.

.

Feb 20, 2021

අවුරුද්දට ලාබෙට බත් වෙනුවට පාන් පුඩින් කාපල්ලා

බන්ධුල ගුණවර්ධන හා මහින්දානන්ද අළුත්ගමගේ කියන්නේ ඇමතිකම් ගත්තාට මෙලෝ දෙයක් නොකරපු කයිවාරූ කාරයෝ දෙන්නෙක්ය. දෙන්නාටම මේ වතාවේ දුන්නේ ඇදගෙන නානා ඇමතික්ම් දෙකක්ය. බන්ධුල නම් කොහොමත් විහිළු කාරයෙක් වී අවසානය. දැන් අපිට තවත් ජෝකර් කෙනෙක් ලැබී ඇත. ඒ මහින්දානන්ද අළුත්ගමගේ මහත්තයාය

මහින්දානන්ද නියම පරිප්පුවක් කන බව මාතලන් කිව්වේ ඔය පත්වීම ලැබුන දා ඉදලාය. ලංකාවේ තියෙන්නේ හාල් මාෆියාවක් බවත් මහින්දානන්දට තබා ගෝඨාභයටවත් ඒ මාෆියාවට එහා යාමට නොහැකි බවත්, එසේ ගියහොත් එය මහා විප්ලවයක් බවත් මාතලන් ලියූවේය. 

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යනු පට්ට සුදු අලියෙකි. උන්ට භවභෝග ගැන හෝ අස්වැන්න ගැන හෝ පසු අස්වැන්න ගැන හෝ වගා සීසන් ගැන හෝ අතිරෙක භෝග ගැන හෝ යටි වගාවන් ගැන හෝ මිශ්‍ර භෝග ගැන හෝ පශු සම්පත් ගැන හෝ මෙලෝ දෙයක් ගැන  කිසිඳු අවබෝධයක් නැති..., නවීන වගාක්‍රම පිලිබඳ පර්යේෂණ පිළිබඳ කිසිඳු දැනීමක් නැති.., කිසිඳු දත්තයන් නැති..., අමු කාළකන්නි නිළධාරීන් පිරිසක් හා සේවකයින් පිරිසක් ඉන්නා කාළකන්නිම ආයතනය බව මනාව ඔප්පු වෙන්නේ.., පෞද්ගලික කෘෂි ආයතන සියල්ල අධික ලාබ ලබන ඔවුන්ගේ ගොවීන් සුපිරි ජීවිත ගතකරන පිරිසක් බවට පත්කර අවසන් වීමෙන්මය. 

ඕකුන් සමඟ කරන්න පුළුවන් මෙලෝ දෙයක් නොමැති බව මාතලන් කීප වරක්ම ලියලා තියෙනවාය. කිව්වා වාගෙම උන් ටික එකතු වී මේ වතාවේත් මහින්දානන්ද නාවමින් සිටින්නේය. එයත් ඇදගෙනම  නාමින් සිටී. 

හාල් මාෆියාවට රැකවරණය ඇත්තේ දේශපාලනය තුලමය. මාෆියාවේ නායකයින් දෙදෙනාම වත්මන් ආන්ඩුවට සම්බන්ධය. ඒ ඩඩ්ලි සිරිසේන හා සිරිපාල ගම්ලත්ය. සිරිපාල ගම්ලත් වත්මන් ආන්ඩුවේ ඇමතිවරයෙකි. ඩඩ්ලි සිරිසේන මෛත්‍රීපාල සිරිසේන උන්නැහේගේ එක කුස උපන් සහෝදරයාය. ඒ මාෆියාවේ නායකයාය. 

වී අලෙවි මණ්ඩලය, දිස්ත්‍රික් ලේකම්වරුන්. කෘෂි උපදේශකවරුන්, අධ්‍යක්ෂකවරුන් සියල්ලම ඉන්නේ උන්නැහේගේ සාක්කුවේය. මහින්දානන්දත් ඉන්නේ එයාගේ සාක්කුවේද කියා කියන්න අපි දන්නේ නැතිය. කෙසේ හෝ ඝෝඨාභය මහත්තයා විසින් කෘෂිකර්ම අමාත්‍යශයේ ලේකම් ලෙස පත් කරන ලද විශ්‍රාමික හමුදා නිළධාරි මහතා නම් ඉල්ලා අස්වෙලා තිබෙනවාය. උන්නැහේට තනතුරට වඩා උන්නැහේගේ ආත්ම ගෞරවය ඊට වඩා වටිනවා විය හැකිය.   

ජනාධිපතිතුමාට සහල් මිළ අඩු කිරීමේ අවංක චේතනාවක් තිබුන බව අප පැහැදිලිවම දුටුවේය. මැනිං වෙළඳ පොලේ අහිංසක වෙළෙන්දෙක්ගේ කන පලන්න ගිය මේජර් උන්නැහේ ඩඩ්ලි වෙත යැව්වේ ඒ නිසාය. එහෙත් මැනිං මාර්කට් එකේ මේජර් කෝඩ් ප්ලේ කල මේජර් උන්නැහේ, ඩඩ්ලි ගාවදි ප්ලේ කලේ මයිනර් කෝඩ් එකෙන්ය. "අනේ පුළුවන් නම් මක්කා හරි කරන්නෙයි...." කියා නැට්ට පුකේ ගසාගෙන උන්නැහේ කොළොන් තොටට ගොඩ බැස්සේය. දැන්නම් උන්නද මළාද කියා හොයා ගන්නත් නැතිය. 

ඝෝඨා එක්ක සෙල්ලම් බැරි බව දුටු මාෆියාව අල්ලා ගත්තේ.., හිත හොඳ මහින්ද මහත්තයා හා බිස්නස් කාරයන්ට ආදරේ කරනා බැසිල් රාජපක්ෂ උන්නැහේය. අන්තිමේ පාලන මිල බල්ලාට ගියේය. හාල් මිළ අභ්‍යාවකාෂයට ගියේය. පාරිභෝගිකයාට තරු පෙනුනේය.

එයාලාට 69 ලක්ෂයට වඩා එයාලා බලයට එන්න මුදල් විසිකල මාෆියා කාරයෝ ලොකුවිය. දහසක් පොරොන්දු දී චන්දය වෙනුවෙන් කඩේ යැවූ කුඩා හාල් මෝල් හිමියෝද අමතක කරන ලදි. සහල් මාෆියාවට හා පොලොන්නරු උකුස්සාට එරෙහිව පෝට්ටුවේ රොෂාන් රණසිංහට ශක්තියක් උනේ මේ පිරිසය. අද රොෂාන් රණසිංහ මාළු බාන්නේ උකුස්සෝ එක්කය. කන්නෙ බොන්නේ ඩඩ්ලි එක්කය. කුඩා සහල් මෝල් හිමියන්ට මෝල් කලන්තේය. උන්ට කන්න වෙන්නේ දෙයියන්ගේ හාල්ය.  

ගිය කන්නයේ වී අස්වැන්න එන කොටම මහින්දානන්ද හා බන්ධුල පොර ටෝක් දුන්නේය. ඒ සැරේ බන්ධුල පොලොන්නරුවේ ගොස් අයියා  පාට්දමා ආවේය. වැඩි මිළට හාල් විකුණන උන්ට බඩු බනිස් යැයි කිව්වේය. බන්ධුලට නැට්ට පුකේ ගහගනින් කියා ඩඩ්ලි කරේ තවත් හාල් මිළ වැඩි කරනා එකය. හාල් මිළ වැඩි නම් විකුණන එකා අල්ලා හිරේ දාලා හරියන්නේ නැතිය. හිරේ දාන්න ඕනා මිළ වැඩියෙන් තොග නිකුත් කරනා එකාය. හැබයි ඔක්කොම අයියලා ඉන්නේ පොරගේ හිර කූඩුවේය. 

