.

.

Nov 11, 2020

කොරෝනා මරණ අවසන් කටයුතු පවුලේ අයට දෙන්න..



වෙනත් රටවල කොරෝනා හෙවත් කොවිඩ් 19 වසංගතයක් උනත්…, ලංකාවේ එය පට්ටම ආතල් එකක් වී අවසානය.

අපි ලෝකයේ අනිත් රටවලට වඩා ගොඩාක් වෙනස් ජාතියක් කියා මේකෙනුත් පේනවාය….


ඉස්සෙලාම එයාර්පෝට් එක වහන්න කීයා ආන්ඩුවට බැන්නේය….

ඒ පාර වැහුවේය…

ඊට පස්සේ එයාපොර්ට් එක වැහුවාට ආන්ඩුවට බැන්නේය…


රටවිරුවන් ගෙන්නා ගනින් යකෝ කියා ආන්ඩුවට බැන්නේය…

ඒ පාර ගේන්න පටන් ගත්තේය..

මේ කෝවිඩ් හැදිච්ච උන් ගෙන්න ගන්නේ ඇයි කියා ආන්ඩුවට බැන්නේය….


උන් ගේන එක නවත්තන්නේයි කියා ආන්ඩුවට බැන්නේය…

උන් ගේන එක තාවකාලිකව නැවැත්තුවේය…

ඒ පාර ආයෙත් උන් ගෙන්න ගන්නේ නෑ කියා ආන්ඩුවට බැන්නේය..


පාර්ලිමේන්තුව වහලා ඒකාධිපති ගමනක් යනවා කියා ආන්ඩුවට බැන්නේය..

චන්දයක් තියා අලුත්ම අලුත් පාර්ලිමේන්තුවක් පටන් ගත්තේය..

ඒ පාර පාර්ලිමේන්තුව ඇරලා තොපි හදන්නේ අපි මරන්නද යකෝ කියා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත කළේය…


රට ලොක් ඩවුන් කරන්නේ නෑ කියා ආන්ඩුවට බැන්නේය

ලොක් ඩවුන් කළේය..

ඒ පාර ලොක් ඩවුන් කරයින් පස්සෙ… කන්නේ අම්මාගේ කැවුත්තද යකෝ කියා ඉතාමත් කැත විදියට ආන්ඩුවට බැන්නේය…


කන්න සල්ලි නෑ යකෝ කියා ආන්ඩුවට බැන්නේය

10,000 ක්ම දුන්නේය

10,000 දෙන්න සල්ලි අච්චු ගහලා රටේ ආර්ථිකය කෑවා කියා ආන්ඩුවට බැන්නේය…


ටෙස්ට් කරන්නේ නෑ කියා ආන්ඩුවට බැන්නේය

ටෙස්ට් කරන්න පටන් ගත්තේය..

ටෙස්ට් කරන කොට ලෙඩුන් ප්‍රමානේ වැඩි වෙනවා යකෝ කියා ඒ පාර ආන්ඩුවට බැන්නේය…


දානවා ගන්නවා… දානවා ගන්නවා… කිසි ආතල් එකක් නෑ කීවේය..

ඒ පාර දාලාම දැම්මේය… එලියට ගන්න බෑ කීවේය..

දැන් එලියට ගනින් යකෝ කියලා කෑ ගහනවාය…


දැන් රටේ තිබෙනා දැවෙනාම ප්‍රශ්ණය භූමදානයද ආදාහනයද කියනා එකය…


මම නම් කියන්නේ රටේ ජනතාව බුද්ධිමත් කියා මැතිවරණ කාලවලදි හැම පක්ෂයෙම චන්දය හිඟා කන උන් ඉතරක් නොව මැතිවරණ කොමසාරිස් උන්නැහේ පවා කියනා නිසා…

