.

.

May 18, 2015

සැමරුම් හා මිනීමැරුම් - Celebrations & Cremations



මේ රට ඉන්දයන් සාගරේ අමුතු ඇටේ කියන්නේ නිකන් නෙමේය. මාතලන් නම් මේකට කියන්නේ, අම්මට සිරි ලංකාව කියලාය. එහෙම කියන්නේ, අම්මට සිරි කේස් එකක් හැමදාම තියෙන නිසාය. සුද්දෝ ඇවිත් වැද්දෝ ටික ගෝත්‍රිකත්වයෙන් මුදවන්නට වෑයම් කලද, ඔට්ටේලියාවේ සුළුතර ඇබොරජනීස්ලා වෙනුවට, මෙහේ ඉන්නා අති මහත් බහුතරයම ඇබොරජිනිස්ලාය.

අති මහත් බහුතරය පට්ට ජාති වාදියෝය. ජාතින් අතර සමගිය ගොඩ නගන්න දාපු වාසු දේව කියන බොරුකාර ඇමතියාත්, ඩීව් හා තිස්ස යන මහා විප්ලවකාරයෝත් අද ඉන්නේ, දෙමළාගේ ලේ ඉල්ලන අමුම අමු ජාතිවාදී ගොඩේය. එපමණක් නොව, මහ උගතෙක්ය, වියතෙක්ය, සාමයේ කුමරෙක්ය කියාපු, වාසුගේ මස්සිනා නටන්නේත් දකුණේ පට්ට ජාතිවාදින්ගේ නැටුමමය.

කොටි සමරන්න එපා කියලා නීතී එන්නේම අමු ජාතිවාදය ඔස්සේය. මාතලන් නම් කියන්නේ දකුණේ යුධ විරුවන් සමරනවා නම්, උතුරේ උන්ට ත්‍රස්තවාදින් සැමරීමේ නිදහස තිබිය යුතුය. මොකෝ උන් අපට ත්‍රස්තවාදීන් වූවද, දෙමළාට උන්ගේ වීරයෝය. එසේ තහනම් කොරනවා නම්, ජෙප්පන්ගේ ඉල් මහ සමරුවද මක්කද එකත් තහනම් කළ යුතුමය. උන්ට කිසි ගේමක් නැතිය. ජෙප්පන් ඇමති කම් පහකුත් අරගෙන බලය හොබවපු කාළේ, පොළෝසියේ ළොකු ලොක්කෝත් සැලුට් ගගහා විරුවන් සැමරුවේය.

අපට නම් දෙගොල්ලොම ත්‍රස්තවාදියෝය. එකම දේ, උතුරේ උන් දකුණේ උන්ට වඩා බලවත් වීම පමණමය. උතුරේ සැමරුම් වලට වැඩියෙන් බය වෙලා තියෙන්නේ, මහින්දගේ වහල් බයියෝ සැට් එකය. මරු කේස් එක කියන්නේ, නොම්මර එකේ කොටි බදාගෙන ඩාන්ස් කරේ එයාලා එක්කය. ෆයිව් ඉස්ටාර් හොටෙල් රූම්, රෙසිඩොන්ට්ස් දීලා, බිස්නොස් කළේ එයාලත් එක්කය. ගේම තියෙන්නේ මහ එකා එක්ක නොව, කවදත් වගේ පොඩි එකා එක්කය.

යුද්ධය කියන්නේ කාළකන්නි ගේම් එකක්ය. ප්‍රජාතන්ත්‍රවාදි රටක ත්‍රස්තවාදීන්ට ඉන්නත් බැරිය. උන්ව මර්ධනය කොරනා එකත් සාධාරණය. කොටි ත්‍රස්තවාදය නිසා පීඩා වින්දේ, ජීවීත අහිමි උනේ, සිංහළයාගේ විතරක් නෙමේය. මුස්ලිම් එකා විතරක් නොව, දෙමළාද අනෙක් උන්ටත් වඩා දුකක් වින්දේය. දකුණේ එක බෝම්බයක් පුපුරන කොට, උතුරේ පිපිරුනේ බෝම්බ වරුසාවන්ය. බෝම්බය, මූ අහිංසකයාද, ත්‍රස්තවාදීයාද, දෙමළාද, සිංහලයාද කියා බැලුවේ නැතිය.

ඇත්තටම ඒ කාළකන්නි යුද්ධය නිමා කිරීම ජයග්‍රහනයක් නොව, විජයග්‍රහණයක්මය. ඒවා සමරන එකෙත් අවුලක් නැත්තේය. මහින්ද පාන් පත්තු කරනවා වාගෙම, යුද්ධයට විරුද්ධ එකාට ඉටිපන්දමක් පත්තු කරන්නත් ඉඩ දිය යුතුය. එමෙන්ම යහ පාළණය තුලද ඒ වෙනුවෙන් රාජ්‍ය උත්සව පවත්වන්නේ නම්, දෙමළාටද තම මිය ගිය එකා සිහිකිරීමට ඉඩක් තිබිය යුතුමය. දකුණේ ජාතිවාදීන්ට පහන් පත්තු කළ හැකිනම්, උතුරේ උන් පහන් පත්තු කිරීමේ ඇති වරද කිම?

උන් ශ්‍රී ලංකිකයෝ නොවෙයිද? මේ ලක් මවගේ දූ පුතුන් නොවේද? උන්ට් මේ රටේ නිදහසෙ ජීවත් වීමට අයිතියක් නැතිද? උන් ජීවත් විය යුත්තේ අපට ඕනා විදියටද? සිහල ජාතිවාදියාට ඇති නිදහස උන්ට අහිමි කිරීමින් සිඳු වන්නේ, උන් තව තවත් වෛර බැඳ ගැනීම නොවේද? දෙමළ ඩයස්පෝරාවට එන්න කියන්නේ උන් විඳිනා සුපිරි නිදහසින් මිදි වහල් සිරකරුවන් මෙන් ජීවත් වීමටද? එසේනම් කළ යුත්තේ සිංගප්පූරුවේ මෙන් දරුණු නීති රීති ගෙනවිත් සියළු ජාති වාදී ක්‍රියා, ප්‍රකාෂ මෙන්ම, සන්ධාන හා පක්ෂ මැඩ පැවත් වීමයි.  

ඇත්තම කතාව එය නොවේය. ඇත්තටම උන් අපේ උන් නෙමේය. උන් මේ රටේ උනුත් නෙමේය. හොඳම උදාහරණය නම් ඊයේ පෙරේද අති දරුණු ලෙස දූෂණය කොට මරා දැමූ, යාපනේ කයිට්ස් දූපතේ සිවලෝගනාදන් විද්‍ය නම් 18 හැවිරිදි දියණියයි. අපේ කිසිවකු හෝ එ වෙනුවෙන් ඉන්දියාවෙ නවදිල්ලියේ රේප් කේස් එක තරම් වත් කතා බහ කලාද? ඉන්දියාවේ කෙල්ලන් කෙරෙහි ඇති දුකක් ගනගාටුවක් වත් ලක් දියණියක් වූ ඇය කෙරේ නැත්තේ ඇයි?

බුකියේ පෝස්ට් නැත්තේ ඇයි? කවි ලිය නොවෙන්නේ ඇයි?. නිව්ස් එකක් නොවෙන්නේ ඇයි? දැනෙන්නේ නැත්තේ ඇයි? කොටකෙතන මව අපේ මවක් වෙද්දි, ඇය අපේ දියණියක් නොවන්නේ ඇයි.? මේවාට උත්තර අප අපගෙන්ම අසා ගත යුතුවා මිස, වෙන කෙනෙකුන්ට එල්ල කළ යුතු ප්‍රශ්ණ නොවේ. ඇයත් ලක් මවගේ දියණියක් වූ දිනයක, මේ රටට සූර්යයා උදා වනු ඇත. එතෙක් මේ රට අඳුරු ගෝත්‍රික සෙවනැලි වලින් පිරිණු, මිනී කන්නන්ගේ දේශයක් පමණි.

මෙවරත් යුද්ධය වෙනුවෙන් ඇස් හිස් මස් ලේ දන්දුන් අහිංසකයින් පිරිසකට අමාරුවෙන් පුක උස්සා අප්පුඩියක් ගසා උන්ට පොඩි ආතල් එකක් දී..., මහ උන් ටික, හැන්දෑවට කොක්ටේල් එකක් ගසා බෝල් රූම් පාරක් දමා චියර්ස් කියා පට්ට ආතල් එකක්  ගනු ඇත. ඉන් පසු සමාන්‍ය එකාට, බස් එකේ හෝ දුම්රියේ, සීට් එකක් වත් නැත. අපේ රණවිරුවෝ, හිඟන්නෝ වගේ අන්ත අසරණව, පිටකොටුවේ කරක් ගසනවා, ඔබ අනන්තවත් දැක ඇත.

මාතලන් ගිය අවුරුදේ ලියපු කවිය වගේ එක..




වසරකට එක් වරක්,
විජයග්‍රහණ පෙරහරේ,
රැගෙන යති "අන්දවා",
නවීන උපකරණ අවසන,
ඩැමේජ් වූ උපකරණ..

යුද්ධය අවසානය..
මැති ඇමතිවරු, සොම්නසිනි..
සිනහ වෙයි, කවට කම් කරයි..
මොහොතකට නවත්වා,
රෝල් සැන්විච් කෑම,
නැගිට කම්මැලිකමින්,
අත් පොලසන් නඟයි...
මවාගත් දුකක් ගෙන...


වසර හතරක්ම,
නොදැක්කෙමි.
යුද්ධයේ නියමුවා..
ඉඳගන්න, ඉඳගන්න,

මැතිවරුනි, නිළදරුවනි,
අපරාදේ නැගිටින්නේ..
මිනිත්තුව
ක්,
මිය ගිය උන්ට..
තව ටිකක්..

මේ අපට..

ඇත් අසුන් පිරිවරා..
පෙරහරින් පැමිණෙමින්..
රැගෙන යයි..
ජම්බෝ රථවලින්..
පින් කරපු ඒ පුතුන්.

පරණ ටකරං බසයේ
රැගෙන යයි රාගමට
ඩැමෙජ් වූ උපකරණ.

ජාතියේ විරු පුතුන්..
-x-

172 comments:

  1. //මහ උන් ටික, හැන්දෑවට කොක්ටේල් එකක් ගසා බෝල් රූම් පාරක් දමා චියර්ස් කියා පට්ට ආතල් එකක් ගනු ඇත. ඉන් පසු සමාන්‍ය එකාට, බස් එකේ හෝ දුම්රියේ, සීට් එකක් වත් නැත. අපේ රණවිරුවෝ, හිඟන්නෝ වගේ අන්ත අසරණව, පිටකොටුවේ කරක් ගසනවා, ඔබ අනන්තවත් දැක ඇත//

    නෙලුම් යාය බොග් සම්මාන උලෙල මතක්විය...

    ReplyDelete
    Replies
    1. අපේ අතරේ එහෙම ඒවා නෑ... දන්නෝ දනිති.. එක සිගරට් එක බෙදාගෙන ගහන සෙට් එකක් ඉන්නේ..

      Delete
    2. නැතුව නැතුව.... මල්ලි හරි මල්ලි!

      Delete
    3. අම්මප ඇත්ත යුද්දෙ ඉවර කරපු එක කොච්චර කලක්න්නි වැඩක්ද නේද? නැත්නං සාමේ දේශනාකරල බාගෙට රොස් වෙච්ච මිණී කෑල්ලක රස බලන්න තිබ්බ . මරා වගේ මිණීමරුවෙක් මේ තුන්ලෝකේට පහල වෙන්නෙ නැතුව ඇති නේද බං.

      මහින්දගෙ වහල් බයියො වගෙද මාතලං වගෙ රනිල්ගෙ කිරි ටොයියො. හරිම බුද්ධිමත්. උන්ට තේරෙනවා සාමයේ අගේ. ජාතිවාදය ගැවිලවත් නැ. කොටින්ම තාත්තා මොන ජාතියෙද කියල දන්නෙත් නැ. (වාසගම් තියනවා " අරගේ මේ ගේ" කියල එවා නිකන් දාපුව සිංහල ජාතියෙ කියල වැරදියට හිතන්න එපා). ඊලග පාර රනිල් දිනුවහම ඒ යහපාලන ආණ්ඩුවෙන් මේ කාලකන්ණි ස්ත්‍රී දුෂක මිණි මරු හමුදාව විසුරුවල දාල ටොයියො එකතු කරල "සාම හමුදාවක්" හදන්න ඕනැ. අන්න එතකොට තමයි යහපාලනය අර්ථවත් වෙන්නෙ.

      සාමයේ මල් පිපේවා.....

      Delete
    4. ඔයා හරියට පරණ ග්‍රැමපෝන් තැටියක් වගෙයි අනේ... දැන් ඔය හමදාම කරකවන තැටිය නේද. දැන් ඕක හීරිලා. ගොර ගොර සද්දෙ විතරයි එන්නෙ... ඕක විසි කරලා DVD එකක් ගන්න හොඳේ...

      Delete
    5. මරාගේ එවුන් ගැන කුමන කතාද? උන් දන්නවා සදහටම ඉවරයි කියලා. ඒ නිසා තමයි ගොර ගොර ගාලා ගොරෝද්දේ අදින්නේ. තොපිට සදාසොත්ති තමයි.

      Delete
    6. සරසා මලයත් ආවද එදා බ්ලොගා පාටියට ප්‍රයිවෙට් ප්‍රක්ටිස් එක දාල.

