.

.

Jul 18, 2021

ගම්මා බේරා ගත යුතුය. ඒත්...

 



ආන්ඩුවට  විලි ලැජ්ජාවක් කියා දෙයක් ඇත්නම් කොන්දේසි විරහිතව ආන්ඩුව ගොම්මන්පිලට ගෙන ආ විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ යුතුය.

මෙහිදි බැසිල් ආපු ගමන් තෙල් මිළ අඩුකරනවා කියපු උන් අත් දෙකම ඉස්සුවත් අවුලක් නැත්තේ අනිත් අතින් වහගන්නට හෝ යමක් නැතිව නිරුවතින්ම සිටිනා නිසාය.

මුලින්ම උන්ගේ කන හරහා දුන්නේ ගොම්මාමය, දෙවනුව ඝෝඨාභය ජනාධිපතිවරයාය, සුපිරිම පොලිටිකල් ගල් ආඳා වන  මහින්ද අයියා සුපුරුදු පරිදි බබා වගේම උන්නේ වෙනදා මෙන්ම දෙපැත්තම බැලන්ස් කරගන්න ඕනා නිසාය.

මෙන්න මේ තියරිය පෝට්ටුවේ එකෙක්වත් දන්නේ නැති බව පෙනේ. විෂඝෝර සර්පයින් රෙද්ද අස්සේ දාගත්තා නම්, උන් දෂ්ඨ කරත්, බුදු අම්මෝ කෑවෝ කෑවෝ නොකියා, නයි ගලක් අල්ලා හෝ ඇන්ටිවෙනම් ඉන්ජෙස්සොන් එකක් ගසාගෙන උන්ට හරහට දමා නැලවිය යුතුය.

ලංකාවේ මහ පක්ෂ නායකයෝ හා පාක්ෂික වහලුන් මේ මිත්‍යාවෙන් අනාගතයේ හෝ ගැලවෙයි කියා මාතලන් සිතන්නේ නැතිය.

උන් හිතන්නේ මේ ආන්ඩුව හැදුවේ සුළු පක්ෂවල උන් කියලාය. මම නම් කියන්නේ තනි තනිව තරඟ කලහොත් පෙරටුගාමී පක්ෂය අභිබවා යා හැක්කේ විමල්ට හා පාඨලීට පමණක්ම බවය. එහෙත් ඔවුන් දෙදෙනාද ජෙප්පන් අභිබවමින් යන්නේ නැතිය.

එහෙත් අද ඔවුන් රනිල් සජිත් මහින්ද ඝෝඨා හා සම මට්ටමේ ජාතික නායකයින් වී සිටින්නේ ඔවුන්ගේ දක්ෂතාවයෙන් මෙන්ම මෙරට පසුගාමී ජනමාධ්‍යකරණය හා මහා පක්ෂවල බ්ලඩි ෆූල් වහලුන් නිසාය. 

උන් උන්ගේ පක්ෂයේ උන් අමතක කර දමා උඩින් පාත්වූ පැරෂුට් බටයින් කරේ තියාගෙන දෝලාවෙන් වඩම්මන්නේ නිළමෙලාගේත් බැකියට පයින් ගසමිනි.

අද මේ නායකයින් ඒ ප්‍රජාව ගිලගෙන අහවර අතර, උන් දැන් ප්‍රශස්ති ගයන්නේ මහින්දගේ රෙද්ද අස්සේ ඉන්නා සර්පයන්ටය. 

මෙහිදි පෙනී යන කාරණය නම් ගම්මා බේරාගත්තද ළඟදීම ඔහුගෙන් එම අමාත්‍යාංශය ගිලිහෙනු ඇති බවය. 

ගම්මා ආන්ඩුව පත් වූ විගස පත්වූ කැබිනට් මණ්ඩලයේ උන්නේ නැත. එහෙත් පසුව දැනගැනීමට ලැබුනේ එය රටට හෝ පොහොට්ටුවට ආදරයෙන් කළ දෙයක් නොව, වරාය හෝ ඛනිජ තෙල් ඉල්ලා නොලැබුනු කේස් එකක් බවය.

කෙසේ වෙතත් දෙවන තරඟයෙන් පහසු ජයක් ලබන ගම්මා තෙල් සංස්ථාව පුරවන්නේ පාඨලීගේ ගෝලබාලයින්ගෙන් වනාතර උන්ට චන්දය දුන් පෝට්ටුවේ උන්ට සිඳුවන්නේ රාජපක්ෂලාට අම්මාමෝ නැතිව බැන වදිමින් බැකිය කස කසා බුකියේ අතුල්ලන්නටය.

පාඨලි හා ගම්මා කරන්නේත් රණතුංග පොලිට්‍රික්ස්‍ය. ඒ දෙදෙනාගේ හා ඕමල්පේ සෝභිතගේ ඇත්තේ වෙනම ඇජෙන්ඩාවකි. මේවා මහ උන් නොදන්නවා යැයි කියා මාතලන් කිසි දින නොසිතන්නේ උන් අපට වඩා ගල් ආඳෝ නිසාය.

කෙසේ හෝ පාඨලීට බලය ලැබුන දිනෙක ගම්මාගේ දහ පහලොස් දෙනා ඔහු විසින් බලාගන්නවා ඇත.

දැන් බැසිල් පාර්ෂවය කළ යුත්තේ හත්වලාමේ වෙච්චි දේට මක්කොරන්නද කියා ගම්මා බේරාගැනීමය. එවිට සජිත් සාර්ථක ලෙස නැවතත් පජාත වනු ඇතිය.

එහෙත් ගැටළුවක් පවතී. ඒ නිර්වස්තරයෙන් ඉන්නා සාගර කාරියවසම් හා බැසිල්වාදීන්‍ය. ඔවුන්ට නැවත ඇඳුමක් ඇඳගෙන පාරේ යන්න නම්, තෙල් ඇමතිකම බැසිල්වාදියකුට ලබා දීමෙන් නොනැවති, 

තෙල් මිළද රුපියල් පහකින් හෝ අඩු කළ යුතුමය. මන්ද යත්, බලය ලබා ගැන්මට දෙන පොරොන්දු අමු කෙප්ප බව පොඩි එකා පවා දන්නාතර, ආන්ඩු කරමින් ලබා දෙන පොරොන්දු ඉටු නොකිරීම පරාජයට පාර කියනා නිසාය.


ඒ වගත් මෙසේය.....


.

26 comments:

  1. සෞම්යාගේ රෝස පාට හුත්තට දිව දාලා ජුස් උරලා බොනවා මයි. ම්ම්.. මතක් වෙද්දීත් ඉවසන්නම බැහැ. ආසාවේ බැහැ.

    ReplyDelete
    Replies
    1. ඔය රෝස පාට ගැජමැටික්ස් එකයි ගම්මන්පිලයි අතර තිබෙන සම්බන්දය මොකක්දෝ

      Delete
    2. ඔය දෙකේ විශේෂ සම්බන්ධයක් නම් නැහැ මම දන්නා තරමින්... නමුත් මාතලන්ගේ හැම ලිපියකටම සෞම්‍යාගේ අහවල් එකේ රෝස පාට ගැන comment කරන ඔය පුද්ගලයා නිතර ඇහැ ගැටෙනවා... මැක්කා ගැන රචනා ලිව් පොඩි එකාගේ අප්පා මූ වීමට ඇති ඉඩකඩ නම් බොහෝයි. පොඩි එකාට හැම දෙයකටම මැක්කා සම්බන්ධ කළ හැකි සේම, උගේ අප්පාට ද සෞම්‍යාගේ අහවල් එක සමග සෑම දෙයක්ම සම්බන්ධ කළ හැක. ඒ මක් නිසාද යත් උගේ මුළු ලෝකයම revolve වෙන්නේ සෞම්යාගේ රෝස පාට අහවල් එක වටා බැවිනි... ඌ හීන දකින්නේද, උගේ මුළු ලෝකයමද එය ය. එබැවින් මෙසේ වීම අහන්ටත් දෙයක් ද?

      Delete
  2. මාතා,

    මේ වගේම බුකියේ මේ දවස්වල කතාවෙන සහන් කසීරලාගේ, නිබන්ධිකාලාගේ වංචා සාක්ෂි සහිතව එක්ස්පෝස් වීම ඉතා හොද දෙයක් නේද?

    ඔය චරිත අපිත් එක්ක පැටලුනාම අපි ඔය චරිත ගැන හොයලා බැලුවා.

    එතනදි අපි දැක්කේ සැබෑ ජීවිතයක් නැති, සැබෑ ජීවිතයේ යාලුවො නැති කොන් වෙලා ඉන්න පිරිසක්.

    එකම විදියේ පිරිසක් කල්ලි ගැහිලා තමන්ගේ පැවැත්මට සර්කල් එකක් හදාගෙන.

    උන් සාමාන්‍ය ජීවිතේ තමන්ට නැති අවදානය, චරිතය මේ සමාජජාලා වල හදාගෙන යෙහෙන් වැජබෙනවා..

    මූනට හමුවුනාම බිම බලන්, කොන්ද නමන් යන චරිත සමාජාජාලා වල මිනිස්සුන්ට වැටෙන්න ගහනවා.. පොර ප්‍රතිරූප නඩත්තු කරනවා..

    බිඳවැටීමක්, අහිමි වීමක් දරාගන්න හයියක් නැති චරිත රට පාලනය කරන හැටි සෝෂම් මීඩියා වලින් කියලා දෙනවා..

    තමන්ගේ මානසික රෝග වලට බෙහෙත් නොගෙන, හංගගෙන ඉන්න මිනිස්සු අනුන්ගේ මානසික සෞඛ්‍ය ගැන උපදෙස් දෙනවා..

