.

.

Feb 19, 2021

ජය විමල් සතු විය…!!!

 

කාළයකට පෙර අහුන්ගල්ලේත් සත්තු වත්තක් තිබුනා කියා අද පරපුරේ බොහෝමයක් දන්නේ නැතිය. දන්නා උන්ට මතකේ ඇත්තේ නැතිය. වත්මන් දේශපාලන වාතවරණයට යමෙක් පාඩමක් ඉගෙන ගන්නේ නම්, අහුන්ගල්ලේ සත්තු වත්ත ඊට හොඳම උදාහරණයක්ය.

අහුන්ගල්ල සත්තු වත්ත තිබුනේ අද “හෙරිටන්ස් අහුන්ගල්ල” ලෙස හඳුන්වන තරු පහේ හෝටලය ඉදිරිපිට පෞද්ගලික නිවසකය. ඒ කාළයේ ඒ හෝටලයේ නම් “ට්‍රයිටන් අහුන්ගල්ල” නම් උනේය.

මේ සත්තු වත්ත පෞද්ගලික එකක් උනේය. ඕනර් කුරුල්ලන්ට ආදරේ කරන්නෙක් උනේය. පොරගේ කුරුළු එකතුව හෝටලයට එන සුද්දන්ගේ ජනප්‍රිය ස්ථානය උනේය. මුලින්ම නොමිළේ පෙන්නු බර්ඩ් කොලෙක්සොන් එක පස්සේ පෙන්නුවේ මුදලටය.

අහල පහළ හෝටල්වලටන එන සුද්දන් අතරේත් කුරුළු උයන ජනප්‍රිය උනේය. පොර කලේ වෙනත් සත්තුත් මේ “මිනි සූ” එකට එකතු කරන එකය. වැඩේ නැගලාම ගියේය. අපේ රටේ උන්ද වැල නොකැඩි එන්න පටන් ගත්තේය. අන්තිමේදි මේ යකා හැරෙන්නවත් බැරි හිච්චික්කිතර කූඩුවලට සිංහයෝ හා කොටිත් ගෙනත් දැම්මේය. අවසානයේ පාස්ල් චාරිකාවල නවාතැන් පොලක්ද උනේය.

පොර ඒකෙන් සැනසුනේත් නැතිය. කොටි හා සිංහයෝ එක්ක හුරතල් වෙන්නත් අවස්තාව ලබා දුන්නේය. පොර කිව්වේ සත්තු ඒ තරමටම තමන්ට හීලෑය කියලාය. හැබයි ඇත්ත කතාව උනේ ඕක නෙමේය. සත්තු වත්ත ජනතාවට විවෘත කිරීමට පෙර පොර සත්තුන්ට මත් වෙන බෙහෙත් දුන්නේය. සිංහයෝ හා කොටියෝ උන්නේ ගංජා ගහපු උන් වගේය. අයිතිකාරයා උන්නේ මාරම ත්‍රිල් එකේය.

“සිංහයා කැළැයෙන් එලියට ගෙන ආ හැකි මුත්. කෑළේ සිංහයාගෙන එලියට ගෙන ඒම බොරු” කියා චිර ප්‍රසිද්ධ ඉන්ගිරිස් කියමනක් ඇත්තේය. ඒ වගේම, “කැලේ වෙනස් උනත් කොටියාගේ පුල්ලි වෙනස් වෙන්නේ නෑ” කියාත් කියමනක් ඇත්තේය.

දිනක් සත්තු වත්තට ආ කුඩා දරුවන් පිරිසක් සත්තු වත්ත නරඹමින් යන අතරේ සිංහයා එක්කත් හුරතල් වෙන්න ගියේය. ඌ අත පත ගාන්න ගියේය. සිංහයාත් ගේම දෙන්නේ හොඳම අවස්ථාව හා දුර්වලම ගොඳුර හොයලාය. ඔක්කෝම බලාගෙන සිටිද්දී සිංහයා දරුවාගේ ඔළුවම කෑවේය. අවසානයේ ආ විරෝධත මධ්‍යයේ සත්තු වහලාම දාන්න උනේය.

කලින් උන්න කුරුල්ලෝ ටිකට අමතරව “සුරතල් සතුන්” ටිකක් එක්ක වැඩේ කරගෙන ගියානම් “අහුන්ගල්ලේ මිනි සූ” එක තාමත් තියෙනවාය. පොරට උනේ අහක යන නයි රෙද්දේ අස්සේ දාගත්තාට අමතරව සත පහකට විශ්වාසයක් නැති “නපුරු සත්තුත්” රෙද්ද අස්සේ දාගත්ත එකය.

මහින්ද මහතයාගේ සත්තු වත්ත

මහින්ද මහත්තයා දේශපාලනයට එන්නේ අප දන්නා තරමින් උන්නැහේගේ තාත්තාගේ මරණයෙන් පසුවය. ඒ බෙලිඅත්ත ආසන සංවිධායක ලෙසය. උන්නැහේ 1970 පාර්ලීමේන්තුවට එන්නේ වයස 24 ක විසේකාර තරුණ වියේ ලාබාලම මන්ත්‍රිවරයා ලෙසය. අහලා තියෙන විදියට උන්නැහේ පොඩි කාළයේ සර් ජෝන් කොතලාවල චොප්පේටත් පාට් දැමු පොරකි.