      Delete
  2. අනේ මන්දා මාතෙ අයියෙ. කියන කතාවෙත් සෑහෙන්න ඇත්තක් තියෙනව. ඒත් මම නිවුස් වලට දැක්කා අර විග්නේෂ්වරන් කියනවා අපි මිය ගිය අය සැමරුව. පහන් පත්තු කළා කියල. ඒක කමක් නෑ. ඊට පස්සෙ කියනව අපිට විසඳගන්න බැරි ජාතික ප්‍රශ්න තියෙනවලු. බලය බෙදීමක් ඕනෙලු. අරවලු මේවලු. ඔච්චරම තියෙන ප්‍රශ්න ගොඩ මොනවද කියල මේ කල්පනා කලේ.

    අර ළමයා දුෂණය කරල මරල දාපු එවුන්ටනම් දඬුවම් දෙන්නම ඕනෙ. කවුරු උනත් අහිංසක ළමයි.

    කවි ටිකනම් නියමයි. කාලයක් යනකන්ම ගැළපෙයි.

    ReplyDelete
    Replies
    1. //ඊට පස්සෙ කියනව අපිට විසඳගන්න බැරි ජාතික ප්‍රශ්න තියෙනවලු. බලය බෙදීමක් ඕනෙලු.//

      කලබල වෙන්න එපා.. රනිල් දෙයි.... විග්නේස්වරනුත් ඉතින් රනිල් ගෙ ම ඉස්කෝලෙ නේ...

      Delete
    2. ඒ ප්‍රශ්ණ අපේම උන් ඇති කරපුවා මිසක්, උන්ගේ වැරදිම නෙමෙයි. අදටත් උතුර නිග්ලෙක්ට්.. අපි බලාගෙන ඉමු. කවදාවත් දකුණේ උන් උතුරේ උන් ඉල්ලන දේවල් නම් දෙන්නේ නෑ. කිසිම එකෙක්.

      Delete
    3. හොර මහින්දයට දෙන එකෙකුට රිදිල වගෙයි හොඳටම. ඕවා ගණන් ගන්න එපා මාතේ. බයියොත් ඉන්න එපායැ. මෝඩයි කියලා මරන්නයැ?

      Delete
    4. මොනවද බන් දකුණට නැති උතුරට විතරක් තියෙන ප්‍රශ්න

      Delete
    5. උඹ වගේ මහා බුද්ධිමත්තු නැති වීම බං. දැන් උත්තර ලැබුණනෙ. ගිහිලා ඔය ටෙලි නාට්‍යයක් දෙකක කාරිය බලලා නිදා ගනින්. උඹේ මොළේ සයිස් එකට ඒවා තමයි හොඳ.

      Delete
    6. රනිල්, මාතලන්, අලුත් පරපුර වගෙ මෙ රටට කාලකන්නි රට කියන එවුන්ට ඉතින් එක ශක්තිමත් රටක් වෙනුවක් දුර්වල ෆෙඩරල් කෑලි දෙකක් තිබුනම ඇති දුකක් තියනවැයැ. මොකද උන්ට මෙක අගයැක් තියෙනවා කියලයෑ.

      Delete
    7. අනෙ මෙ NGO බත්බැලයො උතුරෙ තියෙන මහා ප්‍රශ්නයක් ගැන මොකක්දො හැමදාම කියවනවා. මොකක්ද ප්‍රශ්නෙ ඇහුමව අපෙ බුද්ධි මට්ටම ගැන ප්‍රශ්න කරනවා. බොරුවක් පතුරවද්දී අඩුම ගානෙ බොරුව හරියට හදාගෙන එන්න ඔනෙ සල්ලි වලට පෙරේත ආත්මාර්ථකාමි අවජාතකයො.

      Delete
    8. අනේ මගෙ පැටියෝ, ඔයාගෙ රත්තරන් හමුදාව උතුරේ ගම් වලට බෝම්බ දැම්මෙ ත්‍රස්තවාදීන්ට වැදෙන්න විතරක් වෙන්න ඇති නේද? අපේ රණවිරු අයියලා ඉසිප්‍රියාගෙන් සොමියක් අරගෙන මරල දැම්මෙ නෑ නේද? හොඳ අයියලා.

      Delete
    9. හමුදාවේ අයියලා හොඳයි තමයි. පහුගිය කාලෙ අපේ ඔෆිස් එක ඉස්සරහ කාණුව සුද්ද කරලා පාර අයිනෙ තණකොළ කපලා හෙම දුන්නා. අන්න රණවිරුවො. අපේ මහින්ද මහත්තයා තමයි දැන ගෙන හිටියෙ රණවිරුවන්ගෙන් නියමෙට වැඩ ගන්න හැටි.

      Delete
    10. NGO බත්බැලයොන්ගෙ ලදරු තර්ක. හමුදාව උතුරෙ මිනිස්සුන්ගෙ ඔලු උඩට බොම්බ ඇතෑරපු (ඒකත් NGO බත්බැලයො හදාගත්තු ශාක්ශි නැති උපකල්පනයක් ) එකද උතුරෙ මිනිස්සුන්ට් තියෙන ප්‍රශ්නෙ? එහෙනම් ඒක විසදුනෙ 2009 මැයි මාසනෙ බූරුවො? ඒක බලය බෙදලා, රට ෆෙඩරල් කරලා විසදන්න් පුලුවන් ප්‍රශ්නයක්ද ඩොලර් පෙරෙතයො?

      Delete
    11. අම්මපා, ඒක උපකල්පනයක්ද? එතෙකොට ගුවන් හමුදාව බෝම්බ දැම්මෙ මුහුදට වෙන්න ඇති නේද?

      Delete
    12. AnonymousMay 18, 2015 at 10:51 AM
      අපේ ගමේ අපි දාගෙන තියෙනවා මරණාධාර සමිතියක්. ඒක ආණ්ඩුවේ නොවන නිසා අපි ඒකට කියන්නේ ඇන්ජීඕ එකක් කියලා. එතකොට අපිත් ඔහේ කියන ඇන්ජීඕ බත්බැලයෝද? තේරෙන්නෙ නැතිකමටයි අහන්නෙ ආයිබොවන්!

      Delete
    13. දැන් නැවතත් ඇතිවී ඇත්තේ සංක්‍රාන්ති සමයකි. මින් පෙරද මෙබඳු සුලු ජාතික අන්තවාදීන් මෙන්ම බෙදුම්වාදීන් බලවත්ව සිංහල ජාතිවාදීන්ට එරෙහිව නැගී සිටියහ. අනතුරුව සිංහල ජාතිවාදීන් වඩා බලවත්ව නැගී සිට ඔවුන් නන්නත්තාර කලහ. නැවතද අතීතය ප්‍රතිනිර්මාණය වෙමින් ඇත. කලින් වතාවේ සිංහලයෝ රාජපක්ෂ යටතේ රොක් වූහ. තවම ඔවුන්ට නිසි නායකත්වයක් නැත. නමුත් ඔවුහු දිනෙක අලුත් නායකයකු යටතේ නැගී සිටිනු ඇත. ඔවුන් වඩා රෞද්‍ර ලෙස සහ අනුකම්පා විරහිත ලෙස නැගී සිටිනු ඇත.

      2000 සිහළ උරුමයටත් 2004 ජා.හෙ.උ. ටත් වඩා සියගුණයක් 2010 බො.බ.සේ. රෞද්‍ර විය. මෙරට සිංහල ජාතිවාදය නැගීසිටියහොත් එය අතිශය භයානක වනු ඇත. එබැවින් අප කලයුත්තේ සිංහලයාගේ ප්‍රශ්නයද තේරුම් ගෙන සාමූහිකව සියලු ජාතීන්ට එකඟ වියහැකි විසඳුමක් ගැන සිතීමය. මෛත්‍රී-රනිල් රජය මෙය තේරුම්ගෙන සිටින බව පෙනේ. කෙසේ හෝ සියලුම ආකාරයේ ජාතිවාදී ප්‍රවණතාවන් පරදා වඩා සාධාරණ විසඳුමක් සෙවිය යුතුය. සුලු ජාතික ජාතිවාදයට උඩගෙඩි දී සිංහල ජාතිවාදීන් ගර්හාවට ලක් කිරීම අතිශය භයානක වනු ඇත.

      Delete
  3. සැබෑ රණවිරුවන් යනු උතුරේ අපේම සහෝදර පිරිසක් ඝාතනය කළ මිනීමරුවන් නොව සංගීතයෙන් හදවත් සනහන අපියි කියල අලුත් පරපුර කියල පිරිසක් ගහපු පෝස්ටරයක් මම දැක්ක. මුන්ගෙ සින්දු අපිනම් අහන්නෙ නෑ. මුන්ට හදවත් සනසන්න හම්බවෙයි යුද්දෙ දිගට තිබ්බනම්. ගුටි කෑවකියල බොරුවට මාධ්‍ය සංදර්ශන තියපු හැටි මතකයි.

    මුන් මේ කියන්නෙ මොනතරම් අසික්කිත තිරිසන් ප්‍රකාශයක්ද
    අපට බස්වල බෝම්බ පුපුරවපු ඉතිහාසය අමතක කරන්න බෑ. කොටි මුන්ට සහෝදරයො වෙන්න ඇති.ඒත් අපට කොටින්වත් මුන්වත් සහෝදරයො නොවේ. මුන් මේ සල්ලිවලට පෙනී සිටින්නෙ බස් පුපුරවපු ගම්මාන කැතිගාපු ම්ලේච්ඡයො වෙනුවෙන්. මුන්ට ආර්ථික සම්බන්ධකම් ඇති. ඒ උඩ මෙහෙම හැසිරෙනව ඇති. ඒත් බහුතර ජනතාව මුන් ගැන දැනුවත්වීමත් මුන්ට වෛරකිරීමත් අවශ්‍යයි.

    ත්‍රස්තවාදීන්ට සහෝදරයන් කියල හමුදාවට මිනීමරුවන් කියන මුන් මොනතරම් සක්කිලියොද

    මේ යුද්ධය ආඩම්බරයෙන් සැමරිය යුතුයි. ඒකට හේතුව සිංහල දෙමළ මුස්ලිම් සියළු දෙනාට හිරිහැරයක් වූ සිංහල මුස්ලිම් ජනයා සමූලඝාතනය කිරීමේ දෙමළ නාසිවාදය පරාජය කළ දිනය නිසයි.දෙමළ නාසිවාදීන් හා සෙසු ජනයා එක පෙළට නොතැබිය යුතුයි.

    දෙමළ නාසිවාදීන් හිට්ලර් මෙන් සෙසු ජනයා ගෑස් කාමරවලට නොයැව්වේ ඔවුන්ට එම තාක්ෂනය නොතිබූ නිසාය. දකුනේ වාමාංශිකයන්ට ගෙවීමට තිබෙන නිසා එම මුදල් සමූලඝාතනවලට නොයෙදුවා විය හැක.
    එහෙත් සිංහල හා මුස්ලිම්වරු උතුරින් හා නැගෙනහිරින් පලවා හැරියේ පැය 24නි. ගම්මාන කැතිගෑවේ වාර්ගික පදනමිනි.
    මේ ම්ලේච්ඡයන් වීරයන් ලෙස දෙමළ ජනයා විසින් තෝරාගන්නේ නම් දෙමළ ජනයාටත් නරක නාමයක් නේද

    ReplyDelete
    Replies
    1. //මුන්ගෙ සින්දු අපිනම් අහන්නෙ නෑ//
      අපි අහන්නෙත් නැහැ මල්ලි

      Delete
    2. උන් එහෙම දෙයක් කියලා තියෙනවා නම්. උන් මේ රටේ පිරිසක් වෙන්න බෑ. එහෙම නැත්නම් මැරිලා ඉපදුන සෙට් එකක් වෙන්න ඕන. එහෙම නැත්නම් ඔළුව කොහේ හරි වැදිච්ච සෙට් එකක් වෙන්න ඕන. යුද්ධයෙන් හැම එකාම බැට කෑවා. ඒක නැවත්තුවේ හමුදාවන් මිසක් වෙන එකෙක්වත් නෙමෙයි. අපි ඉතින් පටි තද කරගෙන උන්නා. එදත් එහෙමයි, අද කියලා වෙනසකුත් නැතුවා.

      Delete
    3. 'අළුත් පරපුර' එහෙම දෙයක් කියලා නැහැ. යම් පිරිසක් හොඳ දෙයක් කරන්න යනකොට ඒක දරා ගන්න බැරි බයියෝ රැළක් උන්ගේ පෝස්ටර් විකෘති කරලා පතුරවනවා. තව බයියෝ රැළක් ඒවාට ප්‍රචාරයක් දෙනවා. හැබැයි පාඨකයා බුද්ධිමත් මේ බයියන්ගේ හෙළුව තේරුම් ගන්න. උන්ට දැන් 'අළුත් පරපුර' නිසා ඇඩ්‍රස් නැති වෙලා ඉන්නෙ.

      Delete
    4. දාපන්කෝ දැන් ඒ හැමනල පරපුර ගැනත් පොස්ටුවක්

      Delete
    5. බලාගෙන යනකොට අළුත් පරපුර අන්තිම සාර්ථකයි. හැම ජාතිවාදියාටම ඇඬෙන්න රිදිලා තියෙනවා. ඔය තියෙන්නෙ සාක්ෂි. ඒකම තමයි වෙන්න ඕනැ.

