.

.

Jun 25, 2021

ජනාධිපතිතුමාගේ කතාව හා ඇසිලින් අක්කාගේ නාඩගම් විචාරය


ඊයේ ජනාධිපති තුමා ජාතිය ඇමතුවේය. ඇත්තටම ඒක ජාතිය ඇමතීමකට වඩා, පොහොට්ටුවෙන් ගොඩ ගිය ත්‍රීවීල් පක්ෂවල පුලන්නන්ගේ ගුලි වැළඳිමෙන් හා අනුභවයෙන් අනතුරුව වැඩ අල්ලා ගේමක් ගසන්නට ගොස් බැසිලාගමනයෙන් පසු සියළු සිහිණ බිඳ වැටි හත් පොලේ ගාගෙන ඉන්නා උන් ඇමතීමක් උනේය. 

ඒ සොලිඩ් කතාව බලා අද උදේ බුකියට බට මට මතක් උනේ අපේ ගමේ උන් ඇසිලින්ය. 

බුකියේ ඇසිලින්ලා වැහි වැහලාය.


ඇසිලින් අක්කා අපේ ගමේ ළිඳ ළඟ සංගමයේ සභාපතිනිය වූ අතර හංදියේ කඩේ මුදලාලිගේ ලේඛම්ද උනේය. 

කවුරුන් හෝ හම්වල එවන් කෙනෙක් දැක නැතිනම්, 

කෝපි කඩේ ටෙලියේ දයාවති හෝ 

ඇයම රංඟනයේ යෙදෙන 

සකළ ගුරු ටෙලි නාට්ටියේ 

මැගි හාමි චරිතය සිහියට නගා ගත්තා නම් හරිය. 


ඇසිලින් අක්කාගේ හබියා උනේ ආරොන් මාමාය. 

ආරොන් මාමා කලා රසිකයෙක් වූ අතර 

දිනක් ඇය අල්ලපු ගමේ පෙන් වූ 

සඳ කිඳුරු නාඩගම බලන්න එක්කගෙන ගොස් තිබුනේය. 

පසුදා පොසොන් පෝයට සිල් ගන්න ගිය ඇසිලින් අක්කාට සිඳු වූයේ 

සිහිණෙන්වත් නොපැතූ අකරතැබ්බයකට මුහුණ දෙන්නටය. 


ඇසිලින් සඳ කිඳුරු නාඩගම බලන්න ගිය බව 

බණට වැඩිය නායක හාමුදුරුවන්ට 

මේ වන විට වෙනත් දියුණු සංනිවේදන තුලින් දැන ගැනීමට ලැබී තීබූනි

පන්සිල් ගැනීමටත් පෙර 

පඩික්කමට බුලත් කෙළ පාරක් වැඩැම්මූ උන්නාන්සේ 

ඇසිලින්ට කීවේ... 

ආ ඇසිලින් අක්කා... 

ඊයේ සඳ කිඳුරු ජාතකේ බලන්න ගියාලූ නේද? 

ඕක මේ අපේ ජාතක කතාවක් නේ... 

මේ උතුම් පොසොන් පෝය දවසේ... 

අපිටත් අහගන්න කියහනකෝ ඇසිලින් අක්කේ... 

නාට්ටිය ගැන මේ උපාසක උපාසිකාවන්ටත් දැනගන්නත් එක්ක කතාව පොඩ්ඩක්..


හප්පේ බලන්න එපාය ඒ නාඩගම අපේ හාමුදුරුවනේ... 

සඳ කිඳුරිට හිටියේ අපේ ගමේම අර ඕවිට අද්දර ගෙදර ඇලිසගෙ ලොකු දෝනී නේ... ඕකි ඉතින් ඒ අම්මන්ඩි වගේම 

හොඳ හොඳ නාඩගම් කීපයක්ම මේ වෙනකොටත් නටලා නේ තිබ්බේ.... 

ගමක ඉන්න වැදගත් උන් යනවද හාන්දුරුවනේ ඕවයේ නටන්න? 

සමහර වෙලාවට ලන්තෑරුම් එල්ය වැඩි වෙනවා.... 

සමහර වෙලාවට අඩු වෙනවා... 

ඒත් මම ආරොන් ගොයියටත් කිව්වා.... 

හරියට බලහන් ඒකීම නේද කියලා.... 

සඳ කිඳුරා සින්දු කිව්වට හරියට ඇහෙන්නේ නෑ... 

එක වෙලාවක සද්දේ වැඩියෙනුත් ඇහෙනවා... 


අපේ හාන්දුරුවන්ට කියන්න හාන්දුරුවනේ... 

නාට්ටිය අස්සේ කොහේද යන උරුලෑවෙක් දිව්වා කියන්නකෝ ඉස්ටේජ් එක මැද්දෙන්...

හික්.... හික්... හිකී.... හූ..... 

කොල්ලො ඔක්කොම හූ කිව්වා... 


ඒකී ඇඳලා හිටියේ ඇලිසගෙ හෝන් කමින් සාරිය... 

ඒකත් අමුඩෙ ගැහුවා වගේ හරියට අන්දලා නෑ.. 

අරකිගේ මූණේ පවුඩර් උලලා උලලා පාන් පිටි ගාලා වගේ... 

ආ එතකොට නියම වැඩී කියන්නේ... 

අපේ කෝරලේ මහත්තයයි හාමිනෙත් උන්නා නේ.... 


හප්පේ බලන්න එප්පෑය අපේ කෝරලේ හාමිනේගේ රැස්පොට්... 

එයා හරියට සඳ කිඳුරි කියලා හිතාන උන්නේ. 

වට පිට බලනෝ..

එයා දිහා ඒ ගමේ උන් බලනෝද කියලා...

එකෙක්වත් ගනන් ගත්තේ නෑ ඒ විගඩම...


කියාලා ඇසිලින් එක දිගටම නාඩගම ගැන කියාගෙන ගියා... 


ඔය මොනවද බං ඔය කියන්නේ... 

මම උඹට කිව්වේ.... ඇසිලින් අක්කේ.... 

ජාතක කතාව කියන්නෙයි කියලා...


ජාතක කතාව නම් හාන්දුරුවනේ හැමදාම අහලා තියෙන්නේ.. 

අපේ හාන්දුරුවොම කී ගමනක් ඔය ජාතකේ බණට කිව්වැයි...? 

ගිය අවුරුද්දේ ටවුමේ තොරණෙත් තිබ්බේ සඳ කිඳුරු ජාතකේ නේ... 

ඕන් දන්නේ නැති එකෙක්ට ආයෙත් දැනගන්න... 

අදත් ඒ බණ කතාව දේසොනා කරානම් ඉවරනේ අවසර...



