අපේ හිතවත් කින්ස්ලි අයියයි සුදේවයි අලුතෙන් ටී වී චැනල්ලෙකක් දාන්න යනවැයි කියලා ආරංචියක් ආවා...
ඉතින් ඒකේ අපේ ජනාධිපතිතුමාගේ තීන්දු තීරණ, කැබිනට් තීරණ එහෙමත් යයි නේ..
අපේ ජනාධිපතිතුමා තරම් ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපති කෙනෙක් මෙතෙක් ආවේ නෑ. ඒ නිසා එතුමා ගෙනා ගොඩාක් සාධනීය යෝජනා එතුමා අකුල ගත්තා..
ඒකට විපක්ෂය කියන්නේ රිවර්ස් කියලා. මේ වැඩේට විපක්ෂයෙ ගං කබර ටොයියොයි, 3% අලුකුත්තේරුවොයි කින්ඩිය දානවා විතරක් නෙමේ. බයියොත් ඉන්නේ අවුලෙන්..
මොකෝ එයාලා ඉල්ලුවේ හිට්ලර් වගේ කෙනෙක්, රණසිංහ ප්‍රේමදාස කෙනෙක්, රන්ජන් විජේරත්න කෙනෙක්.
ඒ කියන්නේ පක්ෂ විපක්ෂ හැම එකාම කියන්නේ ප්‍රජාචන්චේ වානා යකෙක් තමා ඕනා කියලා..
ඉතින් ඉදිරියටවත් ආන්ඩුව මොකක් හෝ වැඩපිලිවලක් පිළිබඳ නිවේදන නිකුත් කරනවා නම්, ඒකට විපක්ෂයේ සහායත් ලබාගෙන එයාලා කියපු දෙයක් විදියට කෙරෙනවා නම් පට්ට ආතල් නේ.
මේක මේ මාතලන් යෝජනා කරන මැතඩ් එකක් නිසා ගොබෙල්ස් න්‍යාය වගේ මාතලන් න්‍යාය කියලා නම් කරත් අවුලක් නෑ..
ඒ අනුව උදාහරණයක් ලෙස පහුගිය සිඳුවීම් කීපයක් ආන්ඩුව විසින් ඉදිරිපත් කිරීමට තිබු අයුරු ගනිමු..
✅ ආන්ඩුව MCC ගිවිසුම ඉරා විසිකරයි -
එතෝට විපස්සෙ - අයියෝ අර බලන්නකො ඇමරිකාවෙන් නිකන් දෙන ටොපිය කන්න මුන්ට පින නෑ නේ. ඇමරිකාව කියන්නේ චීනා වගේද, ලෝකෙම බලවතා. ඇමරිකන් බේස් එක ට්‍රින්කෝ දැම්මම අපි ඉන්දියාවට තියා චීනෙට වත් බය වෙන්න ඕනද? චීන කෑලී වගේද ඇමරිකන් කෑලී. චීන කෑලී පූසෝ කෑ ගහනවා වගේ. ඒ වගේද ඇමරිකන් කෑලී. ගහන්න අයියා ගහන්න වයි ඩෝන්ට් යු කම් ප්‍රොම් මයි බැක් සයිඩ් කියලා ඉන්ගිරිසියෙන් කෑ ගහන්නෙ.
✅ නැගෙනහිර ජැටිය 100% රජයට
එතෝට විපස්සෙ - අයියෝ ඔය කරේ වැඩක්. ආබරෙකත්, රේල්ලුවයි පැස්ටෝලියම් එකයි කරන්නද යන්නේ, ආබර් බත් එකටත් කෙලින්නයි රාජපස්සලා හදන්නේ. අපේ උන් දන්නවද ෂිපින්. කන්ටේනරයක් බාන්න පැයක් යයි. නැව් එන එකත් නැතිකර ගන්න යන්නෙ. මුන් හිතන්නේ ආබර් තියෙන්නේ කොළඹ විතරයි කියලා, ඕන නම් අලුතෙන් හදන බටහිර එක ගන්න බැරිය. රට විනාසයි, ආබරෙකත් ඉවරයි.
✅ 20 වන සංශෝධනය ඉවතට
එතෝට විපස්සෙ - 19 ගෙනාපුවා මදි නිසා නේ ජවිපෙ 20 ගේන්න ගියේ. ජවිපෙ කවදාවත් වැරදි දෙයක් කරනවද? එයාලා රටට කොච්චර ආදරේද, එක බස් එකක් ගිනි තිබ්බද, ට්‍රාන්ස්පෝමරෙකක් බ්ලාස්ට් කරාද එකෙක් මැරුවද, වැව් ලක්ෂයක් හැදුවා, කිරි මණ්ඩලේට බස් දෙකක් දැම්මා. මොනාද මුන් කරන්නේ. 20 ගේන්නේ නැතිව මේ රට ගොඩ දැමිලි බොරු... හා නැද්ද මං කියන්නේ.. අම්මපා..
✅ පාඨලි විසින් ඇරඹූ කාබනික පොහොර කර්මාන්තය වසා දැමීමට පියවර
එතෝට විපස්සෙ - පාඨ ලී කියන්නේ රාජපක්ෂලා වගේ මැදමුලන ගං කබරයෙක්ද? එතුමා උගතෙක්, විදුලි ඉන්ජිනේරුවක්, කරන්ට් අල්ලන්නත් දන්නවා, එතුමා උසයි, එතුමා මේ රට චීන්නුන්ට දෙනවට කැමති, එතුමා කන්නේ කොන්ඩ කැවුම්, එතුමා භූමී පුත්‍රයෙක්, සැදැහැවත් බෞද්ධ, උඩරට බොදු ගොවි. එතුමා මේ රටට මේ දැයට මේ සමයට, වැවට, දාගැබට, හිංගලකමට ආදරෙයි. එතුමා ඔය පරදේසක්කාරයෝ ගේන වස විෂ දාලා අපේ පස විනාශ කරනෙක, අපේ ජල සම්පත විනාශ කරනෙක, අපේ ජාතිය වඳ කරන එක නවත්තන්න ඕක ආරම්බ කළේ. රාජපක්ෂලා හදන්නේ බිජුහීනතාවයෙන් යුතු ජාතියක් හදලා ලංකාවම රාජපක්ෂකරණයට ලක් කරන්න. ඒ නිසා කාබනික පොහොර පමණක්ම යෙදිය යුතුයි. මේක නොකලොත් අපි කොටුව ඉස්සරහා පස් කනවා.
✅ නැවට ගිනි තිබ්බේ ඝෝඨාභය
එතෝට විපස්සෙ - ස ෆේල්, එයාට පුලුවන්ද ඔය වගේ දෙයක් කරන්න, ෆොන්සේකා නැත්නම් කරයි යුද්ද, අම්මගෙ රෙද්ද.
එක්කෝ ඕකට ගිනි තිබ්බෙත් ෆොන්සේකා, නැත්නම් ඉබේ ගිනි ගන්න ඇති. හැමදාම බඩු අරගෙන එන නැවක්ලු නේ. ඒකේ මේ කොස්මටික්ස් හදන්න ගේන කෙමිකල්සුත් තීලා තියෙනවා. සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට.