      Delete
    6. අශෝක අබේගුණවර්ධන මහත්තයෝ, දැන් ඔබතුමා වගේ රට පිළිගත් බුද්ධිමතෙක් ඇනෝනිමස් ප්‍රොෆයිල් එකකට මුවා වෙලා බ්ලොග් ලියන එකයි කෙමෙන්ට් කරන එකයි ටිකක් අවුල් අවුල් වගේ තේරෙන්නෙ නැද්ද? ඔබතුමා නමින් එන්න බයයිද? ලැජ්ජයි ලැජ්ජයි වගේද?

      Delete
    7. කවුද මේ අශෝක අබේගුණවර්ධන?

      Delete
    8. //දෙමළ නාසිවාදීන් හිට්ලර් මෙන් සෙසු ජනයා ගෑස් කාමරවලට නොයැව්වේ ඔවුන්ට එම තාක්ෂනය නොතිබූ නිසාය.//
      මේක නම් හිතෙන් මවාගෙන ලියල, මහ ලොකු තාක්ෂනේ, හිට්ලර් ගෑස් පාටිච්චි කරේ බුලට් එකකට යන තරම්මවත් වියදමක් / ශ්‍රමයක් ඒකට නොයන සරලම සරල ක්‍රමයක් නිසායි.

      Delete
    9. //Sa rasaMay 18, 2015 at 8:33 AM
      //මුන්ගෙ සින්දු අපිනම් අහන්නෙ නෑ//
      අපි අහන්නෙත් නැහැ මල්ලි//

      අනේ අහන්නකෝ

      Delete
    10. //දෙමළ නාසිවාදීන් හිට්ලර් මෙන් සෙසු ජනයා ගෑස් කාමරවලට නොයැව්වේ ඔවුන්ට එම තාක්ෂනය නොතිබූ නිසාය.//

      මොන ලබ්බෙ තාක්ෂණයක්ද බං? මිනිස්සු අතපය බැඳලා කාමරේකට දාලා ඔය ගෑස් සිලින්ඩරයක් ඇරලා තිබ්බාම හරි. කාමර තියෙනවා නම් ගෑස් සිලින්ඩර් තියෙනවා නම් එච්චරයි ඕනැ.

      Delete
    11. ම.ම
      //සැබෑ රණවිරුවන් යනු උතුරේ අපේම සහෝදර පිරිසක් ඝාතනය කළ මිනීමරුවන් නොව සංගීතයෙන් හදවත් සනහන අපියි කියල අලුත් පරපුර කියල පිරිසක් ගහපු පෝස්ටරයක් මම දැක්ක. මුන්ගෙ සින්දු අපිනම් අහන්නෙ නෑ. මුන්ට හදවත් සනසන්න හම්බවෙයි යුද්දෙ දිගට තිබ්බනම්. ගුටි කෑවකියල බොරුවට මාධ්‍ය සංදර්ශන තියපු හැටි මතකයි.

      මුන් මේ කියන්නෙ මොනතරම් අසික්කිත තිරිසන් ප්‍රකාශයක්ද//

      පැරඬිවල ලණු ගිලිනව වැඩියි වගේ!

      Delete
    12. අශෝක අබේගුණවර්ධන??

      හ්ම්, ටිකක් අහල පුරුදු නමක්. විදුලි මැවිසුරුසුවා ද?

      Delete
  4. වැඩි දෙයක් කියන්නෙ නෑ.
    //අති දරුණු ලෙස දූෂණය කොට මරා දැමූ, යාපනේ කයිට්ස් දූපතේ සිවලෝගනාදන් විද්‍ය නම් 18 හැවිරිදි දියණියයි. අපේ කිසිවකු හෝ
    //මෙවරත් යුද්ධය වෙනුවෙන් ඇස් හිස් මස් ලේ දන්දුන් අහිංසකයින් පිරිසකට අමාරුවෙන් පුක උස්සා අප්පුඩියක් ගසා උන්ට පොඩි ආතල් එකක් දී..., මහ උන් ටික, හැන්දෑවට කොක්ටේල් එකක් ගසා බෝල් රූම් පාරක් දමා චියර්ස් කියා පට්ට ආතල් එකක් ගනු ඇත. ඉන් පසු සමාන්‍ය එකාට, බස් එකේ හෝ දුම්රියේ, සීට් එකක් වත් නැත. අපේ රණවිරුවෝ, හිඟන්නෝ වගේ අන්ත අසරණව, පිටකොටුවේ කරක් ගසනවා, ඔබ අනන්තවත් දැක ඇත.
    ජේසුස් වහන්සේ වේසි බේරාගන්න කියපු මෝඩ කතාවමයි ඔයත් ඔය කියලා තියෙන්නේ. එක වැරැද්දක් පෙන්නලා තව වැරැද්දත් නිවැරදි කරන්න බෑ.ඒ වගේමයි මේ වගේ කතාවලින් දෙමළ ජාතිවාදය සුද්ද කරන්න බෑ

    LTTE සහ JVP වෙනස මෙතනින් බලන්න
    http://www1.kalaya.org/2015/05/blog-post_14.html

    ReplyDelete
    Replies
    1. අනේ යකෝ, මූ වෙනස බලා ගන්න කියල දෙන්නෙ අර මොලේ කොලොප්පන් වෙච්චි නලින් ද සිල්වා නාථ කපුරාළ ලියපු පල් හෑල්ලක්. ජගතෝ, උඹේ මොළේ බලා ගනින් ඉක්මණට හොඳ දොස්තර කෙනෙකුට කියලා.

      Delete
    2. Jagath , You area bloody idiot from the 6th century

      Delete
    3. උඹලා වගේ කාලකන්නින්ට ජීසස් වගේ වෙන්න බැරි පවට අපි මක්කා කරඳ බං.... ජීසස් වර්ල්ඩ් ෆේමස් වෙන්නයි, උඹ ගැන දන්නේ මම විතරක් වෙන්නයි හේතුව වත් හොයා බලහන්..

      Delete
  5. //**හොඳම උදාහරණය නම් ඊයේ පෙරේද අති දරුණු ලෙස දූෂණය කොට මරා දැමූ, යාපනේ කයිට්ස් දූපතේ සිවලෝගනාදන් විද්‍ය නම් 18 හැවිරිදි දියණියයි. අපේ කිසිවකු හෝ එ වෙනුවෙන් ඉන්දියාවෙ නවදිල්ලියේ රේප් කේස් එක තරම් වත් කතා බහ කලාද? ඉන්දියාවේ කෙල්ලන් කෙරෙහි ඇති දුකක් ගනගාටුවක් වත් ලක් දියණියක් වූ ඇය කෙරේ නැත්තේ ඇයි?

    බුකියේ පෝස්ට් නැත්තේ ඇයි? කවි ලිය නොවෙන්නේ ඇයි?. නිව්ස් එකක් නොවෙන්නේ ඇයි? දැනෙන්නේ නැත්තේ ඇයි? කොටකෙතන මව අපේ මවක් වෙද්දි, ඇය අපේ දියණියක් නොවන්නේ ඇයි.? මේවාට උත්තර අප අපගෙන්ම අසා ගත යුතුවා මිස, වෙන කෙනෙකුන්ට එල්ල කළ යුතු ප්‍රශ්ණ නොවේ. ඇයත් ලක් මවගේ දියණියක් වූ දිනයක, මේ රටට සූර්යයා උදා වනු ඇත. එතෙක් මේ රට අඳුරු ගෝත්‍රික සෙවනැලි වලින් පිරිණු, මිනී කන්නන්ගේ දේශයක් පමණි.**//

    This is the truth
    cheena

    ReplyDelete
  6. //හොඳම උදාහරණය නම් ඊයේ පෙරේද අති දරුණු ලෙස දූෂණය කොට මරා දැමූ, යාපනේ කයිට්ස් දූපතේ සිවලෝගනාදන් විද්‍ය නම් 18 හැවිරිදි දියණියයි. අපේ කිසිවකු හෝ එ වෙනුවෙන් ඉන්දියාවෙ නවදිල්ලියේ රේප් කේස් එක තරම් වත් කතා බහ කලාද? ඉන්දියාවේ කෙල්ලන් කෙරෙහි ඇති දුකක් ගනගාටුවක් වත් ලක් දියණියක් වූ ඇය කෙරේ නැත්තේ ඇයි?

    බුකියේ පෝස්ට් නැත්තේ ඇයි? කවි ලිය නොවෙන්නේ ඇයි?. නිව්ස් එකක් නොවෙන්නේ ඇයි? දැනෙන්නේ නැත්තේ ඇයි? කොටකෙතන මව අපේ මවක් වෙද්දි, ඇය අපේ දියණියක් නොවන්නේ ඇයි.? මේවාට උත්තර අප අපගෙන්ම අසා ගත යුතුවා මිස, වෙන කෙනෙකුන්ට එල්ල කළ යුතු ප්‍රශ්ණ නොවේ. ඇයත් ලක් මවගේ දියණියක් වූ දිනයක, මේ රටට සූර්යයා උදා වනු ඇත. එතෙක් මේ රට අඳුරු ගෝත්‍රික සෙවනැලි වලින් පිරිණු, මිනී කන්නන්ගේ දේශයක් පමණි.//
    +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  7. යුද්ධය ආරම්බයේ සිට මේ දක්වා කොටි ත්‍රස්තයන් නිසා පීඩා විඳි සියලු ලාංකිකයන් සැමරිය යුතුය නමුත් බෙදුම්වාදී පොදුවේ සැමරීමට ඉඩ දිය යුතු නොවේ. තම පවුලේ මියගිය ත්‍රස්තවාදියා පුද්ගලිකව සැමරීම ප්‍රශ්නයක් නැත ඒ තමන්ගේ පවුලේ එකා නිසාය නමුත් එවැනි පිරිසක් පොදුවේ සැමරීම යනු ත්‍රස්තවාදීන් සැමරීමකි එය වැරදිය. විග්නේශ්වරන් මියගියවුන් සමරනවා කියා නීතියට මුවා වී කෙලින්ම කලේ ත්‍රස්තවාදීන් සැමරීමකි.

    ReplyDelete
    Replies
    1. අයිසෙ මකලා, බෙදුම්වාදය හා ත්‍රස්තවාදය කියන්නෙ එකක්ද දෙකක්ද?

      Delete
    2. බෙදුම්වාදය සඳහා භාවිතා කරන එක ක්‍රමයක් ත්‍රස්තවාදය.
      සියලු කොටි ත්‍රස්තවාදීන් බෙදුම්වාදීහු වේ.

      Delete
    3. බෙදුම්වාදය සඳහා ත්‍රස්තවාදය හැරුණු විට භාවිත කරන තවත් ක්‍රම ඇද්ද?

      Delete
    4. ජාත්යන්තර සහාය අරගෙන ලෙසියෙන් තුන්වෙනි ලොකෙ රටක් කඩන්න පුලුවන්. ලන්කාවෙ වෙන්නෙත් ඒක තමයි.

      Delete
    5. එක නෙවෙයිනෙ මම ඇහුවෙ. අයිසෙ මකලා බෙදුම්වාදය සඳහා ත්‍රස්තවාදය හැරුණු විට භාවිත කරන තවත් ක්‍රම ඇද්ද? උදාහරණයක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදීව ඒක කරන්න බැරිද?

      Delete
    6. මම මකලා නෙවෙ. ඒත් මම කිව්වෙ ඒක තමයි. ජාත්යන්තර පිලිගැනීම කියන එක පාවිච්චි කරලා රටවල් බෙදන්න පුලුවන්. යුගොස්ලොවියාව, සුඩානය කැඩුවෙ එහෙම තමයි. ටිබටය කඩන්න බෑ රනිල්, චන්ද්‍රිකා වගෙ රූකඩ නායකයො චීනෙ නැති නිසා.

      Delete
    7. පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නවද මම ඇහුවෙ මකලාගෙන්...

      Delete
    8. //බෙදුම්වාදය සඳහා භාවිතා කරන එක ක්‍රමයක් ත්‍රස්තවාදය.// කියලා කියන එකෙන් තව ක්‍රම තියන බව අදහස් වන බව තේරුම් ගන්න බැරිද?

      //උදාහරණයක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදීව ඒක කරන්න බැරිද?// අනිවාර්යෙන්ම කරන්න පුළුවන් රටෙන් බහුතරයක්ක් කැමති නම්. ඒ වගේම රටෙන් බහුතරයක් ගන්නේ නැතිව කරන්න පුළුවන් ක්‍රම වගේම බහුතරයකට කැමැත්ත ප්‍රේරණය කරන ක්‍රමත් තියෙනවා. ඔය ක්‍රම දැන් මෙහි ක්‍රියාත්මක වනවා.

      Delete
    9. බෙදන්න විතරක් නෙවෙයි, එකතුකරල තියාගන්නත් මිනිස්සු මරණවා. සෝවියට් දේශය, යුගොස්ලොවියාව වගෙ මලගිය දේශ වගේම ඒකාලේ හිරු නොබැසපු අධිරාජ්ජය එකතු කරල තියාගන්න කොච්චර මිනිස්සු මැරුවද කියන එකට සංඛ්‍යාෙල්ඛන වත් නෑ. චීනය කියන ජනවර්ග සමූහයක් ජීවත් වෙන රට එකක්විදිහට තියාගන්න අදටත් කී දෙනෙක් මරණවා ඇත්ද?
      අපේ රටත් බෙදන්න වගේම එකක්විදිහට තියාගන්නත් මිනිස්සු මරපු රටක්, තව දුරටත් ඒ විදිහට මිනිස්සු මරන්න කැමති අය ඉන්නවනේ.

