.

.

Jan 19, 2021

ෂුක්‍රා, කුසල් පෙරේරා හා මාකටින්

 


ෂුක්‍රා මුණවීර් නැමැති දුප්පත් එහෙත් කටකාර රුවැති ලක් මවගේ දියණියක් ලක්ෂපති වැඩසටහනට පැමිණෙයි..

එක රැයකින් ඇය ලංකාවේ ජනප්‍රියම තරුව බවට පත් වේ…

මෙසේ තරු බවට පත් වූයේ හෝ වන්නේ මේ දියණිය පමණක්ම නොවේ…

පහේ ශිෂ්‍යත්වය සමත් වන දූ දරුවන්.. සාමාන්‍ය පෙල හා උසස් පෙල සමත් වන දරුවන්…

විශේෂ කුසලතා සහිත දරුවන්… අනන්තවත් මේ රටේ පහළ වී ඇත…

ඉදිරියටත් පහළ වනු ඇත…

ඔවුන්ගේ ඒ දක්ෂතාවයන් අගය කරනා අය මෙන්ම පහත් කොට සලකා ගැරහීමට ලක්කරන්නෝද ඒ අතර නැත්තේ නොවේ..

මේ දියණියගේ මුඛරි බව… අව්‍යාජ එකක් බව… තරඟයෙන් පසු පාලිත තෙවරප්පෙරුම ඉදිරියේ කරනා කතාවෙන් මනාව ඔප්පු වේ..

ඇය සමාජය දන්නා දියණියකි.. තෙවරප්පෙරුමගේ දේශපාලන ජීවිතය හා සමාජ ජීවිතය ගැන පවා ඇය දැණුම්වත්‍ය…

සමාජයට වෛර කරනා උන්ට මෙය ඇහේ කටු ඇනීමකි…

එවන් සමහරුන් ජාතිය ඉස්මතු කරමින් කතා කරති… ඇයගේ සිංහළ දැණීම පිළිබද කතා කරති…

මේ සමාජය නොදන්නා පිරිස් වෙති…

ලංකාවේ ඉස්ලාම් දරුවන් මෙන්ම දෙමළ දරුවෝද….,

සිංහළ දරුවන් මෙන්ම සිංහළ භාෂාවෙන් මෙන්ම ඉන්ගිරිස් භාෂාවෙන්ද අධ්‍යාපනයේ නිරත වෙති…

සමහර දරුවෝ තමන්ගේ නොවනා ආගම්ද විෂයයන් වශයෙන් හදාරති..

විභාගයටද ලියති…

එමෙන්ම මින් පෙර පරම්පරාවන් මෙන් නොව…

මේ දරුවෝ අධ්‍යාපනයේ වටිනා කම දනී…

ලෝකය ගැන දනී…

එහෙත් මේවා මැජික් වූ පසුගිය පරම්පරාවල උන්ට මේවා ඇලජික් වී ඇත..

ඔවුනට අනුව මේවා සෙට් ගේම් වේ…

ඇය මේ කරන්නේ සිරසෙන් ලබා දුන් තිර පිටපතකට අනුව කරන්නා වූ රංගනයකි…

තමා දන්නා කුප්ප දේශපාලනය හා මීඩීයා ඇජෙන්ඩාවලට අනුව පල්භෑලී විශ්ලේශන හා විග්‍රහ ලියන්නේ.. එවන් පැපොල් ඇට ලොන්තයෝය..

මොවුන් මේ පිටකරන්නේ තම නොදැනුවත් බාවයයි…

ඉරිසියාවයි… කුහකත්වයයි…

මුන්ට අනුව ඇය කළේ රංගනයක් නම්…

දුවේ….


මේ ළෝකයේ හොඳම නිළියද ඔබමයි….!!!


27 comments:

  1. නොලදිමි ඉඩක් වැඩ සටහන නරඹන්න
    නමුදු කියවීමි, බ්ලොග් එක මුළුමනින
    හොඳ දේ අගයමින් ඒවා පසසන්න
    ලෝබ නැතිකමත් මසුරන්මය ඔන්න

    ReplyDelete
  2. ඇගේ නම ඉස්ලාමයට විරුද්ධ නමක්.
    ඉස්ලාමයේ හැටියට නමක්
    අසභ්‍ය අරුතක් ගෙන එන්නක්,
    විහිළු අරුත් ගෙන එන්නක්,
    ඉස්ලාමීය විශ්වාසයන්ට විරුද්ධ අරුත් ඇති වචන ඇත්තක් නොවිය යුතුයි.