                   ඇසිලියාගේ සඳ කිඳුරු නාඩගම නිමී..


මේ වගේම ටිකක් වැදගත් සෙට්ටෙකක් ඉන්නවා චීත්තපට විකාරකයෝ කියලා.. 

උන් ෆිල්ම් එකටත් වඩා දිග පත හෑල්ලක් චිත්තරපටි විකාරය කියලා පත්තරවලට ලියනවා. 

ඒකේ තියෙන්නේ තිර නාටකය, 

නළු නිලියන් මෙහෙයවීම, 

ලිංගික දර්ශණ අනවශ්ය බව පැවසීම, 

සංගීතය, 

වේස නිරූපනය, 

ප්‍රධාන නලු නිලියන් තම භූමිකාව තුල ජීවත් වීම, 

සඟිස්කරණය, 

කලා අජ්ජක්සනය වගේ ඒවා... 


කතාව බලන්න නම් සෝ එක බලන්නම වෙනවා.



ඒ වගත් මෙසේය..

27 comments:

  1. සම්පූර්ණ ඇත්ත බන් මාතේ,

    බුකියේ ඉන්න විපක්ෂ කල්ලි වලට රෙදි නැතුව කඩේ යන මීහරක් මේ දවස් වල පිස්සු වැටිල තියෙන්නෙ.

    ඒක නෙමෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ ඇත්තටම හිරු දෙරණ ද බන් දැන් ලංකාව පාලනය කරන්නෙ? ������ මුං ඉතාමත් කපටි විදියට ආණ්ඩු විරෝධී මතයක් ගොඩනැගීම කරන්නෙ මොනවා බලාපොරොත්තුවෙන්ද? ��

    අනිවාර්යයෙන්ම යටි අරමුණු කිහිපයක්වත් ඇති මොකද මී කඩන්නේ අත ලොවින්න නෙවෙයි නේ.

    ReplyDelete
  2. ඇත්තටම ලමා තන් ලංකාවේ ඉන්න අති බහුතරය වන ළිංමැඩි බයියො (අයිදර් රාජපක්ෂ වහල් බයියො ඕර් රාජපක්ෂ විරෝධී සජබ, ජවිපෙ, එජාපයේ, ටී එන් ඒ, මු'සලමානු පක්ෂ කල්ලි වල වහල් බයියො) දන්නේ ඔහේ රැල්ලට උඩු බුරන්න තප්පු ලන්න විතරයි, ඕවා එච්චර ගණන් ගන්න එක තේරුමක් නැති වැඩක්, තව දවස් දෙකයි, උපරිම සතියක් යන්න කලින් ඕක අමතකයි.

    නන්දසේන ගේ කයිවාරු දිග වැඩියි මීට වඩා කෙටියෙන් විනාඩි විස්සක් විතර තිබුණා නම් ඇති. අනෙක් අතට රටේ විවිධ අංශ වලට අදාල ප්‍රගතිය Presentation එකක් විදිහට හදලා පැහැදිලි කිරීමක් කරා නම් හොඳයි නේද? ඒ වගේම දැන් මේ කතාවේ ඇති යම් කරුණු කාරණා වලට පිළිතුරු ලබා දී යම් වැරැදි කරුණු හෝ බොරැවක් තියෙනවා නම් ඒ ගැන තර්කානුකූලව සාක්ෂි සහිතව පෙන්වා දියහැකි උගතෙකුට මල් මිටක්. නමුත් මම මේ දක්වා එහෙම එකක් දැක්කේ නැහැ. නමුත් ආචාර්ය හර්ෂ ද සිල්වා මේ ගැන වඩාත් හොඳයි කියලා කියන්න පුළුවන් විවේචනයක් එල්ල කර තිබුණා නමුත් එයත් මදි.

    ඒ වගේම එහෙම නැතුව නිකමම බුරන වහල් බයියන්ට පුන්නක්කු සමඟ ක්රෝටන් මිටක්.

    ගැලපෙන තොප්පිය දමාගෙන ලොවට පෙන්වීම ඔබේ වගකීමයි. කෙසේ වෙතත් ලංකාව නැවතත් 2006- 2009 කාලයේ වගේ ඉතාමත්ම භාරදූර කාලයක් ගත කරන බව පේනවා, මෙවර අභියෝගය ජය ගත හැකි වෙයිද නැද්ද කියලා කියන්න තාම කල් මදි. ඉදිරි වසර දෙක තුනක කාලය ඇතුලත ගන්න තීන්දු තීරණ සහ ඒවා ක්‍රියාත්මක කරන විදිහ අනුව තමයි ඉතින් තීරණය කරන්න වෙන්නේ. ඕනවට වඩා සුබවාදී හෝ අන්ත අශික්ෂිත ලෙස අසුබවාදී වීමෙන් කිසිම වැඩක් නෑ, අපි උපේක්ෂාවෙන් බලා අවස්ථානුකූලව වෙලාවේ හැටියට අපට ගත හැකි හොඳම තීන්දු තීරණ ගනිමින් මේ අසීරු තත්ත්වයට ශක්තිමත්ව මුහුණ දෙමු.

    ReplyDelete
  3. යකෝ මාතා,

    ලංකාවේ දේශපාලයේ ඉන්න ගෝට වගේම අනිත් හැම මනුස්සයෙකගේම පාහේ කෙරුවාවත් අපි දන්නවා, එයාලට පරචිත්ත විජානනය පහළ වෙලා මිනිස්සු ගැන හිතලා වැඩ කරන්න පුළුවන් වෙයි කියල හිතන්න බැ. මේ යන විදියට 2050 - 2060 විතර වෙන කොට අපි ගොඩක් අය නැති වෙන්න පුළුවන් ඒත් දෙයියනේ කියලා අපේ දරුවෝ මේ රටේ ජීවත් වෙන්න ඕන, අපි තනි තනියෙන් අපේ වුන්ව ගොඩ දාගන්න try කරාට රට අරාජික වෙන්න වෙන්න උන් ඔක්කෝම එක බෝට්ටුවේ. වෙන රටකට ගිහින් ජීවත් වෙන එකත් හරියට අනුන්ගේ ගෙදරක වැටිල ඉන්නවා වගේ, ඒ නිසා ඇත්ත කතාව තමයි මේ රට බංකොලොත් වෙන්න වෙන්න ඒ රටවල් වල වුන් අපිව සත පහකට ගනන් ගන්නෙ නෑ මොන තරාතිරමක හිටියත්, සරණාගතයන් කල්ලතෝනි වගේ අමාරුවෙන් කට්ට කාගෙන ගිහින් රස්සාවක් ව්‍යාපාරයක් කරගෙන කාල බීල ඔහේ වැටිලා ඉන්න පුළුවන් වෙයි ඒත් මේ රටේදී දැනෙන ජීවය නිදහස දැනෙන එකක් නෑ. ඇත්තටම ගෝඨාභයට මොකද වුනේ? මම තවමත් විස්වාස කරනවා මෑන්ට බැසිලිකාට නාමෝල්ට වගේ පුද්ගලික ගමනක් නෑ ඒ නිසා 2025 දී අයෙත් ඉල්ලන එකක් නෑ, ඒ නිසා මම පොරට ඡන්දය දුන්නේ නැති වුණත් ඒ ගෝඨාභයට ජන්දේ දීපු 69 ලක්ශේ අති බහුතරයක් පාට කණ්ණාඩි නැතුව ලොකු බලාපොරොත්තු තියාගෙන රට ගැන හිතලා ජන්දය දීපු මිනිස්සු, ඒ නිසා ඒ මිනිස්සු ගෝඨාභය අත් හැරියොත් නැති වෙන්න මුළු රටක බලාපොරොත්තු, ගෝඨාභයට වටේ ඉන්න නඩේ අත්හැරල මිනිස්සු එක්ක දේශපාලන කරන්න පුළුවන් ක්‍රමයක් හදාගන්න අපිට බැරි වෙයිද ??? සංවාදයකට ඇරයුමක් පමණයි.

