.

.

Jul 6, 2021

සුවවිරුවෝ, අම්බරුවෝ හා රණවිරුවෝ

 


සැප්තැම්බර් මාසය අවසානය වන විට වැක්සීන්කරණය අවසන් කොට රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීම තම බලාපොරොත්තුව බව ජනාධිපතිවරයා ඊයේ කිව්වේය. හැබයි ඒක කරන්න යන්නේ මේ ඉන්නා සුව විරුවන් එක්ක නම් උන්නැහේට වෙන්නේ ඒ සිහිණයත් තවත් සිහිණයක්ම බවට පත්කර ගැනීමටය. 

රට හදන්නට කොන්දක් ඇති තද පාලකයෙක් බලාපොරොත්තු වූ අපට අද බලා ඉන්නට සිඳුවී තිබෙන්නේ වෘත්තිය සමිති වල පදයට නටනා පාලකයෙක් දෙසය. යහපාලනයට රටට මක්කත් කරන්න අවංක උවමනාවක් තිබුනේ නම්, ඊට ප්‍රධාන බාධකයක් වූයේත් දිනපතා පැවති වෘත්තීය සමිති විරෝධතා හා පෙරට්ටන්ගේ අම්බරු විරෝධතාවයන්‍ය.

ඒ පාලන කාළයේ කොටුවේ වැඩට ආ හැම එකාම ගෙදර ගියේ වරු ගනන් මහ පාරේ රස්තියාදු වී, පොලිසියේ කඳුළු ගෑස් පාරකුත් කාගෙනය. විශේෂයෙන් විදෙස් ණය මත යැපෙන්නේ නැතිව, ඍජු  විදෙස් ආයෝජන (FDI)  මත ආර්ථිකය ගොඩ දැමීමට සිතාගෙන සිටිනා පාලකයන් නොදන්නා දෙය නම්, මෙවන් වෘත්තීය සටන් පවත්නා රටවලට ආයෝජකයෝ කිසි දිනෙක එන්නේ නැති බවය.

විදෙස් ආයෝජකයින් ආයෝජනයක් සිඳු කිරීමට පෙර සලකා බලනා ප්‍රධානම කරුණක් වන්නේ ආයෝජනයට බලාපොරොත්තුවන රටේ ස්ථිර බලවත් ආන්ඩුවක් හා පාලකයින් සිටිනවාද යන්නය. එහෙත් ආන්ඩුව කල්පනා කළ යුත්තේ මේ ආන්ඩුවට 2/3 ක බලයක් තිබුනත් රටේ නිසි පාලනයක් තිබේද යන්නය. දැන් දිනපතා මුලු රටේම ආන්ඩුවට එරෙහි විරෝධතාවන්‍ය. වැඩ වර්ජනය. මෙවන් වාතාවරණයක් තුල සිඳුවෙන්නේ ඉන්න එකාත් දමලා ගහලා යන එකය.

රටක ප්‍රධාන පාලකයා ඒකාධිපතියකු වූවත්, ඔහුට රටක් පාලනය කිරීම තනියෙන් කළ නොහැක. ඇමතිවරුන් හා නිළධාරින් සිටින්නේ ඒකටය. ඇපත් නැතිව පාර්ලිමේන්තුවට ආ රනිල් වික්‍රමසිංහ ආන්ඩුවට මතක් කර දුන්නේ එම කාරනාවය. ඔහු කිවේ කොරෝනා පාලනය හමුදාවෙන් ඉවත් කොට කැබිනට් මණ්ඩලය වෙත පවරා ගන්නා ලෙසය. රනිල්ලාට හමුදාව දිරවන්නේ නැති එක වෙනම කතාවකි.

එහෙත් ඔහුට අමතක වූ කරුණ නම්, පරිපාලන කටයුතු වලට සහාය විමක් හැර තීන්දූ තීරණ සියල්ලම ගන්නේ සෞඛ්‍ය  ක්ෂෙශ්ත්‍රයේ විශේෂඥයෝ බවය. ඔවුන්ට ඉහලින් ඔවුන්ගේ පරිපාලනය සඳහා කැබිනට් බලතල ඇති ඇමතිවරියක් සිටී. 

