.

.

Oct 8, 2020

චීන මකරා ඉඹලා පිලිගත යුතුය…

 


වගා ළිං වලට වැටුන අලි ඔබ පුංචි තිරයෙන් හෝ දැකලා ඇතිය. වලේ වැටුන අලින්ට කිසි දින තනියෙන් ගොඩ එන්නට බැරිය. ගොඩ ගන්නේ මිනිසුන්ය. ඒ මාර කට්ටක් කාලාය. ගොඩඩ ගත්තායින් පස්සේ නම්, සද්දෙකුත් දමා නැට්ටත් උස්සාගෙන ආයෙත් පස්ස නොබලාම දුවනවාය.

ශ්‍රී ලාංකිකයා කියන්නේද එවන් අලි ඔලුවකින් හා අලි පුකෙන් ඉන්නා ජාතියක්ය. උන් හිතාගෙන ඉන්නේ මේ රටට ගහන්න රටක් ලොවෙත් නෑ කියලාය. එහෙත් එහෙම ෆැන්ටසියක, මනෝ ලෝකයක ජීවත් වන සියල්ලන්ගේම දූ දරුවෝ ඉන්නේ පිටරටවලය.

වඩාත්ම ලොල් සහගත තත්වය නම් ජාතිකවාදීන් ලෙස පෙනී සිටිමින්, මේ රටේ අවුරුදු කොච්චර ගනනකද ප්‍රෞඩ ඉතිහාසයක් තියෙනවාය, ඊටත් එහා ගොස් රාවණාගේ කාළේ ඉඳන් හෙළ ඉතිහාසයකුත් තියෙනවාය කියා පම්පෝරි ගසනා උන්ගේ දරුවෝ ඉන්නෙත් අමු බොරුකාරයන් ඉන්නා බටහිර රටවල වීමය.

එහෙම අලි පුකෙන් ඉන්න එකෙක් වෙන හර්ෂ ද සිල්වා නම් ගොන් අලියා ඊයේ මෙහේට එන චයිනීස් ඩෙලිගේට්ස්ලාට කොක්කක් ඇද තිබුනේය.

ඒ අනුව යමින් සිහිණ ටොයියෝ හා කෝකටත් විරුද්ධ ජවිපාවුන්ද මීට කොක්ක ඇද තිබුනේය.

ඒ අස්සේ ආන්ඩුව ඇතුලේම ඉන්නා අගමැති ෆැන්ටසියේ ෆනී බෝයිස්ලා ඇන්ඩ් ගර්ල්ස්ලා මෙන්ම යුතුකම සංවිධානයේ ෆනී බොයිස්ලා ඇන්ඩ් ගර්ල්ස්ලාද ඉන්නාවා දැක්කාම ඇති උනේ පුදුම සතුටක්ය.

මේ මී හරකුන් සියල්ලම සිතන්නේ විදෙස් ආයෝජන නැතිව මේ රට ගොඩගන්න පුලුවන් කියලාය.

මේවා පුදුම වෙන්න හේතු නෙමේය. හර්ෂලා එරාන්ලා කියන්නේ, රනිල් සජිත් වාගේම කටින් බතල හිටවන උන් මිසක් බතල ගොවියෝ නොවනා බව පසුගිය වසර කීපයේම අපූරුවට පෙන්නුවේය.

අනික එයාලා ඝෝඨාට ඇමරිකන් කාරයා කියා කින්ඩිය දැම්මා,ට එයාලා ජීවත් වන්නේ ඇමරිකන් ෆැන්ටසියකය.

MCC ගිවිසුම හරහා සිහිණ ලෝකය මහ පොලොව මත ගොඩනැගීමට ගියද අමු ගං කඹරයෙක් වෙන පොලොන්නරුවේ පඹයා හා ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සහෝදරයින්ගේ ගේම් හමුවේ හා පොහොට්ටුවේ ලෙඩ ඇදීම් හමුවේ වැඩේ අංජ බජල් වී ගියේය. (මාතලන් පෞද්ගලිකව MCC ගිවිසුමට කැමතිය.) ඇත්තටම ඊයේ පාර්ලිමේන්තුවේ ආ ඒ හඬ හර්ෂ ද සිල්වාගේ නොව ඇලේනා බී ටෙප්ලට්ස් ඇමරිකාණු තානාපති නෝනාගේය.