    ඒ අනුව
    ශුක්‍රා මුනවර් යන නම හාරම් නමක්,

    යුරේනි නොෂිකා වගේ නමක් ඊට වඩා සුදුසුයි. (හලාල්)
    මාලිනී ෆොන්සේකා වගේ ඊටත් වඩා හොඳයි (සුන්නත්)
    ෆාතිමා වගේ නමක් ඊටත් වඩා සුදුසුයි (සුන්නත්දූලි)

    ReplyDelete
  3. මාතලන් මූ 'ස්ලිම් ජාතික තරුණයකු ඊ'ස්ලාම් පල්ලියක් තුළ ගිනි තබාගෙන සියදිවි නසාගෙන තියෙනවා නේද?

    නමුත්එ සේ දිවිය නසා ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයෙක් බව තමයි ඒ කට්ටිය කියන්නෙ.

    ඒ ගොල්ල ගේ පල් ලියේ සවිකර තිබූ සී සී ටීවී කැමරා පද්ධතිවල එම ගිනි තබා ගැනීම පටිගත වී තිබෙන බව පැහැදිලියි.

    නමුත් මේකේ සිද්ධිය වෙලා තියෙන්නේ පුත්තලම තිල්ලනිය ප්‍රදේශයේ පල්ලියක නේ.

    ඒ වගේම මේ දවස්වල ලංකාවේ සිංහල බෞද්ධ ජාතිවාදී වර්ගවාදී ආණ්ඩුව අසාධාරණ ලෙස තම ආගමිකයන් ගේ කොරෝනා මරණ ආදාහන කිරීම සම්බන්ධයෙන් මු' ස්ලිම් ජාතිකයන් දැඩි විරෝධයක් පළ කරන්නේ තම ආගමානුකූල භූමදානය අනිවාර්ය බව කියමින්. එනිසා මේ සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවට විපක්ෂ කණ්ඩායම් කියන අදහස ගැන මොකද හිතන්නේ මාතා?

    ReplyDelete
  4. ඒ මොනවා උනත් මාතෝ මුස්ලිම් ආගමිකයන්ගේ මෘතදේහ පුච්චද්දී ඒවා පණ පිටින් පිච්චීමක් සේ දැනෙන බව ACMA පක්ෂ (All Ceylon Makkal ArasukKatchi - සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා සඳහන් කරල තියෙන බව දන්නවා ඇති නේද මචන්?

    ඒ අනුව මාතෝ ඉතාමත් පැහැදිලියිනේ ලංකාවේ අහිංසක මුස්ලිම් ජනතාවගේ හදවත් බිඳ දැමීමටත් ඔවුන්ගෙන් පලිගැනීමටත් එම මෘතදේහයන් ආදාහනය කිරීමට රාජ පක්ෂ සිංහල බෞද්ධ ජාතිවාදී ජඩ රජය කටයුතු කරන බවට ද ඔහු කරන චෝදනා නිවැරදියි කියල?.

    ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇති ආකාරයට පසුගිය අවුරුද්දේ මුල ඉඳන්ම ශ්‍රී ලංකා ආණ්ඩුව මුස්ලිම් මෘතදේහ සියල්ලම අනිවාර්යයෙන්ම භූමදානයට අවසර දිය යුතුව තිබූ බවද පැහැදිලි බව ඔහුගේ අදහසයි.

    ඔහු මෙම අදහස් පල පල කරන ලද්දේ පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ෂණ කරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කිරීමට පැමිණ පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි. මේ ගැන ලංකාවේ අමන සිංහල ජාතිවාදී රජයට එරෙහිව ක්‍රියාත්මක විය යුතුයි නේද ඔබතුමා වැනි ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරීන්?

