.

.

Mar 2, 2021

මිලේච්ඡ රටක අමු ගොබ්බ බුකි ප්‍රජාව



මිලේච්ඡ රටක අමු ගොබ්බ බුකි ප්‍රජාව


පොලීසියේ SI කෙනෙක් ෆේස්බුක් එකෙන් යාළු වෙලා කෙල්ලෙක් මරණවා. 

මම කිව්ව මේක අතිශය කුරීරූ ඝාතනයක් කියලා.

ඒ මේක පාතාල ඝාතනයක් නොව, අහිංසක කාන්තාවක් අමු අමුවේ මරා දැමීමක් නිසා. මාධ්‍ය වාර්ථාකරණය ගැන නම් කතා කරලා වැඩක් නෑ. බුකිය ඊට හපන්.

ඊට එහා මේක දේශපාලනයට සම්බන්ධ කර ගත්ත මී හරක්... ඒ අතරේ මාජ්ජවේදියට සම්බන්ධ උනුත් ඉන්නවා.. ඔව් මමත් ලිව්වා ... මම ලිව්වේ මුළු රටම මේ ගැන වග කියන්න ඕන කියලා.. ඒකට මමත් අයිතියි.. නමුත් මම ඒ සියල්ල ගැන සඳහන් කරමින් ලැජ්ජා උනා.. ඒත් අනිත් උන් මොකක්ද කරේ.. මේක ජනාධිපතිට බැර කරනවා.. රට ආරක්ෂා කරන්න ආපු එකාට  ගෑණියක් ආරක්ෂා කරන්න බැරිලු.. මේවා තමා ගොබ්බ විහිළු.. මේ පෝස්ට් එකට් විහිළුවකට ගන්න එකෙක් ඉන්නවා නම් ඌත් මී හරකෙක් කියලා තමා කියන්න වෙන්නේ..

මොකෝ බුකියේ හිටපු කෙල්ලෙක් මරලා දාපු එක ගැන බුකි ප්‍රජාව වශයෙන් අපි මේ මරණයට ඊට වඩා වග කියන්න ඕන. වින්දිතයයි මිනීමරුවයි දෙන්නම අපේ අය. 

නමුත් ඒ වගකීම වගවීම අපිට ගන්න අපිට ශක්තියක් නෑ. කොන්දක් නෑ. අපේ වැරද්ද පිලිගන්න අපි කැමති නෑ. කාගේ හරි ඇඟේ වරද පටවලා අපි මාර හොඳ මිනිස්සු වෙනවා. ඝෝඨට බ්ලෙම් එක දාලා ඒ ඝාතනයෙනුත් පට්ට ආතල් එකක් ගන්නවා. ඊට පස්සෙ මාර හැපි. ස ෆේල්... අපි පාස්...

එහෙම කතා කරනවා නම්, වෝනින් 90 ගානත් ඇවිත් මිනිස්සු 300 ක් මරලා දාපු උන් ගැන මොනවද කියන්න තියෙන්නේ. දයාසිරි කියනවා මීට කලින් හිටප්පු ජනාධිපතිවරු යටතෙත් බෝම්බ පිපිරිලා මිනිස්සු මැරුණලු. මුන් කතා කරන්නේ කටින්ද එහෙම නැත්නම් වෙනත් මක්කා හරි එකකින්ද කියලා හිතෙන්නේ, මේ වගේ ගොබ්බ කතා කියන කොට. ඒවට කලින් වෝනින් ආවද ඕයි කියලා අහන්න ආන්ඩුවේ එකෙක් නෑ.

ලෝකයේ දියුණුම රටවලත් මේ වගේ දේ අනන්ත වෙනවා. ඒ උනාට ඒ දේවල් අපිට වාරථා වෙන්නේ නෑ. හේතුව එවන් දේ ගැන කම්පා වෙනවා මිසක්. මේ වගේ මළ සිරුරේ ෆොටෝ දාලා ආතල් ගන්න කාළකන්නි ඒ රටවල නැති නිසා. මොකෝ බහුතර ජනතාව හැදියාවක් ඇති මිනිස්සු. අවබෝධයක් තියෙන මිනිස්සු. වෙනස ඒකයි..

නවසීලන්තයේ එකෙක් පල්ලියකට කඩා වැදිලා 51 දෙනෙක් අමු අමුවේ මරාදාපු හැටි ලෝකෙම දැක්කා. ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් මරලා මුළු ලෝකෙම ගිනි ගත්තා. ඒත් කොස්සෙක්ගේ ගේමක්. පරණ තරහක් පිරිමහගත්තු කතාවකුත් ඒ කාළේ ගියා. පළමු ලෝකයේ රටවල මිනිමැරුම් ගැන පොඩි රූපසටහනකුත් අපේ උගත් බුජ්ජිමත් ප්‍රජාව වෙනුවෙන් මේ එක්ක දාලා ඇති.  



මේකෙන් ගන්න තියෙන එකම පාඩම තමයි.. ෆේස්බුක් එකෙන් හම්බ වෙන නොදන්න වේ පු ලා එක්ක රූම් අස්සේ රිංගන්න එපා කියන එක. මේ වගේ අමාරුවේ වැටිලා ජීවිතේ නැති කර ගන්න ගියපු කෙල්ලෝ කීප දෙනෙක්ම බේරලත් තියෙනවා. ඒවට උදව් උන දොස්තර මහතුන්ටත් මගේ ආදරය හා ගෞරවය මේ  මොහොතේ පිරිනමනවා. ඒ බුකියේ ඉන්න දෙවිවරු.. 

උන්ව බේරගත්තේ උන් ජීවත් ව්න්න ආස නිසා. එන්නේ කෙලින්ම මම මැරෙන්න යන්නේ කියාගෙන. හැබයි එහෙම කියපු එකෙක්වත් මැරුණේ නෑ. උන් තාමත් බුකියේ ඉන්නවා මදිවට, අපිට ගෙම්බර් එකත් දානවා. ඒ කියන්නේ කළ ගොන්කම් තේරිලා. ජීවිතේ තේරිලා දැන් සතුටින් ඉන්නවා.

මේවා කිව්වා කියලා මේ දේවල් මෙතනින් නවතියි කියලා කවුරුන් හෝ හිතනවා නම් ඒකත් අමු ගොන් කමක්. සමහර විට එක දිගට මේ වගේ දේවල් වාර්ථා වෙන්න තියෙන ඉඩ කඩත් වැඩියි. ඒකට හේතුව, අපේ රටේ නීතිය එකම විහිළුවක් වීම හා මරණ දඬුවම ක්‍රියාත්මක නොවීම. 

