.

.

Mar 7, 2021

පුකේ ආදරේ, (කෝ යකෝ හිත්වල ආදරේ..)


මාතලන් යමක් කමක් තේරුම් ගන්න පුළුවන් කාළේ ඉඳලා තේරුම් ගත්ත දෙයක් තමයි ආදරය කියලා එකක් නෑ කියනෙක. 

ඒත් එහෙම එකක් තියෙනවය කියලා මිනිස්සු මුලාවක වැටිලා ඇදගෙන නානවා. මේක පොඩි උන්ගේ විවාද තරඟයක් වගේ. කස්ටියක් ආදරේ ගැන කවි සී පද කෙටිකතා ලියද්දි, තා සෙට්ටෙකක් විරහව වේදනාව ගැන ගි සින්දු පුස්තක ලියනවා. 

එහෙනම් මොකක්ද බං තියෙන්නේ? තියෙනවා කෑදරේ කියලා එකක්. මේක සරළව කියනවා නම් රාගය. ජීවීන්ගේ ප්‍රධාන ලක්ෂණයක් වන ආත්මාර්ථකාමීත්වය. සියල්ල තමන්ගේ කර ගැනීමේ ආශාව. මේකේ නිමක් නෑ. 

කෙනෙක් හිතනවා ලෝකේ ඉන්න ළොකුම සල්ලිකාරයට හෝ අධ්‍යාත්මවේදියාට මේක නෑ කියලා ඒකත් බොරුවක්. සල්ලි කාරයා බලන්නේ තමන්ගේ ධනය වෙනත් මොකක් හෝ ක්‍රමයකින් වැඩි කර ගන්න. ඒක හොඳ දෙයක්. ළෝකය දියුණු වන්නේ එහෙම මිනිස්සු නිසා. අධ්‍යාත්මවේදියා සැටිස්ද...? නෑ. පොර සදාකාලික විමුක්තිය සොයනවා. ඒක උගේ හෝ ඇගේ රාගය. 

එතකොට අපි ඔය කෑදරේ හෙවත් ආදරය කියලා ප්‍රසිද්ධියේ පිලිගන්න දේ ගැන හදාගත්ත ප්‍රසිද්ධ මිත්‍යා මත තියෙනවා.. ඒ කියන්නේ ආදරේ කරන්න ඕන කොල්ලොයි කෙල්ලොයි විතරයි. වයසක උන්ට ආදරේ කරන්න බෑ. තහනම්. උන් සිල් ගන්න ඕන. ඒ කියන්නේ වයසට යන කොට හැඟීම් වලට තිත තියන්න ඕන. මොළේ මරන්න ඕන. එහෙම මෝළේ මැරිලා මැෂින් වලින් ජීවත් වන උන්ටත් හැඟීම් තියෙනවද කියන්න මම නම් දන්නේ නෑ. 

කොල්ලො කොල්ලො අතරේ ආදරේ... කෙල්ලෝ කෙල්ලෝ අතරේ ආදරේ... නාකි එක්ක ආදරේ... වයසින් අඩු අය එක්ක ආදරේ..(ළමා අපචාර නෙමේ.. ඒක කෙලින්ම රෝගයක්) අපේ රටේ පිලිකුල්... ඒවා සමච්ඡලයට ගැරහීමට ලක් වෙනවා. මෑතකදී සෑහෙන උනා. 

අනියම් සබඳතා ඉලීගල්.. සම්බන්ධයක් අනියම් වෙන්නෙ කොහොමද. ඒ වික්ටෝරියානු සඟිස්කුරුතිය නිසා. ඊට කලින් තිබ්බේ නිදහස් ලිබරල් ලිංගික සබඳතා. ඒවට සීමා මායිම් නෑ. වලංගු උනේ බලය විතරයි. ඇත්තටම හිංගලෙන් සෙක්ස් ගැන සෙක්සුවැලටි (Sexuality) ගැන වැඩියෙන් කියවන්න නෑ. ඒත් ඉන්ගිරිසියෙන් අන්තර්ජාලේ මේ ගැන ඕනා තරම් තියෙනවා. ඒවා ගැන දැණුම්වත් උන්ට මේ මෑතක සිඳු වූ සිද්දීන් සාමාන්‍ය දේවල්.