      Delete
    10. අයිසෙ මකලා එතකොට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම වලින් බෙදුම්වාදය ප්‍රමෝට් කරන එක වැරදිද? යොදා ගන්නේ ප්‍රාතන්ත්‍රවාදී ක්‍රම පමණක් නම් ඒ වෙනුවෙන් දේශපාලනය කරන එකේ ඇති වැරද්ද මොකද්ද?

      Delete
    11. @ඇණය,

      x = ලංකාව බෙදා වෙන් කිරීම සඳහා මරණ ලද පිරිස
      y = ලංකාව ඒකීය රටක් ලෙස පවත්වා ගැනීම සඳහා මරණ ලද පිරිස

      මට හිතෙන්නෙ y අගය x ට වැඩිය වැඩියි කියලා.

      Delete
    12. යම් රටක ව්‍යවස්ථාව හෝ නීතිය අනුව රට බෙදීමට ක්‍රියා කිරීම වැරද්දක් ලෙස පිලිගන්නවා නම් එවැනි රටක ප්‍රජාතන්ත්‍ර වාදීව හෝ රට බෙදීමට ක්‍රියා කිරීම වැරදි වැඩකි. ලංකාව ඉන්දියාව මෙන්ම ලෝකයේ බොහෝ රටවල තත්වය එයයි.

      Delete
    13. අයිසෙ මකලා මාර බූරු තර්කනෙ අයිසෙත් ගේන්නෙ. දැන් ලංකාවේ බල පවත්වන නීතිය හා ව්‍යවස්ථාව අනුව පළාත් සභා වලට පොලිස් හා ඉඩම් බලතල දිය යුතුයි නේද (13 වැනි සංශෝධනය) ඉතින් ඒකට විරුද්ධවෙන අයිසෙගෙම වීරයො වෙච්චි චම්පික රණවකලා ගම්මන්පිළලාත් එතෙකොට කරන්න වැරදි වැඩක් නේද?

      අනෙක රටේ තියෙන නීතිය හැමදාමත් එහෙම තියෙනවා තිබිය යුතුයි කියලා කොහෙද තියෙන්නෙ? එහෙමෙ නම් අයිසෙ අපට මේ ව්‍යවස්ථා සංශෝධන මුකුත් ඕනැ නැහැනෙ. රටේ බල පවත්වන යම් නීතියකට අප එකඟ නැත්නම් ඒකට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදීව සටන් කිරීම (දැන් මේකට ත්‍රස්තවාදය ගාවා ගන්න එපා) ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක් නෙවෙයිද?

      Delete
    14. එකග නැති නීති වෙනස් කරගැනීමට සටන් කිරීමයි, නීති විරොධී දෙයක් ප්‍රජාත්‍රන්තවාදී මුහුණුවරකින් කිරීමයි දෙකක් කියලා තෙරෙන්නෙ නැද්ද යොදයො? උදාහරණයක් විදියට සමලින්ගික විවාහ නීතිගත කරන්න කියලා ඉල්ලන්න පුලුවන්. හැබැයි එහෙම නොකරන තාක්කල් ප්‍රජාත්‍රතවාදීව අපි ගලක් කැපුවා කියලා නීතියෙන් බෙරෙන්න බෑ. ලන්කාවෙ දෙවැනි පුරවැසියා හරිනම් ඉන්න ඔනෙ හිරෙ මොකද කොච්චර අසාධාරණ උනත් දැනට තියෙන නීතියට අනූව ඔහුගෙ ජීවන රටාව නීතිවිරොධියි.

      Delete
    15. උන්නැහේ, පොඩ්ඩක් පැත්තකටෙ වෙලා ඉන්නවද, වැදගත් කතාවක් අල නොකර...?

      මකලාට කතා කරන්න දෙමුකො.

      Delete
    16. 13 වැනි සංශෝධනය අනුමත වුනේ ප්‍රජාතාන්ත්‍ර වාදීවද? එක සම්මත වෙන කාලේ එයට ප්‍රජාතාන්ත්‍රවාදීව විරුද්ද වෙලා කීදෙනෙක් පරලොව ගියාද?

      දැන් ඔය ප්‍රජාතන්තවාදී ඇනෝ කියන්න බලන්න. ප්‍රජාතන්තවාදය කියන්නේ හැම දේටම විසදුමක්ද? ප්‍රජාතන්තවාදය මගින් ගැනෙන තීරණ සෑම විටම හරිද?

      Delete
    17. අයිසෙ මකලා 13 වැනි සංශෝධනය (අනෙක් හැම සංශෝධනයක් වගේම - 18 ද ඇතුළුව ) සම්මත වුණේ ප්‍රජාතන්ත්‍රවාදීව තමයි. ඒක පොඩ්ඩක් අමතක කරමුකෝ.

      හරි මකලා මං හිතපු තැනට ආවා. දැන් මකලාට පේන්නෙ ප්‍රජාතන්ත්‍රවාදයෙ වැරදි. ඒ කියන්නෙ තලගොයා කබරගොයා කර ගැනීමේ න්‍යායය. තමන්ට වාසියක් නම් ඒකට ව්‍යවස්ථාවයි, ප්‍රජාතන්ත්‍රවාදයයි හැම එකක්ම වහල් කර ගන්නවා. නමුත් මේ දේවල්ම තමන්ට අවාසි නම් ඒවාම ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. වැරදිලාවත් දෙමළාට යම් වාසියක් වෙනවා නම් ප්‍රජාතන්ත්‍රවාදයත් වැරදියි. (මකලලා ඔය තරම් බහුතර කැමැත්ත ගැන කතා කරන්නෙ ඒක සුළු ජාතීන්ට භාවිතා කරන්න බැරි බව හොඳින්ම දන්නා නිසා. නැත්නම් ඒකෙත් වැරදි හොයනවා.)

      අපි නම් මේකට කියන්නෙ සංශුද්ධ ගෝත්‍රවාදය. තමන්ගෙ ගෝත්‍රය කරන හැම දෙයක්ම හරි. අනෙක් ගෝත්‍රය කරන හැම දෙයක්ම වැරදියි. අපේ සිංහල දෙමළ ජාතිවාදීන් දෙපිරිසම ඉන්නෙ එතැන.

      දැන් ඉහත පැහදිළිව පෙණුනා මකලාට වැදගත් ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාව හෝ නීතිය වගේ කිසිම දෙයක් නෙවෙයි තමන්ගේ ගෝත්‍රය. මේක තමයි අපේ රටේ තියෙන වරද. සිංහල දෙමළ මුස්ලිම් හැම කෙනෙක්ම කතා කරන්නේ තමන්ගෙ ගෝත්‍රික අවශ්‍යතාවය වෙනුවෙන් මිසක හරි දේ ගැන නෙවෙයි.

      නිකම් බොරුවට 'ලාංකිකයා' කියලා කියා ගන්න ඕනැ නැහැනේද අයිසෙ? තමුන් ජාතිවාදී සිංහලයෙක් බව දැන් තමුන්ම ඔප්පු කරලා පෙන්නුවා නේද?

      Delete
    18. / ප්‍රජාතන්තවාදය කියන්නේ හැම දේටම විසදුමක්ද? ප්‍රජාතන්තවාදය මගින් ගැනෙන තීරණ සෑම විටම හරිද?/

      මේකට උත්තරයක් දෙනවා නම්, නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය සර්ව සම්පූර්ණ නැහැ. නමුත් අපට සිස්ටම් එකක් අවශ්‍ය නිසාත් ප්‍රජාතන්ත්‍රවාදය අනෙක් සිස්ටම් වලට වඩා හොඳ නිසාත් මම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී හිටිනවා. ඒ එක්කම මම කැමැති වුණත් නැති වුණත් ඕනෑම කෙනෙකුට ප්‍රජාතන්ත්‍රවාදයේ රාමුව ඇතුළේ කළ හැකි හෝ කළ නොහැකි සාධාරණ හෝ අසාධාරණ හේතුවක් වෙනුවෙන් පෙනී සිටින්න තියෙන අයිතියට ගරු කරනවා. මම යම් දෙයකට කැමැතිද නැද්ද යන ප්‍රශ්නය අදාළ නැහැ.

      Delete
    19. //හරි මකලා මං හිතපු තැනට ආවා. දැන් මකලාට පේන්නෙ ප්‍රජාතන්ත්‍රවාදයෙ වැරදි. ඒ කියන්නෙ තලගොයා කබරගොයා කර ගැනීමේ න්‍යායය. තමන්ට වාසියක් නම් ඒකට ව්‍යවස්ථාවයි, ප්‍රජාතන්ත්‍රවාදයයි හැම එකක්ම වහල් කර ගන්නවා. නමුත් මේ දේවල්ම තමන්ට අවාසි නම් ඒවාම ප්‍රශ්න කරන්න පටන් ගන්නවා.// මම කොතනද ප්‍රජාතන්ත්‍රවාදය වැරදිය කියලා තියෙන්නේ.

      //වැරදිලාවත් දෙමළාට යම් වාසියක් වෙනවා නම් ප්‍රජාතන්ත්‍රවාදයත් වැරදියි. (මකලලා ඔය තරම් බහුතර කැමැත්ත ගැන කතා කරන්නෙ ඒක සුළු ජාතීන්ට භාවිතා කරන්න බැරි බව හොඳින්ම දන්නා නිසා. නැත්නම් ඒකෙත් වැරදි හොයනවා.)// ඇයි දෙමලාට දෙමළා ලෙස ඉන්න අවශ්‍යඇයි ඔවුන්ට බැරි ශ්‍රී ලාංකික ලෙස සිටින්න. ඇයි දෙමල ලෙස බෙදී දේශපාලන පක්ෂ ලෙස සිටින්නේ. ඔවුන්ට පුළුවන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජාතීන් එක්සත්ව සිටින UNP එකෙන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්(සන්දානය) හෝ වෙනත් ජාතින් ලෙස නොබෙදුණු ප්‍රධාන දේශපාලන ප්‍රවාහයකින් චන්දෙ ඉල්ලන්න. එහෙම ඉන්නවා නම් ප්‍රජාතන්ත වාදීව දින්න බැරිද? කදිරගාමර් හිටියා නම් ජනාදිපති වාරණයකට ඉල්ලුවා නම් අපිත් චන්දෙ දෙනවා. ප්‍රශ්නේ තියෙන්න ඔවුන් බෙදේ සිටීම ජාතියක් ලෙස වෙන්ව දේශපාලනය කරලා කවදාවත් ඔවුන්ට ජනපති හෝ අගමැති වෙන්න බැහැ. එම නිසා රටක් ඉල්ලනවා. කල යුත්තේ එයද? ශ්‍රී ලාංකික ජාතියක් හැදීම තමයි එකම විසදුම.

      //අපි නම් මේකට කියන්නෙ සංශුද්ධ ගෝත්‍රවාදය. තමන්ගෙ ගෝත්‍රය කරන හැම දෙයක්ම හරි. අනෙක් ගෝත්‍රය කරන හැම දෙයක්ම වැරදියි. අපේ සිංහල දෙමළ ජාතිවාදීන් දෙපිරිසම ඉන්නෙ එතැන.

      දැන් ඉහත පැහදිළිව පෙණුනා මකලාට වැදගත් ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාව හෝ නීතිය වගේ කිසිම දෙයක් නෙවෙයි තමන්ගේ ගෝත්‍රය. මේක තමයි අපේ රටේ තියෙන වරද. සිංහල දෙමළ මුස්ලිම් හැම කෙනෙක්ම කතා කරන්නේ තමන්ගෙ ගෝත්‍රික අවශ්‍යතාවය වෙනුවෙන් මිසක හරි දේ ගැන නෙවෙයි. // මම අහන්නේ ඇයි ගෝත්‍ර ලෙස බෙදී පශ්නය කතා කරන්නේ. මගේ මතය එසේ සිටීමම බෙදීමට මුල බවයි

      //නිකම් බොරුවට 'ලාංකිකයා' කියලා කියා ගන්න ඕනැ නැහැනේද අයිසෙ? තමුන් ජාතිවාදී සිංහලයෙක් බව දැන් තමුන්ම ඔප්පු කරලා පෙන්නුවා නේද?// මම ලියපු හැම තැනම කියලා තියෙන්න ජනවාර්ගික ප්‍රශ්නයට විසදුම නම් ජන වර්ග ලෙස නොබෙදී ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සිටීම බවයි.

      //ප්‍රජාතන්ත්‍රවාදය සර්ව සම්පූර්ණ නැහැ. නමුත් අපට සිස්ටම් එකක් අවශ්‍ය නිසාත් ප්‍රජාතන්ත්‍රවාදය අනෙක් සිස්ටම් වලට වඩා හොඳ නිසාත් මම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී හිටිනවා. ඒ එක්කම මම කැමැති වුණත් නැති වුණත් ඕනෑම කෙනෙකුට ප්‍රජාතන්ත්‍රවාදයේ රාමුව ඇතුළේ කළ හැකි හෝ කළ නොහැකි සාධාරණ හෝ අසාධාරණ හේතුවක් වෙනුවෙන් පෙනී සිටින්න තියෙන අයිතියට ගරු කරනවා. මම යම් දෙයකට කැමැතිද නැද්ද යන ප්‍රශ්නය අදාළ නැහැ.//
      හරියට හරි

      Delete
    20. මකලා, කොටි ඉල්ලුවේ කෑල්ලයි. ජෙප්පෝ මුළු රටම ඉල්ලුවේ.
      ජෙප්පන්ට විජේවීර සමරන්න පුළුවන්
      දෙමළුන්ට උන්ගේ උන් සමරන්න බෑ.
      නමුත් දෙගොල්ලොම ත්‍රස්තවාදියෝ..