මේ සැරේ අස්වන්න එන කොටම මාෆියාව හා එක්වූ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උන් එක ගුලියක් නොව ගුලි දෙකක්ම මහින්දානන්දට දුන්නේය. පැලවෙනි එක මිළ වැඩි කරනා එකය. දෙවනි එක ආන්ඩුවට කිලෝ 1000 විකුණන්නේ නැත්නම් තොපිට පෝර දෙන්නේ නැතෙයිය කියලාය. දැන් සිරිසේනලා සිරිපාල ගම්ලත්ලා ගිනා වෙන්නේ පුකෙන්ය. ගොයියෝ කිව්වේ තොගේ පෝර මල්ල රෝල් කරලා තොගේ පුකේ ගහහනින් කියලාය. කඩේට පෝර දාපන් අපි සල්ලි දීලා කඩෙන් ගන්නම් කියලාය. ඒකෙන් පෝර සහන මිළට දෙන එක හෝ නොමිළේ දෙන එකටත් ලබුනේ මරු පහරකි. 

ආන්ඩුවට කිලෝ දාහක් ආන්ඩුවේ මිළට දෙන්න පුකේ අමාරුවක් ගොයියාට ඇත්තේ නැතිය. කෝල් එකක් දුන්න ගමන් මාෆියාව කමතටම ගෝනිත් අරගෙන ඇවිත් කිලෝ එකට ආන්ඩුවෙන් ගෙවන ගානට වඩා රුපියල් 5 - 10 ක් වැඩිපුර සල්ලිවලින් අතටම දී අරගෙන යනවාය. වාහන කුලියට ගෙන වී අලෙවි මණ්ඩලේ උන්ගේ ගෝ ප්‍රාදේශීය ලේකමාගේ පාට් බලන්න යන්න ඕනා නැතිය. 

මේ සැරේ හැම එකාම වවලා තියෙන්නේ නාඩුය. ඒකත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ උන්ගේ මරිමෝඩ තීන්දු නිසා අත්වූ ඉරණමකි. ඕනෑම වර්ගයේ වී කිලෝ එකක් මිළදී ගන්නේ එකම මිළකටය. නාඩු වැව්වත් සම්මා වැව්වත් කීරී සම්බා වැව්වත් ලැබෙනා මිළ එකමය. එහෙත් ඕවායෙන් අස්වැන්න වැඩියෙන් ලැබෙන්නේ නාඩු වලින්ය. ඉතින් නාඩු වවනා එක ගොයියන්ට ලාබය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉන්නා උන්ගේ මොළ අප ආරක්ෂා කළ යුත්තේ මේ නිසාය. 

දැන් මාෆියාව නාඩු මිළදී ගන්නා වැඩේ පටන් ගෙන අවසානය. කොහොමත් මේ සැරේ වෙළඳ පොලට නාඩු එන්නේ කොට කිළෝව රුපිට්යල් 125 - 130 ක් වූවත් අප කලබල වෙන්න ඕනා නැතිය. බන්ධුල වැඩි මිළට හාල් විකුණන උන් ඇල්ලුවොත් උන් හාල් විකුණන එක නවත්තලා දානවාය. දැනටත් වෙළඳපොලේ සම්බා ඇත්තේ නැතිය. ඇනික් හාල් වර්ග වලත් හිඟයක් තියෙනවාය. 

ඒ හන්දා අළුත් අවුරුද්දට මහින්දානන්දගේ අඩු ඉළට හාල් වලින් කිරිබත් කන්න උන්ට අපට කියන්නට වෙන්නේ පොල් කිරි හොද්දක් හදාගෙන පාන් කාපන් කියලාය. 

කොහොමත් අපි එදා ඉඳන් කියන්නේ වී වගාව ලංකාවට ගැලපෙන්නේම නැති වගාවක් කියලාය. ජනතාවගේ ප්‍රධානම ආහාරය නිසා ඩඩ්ලිලාත් සත පහකට බයක් ඇත්තේත් නැතිය. උන් ආන්ඩුව පිටරටින් හාල් ගෙනෙනා එකත් නවත්තලාය. පිටරටින් හෝ ගෙනත් අඩුවට දෙන්නට ආන්ඩුවේ ප්‍රතිපත්තිය අනුවත් බැරිය. වී වගාව නතර කරන්නත් ආන්ඩුව බයය. 

ඔය වගාවට විනාශ කරනා මහා ජළ කඳ අති විශාලය. ජළය අඩුවෙන් හෝ නොමැතිව වගා කළ හැකි වී වර්ගයක් හොයාගන්න අවුරුදු 73 ක් ගිහිල්ලත් බතලේගොඩ වී පර්යේෂණාගාරයේ ඉන්නා හරකුන්ට බැරිය. ඒ නිසා කුඹුරුවල තනකොළ වවා කිරි වලින් රට ස්වයංපෝශිත කිරීමේ වැඩ කටයුත්ත කලොත් මහින්දානන්දගේ ඒ සිහිණය හෝ සැබෑ වනවා ඇතිය. 

එමෙන්ම අතිරික්ත තණකොල අස්වැන්නක් ලැබොනොත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉන්නා උන්ටත් දෙන්නට පුළුවන්ය. එහෙම නැත්නම් මෙඩිකල් කැනබීස් වගා කොට පිරට පටවා ගොවියාත් රටත් ආන්ඩුවත් ඔක්කෝම ගොඩ ගන්නට පුලුවන්ය. එහෙත් එවන් තීරණ වලට යන්න ආන්ඩුව බයය. 

අභ්‍යන්තර කැරළිත් එක්ක ආන්ඩුව ඉන්නේ ජනතාවගේ අප්‍රසාදයට පත් වෙලාය. ආන්ඩුව විමල්ටත් බයය. ඩඩ්ලිටත් බයය. හැබයි ඔය ඔක්කෝටම වඩා බලවත් මහජනතාවට නම් රාජපක්ෂලා බය නැතිය. එයාලාගේ රිටර්න් එක ඔය ඩඩ්ලිලාගේ පාරවල් වලට වඩා සැරය. 

අපිට ආන්ඩුව ගැන මාරම දුකය...
විශාල බලාපොරොත්තු තබා ගෙනා.. ඝෝඨාභය ගැනත් දුකය..
චන්ඩි කියා හිතාගෙන උන් රාජපක්ෂලා ගැනත් මාරම දුකය..
කයිවාරූ කාරයෝ වන බන්ධුලලා මහින්දානන්දලා ගැනත් දුකය


ඒ වගත් මෙසේය...



30 comments:

  1. කාරුණි වූ අල්ලා දෙවි කාන්තාවන් ආර්ථික බරින් නිදහස්කලබව ඔබ අසා ඇති.
    ඒ වගේම සිංහල බෞද්ධයන්වන අපි සිංහල දේශපාලකයන් ආර්ථික බරින් නිදහස්කල යුතුයි.
    අප ඔවුන්ගෙන් බලකර ඉල්ලිය යුත්තේ සිංහල ජාතියේ අභිලාශයන් ලබාදෙන ලෙසයි.
    එතකොට ඔවුන් ඇඟබේරා ගන්න ආර්ථිකය දියුණු කරන්න මොනවා හරි කරයි.

    අපි සිංහල දේශපාලකයන්ගෙන් ආර්ථික දියණුව ඉල්ලුවොත්. උන් ආර්ථිකය දියුණු කරනවා කියමින් මාටියා ගසමින්. සිංහල ජාතියට හිමිවිය යුතු දේ අහිමිකරයි.

