.

.

Jan 10, 2021

හරීන් විනය තකා බිය වීම


මේ රටේ වඩාත් බලවත්ම මාධ්‍යය සමාජ මාධ්‍ය බවට පත් වීමට පෙර…, දේශපාලකයින් විවේචනයට බඳුන් වූයේ මුලින්ම වාමාංශික පක්ෂ විසින් පවත්වාගෙන යන පුවත් පත් මගිනි.. කලෙකින් ඒවා අභාවයට පත් වූ අතර.., ඒ මාධ්‍යවේදීන් විසින්ම විකල්ප පුවත් පත් සඟරා මෙන්ම ටැබ්ලොයිඩ් පුවත් පත් රැසක් එලිදක්වන ලදි.. මෙහිදි දේශපාලකයින් උසුළු විසුළු වලට වැඩියෙන්ම ලක් වූයේ කාටුන් ශිල්පීන් අතිනි..

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාළයේ තරම් එවන් පුවත් පත් බිහිවූ යුගයක් ඉන්පසු ආවේ නැතිය.. සමහර ටැබ්ලොයිඩ් පුවත් පත්.., ජනාධිපතිවරයා ඉතා සාහසික ලෙස විවේචනය කලේය.. පසු කාලීනව චන්ද්‍රිකා බලයට ගෙන ඒමට මුල් වූයේ මේ පිරිස්ය…

එහෙත් චන්ද්‍රිකා වමට සිග්නල් දමා දකුණට යෑමට පටන් ගත් දිනයේ සිටම…, ඔවුන් නැවතත් චන්ද්‍රිකාගේ පෞද්ගලික ජීවිතය පවා අලලා අමු මඩ ගැසීමටද පටන් ගත්තේය. මොවුන් අතර ප්‍රවීන මාධ්‍යවේදීන්ද සිටීම ඉතාම කනගාටුවට කරුනකි..

එහෙත් මේ සියල්ල අභිබවා සමාජ මාධ්‍ය ඉදිරියට ඒමත් සමඟ…, සියළුම දේශපාලකයින් විහිළු බවට පත් විය.. වඩාත් හික්මීමක් ඇති පිරිස්.., උපහාසය මෙන්ම සෝපාහාසය රැගත් ඉතා සාර්ථක නිර්මාණ බිහිකල අතර. තවත් සම හරක් කිසිසේත් අනුමත කළ නොහැකි ඉතා සාහසික මඩ ගැසීම් වලට මෙන්ම ප්‍රොපගැන්ඩා වලටද ගියේය.

මෙසේ විවේචනයට ලක් වූවන් අතර මෛත්‍රිපාල සිරිසේන තරම් උසුළු විසිළු වලට අක් වූ අයෙක් නොමැති තරම් වේ.. මීට ප්‍රධානම හේතුව වූයේ ඔහු පොදු අපේක්ෂකයකු වීමයි.. ඒ හේතුවෙන් පක්ෂ විපක්ෂ දෙපිලේම විහිළුවලට ගැරහීම්වලට මෙන්ම මඩ ප්‍රහාරයන්ටද පාත්‍ර වීමට ඔහුට සිඳු උනේය..

මේ පුරුද්ද දිගටම පවත්වාගෙන යමින් වත්මන් ජනපති ඝෝඨාභයද…, එසේම උසුළු විසුළු වලට මෙන්ම සංවිධානාත්මක ප්‍රොපගැන්ඩා වලට ලක් වූ අතර.. ඒ සියල්ල ඔහු විඳ දරා ගන්නා බවක්ද පෙනෙන්නට තිබේ.

යහපාලන කාළයේ කීප විටක්ම විවිධ කරුණු ගෙන හැර දක්වමින් සමාජ මාධ්‍ය තහනම් කළද .., මේ ආන්ඩුව එවැනි පියවරයන්ට නොගිය අතර…, යහපාලන කාළයේ පැවති මාධ්‍ය නිදහස ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනු පෙනේ… මාධ්‍ය වාරණය යනු ඕනෑම ආන්ඩුවක් විසින් ගන්නා ගොන් තකතීරූ තීරණයකි.. එම නිසා එහි ගෞරවය මෛත්‍රිපාල සිරිසේනට මෙන්ම ඝෝඨාභය රාජපක්ෂටද අප ලබා දිය යුතුය…

උහන ප්‍රදේශයේදී ජනාධිපතිවරයාගේ විවේච්නයට බඳුන් වන්නේ පාර්ලිමේන්තුවේ හැසිරීම මිස හරීන් ප්‍රනාන්දු මතු කල කාරනා නොවේ..