(මගේ පෞද්ගලික මතය නම් භූමදානය කිරීමෙන් හානියක් නොවන්නේ නම් ඊටත් ඉඩ දිය යුතු බවය…

මන්ද ලෝකයේ බොහෝ රටවල එය සිඳුවනා බව අප දැන් දන්නා නිසාමය…)


කොවිඩ් මරණ… අවසන් කටයුතු කර ගැනීම සඳහා පවුලේ ඥාතීන්ට බාර දීම වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී තීරණයක් ලෙස කවුරුත් පිලිගනී කියලාය…

කරුමේ වෙලා තියෙන්නේ මේක ආන්ඩුවෙන් නොමිළේම ඉතා සෞඛ්‍යාරක්ෂිතව කරනා එකය…

ඒ නිසා… නම සඳහන් කලහොත් සමාජ මාධ්‍ය ජාලා තුල වාරණයට ලක්වන ජන කොඨ්ඨාශයක් මෙන්ම මිනීපෙට්ටි කාරයෝත් බය වෙලා තියෙනවාය…

උන්ට දෙනවානම් පාංශුකූලේ දෙන්න අපේ ඒවා අපිටත් දියන් කියා තා කොටසක් කෑ ගහනවාය….

ඇසට කඳුළු උනන වේදනාත්මක කාරනය නම් මේ දැවෙනා ප්‍රශ්ණය හේතුකොටගෙන…, ලිබරල් ජාතිකවාදින් පවා අමු ජාතිවාදින් වීම ජිනීවා සමුළුවේදි උනත් අපි චොර වෙලාම යන තත්වයක් පවතිනා එකය…

ඔය මරණ උන්ටම කරගන්න කියා දුන්නාම වෙන්නේ එකෙක්වත් ඕක බාර නොගන්නා එකය…

මිනීය කෙසේ වෙතත් කොළඹින් එකෙක් ගමේ ආවාම…, ප්‍රේම කරන අසල්වාසීන් විසින්…, 119ට කෝල් සාගරයක් දෙන රටේ…, මිනීයක් ගෙනාවම වෙන වැඩේ ඊළඟට බලා ගන්නට අපට හැකි වෙනවාය…

ඔය බයිලා ගැහුවාට…., මොන ආගමකවත් එක පූජකයෙක්කත් ආගමික කටයුතුවලට එන්නේ නැතිය…

අඩේ අයියා ෂ්වර්කෙට යන්න යින්න යොක්කොම ඉන්න පොට් එකේ… කොවිඩ් මර්ඩර් දැම්මාම ෂ්වර්කෙටත් කොරෝනා යෙක යනවා නේ අයියා කියා…, අර කෂ්ටිය උනත් තනකොල කැපීම සඳහා පල්ලියේ ආරක්ෂා සහිතව තියෙන චීනයෙන් ගෙනා දිග කඩු වගේ ඒවා අරගෙන ඩාන්ස් එකත් දාන්නත් ඉඩ තියෙනවාය…

ගෙවල් වලට ගෙනිච්චොත්… අහල පහළ උන්.., ගල් ගහලා.., වෙඩි තියලා…, තව දෙන්නෙක් තුන් දෙනෙක් කොවිඩ් මරණ ලැයිස්තුවට එකතු වෙනවාය…

මල් ශාලා කාරයූත් පැත්ත පලාතේ එන්නේ නැතිය… උන්ගේ අවමංගල උස්සව ශාලා දෙන්නේත් නැතිය…

කරුමේ කියන්නේ …. මුන් ඔක්කෝම මේ කෑ ගහන්නේ ආන්ඩුවෙන් මේක නොමිළේ කරනා නිසාය…

ඒ නිසා දැන් කරන්න තියෙනේ… මිනී අරගෙන කරන මඟුලක් කර ගනින් කියා මිනීය පවුලේ උන්ට දෙන එකය…

