.

.

Jan 17, 2021

නැගෙනහිර ජැටිය හා මැණික් කුළුණ

 



නැගෙනහිර ජැටිය දෙනවාද, නානවාද?


මෙය ඉන්දියාව හා විසඳාගත යුතු ප්‍රශ්ණයකි…

ප්‍රශ්ණය ඇති කළේ යහපාලන ආන්ඩුවයි..

ඒ ඉන්දියාව ජපානය හා රාජතාන්ත්‍රික ගිවිසුමක් මඟිනි…

යහපාලන ආන්ඩුව දිගටම පැවතියේ නම් මේ වන විට හම්බන්තොටට සිඳු වූ දේ නැගෙනහිර ජැටියටද අත් වී අවසානය..

හූනියන් යුනියන් කාරයෝ ඒ කාළේ උන්නේ කාගේ පොකට් වලද කියා මා දන්නේ නැතිය…

මේ ආන්ඩුව ඇදගෙන නාන්නේ චන්ද පොරොන්දුවක් හා ආන්ඩුව පත්වීමෙන් පසු ගත් ගොන් තකතීරූ තීන්දු හේතුවෙනි..

ලෝකය එකම ගම්මානයකි.. කොමියුනිස්ට් චීනය පවා දියුණු වූයේ ජාත්‍යන්තරය හා එළඹි වෙළඳ ගිවිසුම් සමඟ ජාත්‍යන්තරයට යාමෙනි..

අප අමනාප කර නොගත යුත්තේ හූනියන් කාරයෝ ගොන් බයියෝ හා සංඝයා නොව ඉන්දියාව හා චීනයයි…

බිස්නස් එක තියෙන්නේ ඔවුන් සමඟයි…

ආන්ඩුවට විකල්ප දෙකක් ඇත…

පළමුවන විසඳුම ඉන්දියාවට මරිසියක් දමා වෙනත් ආයෝජනයකට ඉඩ සලසා දී ඉන්දියාව සමඟ මේ වන විටත් කෙරෙමින් පවතින 66% ක වෙළඳාම තව දුරටත් ආරක්ෂා කර ගනිමින් විදේශ ණයක් හෝ දේශීය ආයෝජකයකු සමඟ ඉදිරියට යාමයි…

දෙක හූනියන් කාරයන්ට බිය වී අනාගතයම කාළකන්නි කර ගන්නා මරි මෝඩ තීරණයකට යනවාද යන්නයි…

අප මහා කාළකන්නි රටකි…

සිංගප්පූරුව දියුණු වන්නේ මේ වැනිම වර්ජන හා හූනියන් කාරයෝ නිසා නැව් ටික සිංගප්පූරුව බලා යාමට පටන් ගත් හෙහිනි…

83 දෙමළුන් මරා යුද්ධයකට ගොස් රට කාබාසීනියා කරන ලදි…

2009 ලද යුධ ජයග්‍රහණයෙන් පිස්සු වැටුන පාලකයින් පිරිසක් හේතුවෙන් කළකිරීමට පත් ජනතාව පත් කරගත් කාළකන්නින් පිරිසක් ආර්ථික වර්ධන වේගය කා දමා එතෙක් ණය වී උන් මුදල දෙගුණයකින් වැඩි කර නන්න පෝල් කරන ලදි..

දැනට පවතින 66% ක ආදායමක් අහිමිව යාම සුළුපටු පාඩුවක් නොවේ..

ඒ ආදායමින් 49% වෙනකෙකුට ලබා දීමද අනුවන ක්‍රියාවකි….

මේ රටට දැන් ආයෝජකයෝ එන්නේ නැත…

එන එකාටත් අංචිය ඇද ආර්ථිකය කුඩු පට්ටම් කර දමනවාද… එසේ නැතිනම් ගිවිසුම ක්‍රියාත්මක කර රට සංවර්ධනය කරා ගෙන යනවාද යන තීරණය මත ආන්ඩුවේ ඉදිරි ගමන තීන්දු වනු ඇත…

ආයෝජකයෝ, විදෙස් නායකයෝ, බිස්නස් කාරයෝ මෙන්ම ජනතාවද කැමති හාල්පාරු නායකයන්ට නොවේ…

කොන්ද පණ ඇති බුලට් බඩුවලටය…

දැලි පිහියෙන් කිරි කන උන්ට මිස..

කුක්කු බොන චූටී බබාලාට නොවේ…


ඒ වගත් මෙසේය….



මැණික් කුළුණ.. කුළුණක් නොවේ


මම කාළයක් රත්නපුරේ ජීවත් උනා..

ඒ මිතුරකුගේ හෝටලයක..

(සප්තපාදිය)


ඒ වගේම කාළයක් සංචාරක මගපෙන්වන්නෙක් ලෙසත් වැඩකලා

(ඔව් නොකරපු රස්සාවක් නෑ)


ඒ කාළයේ රත්නපුරේ මැණික් පතල් පෙන්නන්න ගියේ දෙපාරයි…

ලංකාවේ සංචාරකයින්ට මැණික් පතල් පෙන්නන්නේ නුවර…

නුවර කොහෙද මැණික්…?