ජනාධිපතිවරයා විපක්ෂයේ කිසිවකු විවේච්නය නොකරනාවාක් මෙන්ම… (මෙය මහින්ද රාජපක්ෂගෙන් ලද පාඩමක් විය හැක..).. යහපාලනය කළ පලිගැනීමේ දේශපාලනයද නොකරනාතර…, ඒ හේතුවෙන්ම තමන් පත් කල පාක්ෂිකයාගේ විවේච්නයට බඳුන් වී අවසානය.. ඔවුන් ඉල්ලන්නේ ආරක්ෂක ලේඛම් ගෝඨාභයයි…

එමෙන්ම විපක්ෂයද බලාපොරොත්තු වූයේ එයයි.. එහෙත් ඒ සියල්ලන්ගේ බලාපොරොත්තු කුඩු වී යාම ජනාධිපතිවරයා විවේච්නයට මෙන්ම උසුළු විසුළු වලට ලක් වීමට ප්‍රධානම හේතුව වී තිබේ…

ඇත්තටම මෙය ඉච්ඡාභංගත්වයට පත් වී ඇති මානසික පීඩාවකි…

එහෙත් ලංකාවේ එතෙක් මෙතෙක් බලයට පත් වූ සියළුම නායකයින්ට වඩා… හික්මීමක් හා විනයක් සහිත ජනාධිපතිවරයා ලෙස ඝෝඨාභය රාජපක්ෂ නම් කිරීමට මාතලන් නම් දෙසරයක් සිතන්නේ නැත..

ඔහු විනයක් සහිත නායකයෙකි.. ඔහු විවේචනය කලේ හරීන්ගේ පාර්ලිමේන්තු කතාවේ ආමන්ත්‍රනයයි… පක්ෂ හෝ විපක්ෂ හෝ වේවා ඔහු රටේ ජනාධිපතිවරයා වෙයි… පාර්ලිමේන්තුවේ කතා කරද්දි නම් ගම් කියා කතා කරන්නේ නැත.. මන්ත්‍රිවරයකු ආමන්ත්‍රණය කරන්නේද “ගරු මන්ත්‍රිතුමා” යනුවෙනි..

තත්වය එසේ පවතිත්දී…, හරීන් ප්‍රනාන්දු මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම ජනාධිපතිවරයා ගැන සඳහන් කරද්දි කතා කරන්නේ නන්දසේන ලෙසය..

ඔහු රටම දන්නේ ඝෝඨාභය ලෙසය.. මෙසේ සඳහන් කරන්නේ සිරිසේන ජනාධිපතිවරයාට සමාන කිරීමයට.. මෙය සමාජ මාධ්‍ය තුලින් මතු වූ නිර්මාණයකි.. පාර්ලිමේන්තුව යනු ෆේස්බුක් එක නොවේ… එය ඉතා ගෞරවාන්විත තැනක් කියන්නේ එයට පත් වන පිරිසමය… එහි කෙතරම් අඩු පාඩු තිබුනද ජනතාව තුලද තවමත් ඇත්තේ ගෞරවයකි.. උදැසනම චන්ද පොලට ගොස් තම නියෝජිතයා විල මැද බංගලාවට යවන්නේ ඒ හේතුවෙනි…

ලොව කිස්ඳු රටක පාර්ලිමේන්තුවක මෙසේ අමතන්නේ නැත.. අම්බානක පිස්සු කෙල ගෙදර යාමට සිටිනා ඩොන්ලඩ් ට්‍රම්ප් විවේචනය කරන්නන් පවා.. අදටත් ඔහු විවේච්නය කරන්නේ “මිස්ටර් ප්‍රසිඩන්ට්” හෝ “ප්‍රසිඩන්ට් ට්‍රම්ප්” ලෙසය…

ජනාධිපතිවරයා මතු කලේ මේ කාරනයයි… අනෙක් පිළිතුර ලබා දුන්නේ තමාට ආරක්ෂක ලේඛම් චරිතයට පිවිසෙන්නැයි කියනා පක්ෂ විපක්ෂ දෙපිරසටමය.. මෙහිදි සංඝ සංස්ථාව විශේෂයෙන් ඉස්මතු කල බවද පැහැදීලිවම පෙනුනි…