ඉතින් ලංකාවේ උන්ට ඕක මැජික් එකක්. නමුත් සෙක්සුවැලටි කියන දේ මිනිස් සබඳතා වලින් එහාට ගිහින් ඇනිමල් සෙක්ස් දක්වා යන්න පුලුවන්. ඒ කියන්නේ තිරිසන් සතුන් හා සංවාසය. මේ ගැන ඉන්දියාවේ කජුරාහෝ වල ඉතරක් නෙමේ අපේ නාලන්දා ගෙඩිගේත් සාක්කි තියෙනවා. මේවත් ලංකාවේ තිබුනට.  එහෙම නෑ කියන්න තමයි අපේ අය ආස. හැබයි නියම ගම නොදන්න උන් ඒවා දන්නෙත් නෑ. 

ඔය කෑදරේ මුලින්ම ලබන්නේ නෙතින් අන්ධ නම් හැඟීමෙන්. දැකීමත් එක්තරා #කීමක් කියන්නේ ඒකයි. ඊළඟ ඉස්ටෙප් එක ස්පර්ෂය, ඒකේ කොටසක් චුම්බනය හෙවත් කිසින් හෙවත් සිඹීම. තව ඒවා තියෙනවා ඒ ඔක්කොම ලියන්න වෙලාව නෙමේ මේ. උපරීමය මෛතූනය හෙවත් හැමිනීම. 

අපේ උන් ආදරේ කරන්න තැන් ඉල්ලන්නේ ඕන් ඔය වැඩවලට. අපේ රටේ සංස්කෘතිය අනුව මමත් ඉන්නේ ප්‍රසිද්ධියේ ඔය වැඩ කරනවට විරුද්ධ මතයේ. නිදහස් චතුරශ්‍රය ළඟ කපල් සිද්ධියෙත් මම උන්නේ, එතන ලව් කරන්න දෙන්න එපා කියන මතයේ. 

මොකෝ අපේ උන් අත් අල්ලගෙන ඉඳීමෙන් නවතින්නේ නෑ. අපේ උන් ඕන දේක සීමාව දන්නේ නෑ. බීලා බෝතලේ කුඩු කරලා යන කාළකන්නි ඉන්න රටක, ලව් කිරිල්ලේ හැදියාවක් හික්මීමක් චාරයක් කලාවක් තියෙන්න බෑ. පාර පනින එකා පාර පනින්නේ පාර උගේ කියලා හිතාන. වාහනේ යන එකත් එහෙමයි. අනෙකා ගැන හිතන්නේ නෑ. ඔය හැමිනෙන්න නිදහස ඉල්ලන හැම තැනම පොඩි උන් පවුල් පිටින් එන තැන්. ඒ විතරක් නෙමේ පාසල් දරුවෝ අධ්‍යාපන චාරිකා එන තැන්. හැබයි ඒ එන්නේ ලිංගික අජ්ජාපනයට නම් නෙමේ.

ඔය ලව් ඉලව් වෙලා, හෙමීට හෙමීට ගයිනොකොලජිස්ට්ලගෙ රාජකාරීන් දක්වා ගමන් කරනවා, සම හරක් ගල් ලෝඩ් බානවා, කුක්කු බොනවා, ලොලි පොප් කනවා කවනවා ඉතරක් නෙමෙයි, මේ පාඨමාලා සියල්ල අවසානයේ ඉන්ටර්කෝස් එකත් කරනවා ඕවට ගියපු උන් දැකලා ඇති. 

ඒ නිසා සිංහළ සිනමාව නගා සිටුවීම වගේම කාමර කුලියට දීමේ ව්‍යාපාරයට මාතලන් උඩින්ම කැමතියි.