ඇමරිකාණු තානාපති නෝනා දුන් සම්මුඛ සාකච්ඡාවක් අපගේ චීන තානාපති විසින් විවේචනයට ලක් කලේ ඊයේ පෙරේදාය.

අනෙක් අතින් වත්මන් විපක්ෂය මීට එරෙහිවීම සර්ව සාධාරනය, ජවිපේ පවා කෙලින්ම සහොයෝගය දැක්වූ යහපාලන සමයේ එකඳු රාජතාන්ත්‍රිකයෙක් මේ රටට ආවේ නැතිය.

මහා පරිමානයේ ආයෝජන එකක්වත් ආවේත් නැතිය. ගේනා එකම එක ආයෝජනය මහා පරිමානයේ සුදු අලියකු වන ලයිට් ට්‍රේන් ව්‍යාපෘතියකි. රටේ ජනතාවගේ වාසනාවකට එය මේ ආන්ඩුව විසින් නවතා දමන ලදි.

චීන මකරාගේ මේ ගමන ගැන ඉන්දියාව මෙන්ම ඇමරිකාවද ඉන්නේ හොල්මන් වෙලාය.

මන්ද, මේ කොරෝනා වසංගතය ලොව පුරා ව්‍යාප්ත වීමෙන් පසු ලෝකයේ මුල්ම රාජතාන්ත්‍රික ගමන වීමය.

මෙහිදි ඔවුන් එන්නේ අපේ රටට පමණක් නොවේ, ඔවුන් මෙහිදි පවත්වන ඉහළ රාජතාන්ත්‍රික හමුවීම්වලින් පසුව එක්සත් අරාබි එමීර රාජ්ජයටත් (UAE) , අල්ජීරියාවටත්, සර්බියාවටත් යන්නේය.

මේ කිසිවක් අපේ මී හරක් දන්නේ නැතිය. උන් කරන්නේ කරන්නන් වාලේ හැම මළදානයට විරුද්ධව කෑ කෝ ගසනා එකය.

එජාපය ජවිපේ පමණක් නොව, රටේ ජනතාවද අලි පුකෙන් හා අලි ඔලුවෙන් උන්නද අපත් ඉන්නේ වගා ළිදක වැටිලාය. ඉන් ගොඩ ඒම අපිට කිසි දින තනියෙන් කළ නොහැකිය.

මේ ආන්ඩුවට උපදෙස් දෙන බක පන්ඩිතයින්ගේ උපදෙස් අනුව එසේ කල හැකියයි ආන්ඩුව මුලින් සිතුවද, කිසිදින තනියෙන් ගොඩ ඒමක් නොමැති බව දැන් හෝ අවබෝධ කර ගැනීම රටේ මෙන්ම ඔවුන්ගේ වාසනාවය.

ඇමරිකාව හා ඉන්දියාව වැටි තිබෙනා තත්වය හමුවේ ඔවුන්ට අපේ රටට උපකාර කිරීමේ කිසිඳු හැකියාවක් මේ මොහොතේ ඇත්තේ නැතිය. එකම පිහිට චීන මකරා පමණමය.

මෙහිදි කලින් ලබාගත් ණය ගැන සහනශීලී තත්වයක් ඇති කර ගැනීම අප රටේ මූලික පරමාර්ථය බව ලැබෙන තොරතුරු පවසයි. එමෙන්ම අළුත් ආයෝජනයන් ගැනද, දෙවනි කොරෝනා රැල්ල ගැනද සාකච්ඡා කිරීමට බලා පොරොත්තු වන බවත් ආරංචිය.

අප ළිඳක වැටී ඇති බව පරම සත්‍යයය

ගොඩ ආ යුත්තේද ළිං කටෙන්මය…

එකම පිහිට චීනා පමණමය…


ඒ වගත් මෙසේය…






17 comments:

  1. අනේ මාතලන් ගොන් කම ප්‍රදර්ශනය කරන්නේ නැතුව ඉන්න.ලංකාවේ අපනයන වල හොඳම ගැනුම්කරුවන් කවුද? චීනද?