    ReplyDelete
  5. අයිසේ මාතලන්

    මේ කොටස බලලා නුඹේ අවංක අදහස් අපට කියපන් බලන්න;

    https://youtu.be/3w1zjt1Q88Q

    ඇත්තටම මේ කෙල්ල කවදා හරි මේ පුංචි රටේම ප්‍රසිද්ධ කෙනෙක් වෙයි කියල හිතෙනවා බන් මොකෝ නැතෙයි?

    ReplyDelete
  6. 1999 මාර්තු වලට කලිං දෙමව්පියන් හැමිණුනJanuary 20, 2021 at 7:49 PM

    "2000 න් පස්සේ එකියක්"

    ReplyDelete
  7. මට නම් ෂුවර් නෑ බන් මාතලං.. දැන් බලපං කාලාම සූත්‍රය කටපාඩම් කරගෙන ආපු අෂ්රොප් උන්නැහේ අපට කොලේ වහලා නැගෙනහිර පළාතේ විතරක් නෙමෙයි රටපුරා වර්ගවාදී උග්‍ර ආගමික අන්තවාදී මූලධර්මවාදී කල්ලි බෝකරල රටම අන්තවාදී රජදහනක් කළා, එහෙම කරයි කියල කවුද හිතුවෙ. අන්තිමට අපි ඒ දවස්වල පලු යන්න බැනපු ගංගොඩවිල සෝම උන්නාන්සේ කියපු දේවල් ඇත්ත උනා.

    ඒ වගේම ගුත්තිල කාව්‍යයේ කවි අපිටත් වඩා හොඳට පැහැදිලි කරපු අලි සබ්‍රි මහත්තය මෙහෙම කරයි කියල කවුද හිතුවෙ?

    දැං ඉතිං අපි පාඩම් ඉගෙන ගෙන ඉවරයි. එයාලා ඉහල තැනකට එනකන් මේ වගේ සුන්දර කතා කියනවා කියලයි මට හිතෙන්නෙ.
    හැබැයි වහලෙට නැග්ගට පස්සෙ ඉනිමගට පයින් ගහනවා.

    මේ වගේ දක්ෂ බුද්ධිමත් දරුවන් වගේ අය අගය කරමු. දිරි ගන්වමු. වැඩි වැඩියෙන් අවස්ථාව දෙමු. ඒ උනාට මචන් ඒකෙන් ස්වයං මෝහනයට පත් නොවී අවධානයෙන් ඉන්න එක ඇඟට ගුණයි. අපි ආසයි අපි ඔක්කොම එක පවුලේ අය කියාගෙන සිහින ලෝකෙක පාවෙවී ඉන්න. හැබැයි අන්තිමට බුම් ...ගාල පුපුරනකල් හාංකවිසියක් වත් දන්නෑ....�� මොකද මම කියන දේවල් ගැන හිතන්නේ?

    ReplyDelete
  8. මෙම අහිංසක තරුණිය ශුක්රා මුනව්වර් ගැන බුකියේ කවිලියන බොහෝ අය නොදත් දේ නම් මැය ගාල්ල ප්‍රදේශයේ ඇති සිංහල විද්‍යලයකින් අධ්‍යපනය ලබන දරුවෙක් සහ මැයගේ වෙනස මැය ආගම් වාදී අන්තවාදීන්ට හසු නොවී සිටීමයි. නමුත් දැන් කපටි සිරස විසින් ඇයගේ අනාගතය විනාශ කල බව ඔබට නොවැටහේද? දැන් ඇය අන්තවාදීන් ගේ ඇස ගැටී හමාරය. අහිංසක ඇයට අල්ලා දෙවියන් වහන්සේ ගේ පිහිටෙන් නරුම අන්තවාදී ආගමික පිස්සන් ගෙන් ආරක්ෂා වීමට හැකි වේවා.