ඇත්තටම මහින්ද අයියා චන්ඩියෙකි. යකෙක්ටවත් බය උනේ නැතිය. හැමදාම උන්නේ මිනිස්සුත් එක්කය. ලොක්කා මිනිස්සුන්ට ආදරේ කලේය. මිනිස්සුත් ලොක්කාට ආදරේ කලේය. මීඩියා කාරයෝ ලොක්කාගේ ගජ මිතුරෝය. සිරිමාවෝ මැතිණිය මේ චන්ඩියාට ආදරය කලත්, චන්ද්‍රිකා මහින්දට බය උනේය. ඒ මහින්දට පාර්ලිමේන්තුවේ මෙන්ම විපක්ෂයෙත් බජාර් එකක් උන්නු නිසාය.

මහින්ද විපක්ශ නායක වෙන්නේ දාන්න පුලුවන් ඔක්කොම චන්ඩි පාට් දමලාය. නැත්නම් චන්ද්‍රිකාගේ ෆේවරිට් වෙලා තිබුනේ කදිරගාමර්ය. ජනාධිපතිවරණයට නොමිනේෂන් ලබා ගත්තේත් අයියා පාට් එකෙන්මය. ඇත්තටම එදා මහින්දත් එක්ක උන්න අයගෙන් අද ඉන්නේ ඉතා සුළු පිරිසකි. රේස් එකට දැම්මත්ඊ, ට පස්සේ බන්ඩාරනායකලා උපරිම ට්‍රයි එක දුන්නේ මහින්ද පරද්දන්නය. එහෙත් ලොක්කා ජනාධිපති උනේය.

චන්දිකාගේ සෙට් එක හෙමීට ලිස්ස ගියේ මහින්දට නා ගන්න කියලාය. එහෙත් මහින්ද මහත්තයා යුද්ධය දිනන්න යන බව දැනගත් විපක්ෂය බැලුවේ මහින්දට ගේම දෙන්නටය. ඒ මහින්ද එල්ලිලා උන්නේ නූලෙන් නිසාය. ඕන් ඔය වෙලේ මහින්ද මහත්තයාගේ දැත් ශක්තිමත් කරන්න විපක්ෂයේ උන් සෙට් එකක්ම මහින්ද මහත්තයාගේ සැළුන් දොරෙ රිංගා ගත්තේය.

ඒ අතර නාගෙන ඕඩිකොලොන් බෘංගා විමල් වීරවංශ උන්නැහේත් උන්නේය. සීගිරියවත් දැකලා තිබ්බේ නැති විමල්ට දිවිය ලෝකයත් පෙන්නුවේ මහින්ද උන්නැහේය. ඒ තියා ඇමරිකාවේ උන් ඝෝඨාට හා බැසිල්ටත් දිවිය ලෝකේ පෙන්නුවේත් මහින්ද මහත්තයාය.

මහින්ද මහත්තයා තනියෙන් කෑවේ බිව්වේ නැතිය. ඒ උන්නැහේගේ හැටිය. උන්නැහේ කවදත් හොඳට කන බොන දන් දෙන මිනිහාය. කන වෙලාවට ගියෝත් කොල්ලද බල්ලද නොබලා මේසේ ඉන්දගන්න පොරය. ඒ වෙලාවට ජානාධිපතිකම් උන්නැහේ ළඟ ඇත්තේ නැතිය. මේ ගුණය රාජපක්ෂලාගේ කාටවත් නැතිය. නාමල් පුතාට තියෙනවාද කියා අප දන්නේ නැතිය.

කෙසේ හෝ 2010 මහින්ද මහත්තයාට තිබ්බේ වන් හෝස් රේස් එකක්ය. එතකොට මහින්ද මහත්තයා යුද්ධය දිණූ වීරයාය. එහෙත් අප බැලිය යුත්තේ ඒ වීරයාට කෙලියේ මොකාද කියලාය. ආන්ඩුව ඇතුලේ තිබුන ප්‍රශ්ණ ඔක්කෝම එදාත් එලියට ගෙනාවේ විමල් වීරවංශය. ඒ ආර්ථික ඝාතක කතාවක් උස්සාගෙනය. අවසානයේ ඉල්ලිම් 12 ක් අඩංගු ලිපියක් ජනාධිපතිට දෙමින් පොර හොඳ මිනිහා උනේය. ඒ වන විට මහින්දගේ දකුණු අත වෙලා උන්න විමල්ගේ මේ ක්‍රියාවෙන් මහින්ද සැලුනේය. රාජපක්ෂලාත් බිඳුනේය. 2015 පරාජයට මූලික හේතුව මේ අසමගියයි..

දැනුත් විමල් කෙලිනම ගේම ඉල්ලන්නෙ ඒ ආර්ථික ඝාතකයා වන බැසිල්ට එරෙහිවය. එදා විමල් ආර්ථික ඝාතකයා ලෙස නම් කළේ පී බී ජයසුන්දර නොව බැසිල් බව කිව්වේ මාතලන් විතරය. අද එය මනාව ඔප්පු වෙමින් තිබේ.