ඇත්තටම මේ ඇමතිවරියට තම අමාත්‍යංශය පාලනය කිරීමේ ගැටළුවක් ඇත්දැයි අපට සැක සිතෙන්නේ, අමාත්‍යංශයේ කිසිම තනතුරක් නොදරන සිය ස්වාමියාද හැම තැනම රිංගනා නිසාය. අමාත්‍යංශය ඇතුලෙන් ලැබෙනා තොරතුරු අනුව අපට දැනගැනීමට ලැබෙන්නේ, පළමු වටයේ කොරෝනා මර්ධනය සාර්ථකව මැඩ පැවැත්වූ අනිල් ජාසිංහ හා පබා පළිහවඩණ වැනි විශේෂඥ කාර්‍යශූර නිළධාරින් එලියට විසිවන්නේ කාළකන්නි දේශපාලන මැදිහත් වීම් මත බවය.

කිසිසේත් දේශපාලන වහලුන් නොවූ එවන් නිළධාරින් එලවා දමා අද පත් කරගෙන තියෙන්නේ කිසිම පර්සනැලිටියක් නැති, හරි හැටි කතා කරගන්නවත් බැරි හාල්පාරුවන්‍ය. ඉහළ තනතුරු සියල්ලේම ඉන්නෙ රාජිත සේනාරත්නගේ බිස්නස් පාට්නර්ස්ලාය. කෙසේ වෙතත් ඖෂධ අංශය බාරව ඉන්නා වියත්මගේ දොස්තර මහතාත්, රාජ්‍ය ඇමතිවරයාත් ප්‍රශංසා කටයුතු මෙහෙවරක් කරනා බවද අනිවාර්‍යයෙන් සඳහන් කළ යුතුය. 

එහෙත් කරුමය වන්නේ වැක්සීන්කරණය බාරව ඉන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙනත් පිරිසක් වීමයි. මාතලන්ගේ අදහස නම්, සිනීයෝ රොටි කම් පසෙක තබා, සිරිසේන හා යහපාලන ඩෙඟා නටන්න ගිය පට්ට ෆේල් කෙනෙකුට වඩා, එදා සිට අද දක්වා රාජලක්ෂලා හා ඉන්නා කෙනෙකු වන චන්න ජයසුමනලා වැනි තරුණයන්ට අවස්ථාව ලබා දිය යුතු බවයි.

ආන්ඩුව ජොස්තරලාගේ පඩි වැඩි කරමින් කරේ ඉල්ලාගෙන කෑමකි. කොරෝනා මර්ධනයේදි අඩුවෙන්ම රොගින් හා ගැවසෙන හා කාළය මිඩංගු කරනා පිරිසට පමණක් වැටුප් වැඩි කර, අනෙක් උන්ට මක්කත් නොදීම ජනවහරේ හැටියටම කියනවා නම් හෙන ගහනා වැඩය. මෙය තේරුම් ගැනීමටවත් නොහැකි ඇමතිවරියක් හා කැබිනෙට්ටුවක් ඇත්තටම එකම විහිළුවක් පමණකි.

ශවේන්ද්‍ර සිල්වා ඉන්නේ ජනාධිපතිතුමාගේ පෙර පිනකටය. ජනාධිපතිතුමාටත් වෙලා තියෙන්නේ ශවේන්ද්‍ර මේක පොඩ්ඩක් බලලා මොනවා හරි කරන්නෙයි කියන එකය. වාසනාවකට උන්නැහෙත් දෙන වැඩේ බලාපොරොත්තු වෙනවාටත් ඉහළින් ඉටුකරනා එකය. එය ඊයෙ මුලු ලෝකයටම දැන ගන්නට ලැබිනි.