දැන් මට තියෙන ප්‍රශ්ණය ඔය එකක්වත් නෙමෙයි. දැන් මේ ආදරේ කරන්න ඕනා.. ඒකේ නිදහස තියෙන්න ඕනා කියපු උන්. මෑතක සිඳුවීමට එරෙහිව, ඒ චරිත දෙක විතරක් නෙමේ.. ඊට සම්බන්ධ චරිතත් ඝාතනය කරන්නේ ඇයි කියලා. කෝ උඹලා ඉල්ලපු ආදරේ. කෝ ඒ ඉල්ලපු නිදහස. 

අපි කොහොමද ඒ වගේ සබඳතා විවේචනය කරන්නේ. ඒක උන් දෙන්නටම මැනේජ් කර ගන්න බැරි උන එක වෙනම කතාවක්. ඒ උන් දෙන්නම ඒකේ කලාව නොදැන උන්න නිසා. එහෙම නැතිව කෑදරේ වරදක් නෙමේ. 

උන් දෙන්නත් මෙන්න මේ කෑදරේ කියන එකේ උපරීමයටම ගියා. 

මැනේජ් කරගන්න බැරි උනා..

ඌ කෙල්ල මරලා දැම්මා..

පස්සේ පසු තැවිලා ඌත් එල්ලිලා මලා..


උඹලා උන් දෙන්නම මරලා උන්ගේ හත්මුතු පරම්පරාවම මරණවා.

ඒ විතරක් නෙමෙයි ආදරයටත් (කෑදරයටත්) ගහනවා


කෑදරේ හරි බයානකයි.

ප්‍රවේශමෙන් පරිහරණය කරන්න.



ඉස්ධූතී... නන්ඩ්‍රෙයි.... ටෑන්ක්ස් හොඳේ...

19 comments:

  1. පමණ දැනගෙන කෑවෙ නැත්තං ඉස්මුරුත්තා වෙනව කියලා
    නොදැන මෝඩයො විහින් උගුලේ වැටෙති, අන්ධයො වගේ වීලා
    කරුණු කාරණ දැනං හිටියත්, මොළේ නැති වෙන තැන් ඇවිල්ලා
    පණ්ඩිතයො වුව වළේ වැටෙනව නොවෙද ග්‍රහයන් නීච වීලා?

    ReplyDelete
    Replies
    1. ඔය හැකියාව වර්ධනය කර ගන්න දිගටම කවි ලියන්න..

      අපූරුයි

      Delete
  2. මාතාත් අර රාජ පක්ස කල්ලියේ දේශපාලන කටයුතු වලට මූල්‍ය අනුග්‍රාහකත්වය දක්වන බ්‍රැන්ඩික්ස් එකේ ලොක්කා පෝලිමේ ඉඳලා වැක්සින් ගැහුව කියලා කවුද හතුරුසිංහ ද මොකෙක්ද තැරිදාර පුන්නක්කු අමු මැටි මීහරක් බයියෙක් ලියපු හෑල්ලකට රැවටිලා තිබුණානේ.

    අන්න ඒ වගේ තව හෑල්ලක් මේ;

    ///වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරයකු වන වාසුදේව නානායක්කාරගේ බිරිද කොරෝනා එන්නත විද ගැනීමට ගිය අවස්ථාවේ විශේෂ සිදුවීමක් සිදුවී තිබෙන බව බොහෝ සමාජ ජාල සහ වෙබ් අඩවි වල පළ කර තිබේ.

    ඒ අනුව ඇය මේ කොවිඩ් එන්නත ලබා ගැනීම සඳහා ගොස් ඇත්තේ නාරාහේන්පිට පිහිටි එන්නත්කරන මධ්‍යස්ථානයකටයි. එහිදී ඇය සාමාන්‍ය ජනතාව සමග පෝලිමේ පැය කිහිපයක් සිට ඇති අතර එහි කාර්ය මණ්ඩලය අයෙක් අමාත්‍ය බිරිඳ හඳුනා ගෙන ඇයට පෝලිමේ නොඉඳ එන්නත ලබා ගන්නට එන්නැයි විශේෂ ඉල්ලීමක් කර ඇත.