    ReplyDelete
  2. අයිසෙ මාතලන්.ගොඩක් කාලෙකින් පරන මාතලන් දැක්කා.ඇත්තටම සම්මාන කෑල්ලක් දෙන්න වටිනවා ඕයි.මම කියන්න ආවෙ වෙන එකක්.අයිසෙ මොකද හිතන්නෙ ෆෙම්ඩම් ගැන.මිස්ට්‍රිස් ස්ලේව් සංකල්පය ගැන.ලංකාවේ ඉහල පැලන්තියට සීමා වෙලා තිබ්බ මේකදැන් සාමාන්‍ය මිනිස්සු අතරට ඇවිල්ලා කියල හිතුනා බුකියේ සැරි සරද්දි.ඒත් ඒක ගිහින් තියන විඳියෙ වරදක් තියනවා.ගොන් පොට් වල බඩු මිස්ට්‍රිස් ලා වෙලා අහින්සකයන් ගෙන් ගලවනවා.පුලුවන් නම් මේක ගැන ලියලා දානවා අයිසෙ...තමුසෙ තමයි මිනිහා මේකට ගැලපෙනම...

    ReplyDelete
    Replies
    1. හරක් කවදත් ජීවත් වෙනවා අයිසෙ...

      අපි මක්කා කොරන්නද...?

      Delete
  3. මාතලන්,ඔබ කිසියම් හෝ කරුණකින් මානසිකව පීඩා විඳින්නෙක්ද?

    ReplyDelete
    Replies
    1. ඔව්...


      නැව් පොන්නයෝ මේකේ කොමෙන්ට් කරන එකෙන්...

      Delete
    2. ඔබ නම්පිරිච්ච ගැහැණියක්... සුබම වේවා
      මෙය දැන් සමාජ මාධ්‍යයන් වල හුවමාරු වන්නකි. මෙවැනි පහත් මානසික රෝගීන් ද අප අතර සිටිති

      එබැවින් අප කළබල විය යුතු නැත.

      Delete
  4. මේ හිටංගෙ මල්ලා බාර්ක් කරණවා, මාෆියා කියන්නේ බොරුවටද?

    මේ රටේ ඖෂධ මාෆියාවයි හාල් මාෆියාවයි බිඳීමට ව්‍යුහයක් හදනවා මිස ලොකු පොඩි දේශීය නිශ්පාදකයා බිඳ හෙලිය යුතු නොවේ.
    ජනතාවට සෘජුවම බලපාන බැවින් මෙම ව්‍යාපාර සමූපකාර ව්‍යාපාරය වැනි ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ව්‍යුහයක් හරහා හවුල් ව්‍යාපාර වීම විසඳුමක්. ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ කාලයේ ආපු ශක්ති හාල් වගේ තවත් සංවර්ධනය කරපු ව්‍යාපාරයක් ආරම්භ කරලා කරගෙන යන්න පුළුවන් නම් හොඳයි කියලා මට හිතෙනවා.

    ඒත් සතොස සමූපකාරය හා අනුබද්ධිත යාන්ත්‍රණයේ අකාර්‍යක්ෂමතාව හා නාස්තියත් දූෂණයත් නිම වනසේ වඩාත් පෞද්ගලික ව්‍යාපාර කළමනාකරණ වන සේ ලාභාපේක්ෂාවෙන් යන ක්‍රමයකට විය යුතුයි.

    ගොවියා තරඟකාරී මිලක් ඉල්ලීම හරි. ඒ ඔහු ණය තුරුස් ගෙවා නැවත ගොවිතැනට යොමු විය යුතු නිසා.

    ආණ්ඩුවට ගැනුම් මිල නියම කිරීම කළත් එයින් ගොවියාට වෙන සේවය ප්‍රමාණවත් නෑ. බොහෝ අකටයුතුකම් අකාර්‍යක්ෂම දූෂිත නිළධාරීන් අතින් වෙනවා. ඒවා විසඳා යාන්ත්‍රික සේවා ආදිය අඩු කුලියට ලබා දෙන සේවා මධ්‍යස්තාන ආදී වශයෙන් බොහෝ දේ වල් කොට මෙසේ කලාට කම් නෑ.

    හාණිපූරණ කෘෂි රක්ෂණයකුත්. අගය වැඩි කිරීමේ කර්මාණ්ත වැනි බොහෝ විකල්ප තිබේ.

    පොහොර අඩුවෙන් දුන් නිසා හාලුත් අඩු මිලට දීපන් කීම ප්‍රතිපත්තියක් දැක්මක් නැති බොලඳ වැඩක්. මේ සඳහා කුඹුරු වලට එන මුදලාලිලාට තුට්ටු දෙකට තෙත ගල් වැලි මඩ සහිත වී විකුණන එක වෙනුවට ගොවීන් වී වවා අස්වැන්න ගබඩා කර තබාගෙන සාමූහිකව විශාල හාල් මෝල් වලින් පිරිසිදු ගල් වැලි මඩ ඉවත් කර ඇති හාල් නිපදවා ඒවා තොග වෙළඳුන් ලෙස වෙළඳ සැල් වලට දක්වා කාර්යයය කිරීමට සංවිධානාත්මකව කටයුතු කළ යුතු අතර රජයේ නියාමනයක් අත්‍යවශ්‍ය සාධකයක්.

    ReplyDelete
    Replies
    1. හොඳම දේ හර්ෂ කළ දේත් නෙමෙයි.... රටින් හාල් ගෙන්වන එක..

      ඕකුන් බල්ලා මාක් වෙනවා

      Delete
  5. මාත දන්නවා ඇතිනේ බැසිල් රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර අතර හමුවක් සිදුවුණ බව? මෙම හමුව සිදුවී ඇත්තේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී, එහිදී මංගල සමරවීර හමුවී ඔවුන් දෙදෙනා සුහද සාකච්ඡාවක තරමක වේලාවක් නිතරව ඇති අතර එහිදී සාකච්ඡා වූ කාරණා මොනවාදැයි වාර්තා නොවෙයි. මේ ගැන ඔබට අදහසක් තියෙනවා ද?

    ReplyDelete
    Replies
    1. දෙන්නම ගල් ආඳෝ නේ.... නැවත හමුවීමක් සිඳු උනේ නැත්නම්... වල් පල් කතා කරන්නැති....

      Delete
  6. මාතේ ගිය මාසේ බරපතල වැඩ සහිතව වසර හතරක සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක කියන පුද්ගලයා මේ වන විට රදවා ඇත්තේ අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ වන අතර ඒ ගැන "ඒකෙදි ගොන්ජා නමැති පොල් බූරු උපන් ගෙයි මෝඩ තකතීරු අමන ඇටරිළවා බන්ධනාගාරයේ දී පිරිසිදු කිරීමේ කටයුතු සඳහා යොදවා ඇති අතර වැසිකිළි සේදීම ද එහි එක් රාජකාරියක්" බවට මේ ගැන විපරම් කළ පොහොට්ටු කල්ලියේ මිතුරන් පවසන්නේ.

    ඔවුන්ගේ කතාව අනුව "ගොන්ජා නමැති රිළවා රඳවා සිටින වාට්ටුවේ ජුලම්පිටිය අමරේ ඇතුළු දඬුවම් විදින අපරාධකරුවන් රැසක් රඳවා සිටින" අතර මා සමග මේ ගැන ලංකාවේ කලා සංගමයේ සභාපති මගේ මිත්‍රයකු වන ප්‍රවීණ කලාකරුවෙක් පැවසූයේ "රන්ජා කවදාවත් හැදෙන එකෙක් නෙවෙයි. තමුන් ගැන අධිතක්සේරුවකින් ඉන්න එකෙක්. මොහුගේ බොරැකාර සෝබන ප්‍රකාශවලට රැවටුන ජනතාව වැඩි මනාපවලන් පාර්ලිමේන්තුවට පත්කර යැවිවා. ඡන්ද ලැබෙන්න, ලැබෙන්න රන්ජා උඩඟුවෙලා විනාශය ලඟාකර ගත්තා. ජනාධිපති සමාව ලැබී එළියට ආවත් රන්ජාගෙ රඟපෑම එලෙසමයි." කියලා තමයි. මේ ගැනත් පෝස්ට් එකක් දාන්න. රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාගැනීමට අවශ්‍ය නම් නීති ප්‍රතිපාදනයන් තියෙනවා ද?