සැන්ටිබෝට් මහත්තුරු ඉස්ටැයික් කරලා නිසා එන්නත්කරණය පොඩ්ඩක් බලන්න කියලා ශවේන්ද්‍රට බාර දුන්නේය. වෙනදාට වැක්සීන් පෝලිම් වල දක්නට ලැබෙන ගහ මරා ගැනීම් කිසිවක් නැතිව සුපිරියටම වැඩේ කෙරුනේය. ආපු හැම එකාම හමුදාවලට පින් දී සතුටෙන් ගියේය.

මාතලන් නම් කියන්නේ AR, FR පැත්තකට දමා JR උන්නැහේ කලාක් මෙන් ඉස්ටැයික් කරනා උන්ට ගෙදරම ඉන්න කියා, වැඩට එන උන් ටික ශවේන්ද්‍රටම බාර දුන්නා නම් මීට වඩා දෙයක් වෙයි කියලාය. හැබයි ශවේන්ද්‍රටත් දෙන දෙයක් දෙන්න ඕනා තනතුරේ ඉඳිද්දික්ම මිස පෙන්ෂන් ගියායින් පස්සේ නම් නොව්ය.

මොකෝ, පැන්ෂන් ගිය ආමි කාරයෝත් පැන්ෂන් ගිය පොලිස් කාරයෝ වගේම හාල්පාරුවෝ බව මේ වන විටත් ඔප්පු කරලා තියෙනා නිසාය. 

ඒ වගත් මෙසේය....

10 comments:

  1. පවිත්‍රා ඔහොම නෑවත් චන්න ජයසුමන ආවොත් නම් ස'ටත් තුන් වේලටම ඇදගෙන නනා ඉන්න තමයි වෙන්නේ.
    චන්නය හරියට කළ එක වැඩක් කියපන්කො. කළොත් විකාරයක්නෙ.

    ReplyDelete
  2. හරි ගිය විටදී 'අපි කෙරුවේ' වහසි දොඩා
    වැරදුණාම අනුනට පවරලා, විඩා
    ගන්නා නිවා- ලජ්ජා නැති ඉතා කුඩා
    ජීවියො නිසා මොනවා වෙද මීට වඩා?

    ReplyDelete
  3. ඕව අහඹු සිදුවීම් නොවේ... සියල්ල සැලසුමකට අනුව සිදුවනවා විය හැක. රාජ පක්ස කල්ලියේ ඉන්නේ තොත්ත බබාලා නොව ලෝක අණ්ඩපාල රට කපටින් බව අමතක නොකරනු...

    ReplyDelete
  4. බල්ලො බුරනවා තවලම යනවා .රටෙන් මට ලැබීය යුතු දේවල් ගැනම නොසිතා මගෙන් රටට සිදුවිය යුතු යුතුකම ගැන සිතා අනුන් කරන දේවල් ගැන ලත නොවි තමාගේ යුතුකම ඉටුකරන්න බලපල්ලා...

    ReplyDelete
  5. මේවනේ බන් කතා...

    https://fb.watch/v/2pgWq8Yy0/

    ReplyDelete
  6. මාතා,

    හමුදා නිලධාරීන් හරි මොකා උනත් කමක් නැහැ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අකාර්යක්ෂමතාවයට පිළියම් හොයන්න පුළුවන් නම්, නව තාක්ෂණය භාවිතා කරලා මේ ප්‍රශ්න රාශියකට පිළිතුරු හොයා ගන්න පුළුවන් නම්, ඊට අමතරව සෞඛ්‍ය අධ්‍යාපන හැර අනිත් පාඩු ලබන රාජ්‍ය ආයතන ටිකට කෙලවලා දාන්න පුලුවන් නම් ඒත් කමක් නැහැ මොකද ඒක කරන්න පුලුවන් රාජ්‍ය නායකයාට වෙනම පිලිම හදල වඳින්න තරම් වටිනවා. ඒතරම් පිලිකාවක් ඒක.

    ජනාධිපති මීට වඩා දේශපාලනය ගැන උනන්දු විය යුතුයි අවම වශයෙන් ඔහුගේ උපදේශකයන් සහ කාර්යය මණ්ඩලය වත්. මාතා උඹ Invictus බැලුවා නේද බන්?