    ReplyDelete
    Replies
    1. ඔහු ජනතාවාදී දේශපාලනය තමා කරන්නේ

      Delete
  4. ගූතලන්,

    නාමල්ගේ ඩොලර් ට්‍රිලියන ගණනක් වටිනා අති දැවැන්ත මහා කළු සල්ලි ආකරය සොයා ගතිමු..! ලංකාවේ කසිකබල් චීන කොලනිය හැදුවේ ඇත්තටම කුමටද..? ඇස් කන් මෙන්ම ඇඟේ මවිල් සහ කෙස් කෙළින් කරන ලංකාවේ ඉතිහාසයේ එතෙක් මෙතෙක් නොකළ තරමක අති ප්‍රබල සුවිශේෂී හෙළිදරව්වක්..!
    විශේෂ ලියුම්කරුවක් ලියයි

    (ලංකා ඊ නිව්ස් -2021.ජුනි.19, පෙ.ව.5.10)

    ලංකාවේ මැතිවරණයේදී එක රටක් එක නීතියක් කියමින් කෑ මොර දෙමින් පැමිණ ලංකාව දෙකඩ කර වෙනම රටක් ලෙස චීනයේ ප්‍රාන්තයක් නිර්මාණය කළ දූෂිත රාජපක්ෂ - චීන කොලනිය හෙවත් පෝට් සිටි නමැති මර උගුලේ අනාගත සැබෑ හිමිකරු වන්නේ අන් කිසිවෙක් නොව වෙන්ඩ යුවරජ නාමල් රාජපක්ෂ ය.

    ඒ කතාව ආරම්භ වුනේ මෙසේය...
    2010 වසර වනතෙක් නාමල් රාජපක්ෂ මාධ්‍ය වලින් සැඟවෙමින් ජනාධිපති තාත්තාගේ බලතල අවභාවිතා කරමින් කෝටි ප්‍රකෝටි ගනන් අතිවිශාල වශයෙන් මුදල් ඉපැයු බව නොරහසකි. මුල් කාලයේදී venture capital හිමිකරු වූ නිමල් පෙරේරා, නාමල් රාජපක්ෂගේ නමින් කොළඹ කොටස් වෙළඳපොලේ කොටස් මිලදී ගැනීම සඳහා නොමිලේ ගිණුමක් විවෘත කොට රුපියල් මිලියන 150 ක කොටස් නොමිලේ ලබා දීමෙන් මේ සියල්ල ආරම්භ විය.

    අනතුරුව නාමල් රාජපක්ෂ මාර්ගයෙන් සහ එවක ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මාර්ගයෙන් රජයේ කොටස් වෙළඳපොල ආයෝජන සියල්ල තමන්ගේ අභිමතය පරිදි සිදුකරමින්, ඉන්දියාවේ කොටස් වෙළඳපොලේ රජකළ Harshad Mehta මෙන් නිමල් පෙරේරා ලංකාවේ කොටස් වෙළඳපොල තමන් කැමති ලෙස හැසිරවීමට පටන් ගත්තේ ය. නමුත් Harsha Mehta මෙන් නොව, කළු සල්ලි සුදු කිරීම නිමල් පෙරේරාගේ එකම ව්‍යාපාරය විය. EPF /ETF අරමුදල් වල මුදල්, කොටස් වෙළඳපොලේ අයෝජනයේ දී ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ගේ මාර්ගයෙන් තමන් කැමති හිතවත් ව්‍යාපාරිකයින්ගේ සමාගම් කොටස් පමණක් මිලදී ගැනීමට නිමල් පෙරේරා කටයුතු කෙළේ ය. මිලදී ගැනීමට පැය 48 කට පෙර තමන් විසින් එම අදාල සමාගම් කොටස් මිලදී ගෙන අනතුරුව EPF /ETF අරමුදලට වැඩිමිලට විකිණීම සිදු කිරීමෙන් හේ විශාල ලාභ ලැබීය.

    නිමල් පෙරේරා හා ධම්මික පෙරේරා පුද්ගලික මිතුදමෙන් ඔබ්බට ගොස් ව්‍යාපාරික මිත්‍රයින් වුයේ ද මෙම රාජපක්ෂලාගේ අති විශාල මහා පරිමාණයෙන් විශාල වශයෙන් ලංකාවේ සිදුවූ බරපතල කළු සල්ලි සෙල්ලම නිසා බව ප්‍රසිද්ධ කරුණකි. උදාහරණයක් ලෙස 2010/05/02 දින වන විට රුපියල් 7.89 කට තිබූ ධම්මික පෙරේරාගේ වැලිබල් සමාගමේ කොටසක් රුපියල් 54 දක්වා එම වසරේම ඉදිරියට ගෙන යාම පෙන්වා දිය හැකිය. අදටත් book value වත්කම් අනුව රුපියල් 18 ක් වටිනා වැලිබල් සමාගමේ කොටසක මිල රුපියල් 125 කි. මේ සියල්ලේ පසුපස සිටි පුද්ගලයා නාමල් රාජපක්ෂ ය. මෙසේ රජයේ මුදල් හිතමිතුරු ව්‍යාපාරිකයින්ගේ සමාගම් ලොකු කරගැනීමට දීමෙන් නාමල් රාජපක්ෂ කෙටි කලකින් විශාල ධනවතෙක් විය.