✅ පාසල් විශය මාලාවෙන් ඉංග්‍රීසි ඉවත් කිරීමට යයි
එතෝට විපස්සේ - අයියෝ ඒ පාර මොකක්ද මේ කරන්න යන්නේ, අර ගම සමඟ පිලිසඳරෙදි උපාධිදාරිනියක් දුන්නා නේ සුරුස් බුරුස් ගාලා ලොක්කගෙ රෙද්දෙ රෙවෙන්න ඒකේ තරහට කරන දෙයක්. අනික ඔය මැදමුලනෙ බයියන්ට ඉන්ගිරිස් බෑ. හරි නම් කරන්න ඕන ඉන්ටර්නැෂනල් ඉස්කූල්වල වගේ හෝඩියේ ඉඳන් ඕල් සබ්ජෙක්ට්ස් ඉන්ගිරිස් වලින් කරන එක. පැඩි පූල්ස්. නුකේ පූල්ස්..
කින්ස්ලිටයි, සුදේවටයි අත් දෙක උස්සලා පියුමි හංසමාලි වගේ වැඳලා කියන්නේ. මීට පස්සෙ දෙයක් කරනවා නම් අපෙන් අහලා කරන්න.
මේවා මොළ නෙමේ...
මොළ ගෙනියන නැව්..
.
උබ වගේ නුගත් ටැක්සි කාරයෙක් කියන දේවල් කවුද බං ගණන් ගන්නේ. රසික සුරියආරච්චි හින්දා යන්තන් බ්ලොග් එකක් අටවන්, සිංහල අකුරු ටිකක් කොටන්න දැන ගත්තම මුන් හිතන්නේ මුන් ආණ්ඩුවේ උපදෙස් දෙන්නෝ කියලා.
ReplyDeleteමාතලන් රසික දෙන්නම එකෙකුට එකෙක් දෙවැනි නැති කපටියෝ..කැරි පොන්නයා නෙමෙයි ඕකා හැලිවලන් පොන්නයා මුන් දෙන්නම හැම වෙලාවෙම ඉන්නේ සැකෙන් බයෙන්. තමන්ගේ ජරා අතීතය කොයි මොහොතේ හෝ එලියට එයි කියලා. මුන් දෙන්නගෙන් මාතලන් වෙන සයිට්වල ඇනෝ ගහනවා. රසික තමන්ගෙම සයිට් එකේ නිතරම ඇනෝ ගහනවා.
Deleteකොමෙන්ට්ස් මොඩරේට් කරපු සයිට් වලට මුන් දෙන්නම් යන්නේ නෑ ඇනෝ ගහන්න බැරි නිසා. නමුත් රසිකයා කොමෙන්ට් මොඩරේට් කරපු සයිට් වලට ගිහින් හින්ට් ගහනවා. ඒ උගේ මනපහත භාවය.
මුන් දෙන්නට කරන්න ඕනේ මේකයි. මුන් දෙන්නගෙම සයිට් සාමාන්‍ය තත්වයට එනතුරු කවුරුවත් කොමෙන්ට් නොකරන එක. රසිකයාගේ පම්පෝරි පෝස්ට් වලට මොකුත් ලියන්න එපා කවුරුවත්. මාතලන් උගේ මතයම හරි කියන පෝස්ට් වලටත් මොකුත් ලියන්න එපා.
කියල වැඩක් නැ මේ වගේ මෙලෝ වැඩකට නැති ලොන්ත පෝල් ලියන හුටන්නොන්නට තමා බ්ලොග් සම්මාන හමිබ වෙලා තියෙන්නේ. ඒ්කේ අවුලකුත් නැ මොකද මුගේ දේශපාලන ලියිවිල කියන කසල ගොඩවල් ඔක්කොම බයියන්ගේ දැනුම මටිටමට තමා ලියල තියෙන්නේ. ඒ්ක හින්ද මු නිතතැන්ම අර චාන්‍ය හේරත් වගේ වේස අමිමින්ඩිලයි. සොනාල ගුණසේකර වගේ කුලියට පුක දෙන උනුයි වගේ බයියො අතර ජනප්‍රියයි. මුගේ මෙලෝ හරයක් ගන්න නැති කසල ගොඩවල් උන් ඉබ ඉබ ගන්‌නේ. හිතහන් බයියෙක් වෙන්න කොයිතරමි පවුකාර වෙන්න ඔිනද කියල.
Deleteලංකාවට වඩා වැඩි වේගයකින් ආර්ථිකය සංවර්ධනය වෙලා තියෙන රටවල් බහුතරයක් ලෝකේ අනෙක් රටවල් වල තාක්ශනය සහ ආයෝජන එයාලගේ රටට අවශ්‍ය නිසා ඔහොම ව්‍යපෘති කරලා තියෙනවා. හොදම උදාහරණය චීනය සමග අච්චර හතුරු රටක් උන ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ තියෙන Chinatown 1850 - 1900 රට පුරා හිටපු චීනකාරයෝ එකතු කරලා ආයෝජන වරාය නගරයක් හදලා. 99 අවුරුදු බදු කාලයකට චීනයට පවරලා තිබිලා. 1948 ලෝක යුද්ධය අවසන් වනවා සමගම එහි අයිතිය ඇමරිකාවට පැවරෙනවා නමුත් අදත් එහේ යන කෙනෙක්ට දකින්න තියෙන්නේ චීන සම්ප්‍රදාය නගරයට පමණක් රටවල් දෙකටම පොදු නීතියක් තියෙනවා. ඒ නගරය හරහා ලොකු ආයොජන සහ ලාභ ඇමරිකාවට ලැබෙනවා. ලෝකයා සමග දියුනු වෙන්නනම් මේ වගේ ව්‍යපෘති තියෙන්න ඕනි. අපේ රටේ වෙලා තියෙන්නේ තමන්ගේ පක්ශේ රජයට ආවම මේවා හොදයි වෙන පක්ශයක් ආවම නරකයි. 2017 වෙනකොට වර්ග කි.මී 1.9 ක් වගේ තිබුන ව්‍යපෘතිය යහපාලන ආණ්ඩුව මගින් 2.69 කට වැඩි කරා. ඒ අර භූමි ප්‍රමාණය මදි නිසා. ඒක ඇත්තටම හොද දෙයක්. ඇත්ත.. ලංකාවේ මිනිස්සු මේ දේවල් දිහා ඍණාත්මකව බලනතාක් කල් මේ රට දියුණු වෙන එකක් නෑ. ඇත්තම හොද අධ්‍යාපන ක්‍රමයක් ඕනි මේ රටට. සමාජ මාධ්‍ය හරහා හෝ මේක විවේචනය කරන ගොඩාක් දෙනෙක් මේ ව්‍යපෘතියේන් මොකක්ද කරන්නේ කියලාවත් හරි හැටි අවබෝධයක් නෑ.. රැල්ලට බනිනවා...��
ReplyDeleteමාතා, ඇත්තටම සුදේව සහ කින්ස්ලීගෙන් තාම වැඩක් ඇති දෙයක් කෙරිලා නෑ ජනාධිපතිගේ පැත්තෙන් බලනකොට සමාජ ජාල වල පැත්තෙන් නම්. ඒත් ඉතින් සමාජ ජාල වල කියන දේ වලින් ඡන්ද වලට ලොකු බලපෑමක් නෑ ඉතාමත් සුළු පිරිසක් විතරයිසමාජ ජාල වලින් දේශපාලනික තොරතුරු එහෙම තීරණය කරන්නේ. මේ ගැන ප්‍රචාරක කටයුතු ප්‍රධාන මාධ්‍ය වලින් කරන්න පුළුවන් රජයේ සැලසුම් සැබෑ තොරතුරු ජනතාවට විවෘතව ලබා දී සාකච්ඡා කිරීමට කාලයක් ලබා දී ඒ අනුව තීන්දු තීරණ ගැනීම අවශ්‍යයි.