ඊයේ ජනාධිපතිතුමා හමුවීමට ගියේ ඊට පෙර මාධ්‍යවේදීන් ඉදිරියේ බැසිල්ගෙන් කෙලින්ම ගේම ඉල්ලලාය. ජනාධිපතිතුමාගේ වැඩපිලිවල ඉදිරියට ගෙනයාමට නොහැකි ප්‍රධානම බාධකය බැසිල් බව ඔහු කෙලින්ම කීවේය. ඒවා විමල්ගේ ටැක් ටික්ස්ය. විමල් ඒවාට දක්ෂ, විමල් පට්ට ටැලන්ටඩ් මාධ්‍යවේදියෙක් නිසාය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පුටුවේ ඉඳගන්නේ මහින්ද රාජපක්ෂගේ ප්‍රතිභාවෙන් හා ආරක්ෂක ලේකම් හා නාගරික සංවර්ධන අමාත්‍යශයේ ලේකම් ලෙස ලබාගත් ප්‍රතිබාවෙන් මිස ඔය එක හාල්පාරුවෙකුගේවත් දක්ෂ පක්ෂ කමකින් නෙමේය. එහෙනම් ඕකුන්ට මහින්ද නැතිව චම්පික, විමල්, ගොම්මන්පිල, වාසූ හෝ දිනේෂ් ගේන්නට තිබුනාය. එහෙත් කෙලෙහිගුණය ඇති එකෙකුට අද ඉන්නේ දිනේෂ් ගුණවර්ධනයන් විතරය. එතුමාට ගෞරවයක් ලෙස එය සඳහන් කළ යුතුමය.

ඇත්ත කතාව ඒක උනත් ජයගත් ප්‍රොපගැන්ඩාව නම් ආන්ඩුව ගෙන ඒමේ ක්‍රෙඩිට් එක විමල් සන්තක කරගෙන අවසානය. එහෙත්, නුගේගොඩ රැළියේ ඇත්ත කතාව කියන්නට එකෙක් ඇත්තේ නැතිය. කිව්වත් වැඩක් ඇත්තේද නැතිය. ඒ රැලියේ පොටෝ බලපු ගමන් වීරයා විමල් බව ඕන ගොනෙක්ට තේරෙනවාය. විමල්ගෙන් ගේම ඉල්ලන උන් ඉන්නේ ඉස්ටේජ් එකෙන් බිමය. මැක්කෝ ඔක්කෝම ඉස්ටේජ් එකේය. ඊයේ ජනාධිපති තුමා හමුවීමෙන් පස්සේ එලියට ආවේ සුපිරි වීරයෙකි.

ඔහු දැන් ජෙප්පන්ගෙන් ගෙනා දායක සභාවට අමතරව පොහොට්ටු බයි දායක සභාවේ අති බහුතරයකගේද නායකයාය. හීරෝය, වන් ෂොට්ය, රම්බෝය, ආර්නෝල්ඩ් සුභසිංහය, සුපර් මෑන්ය. බැට් මෑන්ය බෙන් ටෙන්ය. දුටුගැමුණුය.

තාමත් රාජපක්ෂලාගේ සත්තු වත්තේ කූඩුවක ඉන්නා කොටියා නිර්වින්දනය කර ජනතාව ප්‍රදර්ශණයට පමණක් තබනවාද.., එසේ නැතිනම් ජනතාව එක්ක හුරතල් වෙන්නට දී.., පුක නැතිවෙන්නම කෑවායින් පස්සේ, සත්තු වත්ත වසා දමනවාද යන්න සත්තු වත්ත අයිති උන්ට බාරය. කෙසේ හෝ සත්තු වත්තේ අනාගතය තියෙන්නේ කොටියා මතය.

ඇත්තටම සත්තු වත්ත දැන් කොටියාගේය…

රාජපක්ෂලාට උනේ බන්ඩාරනායකලාට වූ දේමය..


ඒ වගත් මෙසේය..


11 comments:

  1. අම්මපා මෙහෙමත් අමන මීහරක් ලොලේ ලොල් ඕයි...

    ReplyDelete
  2. ස' ගෙ අමුඩෙ බේරගන්න කල අහිංසක උත්සාහයක්

    ReplyDelete
  3. කතාව ඇත්ත තමයි මාතලන්, හොඳින් විග්‍රහ කරල තියෙන්නෙ සිද්ධියගැන;


    https://m.facebook.com/story.php?story_fbid=5437165442968013&id=100000238325350

    ReplyDelete
  4. හොඳ විග්‍රහයක්, ඒත් මම හිතන්නෙ විමල් දැනටම කැපිලා ඉන්නෙ, මේ කරන්නෙ තමන්ගෙ තැන රැක ගැනීමේ සටනක්. විමල් කවදාවත් පොහොට්ටුව දාල යයි කියල හිතන්න අමාරුයි. ඒ වගේම විමල්ට පොහොට්ටුවෙ ඉහල තත්වයකට එන්න බැසිල් ඉඩ දෙන්නෙත් නෑ. විමල්ට වෙන්නෙත් වාසුට වෙච්ච දේ. ඉදිරි කාලයේ දෙන දෙයක් කාලා වලව්වෙ වළං හෝදනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. පහුගිය ආණ්ඩුවෙ කැබිනට් ඇමති කාලෙත් විමල්ගෙ සල්ලි කපපු නිසා තමයි පී.බී එක්ක ඇර ගත්තෙ, හැබැයි පී.බී කළේ බැසිල්ගෙ කීමට, ඉතින් බැසිල් එක්ක ඇර ගන්න බැරි නිසා, පී.බීට තඩි බෑව.