    මහින්දගේ සාම්ප්‍රදායික ක්‍රමය සහ නාමල්ගේ නවීන හැරවුම් ලක්ෂය..

    නමුත් 2010 න් පසු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයකු වීමත් සමග කළු සල්ලි නිමල් පෙරේරා, නාමල් රාජපක්ෂගේ කොටස් වෙළඳපොල ගිණුම වහාම වසා දැම්මේය. මේ අතර මිතුරන් සමග රුසියාවට ගිය නාමල් රාජපක්ෂට එහිදී මෙම ලිපියේ නම සඳහන් කළ නොහැකි ඔහුගේ මිතුරාගේ මාර්ගයෙන් BTC -e නම් ක්‍රිප්ටෝ මුදල් ඒකක ගිණුමක් අන්තර්ජාලයේ විවෘත කර දුන්නේ ය.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ වට්ටෝරුගත රෙදි බැනියම් නැෂනල් ටයිප් සාම්ප්‍රදායික දේසපාලුවකු වූ මහින්ද රාජපක්ෂ තමන් හොරකම් කළ මුදල් මතු දුර දකිමින් ලොව කිසිදු බැංකු ගිණුමක තැන්පත් නොකළ අතර ඔහුට හිතවත් මිතුරන්ගේ නමින් ආයෝජනය කොට එහි ආරක්ෂාව උදෙසා sales contract එකක් පමණක් තබා ගත්තේ ය. උදාහරණයක් ලෙස මහින්ද රාජපක්ෂ අගමැති කාලයේදී ඩුබායි ගියවිට තමන්ගේ වියදමින් dubai marina yacht club එකේ බෝට්ටුවක් සමග මොරොක්කානු ජාතික ගණිකාවන් එකසිය අසූදෙදෙනෙකු මහින්දට ලබාදීමේ මහා පින් මහිමයෙන්, මහින්දගේ හොරකම් කළ මුදලින් නන්දන ලොකුවිතාන යන අය Marriott Al Jaddaf Dubai අයිතිකරු බවට පත්විය. ඇමරිකානු ඩොලර් මිලියන 1,225 ක් ඒ සඳහා යෙදැවීය. පසුව සිරිමා බණඩාරනායක මැතිනිය සෝවියට් ආධාර වලින් ලංකාවේ රජයට බිහිකළ රජයේ වානේ සංස්ථාව ද නන්දන ලොකුවිතාන යන අය නමින් ජාති මාමක මහින්ද රාජපක්ෂගෙන් නාම මාත්‍රිකව සතු කර ගත්තේ ඩොලර් මිලියන පන්සියයක් පමණ වූ මුදලකටය. නමුත් මේවායේ සැබෑ මුදල් මහින්දගේ කළු සල්ලි ය. නන්දනගේ වාසනාවට ශිරන්තිගේ නෑයෙකු ද වන යහපාලන රජයේ අගමැති රනිල් වික්‍රමසිංහ ද සියල්ල ආරක්ෂා කරමින් හොරණ ප්‍රදේශයේ Ferentino Tyre Corporation (Pvt.) Ltd නමින් ටයර් කර්මාන්ත ශාලාවක් ද ආරම්භ කිරීමට නන්දනට අවශ්‍ය සියලු පහසුකම් ලබා දුන්නේ තමන් මෙන්ම මලික් සමරවික්‍රම, මංගල සමරවීර, රවී කරුණානායක, චම්පික රණවක, රාජිත සේනාරත්න, ජනපති මෛත්‍රීපාල සහ ජවිපෙ අනුර කුමාර ඇතුළු විශාල පිරිසක් කෝටිගණනක් හිමි ධනවත් බලවත් පුද්ගලයන් බවට පත් කරමින්.

      මේ ආකාරයෙන් රාජපක්ෂලාගේ කළු සල්ලි සුදු කළ රුපවාහිනී/ගුවන්විදුලි හිමිකරුවන්, පුවත් පත් හිමිකරුවන්, තිරිඟු පිටි ආනයන කරුවන්, මහල් නිවාස ඉදිකරන සමාගම් ආදී ලැයිස්තුව ඉදිරියේදී පළ කරන්නෙමු. යහපාලන සමයේදී මෙම ලියුම්කරු විසින් සියලු තොරතුරු සපයා දුන්න ද රනිල්වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන, මංගල සමරවීර, චම්පික රණවක සහ අනුර කුමාර ඇතුළු විශාල පිරිසක් මුදල් ලබාගෙන මොවුන්ව ආරක්ෂා කළ බැවින් ඒ සියලු ප්‍රයත්න ව්‍යර්ථ විය.

      පෙරේරා දෙපොල රාජපක්ෂලාගේ බැංකුව විය..

      අප ඉහත කී ලෙස මහින්ද සාම්ප්‍රදායික ආකාරයට කළු සල්ලි සුදු කළ ද නාමල් රාජපක්ෂ ඊට වෙනස් මගක් ගනිමින් BTC -e ගිණුමක් 2011 වසරේදී ආරම්භ කරමින් කළු සල්ලි ආයෝජනය නව මගකට ගෙනාවේ ය. පසුව නාමල් රාජපක්ෂ ගේ BTC -e ගිණුමට crypto මුදල් ඒකක වලින් කළු සල්ලි එව්වේ නිමල් පෙරේරා පමණක් නොවන අතර ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂගේ කළු සල්ලි ද නාමල් රාජපක්ෂගේ BTC -e ගිණුමට එක්විය. ලංකාවේ ධම්මික පෙරේරා හා නිමල් පෙරේරා රාජපක්ෂ පවුලේ බැංකුව බවට පත්විය. ඔවුනට ලංකාවෙන් මුදල් අවශ්‍ය වූ විට BTC -e ගිණුම හරහා ධම්මික හෝ නිමල්ට bitcoin නම් crypto මුදල් ඒකකයෙන් එවනු ලබයි. ඔවුන් ලංකාවේ මුදලින් මුදල් ලබා දීම සිදුකෙරේ. මෙම උදව්ව වෙනුවෙන් රාජපක්ෂලාගේ මුදල් මෙහෙයවීම මෙම පෙරේරලා දෙපොල සතුවිය.

      විටෙක කොටස් වෙළඳපොල අහසටම යවා ඔවුන්ගේම කොටස් වැඩිමිලට විකුණා තවත් සමාගම් මිලට ගනී. පසුව වැටෙන්නට ඉඩ දී නැවත එහි වාසියද ගනී.

      Delete
    2. විනිල් මැණික්ගේ පුතාට සිදුවූයේ කුමක්ද?