කෙනෙක් එල්ලලා මරණවා කියන්නේ මිලේච්ඡ දෙයක් තමයි. ඒත් මිලේච්ඡ රටක ඒක මිලේච්ඡ දෙයක් නෙමෙයි. 


ඒ වගත් මෙසේය.....

36 comments:

  1. රහට ලියලා තියෙනවා මාතේ ඔරිජිනල් මාතලන් ඉට්ටැයිල්,

    ඒත් මට තියෙන ප්‍රශ්නේ තමයි රාජපක්ෂලාට ඔය වගේ විනාශයක් කරන්න තිබෙන උවමනාව කුමක් ද? ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    මට තේරෙන හැටියට 2018 ප්‍රාදේශීය සභා මැතිවරණය පවත්වන කාලය වන විට ම යහපාලන ආණ්ඩුව මිනිසුන්ට ඉතාමත් බරපතල විදිහට එපා වෙලා තිබුණෙ, ඒ ඉතා අධික බදු බර නිසා සහ ආර්ථික වශයෙන් දැඩි පසුබෑම් තිබුණ නිසා.

    ඔය පාස්කු ප්‍රහාරය හෝ වෙන යම් කලබලයක් ඇති කර 2019 ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමට උවමනාව තිබුණෙ යහපාලන ආණ්ඩුවේ සිටි පිරිසට සහ ඔවුන් බලයට පත් කිරීමට උදව් කළ JVP වගේ දේශීය බලවේගවලට හා විදේශ බලවේගවලට බව තමයි ඒ ගැන රටේ බොහොම දෙනෙක් විස්වාස කළේ. ඕකට සම්බන්ධ ඊබ්‍රාහිම් හජ්ජියාර් ගේ පවුල ඇතුළු බොහෝ දෙනෙක් එවකට පැවති එජාපයේ යහපාලන රජයේ ඇමතිවරු සහ ජවිපෙ නායකත්වය සමග ඉතා සමීපව කටයුතු කළ මිතුරන් බව හැමෝම දන්නා කරුණක්.

    ඔය වගේම මගේ පුද්ගලික අත්දැකීම් තුලින් මා නිරික්ෂණය කළ හැටියට පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ අපේ ගම් ප්‍රදේශයේ මුස්ලිම් කඩවලට යන්න එපා කියල ප්‍රචාරයක් ගෙන ගියේත්, ඒ වෙළඳ සැල් වලින් පුරුදු ආකාරයට ම භාණ්ඩ මිල දී ගැනීමට අප යන විට අපට නොයෙකුත් ආකාරයට දෝෂාරෝපණය කළෙත් 2015 යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීමට ඡන්දය දුන්, ඒ වගේම ප්‍රචාරක කටයුතු කළ හා 2018 Local Authority Election එකෙන් පරාද වූ යහපාලනයට සම්බන්ධ පිරිස් තමයි.

    පසුව ජනප්‍රිය වෙන්න පොහොට්ටු කල්ලියේ සාමාජිකයන් පවා ඒ සඳහා සහය දැක්වීම කළා.

    ඒ වගේම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනත් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට විශාල උත්සාහයක් ගත්තේ කව්ද කියන එක අපට මතකයි.

    මොනවා උනත් 2009 යුද්ධයේ අන්තිම දවස්වල සිට සිට 2019 ඔය ප්‍රහාර එල්ල වන තෙක් කිසිම අවස්ථාවක මහජනයා ඉලක්ක කරගෙන බෝම්බයක් පිපිරුවා ද? නැහැ නේද?

    ඉතින් එවැනි ආරක්ෂක තත්ත්වයක් තිබුණු රටක විදේශ රටවල සිටින බෙදුම්වාදී ත්‍රස්තවාදයට සහය දුන් ඇතැම් ධනවත් බලවත් ජඩයන් සුළු පිරිසකගේ නීච අවශ්‍යතා ඉටු කිරීම පිණිස පට්ටපල් බොරු චෝදනා ගොතා යුද්ධයට සම්බන්ධව දක්ෂ ලෙස කටයුතු කළ හමුදා නිළධාරීන් සැලකිය යුතු විශාල පිරිසක් ඇප රහිත වන ලෙස Remand කර, නඩුවලට පටලා අපේ රටේ බුද්ධි අංශ විනාශ කළේ කව්ද ?

    ඒ වගේම 2015 දී සිරිසේන මහතා ජනාධිපති තරඟයට ඉදිරිපත් කරවූයේ කව්ද?

    ඊට පස්සෙ විධායකය අකර්මණ්‍ය කළේ කව්ද ?

    ඒ වගේම 2015 UNHRC Resolutions මුලුමනින්ම ක්‍රියාත්මක කිරීමට එකඟ වූ පිරිස කව්ද ?

    පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ පාර්ලිමේන්තුවේ 2019 අවුරුද්දේ අංශු මාරසිංහ, ජවිපෙ නලින් ද ජයතිස්ස, රාජිත, හකීම්, ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා මහතා ඇතුලු පිරිසක් පත් කරගෙන අපව මුලා කරන්නට පරීක්ෂණ කමිටුවක් දාල සෑහෙන කාලයක් විමර්ශනයක් කළා නේද ?

    ඇයි ඒ කාලයේ ඕකට වැරදි කාරයන් හොයා නොගත්තේ ?

    කොමිසමට වාචාල කතා කියවමින් දොස් කියන කිසිම කෙනෙක් ඒ කොමිසම් වාර්තාව කියවා නැති බව පේනවා.
    මේ දුෂ්කර කාලය පහු වුනාට පස්සෙ පාස්කු ප්‍රහාරය පමණක් නොව තව බොහෝ විනාශකාරී ක්‍රියා කළ පිරිසට දඬුවම් ලැබේවි.

    ආණ්ඩුව නොකලොත් ස්වභාව ධර්මයෙන් හරි උන්ට පමාවී හෝ නිසි දඬුවම් ලැබෙනවා ලැබෙනවා මයි.

    අපට මතකයි 2005, 2006 කාලයේත් ඔය වගේ උතුරේ මාධ්‍ය වේදීන් අහිංසක මිනිස්සු මරනවා සහ තවත් විවිධ ආකාරයේ පට්ටපල් බොරු ප්‍රචාරය කර මිනිසුන් මුලා කළ හැටි. එහෙත් 2009 වෙනකොට මොකද වුණේ?