    ReplyDelete
    Replies
    1. දේශපාලනේට බැස්සට පස්සෙ අචාර්‍ය මරුවින් සිල්වගෙයි අචාර්‍ය හර්ශ සිල්වගෙයි වෙනසක් නැහැ. දෙන්නම එකම මට්ටමේ ගොන්නු බවට පත් වෙනව

      2015-2020 වහපාලන යුගෙන් ඉගෙන ගත්තු ලොකුම පාඩම තමා රට හදන්ඩ නම් උගත්තු පාර්ලිමේන්තු යවන්ඩ ඕනේ කියන්නෙ ලොකුම ගොන් කතාව බව

      Delete
    2. රිප්ලයි කොමෙන්ට් එකට රෙස්පා

      Delete
  2. MCC එකට විරුද්ධව රාජපස්සලා මොකුත්ම කිව්වෙ නැද්ද?

    ReplyDelete
  3. ලංකාවේ සති දෙකක් හිටිය පලමු චීන කොරෝනා රෝගී කාන්තාව ස්තුතිය ප්‍රකාශකලේ සිංහලෙන්.

    ජීවිත කාලෙන් බාගෙකට වඩා ලංකාවේ හිටිය ආතර් සී ක්ලාක් සිංහලෙන් අත්සනක් ගහන්න පෙලඹෙන්න තරම්වත් සිංහල ජාතියට ගරුකලේ නෑ.

    චීන මකරා ඉඹලා පිලිගත යුතුය…

    ReplyDelete
    Replies
    1. අන්තෝනියෝ කළු ගල් වල ඔළුව ගහන්නේ හයිය මිනිස්සු බං.

      විමල් එලවනවලු
      විමල් අනාථ කරනවලු
      විමල්ට පැවැත්මක් නෑලු

      ඇත්ත මිත්‍රයා .

      විමල්ගේ මුළු දේශපාලනයම තිබ්බේ එලවීම් ආපසු හරවන්න

      අනාථ කිරීම් නවත්වන්න පැවැත්මක් නැති තැනවලට පැවැත්මන් හදන්න.

      විමල් කියන මිනිහා හැමදාම කළුගල් වල ඔළුව ගහගත්තා. 88/89 ශාරීරිකව මරන්න බැරි වුන විමල්

      අද දේශපාලනිකව මරන්න බැරි තරම් හයියයි.

      ඒ හයිය ගත්තේ මේ මහපොළවේ මිනිස්සු හදපු බැදීම් වලින්.

      විමල් ජවිපයට දුන්නේ
      මහින්දට දුන්නේ
      ගෝඨාභයට දුන්නේ ජනතාව දුන්න ඒ හයිය.

      මේ මහපොළව පිටින් පිහියෙන් අනින හතුරා ගෙනුත්

      ඇතුලෙන් කොනිති ගහන හතුරන්ගෙනුත් බේරාගන්න පුළුවන් එකාට විමල් ඒ හයිය ලබා දෙනවා.

      අද වුනත් විමල් ජවිපයට ඒ හයිය දුන්නොත් ජවිපය නවතින්නේ 2004 ජවිපය හිටපු තැනට ගිහිං. විමල් කියන්නේ රට වෙනුවෙන් කළුගල් වල ඔළුව ගහගන්න එකෙක් කියන එක රටේ පිලි අරං ඉවරයි.

      දුටු ගැමුණු මහ රජුගේ කථාව ලස්සන වෙන්න දසමහා යෝධයන් ගැන කියවෙන්න ඕන.

      විමලුත් ඒ වගේ. රටට හතුරු සුමන්දිරන්ලා ගේ ඉදන් පක්‍යසෝති සරවන මුත්තුගේ ඉදන් වන්ද්‍රිකා මංගල දක්වා කොටස එක පිලකට එනකොට විමල් අනිත් පැත්තේ ඉන්නවනම්

      මුළු රටම දන්නවා විමල් හිටගත්ත පැත්ත රටේ පැත්ත කියලා.