    සැබෑ ජීවිතේ ගැබිනි බිරිඳට පයින් ගහන මිනිස්සු ෆේස්බුක් එකේ ආදර කවි ලියනවා, ආදරේ කරන හැටි මිනිස්සුන්ට කියලා දෙනවා..

    ඔවුන්ගේ ජීවිතේම මේ සයිබර් අඩවිය. මින් එහා ලෝකයක් ජීවිතයක් නෑ.. ලයික්ස් තමයි ඔවුන් ජීවත් කරවන්නේ..

    ඉතින් මේ වචන, අදහස් මැජික් වෙන, මවන් ඉන්න ප්‍රතිරූප ඇත්ත කියලා හිතන මිනිස්සු මේ චරිත උඩින් තියෙනවා.. පට්ට පොරවල් කියලා හිතනවා..

    උන් තව පොරවල් වෙනවා..

    අමතක කරන්න එපා..

    බුකියේ දේශපාලකයොන්ට බනින්නේ, හොරු කියලා ලියන්නෙත් මේ තමන්ගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකටම පොල්ල තියපු සහන් කසීරලා නේද?

    ෆේස්බුක් එකෙන් මිනිස්සු මනිද්දි ප්‍රවේශම් වෙන්න.

    ReplyDelete
    Replies
    1. කිසිත් නොදනිමි

      ලින්ක් එකක් එවන්නේ නම් අගනේය

      Delete
  3. ලංකාවේ අධ්‍යාපනයෙ තියෙන අවුල ඉගෙන ගත්තු දේවල් වලින් වැඩක් කරන්න පුලුවන් සහ නිර්මාණාත්මක ලෙස ඒ දේවල් ප්‍රායෝගිකව යොදා ගෙන අලුත් සංකල්ප, අලුත් දැනුම, අලුත් ක්‍රම හොයාගන්න, ප්‍රශ්න විසඳන්න පුළුවන් මිනිස්සු බිහි නොවීම. එහෙමත් නැත්නම් ඵලදායී ලෙස සහ ගුණාත්මක ලෙස වැඩක් කරන්න පුලුවන් විදියට නොඉගැන්වීම.

    ලංකාවේ ඉගෙන ගන්නව කියන්නෙ කරුණු මතක තියා ගැනිල්ල. සවිස්තරාත්මක විෂයක නම් කටපාඩම් කිරිල්ල.තුන් හතර පාර එකම කරුණු ලිය ලියා මතක තබාගැනිල්ල.

    ඔය තර්කාණුකූලයි කියන ගණිතය වගේ විශයකදිත් ලංකාවේ කරන්නෙ එක්තරා රටාවකට,ආකෘතියකට අදාල උදාහරණයක් බලල ඒ ක්‍රමය අනෙත් එකට යෙදවීම. කොටින්ම උදාහරණ ගාණක් බලල අලුත් ගානක් හැදීම (ඒකටත් යම් තරමකට හිතන්න ඕනෙ තමයි).

    අවුරුදු විසිගානක පරණ ප්‍රශ්න පත්තර හදල විභාගෙට යන්නෙ ඔය ක්‍රමය යාන්ත්‍රික කර ගන්න.

    ඒ වගේම විභාග ප්‍රශ්න පත්තරේකින් 80ක්ම එන්නෙ ඔය පරණ ආකෘතියෙ ප්‍රශ්න.අලුතෙන් හිතන්න ප්‍රශ්න තියෙනව නම් ඒ ඒකක් නැත්නම් දෙකක්.

    ඔය අතරේ මෙන්න මේ ක්‍රමයට හුරු වීම නිසා තමයි අපේ රටේ උගත්තු, විශේෂඥයො ප්‍රශ්නයක් මතු උනු සෑම අවස්ථාවකදිම ඒක විසඳන්න පොත බලලා ඒකේ නැති නම් පිටරට උදාහරණ හොයන්නෙ.

    ඔන්න ඔය කරුණු මතක තියාගැනීමේ අනුකාරක අධ්‍යාපනයෙන් මිනිස්සුන්ගෙ නිර්මාණශීලීත්වය සම්පූර්ණයෙන්ම මරණව.

    ඒ වගේම මං පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ නෑ. ඒත් අපේ රටේ අධ්‍යාපනයෙ තියෙන මේ ගැටලු පෞද්ගලික විශ්ව විද්‍යාල දැම්ම කියල විසඳෙන්නෙ නම් නෑ.

    ඒ මොකද ඒවයෙන් එලියට එන්නෙත් අර ජාතියෙම මිනිස්සු.

    තව හමුදා පරිපාලනය යටතෙ අධ්‍යාපන අවස්ථා ඇතිකරාට කොහොමත් විසඳෙන්නෙ නෑ..

    ඔය නිසා එකම අච්චුවෙ උගත්තු ඩබල් ට්‍රිබල් වෙලා මේ සමාජෙට අතාරිනව කියන්නෙ රටට දෙය්යන්ගෙම පිහිටයි.

    ReplyDelete
  4. මාතා, ලෝකය නොයෙකුත් ආකාරයේ තාක්ෂණික දියුණුවීම් සමග බොහෝ විද්‍යාඥයන්, තම දැනුම භාවිතා කර අලුත් දේ ලෝකයට දායාද කිරීමට නිරන්තරයෙන්ම උත්සාහ කරනවා.

    ශ්‍රී ලංකාවේ ඉපදුනු බොහෝ දක්ෂ විද්‍යාඥයන්  වර්තමානයේ විදෙස් රටවල විවිධාකාරයේ නව අත්හදා බැලීම් සිදුකරන බව අහන්න ලැබෙනවා. ඉතින් නිරන්තරයෙන්ම නව නිෂ්පාදන කරමින් අලුත් තාක්ෂණයන් සහ උපකරණයන් ලෝකයට හඳුන්වා දුන් අපූරු විද්‍යාඥයෙක් ගැන තමයි අපි අද ඔබට කියන්න යන්නේ. ඔහු නමින් මහාචාර්ය කුමාර් වික්‍රමසිංහ වේ. ඔහු මේ වන විට හඳුන්වාදුන් නව නිෂ්පාදන 170 කටම පේට්න් බලපත්‍රය ලබා ගැනීමට තරම් දක්ෂ පුද්ගලයෙක් වුණා. පසුගිය කාලයේ ඔහු තවත් සුවිශේෂී ජයග්‍රහණයක් ලබාගැනීමට  වාසනාවන්තයෙක් වෙනවා. ඔහුගේ බුද්ධි මට්ටම සහ දක්ෂතාවයන් හේතුවෙන්ම ඔහුට හැකියාවක් ලැබෙනවා අයිසෙක් නිව්ටන්, චාල්ස් ඩාවින්, ස්ටීවන් හෝකින්ස් වැනි ලෝක විශිෂ්ට විද්වතුන්ගෙන් සැදුම්ලත් රාජකීය සමාජය නම් සංගමයේ දෙවැනි ශ්‍රී ලාංකික පුද්ගලයා ලෙස සාමාජිකත්වය ලබාගන්න.

    ඉතින් මේ අපූරු ජයග්‍රහණයත් සමග ම අද අපි කතා කරන්න යන්නේ ඔහු විසින් විවිධ අවස්ථාවන් වල දී හඳුන්වා දුන් අපූරු නව නිපැයුම් ගැනයි. වරෙක ඔහු නැනෝ තාක්ෂණවේදීන් භාවිතා කරන නව අන්වීක්ෂ රාශියක්ම නිෂ්පාදනය කර තිබූ අතර ඔවුහු ඉතා ඉක්මනින් රෝග නිර්ණය කළ හැකි ආකාරයේ තාක්ෂණික ගුණයෙන් ඉහළ උපකරණ වර්ග නිපදවීමට ද  අවධානය යොමු කර ඇත.

    ඔහු IBM සමාගමේ සේවය කරන කාලයේදී  විවිධ පරීක්ෂණ සිදු කරමින් නිෂ්පාදනය කරපු නිර්මාණයන් සඳහා ඇමරිකානු පේට්න්  බලපත්‍ර කීපයක් ලබා ගැනීමට ඔහු සමත් වෙනවා.ඒ වගේම  ඔහු රැකියාවේ නිරත වූ කැලිෆෝනියාවෙන් විශ්ව විද්‍යාලයේ දී නිර්මාණය කල සමහර නිර්මාණ සඳහා ද ඔහුට පේටන්ට්  බලපත්‍රය ලබා ගැනීමට හැකියාව ලැබුණා.

    පියාගේ කැමැත්ත මත බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලැබීමට පිටත් වන ඔහු ඉංජිනේරු විෂය හැදෑරීම සඳහා ලන්ඩන් විශ්ව විද්‍යාලයට  පිටත් වෙනවා. උසස් අධ්‍යාපනික දැනුමක් ඇති මේ අපූරු විද්‍යාඥයා වර්තමානය වන විට නැනෝ තාක්ෂණය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයෙන් නිර්මාතෘවරුන් හතර දෙනාගෙන් එක් පුද්ගලයෙක් ලෙස හඳුන්වන්න පුළුවන්.ඒ වගේම ශ්‍රී ලංකාවේ තාක්ෂණික සංවර්ධන ක්ෂේත්‍රයේ අනාගතය සම්බන්ධයෙන් රජය සංවිධානය කරන විවිධාකාර  වැඩසටහන් රාශියකටම මොහුගේ දායකත්වය ලබා දී තිබේ. රාජකීය සංගමයේ සාමාජිකත්වය ලැබුණු පසු ඔහු මහත් ප්‍රීතියෙන් පසුවන බවත් තවදුරටත් ලෝකයට ප්‍රයෝජනවත් වන පරිදි නැනෝ තාක්ෂණික පරීක්ෂණ වල නිරත වීමට ඔහු කටයුතු කරන බවත් සඳහන් කරනවා.