    ReplyDelete
    Replies
    1. වැටුන කෙනෙක් හට නැගී සිටින්නට අත දෙන්නට පැකිලෙන්න එපා...

      උන් කරපුවා උන් විඳිනවා ඇනෝ මචං

      Delete
  7. බත් බත් බත්ම කාලා
    බත් බැලයෝත් වීලා
    ඒත් මදි වීලා
    කෙලෝ ගන්නෙමු අතින් ගෙවලා!

    ReplyDelete
    Replies
    1. මම නම් බත් කනවා බොහෝම අඩුයි

      Delete
    2. පිටි, සීනි අඩු අහාර ගැනීම හොඳ පුරුද්දක්. මම නම් ඒක පුරුදු කරගත්තේ පිළිකා රෝගය මර්දනය කරගන්න ඕනි නිසා. දැන් අවුරුදු දෙකක් සීරෝ ලෙවල් එකේ; රෙමිෂන් මට්ටමේ ඉන්නේ කෑම පාලනෙත් නිසාම වෙන්නොනි.
      මාතලන්, තවමත් 99%ක් දවස්වලට 'නිදිගෙ පංච තන්තරේ'ට එන පිවිසුම් වැඩියෙන්ම එන්නෙ, මාතලන්ගේ සින්ඩියෙන්... ආයෙමත් සැරයක් ස්තුතිවන්තව ඒ බව සිහිපත් කරන්නේ 'සින්ඩිය' දිනේවායි පතමින්!

      Delete
  8. ඇස් කන්නාඩි නොපළදින පුද්ගලයින්ට සාපේක්ෂව කන්නාඩි පළදින පුද්ගලයින් හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමේ ප්‍රවණතාවය අඩු අගයක් ගන්නා බව ඉන්දියානු පර්යේෂකයින් විසින් සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

    වයස අවුරුදු 10-80 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන පුද්ගලයින් 304 දෙනෙකු යොදා ගනිමින් සිදුකළ සමීක්ෂණයකදී මේ බව තහවුරු වී ඇත්තේ.

    මෙම පර්යේෂණය සඳහා සහභාගී වූ පුද්ගලයින් ගෙන් වෛරසය ආසාදනය නොවූ පිරිස සීයයට 19ක් වූ අතර ඔවුන්ට තිබෙන දෘශ්‍ය ආබාධ හේතුවෙන් දෛනිකව ඇස් කණ්නාඩි පැළදීම සිදුකරන බවට ප්‍රකාශ කර තිබෙනවා.

    ඒ අනුව දෛනිකව පැය 08කට අධික කාලයක් ඇස් කන්නාඩි පළදින පුද්ගලයින්ට කොවිඩ් වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවස්ථාව එලෙස කන්නාඩි නොපලදින පුද්ගලයින්ට සාපේක්ෂව 3-4 වාරයක් අවම බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.

    සෑම මනුෂ්‍යයෙකුම පැයකට 23 වරක් තම මුහුණ ස්පර්ශ කරන අතර තෙවරක් ඇස් ස්පර්ශ කරන බවයි පර්යේෂකයින් සඳහන් කරන්නේ.

    දීර්ඝ කාලීනව ඇස් කන්නාඩි පළදින පුද්ගලයින් නිරන්තරයෙන් මුහුණ සහ ඇස් ස්පර්ශ කිරීමෙන් වැලකීම හේතුවෙන් ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය විමේ අඩු ප්‍රවනතාවයක් පෙන්නුම් කරන බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

    චීනයේ සමස්ත කොරෝනා ආසාදිතයින් අතුරින් ඇස් කන්නාඩි පළදින පුද්ගලයින් වාර්තා වී ඇත්තේ සීයයට 5 කට අඩු අගයක් පමණක් බව පසුගිය වසරේදී එරට පර්යේෂකයින් විසින් සඳහන් කර සිටියා.

    මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන වලදී ඇස් කන්නාඩි පැලදීම සහ දිනකට වැඩි කාලයක් කන්නාඩි පැලදීම මගින් කොරෝනා වෛරසය නිරාවරණය වීමේ හැකියාව අවම කරන බවයි පර්යේෂකයින් සඳහන් කරන්නේ.

    "ඇස්" හරහා කොවිඩ් වෛරසය මිනිසාට සම්ප්‍රේෂණය වීමේ වැඩි හැකියාවක් ඇති බවට විද්‍යාඥයින් අනතුරු අඟවා සිටියේ මෙම වෛරසයේ ව්‍යාප්තිය ඇරඹීමත් සමගයි.

    මේ කතාව ඇත්ත ද?

    ReplyDelete
    Replies
    1. මම කන්නාඩි දාලා ඉන්නේ... සමහර වෙලාවට ඔලුවටත් දානවා...

      Delete
  9. කෘෂි කර්ම දෙපාර්තමේන්තුව හැම ආණ්ඩුවක් යටතේම ඔහොම තමයි , මිඉස්සු එකතු වෙලා සමාගමක් පිහිටුවලා හාල් මිලදී ගන්න ඕනේ , ඒකට ඉතින් කෝ මිනිස්සු හේ හේ

    ReplyDelete
    Replies
    1. අර නෙළුං අල ද මොකක්ද බඩකඩිත්තුව අටවලා ඔය වැඩේ කරගන්න බැයිද බං? අපිත් සෙට් වෙන්නම් අපටත් හොඳ ගානක් කපා ගන්න චාන්ස් එකක් දෙනවා නම්. ඔන්න තනියම ගාන කපන්න ඔට්ටු නෑ හොඳේ? වැඩේ විවේචනය කරන්න එන උන්ට අර නුඹේ අතිජාත මිතුරු ඊනිවුස් මඩ වෙබ් පඩංගුවෙන් පත මඩ බාල්දි කෙළලා උන්ව නිහඬ කරමු. එහෙම හොඳයි නේද බන්?

      Delete
    2. මාෆියාවට ගේම දෙන්න නම් අනිවා සහල් ආනයනය කරන්න ඕන....

      Delete
  10. මාතෝ අපි පුංචිම කාලෙ නයින්ටීස් අග සහ දෙදාස් ගණන් වල මුල හරියෙදි අපිට ඇහෙන ලංකාවේ මියුසික් වෙනස් වෙන්න ගන්නවා. එක විදිහකින් නෙවෙයි විවිධාකාරයෙන් වෙනස් වෙන්න ගන්නවා. කණ්ඩායම් සංගීතය, එළිමහන් ප්‍රසංග වේදිකාව වගේ දේවල් අමුතු විදිහට කමර්'ෂලයිස් වෙලා නන්ස්ටොප් වගේ වැඩ එන්න ගන්නවා. කැසට් කලාව අප්ඩේට් වෙනවා. කැසට් එකත් එක්කම සීඩී කියලා අමුතු අයිටම් එකක් රෙකෝඩ් බාර්වලට එන්න ගන්නවා. බී එම් අයි සී එච් එකේ වාඩිවෙලා අහන 'ස' ප්‍රසංගය වෙනුවට අපේ ගම්වලට අපිව හොයාගෙන එන සිරසේ 'කඩමණ්ඩිය'ට මිනිස්සු මාරු වෙනවා. කලින් සුභාවිත ලේබල් එකේ ආපු සිංදුත් සලාද වෙලා ඩිස්ටි ඩිඩිං බීට් එකට ඇහෙන්න ගන්නවා. ඒ ගැන මියුසික් වල ප්‍රවීණයෝ, ප්‍රබුද්ධයෝ පත්තරවල මරාගන්නවා. ලංකාවේ මියුසික් විනාස වෙන්න යනවා කියලා ලොකු කොන්වසේෂන්ස් අම්බානක පටන් ගන්නවා.