      විමල් හිට ගන්න පැත්ත රටේ ජාතිකවාදී පැත්ත ඒ පැත්ත කීතු කීතු කරලා බෙලහීන කරන හීන අධිරාජ්‍යවාදයට අදත් තියනවා.

      ඒක කදවුරේ ඇතුලතින් බිලී බා ගත්ත හඩවල් අතරින්

      විමල් පලයං කියන හඩ හදන්න පුළුවන්.

      විමල් යාවි. කවදාහරි යාවි. ඒ විමල්ට ඕන අවස්ථාවේ හෝ වෙනත් පලයං කියන අයට ඕන අවස්ථාවකවත් නෙවේ.

      තීරණාත්මකවම ජනතාව රාජපක්ෂ කදවුරේ ජාතිකවාදයට පැවැත්මක් රාජපක්ෂලා අතින් මේ රටේ සිවුකොනට ආරක්ෂාවක් නෑ කියලා කෑ ගහලා කියන්නේ කවදාද

      අන්න එදාට විමල් එලියට බහිනවා අද පලයං කියලා සරදම් කරන අය ඉදපං කියලා වැද වැටුනත් එදාට යනවා
      .
      ජවිපයෙන් එලියට ඇවිත්
      බිංදුවටත් වඩා පාතින් පටන් ගත්ත විමල්ට

      ආපහු ගිහිං ජනතාව එක්ක යන්න පුළුවන් දුරක් යන්න බැරි කමක් නෑ.

      හැබැයි විමල් යන්නේ මේ රට ගිලගන්න හදන සැලසුම් වලට පරාද වෙලා නෙවේ

      ඒ සැලසුම් වලට උත්තරය රාජපක්ෂ කදවුර නොවන බව මහපොලවේ ජනතාව නිගමන ලියන කාලෙට.

      විමල් කියන්නේ අද තනි පුද්ගලයෙක් නෙවේ.

      විමල් ලාංකික ජාතික ව්‍යාපාරයන්ගේ ජාතිකවාදයේ සීමිත සලකුණු වලින් එකක්. ගිලිහිලා ගිය ලාංකික සමාජවාදයේ අධිරාජ්‍ය විරෝධී ජාතිකවාදී භූමිකාවේ සක්‍රීයම වර්ථමාන සලකුණ විමල්.

      අපි කළුගල් වල ඔළුව ගහනවා.

      පුළුවන් නම් නතර කරපල්ලා හිර ගෙවල් වල දාපල්ලා අපි මහින්ද ආපහු ගේනවා කීවෙත් කළුගලේ ඔළුව ගහගන්න එපා කියනකොට.

      රට වෙනුවෙන් කළුගලේ ඔළුව ගහපං කියලා අපි විමල්ට කෑගහලා කීවා

      විමල් ඒක කලා .එයට හිමි පලිගැනීම් ඉවසා ගත්තා අපට ආඩම්බර වෙයං කීවා.

      ඔව් රාජපක්ෂලා ⁣රට තවමත් විශ්වාස කරන තැන
      අපි ඔවුන් අතින් රටේ අරක්ෂා විය යුතු තැන් වලට වගවෙනවා

      ඒ වගවීම බිදෙන තැන් වලට පහර දෙනවා.

      උරුම කළුගල් වල රට වෙනුවෙන් ඔළුව ගහන එකනම්

      මුළු දේශපාලන ජීවිතය තුළම ඒක කරනවා.

      අපි ඒකට තමයි විමල් තියලා තියෙන්නේ ජාතික නිදහස් පෙරමුණ තියලා තියෙන්නේ අපි එහෙයියෝ නෙවෙයි.

      Delete
    2. @ AnonymousOctober 9, 2020 at 3:18 AM

      අනේ බන් විමල් වීරවංස වගේ දේසපාලන සක්කිලියෙක් ඉන්නවද ලංකාවේ වෙන ?