    සෑම අන්තවාදී සංවිධානයක් පිටුපස ම නෝර්වේ, ස්විට්සර්ලන්තය වගේම කවදත් ලංකාවට දියුණු වෙනවාට අකමැති අසල්වැසි රටවල සිටින අපේ රටට පරම සතුරු බලවේග තිබෙන බව ඉදිරියේ දී අනාවරණය වනු ඇත. මේ වගත් මෙසේය මාතේ.

    ReplyDelete
  2. මෙහෙමයි මාතලන්,

    ඔය කියන සහරාන්ල සංවිධානය වුනේ 2016 ටත් කලින් (මාතලන් දන්නවා නේ 2016 නොවැම්බර් වල විජේදාස රාජපක්ෂ ලංකාවේ මුස්ලිම්වරු is සම්බන්ධතා සහ මහමදික තස්තවාදය ගැන පාර්ලිමේන්තු වේදී කරපු කතාව බලන්න. එය commission වාර්තාවෙත් තියෙනව). මහමදික ඇමති වරු ඔහුව විවේචනය කරල තස්තවාදින් ආරක්ෂා කල හැටි කියවන්න. සහ රාන් කියලා කියන්නේ මිනීමරු මහමදික අන්තවාදී ජාතිවාදියෙක්. ඔවුන් මේ රට 100% තනිකර පිරිසිදු මහමදික කරනය කිරීමට අවශ්‍ය මතවාදය මගින් මෝඩ ආගමික බැතිමතුන් පිරිසක් පිස්සෝ බවට පත් කලා. ලංකාවේ මහමදික ආගමික අන්තවාදීන් (ඔබගේ චෝදනාවෙන් එය පැහැදිලි වෙනව) රාජපක්ෂ ලා මුස්ලිම් විරෝධී සිංහල බෞද්ධ අන්තවාදීන් කියලයි පිළිගන්නෙ. මුස්ලිම් අන්තවාදීන් සිංහල බෞද්ධ අන්තවාදීන් බලයට ගෙන ඒමට පුපුරුවාගෙන දිවි නසා ගත්තා කියල හිතන්නට මොනතරම් මෝඩකමක් තියෙන්න ඕනිද?සියලුම මහමදික ආගමික අන්තවාදීන්ට ඇත්තේ මෙබඳු මෝඩ අදහස්ද?

    අනිත් පැත්තෙන් ඔය මිනීමැරුම් ගැන කතා කරනවා නම් ඔය වගේම යහපාලන කාලේ මිනිස්සු විශාල පිරිසක් කෑලි කෑලි වලට කපලා ඔලු, අත පය තවත් කෑලි කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක නගරවල ද කානු තුලද දාල ගියා මාතලන් ට මතකයි නේද?

    ඒ දවස්වල පොලීසියට බැන්නා මිසක් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හෝ අගමැතිට මේ ගැන කවුරුත් මුකුත් කියුවේ නෑ නේද? තව පවුල් පිටින් ඝාතනය කර ගිනි තබා විනාශ කර තිබුණා. මදුෂ් ගේ සහචරයන් ලයිව් වීඩියෝ පෙන්වමින් මිනිස්සු ගෙල සිද මරමින් ඒවා වීඩියෝ කර විරුද්ධවාදීන්ට යවා බය කලා. මහ දවල් ජනාකීර්ණ මාවත් වල වෙඩි තබා මිනිස්සු මරා දැමීම් රැසක් සිදුවූ බව මතකයි නේද?

    ඒත් ජනපතිවරයා මේ වගේ හුදෙකලා සිදුවීමකට වගකිවයුතු වන්නේ නෑ හැබැයි දිගටම මේ වගේ දේවල් වෙනවා නම් ඔහු මැදිහත් වී වහාම ක්‍රියාත්මක විය යුතුයි නේද?

    ReplyDelete
  3. කාට හරි සද්දෙට පඩයක් ගියත් අම්මෝ ජාතික ආරක්ෂාව අනතුරේ, අහවලා හිටපු කාලේ නං මෙහෙම නෑ බුද්ධි අංශ හොඳම තත්වයේ තිබුණා කියන මතයක් සමාජගත කලේ කවුද?

    ReplyDelete
  4. //පොලීසියේ SI කෙනෙක් ෆේස්බුක් එකෙන් යාළු වෙලා කෙල්ලෙක් මරණවා.//

    මාතා ඔබ මේ කිරන තරුණිය ඝාතනය කර ඇයගේ හිස කඳින් වෙන් කර මෘතදේහය කොළඹ වේල්ලවීදිය මහමග දමා ගිය පොලිස් නිලධාරියා ඇමති ආරක්ෂක අංශයේද සේවය කළ අයෙකු බවට තොරතුරු හෙළි වෙලා තියෙන්නේ.

    ඒ වගේම පහුගිය රජයේ කාලයේ ඔහු පාක්ෂිකයකු වීම නිසාම එජාපයේ රෙකමදාරුව මත එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරයෙකුට ආරක්ෂාව ලබා දුන් පුද්ගලයෙකු යැයි ද සඳහන් පුවත් පත් වෙබ් අඩවි වාර්තා රැසක තියෙනවා.

    එමෙන්ම අදාළ තරුණිය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකුගේ නැගණිය ලෙස ද හදුනාගෙන ඇත.

    එම පොලිස් පරීක්ෂකවරයා පසුව බුත්තල පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටියදී මෙම අපරාධය සිදු කර තිබේ.

    ඔහු ගෙල වැලලාගෙන මිය ගොස් සිටි දී මල් සිරුර පොලිසිය විසින් සොයා ගන්නා ලදී.

    ReplyDelete
    Replies
    1. ඔව් දැන් සියල්ල හෙලි වී අවසන්...

      Delete
  5. කතාව හොදයි ඇත්තත් තමයි. බැදපු ගෑනියෙකුට හරි මිනිහෙකුට හරි ඔය සම්බන්දවල පැටලෙන්න විවාහයේ කටුක නීරස හේතු වෙනවා කියන එකත් පට්ටම ඇත්ත.. හැබැයි ඔන්න ඔය කියන ජාතියේ කටුක නීරස ඇතිවෙන මූල බීජය ගැන අද්‍යනයක් අපේ සමාජයේ නෑ.. ඒ ගැනත් පොඩ්ඩක් ලියමුකෝ බන්...