      Delete
    21. /ඇයි දෙමලාට දෙමළා ලෙස ඉන්න අවශ්‍යඇයි ඔවුන්ට බැරි ශ්‍රී ලාංකික ලෙස සිටින්න. /

      ඇයි සිංහලයාට සිංහලයා ලෙස සිටීමට අවශ්‍ය? ඇයි ශ්‍රී ලාංකිකයෙක් විදිහට ඉන්න බැරි?

      Delete
    22. /මම ලියපු හැම තැනම කියලා තියෙන්න ජනවාර්ගික ප්‍රශ්නයට විසදුම නම් ජන වර්ග ලෙස නොබෙදී ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සිටීම බවයි./

      ඔයාගෙ ශ්‍රී ලාංකික ජාතිය කියන්නෙ සිංහලයා විසින් සුළු ජාතීන් පාගා ගෙන ඉන්න, සුළු ජාතීන්ට තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන් පවත්වාගෙන යන්න නිදහසක් නැති රාජ්‍යයක්. ඒ වගේ ව්‍යාජ ශ්‍රී ලාංකික ජාතියකට සුළු ජාතික කවුරුත් කැමැති වෙන්නෙ නෑ. කැමැති විය යුතුත් නැහැ. සැබෑ ශ්‍රී ලාංකික රාජ්‍යයක් පිණිස නම් දෙමළා දෙමළෙක් ලෙස පිළිගන්න රාජ්‍යයක් විය යුතුයි. නමුත් ඔයා වගේ අයගේ ගෝත්‍රවාදය ඊට ඉඩ දෙන්නෙ නෑ.

      Delete
    23. /ඇයි දෙමල ලෙස බෙදී දේශපාලන පක්ෂ ලෙස සිටින්නේ?/

      සිංහල ජාතිවාදී පක්ෂ පේන්නෙම නෑ නේද? ඔගේ ජාතිවාදී කණ්ණාඩිය ගලවලා බලන්න. මා දන්නවා ඒක අමාරු දෙයක් බව.

      Delete
    24. /මම ලියපු හැම තැනම කියලා තියෙන්න ජනවාර්ගික ප්‍රශ්නයට විසදුම නම් ජන වර්ග ලෙස නොබෙදී ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සිටීම බවයි./

      මෙසේ නිවැරදි විය යුතුයි.

      මම ලියපු හැම තැනම කියලා තියෙන්න ජනවාර්ගික ප්‍රශ්නයට විසදුම නම් ජන වර්ග ලෙස නොබෙදී [දෙමළා සිංහල ආධිපත්‍යය පිළි අරගෙන] 'ශ්‍රී ලාංකික' [එනම් සිංහලබෞද්ධ] ජාතියක් ලෙස සිටීම බවයි.

      Delete
    25. //සිංහල ජාතිවාදී පක්ෂ පේන්නෙම නෑ නේද?// ඕකට පිළිතුර මම කලින් දුන් පිලිතුරේම තියෙනවා "ජනවාර්ගික ප්‍රශ්නයට විසදුම නම් ජන වර්ග ලෙස නොබෙදී ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සිටීම බවයි"

      //ඔයා වගේ අයගේ ගෝත්‍රවාදය ඊට ඉඩ දෙන්නෙ නෑ.//
      // ඔගේ ජාතිවාදී කණ්ණාඩිය ගලවලා බලන්න. මා දන්නවා ඒක අමාරු දෙයක් බව.//
      මා ජාතිවාදය ගලවා ඇත ඔබ ඔබග සුළු ජාතිවාදය ගලවන්න

      //මම ලියපු හැම තැනම කියලා තියෙන්න ජනවාර්ගික ප්‍රශ්නයට විසදුම නම් ජන වර්ග ලෙස නොබෙදී [දෙමළා සිංහල ආධිපත්‍යය පිළි අරගෙන] 'ශ්‍රී ලාංකික' [එනම් සිංහලබෞද්ධ] ජාතියක් ලෙස සිටීම බවයි.// මා කියන්නේ ඔබගේ හිතේ ඇති අදහස නොවේ

      Delete
    26. /මා ජාතිවාදය ගලවා ඇත ඔබ ඔබග සුළු ජාතිවාදය ගලවන්න /

      උඹලගෙ මොළේ තමයි මොළේ බං. සුළු ජාතීන් මෙතැන ඇවිත් සිංහලෙන් කොටන්නෙ නෑ. උඹලගෙ සිංහල ජාතිවාදය ප්‍රශ්න කරන කෙනෙක් උඹලට සුළු ජාතිකයෙක්. මේකද බං උඹලගෙ මොළේ? කොහේද ඕක තියෙන්නෙ?

      Delete
    27. උඹ අමු සිංහල ජාතිවාදියෙක්. උඹල වගේ උන් හින්ද තමයි යුද්ධය ඇති වුණේ. උඹලා වගෙ එවුන් නිසා තමයි කවදාවත් ජාතික සමගිය ඇති නොවෙන්නෙත්.

      Delete
    28. //සුළු ජාතීන් මෙතැන ඇවිත් සිංහලෙන් කොටන්නෙ නෑ.// සුළු ජාතිවාදී වෙන්න සුළු ජාතිකයෙක් වෙන්න ඕන නැහැ.

      Delete
    29. /සුළු ජාතිවාදී වෙන්න සුළු ජාතිකයෙක් වෙන්න ඕන නැහැ./

      මේ රටේ තියෙන්නෙම සුළු ජාතිවාදය විතරයි නේද? මහා ජාතිවාදය කියලා එකක් තියෙනවා කියලා උඹට පේන්නෙම නෑ නේද? මුලින්ම උඹේ ඔය ජාතිවාදී මොළේ ඇළකවත් දාලා හෝදලා ගනින් මෝඩ කතා නොකියා.

      Delete
  8. හැම දෙමළාම කොටියෙකි සහ හැම කොටියාම දෙමළෙකි කියන විදිහට බැලුවොතින් නම් උඩින්ම තියන ටික හරි යයි.වැඩේ කියන්නෙ මට එහෙම හිතෙන්නෑ.කොටි මිනී මැරුවෙ මොකටද කියල උන් වත් දැනගන හිටියෙ නැද්ද මංද.
    ඇත්තටම මාතයියෙ කොටින්ව සමරන්න ඕනෙද?

    ReplyDelete
    Replies
    1. කවුරුත් කොටි සමරන්නෙ නැහැ. ඒක මේ බයියො හදා ගත්තු කතාවක්නෙ. සමරන්නෙ යුද්ධයෙදි මැරුණු අහිංසක සාමාන්‍ය ජනතාව - සිංහල දෙමළ භේදයක් නැතුව.

      Delete
    2. සිගරැට් බොන අයගෙන් 90%කට පෙනහළු පිලිකා හැදෙන්නෙ නෑ. නමුත් පෙනහළු පිලිකා හැදෙන අයගෙන් 99%ක් සිගරැට් බොනවා ඒ නිසා පෙනහළු පිලිකා සහ සිගරැට් අතර සම්බන්ධයක් තියෙනවා - කාලෝ ෆොන්සේකා.
      දැන් මේ කතාවේ සිගරැට් වෙනුවට දෙමළුත් පෙනහළු පිළිකාව වෙනුවට කොටි සංවිධානයත් දැම්මොත් ඔය ගැටලුවට උත්තර ලැබෙයි.
      නවදිල්ලි ස්ත්‍රි දූෂණය ගැන කියනවනම් NGO කන්ඩායම් ඒකට ප්‍රසිද්ධියක් දෙන්න කටයුතු කලා. නැත්නම් ඔයගැන ඉන්දියාවෙ එවුන්වත් දැනගන්න එකක් නෑ. ඉස්සර ඉන්දියා සමාජය බමුණන්ට යටත් වෙලා තිබුනා වගේම අද එය NGO කාරයින්ට යට වෙලා

      Delete
    3. ඒ කියන්නෙ ඔය ගොල්ලන්ට අනුව හැම දෙමළාම කොටියෙක්. ඒ හන්දා මැරිච්චි දෙමෙල්ලු සමරන්න ඕනැ නැහැ. තෑන්ක් යූ. ඒක තමයි මම බලාපොරොත්තු වෙච්චි උත්තරේ. බයියන්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?

      හරි මචන් ගනිමු කැති පොලු. මරමු දෙමළුයි හම්බයොයි. අපිට මතකයි වීරෝදාර සිංහලයෝ 1983 දි ගේම දුන්නු හැටි. දෙමු ඒ වගේම තව ගේමක්. ඕකුන් එකෙක් ඉතුරු කරන්න හොඳ නෑ. බුදු පිළිම ඉස්සරහට ගෙනල්ල ඕකුන්ගෙ බෙලි කපන්න ඕනැ.

      Delete
    4. 83දී දෙමලට ගැහුවෙ එජාප ආණ්ඩුවෙ මැරයො මිසක් සින්හල සාමාන්ය ජනතාව නෙමෙයි. ඒ මැරයොම 77දී ශ්‍රීලන්කා කාරයොන්ටත් ගැහුවා. ශ්‍රීලන්කා කාරයො වෙනම රටක් ඉල්ලුවද? එක එජාප ආණ්ඩුවක් මැරයො දාලා දෙමල සාමාන්ය මිනිස්සුන්ට ගහනවා. ඊලගෙ එජාප ආණ්ඩුව ඇවිල්ලා ඒකට වන්දියක් විදියට දෙමල බෙදුම්වාදීන්ට රට බෙදලා දෙනවා. යකො මෙක උන්ගෙ අම්මගෙ අප්පගෙ බූදලෙද?

      Delete
    5. ඒ කියන්නෙ මට බැට් කරන්න දෙන්නෙ නෑ.. ඉන්නකො අම්මට කියන්න.කෝ දෙනව මගෙ බෝලෙ.. හ්ම්... මට බැට් කරන්න දෙන්නෙ නෑ.. ඔයාල බෝල දමල ගහනවා.. නෝ බෝල් දානවා.. හ්ම්..
      අනේ ඇනෝ...AnonymousMay 18, 2015 at 10:44 AM

      Delete
    6. දෙමළු මරමු. කතාව ඉවරයිනෙ. ඕකුන් හිටියාමනේ ඔක්කෝම කරදර. මරන්න බැරිනම් දෙමෙල්ලු සිංහලයාගේ වහල්ලු හැටියට තියා ගනිමු. ඒකනේ ඔය හැමෝටම ඕනැ. උන්ට ඡන්ද අයිතිය දෙන්නත් ඕන නැහැ. එතකොට මහින්ද මහත්තයා හැමදාම දිනුං.

      Delete
    7. අනේ ගස් ලබ්බෝ, ඕනැ නම් අම්මාට කියාපන්. ඔයාගෙ අම්ම මට මුකුත් කියන්නෙ නෑ පැටියෝ...

      Delete
    8. කොටින් තියා එකෙක්වත් සමරන්න ඕන නෑ.

      වෙන්න ඕන ආයේ යුද්ධයක් ඇති නොවන වැඩ පිලිවලක්. නමුත් එකෙකුටවත් එහෙම දෙයක් නෑ. ඉතින් ළකුණක් ගන්න පුළුවන් තැනින් ඒක ගන්නවා. ඒක රටේම කාළකන්නිකම. ඔය වීරයොම තමයි දකුණෙ රතුපස්වලදි මීගමුවෙදි උන්ව උඩ දාන උන්ටම කෙලින්නේ..

      Delete
    9. අණ පිළිපැදීම.

      Delete
  9. "අප අද සමරන්නේ යුද ජයග්‍රහණයක් නො වේ. එයට හේතුව මෙරට යුද්ධයක් නො තිබීම ය."

    - මහාචාර්ය නලින් ද සිල්වා

    "අද මම මෙහෙම කියන්නේ කටින් නොවේ. මොකද කටක් කියලා දෙයක් තියෙන්නට නම් ඔළුවක් ඕනෑ නිසාය. මට ඔළුවක් නැත. මට තියෙන්නේ හැමදාම කුරහන් සුවඳට අධෝවාත යන අධෝමුඛයක් පමණකි. මා මාධ්‍ය නිවේදන නිකුත් කරන්නේ ඒකෙනි."

    - මහාචාර්ය නලින් ද සිල්වා

    ReplyDelete
  10. මාතලන් වගෙ රනිල් හාමුගෙ පන්තියට අයිති වෙන්න දගලන එවුන්ට රටෙ ඒකීයභාවය වෙනුවෙන් ආත්මාරක්ශාවට යුද්ද කරපු අපි ජාතිවාදියො. අනිත් රටවල සම්පත් හූරන් කන්න ලොකෙ වුන ලොකුම මානව සන්හාරයන් කරපු සුද්දො ජාතිවාදී නොවන හරි සුද්දවන්ත පිරිසක්. මෙ ගොබිලොන්ට රටක් දශමයක් ඉදිරියට ගෙනියන්න බැරි එක පුදුමයක්ද? මෙ නිවටුන් අවුරුදු 30ක් තිස්සෙ ත්‍රස්තවාදීන්ට රටක් කප්පමට දුන්නු එක පුදුමයක්ද? සුද්දො දියුනු උනෙ උන්ට උන් ගැන ආත්මාභිමානයක් තියෙන නිසා. අපිට නැගිටින්න බැරි සුද්දො මෙ රටෙ පාලනය නිවට, හීනමානි කලු සුද්දො පිරිසකට පුදලා ගිය නිසා.