      විමලාවතී ඔච්චර එක එකාට හයිය දුන්න නම් ඕකාට එක එකාට පාච්චල් නොවී උගේම හයියෙන් තනියෙම ඉල්ලන්න කියපන්කො..............

      එක එකාට හයිය නෙවෙයි බන් බලු මැක්කට බල්ලා නැතිව පැවැත්මක් නැති බවව විමලාවතී දන්නවා.
      ඒ නිසා තමයි ඔය තරමටම පාච්චල් වේවි තව ලජ්ජා නැතිව එල්ලිලා ඉන්නේ.

      88/89 රට වෙනුවෙන් දිවි පුපු කොල්ලෝ ටිකට පින් සිද්දවෙන්න එතන තැන හදාගත්තා,

      ජවිපෙ මහින්දව බල්ලෝ නාවන්න වගේ යුද්දෙට අරන් ගිහින්, සරත් ෆොන්සේකාගේ සහ රණවිරුවන්ගේ කැපකිරීමට පින් සිද්දවෙන්න මහින්ද පොරක් උනාම මහින්දගේ පක්කලි වැඩ කරලා, විමල්ගේ කට ගණිකා වෘත්තියේ යොදවලා එතන කීයක්හරි හොයාගන්න එල්ලිලා හිටියා.

      2015 මහින්ද පැරදුනාම බැසිල්ගේ කොමිස් වලට වහල්වුණු හිටපු UNP දැන් පොහොට්ටු ප්‍රාදේශීය සභා හොරුන්ගේ බලවේගය බිම්මට්ටමේ ඒකරාශී වෙනකොට, CIA පාස්කු ප්‍රහාරයෙන් මිනිස්සු මරුන එක පාවිච්චි කරලා ආය මහින්දගේ රෙද්ද අස්සේ එල්ලිලා ඉන්නවා.

      විමල්ම දන්නවා පොහොට්ටුව අතරේ එයාව කොච්චර කොන් උනාද කියලා. බොහොම අමාරුවෙන් කතාවක් පවා ඉල්ලගත්තේ...........

      අනික පොහොට්ටුවේ මාධ්‍ය ප්‍රධානීන්ගේ රැස්වීම්වලට විමල්ගේ මාධ්‍ය ඒකකය නොගෙන්වා කොන් කළා කියලා විමල් අඩුවේ ප්‍රසිද්දියේ............

      දැන් ඉතින් අප්‍රසිද්දියේ පාච්චල් උන විමල්ට, ප්‍රසිද්දියේම පාච්චල් වෙන්න වෙලා තියනවා.............

      ඔච්චර බලයක් තියනවා නම් ඉල්ලපන්කෝ තනියෙන්, එක එකාට හයිය දෙනවා කියකිය පාච්චල් නොවී..........

      ප්‍රේමදාසගේ සෙරෙප්පු සුප් මතක් වෙනවා විමලාවතී දක්කහාම................

      Delete
  4. ඔය කොයි අප්පුහාමිලත් අපි වගෙමයි. ආත්මාර්ථය 1st.

    ReplyDelete
  5. ඒමම කියන්න එපා මාතලන්, ඇයි ඉන්දියාවේ Jockey ජෝක්කු මහන එවුන්ටත් කොරන්ටයින් නැතුව ලංකාවෙ ඉන්න පුලුහන්නං තකහනියක් සීතා නෝනිට කුඩයක් අරන් ආපු චීනෙ ළමයි මක්කටයි කොරන්ටයින් කරන්නේ. හර්ස සිල්වට පිස්සු!

    එක රටක් එක නීතියක්
    රැස්පොට් ස'

    ReplyDelete
  6. මාතගේ ගේ විශ්ෂ්ලේෂනය හරියටම හරි.

    විමල් ගම්මන්පිලගේ ක්‍රමවේදයන් චන්ද දිනන්න පුලුවන් නමුත් ආන්ඩු කරන්න බෑ. මනෝරාජික පිස්සු ජවිපෙ වගේ විකාර විහිළු කාරයන්ට වඩා ප්‍රායෝගිකව හොඳ උනත් රටක් වශයෙන් පාලනය කරන කොට ගැලපෙන්නේ නැහැ

    බැසිල්ල වගේම ගෝඨ වගේ ප්‍රායෝගික නායකයන්ට තියෙන උගතෝකෝටික ප්‍රශ්නය මෙයයි. මේකට මොකද කරන්නේ?