    ReplyDelete
  5. මාතා, මේ දවස් වල විශාල වශයෙන් කොවිඩ් වසංගතය පාලනය කරන්න ඕන නිසා ලංකාවේ කොරෝනා වෛරසය එන්නත් ලෙස චීනයේ නිෂ්පාදනය කරන සයිනොෆාම් එන්නත් එන්නත් භාවිතා කරන අතරම මේ සයිනොපාම් මාත‍්‍රා දෙකම ලබා ගත් පුද්ගලයන්ගේ 95%ක කොවිඩ් මර්දක ප‍්‍රතිදේහ ගොනැගෙන බව මේ වෙනකොට හෙලි වී තියෙනවා.

    මේ ගැන ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යායතනය සිදුකළ පර්යේෂණයකින් මේ තොරතුරු යළි තහවුරු වී තිබෙනවා.

    ඒ අනුව මේ වන විට ලංකාව පුරාම වේගයෙන් පැතිර යන ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිවද ඉතා හොද රැකවරණයක් සයිනොෆාම් එන්නත මගින් ලැබෙන බව තහවුරු වී ඇතැයි එම පීඨයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය හා ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කියා සිටී.

    ලංකාවේ මේ කොවිඩ් එන්නත්කරණයේදී වැඩි වශයෙන්ම භාවිත කරන්නේ චීන සයිනොෆාම් එන්නතයි. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    ReplyDelete
  6. මාතෝ,

    මේ දවස්වල ව්‍යාජ පුවත් හරහා මහජනතාව නොමග යැවීම හා දේශපාලනය කිරීම ලංකාවේ වර්තමාන රජයට එරෙහිව විපක්ෂ කණ්ඩායම් බහුලව සිදු කරන දෙයක්. නව මුදල් අමාත්‍යවරයෙකු පත් වීමත් සමග විශ්‍රාමිකයන් හෝ සේවය අවසන් කරන ලද පුද්ගලයන් තැති ගන්වන පුවතක් සමාජ මාධ්‍ය තුල සංසරණය විය. මේ පුවත පිළිබද සත්‍ය අසත්‍යතාවය සෙවීමට Fact Research කණ්ඩායම කටයුතු කරලා.

    ඒ අනුව සමාජ මාධ්‍ය ජාලා සටහන්

    Cyber News LK නමැති Facebook පිටුවේ පහත පරිදි සටහනක් පල විය.

    "අර්ථ සාධකය ලක්ෂ 7 ට වැඩි නම් 14% ක බද්දක්. කාපල්ලා තව කිරිබත්"

    මෙම සටහන සමාජ තුල වේගයෙන් සංසරණය විය.

    මුලාශ්‍ර - https://www.facebook.com/CNLK24/photos/a.831863553857426/1443321739378268/

    Fact Check (තොරතුරු විමර්ශනය)

    මේ පිලිබදව ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථ සාධක අරමුදලේ ජේෂ්ඨ සහකාර අධිකාරි, දායකත්ව රැස් කිරීම් අංශ ප්‍රධානි විමල් ශාන්ත මහතාගෙන් විමසීමක් කරන ලදී.

    මෙම පුවත සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. එවැනි බදු අය කිරීමක් පිලිබදව හෝ එවැනි සැලසුමක් පිලිබදව අප ආයතනය දැනුවත් කිරීමක් හෝ නියෝගයක් ලැබිලා නෑ. අප ආයතනය මගින් අරමුදල කළමනාකරණය කිරීම, ලැබෙන අරමුදල් ආයෝජනය කිරීම හා ප්‍රතිලාභීන්ට අරමුදල් ගෙවීම වැනි කාර්යන් ප්‍රධාන වශයෙන් කරනවා. මම සේවක අර්ථ සාධක අරමුදල් හිමි සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා මෙවැනි අසත්‍ය ප්‍රකාශ වලට නොරැවටී සත්‍ය සොයා බලා තම තීන්දු තීරණ ගැනීම ඉතාමත් වැදගත් වනවා.

    දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් - බදු ප්‍රතිපත්ති රන්ජිත් හපුආරච්චි මහතාගෙන් විමසීමක් කරන ලදී.

    මෙම පුවත සම්පුර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක්. මෙවැනි අසත්‍ය ප්‍රකාශ නිසා මහජතාව නොමග යෑමේ වැඩි ඉඩ කඩක් තියනවා. දේශීය අදායම් දෙපාර්තමේන්තුවට ලැබෙන නියෝග හා තීරණ මෙන්ම ප්‍රතිපත්ති තීරණ මත බදු අය කිරීම, බදු අනුපාත ආදී කරුණු රාශියක් මත අප ක්‍රියාවලිය සිදු කරනු ලබනවා. මෙහිදී සේවක අර්ථසාධක (EPF ) අරමුදල මගින් හිමි වන ප්‍රතිලාභ සම්පුර්ණයෙන්ම බදු වලින් නිදහස් කරලා තියනවා. එමගින් සේවක අර්ථසාධක අරමුදල මත 14% ක බදු අය කිරීමට තීරණය කර ඇති බවට පැවසෙන ප්‍රකාශය සම්පුර්ණ අසත්‍යක් වනවා.

    මීට අමතරව වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු 2020 ජනවාරි 01 දින කරන ලද නියෝගයට අනුව බදු වර්ෂය ආරම්භ වන අප්‍රේල් මස පළමු වන දින සිට රැකියාවක් කරන පුද්ගලයන් ගෙවිය යුතු උපයන විට ගෙවිය යුතු බදු සීමාව ලක්ෂ 12 සිට 30 දක්වා වැඩි කරනු ලැබුවා. එමගින් රැකියාවේ නියුතු පුද්ගලයන් ගෙවිය යුතු Payee Tax ප්‍රමාණය අඩු වීම සිදු විය. මෙහිදී මසකට ලක්ෂ 250,000 ට වඩා වැටුපක් ලබන පුද්ගලයන් පමණක් බදු ගෙවිය යුතු වනවා. මෙය 2021 අංක 10 දරන දේශීය ආදයම් සංශෝදිත පනතේ පැහැදිලිව දක්නට ලැබෙනවා.

    මුලාශ්‍ර - http://www.ird.gov.lk/si/sitepages/default.aspx
    http://www.ird.gov.lk/si/publications/Acts_Income%20Tax_2017/IR_Act_No._10_2021_S.pdf

    තවද සේවය අවසාන කරන සේවකයින් සදහා සේවාන්ත ප්‍රතිලාභ මත රඳවා ගන්නා බදු ප්‍රමාණයද 2020 ජනවාරි 01 වනදා සිට ලක්ෂ 50 සිට 100 දක්වා ඉහල දැමීම වත්මන් ආණ්ඩුව විසින් සිදු කරනු ලැබුවා. මෙහිදී සේවක අර්ථ සාධක අරමුදල එම බදු වලින් සම්පුර්ණයෙන්ම නිදහස් වන අතර සේවා නියුක්තියන්ගේ භාර අරමුදල, විශ්‍රාම යෑමේ ප්‍රතිලාභ, සේවක වන්දි,පාරිතෝෂිකය ආදී ප්‍රතිලාභ වල එකතුව ලක්ෂ 100 දක්වා වැඩි කර තිබෙනවා.

    මුලාශ්‍ර - http://www.etfb.lk/si/index.html
    http://www.labourdept.gov.lk/index.php?option=com_content&view=article&id=51&Itemid=80&lang=si

    මෙයට අමතරව ඔබට SEC/2020/02 දරන චක්‍රලේඛය 2020 පෙබරවාරි 18 වන දින නිකුත් වූ අතර එයට පිවිසීමෙන් වැඩි දුරටත් තොරතුරු පරිශීලනය කල හැක.

    http://www.ird.gov.lk/si/publications/Circulars_Circulars/SEC-2020-02_S.pdf

    මුදල් අමාත්‍යංශ මාධ්‍ය අංශයෙන් ද Fact Research කණ්ඩායම ඉහත තීරණය පිලිබදව විමසීමක් සිදු කල අතර එවැනි කිසිදු තීරණයක් මුදල් අමාත්‍යංශය වශයෙන් රැගෙන නොමැති බව තහවුරු කරන ලදී.

    නිගමනය (Conclusion)

    ඉහත තොරතුරු නිරීක්ෂණ විශ්ලේෂණය කිරීමෙන් පසු Cyber News LK නමැති Facebook පිටුවේ සදහන් අර්ථ සාධකය ලක්ෂ 7 ට වැඩි නම් 14% ක බද්දක් යනුවෙන් සදහන් කර ඇති ප්‍රකාශය කිසිදු පදනමක් හෝ සත්‍යතාවයක් නොමැති මහජනයා නොමග යවන අරමුණින් පල කරන ලද අසත්‍ය ප්‍රකාශයකි.

    ReplyDelete
  7. මාතා අද අතේ තිබුන මැච් එක වික්කා අල්ලපු රටේ හැත්තට... කමක් නෑ අන්තිම එක වත් අපට දුන්නොත් අල්ලපු රටේ උන්.

