.

.

Nov 18, 2020

වසරක ප්‍රගතිය හා අනාගතය…

 


පසුගිය වසර ගැන මාතලන් ලියන්න යන්නේ නැතිය… මොකෝ කියනවා නම් ඒ අවුරුද්දට කරපු වැඩ අතරේ…, රට අගාදයටම ගෙන ගිය මල මූසල යහපාලන ආන්ඩුව ගෙදර ඇරපු එකම උනත් ඇති නිසාය…


ඒ නිසා මාතලන් ලියන්නේ අනාගතයේ විය යුත්තේ කුමක්ද කියලාය.


ජනාධිපති තුමා පත්වූයේ නොවැම්බරයේ වූවද ආන්ඩු බලය ලැබී තාමත් මාස 4 ක් ගතවූවා පමණි…. අවුරුදු පහක් තිස්සේ මෙලෝ අලබෝලයක් සිදු නොවූ අමාත්‍යශ තුල ඉන්නා උන් පුරුදුව ඇත්තේ එසේම සිටින්නටය. ඒ බව අදත් ඉතා පැහැදිලිව පෙනේ…


අවුරුද්දෙන් හෝ මාස හතරෙන් හදපු රාජ්‍යයන් ලොව ඇත්තේ නැතිය…. එහෙත් තව අවුරුදු දෙක තුනක් තුලත් ජනතාවට දැනෙනා කිසිවක්ම සිඳු නොවන්නේ නම්…, චක්කරවර්ති මහ රජ්ජුරුවෝ උනත් ජනතාව විසින් එලවා දමන එකත් දෙයියන් වහන්සේටවත් වලක්වන්න බැරිය.


ඊළඟට පත් වන්නේ පඹයෙක්ද, නිකමෙක්ද යන්න එතනදි අදාල වන්නේ නැතිය… 2015 උනේ එයය…


සිරා වැනි හාල්පාරුවෙක් පත්කර ගත් රටක… සජිත් වැනි පොඩි හෝ සේ එකක් ඇති කෙනෙක් ජනතාව විසින් තොරා ගන්න ඉඩ තිබෙනා බවත් කවුරුත් සිහි කල්පනාවේ තබා ගැනීමද යහපති…


මහින්ද මහත්තයාගේ කාළයේ මහ පරිමාණයේ අති විශාල දැවැන්ත යෝජනා ක්‍රම ක්‍රියාත්මක උනේය.. අඩෝ බලාපන් අපේ වැඩ කියා… එයාලා ඒවා ජනතාවට පෙන්නුවේ ජැකාලාගේ භාතිය සන්තුෂ්ලාගේ විසූක දස්සනද සමගිනි…. ජනතාවද වැල නොකැඩි ඇවිත් ඒවා බලා ගෙදර ගියේය… එහෙත් ගෙදර ගිහින් බලපුවාම එවා කන්න බැරි බව දැනගත්තාම උන් කරේ…, මහ රජානෝ ජනෙල් පොල්ලේ එල්ලන එකය…


අදට මේ ආන්ඩුවේ ප්‍රධාන වැරදි දෙකක් පෙන්වා දීමට කැමතිය…


(1) නිදිගත් රාජ‍ය සේවය අවදිකිරීමට තාමත් අසමත් වීම…


හොඳම උදාහරණය… කොරෝනා දෙවන රැල්ල ඇති වුනේ කෙසේද යන තැන මේ ආන්ඩුව තුලද රාජ්‍ය සේවයේ වගකීම් හා වගවීම් පැහැර හැරිය බව මනාවට ඔප්පු වීමය….


වගකිවයුතු සෞඛ්‍ය අංශයේ සෑම එකාම මොන මොන බයිලා ගැසුවත්… අද වෙන තෙක් දෙවන රැල්ල ඇති වූ ආකාරය සොයාගෙන නැත. ඒය සොයා ගන්නේද නැත.


ආන්ඩුවද, විපක්ෂයේ සියල්ලන්ද ජනතාවද, සෑම එකාම ආතල් එකේ උන් අතර…, ජනතාවට ත්‍රාසය හා භීතිය දිනපතා නොඅඩුව ගෙනෙනා රජයේ ගොම සංගමයද උන්නේ ආතල් එකේය…. අඩුම ගානේ අද වාගේ දිනපතාම ජනතාව බය කලේ නම්…, දෙවන රැල්ල නො එන්නත් තිබුනේය.


