. 

මේවා එසේ වෙද්දි අහල පහළ උන්ගේ ඇඟේ මාළු නටන්න පටන් ගත්තේය. ඇස් වල කටු ඇනෙන්න පටන් ගත්තේය. පුහ් ඒ හුත්තිගෙ ආඩම්බරේ කියා රෝහිණිගේ ගුණ වැනුනේය. සමහරක් කිව්වේ පියා රෝහිණි ගෙනල්ලා තියෙන්නේ පත දෑවැද්දකුත් එක්කෙයි කියලාය. සම හරක් පියාගෙන් මූණටම අසා තිබුනේ ඈ යකෝ තොට සුවිප් එකක්කත් ඇදුනාද කියලාය. ඒ වෙලාවට පියා කලේ හිනාවෙලා මාරු වෙන එකය. 

කොහොමත් පියා බජාර් කාරයෙන් නොවුනේය. පොර ගියේ සුනන්දයාගේ කසිප්පු පොට් එකට ඉතරමය. ඒ ගියත් කසියා වීදුරුව දිවිය ලෝකය දෙස බලා එක උගුරට උන්ඩුක පුච්ඡයටම දමාගෙන මාරු උනේ සුනන්දයාට වැඩියෙනුත් කීයක් හරි දීලාය. 

අලි කලසමයාගේ වෙලේ ළිඳ ළඟ සංගමේ හා නඟර සභා පයිප්පේ ගාව කාන්තා සමිතියේ උන් කියලා තිබ්බේ මක්කා තිබ්බත් ඒකිට දරුවෙක් නෑ කියලාය. කුළඟන සමිතිවල නෝනලා කතා වූයේ ගෑණී රෑට රෑට වෙන රස්සාවක් කරනවා ඇති කියලාය. රෝහිණි අක්කාට සිතින් ඉතරක් පෙම් කල උන් නම් කිව්වේ පියාගේ පින ඵල දීලාය කියලාය.

පලදි ඇති පින මොකක්ද කියා මුලින්ම හොයාගෙන තිබුනේද ටැක්සි ජිනේය. ටැක්සි ජිනේ දික්වැල්ලේ මුදලාලිට නිව්ස් එක දුන්නාම, මුදලාලි ඒකට අඬුම කුඬුම දමා වර්ණනා කොට කිව්වේ ඒ ගෙදරට දේව බැල්මක් තියෙන බවත්, මහසෝනා ගහනා වෙලාවට, දෙයියා වඩින්නේ කිරිම කිරි පාට බ්‍රෑන්ඩ් නිව් මිට්ෂුබිසි ලාන්සර් බොක්ස් එකකින් කියලාය. 



19 comments:

  1. මොකක්ද බන් මේ හරුපේ? මට වෑල්.......

    ReplyDelete
  2. සාහිත්ය මාසෙට පොත් ලැයිස්තුවක් ඕනෑ

    ReplyDelete
  3. සාහිත්ය මාසෙට පොත් ඕනෙ

    ReplyDelete
  4. අලුත් කතාවක්ද

    ReplyDelete
    Replies
    1. පරණ එකක් රොකට් රෝහිණිගේ කතාව...

      Delete
  5. මාතලන් එදා වේල ටුවර්ස් විචාර නැතුව අනාගතය ගැන හොඳ සැළකිල්ලෙන් දේශපාලනය කරනවා නම් තව දශක භාගයකින් යෙදෙන නාමල් ප්‍රපංචය ගැන නොසලකා වැඩ කරන්න අපි කාටවත් කොහොමවත් බැහැ. සියළු මාවත් රෝමය දිශාවට ඇදෙනවා වගේ මේ අද යෙදෙන සියළු දේ දිශානත වෙන්නේ නාමල් ප්‍රපංචය වෙතට කියන එක පේන්න තියන දෙයක්; අවම වශයෙන් විශේෂ ආපතික දෙයක් සිදු නොවුනොත්. එහෙම අනතුරුදායක දේවල් පේන හැටියට නාමල් කරන්නේ නැති හැඩයි නේද?