ඊට පස්සේ හැම එකාම…, ආන්ඩුව අපි මරන්න හදනවා කියා කෑ ගහනවාය…

ඒ මේ රටේ ජනතාවගේ හැටිය…


ඒ වගත් මෙසේය…


7 comments:

  1. අම්මපා මාතේ සහතික ඇත්ත බොල. මෙන්න මසුරං ඒ කතාවට

    ReplyDelete
  2. //අඩේ අයියා ෂ්වර්කෙට යන්න යින්න යොක්කොම ඉන්න පොට් එකේ… කොවිඩ් මර්ඩර් දැම්මාම ෂ්වර්කෙටත් කොරෝනා යෙක යනවා නේ අයියා කියා…, අර කෂ්ටිය උනත් තනකොල කැපීම සඳහා පල්ලියේ ආරක්ෂා සහිතව තියෙන චීනයෙන් ගෙනා දිග කඩු වගේ ඒවා අරගෙන ඩාන්ස් එකත් දාන්නත් ඉඩ තියෙනවාය…// ������������

    ReplyDelete
  3. ඔන්න ඕකනෙ අවුල මාතේ. උඹට මතක ඇති නේ 1957 සිංගප්පූරුවේ ලී ක්වාන් යූ පත් උන වෙලාවෙ එහෙ උං ඔය ලංකාවේ ගොන් රැල වගේ දැඟලුවනං ඒ මනුස්සයත් ඉවරයි. ඒ වෙලාවේ කවුරුවත් හිතුවේ නැහැ මෑන් ඇමරිකන් එක්සත් ජනපදයේ ආධාර උපකාර ලබාගැනීමටත් ඒවා දක්ෂ සහ කපටි විදියට යොදාගෙන රට ගොඩදැමීම කරයි කියලා. ලංකාවේ උනත් මරා 2005 දී දිනපු වෙලාවේ හැටියට මෑන් යුද්ධය සම්පූර්ණයෙන්ම අවසන් කරයි කියලා කවුරුත් හිතුවේ නැහැ නේ, අන්න ඒ වගේ.

    රටක නායකයෙක් පත් කරද්දි නෙමෙයි චියර් කරන්න ඕන වැඩ කරල පෙන්නද්දි. අපේ උංගෙ අවුල පත් කරද්දි සර්ව බලධාරී ඇලඩින් ගේ පුදුම පහනේ භූතයා ගානට දාල චියර් කරනව, කන්දක් උසට බලාපොරොත්තු වෙච්ච මැජික් දේවල් සිද්ධ නොවෙද්දි මිනිස්සු අපේක්ෂා භංගත්වයට පත් වෙනව. මේ ලෝක වසංගත තත්ත්වයක් යටතේ මොනවා කරන්නද ඉතින්.

    ReplyDelete
  4. මුස්ලිම් මිතුරන්ට පණිවිඩයක්!��

    රාජ පක්ස රෙජී මයේ දූෂිත ජාතිවාදී ආණ්ඩුව ටිකෙන් ටික තමන්ට ජන්දේ දුන්න මිනිස්සුන්ගේ රෙදි ගලවන කොට විපක්ෂය ඒක පෙන්නල දෙන එක ගැන මුස්ලිම් අය අනවබෝධයකින් ඉන්නව වගේ පේනවා ! අපි මුස්ලිම් ජනතාවට කිසිම අසාධාරණයක් කරන්නේ නැහැ.

    වඳකෑම, වඳකොත්තු, දොස්තර ෂාෆී මහත්මයගේ ගබ්සා, පූජනීය ෂරියා නීති විරෝධය, ගරුකටයුතු මද්‍රසා පාසල් විරෝධය,
    ගෞරවනීය ඉස්ලා මීය සිරිත් විරිත් අනුව තීරණය වෙන මුස්ලිම් මෘතදේහ අදාහන පූජෝත්සව ඇතුලු සමස්ත මුස් ලිම් ආගමික සහ සංස්කෘතික විරෝධී කාලකණ්ණි මිනීමරු ජාතිවාදී අන්තවාදී ව්‍යාපාර තමයි මේ රාජ පක්ස කල්ලියේ ජාතිවාදී ආණ්ඩුව බලයට ගේන්න සිංහලයෝ අතර පාවිච්චි කරපු ලොකුම ජන්ද ව්‍යාපාර උපක්‍රමය.,

    එක රටක් එක නීතියක් කියන්නෙත් ඒකටම අදාල සටන් පාඨයක් මිසක් අපි ගෙනාපු එකක් නෙවෙයි.