ඒවා ආටිෆිෂල් පතල්…

එහෙම නැත්නම් වීඩියෝ…

කොටින්ම මැණික් බිස්නස් එක තියෙන්නේ නුවර සහ කොළඹ…


ඒත් ජේ ආර් පප්පගෙ කාළේ…,

තායි බයර්ස්ලා රත්නපුරේ වැහි වැහලා උන්නා..

රත්නපුර ටවුමෙන් පස්සෙ බලංගොඩ පාරේ දිගටම උන්නේ එයාලා…

ඒත් මැඩගස්කර්වල මැණික් මතු වෙන්න පටන් ගත්ත ගමන් තායි බයර්ස්ලයි අපේ උනුයි ඔක්කොම එහේ ගියා…

ඉතිරි උන සෙට්ටෙක අඹ ගහ මුලට ආයේ සෙට් උනා…


දැන් පැල්මඩුල්ල, කහවත්ත හා අවට ටවුන්වලත් බයර්ස්ලා ඉන්නවා..

හොද ප්‍රදර්ශණාගාරයක් ඇත්තෙම නැති තරම්…

මැණික් කැපීම තියෙන්නේ බේරුවල…


ඔය නඟරය දියුණු නොවෙන්නේ එකාට එකා නැති නිසා… දේශපාලුවෝ උනත් එහෙමයි…

ඒ නිසා ලෝකෙම ප්‍රසිද්ධ රුවන්පුරේ අපායක්…


නව නඟරයක් හැදුවට සියල්ල තියෙන්නේ පරණ ටවුමේ…

පොඩ්ඩ වැස්සත් යට වෙනවා…

පාරවල් ගන්න දෙයක් නෑ…

ට්‍රැෆික් පැලෙන්න…


ඒත් ඉතින් දැන් රත්නපුරේට එක්ස්ප්‍රස් වේ එකක් එන්න යන්නේ…

මත්තලටත් කිට්ටුයි…

මේ එන්නේ රත්නපුරේ ලංකාවේ ජෙම් සිටි එක කරන්න හොඳම කාළේ…

එතකොට සුද්දන්ට ඔරිජිනල් පතලක්ම පෙන්නන්න පුලුවන්…

ඕන නම් පතල් ටුවර් එකක් දෙන්නත් පුලුවන්…

උන් ඒ වගේ ඇඩ්වෙන්චර් වලට කැමතියි…


ඒ අතින් මේ මැණික් ටවර් එක හොඳ ආයෝජනයක් වගේම..

රත්නපුරයට නව ජීවයක්…


ජෙම් ටවර් කියන්නේ ප්‍රේමෙගෙ ඔරලෝසු කණු වගේ කණුවක් නෙමේ…


මේකට ටවර් කියලා කිව්වාම ලංකාවේ මී හරක් හිතුවේ කුළුණක් කියලා..

ඒත් මහල් ගොඩනැගිලිවලටත් ටවර් කියනවා කියලා මේ මී හරක් දන්නේ නෑ..

දන්න උනුත් මනසිකව දරුණු විදියට වැටිලා ඉන්න නිසා මේ වගේ දේකින් හෝ ආතල් එකක් ගන්නවා…


සම හරක් කියන්නේ කෝවිඩ් නිසා රටේ සංවර්ධනය සම්පූර්ණයෙන්ම නවත්වලා දාන්න ඕන කියලා…


මෙතන හැදෙන්නේ මැණික් කර්මාන්තයට අවශ්‍ය සියළුම පහසුකම් හා සේවා අඩංගු පස් මහල් ගොඩනැගිල්ලක්…


මේ වගේ ජෙම් ටවර් ලෝකයේ රටවල් කීපයකම තියෙනවා….

ඔය පින්තූරේ තියෙන්නේ බැංකොක්වල තියෙන තට්ටු 40 ක ජෙම් ටවර් එක..

අපෙත් දෙවන පියවර ලෙස තට්ටු 20 ගනනක ටවර් එකක් ඉඳිවෙන්න නියමිතයි…


හැබයි බිස්නස් එකේ ඉන්න උන් ටික ආයෙත් පුරුදු තැන්වලම උන්නොත්…

සත පහක වැඩක් වෙන එකක් නෑ…

(උන් ඒ වගේ මහන්තත්ත සෙට් එකක්.. මැණික් නිසාම ඔළු ඉදිමුන. )

ඒ නිසා ට්‍රේඩ් එකේ ඔක්කොම මෙතනට ආකර්ෂණය කර ගැනීමත් මීට එකතු වෙන්න ඕන…


ඒවා ඉතින් ආන්ඩුවේ වගේම කිසිම එකමුතුකමක් නැති.. දේශපාලුවන්ගේ හා

රත්නපුර වෙළඳ ප්‍රජාවගෙත් වගකීමක්….