ReplyDeleteඋදාහරණයක් විදියට ලංකාවේ ආණ්ඩුව පෝට් සිටි එක ක්‍රියාත්මක කරන එක ගැන චීනයේ ෂෙන්ශෙන් නගරය ඇතුළු සමාන ව්‍යාපෘති ඇසුරින් මේ ගැන පැහැදිලි අවබෝධයක් ලබා දීමට කටයුතු කළ යුතුයි. ඒ වගේම මාලේ වලත් පොර්ට් සිටි වගෙ ප්‍රොජෙක්ට් එකක් තියෙනව. ඒ අය්ලන්ඩ් එකේ නම හුලුමාලේ. තනිකරම වැලි වලින් හදපු නගරයක්. නීට් එකට තියෙනව. හරිම ලස්සනයි, මන් හිතන්නේ ලන්කාවේ පොර්ට් සිටි එකත් කවදහරි ලන්කාවට ඉතා වැදගත් තැනක් වේවි. නමුත් මේ ගැන විපක්ෂයේ කණ්ඩායම් සමග විවෘතව සංවාද පවත්වමින් පවත්නා සැබෑ තත්ත්වය සහ අනාගත සැලසුම් සමග ඉතාමත් විනිවිද භාවයකින් යුතුව උපරිම ජනතා සහය ලබාගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. එහි තමයි ගැටලුව තියෙන්නේ.
මොනවා කරන්නද මාතලන්. අභීත එදිරිසිංහ උඹව ජොන්ස්ටන් ලඟට ගෙනිහින් අර මොකක්ද එක කෙරුවට පස්සේ කියන දෙයක් ලියන්න එපායැ.
ReplyDelete//ඕකට ගිනි තිබ්බෙත් ෆොන්සේකා, නැත්නම් ඉබේ ගිනි ගන්න ඇති. හැමදාම බඩු අරගෙන එන නැවක්ලු නේ. ඒකේ මේ කොස්මටික්ස් හදන්න ගේන කෙමිකල්සුත් තීලා තියෙනවා. සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට.//
ReplyDeleteඇත්තටම මේ වගේ කේස් ගැන මීට කාලෙකට කලින් ප්‍රබුද්ධ සංවාදයන් ගොඩ නැගුනා ලංකාවේත් මාධ්‍ය හරහා, ජාත්‍යන්තර මාධ්‍ය තරම් නැතත් හොඳ සාකච්ඡා ගියා, ඒත් දැන් නම් එහෙම නෑ රසායන විද්‍යා මහාචාර්ය වරයාට මාධ්‍යවේදියා තමයි රසායන විද්‍යාව උගන්වන්නේ තාප දායක ප්‍රතික්‍රියාව තාප අවශෝෂක පුතික්‍රියාව ස්ඵෝටනය වෙන ප්‍රතික්‍රියා මොනවද කියලා මහාචාර්යතුමාවත් මාධ්‍යකරුවාට කියලා දෙන්නේ නෑ HNO3 + H2O කියන්නේ තාප දායක පුතිකි්‍රයාවක් විතරයි, ඒකෙන් හීට් එක වැඩි වෙනවා ඒත් පුපුරන්නේ නැහැ ජලයට සොඩියම් පොටෑසියම් වගේ ලෝහ වලින් කැබලි වගේ දෙයක් දැම්මොත්නම් ගිනි ගන්න පුළුවන්.
මාතලන් ඔබ කියන දේ ඇත්ත මාධ්‍ය වලින් කලයුත්තෙ එක එක පක්ෂ වලට සපෝට් කරන දේශපාලන මත දරන මිනිස්සු ගෙනල්ල ඔය ගැන මතය විමසන එක නොවෙයි. උදාහරණයක් විදියට ලංකාවේ නෞකාවක් ගිනි ගත්ත වෙලාවට ලංකාවේ ගිනිනිවීමි ප්‍රධාන ආයතන කීපයක් තියෙනව ඒවයේ ප්‍රධානීන් කැදවල ඔය ගැන සාකච්ඡා කිරීම කාලෝචිත නොවේද? ඇයි ඔවුන්ගෙන් මෙි ගැන විමසන්නෙ නැත්තෙ? ලංකාවේ ගිනිනිවීමි ආයතන ප්‍රධානීන් තමයි දන්නෙ ඔවුනට මෙි නැවෙි ගින්න නීවීමට හැකියාව තිබුනද නැද්ද කියන එක ඔය දේශපාලකයො ආචාර්යවරුන්වත් ඔයදේ ගැන දන්නෙ නෑ මගේ දෑනීමෙි හැටියටනම්.
ReplyDeleteඇත්ත කතාව එකෙක්වත් නෑ..
Deleteඔක්කොම අන්ධභූත ජාතකේ කියවනවා
ඇත්ත කතාව එකෙක්වත් නෑ..
Deleteඔක්කොම අන්ධභූත ජාතකේ කියවනවා
දැනගෙන හිඳුම තම නොදැනුම නුවණැතිය
ReplyDeleteඅපට ඉන්නෙ ඒ බව දන්නැති අයය
එහෙම එවුන් රජයන්නේ මෙකලේය
උන්ට රජ මඟුල් - නැති වෙන්නේ රටය!
මාතලන්, "කොළඹ පෝට් සිටි" ව්‍යාපෘතිය සම්බන්දව නන්දසේන ගේ හෙංචයි විපත් මග කල්ලිය පහුගිය කාලේ පුරාම ලංකාවේ පතුරවපු සුරංගනා කතා පිළිබඳ දීර්ඝ විස්තරය ටිකක් බෝරිං එකකි. මන්ද පෝට්සිටියට පක්ෂ සහ විපක්ෂව කරුණු දක්වන දෙපාර්ශවයේ ම ඉන්නා බොහෝ අයට පෝට්සිටිය ගැන නිසි අවබෝධයක් නැති බව මගේ අදහසයි.
ReplyDeleteසමගි ජන බලවේගයේ නායකත්වය ඇතුළු සමහරුන්ට ඇත්තේ අහේතුක චීන විරෝධයකි. තවත් අය හිතන්නේ ලංකාව යනු ඛනිජ තෙල්, ගෑස්, යුරේනියම්, රත්තරන්, ගල් අගුරු, තඹ, රිදී ආදී ස්වභාවික සම්පත් පිරුනු රටක් බවයි. මේ නිසා ලොව කිසිම රටක උදව්වක් නැතිව ඒ ස්වාභාවික සම්පත් වලින් ලංකාවට ස්වාධීනව නැගී සිටිය හැකි බවයි.
ඒත් ඇත්ත යතාර්තය නම් වර්තමාන ලෝකයේ වටිනා කියන ස්වභාවික සම්පත් වලින් ලංකාවට වටිනාකමක් ඇත්තේ මිනිරන්, ඉල්මනයිට් සහ රූටයිල්, පොල් කටු වලින් නිෂ්පාදනය කරන ඇක්ටිව් කාබන් පමණකි. ලොව හොදම සහ විශාලම මිනිරන් නිධි ඇත්තේ උතුරු කොරියාවේය. නමුත් ලෝකයෙන් හුදකලාවී සිටීමට කැමති උතුරු කොරියාවේ මිනිරන් වලින් හදපු ග්‍රැෆීන් ටිකක් චීනයට යැව්වත් උතුරු කොරියාව ලෝක මිනිරන් වෙළඳපලේ නැති නිසා වර්තමාන ලෝකයේ පලමු මිනිරන් නිශ්පාදකයන් දහදෙනා අතර ලංකාවත් සිටී. ඒ හැර වෙනත් විශාල ස්වාභාවික සම්පතක් ලංකාවට නැත. එසේ ස්වාභාවික සම්පත් නොමැති නිසා ලංකාවට විදේශ විනිමය ලැබෙන මාර්ගයක් නැතිනම් ඩොලර් ලැබෙන විකල්ප මාර්ග සොයා ගත යුතුය.