    ReplyDelete
    Replies
    1. ඒ ගැන කොච්චර ලිව්වත් මේවා මේ ලෝකය තිබෙන තුරා පවතින දේ....

      Delete
  6. අනුරයා තාම කරුණු එකතු කරනවලු ගජබින්නාලංකාරය දෙසාබාන්න.

    බලපිය මාතෝ අර ඉම්රාන් ඛාන් කියන ගෝතයා 1996 අවුරුද්දේ අලුත් පක්ෂයක් හදාගෙන කාර්යක්ෂමව අවුරුදු 14 ක් ආසන මුකුත් නැතුව කට්ට කාගෙන ඇවිත් පස්සෙ අවු. 22 න් රටේ බලේ අරගෙන අග්‍රාමාත්‍ය වෙලා ලෝක සවාරි ගිහින් ටෝක්ස් දෙනවා හැමෝටම. ඒත් ඉතින් ලංකාවේ පුක් පඬි මීහරක් රතු අලි ගොබ්බයන්ගේ පක්ශෙ පිහිටේව්වෙ 1965 යේ දැනට අවු.56ක් වෙනවා පළාත්පාලන ආයතනයකවත් බලේ නැහැ.

    මිනිස්සු 2001 ආසන 10 ක් 2004 ආසන 39 ක් දිනවල දීලත් මුකුත් කරන්න බැරුව කුජීත විදියට කිච වෙලා ආසන යාන්තම් තුනකින් ෂේප් වෙලා තියෙන්නේ.

    අර දේශපාලන පලිගැනීම් පිළිබඳ කොමිශන් එකේ වාර්තාව ආපු වෙලේ ඉදල ලප කුමාර් කියන ගල් මූසල යෝදය ඒකෙන් ⁣බෙිරෙ⁣න්නෙ කොහොමද කියල කල්පනා කරනව. දැන් වෙන වැඩ අමතකයි.

    ReplyDelete
    Replies
    1. එයාලා දැන් කරන්නේ බිස්නස් එකක්...
      උන්ට බලය ඕන නෑ...
      සල්ලියි ඕනා...

      Delete
  7. අයියා පාස්කු ප්‍රහාරයට කොටු කරන්න කුමන්ත්‍රණයක් තියෙනවා!…ඒව කොහෙද…! කරල බලමු…! දැන් ඉන්න අය වන්දිය ගෙවන්න සූදානම් වෙන්න…! – ඩඩ්ලි සිරිසේන

    තම සහෝදරයා වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු බෝම්බ ප්‍රහාරය සඳහා කොටු කරන කුමන්ත්‍රණයක් ඇතැයි පැහැදිලිව පෙනී යන බව ‍ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන සඳහන් කරයි.

    ‘එහෙම කොහෙද.. පුළුවන් නම් කරල බලමු.. අපි ලෑස්තියි’ යනුවෙන්ද ඔහු අවධාරණයෙන් කියා සිටියේය.

    ඔහුට දඬුවම් ලබා දෙන්නේ නම් ජේ.ආර්. ජයවර්ධනගේ සිට ප්‍රේම දාස ඇතුළු සියලු නායකයින්ට සිරදඬුවම් ලබාදිය යුතු බවත් ඩඩ්ලි සඳහන් කරයි.

    එසේ ම තම සොහොයුරාට දඬුවම් ලබා දෙන්නේ නම් ඊළඟ නායකයින් ද අනාගතයේ ඒ ඉරණමට සූදානමින් සිටිය යුතු බවටත් ඔහු අනතුරු ඇඟෙව්වේ ය.

    ඔහු මේ බව කියාසිටියේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

    ඉදිරියේදී විශාල හාල් හිඟයක් ඇති වන බව තමන් වේලාසන ම සඳහන් කරන බව ද පවසන ඔහු වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන්ට පිස්සු යයි ද සඳහන් කරයි. මේ ගැන ඔබට අදහසක් තියෙනවා ද කියලා කියන්න පුළුවන් ද?

    ReplyDelete
    Replies
    1. මේ ගැන කීප විටක්ම ලිව්වා....

      Delete
  8. කුවේණියත් පෙම් කොට රට අමුත්තට
    නෑයොත් නසා ඉඩ දුන්නා රජ වෙන්ට
    එතකොට මුහුණු පොත තිබුණද love එකට
    දැන දැන පනිනවා පළඟැටි ගින්දරට

    ReplyDelete
    Replies
    1. කීලි මහරාජා උඹලාගේ එවුන්ව උස්සලා සජිත් පොර කරනවා. දෙරණ හිරු ගෝඨා උස්සනවා.. ආණ්ඩුවට හොරණෑ පිඹිමින් කඩේ යනවා. නයි ටී එන් සහ අවජාතික නාලිකාව බලේට එන එන එකාට #ක දෙනවා. ඔක්කොම කරන්නේ එකම දේ මල්ලි

      මම නම් දකින්නේ ඔය කිසීම නාලිකාවක් ජනතාව වෙනුවෙන් පෙනි ඉන්නේ නෑ. හැමෝම පෙනී ඉන්නේ බලය තිබෙන එකා වෙනුවෙන්.

      ඒකට ඉස්සර මාද්‍යකරුවන්, ඔවුන්ව දකිද්දී මොකා උනත් ඇඹරෙනවා කේස් එක මාද්‍ය කරුවා දැනගන්න නිසා. සමහරක් වෙඩිත් කෑවා ජනතාවට සත්‍ය සටහන් කරන්න ගිහිල්ලා

      Delete
  9. ඇත්තමයි යාළු කාලෙකට පස්සෙ බලපු හොඳ නාට්‍යයක්. විනෝදය වගේම හැමෝටම ලොකු ආදර්ශයක් දෙන්නෙ. හරිම ආසාවෙන් බලන්නෙ. මම ඒත් බැළුවා ඇයි ඔයා තාම මෙිකට ආවෙි නැත්තෙ කියල මාතා. ඒකත් හරි ,ප්ලීස් මට වෝට ග්ලාස් එකක් දෙන්න.

    ReplyDelete
  10. සෞම්යාට දිව දාන්න ආසයි. රෝස පාට ඇති. ම්ම්... මතක් වෙද්දීත් ඉන්නම බැහැ.