    පහුගිය ජනතාවාදී යහපාලන රජයේ සහජීවන ප්‍රතිපත්තියට අපහාස කිරීම සඳහා මුස්ලිම් මිනිස්සු නලවනවා කියල තමයි ඒ විරෝධය ගෙනාවේ.

    දැන් ඒ කරුණු එකින් එක් බොරු වෙත්දි විපක්ෂය ඒවා මතක් කරලා දෙනවා විතරයි.
    ඒකේ තේරුම විපක්ෂයේ අය මුස්ලිම් විරෝධී වෙලා කියන එක නෙවෙයි. ආණ්ඩුවේ තක්කඩි වැඩ ටික පෙන්නල දෙනවා විතරයි. අපේ කිසිම මුස් ලිමි විරෝධයක් නෑ අප තාමත් බහුතරයක් වූ ඉස් ලා මීය ජනකොටස් සමග උපරිම සහයෝගයෙන් කටයුතු කරන්න කැමතියි ඔබගේ සියළුම ආගමික සංස්කෘතික සිරිත් විරිත් පූර්ණ වශයෙන් ඉටුකරන්න සියලුම ඉඩ ලබා දීමට පුළුවන් වන අතර විපක්ෂයේ සජබ එජාප ජවිපෙ ඇතුලු සියලු පාර්ශවයන්ගේ එකගත්වය සහිතව අප මුස්ලිම් ජනතාවට 100% ක් පක්ෂව කටයුතු කරන්නෙමු.

    වරදවා තේරුම් ගන්න එපා. මේක රාජ පක්ස කල්ලියේ කුමන්ත්‍රණ පැරදවීමට තාවකාලිකව කරන උපක්‍රමයක් පමණක් බව මුස්ලිම් ජනතාවට ශපථ කර සිටින්නෙමු.

    ReplyDelete
  5. එකඟයි. මම මුල ඉඳන්ම බ්ලොග් එකේ ලිව්වෙත් ලොක්‌ ඩවුන් කරන්න. andiuri නීතිය දිගටම දාගෙන ඉඳල වැඩක් නැහැ කියල. මුල්කාලේ මරණ අඩුවෙලත් ඔය වැඩේ කලානේ. දැන් කරන විධිහ හරි කියල මම හිතන්නේ. එකම දේ සමාජයට ගිහිල්ල ඉවරයි කියන එකයි මගේ අදහස නම්. මේක අතින් අල්ලලා නවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. භූමදානය කරන්න ඉඩ දීමේ ලොකු වරදක් මටනම් පෙනෙන්නේ නැහැ. වතුර ප්‍රශ්නයක් තියනවනම් ඒ වෙන්වුවට වෙන තැනක් දුන්නම ඉවරයි.

    ReplyDelete
  6. ජනගහනය ටික ටික වැඩි වෙනවා
    කනත්තෙ ඉඩකඩ නම් අඩු වෙනවා
    කොරෝනාව නැති මතු යම් දිනයක
    මියගියාම පුච්චන්නම වෙනවා

    ReplyDelete
  7. දැන් නම් අන්තිම අමාරු පාටයි
    මරුවා හැම තැන ගැවසෙන ගාණයි
    සදහට ඉන්නද යන්නට වෙනවයි
    වැරැද්ද ඒ ටික අමතක වීමෙයි!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න