    ReplyDelete
  9. නමුත් මේ උගත් දැරිය වගේ දරුවන් හදන්නට මේ කාලකණ්නි දේශපාලනයේ ඉඩක් නැත. බලය රැකගන්නට, බලය ලබා ගන්නට ඔවුන් මිනිසුන් ඉබාගාතේ භේද බින්න කරන්නේය... ඔවුන්ගේ උවමනාවට අද මේ රටේ අධ්‍යාපනයද කොටස්වලට වෙන්කර හමාරය. සියල්ලන්ටම එකම මාධ්‍යක පාසලක් නිර්මාණය කරනව විනා එක් එක් අයගේ කැමැත්තට සරිලන පාසල්, අධ්‍යාපන රටා හා ඇදුම්වලට වෙන් කරන්නෝය.. ඔවුන්ගේ එම ශාපයට ශුක්රා මුනව්වර් පමණක් නොව. ඇය වැනි තවත් දහස් ගණන් මුනව්වර්ලා, මොහොමඩ්ලාව සහරාන් වැනි කාලකණ්නින් දක්වා මනස් ශුද්ධියට ලක් කොට බිහිකරපු පාලකයන් නිසා අපගේ ලක් මාතාව වළපල්ලට ඇද දමන්නට නොහැකිවේවා!!!. ජය ශ්‍රී...

    S.M. මුහම්මද් රිස්වි
    21.01.2021

    https://www.facebook.com/mohomed.rizvi.182

    ReplyDelete
  10. මාත දන්නවා ඇතිනේ පසුගිය දූෂිත යහපාලන රජය සමයේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයන් විසිදෙදෙනකුට නියමිත දඬුවම් ලබාදීම සඳහා පාර්ලිමේන්තුවට නිර්දේශ ලබාදීමට හැකි විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කිරීමට නිර්දේශ වී ඇති බව?

    මේ බව දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කර බැලූ ජනාධිපති කොමිෂන් සභාව මේ ළඟදි දන්වා සිටි අතර 2015 ජනවාරි මස 08 වැනි දින සිට 2019 නොවැම්බර් මස 16 වැනිදා දක්වා කාලසීමාවේ සිදුවූ දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට මෙම කොමිසම පත්කර තිබිණි. කොමිෂන් සභාවේ නිර්දේශ සහ තීරණ ඇතුළත් ඇමැති මණ්ඩල සංදේශයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇමැති මණ්ඩලයට පසුගිය 18 වැනිදා ඉදිරිපත් කරන ලදි.

    එම වාර්තාවේ නිර්දේශවලට අනුකූලව දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දිවුරුම කඩ කිරීම සහ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීමේ වරද පිළිබඳව කරුණු විමර්ශනය කර දඬුවම් පැමිණවීම සඳහා බලය ලත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් නොමැති බැවින් මෙම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කළ යුතු බව කියයි. වගඋත්තරකරුවන් 22 දෙදෙනාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා කොමිෂන් සභාව වෙත ඉදිරිපත්ව ඇති සාක්ෂි හා ලේඛන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සහ නීතිපතිවරයාට යොමු කිරීමටද නියමිතයි.

    එම ව්‍යවස්ථාවට පටහැනි නීති විරෝධී දූෂණ විරෝධී කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇති අතර ඒ වගේම හිටපු ඇමැතිවරුන් වන මංගල සමරවීර, චම්පික රණවක, රාවුෆ් හකීම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා, ආර්. සම්බන්ධන්, එම්.ඒ. සුමන්තිරන්, අනුර කුමාර දිසානායක යන අයද එම නීති විරෝධී කමිටුවේ සාමාජිකයෝ වෙති. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දැනට ලංකාවෙන් පැනගොස් ස්විට්සර්ලන්තයේ සැඟවී සිටින වරෙන්තුධාරී ජයම්පති වික්‍රමරත්න සමග මලික් සමරවික්‍රම, නීතිඥ ජේ.සී. වැලිඅමුණ, ආනන්ද විජයපාල, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, පී. ප්‍රේමශාන්ත, නිහාල් අමරසිරි, සුජාතා කුමාරි, අයි. වීරරත්න, තුසිත් මුදලිගේ, ලාල් නානායක්කාර, අනුෂ කුමාරස්වාමි, දිනේෂ් පෙරේරා, හිටපු අගමැති ලේකම් සමන් ඒකනායක එහි සෙසු සාමාජිකයෝ වෙති.