    නමුත් සැනෙකින් ඇය එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කරමින් සඳහන් කර ඇත්තේ තමන් සේම වයසක අය බොහෝ පිරිසක් පෝලිමේ සිටියදී තමනට විශේෂ වරප්‍රසාද අනවශ්‍ය බවයි.

    එසේ පැවසූ ඇය තවත් වේලාවක් පෝලිමේ සිට එන්නත ලබාගෙන පිටව ගොස් තිබේ.///

    මේකත් දාර කෙබරයක් වෙන්න පුළුවන් බොහෝ දුරට එහෙම නේද? රාජ පක්ස කල්ලියේ ගොබෙල්ස් න්‍යාය පත්‍රයට අනුව එන ව්‍යාජ ප්‍රචාර.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ අයගේ පුකට ගහන්න කියන එකයි මගේ යෝජනාව..

      පෑලියගොඩ පොලීසියෙන් නම් ගහලා තිබුනා ළඟදි නියම ගැහිල්ලක් උණ බහින්නම

      Delete
  3. මෙහෙම දෙයක් තියෙනවා මාතලං ආදරේ කියන්නෙ අපි කාටවත්ම මෙන්න මෙහෙමයි කියල විස්තර කරන්න පුළුවන්කමක් නැති අති​ශය මානුෂික හැඟීමක්.

    ඒ වගේම ජිවිතේ කොයි අවධියක හරි, කොයි විදිහක හරි ආදරයක් ඕනම කෙනෙක් විඳල තියෙනවනෙ. ඒකනෙ අර සින්දුවකිනුත් කියන්නෙ “ප්‍රේමය ලොව හැමතැනම ඇතී, හැම දෙනාටම හමුවෙලා ඇතී…” කියල. හැබැයි ඒ ගීතයේම අනික් පදවැල් වලින් කියන විදිහට ප්‍රේමය කියන ප්‍රෙහේළිකාව හරියටම විසඳගන්න පුළුවන් වුණ කෙනෙක්නම් මේ මිහිමත ඇත්තෙ නැහැ. ඇත්තටම ඒක එහෙමමද කියල ඇහුවොත් හුඟක් දෙනෙකුගෙන් අපිට ලැබෙන උත්තරේ තමයි ඔව් කියන එක. මොකද ආදරය කියල කිව්වම කාගෙත් ඔළුවට ඉස්සෙල්ලාම එන්නෙ යෞවන යෞවනියන් අතරේ ඇතිවෙන ශෘංගාරය පදනම් කරගත්ත ආදරයනේ. එත් ආදරය කියන්නෙ ඒකම විතරක් නම් නෙමෙයි.

    එතකොට දෙමව්පියන්ගෙ හිතේ දරුවන්ට ඇතිවෙන අසීමිත ආදරේ, ලඟම මිතුරු මිතුරියන් ගැන දැනෙන ආදරේ වගේ හැඟීම් වලටත් ආදරේ කියන නමම තමයි තියෙන්නෙ.