    ReplyDelete
  5. ඇත්තටම මාතලන්ලටත් වගකීමක් තියෙනවා මේ දේවල් වෙනස් කරලා ගෝඨ මුල් කාලේ කතා කරපු දේවල් යථාර්තයක් කරගන්න බලපෑමක් කරන්න, මෙතන උපරිම 5,000කට පේන තැනක පෝස්ට් එකක් දාන එක විතරක් ප්‍රමාණවත් කියලා මම හිතන්නේ නෑ මොකද මීළඟ ජනපතිවරණයට දින ගණන් කිරීම ඇරඹීමෙන් පෙනෙන්නේ 'ගෝඨාභය ආචරණය' ආ වේගයෙන්ම ගසාගෙන යමින් පවතින බවයි. එය කණගාටුවට කරුණක්.

    සැබැවින්ම ගෝඨභය ගැන මට දුකක් තියෙනවා ඒ මම පෞද්ගලිකව හොඳින් දැක ඇති පරිදි ලංකා රාජ්‍යයේ වංචාව දූෂණය නාස්තිය නැති කර අලුත් දැක්මක් සහිතව යෑමට ඔහුට අවංක උවමනාවක් තිබුණත් ඔහුගේ කාලාවකාශය දැන් ගෙවී යමින් පවතින අතර ඔහු වංකගිරියක හිරවෙන ගතියක් තියෙනව. මම දකින ආකාරයට, බලපෑමේ පිළිවෙලට

    1. තනිවූ ජන පති ගජමිතුරන් කිහිප දෙනාගේ සිරකරුවකු වීම

    2. නොගැලපෙන වයස පණහ පැනපු මහල්ලන් ඉහල තනතුරු වලට දමා ගැනීම

    3. ප්‍රාදේශීය දේශපාලුවන් සහ අවස්ථාවාදී ජඩයන්ගේ බස් වලට රැවටීම

    4. අන්ධ හමුදා භක්තිය - හමුදා නිලධාරීන් කෝකටත් තෛල කරගැනීම

    5. කොරෝනා ගැන අවශ්‍ය මට්ටම අභිබවා අනියත මට්ටමට බිය වීම.

    ඒ වගේම ඔහු යෝජනා කළ “වෙළඳපොළ මත පදනම් වූ සමාජවාදී ආර්ථික ක්‍රමය” කොහෙද කියා තවමත් පැහැදිලි නැහැ මේ අවුල් සහගත වසංගත භීම සමය එක්ක. දැන් මම හිතන්නේ නම් අලුත් ව්‍යවස්ථාවක් වැනි අමාරු වැඩක් ඔහුගේ ධූර කාලය තුළ නොකර සිටීම හොඳයි මොකද “පිස්සන් දැඟලුවට දොස්තර කලබල නැහැ” වුවත් ජනරජ්යයක් එසේ වෙනස් කරන්න පුළුවන් ද?

    ජනපති තමන්ගේ වැඩේ පමණක් කරගෙන ඉන්න එක ලංකාවට මේ අවස්ථාවේ ගැලපෙන නායකත්වය නොවේ. දැන් අපට අවශ්‍ය නායකත්වය යනු සතුරු, මිතුරු, පිස්සු සියලු දෙනා එක පොදු දිශාවකට මෙහෙයවීමයි. එනම් මිතුරු මරාවාදී පොහොට්ටු කල්ලියේ සට්ටැඹියන්, සතුරු එජාපයේ පිරිස් සහ පිස්සු කෝලම් වන සජබ + ජවිපෙ සහ විකල්ප කණ්ඩායම් වල බකපඬි පිස්සන් ඇතුළු සියලු කණ්ඩායම් වල අති බහුතරය සාමූහිකව එකතු කර ගෙන යන ශක්තිමත් ගමනක් - හරියට අපි පොඩි කාලේ 2006 - 09 පැවති යුද්ධය අවසන් වනතුරු පැවති සාමූහිකත්වය වගේ සීන් එකක්.

    ඒ අනුව ගෝඨාභය ආචරණය නැවත සක්‍රීය කිරීමට නම් ඔහු වහාම සම්පූර්ණ ප්‍රතිසංස්කරණයක් කළ යුතුයි ඒත් එවැන්නක් ගැන ලොකු බලාපොරොත්තුවක් තබා ගැන්ම අමාරුයි. මහින්දගෙන් පසුව ලංකාවේ දේශපාලනයේ මරියානා හිඩැසක් ඇති වීම වැළැක්විය නොහැකි වුවත් එම හිඩැස පිරවිය හැකි එකෙකුවත් තවම සක්‍රීය දේශපාලනයේ නැති බවත් අප පිළිගත යුතුයි.