    අපිට කලබල නොවි සෙල්ලම් කරන්න පුළුවන් නම් තව ත් ගහන්න තිබ්බා හෙනම කලබලයි සහ ගහද්දි ගහද්දි එකම තැනට බෝල් නොකර අඩුවෙන් ගහන තැන් වලට බෝල් කරා නම් තව පරක්කු කරගන්න තිබ්බ මැච් එක.කමක් නෑ මේ උන්නට වඩා දාහෙන් හොදයි මේ සෙට් එක.මෙහෙම කාලයක් සෙල්ලම් කරද්දී තමා මැදිලා තැලිලා පිරිමැදිලා දිස්න් ගහම මැනික් වෙලා එන්නේ.කල් යාවි අපි ඉවසීමෙන් බලන් ඉමු.මේ දේශයේ ක්‍රිකට් හැමදාමත් වගේ ඉතාම අවිනිශ්චිත සහ හාට් ඇටෑක් සීන් එකෙන් නෙ ඉන්නේ.අපිව ඉක්මනින් එතෙන්ට අරන් යන්න මුන් ටිකට සුභ පතමු. හදිසියක් නෑ.

    ReplyDelete
  8. ලංකාවේ ප්‍රධාන පක්ෂ කිහිපය තුළ පොදුජන පෙරමුණ, එජාප, සජබ, ටී එන් ඒ, මුස්ලිම් කොන්ග්‍රසය වැනි අනෙක් පක්ශ වගේම ජ.වි.පෙ.ත් බෙදුම් රේඛා සහිත සම්ප්‍රදායික දූෂිත දේශපාලකයන් සහ උන්ගේ ගෝලයන් සහිතව කටයුතු කරන පක්ශයක්. එය එක් පක්ශයක් සේ පෙනෙන්නේ එහි ඇති ව්‍යාජයක් ලෙස මවා පෙන්වන සෝ කෝල්ඩ් 'දැඩි විනය' නිසා. ඒ වගේම සදා විපක්ෂයේ සිටින නිසා අභ්‍යන්තර කටයුතුවලට අමතරව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ කටයුතු වල වගකීමක් නැති නිසා දූෂණ චෝදනා එල්ල වන්නේ නෑ. නමුත් සුළු වශයෙන් හෝ රාජ්‍ය කටයුතු වලට මැදිහත් වී ඇති අවස්ථා වල බලය අවභාවිත කළ බවට චෝදනා (උදා අරලියගහ මන්දිරයේ දී ව්‍යවස්ථා විරෝධී කමිටු හරහා විරුද්ධවාදීන් දඩයම් කිරීම ගැන වන චෝදනාවන් වගේ) ඇතිවීම තුළ ඔවුන් ද සම්ප්‍රදායික දේශපාලන පක්ෂ වලට සමාන දූෂිත දේශපාලකයන් සහිත බව ඉතාමත් පැහැදිලියි. ඒ වගේම ජ.වි.පෙ. තුල ගාමිනී විජේසිංහ වැනි අය සහ තරුන අය බහුතරයක් සිටින්නේ ලාංකික හැඩරුවක් සහිත සමාජවාදයක් වෙනුවෙන්. කොළඹ විශ්වවිද්‍යාලය තුල සිටින ජ.වි.පෙ. කථිකාචාර්‍යවරුන් වලල්ලෙන් බහුතරය සහ " සෙක්ස් " කල්ලිය නියෝජනය කරන්නේ දැඩි සිංහල භාෂා / සංස්කෘතික විරෝධී පිලක්. අනෙක් අතට ගත්විට සුනිල් පෙර්‍රේරලා / සර්වෝදය ආරියරත්නලා/ එජාපයේ ක්‍රියාකාරීන් ජ.වි.පෙ ස්ටේජ් එකටම ගොඩවන්නේත්, රාජපක්ෂලාටත් වඩා අන්ත දූෂිත හොර ජාවාරම් කරුවන් වන ඊබ්‍රහිම්ලා ජ.වි.පෙ. වටේ ඉව අල්ලන්නේත් ජ.වි.පෙ. තුල ඇති "සමානාත්මතාවය" වැනි යෙදුම් තම පෞද්ගලික ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට ඉතා මැනවින් අවභාවිතයට ගත හැකි බවක් (සුද්දන්ගෙන්වත් ලබාගත නොහැකිවූ) ගැන සිතමින් විය යුතුයි. ඒ නිසා මෙම කුලකයන් තුනටම පොදු පොදු වූ අමතර බෙදීම වන්නේ වයසින් වැඩි අය බහුතරය දැඩි ලෙස කුහක බවින් වැඩි, සටකපට අයවලුන් වන අතර වයස අඩු අය සාපේක්ෂ වශයෙන් සුළු පරිමාණයෙන් සාධනීය ලක්ෂණ පෙන්වන අතර සාපේක්ෂව සිංහල විරෝධී ගති ලක්ෂණ අඩු යම් තරමකින් හෝ හැකියාවන් සහිත පිරිසක් වීම. ඒ නිසා මා සඳහන් කල දෙවන සහ තුන්වන ජ.වි.පෙ. සාමාජික / පාක්ශික කුලක දෙක, ජ.වි.පය ජනතා පක්ශයක් ලෙස ලංකාව තුල දෙපයින් සිටගැනීම සියුම්ව වලක්වා ජ.වි.පය ජනතාව අතරට යාම වලක්වනවා. වාසිය සැමවිටම හිමිකරගන්නේ නව ලිබරල්වාදීන් සහ ව්‍යාජ ජාතිකත්ව (ජාවාරම්කාර) වලල්ලයි. (මා කීවේ මගේ පෞද්ගලික කියවීම.)

    ReplyDelete
  9. අඩෝ ළමා තන්,

    //ලංකාවේ විපක්‍ෂ සමගි ජන බලවේග පක්ෂිය විසින් ආණ්ඩුවේ බලශක්ති ඇමති උදය ගම්මන්පිලට විරුද්ධව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු විශ්වාංසභංග යෝජනාව 2/3 බහුතරයකින් පරාජයට පත්වුණා.

    යෝජනාවට පක්ෂව ඡන්ද 61 ක් හා විපක්ෂව ඡන්ද 152 ලැබීමත් සමග වැඩි ඡුන්ද 91කින් එය පරාජයට පත් විය.

    ආන්ඩු පක්‍ෂයේ කිසිවෙකු විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය භාවිත නොකළ අතර ඡන්දය විමසන අවස්ථාවේ මන්ත‍්‍රීන් 11ක් සභාවේ නොසිටියහ.//

    රට කපටි පොහොට්ටු හොරු සෙට් එක ටැලිපෝන් සජිත් බේබි ඇතුළු මොලේ නැති ගොන් ටොයියො සහ ජවිපෙ මීහරක් බානට දුන්නා නේද ඩෝ හෙන පත බයිටක්? නොදකින් මෙහෙම විහිළු...

    ReplyDelete
  10. මාතා මේ දවස්වල ලංකාවේ දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යට තරගයක් දීමට හදපු තවත් එක් මෙගා ටෙලි නාට්‍යක් වන නාඩගම්කාරයෝ නාට්‍යයේ භික්ෂු චරිතය විසින් ලබාදෙන උපදෙස් ඉතා ඉහළින් අගය කරන පිරිසක් බිහිවෙලා තියෙනවා කියලා පේනවා. මේවා දකිද්දී මට හිතෙන්නේ නාට්‍යයක භික්ෂු චරිතයක් පරමාදර්ශය කරගන්න තරම් විනයවත් භික්ෂුන්ගේ හිඟයක් ලංකාවේ තියෙනවද කියලා.

    ඔය බුදු දහමේ සඳහන් වෙන ධර්ම විනය ⁣දෙක ආරක්ෂා කරන ප්‍රාතිමෝක්ෂය රකින සිල්වත් භික්ෂුන් ඕන තරම් ලංකාවේ ඉන්නවා. නාඩගම්කාරයෝ හරහා දහම් පිපාසාව සංසිදුවා ගන්න අය මේ භික්ෂුන්ගෙන් උපදෙස් ගන්න යන්නේ නැතුව මේ කසිකබල් ගොන් මෙගා නාට්‍යයක් බල බල කරන්නේ ධර්මය අහන එකද?

    පැහැදිලිවම නෑ.

    මේ අයගේ අවශ්‍යතාවය ධර්මය දැනගන්න එක නෙමෙයි. මෙතන ඊට වැඩිය ආතල් එකක් තියෙනවා. ඒක තමයි සමහර භික්ෂුන්ගේ, දායකයන්ගේ ශාසන විරෝධී වැඩවලට තඩිබාලා පොඩි ආතල් එකක් ලබාගන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ශාසනය තුල විනය විරෝධී වැඩ සිද්ධ වෙනවනන් මේ ක්‍රම වලින් ඒවා නිවැරදි කරන්න පුළුවන් කියන එක විහිළුවක්. මේ ආතල් බණ අහලා මම හිතන්නේ නෑ. කවදාවත් සමාජය යහපත් වෙයි කියලා. මේ බණ අහද්දි ධර්ම ගෞරවයක් ඇතිවෙලා ඒවා හදවතට ඇතුළු වෙන්නේ නෑ.

    මෙතන තියෙන්නේ හුදු කෙටිකාලීන රසාස්වාදනයක් විතරයි. නාඩගම්කාරයෝ ඉවරවෙද්දි බණත් ඉවරයි.

    ReplyDelete
  11. ගම්මා ගැන කතා කරනවා නම් අපට මිස් වෙන සීන් එකක් තමයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් බොරතෙල් මෙට්‍රික් ටොන් 120,000ක් ලබා ගැනීම වෙනුවෙන් ඊයේ විවෘත කරන ලද ටෙන්ඩරයට කිසිදු සමාගමක් ලංසු ඉදිරිපත් කරන්න නැතැයි වාර්තා වුණ එක.

    ඒනිසා මේ තත්ත්වය මත එම ටෙන්ඩරය නැවත දින වෙනස් කර ඉදිරිපත් කිරීමට තෙල් සංස්ථාව සූදානම් වන බවද වාර්තා වෙයි.