    ඒ සිනමා නිර්මාණයේ හැටියට දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කළ 1995 රග්බි ලෝක කුසලානයේ ඒ රටේ ජනපති නෙල්සන් මැන්ඩෙලාගේ භූමිකාවයි චිත්‍රපටය පුරාවට දැක්වෙන්නේ.

    දකුණු අප්‍රිකාවේ රග්බි නායක ෆ්‍රැන්ශ්වා පියෙනාගේ චරිතය මැට් ඩීමන් විසිනුත්, මැන්ඩෙලා චරිතය මෝගන් ෆ්‍රීමන් විසිනුත් සිදු කරනවා, ප්‍රසිද්ධ චිත්‍රපටියක් ගොඩක් අය බලලා ඇති.

    මේ කතාවේ හැටියට නෙල්සන් මැන්ඩෙලා කියන්නේ කොතරම් අපූරූ චින්තනයක් තිබූ නායකයෙක්ද, සංහිඳියාව සහ ප්‍රතිවාදීන් දිනා ගැනීම කරන්නේ කොහොමද කියලා අපූරූ පාඩමක් උගන්වන චිත්‍රපටයක්. බලල නැත්නම් බලන්න වටිනවා ��

    ReplyDelete
  7. මාතේ, මේ වෙනකොට කොවිඩ් වසංගතය තාමත් පාලනය කිරීමට මුළු ලොවම අසමත් වී ඇති බැවින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලැම්ඩා (Lambda) නැමැති කොවිඩ් වෛරස ප්‍රභේදය "තවදුරටත් ඇගයීමට ලක් කළ යුතු” (variant of Interest) ලෙස වර්ග කිරීමත් සමගම ලොව පුරා ඒ පිළිබඳ කතා බහක් ඇති වී තිබෙනවා. දකුණු ඇමරිකානු රටක් වන පේරූ රාජ්‍යයෙන් පළමුව හමුවූ බවට නිල වශයෙන් වාර්තා වන මෙම ප්‍රභේදය මේ වන විට එක්සත් රාජධානිය ඇතුළු රටවල් 30 කින් පමණ හඳුනාගෙන තිබෙනවා. කොවිඩ් - 19 ඇති කරන, විකෘති වෛරස ප්‍රභේද දෙකක් වන ඇල්ෆා සහ ඩෙල්ටා පිළිබඳව ශ්‍රී ලාංකික අපට අත්දැකීම් තිබුණත් තවමත් මෙම ලැම්ඩා ප්‍රභේදය තවම ලංකාවෙන් වාර්තා වී නැහැ.

    හැබැයි, කල් වෙලා ඇතිවම අප මේ ගැන හොඳ පැහැදිලි අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතු ඒ සම්බන්ධව පැතිර යා හැකි ව්‍යාජ පුවත් සහ මිත්‍යා මත පහසුවෙන්ම හඳුනාගැනීමට හැකි වන පරිදි, පවත්නා තත්වය පිළිබඳව නිවැරදි විද්‍යාත්මක තතු විත්ති හදාරන්නට අවශ්‍යයි.

    මීට වසරකට පමණ පෙර 2020 අගෝස්තු මස මුලින්ම වාර්තා වී ඇති මෙම ප්‍රභේදය පිළිබඳව කතාබහ අළුත් වී ඇත්තේ පේරු දේශයෙන් වාර්තා වෙන අධික කොවිඩ් මරණ ප්‍රතිශතයට ලැම්ඩා ප්‍රභේදය මූලික හේතුවක් විය හැකි බවට එරට සෞඛ්‍ය බලධාරීන් විසින් සැක පළ කිරීමත් සමගයි. නමුත් මෙහිදී අප අවධාරණය කල යුතු කාරණාව වන්නේ මෙම දත්ත සහ ප්‍රතිශත පිළිබඳව අර්ථකතනය කිරීමේ දී ඒ ඒ රටෙහි රෝග හදුනා ගැනීමට ඇති පහසුකම්, රෝග හඳුනා ගැනීමට පරීක්ෂාවන් කරන ප්‍රතිශත සහ එම සෞඛ්‍ය පද්ධතියේ දරාගැනීමේ හැකියාවන් පිළිබඳ හොඳ දැනීමක් ඇතිව පමණක්, අදාළ තත්ත්වයන් අනෙක් රටවල් වලට සහ ලෝකයට බලපාන ආකාරය පුරෝකථනය කළ යුතු බවයි.