ඇමතිවරුන් ඉතා සුළු පිරිසක් හා රාජ්ජ අමාත්‍යවරුන් අතලොස්සක් යමක් කිරීමට දත කන අතරේ…, සීනියොරොටි හේතුවෙන් ඇමතිකන් දුන් වැඩ බැරි ටාසන්ලා පෙර පරිදිම ශීත කාමරවල දොයිය ගන්නවා ඇත.


උන් හිතන්නේ ගැසට් ගැහුවාම ඔක්කෝම හරි කියලාය. මුන්ගේ ගුලි කෑමෙන් පච වෙන්නේ උන් නොව ජනාධිපතිය.


ජනතාවගේ ප්‍රධානම ආහාරය සමඟ පිස්සු කෙලීමේ අවසානය නාමල් රාජපක්ෂලාගේ අනාගතයට පවා හානිකරය.. ඒ නිසා එය අති දරුණු ඛේදවාචයකින් නිමා වීමටද ඉඩ ඇත්තේය..


(2) ආන්ඩුවේ ප්‍රචාරණ කන්ඩායම් වල පසුබෑම


මේ ගැන මාතලන් කීප වතාවක් ලියා ඇති නිසා නැවත ලියන්න යන්නේ නැතිය.


මාතලන් කීවේ ඇත්තක් බව ඔප්පු කරමින්…, අවසානයේ ජනාධිපතිතුමාටම ඒවාට පිළිතුරු දීමට එන්නට වීම ඇත්තටම කනගාටුවට කරුනක් බවත් ලියා තැබිය යුතුමය..


මන්ද මාතලන් දන්නා පරිදි ආන්ඩුවේ ජයග්‍රහණයේදි සව්දිය පෙරූ බොහෝ පොරවල් ආන්ඩුවේ තනතුරුද රැගෙන අද ආතල් එකේ ඉන්නා නිසාය…


ඊයේ ජනාධිපති තුමා ජාතිය ඇමතුවාට වඩා… එසේ නොකර සිටියේ නම් වඩාත් හොඳ බව එතුමාට බොහෝ සේ ආදරය කරනා මාතලන්ගේ අදහසය….


මන්ද එහිදීද ඔප්පු උනේ… තමන්ගේ ප්‍රචාරණ නඩය පට්ටම ෆේල් බවය….


ඒ වගත් මෙසේය…


7 comments:

  1. ලංකා ඉතිහාසයේ වාර්තාවූ අසාර්ථකම රාජ්‍ය නායකයා ලෙස ඉතිහාසයට එක් වනු ඇත.

    ReplyDelete
  2. මාතලන්ගේ කඩේ යාමේ වසරක ප්‍රගතිය හා අනාගතය…

    ඒ වගත් මෙසේය…

    ReplyDelete
  3. අවුරුද්දට සිව් මසකට
    හදපු රටක් මිහිපිට නැත

    එහෙම කියන කෙනෙක් නොමැත

    තව සිව් වසරක් මෙහෙමම
    ගියාට කිසි වරදක් නැත
    යහ පාලනෙ ගෙදර යවපු
    කුසලෙන් රට බැබලෙයි පුත

    ඔක්කොම කෙළි ඉවරවෙලා
    ජනපති මෙහෙමත් කියාවි

    ත්‍රස්තවාදෙ ආවානම්
    දනී මට්ටු කරන විදිය
    මෙව්ව ඉතින් වෙනවැඩ නෙව
    හත්වලාමෙ වෙච්චදේට
    මක් කොරන්නද

    ReplyDelete
  4. It seems Matalan is indirectly seeking a prominent post with the Govt Propaganda unit. Hey President, get our friend on board, so you don't need to address the nation. :)

    ReplyDelete
  5. කොහොමද මේක මාතේ;

    https://instagram.com/biavlage?igshid=11x1xa7ipqqeh

    ReplyDelete
  6. ගණන් ගන්න එපා මාතලන් ජීවිතේම ෆේල් කර ගත්ත එකෙක් කියවන්නෙම ” ෆේල් ” කියන වචනෙම තමයි. ෆේල් කියන වචනෙට ඇන්දෙන ටොයිජෙප්පො නම් ඇති. නමුත් නිහඬව ඉන්න වැඩි ජනතාවක් ඕකට ඇන්දෙන්න තරම් ගොන්නු නොවෙන බව මුං ද්න්නෙ නෑ. පවු අප්පා !!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න