මේ නිසා වියත් මගේ විශ්වාසයට අනුව “කොළඹ පෝට්සිටිය” යනු ලංකාව ගොඩයන්නේ නම් ඒ සදහා වන හොදම අවස්තාව එය බවයි. එවන් අදහසක් ඔවුන් දරන්නට හේතු ඔවුන් පවසා තිබුණි. ඒවා කෙටියෙන් සම්පිණ්ඩනය කළොත් මෙසේයි.
ඒ අනුව පෝට්සිටිය (Port City) හෝ වරාය නගරය කොළඹ ගාලු මුවදොර පිටියට යාබදව ගොඩබිමෙන් වෙන්ව පිහිටි, මිනිසා විසින් සාදන ලද දූපතක් ලෙස ලොව බොහෝ රටවල මිනිසා විසින් මුහුද ගොඩ කර ඉදිකරනු ලැබූ කෘතීම දූපත් ඇති අතර ස්වභාවිකව නොව මිනිසුන් විසින් ඉදිකල නිසා මෙවන් දූපත් “man made island”ලෙස ඉංග්‍රීසියෙන් හදුන්වයි.
පෝට්සිටිය යනුවෙන් අප හැදින්වුවත් එහි සම්පූර්ණ නීත්‍යානුකූල නම The Port City Colombo Development Project (PCCDP) වේ.
මෙය CHEC Port City Colombo Pvt Ltd මගින් මූලික ආයෝජනය වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක (US$ 1.4bn) දැවැන්ත මුදල් ප්‍රමාණයක් ආයෝජනය කර ඉදිකරන ලද්දකි. මෙසා දැවැන්ත මුදලක් ආයෝජනය කර මුහුද ගොඩ කර ලබා ගන්නා ලද භූමිය හෙක්ටයාර 269 ක් විශාල භූමියක් වන්නේය. එසේම මේ ගොඩ කරන ලද කොටස "විශේෂිත වූ ආර්ථික කලාපයක්" ලෙස පවත්වාගෙන යාමට සැලසුම් සකස් කර ඇත.
පෝට් සිටි'ට අදාල ඉඩම් ගොඩ කිරීම (land reclamation) 2019 වසරේදී නිමාවට පත්ව දැනට ඒ ගොඩකල භූමියේ මූලික යටිතල පහසුකම් දියුණු කරමින් පවතී. (infrastructure development phase) මෙහි සම්පූර්ණ ව්‍යාපෘතිය නිම කිරීමට ඇස්තමේන්තු කර ඇත්තේ වර්ෂ 2041 දීයි. දැනට ගොඩ කරපු කොටසේ සම්පූර්ණ ඉඩම් ප්‍රමාණය 5.7mn sq. m. gross floor area යුක්ත වන අතර වාහන නැවැත්වීමට (6.9Mn sq.m. including parking) ඉඩක් වෙන් කර ඇත.
මේ පෝට්සිටි දූපතේ නිවාස, ව්‍යාපාර, සාප්පු සංකීර්ණ සහ සංචාරක අංශයන් (residential, commercail, retail and hospitality) ඉලක්ක කර ගනිමින් , වර්තමානයේ දියුණු රටවල් කිහිපයක පමණක් භාවිතාවන ජාත්‍යන්තර මට්ටමේ ඉතා දියුණු අති නවීන සාමාජීය සහ යටිතල පහසුකම් සහිතව ඉදිකරනු ලබයි. (social infrastructure).
Deleteමේ CHEC Colombo Port City (Pvt) Ltd යනු PPP (Public Private Partnership) ක්‍රමය යටතේ ලංකා රජයත් CHEC (China Harbour Engineering Company) යන චීන සමාගමත් එක්ව කරන්නා වූ හවුල් ආයෝජනයකි.
CHEC යනු චිනයේ අති විශාල වූ China Communications Constructions Company Limited (CCCC) සමාගමේ අනුබද්ධ සමාගමකි. ඒ සමාගම පෝට්සිටියට කල මූලික ආයෝජනය වන ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 සඳහා හෙක්ටයාර 116 බිම් ප්‍රමාණයකට වසර 99 ක කල්බදු අයිතිය ලබා ගනී. (මතක තබා ගන්න මේ දූපතේ මුළු බිම් ප්‍රමාණය ආසන්නව හෙක්ටයාර 269 පමණක් බව)
මේ CCCC යනු සමාගම ලොව පුරා විහිදුනු, හැටකට අධික අනුබද්දිත සමාගම් සහිත ලෝකයේ ඇති දැවැන්ත සමාගමකි. මේ සමාගම ලොව පුරා රටවල් 103ක ශාඛා 193ක් ඇති ප්‍රදාන ගෝලීය සමාගමක් මෙන්ම ඉතාම විශිෂ්ඨ කීර්ති නාමයක් සහිත සමාගමකි.
මෙම CCCC සමාගම, හොංකොං කොටස් වෙළඳපලේ සහ ශැංහායි කොටස් වෙළඳපලේ (Hong Kong Stock Exchange and Shanghai Stock Exchange) ලැයිස්තුගත සමාගමකි.
ඒසේම ලොව ප්‍රබලම සමාගම් 500 ශ්‍රේණිගත කිරීමේ ලෝකප්‍රකට Fortune 500 සඟරාව මගින් වර්ෂ 2019 යේදී 93 ස්ථානයට CCCC සමාගම ශ්‍රේණිගත කර ඇත. එමෙන්ම CCCC සමාගම Engineering News Record (ENR) මගින් ලොව ඉහළම ජාත්‍යන්තර ඉදිකිරීම් සමාගම් 250 අතුරින් 3වන ස්ථානයට තෝරා ගෙන ඇත.
එමෙන්ම Shantou New East Coastal Area Development Project සහ Guangzhou Nansha New District Development Project යනු CCCC මගින් ඉදිකළ ජාත්‍යන්තර මට්ටමේ ඇති අති විශාල ව්‍යාපෘතින් වේ. මීට අමතරව CCCC සමාගම ශ්‍රී ලංකාවේදී දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ පිට රවුම් අධිවේගී මාර්ගය, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපල, කොළඹ වරායේ දකුණු ජැටිය වැනි ව්‍යාපෘති සඳහා සක්‍රීය දායකත්වය ලබා දී ඇත.
මේ අනුව CHEC සහ ශ්‍රී ලංකා රජයේ ඒකාබද්ධ ආයෝජන ව්‍යාපෘතියක් වන කොළඹ පෝට්සිටි ලංකාවේ ආර්ථිකයට ලබා දෙන්නේ ඉතා විශාල පිම්මක් බවත් මෙය ලංකාවෙ ආර්ථිකයේ හැරවුම් ලක්ෂයේ ආරම්භය බවත් වියත් මග කල්ලියේ අදහසයි.
කොළඹ පෝට්සිටි රැකියා උත්පාදනය (employement), විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය (attaracting FDIs), දළ දේශීය නිෂ්පාදිතයේ එකතු කළ අගය වැඩි කිරීම (value addition for GDP), ගෙවුම් ශේෂ හිඟය කළමනාකරණය (BOP management) සහ අවසානයේ දී රජයේ ආදායම් (government income) වැඩි කිරීමේලා මූලික වශයෙන් ප්‍රමාණාත්මක ධනාත්මක බලපෑමක් නිසැක ලෙසම කරනු ඇතැයි ඔවුන් හිතනවා.