    ඉතින් මේ එක එක විදිහේ ආදරේ වර්ග ගැන තමයි අද කතාව. ආදරේ කරලා තිබුණට, ආදරේ විඳලා තිබුණට මේකනම් හුඟක් දෙනෙක් අහල නැති කතාවක්. පුරාණ ග්‍රීක දර්ශනිකයෝ මේ ආදරේ වර්ග 7කට වෙන් කරල මේ විදිහට විස්තර කරලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. පළවෙනි එක ඊරෝස් කියලා කියන්නේම ශෘංගාරාත්මක ආදරය ගැනයි. හරියටම කිව්වොත් කාමය කෙරෙහි ඇතිවෙන තණ්හාව. මේක ටිකක් භයානක වර්ගයක ආදරයක්. මිනිස් හිතක ඇතිවෙන මේ වර්ගයේ ආදරය, හරියටම කිව්වොත් වෙන කෙනෙකුගේ භෞතික ශරීරයක් කෙරෙහි ඇතිවෙන ලිංගික ආකර්ෂණය නිසාම ඒ අවස්ථාවේ කරන කියන දේවල් ගැන පාලනයක් පවා නැතිවෙන්න පුළුවන්. මේ බාහිරින් ඇතිවෙන ලිංගික ආකර්ෂණය මතම පමණක් පදනම් වෙලා කෙනෙක් කෙරෙහි ඇතිවෙන Eros කියන ආදරය සම්පූර්ණයෙන්ම තාවකාලික හැඟීමක්. එහෙම හැඟීමක් මත පදනම් වෙලා පටන් ගන්න ආදර සම්බන්ධතා වලටත් වැඩිදුරනම් ආයුෂ නැහැ.

      දෙවැනි වර්ගය Philia කියන්නෙ කෙනෙකුට තමන්ගේ දෙමව්පියන්, සහෝදරයින්, ලඟම යහළු හිතමිත්‍රාදීන් වගේ අය ගැන ඇතිවෙන විදිහේ හරිම දයාබර හැඟීමකට. මේ ආදරේ හැම වෙලාවෙම ලෙන්ගතුයි, මිත්‍රශීලීයි ඒ වගේම විශ්වාසවන්තයි. බොහෝවිට එකවගේම අත්දැකීම්, එකවගේ සිතුවිලි තියෙන අය අතරේ තමයි මේ වර්ගයේ ආදරයක් ඇතිවෙන්න පුළුවන්. මේක හරිම යහපත් චේතනාවන් පෙරදැරි කරගෙන ඇතිවෙන ආදරයක්. මූලිකව Eros කියන ආදරය ඇතුව පටන් ගන්න සම්බන්ධතාවයක් උනත් මේ Philia කියන හැඟීම එක්ක ඉස්සරහට ගෙනිච්චොත් බොහොම ශක්තිමත් සම්බන්ධතාවයක් වෙන්නත් පුළුවන්.

      තුන්වෙනි එක තමයි ස්ටොරේජ්, ඒ දෙමව්පියන් තමන්ගේ දරුවන්ට දක්වන ආදරය. ඒක ලෝකෙ කොයි කොනේ, කොයි ජන වර්ගයේ, කොයි දේශ සීමාවේ ඉන්න කෙනෙක්ගේ හිතේ උනත් ඇතිවෙන කොන්දේසි විරහිත ආදරයක්. අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් හිතේ ඇතිකරගන්න ආදරය මොන තත්වයක් යටතේ උනත් වෙනස් වෙන්නෙ නැහැ වගේම ඒ කරන කැපකිරීම් වලටත් කිසිම සීමාවක් නැහැ. ඒ ආදරයෙන් ලැබෙන ශක්තිය, ආරක්ෂාව නිසාම තමයි දරුවෙක් ජීවිත කාලෙ පුරාම ටිකෙන් ටික වර්ධනය වෙන්නෙත්.

      බුද්ධ චරිතයේ විස්තර වෙන විදිහට සුද්ධෝදන රජතුමා ඇඟේ සම, මස්, ඇටකටු විනිවිද ගිහිල්ලා ඇට මිදුළු වලටත් දැනෙන හැඟීමක් විදිහට විස්තර කරල තියෙන්නෙත් දෙමාපියන්ගෙ හිතේ ඇතිවෙන මේ ගැඹුරු ආදරය තමයි.