    ReplyDelete
    Replies
    1. AnonymousOctober 9, 2020 at 10:03 AM

      අනේ පල බූරුවෝ යන්ඩ.

      විමලගෙයි, ගෙම්බන්පිලයගෙයි ක්‍රමවේදයේ දිනපු චන්දෙ මොකද්ද ?

      2015 ජනාදිපතිවරණය පැරදෙද්දී, මහමැතිවරණය ඇප නැතිව පැරදෙද්දී විමලයාගේ කටේ මොකක්හරි ඔබලද තිබුනේ ???

      විමල, ගෙම්බා දිනවපු චන්දෙ මොකක්ද CIA එකට ඕන විදියට අහිංසක මිනිස්සුන්ට බෝම්බ ගහලා චන්දෙ දිනුව එක මිසක්.............

      තොපි වගේ අවුරුදු 72ක් රැවටුණු හරක් හොදයි මැදමුලන තණකොළ කන්ඩම

      Delete
  7. මේ මාතලන් පොන්නය තෝ තොගේම බ්ලොග් එකේ ලියපු ඒවා ආපස්සට ගිහින් කියවල බලපන්. තොට තෝ ගැනම ලජ්ජා හිතෙයි.

    ReplyDelete
  8. ඇත්තටම මාතේ ආසියාව නැගිටින්නේ චිනය නිසා මොකද ඕනම අධරාජ්‍යවාදයකටම න්‍යයාත්මක පදනමක් තියෙනවා වගේම චීන අදිරාජ්‍යවාදයටත් න්‍යයාත්මක පදනමක් තියෙනවා, හැබැයි ලංකාවේ අපි කරන්නේ කලයුතු දේ ගැන කතා කරනවා විතරයි කරන ක්‍රමය ගැන කතා කරන්නේ නෑ. චින්නු විප්ලවයෙන් පස්සේ ටික කලක් කචල් වේගෙන ආවත් ඩෙං ෂියාඕ බලයට පත්වූ පසු වේගයෙන් සංවිධානය වෙලා දැවැන්ත සංවර්ධනයකට යන ගමන්ම ඉදිරියේ ලෝක බලවතා වෙන්න කල්පනා කරලා ඒ අනුව කටයුතු කරනවා ඒ ක්‍රමයත් එක්කම එ්කේ එක් එලයක් තමයි සිංගප්පූරුව. (දකුණු කොරියාව, හොංකොං, තායිවානය ඒ සමගම නැග ආ ආසියාවේ ආර්ථික බලවේග)

    මාතට මතක ඇති ඩෙං සහ ලී ක්වාන් යූ අතර ඇතිවන ප්‍රසිද්ධ සංවාදය සහ ඒ සමග ගම්‍ය වන අනාගත ආසියානු සැලසුම් ආදිය. ලංකාවේ අපි තාමත් ඒ සංවාදය වත් හරියට පැහැදිලිව කියවගෙන නැහැ කියල හිතනවා ඉතින්.

    ReplyDelete
  9. Copied from Lankaenews:
    තක්කඩි රාජපක්ෂලා සහ හෙංචයියෝ මෙම ව්‍යාපෘතිවලට විරුද්ධ වන හේතුව පැහැදිලිය. ඒ අන් කිසිවක් නිසා නොව ඉතා අඩු පොලී අනුපාත සමගින් තරඟකාරී පදනමින්, නවීන දියුණු තාක්ෂණය සමගින් ක්‍රියාත්මක කරන JICA සහ ADB ව්‍යාපෘති වල පවත්නා සුපිලිපන්නතාව මත අනිසි ලෙස කොමිස් හිමි නොවීම නිසා ය. ව්‍යාපෘතිවල උපරිම ප්‍රථිලාභය මැදමූලනට නොව රටේ ජනතාවට හිමි වන නිසා ය.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න