හරීන්ලා පාර්ලිමේන්තුවේ කත කළේ වීරයෙකු පරිද්දෙනි… තමා කිසිවකුටත් බිය නැති බවත් ඔහු එහිදි කීප විටක්ම සඳහන් කළේය… එහෙත් පාර්ලිමේන්තුවේ විනීතව හැසිරෙන්නයි කියූ පමණින් ඔහු නතර වන්නේ ජිනීවා මානව හිමිකම් කමිටුවේය… ගානියා බැරිස්ටර් එක්ක ජීනීවා යන්න බැරි උන එකේ.., මේකෙන්වත් ජීනීවා වල රවුමක් ගසා ඒමට සියල්ලෝම එක පෙලට පෙල ගැසී සිටිනා බව පෙනේ…

මෙහිදි ඩලස් අලහප්පෙරුම කල කතාවද ඝෝඨාට එරෙහිව කළ කතාවක් බවට පත් කිරීමට ප්‍රොපගැන්ඩා මාෆියාව මහත් උත්සාහයක් දරමින් සිටුනු පෙනේ… ඔහු කීවේ “ප්‍රතිවාදියාගේ මතය ඉවසීමට විනයක් තිබිය යුතු බවයි”…

ඩලස් මතු කරන්නේද ජනාධිපති ඝෝඨා කියූ කරුනම මිස වෙන කිසිවක් නොවේ…

හරීන්ගේ පඩත්තල විවේචන හා සාපයන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවා වී ඉදිරිපත් කිරීමෙන් අනතුරුව (පණ නැති කතානායකයකු පත් වීම මීට ප්‍රධානම හේතුවයි.. ජනාධිපතිවරයාට නිසි ලෙස ආමන්ත්‍රණය කරනා ලෙස ඔහුට නියෝග කළ හැක..) .., ඊට පිළිතුරු දුන් පසු ඒ විවේච්නය දරා ගන්නට නොහැකිව ජිනීවා දුවන්නේ…, විනයක් නැති හරීන්ලා වාගේ බය ගුල්ලන් මිස වෙනින් කිසිවකු නොවේ…


ඒ වගත් මෙසේය….


22 comments:

  1. What can I say about Hareen? 'Lula nethi walata Kanaya pandithaya'(Wijebahu)

    ReplyDelete
    Replies
    1. @ Wijebahu,

      It was Dr. Ranil who did the good job but he never published anything. His bank account is still the same amount before and after he became prime minister. Silent democratic representative Dr. Ranil Wickramasinghe. (D.Sc - Deaking Australia) People in this bloody stupid country are not that educated to accept the world's best leader ever like him. Sad about SL :(

      Delete
    2. Who is 'Lula'?
      Luiz Inácio Lula da Silva from Brazil?

      Delete
  2. අයිසේ මාතලන්

    මම හිතන්නේ මේ සේරටම වගකිවයුතු වන්නේ කතා නායක බවයි. මූත් අර කීකරු ජයසූරිය පොල් බූරු නාකි මලහොල්මන වගේ වෙන්න යන්නේ. මීට වඩා වාසුදේව වට්ටක්කා ගෙඩියා පත් කලා නම් උගේ අර සුපුරුදු වචනය ද භාවිතා කර හරිං නමැති මෙලෝ රසක් නැති මෙලෝ හසරක් නොතේරෙන මෙලොව වැඩක් බැරි බුකියේ එක එකා ලියන හෑලි පාර්ලිමේන්තුවේ වාචාල කතා ලෙස කියවන පොල් බූරුවන්ට ජාතකය සිහිකර අමතන්නට ඉඩ තිබුණා. චමල් රාජපක්ෂ හිටියා නම් මීට වඩා හොඳයි.

    අනිත් පැත්තෙන් වත් මං ආණ්ඩුවේ ජරා පස්ස කල්ලියේ සපෝටර්ලාද ප්‍රතිවාදී දේසපාලුවන්ගේ විවේචන අවලාද මඩ ගැසීම් වලට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තර්කයෙන් උත්තර දෙන්න පුළුවන් ටීම් එකක් සකස් කිරීම කළ යුතුයි. යම් හෙයකින් තර්ජනය කළොත් ආණ්ඩුවට එරෙහි නමුත් දේශපාලන වශයෙන් නාය ගිය මඩ අවලාද සහ කයිවාරු පප්පල පිරුණු විපක්ෂ කණ්ඩායම් වලට සෝමාලියාවට පාන් දැම්මා වගේ වෙයි.