    ReplyDelete
    Replies
    1. ලන්කාවට, සින්හලයට වැඩියෙන් බනින්න බනින්න රනිල්ගෙ ආණ්ඩුවෙන් බ්ලොග් කාරයොන්ට සම්මාන හම්බ වෙනවා. සින්හලකම රටෙන් නැත්තටම නැති කිරීමෙ කලු සුද්දන්ගෙ සූක්ශම ක්‍රම මේවා.

      Delete
    2. ඔයා ළඟදි විමල් වීරවංශගෙ කතාවක් අහලා තියෙනව වගේ අනේ... ඒ වචනමයි. හැබැයි දැන් මේ රටේ ජනතාව ඕවට රැවටෙන්නෙ නෑ. ඒ කාලෙ ගියා.

      Delete
    3. සින්හල බොග් ආදිවාසියෝ ගොඩාක් හිතන් ඉන්නේ ඒගොල්ලෝ ටොයියෝ කියලා....

      සැබෑ ටොයියන් ට එක්වන්න, ලබන සෙනසුරාදා රෝයල් ස්පෝර්ට්ස් කම්ප්ලෙක්ස් එකට එන්න... රනවිරු සමරන්න නෙවෙයි මෙයාලා..... බ්‍රැඩ්බි සෙකන්ඩ් ලෙග් එක බලන්න.....

      Delete
    4. අනෙද කියන්නෙ, සුද්දා තියලා ගිය නියම ටොයියොයි, මාසෙට ලක්ශයක් අතට ආවම තමන් රනිල් වික්‍රමසින්හගෙ පන්තියට අතියියැයි හිතන වෙන්ඩ ටොයියොයි.

      Delete
    5. මේ රට සුද්දගෙන පස්සෙ ඉදිරියට ගියේ කොයි කාළෙද කියලා හොයලා බැලුවා නම්, මේ කොමෙන්ට් එක මෙතන වැටෙන්නේ නෑ. මහින්දගේ පුන්නක්කු කන වස්සෙක් කියලා තමයි කියන්න තියෙන්නේ.

      Delete
  11. දෙලොවක් අතර.. මොළයෙන් හා හදවතින්.. මං යනෝ සිකරට් එකක් බීල එන්න.

    ReplyDelete
    Replies
    1. අපිට උඹලා වීරයෝ මචෝ.... ඒ අද අපි මෙහෙම අදහස් හුවමාරු කරගන්නෙ හරි උඹලා ජීවිත පරිත්‍යාගෙන් 'ශ්‍රී ලංකාව' කාගෙවත් බයිට් එකක් නොවීම වෙනුවෙන් නැහුනු නිසා.

      Delete
    2. ගස් ලබ්බා හා එකගයි.
      කමියා අනිවා දුමක් දාන්න ඔනේ කාරනයක්.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. වීරයා මැරිලා. කල්‍යාණ මිත්‍ර මිනීමරුවෙක් කියලා සමනලියක් කියනවා

      Delete
    5. /කල්‍යාණ මිත්‍ර මිනීමරුවෙක් කියලා සමනලියක් කියනවා /

      කොහෙද එහෙම කිව්වෙ? කරුණාකරලා උපුටනයක් පෙන්නන්න පුළුවන්ද?

      Delete
    6. මොකුත් කියන්නේ නෑ මචෝ.. මොකෝ මම සුන්දර සොල්දාදුවෝ අනන්තවත් දන්නවා. මේක සොල්දාදුවන්ගේ ප්‍රශ්ණයක් නෙමෙයි. කාළකන්නි දේශපාළුවන්ගේ ගේමක්.

      Delete
  12. @මාතලන්,

    මෙතැන පින්තූර බලන්න. මහින්ද ලොක්කා මේ පහන් පත්තු කරන්නෙ යෝධ පුරුෂ ලිංගයක නේද? ඒකෙන් සංකේතාමක කරන්නේ මොකද්ද? යුද්ධ ජයග්‍රහණය කියන්නේ එයාට ලිංගික උත්කර්ෂයක්ද?

    http://www.lankadeepa.lk/index.php/articles/317843

    ReplyDelete
    Replies
    1. හය්යෝ අර පේමදාසගේ පිලිම කෙලින් කරන යුගේ එකෙක් බුදිපිලිමෙත් කෙලින් කොරා වගේ එතුමා ශිවලිංගෙ හරහට දාල පත්තුකරනව නේද? එතුමාව සංඛේතවත් වෙන්නදො කොහෙද එල්ලෙන ඒවා හදල නෑ.
      එත් මේකාලේ එතුමට මෝල් ගහත් පත්තුවෙන්න පුළුවන් කාලයක් හින්ද, ඕක රෙජිෆෝම් උනත් ඉස්සරහ ඉදන් පත්තුකරන එක නම් ගූණ නෑ.

      Delete
    2. බුදු අම්මෝ, ඒ දෙකට කපපු බුලට් එකක් නේද? ගේම දෙනවා කියන එකයි ඒකෙන් සංකෙතවත් වෙන්නේ!

      Delete
    3. මට නම් පෙණුනේ කොණ කපපු අහවල් එකක් වගේ...

      Delete
    4. උන්ගේ මානසිකත්වය හා දැක්ම මොකක්ද කියන එක මනාව නිරූපණය වේ..

      Delete
  13. මාතා,

    //සිංගප්පූරුවේ මෙන් දරුණු නීති රීති ගෙනවිත් සියළු ජාති වාදී ක්‍රියා, ප්‍රකාෂ මෙන්ම, සන්ධාන හා පක්ෂ මැඩ පැවත් වීමයි. //

    මෙන්න ජාතිවාදයට පිළිතුර! උබටත් දැන් ටික ටික මොලේ පැදීම ගැන සතුටුයි !

    //මෙවරත් යුද්ධය වෙනුවෙන් ඇස් හිස් මස් ලේ දන්දුන් අහිංසකයින් පිරිසකට අමාරුවෙන් පුක උස්සා අප්පුඩියක් ගසා උන්ට පොඩි ආතල් එකක් දී..., මහ උන් ටික, හැන්දෑවට කොක්ටේල් එකක් ගසා බෝල් රූම් පාරක් දමා චියර්ස් කියා පට්ට ආතල් එකක් ගනු ඇත.//

    මේක හැමදාම සිදුවෙනු ඇති, වරද ඇත්තේ "මහ උන් " ගේ නෙමෙයි උබ කියන ගෝත්‍රික (@මාතලන් ) ජනයාගේ තමයි

    ReplyDelete
    Replies
    1. ගෝත්‍රික නොවන ජනයා සිටින රට කුමක්ද
      සිංගප්පූරු නර්සරිය ගැනනම් නොකියන්න

      ඇමරිකාවේ බින් ලාඩන් සමරන්න ඉඩ දෙනවාද
      සතුරන්ට පුදසත්කාර කරන මානසිකත්වයක් ඇත්තේ කොයි රටේ ජනයාගේද
      එවැනි රටක් ඇත්නම් එම රටේ වැසියන් මිනිසුන් නම් නොවිය හැකි නිසාය. පෘතග්ජන මිනිසුන්ට සිය සතුරන් සැමරිය නොහැකි බැවිනි.

      Delete
    2. ලෝකයේ අනෙක් රටවල එවුන් සතුරන් කියලා හිතන්නෙ වෙනත් රටවල මිනිස්සු. අපේ රටේ උඹලා වගේ හරක් සතුරන් කියලා හිතන්නෙ අපේම රටේ අපිත් එක්කම ජීවත් වෙනෙ වෙනත් ජන කොට්ඨාශයක්. ඒකයි වෙනස.

      Delete
    3. ප්‍රබාකරන් උබට මිතුරෙක් වෙන්න පුලුවන් අපෙ රටෙ ඉපදුනා කියලා, ඒත් අපිටනම් ඌ හතුරෙක් මොකද හතුරා තීරනය වන්නෙ රටෙ පැවැත්මට ඇති අන්තරාය උඩ මිසක් ඌ ඉපදුන අක්ශාන්ශෙ, දෙශාන්ශෙ අනූව නෙවෙයි. ඔය වගෙ අමු අතාර්ථික තර්ක හදලා, ඒවා ප්‍රවර්දනයට පිට රටින් කෙලින්ම සල්ලි පොම්ප කරන්නෙ මෙ රටෙ ජනමතය වෙනස් කරලා ව්යවස්ථානුකූලව රට දෙකට කරන්න කියලා අපි හොදට දන්නවා. රට වෙනුවෙන් අපි අපෙ අදහස් දැක්වීම ගොත්‍රිකයා, හරකා කියලා නවත්වන්න බෑ. රට වෙනුවෙන් දිවි පුදපු සියලු මිනිස්සු වෙනුවෙන් අපිට වගකීමක් තියෙනවා ඩොලර් කාක්කන්ට නැති උනාට.

      Delete
    4. මධ්‍යස්ථ මතධාරියා,

      මම නම් මේ සැමරීම් වලට ඉතා විරුද්දයි (ත්රස්තවාදීන් හෝ හමුදාව ) කලයුත්තේ යුද්දයේදී ආබාදිත සෙබළුන්ගේ පහසුකම් ඉහල නැංවීමට මෙම මුදල් යෙදවුවනම් කොච්චර වටිනවද ?

      //සිංගප්පූරු නර්සරිය ගැනනම් නොකියන්න//
      නර්සරිය නෙමයි අදත් මුළු සින්ගප්පුරුවේම සිටින්නේ ගෝත්‍රික ජනය තමයි, ලී කවන් යු හදුන්වාදුන් දැඩි නීති නිසයි ඔවුන් අතර ජාතිවාදී සටන් නොපවතින්නේ සහ ආර්ථික දියුණුව ලගකරගෙන සිටින්නේ.

      සිංගප්පුරුවේ පවතින්නේ පුර්ණ ප්‍රජාතන්තරවාදයක් නෙමෙයි අප වටහාගත යුත්තේ පුර්ණ ප්‍රජාතන්තරවාදයක් බටහිර රටවලට සුදුසු උනත් අප රට වැනි පුද්ගල වන්දනාවට පුරුදු හැගීමට මුල්තැන දෙන ලග පවතින සහනයට කැමති මිනිසුන් වාසය කරන රටකට ඔබින්නේ තද නීති වලින් හික්මවනලද රටකුයි.

      Delete
    5. ප්‍රභාකරන් තාම ඉන්නවද? මං හිතුවෙ මළා කියලා. හැබැයි මේ බයියො බය වෙලා තියෙන හැටියෙන් නම් පේන්නෙ තාම ඉන්නවා වගේ...

      Delete
    6. ජාතිවාදය මැඩපැවැත්වීම ගැන මගේ මතය ඒකම තමයි. ඒත් උඹ කියන මහා පඩි නඩි ලබා දීම නම් මම කීටවත් අනුමත කරන්නේ නෑ..

      Delete
  14. ඊයේ පෙරේද අති දරුණු ලෙස දූෂණය කොට මරා දැමූ, යාපනේ කයිට්ස් දූපතේ සිවලෝගනාදන් විද්‍ය නම් 18 හැවිරිදි දියණියයි. අපේ කිසිවකු හෝ එ වෙනුවෙන් ඉන්දියාවෙ නවදිල්ලියේ රේප් කේස් එක තරම් වත් කතා බහ කලාද? ඉන්දියාවේ කෙල්ලන් කෙරෙහි ඇති දුකක් ගනගාටුවක් වත් ලක් දියණියක් වූ ඇය කෙරේ නැත්තේ ඇයි?

    බුකියේ පෝස්ට් නැත්තේ ඇයි? කවි ලිය නොවෙන්නේ ඇයි?. නිව්ස් එකක් නොවෙන්නේ ඇයි? දැනෙන්නේ නැත්තේ ඇයි? කොටකෙතන මව අපේ මවක් වෙද්දි, ඇය අපේ දියණියක් නොවන්නේ ඇයි.? මේවාට උත්තර අප අපගෙන්ම අසා ගත යුතුවා මිස, වෙන කෙනෙකුන්ට එල්ල කළ යුතු ප්‍රශ්ණ නොවේ. ඇයත් ලක් මවගේ දියණියක් වූ දිනයක, මේ රටට සූර්යයා උදා වනු ඇත. එතෙක් මේ රට අඳුරු ගෝත්‍රික සෙවනැලි වලින් පිරිණු, මිනී කන්නන්ගේ දේශයක් පමණි. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. කැළණියේ පරිප්පුවලට යටවී මල සිංහල තරුණයා ගැන බුකියේ කවි නොලියවෙන්නේ ඇයි?

      Delete
    2. මෙන්න "Proud to be a Buddhist" පස්සේ පැත්තේ ගහගෙන පාරේ යන වර්ගයේ තවත් කෙනෙක්.

      Delete
  15. අමුතුවෙන් කියන්නට කිසිත් නැත.

    ReplyDelete
    Replies
    1. ඇත...ඇත... බිග් ෆෑන්ස්ලා හතරදෙනෙක් ඔබ අමතන්නට බලා සිටී

      Delete
  16. මෙ ලිපියට එකගයි..
    අර ඡායාරෑපයට කදුලු පිරෙනවා..