    ReplyDelete
  11. පේමතෝ විප්පමුත්තස්ස
    නත්ථි සෝකෝ නත්ථි භයං.

    ReplyDelete
    Replies
    1. මාතෝ ධම්ම පදය පිය වග්ගයේ එන "පෙමතො ජායතීති” කියන මේ ධර්ම දේශනය බුදුන් සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ සිටිය දී විශාඛා උවැසිය නිමිති කරගෙන දේශනා කළේ.

      පෙමතො ජායතී සොකො, පෙමතො ජායතී භයං;

      පෙමතො විප්පමුත්තස්ස, නත්ථි සොකො කුතො භයං.

      ශෝකය ප්‍රේමය නිසාම උපදනේය, භය ප්‍රේමය නිසාම උපදනේය.

      ප්‍රේමයෙන් මිදුණු සිත් ඇත්තාහට ශෝකයක් නැත, භයක් කොයින්ද?

      නිධාන කතාව;

      විශාකා දේවියගේ පුතෙකුගේ දුවක් වූ දන්තා නම් කුමරියක තමන්ගේ ස්ථානයේ තබා නිවසට වැඩමවන භික්ෂූන්ට වතාවත් කරවු අතර ඇය ටික කලකින් කළුරිය කළා. විශාඛා දේවිය ඇගේ සිරුරු කිස නිමවා ශෝකය දරාගැනීමට නොහැකිව දුකින් දොසින් කඳුළු වැකුන මුහුණින් යුතුව අඬමින්ම බුදුවෙත ගොස් වැඳ එකත් පසෙක වාඩිවුවාලු.

      මෙහිදී බුදුන් විශාඛාව දැක දුකින් දොසින් කඳුලු පෙරා අඩමින් සිටින්නේ කුමක් නිසාදැයි විමසු විට ඇය ඒ සියළු තොරතුරු පවසා මට ඉතා ප්‍රිය මනා ගතිපැවතුම් ඇති ඇය නැතිවීම නිසා, එබඳු ගති පැවතුම් ඇති වෙනත් කෙනෙක් සොයාගැනීම අපහසු බව කීය.

      බුදුන් සැවැත් නුවර කොතරම් ජනකායක් සිටිදැයි ඇගෙන් විමසු විට

      ස්වාමීනි සත්කෝටියක් ජනතාව සිටිති.

      ඉතින් මෙපමණ වු ජනයා ඔබගේ මිණිබිරියන් හා සමාන වන්නේ නම් එලෙස වීමට කැමතිද?

      එසේය ස්වාමීනි.

      මේ සැවැත් නුවර දිනකට කීදෙනෙක් මියයත්ක්ද?

      බොහෝදෙන මියයති.

      ඉතින් ඒ සියලු දෙනා වෙනුවෙන් හඬන්නම් එන්සේ හඩන්නට ඔබට දිවා රෑ වේලාවක් ඉතිරි වන්නේද?

      එසේ වේවා ස්වාමීනි මම තේරුම් ගතිමි. මට වැටහිණ

      අනතුරුව බුදුන්

      එසේ නම් ශෝක නොකරන්න. ශෝකය බිය ඇතිවන්නේ ප්‍රේමය නිසාය යයි පවසන ලදී.

      Delete
  12. මාතා ලබන මාර්තු හත් වෙනදා කළු ඉරිදාවක් කරල තියෙන්නෙ. කළු මළගමට නරකට තියෙන පාටක්. ඒත් බෞද්ධයන් අතර නොවෙයි. බෞද්ධයන් නම් මළගමටත් පින්කමටත් සුදු අඳින්නෙ. ඒක කවද පටන් ගත්ත එකක් ද දන්නෙ නැහැ. ඒත් බෞද්ධයන් කළු නම් අඳින්නෙ නැහැ.

    නීතිඥයන් නම් කළු අඳිනවා. කළු කර පටියක් ද බඳිනවා. ඒකෙ තේරුම දන්නෙ නැහැ. නීතිඥයන් අයහපත් බවේ සංකේත ද? ඒ වුණත් ලංකාවෙ නීතිඥවරියන් නම් කැමති සුදු අඳින්න වගෙයි. ප්‍රථම උපාධි ලෝගුවත් කළු පාටයි. ඒකෙ තේරුම මොකක් ද?
    සාමාන්‍යයෙන් බටහිර ක්‍රමයට අඳින මනමාලයන් අඳින්නෙත් කළු කබායක් සහ කළු කලිසමක්. කොහොමත් බටහිර කබාය හා කලිසම සාමාන්‍යයෙන් කළු. බටහිර ජනයා සහ ඒ අය අනුකරණය කරන කට්ටිය හැමෝම කළු පාටට මෙතරම් කැමති ඇයි? ඔවුන් අවිඥානික ව දන්න දෙයක් තියෙනවා ද? ඊනියා මනෝ විශ්ලෙෂකයකුට එයට කතාවක් හදන්න පුළුවන් ද?

    ඒ කොහොම වුණත් කළු ඉරිදා කතන්දරය පනවල තියෙන්නෙ කාදිනල්තුමා. එ පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමේ වාර්තාවෙන් යුක්තිය ඉටු වුණේ නැහැ කියන පදනමෙන්.

    ඒ අතරේ වාර්තාවෙ එක වෙළුමක් පමණක් දීල කියල සජිත් කෑ ගහනවා. අනෙක් වෙළුම්වල තියෙන්නෙ සාක්‍ෂි හා වෙනත් ලියවිලි වෙන්න ඕන. වාර්තාව හැටියට ලියල තියෙන එක තමයි පළමුවැනි වෙළුමෙ තියෙන්නෙ. (මම ඒ බව කියන්නෙ සාමාන්‍යයෙන් වෙන්නෙ එහෙම නිසා.)

    ඉතිරි වෙළුම් ටිකත් සජිත්ගෙ පින්බර දෝතට ලැබේවි. එතකොට මොකද වෙන්නෙ?

    මේ රටේ කවුරු විපක්‍ෂයෙ සිටියත් කරන්නෙ ආණ්ඩුවෙ ඇති වැරැද්දටයි නැති වැරැද්දටයි තමන්ගේ පුද්ගලික අඩුපාඩු හැම එකටම වගේ ඔක්කොටම රටේ පවතින ආණ්ඩුවට දොස් කියන එක.