12 comments:

  1. මාතලන් දැක්කා නේද කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයින් එකතු කරගැනීම ගැන සැබෑ දේශප්‍රේමීයෙක් විදිහට තමන් සතුටු වන බව හිටපු ඇමති මංගල සමරවීර ප්කාශ කරල තියෙන්නෙ කියලා.

    ඒ වගේම කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීමට විදෙස් ආයෝජනයක් සම්බන්ධ කරගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන ඇති තීරණය අනුමත කරමින් ඒ ගැන තමන් බෙහෙවින් සතුටු වන බව හිටපු අමාත්‍යවරයා සඳහන් කරයි.

    ඒ සම්බන්දයෙන් වැඩිදුරටත් අදහස් පළ කළ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා,

    “කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයන් එකතු කර ගැනීමේ තීන්දුව ගැන මම සැබෑ දේශප්‍රේමියෙකු වශයෙන් ඉතාමත් සතුටු වෙනවා. ජනාධිපතිවරයා විසින් විදේශ ආයෝජකයින් හවුල් කර ගැනීම රට විකිණීමක්, රට පාවාදීමක් හැටියට තම පක්ෂය එදා පෙන්වා දුන් මතවාදය නිවැරදි නොවන බව පිළිඅරගෙන යහපාලන රජය විසින් ආරම්භ කරන ලද, එම ආර්ථික පිළිවෙත යළි ඉදිරියට ගෙන යන ලෙස සැබෑ දේශප්‍රේමීන් ලෙස ඉල්ලා සිටිනවා. නමුත් යහපාලන රජයේ සැලසුම වූණ පරිදිම මේ නැගෙනහිර ජැටිය 100% ක්ම වසර 99කට බදුදීම වඩාත් සුදුසු නිවැරදි දෙයයි. වසර 35 කට 49%ක් පමණක් දීම ප්‍රමාණවත් නොවන නමුත් ප්‍රතිපත්තියක් ලෙස මේ සඳහා රජයට සහය දීමට එජාපයේ, සමගි ජන බලවේගයේ සහ ජවිපේ අයගෙන් ඉල්ලා සිටීමට කැමතියි."

    ReplyDelete
    Replies
    1. ලිබරල් නම් ලිබරල්.... හිකනල් නෙමෙයි

      Delete
  2. සේරම සමයං
    වාගෙයි හොල්මන්
    අනේ මාතලන්
    ඉවසා හිඳිමින්
    බලමුකො සෙල්ලම්!

    ReplyDelete
    Replies
    1. ජීවිතයම සමයමක් තමයි

      Delete
  3. හම්බන්තොට දෙනකොට ඔය යුනියන් කාරයො කට පුක වහගෙන හිටියෙ චීනගෙ සල්ලි නිසා. දෑන් ඊ සී ටී චීනට දුන්න නම් කට පුක වහගෙන ඉන්නවා. වෙන කාට දුන්නත් පුක ඉරාගෙන කෑ ගහනවා.. ඕකයි සින්දුව.
    කොමියුනිස්ට් චීනෙ වරායවල් බදි අරන් දුවන්නෙ යුරෝ පෙ සමාගම් සින්ගප්පූරු වරාය සමාගම් ශිපින් ලයින්. අපි ආපස්සට යන්නෙ මේ අපත යුනියන් රෑල නිසා. තව ඉන්නවා චන්දෙන් පස්සෙ තන්තුරු නොදීම නිසා අපත උන සෙට් එක.. ජනාදිපති තුමනි කල් මෑරීමට කාලයක් නෑත..

    ReplyDelete
    Replies
    1. හූනියන් කාරයන් එක්ක හැමිනෙන්න ගියොත් හුප්පෙ තමා මේ ගමනත්....

      Delete
  4. මෙය ඉන්දියාව හා විසඳාගත යුතු ප්‍රශ්ණයකි…
    ඔව්නේ..
    ඥාණක්කට කිව්වානං ක්‍රමේ කියල දේවි.

    ReplyDelete
  5. I think yu ar korekt. but i dont no vat is this estan jatiya
    (meeta Wijebahu)

    ReplyDelete
  6. නැගෙනහිර ජැටිය ආයෝජනයට දෙන එක හොඳ බවත් රත්නපුරයේ වෙළඳ සංකීර්ණයක් (මා දකින්නේ ඒ විධිහටය) හැදීම හොඳ බවටත් මාතලන් සමග එකඟ වෙමි. මේ අවස්ථාවේ රැකියා සෑදීම ට එය වැදගත්ය. දේශපාලන කෝණයෙන් බලා වැඩක් නැත.

    ReplyDelete
    Replies
    1. ඒත් ජැටිය පිළිබඳ තීන්දුවක් ගන්න ආන්ඩුවට කොන්දක් නෑ...

      Delete
    2. ඒත් ජැටිය පිළිබඳ තීන්දුවක් ගන්න ආන්ඩුවට කොන්දක් නෑ...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න