මේ නිසා ඉඩම් ගොඩ කිරීම, යටිතල පහසුකම් සහ කල්බදු පහසුකම් සැලසීම දැන් සිදු වෙමින් පවතී. මේ අතර හෙක්ටෙයාර 269 ක ඉඩම් ප්‍රමාණයක් ගොඩකර 99 අවුරුදු කල්බදු පහසුකම් යටතේ ආයෝජකයන් වෙත ලබා දෙනු ඇත. මෙම පියවරේදී පමණක් රැකියා අවස්ථා 6,400ක් ද, ගොඩනැංවීමේ කටයුතු ආශ්‍රිතව සෘජු හා වක්‍රව මිනිස් ශ්‍රම පැය 160, 172 ද, පවත්වාගෙන යාමේදී සෘජු හා වක්‍ර, පුහුනු නුපුහුනු රැකියා අවස්ථා 210, 355 උත්පාදනය කිරීමට බලාපොරොත්තු වෙයි. මෙය සංචාරක, සෞඛ්‍ය, අධ්‍යාපන, සාප්පු සංකීර්ණ සහ මේ හා බැඳුනු සේවාවන් රැසක් ආශ්‍රිත රැකියාවන් ලු.
විදේශ සෘජු ආයෝජන ගැන කතා කිරීමේ දී මූලික යටිතල පහසුකම් හා ගොඩකිරීම් සංවර්ධනයේදී ඇමරිකානු ඩොලර් බිලියන 4.1 ක් (මූලික ආයෝජනය වූ US$ 1.4 bn ද ඇතුළුව) සහ බිම් කුලී වශයෙන් ඇමරිකානු ඩොලර් 2.7 ක ලැබීම් ද ඇස්තමේන්තු කර ඇත. (LKR 13.0Mn p.p, may vary during active time of lease)
ගොඩනැංවීමේ පියවරේ දී ඇමරිකානු ඩොලර් බිලියන 5.1 ක් (75% පිරිවැය) අනිවාර්යෙන් විදේශයෙන් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන අතර එසේ ආයෝජනය කරන අයගෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 0.7 ක් පමණ ප්‍රමාණයක් නැවත පෝර්ට්සිටිය තුලම ආයෝජනය කරනු ඇතැයි බලාපොරොත්තු වේ.
දළ දේශීය නිෂ්පාදනය සඳහා ආයෝජනය සහ පරිභෝජනය යන දෙයාකාරයෙන්ම දායකවීම අපේක්ෂිතයි. ගොඩකිරීමේ සහ ඉදිකිරීම් කාලය ඇතුළතදී ඇමරිකානු ඩොලර් බිලියන 4.6 ක් සහ ඇමෙරිකානු ඩොලර් බිලියන 13ක ප්‍රමාණයක් අපේක්ෂිතයි. එසේම මෙය පවත්වාගෙන යාමේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 11.8 ක ප්‍රමාණය වාර්ෂිකව රටේ දල දේශීය ආදායමට එකතුවීම අපේක්ෂිතය.
ඉදිකිරීම් අවදියේ දී ගොඩනැගිලි ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ආයෝජනයන් පිටට ගලා යෑම පැවතුනත්, පෝට්සිටි ව්‍යාපෘතිය අවසානයේ දී ගෙවුම් ශේෂය කළමනාකරණ සඳහා ධනාත්මක සහ ප්‍රමාණාත්මක බලපෑමක් අපේක්ෂිතයි.
රජයේ ආදායම් මූලික වශයෙන් බදු අදායම් සහ කුලී ආදායම් වලින් ද, ගොඩනංවන කාලයේ දී භාණ්ඩ ගෙන්වීමේදී අය කරන බදු ආදායම්, VAT, අනෙකුත් බලපත්‍ර සහ ගාස්තු වැනි දෑ වශයෙන් රජයේ ආදායම් වලට එකතු වනු ඇති බවත් මෙය වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක ප්‍රමාණයක් පමණ වෙතැයි අපේක්ෂිතයි.
Deleteමේ භූමි ප්‍රමාණය ගැන කතා කිරීමේ දී පෝට්සිටියේ මුළු ඉඩම් ප්‍රමාණය වනුයේ හෙක්ටයාර 269 කට වඩා ඇඩි ප්‍රමාණයකි. එය නගර සැලසුම්කරණය අනුව ආර්ථික දිස්ත්‍රික්කය හෙක්ටයාර් 40ක්, නිකේතන වරාය හෙක්ටයාර් 15ක්, සෙන්ට්‍රල් පාක් ලිවින් හෙක්ටයාර් 95 ක් සහ පාර්ක් ලිවින් හෙක්ටයාර් 85 ක් ලෙස බෙදා ඇත. (Financial District - 40Ha, Marina District - 15Ha, Central Park Living - 95Ha හා Central Living - 85Ha)
ගොඩ කිරීම් නිම වීමෙන් අනතුරුව මුළු ඉඩම් ප්‍රමාණයම නාගරික සංවර්ධන අධිකාරිය වෙත වර්ෂ 2019 දී පවරා ඇතැයි කියති. (UDA)
එමෙන්ම CPCC (CHEC Port City Colombo Pvt Ltd), නාගරික සංවර්ධන අධිකාරිය සහ මෙගාපොලිස් සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය (UDA and Ministry of Megapolis and Western Development) සහ ශ්‍රී ලංකා රජයේ ත්‍රෛ-පාර්ශවීය (tripartite) ගිවිසුමකට එළඹ ඇත.
ඒ අනුව අයිතිය ගැන බැලීමේදී 57% ක් ශ්‍රී ලංකා රජයටත්, 43%ක් CPCC සමාගම සඳහා 99 අවුරුදු කල්බදු ක්‍රමය යටතේ අයිති වෙතැයි කියති. මීට අමතරව CPCC ය ඉදිරියේදී මුහුද ගොඩ කිරීමට අමතරව වෙළඳ හා ප්‍රචාරන කටයුතුවලදී මෙන්ම කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (Colombo International Financial Centre) සංවර්ධනය කිරීමේදීත් සක්‍රියව දායක වෙනවලු.
මේ වගේම ලංකාවේ ආර්ථිකය සහ ලෝකයේ විවිධ ආර්ථික තත්වයන් ගැන කල්පනාවෙන් බලද්දී ගෙවුම් ශේෂය Balance of Payment - වසරක් තුළ රටක් විසින් අනෙකුත් රටවල් සමඟ (නේවාසිකයන් සහ අනේවාසිකයින් අතර) කරනු ලබන ආර්ථික ගනුදෙනු වල විස්තර දක්වන වාර්තාවක් සමග මෙම ලේඛන ගත කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ BPM 6 යන ප්‍රමිතියට අනුකූලව සිදුකරනු ලබයි. (Balance of Payments and International Investment Position Manual - 6th Edition by IMF 2009)
මේ ගෙවුම් ශේෂ ලේඛනය රටක ආර්ථික තත්ත්වය පෙන්වන දර්ශකයක් ලෙස විශේෂයෙන් රටක විදේශ වත්කම් පවතින ආකාරය පෙන්වන අතර මෙය අප සාමාන්‍ය ගිණුම් තබා ගන්නා ආකාරයටම ද්විත්ව සටහන් ක්‍රමය අනුව හර සහ බැර (debits and credits) යොදා ඉහත කී ප්‍රමිතියට අනුකූලව තුලනය (balance) කරනු ලබයි.