    විමල් සහ චම්පික වැනි අය එම හිඩැස පිරවීමට අසාර්ථක උත්සාහයක් ගනු පෙනේ. නමුත් ඔවුන් දෙදෙනාම 20 වන සියවසේ අවශිෂ්ට අවක්ෂේප වන මාධ්‍ය හරහා පිම්බුණු හාල් කෑලි පමණී. ඔවුන්ගෙන් කාට හෝ අවස්ථාව ලැබුණත් එයින් කිසිම වෙනසක් තබා මේ තරම් වත් රට පාලනය කරන්න හැකියාව නැති බව ඉතාමත් පැහැදිලියි. මන්ද ඔවුන්ටත් සියලු ජනතාව එක දිශාවකට මෙහෙයවීමට තබා මේ තරම් වත් තීරණ ගැනීමේ හැකියාවක් හෝ නායකත්වය ලබා ගැනීමටවත් නොහැකි නිසාය. කොටින්ම මෙහෙයවීමට නවමු දිශාවක්වත් ඔවුන්ට නැත. රනිල්-සජිත්-බැසිල් වැනි අය ගැන කතා කිරීමත් කාලය කා දැමීමකි. ඔවුන්ට කළ හැක්කේ දැනට සිදු වෙමින් තිබෙන බිඳවැටීම තවත් ප්‍රවේගවත් කිරීම පමණී. අනුර මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගැනීමට තබා මේ අවස්ථාව මොකක්ද කියලාවත් තේරුම් ගත නොහැකි මන්ද බුද්ධික කොමිටලයකි. කොටින්ම ලංකා දේශපාලනයේ මේ දශකය ඉතාම අවිනිශ්චිත යුගයකි.

    මම හිතන්නේ හරිනම් විය යුත්තේ මේ පරම්පරා සංක්‍රාන්ති දශකය තුළ සහස්‍රයේ පරම්පරාව එකවරම හැම තැනින්ම ගිනිකඳු සේ නැගීමයි. අප වැනි 21 වන සියවසේදී පාසැල් වලන් පිට වූ අලුත් පරම්පරාව අසූව දශකයට කලින් උපන් වියපත් පරපුර අභිබවා රටේ පොදු නායකත්වය දරමින් රටම ඉදිරියට ගෙන යාමට උනන්දු විය යුතුයි.

    ඒ අනුව නැග එන ගිනි කඳුවලින් ගලා එන නැවුම් ලාවා වලින් පරණ පරම්පරාව සහ ඔවුන්ගේ අසාධාරණ අඥානකම් මුලින්ම පුච්චා අළු කොට යටකර දමා අලුත් දූපතක් නිර්මාණය වීමයි. එය කිසියම් ඒකපුද්ගල නායකත්වයක් මත නොරැඳෙන සාමූහික සමාජ ක්‍රියාකාරීත්වයක් විය යුතුය. එය තවම ඇරඹීවත් නැත. මට පෙනෙන හැටියට ඒ නැගීමට අත්‍යවශ්‍ය නව චින්තනය තවම ගොනු වී නැත. එය ඓන්ද්‍රීයව සිදු විය යුතුය. එය සිදු නොවන්නේ ඇයිද යන්න ගැන මට පුද්ගලිකව අදහසක් ඇති නිසා මට නම් බිය වීමට ඇත්තේ එම හේතුව මිස ඵලය නොවේ. ඔබ මේ අදහස් වලට විරුද්ධත්වයක් නොමැති බව සිතමි.

    ReplyDelete
  6. මාතෝ ගෝඨාභය ගැන මමත් පෞද්ගලිකව දන්නා දෙයින් මට අවංකව කිව හැකියි ඔහුට අවංක උවමනාවක් තිබුණු බව. මහින්ද කියන නායකයාගෙන් රටට විය යුතුව තිබුණු සේවය වුණා. තව ඔහුගෙන් දේවල් බලාපොරොත්තු වෙන එක වැරදියි. අපට ඕවා පවුල් ලෙස අරගෙන හෙට එළිවෙනතුරු වාද කරන්න පුළුවන්. නමුත් ඉන් කිසිවක් වෙනස් වෙන්නෙ නැහැ. නමුත් දැන් රටට අමුතුවෙන් විශේෂ අවුලක් වෙලා තියෙන්නේ මොකක්ද කොවිඩ් සහ ඒ හා සම්බන්ධ ගෝලීය ප්‍රශ්න ඇරුණහම? ගස් කපන එක ගැන නම් කියන්න එපා මොකෝ පහුගිය දශක ගණනාවක් පුරා යහපාලන කාලයේත් ඇතුළුව විශාල ප්‍රමාණයක් වනාන්තර හෙක්ටයාර ගණනාවක් විනාශ කරල තියෙන්නෙ. ඊට එරෙහිව අපි හැමෝම පක්ෂ භේදයෙන් තොරව අරගල කරමු.

    ඒ ඇරෙන්න මේ ආණ්ඩුව මගින් අලුතින් ඇති කරලා තියෙන අවුල මොකක්ද?