    කෙසේ හෝ මෙහිදී මේ සැපයුම්කරුවන් ටෙන්ඩරය සඳහා උනන්දුවක් නොදැක් වීමට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පවතින ඩොලර් හිගයයි.

    සාමාන්‍යයෙන් මේ වගේ ටෙන්ඩරයක් ඉදිරිපත් වූ අවස්ථාවලදී ඒ සඳහා ලංසු තැබීමට ලබා දෙන කාලයේ දී අවම වශයෙන් සැපයුම්කරුවන් තිදෙනෙකු වුවත් එයට තබා තිබේ.

    කුමන හෝ තත්ත්වයක් යටතේ හෝ විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මීට පෙර සඳහන් කර ඇත්තේ ඉදිරි සති තුනක සඳහා අවශ්‍ය කාලයට මෙරට තුල ඉන්ධන ප්‍රමාණවත් පරිදි ගබඩා කර ඇති බවයි.

    මේ වගේම මෙතෙක් තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව දැනට දැඩි විදේශීය විනිමය අර්බුදයකට මුහුණපා සිටින අතර භාණ්ඩ ආනයනය කිරීම ද දැඩි ලෙස සීමා කර තිබේ.

    ඒ වගේම මේ වනවිට ඉදිරි දිනවල පියවීමට නියමිතව ඇති ජාත්‍යන්තර ණය වාරිකයෙන් පසු ඩොලර් හිගය තව දුරටත් උග‍්‍ර වනු ඇතැයි මුල්‍ය විශේෂඥයන්ගේ අදහසයි. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    ReplyDelete
  12. මේ දවස්වල ලංකාවේ පවතින උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ ලංකාවේ විදේශ මුදල් සංචිතය සිඳී ගෙවුම් ශේෂ හිඟය බරපතල ලෙස වැඩි වී ඇති පසුබිමක පවතින තත්ත්වය මත රජයට වුවමනා වී තිබෙන්නේ ඉන්ධන භාවිතය අඩු කිරීම බව අමාත්‍ය වාසුදේව නානායක්කාර සඳහන් කළ අතර ඒ සඳහා පහසුම වෙළෙඳපොළ උපක්‍රමය වන්නේ මිල වැඩි කිරීම බවත් එමගින් ඉන්ධන භාවිතය පහළ යන බවත් ඇමැතිවරයා පෙන්වා දුන් නමුත් මේක ඇත්තටම වෙන්න පුළුවන් දෙයක් නොවෙයි නේද?

    ඒවගේම රජයේ මැදිහත්වීමක් තුලින් ඉන්ධන මිල අඩු නොකරන්නේ නම් ඊට ඇති විකල්ප ක්‍රමයක් වන්නේ සලාක ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම බවත් පැවසූ ඔහු එමගින්ද තෙල් භාවිත කරන ප්‍රමාණය සීමා කළ හැකි යැයි ද පැවසුවේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිවූ සමගි ජන බලවේගයේ සහ ජවිපෙ ජාතික ජන බලවේගයේ මෙහෙයවීමෙන් ගෙන ආ විශ්වාස භංග යෝජනා ගැන පාර්ලිමේන්තුවේ දී පැවති විවාදයට එක්වී එහිදී අදහස් පළ කරමිනි. මේ ගැන ඔබේ නිරීක්ෂණය සහ අදහස් මොනවද?

    ReplyDelete
  13. මාතලන්,

    මේ දවස්වල ලංකාවේ කතාබහට ලක්වන අර පිළිස්සුම් තුවාල සහිතව මියගිය දරුවාව කාලයක් තිස්සේ අපයෝජනයට ලක්කර තිබීමත්, නිවෙස්හිමි එක්තරා ජාතිවාදී උග්‍ර ආගමික අන්තවාදී දේශපාලනයක නිරතවන දේශපාලකයාගේ හදිසි ලෙඩවීමත් අතර දරුවාගේ මරණයට ඍජු හෝ වක්‍රාකාර හේතුවක් තිබිය හැකිබව මාගේ පුද්ගලික මතයවන අතර බාලවයස්කාර දරුවෙකු මෙහෙකාර සේවයේ යොදවාලීම සම්බන්දයෙන් පවතින නීතියට අනූව ඔහු ඍජු වරදකාරයෙක්විය යුතුමයි.

    කෙසේ වෙතත් දරුවාගේ මරණය දේශපාලනික වන්නේ ඇය අදාල දේශපාලකයාගේ ගෙදර සේවය කලනිසාම නොවෙයි.ඒක රටේ ස්වභාවය නිසයි.රටේ ඕනෑම ප්‍රශ්නයක් තමන්ගේ කදවුරේ වාසිය වෙනුවෙන් ඈදාගෙන කිඹුල් කදුළුහෙලන දේශපාලනිකව අනාථවුවන්ගේ ස්වභාවය නිසයි.මා එසේ සිතන්නේ, මෑත ඉතිහාසය පුරාවටම මෙවැනි සිදුවීම් ඉලක්ක කරගනිමින් ගිරිය පුප්පා කෑගැසු කිසිම බලවේගයකට ඒ සිද්ධිවලට කිසිම ආකාරයේ යුක්තියක් ලබා දීමට නොහැකි වු නිසයි.තවද මේ කෑගැසීම්, ආවේගයන් මේ සිද්ධිවල උණුසුම තිබෙනතුරාවට පමණක් සීමාවන නිසයි.තවත් එක් පාර්ලිමේන්තු සැසිවාරයක අතුරු මාතෘකාවක්ම පමණක් නිසයි.

    උණුසුම මෙසේ පවතිද්දී, පශ්චාත් පරීක්ෂණ වාර්ථා නිගමනයන්ටත් කලින් ඇතැම් දේශපාලකයින් මේ සිදුවීම සියදිවිනසා ගැනීමක්,අත්වැරදීමක් හෝ වෙනත් පාර්ශවයක බලපෑමක් බවට ඒත්තුගන්වන්න උත්සාහ දරමින් මාධ්‍ය සාකච්චා පැවැත්වීම හිරිකිතයි.එය මේ දරුවාගේ මරණයටත් සාදාරණයක් ඉටු නොවන බවට පෙරනිමිත්තක් විය හැකියි.

    මෑත ඉතිහාසයේ දරුවන් අපයෝජනයට ලක්වීම් සුලභවීමට හේතුවත් සෙවිය යුතුමයි.රජය මෙහිදී තමන්ගේ මතය ජනතාවට කිවයුතු අතරම සාධාරණය ඉටුකල යුතුයි.නමුත් එයත් තවත් එක් ඉටු නොවන බලාපොරොත්තුවක්ද විය හැකියි.

    මේ මොහොතේ රටේ සිවිල් බලය හසුරුවන්නා තමන් බවටත්, තමන් අංක එකේ ප්‍රවෘත්ති සපයන්නා බවටත් තමන් විසින්ම ලේබලය අලවාගැනීමට පොරකන සියළුම මුද්‍රිත හා රූපණ මාධ්‍යය ආයතන වලටද රටේ ප්‍රශ්ණ සම්බන්ධයෙන් මීට වඩා සියදහස් ගුණයක් වෘතීමය හා සදාචාරාත්මක වගකීමක් ඇති බවද පුද්ගලිකව විෂ්වාස කරමි.

    ගෝලීය වසංගත තත්වය අපේ රටේ උත්සන්ව පවතින මොහොතක යුක්තිය වෙනුවෙන්වත් ජනරාශීවීම්, පෙළගැස්වීම් “මේ මොහොතේදී පමණක්” මා පුද්ගලිකව අනුමත නොකරන අතර, යුක්තිය වෙනුවෙන් කරන බලපෑමේ ස්වභාවය මේ මොහොතට අනුකූලව වෙනත් හැඩයක් ගතයුතු බවටත් පුද්ගලිකව මා විශ්වාස කරමි.

    කෙසේවෙතත් මියගිය දරුවාටත්, මේ මොහොතේ අපයෝජනයන්ට හිංසනයට ලක්වන සියළුම දරුවන්ගේ යුක්තිය වෙනුවන් අවංකව පෙනීසිටින බලවේගයන්ට මාගේ සහය ලබාදෙමි.