    ඔය කතන්දර අස්සේම ලංකාවේ මියුසික් වලට අලුත් කොල්ලන්ගේ කෙල්ලන්ගේ ආගමනයක් සිද්ධ වෙන්න ගන්නේ අමුතු සද්ද ටිකකුත් එක්ක. උන්ගේ හෙයාස්ටයිල්ස්, ඇඳුම් පැළඳුම්, කතාබහ හැමදෙයක්ම වෙනස්. මේ කොල්ලෝ කෙල්ලෝ ලේබල් වෙන්නේ සුපුරුදු කොළඹ ලේබල් එකෙන්ම තමයි. මොකද පිට දේකට ලංකාවට ඇතුල් වෙන්න තියෙන ප්‍රධාන මර්මස්ථාන තියෙන්නේ අපේ මේ බස්නාහිර පළාතෙනේ. මේ කොල්ලෝ කෙල්ලෝ බම්බා වැල්ලා ලේබල් එකත් එක්ක අමුතු මියුසික් වැඩ ගේන්න ගන්නවා. චැනල් එකක ස්ටුඩියෝ එකට ගිහින් හිටගෙන සිංදු කියලා ඒගොල්ලන්ට රෙකෝඩ් කරගන්න ඉඩ දීලා ඕන විදිහකට දාගන්න කියලා එළියට බැහැලා එනවා වෙනුවට, ආටිස්ට්ම මියුසික් වීඩියෝ හදලා ඒවා චැනල් වලට භාරදෙන සිස්ටම් එකක් පටන් ගන්නවා. චැනල් එකකින් කරන්න කීයටවත් ප'මිෂන් හෝ බජට් පාස් නොවෙන වෙනස් විදිහේ වැඩ ඒ වීඩියෝ වලින් අපි දකිනවා. ඒවයෙ තියෙන්නේ අලුත් බීට්. අමුතු බීට්. අපිට ඒ අලුත් මියුසික් හැඩේ අහුවෙන්න පටන් ගන්නවා.

    ඒ අතරේම අපිට පේන්න ගන්නවා ඒ සමහර මියුසික් වීඩියෝ වල පිටිපස්සෙන්, ලයිට් කණුවක් වගේ හීන්දෑරි උස කොල්ලෙකුත් ඉන්නවා. ලැප්ටොප් එකක් දිග ඇරගෙන, කීබෝඩ් එකක් තියාගෙන, මොන්ටෙරෝ එකක්, බෙන්ස් එකක් එළවගෙන, ඩීජේ පාට් එකක් දාගෙන, එයා වගේ පස්දෙනෙක් එකට බස්සන්න පුළුවන් සයිස් එකේ බැගී ටී ෂ'ට්ස් කලිසම් ඇඳගෙන ඉන්න කොල්ලෙක්.

    ඒ තමයි අපිට ඉරාජ්ව මුණගැහෙන තැන.

    රනිඳු හිට් වෙන්න ගන්නකොට, රනිඳුත් එක්කම එන උස එකාවත් නිතර පේන්න ගන්නවා. 'රස රිසි ගී' එකෙන් නාරදයි තනූජයි ගෝල් ෆේස් එකට වෙලා රනිඳුව ඉන්ටවිව් කරද්දී ඉරාජ් පැත්තකින් ඉඳලා ඒ ඒ මියුසික් හදපු මෑන් විදිහට උත්තර දෙනවා. 2004, 05 වගේ අවුරුද්දක මට මතකයි 'කඩමණ්ඩිය' වගේ අවුට්ඩෝ කොන්ස'ට් එකකදී ඉරාජ් එයාගේ පළවෙනි ඇල්බම් එක අවුට් කළා. කහ දුඹුරු මික්ස් වෙච්ච ඒ කව' එකේ අපි දිහා බලාගෙන රවාගෙන ඉන්න ඉරාජ්ගේ මූණත්තහඩුව එක්ක රිලීස් වුණු ඇල්බම්ස් ලංකාව පුරා රෙකෝඩ් බාර් වල ෂෝකේස් වලට පිරෙන්න ගත්තා. ඉරාජ්ගේ ඇල්බම් එක ගන්න ගෙවල් වලින් සල්ලි ඉල්ලපු අති බහුතරයක් දෙනා ලොවෙත් අහගන්න ඇති කණ පුරවලා බැනුම් කෝටියක්. ඊටපස්සේ පුළුපුළුවන් විදිහට පොකට් මනී එකතු කරලා ඇල්බම් එක ගන්නත්, එච්චර සල්ලි එකතු කරගන්න බැරි නම් කැසට් එක ගන්නත් කොල්ලන්ට කෙල්ලන්ට සිද්ධ වුණා. ඇල්බම් එකත් එක්ක ඉරාජ්ගේ කව' එකේ පෝස්ටරයක් ආවා හතරට නවලා, මට මතක විදිහට. ඒක තියෙන එකා ඒ දවස්වල පන්තියේ රජ කළා. ඇල්බම් එකත් එක්ක ආව බුක්ලට් එකටත් ඒ හා සමාන වැලියු එකක් තිබ්බා.

    ReplyDelete
    Replies
    1. පළවෙනි ඇල්බම් එකේ තිබ්බ, අපේ පරණ මියුසික් හැඩයත් එකතු කරගෙන කරපු සිංදු බහුතරය හිට් වුණේ බලාගෙන ඉද්දී. ඒකට හොඳම බූස්ට් එක ආවේ සංගීත් එක්ක කරපු 'රන් රන් රන්' සිංදුවෙන්. නිලාන් කුරේ කරපු මියුසික් වීඩියෝ එකත් සිංදුව නැඟලා යන්න ලොකු හේතුවක්. ඒ දවස්වල සංගීත් හිටියෙත් පීක් එකේ. ඒ නිසා ඒකත් ඉරාජ් ගැන මිනිස්සු කතාබහ වෙන්න හේතුවක් වුණා. ඉන්ෆාස් එක්ක කරපු 'සුරඟන කිරිල්ලියේ' කියන්නේ ලව් සිංදු වලට දීපු වෙනම ඩෙෆිනීෂන් එකක්. හිප්හොප් වලට බර එකෙක් කියලා ඉරාජ්ව ලේබල් වෙන්න ගියා නම් ඒක කඩන්න තිබ්බ තුරුම්පුව තමයි 'සුරඟන කිරිල්ලියේ'. රනිඳු කියන 'නින්ද නොයන හැන්දෑවේ' ටච් කරන්නේ වෙනම තැනක්. ඒක 2000න් පස්සේ ලංකාවේ මියුසික් වලට විරහව ගෙනාපු අලුත් විදිහක්. ඒක රහට කම්පෝස් කරපු මොඩ'න් විරහවක්.

      ඒ දවස්වල ලංකාවේ ඉහළ කෙළවරේ තිවුණ ඛේදවාචකය එක්ක 'J Town Story' එන්නෙත් වටිනා මෙසේජ් එකක් සමාජයට දෙන්න තමාගේ ආට් එක පාවිච්චි කරන්න කැපෑසිටි එකක් තමන්ට තියෙනවා කියලා පෙන්නන්න ඉරාජ් දීපු ට්‍රයි එකක් විදිහට.

      ඊටපස්සෙත් ඇල්බම් බේස් කරගෙනම නොවුණත් ඉරාජ්ගේ වැඩ මිනිස්සු අතරට ආවා. සුරේනිට හදලා දුන්නු 'ආඩම්බරයි බැලුවම නම්' වගේ සිංදු, 2006 මුල විතර සමිතා මලිත් එක්ක කියන 'මතක මන්දිර' වගේ සිංදු, අලුත් විදිහට ලව් සිංදු ගැන රීඩිං එකක් ගේන්න ඉඩ හදපු වැඩ. 2006 මැද භාගයේ දී ආපු 'ආලෝකේ', 'මට සිතන්න බෑ', වගේ සිංදු නිසා රීමික්ස් වලට බැන බැන හරි යට ගිය පරණ සිංදු ටිකට ආපහු මිනිස්සු ඇදිලා ගියා. ඒවා ගොඩගන්න චාන්ස් එකක් ආවා. 'ආලෝකේ' ඇල්බම් එක ආවේ මේ සිංදු ඔක්කොම මිනිස්සු අතරට ගියාට පස්සේ. ඒකයි මං කිවුවේ ඒක ඇල්බම් බේස්ඩ් වැඩක්ම නෙවෙයි කියලා.