      සිව්වන වර්ගය Agape කියලා කියන්නේ ටිකක් වෙනස් විදිහක ආදරයක්. සමීප පුද්ගලයෙක් එහෙමත් නැත්තම් මොකක්මහරි හේතුවකට තමන්ගේ හිතට දැනෙන කෙනෙක් වෙනුවෙන් ඇතිවෙන හැඟීමක් නම් නෙමෙයි මේක. මේ ආදරය පොදුවේ ලෝකෙ හැමතැනම පැතිරිලා තියෙන ආදරයක්. කෙනෙකුට අනිත් මනුස්ස වර්ගයා ගැන, සොබාවධර්මය ගැන ඇතිවෙන ආදරය තමයි මේ agape කියන එකෙන් විස්තර කෙරෙන්නෙ. ලෝකේ අනික් මිනිස්සු වෙනුවෙන් සමාජ සත්කාර ක්කරන්න, ඔවුන් ගැන වදවෙන්න කෙනෙක්ව පෙළඹවෙන්නෙත් මේ ආදරය නිසා තමයි. ග්‍රීක දාර්ශනිකයන් කියන විදිහට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන් වහන්සේගේ ජීවකාලය පුරාම මිනිසුන්ට කියල දෙන්න උත්සහ කරපු දෙයක් තමයි මේ ලෝකය වෙනුවෙන් කෙරෙන ආදරය. ආදරය ගැන කියවෙන වර්ග හතෙන් උසස්ම වර්ගය විදිහට සැලකෙන්නෙත් මේ agape කියන වර්ගය තමයි.

      Delete
    2. පස්වන වර්ගය Ludus කියන්නෙ සෙල්ලක්කාර ආදරයක් ගැන. කිසිම අන්‍යෝන්‍ය බැඳීමක්, එකිනෙකා කෙරෙහි වගකීමක්, කැපකිරීමක් නැතුව ඇතිවෙන, පවත්වාගෙන යන ආදරයක්. මේ සම්බන්ධතාවය ඇතුලෙ වැඩිපුරම දකින්න තියෙන්නෙ එකිනෙකාව අවුස්සන, විහිළු කරන, රවට්ටන ක්‍රියාකාරකම්. සමහර ආදර සම්බන්ධතාවල මුල්ම කාලෙ මේ ludus මට්ටමෙන් පටන් ගන්නත් පුළුවන්. හැබැයි මේ වර්ගය පසුකාලීනව ස්ථිර ආදර සම්බන්ධතාවයක් දක්වා දුරදිග යන්නත් බැරි නැහැ.

      හයවෙනි එක තමයි Pragma කාලයක් තිස්සේ ආදර සම්බ්නධතාවයක් පවත්වාගෙන යන යුව​ළක් අතරේ දකින්න පුළුවන් විදිහේ ශක්තිමත් ආදර බැඳීමකට තමයි මේ pragma කියන නම කියන්නෙ. එකට ඉන්න කාල සීමාව වැඩිවෙන්න වැඩිවෙන්න වර්ධනය වෙලා ශක්තිමත් වෙන මේ බැඳීම හරිම සමබර බැඳීමක්. දෙන්නෙක් අතරේ ඇතිවෙන මූලික මට්ටමේ සම්බන්ධයක් බොහොම කාලයක් තිස්සේ හොඳින් නඩත්තු කරලා රැකබලාගැනීමෙන් තමයි මේ මට්ටමට වැඩිදියුණු කරන්න පුළුවන් වෙන්නෙ.