    මෙම නීති විරෝධී හොර දූෂණ මර්දන කමිටු කල්ලිය පිළිබඳ පැමිණිල්ලේ සාක්ෂිකරු වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ වන අතර වගඋත්තකරුවන් අතර සිටින රාජ්‍ය සේවකයන් දූෂණ විරෝධී කමිටුව සහ එහි ලේකම් කාර්යාලය යන නිල නොවන සංවිධානයේ සේවය කිරීමෙන් හෝ සේවයට යෙදවීමෙන් අල්ලස් පනතේ දූෂණය නමැති වරද කර ඇති බව කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වෙයි. ඔවුන් රජයේ මුදල් වැටුප් ලබමින් සාපරාධී සාවද්‍ය පරිහරණයක්ද සිදුකර තිබේ. අගමැති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂයෙන් රුපියල් මිලියන 3,371ක මුදලක් වියදම් සඳහා ලබාගෙන ඇත. පොදු දේපළ පනත යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ දඬුවම් ලැබිය යුතු සාපරාධී විශ්වාසය කඩ කිරීමේ වරද එමගින් කර ඇති බව කොමිෂන් සභාව නිර්දේශ කර ඇත. රාජ්‍ය නොවන සංවිධානයක් වන දූෂණ මර්දන කමිටුව නමැති දූෂිත හොර කල්ලියේ රැස්වීම් (කුමන්ත්‍රණ) පැවැත්වීම සඳහා රාජ්‍ය ආයතනයක් වන අරලියගහ මන්දිරය පාවිච්චි කිරීමෙන් පොදු දේපළ අවභාවිත කර ඇති බවද කොමිෂන් සභාව නිර්දේශ කර තිබේ.

    මෙම නිර්දේශ ඉදිරිපත් කරන කොමිෂන් සභාව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න ඇතුළු සාමාජිකයෝ තිදෙනෙක්ගෙන් යුක්ත වූහ. මේ ගැන ඔබට අදහසක් තියෙනවා ද?

    ReplyDelete
  11. මාත මචෝ ලංකාවේ වැරදි ප්‍රතිපත්ති නිසා සිංගප්පූරුව ආර්ථික සංවර්ධනය හරහා දකුණු ගිණිකොන දිග ආසියාවට රජවූ බවත් ඉදිරියේදී ඉන්දියානු සාගර කළාපයේ ඇතිවන දැඩි නාවික තරගයට මුහුණදීම සඳහා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය නැගී එන බලවත් විදෙස් ආයෝජකයෙකුට ලබාදිය යුතු බවත් නාවික ක්ෂේත්‍රයේ වසර 30 කට අධික කාලයක අත්දැකීම් ඇති එම ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වන රොහාන් මාසකෝරාළ මහතා සාකච්ඡාවකදී අවධාරණය කරපු එක මාතා දකින්න ඇති නේද?

    ඒ වගේම අතීතයේ සිටම දේශපාලකයින් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන ධනවාදී බිල්ලා ගැන කතා ගොතමින් ලංකාවේ ජනතාව රවටා ඡන්ද ගොඩ වැඩිකර ගැනීම ගැන හිතුවා මිසක රටේ ඉදිරිගමන ගැන නොසිතූ බවත් ඒ තුළින් වර්ග කිලෝමීටර් 600 ක් තරම් ඉතාමත් කුඩා සිංගප්පූරුව කියන දූපත් රට ලෝකයේ දැවැන්තම නාවික කේන්ද්‍රස්ථානයක් දක්වා සංවර්ධනය වූ බවත් හෙතෙම පෙන්වා දෙයි.

    Sri Lanka business tv YouTube නාලිකාව සමග පැවැත්වූ එම සම්පූර්ණ සාකච්ඡාව මෙන්න.

    https://youtu.be/3HWnIkIEm_o

    මේක ගැන හිතන්නේ මොකද්ද?

    ReplyDelete
    Replies
    1. මගේ අදහස ඊළඟ පෝස්ට් එකෙන්

      Delete
  12. මොනවා හිතන්නද රොහාන් මාසකෝරාළ කියන්නෙත් අර කලකට පෙර සිටි 'වියතුන්' (කෝ අම්මප උන් දැන්) වගේ.
    ලී ක්වාන් යූට හොඳ ඉගෙනීමත් තිබුන. රට හදන්න ජෙනුයින් ඕනෙකමක් තිබුන. උප ඇමති උනත් හොරානං හිරේ දැම්ම. එක රටක් එක නීතියක් ක්‍රියාත්මක උනා.

    අපේ "එක රටක්. එක නීතියක්. ඒක හීනයක්"

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න