    පාස්කු ඉරිදා ප්‍රහාරය සිද්ධ වුණෙ යහපාලන ආණ්ඩුව කාලෙ. ඒකෙ මෛත්‍රිපාල ජනාධිපති, රනිල් අගමැති. සජිත්ලා කිරිඇල්ලල ඇමතිවරු. ඔය කොමිසමත් කොමිසමට ඉස්සෙල්ල විමර්ශන කමිටුත් පත් කෙළෙ යහපාලනෙන්. වාර්තාව පිටවුණෙ නම් ගෝඨාභය ආණ්ඩුව කාලෙ.

    ඔය විපක්‍ෂය කියන්නෙ ඔවුන් බලයෙ හිටිය නම් වෙනත් වාර්තාවක් පිටවෙන්න තිබුණ කියල ද? මේ ආණ්ඩුව කොමිසම ලවා වාර්තාව තමන්ට ඕන විධියට සකස් කරව ගත්ත කියල ද?

    එහෙම ඉඩක් නැහැ කියල මම කියන්නෙ නැහැ. ඒත් විපක්‍ෂය එහෙම මතයක් දරනව නම් ප්‍රසිද්ධියෙ ඒ බව කියන්න ඕන. ඉන් කොමිසමට අපහාසයක් වෙනව කියල නොකිය ඉන්න එක හරි නැහැ. වාර්තාවෙ සාක්‍ෂි හා වෙනත් ලිය කියවිලි අඩංගු ඉතිරි වෙළුම් ටික ඉල්ලල කෑ ගහන සජිත් කොමිසම් වාර්තාව ලියවිල තියෙන හැටි කියන්න බය ද?

    වාර්තාව ගැන විවිධ අය විවිධ කතා කියනවා. සජිත්ලත් වාර්තාව ගැන කියන්නෙ එය මේ ආණ්ඩුවෙ වැඩක් බව පෙන්නන්න. මා දන්නෙ නැහැ මේ ආණ්ඩුවෙන් කොමිසමේ වැඩ කටයුතු වෙනස් කෙරුව ද කියල. ඒත් කොමිසමේ සාමාජිකයන් වෙනස් වුණෙ නැහැ කියලයි මගේ මතකය. මෙහි දී මා වැරදි වෙන්න පුළුවන්. මේ ආණ්ඩුව සජිත්ලගෙ චෝදනාවලට නිසි පිළිතුරු දෙන්නෙ නැත්තෙ ඇයි ද කියන එක නම් ප්‍රශ්නයක්.

    මේ වාර්තාවෙන් ප්‍රධාන වශයෙන් කියැවෙන්නෙ පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට මෛත්‍රිපාල සිරිසේන, පූජිත ජයසුන්දර, හේමසිරි ප්‍රනාන්දු ආදීන් කටයුතු නොකිරීමෙන් වගකීම පැහැර හැරි බවයි. රනිල්ට ඒ චෝදනාව ඒ අයුරින් එල්ල කෙරෙන්නේ නැහැ. ඔහු ආණ්ඩුවේ අගමැති. අපේ රටේ කියන විධියට පූජිත මෛත්‍රිපාලගෙ මිනිහෙක් නො වෙයි. ඔහු රනිල්ගෙ මිනිහෙක් ද? එහෙම නම් රනිල් දක්‍ෂ ලෙස චෝදනාවෙන් බේරුණා ද? රනිල්ට විරුද්ධ ව කියැවෙන්නෙ මුස්ලිම් අන්තවාදයක් පැතිරෙන බවක් විශ්වාස කළ නොහැකි බව කීමයි.

    ReplyDelete
    Replies
    1. අනෙක් අතට මුස්ලිම් දේශපාලනඥයන් නිදොස් වෙලා තියෙනවා. බැරි වෙලාවත් සහාරාන් මැරුණෙ නැත්තම් ඔහුත් නිදහස් වෙන්න තිබුණා. මුස්ලිම් දේශපාලනඥයන් පාස්කු ප්‍රහාරය ගැන කිසිවක් නොදැන සිටියා කියා විශ්වාස කරන්න අමාරුයි. යම් කිසිවකු මුස්ලිම් දේශපාලනඥයන් නිදහස් කර ගන්න කළ උත්සාහයක් ද පේන්න තියෙනවා. කෙසේ වෙතත් මුස්ලිම් දේශපාලනඥයන් ඒ මත පදනම්වෙලා උදම් අනන බවක් පේන්න තියෙනවා.

      මේ අතර බොදු බල සේනාව හොඳ කතාවක් කියල තිබුණ. ඒ බෝන් අගේන් අයකු වාර්තාව සකස් කිරීමේ දී යම් මැදිහත්වීමක් කර ඇති බවයි. අප බොදු බල සේනාව සමග මතවාදී තලයේ කිසිසේත්ම එකඟ නැහැ. ඒත් මේ කියන කතාවෙ නම් ලොකු ඇත්තක් තියෙන්න පුළුවන්.

      මොකද මුල සිට ම අපේ මතය වුණෙ පාස්කු ප්‍රහාරය බටහිර ක්‍රිස්තියානි සංස්ථාපනය විසින් මුස්ලිම් අන්තවාදය බළල් අතක් ලෙස යොදා ගෙන කරන ලද්දක් ලෙසයි. 2019 අප්‍රේල් මාසෙත් අපේ ස්ථාවරය වුණෙ ඒකයි. බටහිර රාජ්‍ය හා චීනය අතර ඇති ප්‍රශ්නය හා නව සේද මාර්ගය අසාර්ථක කිරීමට බටහිර රාජ්‍ය වලට ඇති අවශ්‍යතාවත් මේ ප්‍රහාරය මෙන් ම පිලිපීනයේ කරන ලද ප්‍රහාරය පිටුපසත් ඇති බව අපි කලින් කියල තියෙන්නේ.

      ඒ වගේම බටහිර ක්‍රිස්තියානි සංස්ථාපනයෙ ගාමක බලවේගය බවට මේ වන විට බෝන් අගේන් කල්ලිය පත්වෙලා.

      බෝන් අගේන් සාම්ප්‍රදායික ක්‍රිස්තියානි සභාවලට, විශේෂයෙන් ම කතෝලික සභාවට විරුද්ධයි. මඩකලපුවේ හැරෙන්න පාස්කු ප්‍රහාරයේ දී පහර දුන්නෙ කතෝලික පල්ලිවලට. මේ ප්‍රහාරය සමග හෝටල්වලත් බෝම්බ පිපිරුණා. මෙහි එක ගලෙන් කුරුල්ලන් කිහිප දෙනකු මරා ගැනීමක් ද පේන්න තිබුණා.