    මේ ගැන මම හිතන්නෙ නාමල් යනු මහින්ද නම් පියාගේ දිගුවක් සේම මහින්ද නොවන සවිඥාණික බවක් ද දරන පුද්ගලභාවයක් විය හැකි බව. ඒ කියන්නේ ඔහුගේම වූ දේශපාලන පැවැත්මක් වෙනුවෙන් ඔහුගේම වූ අරගලයක් තිබිය හැකි බව. ඒ නව සවිඥාණික බව වෙනුවෙන් සම්මත පොහොට්ටු ජාතිකත්ව සීමාවේ ක්‍ෂිතිජය ඔහුට තරණය කිරීමට සිදු විය හැකි බව.

    හැබැයි ඉතින්හො පෝට්ටු නොවන අය ඒ අදහස රිස්සන්නේ නැහැ. නමුත් මේ වෙනකොට මම ඔය කියපු සමහර දේවල් සඳහා තව තවත් සාක්ෂි ලැබෙමින් පවතිනවා.

    කොහොමත් පුතෙක්ට සිදුවෙනවා මාතලන් පියාගේ නාමකරණයෙන් ඉස්සරහට ගිහිල්ලා තමාගේම වූ ලෝක දැක්මක් ගොඩ නඟා ගන්න. ඒක පියාට අභියෝගයක් වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් පියාගේ ලෝකයේ දිගුවක් වෙන්නත් පුළුවන්. ලංකාවේ සිංහබාහු පුරාවෘත්තයේ ඉඳලා මේ පියාගේ ශාරීරික සහ සංකේතීය මරණය අපේ ඉතිහාසයේ දකින්න පුළුවන්. සිංහබාහු ලෞකික තලයේ නම් අධ්‍යාත්මික තලයේ ගත්තම තියෙන්නේ බුද්ධ චරිතය. ඒ අත්දැකීම් දෙකම අපේ ජීවන ලෝකයට ලොකු එළියක් සපයනවා. ඒ කියන්නේ අපේ අවිඥාණය ගොඩ නැගෙන්නේ පියා සංකේතීයව මරාගෙන කියල ඕනිනම් ෆ්ලැට් රේට් කියල දාන්නම් ඔයාල වගේ රැඩිකල් සිංහල බෞද්ධ විරෝධීන් ටිකක් අවුස්සන්නත් එක්ක. එහෙම ඉදිරියට යන චරිත ඉස්සරහට අවිඥාණිකව මනමේ කුමාරි හම්බ වෙන්න පුළුවන්. එතනත් සවිඥාණික වෙන්න ඕනි.

    'පොහොට්ටුවෙන් පිපෙන නාමල' කියන රූපකයේ තියෙන විශේෂය තමයි මෙතෙක් සිංහල බෞද්ධ දේශපාලන කතිකාවේ තිබුණ 'බහිස්කරණ' (exclusion) සිද්ධාන්තය වෙනුවට 'ඇතුලත් කර ගැනීම' (inclusion) කියන එක වෙත යම් ප්‍රමාණයකින් නාමල් රාජපක්ෂ ඇමතිවරයා ගමන් කිරීම. මේක තමයි මම කිව්වේ ටැටූ ගහපු කොල්ලොත් තරුණ කටයුතු අමාත්‍යාංශය මගින් බලා කියා ගන්න ඕනි කියන කතාවට පක්ෂ කමෙන්ට් වල හරය උණේ. එතකොට අර 'ඇතුළත් කර ගැනීම' න්‍යායිකව පුර්ණ ලෙස හරි යන නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම නාමල් එයාගේ පියා වගේම, ගෝඨ බාප්පා වගේම, වැඩ කරන්නේ සිංහල බෞද්ධ හැඟවූමට යටත් ව කියන එක වැදගත්. එයාලගේ වෝට් බේස් එක ඒක. ඒක නැතුව මුකුත් කරන්න බැහැ. මුකුත් කරන්න බැහැ කියන්නේ බලය ගන්න බැහැ. බලය ගන්නේ නැතුව මොන කෙංගෙඩියක් වත් කරන්න බැහැ. ගංජා නීතිගත කරන්නත්, ටැටූ ගහන්නත්, රෙඩ් ලයිට් දිස්ත්‍රික් ඇති කරන්නත්, උප්පැන්නෙන් නම අයින් කරන්නත්, ව්‍යවස්ථා සංශෝධන ගේන්නත්, ඔය ටෝයියෝ කියන පඬි රැල කියන මොන 'රැඩිකල්' වැඩේ කරන්නත් බලය ඕනි. ඇත්ත ප්‍රයෝගික දේශපාලන ඇතුලේ ඉන්න කෙනෙක් හැටියට නාමල් ඒක දන්නවා. මහින්දත් දන්නවා. අනික් අයත් දන්නවා. ෆැන්ටසිවල ඉන්න අයට එහෙම ඉන්න ඇරලා නාමල් ල ඇත්ත දේශපාලනේ කරනවා.