      හත්වන එක Philautia කියන කාණ්ඩයේ ආදරේ කලින් කියපු ඔක්කෝම වර්ග වලට වඩා වෙනස්ම වර්ගයක් තමයි. මේ Philautia කියන්නෙ කෙනෙක් තමන් කෙරෙහිම දක්වන ආදරය. තමන්ට නියම වටිනාකමක් ලබාදෙන්න, ආත්ම විශ්වාසයක් ඇතිකරගන්න නම් කෙනෙක් ළඟ තියෙන්නම ඕන ගුණාංගයක් තමයි මේ තමන් කෙරෙහිම ඇති ආදරය. මේ විදිහට තමන්ට අනවශ්‍ය විදිහට ආදරය කරන නිසාම කෙනෙක් ආත්මාර්ථකාමී අනවශ්‍ය අහංකාරයක් තියෙන කෙනෙක් වෙනව කියලා හිතෙන්නත් පුළුවන්. හැබැයි ලෝකෙ ඕනම කෙනෙකුට ආදරය කරන්න කලින් තම තමන්ටම ආදරය කරලා ඉන්න ඕනනෙ. ඒ විදිහට බැලුවොත් මේ ආදරයේ කිසිම වරදක් නැහැ. ග්‍රීක දර්ශනිකයෝ විශ්වාස කරපු විදිහට කෙනෙකුට ඇතුළාන්තයෙන්ම එන සැබෑ සතුට කියන එක විඳින්නනම් තමන්ටම ආදරය කරන්න අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න වෙනවා. මේ පැරණි ග්‍රීක් සාහිත්‍යයේ සඳහන් ආදරේ වර්ගීකරණයන් ගැන මාතලං හිතන්නේ මොකද?

      Delete
    3. හරිනේ මචෝ.... මොන විදියට කැටගරයිස් කරත්... ඔතන තියෙන්නේ කෑදරයම් තමයි.... ඔය හැම කැටගරියෙම අවුල් පැතිත් අනන්තයි අප්‍රමාණයි නේ.. එතකොට ඒක සම්මතයක් ලෙස ගන්න බෑ නේද..?

      Delete
  4. සරලව කියනවා නම් ඇත්ත ආදරය යනු අනේකාගේ සතුට වෙනුවෙන් කරන පරිත්‍යාගයයි.

    තමන් ආදරය කරන පුද්ගලයා හට ඔබෙන් යමක් නොලැබේනම් එය ලබා ගත හැකි අයෙක් ළගට යෑමට ඔහුට හෝ ඇයට පූර්ණ අයිතියක් ඇත.

    එය වටහාගෙන ඔබේ සතුට නොව ඔහුගේ හෝ ඇයගේ සතුට වෙනුවෙන් කල හැකි යම් පරිත්‍යාගයයක් වේද එය ආදරය නම් වේ.

    ඔහු හෝ ඇය ඔබ නැතිව අන් අයෙක් සමග සතුටින් සිටීනම් ඒ දෙස බලා සතුටූ වීම් සබෑ ආදරයේ ප්‍රතිමූර්තියයි.

    උදාහරණයක් ලෙස මවගේ ආදරය සලකා බලන්න. ඇය තම දරුවන් ගේ සතුට වෙනුවෙන් තම සතුට පරිත්‍යාග කරනවා නේද?

    ReplyDelete
    Replies
    1. නෑ නේ... ඕකත් හදාගත් මිත්‍යාවක් නේ... දරුවන්ට පත බාන දරුවෝ මරාදාන දරුවෝ දාලා යන.. මව්වරුන් මේ ලෝකේ අනන්තයි අප්‍රමාණයි නේ....

      Delete
  5. තමන්ම හැදූ සැහැල්ලු ගුවන්යානය උඩ යැවූ අයෙක් පොලිස් අත් අඩංගුවට අරගෙන, ගුවනේ නියමිත දුර ප‍්‍රමාණය ඉක්මවා අඩි 75 ක පමණ උසක් ප්ලාස්ටික් සහ රෙජිෆෝම් උපයෝගි කරගනිමින් අඩි 3 ක් පමණ දිග කුඩා ගුවන් යානායක් පියාසර කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය මාධ්‍ය වලට කියලා තියෙනවා.

    ඒ කොළඹ ප‍්‍රධාන තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයකු ලෙස සේවය කරන පාදුක්ක අරුක්වත්ත ප‍්‍රදේශයේ පදිංචි මෙම සැකකරු කොළඹ ප‍්‍රදේශයෙන් ප්ලාස්ටික් හා රෙජිෆෝම් ඇතුලූ වෙනත් උපාංග මිලදී ගෙන විනෝදාංශයට මෙවැනි සැහැල්ලූ ගුවන් යානා නිර්මාණය කර විවේක දිනවල දී කී‍්‍රඩා පිටිවලට ගොස් ඒවා ගුවන් ගත කිරීම සිදුකරන බව ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමේදී පොලිසිය තහවුරුකරගෙන තිබේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අජිත් නිශ්ශංක මහතාගේ උපදෙස් මත නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි. ඒ රාජපක්ෂලා මේ රටට ලබාදෙන අපමණ අගයයි.