    ReplyDelete
  3. ඔහොම තමයි මාතේ ලංකාවෙ දේශපාලනයේ හැම පක්ෂයකම වගේ ඉන්න ගොබ්බ රැලක් ඉන්නවා උන්ට පුලුවන් හැමදේටම හා හා රියැක්ට් දාල හිනාවෙන්න විතරයි. මුන් හැමදාම මොකා උනත් රටට වැඩක්කරන එකාව විවේචනය කරකර බයිල ගගහ ඉන්නවා. ඉටපස්සෙ බනිනවා ගොන් හැත්ත රට හදන්න කවුරුත් නෑ කියල. මේ මීහරක් රැලේ ආකල්ප වෙනස් කරනකල් මොකාටවත් මේරට හදන්න බෑ. උන්ට කියන්න තියෙන්නේ "තොපි හැදියව් රට එතකොට ඉබේම හැදෙයි." කියලා තමයි.

    ReplyDelete
  4. මාතලන් ඉතාමත්ම හොඳ විග්‍රහයක්.. ගැටලුව නම් අප අවුරුදු 60 ක් 70 ක්ම මෙම තත්වය පවත්වා ගෙන යාම නොවේද? එනමුත් ඇහුවොත් අප රටේ තරම් දැනුමෙන් පරිපූර්ණ වූ බුද්ධිමතුන් මෙන්ම තුන්ලෝකෙටම දේශපාලන දැනුම තිබෙන මී හරකුන්, ලෝකයේ හොඳම ඇමතිවරුන්ගෙන් පීරී ඉතිරි සිටිනවා නොවේද?

    ReplyDelete
  5. ලංකාවේ පත්වන නායකයන් ඇත්ත නොදැකීමේ විපාක නොව සත්‍ය ඇත්ත දැනදැනත් කිසිවක් නොකරන්නේත් නෙකෙරෙන්නෙත් ලංකාවේ පුරවැසියා දැනුවත්ව හෝ නොදැනුවත්ව දේශපාලනීකරණය වී ඇති නිසා පමණක් නොව පුරවැසියා සිතන්නේ දේශපාලකයාට සියල්ල කළහැකි බව සහ වෙනසක් පිළිබඳ අවබෝදයක් නොමැති අවස්ථාවන් සහ එයට හැකියාවන් නොමැති ළිඳේ ගෙම්බන් වැනි ජනතාවක් සිටින විට රටකට මෙසේ සිදුවේ. දේශපාලනීකරණය වී තිබෙන්නා වූ සියල්ල එයින් මුදවා ගන්නා තුරු රටට යහපතක් වන්නේ නැත. අධ්‍යාපනයේ සිට අධිකරණය දක්වා සියල්ල දේශපාලනීකරණය වී ඇත. මධ්‍යස්ථ අවංක දේශපාලනය පළමුව කියා නොසිතන්නා වූ සහ රට ගැන සිතන්නාවූ නායකයෙකු හට මෙය අනිවාර්යයෙන්ම වෙනස් කල හැකියි. අවශ්‍ය වන්නේ මධ්‍යස්ථව බව, අවංක බව සහ සුදුස්සාට සුදුසු තැන ලබාදී ඒ පිළිබඳ අවධානයෙන් සිටින නායකයකුට පමණි.

    දියුණු රටවල් දියුණුව ලංකර ගැනීමේ හේතුවද විද්‍යාත්මක සහ තර්කානුකූලව දත්ත සහ තොරතුරු මත පදනම්ව විධායක තීරණ ගැනීමයි.

    උදාහරණයක් ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික වර්ධනයේ ප්‍රධානතම දත්තය වන්නේ මාසිකව උත්පාදනය, කරන රැකියා ප්‍රමාණයයි. ඔවුන් ඇතිකරන ලද රැකියාවන් සහ රැකියා අහිමිවීම් අතර වෙනස ධන අගයක තබා ගැනීමට වෙහෙසේ. රටේ මිනිසුන් තම ශක්තියෙන් නැගී සිට තම අවශ්‍යතා සපුරාගන්නා අතර නිතැතින්ම රජයට ඒ මගින් බදු මුදල් සපයයි. එමගින් රටේ භාණ්ඩාගාරයට නිතැතින්ම මුදල් ගලා ඒ... මේ මෑතක් වනතුරුම ලංකාවේ ක්‍රමවේදය, මීට හාත්පසින්ම වෙනස්ය. ජනතාවට රකියා අවස්ථා උදා කරනවා වෙනුවට ලැබෙන බදු මුදලින් සහ විශාල ණයකර මගින් කිසිම පදනමක් හෝ අධ්‍යයනයකින් තොරව සහනාධාර සපයන අකාර්යක්ෂමතාවය රජයන දූෂිත විශාල රාජ්‍ය සේවයක් ද පවත්වාගෙන යන රජයකින් ඇති ඵලය කිම? මේ තත්වය කෙමෙන් කෙමෙන් වෙනස් කර ඇති නමුත් තවත් බොහෝ දේ වෙනස් කරන්න ඕන.