    ReplyDelete
  7. අපේ රටේ මිනිස්සුන්ගෙ හැටියක් ඕක, එක පැත්තකින් තමන්ගෙ කැමති දේශපාලකයන් අදහමින් ඔවුන්ට දේවත්වයෙන්ට සලකා වන්දනාමාන කරන අතර අනෙක් පැත්තෙන් අකමැති දේශපාලකයන් සහ කණ්ඩායම් වලට කිසිම පදනමක් නැතුව අසික්කිත විදිහට අපහාස නින්දා අවලාද මඩ ගැසීම් වලට ලක් කරති. ඒ නිසා තමුන් කැමති දේශපාලකයන්ගෙ වැරද්දක් දකින්නෙ නැහැ, තමන් කැමති ප්‍රසිද්ධ චරිතයක වැරද්දක් දකින්නෙ නැහැ , ඒවා සුද්ද කරනවා, වැරදි දේ වැරදි විදියට දකින්න ලංකාවෙ බහුතරයක් හිත හදාගන්න කැමති නැහැ , ඒ අනුව වහල් වන්දි බට්ටයන් හැම තැනම් නිර්මාණය වෙනවා ,, වැරද්ද පෙන්නුවාම වැරද්ද පෙන්නපු කෙනා දිහා බලනවා මිසක් වැරද්ද දකින්නෙ නැහැ ..ඒ නිසා වැරදි කරන පුද්ගලයන් වැරදි නිවැරැදි කර ගන්නෙත් නැහැ ,,

    ReplyDelete
  8. ඇත්ත පේන්නේ කොහොමද අපහට
    පාට කන්නාඩි දමං ඉන්නකොට
    තනි-තනි ඇජෙන්ඩ දාලා අහකට
    එකතුව හිතන්න ඕනෑ - ගැන රට

    ReplyDelete
  9. මාතා මේ ආණ්ඩුව ගිය අවුරුද්දේ ගොවීන් සමග එකඟතාවයකට ආවා පොහොර ඇතුළු සහනාධාර රැසක් දීල රජයට අනිවාර්යයෙන්ම වී කිලෝ දාහක් දිය යුතු බවට. ඊට පස්සේ වී අස්වැන්න අලෙවියට සහතික මිලක් දැම්මා රුපියල් පණහක. මේ රජය වී මිලදී ගැනීමට හවුල් වෙන්න කලින් වී මෝල් හිමියො වී කිලෝ එක ගත්තේ රුපියල් 25 - 30 ට. එහෙම කරලා පාරිභෝගිකයන්ට සහල් කිලෝව දුන්නේ 80 - 90 ට.

    රජය වී කිලෝවට රුපියක් 50ක සහතික මිලක් දීලා කිලෝව පනහට වී මිලට ගන්න ඇරඹුවා. ඒ සහල් කිලෝවටත් සහතික මිලක් දීලා.

    දැන් තරඟකාරීත්වය හින්දා පුද්ගලික මෝල හිමියෝ වී කිලෝව රුපියල් 60ට උඩින් ගන්නව. මේ දවස්වල පොළොන්නරුව පැත්තේ කුඹුරටම ඇවිත් රුපියල් තෙත වී පවා රුපියල් හැට දෙකයි හැට තුනයි ඔන්න වැඩේ.

    ඒ නිසා ගොවියො කියනවා රජයට දෙන්නෙ නැතුව පුද්ගලික මෝල් හිමියන්ට දෙනවා කියලා.

    ඕකෙන් වෙන්නේ අන්තිමට ගණන් හදලා පෙන්නලා සහල් කිලෝව ‍රුපියල් 120ට විකුණන්න මෝල් හිමියො කටයුතු කරන එක.

    ඕක තමයි රජයේ හොද ප්‍රතිපත්තියට අපේ ගොවි මහත්වරු උත්තර දීපු හැටි.

    මම නම් කියන්නේ තව අවුරුද්දකට ඔය සහතික මිලවල් අයින් කරලා ආයෙත් සහල් ආනයනය කරන්න අවසර දෙන්න ඕන.

    එහෙම වුනාම ආයේ වී කිලෝව 25ට වැටිලා සහල් කිලෝව රුපියල් 80ට බහිනවා.

    මෙහෙම මිනිස්සුන්ට එහෙම කරන්න ඕන. මේ එන සිංහල අලුත් අවුරුද්ද කාලේ ඒක තමයි ඉතින් කරන්න තියෙන්නේ. හාල් ටොන් ලක්ෂ දෙකක් විතර රුපියල් බිලියන දොළහක් පහළවක් දීල සතොස හරහා ගේන්න පුළුවන් නම් කට්ටියටම රෙද්දේ රෙවෙන්න හොඳ පාඩමක් උගන්නන්න පුලුවන් වෙයි නේද?

    ReplyDelete
  10. මාතා ඇත්තටම ආණ්ඩුව ඇතුලෙ මොකද වෙන්නෙ? මේක කාටවත් හරියටම නොතේරෙන කේස් එකක්.. ආණ්ඩුව ඇතුලෙ වෙමින් තියෙන අරගලය ගැන පිට ඉදන් බැලුවම අපිට තේරෙන දේ කෙටියෙන් කිව්වොත් මෙහෙමයි..