      මේ සැලසුම් කරුවන්ට සිංහල මුස්ලිම් ගැටුමක් ඇති කරල සිංහලයන්ට විරුද්ධ ව තවත් ඊනියා ජාත්‍යන්තර මතයක් ඇති කිරීමේ අවශ්‍යතාවක් ද තිබුණා. එහෙත් එය හරි ගියේ නැහැ.

      මම හිතන විධියට කාදිනල්තුමාට බෝන් අගේන් සම්බන්ධය ගන වැටහීමක් තියෙනවා. එතුමා බලාපොරොත්තුවෙන් ඉන්න ඇති කොමිසම් වාර්තාවෙන් බෝන් අගේන් කතාව හෙළිදරවු වේවි කියා. ඒත් එය සිදු වෙලා නැහැ. අද ලෝකයේ මුස්ලිම් අන්තවාදය මෙහෙයවනු ලබන්නෙ ඇතැම් ක්‍රිස්තියානි සභා විසින්. බෝන් අගේන් ඉන් ප්‍රධානයි

      කොමිසම සහාරාන් පිටුපස හිටියෙ කවුද කියල හොයල බලල නැහැ. එහෙම හෙවුව නම් බෝන් අගේන් හා මුස්ලිම් අන්තවාදය හෙළිදරවු වෙන්න තිබුණ. මුස්ලිම් සම්බන්ධය වහන්න ඕන වෙච්ච අයට ම බෝන් අගේන් සම්බන්ධයත් වහන්න ඕන වුණා කියා අපට කියන්න බැහැ.

      කොහොම වෙතත් කොමිසම ඒ ගැන හොයල නැහැ. ඒ කිසිවක් නොසොයා ඔවුන් ප්‍රහාරය වැළැක්වීමට පියවර නොගැනීම ගැන පමණක් හොයල. එහිදිත් රනිල්ට හොඳ චරිත සහතිකයක් දීල. පාස්කු ප්‍රහාරයට ඒ අවස්ථාවෙ ලංකාව තෝරා ගැනීමට නම් මෙරට ඊනියා යහපාලනයෙ තිබූ හවුල් අවුල බුද්ධි අංශය දුර්වල වීම ආදිය බලපාල.

      ප්‍රහාරයේ සැලසුම් කරුවනට සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට විරුද්ධ ව තවත් ඊනියා ජාත්‍යන්තර මතයක් ඇති කිරීමේ අවශ්‍යතාව තිබුණ බව නම් පැහැදිලියි. අද ලංකාවෙ ඉන්න සිංහල ජාතිය හා අනෙක් ජනවර්ග හා ජන කොටස් සැලකුව ම ජාත්‍යන්තර ව දුර්වල ම සිංහල බෞද්ධයන්.

      මට මේ වෙලාවෙ මතක් වෙන්නෙ සභ්‍යත්ව ගැටුම පොත ලියූ සැමුවෙල් හන්ටින්ග්ටන්. ඔහු විවිධ සභ්‍යත්ව ගැන කියනවා. එහෙත් ථෙරවාද සභ්‍යත්වයක් නැති බව පැහැදිලි ව කියනවා. ඔහු සභ්‍යත්වයක් කියන්නෙ මනුෂ්‍යත්වයට පසු පොදු බවක් කතා කරන්න පුළුවන් විශාලම ජන එකතුවකට.

      Delete
    2. @ AnonymousMarch 3, 2021 at 8:45 AM

      කළු ඉරිදා කියලා දෙයක් නැහැ මචංලා, එක දෙවියෙක් එක විදියකට විස්වාස කරන සෙට් එකක් ඒ දෙයියාම තවත් විදියකට විස්වාස කරන සෙට් එකකට බෝම්බ ගැහුවා.

      මට තියෙන ප්‍රශ්නය දෙවියන්ට ඒ බෝම්බය නිෂ්ක්‍රිය කරන්න දිව්‍ය බලය යොදාගන්න බැරි වුණේ ඇයි කියලා. දෙවියෝ අල්ලලා පාස්කු කොමිසමට ගෙනාවා නම්, නැත්නම් ආගමික ශාස්තෲ වරු දෙන්නා ගෙන්නලා උන් දෙන්නාට මේ ප්‍රශ්නය සමථ මංඩලේට දාල බේරගෙන, මැරුණු අයට උට්ඨානය දෙන්න තිබුණා. දෙවියෝ අපි හිතන තරම් forward නැහැ මගේ හිතේ....

      Delete
    3. ඉතා හොඳ කියවීමක්... ස්තූතියි

      Delete
  13. ඇත්තටම මාතාට කියන්න ලංකාවේ තරුණයන්ගේ දේශපාලන නොතේරුම්කම ඉතා ඉහළයි. ඔය සිද්ධිය ගැන වගේම ඉතාම සරල තවත් සිදුවීමක් නිසා ඒක ලේසියෙන්ම පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්.

    ලංකා වෙලාවෙං හෙට උදේ පටන් ගන්න ලංකාව සහ බ.ඉ. කොදෙව් අතර ක්‍රිකට් තරගාවලිය විකාශය නොකරන්න චැනල් අයි තීරණයක් අරන්.

    මං දැක්කා අතරින් පතර සංවිධානාත්මකව ජවිපෙ සහ සජබ හිතවාදී අන්තර්ජාල පේජ් සහ කමෙන්ට්කරුවන් මේ සිදුවීමටත් නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයාව විවේචනය කරනවා.

    ඇත්‍තටම මුල්ම දේ චැනල් අයි නාළිකාව ක්‍රීඩා අමාත්‍යංශය යටතේ පවතින ආයතනයක් නෙවෙයි. ඒ සරල මූලික දේ..