    ReplyDelete
  6. වාසුදේවට රටේ අගමැතිට 'පකයා' කියල පාර්ලිමේන්තුවේදීම අමතන්න පුළුවන්නන් හරිනා ස'ට නම කියල කතාකරන එකේ වැරැද්දක් තියෙනවද? හෙළුවෙන්ම කඩේ යන්න එපාබන් අඩුම ගානේ මාස්ක් එකක්වත් දාගෙන පලයං. උඹට කොරෝන හැදුනොත් මෙහෙමවත් එකක් කියන්න එකෙක් ඉතුරුවෙන්නේ නෑ. අපි පව් බන් එතකොට.

    මේ ඒක නෙවේ, මාතලන් මොකෝ බං හරිනා එක්ක මෙච්චර තරහ.
    හරිනගේ අර තක්කාලි ගෙඩියට උඹත් ට්‍රයි කළාද?

    ReplyDelete
    Replies
    1. පකයා කියපු වෙලාවේ වාසු හොඳට අහගත්තා කියලා මතක නැද්ද...?

      Delete
  7. රට නංවන්න - විසඳාලිය යුතු දේවල්
    තීරණ; නීති පනවාලිය යුතු දේවල්
    කතා කෙරෙනවද රැස්වී රෑත් දවල්
    පිස්සු xකන්නෝ සේරම වාගෙ අවුල්!

    ReplyDelete
  8. මාතලන් තමුන් හරීන්ගේ වීඩියෝ එක බැලුවේ නෑ නේද?
    එම වීඩියෝ එකේදී, නන්දසේන කියා සඳහන් වෙන්නේ තැන් දෙකකදී පමණයි. පළමුව නන්දසේන ජනාධිපති, දෙවනුව නන්දසේන මහත්තය. තවත් වරක් ජනාධිපති තුමා හා ගෝඨාභය රාජපක්ෂ මහත්තය. අනෙක් හැම තැනදීම ස'.

    “මිස්ටර් ප්‍රසිඩන්ට්” හෝ “ප්‍රසිඩන්ට් ට්‍රම්ප්” එකෙයි "නන්දසේන ජනාධිපති, නන්දසේන මහත්තය" වෙනස මොකක්ද?
    අතිගරු කියන්න ඕනෙද, ස' ම කියන්න ඕනෙද? අනෙක තතමන්ගේ නම නේ කියල තියෙන්නේ. අඩුම ගානේ 'සිරා' වගේ නමේ කෑල්ලකුත් නෙවේනේ, සම්පුර්ණ නමනේ,
    මටනම් පෙනෙන්නේ හරීන් කියපු දිලිත්ල, උදයන්ගල, සේනාදිපතිලා, ඥානක්කල ජනාධිපති තුමාව හසුරවනවා කියූ එකට ලොක්කට හොඳටම තදවෙලා වගේ. ඒක එහෙම නං අනුන්ට බැනල වැඩක් නෑ. හරීන්ල නෙවේනේ ඒ අයව ජනාධිපති තුමාට සෙට් කළේ.

    තමුන්ට ලිවීමේ හැකියාව තිබුනට කිර්ති වර්ණකුලසුරියලගේ ගණයට වැටෙන්න නම් එපා!

    ReplyDelete
  9. ඉන්ටවිව් එකකදී සරත් ෆොන්සේකා ගැන කිව්වේ "අයි විල් හැන්ග් හිම්" කියලයි. උඹට එහෙම කරන්න පුලුවන්ද කියලා අහන්න පත්තර කාරයට හයියක් තිබුණා. මෙතන එහෙම කවුරුත් ඉඳල
    නැහැ. මටනම් මේ නන්දෙත් ඒ නන්දෙම තමයි.

    ReplyDelete
  10. ළඟදීම මන්ත්‍රීල ටික ඒ අයගේ විනය හදන්න කියල නායකත්ව පුහුණුවට ආමි කෑම්ප් එකකට යවනවා. එළ!

    ReplyDelete
  11. හරීන් ප්‍රනාන්දුට දාපු සද්දේ ඩඩ්ලි සිරිසේනට දැම්ම නං අද මුළු රටේම හාල් මිළ අඩුවෙලා හැම එකාම කීරි සම්බා කන්නේ. මොනවද?, කීරි සම්බා, කීරි සම්බා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න