ගෙවුම් ශේෂ ගිණුම කොටස් තුනකින් සමන්විත වේ. (BOP)
1. ජංගම නොහොත් වර්තන ගිණුම (Current Account) -
මෙය භාණ්ඩ හා සේවා ගිණුම (Goods and services) ප්‍රාථමික ආදායම් ගිණුම (Primary income), ද්විතීක ආදායම් ගිණුම (Secondary income)යන ඒවායින් සමන්විතයි.
තේ, රබර්, පොල් සහ නිමි ඇඳුම් වැනි ඒවා ආදායම් යටතට වැටේ. බොරතෙල් (crude oil), සීනි, මූල්‍ය නොවන රන් සංචිත (non monitory gold) වැනි දෑ වියදම් යටතට ගැනේ.
භාණ්ඩ ලෙස මෙන්ම ප්‍රවාහනය (transport), සංචාරය (travel), තොරතුරු තාක්ෂණ සේවා (IT services), සන්නිවේදනය (Telecommunication), රක්ෂණ හා විශ්‍රාම වැටුප් (insurance transactions, positions and prnsion schemes), කීර්තිනාම හා වෙළඳ නාම (good will and trade marks) සඳහා කරන වාරික ගෙවීම් වැනි දෑ සේවා යටතට අයත් වේ.
පොලී ආදායම් (interest income), ලාභය හා ලාභාංශ (profit and dividends), ශ්‍රමය සඳහා වන වැටුප් වේතන (compensation of employees), කුලී ආදායම් (rent income) වැනි සාධක ආදායම් (factor income) ප්‍රාථමික ආදායම් වලට අයත්.
ද්විතීය ආදායම් ගිණුම මූලික වශයෙන් සංක්‍රාම (net unilateral transfers) වලින් සමන්විත වන අතර එය පෞද්ගලික සංක්‍රාම සහ නිල සංක්‍රාම වශයෙන් දෙකොටසකට බෙදේ.
සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ (remittances), විදෙස් ගතවුවන්ගේ සංක්‍රාම (transfers from migrants - නිකං ඉන්න බැරුවාට ලංකාවට එවන ඒවා), ත්‍යාග (gifts), දෑවැදි (dowry), උරුමයන් (inheritance) හා alimany වැනි දෑ ද, රජයට වෙනත් රටවලින් හෝ වෙනත් පාර්ශවයන්ගෙන් ලැබෙන නිල සංක්‍රාම (net official transferes by governements and from rest of the world) වැනි දෑ ද්විතීය ආදායම් හෝ වියදම් ලෙස සැලකේ.
මේ නිසා ලංකාවේ ජංගම ගිණුමේ ශේෂය කාලයක් තිස්සේම හිඟයක් පෙන්නුම් කරන අතර එම හිඟය ක්‍රමයෙන් ඉහළ යාමේ ප්‍රවණතාවයක් ද ඇත.
2. ප්‍රාග්ධන ගිණුම (Capital Account) - දිගුකාලීන අරමුණෙන් ලැබෙන ඒක පාර්ශවීය ඉපයීම් හෝ වියදම් වන ප්‍රාග්ධන සංක්‍රාම (capital transfers)
Delete(උදාහරණ ලෙස සංවර්ධනය වෙමින් පවත්නා රටක් ලෙස ලංකාවට ලැබෙන විදේශාධාර ඉපැයීම් ලෙසටද, ඛනිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතන වලට උපකරණ මිලදී ගැනීම වැනි දේ සඳහා දෙනු ලබන මුදල් වැනි දෑ වියදම් ලෙසට ද දැක්විය හැක)
නිෂ්පාදනය නොකළ මූල්‍ය වත්කම් මුළුමනින්ම අත්පත් කර ගැනීම හෝ අත්හැරීම් (non productive non financial assets acquisitions or disposals) කීර්තිනාමයක් සම්පූර්ණයෙන් විකිණීමක්, පිටරටක ඉඩමක් මිලදී ගැනීම, විදේශිකයෙකු පැමිණ ලංකාවේ ඉඩමක් මිලදී ගැනීම වැනි දෑ වලින් සමන්විත වේ. ලංකාවේ ප්‍රාග්ධන ගිණුමේ අතිරික්තයක් ඇති අතර එය ඩොලර් මිලියන 50 ට අඩු ගණනක් කාලයක් තිස්සේ පවතී.
3. මූල්‍ය ගිණුම (Financial Account) - මූල්‍ය ගිණුම සෘජු ආයෝජන (Foriegn Direct Investments), කළඹ / විවිධ ආයෝජන (Portfolio Investment), අනෙකුත් ආයෝජන (Other Investements), මූල්‍ය වියුත්පන්න (Financial Derivatives) සහ සංචිත වත්කම් (Reserved Assets) වලින් සමන්විත වේ. ආයෝජනය කිරීමේදී සාමාන්‍ය කොටස් (සාමාන්‍ය ඡන්ද බලය හිමි කොටස්) වලින් 10% වඩා වැඩි කොටසක් මිලදී ගැනීම් FDI ලෙස ද, 10% අඩු කොටස්, සියලුම සුරැකුම්පත් ආශ්‍රිත ආයෝජන(bonds and bills) සහ කොටස් වෙළඳපළ හරහා සිදුවන කෙටි කාලීන ආයෝජන විවිධ ආයෝජන ලෙස ද, මුදල් හා තැන්පතු ද කෙටි කාලීන හා දිගු කාලීන ණය ද, වරණීය කොටස් මිලදී ගැනීම් ද අනෙකුත් ආයෝජන යටතට ගැනේ.
මූල්‍ය වියුත්පන්න යනු විනිමය අනුපාතයන්, පොලී අනුපාතයන්, ලෝක වෙළඳපළේ තෙල් මිල ගණන් වැනි දෑ ආශ්‍රිතව කරනු ලබන ලාභ අලාභ සඳහා ඇති මූල්‍ය උපකරණයන්ය. forward contracts, option contracts, credit default swaps හා hedging (Asantha de Mel) ඛනිජ තෙල් සංස්ථාව සභාපති ලෙස සිටින කාලයේ දී කළ හෙජින් ගනුදෙනුව, ඊයේ පෙරේදා බංග්ලාදේශය සමඟ කල currency swap වැනි) වැනි දෑ මෙහිදී භාවිතා කරන ප්‍රධානම මූල්‍ය උපකරණ වේ. ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවලට සාපේක්ෂව, බටහිර වෙළඳපොලවල් වලදී මූල්‍ය ව්‍යුත්පන්නයන් යනු ඉතාමත් ක්‍රියාකාරී වෙළෙඳ පොළකි.
සංචිත වත්කම් යනු මහ බැංකු විසින් පාලනය කරනු ලබන පමාවකින් තොරව ප්‍රයෝජනයට ගත හැකි විදේශ වත්කම් ප්‍රමාණය වේ. මූල්‍ය රත්තරන් (monetary gold), ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සංචිත මට්ටම (reserve position in the IMF) සහ වෙනත් විදේශ ව්‍යවහාර මුදල් වර්ග සුරැකුම්පත් වලින් සමන්විත වේ. (foriegn exchagnge assets - currency, deposits and securities)
රටක ගෙවුම් ශේෂ ලේඛනයේ ජංගම ගිණුමේ හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂවල හිඟයක් දිගු කාලීනව පවතී නම් එය ගෙවුම්ශේෂ අර්බුදය එසේ නැතහොත් ගෙවුම්ශේෂ ගැටලුවක් ලෙස ආර්ථික විද්‍යාවේ දී හඳුන්වයි.