      ඉරාජ් වටේ කොල්ලෝ කෙල්ලෝ සහ නිදහස් චින්තනදාරියෝ, අලුත් දේට කැමති මිනිස්සු එකතු වෙනවා. ඒ වගේම ප්‍රබුද්ධයන්ගෙන් පලු යන්න බැනුම් අහනවා. ඒ අහන බැනුම් වලට හරියන්න දිගින් දිගටම ඉරාජ් අමුතු ට්‍රැක්ස් හදනවා. ඒවට මහන්සි වෙලා මියුසික් වීඩියෝස් හදනවා. අනිත් චැනල්ස් වලින් පෙන්නන්න අදිමදි කරන නිසා සහ පෙන්නුවත් කපලා කොටලා දාන නිසා අපි සිරසේ සමීරගේ 'ලුක්ස් ලයික්' එක ටෙලිකාස්ට් වෙනකං මඟ බලන් ඉන්නවා, අලුත් මියුසික් වීඩියෝස් වගේම ඒවා හදපු හැටිත් බලන්න. ඉරාජ් අමුතු කල්ට් එකක් ලංකාවේ මියුසික් ඇතුළේ හදන්න මහන්සි වුණා සහ ඒක බොහෝ දුරට සක්සස්.

      ඒ අස්සේම ඉරාජ්ට ඇටෑක් කරන්න පොයින්ට් එකක් මතු වෙනවා ඉරාජ්ට සිංදු කියන්න බෑ කියලා. කිවුවත් ඒක ට්‍රැක් දාලා මයිම් කරනවා විතරයි කියලා. මට මතකයි රූපවාහිනියේ වැඩකට ඇවිත් ලයිව්ම කියලා දැම්මා 'මට සිතන්න බෑ' සිංදුව. එන එන බැනුමට ඉරාජ් කවුන්ට ඇටෑක් කළා. 2007 - 10 කාලේ පවා මියුසික් වීඩියෝ වලිනුත් රෙවලූෂනරි දේවල්මයි එළියට දැම්මේ.

      2010 - 14 කාලේ හිටපු ඉරාජ් 'ගේමක් දීලා' වගේ දේශපාලනේට ඇඩ්රස් නැති වෙන පාතාලේ සීන් ගැන සිංදු කළා. ඉරාජ් දෙරණ මියුසික් වීඩියෝ අවෝඩ්ස් වලට ඇවිත් වටේටම ඉන්න දේසපාලු ලොක්කන්ට බයිට් කරලා 'ගේමක් දීලා' සිංදුවට මරු ඇක්ට් එකක් දුන්නා. ඒ වගේම ඒ කාලෙත් ජාතිවාදී විසබීජේ නවත්තන්න කියලා පේෂල, කයිස' එක්ක 'මනුසතා' කියලා සිංදුවක් කළා.

      හැබැයි ඉතින් 2015 දි විතර සමන්ත බඩ්ඩ එක්ක සෙට් වෙලා පොඩි චේන්ජ් එකකටත් සෙට් උනා. සංස්කෘතිය එක්ක කැත්තට පොල්ල වගේ හිටගෙන වැඩ කරපු ඉරාජ් 2015 න් පස්සෙ දැන් ඉන්නේ සම්ප්‍රදායට ඇටෑක් කරන ඉරාජ් වෙනුවට සම්ප්‍රදාය දෝත බදලා පිළිගන්න ලෙවල් එකේ කතා කියන ඉරාජ් කෙනෙක්. නැත්තං පිටින් අපිට එහෙම පෙන්නලා කැප්සියුල් එක මෙහේ තියලා දැනටමත් ලංකාව අතෑරලා අපිට ටටා බායි කියලා ඈතට ගිය ඉරාජ් කෙනෙක්.

      Delete
    2. ඒ කොහොම වුණත්, ප්‍රබුද්ධ කියලා ලේබල් වුණු අයගෙන් බැනුම් අහලා, කිච වෙලා, කාලාන්තරයක් තිස්සේ ෆයිට් කරලා ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක ඇතුළේ තමන් දිනාගත්‍ත ඉඩ ගැන ඉරාජ් ආපහු කල්පනා කරලා බලනවා නං මම කැමතියි.

      'මාව හීනෙක තනිකරලා' වගේ සිංදුවක් හරහා මිඩ්ල් ඊස්ට් ගිහින් දුක් විඳින අපේ අහිංසක කාන්තා පිරිස් වෙනුවෙන් නඟපු හඬ, 'මනමාලි' වගේ ලස්සන සිංදුවකින් ලංකාවේ මිනිස්සු අතරට යූටියුබ් කියන කල්ච' එක ගේන්න වුණු මහන්සිය, 'දෑස තෙමිලා' වගේ සිංදුවකින් නිවීහැනහිල්ලේ හිත නිවාගන්න ආදරේ කරන කොල්ලන්ට කෙල්ලන්ට දීපු මියුසික් තෙරපි එක, බකපණ්ඩිත සන්නා, ලප අනුර, සජිත්ව බයිට් කරලා හදන පට්ට ආතල් සිංදුවක තියෙනවාද කියන එක හිතන්න ඕන.

      එදා ප්‍රබුද්ධ මිනිස්සු බනිද්දී අපේ ජෙනරේෂන් එක ඉරාජ් එක්ක හිටගත්තා. දැන් ඉරාජ්ට මුලින්ම බනින්නේ අලුත් පරම්පරාව. තමන්ගේ පේජ් එකට, චැනල් එකට එන කමෙන්ට්ස් ඒකට සාක්කියි. ඇත්‍ත, මේ බනින හැම බැනුමක්ම ඉරාජ් ඩොලර්ස් වලට හරවනවා. ඒත් මං හිතනවා, ජීවිතයෙන් තුනෙන් එකක් ගෙවලා ඉවර කරන මනුස්සයෙක් විදිහට, අවුරුදු තිස් පහ පැනපු පරිණත අපේ පරම්පරාවට ජ්‍යෙෂ්ඨයෙකු වෙච්ච ඉරාජ් තමන්ගේ සබ්ජෙක්ට් එක මොකද්ද කියන එක ආයෙත් සැරයක් මතක් කරගන්න එක ඉක්මනටම කළ යුතු දෙයක් කියලා. ඔව්, දැන් ඉතාම හොඳ රීච් එකක් තියෙයි. ඒත් කවදාහරි ආපහු හැරිලා බලන දවසක, ඉරාජ් මේ ගත කරමින් ඉන්න වර්තමානය, අනාගතයේදී ලොකු ගැප් එකක්, තමන්ගේ ජීවිතේ බ්ලෑන්ක් කෑල්ලක් විදිහට පේන්න ගනීවි.

      ඒත් ඉතින් ඉරාජ් කියන්නේ කවුරු බැන්නත් නැතත් වෙනම ලෙවල් එකක්. Criticisms කියන ඒවා තුට්ටුවකටත් මායම් නොකරපු ඩයල් එකක්.ඉරාජ්ට ඔය දැන් බනිනවට වඩා ගිනියම් රෑ වගේ සින්දු ගහපු කාලේ අම්බානක කුණුහබ්බ කියල බැන්නා. හැබැයි මිනිහා නැවතුනේ නෑ දිගටම ඒවගේම විශුවල් කරා.ඒ හින්දාම ලංකාවේ මල් සින්දු සෑහෙන්න අඩුවුනා. ඉරාජ් ඉරාජ්ට ඕන තැනට ගිහින් ඉවරයි.බයින උන් හැමදාම බැන්නා. හෙටත් බනිනවා.