    මේ ආණ්ඩුවේ මුල ඉදලම පරස්පර ප්‍රතිපත්ති එකට ගැටි ගැටි යන ස්වභාවයක් තමයි පෙනෙන්න තිබුනෙ.. ඒකට හේතුව මේ ආණ්ඩුවේ දේශපාලන තීන්දු ගන්න ප්‍රධාන නායකත්වයේ ඉන්නෙ එක නායකයෙක් නෙවෙයි.. ජනාධිපතිධූරයත් එක්ක ජනවරමකින් රටට පේන නිල නායකත්වයේ ගෝඨාභය ඉන්නවා.. ඊට අමතරව අගමැති පුටුවෙ මහින්ද රාජපක්ෂ කියන ප්‍රබල චරිතය ඉන්නවා.. නමුත් අගමැති අතේ ජනාධිපති සතු නිල බලයවත්, තමන්ගෙ නම විකුණලා අටවපු පක්ශ යාන්ත්‍රණය හැසිරවීමේ බලයවත් නෑ.. මහින්ද කියන නම මාකට් කරලා අළුතෙන් ලකුණක් දාලා හදපු පොහොට්ටුව කියන ශ්‍රීලනිප මහින්ද පාර්ශවයේ පක්ෂ සැකිල්ල හැසිරවීමේ බලය තියෙන්නෙ බැසිල් රාජපක්ශ අතේ..

    තමන්ගෙ සහචරයො පක්ශ සැකිල්ලේ බලයලත් තනතුරුවල මුල සිටම ස්ථාපිත කරපු බැසිල් එහි හැසරවීමේ බලය තමන් වෙත එන ලෙසට තමයි ඒ සැකිල්ල ගහන්නෙ.. ඒ අතරෙ මේ පොහොට්ටුව ලකුණට ඡන්දෙ දීපු අතිබහුතර ජන බලය මේ බැසිල්ගෙ පොහොට්ටු සැකිල්ල ඇතුලෙ නැහැ.. මෙහෙම අවුලක තමයි මේ බලය එහාට මෙහාට කැඩිලා තියෙන්නෙ..

    ආණ්ඩුව සහ ඒ ආණ්ඩුව හදපු ජන බලය කියන සමස්තය ඇතුලෙ විවිධ ගැටුම් පරස්පරතා මතුවෙන්නෙ මේ තත්වයත් එක්ක..

    එකිනෙකට වෙනස් ප්‍රතිපත්ති ඇති මිනිස්සු ආණ්ඩුවේ කෑල්ල කෑල්ල මෙහෙයවන්න ගියාම ප්‍රතිපලය වෙන්නෙ එහාටත් නැති මෙහාටත් නැති එකක් තමයි..

    මේ බල බෙදීම හොඳින්ම රටට පෙනෙන්න ගත්ත අවස්ථාව තමයි වරායෙ නැගෙනහිර ජැටියෙ ප්‍රශ්ණය.. ඒ සටන වරාය සේවකයන් හරහා මුලින්ම එළියට එන මුල් කාලෙ වැඩි ඛර තිබුනෙ ජැටිය ඉන්දියාවට දෙන්න ප්ලෑන් කරපු පිරිසගෙ පැත්තට.. විදේශ බලවේග, ව්‍යාපාරික කල්ලි, දූශිත නිලධාරී වලල්ල එක්ක ඒ පාර්ශවය මෙහෙයවීම තිබුනෙ නෙළුම් මාවතේ අයිතිකාරයො අතේ.. ඊට විරුද්ධව හිටියෙ වරාය සේවකයො ඇතුළු කුඩා කණ්ඩායමක්.. මේ මුලින් තිබුනු තනි ආධිපත්‍ය බලය කොපමණද කියනවා නම් හම්බන්තොට චීන ගිවිසුම පවා වෙනස් කරන්න ඕනැ කියන අදහසෙ හිටපු ජනාධිපති ගෝඨාභයව පවා ජැටිය ඉන්දියාවට දීමේ දිශාවට තල්ලු කරන්න පවා මේ ප්‍රතිගාමීත්වය සමත් වෙනවා..

    මහින්ද කියන දේශපාලන චරිතය කේන්ද්‍ර කර ගෙන ගොඩ නැගුණ ජනතා කඳවුරට වටෙන් පොහොට්ටුව කියලා සැකිල්ලක් උඩ සිට යටට ගැහුවට, ඒ සැකිල්ලෙ බලය තමන් අතේ තිබුනට එම කඳවුරේ මහා ජනබලය හැසිර වීමේ හැකියාවක් බැසිල්ට කවදාවත් තිබුනෙ නෑ.. කොටින්ම ඒ ජන කඳවුර සහ පොහොට්ටු යාන්ත්‍රණය කියන්නෙ දෙකක්.. ඒ ජන මතය ප්‍රකාශ වීමේ ලකුණ පොහොට්ටුව උනු නිසා මේ දෙක දෙකක් බව පිටට පෙනුනෙ නෑ.. ඒක පිටට නොපෙන්වා ඉන්නත්, රටේ බලය ඇත්තේ තමන් අත බව නිතර හඟවන්නත් පොහොට්ටු යාන්ත්‍රණයේ ඉන්න බැසිල්ගෙ ගෝල පිරිස වග බලා ගත්තා..