    දැනට ලංකාවේ පැතිරෙමින් පවතින ඇල්ෆා සහ ඩෙල්ටා ප්‍රභේද අයත් වන්නේ, ලැම්ඩා ප්‍රභේදය දැනට ගොනු කර තිබෙන කාණ්ඩයට වඩා වැඩි තිව්‍රතාවයකින් යුතු වෛරස ප්‍රභේද ගොනු කර ඇති, “දැඩි අවධානයක් යොමු කළ යුතු " (variant of concern) කාණ්ඩයටයි.

    ලැම්ඩා ප්‍රභේදය තවමත් එලෙස වැඩි අවධානයට යොමු කල යුතු වූවක් ලෙස හඳුනාගෙන නොමැති අතර එය තවදුරටත් අධ්‍යයනය කළ යුතු ප්‍රභේදයක් ලෙස පමණක් නම් කර තිබෙනවා.

    පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට වරින් වර, සමහර රටවල් සහ ප්‍රදේශ වල රෝගීන් පොකුරු ඇති වීම සඳහා හේතු වූ ලැම්ඩා ප්‍රභේදයෙහි සමස්ත බලපෑම කෙබඳුදැයි අනුමාන කිරීම සඳහා සම්පුර්ණ දත්ත තවමත් ලැබී නොමැති අතර ඊට අදාළ පර්යේෂණ සිදු කෙරෙමින් පවතිනවා. දැනට පවතින තොරතුරු වලට අනුව තවදුරටත් අධ්‍යයනය කළ යුතු බවට පමණක් තීරණය කර ඇති මොහොතක පවා, ලංකාව තුල ද මෙම වෛරස ප්‍රභේදය පිළිබඳව මෙලෙස කතා බහක් ආරම්භ වීම වටින්නේ තමාගේ සෞඛ්‍යයට බලපාන සාධක පිළිබඳව තේරුම් ගැනීම සහ ඊට පිළියම් සෙවීමට උනන්දුවක් දැක්වීම පුද්ගල සවි බලකරණයේ ලක්ෂණයක් ද වන බැවින්.

    මෙතෙක් නව කොවිඩ් වෛරස ප්‍රභේද වලින් ප්‍රවේශම් වීමට අප භාවිතා කල නිවැරදි මුහුණු ආවරණ භාවිතය, පුද්ගල දුරස්ථභාවය සහ නිතර දෑත් පිරිසිදු කර ගැනීම මෙම ලැම්ඩා ප්‍රභේදයෙනුත් අපට ආරක්ෂාව සලසනවා.

    වඩාත්ම වැදගත් කාරණාව තමයි විවිධ එන්නත් වර්ග වලට මෙම නව ප්‍රභේදයෙන් අපව ආරක්ෂා කිරීමේ හැකියාවෙහි වෙනසක් ඇති ද යන්න පිළිබඳව තවම පර්යේෂණ සිදුවෙමින් පැවතුනත්, එන්නත්කරණය කෙරෙහි තවදුරටත් විශ්වාසය තැබිය හැකි බව දැනට පවත්නා තොරතුරු මඟින් වටහා ගන්න පුලුවන් කියන දේ.