    ReplyDelete
  17. සිරා මුලින්ම මහින්දගේ සාටකය ගැලෙව්වේය.
    ඉන්පසු සිරා මහින්දගේ ජාතික බැනියම ගැලෙව්වේය.
    ඉන්පසු සිරා මහින්දගේ සරම ගැලෙව්වේය.
    ඉන්පසු සිරා මහින්දගේ යට බැනියම ගැලෙව්වේය.
    ඉන්පසු සිරා මහින්දගේ අමුඩය ගැලෙව්වේය.
    යුද සමරු දිනයට කිට්ටු වෙන විට මහින්ද සිටියේ අමු හෙළුවෙනි. ඇඟේ නූල් පටක් වත් නැතිවය.
    අප හැම දෙනාටම හිතුණේ සිරාට තව මහින්දගේ ගලවන්න දෙයක් නැති බවයි.
    අපට වැරදුණේය.
    සිරා අද (මැයි දහ නව වැනිදා) ගලවන්නේ මහින්දගේ ඇට දෙකය.
    බලාගෙන යනකොට සිරා කියන්නේත් සිරා පොරකි.

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නෙ ආනන්ද විද්‍යාලයේ නම වෙනස් කල යුතුයි කියල. එය "ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මධ්‍ය මහා විද්‍යාලය" ලෙස වෙනස් කල යුතුයි. ලංකාවෙ ඕනතරම් ආනන්ද විදුහල් තිබ්බත් මේ නම තියෙන පාසල් තියෙන්නෙ එකයි. පාසලටත් හොඳ අනන්‍යතාවක් ලැබෙනවා. මා හිතන්නෙ බහුතර ආදී ආනන්දීයයන් මේ යෝජනාව පිලිගනී කියල.

      Delete
    2. එතකොට ගෝඨාභය ගේ නම දාන්නේ අහවල් ඉස්කෝලෙට ද?

      Delete
    3. @ R, ධර්මාසෝකෙට?

      Delete
    4. //එතකොට ගෝඨාභය ගේ නම දාන්නේ අහවල් ඉස්කෝලෙට ද?//

      ආනන්ද බාලිකාවට

      Delete
    5. අපි එහෙනම් රාජකීය නමත් වෙනස් කරලා වික්‍රමසිංහ මහා විද්‍යාලය කියලා වෙනස් කරමු අර 60/70 කාලේ c .w කන්නන්ගර මහා විද්‍යාලය කියලා නම වෙනස් කරන්න හැදුවා වගේ
      ඒකාලේ ලමාතන් මොන්ටිසෝරි යනවා ආච්චිත් එක්ක

      Delete
    6. වික්‍රමසිඤ්ඤො විද්යාලය කියලා දාමු කොලඹ කාන්තා විද්යාලයට මෙයාලා..

      Delete
    7. අන්න හරි. තර්ස්ටන් එකට කුරහන් පඩ විද්‍යාලය කියලා දාමු.

      Delete
    8. නිර්මාණාත්මකයි...

      Delete
    9. කව්රුත් මොකුත් කියන්න එපා.... මම තනියෙන් යුද්දේ කරේ. 2005 ට කලින් මේකේ කෙළවරක් නොතිබුනේ මට කම්මැලි හිතුනා... ගෝඨාභය, මහින්ද මේ ජයග්‍රහණයට කැප උනෙම නෑ. කලවැද්දෝ... ඉදිරියේදී මා වෙනුවෙන් පාසලක් විවුර්ත කරනවා..."වෙලේ විදානේ මහා විද්‍යාලය" යනුවෙන්

      Delete
  18. මාතා....................

    මේ යුද්ධය කරපු ඒකත් දේශපාලනික කාරණාවක්.... ඒකට මරා ගත්තෙත් රටේ දෙවර්ගයක කොල්ලෝ කෙල්ලෝ..... යුද්ධය ඉවර වෙලා ඒක සමරන ඒකත් දේශපාලනික කාරණාවක්.... ඒකට කඩේ යවා ගන්නෙත් රටේ මැරුණ සහ තුවාල වුණ අැවිද ගන්න බැරි කොල්ලෝ කෙල්ලෝ...... අම්මපා අපි ඡන්දය දීලා රට කරන්න යවන උන් කරන්න ඔ්නේ මේවාද?????

    ReplyDelete
    Replies
    1. එහෙනම් මොනාද කරන්න ඔනෙ? ඇමරිකන්, බ්‍රිතාන්ය හාම්පුත්තු කියන නිසා රට දෙකඩ කරලා පලස්තීනයක් හදන්නද? ඊට පස්සෙ ඉතුරු වෙන ප්‍රශ්නෙ උබලට විසදන්න පුලුවන්ද? ලන්කාවෙ තියෙන ලොකුම මෙනියාව තමයි අවජාතකයකු/ආත්මාර්ථකාමියකු ලෙස හැසිරීම හරි පොශ් කමක් කියලා හිතීම. බාගෙට උගත් එවුන් අතරෙ තියෙන ඔය මෙනියාව බටහිරයො ලස්සනට පාවිච්චි කරනවා මෙ දවස් වල.

      Delete
    2. නැතුව නැතුව. පොලීසියෙයි, පාතාලයෙයි ඉන්නෙත් අපෙම රටෙ කොල්ලො කෙල්ලොනෙ. මැරෙන්නෙ අන්තිමට අපෙම රටෙ කෙල්ලො කොල්ලො. පොලීසිය ලවා පාතාලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමත් දෙශපාලනික ක්‍රියාවක්. මෙවද අපෙ පාලකයො කරන්න ඔනෙ නෙද? කොහෙන්ද බන් උබලට මෙ විප්ලවීය අදහස් ගලා එන්නෙ?

      Delete
    3. ඔය බයියන්ගෙන් ඉගෙන ගනිල්ලා. උන්ට තමයි හොඳටම මොළේ තියෙන්නෙ. කොච්චර මොළේ තියෙනවද කියනවා නම් තව අවුරුදු දෙකක් සියළු සැප පහසුකම් සහිතව රජවරුන් කුමාරවරුන් වගේ ජීවත් වෙන්න පුළුවන් කම තිබුණු එකේ විහින් ඒකට කෙළවගෙන දැන් හිරේ විලංගුවේ වැටිලා හූල්ල හූල්ලා ඉන්න බුද්ධිමතුන්නෙ ඔය...!

      Delete
    4. කරන්න නම් ඕන මේවා නෙමෙයි. ඒත් මහා ළොකු දේවල් වගේ කරන්නේ මේ වගේ සිල්ලර වැඩ.

      Delete
  19. මැරුනු දෙමලුන්...

    මැරුනු සිංහලයන් සේම

    විරුවන්ය... කාට හරි..

    ReplyDelete
    Replies
    1. එකෙන්ම.. මුළු ළිපියම ඉතා කෙටියෙන්.

      Delete
  20. //විරුවන්ය... කාට හරි..//

    මිනී පෙට්ටි මුදලාලිට ය

    ReplyDelete
    Replies
    1. එතකොට හමුදාවෙ බ්‍රොයිලර් අයියල මැරුණහම මිනී පෙට්ටි සාප්පුකාරයින්ට පාඩු වුණාද? නොදන්න හින්ද අහන්නෙ.

      Delete
    2. ඇයි මල මිනී විකුණ විකුණ දේශපාලනේ කොරන හාල්පාරුවන්ට? උන්ට නම් දැන් යුද්ධෙ නැතුව පාලුයි විකුණගන්න මළමිනී නැති නිසා. උන් දැන් කරන්නෙ වලලාපු මිනී හාර හාර කුණුරසය මාකට් කරන එක.

      Delete
  21. හම්බන්තොට ලේවායේ ලුනු වේලෙන්නේ
    කිලිනොච්චියේ හේනේ දෙහි ඇඹුල් පිරෙන්නේ
    ඒ ලුනු රස පදමට ගෙන
    දෙහි ඇඹුලට මුසු කරගෙන
    මුළු රට කිරිබත් කන දිනයක් ගැන
    සිත විමසන්නේ

    ReplyDelete
    Replies
    1. ඇඹුල් කිරිබත්ද එතකොට කන්න ආස...

      2009 කිරිබත් කාපු උන් ඊට පස්සේ මාර පරිප්පුවක් නම් කෑවා ඇති නොකියන්න.

      Delete
    2. මේ ළමයා ලුණු දෙහිවල රස දන්නේ නෑ වගේ!

      Delete
  22. වීරත්වය සියලු දේ අයත් දෙයක් (all encompassing) නොවේ.
    යුද්ධයේ එක් අවස්ථාවක වීරත්වය පෙන්නුම් කරන්නෙක් වෙනස් අවස්ථාවක ඉතා කුරිරු දෙයක්ද කල හැක.
    කුඩාදරුවන් ඇතුලු සිවිල් වැසියන් ඝාතනයකල කොටි මිනීමරුවන්ද හමුදාව සමග යුද්ධකරනවිට නිර්භයව සටන්කල නිසා ඔවුන්ගේ සගයන්ට වීරයන්ලෙස පෙනේ. වෙන එකක් තබා මරාගෙන මැරෙන බෝම්බකරුවන්ද වීරයන්ලෙස සැලකෙන අවස්ථා බොහෝය.
    අපිට LTTE ත්‍රස්තවාදයේ කුරිරුබව අත්දැකීමට ලැබීමට පෙර අපේ බොහෝදෙනෙකු සිවිල් යුදෙව් ජනයාට පහරදෙන, ගුවන් මගීන් ප්‍රාණඇපයට ගන්න පලස්තීන ත්‍රස්තවාදීන් සැලකුවේ වීරයන් ලෙසය.

    මිනිසුන්ගේ වීරක්‍රියා අගය කර ඔවුන්ගේම දුෂ්ඨ ක්‍රියා හෙලා දැකිය යුතුය.

    ReplyDelete
    Replies
    1. මිනීමැරීම වීරත්වයෙන් සැළකිම මනුෂ්‍යත්වයට කරනා මහා නිගාවකි.

      Delete
  23. පුද්ගලයා දෙස නොව ක්‍රියාව දෙස බලන්න. අසරණයින් වෙඩි උණ්ඩයෙන් බේරාගන්නා වීරයෙකි. අසරණයින්ට වෙඩි තියන්නා මිනී මරුවෙකි. ත්‍රස්තවාදීන් පරාජය කිරීමට නායකත්වය දෙන්නා වීරයෙකි. ඒ අනුව මහින්ද, ගෝටාභය, සරත් ෆොන්සේකා ඇතුළු සියලු රණ විරුවන් වීරයෝය. ඔවුන්ගෙන් යමෙක් බේරාගත්තවුන්ගේ ගේ දේ සොරා ගනී නම්, සොරකම් එළිකල පමණින් යමෙකු මරා දමයි නම් ඒ තැනැත්තා කලින් වීරයෙකු වුවත් දැන් සොරෙකි මිනීමරුවෙකි. ෆොන්සේකා මහතා අපට තවමත් වීරයෙකු වන්නේද අනිකුන් සොරුන් හෝ මිනී මරුවන් වන්නේද එහෙයිනි.

    ReplyDelete
    Replies
    1. ඇක්සොලන්ට් කොමෙන්ට් ලොක්කා...

      Delete
  24. මේ කෙහෙල්මල් හමුදා සැමරුම් වහාම නතරකල යුතුයි. පාසැල් වලින් ශිෂ්‍යභට ඛණ්ඩ වගේම හමුදාකාර ආදිසිසුන් සැමරුම් ඉවත් කලයුතුයි. ළමා හමුදාවලට විරුද්ධ ශිෂ්ට සමාජයම පාසැල් වල් කැඩෙටින් සහ හමුදා සැමරුම් අනුමත කිරීම පුදුමයක්. 1988-89 කාලේ අවු. 4-5 ක දැරියක් විදිහට හමුදාවේ සැබෑ ස්වරූපය දැක්ක මට නම් පොඩිකාලෙ ඉඳලම හමුදාවල් පේන්න බැහැ. කුලී ඝාතකයො පිරිසක්. ඔවුන්ගේ මානසිකත්වය සකස්වෙලා තියෙන්නෙම මර්දනය, දඬුවම් වගේ දෙවල් මූලික කරගෙන. ලංකාවේ උතුරේ ජනතාව මොවුන්ගේ මර්දනයෙන් කොපමණ දුක් විඳින්න ඇත්ද? හමුදා යනු මිනිස් අශිෂ්ටත්වයේ සංකේතයක් පමණයි. මිනිසා සැබවින්ම ශිෂ්ටසම්පන්න වන දවසකදි හමුදාවල් අහෝසිවෙලා යාවි.

    ReplyDelete
    Replies
    1. //හමුදාවේ සැබෑ ස්වරූපය දැක්ක මට නම් පොඩිකාලෙ ඉඳලම හමුදාවල් පේන්න බැහැ.//

      ඒකට කියන්නේ Salvation Army කියලා මෙයා...

      Delete
    2. හමුදාවන් කියන්නෙ ඉතින් කක්කුස්සි වගේ තමයි. ගඳ ගහනවා හැබැයි නැතුවත් බැහැ. අත්‍යාවශ්‍ය දේවල්නෙ දෙකම.

      Delete
    3. මේ ළොව පවතින තාක් කල් හමුදාවන් නැති වන එකක් නෑ. අඩු උනොත් මිසක්.. නමුත් මමත් කැමතියි පොලීසියක් වත් නැති සමාජයකට.

      Delete
  25. සුද්දො ගෝත්‍රික නෙමේ හින්ද වෙන්න ඇති යාපනේ කෙල්ලව ස්විස් කාරයෙකුත් දූෂණය කරල තියෙන්නෙ.
    http://www.gossiplankanews.com/2015/05/brutal-murder-of-jaffna-student-updates.html

    ReplyDelete
    Replies
    1. සුද්දා උනත් වැද්දෝ එක්ක ඉන්නකොට එහෙම වෙනවා...