      නාමල් රාජපක්ෂ මුල් කාලයේදී කළු සල්ලි සුදු කිරීමට විනිල් මැණික් හිමිකරු හා එක්ව මැණික් මිලදී ගැනීම ද කෙළේ ය. නාමල් රාජපක්ෂගේ රාජතාන්ත්‍රික ගුවන් ගමන් අවභාවිතා කරමින් ලංකාවෙන් ඩොලර් මිලියන සිය ගණනක් වටිනා ඉතා ඉහල වටිනාකමක් ඇති මැණික් රැගෙන ගොස් ඒවා පිටරට මැණික් ව්‍යාපාරිකයන්ට විකුණා මුදල් බවට පත්කළේ ය. මේ සියල්ල නාමල් රාජපක්ෂ සමග සම්බන්ධීකරණය කළ විනිල් මැණික් ගේ පුත්‍රයා කොතෙක් වටිනා ජර්මන් අධි ආරක්‍ෂිත රථයක් භාවිතා කළ ද එක්තරා රාත්‍රියක පුදුමාකාර ලෙස අභව්‍ය රිය අනතුරකින් මිය ගියේ ය. එය හුදු රිය අනතුරක් නොව ඝාතනයකි. පසුව පවුලේ අනෙක් අයගේ සහ තමන්ගේ ආරක්ෂාව උදෙසා විනිල් මැණික් ට නිහඬ වීමට සිදුවිය. අද ඔහු මීක් නැත. තාජුදීන් ගේ මෝටර් රථ ඝාතනය සිදුවන්නේ ඊට අනතුරුව ය. එහි බොහෝ සැක සහිත තැන් හෙළිවීමෙන් පසු නාමෝල් කුමාරයා වෙනත් උපක්‍රම භාවිත කිරීම ආරම්භ කෙළේ ය.

      නාමල්ගේ bitcoin මුදල් පැටව් ගැසූ සැටි..

      නාමල් රාජපක්ෂ 2011 සිට BTC -e ගිණුම හරහා bitcoin මුදල් ඒකකයක් මිලට ගත්තේ එවකට bitcoin එකක් ඩොලර් 600 ත් 1000 ත් අතර මිලකට ය. 2015 වන විට bitcoin 880,000 පමණ නාමල් රාජපක්ෂගේ ගිණුමේ තිබිණ. 2015 න් පසු නාමල් වෙනත් අන්තර්ජාල ගිණුම් විවෘත කෙළේ ය. 2017 න් පසුව BINANCE නම් ජපාන සමාගමක මෙම අන්තර්ජාල මුදල් ඒකක bitcoin නව ගිනුමක් පවත්වා ගෙන ගොස් ඇත. මේ අතර 2020 දී හදිසියේ Elon Musk නම් ඇමරිකානු ප්‍රකෝටිපතියා විසින් BTC අන්තර්ජාල මුදල් ඒකක ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක ප්‍රමාණයක් මිලදී ගැනීමත් සමග මෙම අන්තර්ජාල මුදල් ඒකකය එනම් bitcoin එකක් ඇමෙරිකානු ඩොලර් 54,000 ත් 64,000 ත් අතර වටිනාකමකට විකිණීම ආරම්භ විය.

      එය අද වන විට සාමාන්‍යය bitcoin එකක් ඇමෙරිකානු ඩොලර් 40,000 ක් පමණ වේ. මේ අනුව බැලූ කල 2015 වන විට නාමල් රාජපක්ෂගේ BTC මුල් ගිණුමේ පමණක් තිබූ අන්තර්ජාල මුදල් bitcoin ගණනක් වූ 880,000 හතලිස් ගුණයකින් පමණ නිකම්ම වැඩි වී ඇත. එය අති විශාල මුදල් ප්‍රමාණයකි. එනම් සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 35 කට අධිකය. රුපියල් වලින් නම් රුපියල් බිලියන 7,000 කට අධිකය.
      රු.බිලියනයක් යනු රු. කෝටි 100 කි. ගාණ රුපියල් කෝටි වලින් කිවහොත් රු. කෝටි 700,000 කට අධිකය.

      නාමල් 2015 න් පසුව ආරම්භ කළ ගිණුම් වල bitcoin කොපමණක් තිබේදැයි තවම හෙළි වී නැත.

      ඉදින් රාජපක්ෂලාගේ එක ඩොලරයක් කොහෙන් හොයන්නද?

      තමන් සතුව බිලියන ගණන් ඩොලර් තිබෙන බව කීවද එක ඩොලරයක් සොයා ගත හොත් බෙල්ල කපා ගන්නවා යයි මහින්ද රාජපක්ෂ වරක් වහසි බස් දෙඩුවේ ඇයිදැයි ඔබට තේරුම් යනු ඇත. සත්‍යයකි. ඔවුන් සතුව ඩොලර් නැත. ඇත්තේ එකක් ඩොලර් 40,000 ක් පමණ වටිනා ඕනෑම මොහොතක ඩොලර් වලට හෝ පවුම් වලට හෝ ඕනෑම මුදල් ඒකකයකට පරිවර්තනය කර ගත හැකි bitcoin ය. වසරක කාලයක් ලංකාවේ හිරවී සිටි නාමල් රාජපක්ෂ මෑතකදී ඩුබායි වෙත ගොස් කළේ කුමක්දැයි යන්න සිතා ගැනීම ඔබට බාර ය.

      ඉහත කී රාජපක්ෂලා සතු අතිවිශාල මුදල් සම්භාරය ආයෝජනයට ඇත්තේ එක ආරක්ෂාකාරී තැනක් පමණි. එය නම් ලංකාවෙ කුප්‍රකට පෝර්ට් සිටි ව්‍යපෘතියයි...

      Delete
    3. එකම විසඳුම පෝර්ට් සිටිය...

      චීනයට තමන්ගේ සේවක පඩි නඩි ගෙවීමට ලංකාවේ පවතින නීතිය ගැටළුවක් නම් මෙතෙක් කල් ඔවුන් ලංකාවේ ව්‍යාපෘති සඳහා, පොර්ට් සිටිය ද ඇතුළුව, සේවය කළ චීන ජාතිකයන්ට පඩි නඩි ගෙව්වේ කෙසේ ද?

      ලැබෙන තොරතුරුවලට අනුව දකුණු ආසියාවේ ප්‍රථම අන්තර්ජාල මුදල් ඒකකය ගනුදෙනු කළ හැකි ස්ථානය වන්නේ පෝර්ට් සිටියයි. එසේනම් තමන් සතු ඩොලර් බිලියන ගණන් කළු සල්ලි ආයෝජනය කිරීමට අවශ්‍ය කාටදැයි පැහැදිලිය. මෙය නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂලාගේ කළු සල්ලි සුදු කරන තිප්පොලය. රජයේ විගණනයකින් තොර නගරයක් අවශ්‍ය වන්නේ නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලට පමණි.