      ඉරාජ් කියාවි අද ඉන්නේ එදා හිටි ඉරාජ් ගේ updated version එකක් , programme දෙක තුනකින් එක විදියට යන සින්දු ගැහුව dial එක අද ලoකාවෙනුත් එහාට ගිහින්, එහේ flavours mix කරලා නිල් දෙනෙති වගේ songs මෙහෙටත් දාලා බලන, ඉදලා හිටලා කතිරිනා වගේ පරන flavour එකේ සින්දුත් දාලා බලන, මේ අද ඕනෙනම ලංකාවේ trending වෙන, මිනිස්සුන්ගේ කටේ තියන සින්දුවක් හදලා දාන්න පුලුවන් ලoකාවේ නිලේ අල්ලන්න පුලුවන් නසරානී dial එකක් බව.

      ඒකත්නි ඇත්ත මිනිහගේ කිසිම marketing strategie එකක් අද වෙනකන් fail වෙලත් නෑ, කවුරූ මොනවා කියුවත් එදා sirasa support කරපූ දේශපාලන පක්ෂ, චරිත චකබ්ලාස් කරලා අද Sirasa Night time with Iraj programme එක කරන dial එකනේ ඒ තමයි ඉරාජ් !

      මොකද සිරසයි,දෙරණයි කියන්නේ ඉරාජ්ගෙ දකුණු අතයි,වම් අතයි වගේ. ඒකෙන්ම තේරෙනවනේ මනුස්සයගෙ දෙපැත්ත බැලන්ස් කිරිල්ල කොහොමද කියලා. රවුම ඇතුලේ රවුමක් හදලා එක රවුමක් කිව්ව කොල්ලෙක්. ඉරාජ් කියෙන්නේ ඕඩියන්ස් එක අල්ලේ නටවන වෙනස්ම විදියේ කැරැක්ටරයක් ඉරාජ් හැම සිංදුවක්ම එලියට දැම්මේ බැනුම් වැස්සක් අහන ගමන්. ඒත් අවුරුදු 10 කට විතර පස්සේ බලනකොට ඒවා Generation එකක Favourite item වෙලා. ගිනියම් රෑ වගේ එව්වත් තව පරම්පරාවක් උඩින්ම අගය කරන්නත් ඉඩ තියෙනවා. මට හිතෙන විදියට නම් ඉරාජ් කාලයට අවුරුදු 10 කින් විතර ඉස්සරහින් ජීවත්වෙන පොරක්.

      හැබැයි අපට කියන්න තියෙන්නේ හම්බ කරන වැඩත් කරන්න. පොලිටික්ස් වැඩත් කරන්න. පොලිටික්ස් වැඩ ටික, 'ගේමක් දීලා' ලෙවල් එකෙන් කරන්න. එතකොට කොල්ලෝ කෙල්ලෝ ආයෙත් වෙනදා වගේම ඕන දේකට එකට හිටගනීවි, අද දාන හහා ඔක්කොම එදාට හාට් වේවි කියලා තමයි.

      Delete
    3. මේක උඹ මේකටම ලියපු එකක්ද... එහෙම නැත්නම් උඹට බ්ලොග් එකක් තියෙනවද...? නැත්නම් පත්තරවලට ලියනවද...?

      Delete
  11. මාතේ දකින්න ඇති අනාගත දේශපාලන බල උවමනාව සඳහා කාගේ හෝ තක්කඩි දේශපාලකයෙකුගේ මැදිහත්වීමක් මත පාස්කු කොමිෂන් සභා වාර්තාවට බොදු බල සේනා සංවිධානයට විරුද්ධව කරුණු ඇතුලත් කිරීමට කටයුතු කර ඇති බවට සැකයක් මතුවන බව බොදු බල සේනා නායක පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාන සාර හිමි අද (මාර්තු 23) පැවති මාධ්‍ය හමුවකදී පැවසූ බව.

    ඒ,වගේම තව අවුරුදු 5කින් ජනාධිපති හෝ අගමැති වීමට බලාගෙන ඉන්න කවුරුන් හෝ සෘජුවම මෙම ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයින් සමග එකතුව මහා ධනස්කන්දයකට විකුර්තියක් කළා දැයි සැකයක් මත්වන බවත් උන්වහන්සේ සඳහන් කරන ලදි.

    රටේ අන්තවාදී ක්‍රියා හෙලිකිරීම වරදක් නම් අපිත් ඕන දේකට මුනුන දෙන්න තමන් වහන්සේ ලෑස්ති බව සඳහන් කර සිටි ඥානසාර හිමියෝ බොහෝ අවස්ථාවල න්‍යායාත්මකව කරුණු ඉදිරිපත් කල බොදු බල සේනා මැඩ පැවැත්වීමට පක්ෂ විපක්ෂ දෙගොල්ලොම උත්සාහ කරනු ලැබූ බව පැවසීය.

    මේ කොමිසමේ වාර්තාව විකුර්ති කර ඇති බවට හැඟී යන බැවින් කොමිසමේ සාමාජිකයෝ ඒ පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කල යුතු බව ඥානසාර හිමියෝ වැඩිදුරටත් සඳහන් කරන ලදි.

    ඒ,ඒ වගේම පාස්කු කොමිසමේ දී තමන් සාක්ෂි ලබා දෙමින් සිටියදී විල්පත්තු වන සංහාරයට අදාළ සිදුවීම සම්බන්ධයෙන් දේශපාලන ප්‍රභලයෙකුගේ නමක් තමන් වහන්සේ කොමිසමට ලියා දුන් බවත් ඔහුගේ මැදිහත් වීමෙන් කොමිෂන් සභා වාර්තාව විකුර්ති කළා දැයි සැකයක් තිබෙන බවත් ඥානසාර හිමියෝ පැවසීය.

    එමෙන්ම අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ගුරුවරයා ඔස්තාද් මන්සුර් බවත් ඔහු වහාබි දේශකයෙකු බවත් තමන් කොමිසමට පැවසූ බවත් කොමිෂන් සභා වාර්තාවේ ඔහුගේ හොඳ තිබෙන බවට දැනගන්නට ලැබී තිබෙන බැවින් කොමිෂන් සභා වාර්තාව විකුර්තියක් බවට පත්කිරීමට ඔහුගේ මැදිහත්වීම ලබුනේදැයි සැක මතුවන බවත් පැවසීය. මේ ගැන ඔබට අදහසක් තියෙනවා ද?

    ReplyDelete
    Replies
    1. අන්තීමට නානේ එල්ලයි වගේ...

      Delete
  12. මාතට ආරංචි උනා ද ආගමේ නාමයෙන් ඕනෑම අවස්ථාවක මරාගෙන මැරෙන්නට සහරාන් හෂීම් ඉදිරියේ කාන්තාවන් 15 දෙනෙකු ප්‍රතිඥා දී ඇති බවට ආන්දෝලනාත්මක තොරතුරක් පොලිසිය අනාවරණ කරගෙන තිබූ බව?

    එම හෙළිදරව්ව සිදුකර ඇත්තේ සහරාන්ගෙන් ත්‍රස්ත පුහුණුව ලැබූ, මාවනැල්ලේදී මෑතක දී අත්අඩංගුවට පත් තරුණියයි.

    පහුගිය 2019 වසරේදී පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව එල්ල කළ සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්තවාදීන් සමඟ සමීප සබඳතා පැවැත්වූ තරුණියක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් මෑතකදී මාවනැල්ලේදී අත්අඩංගුවට ගැනුණි.