    #JusticeforIshalini

    ReplyDelete
  14. මාතේ, සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති, ගුරුවරුන්ගේ වෘත්තීය සමිති ආණ්ඩුවට එරෙහිව සටන් කරන අතරේ ලංකාවේ මේසන්වරුන් බොහෝ දෙනා වැඩ කරන්නේ තම නිවසෙන් ඈත කොහේ හෝ ප්‍රදේශයකයි. කොන්ත්‍රාත්වරයෙකු යටතේ වැඩ කරන ඔවුන් ජීවත් වෙන්නේ ඉදිකිරීම ආසන්නයේ ඇති කුඩා බෝඩිමක හෝ ඉදිකරන නිවසක් වැනි තැනක නම් එයට යාබදව හදාගත් තාවකාලික අට්ටාලයකයි. යන්තම් පරිප්පුවක් සහ බතක් උයාගන්නා ඔවුන් කාය ශක්තිය යොදවා බර වැඩ කරන්නේ නිසි පෝෂණයක් නැතුවයි. කක්කුස්සි වලේ සිට තට්ටු ප්‍රාසාද ඔවුන් අතින් නිමවේ. ඔවුන් බොහෝ දෙනා නිසි අධ්‍යාපනයක් ලැබ නැත. මේසන් වැඩ වෘත්තීය ලෙස ඉගෙන ගෙන නැත. කුඩා කළ සිටම අත් උදව් දීමෙන් මේසන් වැඩ ඉගෙන ගෙන ඇත. එබැවින් ඔවුන් අලුත් සහ පහසු තාක්ෂණ ගැන දන්නේද නැත. උදේ හතට විතර වැඩ පටන් ගන්නා ඔවුන් හවස පහ හය වෙනකල් වැඩ කරයි. ඔවුන් වැඩ කරන්නේ තම වෘත්තිය ගැන අභිමානයකින් නොවේ. වැරහැලි ඇඳගෙන කැඩුණු සෙරෙප්පු දාගෙන ඔවුන් වැඩ කරයි. ඔවුන් වැඩ කරන්නේ ආසාවකින් නොවේ. මෙය ඔවුන්ට සහ පවුලට කන්න අඳින්න මුදල් ඉපැයීමක් පමණී. වැඩ නොකළොත් මුදල් නැත. එබැවින් ඔවුන් අතින් නොයෙකුත් වැරදි සහ අතපසු වීම් සිදුවේ. බිත්ති ඇදට බැඳේ. කොන්ක්‍රීට් පදමට නොදැමේ. කොන්ත්‍රාත්කරුගෙන් සහ අයිතිකරුවන්ගෙන් බැනුම් අසයි. එකම වැඩය නැවත නැවත කරන ඔවුන් මානසික ආතතියෙන් පෙළේ. පොරොන්දු වෙන දිනට ඔවුන්ට මුදල් නොලැබේ. ඇතැම්විට මුදල් ලැබෙන්නේම නැත. නොලැබුණා කියා නඩු කියන්නට ඔවුන්ට බැරිය. කුලී වැඩක් ලැබෙන දින ගණනට වඩා නොලැබෙන දින ගණන වැඩිය. නිවාඩු කාල නැත. හැමදාම වැඩ කළ යුතුය. රට වසා තිබූ කාලයේ ඔවුන්ට කිසිදු ආදායමක් නොවීය. ඔවුන් බොහෝ විට පලන්චිවලින් වැටී අතපය කඩා ගනී. කම්බි නවන්නට කපන්නට ගොස් ඇඟිලි තුවාල කරගනී. ලෙඩ වී ඉන්න කාලයට ආදායමක් නැත. ණය වේ. සිමෙන්ති සැරට ඔවුන්ගේ හම දැවේ. ඇස් දැවේ. නාසය දැවේ. පොටි ඇද කපන විට පොටි කුඩුවලින් පෙනහළු පිරී ආසාදනය වේ. ඇතැමුන්ට එයින් පිළිකා හැදේ. සමහරු පොලී මුදලාලිලාට ණය වී මැදපෙරදිග රැකියාවක් සොයා ගනී. කාන්තාරයේ දුක් විඳ වසරකින් දෙකකින් නැවත එන ඔවුන්ට ලැබුණු දෙයක් නැත. නැවත කුලී වැඩ සොයා යයි. පවුලෙන් වෙන්ව ජීවත්වන ඔවුන්ට ස්මාර්ට් ෆෝන් නැත. රුපියල් සීයක් දමා ගෙදරට කතා කරන ඔවුන්ට ඒ සඳහා ඩයලොග් ආයතනය ලබා දෙන්නේ මිනිත්තු කිහිපයකි. තම දරුවන් බලන්නට ඔවුන් යන්නේ සති අන්තයේ හෝ මාසයකට පසුවය. ඇඟපතේ අමාරුවට කියා ඔවුන් හවසට මත්පැන් බොයි. අලුත් දැනුමක් කුසලතාවයක් ඉගෙන ගැනීමට අවස්ථාවක් නැති ඔවුන්ගේ මුළු ජීවිතයම මෙසේ ගෙවී යයි. ඔවුන්ට අර්ථසාධක නැත. විශ්‍රාම වැටුප් නැත. අනුන්ගේ හීන හදන්නට මහන්සි වන ඔවුන්ගේ හීන කිසිදා සඵල වන්නේ නැත. සෑම මහා මන්දීරයක් පිටුපසම මේ කඳුළු කතාව ලියැවී තිබේ. නමුත් ඔවුන් අරගල කරන්නේ නැත. අරගල කරන්නට ඔවුන්ට වෘත්තීය සංගම් නැත. නමුත් ලංකාවේ ඕනෑම වෘත්තීය අරගලයකදී මේසන්වරුන් අවභාවිතා වේ... මේ ගැන ලියන්න කවුද ඉන්නෙ?

    ReplyDelete
  15. මාතලන් නම බුකියෙන් අයින් කරන්න හිතුවා නම්
    වෙරි සොරි ඩොට් කොම්.
    බ්ලොක් නොකර ගේමට වරෙන්......///

    තොරණ හන්දියෙන් පිටකොටුවෙ ගුනසිංහපුරෙට පාත්වුනු චන්ඩියෙක් බුකියෙ චොරවෙලා.
    බුකියෙ හුජ්ජ කොල්ලන්ගෙන් ගෙම ඉල්ලනවා යකා මාක් එකෙන් ඇවිල්ලා. අයිෂෙ පොඩි සැම්සන් තවුසෙ රෙකෝඩ් එකක් තියන්නද යන්නෙ එකවුන්ට් හදලා.වහාම රෝහල් ගතවන්න... තැතිගන්න එපා...... අවශ්‍ය ප්‍රතිකාර නිවරැදිවම ඔබට ලැබෙනු ඇත.... ඉක්මන් සුවය පතමී !!

    ReplyDelete
    Replies
    1. ඒ වගේම මාතලන් මට මේ තොරණ හන්දියෙන් පිටකොටුවෙ ගුනසිංහපුරෙට පාත්වුනු බව කියන මෝඩ චණ්ඩියාගෙන් මට අසන්නට ඇත්තේ ප්‍රශ්න දෙකයි. උඹ නැවතත් 1983 කළු ජූලියක් ප්‍රතිනිර්මාණය කරන්න එක්සත් ජාතික පක්ෂයේ උගුලට අහුවෙලා එකිනෙකා මරාගන්නවද? නැතිනම් මේ සාතන්ගේ එක්සත් ජාතික පක්ෂයේ සහ එහි උප සමාගමක් වන ජනතා විමුක්ති පෙරමුණේ සුනඛ ශාපය සදහටම අවසන් කරනවද?

      ඊට එක්වීමට නම් ඔය ලෙඩේ හොඳ කරගන්න ඕන. ඒ නිසා උඹට ඉක්මන් සුව පතමි.

      Delete
  16. මාතේ, කැපිටල් මහරාජා ව්‍යාපාර සමූහයේම සභාපති ආර්. රාජමහේන්ද්‍රන් මහතා ඉතාමත් කණගාටුදායක ලෙස අභාවප්‍රාප්ත වුණා.

    ආදරණීය සර්, ඔබට මෝක්ෂ සුව..!

    මේ ගැන පෝස්ට් එකක් දාන්නෙ නැද්ද?

    ReplyDelete
  17. මාතලන්,

    නුඹට මතක ඇති නේද 1977 මහ මැතිවරණයෙන් ජූනියස් රිචර්ඩ් (JR) ජයවර්ධනගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය (UNP) පාර්ලිමේන්තුවේ ආසන 168න් ආසන 140ක් හෙවත් 5/6ක් ලබා ගන්නවා. ඒක හරියට මුළු පාර්ලිමේන්තුවම UNP වුනා වගේ. විපක්ෂ නායක වුනේ අප්පාපිළ්ළෛ අමිර්තලිංගම්. දෙවැනියට වැඩිම ආසන (18) ගත්තේ ඔහුගේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ (TULF). සිරිමාවෝ බණ්ඩාරනායක නායකත්වය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට (SLFP) ලැබුනේ ආසන 8 යි.

    එතකොට තිබුණේ 1972 ජනරජ ව්‍යවස්ථාව. අගමැති JR මුලින්ම කළේ ඒ ව්‍යවස්ථාව සංශෝධනය කරලා එතෙක් තිබුණු නාමමාත්‍රික ජනපති ධූරය, විධායක ජනපති ධූරයක් බවට වෙනස් කිරීමයි. කිසිම ජනපතිවරණයක් නැතුව අර සංශෝධනය හරහා කෙලින්ම ජනපති හැටියට ඔහු 1978 දී දිව්රුම් දුන්නා. ඊට පස්සේ ජනරජ ව්‍යවස්ථාව අහෝසි කරලා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වර්තමාන ව්‍යවස්ථාව ඒ අවුරුද්දෙම සම්මත කර ගත්තා. දැන් විධායක ජනපති, විධායක අමාත්‍ය මණ්ඩලය, ආණ්ඩුව විතරක් නොවෙයි පාර්ලිමේන්තුවේ 5/6ක බහුතරයත් UNP.

    ඔය ගොඩේ කතාවට කියන “එදා JRට කරන්න බැරි පිරිමියෙක් ගැහැණියක් කිරීමත්, ගැහැණියක් පිරිමියෙක් කිරීමත් පමණකි.” කියන එකේ සැබෑ අදහස තමයි කිසිම සංවරණයක් හෝ තුලනයක් නැතිව ඉතාමත්ම ඒකාධිපති විදියට UNP එක ව්‍යවස්ථාදායක සහ විධායක බලය යන දෙකම බලහත්කාරයෙන් අල්ලා ගැනීම. සරලව කිව්වොත් නීති හදන්නෙත් ඔවුන් (ව්‍යවස්ථාදායක); නීති ක්‍රියාත්මක කරන්නෙත් ඔවුන් (විධායක). ඒ තමයි ජනරජයේ ජනතාපාලනය විකෘති කළ පළමුවැනි අවස්ථාව. නැවත එහෙම වෙන්නේ 2015 දී සහ 2018 දී.