      ඉෂාර පමණයි.. ඒ කාගේ සල්ලිද?
      ඊට දැනටමත් එක් උදාහරණයක් තිබේ. පෝර්ට් සිටිය ගොඩ කර අවසන් කෙළේ යහපාලන ආණ්ඩුව කාලයේ ය. විදේශ ආයෝජකයින් සඳහා ඉඩම් අලෙවි කිරීම ආරම්භ කෙළේ ද ඒ යුගයේ ය. නමුත් අද මේ ලිපිය ලියන මොහොත දක්වාම ඉඩමක් මිල දී ගෙන ඇත්තේ එක් අයෙක් පමණි. ඔහු විදේශිකයෙක් නොවේ. ඔහු නම් අද රාජපක්ෂලාගේ සැඟවුනු කළු සල්ලි ආයෝජනය කරන අද වන විට ධම්මික පෙරේරා ද අභිබවා ගොස් ලංකාවේ වැඩිම පොහොසතා වී සිටින ඉෂාර නානායක්කාර ය. මුහුද සමග ජැටියක් ආසන්නයේ තිබෙන එකම සහ වටිනාම ඉඩම් කැබැල්ලක් ද පෝර්ට් සිටියෙන් ඔහු වෙන් කර ගෙන තිබේ. ඒ මුදල් අන් කාගෙවත් නොව රාජපක්ෂලාගේ ය.

      මෙම දැවැන්ත කළු සල්ලි කන්ද ආයෝජනය කොට බොරු සිංහල මැලේ මිශ්‍ර රාජපක්ෂ කාලකණ්නි පවුල ලංකාවේ සදාකාලික ධනවත්ම පාලකයන් වනු ඇත. ලංකාවේ ආර්ථිකය උරා බී ප්‍රකෝටිපතියන් වී සිටින රාජපක්ෂලාගේ ඊලඟ අනුප්‍රාප්තිකයා නාමල් රාජපක්ෂ පෝර්ට් සිටියත් සමග රටේ රජවනු ඇත.

      ලසන්තට වූ දේ අපටත් සිදුවිය හැකි නමුත්...

      ලසන්ත වික්‍රමතුංගගේ මරණයට මිග් ඩීල් එක හේතුවක් යයි කීවද අප්‍රසිද්ධ හේතුවක් වන්නේ නාමල් රාජපක්ෂගේ BTC අන්තර්ජාල මුදල් bitcoin 880,000 හෙළිදරව් කර ගැනීමට උත්සාහ කරමින් සිටීම බවද අප වෙත අනාවරණය වී තිබේ. මේ හෙළිදරව්ව කරන අපටද බොහෝ විට ඒ ඉරණම ම උරුම වනු ඇත. එහෙත් වසර ගණනාවක් පුරා ජීවිතයත් මරණයත් අතර හිඳිමින් සොයාගත් සත්‍යය හෙළිකළ යුතු කාලය පැමිණ තිබේ.

      69 ලක්ෂයක් ජනතාවනි, මෙම ලිපිය අසත්‍යය යයි ඔබ සිතන්නේනම් ඔබේ ආදරණීය රාජපක්ෂවරුන්ගේ පසුගිය දස වසරේ වත්කම් හා බැරකම් ප්‍රකාශනයක් ඉල්ලා සිටින්න. නාමල් රාජපක්ෂ ජනාධිපති කිරීමටත්, බැසිල් රාජපක්ෂ අගමැතිකිරීමටත් සිහින දකිමින් සිටින හිතාදර ඇමතිවරුනි, ඔබේ දේශපාලන අනාගතය මෙතැනින් අවසාන බව මතක තබා ගන්න.

      රාජපක්ෂ වහල් බැමි වලින් මිදී හැඟීම් පසෙක තබා බුද්ධියෙන් සිතීමට කාලය පැමිණ ඇත.

      - එල් අයි එෆ්

      Delete
    4. මාතලන් උඹ සුවර් එකටම ඔය Bitcoin කියන නම ඇහුවෙ අද නේද?

      Delete
  5. මාතා,

    දේශපාලනය කියන්නේ විශාල වශයෙන් ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට හැකි බලසම්පන්න ව්‍යාපාරයක්... මේ වගේ ව්‍යාපාරික සැලසුම් වලින් විශාල වශයෙන් ලාභ ලැබිය හැකි වෙයිද? මේ ගැන ඔබේ යෝජනා සහ අදහස් මොනවද?

    https://fb.watch/6myaVd9fkq/

    ReplyDelete
  6. කොරෝනා තුරන් කරන දිනය බෑ කියන්ට
    රතු කොරෝනාව තුරන් වෙලා යයි සත්තට
    සීයට තුනක් ඉතිරි වෙලා ඇත්තේ රට වටට
    දෙන්නම් බේත ඔබට නොකියාම දැනෙන්ට

    ReplyDelete
  7. පොන්ත නෝනට එයැයිගේ එක හෝද ගත්තැකි කැමති වතුරෙන්
    ඒ වගෙමයි මේ කතාවත්, බැලිය හැකි තුන්-හතර අතකින්
    මොන අදහසින්; මොනව හිතලා ලියා ඇතිමුත් මාතලන්
    කියෙව්වැකි මේ ලිපිය මට නං, හිනා උපදයි ඇති තරං!

    ReplyDelete
    Replies
    1. මචන් නිදි, අපි හැමෝම පවු. කාගෙහරි දේෂපාලනයක් තමන්ගෙ කරගෙන කඩේ යනවා. හැමෝගෙම හොදත් තියනවා නරකත් තියනවා. තමන් කැමති කෙනාගෙ හොද දකිනවා. අකමැති කෙනාගෙ නරක දකිනවා.

      Delete
  8. අයිසේ මාතලන්,

    ශ්‍රී ලාංකිකයන්ගේ ලේ වලටම බද්ධ වෙච්ච, ශ්‍රී ලාංකිකයෝ අදහන, ජාතියක් විදියට ශ්‍රී ලාංකිකයන්ට තිබුන එකම සැනසීම අපේ ක්‍රිකට් ක්‍රීඩාව.

    අද ඉතිහාසයේ කවමදාකවත් නැති විදියට ක්‍රිකට් ක්‍රිඩාව මේ විදියට බිමටම ඇදලා දාපු වැරදිකාරයො කිහිපදෙනෙක් ඉන්නවා.