    මේ නිසා මෙම ලැම්ඩා ප්‍රභේදය දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් “තව දුරටත් අධ්‍යනය කළ යුතු ප්‍රභේදයක්” ලෙස පමණක් නම් කර තිබුනත් ඉදිරියේ දී නව දැනුම එකතු වීමත් සමඟ, “දැඩි අවධානයට යොමු කලයුතු ප්‍රභේදයක්” ලෙස හඳුනා ගැනීමක් සිදුවුවහොත් ඒ පිළිබඳව නවතම විද්‍යාත්මක තොරතුරු ගැන හොයලා බලන්න ඕන. ඒ ගැන රටම දැනුවත් කරන එක ආණ්ඩුවේ වගේම පුරවැසියන් ලෙස අපේත් මගේත් වගකීමයි.

    ReplyDelete
  8. මාතලන් මචං උඹ කවදත් සාධාරණය වෙනුවෙන් පෙනී හිටිය පොරක්, උඹට මිනිස්සු රවට්ටලා ලොකු තැනකට යන්න ඕනෑ නෑ, උඹ කවදත් වගේ සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන් පොදු ජනයා වෙනුවෙන් සේවය කරන මාර්ගයට එකතුවන්න.

    පහුගිය අන්ත දූෂිත යහපාලන දුෂ්ට පාලනයට එරෙහිව යහපත් චේතනාවෙන් ජනතාව පෙළගෙස්වීම වරදක් ලෙස මා නම් නොදකිමි. මොකද අද රට පාලනය කිරීමට යහපාලකයෝ හිටියා නම් බොහෝ දුරට උනුත් මැරිලා අපි නම් අනිවාර්යයෙන්ම මැරිලා. ජනපතිගේ කාර්යක්ෂමතාව අප බලාපොරොත්තු වූ තරම් මදි. තව ගොඩක් දේවල් නිසා අපිත් කළකිරීමෙන්.

    ඒ වගේම වැදගත් කාරණයක් තමයි එක එක මේ රටට කෙලවපු දේසපාලුවන් වෙනුවෙන් පෙනී සිටි බහුතරයක් ඊට පස්සේ කියන්නේ අපිට දේශපාලනයක් නෑ කියල. දේශපාලනය කලත් මතයක් කිවත් නොකිවත් ඔබ දේශපාලනයක් කරනවා. ඒ වගේම තමයි ⁣'අදේශපාලනය' කියන්නේත් දේශපාලනය කරන තවත් ආකරයක්.

    බොහෝ දෙනෙක් මං ස්වාධීනයි කියන්නේ ඌ කටවත් වග කියන්නේ නෑ කියන එක. නිවැරදි දේශපාලනය තෝර ගන්න එක තමන්ගේ වැඩක්. ඒකට කොන්දක් දැක්මක් ධෛර්යයක් තියෙන්න ඕන. තමන්ට හරියි කියලා හිතෙන දේ වෙනුවෙන් පෙනී සිටින එක වරදක් නෑ ඒ ගැන හැමදාමත් ධෛර්යමත්ව සහ ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන්.

    ReplyDelete
  9. සුවවිරු රණවිරු හැඩ විරු, ගී විරු, නළු විරු, නැටු විරු, සැප විරු.... අනේ මන්දා මට නම් මේ කිසිම දෙයක් තේරුම් ගන්න අමාරුයි මොන මොන විරුවෝ ද මන්දා අති විශාල පඩි, ඕ ටී අරන් ඒ මදිවට තව දුරටත් පඩි වැඩි කිරීම් වරප්‍රසාද, වාහන පර්මිට් රටේ නැති සේරම මගුලුත් දීලා මේ මී කාලකන්නි හරක්ට තව තව විරුවෝ කියලත් කියනවා පෙරේත පක්කලි හැත්ත මකබෑවිලා පලයව්...

    ඇත්තටම ලංකාවේ මේ තරම් දේවල් හැමදාටම හැමෝටම නිකම්ම දීලා ඔය ගානටවත් ඉන්න එක ලොකු දෙයක්. Lack of accountability is a huge problem in SL from the top to the bottom. Anyone can get away with anything at every level of the society and people have got used to that. The politicians want to manipulate people and people love such politicians because they could manipulate them in reverse to get stuff done.

    ReplyDelete
  10. Thel Mila adukala Basilaneni.. Obata apage pranamaya..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න