ගෙවුම් ශේෂ (Balanace of Payment - BOP) හිඟයක් යනු රටක ආනයන වියදම් ගෙවා ගැනීමට තරම් ප්‍රමාණවත් අපනයන ආදායම් නැතිවීමයි.
එනම් ලෝකයා හමුවේ අපේ රට ශුද්ධ ණය හිමියෙක්ද ණයගැතියෙක් ද යන්න මෙයින් පෙන්නුම් කරයි. මෙය ඉතා සරල කාරණාවක් ලෙස මෙලෙස ලුහුඬු කර දැක්වූවාට, මෙය රජයක් මුහුණදෙන ඉතාම භාරදූර කාර්යයක් වේ.
ගෙවුම් ශේෂය කළමනා කිරීම යනු රජයේ ප්‍රධාන වගකීමක් වන අතර, පිළියම් නොයෙදූ ගෙවුම් ශේෂ හිඟයක් (BOP deficit) රටක උද්ධමනය (Inflation), මන්දගාමී වර්ධනය (slow economic growth) සහ අඩු ජීවන මට්ටම් (lowered standard of living/poor standards) වලට හේතු වේ.
(as a result of decline in forieng assets, increase in interest rates, reduction in aggregate demand, decline in real GDP, increase in unemployment, increase in foriegn debt, increase in foreign debt repayments, depreciation of local currency etc...)
ඉහත පැවසූ ආර්ථික ප්‍රතිවිපාක වලින් රටට වන බලපෑම අඩු කර ගැනීමට නම් මෙම ගෙවුම් ශේෂ හිඟය මැනවින් කළමනාකරණය කිරීම අත්වශ්‍යයි. එම මනා කළමනාකරණයේදී කෙටිකාලීන මූල්‍යනය සහ දිගුකාලීන මූල්‍යනය ක්‍රමවේද භාවිතා කරයි. විදේශ සංචිත යොදා ගැනීම (foriegn reserves), ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ණය ලබා ගැනීම වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් (ADB වැනි) කෙටිකාලීන අරමුදල් ලබා ගැනීම වැනි දෑ. කෙටිකාලීන ණය ගැනීමේදී පිරිවැය අධිකයි.
දිගුකාලීන ගෙවුම්ශේෂ කළමනාකරණය සඳහා අපනයන විවිධාංගීකරණය, සෘජු විදේශ ආයෝජන දිරිමත් කිරීම, සාම්ප්‍රදායික නොවන අපනයන දිරිමත් කිරීම, අපනයන ප්‍රවර්ධන කලාප පිහිටුවීම සහ විදේශ රටවල් සමඟ වෙළඳ ගිවිසුම් වලට එළඹීම වැනි දෑ කළ හැක.
Deleteතවද විනිමය අනුපාතය අවප්‍රමාණය කිරීම, දේශීය උද්ධමනය පාලනය කිරීම, ආනයන ආදේශන කර්මාන්ත වැඩිදියුණු කිරීම, අත්‍යාවශ්‍ය ආනනය හැර අවශේෂ ආනයනය සීමා කිරීම වැනි දෑ ද ප්‍රයෝජනවත් වේ. මේවා දිගුකාලීන ප්‍රතිඵල ලබා දෙන අතර පිරිවැය අතින්ද කාර්යක්ෂම වේ. (නමුත් ක්‍රියාත්මක කිරීමේදී සමහර ඒවා ජනප්‍රිය තීරණ නොවේ.)
ගෙවුම් ශේෂ හිඟය පියවීමේදීත්, දියුණුවෙමින් පවතින රටක් වශයෙන්, ජාත්‍යන්තර වෙළෙඳ පොළේ තරගකාරීත්වයක් දීමට තාක්ෂණය අත්පත් කර ගැනීමේදීත් විදේශ සෘජු ආයෝජන (FDI) යනු කදිම මෙවලමකි (tool).
FDI යනු විවෘත කාර්යක්ශම ජාත්‍යන්තර ආර්ථික පද්ධතියක් ඇති කර ගැනීමේදී උපකාරීවන විශාල උත්ප්‍රේරකයකි. දැනටමත් දියුණු වූ පළමුවන ලෝකයේ රටවල් වලට FDI හරහා දියුණුවෙමින් සහ නැගී එන රටවල් (developing and emerging countriies) සඳහා ප්‍රාග්ධනය සහ තාක්ෂණය (Capital and Technology) සැපයිය හැක. තවද මානව ප්‍රාග්ධනයේ දී (human capital) දැනුම හුවමාරුව සහ සංක්‍රමණය මගින් දෙපිරිස අතර ම ජයග්‍රාහී තත්ත්වයන් ඇති කරවයි. .(win-win situation).
විවෘත ආර්ථිකයක දී ව්‍යාපාර පුළුල් කිරීමේ දී ප්‍රාග්ධන සීමාවන් (Capital restraints) ඇත්නම් FDI මගින් horizontal, vertical හෝ conglomarate හෝ මේවායේ සංකලනයක් ලෙස ප්‍රාග්ධනය හා තාක්ෂණය ඇතුළු අනෙකුත් නිෂ්පාදන සාධක හුවමාරු කළ හැක. FDI මගින් ආයෝජනය කරන සහ එය ලබන රට යන දෙකේම ආර්ථික වර්ධන වේගයන්ට එය උත්ප්‍රේරකයක් ලබාදෙයි.
ආයෝජන ලබන රටට නවතම යටිතල පහසුකම් හා තාක්ෂණ පහසුකම් ද, විදේශිකයන් හා ලෝක වෙළඳ පොල ට නිරාවරණය වූ රැකියා අවස්ථාවන් ලැබීමද (foriegn exposure for human capital), කුසලතා ඔප් නැංවීම මගින් ලෝක ශ්‍රම වෙළෙඳ පොළේ දී තරගකාරීත්වයක් ලබා ගැනීමට හැකි වීම ද විශේෂ වෙයි. ආයෝජකයාට ද ඔවුන්ගේ ව්‍යාපාරය පුළුල් කිරීමත් ජාත්‍යන්තර තලයේ පැවැත්මත් තහවුරු වේ. (expansion and footprints)
මෙහිදී ආයෝජකයා ගනු ලබන "අවදානම" වනුයේ නොදන්නා රටක නීති සඳහා අවනත සහ අනුගත වීමත්, දේශපාලන වෙනස්කම් වල දී ඇතිවන සාර්ව පාරිසරික අස්ථාවරත්වයන්ට මුහුණ දීමත්ය. (abide by domestic law, political risks and macro environmental volatilities)
මෙවැනි FDI ආකර්ෂණය කර ගැනීම සඳහා දියුණු වෙමින් සහ නැගී එන රටවල් විවිධ ස්වරූපයේ ප්‍රවර්ධන කටයුතු කරනු ලබයි. වෙළඳ ගිවිසුම් (Trade agreements), නිදහස් වරායවල් (Free Ports) නිදහස් වෙළඳ කලාප (Free Trade Zones), අපනයන සැකසුම් කලාප (Export Processing Zones) වැනි දෑ අතර නවතම ප්‍රවණතාවය වනුයේ විශේෂ ආර්ථික කලාපයි (Specail Econnomic Zones). ඒ අනුව කලම්බු පෝට් සිටිය යනු එවැනි විශේෂ ආර්ථික කලාපයක් බව වියත් මග කල්ලියේ අදහසයි.