    ඔවුන් තමයි ශ්‍රී ලාංකිකයන්ගේ ලේ වල තියෙන ක්‍රීඩාව මුදල් උපයන්න කරන ව්‍යාපාරයක් බවට පත් කරගත්තු සල්ලාල, බේබදු ක්‍රීඩකයො, ක්‍රිකට් ක්‍රීඩාව ධන නිධානයක් කරගත්තු ක්‍රිකට් පාලකයො සහ තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩාව තමන්ට මුදල් ඉපැයීමේ මෙවලමක් කරගෙන මේ ක්‍රීඩකයන්ට සහ පරිපාලකයන්ට අනුග්‍රාහකත්වය දක්වන සමාගම්.

    ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාපාරයක් කරගත්තු ක්‍රීඩකයෝ, පාලකයෝ, ව්‍යාපාරිකයො හැම එකාම මේ ක්‍රිකට් බිඳවැටීමට වගකිව යුතුයි.

    එම නිසා අපව ලැජ්ජාවට පත් කරපු, අපේ ආදරණීය ක්‍රීඩාව විනාශ කරපු හැමෝටම රසිකයන්ගේ විරෝධය පෙන්වන මේ මොහොතේ අපේ විරෝධය ක්‍රිකට්‍ ක්‍රීඩකයන් සමාජජාලා මාධ්‍යයන්ගේ අන්ෆලෝ කිරීමෙනුත් එහාට යන්න ඕන.

    අප මේ ක්‍රීඩකයන් ඉන් එහාට ගිහින් ප්‍රතික්ෂේප කරන්න ඕන. ඒ වගේම ඒ ප්‍රතික්ෂේප කිරීම ඔවුන්ට රිදෙන, දැනෙන විදියට කරන්න ඕන..

    අන්න ඒකට හොදම දේ ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පුද්ගලික අනුග්‍රාහක සන්නාම ජනතාව විසින් එක හඩින් ප්‍රතික්ෂේප කිරීමයි. මොකද ක්‍රිකට් ක්‍රීඩාවට වඩා මුදල් වලට ආදරේ කරන. සල්ලි නිසාම ක්‍රිකට් ගහන මේ ක්‍රීඩකයන්ට රිදෙන්න ගහන්න පුලුවන් තැන එතනයි.

    අන්න ඒ නිසාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ ක්‍රිකට් ක්‍රීඩකයන්ට අනුග්‍රහය දක්වන සියලු සන්නාම අප වර්ජනය කළ යුතුයි. මෙතෙක් කාලයක් නිහඩවම ඔවුන්ගේ සියලු නාඩගම් බලාගෙන ඉදපු රසික අපි අපේ බලය මේ අවස්තාවේදි උපරිම ලෙස පෙන්විය යුතුයි.

    මේ වෙද්දි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ සල්ලාල බේබද්දන්ට අනුග්‍රහය දක්වන නිෂ්පාදන කිහිපයක් තියෙනවා.

    1) Daraz
    2) Prima Stella Yoghurt
    3) My Protein Box
    4) Red Bull
    5) Lionco

    ඔබ දන්නා තවත් එවැනි නිෂ්පාදන ඇත්නම් මේ ලයිස්තුවට එකතු කරන්න..

    මේ මොහොතේ සිට මේ සමාගම් සියල්ල ක්‍රිකට් රසික අප වර්ජනය කළ යුතුයි. මෙතැන් පටන් ඔබගේ සියලූම ක්‍රිකට් විරෝධි පෝස්ට් වලට යටින් unfollow cricketers හෑෂ් ටැග් එකට අමතරව boycott හෑෂ්ටැග් එකත් භාවිතා කරමු..

    රසිකයන් තවදුරටත් අන්ධයන් හෝ බිහිරන් ලෙස නොසිටින බවටත්, "ක්‍රිකට් නොදන්නවා යැයි" උන් කියූ අපේ සැබෑ බලය උන්ට පෙන්වමු!

    #UnfollowCricketers
    #BoycottDaraz
    #BoycottPrimaStella
    #BoycottRedBull
    #BoycottLionco
    #BoycottDialog

    ReplyDelete
  9. මාතා, අපේ ජනාධිපති (මට පෙනෙන විදිහට) මේ විදියට වලේ වැටුනේ එක එක කේවට්ටයින් දෙතුන් දෙනකු කියන දේවල් අන්ධ භක්තියෙන් අහපු නිසා. දන්නා හෝ නොදන්නා, ප්‍රවීන හෝ ආධුනික කිසිවකුගෙන් උපදෙස් නොගෙන ඔහුම හිතෙන විදිහට රාජ්‍ය පාලනයක් කලා නම් මීට වඩා ගොඩක් හොඳින් රටේ පාලනය කරන්නට තිබ්බා. රියදුරා කොතරම් හොඳ වුනත්, Lamborghini ගලාර්දෝ එකක් තිබ්බත්, මාර්ග උපදේශනය වැරදි නම්, නොමග යවනවා නම්, off-road ට්‍රැක් එකක යවනවා නම් වැඩේ අල වෙනවා නේ. ඒ වගේ වෙලාවක යුධ හමුදා ෆීල්ඩ් කමාන්ඩර් කෙනෙක් වගේ අවස්ථානුකූලව ක්ෂණිකව තීරණය කරලා එම උපදේශ නොතකා රියදුරාට පෙනෙන විදිහට රිය හැසිරුවා නම් කාර් එක හරි බේරෙනවා.

    මම හිතන්නේ මහ ජන්දෙන් පස්සෙ සෑහෙන්න වෙනස් උනා, ඊට කලින් සාපේක්ෂව හුගක් හොඳ සෑහෙන දුරට හොඳින් තීන්දු තීරණ සහිතව ශක්තිමත් ආරම්භයක් ගත්තා. දැන්නම් ඉතින් බලාපොරොත්තු කඩවෙමින් පවතිනවා. මේ විදියට වෙනස් උනේ ජන්දේ කාලේ වටේ නොසිටි සෙට් එකක් වටවිම නිසා. මගේ හෝප්ස් වැඩියෙන් ම බැහැපු සිද්ධිය... පී බී ලේකම් කිරීම... එතකොට මට තේරුණා මේ යන්නේ ඔහේ පරණ මුත්තලා එක්ක උනුත් අපිත් නොදන්නා ට්‍රිප් එකක් කියලා.

    ඇත්තටම කතාවේ වැඩි කාලයක් තිබුණේ අර පසුබිම් රූප රාමුව. ඒවා නම් සාමාන්‍ය තාක්ෂණික දෝෂ. බොහෝ සමුළුවල කතා පවත්වන කොට බැක් ග්‍රවුන්ඩ් එකේ ඔය වගේ දේවල් වෙනවා.