    මේ වෙනකොට එස්.වී.ජේ. චෙල්වනායගම්ගේ නායකත්වයෙන් TULF එක 1976 දී වඩුක්කොඩෛ යෝජනාව සම්මත කරගෙන ඉවරයි. ඒ යෝජනාව තමයි එතෙක් ඔවුන් ඉල්ලා සිටි ෆෙඩරල් පාලනය හැරදා ඒ වෙනුවට වෙනම නිදහස්, ස්වෛරී, නිරාගමික දෙමළ රාජ්‍යයක් නිර්මාණය කළ යුතුයි යන්න. ඊට මාස කිහිපයකට පස්සේ චෙල්වනායගම් මියගියා. අමිර්තලිංගම් TULF එකේ නායකයා වුනා.

    ඒ වගේම රෝහණ විජේවීරගේ නායකත්වයෙන් ජනතා විමුක්ති පෙරමුණ (JVP) දියත් කළ පළමු 1971 ජවිපෙ ත්‍රස්තවාදයෙන් ආදර්ශය ලබා සිටි දමිළ සන්නද්ධ තරුණ පිරිස් අතුරින් කැපී පෙනෙන දස්කම් දැක්වූ වේලුපිළ්ළෛ පිරබාහරන් විසින් ඒ කාලේ සාර්ථක ලෙස උතුරේ සංවර්ධන කටයුතු සිදු කළ යාපනයේ නගරාධිපතිව සිටි ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා 1975 දී ඝාතනය කර තිබුණා. 1976 දී ඔහු දෙමළ ඊලාම් විමුක්ති කොටි (LTTE) සංවිධානය ආරම්භ කළා. ආණ්ඩුවට සහාය දෙන දෙමළ නායකයන්ට ඔවුන් විටින් විට ප්‍රහාර එල්ල කරමින් සිටියා. ඒ නිසා TULF එකේ අමිර්තලිංගම් LTTE එකට සහයෝගය දුන්නා. එහෙත් තාමත් LTTE එකට සැලකිය යුතු දෙමළ ජනතා සහයෝගයක් ලැබී තිබුණේ නැහැ.

    සිංහල-දෙමළ රදළ දේශපාලන බල පොරයට JR දුන්න පළමු අසාර්ථක විසඳුම තමයි එතෙක් තිබුණු ගම්සභා විසුරුවා හැරලා ඒ වෙනුවට “දිස්ත්‍රික් සංවර්ධන සභා” පිහිටුවීම. 1981 දී දිස්ත්‍රික් සභා සඳහා පැවතී වරණයේදී තමයි JR මුල්වරට මනාප ඡන්ද ක්‍රමය ලංකාවට හඳුන්වා දෙන්නේ. ඒවා ඔක්කොම කරේ UNP එකේ තනි මතයට. නීති හැදුවෙත් ඔවුන්. ක්‍රියාත්මක කළේත් ඔවුන්. LTTE එක දිස්ත්‍රික් සභා වලට තදින්ම විරුද්ධ වුනා.

    1981 මැයි 31 වැනිදා TULF එක සංවිධානය කළ රැළියක් අතරතුර සිදු කළ වෙඩි තැබීමකින් සිංහල ජාතික පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුනා. පසුවදා එනම් ජූනි 31 වැනිදා රාත්‍රියේ කොළඹින් පැමිණි UNP දේශපාලන ප්‍රබලයන් සහ ඔවුන්ගේ ආයුධ සන්නද්ධ කණ්ඩායම් විසින් යාපනයේ පුස්තකාලය ගිනි තබා විනාශ කළා. LTTE එකට අවශ්‍ය සතුරාත්; UNP එකට අවශ්‍ය සතුරාත් නිශ්චිතව නිර්මාණය කරන්න පටන් ගත්තේ එහෙමයි.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම 1977 සහ නැවත 1978 ව්‍යවස්ථා හරහා ජනපති වෙච්ච JRට ලංකා ඉතිහාසයේ ප්‍රථම ජනපතිවරණයට මුහුණ දෙන්න වෙන්නේ 1982 දී. ඊට කලින් ඔහු තමාගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වුනු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය තහනම් කරලා පාර්ලිමේන්තුවෙනුත් ඉවත් කරනවා. ඉතින් JR ජනපති ලෙස ජනතා ඡන්දයෙන් තේරී එම ධූරයේ දිවුරුම් දෙනවා. ඒ ඡන්දයේදී විපක්ෂ ප්‍රධාන ප්‍රතිවාදියා වූ හෙක්ට කොබ්බෑකඩුවගේ ඡන්දය පවා හොරට දාල තිබ්බා මතකයි නේද ඒ කාලේ?

      1977න් පස්සේ හරිනම් නැවත මහමැතිවරණයක් තියෙන්නේ තිබුණේ 1983 දී. JR දැනගත්තා UNP එකට පාර්ලිමේන්තුවේ තියෙන 5/6 ආසන සංඛ්‍යාව අහිමි වෙන බව. ඒ නිසා ඔහු 1982 දෙසැම්බර් මාසේ ජනමත විචාරණයක් පැවැත්වුවා. එහිදී ඔහු කිව්වේ තව කරන්න වැඩ තිබෙන නිසා මහමැතිවරණයක් නැතුවම පවතින පාර්ලිමේන්තුවම තවත් වසර 6 කට දික්කර ගන්න දෙන්න කියලයි. ලාම්පු-කළගෙඩි සෙල්ලම කියලා අදටත් කටවහරේ තියෙන්නේ ඒ ලංකාවේ ඉතිහාසය පුරා වඩාත්ම චාටර් වූ අතිවිශාල වශයෙන් හොරඡන්ද දැමූ ජනමත විචාරණයයි. මහර අතුරු මැතිවරණය වගේම ඉතාමත් දූෂිත මැතිවරණයක්.

      පාර්ලිමේන්තුවේ ධූර කාලය දික්කරන්න කැමති නම් “ලාම්පුවට” කතිරයත්, අකමැති නම් “කළගෙඩියට” කතිරයත්. ඒ තමයි ජනරජයේ ඉතිහාසයේ තිබුණු පළමු සහ එකම ජනමත විචාරණය. එයින් 1977 පටන්ගත්ත UNP පාර්ලිමේන්තුව 1989 දක්වා වසර 11 ක් මහමැතිවරණයක් නැතිවම දික්කෙරුනා. ශ්‍රී ලංකා ඉතිහාසයේ අවිචාර යුගය ඇරඹෙන්නේ එතැන් සිටයි.

      මේ කමෙන්ට් එකේ ඉතිරි කොටස මා ලියන්නේ ඉතා කණගාටුවෙන්. මෙය ලිවීමේ එකම අරමුණ නැවත එවැනි ව්‍යසනයක් සිදු නොවීම සඳහා තරුණ තරුණියන්ට මේ රාජ්‍යයේ ඉතිහාසය මතක් කර දීමටයි.

      Delete
    2. 1983 ජූලි මස 23 වැනිදා සෙනසුරාදා රාත්‍රී 11.30 ට පමණ LTTE ත්‍රස්තවාදීන් විසින් යාපනයේ රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි හමුදා භට පිරිසකට මග රැක සිට ප්‍රහාරයක් එල්ල කළා. එයින් එම අනුඛණ්ඩ භාර නිලධාරී ලුතිනන් වාස් ගුණවර්ධන ඇතුළු හමුදාවේ 13 දෙනෙක් මිය ගියා. එම ප්‍රහාරය සඳහා වේලුපිළ්ළෛ පිරබාහරන් ඇතුළු LTTE යේ ඉහළ නායකයන් කිහිපදෙනෙක්ම සම්බන්ධ වු බව ප්‍රසිද්ධ කරුණක්.

      හමුදාවේ සම්ප්‍රදාය වන්නේ මියගිය රණවිරුවන්ගේ දේහයන් පවුලේ අයට බාර දී අවසන් කටයුතු ඔවුන්ගේ ගම් ප්‍රදේශවලම සිදු කිරීම. නමුත් ඉතාමත් අමනොඥ හෝ කපටි යටි අරමුණු සහිතව එම දේහයන් පිලිබඳ අවසන් කටයුතු එකවර බොරැල්ල පොදු සුසාන භූමියේ සිදු කිරීමට JR තීරණය කළා. මෙහීදී එවක අගමැතිව සිටි රණසිංහ ප්‍රේමදාස එම තීරණයට කැබිනට් මණ්ඩලය තුලත් පිටත් දැඩි ලෙස විරුද්ධ වුණේ එයින් අනවශ්‍ය කලබලයක් ඇති වන බව තේරුම් ගෙන. නමුත් උද්ධච්ච තකතීරු දේසපාලුවකු වූ JR තමන්ගේ තනි මතයට ප්‍රේමදාසව නිහඬ කළා. යම් සැලැස්මක් අනුව පොලිස් කැරළි මර්දන ඒකකය බොරැල්ලේ ස්ථානගත කිරීමට නියෝග කෙරුණා.

      Delete
    3. එම දේහයන් බොරැල්ලට ගෙන ඒමට නියමිතව තිබුණේ ජූලි 24 වැනිදා ඉරිදා සවස 5.00 ට. මියගිය හමුදා විරුවන්ගේ පවුල්වල අය සහ බොරැල්ල අවට ප්‍රදේශවාසීන් විශේෂයෙන්ම වනාතමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් අති විශාල පිරිසක් බොරැල්ල කනත්ත අවට රැස් වී සිටියා. නමුත් සවස 5.00 වනවිටත් මෘත දේහයන් යාපනයේ පළාලි ගුවන්තොටුපළින් පිටත් වී තිබුණේ නැහැ. බොරැල්ලට රැස් වී සිටි ජනතාව නොසන්සුන් වුනා. ඒ අතර යම්කිසි සැක කටයුතු සංවිධානාත්මක තරුණයන් කණ්ඩායමක් මෘත දේහයන් පවුලේ අයට බාර දිය යුතු යැයි කියමින් ප්‍රකෝපකාරී කතා පැවැත්වූ බව ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසා තිබෙනවා.