මේක ලිව්වේ හිරන්ත හේරත්..
Deleteඅනුන්ගේ දේවල් දානකොට ඒ ගෞරවය ලබා දෙන්න
අයිසේ මාතලන්,
ReplyDeleteපහුගිය නවසීලන්ත තරගාවලියේ එංගලන්තය වෙනුවෙන් අලුත් දක්ෂ ක්‍රීඩකයෙක් ටෙස්ට් වරම් දිනාගන්නවා.. ඔලී රොබින්සන්..
තරගයෙදි ඔලී දස්කම් අතරට එනවා, ඔහු කේන් විලියම්සන් පවා දවාගන්නවා..
තරගය අතරතුර මීට අවුරුදු නවයකට කලින් ඔලී රොබින්සන් දාපු ජාතිවාදී සහ ලිංගිකත්වය උලුප්පන ට්වීට්ස් කිහිපයක් එළියට එනවා..
ඒ ඔලී එංගලන්තයට ගහන්න හිතපුවත් නැති කාලෙක පොඩි කොල්ලෙක් ආතල් එකට දාපු ට්වීට්ස් වෙන්න ඇති..
හැබැයි මේක දැඩි ආන්දෝලනයට තුඩු දෙනවා. ඔලී ජාතියෙන් සමාව ඉල්ලනවා..
නමුත් වහාම ක්‍රියාත්මක වෙන විදියට ඔලීට ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කරන්න එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කරනවා.
ඔහුට විනය පරීක්ෂණයක් අරඹනවා..
ලංකාවේ බහුතරයකට නම් මේ සිදුවීම විහිලුවක් අසාධාරණයක්.
හැබැයි මේ තමයි දැන් ෆ්‍රොෆෙෂනල් ක්‍රිකට් ගහන රටවල් පවත්ව ගෙන යන විනය සහ ස්ටෑන්ඩර්ඩ් එක..
මේ ස්ටෑන්ඩර්ඩ් එක නිසා තමයි එංගලන්තය 2019 ලෝක ශූරයො වෙන්නේ..
ඔලී රොබින්සන් දක්ෂ ක්‍රීඩකයෙක් වෙන්න පුලුවන්. මේ දඬුවම නිසා එංගලන්තයට ඒ දක්ෂයා නැති වෙන්න පුලුවන්.
හැබැයි එංගලන්ත ජර්සිය දාගන්න බලාගෙන ඉන්න ක්‍රීඩකයො සිය ගානකට සහ අනාගත ක්‍රීඩකයන්ට මේක පාඩමක්.
ඔවුන් ආයේත් සෝෂල් මීඩියා වල පිස්සු කෙලින්න කලින් දෙපාරක් හිතාවි..
එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයට අවශ්‍ය අන්න ඒ පනිවිඩය දෙන්න. ඔලී නැති වුනත් මේ දඬුවම් නිසා ක්‍රීඩකයන් සිය ගණනකගේ අනාගතය ආරක්ෂා වෙනවා.
ඉතින් උන්ගේ ක්‍රිකට් උඩ යනවා.. දිනනවා..
සෝෂල් මීඩියා වල පිස්සු කෙලලා නෙවෙයි මිනිස්සු හප්පලා මැරුවත්, දොස්තරලා එක්ක රූම් වල ඉදලා අහුවුනත්, සුද්දියොන්ට බලහත් කාරකම් කරන්න ගිහින් ගුටි කෑවත් අපේ ක්‍රීඩකයන්ට විනය ක්‍රියාමාර්ග ගන්නේ නෑ.
ඉතින් ක්‍රීඩකයො සහ එන්න ඉන්න ක්‍රීඩකයො දිගටම ඒ පාරේ යනවා.
අපිට එංගලන්ත ක්‍රිකට් කොලිටි එකට එන්න බැහැ. අපි පරදිනවා, අපි යට යනවා..
සරලයි
සබැඳි පුවත් : ක්‍රීඩකයන් සහ බලධාරීන් අතර නව සංචාරක ගිවිසුම අත්සන් කිරීමේදි වලියක්..
ක්‍රීඩකයන් කිහිප දෙනෙකු අත්සන් කරන්න යද්දි ජ්‍යේෂ්ඨයන් ඔවුන්ට බැන වැදිලා,
නිළධාරීන් හැමෝටම කුනුහරුපෙන් බැනලා හෝටලෙන් එලවලා..
මේක ගැන හිතන්නේ මොකද කියලා පෝස්ට් එකක් දාන්න බලන්න.
මාතලන්, ජංගි ඕනෙද ජංගි ?
ReplyDeleteසරාට කියල පුතාගෙ අතින්ම හෝම් ඩිලිවරි කරවන්නම්
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ සුදේව හෙට්ටිආරච්චි සහ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක යන මහත්වරුන් විසින් රජයේ මාධ්‍ය ප්‍රධානීන් විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ කැඳවා තිබිණි.
ReplyDeleteඑහිදී ඔවුන් විසින් පෙන්වා දී ඇත්තේ රජය බලාපොරොත්තු වන තරමේ ප‍්‍රචාරයක් රාජ්‍ය මාධ්‍ය ආයතන වලින් සිදුනොවන බවත් රජයේ කටයුතු ගැන උපරිම ප‍්‍රචාරයක් බලාපොරොත්තු වන බවත්ය.
එම තත්වය ඇති කර ගැනීම සදහා රජයේ මාධ්‍ය ආයතන වැඩි අවධානද දී කටයුතු කළ යුතු බව එහිදී පෙන්වා දී ඇත.
ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ශ්‍රී ලංකා ගුවන් විදුලිය ඇතුළු වූ රජයේ මාධ්‍ය ආයතන වල ප්‍රධානීන් එම හමුව සඳහා කැඳවා තිබිණි.
ඔවුන් දෙදෙනාගේ අදහස් දැක්වීමෙන් පසු මාධ්‍ය ප්‍රධානීන් කිහිප දෙනෙකුම ජනාධිපති මාධ්‍ය ප‍්‍රධානීන්ගේ අදහස් දැක්වීමට යම් ප්‍රතිරෝධයක් දක්වමින් අදහස් පළකර ඇතැයිද වාර්තා වෙයි.
රාජ්‍ය මාධ්‍ය ප‍්‍රධානියෙකු එහිදී පෙන්වා දී ඇත්තේ තමන් ඇතුළු පිරිස පසුගිය වසර ගණනාවක් තිස්සේ වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා උපරිම කැපවීම කල බවත් ඒ නිසාම හිර ගෙවල්වල පවා ගිය බවත්ය.
විශේෂයෙන්ම එහිදී කිංස්ලි රත්නායක මහතාට පවසා ඇත්තේ ඔබ මහරාජා ආයතනයේ සේවය කරමින් සිටියදී අප මේ ආණ්ඩුව ගෙන ඒම සඳහා සිර ගෙවල්වල පවා සිටි බවය.
රාජ්‍ය මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ගේ මෙම ප‍්‍රතිචාර වලින් පසු කිංස්ලි රත්නායක මහතා එම ස්තානයෙන් පිටව ගොස් ඇතැයිද වාර්තා වෙයි.
වහාම චමීරයා දර්ශණ ගූගොඩ තට්ටයා වැනි කට හැකර ගොංජා වැනි දක්ෂ නලු බට්ටෙක් අරගෙන සමාජ මාධ්‍ය මඩ බලකායක් පිහිටුවා ප්‍රහාර අරඹනු.