    නමුත් මගේ පොයින්ට් එක තමයි ඇයි ඒ පරණ අසාර්ථක සංවර්ධන මොඩලයම නැවත ක්‍රියාත්මක කරන්නේ කියන එක. 2014 ජනපතිවරණයෙන් පසුව මම ගියා ගෝඨාභය මහතා මුණ ගැහෙන්න. ඒ ගියේ සාමාන්‍ය පුරවැසියෙක් හැටියට ඔහු එතෙක් කළ සේවය වෙනුවෙන් ස්තුති කරලා එන්න. එදා ඔහු මා සමග පැය දෙකහමාරක් විතර කතා කළා. මම ඔහුට කිව්වා සමාජ ව්‍යවසායකත්වය ගැන. Sustainability ගැන. උදාහරණ දුන්නා. ඔහු ඉතාම සාවධානව උනන්දුවෙන් අහගෙන හිටියා. ප්‍රශ්න ඇහුවා. ඔහු ඇත්තටම කිව්වොත් කිසිම විදිහකින් අහංකාර පුද්ගලයෙක් නොවෙයි. ඔහු තරමක් දඩබ්බර බව නම් කියන්න පුළුවන්. නමුත් අහංකාර නැහැ. එදායින් පස්සෙ නැවත අපි මුණගැහුණේ වියත් මග සමුළුවකට මට මිතුරන් පිරිසක් ආරාධනා කිරීමත් සමගයි. වියත්මග ආරාධිත කමිටුවට මට ආරාධනා කරන්නෙත් ඔය කතාවෙන් පසුවයි. ඒ වෙනකල් ඔය වියත්මගක් තියෙනවද කියලවත් මම දැනගෙන හිටියෙ නැහැ.

    ඒ කාලෙ මම ලංකාවේ තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ ව්‍යාපාර කරන කාලෙ. ඒවා කළේ ඔය කිසිම දේශපාලන සම්බන්ධයක් මත නොවෙයි. තනිකර ස්වාධීන විදේශ පුද්ගලික අංශයේ සමාගම් සමග කළ ව්‍යාපෘති. හැම සතයක්ම අපි හම්බ කරලා හොයලා ගෙවපුවා.

    ඒ අතරෙ ඔය වියත්මගේ විටින් විට කළ සාකච්ඡාවල කමිටු වල brainstorming sessions වලදි අපි කතා කළේ මේ සංවර්ධනය වෙනස් කරන ආකාරය ගැනයි. ඒ කාලෙදි ඔහු ඒවාට එකඟ වුණා. නමුත් කොහොම හරි පසු කාලීනව අර පරණ දක්ෂිණාංශික ධනවාදී ලිබරල් සෙට් එක උඩට ආවා. ඒක වුණේ පසුකාලීනව. ඔවුන් අපට වඩා ඉතාම සූක්ෂමයි. ඔවුන් තිරය පිටුපස ඉඳලා තියෙනවා. මම හිතන්නෙ අපි සටන් කළා මදි. මමත් සටනක් කළා. නමුත් මට සහාය දෙන්න එතරම් පිරිසක් එතන හිටියෙ නැහැ. සමහරු මාත් එක්ක ඉරිසියාවෙන් හිටියෙ. සමහරු බයවුණා මා කැපී පෙනෙයි කියලා. අවුරුදු තිස් හතරක් වුන මමත් අර හිරිමල් යෞවනයේ දී ඒ දවස්වල හිටිය බාධක කාගෙන කඩාගෙන යන මිනිහා නොවෙයි. මේවා situational contingencies.

    ReplyDelete
    Replies
    1. අර පරණ දක්ෂිණාංශික ධනවාදී ලිබරල් සෙට් එක උඩට ආවා කියන්නේ වියත්මගේ අයගේ කයිය තිබ්බට වැඩ බෑ කියන එකනේ.
      අනික වියත්මගේ එවුන් ඇවිත් තියෙන්නේ ආණ්ඩුවේ ගානේ කුඩා ටෝච් ගන්න V8 ගන්න වගේ සිල්ලර වැඩ වලට මිසක් ඔය එකෙක් ගෝඨාභය ජනාධිපතිතුමාගේ එක ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරලා තියෙනවද. ඇත්තම කියනවනම් වියත්මගේ වේසිගෙ පුතීල දූල ගෝඨාභය මහත්තය කෑවා.
      තුහ් නොදකින්

      Delete
    2. @ AnonymousJune 27, 2021 at 7:15 AM

      මට තේරෙන් නෑ ඔයාට මොකක්ද කියන්න ඕනෙ මේකෙන් කියලා... කළමණාකරණය , පරිපාලනය එකක්..... ඒවාම දේශපාලනය නමැති සර්වත්‍ර කුලකයේ උප කුලක වෙද්දී වෙනස්ම ක්‍රියාකාරීත්වයක් ගන්නවා ... සංදර්භයට සාපේක්ෂව ප්‍රපංචයක් විග්‍රහ කර ගන්න කියලා මම යෝජනා කරනවා... වියත් මග කියන්නේ මූලික වශයෙන් 2015 මෛත්‍රිපාල සිරිසේන දිනවීම සහ රටේ යහපත් සමාජයක් උදෙසා පාලනයක් ඇති කිරීම වෙනුවෙන් පෙනී සිටි තරුණ වෘත්තීයවේදීන් විසින් රනිල් සහ මංගල, රාජිත රවී ඇතුළු විශාල පිරිසක් විසින් මෛත්‍රිපාල සිරිසේන අන්දවා රට විනාශ මුඛයට ගෙන ගිය බැවින් ඊට එරෙහිව නැවත වතාවක් සංවිධානය වී පටන් ගත්ත සංවිධානයයි. මම හිතන්නේ වෘත්තීයවේදීන් හිතන විදිහටම දේශපාලනඥයන් වැඩ කරන්නේ නැහැ. අනෙක් පැත්තෙන් ඔය සංවිධාන වල උඩ හිටපු ඇතැම් අය නිතරම පවතින රජයන් මගින් තම පුද්ගලික වාසි ලබා ගැනීමටයි වැඩි බරක් නිතැතින්ම තබාගෙන සිටින්නේ.

      Delete
  10. මාතලන්, ක්‍රිකට් කියන්නෙ සෙල්ලමක්. සූදුවක්. තාම මේ මෝඩ මිනිස්සුන්ට තේරුම් ගන්න බැහැ. අද සෙල්ලම්කරන අය කරන්නේ සෙල්ලමක්. ඊට කලින් අය කළෙත් සෙල්ලමක්... ඔය පරණ අය ‍ඔන්ලයින් ඇවිල්ලා එයාලගෙ පම්පෝරි ගගහා කරන්නෙත් සෙල්ලමක්... ඒ ගොල්ලො ඔක්කොම යාළුවො...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න