    ඒ මොහොමඩ් ඊබ්‍රාහිම් සහිදා නමැති අවුරුදු 24ක යුවතියක් වන අතර ඇය මාවනැල්ල බුදු පිළිමවලට පහර දීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල් හක් සහ මොහොමඩ් ඊබ්‍රාහිම් ෂාහිඩ් අබ්දුල් හක් යන දෙදෙනාගේ නැගණිය බව සොයාගෙන තිබෙනවා.

    පහුගිය යහපාලන ආණ්ඩුව කාලයේ වූ පාස්කු ප්‍රහාරයෙන් සතියකට පසු ගම්පොළ පාවහන් වෙළෙඳසැලක් තුළ සැඟව සිටියදී අත්අඩංගුවට පත් ශාහිද් සහෝදරයින් දෙදෙනා මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවෙයි.

    එම තරුණිය ද ඒ දිනවල සැකපිට අත්අඩංගුවට ගෙන සුළු වශයෙන් ප්‍රශ්න කොට ඇප මත නිදහස් කරන ලද අතර නැවත ඇය මාවනැල්ල කලාපය තුළ සිටිය දී මෑතකදී යළිත් අත්අඩංගුවට ගැනුණි.

    මෙවර ඇයගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී වැදගත් කරුණු රැසක් අනාවරණ කර ගැනීමට හැකි වී තිබෙනවා කියල මාධ්‍ය වාර්තා කලා.

    ඒ අනුව දැන් ඇය හෙළි කර ඇත්තේ මීටපෙර 2017 සහ 2018 වසර වලදී කාත්තන්කුඩිහි දී සහරාන් හෂීම් පැවැත්වූ අන්තවාදී දේශනවලට තමා ඇතුළු කාන්තාවන් 15 දෙනෙකු මහත් උද්යෝගිමත් ලෙස සහභාගී වූ බවය.

    තමා ඇතුළු එම පහළොස්දෙනාම ආගම වෙනුවෙන් ඕනෑම අවස්ථාවක මරාගෙන මැරෙන්නට සූදානම් යැයි සහරාන් ඉදිරියේ ප්‍රතිඥා දුන් බවට ආන්දෝලනාත්මක හෙළිදරව්වක් ඇය සිදුකර තිබේ. එම ප්‍රතිඥා දීම හැඳින්වෙන්නේ "බයියත් කිරීම" ලෙසිනි. එලෙස ප්‍රතිඥා දුන් කාන්තාවන් අතරින් කීප දෙනෙක් පාස්කු ප්‍රහාරයෙන් පසු සයින්දමරුදු හි දී සිදුවු පිපිරීමෙන් මියගොස් තිබේ.

    මියගිය මරාගෙන මැරෙන බවට ප්‍රතිඥා දුන් කාන්තාවන්,

    01. සහරාන්ගේ මව අබුදුල් සතාර් සිත්ති උම්මා

    02. සහරාන්ගේ සහෝදරියක වන මොහොමඩ් කාසිම් හිදායා

    03. අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ මොහොමඩ්
    සෙයිනාගේ බිරිඳ වන ආදම් ලෙබ්බේ ෆාතිමා

    04. සහරාන්ගේ සොහොයුරා වන මොහොමඩ් රිල්වාන්ගේ බිරිඳ මොහොමඩ් නස්හත් ෆාතිමා නෆ්නා

    05. අන්තවාදී ක්‍රියාවලට එක් වූ අසාද්ගේ බිරිඳ වන ෆෙරෝසා

    දැනට රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින මරාගෙන මැරෙන්නට ප්‍රතිඥා දුන් කාන්තාවන්,

    06. සහරාන් හෂීම්ගේ සහෝදරිය මොහොමඩ් කාසිම් හිදායා

    07. මාවනැල්ල බුදුපිළිමවලට හානි කළ සිද්ධියේ සැකකරුවෙකු වන සාදික්ගේ බිරිඳ මොහොමඩ් පලීල් ෆාතිමා සාහිදා

    08. පාස්කු ප්‍රහාරයට අදාළව ඩුබායි හිදි අත්අඩංගුවට ගැනුණු මොහොමඩ් මිල්හාන්ගේ බිරිඳ වන මොහොමඩ් අහමදුල්ලා ෆාතිමා ජුස්තා

    ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රැඳවුම් භාරයේ පසුවෙන මරාගෙන මැරෙන්නට ප්‍රතිඥා දුන් සෙසු කාන්තාවන් හත්දෙනා,

    09. සහරාන්ගේ රියදුරා වූ ගෆුර් මාමා නමැත්තාගේ බිරිඳ වන උදුමාලෙබ්බේ ෆරිසානා

    10. සහරාන්ගේ ළඟම ඥාතියෙකුගේ බිරිඳ වන කාත්තන්කුඩිහි මුම්මදු හනීෆා නුස්රා

    11. මොහොමඩ් මිල්හාන්ගේ බිරිඳගේ මව වන මොහොම්මදු සාලිහ් ජුෆයිඩියා

    12. කාත්තන්කුඩිහි දරුල් අදර් පල්ලියේ සභාපති රවුෆ්ගේ දියණියක වන 22 හැවිරිදි අබ්දුල් රවුෆ් ෆාතිමා සාරා සහ

    13. ඇගේ මව වන වන අබ්දුල් කුද්දාස් සිත්ති සාතුනා

    14. කාත්තන්කුඩිහි පදිංචිව සිටි සෙයියදු අහමදු අස්මියා

    15. පසුගියදා අත්අඩංගුවට පත් 24 හැවිරිදි මොහොමඩ් ඊබ්‍රාහිම් සහිදා

    මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ අවසන් වාර්තාව අධ්‍යයනය සඳහා ජනාධිපතිවරයා පත් කළ නව කමිටුව පාර්ශ්ව රැසක දෝෂ දර්ශනයට ලක්වූ අතර මේ ගැන කළ හැකි විද්‍යාත්මක පරීක්ෂණ වලින් ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා අපට කළ හැකි යෝජනා මොනවාද?

    ReplyDelete
  13. නන්දසේන කියන්නෙ පුම්බපු බැලුමක්බව, රෝයල් එකේ ඉගෙන ගත්ත උඹ වගේ ටොයියෙක්ටත් අඳුනාගන්න බැරි වුණ එකේ, ගමේ ගොඩේ බයියො ගැන කුමන කතාද. එදා යුද්ධ කළේ ටයි පොල්ලක්දා ගත්ත මේ හාල්පාරුව කියලා තාමත් ගමේ පොහොට්ටු බයියො විශ්වාස කරනවා, ටොයි සමාජෙට කියවන්න තමයි ගූඨාස් වෝර් ලිව්වෙ. දැන් තියෙන්නෙ ඒකවත් කියවලා හිත හදා ගන්න එක, තව අවුරුදුම 3කට වඩා තියෙනවනෙ..

    ReplyDelete
    Replies
    1. ඔව්වා මොනාද බන්, රෝයල් එකේ ඉගෙන ගත්ත රන්න පොනිලා කියලා කියන්නේ බොරුවට ටයිකෝට් දාල ඉංගිරිසියෙන් වචනයක් දෙකක් කතා කරන්න විතරක්න පුළුවන් කොච්චර අමු මැටි මෙලෝ හසරක් නොතේරෙන බහුබූත මී හරකෙක් කියලා නොදැන ඌව උඩ දාගෙන ආසියාවේ ලොකුම මොළේ කියලා වඳුරු කුණුහබ්බ කියපු අමු ගොන් රට මීහරක් කොච්චර ඉන්නවා ද බන් රෝයල් එකට ගියපු උන් අතරේ පවා. ඔන්න ඔය විකාර අමතක කරල මලක් ඇදල ලොල්ලෙක් ගහල ආතල් එකක් ගමු. ඕව ඔහොම තමයි ඉතින් මොනවා කරන්නද වෙන රටකට ගිහින් ලංකාවේ ගොන් හැත්තට බැන බැන පුපුර පුපුර ඉමු.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න