      ඒක නිසා එයාට අපිව නැත්නම් රැකේ පුඩිකල් නිර්මාල්, දීප්ති වගේ කට්ටිය උපදේශකයෝ කර ගන්න බැහැ. එකම හේතුව අපි අර කලින් කියපු සිංහල බෞද්ධ හැඟවූමට පිටින් ඉන්න උග්‍ර සිංහල බෞද්ධ විරෝධීන් හැටියට හංවඩු ගැහිලා තිබීම. පිටින් කිව්වම ඒ අය අම්බානක පිටින් ඉන්නේ. අනික ඉතින් කට ඇරියොත් එක වචනෙට ලක්ෂ එක බැගින් ඡන්ද අහිමි වෙනවා. ඒ නිසා නාමල් ඒ වගේ මෝඩ වැඩ කර ගන්න ඕනි නැහැ.

      මේකෙ පොඩි අවුලක් පේන්න තියනවා තමයි. ඒ කියන්නේ අදේශපාලනික ගතියක්. පොඩි වංක ගතියක්. කියන එක සහ කරන එක අතර නොපෑහීමක් (mismatch) වගේ දෙයක්. නමුත් ඉතාම ගැඹුරෙන් කල්පනා කරලා බැලුවොත් ඔයාලට තේරෙයි 'දේශපාලනය' කියන්නේ තරමක් අදේශපාලනික - වංක - දෙබිඩි ගතියකට තමයි කියල. දේශපාලනය ෆැන්ටසිගත නොකරපු ඕනි කෙනෙකුට මේක තේරෙනවා. ඡන්ද දායකයට කියන්නේ එකක් නමුත් කරනකොට කරන්නේ ඊට තරමක් වෙනස් දෙයක් කියල. මෙන්න මේ ගැප් (ඩෙරීඩා කියන difference) එක අතර ඉන්න කෙනාට තමයි දේශපාලනය සාර්ථකව කරන්න පුළුවන්. අනික් අයට ෆැන්ටසිවල ඉන්න පුළුවන්.

      උදාහරණය ගංජා නීතිගත කිරීම. යහපාලන කට්ටිය ඒක කළා නම් මෙතන එක විජ්ජුම්බරයයි. නමුත් මෙයාල කරද්දී මීක් නැහැ. එතකොට ඒක ඖෂධයක්. විජයබා වැඩෙත් එහෙමයි. අන්න ඒකට තමයි දේශපාලනය කියන්නේ. එක අතකින් සමාජයේ හිස්ටරික ඉල්ලීමත් ඉටුවෙලා. අනික් අතින් සිංහල බෞද්ධ ආත්මය තුවාල වෙලත් නැහැ. හැබැයි මේක දිව්‍යමය ප්‍රචණ්ඩ බවෙන් වෙනස්. ඇත්ත මිනිස්සුන්ගෙනුත් වෙනස්.

      ඕනිම නම් බලය බෙදන්න උනත් මේ න්‍යායම පාවිච්චි කරන්න පුළුවන්. කාර් රේස්, සිංහරාජ, විල්පත්තුව, වනාත විල්ලුව, වෙළේ සුදා වගේ ඕනිම දෙයකට මේක අදාළයි. මේ ගැන මොකද හිතන්නේ?

      Delete
    2. උඹගේ බ්ලොග් එකක් තියෙනවද...

      සුපිරි දේශපාලන කියවීමක්...

      Delete
    3. උඹගේ බ්ලොග් එකක් තියෙනවද...

      සුපිරි දේශපාලන කියවීමක්...

      Delete
    4. ඒක මාර ඇනලයිස් එකක් තමයි..

      Delete
  6. අඩේ අප්පේ රොකට් රෝහිනී.. බලහන් හුත්තිගේ ආඩමබරකම.. කී කාලයක් තිස්සේ කොච්චරනම් කියල කියලද මේ ටිකවත් ලියව ගත්තේ.. :)))

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න