    ReplyDelete
  6. අසිසෙ මාතලන්.තමුසෙගෙන් මම මේ ලියවිල්ල බලාපොරොත්තු උනා මේ සිද්දිය ගැන.එක එක පොන්නයො ලියපු කසි කබල් බලල ලංකාවෙ ගොබ්බයො ගැන කලකිරිලා ඉද්දි මේක මහ මෙරක් වටිනවා අයිසෙ.තමුසෙ කියන්න ඕනි ඔක්කොම කියලා.තමුසෙලා වගේ මිනිස්සු වැඩියෙන් හිටියා නම් ලංකාවත් සුර පුරයක් අයිසෙ.තැන්කූ අයිසෙ

    ReplyDelete
    Replies
    1. හරි අයිසෙ මචං....
      උඹේ සැප මගේ සතුටයි

      Delete
  7. අඩෝ මාතා අර කාදිනල් උන්නැහේගේ සැබෑ කලු ඉරිදාව කොලපාටින් රතුපාටින් වර්ණවත් කරගෙන කුණු හෝදගන්න වලිකන දෙබිඩ්ඩන්ගෙ කදුළු කිඹුළම කාපිය කියලා පෝස්ට් එකක් ලියාපිය, ලියල පබ්ලිස් කොරපිය

    ReplyDelete
    Replies
    1. ඕක ගැන මගේ මතය කීප විටක්ම ලියලා තියෙනවා..

      කාදිනල් ඇදගෙන නානවා

      Delete
  8. මාතා මම ටුවරිස්ම් කරපු KDH 201V 2015 එකක් ගත්තා. දැන් මේ වාහනේ කි.මී. ලක්ෂයක් වගේ දිව්වොත් ඒකට මොන වගේ maintainance cost එකක් යයිද?

    එස්ටිමේෂන් එක්කට help එකක් දෙන්න.

    1. Brake pads දෙපාරක් (20 000 x 2 = 40,000) ?
    2. Brake drum shoes ?
    3. Battery Amaron 90Ah (15,000) ?
    4. 5000km වල services විස්සයි (20 x 20 = 400,000)
    5. Tyre 08 (30 x 8 = 240,000)
    6. Insurance 05 years (100 x 5 = 500,000)
    7. Bodywash (100 x 4 = 40,000)
    8. Injector cleaning (8,000)
    9. Diesel Filtor 2 (14,000)
    10. Rackends (30 x 2 = 60,000)
    11. Front Bearings (20 x 2 = 40,000)
    12. Wheel alignments (15,000)
    13. Differetial oil ?
    14. Gear oil (Auto) ?
    15. DPF filter දාන්න වෙයිද?
    16. එංජින් overhaul ? (කීයෙන්ද කෙරෙන්නේ)
    17. Cut and polish ?
    18. Air filters ?
    19. Detialed interior cleaning ?
    20. Gear box repairs ? (කීයෙන් වගේ එයිද?)
    21. A/C වැඩ ?
    22. T belt (40,000 ?)
    23. නයිට්‍රජන් (10,000)
    24. Fan belt ?
    25. Alternator clutch pulley (මගෙ දාන්න ළඟයි)

    තව තියන ඒවා දාන්න list එකට
    නිතර commonly අවුල් යන ඒවා තව තියේද?
    ලක්ෂ 2 න් 3න් එන වැඩත් තියේ නම් කියන්න.

    ReplyDelete
    Replies
    1. තාම ගරාජ් එක දැම්මේ නෑ මචං

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න