      එදින රාත්‍රී 7.20 ට පමණ දේහයන් රැගත් ගුවන්යානය රත්මලානට ගොඩබස්වනු ලැබුවා. ඒ වනවිට දහස් ගණනක් සෙනග බොරැල්ල අවට රැස් වී සිටියා. ඔවුන් අවසානයේ අතිශය කළහකාරී ලෙස හැසිරෙන්නට වුනා. කඳුළු ගෑස් සහ බැටන් පොලුවලින් නවත්වාගත නොහැකි වූ තැන හමුදාව ඊට මැදිහත් වුනා. මේ සියල්ල ජනපති මන්දීරයේ සිට නිරීක්ෂණය කරමින් සිටි JR රාත්‍රී 10.00 ත් පසුවූ පසු අවසන් කටයුතු සිදු කිරීම අවලංගු කිරීමට නියෝග දුන්නා. කොළඹට රථ මගින් ගෙන එමින් තිබූ දේහයන් වහාම හමුදා මුලස්ථානය වෙත ගෙන ගියා. එම තීරණය පිළිබඳව බොරැල්ලේ කළහ කරමින් සිටි ජනතාවට දැනුම් දෙන විට රාත්‍රී 10.00 ත් පසුවී තිබුණා.

      ඉන් පසුව සිදු වූයේ ලක් ඉතිහාසයේ එතෙක් මෙතෙක් නොකළ ජාතික සමගිය සම්බන්ධ වූ අඳුරුතම ඛේදවාචකයයි. දුෂ්ට JR සහ ඔහුගේ අමන තකතීරු මන්ද බුද්ධික කාලකන්නි ආණ්ඩුව විසින් සැලසුම් සහගතව හෝ ඔවුන්ගේ අප්‍රමාණ මෝඩකම නිසා හෝ ඇති කළ එම අනවශ්‍ය කුපිත කිරීම නිසා අපේම සහෝදර ලාංකීය ජනතාව වන සදාදරණීය අහිංසක දෙමළ මිනිසුන් ඉතාමත්ම තුච්ඡ අමානුෂික ආකාරයකින් තම ජීවිතයෙන් වන්දි ගෙව්වා. එම රජයේ මැදිහත්වීමෙන් ඇතැම් UNP ඇමතිවරුන් සහ ඔවුන්ගේ පාතාල අලුගෝසු මැරයන් විසින් මෙහෙයවනු ලැබූ අමන ලේ පිපාසිත කාලකන්නියන් දෙමළ වැසියන්ගේ කඩසාප්පු මංකොල්ල කමින්, නිවෙස් ගිනි තබමින්, අහුවෙන අහුවෙන අහිංසක නිරායුධ දමිළ මිනිසුන් කපා කොටා මරා දමමින් බොරැල්ලේ සිට දසත විසිරි ගියා. සතියක් පුරා පැවති එම සංහාරය අතරතුර බොහෝ දමිළ වැසියන් තම නිවෙස්වල සඟවාගෙන ආරක්ෂා කරගත්තේ සදා ගරුත්වයෙන් යුතුව අපගේ ගෞරවයට පාත්‍ර වන බුද්ධිමත් සාධාරණ සානුකම්පික බහුතර සිංහල මිනිසුන්මයි.

      එවිට JR තම ආරක්ෂක මණ්ඩලය සඳුදා උදේ ජනපති මැදුරට කැඳවා සාකච්ඡා කරමින් සිටින අතර කොළඹ වීදිවල බරපතල ලෙස ගිනි ඇවිලෙමින් තිබුණා. කොළඹට ඇඳිරි නීතිය ප්‍රකාශ කරන විට අවාසනාවන්ත ලෙස මහා විනාශයක් සිදු වී අවසන්. සංහාරය වෙනත් නගරවලට ව්‍යාප්ත වීමත් සමග 26 වැනිදා දිවයිනටම ඇඳිරි නීතිය පැනවීමට ඔවුන් තීරණය කළා. නමුත් ඒ කිසිවකින් සිදු වූ විනාශය නැවැත්විය නොහැකි වුනා. මුළු ලොවක් ඉදිරියේ ම්ලේච්ඡ මිනීමරු ජාතියක් හැටියට සදහටම සිංහලයන් හංවඩු ගැසුනේ ඉතාමත් ලජ්ජා සහගත පරිද්දෙන්. උතුරේ එබඳුම තවත් මස් වැද්දන් වූ පිරබාහරන්ට අවශ්‍යව තිබූ සතුරා එසේ නිර්මාණය කළේ දකුණේ මස් වැද්දන්. ඒ සමගම මගේ පරම්පරාවේ දරුවන් සමග අප සහෝදර දමිළ පවුල් අන්ත අසරණ තත්වයට පත්ව සරණාගතයන් ලෙස වෙනත් රටවලට පිටත් වුනා. අද ඒ දරුවන් ඒ රටවල ඉඳගෙන තමන්ගේ මව්රටට විරුද්ධව කතා කරනවා. උතුරේ නැගෙනහිර පළාත් වල ඉතිරි වුන දිළිඳු නිසි අධ්‍යාපනයක් අහිමි කරන ලද නොමග යවනු ලැබූ දමිළ තරුණයන් බුරුතු පිටින් LTTE යට බැඳුනා. එතෙක් සමගියෙන් ජීවත් වූ සිංහල සහ දෙමළ සහෝදර සදාදරණීය සුන්දර මිනිසුන් එසේ තුච්ඡ අමානුෂික ආකාරයකන් බෙදා වෙන් කරනු ලැබුවා.

      මේ සිදුවීම අවසානයේ 300 කට වැඩි දෙමළ වැසියන් පිරිසක් කළු ජූලියෙන් මිය ගියා. අමන තකතීරු මන්ද බුද්ධික කාලකන්නි JR ඉතා සරලව එහි සියලු වගකීම TULF එක පිටට දාලා අත පිසදා ගත්තා. කෝලාහලයට සම්බන්ධ යැයි කියමින් ඔහු විපක්ෂයේ සිටි JVP එක තහනම් කළා. JR ට අවශ්‍යව තිබූ දකුණේ සතුරා එලෙස ඔහු හදා ගත්තා. දශක තුනක් තිස්සේ සමස්ත ජනරජයේ ජනයා, දේපළ, ආර්ථිකය, සංස්කෘතිය සහ සියලුම යහපත් දේවල් බරපතල විදිහට විනාශ කළ කුරිරු යුද්ධය ඔහු හදාගත්තා.

      මෙහිම දිගුවක් ලෙස 1987 රජීව් ගාන්ධිගේ ඉන්දියානු මැදිහත් වීමෙන් පළාත් සභා බෙදලා ජනරජය තවත් අවුල් කරලා රටම විනාශ කරලා ඔහු විශ්‍රාම ගිහිල්ලා කාලෙකට පස්සේ ඔහේ වෝඩ් පෙදෙසේ ගෙදරට වෙලා මැරිලා ගියා.

      Delete
    4. ඔය වගේම මේ සා විශාල විනාශයක් සිදු කළ දැවැන්තම අපරාධයක් කළාට පස්සෙත් අපේ මිනිස්සුන්ට නැවත වාරයක් UNP අගමැතිව සිටි රණසිංහ ප්‍රේමදාසව 1988 ජනපති ලෙස තෝරා ගන්න සිද්ධ වුණේ ඔහු විසින් ජවිපෙ සන්නද්ධ කල්ලියේ රෝහණ විජේවීර සමග යටින් දාපු ඩීල් අනුව පොදු අපේක්ෂකයා කිරීමට හිටපු විජය කුමාරතුංගව මරා දැමීමෙන් පසුවත් නිදහස් පක්ෂයේ ඡන්දදායකයන් ජවිපෙ සහ ආණ්ඩුවේ මැරවරයන් යන දෙපාර්ශ්වයේම දැඩි භීෂණයෙන් බිය ගන්වා අතිවිශාල වශයෙන් හොර ඡන්ද දැමීම් වලින් ප්‍රේමදාස මැතිවරණය ජය ගත්තා. මැතිවරණය අවසන් වූ වහාම යූ ටර්න් ගහමින් ජවිපෙ විනාශ කිරීමට දැඩි අදිටනින් ක්‍රියා කරන ඔහු යටතේ සිදුවෙන 1988-89 භීෂණයෙන් 60,000 කට වැඩි තරුණ තරුණියන් පිරිසක් අමානුෂික ආකාරයේ වධ හිංසා පමුණුවමින්, තරුණියන් නම් මාස ගණන් අතිශය හිරිකිත අශිෂ්ඨ තිරශ්චීන ලෙස සමූහ වශයෙන් දූෂණ කරමින් මරා දමනවා. අන්තිමේ 1994 වෙනකොට UNP දාහත් අවුරුදු සාපය ඉවර වෙනවා. ඉවරයි කිව්වට ඉවර වුනේ නැහැ. 2015න් පසූ බලයට ඇවිත් ඒ සාපය නැවත වතාවක් රටේ ඇතිකරමින් 2016/17 න් පස්සෙ කාලෙක UNP එක වෙනත් ජනවාර්ගික ආගමික කණ්ඩායමක් අල්ලාගෙන අලුත් සතුරෙක් නිර්මාණය කරමින් තිබුණා. ඒ රාජපක්ෂ කල්ලිය 2012 පමණ ලාවට ඇවිලවූ ගිනි පුපුරු තව දුරටත් වර්ධනය කරමින්.

      Delete
    5. ඉතින් අපි කවදාක හැමනෙමුද මේ රටේ…..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න