    නමුත් බැසිල් කල්ලිය තබා කිසිවෙකු බලාපොරොත්තු නොවුන විදිහට විධිමත් දේශපාලන නායකත්වයක් පවා නැතිව අර ජන බලය නැගෙනහිර ජැටිය රැක ගැනීම වෙනුවෙන් ස්වේච්ඡාවෙන් නැගිට්ටෙ ජැටිය ඉන්දියාවට පැවරීමේ ක්‍රියාවලියේ වැඩි බර අතේ තියාගෙන හිටපු පොහොට්ටු යාන්ත්‍රණය එතෙක් මැතිවරණ ප්‍රතිපල වලින් සැරසිලා හිටපු රෙදිද ගලවා බැසිල්ගේ අණට නටන පොහොට්ටු යාන්ත්‍රණය කොතරම් දුබල කොතරම් කුඩා එකක්දැයි මහ දවාලේ රටට හෙලි කරලා..

    නැගෙනහිර ජැටියෙන් නිරාවරනය උනු මේ කඳවුරේ දේශපාලන යතාර්තය තමයි දැන් මේ ආණ්ඩුව ඇතුලෙ ඇති වෙලා තියෙන බරපතල මත ගැටුමට ජීවය දුන්නෙ..

    මේ මත ගැටුම නිසාම පොහොට්ටුවට ඡන්දය දුන් පොදු මහජනතාවගේ අපේක්ෂාවට ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්ති නැත්නම් එජාපයට සමාන ප්‍රතිපත්ති හැමදාම කර තබා ගෙන ගිය බැසිල් පාර්ශවයට මේ පොළොවේ ඇත්ත නියෝජනය තව තවත් හොඳට මතුපිටටම පෙනෙන්න අරන් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. මහින්ද කියන නම විකුණලා හැදුවයි කියන මහා දැවැන්ත යැයි කියන පක්ෂ සැකිල්ල යනු කඳවුරේ පොදු මහජන අපේක්ෂා ඉටු කිරීමට නොව ඊණියා නිර්මාතෘගේ අනාගත දේශපාලන අවශ්‍යතා ඉලක්ක කර අටවා ගත් සැකිල්ලක් බව පැහැදිලිව රට හමුවේ නිරාවරණය වෙලා තියෙනවා..

      අපි හැමදාම නගපු මේ තීරණාත්මක ප්‍රතිපත්ති ප්‍රශ්ණය දැන් ජැටියෙන් හමපු සුළඟෙන් කරලියට ඇවිත් ඉවරයි.. හැමෝම වහ ගෙන හිටපු සලපිලි ගැලවිලා ඉවරයි.. දැන් මේ ප්‍රශ්ණයට තවදුරටත් පැලැස්තර ප්‍රමාණවත් නෑ..

      එක්කෝ බැසිල් පාර්ශවය ඇත්ත පිලිඅරන් තව දුරටත් ආණ්ඩුව විනාශ නොකර ජනතාවත් ජනාධිපති තනතුරත් අතර තියෙන හිඩැස පුරවන්න තියෙන පක්ෂ යාන්ත්‍රණයේ ඇත්ත බලය ජනාධිපතිට සහ අගමැතිට දෙන්න ඕනෑ..

      එහෙම නොදෙනවා නම් තවදුරටත් මේ ඇවිලෙන ගින්න ජන මතයට අනුකූල නැති, කඳවුරේ ඊණියා මහ පක්ෂය යැයි කියන බැසිල්ගෙ පුද්ගලික සමාගම ඇවිලී කෙඩෑරි වී යන තෙක් යන්න දෙන අතරෙ ඒ යාන්ත්‍රණය තුල සහ පිට සිටින බැසිල් සමාගමට විරුද්ධ මේ ආණ්ඩුවේ සියළු බලවේග එකතු වී දේශපාලන බලය ජනාධිපතිට සහ අගමැතිට ලැබෙන ආකාරයේ බලවත් දේශපාලන යාන්ත්‍රණයක් ගොඩ නගන්න ඕනෑ..

      ඒ හරහා මැතිවරණයේදී ජනතාව ඉදිරියේ සපත වූ සියළු සහතික ඉටු කරන දෙබිඩි ප්‍රතිපත්ති නැති තනි ස්ථාවර ප්‍රතිපත්තියකට ආණ්ඩුව ගේන්න ඕනෑ..

      මේ දෙකෙන් එකක් නොකර පැලැස්තර දැමීමෙන් වෙන්නෙ ආණ්ඩුව මෙතෙක් ආ දෙබිඩි ප්‍රතිපත්තියේ දිගටම ගොස් ආණ්ඩුවත් මේ දේශපාලන කඳවුරත් විනාශ වී නැවත අර පරාජය කල ප්‍රතිගාමී පරගැති බලවේගවල ඔඩොක්කුවට රටේ බලය නිකම්ම වැටීම පමණයි..

      එහෙම කරලා අපිට බනින්න එන්න එපා.. අපේ ඩියුටිය අපි ඡන්දෙදි උපරිමයට කරලා ඉවරයි.. දැන් තියෙන්නෙ අපිව නියෝජනය කරනවයි කියන අයගෙ තීරණාත්මක ඩියුටිය මාතලන්

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න