      Delete
    2. [සුද්දා උනත් වැද්දෝ එක්ක ඉන්නකොට එහෙම වෙනවා...]

      අයිසේ මාතලන් රට පෙන්නන්න එක්කගෙන යන සුද්දන්ට අයිසෙගේ මට්ටමට වැටෙන්න අරින එක හරි නැහැ නේද

      Delete
    3. අයිසේ මහත්තයා.. ඔන්න කමෙන්ට්..

      Delete
    4. මෙව්වා මාතලන්ටත් හොඳ පාඩම්. හැමතිස්සෙම සුද්දොන්ව ලොකු කර කර ලාංකිකයන් පට්ට ගෝත්‍රික අමු ජාතිවාදී මී හරක් කිය කිය අපහාස කලාට අන්තිමට කොහෙන් හරි කැරකිලා තමන්ටත් වැදුනදාට තමයි තේරෙන්නෙ උඩ බලාගෙන කෙළගහගත්තු බව. බටහිට රටවල හොඳ සමාජ සම්ප්‍රදායන්, ආර්ථික ක්‍රම මෙන්ම පුද්ගල නිදහස මනාව තියෙන බව ඇත්ත උණත් ඔය කියන සුද්දොත් වැඩිහරියක් අපි වගේම පට්ට ගෝත්‍රික අමු ජාතිවාදී ගොබිල්ලු. උන් දියුණු වෙමින් පවතින රටවල ජීවත් වෙද්දි ඒවට අනුගත වෙලා අපිටත් වඩා අන්ත අමු කුජීත වැඩ කරනව මම් ඕනතරම් දැකල තියෙනව විශේෂයෙන්ම ටැන්සානියා, ඇංගෝලා, රුවන්ඩා, චැඩ් වගේ රටවල ප්‍රොජෙක්ට්ස් වලදි.

      Delete
    5. මාතලන් ගොයිය සවුත් ඇෆ්‍රිකන්, ලතින් ඇමරිකන් සුපිරි සුද්දො එක්ක වැඩ කරන්න දාන්න තියෙන්නෙ. හැබැයි ඉතින් ජානගත වෙලා තියෙන සුද්දො වන්දනා කරන චාරිත්තරේ නවත්තන එකක් නෑ මයෙ හිතේ !

      Delete
  26. //සුද්දෝ ඇවිත් වැද්දෝ ටික ගෝත්‍රිකත්වයෙන් මුදවන්නට වෑයම් කලද//
    වැද්දො එක පාරක් ගමං පොජ්ජ මංදො කරන්න කැබ් එකක් ඉල්ලුව මතකෙයි මාතෙ?.
    යාපනයෙ ඒ ගෑනු ළමයගෙ දුක අපේ සම හරක් අයට නොදැනෙන්නේ දෙමළ උදවිය තාමත් වහල්ලු කියල හිතා ඉන්න නිසා වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. ටී බී ඒක නා යකා ඒකටත් කෙලියද කොහෙද නේ..

      Delete
  27. //ප්‍රජාතන්ත්‍රවාදි රටක ත්‍රස්තවාදීන්ට ඉන්නත් බැර
    ත්‍රස්තවාදීන් යනු කොටි විතරක් නොවන බව 8 වෙනිදායින් පස්සේ බොහොම පැහැදිලිව පෙනෙන්න ඇත.

    කොළඹ බෝමබයක් පුපුරනකන්,රටේ කොහේ හරි තැනක කොටි කොඩියක් ඉස්සෙනකන් ඇඟිලි ගැන ගැන පුදුම ආසාවකින් බලං ඉන්න කොටින්ම කියනවනම් කොටියා ආපහු සෙල්ලම් දානකන් ඇස ගෙඩි ලොකු කරන දිව එලියට දාන් බලාගෙන ඉන්න , කොටි හින්දාම ගොඩ ගිය සහ ආයෙත් කොටි හින්දාම ගොඩයන්න බලං ඉන්න බත් කන පට්ටි ගොන්නු රෑනක් දකුණේත් ඉන්න බව මේ වෙනකොට බොහොම පැහැදිලියි.

    මහින්ද, මහින්ද, මහින්ද,....
    කොටි එනවා, කොටි එනවා කොටි එනවා..කියා කියා තප්පුලන්නේ ඒ වගේ එව්වෝ තමයි..

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම ත්‍රස්තවාදය මැඩලිය යුත්තේ ත්‍රස්තවාදයෙන්මය කියන කතාව සහතික ඇත්ත නේ.

      Delete
  28. කාවෙක්ගේ පැමිණිල්ලක් !

    කඩදාසි පිච්චෙන දුමට ඇස් දන්න ගත්තා
    ඇතුලෙ පොත් රාක්කෙක මගේ පෙම්වතී උන්නා

    කාවන් පරපුරම මැරෙනවා දැක දැක
    මම උඩ ජනේලෙන් පැන්නා

    යාපනේ පොත්ගුලට ගිණි තියපු යකුණේ
    උඹල මොනවාද ආදරේ ගැන දන්නේ

    ReplyDelete
    Replies
    1. ජාතිවාදය කියන්නේ කොයිතරම් පහත් හැඟිමක්ද කියන එකට හොඳම උදාහරණය තමයි ඒක. ඒ කාළේ ඉඳන්ම දෙමළු උගත්ය කියන මතයට ගහපු ක්‍රමය තමයි ඒක.

      Delete
  29. රනිල්ට කියලා පුකේ ඇරව ගන්න එකෙක්ද බංලා මේක ලියන්නෙ...?

    ReplyDelete
  30. ඕස්ට්‍රේලියාවෙ ඇබෝජීන්ස්ලව වගේ ලංකාවෙ ගෝත්‍රිකයින්ව සමූල ඝාතනය කරේ නෑනෙ මේ සුද්දො ටික. සමහර සුද්දියො නං ලංකාවට එනව ගෝත්‍රිකයොත් එක්ක බුදියගන්නම.

    ReplyDelete
    Replies
    1. සම හරක් සුද්දියන්ට නම් එහෙම ලෙඩක් තියෙනවා...

      Delete
  31. උඹේ සමහර වචන පේලි වලට එකඟ උනත් සමහර වචන පේලි වලට එකඟ නෑ....!

    අපිට ආපහු යුද්දයක් එපා.... හිස්තැනක් සහ තිත් දෙකක්...!

    අපි (ශ්‍රී ලාංකිකයෝ) යුද්දෙන් දුක් වින්දා ඇති. අපි ඒකට ගෙවපු මිලත් ඇති.

    යුද්දයෙන් නොවෙයි, මියගිය ඕනෙම කෙනෙක් සමරන්න උන්ගේ සමීපතයන්ට තහනමක් තියෙන්න විදිහක් නෑ. හැබැයි මිනීමරු ත්‍රස්ථවාදියෝ ජාතික තලයේ තියලා සමරන්න ඉඩ නොදිය යුතුයි.

    ඊයේ පෙරේදා සමූහ දූෂණයට ලක්වෙලා මියදෙන්න වෙච්ච ලක් මවගේ දියණිය ගැන අටුවා ටීකා නොලියවුනේ ඇයි කියලා උඹ අහනවා. ඒ මොකක් නිසාවත් නෙමෙයි, ඒ දියණියව දූෂණය කරලා මරා දැම්මේ ඒකිගේම ජාතියේ එවුන් නිසා.

    බැරිවෙලාවත් ඒකිව දූෂණය කලේ සිංහල මිනිහෙක්නම්, මෙලහකට ජිනීවා වලින් ඇවිත් දකුණේ ඉන්න ඔක්කොම සිංහලයන්ට ඇරලා ගිහිල්ලා....!

    ReplyDelete
    Replies
    1. අපේ හමුදාවේ නම පාවා දීල ස්විස් ගිහින් එහෙන් කසාද බැදලා ගෙනාපු සුද්දා ලොකු උදව්වක් කරලා තියෙන්නේ කට්ටියට. වැරැද්ද කරපු උන් අහු වුනේ නැත්නම් කෙලින්ම මේක බැර වෙන්නේ හමුදාවේ නැත්නම් පොලිසියේ නමට. ඔය වික්‍රමබාහු වගේ NGO සල්ලිවලට ගිජු හාල්පාරුවෝ රට දෙවනත් වෙන්න කෑගහන හැටි මට මැවිලා පේනවා.ඕකුන්ට NGO සල්ලි වලින් ජීවත් වෙන්න ලැබෙන නිසා උපන් රටත්, සිංහල ජාතියත් බල්ලට දානවා. මේ අහිංසක කෙල්ලට දුන්න දස වද වලට මේ කාලකන්නි විදවන්න ඕනේ මුළු ජීවිතේම. මෙය රණවිරු සැමරුම ආසන්නයේම සිදුවීමත් සුද්දෙකු එය රූපගත කීරිමත් සැකයක් නොයිපදේද? මෙය හුදෙක් කුතුහලයක් පමණි.

      Delete
    2. මේ නම් කෙප්ප වස්සන් දෙන්නෙක්ගෙ අමු ගොන් කතා දෙකක්. ඒ කෙල්ල ගැන ලියැවෙන්නෙ නැත්තෙ සිංහ්ල සමාජය තවමත් ඒ ගැන හරිහැටි නොදන්නා නිසා.

      Delete
    3. ඒක තමයි බුරුවො උඩ ඉන්න දෙන්නත් කියල තියෙන්නේ, සිංහල සමාජය ඒවා ගැන දැනුවත් වීම දෙමෙල්ලු නතර කරවල තියෙනවා.
      උඹ බත් කන හරකෙක්නේ ඕකවත් තේරෙන්නේ නැතුව ගොන් කමෙන්ට් දාන්නේ

      Delete
    4. AnonymousMay 20, 2015 at 3:03 AM

      තෝ කොහෙද බූරුවො ඉන්නෙ? යකෝ මෙච්චර සිංහල මාධ්‍ය ටීවී, පත්තර, වෙබ්සයිට් ආදී මෙකී නොකී හැම එකකම යාපනේ හර්තාල් කේස් එකයි විස්තරයි පෙන්නනව. අනික උන් පොලීසියට විතරන් නෙමෙයි උසාවියට ගල් ගහල බන්ධනාගාර බස් කුඩු කරල. දන්නෙ නැති උන් බබ්බු වෙන්නැති.

      AnonymousMay 20, 2015 at 3:57 AM

      මචන් මේ සිද්ධියට අදාළව දෙමළ සමාජයේ දැඩි රෞද්‍ර හැසිරීම නිසා සිංහල සමාජය මේ පිළිබඳ අදහස් දැක්වීමට බයයි වගේ මටනම් පේන්නෙ. තවම සිද්ධිය පිළිබඳ සම්පූර්ණ විමර්ශන ඉවර නැහැ.

      Delete
  32. //බුකියේ පෝස්ට් නැත්තේ ඇයි? කවි ලිය නොවෙන්නේ ඇයි?. නිව්ස් එකක් නොවෙන්නේ ඇයි? දැනෙන්නේ නැත්තේ ඇයි? කොටකෙතන මව අපේ මවක් වෙද්දි, ඇය අපේ දියණියක් නොවන්නේ ඇයි.?//

    උතුරේ වෙන හැම දේටම කෑගහන දකුණේ උන්ට ඉගෙන ගන්න පාඩමක් මේ සිද්දියේ තියෙනවා. මේවා අපේ පැතිවල කොච්චර වෙනවද, වුනාද? අහිංසක ගැනු ළමයි, කාන්තාවෝ කී දෙනෙක් අතවරයට ලක් වෙලා මදිවට නීතිය ක්‍රියාත්මක නොවන නිසා දුක් විදිනවද? එත් දකුණේ අපිට (මම දකුණ කියල අදහස් කලේ සිංහලයෝ වැඩි හැම පලාතක්ම) මේවා බොහොම සාමාන්‍ය දේවල් වෙලා. එත් මේ මිනිස්සු පොලිසියට බලකලේ නීතිය ක්‍රියාත්මක කරන්න, එත් අපි කරන්නේ FB එකේ පොස්ට් එකක් ශෙයා කරයි, එහෙම නැත්නම් කෙල්ල rape වෙන video එක කොහෙන් හරි leak වෙලා හොයාගන්න try කරයි. අපි කොච්චර පාරම් බෑවත් රටක් විදියට, විශේෂයෙන් සිංහල ජාතිය විදියට අපි හරිම පටු විදියට හිතන, අර්ත්මාර්ථකාමී ජාතියක්.

    ReplyDelete
    Replies
    1. අපි හැමදාම කරන්නෙ අනිත් ජාතින්ට බනින එක. මුස්ලිම් මනුස්සයෙකුට කරදරයක් උනාම මුස්ලිම් ඔක්කොම එකතු වෙලා ඌට උදව් කරනව. හැබැයි සින්හල එකෙකුට කරදරයක් උනාම උගේ ගන්ඩ පුලුවන් ඔක්කොම අරගෙන පුලුවන්නම් ගැනි ලස්සනයි නම් ගැනිටත් කෙලින්ඩ හදනව. අපි ජාතියක් විදියට ඉතිහාසෙ ඉදන් බලුවොත් හැම දාම අසමගියි. එකයි මේ ප්‍රශ්න ඔක්කොමටම මුල.

      Delete
    2. ඒක ඇත්ත ඇනෝ.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න