    දෙවැන්න ක්‍රිකට් තරගයක් විකාශය කරන්න විකාශන අයිතිය ලබා ගන්න නිෂ්පාදකයන්ට විශාල මුදලක් ගෙවන්න නාළිකා වලට සිදු වෙනවා.. රජයේ නාළිකාවක් නම් මේ ගෙවන්නේ මහා භාණ්ඩාගාරයෙන් ලැබුනු මුදල්. (තනි සැට් එකෙන් වින්ඩීස් ෆීඩ් ගන්න බෑ මෙහෙට එක පාර එක නිසා මගින් සැට් එකකට අරන් මෙහෙට ගන්න පුලුවන් [100.5E 68.5E] වගේ එකකට එතනින් අප් ලින්ක් කරලා තමයි මෙහෙට ගන්න ඕන. ඒකයි වියදම් වැඩි ඉන්දියන් එක සැට් එකකවත් මේක යන්නේත් නෑ)

    මෙහෙම මුදලක් ගෙවලා විකාශන අයිතිය ගත්තම, ඔවුන් යළි ඒ මුදල හොයාගන්නේ වෙළද දැන්වීම් ප්‍රදර්ශනය කරලා.

    හැබැයි දැන් ක්‍රිකට් තරග නරඹන ප්‍රමාණය 40%කින් වගේ අඩු වෙලා කියලා මාකටිං ඒජන්සි සහ සමීක්ෂණ වාර්තා කියනවා.

    ඒ නිසා සමාගම් දැන් ක්‍රිකට් තරග අතර වෙළද දැන්වීම් මිලට ගන්නවා අඩුයි.

    මහ රෑ තියෙන මැච් එකක් බලන පිරිස ඊටත් වඩා අඩුයි. එවැනි තරගයක වෙළද දැන්වීම් කිසිම සමාගමක් මිලට ගන්නෑ..

    ඉතින් විශාල මුදලක් ගෙවලා විකාශන අයිතිය ගත්තට, එයින් ලාභ උපයන්න බැරි නම් ඒ මුදල නාළිකාවට පාඩුවක්.

    ඒක අවසානයේ ඔඩිට් වුනාම හේතු කියන්න වෙන, භාණ්ඩාගාරයෙන් ලැබුනු බජට් ඉවර වෙන, නාළිකාව බංකොලොත් වෙන වැඩක්..

    ඉතින් ඒ පාඩුව නිසාම තරගාවලි අයිතීන් මිලට නොගෙන ඉන්න නාළිකා ප්‍රධානීන් තීරණය කරනවා.

    ඒක ඔවුන්ගේ ස්වාධීන අයිතිය..

    ඔය සරල කරුණ තේරුම් නොගෙන ඒකටත් ක්‍රීඩා ඇමතිට දොස් කීම මෝඩ වැඩක්.... මේ වගේ තමයි අනිත් ඒවාත්...

    ReplyDelete
    Replies
    1. ආන්ඩුවලට විරුද්ධ වෙන එක වීරකමක් කියලා හිතන උනුත් ඉන්නවා....

      Delete
  14. Maathe, Meke liyana unta pissuda? hatida? Mata pissuda? (Wijebahu)

    ReplyDelete
    Replies
    1. Thanks for having someone like me in your mind :) (Wijebahu official)

      Delete
    2. Who is this Wijebahu and Wijebahu official (meeta Wijebahu)

      Delete
  15. රට නෙවෙයි ඉන්න මිනිස්සු තමයි මිලේච්ඡ. උන්ව මිලේච්ඡ කරේ පාලකයෝ . උන් තමයි පට්ට මිලේච්ඡ . හැබැයි උන් පෙන්නනේ පට්ට සිල්වත්තු , දෙවියන්ගේ පුත්තු කියලා ..... රෙද්ද ....
    බලපන්කො කොනිත්තලා හීනියට වගේ ඕකුන් රෙද්ද උස්සගෙන එන හැටි .
    මොකද උන් ඉන්නේ හීනමානයෙන් , මිලේච්ඡකම උන්ගේ ඇතුලේ තියෙන්නේ . ලේ වෙනුවට දුවන්නේ ඇග පුරාම මිලේච්ඡකම .

    පරිස්සංවෙන් උන්ගේ ගෝලයෝ හැමතැනම .
    -ආටියා-

    ReplyDelete
  16. නොට් ටු බෝන් අගේන්..!

    ධම්මික පැණිය හෝ ජේසුගෙ බලය සොයා
    අසරණ උනු පිරිස් තැන් තැන් වලට ගියා
    ඉල්ලා දෙවි පිහිට අහසට දෙනෙත අයා
    එල්ලෙති පිදුරු ගස් වල - උන් ගිලෙන නියා

    උරුමව තිබෙන ජාතිය, ආගමද, රට
    මුලටම දැනේ අප ඉපදුනු දිනයෙ සිට
    රෝ දුක් බියෙන් - යන එන මං වැහෙන කොට
    ඒ දැඩි බැඳුම මිහිදන් වෙයි පොළොව යට

    උපතින් බොදුනු අපි - ඇයි කලබල වෙන්නේ
    සන්සුන් සිතින් මෙත් වඩමින් ඉව සන්නේ
    දහමේ අරුත උව - නැත අද මතු වෙන්නේ
    ගොම රිටි මතු වෙලයි - මිණි කැට යට යන්නේ

    සත්‍යම සොයා මුලු සසරම සැරි සරලා
    බුදු බව ලැබූ උතුමෙකුගේ බණ අහලා
    වංචා වලට නොම හසුවී දිවි ගෙවලා
    නිවැරදි මගෙහි යමු රැවටිලි පිටු දැකලා

    දස අකුසලය ගැන වැටහීමක් ඇතුව
    සිල්වත් කවුද - ඒ අය හා එක මුතුව
    අල්ලස් පගා හෝ සන්තෝසම නැතුව
    නිම කර ගනිමු සසරේ දුර - සිහි ඇතුව

    ආ. ගු. - සිඩ්නි - ඕස්ට්‍රේලියාව

    ReplyDelete
  17. මේක ඇත්ත ද? ��


    https://m.facebook.com/story.php?story_fbid=461077565325232&id=100042689761432

    ReplyDelete
  18. ඕක දන්න හින්ද තමයි අපි රාජපක්ෂ හොර රැල ලංකාවේ බලයට එන්න කලින්ම 2019 දී ලංකාවම MCC එක හරහා ඇමෙරිකාවට දෙන්න හැදුවේ.

    කොහෙද ඉතින්, කම්බ හොර රාජපක්ෂ හොරරැලට වඩා ඇමෙරිකාව හොදයි කියලා කොච්චර කිවුවත් තැරිදාර පුන්නක්කු බයිසන් මීගව ගොන් බයින්ට තේරෙන එකක් යැ.

    - එක්සත් බැක්සයිඩ් පෙරමුණ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න